Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්නයන් දැයෙන් සමුගනී" | "සර්වෝදය ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා ඊයේ (16දා) අභාවප්‍රාප්ත විය. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ආරියරත්න මහතා මියයන විට 92 වැනි වියේ පසුවිය. දකුණු ලක උපත ලබා ප්‍රාථමික අධ්‍යාපනය තම ගම් පියසෙන් ලැබූ හෙතෙම පසුව ද්විතියික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විfiා්දය විශ්ව... |
"පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වේ" | "ජනප්‍රිය හා පෙරළිකාර දේශපාලනඥයකු ද කළුතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වූ මතුගම පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16 දා) අභාවප්‍රාප්ත විය. මියයන විට 64 වැනි වියේ පසුවූ ඒ මහතා 2002 වසරේ මතුගම ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනයට පිවිසියේය. ඒ මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කොට වැඩි මනාප ලබා ප... |
"සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම සමරුව අද" | "ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙසින් ඉතිහාසයට එක්වන දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම අදට (අප්‍රේල් 17) යෙදී ඇත. 1960 ජූලි 21 වැනිදා පැවති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ශ්‍රීලනිප නායිකාව ලෙස ජය ලබා අග්‍රාමාත්‍ය ධුරයට පත් වූවාය. 1960 – 1964, 1970 – 1977 හා 1994 – 2000 යන වාර තුනක් ... |
"ඉරාන ජනපති ලබන සතියේ දිවයිනට" | "ඉරාන ජනපති ඉබ්‍රහිම් රයිසි මහතා ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතය. මේ වනවිට වැඩ නිමවා ඇති උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගිවීම සඳහා ඉරාන ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙනු ඇත. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය, ඉරාන ආනයන බැංකුවේ ණය ආධාර යටතේ 2011 වසරේදී වැඩ ආරම්භ කෙරුණු අත... |
"තහනම ඉවතට: ශ්‍රී ලංකාවට ලූනු එවන්න ඉන්දියාව ලෑස්තියි" | "ඉන්දීය රජය ශ්‍රී ලංකාව වෙත ලොකුලූනු අපනයන තහනම ඉවත් කර ඇත. මේ අනුව ලූනු මෙටි්‍රක් ටොන් 10,000ක් දක්වා මෙරටට අපනයනය කිරීමට අවසර ලබා දී ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකාව වෙත ලූනු අපනයන තහනම ඉවත් කිරීම ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය අවධාර... |
"රියැදුරන් – නියාමකයන් අවුරුදු නිවාඩු ගිහින් – ඊයේ දුම්රිය ගමන් 11ක් නවතී" | "දුම්රිය රියැදුරන් සහ නියාමකයන් පිරිසක් අවුරුදු නිවාඩුවට ගම්බිම්වලට ගොස් නැවත සේවයට නොපැමිණීම නිසා ඊයේ (16දා) පෙරවරුවේ දුම්රිය 11ක් අවලංගු කිරීමට සිදුවීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ. දුම්රිය සාමාන්‍යාධිකාරී කේ.ඩබ්ලිව්.කේ. බණ්ඩාර මහතා දිවයිනට ඊයේ (16දා) කියා සිටියේ දින දෙකක් පමණ යනවිට මෙය සාමාන්‍ය තත්ත්වයට පත්වනු... |
"සෞඛ්‍යයේ වාහන 679කට වෙච්ච දෙයක් නෑ – ජාතික විගණන කාර්යාලය කියයි" | "සෞඛ්‍ය අමාත්‍යාංශය සතු රථ වාහන 679ක කිසිදු තොරතුරක් සොයාගත නොහැකි ලෙස අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. එම කාර්යාලය විසින් 2019 වසරේ සිදුකර ඇති විශේෂ විගණන පරීක්ෂණයකදී සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් මෙම වාහන අස්ථානගතවීම පිළිබඳව තොරතුරු හෙළි වී තිබේ. මෙම වාහන අතරින් 240ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය විගණන... |
"රජයේ ව්‍යාපාරවල පාඩු නිසා පවුල් පිටින් ණයකාරයන් වෙලා – ඇඩ්වොකාටා ආයතනය කියයි" | "රජයේ ව්‍යාපාරවල (SOE) පාඩු නිසා ශ්‍රී ලාංකික කුටුම්භයකට රුපියල් 141,809ක වියදමක් දැරීමට සිදුව ඇතැයි ඇඩ්වොකාටා ආයතනය සඳහන් කරයි. රජය සතු ව්‍යවසායන්හි තීරණාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ග නිසා ඒවායේ බර බදු ගෙවන ජනතාවගේ මුදල් පසුම්බිවලට දැනෙන බව ද ඇඩ්වොකාටා ආයතනය කියා සිටී. ඇඩ්වොකාටා ආයත... |
"යළි පිබිඳෙන සංචාරක කර්මාන්තය සොයා බැලීමට ජනපති නුවරඑළියේ සංචාරයක…" | "නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(16දා) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය. “පිකෝ ට්‍රරේල් ” (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක්වීම විශේෂත්වයකි. පිකෝ ට්‍රරේ... |
"රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන අයි.එම්.එෆ්. ප්‍රශංසා" | "ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ශ්‍රි ලංකා රජයට ප්‍රශංසා කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව අත්කරගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ශක්තිමත් හිමිකාරීත්වයක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණ... |
"ඊයේ රට පුරා දිව්වේ ප්‍රයිවට් බස් 7000යි" | "අලුත් අවුරුදු සමයේ ඊයේ (16දා) දිවයින පුරා ධාවනය වූයේ පෞද්ගලික බස් රථ 7000ක් පමණක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට පැවසීය. දිවයින පුරා පෞද්ගලික බස් රථ 13,000ක් ඇතැයි පැවසූ ඒ මහතා, අවුරුදු නිසා බොහෝ බස් රථ සේවකයන් නිවාඩු ලබා ගම්බිම් බලා ගොස් ඇතැයි කියා සිටියේය. මෙම තත්ත්වය... |
"පොලිස්පති හදිසියේම ඇල්පිටියට එයි" | "පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (16 දා) හදිසියේම ඇල්පිටිය පොලිස් වසමේ ස්ථාන කිහිපයක සංචාරයේ නිරත විය. කොළඹ සිට අධිවේගි මාර්ගයේ පැමිණි පොලිස්පතිවරයා කුරුඳුගහහැතැක්ම පිටවීමේ දොරටුවෙන් කුරුඳුගහහැතැක්ම නගරයට පිවිස නිල රථයෙන් බැස නගරයේ සිටි තරුණයන් කැඳවා පාතාල ක්‍රියාකාරකම් ගැන විමසීය තරුණයන් ඇමතූ පොලිස්පතිවරයා “කප්ප... |
"අවුරුදු දින තුනේ දෙහිවල සතුන් වත්තට ලක්ෂ 47ක ආදායමක්" | "දෙහිවල ජාතික සත්වෝද්‍යානය අලුත් අවුරුදු දින තුනේ (13,14,15) රුපියල් ලක්ෂ 47කට අධික ආදායමක් උපයා ඇතැයි එහි සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මහත්මිය ‘දිවයින’ට ඊයේ (16දා) පැවසුවාය. අවුරුදු නිවාඩුවේ විශාල නරඹන්නන් පිරිසක් දිවයිනේ විවිධ පළාත්වලින් දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි බවද ඇය කියා සිටියාය. ඒ අනුව 13 වැන... |
"ඡන්ද ඇප තැන්පතු මුදල් ඉහළ දැමීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්" | "මැතිවරණ සඳහා තැන්පත් කෙරෙන ඇප තැන්පතු මුදල් අසීමිත ලෙස ඉහළ දැමීමට රජය තීරණය කිරීමෙන් මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට ව්‍යවස්ථාවෙන් ඡන්ද අපේක්‍ෂකයන්ට ලබාදී ඇති අයිතිය උල්ලංඝනය වන බව පවසමින් ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඉකුත් 09දා පැවති කැබිනට් ත... |
"මාර්ග නීති නොතකන රියැදුරන්ට සමාවක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක" | "අලුත් අවුරුද්දට නෑගම් ගොස් යළි වාහනවලින් පැමිණීමේදී නිසි ලෙස මාර්ග නීති පිළිපදින ලෙසත්, මාර්ග නීති නොපිළිපදින රියැදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ‘දිවයින’ට ඊයේ (16දා) පැවසීය. අවුරුදු දින කීපය තුළ බොහෝ රියැදුරන්ගේ අපරික්‍ෂාකාරී රිය ධාවනය අනත... |
"ජලාශ පිරිලා : දිය නාන්නේ ප්‍රවේශමෙන් – වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්" | "දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් තිබුණත් ජලාශවල ජල මට්ටම සැලකිය යුතු මට්ටමේ පවතින නිසා ජලාශවලින් දියනෑමේදී සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. වියළි කාලගුණික තත්ත්වයක් පැවැතියත් ජලාශවල ජලමට්ටම තවමත් සියයට 70,80,90 වැනි මට්ටමේ තිබෙන බවත් පැවසූ ඒ මහතා මහ කන... |
"පාස්කු ප්‍රහාරයේ පස්වැනි සැමරුම 20-21 කොච්චිකඩේ හා කටුවපිටියේදී" | "පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් සිහිපත් කරන 5 වැනි සැමරුම වෙනුවෙන් අප්‍රේල් මස 20 සහ 21 යන දෙදිනයන්හිදී ප්‍රධාන සැමරුම වැඩසටහන කොච්චිකඩේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ සහ කටුවපිටිය ශුද්ධ වූ සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථාන කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එයට සමගාමීව දිවයින පුරා කිතුනු දේවස්ථානවල... |
"අවයවයක් අහිමි වෙන්නම සාජන් පුතාට පහර දුන් පොලීසියේ දෙදෙනා රිමාන්ඩ්" | "බට්ටා වර්ගයේ ලොරි රථයක් පසුපස ලුහුබැඳ ගොස් රථය නවත්වා එය පදවමින් සිටි 23 හැවිරිදි තරුණයකුට දැඩි ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු අද (16දා) දක්වා රක්ෂිත බන්ධනාගා... |
"වසර 13කදී දක්ෂිණ අධිවේගයේ රිය අනතුරු 9375ක් ජීවිත 66ක් අහිමි වෙලා" | "දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසු මේ දක්වා ගෙවී ගිය වසර 13ක කාලය තුළ අධිවේගී මාර්ගවල රිය අනතුරු 9375ක් සිදුවී තිබේ. මෙම අනතුරුවලින් මියගිය පිරිස 66 දෙනකු බව වාර්තා වේ. අධිවේගී මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ කමිටුව විසින් කරන ලද දත්ත විශ්ලේෂණයකදී මෙම තොරතුරු අනාවරණය වෙයි. ආචාර්ය චමෝද් හෙට්ටිආරච්චි, ආච... |
"අවුරුදු දා අනතුරුවලින් මරණ 10ක්" | "පෙරේදා (14දා) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කීපයක සිදුවූ රිය අනතුරු අටකින් පුද්ගලයන් දස දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි. අපරික්ෂාකාරී රිය ධාවනය, මාර්ගයේ වාහන ලිස්සා යෑම සහ රියදුරන්ට නින්ද යෑම මෙම අනතුරුවලට හේතුවී අතැයි පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. පුස්සැල්ලාව – කටුකිතුල ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයක... |
"ගංගාරාමයේ හිසතෙල් ගෑමේ මංගල්‍යය" | "සිංහල අලුත් අවුරුදු උළෙලේ හිසතෙල් ගෑමේ මංගල්‍යය ඊයේ (15දා) කොළඹ – හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් විසින් චාරිත්‍රානුකූලව සිදුකළ අයුරු. එම අවස්ථාවට අතිවිශාල පිරිසක් එක්ව සිටියහ. පින්තූර – නිමල් දයාරත්න" |
"ආරක්ෂක අමාත්‍යාංශයේ අලුත් අවුරුදු උළෙලට ජනාධිපතිත් එක්වෙයි…." | "ආරක්ෂක අමාත්‍යාංශයේ සුබසාධක අංශය සංවිධානය කළ සිංහල – දෙමළ අලුත් අවුරුදු උත්සවය බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්විය. අවුරුදු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ... |
"යූ. එන්. පීයට එක්වෙලා මං ලස්සන වුණා – ජනපති නුවරඑළියේදී කියයි" | "එක්සත් ජාතික පක්ෂයට එක්වීමෙන් තමා ‘ලස්සන’ වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නුවරඑළිය මීපිළිමාන බක්මහ උළෙලට එක්ව සිටි ජනාධිපතිවරයාගෙන් නිවේදිකාවක කළ විමසීමකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. අවුරුදු උත්සවය නරඹමින් සිටි ජනාධිපතිවරයා අසලට පැමිණි නිවේදිකාව ‘ඔබතුමා මෙච්චර ලස්සන වුණේ’ කෙසේ දැයි විමසූ අතර එයට පි... |
"දක්‍ෂිණ අධිවේගයෙන් දින 4ට කෝටි 15ක ආදායමක්" | "දක්ෂිණ අධිවේගී මාර්ගයේ අප්‍රේල් 10 වැනිදා සිට 14 වැනිදා දක්වා දින 4 ක් තුළ ගමන් ගත් රථ වාහනවලින් මිලියන 150 ක ආදායමක් උපයා ගෙන ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්. අයි. ඩී. කහටපිටිය මහතා සඳහන් කරයි. මෙම කාලය තුළ අධිවේගී මාර්ගයේ වාහන හතළිස් තුන් ලක්ෂ පනස්දාස් පනස් එකක් ධාවනය කර ඇති බව මාර්ග සංවර්... |
"ඉරානයට ගහන්න එපා ගැහුවොත් අපෙන් උදවු නෑ! – ඇමරිකාව ඊශ්‍රායලයට කියයි" | "ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට නොයන ලෙස ඇමරිකාව ඊශ්‍රායලයට උපදෙස් දී ඇත. එලෙස හදිසියේ හෝ යුද්ධයක් ඇතිවුවහොත් ඇමරිකාව ඊශ්‍රායලයට සහාය ලබා නොදෙන බවත් ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත. ඉරානය සෙනසුරාදා (13දා) රාත්‍රියේ ඊශ්‍රායලයට පහර දුන්නේ අප්‍රේල් 01 වැනිදා සිරියාවේ ඩැමස්කස් නුවර තම කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයට පළිගැන... |
"විදුලි ඉංජිනේරුවෝ 150ක් රට හැර ගිහින්" | "ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරුන් 150කට වැඩි පිරිසක් රට හැර යෑම නිසා ඉදිරියේදී රට පුරා අඛණ්ඩව විදුලිය සැපයීම බරපතළ අර්බුදයක් විය හැකි බව විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 2022 වර්ෂයේ මුල් කාර්තුවේ සිට මේ දක්වා විදුලිබල මණ්ඩලයට අනුයුක්තව සේවය කළ විදුලි ඉංජිනේරුවන්ගෙන් 159ක් පමණ නිවාඩු ලබා හෝ සේවයෙන් ... |
"ශ්‍රී ලංකා රුපියලට ජාත්‍යන්තර ඇගැයීමක්" | "2024 වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකා රුපියල (LKR) ලෝකයේ නැඟීඑන වෙළෙඳපොළ අතරින් ඉහළම කාර්යසාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලුම්බර්ග් දත්ත පෙන්වා දෙයි. එය වසර ආරම්භයේදී පැවැති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි." |
"මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයන් සහ ඇතැම් භික්‍ෂූන් අද නිර්මල බුදු දහම විකෘති කරනවා – රාමඤ්ඤ මහ නාහිමි" | "“අවුරුද 2500 කටත් වඩා පවත්වා ගෙන එන බුද්ධ චරිතය, සිද්ධාර්ථ චරිතය හා නිර්මල බුද්ධ ධර්මය අද සමහර භික්ෂූන් හා පුද්ගලයන් විසින් විකෘති කරමින් සිටිනවා, මේ සම්බන්ධව රජය මෙයට වඩා සැලකිලිමත්ව කටයූතූ කළ යුතු” යයි රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අග්ග මහා පණ්ඩිත මකුලාවේ සිරි විමල මහානායක හිමියෝ කෑගල්ලේ පැවති උත්සවයකදී පැවසූහ. උන්වහන... |
"ක්ෂුද්‍ර-කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැහිලා විරැකියාව වැඩිවෙලා: ලබන වසරේදි වෙනසක් වේවි – විපක්‍ෂ නායක සජිත්" | "රට මෙවැනි අගාධයකට වැටෙන්න පෙර සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ මිනිසුන්ගේ අතේ මුදල් ගැවසුණු බවත් ගෙදරට ආහාර පාන ඇඳුම් පැළැඳුම්වලින් යුත් අභිමානවත් රටක් අපට තිබුණත් අද වනවිට අපේ රටේ ජනතාව මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්නේ බංකොලොත් රටක සිට බවත් ලක්ෂ සංඛ්‍යාත පවුල් දුගී දුප්පත් වී ඇති රටක් තුළ, තමා නිදහස් අධ්‍යාපන... |
"අධිවේගී මාර්ගවල ඩෝප් රියැදුරන් අඩුවෙලා" | "අධිවේගී මාර්ගවල පොලිස් ආරක්ෂාව දැඩි කිරීම නිසා මෙවර සිංහල – හින්දු අලුත් අවුරුදු සමයේ බීමත් රියැදුරන් පිළිබඳව වාර්තා වුණේ සියයට එකක් පමණ බව අධිවේග මාර්ග කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මයුර පෙරේරා මහතා පවසයි. මෙම පොලිස් රැකවල් දිගටම ක්‍රියාත්මක කරන අතර බීමත් රියැදුරන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවද හෙතෙම... |
"පොලිසියට නව පණක් දී මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දනය වේගවත් කරනවා – පොලිස්පති" | "පොලිසියේ කාර්යක්ෂමතාව අඩු අංශ සහ නිලධාරීන් ඉවත් කර නව ශක්තියක් යොදා අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඬලීමේ මෙහෙයුම් වැඩි කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය. අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඬලීමේ කටයුතු ඉතා සාර්ථකව සිදු කෙරෙන බවත්, මෙම අවුරුදු සමයෙන් පසු පාතාල මර්දන මෙහෙයුම් දැඩි කරන බවත් පෙරේදා (14දා) මාධ්‍ය වෙත අදහස් දක්ව... |
"අවුරුදු නිවාඩුවට මැති ඇමැතිවරු රැසක් නුවරඑළියේ සහ පිටරටවල" | "අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා මැති ඇමැතිවරුන් විශාල පිරිසක් නුවරඑළිය සහ විදෙස් රටවලට ගොස් තිබේ. ඇතැම් ඇමැතිවරුන්ට දුරකථන ඇමතුම් ගැනීමේදී ඔවුන් රටින් බැහැරව සිටින බවට පිළිතුරු ලැබේ. තවත් ඇමැතිවරුන් තමන්ගේ පුද්ගලික දුරකථන නිවෙස්වල තබා වෙනත් අංක සහිත දුරකථන භාවිත කරන බවද වාර්තා වේ. කෙසේ වෙතත් ඇතැම් මැති ඇමතීන් ඊයේ (15දා)... |
"දූෂණ චෝදනා එල්ලවූ සෞඛ්‍ය නිලධාරීන් ගැන විමර්ශන යට ගිහින් ! – වෛද්‍ය චමල් සංජීව" | "දූෂණ චෝදනා එල්ලවී ඇති සෞඛ්‍ය නිලධාරීන් පිළිබඳ අභ්‍යන්තර විමර්ශන යට ගැසීමේ සැකයක් ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලන ලෙස විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. පසුගිය සමයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ උපකරණ ඇතුළු ප්‍රසම්පාදන කටයුතුවලදී වංචා දූෂණ සිදුව ඇති බවට විගණන වාර්තාවලි... |
"පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන්න මට බැහැ – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ" | "ඉදිරි ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට තමාට කළ නොහැකි බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ ට කීවේය. මෙය ඉතාමත් බැරෑරුම් කටයුත්තක් බවත් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන පුද්ගලයා තමන් විසින් නම් කළහොත් ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටින සෙසු අය තමා සමඟ අමනාපවීමට ඉඩ තිබෙන බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය. මෙම සුදුස්සා තේරීම කළ යුතුව... |
"යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව යෝජනා ක්‍රියාත්මක කරන්න පෙර පුළුල් අදහස් විමසීමක් කරන්න – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්" | "යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට තම දැඩි වරුද්ධත්වය පළකරන බවත් එම අධ්‍යාපන ප්‍රතිසංස්කණ යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර පුළුල් වශයෙන් අදහස් විමසීම් කරන ලෙස විශ්ව විද්‍යාල ආචාරවරුන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ. එහි පහත කරුණු ද අවධාරණය කර තිබේ. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අපකීර්තියට පත් කිරීමේ ... |
"ආණ්ඩුව අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්නේ රාජ්‍ය ආයතන විකුණන්න තීරණ අරගෙන – පුබුදු ජයගොඩ චෝදනා කරයි" | "ආණ්ඩුව අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමට සූදානම් වන්නේ රාජ්‍ය ආයතන විකිණීමට කැබිනට් තීරණ ගනිමින් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ පැවසීය. වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේද කීවේය. අලුත් අවුරුදු නිවාඩුවට කලින් ගත්ත අන්තිම කැබිනට් රැස්වීමේදී බරපතළ දේශපාලන තීරණ කිහිපයක් අරන් තියෙන... |
"ඩෙංගු රෝගීන් විසිඑක් දහසක් හමුවෙලා" | "මේ වසරේ ගත වූ මාස කීපය තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් විසිඑක් දහසකට ආසන්න පිරිසක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළ යෑමක් අපේක්ෂා කළ හැකි බව ද එම අංශය පවසයි. මේ හේතුවෙන් ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙසත් කාර්යාල, ... |
"ශ්‍රීලනිප අනාගතය තැන් දෙකක" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍ය සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත්, පක්ෂයේ නිත්‍යානුකූල විධායක සභාවේ සාමාජිකයන් කවුරුන්ද යන්න ලබන 18දා අධිකරණයේදී කරුණු පෙන්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය. මෛත්‍රිපාල සිරිසේන මහතා සභාපතිධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් පැ... |
"පැතුම් සපිරෙන සුබ අලුත් අවුරුද්දක්" | "අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපර භාග 9.05ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි. අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපර භාග 2.41 සිට 14 වැනි ඉරිදා අලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපර භාග 2.41ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්; අප්... |
"රතිඤ්ඤා අලෙවිය සියයට 90කින් ඉහළට" | "ගිය වසරට සාපේක්ෂකව මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ රතිඤ්ඤා අලෙවිය සියයට අනූවකින් පමණ වැඩිවී ඇතැයි සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා දිවයින ‘ඉරිදා සංග්‍රහය’ ට පැවසීය. එහෙත් මෙවර අවුරුද්දේ අහස්කූරු, විසිල් චක්‍ර වැනි නිෂ්පාදනයේ අඩුවක් සිදුවූ බව ද හෙතෙම පැවසීය. පසුගිය වසර කීපය ඇත... |
"අවුරුදු තෑගිත් අරන් ජනපති ළමා නිවාසවලට" | "රජයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැඳී සිටින දරුවන් දස දහසකට ආසන්න සංඛ්‍යාවකට අලුත් අවුරුදු තෑගි ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත මේ උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ‘ළමා නිවාසවල සිටින දරුවන්ටත් අවුරුදු’ යන තේමාව යටතේ ළමා සංවර්ධන... |
"අවුරුදු කන්න ඩොලර් මිලියන 530ක භාණ්ඩ ගෙන්වයි" | "අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මෙම වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි මාස දෙකේ දී අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 530.9ක මුදලක් වැයකොට ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වෙයි. ඉකුත් වර්ෂයේ (2023) මුල් මාස දෙකේ දී මෙම පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා වැයකොට ඇත්තේ... |
"නිල නිවේදනය එනතුරු නිහඬ පොහොට්ටුව ගෙන්ගෙට යයි" | "ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට අදාළව නිල නිවේදනයක් නිකුත් කරනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් නොකිරීමට එම පක්ෂයේ දේශපාලන බලමණ්ඩලය තීරණය කර ඇත. එම මණ්ඩලය රැස්වී මැයි දින රැලිය සාර්ථකව පැවැත්වීම පිළිබඳව ද සාකච්ඡා කර ඇති අතර, මැයි දින රැලියෙන් අනතුරුව ආසන මට්ටමින් සම්මේලන පැවැත්වීමට ද ... |
"ශ්‍රීලනිප යතුරේ පොලිසියත් හිරවෙලා" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ වැදගත් ලිපි ගොනු අතුරුදන්වූයේ යැයි කියන සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකිරීමට වසා දැමූ එම කාර්යාලයේ යතුරු පොලිසියට භාරනොදීමත් විශාල ගැටලුවක් යැයි නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවැසීය. මෙම තත්ත්වය මත ලිපිගොනු අතුරුදන් වූයේ යැයි කියන සිද්ධිය පිළිබඳව මෙතෙක... |
"ස්වාධීන කොමිෂන්වල බැරි බැරියාව තදටම" | "රජය විසින් පත්කර ඇති ස්වාධීන කොමිෂන් සභාවල කාර්යක්ෂමතාවය ඉතා දුර්වල මට්ටමක පවතින බව එම කොමිෂන් සභා සම්බන්ධව සිදුකළ විගණකාධිපති වාර්තාවලට අනුව හෙළිවී තිබේ. රාජ්‍ය සේවා, අල්ලස් හෝ දූෂණ සහ පොලිස් යන ස්වාධීන කොමිෂන් සභා ඉතා දුර්වල කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇතැයි ද විගණකාධිපති වාර්තාවලට අනුව හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය මත රාජ... |
"සුමන්දිරන් මාලිමාවට නැග්ගේ අනාරාධිතවලු" | "ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා යාපනයට පැමිණි අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාට සිය පක්ෂයෙන් පෞද්ගලිකව ආරාධනයක් නොකළ බවත් ඔහු උත්සවය පැවැති අවස්ථාවේදී ඊට අනාරාධිතව පැමිණි බවත් ජනතා විමුක්ති පෙරමුණේ යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේක... |
"චීන-ශ්‍රී ලංකා මිතුදම කඩන්න සැලසුම්!" | "ශ්‍රී ලංකා – චීන සබඳතා බිඳ දැමීම සඳහා ප්‍රබල රටක ඔත්තු සේවාවක් ක්‍රියාත්මක වන බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී. මෙරටට ණය සහන ලබා දීමට චීනය එකඟ වී තිබියදී මෙලෙස දෙරටේ යහපත් සබඳතා බිඳ දැමීම සඳහා යම් කණ්ඩායමක් සූදානම් වන බව ද එම ආරංචි මාර්ග පවසයි. පසුගියදා මෙරට භික්ෂු පිරිසක් දලයි ලාමාතුමා හමුවී තිබූ අතර ප... |
"ජනාධිපතිවරණයට දෙමළ පොදු අපේක්‍ෂකයෙක් නෑ" | "ඉදිරි ජනාධිපතිවරණයට කිසිම හේතුවක් මත දෙමළ ජාතිකයකු පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොකරන බව උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ. ශිවඥාණම් මහතා ප්‍රකාශ කළේය. යාපනයේ පිහිටි ඒ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. උතුරේ සහ නැඟෙනහිර විවිධ දෙමළ දේශපාලන පක්ෂ විසින් දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිර... |
"පාඨලි චම්පික අලුතෙන් ගණන් හදයි" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනාධිපතිවරණය පිළිබඳව අලුතින් විශ්ලේෂණය කිරීමට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක මහතා තීරණය කර තිබේ. මීළඟ ජනාධිපතිවරණයට තමා තරග කරන බව ඔහු මින් පෙර ප්‍රකාශ කර තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ අලුතින් සන... |
"ලංවිම සේවකයන්ට අනුමැතියට පිටින් දීමනා" | "ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද දීමනා ලැයිස්තුවට ඇතුළත් කර නොතිබූ ඉංජිනේරු දීමනා, දිරිදීමනා, තාවකාලික දීමනා, සුදුසුකම් පදනම් කරගත් දීමනා ඇතුළු නොයෙකුත් වර්ගයේ දීමනා සඳහා 2022 වර්ෂයේ රුපියල් මිලියන 417.65 ක මුදලක් වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. එමෙන්ම ඕ.එච්. සහ එස් දිරි... |
"චම්පිකගේ ලූනු කතාවට කථානායකගෙන් ‘හ්ම්’ මිටි" | "මහා පරිමාණයෙන් සිදුවෙන බව කියන ලොකු ලූනු ජාවාරම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා හෙළි කළ තොරතුරු තමා සියයට සීයක් අනුමත කරන බවත් මේ පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදු නොකිරීම තමාටත් ප්‍රශ්නයක් බවත් පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය. ලොකු ලූනු පමණක් නොව අද විවිධ ආහාර ... |
"සුබ අවුරුද්දේ සුබ ගනුදෙනුවට ලංකා බැංකුව ඔබට ඇරයුම් කරයි-" | "පසුගිය අභියෝගාත්මක කාලයට නොසැලී මුහුණ දුන් ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව, ආර්ථික අර්බුදයන් ජය ගැනීමට රටට ශක්තියක් වෙමින් තම ජාතික වගකීම් නිසි අයුරින් ඉටු කරමින් උදාවන අලුත් අවුරුද්දට පියවර නගයි- අපගේ වටිනා තැන්පතුකරුවන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් නැවත වරක් අප ලැබූ වාර්තාගත බදුපෙර ලාභය අපගේ නිසි මූල්‍ය කළමනාකාර... |
"ශ්‍රීලනිප මූලස්ථානයට දෙපිලම අගුල් දමති" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඊයේ (09දා) පොලිසිය සමග ගොස් ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයට ඇතුළු වීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීම නිසා මහ ලේකම්වරයා සහ පොලිසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනිණි. ශ්‍රීලනිප මූලස්ථානයේ තිබුණු ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇති බවට මහ ලේකම්වරයා විසින්... |
"ආබාධිත රණවිරුවන්ගේ රැකවරණයට සහ සුබසාධනයට රජයෙන් සැම සහායක්ම ලබා දෙනවා" | "ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් විද්‍යුත් යතුරුපැදි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (09) පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථාන ස... |
"සුබ අලුත් අවුරුද්දක් වේවා…" | "පද රචනය – දයානන්ද ගුණවර්ධන‘බක් මහ අකුණු’ වේදිකා නාට්‍යයගායනය – අමිතා වැදිසිංහ අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපර භාග 9.05ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි. අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපර භාග 2.41 සිට 14 වැනි ඉරිදා අලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපර භාග 2.41ට පළමුව ආහාර පාන ග... |
"රාමසාන් උළෙල දා ඉස්ලාම් දේවස්ථාන අසල රැකවල් තර කරයි" | "ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සව දිනය වෙනුවෙන් හෙට (11 දා) ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයේ 7350 කට අධික පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව පොලිසියේ 5,580 ක්, විශේෂ කාර්ය බළකායේ 510 ක් සහ ත්‍රිවිධ හමුදාවේ 1250 ක් මෙලෙස විශේෂ රාජකාරියේ යෙදවීමට පියවර ගෙන ඇත. දිවයිනේ සෑම පොල... |
"අවුරුදු ක්‍රීඩා තරග සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ" | "අලුත් අවුරුදු උත්සව සමයේදී පවත්වනු ලබන අවුරුදු ක්‍රීඩා උත්සවවලදී ඊට සහභාගි වන තරගකරුවන් සහ තරගකාරියන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක, ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය විද්‍ය... |
"අලියාගෙන් නොව පොදු ලකුණකින් රනිල් ජනපති සටනට – ආශු මාරසිංහ" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන ජනාධිපතිවරණයට අලියා ලකුණින් නොව වෙනත් පොදු ලකුණකින් ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා ඊයේ (09දා) පැවසීය. ජනාධිපතිවරයා අලියා, පොහොට්ටුව, හංසයා යන ලකුණුවලින් නොව නව ලකුණකින් තරග කරන බවත් එම ලකුණ සන්ධාන ගතවන පක්ෂ සහ සිවිල් සංවිධාන නායකයන්ගේ එකඟත... |
"විවාදය මග හරින මාලිමාවේ ප්‍රයත්නය හෙළා දකිනවා – සජබ මෙහෙයුම් ප්‍රධානී නලීන් බණ්ඩාර" | "සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් තිදෙනා සමග ජාතික ජනබලවේගයේ ආර්ථික සම්පාදකයින් තිදෙනාට රටේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට සමගි ජනබලවේගය කළ ආරාධනය පිළිනොගෙන විවාදය වෙනත් දිශාවකට යොමු කිරීමට දරන ප්‍රයත්නය දැඩි ලෙස හෙළා දකින බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්... |
"දේශීය සිසුන්ටත් කොතලාවල වෛද්‍ය උපාධියට දොර ඇරේ" | "දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලිසියට කැඩෙට් නිලධාරියකු ලෙස බැඳීමෙන් පමණක් සහ විදේශීය සුදුසුකම් ලත් සිසුන්ට මුදල් ගෙවීමේ පදනම මත පමණක් වෛද්‍ය විද්‍යා උපාධිය හැදෑරීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තිබූ අවස්ථාව පුළුල් කරමින් සුදුසුකම් සපුරා ඇති දේශීය අයදුම්කරුවන්ටද 2024 අධ්‍යයන වර්ෂයේ සිට මුදල් ගෙවීමේ පදනම මත ... |
"ආගමන විගමනයට ගත් සීසීටීවී වසර 6ක් ගබඩාවක පුස් කයි – සවිකරනවාට නිලධාරින් පිරිසක් විරුද්ධලු" | "ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අභ්‍යන්තර පරිශ්‍රයේ සවිකිරීම සඳහා මිලදී ගත් CCTV කැමරා උපකරණ වසර 6ක් සවි නොකර ගබඩාවක ඇති බැවින් ඒවා සවිකිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. 2017 වසරේදී රුපියල් ... |
"සජිත්ගේ බෙදිල්ලට ගරහන විප්ලවවාදීන්ගේ දරුවන් අඩුපාඩු නැතිව පෞද්ගලික පාසල් හා සරසවිවල ඉගෙන ගන්නවා – සජිත් ප්‍රේමදාස නයිනමඩමේදී කියයි" | "මේ රටේ අය-වැය හරහා ලැබෙන මුදලින් රට ගොඩගන්න නොහැකි නිසා රාමුවෙන් පිටතට පැන තීන්දු තීරණ ගත යුතු බවත් විපක්ෂය විසින් මෙරට රජයේ පාසල් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමත් එවැනි රාමුවෙන් පිට පැන සිදු කරන කටයුත්තක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එසේම සක්‍රීයව විපක්ෂයේ දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය මෙව... |
"ඡන්ද අපේක්ෂකයන්ගේ ඇප මුදල් ඉහළ දමයි" | "ඡන්ද විමසීම සඳහා වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පත් මුදල ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 26 දක්වාත් ස්වාධීන අපේක්ෂකයකුගේ ඇප තැන්පතුව ලක්ෂ 36 දක්වාත් ඉහළ දමා තිබේ. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන එ... |
"රාජ්‍ය බැංකු ප්‍රතිසංස්කරණ යෝජනාවට කැබිනට් අනුමැතිය" | "රාජ්‍ය බැංකුවල යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. රාජ්‍ය හිමිකාරිත්වය සහිත බැංකුවල සමස්ත පාලනය, අවදානම් කළමනාකරණය සහ අධීක්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි පවතින දුර්වලතා හේතුවෙන් පසුගිය කාලයේ පැ... |
"බාල බෙහෙත්වලින් ජනතාව මිය නොයන අගහිඟකම්වලින් තොර රජයක් යටතේ ඊළඟ සිංහල අවුරුද්ද සැමරීමට ජනතාවට හැකි වේවි – සජබ බෞද්ධ කටයුතු ප්‍රධානී විපක්ෂ නායක උපදේශක ආචාර්ය ධනවර්ධන ගුරුගේ" | "බාල බෙහෙත්වලින් ජනතාව මිය නොඇදෙන දූෂණයෙන් හා වංචාවලින් අග හිඟකම්වලින් තොර නව රජයක් යටතේ ඊළඟ වසරේ සිංහල හින්දු අලුත් අවුරුදු සමරන්නට ජනතාවට හැකිවනු ඇති බව සමගි ජන බලවේගයේ බෞද්ධ අංශ ප්‍රධානි විපක්ෂ නායක උපදේශක මණ්ඩලයේ සාමාජික ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා පැවැසීය. ජාඇළ කණුවන පැවැති අවුරුදු උළෙලක ඇරඹුමට එක්වෙමින් ඔහු මේ බව ... |
"ලංවිම දූෂණ වංචා ගැන පුරවැසි බලයෙන් පැමිණිල්ලක්" | "විදුලි බල පනත උල්ලංඝනය කරමින් රජය සිදුකරන බව කියන ‘පුනකරි සූර්ය බල ව්‍යාපෘතිය’ සහ විදුලිබල මණ්ඩලයේ දූෂණ වංචා පිළිබඳ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා අල්ලස, දූෂණය, නස්තියට එරෙහිව පුරවැසි බලය ඊයේ (09 දා) අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. විදුලිබල ඇමැතිවරයා විදේශගතව සිටියදී එය නොසලකා, කැබිනට් මණ්ඩලයට බලපෑම්... |
"රැඳවියන් 779කට අවුරුද්දට ජනපති සමාව" | "සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 779කට සමාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය ප්‍රකාරව මෙම සමාව ලබාදෙයි." |
"‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව’ නිදහස් අධ්‍යාපනයේ කොඳු නාරටිය බිඳ මුදල් උපයන යාන්ත්‍රණයක් කිරීමේ සැලසුමක් – ආචාර්ය හරිනි අමරසූරිය" | "“ජනතාවට තීරණාත්මකව බලපාන අධ්‍යාපනය සම්බන්ධ තීන්දු තීරණ ගන්න ජනාධිපතිට කිසිම අයිතියක් නැහැ” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය. ජාතික ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේද ක... |
"වාහන ආනයනය ගැන එන අවුරුද්දේ සුබ අපේක්‍ෂාවක් – ඇමැති සියඹලාපිටිය" | "රථවාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් 2025 වසරේ සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ආර්ථිකය යහපත් දිශාවට ගමන් කරමින් තිබීම මෙයට හේතුව බව රාජ්‍ය වැවිලි සංස්ථාවේ දෙමටගොඩ අලෙවිසල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් (09දා) අමාත්‍යවරයා පැවසිය. මේ අතර පවුල් ලක්ෂ 27 කට ස... |
"තත්ත්වයෙන් බාල ඖෂධ රට තුළ නැති බවට ප්‍රකාශ කළ නිලධාරීන් ඉවත් කරන්න – වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයෙන් ජනපතිට ලිපියක්" | "තත්ත්වයෙන් බාල ඖෂධ මෙරට තුළ නැති බවට ප්‍රකාශ කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුර්වල පරිපාලනයට වගකිව යුතු ඉහළ නිලධාරීන් ඉවත් කිරීමට අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. සෞඛ්‍ය සේවාවේ නොවිසිඳ... |
"චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් කැඳවූ රැස්වීමකදී – ශ්‍රීලනිපයේ සිරිපාල වැ. බ. සභාපති – බලය ගනී" | "මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පවතින අර්බුදකාරී තත්ත්වය තවත් තීව්‍ර කරමින්, වැඩබලන සභාපති ලෙස එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨතමයා වන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ගන්නා ලදී. එම පක්‍ෂයේ අනුශාසක, හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ද සහභාගිත්වයෙන් ඊයේ (8 දා) පෙ.ව. 10.15ට පමණ කොළඹ පදනම් ආයතනයේදී... |
"මෛත්‍රී ජනපති වී පක්ෂයයි රටයි දෙකම විනාශ කළා – මේ පියවර ගත්තේ ශ්‍රීලනිපය රැකගන්නයි" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථිර ලෙසම යළි ගොඩනැඟීමේ අරමුණින් වැඩබලන සභාපතිවරයා ලෙස ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කිරීමට පියවර ගත් බව, පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමට ඊයේ (08දා) පැමිණ සිටි හිටපු ජනාධිපතිනිය එහිදී මා... |
"මේක නීති විරෝධී පත්වීමක් අපි නඩු මඟට යනවා – ශ්‍රීලනිපයෙන් නිවේදනයක්" | "හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වා ඇති රැස්වීම නීති විරෝධී බවත්, ඒ අනුව ගත් තීරණවලට එරෙහිව අධිකරණය හමුවේ කරුණු දක්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනය මෙසේය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ... |
"මේ පත්කිරීම් අනීතිකයි – දයාසිරිත් කියයි" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (08 දා) පැවැත්වූ දේශපාලන මණ්ඩල රැස්වීම නීත්‍යානුකූල නොවන අතර එය පක්ෂ ව්‍යවස්ථාවටද පටහැනි බව, ශ්‍රීලනිප හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. මෙම අනීතික දේශපාලන මණ්ඩල රැස්වීමෙන් පක්ෂ ව්‍යවස්ථාවේ දැඩි උත්තරීතරභාවයට ද හානියක් සිදුව ඇතැයි ඒ මහතා සඳහන් කළේය. මෙම රැස්වීම සඳහා පක්ෂ ලේකම්වරයා ... |
"කොම්පඤ්ඤවීදියේ ද්විත්ව ගුවන් පාලම ජනතා අයිතියට" | "කොම්පඤ්ඤවීදිය විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ද්විත්ව ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (08දා) ජනතා අයිතියට පත් කරන ලදී. මෙම ව්‍යාපෘතියේ සෙසු ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ... |
"අමරවීරලාගේ පට්ටම් ගලවන්න එපා – මෛත්‍රී ඇතුළු 5කට පැනවූ වාරණය දික් කරයි" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කිරීම වළක්වමින් නිකුත් කොට තිබූ වාරණ නියෝගය ලබන 24 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (08 දා) නියෝග ... |
"ඔවුන් පාපන්දුවක් කරගත් දිළිඳුභාවයේ ඛේදවාචකය අපි අවසන් කරනවා" | "දිළිඳුභාවය ඔවුන්ට දේශපාලන පාපන්දුවක් වුණත් අපට අවසන් කළ යුතු සමාජ ඛේදවාචකයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. NPP සමෘද්ධි ජාතික සාමුහිකයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් පසුගියදා වැඩිදුරටත් කතා කළ ඒමහතා මෙසේද කීය. ඡන්දය ඉල්ලන අය සහ ඔවුන්ට ඡන්දය දෙන අය අතරේ කොතරම් වෙනස්කම් තිබෙනවාද? වේදිකාවේ සු... |
"විශේෂඥ වෛද්‍ය චමල් සංජීව යළි රාජකාරි අරඹයි" | "මාස 17කට ආසන්න කාලයක් වැඩ තහනමකට ලක්කොට සිටි, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා ඊයේ (8 දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී යළි රාජකාරි භාරගත්තේය. දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධව බරපතළ තත්ත්වයක් ඇතිවන බැවින්, ඒ ගැන අවධානය යොමු කරන්නැයි ඒ මහතා සිදු ක... |
"බාල ප්‍රතිදේහ එන්නත් නිසා මියගිය හා අසාත්මිකතාවලට ලක්වූ අය ගැන උසාවිය යළි වාර්තාවක් ඉල්ලයි" | "ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් භාවිතයෙන් ඇතිවූ අසාත්මිකතා නිසා කොළඹ ජාතික රෝහලින් ප්‍රතිකාර ලැබූ රෝගීන් තිදෙනකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් සවිස්තර වාර්තා කැඳවන ලෙස, අල්ලසට හා දූෂණයට එරෙහි සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඊයේ (08 දා) මාල... |
"මම රටේ නායකත්වයට පැමිණියේ එජාපයේ පරපුරක උරුමය සමඟයි" | "ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමඟ කටයුතු කරමින්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ පක්ෂය ආරක්ෂා කරමින්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා සමඟ ද කටයුතු කර එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍ය ධුරයට පත්ව, රටේ නායකත්වය කරා තමා පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ පරපුරක උරුමය සමඟ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනි... |
"දූෂණයට ලක්වන ස්ත්‍රීන්ට තිබූ විශේෂිත අවස්ථාව නැති කිරීමට ආණ්ඩුව දැරූ වෑයම සජබයේ හඬ නැගීමෙන් හකුලා ගත්තා" | "වත්මන් ආණ්ඩුව දැරියන්ට ලිංගික සබඳතා ඇති කරගැනීමට ඇති වයස් සීමාව 16 සිට 14ට අඩු කිරීමටත් වයස අවුරුදු 22ට අඩු දැරියන් දූෂණයට ලක් කළ පුද්ගලයන්ට දුන් දඬුවම් ලිහිල් කිරීමට මෙන්ම ස්ත්‍රී දූෂණය හා පුරුෂ දූෂණය එකට දමා දූෂණයෙන් වැඩිම හානියක් ලක්වන ස්ත්‍රීන්ට ලබා දුන් විශේෂිත අවස්ථාව අහිමි කිරීමට රජය සැලසුම් සකස් කළත් සමගි ජන බ... |
"බාල ප්‍රතිදේහ එන්නත් නිසා මියගිය හා අසාත්මිකතාවලට ලක්වූ අය ගැන උසාවිය යළි වාර්තාවක් ඉල්ලයි" | "ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් භාවිතයෙන් ඇතිවූ අසාත්මිකතා නිසා කොළඹ ජාතික රෝහලින් ප්‍රතිකාර ලැබූ රෝගීන් තිදෙනකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් සවිස්තර වාර්තා කැඳවන ලෙස, අල්ලසට හා දූෂණයට එරෙහි සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඊයේ (08 දා) මාල... |
"පෑලියගොඩ එළවළු මිල පල්ලම් බහී" | "පිට පළාත්වලින් බහුල වශයෙන් එළවළු පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයට ලැබීම හේතුවෙන් එළවළු මිල ශීඝ්‍රයෙන් පහළ බසිමින් ඇති බව මැනිං වෙළෙඳ සංගමයේ හිටපු සංවිධායක අනිල් ඉන්‍ද්‍රජිත් මහතා ‘දිවයින’ට පැවසීය. ඒ අනුව බෝංචි කිලෝවක තොග මිල රු. 100-120ක් ද ගෝවා 180-200ක් ද අමු මිරිස් රුපියල් 150ක් ද වන අතර පිපිඤ්ඤා රුපියල් 40ක් ද වන බව... |
"මේ වසරේ මාස තුනට බන්ධනාගාර රැඳවියන් 53ක් මියගිහින්" | "ජනවාරි 01 දින සිට මාර්තු 31 වැනිදා දක්වා කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 53 දෙනකු මිය ගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ඊයේ (8දා) ප්‍රකාශ කළේය. මෙම මරණ සිදුවී ඇත්තේ ගෙල වැලලා ගැනීම්, අසනීප තත්ත්වයන් සහ පහරදීම් හේතුවෙන් බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මේ අන්දමින් පසුගිය 2023 වර්ෂයේ... |
"ලක්‍ෂ 9කට රැකියා අහිමි වෙලා – දරුවන් ලක්‍ෂ 5කගේ පාසල් ගමන නැවතිලා" | "සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ කඩාවැටීම හමුවේ රැකීරක්‍ෂා අහිමි පිරිස ලක්‍ෂ 09 දක්වා ඉහළ ගොස් ඇතැයි නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. දිළිඳුකම හේතුවෙන් පාසල් නොයන දරුවන් සංඛ්‍යාව ලක්‍ෂ 05 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ළමා මන්දපෝෂණය සියයට විසිහත දක්වා ඉහළ ගොස් ඇත... |
"ගම්පහ කටුගස්තර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට" | "ගම්පහ කටුගස්තර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ. තවත් අයකු තුවාල ලබා තිබේ. ඊයේ (8දා) සවස 4.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව ඇත. වෙඩි තැබීමට පිස්තෝලයක් භාවිත කර ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි." |
"අවට මුහුදේ නිරීක්‍ෂණයට ඇමරිකාවෙන් ලංකාවට ඔත්තු බැලීමේ යානයක්" | "ශ්‍රී ලංකාව අවට මුහුදේ ආවේක්ෂණ කටයුතු සඳහා ඇමෙරිකාවෙන් මෙරටට ඔත්තු බැලීමේ යානයක් ලබාදීමට නියමිතය. Beech King Air 360er වර්ගයේ නවතම ගුවන් යානයක් ඇමෙරිකා රජයෙන් ලැබෙන අතර එම ගුවන් යානය මේ වසරේ ජුනි හෝ ජුලි මාසය වන විට මෙරටට ලබා දීමට නියමිතය. ගුවනේ සිට සමුද්‍රීය නිරීක්ෂණ කිරීමේ හැකියාව සහිත ඇමෙරිකානු ආරක්ෂක අංශවලට අයත් ආ... |
"සුජය පුවත්පතින් අවුරුද්දට පංච පෙතක් නොමිලේ" | "මෙවර සිංහල-හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමගි පොත් ප්‍රකාශන ආයතනය මගින් ලබාදෙන අලංකාර පංච පෙත 11 වැනිදා සුජය පුවත්පත සමඟ නොමිලේ. ඔබේ පිටපත අදම දිවයින අලෙවි නියෝජිත මහතාගෙන් වෙන්කරවා ගන්න." |
"අවට මුහුදේ නිරීක්‍ෂණයට ඇමරිකාවෙන් ලංකාවට ඔත්තු බැලීමේ යානයක්" | "ශ්‍රී ලංකාව අවට මුහුදේ ආවේක්ෂණ කටයුතු සඳහා ඇමෙරිකාවෙන් මෙරටට ඔත්තු බැලීමේ යානයක් ලබාදීමට නියමිතය. Beech King Air 360er වර්ගයේ නවතම ගුවන් යානයක් ඇමෙරිකා රජයෙන් ලැබෙන අතර එම ගුවන් යානය මේ වසරේ ජුනි හෝ ජුලි මාසය වන විට මෙරටට ලබා දීමට නියමිතය. ගුවනේ සිට සමුද්‍රීය නිරීක්ෂණ කිරීමේ හැකියාව සහිත ඇමෙරිකානු ආරක්ෂක අංශවලට අයත් ආ... |
"මාර්තු අප්‍රේල් හිඟ මුදලත් සමග සා.පෙළ සමතුන්ට මැයි සිට ශිෂ්‍යාධාර – ජනාධිපති අරමුදල දන්වයි" | "2022/2023 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් ආර්ථික අපහසුතා සහිත සිසුන් 6000 ක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන සඳහා ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේ කටයුතු සාර්ථකව අවසන් වී ඇති අතර මාර්තු සහ අප්‍රේල් මාසවල ගෙවිය යුතු හිඟ මුදල් ද සහිතව මැයි මාසයේ සිට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට කටයුතු කරන බව ජනාධිපති අරමුදල දැනුම් දෙයි. ඒ අනුව 2024... |
"ඔන්ලයින් ණය දෙන සමාගමකින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් 3කට නඩු" | "ඩිජිටල් හා මාර්ගගත ක්‍රම ඔස්සේ ණය ලබාදෙන මෙරට මූල්‍ය ආයතන කිහිපයකට එරෙහිව ද්වේෂ සහගතව සාවද්‍ය ලෙස හා නීති විරෝධි ආකාරයෙන් අන්තර්ජාලයට තොරතුරු මුදාහරින්නේ යැයි චෝදනා එල්ලවී ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනකුට ලබන 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට අත්තනගල්ල දිසා විනිසුරු කේසර සමරදිවාකර මහතා න... |
"STF නිල ඇඳුම පිට වුණේ කොහොමද – පාසල් කැඩෙට් කණ්ඩායමක් ටී 56ත් අරන් පෙරඩ් එකෙත් ගිහින් !" | "පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් භාවිත කරන නිල ඇඳුම් ඇඳ ටී 56 ගිනි අවි අතැතිව ගම්පහ ප්‍රධාන පාසලක කැඩෙට් කණ්ඩායමක් පෙළපාලියක (පෙරඩ්) පෙනී සිටි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිසිය මගින් ඊයේ (07දා) විමර්ශන ආරම්භ කර ඇත. STF අණදෙන නිලධාරි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන පෙළපාලියක න... |
"හුණුගල් කැණීමට ඉඩම් ගැනීමට එරෙහි පොන්නාවේලි විරෝධය අතරට ආ ඇමැති දේවානන්ද පන්නයි" | "සිමෙන්ති කම්හලකට හුණුගල් ලබාගැනීමට කිලිනොච්චිය පුනරීන් පොන්නාවේලි හා කිරාංචි ප්‍රදේශවල ඉඩම් ලබාදීමේ සූදානමකට එරෙහිව පොන්නාවේලි ප්‍රදේශයේ ජනතාව දැක්වූ විරෝධතාවක් නතර කිරීමට ගිය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාව උද්ඝෝෂකයන් විසින් පලවා හරිනු ලැබීය. එම ස්ථානයට පැමිණි අමාත්‍යවරයාට උද්ඝෝෂකයන් විසින් පහරදීමට උත්සාහ කළ අවස්... |
"යක්ෂයාගේ වල්ගාතරුව අද ලංකාවටත් පෙනෙයි" | "යක්ෂයාගේ වල්ගා තරුව හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව ශ්‍රී ලාංකිකයන්ට දැක බලාගැනීමේ අවස්ථාව අද (8වැනිදා) උදාවන බව තාරකා විද්‍යාඥයෝ සඳහන් කරති. වසර 71කට වරක් නිරීක්ෂණය කළ හැකි මෙම වල්ගා තරුව වර්ෂ 1300 ගණන්වල චීන තාරකා විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට නිරීක්ෂණය කරනු ලැබ තිබේ. යක්ෂයාගේ වල්ගා තරුව ලෙස එය ව... |
"මාස 17කට පසු විශේෂඥ වෛද්‍ය චමල් අද සිට යළි සේවයේ" | "මන්දපෝෂණය සහ බාල ඖෂධ ගැන හෙළි කිරීම නිසා වැඩ තහනමට ලක්වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ මත අද (08දා) නැවත සේවයේ පිහිටුවීමට නියමිතය. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේ චමල් සංජීව මහතා වැඩ තහනමට ලක්වූ අතර ඔහු මාස 17කට පසු නැවත සේවයේ පිහිටුවීම අද සිදුකෙරේ. චමල් සංජීව මහතා වෛ... |
"නිෂ්පාදනය පදනම කරගත් රටක් උදෙසා සැබෑ දේශප්‍රේමී ජනතා හිතවාදී පාලනයක් ගොඩ නැගිය යුතුයි" | "පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කර නිෂ්පාදනය මත පදනම් වුණු රටක් ගොඩනැගීමට සැබෑ දේශප්‍රේමී, සැබෑ ජනතා හිතවාදී කණ්ඩායමක් පාලනය බලය අතට ගත යුතුව ඇතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. හේරත් මහතා මේබව පැවසූවේ ඉකුත් 06 වැනිදා අනුරාධපුරයේදී පැවති රජරට මහසඟ සමුළුව අමතමිනි. එහිද... |
"අද ගොවියා රටට බත සපයනවාට වඩා පවුලේ කුසගිනි නිවීමටවත් බැරි මට්ටමට වැටිලා" | "රජය මගින් ගොවි ජනතාවට ලබාදෙන යම් සහනයක් වේ නම් එය ජාවාරම්කරුවන් අතට නොගොස් ගොවීන් සියලුදෙනාටම එහි වාසිය ලැබෙන අයුරින් සමාලෝචනය කළ යුතු යැයි අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක පල්ලේගම හේමරතන නාහිමියෝ පැවැසූහ. ශ්‍රී ලංකාවාසී ගොවි ජනතාව විසින් පසුගිය මහ කන්නයේ වගා කොට ලබාගත් වී අස්වැන්නේ අග්‍ර ඵලය අනු... |
"ආණ්ඩුවේ ඇමැතිකම් දරන පිරිසක් කුමන්ත්‍රණය කළාට අපිව වට්ටන්න බැහැ – මෛත්‍රී කඩුවෙලදී කියයි" | "“කොච්චර බාධක ආවත් වධ බන්ධන ආවත් අපි කිසි දවසක පස්සට යන්නෙ නෑ ඉස්සරහට යනව මිසක්. අපි සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. ආණ්ඩුවේ ඇමැතිකම් දරන පිරිසක් අපේ ගමනට බාධා කරනවා. ඔවුන්ට ඕනෑ වුණා සන්ධානෙත් එක්කම ආණ්ඩුවට එකතු වෙන්න. මේක තමයි පසුගිය මාස තුන හතරෙම අපේ සාකච්ඡා අසාර්ථක වෙන්න හේතුව වුණේ. ගමේ වචනෙන් කියනවා නම් අපිව කඩේ ... |
"මාවනැල්ලේදී පොලිස් වෙඩි කෑ සැකකරු රෝහලේදී මරුට" | "මාවනැල්ල පදීදොර ප්‍රදේශයේදී ඉකුත් 6 වැනිදා රාත්‍රී පොලිස් වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ අයකු මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි. මෙම මස 6 දා මාවනැල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පොලිස් නිලධාරීන් දෙදෙනකු රාත්‍රී 10 ට පමණ එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී සැකකාර පුද්ගලයා විසින් පො... |
"2048දී සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අඩිතාලම දමා අවසන්" | "එම ගමන සමඟ ඉදිරියට ගොස් රට ජයග්‍රහණය කිරීමේ වගකීම තරුණ පරපුරට පැවරෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා සටන් පාඨ හා තර්කවලට යටවී රටේ අනාගතය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අමතක නොකළ යුතු බවද අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “මගෙන් පටන් ගමු” අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුවට ඉකුත් 06 වැනිදා පස්වරුව... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.