Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"සිකුරාදාට පසු ප‍්‍රයිවට් බස් නතර වෙයි- ගැමුණු කියයි"
"ඉන්ධන අර්බුධය තවදුරටත් පැවතියහොත් ලබන සිකුරාදායින් පසු පෞද්ගලික බස් ධාවනය නතර කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (30 දා) ‘දිවයින’ට පැවසීය.දැනට ධාවනය වන්නේ පෞද්ගලික බස් රථවලින් 25%ක් පමණ බව ද ඉදිරියේදී ඉන්ධන නොලැබුණහොත් බස් රථ කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවන බව...
""මස්, මාළු, කිරි, චීස් වැනි ආහාර ශීතකරණවල තියාගන්න එපා! – වෛද්‍ය රුවන් විජයමුණි""
"පැය දහයක් වැනි කාලයක් අඛණ්ඩව විදුලිය විසන්ධි කරන නිසා මස් මාංශ, කිරි, චීස් වැනි ආහාර නිවෙස්වල ශීතකරණවල තැන්පත් කර නොගන්නැයි කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා ඊයේ (30 දා* ඉල්ලීමක් කළේය.එම නිසා මේ දිනවල පරිභෝජනයට අවශ්‍ය මස් මාංශ එදිනෙදා අවශ්‍ය ප‍්‍රමාණයට රැුගෙන ඒම වඩාත් සුදුසු බවද සුපි...
"අත්‍යවශ්‍ය බෙහෙත් සහ ශල්‍ය ද්‍රව්‍ය 200 ක් රෝහල්වල හිගයි – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්"
"මෙම දිනවල රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය 200ක පමණ තොග අඩුවීමක් හා හිඟයක් පවතින බව තම සංගමය විසින් අනාවරණය කරගත් බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.මෙම බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග අතුරින් වැඩි සංඛ්‍යාවක ඇත්තේ තොගවල අඩු වීමක් බවත් ඇතැම් බෙහෙත් හිඟව ...
"මාස 2 ක් බිල නොගෙව්වොත් ලයිට් කපන්න පුළුවන් – ලංවිම මාධ්‍ය ප‍්‍රකාශක"
"මාස දෙකක් විදුලිබිල ගෙවා නොමැති නම් විදුලිය විසන්ධි කිරීමේ හැකියාව විදුලිබල මණ්ඩලයට ඇතැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇන්ඩෘ නවමානි මහතා පැවසීය.විදුලිය විසන්ධි කිරීමට පෙර රතු නිවේදනයක් නිකුත්කරන බවත් එය නිකුත්කර දින කිහිපයකට පසු මණ්ඩලයට විදුලිය විසන්ධි කිරීමේ හැකියාව ඇති බවත් ඒ මහතා කීය.මේ වනවිට විදුලිබල මණ්ඩලයට ...
""ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව විදුලි කප්පාදුවෙන්  නිදහස්""
"පැය 10ක විදුලි කප්පාදුවක් සිදු කළ ඊයේ (30) දිනයේදී විදුලිය කප්පාදු නොකොට නිදහස් කරන ස්ථාන අතරට ජනාධිපති මන්දිරය, සහ පාර්ලිමේන්තුව ඇතුළත් වී තිබේ.වෙළෙඳ කලාප, බලාගාර ආශි‍්‍රත ප‍්‍රදේශ, කර්මාන්ත පුර, ඇතුළු දිවයිනේ විදුලිය විසන්ධි නොවන ප‍්‍රදේශ 191ක් ඒ අතර වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විදුලි කප්පා...
"ලිට්‍රෝ ගෑස් මිල  නංවන්න ඉල්ලයි"
"ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමන ලෙස ලිට්‍රෝ සමාගම ඉල්ලීමක් කළ බව එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.එම ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ද කොපමණ මුදලකින් ඉහළ දමනවා ද යන්න තීරණයක් කර නොමැති අතර මේ වනවිට සමාගම රුපියල් බිලියන හතරයි දශම පහක අලාභයක් ලබන බව ද හෙතෙම කියා සිටියේය. ශී‍්‍ර ලංකාවේ දෛනික අවශ්‍යතාවට වඩා ගෑස් සිලින්ඩ...
"ශ‍්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝගය කලාපීය සහ  ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහායෙන් ජයගත හැකිවේවි"
"බිම්ස්ටෙක් ලෝකයේ ආසියාවේ හඬ බවට පත්විය යුතුයි  බිම්ස්ටෙක් රාජ්‍ය නායක සැසිය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ කියයි  ගෝලීය උද්ධමනය සහ පැරණි ණය සේවා වගකීම් සමග ඒකාබද්ධ වී වර්තමානයේ ශ‍්‍රී ලංකාවට අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් අපගේ කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගීතාව සමග මෙම දුෂ්කරතා ජයගෙන වේගවත් ...
"මේක දේශපාලනය  කරන වෙලාවක් නෙමෙයි:  රට ගැන හිතලා  හැමෝම වැඩ කළ යුතුයි – අගමැති මහින්ද රාජපක්ෂ"
"මේක දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. රට ගැන හිතල හැමෝම වැඩ කළ යුතු වේලාවක් යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.”වාරි සෞභාග්‍යා” වැව් අමුණු 5000ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ  2 වැනි අදියරේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේදී ඊයේ (30) මේ බව සඳහන් කළේය.කුරුණෑගල, නිකවැරටිය ආසනයේ කොබෙයිගනේ,මීග...
"දැන් රටේ හැමදෙනාම එකතුවෙලා  ආණ්ඩුවේ මැතිඇමැතීන්ට එළියට බැහැපල්ලායි බලකළ යුතුයි – හිටපු ඇමැති විමල් වීරවංශ"
"මම දන්නේ නැහැ, අපේ කාලයේ නොවෙයි කියා නායකයින්ට අහක බලන්න බැහැගඳ සුවඳ, කන් ඇහෙන් නැති, ඇස් පේන්නැති අඳුරු ඉරණමකට මේ ආණ්ඩුව ඇද වැටිලා යැයි හිටපු කර්මාන්ත ඇමැති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.එහෙම ආණ්ඩුවකට මේ වගේ තත්ත්වයකින් රට බේරගන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා තමයි අපි ආරාධනා කරලා තියෙන්නේ හැමෝටම ගඳ සු...
"කටුනායක ගුවන්තොටේ භූමි මෙහෙයුම් අඩාලයි"
"ගුවන් ගමන්වලටත් බලපෑම්කටුනායක ගුවන්තොටුපළේ භූමි මෙහෙයුම් කටයුතු සඳහා ඉන්ධන නොමැතිවීමත් සමග අද හෙට ගුවන් ගමන් කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ගුවන්තොටුපළ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.කටුනායක ගුවන්තොටුපළ සේවකයන් ගෙන්වා ගන්නා වාහනවලට අවශ්‍ය ඞීසල් නොමැතිකම නිසා කාර්යාල කිහිපයක් ඊයේ (30 දා) වසා දැමීමට පියව...
"සෙන්දිල් තොණ්ඩමන් ලංකා කම්කරු පක්ෂයේ නායකයා වෙයි"
"ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක ලෙස හිටපු පළාත් සභා ඇමැති සෙන්දිල් තොණ්ඩමන් මහතා පත්කර ඇත.එම පක්ෂයේ ජාතික සභාව ඊයේ (30 දා) රැස් වූ අතර එහිදී නව නිලධාරි මණ්ඩලය පත් කරගෙන ඇත.කොටගල ලංකා කම්කරු කොන්ග‍්‍රස් මූලස්ථානයේදී එම පක්ෂයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අතර, එහිදී ජාතික සභාව විසින් ලංකා කම්කරු කොන...
"අවුරුද්දට ගමේ යන්න 8දා සිට  විශේෂ බස් රථ 3200ක්"
"වැඩිපුර ගාස්තු අය කළොත් 1955 ට කියන්න ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්සිංහල හා හින්දු අලූත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් අපේ‍්‍රල් 08 වැනිදා සිට 15 වැනිදා දක්වා විශේෂ බස් රථ 3200ක් පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් රථ නැවතුම්පළෙන් ආරම්භ වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචා...
"මත්ජාවාරමාගේ දේපළ යළි ලබාදෙන්න ඇමැති දතකයි"
"අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත නීති විරෝධි වත්කම් විමර්ශන ඒකකය භාරයට ගෙන තිබෙන කොළඹ ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවට අයත් රුපියල් කෝටි ගණනක දේපොළ ආපසු එම ජාවාරම්කරුටම ලබාදෙන ලෙස කියමින් රජයේ ප‍්‍රබල අමාත්‍යවරයෙකු දිගින් දිගටම විමර්ශන නිලධාරීන්ට බලපෑම් කිරීම නිසා ඔවුහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. කොළඹ...
"අද සිට පැය 10ක විදුලි කප්පාදුවක්"
"අද සිට පැය 10 ක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව දිවයින පුරා අද පෙරවරු 8.00 සිට මධ්‍යම රාති‍්‍ර 12 දක්වා අතර කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදු කරනු ලැබේ. ඒ අනුව දහවල් කාලයේ විදුලිය කැපීම පෙ. ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා පැය 6ක් ද රාතී‍්‍ර කාලයේ ප.ව. 6.00 සිට රාති‍්‍ර 10 දක්වා ප...
"ඩීසල් බාලයි: එදා ලීටරයට කි. මී. 8 ක් ගියත් අද එය 4 කට සීමා වෙලා"
"වෙනදාට පාසල් බස් රථ, වෑන් රථවලට ලබා ගන්නා ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 8ක් ධාවනය කළ බවත්, මේ වනවිට ලබා ගන්නා ඩීසල් ලීටරයකින් පාසල් බස් රථයක්, වෑන් රථයක් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 4ක දුරක් බවත්, මේ තත්ත්වය තුළ දරුවන් පාසල වෙත රැුගෙන යෑමත් ගැටලූවක් බවට පත්ව ඇති බවත් සමස්ත ලංකා අන්තර් දිස්ති‍්‍රක් පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා...
""අක්‍ෂි කාච, ස්ටෙන්ට් ඇතුළු වෛද්‍ය  උපකරණවල මිල සියයට 29කින් නගී""
"අක්ෂි කාච, ස්ටෙන්ට් ඇතුළු වෛද්‍ය උපකරණ කිහිපයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉහළ දමමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඉකුත් 28 වැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදු කර තිබේ. මේ අනුව එම වෛද්‍ය උපකරණවල මිල ගණන් සියයට 29%කින් පමණ ඉහළ ගොස් ඇත. මෙසේ මිල ඉහළ ගොස් ඇති සෙසු වෛද්‍ය ...
"පැජට් පාරේ නිවස මෛත‍්‍රීට දීම උසාවියෙන් අත්හිටුවයි"
"නියෝගය ක‍්‍රියාත්මක කිරීම සති හතරකින් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ පරිහරණය කළ කොළඹ පැජට් පාරේ පිහිටි නිවස ජනාධිපති ධුරය අහෝසිවීමෙන් පසුවත් පෞද්ගලික පරිහරණය සඳහා ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය අනුව කටයුතු කිරීම පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි අත්හිටුවමින් ශ්‍...
"නිමි ඇඳුම් මිල සියයට 40 කින් ඉහළ නැගලා"
"විදුලි කප්පාදුව, ඩොලර් අර්බුදය සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම හේතුවෙන් දේශීය නිමි ඇඳුම් මිල සියයට 40කින් ඉහළ නැග ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිලූක්ෂ කුමාර මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය. විශේෂයෙන් මහරගම පමුණුව රෙදි වෙළෙඳපොළේ අවුරුදු සමයේ රුපියල් 200ට 300ට අලෙවි වූ ස්කර්ට්, බ්ලවුස්, ෂෝට්...
"මොන රාජපක්ෂ කෙනෙක් බලයට ගෙනාවත් අන්තිමට රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂයි"
"ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූර, ජනාධිපති ධූරය පමණක් නොවේ රාජ්‍යයේ කිසිම වැදගත් තනතුරක් දරන්න බැරි කරන විසි දෙවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ලබන අපේ‍්‍රල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඊයේ පැව...
"ප‍්‍රමිතියෙන් තොර කිසිදු ඉන්ධනයක් සංස්ථාව ගෙන්වා නැහැ – ඇමැති ගාමිණී ලොකුගේ"
"පිරවිතරයෙන් තොර කිසිදු ඉන්ධන වර්ගයක් තෙල් සංස්ථාව විසින් ගෙන්වා බෙදාහැර නැති බව තමා ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කරන බව බලශක්ති ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවසීය. තෙල් සංස්ථාව ඉන්ධන ගෙන්වන්නේ ඒවායේ පිරිවිතරයන් පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂාවකින් පසුව බවත්, ඊට අමතරව ඉන්ධන නැව් මෙරටට පැමිණි පසු ඉන්ධන සාම්පල් පිළිබඳව මෙරට රසාය...
"සඳුන්පුර යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයෙන් ආධුනික සෙබළියෝ 171 ක් විසිරයති"
"දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර පිහිටි ශ‍්‍රී ලංකා යුද හමුදා කාන්තා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ ආධුනික කාන්තා සෙබළියන් 171 දෙනකු විසිර යෑමේ උත්සවයක් පසුගිය සති අන්තයේදී එම යුද හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි. මෙම විසිර යෑමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස මින්නේරිය ඉදිරි නඩත්තු පෙදෙසෙ (නැගෙනහිර) ආඥාපති මේජර් ජනරාල් ටී. එම්...
"මුලතිව් කොටි පොලිස් ලොක්කා ප‍්‍රංශයේ දී මිය යයි"
"මුලතිව්හි කොටි පොලිස් නායකයා ලෙස කටයුතු කළ ඒමානුවෙල් රංජිත් කුමාර් හෙවත් නික්සන් ප‍්‍රංශයේ දී මියගොස් ඇත. නික්සන් හමුදාව විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බවට මීට පෙර ප‍්‍රචාරය කර තිබිණි. කොරෝනා ආසාදනය වී සිටි මොහු ජිනීවා වෙත පැමිණ ප‍්‍රතිකාර ලබා ප‍්‍රංශයට ගිය අතර පසුගිය ඉරිදා (27 දා) මියගිය බව පැරිස් නුවර ආරංචි මා...
"දඹුල්ලේ එළවළු තොග මිල සියයට 60කින් බහී"
"එළවළු තොග ගැනුම්කරුවන්ගේ පැමිණීම සියයට 50 කින් අඩුවීම නිසා එළවළු තොග මිල ඊයේ (29දා) සියයට 60කින් පමණ පහළ ගිය බව තොග වෙළෙන්දෝ පවසති. දඹුල්ල තොග වෙළෙඳපොළට එළවළු කිලෝ ලක්ෂ 12ක් පමණ ඊයේ ලැබුණු බව ද ඔවුහු කියා සිටිති. පසුගිය වසරේ මාර්තු අවසන් සතියේ සිට උත්සව කාලය තෙක් දිනකට කිලෝ ලක්ෂ 30ක් ඉක්මවා එළවළු තොග දඹුල්ල තොග වෙළෙ`ද...
"ඉතිහාසයේ පළමු වතාවට ඩොලරය 305 පනී"
"වාණිජ බැංකුවල දෛනික විනිමය අනුපාත සටහන් අනුව ඊයේ (29 දා) දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ප‍්‍රථම වතාවට රු. 305 දක්වා ඉහළ ගොස් තිබෙනු දැකගත හැකි විය. මේ අනුව ඊයේ දිනයේ අමානා බැංකුවේ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 305 ක් ලෙස සටහන්ව තිබිණි. සෙසු වාණිජ බැංකුවල විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු....
"සෞදි සංවර්ධන අරමුදලේ සහාය අඛණ්ඩව  ශ‍්‍රී ලංකාවට ලබාදෙනවා – සෞදි තානාපතිවරයා පවසයි"
"සෞදි සංවර්ධන අරමුදලේ සහාය අඛණ්ඩව ශ‍්‍රී ලංකාවට ලබාදීමට අපේක්ෂා කරන බව සෞදි තානාපති අබ්දුල් නසර් හුසේන් අල් හාර්ති මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවසීය. සේවා කාලය නිම කර දිවයිනෙන් පිටත්ව යන ඒ මහතා ඊයේ (29දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය. සිය ධුර කාලය තුළ හුසේන් අල...
"රෝහල්වල මෙන්ම ෆාමසිවලත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක් නෑ"
"මෙම දිනවල දිවයිනේ පෞද්ගලික ඔසුසල්වල අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග රැසක හිඟයක් පවතින අතර රජයේ රෝහල්වල ද බොහෝ බෙහෙත් වර්ගවල අඩු සැපයුමක් පවතින බව ඖෂධවේදීහු පවසති. බෙහෙත් ආනයනකරුවන්ගේ ඉල්ලීම මත බෙහෙත් වර්ගවල මිල ගණන් සියයට 28කින් වැඩි කළ පසු පෞද්ගලික ඔසුසල්වල බෙහෙත් සැපයුම යථා තත්ත්වයට පත් වූ බව ඔසුසල් හිමියන් කියා සිටිය ද මේ ව...
"ගාස්තු සංශෝධනයට එරෙහිව දුම්රිය රියැදුරෝ අතිකාල වර්ජනයක"
"ඊයේ (29 වැනිදා) මධ්‍යම රාති‍්‍රයේ සිට අතිකාල සේවාවලින් ඉවත් වීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ‘දිවයින’ට පැවසීය. අත්තනෝමතික ලෙස දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගයේ නිරත වන බවද හෙතෙම කීය. පෙරේදා (28 වැනිදා) රැස්වූ කැ...
"කොළඹ කොටස් වෙළෙඳපොළ කඩාවැටෙයි පැය 1/2 ක් ගනුදෙනු අත්හිටුවයි"
"කොළඹ කොටස් වෙළෙඳ පොළේ පසුබෑමේ තත්ත්වය තවත් තීව‍්‍ර වෙමින් කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලූ කොටස් මිල දර්ශක අගය ඊයේ (29 දා) දිනයේදී ඒකක 494.75 කින් පහළ යන ලදී. මේ අනුව ඊයේ දින ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලූ කොටස් මිල දර්ශකය ඒකක 9657.55 ක් ලෙස සටහන් වූ අතර එය 2021 ඔක්තෝබර් 25 දිනෙන් පසු සියලූ කොටස් මිල දර්ශකය ...
"කොරෝනා නිසා ලීසිං ගෙවීමට නොහැකි වූ වාහන  අත්පත්කර ගැනීමේ සූදානමක්"
"කොවිඩ් වසංගතය නිසා ලීසිං හා ණය වාරික ගෙවා ගැනීමට නෙහැකිව අසරණව සිටින ලක්‍ෂ 50ක පමණ පිරිසකගේ වාහන මැයි 31 වැනිදායින් පසු අත්පත් කර ගැනීමට ලීසිං සමාගම් කටයුතු කරමින් සිටිනවා යැයි ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ මාධ්‍ය ලේකම් අසංක සුමේධ අමරසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය. රජය විසින් කොවිඩ් වසංගත සමයේ ලී...
"මොස්කව් සිට ශී‍්‍ර ලංකාවට සතියකට ගුවන් ගමන් 3 ක්"
"අපේ‍්‍රල් 9 දා සිට මොස්කව් සිට සතියකට ගුවන් ගමන් 3 ක් බැගින් ශී‍්‍ර ලංකාවට සංචාරකයන් ඇතුළු මගීන් ගෙන ඒමට රුසියානු ඒරොප්ලොට් සමාගම තීරණය කර ඇත. ඒරෝප්ලොට් ගුවන් සේවාවේ එයාර්බස් යානා මේ සඳහා යොදවා ඇතැයි එම ගුවන් සේවාවේ ප‍්‍රකාශයෙක් ඊයේ (29 දා) පැවසීය. රුසියාවට සම්බාධක පැනවුවත් එරොප්ලොට් ගුවන් ගමන් නතර කරන්නේ නැතැයි ඔහු ප...
"ඉන්දීය ණයෙ බෙහෙත් හිරවේ"
"ඉන්දීය ණය යෝජනා ක‍්‍රමය යටතේ මෙරටට ලබාදුන් රුපියල් බිලියනයක ණය මුදලට අදාළව ඖෂධ ගෙන්වීම මෙරට පෞද්ගලික ඖෂධ සැපයුම්කරුවන් රැසක් විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. එම නිසා ඔවුන් ටෙන්ඩර්වලට ඉදිරිපත් නොවන බව බලධාරීන්ට දැනුම් දී තිබේ. මෙම ණය මුදලින් සියයට හැත්තෑපහක ඖෂධ සහ ආහාර ඉන්දියාවෙන්ම ලබාගත යුතු අතර ඉතිරි සියයට විසිපහ මෙරට රජයට...
"13 වැඩක් නෑ ස්වයංපාලනය අරන් දෙන්න – ගජේන්ද්‍ර කුමාර් ඉන්දීය විදේශ ඇමැතිගෙන් ඉල්ලයි"
"13 වැනි සංශෝධනයෙන් වැඩක් නැති බවත් ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ස්වයංපාලනය ලබාදීමට කි‍්‍රයා කරන ලෙසත් ද්‍රවිඩ ජාතික ජනතා පක්ෂයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඉන්දීය විදේශ ඇමැති එස්. ජායිෂංකර් වෙත සංදේශයක් යොමු කරමින් ඉල්ලා ඇත. 1987 ඉදිරිපත් වූ 13 වැනි සංශෝධනය ද්‍රවිඩ ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කර ඇති අතර ඉන් ද්‍රවිඩ ජනතා...
"යාපනයේ දූපත් තුනක් හයිබි‍්‍රඩ් විදුලි ව්‍යාපෘතියකට ඉන්දියාවට"
"ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිශන්කර් මහතාගේ ශී‍්‍ර ලංකා නිල සංචාරයේදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් හයකට අත්සන් තැබූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ඒ අනුව යාපනයේ දූපත් තුනක දෙමුහුන් (හයිබි‍්‍රඩ්) විදුලි ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක කිරීම, ඉන්දියානු රජයේ ප‍්‍රදාන යටතේ ශී‍්‍ර ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව කි‍...
"තෙලේ බලය බිඳලා"
"IOC තෙල් ප‍්‍රමිතිය බලන්න අපට බලයක් නෑසිපෙට්කෝ තෙල් බලන්නේත් සංස්ථාවමයිප‍්‍රමිතිය බලන්න ප‍්‍රමිති ආයතනයට බලයක් නෑවැඩිදුර මුදල් ගෙවා කෙටිදුරක් අද යන්න වෙලා ඉක්මනට තෙල් පිච්චෙන්නේ සංයුතිය බාල නිසාද – පාරිභෝගිකයොසාම්පල් අරන් ගියාම ආපසු අපට දුන්නා – සිවිල් සංවිධාන ක‍්‍රියකාරියෙක්පෙට‍්‍රල් හා ඞීසල්වල සංයුතිය පිළිබඳව මේ වනව...
"වාහන 7ට රියැදුරන් 32ක්: උතුරන්න සේවකයන් සිටියදී – තෙල් තොග පර්යන්තයය අලුතින් 7 ක් ගන්න යයි"
"තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වාහන හතකට රියැදුරන් තිස් දෙදෙනෙකු සිටියදී අලූතින් රියැදුරන් හතර දෙනකු අරක්කැමියෙක් (කුක්) සහ කුක් සහායකයන් තිදෙනෙකු ඇතුළු හත් දෙනෙකු ගැනීමට ඊයේ (28 වැනිදා) අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත පත‍්‍රිකාවක් ඉදිරිපත්ව තිබේ.තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති තනතුරට යළි පත්කළ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආ...
"ඉන්දීය විදේශ ඇමැති ජනපති හමුවෙයි"
"තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා ඊයේ (28දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. කොළඹදී ඊයේ ආරම්භ වූ පස්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා ජෙයිශංකර් මහතා දිවයිනට පැමිණ තිබේ. ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ පැමිණීම පිළිබඳ සතුට පළ කළ ජනාධිපතිවරයා ආහාර, ඖෂ...
"ඔස්කාර් සම්මාන උළෙලේදී මතක හිටින කනේ පහරක්!"
"මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවා සම්මානය දිනාගත් විල් ස්මිත් එහි නිවේදක කටයුතු කළ ක‍්‍රිස් රොක්ට කම්මුල් පහරක් දීම බරපතළ ආන්දෝලාත්මක සිද්ධියක් විය.රොක් විසින් විල් ස්මිත්ගේ බිරිය වන පින්කට් ස්මිත්ට කළ විහිළුවක් නිසා උරණව ප‍්‍රකට නළුවා විසින් මෙම පහරදීම කර ඇත. විල් ස්මිත් රොක්ට කනට පහරදෙන වීඩියෝව ඊයේ (28 දා) දිනය...
"සන්ධ්‍යා එක්නැලිගොඩගේ පෙත්සමේ  – වගඋත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම් නම් කරයි"
"අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කර සිරදඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දීම බලරහිත කරන ලෙස ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28දා) පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබාද...
"ඩොලරය ඊයේ  රු. 298.99 ට නගී"
"ශී‍්‍ර ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගයන් ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (28 දා) ඉතිහාසයේ ප‍්‍රථම වතාවට රු. 298.99 දක්වා ඉහළ ගියේය.ඉකුත් සිකුරාදා ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 294.99 ක් වූ අතර මේ අනුව ඊයේ දිනයේදී පමණක් ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 4.00 කින් ඉහළ ගියේය. එසේම ඇමරිකානු ඩොලරයක ගැනුම් අගය...
"ශී‍්‍ර ලංකාව ඉන්දියාවෙන්  ඩොලර් බිලියනයක  තවත් ණයක් ඉල්ලයි"
"අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ශී‍්‍ර ලංකා රජය ඉන්දීය රජයෙන් තවත් ඇමරිකානු ඩොලර් බිලියන එකක ණය පහසුකමක් ඉල්ලා ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.මේ වනවිට ඉන්දියාව විසින් ශී‍්‍ර ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන එකක ණය පහසුකමක් සහ ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක තවත් ණය පහසුකමක්...
"ශී‍්‍ර ලංකන් මොස්කව් වෙත  ගුවන් ගමන් අත්හිටුවයි"
"ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම විසින් ශී‍්‍ර ලංකාව සහ රුසියාවේ මොස්කව් අතර සිදුකරන ගුවන් ගමන් ඊයේ (28 දා* සිට අත්හිටුවනු ලැබීය. ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ පාලනයෙන් පිටත පවතින මෙහෙයුම් සීමා කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. මේ ගැන කරුණු පැහැදිලි කරන ශී‍්‍ර ලංකා ගුවන් සමාගම මෙසේ ද පවසයි. දැනට පවතින රුසියානු – යුක්රේන යුද්ධය හේත...
"පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ණය පහසුකම් ලබාදෙනවා"
"ඇමරිකානු තානාපති ජනපති ගෝඨාභය රාජපක්‍ෂට කියයි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ඇය මේ බව ස...
"මෙරට ආයෝජන කිරීමට ඩයස්පෝරාව බැහැ කියයි"
"13 වැනි සංශෝධනය මත මෙරට විදේශ ආයෝජන සිදුකිරීම බි‍්‍රතාන්‍යය ඩයස්පෝරාව ප‍්‍රතික්ෂේප කර ඇත.රජය ස්වයංපාලනයකට එකඟ විය යුතු බව ඩයස්පෝරා බලධාරීන් ප‍්‍රකාශ කර තිබේ. බි‍්‍රතාන්‍යය, ඇමරිකාව සහ කැනඩාවේ ඩයස්පෝරා සංවිධාන 10 ක් මෙරට ආයෝජන සිදුකිරීම ප‍්‍රතික්ෂේප කර තිබේ.මෙම ඩයස්පෝරා සංවිධාන දක්වා ඇත්තේ රජය දෙමළ සමූල ඝාතනය පිළිගැනීම...
"ආණ්ඩුවේ 113 පුළුවන් නම් නැති කරලා පෙන්වන්න – රෝහිතගෙන් අභියෝගයක්"
"ආණ්ඩුවේ 113 ළ`ගදීම අහිමි කරන බවට ප‍්‍රකාශ කරන අයට පුළුවන් නම් එය කර පෙන්වන්නැයි වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (28දා* අභියෝග කළේය.ආණ්ඩුවේ 113 නැති කරන බවට තැන් තැන්වල ගොස් කයිවාරු නොගහා එය කර පෙන්වන්නැයි පැවැසූ ඇමැතිවරයා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත්ව ආණ්ඩුව සමග සිටින සහෝදර පක්‍ෂ සමග ඉදිරියට යන බවද පැවැසීය...
"රිදියගම සෆාරි උදා්‍යානයේදී  සතුන් මරා මසට විකුණනවා"
"පහර කෑමට ලක්වූ පශු වෛද්‍ය ප‍්‍රියසාද් කියයිහම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය තුළදී වල් ඌරන් සහ මුවන් වැනි සතුන් ඝාතනය කරන බව එම උද්‍යානයේ පශු වෛi නිලධාරී ප‍්‍රියසාද් එදිරිවර්ණ මහතා ‘දිවයින’ ට පැවසීය.එහි සේවකයන් පිරිසක්ද එයට සම්බන්ධ බව හෙතෙම පවසයි. එම උද්‍යානයේ සේවකයන් පිරිසකගේ පහරකෑමට ලක්වීම පිළිබඳව කළ විමසීමේදී පශු වෛ...
""සංචාරකයෝ 2,74,211 ක් මේ වසරේ ලංකාවට ඇවිත්""
"මේ වසරේ මාස තුනක් ගෙවීයෑමටත් පෙර සංචාරකයන් 2,74,211 ක් පැමිණි බව සංචාරක අමාත්‍යාංශය පවසයි.පසුගිය වසරේ මාස 12 ටම සංචාරකයන් 1,94,495 ක් පැමිණ ඇත. මේ වසරේ ජනවාරි මාසයේ සංචාරකයන් 82,327 ක්, පෙබරවාරි 96,507 ක්, මාර්තු මාසයේ 27 වැනිදා වන විට 95,377 ක් පැමිණ ඇත.ඉන්දීය ජාතිකයන් 20,965 ක්, ඕස්ටේ‍්‍රලියානු 10,553 ක්, ජර්මනියෙන්...
"ශ‍්‍රී ලංකාවට විදේශ ණය ගෙවාගන්න බැහැ – රාජ්‍ය ණය ගෙවීම  පැහැර හැරීමට ඉඩ ඇත!"
"IMF සමාලෝචන වාර්තාවෙන් කියයිජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල දැක්ම අනුව  ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ණය දරාගත නොහැකි (තිරසාර නොවන) මට්ටමට පත්ව ඇති අතර විශාල ලෙස අඩු වී ඇති විදේශ සංචිත නුදුරු කාලයේ ගෙවීමට ඇති විදේශ ණය ගෙවීමට ප‍්‍රමාණවත් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ.ශ‍්‍රී ලංකාව සම...
"රයිගම් ටෙලීස් සම්මාන උළෙල – ජනප‍්‍රිය නළු නිළි සම්මාන කුසල් සහ ශලනිට"
"2020-2021 වසර දෙක සඳහා වූ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ 2020 විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස බිමල් ජයකොඩි ද, 2021 විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස තුසිත් ලක්නාත් සම්මාන හිමිකර ගත්හ.මීට අමතරව 2020 විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස උදාරි චාමිකා වර්ණකුලසූරියද, 2021 විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස චම්පා ශි‍්‍රයානි සම්මාන හිමිකර...
"දෙව්රම් වෙහෙරේ මැදින් මහා පෙරහැර…."
"පන්නිපිටිය දෙව්රම් මහා විහාරයේ මැදින් මහා පෙරහැර  පසුගිය 26 වැනිදා වීථි සංචාරය කෙරිණි. ඡුායාරූපයෙන් දැක්වෙන්නේ පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා විසින් කැලණි රාජා හස්තියා පිට සධාතුක කරඬුව තැන්පත් කරන ආකාරයයි. අමරපුර සිරි සුමන මහා නිකායේ මහනායක කොළොන්නාවේ සිරි සුමංගල මහා නා සමිඳුන් ද මෙහි සිටී. (ඡායාරූපය – තුෂාර අතපත...
"රනිල් අගමැති කරවන බවට කසුකුසු"
"අගමැති ධුරයේ වෙනසක් ඉදිරියේදී සිදුවනු ඇතැයි දේශපාලන අංශවල කථා බහ පැතිර යමින් තිබේ. රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ වත්මන් ආණ්ඩුව විසින් දේශපාලන වශයෙන් ප‍්‍රබල වෙනසක් සිදු කළ යුතු බවට මතුවෙමින් පවතින ඉල්ලීම් හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී මෙම වෙනස සිදුකිරීමට ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග පවසති. එසේම ජාතික ...
"IMF රටේ ඇත්ත තත්ත්වය පෙන්වලා – විපක්‍ෂ නායක"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ‍්‍රී ලංකාව පත්ව ඇති සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් ඉතාමත් හරවත් පිටු 94 ක වාර්තාවක් එළිදක්වා ඇතැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. එහෙත් ආණ්ඩුව එම වාර්තාවට ප‍්‍රතිඋත්තර යවා ඇත්තේ තනි කොළයකින් බව ද පේ‍්‍රමදාස මහතා කීවේය. සූරියවැවදී පැවති ව්‍යාපාරික හමුවකට එක්වෙමින් ඊයේ (27 දා* විප...
"රනිල් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වහාම විවාදයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් සහ සභා නායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.එම වාර්තාව සම්බන්ධයෙන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම වැදගත් බවත්, මූල්‍ය ආධාර සඳහා අයි.එම්.එෆ්. සම්බන්ධ කර ගැනීමට රජය ත...
"විවාදයකට රජය ලෑස්තියි – ජොන්ස්ටන්"
"අයි. එම්. එෆ්. වාර්තාව පිළිබඳව විවාදයක් ලබාදීමට රජය සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.පාර්ලිමේන්තුව රැස්වෙන අපේ‍්‍රල් මුල් සතියේ මෙම විවාදය ලබාදීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. වසන්ත ලියනගේ"
"කිරිපිටි නැතිව ළමා නිවාසවල දරුවෝ හාමතේ – කහට කෝප්පයට සීමාවෙලා"
"කිරිපිටි හිඟය හමුවේ ළමා නිවාසවල රැකවරණය ලබන දරුවන් දැඩි අපහසුතාවට පත්වී කහට කෝප්පයට සීමාවන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තාවේ.විශේෂයෙන් ළමයින් භාර ගැනීමේ මධ්‍යස්ථානවල සිටින වයස අවුරුදු 01 ත් 06 ත් අතර දරුවන්ට අත්‍යවශ්‍ය ආහාර වේලක් ලෙස කිරිපිටි ලබාදුන්නත් දැඩි කිරිපිටි හිඟය නිසා එය ලබාදීමට නොහැකිව ඒවායේ පාලකවරුද දැඩි අපහසුතා...
"රුපියල ස්ථාවර  කර ගැනීමට බැංකු  අතර එකඟතාවක්"
"ඇමෙරිකානු ඩොලරය සහ ශ‍්‍රී ලංකා රුපියල අතර හුවමාරු අනුපාතය දැනට තීරණය වී ඇති ඉහළ අගයට වඩා සාපේක්‍ෂව අඩු අගයක ස්ථාවර කර ගැනීම සඳහා වාණිජ බැංකු අතර එකඟත්වයක් ඇති කර ගැනීමට සූදානමක් ඇති බව ‘දිවයින’ට වාර්තා වේ.මේ අනුව ඇමරිකානු ඩොලරයක වෙළෙඳපොළ අනුපාතය රු. 275 ත් රු. 280 ත් අතර මට්ටමක පවත්වා ගෙන යෑමට බැංකුකරුවන් අතර සාකච්ඡුා...
"ඉන්දීය විදේශ ඇමැති අද දිවයිනට"
"ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයෂන්කර් මහතා අද (28දා) ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.තෙදිනක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන ඉන්දීය විදේශ අමාත්‍යවරයා හෙට (29 දා) කොළඹදී පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුව සඳහා ද  සහභාගිවීමට නියමිතය.මාලදිවයිනේ දෙදින සංචාරයකින් පසුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා කොළඹට පැමිණේ. චතුර පමුණුව"
"රත්මලාන ගුවන්තොට ජාත්‍යන්තර වෙයි"
"රත්මලාන ගුවන් තොටුපළ, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ රත්මලාන බවට පත් කරමින් මාලදිවයිනේ සිට මගීන් පිරිසක් රැුගෙන ඊයේ (27 දා) ප‍්‍රථම ගුවන් යානය රත්මලානට පැමිණියේය.වසර 54 කට පසු ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹමින් රත්මලාන ගුවන්තොට දක්වා මාලදිවයින් ජාතික ගුවන් සේවයේ Q2 944″ Dasය 800 ගුවන් යානය පෙරවරු 8.45 ට ගුවන් තොටුපළ වෙත ගොඩබ...
"බිලියනයක ඉන්දීය ණයට කොන්දේසි සපුරන්න – කැබිනට් අනුමැතිය ඉල්ලයි"
"මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය ප‍්‍රධානීන් හමුවී තහවුරු කරගන්නා ලද ඩොලර් බිලියන එකක ණය සහනාධාර මාලාව වෙනුවෙන් සැපිරිය යුතු කොන්දේසි මාලාවක් ඇති බවත්, එම කොන්දේසි සැපිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබීමට නියමිත බවත් දැන ගැනීමට තිබේ. ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය සම්බන්ධයෙන් අත්සන් කෙරුණු ගිවිසුම, සාම්පූර් පුනර්ජන...
"මේ සතියේ ඇමැතිකම අත්හරිනවා – වාසු කියයි"
"මෙම සතිය තුළ තමා අමාත්‍ය පදවියෙන් ඉවත් වන බව ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා පැවසීය. මේ වන විට වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරි නිල රථයද අමාත්‍යාංශයට ආපසු භාරදී තිබේ. තමාගේ අමාත්‍ය ධුරය අවදානම් බව ඒ මහතා පාර්ලිමේන්තුවේදී බැටී වීරකෝන් මහතා සම්බන්ධ ශෝක යෝජනාවට අදාළ සිය කතාවේදී කීවේය. තමන් රට වෙනුවෙන් ගත් නිවැර...
"අද පැය 5 ක විදුලි කප්පාදුවක්"
"අද (28 දා) දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට පැය 5 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී තිබේ.ඒ අනුව ් සිට ඛ දක්වා කලාප 12 ට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 3 යි විනාඩි 20 ක් බැගින්ද, පස්වරු 6.00 සිට රාති‍්‍ර 11.00 දක්වා පැය 1 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපාහැර...
"43 වන සේනාංකයේ පිරිසක් එජාප සත්‍යකි‍්‍රයාව ගියේ පෙරළා ප‍්‍රතිචාර දැක්වීමකටයි – පාඨලී චම්පික රණවක"
"‘ඔවුන්ගෙන් කරුණු විමසීමක් නැහැ’ – සජබ මහලේකම් 43 වන සේනාංකයේ නියෝජිත පිරිසක් කොළඹ හයිඞ් පිටියේ සිකුරාදා (25 දා) පැවැති එජාප සත්‍යකි‍්‍රයාවට එක්වූයේ එජාපය ලද ආරාධනාවක් අනුව බව එම සේනාංකයේ නායක සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 43 වන සේනාංකයේ සංවත්සර උළෙලට මීට පෙර දේශපාලන පක්‍ෂවලට කළ ඇර...
"රියැදුරුගේ ගණදෙවි නුවණින් ප‍්‍රපාතයට ගිය බසය බේරා ගනී – ධාවනය වන බසයේ තිරිංග අක‍්‍රීයවෙලා"
"හෙම්මාතගම ගම්පොළ මාර්ගයේ ගමන් කරමින් සිටි බස් රථයක තිරිංග අක‍්‍රීය වීම හේතුවෙන් අඹගහ වංගුව අසලදී මාර්ගයෙන් ඉවතට පැන ප‍්‍රපාතයේ තිබූ ගසක වැදී නැවතී ඇති ආකාරය පෙරේදා (26 දා) සවස දක්නට ලැබුණි.රත්නපුර ප‍්‍රදේශයේ සිට චාරිකාවක් පැමිණි පිරිසක්  ගම්පොළ හෙම්මාතගම මාර්ගයේ හෙම්මාතගම දෙසට පෙරේදා සවස ගමන් කරමින් සිටියදී හදිසියේ ති...
"පක්‍ෂ 11ක එකමුතුවේ ජාතික වැඩපිළිවෙළ මහා නායක දොඩම්පහළ චන්දසිරි මහනාහිමිට පිළිගන්වති"
"තම පක්ෂ එකමුතුව විසින් පසුගිය මාර්තු මස 02 දින රට හමුවේ තබන ලද ‘මුළු රටම හරි මඟට’ ජාතික වැඩපිළිවෙළ ගරුතර මහා නායක හිමිවරුන්ට පිළිගැන්වීමත් ඒ පිළිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීමත් සඳහා එම පක්ෂ 11 හි නායකයන් කටයුතු යොදා තිබේ. ඒ අනුව අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමිපාණන් බැහැදැකීම රාජගිරි...
"ආණ්ඩුව ගෙදර යවන්න විශ්වාසභංගයක්"
"ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඉන් ආණ්ඩුව පරාජයට පත් කොට වහාම මහ මැතිවරණයක් සඳහා යොමුවීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම සූදානමින් සිටින බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට අනාවරණය කර සිටියි. 15-පිටුවට ඒ අනුව එම විශ්වාසභංග යෝජන...
"තෙල් සේවකයන්ට වසරකදී කෝටි 400 ක් ඕටී ගෙවලා"
"ඉකුත් මාස 12ක කාලයේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ තොග පර්යන්ත ගබඩා සමාගමේ සේවකයින්ට අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 400කට ආසන්න මුදලක් ගෙවා දමා ඇතැයි ගිණුම් අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන තෙල් සංස්ථා සේවකයින්ගේ අතිකාල සීමා කිරීමට පාලනාධිකාරිය අවස්ථා කිහිපයකදීම උත්සාහ දැරුවත් සි...
"පාසලේ ‘ටැප්’ එක මවුපියන්ගේ ඔළුවට"
"පාසල්වල ජල බිල ගැන කවුරු කතාකළත් දෙමාපියන්ට එය ගෙවීමට සිදුවන තත්ත්වයක් උදා වී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය. පාසල්වල ජල බිල ගෙවන ලෙස ජල සම්පාදන මණ්ඩලය මගින් පාසල්වලට දැනුම්දී තිබෙන බවත් නමුත් ඒ ගැන අධ්‍යාපන අමාත්‍යාංශය නොදන්නා බව ප‍්‍රකාශ කළ බවත් ස්ටාලින් මහතා කීය. ඉන් එහාට අධ්‍යාපන ...
"‘ගෝ ගෝඨා හෝම්’… සජබයෙන් 7 දා සිට ආසන මට්ටමින්"
"‘ගෝ ගෝඨා හෝම්’ නමැති සටන් පාඨය මුල් කර ගනිමින් ලබන අපේ‍්‍රල් 07 වැනිදා දීපව්‍යාප්තව ආසන මට්ටමින් විරෝධතා පැවැත්වීමට ‘සමගි ජන බලවේගය’ තීරණය කර ඇත. රටේ උද්ගතව පවතින තත්ත්වය පිළිබඳව සහ ඉදිරි දේශපාලන උපාය උපක‍්‍රම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සඳහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව ...
"රුසියාව හා කියයි ශ‍්‍රී ලංකාව මුකුත් නොකියයි"
"ශ‍්‍රී ලංකාවට අඩු මිලට ඉන්ධන ලබාදීමට රුසියානු රජය එකඟ වී ඇතත් ශ‍්‍රී ලංකා රජය මේ දක්වා ඒ සඳහා ඉදිරිපත් වී නැතැයි වාර්තා වේ. ජාත්‍යන්තර වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලට රුසියානු බොරතෙල් ශී‍්‍ර ලංකාවට සහ ඉන්දියාවට ලබාදීමට ඉදිරිපත් වී තිබුණි. එහෙත් ශ‍්‍රී ලංකා රජය ඩුබායිවලින් වැඩි මිලට තෙල් ලබාගෙන ඇත. ඉන්දීය තෙල් සමාගම...
"වසරකට පවුල් ආරවුල් පැමිණිලි ලක්ෂයක් වැඩිම සංඛ්‍යාව අනියම් සම්බන්ධතා ගැන"
"වසරකට පවුල් ආරවුල් සම්බන්ධ පැමිණිලි ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් දිවයිනේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශවලට ලැබන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට පැවසුවාය. දිවයිනේ පොලිස් ස්ථාන 600කට අධික ප‍්‍රමාණයක් ඇති අතර ඒ සෑම පොලිසියකම ළමා හා කාන්තා කාර්යාංශයක් ...
"මන්නාරම් බොක්ක උඩින් ඉන්දියාව එබී බලයි"
"මන්නාරම් බොක්ක හා පෝක් සමුද්‍ර සන්ධිය ආශ‍්‍රිත ප‍්‍රදේශය නිරීක්‍ෂණය කිරීම සඳහා ඉන්දියාව විසින් අලුතින් හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා තිබේ. රුසියානු තාක්‍ෂණයෙන් ඉන්දියාවේ නිෂ්පාදිත මෙම සැහැල්ලු හෙලිකොප්ටර් යානා දෙක රාමනාතපුරම් පිහිටි ඉන්දීය නාවික ගුවන් තොටුපළේ රඳවා ඇති අතර එම යානා දෙකේ මුල්ම නිරීක්‍ෂණ කටයුතු ඉන්දියාවේ න...
"ලංවිම කොන්ත‍්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම අත්හිටුවයි"
"ලංකා විදුලිබල මණ්ඩලය පත්වී තිබෙන දැඩි මූල්‍ය අර්බුදය හමුවේ විදුලි ව්‍යාපෘතිවල නියුතු කොන්ත‍්‍රාත් සමාගම් වෙත මුදල් ගෙවීම් වහා නතර කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ. මේ අනුව විදුලි ව්‍යාපෘති සිදුකරන අදාළ සමාගම් වෙත ගෙවීමට තිබෙන මුදල් ඔවුනට නොලැබුණහොත් සියලු අලුත්වැඩියා කටයුතු හා නව ව්‍යාපෘති සියල්ල නතරවී යනු ඇතැයි ඉංජි...
"රස පරීක්ෂක වැඩත් ඩොලරයේ හිරවෙයි"
"මේ පවතින ඩොලර් අර්බුදය හමුවේ රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ කටයුතුද ඇනහිටීමේ අවදානමක් මතුවී ඇතැයි එහි ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය. රස පරීක්‍ෂක කාර්යාලයේ පරිගණක මෘදුකාංග, පරීක්‍ෂණ කටයුතු සඳහා භාවිතා කරන රසායන ද්‍රව්‍ය ආනයනය කිරීම අත්හිටුවා ඇති නිසා මෙම තත්ත්වය මතුව ඇතැයිද ඔහු පැවසීය. මෙලෙස රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ කටයුතු නත...
"ලෝකය වටේ යන්න රත්මලානෙන් ඉඩ"
"වසර 55 කට පසු රත්මලාන ගුවන් තොටුපළින් ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීම අද (27දා) පෙරවරුවේ සිදුවේ. ක‍්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ හා සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග හා රාජ්‍ය ඇමැති ඞී. වී. චානක යන මහත්වරු අද පෙ.ව. 8.00ට එහි පැවැත්වෙන උළෙලට සහභාගි වෙති. චමින්ද සිල්වා"
"ආයුර්වේද කසායත් ගෑස් නැතිව හෝස්ගායි"
"ගෑස් අර්බුදය හේතුවෙන් ආයුර්වේද රෝහල්වල කෂාය වර්ග, අරිෂ්ට වර්ග, තෙල් වර්ග ඇතුළු ඖෂධ නිෂ්පාදනයට බාධා එල්ල වෙමින් පවතින බව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරි සංගමයේ සංවිධායක ලේකම් වෛද්‍ය පී. ඞී. එන්. එස්. ජේ. බණ්ඩාර මහතා ‘‘දිවයින’’ට ඊයේ (25 දා) පැවැසීය. මේ ගැන සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ඇතැයි ද හෙතෙම කීය. මෙහිදී තවද...
"මම අස්වෙන කතා බොරු අගමැති ‘දිවයින’ ට කියයි"
"තමා අගමැති තනතුරෙන් ඉවත්වන බවට මේ දිනවල ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප‍්‍රචාරවලට රැවටෙන්න එපා යැයි ජනතාවට කියන්නේ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට කීවේය. මේ මොහොතේ අගමැතිකම අතහැර යෑමට හෝ වෙනත් අයෙකුට පැවරීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද අගමැතිවරයා සඳහන් කළේය. තමා හෝ ආණ්ඩුවේ මැති ඇමැති...
"භූමිතෙල් පෝලිමේ ජීවිතේ ගෙවෙනවා…"
"කොළඹ නගරයේ ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක භූමිතෙල් ලබාගැනීමට පැමිණි පිරිසක් පෝලිමේ රැඳෙමින් සිටින අයුරු."
"රන්ජන් උසාවියට කණගාටුව ප‍්‍රකාශ කරයි"
"අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ නියෝගය ඉදිරියේදී නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25දා) පස්වරුවේ තීරණය කළේය. එම නඩුව බුවනෙක අලූවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ ගාමිණී අමරසේකර යන ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. තමා විසින් 2018 නො...
"කෝටියක ගජමුතු විකුණන්න ගිය හිටපු ඇමැති පණ්ඩු මාට්ටු"
"රුපියල් කෝටියක ගජමුතු අලෙවි කිරීම සඳහා සූදානමින් සිටි හිටපු අමාත්‍යවරයකු මෙන්ම ගම්පහ දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වූ පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු සැකකරුවෝ පස්දෙනෙක් අම්පාර නගරයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (25 දා) දහවල් අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් පිරිස අතර ගුරුවරියක ද වන බව එම බළකාය කියය...
"‘බැරල් සංඛගේ’ කුඩු ගෝලයන් දෙදෙනා පාතාලයෙන් වෙඩි කා නසිති"
"කඩවත මහ රෑ ගිනි අවි සහ ගිනි කෙළි හේතුව මත්ද්‍රව්‍ය ආරවුලක් වෙඩි ප‍්‍රහාර 10ක් තියලා සිද්ධිය සී. සී. ටී. වී. කැමරාවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු පසුපස යතුරුපැදියකින් පන්නාගෙන ආ පාතාල සාමාජිකයන් දෙදෙනකු කඩවත මහර 9 කණුව ප‍්‍රදේශයේදී එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාට මහමගදී වෙඩි තබා ඝාතනය කර මුළු ප‍්‍රදේශයම භීතිය...
"රුසියාවට එරෙහි යෝජනාව  වැඩි ඡන්දයෙන් සම්මත වෙයි: ශ‍්‍රී ලංකාව ඡන්දය නොදෙයි"
"රුසියාවට එරෙහි යුක්රේනය ආක‍්‍රමණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත. මෙහිදී එම යෝජනාවට ඡන්ද 140ක් ලැබුණි. ශ‍්‍රී ලංකාව, පාකිස්ථානය සහ ඉන්දියාව ඇතුළු රටවල් ඡන්දය දීමෙන් වැළකී ඇත. මෙම යෝජනාවට එරෙහිව රටවල් පහක් ඡන්දය භාවිතා කළහ. වහාම යුද්ධය නතර කරන ලෙස එම යෝජනාවෙන් ඉල්ලා ඇත. රුසියාවට එරෙහිව ඉදිරිපත්...
"ඩොලරය රු. 295 ට යයි"
"ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (25 දා) දිනයේ ශ‍්‍රී ලංකා රුපියල තවදුරටත් පිරිහෙමින් ඇමෙරිකානු ඩොලරයක අගය තවත් රු. 5.00 කින් ඉහළ ගියේය. මේ අනුව මහ බැංකුව ඊයේ නිකුත් කළ මිල විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (24 දා) පැවැති රු. 289.99 සිට ඊයේ (25 දා) දිනයේදී රු. 294.99 ...
"ආණ්ඩුව වැටුණොත් ඒ බැසිල් නිසා: ඔහුට රටේ ජනතාව කැමති නෑ"
"බැසිල් රාජපක්‍ෂ කියන චරිතය මේ රටේ ජනතාව වැළඳ ගන්න කැමති නැහැ. හෙට දවසේ අපිට මොනවා කරයිද දන්නේ නැහැ. අපි ලෑස්තියි, මම මේ කියන දේ සැර වැඩි ඇති යැයි පැපිලියාන සුනේත‍්‍රාදේවි පරිවේනාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණෝ ඊයේ (25දා) පැපිලියානේදී පැවසූහ. මේ තත්ත්ව යටතේ අද අන්ත අසරණභාවයට පත්ව ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ. ...
"විදුලිය කපන කාලය තව දිගු කරන්න ඕනෙ නෑ"
"මහජන උපයෝගිතා කොමිසම කියයි විදුලිබල මණ්ඩලයට අයත් තාප විදුලි බලාගාර මගින් විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වී ඇති බැවින් දැනට සිදුකරන විදුලි කප්පාදු කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් නැතැයි මහජන උපයෝගිතා කොමිසම පවසයි. ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට නිසි ලෙස ඞීසල් සහ දැවි...
"ජර්මන් යෝජනාවට  ශී‍්‍ර ලංකාව බෑ කියයි"
"යුද හමුදා නිලධාරීන් 28 දෙනකුට එරෙහිව අලූත් ජිනිවා යෝජනාවට සම අනුග‍්‍රහය දක්වන ලෙස ජර්මන් රජය කළ ඉල්ලීම ශී‍්‍ර ලංකා රජය ප‍්‍රතික්ෂේප කර ඇත. ජිනිවා නුවර ජර්මානු තානාපතිවරිය මෙම ඉල්ලීම කර තිබේ. මෙරට හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීමේ ජිනිවා 46/1 යෝජනාව සැප්තැම්බර් මස අවසන් වන නිසා බි‍්‍රතාන්‍යය රජය නව යෝජනාවක් කෙටුම්පත් කර ඇ...
"50% කොන්දේසිය බැංකුවලට විතරයි"
"විදේශ විනිමය ශ‍්‍රී ලංකා මහ බැංකුවට විකිණීමේ අවශ්‍යතාව සියයට 25 සිට සියයට 50 දක්වා වැඩි කිරීම අදාළ වන්නේ වානිජ බැංකුවලට පමණක් යැයි මහ බැංකුව පවසයි. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ විදෙස් මුදල් සහ අපනයනකරුවන්ගේ අපනයන ආදායම් සඳහා පවතින අවශ්‍යතා කෙරෙහි මේ නියමය කිසිදු බලපෑමක් ඇති නොකරන බව ද මහ බැංකුව පවසයි. 2022.03.21 දින සිට බලප...
"බැසිල් සර්ව පාක්ෂික සමුළුවේදී හැසිරුණු හැටි රටම දැක්කා"
"පාර්ලිමේන්තුව හරහා පක්ෂ නායකයින් එක්කරගෙන රටේ ප‍්‍රශ්නවලට විසඳුම් සොයන්න…. සමගි තරුණ බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක පාර්ලිමේන්තුව හරහා සියලූම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලන නායකයන් එකතු කරගෙන මේ රටේ තිබෙන දැවැන්ත ප‍්‍රශ්නවලට විසඳුම් සොයන්න සියලූ දෙනාට ආරාධනා කරන බව සමගි තරුණ බලවේගයේ සභාපති පාර්...
"රුපියල පා කරන්න තිබුණේ කළු වෙළෙඳපොළ  නිෂ්කී‍්‍රය කරලයි – මන්තී‍්‍ර විමල් කියයි"
"රුපියල පා කිරීමේදී කළු සල්ලි වෙළෙඳපොළ නිෂ්කී‍්‍රය කළයුතු වුවත් එසේ නොකිරීමෙන් ඩොලරයේ අගය ශීඝ‍්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. ඔහු එම අදහස් පළ කළේ කොළඹ පැවැත්වෙන ඉදිකිරීම් හා වාස්තු විද්‍යා වෙළෙඳ ප‍්‍රදර්ශනයක සමාරම්භක උත්සවය අමතමිනි. මෙහිදී තවදුරටත් කතා...
"පුටින්ගේ  විශේෂ  තානාපති  අස්වෙයි"
"රුසියානු ජනපති ව්ලඩමිර් පුටින්ගේ විශේෂ තානාපති ලෙස කටයුතු කළ ඇනටෝලි චුබයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහු ඉල්ලා අස්වී ඇත්තේ යුක්රේන අර්බුදය නිසාය. චුබයිස් රුසියාවෙන් පිටවී ගොස් ඇත. කීර්ති වර්ණකුලසූරිය"
"අඳුරු අනාගතය පහන් කරන්නට එජාපයෙන් සත්‍යග‍්‍රහයක්"
"‘අඳුරු අනාගතය පහන් කරන්නට – ජාතික එකඟතාවක්, ජාතික ප‍්‍රතිපත්තියක්’ යන තේමාව යටතේ එක්සත් ජාතික පක්‍ෂය සංවිධානය කළ සත්‍යග‍්‍රහයක් ඊයේ (25දා) සවස කොළඹ හයිඞ්පිටියේදී පැවැත්විණි. එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම සත්‍යග‍්‍රහයට එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන රුවන් විජයවර්ධන, වජිර අබේවර්...
"රට ගොඩනැගීමට එක්ව කටයුතු කරමු: ජනපති දෙමළ සන්ධාන හමුවේදී කියයි"
"එක්සත් ශ‍්‍රී ලංකාවක, සියලූ ජාතීන් සෞභාග්‍ය කරා ගෙන යමු – දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ‘‘රට ගොඩනැඟීම සඳහා එක්ව කටයුතු කරමු’’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ ජාතික සන්ධානය සමඟ ඊයේ පැවැති සාකච්ඡාවේදී පැවසීය. තමා සමස්ත රටවැසියන්ගේ නායකයා ලෙස සියලූ ජනතාව කෙරෙහි එක ලෙස අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා කියා...
"හේෂාටයි චමින්දටයි ආවත් බිංදු දාලා"
"තමන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වුවද දින දෙකක් නොපැමිණි බවට සලකුණු කිරීමක් කර ඇතැයි ද එය මන්තී‍්‍ර වරප‍්‍රසාද කඩ කිරීමක් යැයි සමගි ජන බලවේගයේ හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්තී‍්‍රවරු දෙදෙනා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25දා) ප‍්‍රකාශ කළහ. හේෂා විතානගේ මහතා – අපි මේ පාර්ලිමේන්තුව පැවැත්වෙන සෑම දිනකම පැමිණෙනවා. ...
"රට ගොඩනඟන යකඩ රාමුව රනිල් හදලා ඉවරයි – වජිර අබේවර්ධන"
"‘අඳුරු අනාගතය පහන් කරන්නට ජාතික එකඟතාවක්, ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කරන්නට සියලූ දෙනාම එකතු වෙමු’ යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ හයිඞ් පිටියේදී ඊයේ (25 දා) සංවිධානය කර තිබූ සත්‍යග‍්‍රහය හිටපු අගමැති, එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. ඩාලි පාර, ගාමිණී සිනමාශාලාව අසලින්, යුනි...
"තාප බලාගාරවලට ඉන්ධන නොලැබුණොත් විදුලිය කැපිල්ල දිගුවෙයි"
"සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉකුත් ඉරිදා (20 වැනිදා) සිට යළි සම්පූර්ණයෙන්ම නතර වීමත් සමග තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාදීම නතර වීම තවදුරටත් සීමා වුවහොත් දිනකට විදුලිය කපන පැය ගණන වැඩි කරන බව ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ට පැවසීය. ඒ අනුව බලාගාර කිහිපයකටම අවශ්‍ය ඉන්ධන නොලැබීම මත ඊයේ (24...
"වැට් බදු නැංවීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි"
"වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීම සඳහා ‘‘එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) විවාදයට ගෙන සම්මත කරගන්නා ලදී. ඒ අනුව එම බද්ද සියයට තුනකින් වැඩි කිරීමෙන් රජය රුපියල් බිලියන 14ක අමතර ආදායමක් අපේක්ෂා කරන බව මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර මහාචාර්ය රංජිත...
"රජයේ කටයුතුවල  විනිවිදභාවයක් නෑ – මල්වතු මහනාහිමි"
"රජය සිදුකරන කටයුතුවල විනිවිදභාවයක් පෙනෙන්නට නැතැයි මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාමියෝ පවසති. රටේ කොටස් ඉන්දියාව, චීනය, ඇමරිකාව වැනි රටවලට ලබාදෙන බවට විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වන බවද උන්වහන්සේ කීහ. රුසියාව සහ යුක්රේනය ඇතිව තිබෙන ගැටුමට සමාන ගැටුම් ශ‍්‍රී ලංකාවේත් ඇතිවීම...
"සර්ව පාක්‍ෂික සමුළුව ඇස්බැන්දුමක් – ඉමිතියාස් බාකීර් මාකර්"
"රටේ ආර්ථික අර්බුදය කතා කළ යුතුව ඇත්තේ මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුවේදී බවත් එසේ නොකොට ජනාධිපතිවරයා නීත්‍යනුකූල නොවන ලෙසට කැඳවූ එම සමුළුවට සමගි ජන බලවේගය සහභාගි නොවුණු බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉමිතියාස් බාකීර් මාකර් මහතා ඊයේ (24දා) පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ ඉමිතියාස් බාකීර් ...
"මෙරට මිනිස් ඝාතන හිටිහැටියේ ඉහළ ගිහින්: මාසයක් තුළ 25 ක්!"
"මෙරට තුළ මිනිස් ඝාතන සිදුවීමේ ප‍්‍රවණතාව හිටිහැටියේ ඉහළ යමින් ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා සිට ඊයේ (24 වැනිදා) දක්වා වූ මාසයක කාලය තුළ මිනී මැරීමේ සිද්ධීන් විසිපහක් (25 ක්) වාර්තා වී තිබේ. කටුගස්තොට මැණික්කුඹුරවත්ත ප‍්‍රදේශයේදී ඊයේ සිදුවූ නිවසක් ගිනිගෙන තිදෙනකු මිය යෑමේ සිද්ධියට අමතරව මෙම මිනිස් ඝාතන විසිපහ සිදුව ඇත. ම...
"එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්  සිපෙට්කෝ මාස 6 කට තෙල් ගන්න යයි…"
"මාස හයක ණය සහන කාලයකට මෙරටට අවශ්‍ය බොරතෙල්, පිරිපහදු කළ පෙට‍්‍රල් හා ඞීසල් මිලදී ගැනීමට අදාළ ගිවිසුමකට එළඹීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමත් වී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් සමග මෙම ගිවිසුම අත්සන් කර ඇත. ලබන ජුනි මාසයේ සිට මෙම නෞකා මෙරටට ගෙන ඒමට නියමිතව තිබෙන අතර නැවෙන් නැවට අදාළ ගෙවීම් කිරීම යටතේ මෙම ඉන්ධන ම...
"ඉන්ධන – ගෑස් – විදුලි අර්බුද විසඳා ජනයාට සහන දෙනවා"
"ඉන්ධන, ගෑස් ප‍්‍රශ්නය වගේම විදුලි අර්බුදයත් අවසන් කර ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළක් රජය කි‍්‍රයාත්මක කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය. බත්තරමුල්ල, නෙළුම් මාවත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (24 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කීවේය. පවතින ආර්ථික අර්බුදයට කඩි...
"ඔන්ලයින් ක‍්‍රමයට මැණික්  ජාත්‍යන්තර වෙළෙඳපොළට"
"ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, තැපැල් දෙපාර්තුමේන්තුව සමග එක්ව මැණික් හා ස්වර්ණාභරණ ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීමේ මාර්ගගත (Online) ක‍්‍රමවේදයක් මෙරට ඉතිහාසයේ පළමු වරට පෙරේදා (23 වැනිදා) හඳුන්වා දී ඇත. ඒ අනුව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව, නුවර, ත‍්‍රිකුණාමලය, යාපනය සහ ගාල්ල යන තැපැල් ස්ථාන 5ක් ඔස්සේ මැණික් අප...