Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"කොළඹ යාචකයෝ 350 ක්"
"කොළඹ නගරයේ පමණක් යාචකයන් 350 කට අධික පිරිසක් සිටින බවත් ඔවුන් සිඟමන් යැදීම කරදරයක් බවට පත්වී ඇති බවට මහජනතාව නිරන්තරයෙන්ම දැනුම් දෙන බවත් කොළඹ දිස්ති‍්‍රක් ලේකම් ප‍්‍රදීප් යසරත්න මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) පැවැසීය. තමා මේ සම්බන්ධයෙන් සමාජ සේවා දෙපාර්තමේන්තු නිලධාරීන්ට කීප අවස්ථාවකදීම දැනුම් දී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන...
"ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට මාස දෙකකින් මාළුත් නෑ පිටිත් නෑ"
"කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන්ට හා කාර්ය මණ්ඩලයට මාස 2 ක සිට මාළු හා පිටිකිරි ලබාදීම නතර වී ඇතැයි සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් රේණුකා ලියනගේ මහත්මිය ‘දිවයින’ට ඊයේ (24 දා) පැවසුවාය. මේ ගැටලූව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමත්‍යාංශයට හා ධීවර අමාත්‍යාංශයට දැනුම්දී ඇතත් මෙතෙක් කිසිදු පිය...
"මුදල් කමිටුවට මහ බැංකු අධිපති නෑ මුදල් ඇමැති නෑ – හර්ෂ ද සිල්වා"
"දැනට රට තුළ පවතින ආර්ථික ගැටලූ ඉතා කෙටි කලක් ඇතුළත නිරාකරණය කිරීමට ආණ්ඩුව සැලසුම් කි‍්‍රයාත්මක කර ඇතැයි රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්‍ෂය බොරු ප‍්‍රචාර යවමින් බැංකු පද්ධතිය කඩාදැමීමට උත්සහ කළත් රාජ්‍ය බැංකු පද්ධතිය ඉතා ශක්තිමත්ව පවතින බව ද මන්තී‍්‍රවරයා කියා සිටියේය. වේත‍්‍...
"ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනාහිමි ලෝකවාසී සියලූ බෞද්ධයන්ට ආශිර්වාදයක්"
"රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක පදවියට පත් අතිපූජනීය මකුලෑවේ විමල හිමිපාණන්ට ලැබුණු උතුම් නායක පදවිය සම්බුද්ධ ශාසනයටත්, ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ආශිර්වාදයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය. ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන්ට අභිනව මහානායක පදවිය පිළිබඳ අක්තපත‍...
"සජබ 10 ක් රනිල් ළඟට යන්න සූදානම් – මහින්දානන්ද අලුත්ගමගේ"
"විපක්ෂ නායකවරයාගේ පක්ෂයේ සිටින නමේ මුලට හ, එ, ර, ස අකුරු යෙදෙන මන්තී‍්‍රවරුන් 10 දෙනෙකු පමණ ඉදිරි සති දෙක තුන ඇතුළත අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත යන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. අතුරලියේ රතන හිමියන් විසින් 27 (2) යටතේ අසන ලද ප...
"දුම්රිය ගාස්තු ඉහළ දැමීම අත්හිටුවයි"
"උඩරට දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට අදාළව දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (24 දා) නිකුත් කළ නිවේදනය ප‍්‍රවාහන අමාත්‍ය දිලූම් අමුණුගම මහතා විසින් අත්හිටුවා තිබේ. මේ සම්බන්ධව සිදුවන සාකච්ඡුා අවසන් නොමැති බවත් ඒ සම්බන්ධ අවසන් එකඟතාවකට පැමිණි පසු සඳුදා (28 දා) සිට නගරාන්තර දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුවිය හැකි බවත් ඇමැතිවරයා දැනුම...
"රිදියගම සෆාරි දොස්තරට පහරදීමට එරෙහිව සත්ත්වෝද්‍යාන පශු වෛද්‍යවරු ඊයේ සිට ලෙඩින්"
"රිදියගම සෆාරි උද්‍යානයේ කඩාකප්පල්කාරී සේවකයන් පිරිසක් විසින් එම උද්‍යානයේ සේවය කරන පශු වෛද්‍ය පි‍්‍රයසාද් එදිරිවර්ණ මහතාට පහර දී තුවාල සිදුකිරීම හේතුවෙන් එම සෆාරි උද්‍යානය ඇතුළු ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලූ පශු වෛද්‍යවරුන් ඊයේ (24 දා) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වී තිබේ. ඒ අනු...
"රුපියල පිරිහීමෙන් පිරිපහදු තෙල් ගෙන්වීමට අමතර මුදලක් වැය කිරීමට වෙයි"
"රුපියල අව ප‍්‍රමාණය වීම, ලෝක වෙළඳපොළ බොරතෙල් මිල උච්චාවචනයට අනුව පිරිපහදු කළ පෙට‍්‍රල් හා ඞීසල් ආනයනය කිරීමෙන් මේ වනවිට බැරලයකට ඇමරිකානු ඩොලර් විස්සක පමණ මුදලක් අමතරව ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාව ගණන් බලා තිබේ. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු සම්පූර්ණයෙන්ම නතර කර දැමීම නිසා මෙරටට අවශ්‍ය පෙට‍්‍රල්, ඞීසල්,...
"හෘද රෝගීන්ට අත්‍යවශ්‍යම ඖෂධ 2 ක් කළුබෝවිල නෑ"
"මාස දෙකකට වරක් කළුබෝවිල රෝහලේ පවත්වනු ලබන හෘද රෝග සායනයට සහභාගි වන රෝගීන්ට අත්‍යවශ්‍යම ඖෂධ වර්ග දෙකක් මෙවර පිටත ඖෂධහල්වලින් ලබා ගැනීමට සිදුව තිබේ. මෙලෙස ලබා ගැනීමට සිදුවී ඇත්තේ බිසොප්‍රොලල් සහ නිකොරැන්ඩිල් වර්ගය. මේ සඳහා රුපියල් දෙදහසකට ආසන්න මුදලක් වැය කිරීමට රෝගීන්ට සිදුව ඇත. ආර්ථික අතින් වැටී සිටින මේ මොහොතේ රෝගීන්...
"නොපැමිණි පක්‍ෂවලට යළි ඇරයුම් කරනවා – ජනපති"
"පක්‍ෂ පාට ආගම් භේද නැති පුළුල් මහජන ව්‍යාපාරයකට එකතුවෙන්න – ජනපති * පක්ෂ 17 ක් සහභාගි වෙයි* යෝජනා කි‍්‍රයාත්මක කිරීමට කමිටුවක්* නව අයවැයක් ගෙන ඒමට එකඟ වෙයි * අලූත් අවුරුද්දට පෙර සහන දෙනවා – බැසිල්* අර්බුදයෙන් ගොඩ ඒමට වසර 5 ක් යනවා; ජනතාවට සහන දිය යුතුයි* බැංකු කඩා වැටීම වැළැක්වීමට  ආරක්ෂණ දැලක් දාන්න: * සංවර්ධන අයවැයක...
"සාෆි රට යෑමට කළ ඉල්ලීම අස්කර ගනී"
"වෛද්‍ය සාෆි ෂෙහාබ්දීන් විසින් විදේශගත වීමට මීට පෙර අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නා බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජයපේ‍්‍රම බී. තෙන්නකෝන් මහතා කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය ඊයේ (23 දා) ආරම්භ කළ අ...
"දැන් ඇති පලයල්ලා…. නැත්නම් එළවන හැටි අපි දන්නවා – ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක"
"පුළුල් මහජන ව්‍යාපාරයකට එකතුවෙන්නපෝලිම්වල මිනිස්සු මැරෙන….රටම ආගාධයකට යන ගමනට තිත තබමු හිරිවැටුණු නායකයන්ට  ජනතා දුක තේරෙන්නේ නැහැචෞර වළල්ලක් සහ  ගජමිතුරු රැළක් රටේ සම්පත් සූරා කනවාජාතික ජනබලවේගයේ නුගේගොඩ ජන රැලිය ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයක් සඳහා වසර දෙකහමාරක් මහ මැතිවරණයක් සඳහා වසර තුනක් ඇතත් ව්‍යවස්ථා, නීති, රෙගු...
"නීතිපතිගේ විරෝධය ඉවතට – බැසිල් පත්කිරීමට එරෙහි පෙත්සම සංශෝධනයට උසාවියෙන් අවසර"
"නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල්වරිය දැක්වූ මූලික විරෝධතාව ප‍්‍රතික්‍ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු සිවුදෙනකු කැබිනට් මණ්ඩලයට අමතරව පත්කිරීම  අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට ඊයේ (23 දා) අවසර ලබා දුන්නේය.ඉංජිනේර...
"සර්ව පාක්ෂික සමුළුවේදී බැසිල්ට-කබ්රාල්ට  රනිල්ගෙන් දැඩි පිළිතුරු"
"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (23දා) පැවති සර්වපාක්ෂික සමුළුවේදී හිටපු අගමැති සහ වත්මන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රනිල් වික‍්‍රමසිංහ මහතා, මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ ප‍්‍රකාශයකට දැඩි පිළිතුරක් ලබාදීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමග...
"අඛණ්ඩව විදුලිය දීමට මෙගාවොට් 500 ක හිඟයක් – මහජන උපයෝගිතා කොමිසම"
"මෙරට තිබෙන සියලූම විදුලි බලාගාර මගින් විදුලිය ජනනය කළත් මේ වනවිට අඛණ්ඩව විදුලිය ලබාදීමට මෙගාවොට් 500 ක පමණ හිඟයක් තිබෙන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.හදිසි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඞීසල්  බලාගාරවලින් මෙගාවොට් 200 ක් මිලදී ගත්තත් අඛණ්ඩව විදුලිබලය ලබාදීමට නොහැකි බව ගණනය කිරීමේදී හෙළිවී ඇත.ජල විදුලි බලාගාර ...
"ඇමරිකානු ලේකම්  ශ‍්‍රී ලංකාවට පැමිණීමේ රහස හෙළිවෙයි"
"දේශපාලන කටයුතු පිළිබද ඇමරිකානු ලේකම් වික්ටෝරියා නුලන්ඞ් මෙරටට පැමිණියේ ඉන්දු ශාන්තිකර කලාපීය ආරක්‍ෂක ගිවිසුමට ශ‍්‍රී ලංකාවේ එකඟතාව ලබාගැනීම සඳහා යයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.මෙම ආරක්‍ෂක ගිවිසුමට ඉන්දියාව සහ මාලදිවයින යන රටවල් සම්බන්ධ වී ඇති අතර ශ‍්‍රී ලංකාව මෙතෙක් ඊට අනුමැතිය දී නැත. කුවොඞ් නමින් හඳුන්වන මෙම ගිවිස...
"රුසියාවෙන් ශී‍්‍ර ලංකාවට තෙල්"
"ශී‍්‍ර ලංකාවට සහ ඉන්දියාවට ඉතා අඩු මිලකට බොරතෙල් ලබාදීමට රුසියානු රජය තීරණය කර ඇත. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ රුසියාවෙන් බොරතෙල් ලබාගැනීමේ සාකච්ඡුා දැන් ආරම්භවී ඇති බවයි. රුසියානු බොරතෙල් ලබාගැනීම සඳහා බටහිර රටවල් පනවා ඇති සම්බාධක ශී‍්‍ර ලංකාවට බලපාන්නේ නැති අතර මේවා එක්සත් ජාතීන්ගේ සංවිධාන නොවන නිසා රුසියාවෙන්...
"ජනපතිවරණ්‍යක් වහාම පවත්වන්න : ජනගඟ ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි"
"පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක එකඟතාවෙන් වහාම ජනාධිපතිවරණයක් පවත්වා ජනමතය විමසන්නැයි සමගි ජනබලවේගය නායක, විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (15දා) ආණ්ඩුවට අභියෝග කළේය. එලෙස ජනාධිපතිවරණයක් පැවැත්වීමට නොහැකි නම් වැඩ බැරි ආණ්ඩුව තමන්ට භාරදී ගෙදර යා යුතු බවත් හෙතෙම කියා සිටියේය. විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේ කිය...
"IMF නියෝජිතයෝ ජනපති හමුවෙති"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පිරිසක් ඊයේ (15දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ග්යොන්ග් රී, නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඈන්-මෙරී ගල්ඞ්-වුල්ෆ් සහ ශ‍්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ...
"අද ලංගම සේවකයන්ට පඩි ගෙවා ගන්නවත්  බැරි තත්ත්වයට වැටිලා"
"බස් රථ 7800 ක් තිබෙන ශ‍්‍රී ලංගමයේ සේවකයන් 32,000 ක් සේවය කරන බවත් සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට අද ලංගම පත්ව ඇති බවත් ශ‍්‍රී ලංගම පොදු සේවක සමිතියේ සභාපති සාගර ධනංජය මහතා ‘‘දිවයින’’ට ඊයේ (15 වැනිදා) පැවසීය. අද වන විට ලංගම අන්තිම අගාධයට ඇදවැටී ඇතැයිද පැවසූ ඒ මහතා මෙසේද කියා සිටියේය. වර්තමානයේ සේවකයන්ට පඩ...
"එක එක්කෙනාගේ කතාවලට බැසිල් අයින් කරන්න බැහැ – අගමැති"
"එක එක මන්තී‍්‍රවරුන්ගේ ප‍්‍රකාශ මත මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා එම තනතුරෙන් ඉවත් කළ නොහැකි බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට (15 දා) ඊයේ පැවසීය. කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරයකු ඉවත් කිරීම හෝ පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව ද අගමැතිවරයා කියා සිටියේය. ඇතැම් මන්තී‍්‍රවරුන් පෞද්ගලික අමනාපකම් පිරිමස...
"ශී‍්‍ර ලංකාවේ විදේශ මුදල් සංචිත ඩොලර් මිලියන 300 ට බැහැලා"
"මහ බැංකුවේ හිටපු නි. අධිපති ඩබ්. ඒ. විජේවර්ධන ශී‍්‍ර ලංකාවේ භාවිත කළ හැකි විදේශ විනිමය සංචිතය මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක් පමණ දක්වා අඩු වී ඇතැයි ශී‍්‍ර ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසයි. මේ අවස්ථාවේ රටේ තිබෙන විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 2300 ක් බව ශී‍්‍ර ල...
"දුම්රිය පාඩු ලැබුවේ පාලනාධිකාරියේ දුර්වලකම් නිසා:"
"දුම්රිය ප‍්‍රවේශපත් ගාස්තුව ඉහළ දැමීමේ යෝජනාවට ශී‍්‍ර ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විරුද්ධ යැයි එම සංගමයේ ප‍්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ‘දිවයින’ට පැවසීය. දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරියේ දුර්වලතා නිසා බවද හෙතෙම කීය. අසාමාන්‍ය ලෙස සහ නීති විරෝධී...
"දේශීය මත්පැන් මිලත් ඉහළ දමයි"
"ඉන්ධන, ගෑස්, බස් ගාස්තු, බේකරි නිෂ්පාදන, ති‍්‍රරෝද රථ ගාස්තු, පාසල් වෑන්රථ ගාස්තු ඉහළ යන අතරේ දේශීය මත්පැන් වර්ගවල මිල ඊයේ (15 දා) සිට මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් ඉහළ දමා තිබේ. ඒ අනුව අතිවිශේෂ මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 100 කින් ද, මිලිලීටර් 375 මත්පැන් බෝතලයක් රුපියල් 60 කින් ද, මිලිලීටර් 180 මත්පැන් බෝ...
"රුපියල පිරිහෙයි ඩොලරය උඩයයි ඊයේ රු. 275 යි"
"බලපත‍්‍රලාභී වාණිජ බැංකු කිහිපයක්ම ඊයේ (15 දා) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.275 ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබිණි. ඇමෙරිකානු ඩොලරයක අගය වැඩිවීමට ඉඩ දීමත් සමග මෙලෙස ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියලේ අගය දිගින් දිගටම පිරිහෙමින් තබේ. මේ අතර ඇතැම් වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.284 ක් දක්වා ...
"බැසිල් ඉන්දියාවට පිටත්ව යයි"
"මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (15 දා) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය. අමාත්‍යවරයා සමග මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. අටිගල මහතාද ඉන්දීය සංචාරයට එක්විය. මුදල් ඇමැතිවරයා ඇතුළු ශ‍්‍රී ලාංකික නියෝජිත පිරිස ඊයේ පස්වරු 2.15ට පමණ යූ.එල්. 155 ගුවන් යානයෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගියහ. ශ‍්‍රී ලංකා...
"දුම්රිය ගාස්තු සුළුවෙන් හරි වැඩි කරන්න වෙනවා ප‍්‍රවාහන ඇමැති දිලූම් කියයි"
"ඉදිරියේදී සුළු වශයෙන් හෝ දුම්රිය ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ප‍්‍රවාහන ඇමැති දිලූම් අමුණුගම මහතා ඊයේ (15 දා) පැවසීය. ඒ සඳහා ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැුස්වීමේ දී පූර්ව අනුමැතිය හිමිවූ බවද හෙතෙම කීය. අවම මට්ටමකින් දුම්රිය ගාස්තු වැඩි කිරීමට අදාළ ගණනයන් කිරීම මේ වනවිට සිදුවන බවද ඇමැතිවරයා පැවසීය. අකිත පෙරේරා"
"ඊයේ දිව්වේ පෞද්ගලික බස් භාගෙට භාගයයි – ගැමුණු කියයි"
"පෞද්ගලික බස් රථ ධාවනය කිරීමට ඉන්ධන හල්වල ඉන්ධන නොමැතිකමින් ඊයේ (15 වැනිදා) ධාවනය වූයේ බස් රථ සියයට 50 ක ප‍්‍රමාණයක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘‘දිවයින’’ට පැවැසීය. බස් ගාස්තු සංශෝධනය ප‍්‍රමාණවත් බව පැවසූ ගැමුණු විජේරත්න මහතා මෙසේද කියා සිටියේය. බස් රථ ඔක්කොම දුවන්න ඞීසල් තියෙන...
"අවම බස් ගාස්තුව රු. 20යි – බස් ගාස්තු සියයට 15කින් ඉහළට"
"ඉන්ධන මිල වැඩිවීමත් සමග සිදු කරනු ලැබූ බස් ගාස්තු සංශෝධනය යටතේ අවම බස් ගාස්තුව රුපියල් 20 ක් ලෙස රුපියල් 03 කින් ඉහළ දමමින් සියයට 15 කින් බස් ගාස්තු ඉහළ දැමීමට ඊයේ (14 දා) පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී අනුමැතිය හිමිවී ඇත. ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් සකස් කරන ලද බස් ගාස්තු සංශෝධනය ප‍්‍රවාහන ඇමැති දිලූම් අමුණුග...
"බැසිල් එළවන තෙක්ම සටන නවත්වන්නේ නෑ"
"රුපියල් 7කින් තෙල් මිල වැඩිකරන්නට වූ විට එදා මට අස්වෙන්න කීවා. එහෙම කීව කෙනා දැන් කාටද  අස්වෙන්න  කියන්නෙ…?බැසිල් රාජපක්‍ෂ කියන අවලස්සන ඇමරිකානුවා යළි ඇමරිකාවට යන තුරුම සටන නොනවත්වන බවත් යන්නේ නැතිනම් එළවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.ගම්මන්පිල මහතා එසේ කියා සිටි...
"ජනපති හෙට ජාතිය අමතයි"
"ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෙට (16දා) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි."
"වාසු නිල වාහනය සහ නිල නිවස භාරදෙයි"
"‘ඉවත් කරන තෙක් ඇමැතිකමේ ඉන්නවා ඕනෑ නම් වෙන අයෙක් පත්කර ගත්තාවේ’ ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරී වාහනය සහ නිල නිවාසය ඊයේ (14 දා) සිය අමාත්‍යාංශය වෙත භාර දී ඇත.ඒ අනුව ඔහු භාවිත කළ ටොයොටා ලෑන්ඞ් කෲසර් වර්ගයේ සී.ඒ.එස්. 9494 දරන මෝටර් රථය ද, කොළඹ 7 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිල නිවස ද නැවත භාරදී ...
"පාඨක ඔබ වෙත කරුණාවෙනි… – කඩදාසි හිඟයෙන්  ”දිවයින” පිටු සීමා වෙයි"
"මුද්‍රණ කඩදාසි ආනයනයේදී උද්ගතව ඇති ගැටලූ සහගත තත්ත්වය නිසා අප පත‍්‍රයේ පිටු සීමා කිරීමට සිදුව ඇති බව පාඨක ඔබ වෙත කාරුණිකව දන්වමු. මේ තත්ත්වය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්වූ පසු වඩාත් පුළුල්ව අප පුවත්පතේ ඉඩකඩ ඔබ වෙත විවර කර දෙන බව ද දන්වා සිටිමු."
"ආණ්ඩු විරෝධී සජබ ජනරැළිය අද කොළඹදී"
"සමගි ජන බලවේගය විසින් අද (15දා) සවස කොළඹදී ආණ්ඩු විරෝධී දැවැන්ත ජන රැුළියක් සංවිධානය කර ඇත.රට බේරගන්න නැගිටිමු යන මැයෙන් සංවිධානය කර ඇති ආණ්ඩු විරෝධි රැුළියට කොළඹට පැති තුනකින් ජනතාව පැමිණෙන බව එම පක්‍ෂය පවසයි. සජබ නායක සහ විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රියාකාරීන්ගේ සහභාගීත...
"රුසියාවට – යුක්රේනයට තේ යැවීම සම්පූර්ණයෙන්ම නතර වෙයි"
"මෙරට තේ ලබා ගන්නා විශාලතම තෙවැනි ගැනුම්කරුවා වන රුසියාවට සහ යුක්රේනයට තේ අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට තේ අපනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබේ.පවතින යුදමය වාතාවරණය හමුවේ එම රටවලට තේ අපනයනය කිරීමේදී මුදල් ලබා ගැනීම පිළිබ`දව ගැටලූ මතුවීම සහ නැව් සමාගම් එහි ගමන් කිරීම ප‍්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇ...
"ප‍්‍රහාර වළක්වා ගැනීමේ  වගකීම ඇති පොලිසිය හා රාජ්‍ය බුද්ධි සේවය අධීක්ෂණය කිරීමේ වගකීමත් මෛතී‍්‍ර පැහැර හැරලා"
"පාස්කු ප‍්‍රහාරයේ පෙත්සම්  විවාදය අරඹමින් නීතිඥ කියයිපාස්කු ප‍්‍රහාර මාලාව එල්ල වන විට රටේ විධායක ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ මෛතී‍්‍රපාල සිරිසේන මහතා එවැනි ප‍්‍රහාර වළක්වා ගැනීමේ වගකීම පැවරි තිබූ පොලිසිය හා රාජ්‍ය බුද්ධි සේවය අධීක්ෂණය කළ යුතුව තිබුණත් ඔහු එම වගකීම පැහැර හැර ඇතැයි ජ්‍යෙෂ්ඨ නී...
"90ට පාන් ගෙඩිය විකුණද්දී  110ට විකුණන්න මට බල කළා"
"බේකරි හිමියන්ගේ සංගමය විසින් පාන් ගෙඩියක මිල රුපියල් එකසිය දහයක් වියයුතු බවට ප‍්‍රකාශ කළත් දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල පාන් ගෙඩියක් රුපියල් සියයට අඩුවෙන් අලෙවි කරන බවට වාර්තා වේ.දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකම බේකරි හිමියන් පැවසුවේ පාන්පිටි ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළ ගියත් සාමාන්‍ය ලාභයක් තබාගෙන පාන් ගෙඩියක් රුපියල් 90ක් වැනි ම...
"හැටනව ලක්‍ෂයේ ජනවරම දුර්වර්ණ කරන ආණ්ඩුවක් දුන් තනතුරකින් වැඩක් නෑ"
"කොත්මලේ ප‍්‍රා. සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් – මන්ත‍්‍රී නිමල් පියතිස්ස අස්වෙයිහැටනව ලක්ෂයේ ජනවරම දුර්වර්ණ කරන ආණ්ඩුවකින් ලබාදුන් තනතුරක් දැරීම තම හෘදසාක්ෂියට අනුකූල නොවන බැවින් නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කොත්මලේ ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිම...
"IMF වාර්තාව එළියට දාන්න රනිල් ආණ්ඩුවෙන් ඉල්ලයි"
"මාධ්‍යයට යෑම වළක්වන්න බැහැජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව ආණ්ඩුවට ලබාදී ඇති බවත් ලබන සතියේ පැවැත්වීමට නියමිත සර්ව පාක්‍ෂික සමුළුවට පෙර එය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන බව කීවත් මෙතෙක් ලබාදී නොමැති බවද වික‍්‍...
"යුක්රේනයෙන් 3/4ක් සම්පූර්ණයෙන් විනාශයි  – විදෙස් බුද්ධි සේවා හෙළිකරයි"
"යුක්රේනයෙන් 3/4ක් මුළුමනින්ම විනාශ වී ඇති බව විදේශ බුද්ධි සේවා අනාවරණය කර ඇත.යුක්රේන හමුදා කඳවුරු 3000ක් ගුවන්තොටුපළවල් 12ක් ද විනාශ වී තිබේ. රුසියාව විසින් යුක්රේනය වෙත එල්ල කර ඇති කෘස් මිසයිල සංඛ්‍යාව 600කට අධිකය.යුක්රේන සෙබළුන් 1300ක් ද රුසියානු සෙබළුන් 4000ක් ද මරුමුවට පත්වී තිබේ.මෙම යුක්රේන ආක‍්‍රමණයෙන් රුසියාවේ ...
"හමුදා ප‍්‍රධානීන් 28 කට ජාත්‍යන්තර සම්බාධක පනවන්නැයි බි‍්‍රතාන්‍යයට ඉල්ලීමක්"
"ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ඇතුළු හමුදා නිලධාරීන් 28කට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක පනවන ලෙස ඉල්ලමින් තමිල් අරසු කච්චි නායක මාවයි සේනාධිරාජා සහ ඊ. පී. ආර්. එල්. එෆ්. නායක සුරේශ් පේ‍්‍රමචන්ද්‍රන් බි‍්‍රතාන්‍යය රජය වෙත රහසිගත ලිපියක් යවා ඇත.පොදු රාජ්‍ය මණ්ඩල විදේශ ලේකම් තරිෂ් අහ්මද් ව...
"ශ‍්‍රී ලංකාවේ සෘජු ආයෝජනය සඳහා එක්වන්න – සවුදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඞ් කුමරු හමුවේදී ජනපති පවසයි"
"ක්ෂේත‍්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඞ් කුමරුට පැවසීය.සවුදි අරාබියානු විදේශ අමාත්‍යවරයා සමග ඊයේ (14දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්...
"IMF නියෝජිතයන් සමග  බැසිල් සාකච්ඡා පවත්වයි"
"මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (14 දා) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් කලාප දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ චැන්ග් යොන්ග් රී මහතා ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ.මෙම සාකච්ඡුාවට මුදල් ඇමැතිවරයා සමග මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනකු සහභාගි වී ඇතැයි මු...
"දවස් දෙක තුනකින් විකිණෙන ඞීසල් පැය දෙක තුනෙන් ඉවරයි"
"ඞීසල් හිගයට හේතුව ලොකුගේ කියයිවුවමනාවට වඩා ඞීසල් තොග රැස්කිරීම නිසා ඉන්ධන හල්වල දින දෙක තුනකින් අලෙවි වන ඞීසල් පැය දෙක තුනකින් අවසන් වීම දැනට තිබෙන හි`ගයට හේතුවී ඇතැයි බලශක්ති ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවසීය.රටට අවශ්‍ය පෙට‍්‍රල් හා ඞීසල් සංස්ථාව සතුව තිබෙන බැවින් පිරවුම්හල්වල දැනට තිබෙන ඉන්ධන ගැටලූව හෙට අනිද්දා වන විට...
"යුද්ධය නතර කිරීමට සෙලෙන්ස්කි සහ පුටින් අතර සාකච්ඡා?"
"* රුසියානු ජනපති චීනයෙන්  යුද ආධාර ඉල්ලයි  * මාධ්‍යවේදියෙක් ජිවිතක්ෂයට යුක්රේන යුද්ධය සමූල ඝාතනයක් – පාප්වහන්සේ යුක්රේන ආක‍්‍රමණය නතර කිරීම සඳහා යුක්රේන ජනපති වොලඩමීර් සෙලෙන්ස්කි සහ රුසියානු ජනපති ව්ලැඩමීර් පුටින් අතර සෘජු සාකච්ඡුාවක් පැවැත්වීමට තීරණය වී ඇත. මේ සඳහා යුක්රේන, රුසියානු සාම¥ත කණ්ඩායම මැදිහත් වී තිබේ. එහෙ...
"ශ‍්‍රී ලංකාවේ සංචාරයේදී සැලකිලිමත් වීමට බි‍්‍රතාන්‍ය ජාතිකයන්ට උපදෙස්"
"ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී එරට පවතින තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන ලෙස එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන්ට සංචාරක උපදේශයනයක් මගින් දැනුම් දී තිබේ.අත්‍යවශ්‍ය ආනයන ද්‍රව්‍ය සඳහා ගෙවීමට ප‍්‍රමාණවත් විදේශ විනිමය නොමැති වීම හේතුවෙන් ඖෂධ ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු මූලික අවශ්‍යතා හි`ගයක් නිර්මාණය වීම හරහා ශ‍්‍රී ලංකාව...
"පුපුරන ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යානාවක්  ක්‍රෝෂියාවේදී කඩා වැටේ"
"පුපුරන ද්‍රව්‍ය රැුගත් ඩ්‍රෝන යානාවක් රුමේනියාව, හංගේරියාව හරහා පැමිණ ක්‍රෝෂියාවේදී කඩාවැටී ඇත.මේ යානාව සෝවියට් දේශය යටතේ නිපද වූවකි. එම ඩ්‍රෝන යානාව ක්‍රෝෂියාවේ කඩා වැටීමේදී වාහන 40කට හානි සිදු වී ඇත. මෙම ඩ්‍රෝන යානාව රුමේනියාවේ, හංගේරියාවේ හෝ ක්‍රෝෂියාවේ ගුවන් ආරක්‍ෂක පද්ධතියට හසු වී නැත. කීර්ති වර්ණකුලසූරිය"
"ඉන්දීය නාවික හමුදාවේ බටහිර බලඇණිය ශී‍්‍ර ලංකාවට"
"‘මිත‍්‍රත්වයේ පාලම්’ ගොඩනැඟීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ ප‍්‍රයත්නයන් ඉදිරියටත් ගෙන යමින් ඉන්දීය නාවික හමුදාවේ බටහිර බලඇණියේ නෞකා හතරක් එම බලඇණියේ අණදෙන නිලධාරි රියර් අද්මිරාල් සමීර් සක්සේනා මහතාගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකා සංචාරයක නිරත විය. දේශීය ඉන්දීය තාක්‍ෂණය සහිත නියමු මිසයිල යුද නෞකාවක් වන ‘බ‍්‍රහ්මපුත‍්‍ර’ සහ තව...
"බස් ගාස්තු ඉහළට  – සියයට 20 කින් ඉල්ලූවට දෙන්නේ 14-15% අතර ගාණක්"
"* අවසන් තීරණය අද කැබිනෙට්ටුවේදී* අවම ගාස්තුව රු. 20ක් වෙන ලකුණුබස් ගාස්තු ඉහළ දමනවාද? ඞීසල් සහනාධාරයක් ලබා දෙනවාද යන්න සම්බන්ධයෙන් අද (14ද) සවස පවත්වන කැබිනට් හමුවේදී තීරණයක් ගන්නා බව ප‍්‍රවාහන ඇමැති දිලූම් අමුණුගම මහතා පැවැසීය.බස් ගාස්තුව සම්බන්ධයෙන් බස් සංගම් සමඟ ඊයේ (13දා) සාකච්ඡුාවක් පැවැත්වූ බවත්, මුදල් ඇමැති බැස...
"නැව් 4 රිවස් ඩීසල් හිගය තවදුරටත්"
"තෙල් සංස්ථාව විසින් ඉන්ධන හිඟය අවසන් කරන බවට ප‍්‍රකාශ කළද කොළඹ, මහනුවර, පුත්තලම, මාතලේ ඇතුළු දිස්ත‍්‍රික්ක කිහිපයක ඉන්ධන හල් අසල ඞීසල් ලබාගැනීම ස`දහා දිගු පෝළිම් ඊයේ (13දා) වාර්තා වී තිබිණි.ඞීසල් හිඟය මේ සතිය අවසන්වන විට හමාර වන බව බලධාරීන් ප‍්‍රකාශ කළද මේ සතිය අවසන් වනතෙක් එය පවතිනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග...
"කඩදාසි හිඟයෙන් සා. පෙළ විභාග ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණයත් අවුලක්…..!"
"වැඩිම සිසුන් සංඛ්‍යාවක් පෙනී සිටින ලබන මැයි මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවට කඩදාසි හිඟයෙන් බලපෑම් සිදුවී තිබේ.2021 දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමූ අතර ලබන මැයි මස 23 දා විභාගය ආරම්භ ක...
"සාම්පූර් දීගයට ඉන්දියාව සමග ගිවිසුම් ගතවෙයි"
"සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරය සංවර්ධනය කිරීම ස`දහා වන ගිවිසුමට ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් තැබීම මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ සහ ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමාසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා (11දා) මුදල් අමාත්‍යාංශයේදී සිදුවිය.මෙය සාම්පූර්හි මෙගාවොට් 100 ක සූරිය විදුලි  බලාගාරයක් සංවර්ධ...
"ආර්ථික සභාවට රනිල් පත් කළ යුතුයි – වජිර අබේවර්ධන"
"රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් ම කඩාවැටී රට අර්බුද රැුසකට මුහුණ දී සිටින අවස්ථාවේ එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ආර්ථික සභාව නියෝජනය කළයුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.රට මෙවැනි අනතුරුදායක තත්ත්වයකට පත්වන බව රනිල් වික‍්‍රමසිංහ මහතා මීට වසරකට පෙර ප‍්‍රකාශ කළ බවත්, මේ...
"බැසිල්ගේ ඉන්දීය සංචාරයට පෙර ලංවිම සහ අදානි සමාගම අතර සුළං බලාගාර ගිවිසුමක්"
"බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයට පෙර ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ප‍්‍රමුඛතම ගිවිසුමක් අත්සන් කර ඇත. එය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය සහ ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකි. මන්නාරමේදී මෙගා වොට් 500 ක සුළං බලාගාරයක් ඉදිකිරීම පිණිස මෙම ගිවිසුම අත්සන් කර තිබේ. මේ සඳහා වූ ශක්‍යතා වාර්තාව මාස තුනක් ...
"පාසල් අද සිට සාමාන්‍ය පරිදි"
"රජයේ සහ රජයේ අනුමත පාසල්වල සියලූම සිසුන් සාමාන්‍ය පරිදි අද (14දා) සිට කැ`දවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පාසල්වලට අනුමැතිය ලබාදී ඇත.ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් චක‍්‍රලේඛයක් නිකුත් කරමින් උපදෙස් දී තිබේ.පසුගිය වාරයේ නිවාඩු ලබාදෙන විට කොරෝනා තත්ත්වයේ වැඩිවීමක් පැවැති අතර එය සැලකිල...
"පාසල්වල ජල බිල්පත දෙමාපියන්ගෙන් අය කරන්න"
"*ඉල්ලීම ජල මණ්ඩලයෙන් – අධ්‍යාපන ලේකම් පාසල්වල ජල බිල්පත දෙමාපියන්ගෙන් අයකර  ගෙවන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක‍්‍රලේඛයක් නිකුත් කර නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (13 දා) පැවසීය. එම ඉල්ලීම ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සිදුකර ඇති බවත් එය අධ්‍යාපන ඇමැතිවරයා හෝ අධ්‍යාපන ...
"ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල නිකුත් වෙයි"
"2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල ඊයේ රාත‍්‍රියේ නිකුත් කෙරිණි. කොළඹ දිස්ත‍්‍රික්කයෙන් සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ කඩඉම් ලකුණු 152 ක් ලෙසත් දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ කඩඉම් ලකුණු 149 ක් ලෙසත් ප‍්‍රකාශයට පත්කළ බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඞී. ධර්මසේන මහතා පැවසීය. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ...
"බිලියනයක ණය ගන්න බැසිල් හෙට ඉන්දියාවට"
"ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හෙට (15 දා* සවස ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යෑමට නියමිතය.ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබා දීමට ඉන්දියානු රජය එකඟ...
""ලංගම රියැදුරු, කොන්දොස්තර නිවාඩු අවලංගු කරයි""
"රටේ පවතින ප‍්‍රවාහන අවශ්‍යතාවය හේතුවෙන් ශ‍්‍රී ලංගම රියැදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කර ඇත.ලංගම සතුව බස් රථ 5,600 ක් පමණ තිබෙන බවත්  ගමනාගමන කොමිෂන් සභාවෙන් බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා අවසරයක් ලබා දෙන තෙක් පවතින ගාස්තුවට බස් රථ සියල්ලම ධාවනය කරන බවත් ශ‍්‍රී ලංගම සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.දැනට ලංග...
"අපනයන ඉපැයීම් ඊළඟ මස 7 දාට පෙර රුපියල් කළ යුතුයි – මහ බැංකු අධිපතිගෙන් ගැසට් නිවේදනයක්"
"විදේශ මුදල් උපයන සෑම දේශීය සැපයුම්කරුවකුම එසේ උපයන විදේශ මුදල් ආදායමින් අනුමත ගෙවීම් කළ පසු ඉතුරු වන ශේෂය එළඹෙන මාසයේ 7 වැනිදාට හෝ ඊට පෙර අනිවාර්යයෙන්ම රුපියල්වලට පරිවර්තනය කළ යුතු බවට ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් අතිවිශේෂ ගැසට් පත‍්‍රයකින් නියම කර ඇත.මාර්තු 11 දිනැතිව මහ බැංකු අධිපති...
"පාසල් වෑන් ගාස්තුත් නගී"
"සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ පාසල් වෑන් රථ ගාස්තුව ග‍්‍රාමීය මට්ටමින් සියයට තුනකින්ද, නාගරික මට්ටමින් සියයට පහළොවකින්ද අද (14 වැනිදා* සිට ඉහළ දමන බව සමස්ත ලංකා අන්තර් දිස්ත‍්‍රික් පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ ට ඊයේ (13 වැනිදා) පැවැසීය.එසේම, මේ වනවිට ඉ...
"ති‍්‍රරෝද රථ ගාස්තුත් නගී"
"සිපෙට්කෝ ඉන්ධන මිල වැඩිවීමත් සමග පළමු කිලෝ මීටරය සඳහා රුපියල් 70 ක්ද, දෙවැනි කිලෝ මීටරය සඳහා රුපියල් 55 වශයෙන් අද (14 දා* සිට මුදල් අය කරන බව ලංකා ස්වයං රැුකියා වෘත්තිකයන්ගේ ජාතික ති‍්‍රරෝද රථ සම්මේලනයේ සභාපති මහින්ද කුමාර මහතා ‘දිවයින’ට පැවසීය.ඉන්ධන මිල වැඩිවීමත් සමග පළමු කිලෝ මීටරය සඳහා රුපියල් 90 ක්ද, දෙවැනි කිලෝ ම...
"සිමෙන්ති මිල  රු. 350 කින් නගී – නව මිල රු. 1850 යි"
"වෙළෙඳපොළේ අලෙවි වන සිමෙන්ති කොට්ටයක මිල පෙරේදා (12 දා* මධ්‍යම රාති‍්‍රයේ සිට රුපියල් 350 කින් ඉහළ දැමූ බව සිමෙන්ති අලෙවි නියෝජිතයෙක් ‘දිවයින’ට පැවසීය.ඒ අනුව රුපියල් 1500 ක්ව පැවැති සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1850 ක් බවද හෙතෙම කීය.ඩොලරය ඉහළ යෑම මීට ප‍්‍රධානතම හේතුව බවද මෙම මාසයේ සිමෙන්ති මිල ඉහළ ගිය දෙවැනි අවස්ථාව...
"බහලූම් ප‍්‍රවාහන  ගාස්තුත් ඉහළට"
"ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් බහලූම් ප‍්‍රවාහන ගාස්තු ද සියයට 60 කින් ඉහළ දැමීමට බහලූම් ප‍්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර ඇත.රුපියල අවප‍්‍රමාණ වීම හා ඉන්ධන ගාස්තු ඉහළ යෑම නිසා බහාලූම් ප‍්‍රවාහන ගාස්තු මෙලෙස ඉහළ දැමීමට වරාය සේවා ඒකාබද්ධ සංගමය සමඟ පැවැති සාකච්ඡුාවේදී තීරණය කළ බව සමස්ත ලංකා බහාලූම් රථ හිමිකරුවන්ගේ සං...
"තෙල් මිල තීන්දුව ඉන්දියාවට විදුලි ඒකාධිකාරය ඇමරිකාවට!"
"ඉන්ධන ඒකාධිකාරය ඉන්දියන් ඔයිල් සමාගමටත් විදුලිය ඒකාධිකාරය ඇමරිකන් නිව් ෆෝට‍්‍රස් සමාගමටත් නුදුරේදීම හිමි විය හැකි බව තෙල්, වරාය, විදුලිය ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසීය.මේ වනවිට සිපෙට්කො ඉන්ධන හල්වල ඉන්ධන පෝලිම් තිබුණත්, ඉන්ධන මිල වැඩි කිරීමත් සමග ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනහල්වල පොලිමක් නොමැ...
"ඩොලර් ලක්ෂ හතළිහක් නැව් ප‍්‍රමාද ගාස්තු ගෙවයි"
"කොළඹ වරායට ගෙන්වූ ඉන්ධන නෞකාවලින් නියමිත කාලයේදී තෙල් ගොඩබෑමට නොහැකි වීම නිසා ඉකුත් මාස දෙකහමාරක කාලයේදී එම නෞකා සමාගම් වෙත ප‍්‍රමාද ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්‍ෂ හතළිහකට (රුපියල් කෝටි 81 ක් පමණ) ආසන්න මුදලක් ගෙවා දැමීමට සිදුවූ බව තෙල් සංස්ථා ගිණුම් අංශ නිලධාරියෙක් හෙළි කළේය. ඩොලර් හිඟය නිසා මෙම නෞකා නිදහස් කර ගැ...
"එජාපයෙන් සත්‍යග‍්‍රහයක්"
"යහපත් හෙටක් අපේක්‍ෂා කරමින් එක්සත් ජාතික පක්‍ෂය මාර්තු 25 වැනිදා ප. ව. 3.00ට කොළඹ හයිඩ් පිටියේදී සාමකාමී සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් පවත්වන බව එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. සුදු ඇඳුමෙන් සැරසී මෙම සත්‍යග‍්‍රහයට එක්වන ලෙස සියලූ ජන කොටස්වලට ආරාධනා කරන බව ද ඔහු කීය. එජාප නායක...
"රෝහල්වල බෙහෙත් තොග සති දෙක තුනකට විතරයි"
"රටේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මතුව ඇති ඖෂධ සැපයුම නතර වීම නිසා මේ වන විට රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවල පවතින බෙහෙත් තොග ප‍්‍රමාණවත් වනුයේ සති 2-3 අතර කාලයකට බවත් පෞද්ගලික ඔසුසල්වල පවතින බෙහෙත් තොග ප‍්‍රමාණවත් වනුයේ සතියක පමණ කාලයකට බවත් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ පැවස...
"ඖෂධ ආනයනයට සීමාවක් පනවා නැහැ"
"ඖෂධ ආනයනය සඳහා සීමාවක් පනවා නැතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි. එසේම ආනයන සීමාකර ඇති අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අතරට ඖෂධ අයත් නොවන බව ද හෙතෙම සඳහන් කරයි. මේ අතර ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඖෂධ මිල වැඩි කිරීමට ඖෂධ ආනයනකරුවන්ට හෝ නිෂ්පාදකයන්ට නොහැකි බවය. ඒ සඳහා කටයුතු ...
"සළුපට අහසට බඩු මිල නහුතෙට!"
"පාන් ගෙඩියක් රු. 30 කින් වැඩිවන ලකුණුසීනි රු. 10 – 15 මිලකින් ඉහළටගෑසුත් ගෑස් පෙන්වන්න හදයිබෙහෙත් මිලත් වැඩිවෙන ලකුණු ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 260ක් දක්වා ඉහළ යෑමත් සමඟ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් ඇත. ඉන්දීය තෙල් සමාගම අලෙවි කරන ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් ද එම සමාගමේ සෑම වර්ගයකම පෙට‍්‍...
"බැචලේගේ යාන්ත‍්‍රණය සැප්තැම්බරයේ අහෝසියි"
"වන්නි මෙහෙයුමේ හමුදා ප‍්‍රධානීන් 28 දෙනකුට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ මහත්මියගේ සාක්‍ෂි එකතු කිරීමේ යාන්ත‍්‍රණය ලබන සැප්තැම්බර් මස අහෝසි වේ. එසේම 46/1 ජිනීවා යෝජනාව අනුව සම්මත වූ ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ පිළිබඳ වගවීමේ කාර්යාලයේ කටයුතු ද සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය. මෙම තත්ත්වය හමුවේ කො...
"සමන් දෙවියන්ට වූ බාරයත් ආණ්ඩුව කඩකළා"
"ලක්‍ෂපාන බලාගාරය ඉදිකරන විට සිරිපා අඩවියට විදුලි කප්පාදුවක් නොකරන බවට විදුලිබල මණ්ඩලය සුමන සමන් දෙවියන්ට වූ බාරය ද වත්මන් ආණ්ඩුව කඩකර ඇතැයි විදුලි පොදු සේවක සංගමයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය. විදුලි කප්පාදු කරන වකවානුවල ශී‍්‍රපාද අඩවිය ප‍්‍රදේශයට ද විදුලිය විසන්ධි කිරීම නිසා සැදැහැවතුන...
"රුපියල පිරිහෙයි කබ්රාල් ලෑස්තිවෙයි"
"රුපියල නම්‍යශීලී කිරීමට ගත් තීරණයත් සමඟ රුපියල යම් පිරිහීමකට ලක්ව ඇති බවත් එසේම එම තීරණයෙන් ඉදිරියේදී මතුවන අභියෝගාත්මක තත්ත්වයන් සඳහා ප‍්‍රතිතීරණ ගැනීමට මහ බැංකුව සූදානමින් සිටින බවත් මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ශ‍්‍රී ලංකා රුපියල නම්‍යශීලී කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මහජනතාවට කරුණු පැහැදිලි ක...
"රාජපක්ෂලා එක්ක යළි දේශපාලනයක් නෑ"
"රාජපක්‍ෂවරුන් සමඟ නැවත මැතිවරණයකදී එක්ව තරග කිරීම හෝ නැවත දේශපාලන වශයෙන් සහභාගිත්වයෙන් ක‍්‍රියා කිරීමට අපේක්‍ෂාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා දැඩිව අවධාරණය කර සිටියි. මේ අතර ඉදිරියේදී මෙරට තුළ පවුල් පාලනයකට ඉඩක් නැතැයි ද හෙතෙම සඳහන් කළේය. දේශපාලන වශයෙන් නැවත රාජපක්‍ෂවරුන් සමඟ කිසිම මැතිවරණයකට තරග ...
"ඇමැතිලා අඩුකර රාජ්‍ය වියදම කපාහරින්න"
"රට වැටී ඇති අර්බුදයෙන් ගොඩඒමට කළ යුත්තේ ජාතික ආණ්ඩු හැදීම නොව ඇමැති මණ්ඩලය අඩු කර රාජ්‍ය වියදම් කපාහැරීම බව හිටපු ජනාධිපති සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි. පසුගියදා ඇමැතිවරු දෙදෙනකු ඇමැත ධුරවලින් අයින් කළ සැණින් නැවත ඒ සඳහා ඇමැතිවරුන් පත් කරීම කළ යුතුව තිබූ දෙයක් නොවන බවත් පවසන...
"මුහුදෙන් ගොස් යාපනේ නරඹන්න බෝට්ටු සවාරි"
"උතුරු පළාතේ සංචාරය කරනු ලබන දෙස් විදෙස් සංචාරකයන්ට යාපනයේ සිට ශ‍්‍රී දූපත දක්වා නව බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පියවර ගෙන ඇත. උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන හෙයින් ඔවුන්ට සුන්දර ස්ථාන නැරඹීමට පහසුව සලසා දෙමින් මෙසේ පෞද්ගලික සමාගමක් සමග ඒකාබද්ධ...
"මන්චි අබිසෙස් ලබයි"
"මන්චි, ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාමික අපනයනකරුවා වශයෙන් 29 වැනි ජාතික අපනයන සම්මාන උළෙලේ (NCE Export Awards) දී සම්මානයට පාත‍්‍ර විය. ලොව සෑම මහාද්වීපයක් වෙතම තම නිෂ්පාදන අපනයනය පුළුල් කර ඇති මන්චි මෙරට විශාලතම බිස්කට් අපනයනකරු ලෙසද සැලකෙයි. ජාතික අපනයන මන්ත‍්‍රණ සභාව විසින් සංවිධානය කරනු ලබන NCE ජාතික අපනයන සම්මාන ...
"ජන දිවිය දෙදරයි පාන් ගෙඩිය රු.110ක් වෙයි"
"ඩොලරයේ අගය ඉහළ යෑම හා ඛනිජ තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඊයේ (11 දා) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉතා අධික ලෙස ඉහළ නැග තිබේ. මේ හේතුව නිසා පාරිභෝගික ජනතාව තව තවත් පීඩාවකට මෙන්ම අන්ත අසරණභාවයට පත්ව සිටිති. එම භාණ්ඩ හා සේවාවල මිල ගණන් තවතවත් ඉහළ යනු ඇතැයි ආර්ථික වි...
"ගුවන් ගාස්තු 27%කින් නගී"
"මෙරටින් නිකුත් කරන සියලූම ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර ගාස්තු සියයට 27කින් ඉහළ දැමීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය ඊයේ (11දා* සිට පියවර ගෙන ඇත. මෙරට විනිමය අනුපාතිකය ඉහළ යෑමත් සමග ඇතිවී තිබෙන අර්බුදය නිසා මෙම තීරණය ගැනීමට සිදුවූ බව එම අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේය. ඩොලරය සඳහා විනිමය අනුපාතිකය මේ වන විට රුපියල්...
"විනිමය අනුපාතයේ වෙනස්කම් මැද මේ සිදුවන්නේ තාවකාලික කම්පනයක්"
"මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂගෙන් විශේෂ ප‍්‍රකාශයක් මේ වන විට වෙළෙඳපොළේ විනිමය අනුපාතයේ වෙනස්කම් සිදුවෙමින් තිබුණත්, වෙළෙඳපොළ විශ්වසනීයභාවය සහ වෙළෙඳපොළේ ක‍්‍රියාකාරීත්වය දියුණුවීමත් සමඟ ඉතා ඉක්මනින් විනිමය අනුපාතිකය ස්ථාවර වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ ආචාර්ය අනිල් පෙර...
"නිහඬතාව බිඳ දමා මාතෘ භූමිය බේරාගන්න වහා පෙරට එන්න – අනුර කුමාර දිසානායක"
"වගකීම් විරහිත එක් පවුලකගේ අකටයුතු හේතුවෙන් ඉතිහාසයේ අඳුරුතම යුගයක් කරා රට ගමන් කරමින් ඇති බවත් එවැනි පවුලකට අපේ රටත් ආර්ථිකයත් තවදුරටත් ගොදුරු කිරීමට ඉඩදිය යුතු නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ 11 වැනිදා සඳහන් කළේය. විනාශය කරා යමින් ඇති මාතෘභූමිය බේරා ගැනීමට සෑම සියලූ දෙනා වහා පෙරට පැම...
"ශවේන්‍ද්‍රට සම්බාධක දාන්න බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක්"
"හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව සම්බාධක පනවන ලෙස බි‍්‍රතාන්‍යය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කණ්ඩායමක් බි‍්‍රතාන්‍ය රජයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එරට පාර්ලිමේන්තු මන්තී‍්‍ර විරේන්ද්‍ර ෂර්මාගේ මෙහෙයවීමෙන් මෙම ඉල්ලීම කර තිබේ. මෙහිදී එම පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම දක්වා ඇත්තේ හමුදා නිලධාරීන් 28 දෙනකුට එරෙහිව 46/1...
"අර්බුදයට හේතුව  රුසියානු – යුක්රේන්  යුද්ධයයි  – බැසිල් කියයි"
"පවතින අමාරු තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි. රුසියානු – යුක්රේන් යුද්ධයේ බලපෑම්වලට ද මුහුණ දීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය. මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව කීවේය. තෙල් මිල දැනට වැඩිකර ඇත්තේ අයි ඕසී එකේ. අනෙ...
"අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 50ක තොග අවසන් – රවි කුමුදේශ්"
"අත්‍යවශ්‍ය සුවිශේෂී ඖෂධ 50කට ආසන්න ප‍්‍රමාණයක තොග රජයේ රෝහල්වල අවසන් වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය. මේ නිසා සාමාන්‍ය මිල අඩු අනුකරණ ඖෂධ වලින් පමණක් ප‍්‍රතිකාර සැලසුම් කිරීමට විශේෂඥ වෛiවරුන්ට සිදුවී ඇතැයි ද කුමුදේශ් මහතා කීය. මිල අධික ඖෂධ ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය වූ විට ඒව...
"දකුණු ආසියාතික ලෝක බැංකු අධ්‍යක්‍ෂ මහ බැංකු අධිපති හමුවෙයි"
"මාලදිවයින, නේපාලය සහ ශී‍්‍ර ලංකාව යන දකුණු ආසියාතික රටවල ලෝක බැංකුවේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන ෆාරිස් හවඞ් සර්වෝස් මහතා පසුගියදා ශී‍්‍ර ලංකා මහ බැංකු පරිශ‍්‍රයේදී ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා හමුවිණි. එහිදී ශී‍්‍ර ලංකාවේ මූල්‍ය සහයෝගිතාව මෙන්ම සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡුාවක යෙදුනු අයුරු....
"සිපෙට්කෝ මිලත් ඉහළට"
"ලංකා ඛනිජ තෙල් සංස්ථා (සිපෙට්කෝ) ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට අදාළ තීරණය නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමට නියමිතව තිබිණි. මේ වනවිට තෙල් සංස්ථාව අලෙවි කරන සෑම පෙට‍්‍රල් ලීටරයකින්ම රුපියල් 80 ක් ද, සෑම ඞීසල් ලීටරයකින්ම රුපියල් 128 ක පාඩුවක් ලබන බව සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය. එනිසා ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවද ඒ මහ...
"ඉන්ධන මිල වැඩි කිරීමත් සමග පාරිභෝගිකයෝ අයි. ඕ.සී.  පිරවුම්හල් ප‍්‍රතික්ෂේප කරති"
"අයි. ඕ.සී. සමාගම විසින් ඞීසල් සහ පෙට‍්‍රල් ඉන්ධන මිල ඉකුත් 10 දා රාත‍්‍රියේ සිට වැඩි කිරීමත් සමග සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ. අයි. ඕ.සී. සමාගම ඉන්ධන මිල වැඩි කිරීමත් සමග හැටන් නගරයේ පිහිටි අයි. ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වලින් ඊයේ (11 දා) ඉන්ධන ලබා ගැනීම රථවාහන හිමියන් විසින්...
"විපක්ෂ නායක සජිත්ට ශාසන කීර්ති දේශාභිමානී  ශ‍්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිරිනමයි"
"ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ඊයේ (11දා) ශාසන කීර්ති දේශාභිමානී ශ‍්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිරිනමනු ලැබීය. ඒ නාරාහේන්පිට පිහිටි රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේ දී ය. සමාජ සංස්කෘතික සහ ආගමික වශයෙන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ඉටු කරන අනවරත මෙහෙවර පිළිබඳව ප‍්‍රසාදයට පත...
"විදේශ රැකියා වෙළෙඳපොළේ පුහුණු ශ‍්‍රමිකයන්ට ඇති අවස්ථා ගැන වැඩි අවධානයක් යොමු කරන්න"
"විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට ජනපති උපදෙස් දෙයි විදේශ රැකියා වෙළෙඳපොළෙහි පුහුණු ශ‍්‍රමිකයන්ට ඇති අවස්ථා දිනා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට ඊයේ (11දා) උපදෙස් දුන්නේය. විගමනික ශ‍්‍රමිකයන් රැුකියාවට අදාළ නිපුණතාවක් සහිත වීමෙන් ඉහළ වැටු...
"විශ‍්‍රාමිකයන් නිසි ලෙස කළමනාකරණය කරන්න – බුද්ධික පතිරණ (සජබ)"
"පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා (සජබ) – වයස අවුරුදු 60 ක් කියන්නේ විශ‍්‍රාම යන වයසයි. අපේ රටේ එදා බෝ නොවන රෝග පිළිබඳ ප‍්‍රශ්නයයි තිබුණේ. නමුත් අද කොවිඞ් නිසා බෝවන රෝග පිළිබඳ ප‍්‍රශ්නය මතුවුණා. අවුරුදු 60ට වැඩි ජනගහනය දැන් ක‍්‍රමයෙන් වැඩි වෙනවා. ආයු අපේක්ෂා කාලය වැඩිවීම ...
"සිපෙට්කෝ මිලත් ඉහළට"
"ලංකා ඛනිජ තෙල් සංස්ථා (සිපෙට්කෝ) ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට අදාළ තීරණය නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමට නියමිතව තිබිණි. මේ වනවිට තෙල් සංස්ථාව අලෙවි කරන සෑම පෙට‍්‍රල් ලීටරයකින්ම රුපියල් 80 ක් ද, සෑම ඞීසල් ලීටරයකින්ම රුපියල් 128 ක පාඩුවක් ලබන බව සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය. එනිසා ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවද ඒ මහ...
"යුක්රේනයේ සහායට ශ‍්‍රී ලංකාවේ විදෙස් තානාපතිවරු 17 දෙනෙක් රැස්වෙති"
"යුක්රේනයට සහාය පලකරමින් ශ‍්‍රී ලංකාවේ විදේශ තානාපතිවරු 17 දෙනෙක් ඊයේ (11 දා) කොළඹදී රැස්වූහ. එහිදී ඔවුන් ප‍්‍රකාශ කළේ කුපිත කිරීමක් නොමැතිව, අනපේක්‍ෂිත ලෙස රුසියාව ස්වෛරී රාජ්‍යයකට එරෙහිව සිදු කරන ප‍්‍රහාර ලොව වටා ජාතීන්ගේ හෙළා දැකීමට පාත‍්‍රවී ඇති බවයි. යුක්රේනයේ සිදු කෙරෙන හමුදා මෙහෙයුම් නොපමාව අවසන් කරන ලෙස ඔවුහු එ...
"ඖෂධ මිල 29% කින් ඉහළට – චන්න පාර්ලිමේන්තුවේදී කියයි"
"ඩොලරයේ අගය ඉහළ යෑමට සමානුපාතිකව මෙරට ඖෂධ මිල සියයට 29 කින් ඉහළ නංවන බව ඖෂධ නිෂ්පාදන නියාමන හා සැපයුම් පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා) පැවසීය. මෙහිදී පිළිකා, වකුගඩු ඇතුළු නිදන්ගත රෝගීන් සඳහා අවශ්‍ය කෙරෙන බෙහෙත් ද්‍රව්‍යවල මිල වැඩිකිරීම අවම මට්ටමකින් සිදුකිරීමට රජය වගබලා ගත් බව...
""අයියලා ජනපති, අගමැති, ඇමැතිලා වූ පලියට මල්ලිට ඕන ඕන ලෙස හැසිරෙන්න බෑ – අනුර කුමාර දිසානායක (ජාජබ)""
"මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට නොපැමිණීම සහ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ අදහස් නොදැක්වීම පිළිබඳ පාර්ලිමේන්තුවේ ඊයේ (11 දා) දිනයේදී ද පක්‍ෂ විපක්‍ෂ මන්තී‍්‍රවරුන් අතර කතාබහට ලක්විය. එහිදී මන්තී‍්‍රවරු මෙසේ කීහ. නලින් බණ්ඩාර මහතා – මේ පාර්ලිමේන්තුවට තමයි රටේ මුදල් බලය තිබෙන්නේ. අපි ඊයේත් මුදල් ඇමැතිතුමා...
"රූ කිරුළ අවසන් රූමතියන් 12 තේරෙයි"
"නවලිය අඛණ්ඩව 05 වැනි වරටත් මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදෙන රූපවාහිනී රූ කිරුළ 2022 තරගයේ පළමු වටය සඳහා රූපවාහිනී පරිශ‍්‍රයට දිවයිනේ සිවු දෙසින් පැමිණි රූමතියන් 2000කට අධික සංඛ්‍යාව අතරින් තෝරා ගැනුණු රූමතියෝ 125දෙනා පසුගිය 25 වැනිදා උදේ 10.30 ට පැවැති රූ කිරුළ දෙවැනි වටය සඳහා ඉදිරිපත් වූහ. ජාත්‍යන්තර මෝස්තර නිර...
"හදිසි විදුලිය මිලදී ගන්න කැබිනට් අනුමැතිය"
"රටට අඛණ්ඩව විදුලිබලය ලබාදීමේ අරමුණින් මෙගාවොට් 200ත් 300ත් අතර විදුලි ප‍්‍රමාණයක් හදිසි මිලදී ගැනීම් (Emergency Power) යටතේ ලබාගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. විදුලිබල ඇමැති පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය විසින් මෙම පති‍්‍රකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. ඉකුත් මාස දෙක තුනක සිට හදිසි විදුලි මිලදී ගැන...
"ශ‍්‍රී ලංකාව නීති විරෝධී දුම්වැටි ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක්!"
"නීත්‍යානුකූල දුම්වැටිවල අධික මිල නිසා මෙන්ම දේශසීමා පාලනයේ පවතින නෛතික රාමුව තුළ ඇති දුර්වලතා නිසා ශ‍්‍රී ලංකාව නීති විරෝධී දුම්වැටි ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇතැයි පර්යේෂණ බුද්ධි ඒකකය විසින් සිදු කරන ලද නවතම සමීක්‍ෂණයෙන් අනාවරණය වී තිබේ. ක‍්‍රය ශක්ති සාම්‍යයට අනුව 2020 දුම්වැටි මිලදී ගැනීම සඳහා ලෝකයේ වඩාත්ම...
"ආනයන සීමා කිරීමෙන් ඩොලර් අවුල ලිහන්න බෑ: ආනයන බලපත‍්‍ර දෙන්නේ ගජමිතුරන් සතුටු කරන්න – පුබුදු ජයගොඩ"
"ආනයන භාණ්ඩ පාලනය කිරීම මගින් ඩොලර් අර්බුදය විසඳිය නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (10 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කියා සිටියේය. මුළු පරිභෝජන භාණ්ඩ සඳහා වැය කරන්නේ ආනයනයෙන් සියයට 22යි. ඒකෙනුත් ආහාර තියෙන්නේ සියයට හතයි. ඒ නිසා ඒක ...
"ඩොලර් හිඟයෙන් ඖෂධ හිඟයකුත්  අත ළඟ"
"දැනට ප‍්‍රමාණවත් බෙහෙත් තොග රජයේ රෝහල්වල හා වෛද්‍ය සැපයුම් අංශයේ බෙහෙත් ගබඩාවල පැවතිය ද රටේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් ඉදිරි සතිවලදී රෝහල්වල උග‍්‍ර බෙහෙත් හිඟයක් ඇතිවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව රජයේ ඖෂධවේදීහු පවසති. මේ වන විට රජයේ රෝහල්වල ඇතැම් බෙහෙත් වර්ගවල අඩු සැපයුමක් පැවතියද එය රෝගීන්ට විශාල බලපෑමක් එල්ල කර නොමැත...
"වෘත්තීය සමිති 17ක් ඊයේ කොටුවේ උද්ඝෝෂණයක"
"රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් වෘත්තීය සමිති 17ක නියෝජිතයෝ ඊයේ (10 දා) දහවල් අසනීප නිවාඩු වාර්තා කරමින් කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. වැටුප් සහ උසස්වීම් ගැටලූවලට විසඳුම් ලබා ගැනීම ඇතුළු ගැටලූ කීපයකට විසඳුම් ඉල්ලමින් ඔවුහු විරෝධතාවයේ නියැළුණහ. විරෝධතාවයෙන් අනතුරුව ඔවුහු කොටුව දුම්රියපළ අසල ...