Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"පරණ වී මිලට ගත් කෘෂිකර්මයේ දෙදෙනකුගේ වැඩ තහනම්" | "නිකවැරටිය ප‍්‍රදේශයේ වී ගබඩා දෙකක පරණ වී ගබඩා කරමින් ඇතැයි වයඹ ගොවි සංවිධානවල ගොවීන්ගෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට ලද තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් අරඹා තිබේ. ඒ අනුව විගණන නිලධාරීන් සිදුකළ විමර්ශනයේදී හෙළි වූවේ අදාළ වී ගබඩා තුළ වී කිලෝ ග‍්‍රෑම් ලක්‍ෂ 15 කට ආසන්න ප‍්‍රමාණයක් ගබඩා කර ඇ... |
"සරුසාර ගොවිතැනකට ‘සිංහල ගොවිතැන’ කෘතිය ජනපතිට" | "පණ්ඩිත පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් රචිත, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් නැවත මුද්‍රණය කළ ‘සිංහල ගොවිතැන’ කෘතිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පිළිගැන්විණ. පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් විසින් වර්ෂ 1951 දී රචිත ‘සිංහල ගොවිතැන’ කෘතිය මගින් සරුසාර අස්වැන්නක් සඳහා භාව... |
"පූජිත්ට හේමසිරිට අධිචෝදනා නගා ඇත්තේ වග විභාගයකින් තොරවයි" | " පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ මූලික විමර්ශන ගොනු පරිශීලනය නොකොට අපරාධ චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු වැනි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට නඩු පැවරීම ඉතා කනගාටුදායක කරුණක් වන්නේ යැයි කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්... |
"ශ‍්‍රී ලන්කන් අවුල් වුණොත් මුහුණ දෙන්න බාහිර නියමුවෝ 25 ක්" | "ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ කටයුතු අවුල් කර දැමීමට ගුවන් නියමුවන් උත්සාහ කළහොත් ඊට මුහුණදීම සඳහා බාහිර ගුවන් නියමුවන් විසිපස්දෙනකු සීරුවෙන් තැබීමටශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. සති දෙකක සිට ශ‍්‍රී ලංකා ගුවන් නියමු සංගමය ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය දිග්ගැස්සී ගියහොත් ඊට මුහුණදීම ස... |
"විදුලිය කැපිල්ල තව දිගුවෙයි" | "බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලබා නොදුනහොත් හෙට (21 වැනිදා) සිට දිනකට විදුලිය කපාහරිනු ලබන කාලය තව වැඩි කිරීමට සිදුවනු ඇතැයි ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. සිකුරාදා සවස් වන විට ජාතික විදුලි පද්ධතියෙන් මෙගාවොට් 600 ක් පමණ ඉවත්ව ගියේ බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා යැ... |
"ගුවන් නියමුවෝ ඩොලර්ම ඉල්ලති" | "තමන්ට ඩොලර්වලින් කරන සියලූ ගෙවීම් සඳහා වත්මන් විනිමය අනුපාතයට අනුව ඩොලරයකට රුපියල් දෙසිය පනහක් වන සේ ගෙවන ලෙස ගුවන් නියමුවන් ඉල්ලන්නට පටන්ගෙන ඇතැයි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම කියා සිටී. ගුවන් මෙහෙයුමකට විදෙස්ගත වන ගුවන් නියමුවකුට තුන්වේල සඳහා මෙන්ම හෝටල්වල නැවතී සිටීමට ලබාදෙන ඩොලර් ප‍්‍රමාණය වැඩි කරන ලෙස මේ වන විට ඉල්ලී... |
"ප‍්‍රසිද්ධ අය නඩුවලින් නිදහස් වන්නේ පැමිණිල්ල මෙහෙයවන අයගේ වරදින්" | "දේශපාලනඥයන්ගේ හෝ වෙනත් ප‍්‍රසිද්ධ අයගේ නඩුවල චූදිතයන් අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කෙරෙනුයේ විනිසුරුවරුන්ගේ වරදින් නොව පැමිණිල්ල මෙහෙයවන පොලිසිය, නීතිපති හෝ අල්ලස් දෙපාර්තමේන්තුවේ වරදින් යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. පැමිණිල්ල මෙහෙයවන එම රාජ්‍ය ආයතන පැමිණිල්ල දුර්වල ලෙස මෙහෙයවීම නිසා අදාළ... |
"ආයතන 69 කට අධිභාර බදු වදී" | "සියයට 25 අධිභාර බද්ද ක‍්‍රියාත්මක කිරීම සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ව්‍යාපාර අංශ විසින් ඉදිරිපත් කරන ලද විකල්ප යෝජනාද සලකා බලන ලෙස වාණිජ මණ්ඩල රජයෙන් ඉල්ලීමක් කරයි. මෙසේ ව්‍යාපාරික අංශවල විකල්ප යෝජනා සලකා බැලීමෙන් මේ බද්ද හරහා පෞද්ගලික අංශය මත වන පීඩනය අවම වන ආකාරයට රජයට බදු ආදායම් ඉලක්ක සපුරා ගත හැකි බ... |
"රාජ්‍ය අමාත්‍යංශවලත් අවසන් තීරක කැබිනට් ඇමැති" | "රාජ්‍ය අමාත්‍යාංශවල විෂයන් හා කාර්යන් වෙන් වෙන්ව ඇතත් එහි බලතල මෙන්ම අවසන් බලධාරියා අදාළ කැබිනට් ඇමැතිවරයා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන්ට තරයේ දන්වා ඇත. සියලූ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු ඉකුත් බ‍්‍රහස්පතින්දා (17 දා) කැඳවා ජනාධිපතිවරයා මේ බව පෙන්වා දී තිබේ. රාජ්‍ය අමාත්‍යාංශවල වගකීමක... |
"අමාත්‍යංශ කීපයක ලේකම් පුටු මාරුවක්" | "අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්ගේ වෙනසක් ඉදිරි සතියේදී සිදුවනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. ප‍්‍රධාන අමාත්‍යාංශ පහක ලේකම්වරු ද ඊට අයත් වනු ඇතැයි එම ආරංචිමාර්ග පැවසීය. එම අමාත්‍යාංශ වැඩි කාර්යක්‍ෂමතාවයකින් පවත්වාගෙන යෑම සඳහා මෙම වෙනස් කිරීම් කිරීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය. අනුර බාලසූරිය" |
"අලි වැඩ මාර්තු මුල" | "එක්සත් ජාතික පක්‍ෂ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන මාර්තු පළමු සතියේ සිට ආසන මට්ටමින් ආරම්භ කිරීමට තීරණය කර ඇත. පක්‍ෂ නායක සහ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව උතුර – නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලූ දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන අධීක්‍ෂණය සඳහා ... |
"ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම අක‍්‍රිය කරන සූදානමක්" | "ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අක‍්‍රිය කර දැමීම සඳහා එහි කාර්යයන් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවට පැවරීමට රජය පිඹුරුපත් සකස් කර ඇතැයි ඉඩම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය. මේ පිළිබඳව ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නිලන්ත විජේතිලක මහතාගෙන් විමසූවිට ඒ මහතා පැවසුවේ මේ... |
"එජනිස පුංචි මන්ත‍්‍රීලාගේ විනය හදන්න වැඩ" | "එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් පාලන ආයතන සභිකයන්ගේ විනය ඉහළ නැංවීමේ වැඩසටහනක් එම සන්ධානය ආරම්භ කර ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට තේරී පත්ව සිටින සභිකයන් 1164 දෙනා සඳහා මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ම... |
"කෙළින්ම ලංවිම ඉන්ධන ආනයනය ප‍්‍රායෝගික නෑ – ඉංජිනේරුවෝ කියති" | "විදුලි බලාගාරවලට කෙළින්ම විදේශ සමාගම්වලින් ඉන්ධන ගෙන ඒමට තෙල් සංස්ථාව (සිපෙට්කො) ඉඩ ලබා දුන්නත් මේ මොහොතේ ප‍්‍රායෝගිකව එය ලංවිමට කළ නොහැකි බොරු මනස්ගාතයක් යැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරු කියා සිටිති. ජනතාව පිනවීම සඳහා තෙල් සංස්ථාව එවැනි ප‍්‍රකාශ කළත් බලාගාරවලට ඉන්ධන මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලය සතුව ඩොලර් නොමැති බවත්,... |
"ඇල්බොරාදා තිරගත වේ" | "අශෝක හඳගම ගේ අලූත්ම නිර්මාණයේ ඇල්බොරාදා චිත‍්‍රපටයේ මංගල දර්ශනය පසුගිය 17 වැනිදා ලිබර්ටි සිනමා හීදී පැවැත්විණි. 34 වෙනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ තිරගතවීමෙන් පසු පේ‍්‍රක්ෂක විචාරක අවධානයට ලක් වූ ‘ඇල්බොරාදා‘, ආදරයේ කවියා ලෙස ලෝ සුපතල පැබ්ලෝ නෙරුදා, ලංකාවේ චිලියානු තානාපති ලෙස 1929 – 31 වකවානුවේ ජීවත්වුණු සමයේ සිදුව... |
"පාස්කු නඩු දෙකෙන් හේමසිරි – පූජිත නිදොස්කොට නිදහස්" | "හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් පවරා තිබූ නඩු දෙකේ සියලූම අධිචෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (18 දා)නියෝග කළහ. චූදිතයන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අපරාධ චෝදනා හෝ රාජකාරිය පැහැර හ... |
"කිඹුල් නඩුව වෙන අධිකරණයක කැඳවන්න රාජිතගේ ඉල්ලීම උසාවියෙන් ඉවතට" | "හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති මොහොමඞ් රූමි මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති ‘කිඹුල් නඩුව’’ වෙනත් මහාධිකරණයක් හමුවේ කැඳවීමට නියෝගයක් කරන්නැයි විත්තිකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛති‍්‍ර ගුණරත්න මහතා කළ ඉල්ලීම කොළඹ ප‍්‍රධාන මහාධිකරණ වින... |
"මේ විදියට ප‍්‍රශ්න ඇහුවොත් මටත් පිස්සු හැදෙයි: පුතා ජීවිතය ඉල්ලනවා…. සන්දීප්ගේ පියා උසාවියේ හඬා වැටෙයි" | "පාඨලී චම්පික රණවක මහතා අතින් සිදුවූ රිය අනතුරින් බරපතළ තුවාල ලබා වසර හයක් තිස්සේ රෝද පුටුවක සිටින අපේ පුතා අපෙන් ජීවිතය ඉල්ලා සිටිනවා. මට කවදා ද දෙපයින් නැගිටින්න ලැබෙන්නේ යැයි විමසමින් හඬා වැටෙන එම දරුවාගේ කඳුළු දකින අපි හැමදාම මැරි මැරී උපදිනවා යැයි සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයාගේ පියා ඊයේ (18දා) පස්වරුවේ කොළ... |
"තෙල් මත පනවා ඇති සමස්ත බදු ඉවත් කළත් දෛනිකව රු. මි. 551 සංස්ථාවට පාඩුයි – ඇමැති ගම්මන්පිල" | "මුදල් අමාත්‍යාංශය මගින් තෙල් මත පනවා ඇති සමස්ත බදු ඉවත් කළත් දෛනිකව රුපියල් බිලියන පන්සිය පනස් එකක පාඩුවක් විඳීමට තෙල් සංස්ථාවට සිදුවන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය. කොළඹදී ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය. මුදල් අමාත්‍යාංශය මගින් තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මේ දක්වා දන්වා නැති ... |
"අවුරුදු 74ක් තිස්සේ මහා පරිමාණයෙන් සොරකම් කිරීමෙන් රටේ පරිහානිය හිණි පෙත්තට නැගලා – සුනිල් හඳුන්නෙත්ති" | "දේශපාලනය, කැපවීමෙන්, පරිත්‍යාගයෙන් ස්වේච්ඡාවෙන් අවංක භාවයෙන් හා සත් භාවයෙන් කළයුතු ක‍්‍රියාවක්. දේශපාලනය රස්සාව බවට පත් කරගත යුතු නැහැ. එහෙත් අද දේශපාලනය රස්සාව බවට පත් කරගෙන තිබෙන බව පේනවා. කැපවීම පරිත්‍යාගශීලී බව නැති අය දේශපාලනය කළ යුතු නැහැ. දේශපාලකයා යනු ජනතාවට ඉහළ තලයක සිටිමින් සුවිශේෂී වරප‍්‍රසාද භුක්ති විඳින අ... |
"රාජ්‍ය ඇමැතිවැන් දෙදෙනාගේ හඬපට එළියට…. මම ඇමැතිකමේ ඉන්නෙත් කලකිරීමෙන් – රාජ්‍ය ඇමැති නිමල් ලන්සා" | "පුත්තලම් දිස්ති‍්‍රක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතාට දුරකථනයෙන් බැණ තර්ජනය කිරීමේ සංවාදයක් අඩංගු හඬපටයක් අන්තර්ජාලයට මුදාහැරීමත් සමග ඒ පිළිබඳව දැඩි ආන්දෝලනයක් ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් අතර හටගෙන තිබේ. මෙහිදී පුත්තලම් දිස්ති‍්‍රක් නායක සනත් නිශාන්ත මහතා... |
"බිබිල රෝහල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහල ලෙස නම් කෙරේ" | "බිබිල මූලික රෝහල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහල ලෙසින් නම් කිරීම පසුගියදා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ශ‍්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ කීර්තිමත්ම වෛද්‍යවරයකු සහ වෛද්‍ය වෘත්තිකයකු ලෙසින් ලක්වැසි ජනයාගේ හදවත් දිනූ, සෞඛ්‍ය සේවාවට අතිවිශාල සේවාවක් සිදුකළ මහාචාර්ය සේනක බිබිලේ ම... |
"නිවැරදි දේ කිරීමේ දී නීතියෙන් බාධා නැහැ…. ඉලක්කගත ව්‍යාපෘති ක‍්‍රියාවට නැංවීමේදී ජාතික අවශ්‍යතා පමණක් සැලකිල්ලට ගන්න" | "සුනිත්‍ය බලශක්ති අධිකාරිය නිරීක්‍ෂණයේදී ජනපති නිලධාරීන්ට කියයි ඉලක්කගත ව්‍යාපෘති ක‍්‍රියාවට නැංවීමේ දී ජාතික අවශ්‍යතාව පමණක් සැලකිල්ලට ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අනාගතය වෙනුවෙන් සැලසුම් කර ඇති ව්‍යාපෘති ප‍්‍රමාද වීමෙන් ලෝකය ඉදිරියේ රට වසර ගණනාවකින් දැවැන්ත පසුබෑමකට ලක්වන බව ජනාධිපතිවරයා කියා සිටී. ... |
"රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු" | "ග‍්‍රාමීය කුඹුරු හා ආශ‍්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ජී. විජේසිරි මහතාත්, උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ‍්‍රිත කර්මාන්ත හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්.ඞී. පාඬිකෝරාල මහතාත් පත් කර ... |
"ත‍්‍රස්ත මර්දන පනත යටතේ 272 ක් අත්අඩංගුවේ" | "ත‍්‍රස්ත මර්දන පනත යටතේ 272 දෙනෙක් මේ වන විට අත්අඩංගුවේ පසුවෙති. මොවුන් පිළිබඳව බන්ධනාගාර බලධාරීන් ආරක්‍ෂක අමාත්‍යාංශයට වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මේ අතර, ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 13ක් ඇප දීමකින් තොරව රඳවාගෙන සිටින තමාට ක‍්‍රෑර වධ හිංසා පමුණුවා ඇති බවට දක්වා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්‍ෂ්මන් කුරේ ඊයේ ... |
"සංවර්ධන බැඳුම්කර සෘජු නිකුතුවෙන් ඩොලර් මිලියන 111.5 ක්" | "මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට පසුගිය පෙබරවාරි 15 වැනිදා දක්වා කාලයේදී ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සෘජු නිකුතුව ඔස්සේ ඇමරිකානු ඩොලර් මිලියන 111.5ක මුදලක් රැස්කර ගැනීමට හැකිවී ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තුළ ආයෝජන දිරිමත් කිරීම සඳහා විවිධ ක‍්‍රියාමාර්ග ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් හඳු... |
"පැරණි දුම්රිය මැදිරි 200ට පණ දෙන අතරතුර…" | "2016 වසරේ අයවැය යෝජනාවකට අනූව ක‍්‍රියාත්මක කළ වසර 25ක් පැරණි දුම්රිය මැදිරි 200ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර මේ දිනවල දෙමටගොඩ දුම්රිය නවීකරණ අංගනයේදී සිදුකරන අයුරු. ඡායාරූපය තුෂාර අතපත්තු" |
"පැයයි විනාඩි 45ක් සඳුදා සිට ලයිට් කපයි" | "අද හා හෙට (19-20) විදුලි කප්පාදුවක් සිදු නොවූවත් සඳුදා (21දා) සිට කාණ්ඩ 4ක් යටතේ පැයයි විනාඩි හතළිස් පහක විදුලි කප්පාදුවක් දෛනිකව සිදුකිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. ඞීසල් හා නැප්තා ඉන්ධන නොලැබීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500ක පමණ විදුලි ධාරිතාවයක් අහිමිවීම නිසා ම... |
"මතුගම තිදරු මවගේ ඝාතකයා වෙඩි කෑව නීලක! – නිවසේ සිටි වැඩිහිටි කාන්තාවක් පොලිසියට කියයි" | "බණ්ඩාරගම හොරණ, බැල්ලපිටිය ප‍්‍රදේශයේ නිවසක පෙරේදා (17 දා) පස්වරුවේ පොලිස් වෙඩි පහරින් මියගිය ‘ඉළිඹේ නීලක’ නමැත්තා ඉකුත් 15 දා රාත‍්‍රි මතුගම තිදරු මවක වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා බවට අනුමාන කරන බව ඝාතනය සිදුවන මොහොතේ නිවසේ සිටි වැඩිහිටි කාන්තාවක ප‍්‍රකාශ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. තිදරු මවට වෙඩි තබා ඝාතනය ... |
"රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු" | "ග‍්‍රාමීය කුඹුරු හා ආශ‍්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ජී. විජේසිරි මහතාත්, උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ‍්‍රිත කර්මාන්ත හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්.ඞී. පාඬිකෝරාල මහතාත් පත් කර ... |
"ත‍්‍රස්ත මර්දන පනත යටතේ 272 ක් අත්අඩංගුවේ" | "ත‍්‍රස්ත මර්දන පනත යටතේ 272 දෙනෙක් මේ වන විට අත්අඩංගුවේ පසුවෙති. මොවුන් පිළිබඳව බන්ධනාගාර බලධාරීන් ආරක්‍ෂක අමාත්‍යාංශයට වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මේ අතර, ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 13ක් ඇප දීමකින් තොරව රඳවාගෙන සිටින තමාට ක‍්‍රෑර වධ හිංසා පමුණුවා ඇති බවට දක්වා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්‍ෂ්මන් කුරේ ඊයේ ... |
"එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් රු. බිලියනයක් වන්දි ලැබුණා….!" | "අධිකරණ ඇමැති අලි සබ්රි මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් සමුද්‍රයට වූ හානිය සම්බන්ධයෙන් වන්දි මුදල් ලෙස රුපියල් බිලියනයක මුදලක් මේ වන විට ලැබී ඇතැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමේදී රජය මනා කළමනාකරණයකින් යුතුව කටයුතු ... |
"චමුදිතට ප‍්‍රමාණවත් ආරක්‍ෂාවක් දෙන්නැයි උසාවියෙන් නියෝග" | "ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාට ප‍්‍රමාණවත් ආරක්‍ෂාවක් ලබා දෙන ලෙස කැස්බෑව මහෙස්ත‍්‍රාත් රුවන්දිකා වීරසිංහ මහත්මිය වින්දිතයන් ආරක්‍ෂා කිරීම සඳහා වූ විශේෂ පොලිස් ඒකකය වෙත ඊයේ (18 වැනිදා) නියෝග කළාය. අධිකරණ නියෝගය අනුව චමුදිත සමරවික‍්‍රම මහතාට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබාදීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආර... |
"දෙමටගොඩ රුවන්ගේ කෝටි 79 ක දේපළ රාජසන්තක කරයි" | "පාතාල කල්ලි නායකයකු බව කියන දෙමටගොඩ චමින්දගේ වැඩිමහල් සොහොයුරා වන දෙමටගොඩ රුවන් නමැත්තාට අයත් රුපියල් කෝටි 79ක දේපළ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් රාජසන්තක කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් බව කියන මෙම දේපොළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. මෙහිදී රාජසන්තක කළ දේපොළ අතර රුපියල... |
"පිරවුම්හල්වල තෙල් නෑ…" | "පවතින තෙල් අර්බුදය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති අතර සේයාරුවෙන් දැක්වෙන්නේ කැලණිය තොරණ හන්දියේ ඉන්ධන පිරවුම්හලක ඞීසල් නොමැති බව සඳහන් කරමින් පුවරුවක් ප‍්‍රදර්ශනය කර තිබූ අයුරුයි. ඡායාරූපය – තුෂාර අතපත්තු" |
"පාස්කු ප‍්‍රහාරය ගැන ඇමැති ප‍්‍රසන්නගේ ප‍්‍රකාශයක් පිළිබඳව සීඅයිඩී විමර්ශනයක්" | "පාස්කු ප‍්‍රහාරය ගැන සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා කළ බරපතළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් පවත්වන විමර්ශනය වෙනුවෙන් තමා ඊයේ (17දා) පැය තුනක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණ ප‍්‍රකාශයක් ලබා දුන් බව කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක‍්‍රිෂාන්ත පියතුමා පැවසීය. පාස්කු ප‍්‍රහාර සිද්ධියට හිටපු ජන... |
"ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල වැඩිවීම ළඟ ළඟ එනවා… එදා මෝදිට කළු කොඩි දාපු අය අද තෙල් නැවට උත්සව තියනවා" | "ආධාර ලෙස මෙරටට ලබා දුන් නිවාස ව්‍යාපෘති විවෘත කිරීමට ඉන්දීය අගමැති පැමිණෙන විට කළු කොඩි දාපු අය, අද ඉන්දියාවෙන් ණයට ලැබුණු තෙල් නැව පිළිගැනීමට උත්සව පවත්වන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක‍්‍රියාත්මක ‘හුස්මක්’ වැඩසටහනට සමගාමීව ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදු... |
"පාතාලයේ නීලක වෙඩිකා නසී – පෙර දිනක බිරිඳගේ අතපයත් කපලා" | "පරිවාස භාරයට පත් කිරීමට හෝරා කිහිපයක් තිබියදී සිය දරුවා රඳවා තිබූ නිවසට පැන ටී. 56 ගිනිඅවියකින් වෙඩි තබා යකා නටමින් ඔහුගේම දරුවා පැහැර ගෙන ගිය ඉලිබේ රංජිගේ පුතා නොහොත් ‘නීලක’ නමැති අපරාධ කල්ලි සාමාජිකයා ඊයේ (17 දා) සවස පොලිසිය හා සිදු වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්‍ෂයට පත්වී තිබේ. මෙම සැකකරු විසින් දරුවා පැහැරගෙන ගිය බවට... |
"සමස්ත රාජ්‍ය සේවයට බාධාවක් නොවන ලෙස හෙද ඉල්ලීම් ලබා දෙන්න" | "වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවය තමා ඉහළින්ම අගයන බවත් රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ (17දා) උපදෙස් දුන්නේය. දැඩි අසීරුතා මැද වුව ද ජනවාරි මාසයේ සිට සියලූම රාජ්‍ය සේවකයන්ට... |
"මාස 3 ක් ඇතුළත විදුලි බිල නොගෙව්වොත් අධිභාරයක්… ලංවිමට හා ලෙකෝට කොමිසමෙන් අවසර" | "විදුලි පාරිභෝගිකයන් විසින් පැහැර හැර තිබෙන රුපියල් කෝටි 5000ක විදුලි බිල්පත් ඉක්මනින්ම අයකර ගැනීම සඳහා මාස තුනක කාලයක් ලබාදීමටත් එම කාලය තුළදීත් බිල්පත් පියවන්නේ නැතිනම් ඒ අයගෙන් අධිභාරයක් අයකර ගැනීමටත් ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ලංවිමට හා ලෙකෝ සමාගමට දැනුම් දී තිබේ. ලංවිමට රුපියල් කෝටි 4400ක්ද ලංකා විදුලි පෞද්ග... |
"මොන අභියෝග ආවත් සතුන් රැක ගැනීමට අවංකව රාජකාරිය කරනවා" | "‘කුමන අභියෝග බාධක ආවත් අවංකවම මගේ රාජකාරිය ඉටුකරනවා. සත්වෝද්‍යාන තුළ සිටින සතුන් රැක ගැනීම වෙනුවෙන් මගේ යුතුකම අවංකවම ඉටුකරනවා’ යැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය ‘දිවයින’ට ඊයේ (17 දා) පැවසුවාය. දෙහිවල සතුන් වත්තේ පසුගිය කාලයේ සිදුවූ වංචා දූෂණ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශ... |
"ප‍්‍රකාශ ලබා ගැනීමට රන්ජන් දේශපාලන පලිගැනීම් කොමිසම හමුවට" | "බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා ප‍්‍රකාශ ලබාදීම සඳහා ඊයේ (17 දා) දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත රැගෙන විත් තිබේ. ජනාධිපති කොමිසම මගින් රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත කළ දැනුම් දීමකට අනුව ඔහු මෙසේ කොමිසමේ පොල... |
"ත‍්‍රස්ත පනතට එරෙහි කාදිනල්තුමන්…" | "ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරන්නැයි ඉල්ලා දෙමළ ජාතික සන්ධානය ඇතුළු සංවිධාන විසින් සකස් කර ඇති මහජන පෙත්සමට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින් අගරදගුරු නිල නිවසේදී අත්සන් කළ අයුරු. දෙමළ ජාතික සංධානයේ මඩකලපුව දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා ද පසෙකින් සිටියි." |
"ගුවන් නියමුවන්ගේ අකුරට වැඩ නිසා විනාඩි 10 ට ලක්ෂ 10 ක පාඩුවක්" | "ශී‍්‍ර ලංකන් එයාර් ගුවන් නියමුවන් සති දෙකක සිට ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් නිසා ඊයේ (17දා) පෙරවරුවේ විනාඩි දහයක් තුළ රුපියල් ලක්‍ෂ දහයක පාඩුවක් සිදුවූ බව ගුවන් සමාගම කියා සිටී. පාකිස්තානයේ කරච්චි බලා ඊයේ (17 දා) පෙරවරු 9.00ට ගුවන්ගත කෙරුණු ඹඛ -183 දරන ගුවන් යානයෙන් එරටට යැවීමට නියමිත... |
"ඉන්ධන හිගයට හේතුව වැඩිපුර මිලදී ගැනීමයි" | "ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක්…. කොයි මොහොතක හෝ හිඟයක් ඇති වෙතැයි සිතා සියලූම දෙනා වැඩිපුර ඉන්ධන මිලදී ගැනීමක් නිසා යම්යම් තැන්වල හිඟයක් මතුව තිබුණත් තෙල් ඇති තරම් ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. සාමාන්‍ය ඉල්ලූම යටතේ දිනකට ඞීසල් මෙටි‍්‍රක් ටොන් 6000ක් පමණද පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 4500ක් පමණද නිකුත් කළත් වත්මන් ඉල්ල... |
"අවශ්‍යතාව මත සිව්වැනි එන්නත් මාත‍්‍රාව දෙනවා – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්" | "අවශ්‍යතාව අනුව කොවිඞ් මර්දන එන්නතේ් සිව්වන මාත‍්‍රාවක් ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍යහේමන්ත හේරත් මහතා ‘දිවයින’ට ඊයේ (17 දා) පැවසීය. හතරවන මාත‍්‍රාවක් ලබාදීමට මේ වන විට ලෝකයේ විශාල ඉල්ලීමක් හෝ සූදානමක් නැතත් ඇතැම් රටවල් නිරෝධායන කි‍්‍රයාවලිය සඳහා යොමු කිරීමේදී විශාල මුදලක් අය... |
"ගොවියාගේ කුඹුරට බැහැලා හමුදාව වවනවා නම් රටට දෙයියන්ගේම පිහිටයි – හෙක්ටර් අප්පුහාමි" | "කුඹුරේ කලින් හාපු මනුස්සයගේ ට‍්‍රැක්ටරය අයින් කරලා ඒකට හමුදාවේ ට‍්‍රැක්ටරය දාලා හානවා නම් ගොයම් කපන මැෂිම ගමේ ගොවියා කරපු වැඬේ ඒකත් උදුරගෙන ඉදිරි කාලයේදී හමුදාව කරනවා නම් මේක හමුදාව කරන රටක් වෙනවා යැයි පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (17 දා) පැවැති ම... |
"එජාප නායක රනිල්ගෙන් සහ සභාපති වජිරගෙන් සමන් චන්ද්‍රනාත්ට අවසන් ගෞරව" | "එක්සත් ජාතික පක්‍ෂයේ තේමා ගීතය රචනා කළ ප‍්‍රවීණ ගීත රචක ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු මෙන්ම ගත් කතුවරයකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතාගේ දේහය තැන්පත් කර තිබූ බොරැල්ල ජයරත්න මල් ශාලාවට පැමිණි එජාප නායක සහ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, එජාප සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරු ඒ මහතාගේ දේහයට අවසන් ග... |
"කටුනායක – මීගමුව ද්විත්ව දුම්රිය මාර්ගය ජනතා අයිතියට" | "අලුතින් මිලදීගත් දෝෂ සහිත මැදිරි සහ එන්ජින්අලුත්වැඩියා කර ධාවනයට යොදවනවා – ප‍්‍රවාහන ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි පසුගිය යහපාලන කාලය තුළ මිලදී ගත් සමහර දුම්රිය මැදිරි සහ එන්ජින්වල දෝෂ ඇති බවත්, එම දෝෂ නිවැරැදි කර කඩිනමින් ධාවනය සඳහා යොදවන බවත් ප‍්‍රවාහන අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. අමාත්‍යවරිය මෙ... |
"සහරාන්ගේ බිරිඳගෙන් සී. අයි.ඩීය පැය 6 ක් ප‍්‍රශ්න කරයි – කුලියාපිටිය උසාවියෙන් අවසරය ලැබිලා" | "පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරු බව කියන මොහොමඞ් සහරාන්ගේ බිරිඳ වන ෆාතිමා කාදර් හාදියා ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය 06 තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇත.සහරාන්ගේ බිරිඳ මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින අතර එහි සිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයගෙන් මෙම ප‍්‍රශ්න කිරීම සිදුකර තිබේ.ෆා... |
""IMF සමග සාකච්ඡුා අවසන් නොකළොත් ජුනි, ජූලි වන විට ණය ගෙවන්න බැරි වෙයි"" | "මේ යන විදියට රුපියල 275 – 300ට යන්න පුළුවන් මේ අවුරුද්දේ අපිට සම්පූර්ණයෙන් ඩොලර් බිලියන හයක් ණය ගෙවන්න තිබෙන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡුා අවසන් නොකළහොත් ජුනි, ජූලි මාස වන විට ණය ගෙවීමට නොහැකි වන බවත් එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිද... |
"ගංගාරාමයේ නවම් මහා පෙරහැර" | "කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැරේ අවසන් පෙරහැර ඊයේ (16 දා) රාති‍්‍ර වීථි සංචාරය කිරීම සඳහා සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකළ අයුරු. විහාරාධිකාරී කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා මත පෙරහැර සංවිධානය කර තිබුණි." |
"මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දුන් හොන්ඩියුරාස් හිටපු ජනපති අත්අඩංගුවට" | "– මාංචු දමා පොලිසියට ගෙන යන හැටි රූපවාහිනියෙන් පෙන්වයිහොන්ඩියුරාස් රාජ්‍යයේ හිටපු ජනපති ජුආන් ඞ්ලැන්ඩෝ එරට පොලිසිය විසින් පෙරේදා (15දා) අත්අඩංගුවට ගෙන ඇත.මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සහාය දීමේ චෝදනා මත හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මාංචු දමා ඔහු පොලිසිය මගින් රැුගෙන යන අයුරු රූපවාහිනිය ඔස්සේ ප‍්‍රචාරය කරනු ලැබීය.ම... |
""චන්ද්‍රිකා ජීවන්, ෆීලික්ස් විජය කුමාරතුංග සැමරුමේ…"" | "මානව හිතවාදී ප‍්‍රවීණ කලාකරු විජය කුමාරතුංගයන් දැයට අහිමි වී වසර 34ක් සපිරුණු ඊයේ (16දා) කටුනායක විජය කුමාරතුංග ස්මාරකයට විජයගේ බිරිඳ වූ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ඥාති හිතමිත‍්‍රාදීහු පුෂ්පෝපහාර දැක්වූහ.එම උත්සවය කටුනායක දහඅටේ කණුව අසල විජය කුමාරතුංග ස්මාරකය අබියස පැවති අතර කටාන විජය... |
"සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් යළි සේවයට" | "පසුගියදා තාවකාලිකව සිය රාජකාරිවලින් ඉවත් වූ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය යළි සේවයට වාර්තා කර ඇත.දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කඩාකප්පල්කාරී ක‍්‍රියා සහ වංචා ¥ෂණවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර පවතින අවදානම්කාරී තත්ත්වය ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් ඇය පසුගි... |
"ත‍්‍රස්ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කිරීම රජය ප‍්‍රතික්‍ෂේප කරයි" | "ත‍්‍රස්ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන ලෙස මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.මෙම පනත අහෝසි කළහොත් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තවාදීන් 310කට නිදහස් වීමට අවස්ථාව ලැබෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.2019 අපේ‍්‍රල් 21දා සිදු වූ පාස්කු ප‍්‍රහාරයට අදාළ අන්තවාදීන් අත්අඩංගුවට ගෙන ... |
"මරණ පරීක්‍ෂණවලට පී. සී. ආර්. අනිවාර්යම නෑ" | "සියලූ මරණවල පශ්චාත් මරණ පරීක්‍ෂණ සඳහා පී.සී.ආර්. (PCR) පරීක්‍ෂාවක් අනිවාර්ය නොවන බව සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුත් නව චක‍්‍රලේඛයක් නිතුක් කර ඇත.අවශ්‍ය නම් එය අධිකරණ වෛi නිලධාරියාගේ අභිමතය පරිදි සිදුකළ හැකි බව එම චක‍්‍රලේඛයේ තවදුරටත් සඳහන් වේ. ප‍්‍රදීප් ප‍්‍රසන්න... |
"ඔක්සිජන් මත යැපෙන කොවිඞ් රෝගීන් ගණන ඉහළට" | "දිවයින පුරා රෝහල් තුළ ස්ථාපිත කර ඇති කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව 106 දක්වා ඉහළ නැග ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛi තාක්‍ෂණික සේවා අංශයේ අධ්‍යක්‍ෂ වෛi අන්වර් හම්දානි මහතා ‘දිවයින’ට ඊයේ (16දා) පැවසීය.එසේම කොවිඞ් රෝගීන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඇඳන් 70න් 64කම කොවිඞ් රෝගීන් ප‍්‍රත... |
"සමාගම් 20ක මෙහෙයුම් පුළුල් කිරීමට ඩොලර් මිලියන 165ක ආයෝජන මෙරටට" | "දැනට ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන ප‍්‍රමුඛ පෙළේ සමාගම් 20ක් සිය මෙහෙයුම් පුළුල් කිරීම ස`දහා ඇමරිකානු ඩොලර් මිලියන 165ක පමණ ආයෝජනය කිරීමට ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගතව ඇතැයි ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.අදාළ ගිවිසුම්ගතවීම ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය හා අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන... |
"චමුදිතගේ නිවසට පහරදීමට වාහනය ආවේ දෙහිවල සරණංකර පාර දෙසින්!" | "හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාගේ නිවසට ගල්මුල් ප‍්‍රහාර එල්ල කළ පුද්ගලයන් ගමන් ගත් වාහනය දෙහිවල සරණංකර පාර දෙසින් පැමිණි බවට සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායමට තොරතුරු අනාවරණය වී ඇත.මාර්ග කිහිපයක සහ ගොඩනැඟිලිවල සවිකර තිබූ ආරක්‍ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගෙන මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි ... |
"නිවසට එල්ල වූ ප‍්‍රහාරය ගැන අගමැති චමුදිතගෙන් කරුණු විමසයි" | "අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාට ඊයේ (16දා) පෙරවරුවේ දුරකථනයෙන් අමතා ඔහුගේ නිවසට එල්ල කෙරුණු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විස්තර විමසා ඇත.චමුදිත සමරවික‍්‍රම මහතාගේ ජංගම දුරකථනයට ඊයේ පෙරවරු 7.45 ට පමණ ඇමතූ අගමැතිවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් මෙන්ම ඊට සම්බන්ධ සැක කිසිවකුත් සිටින්නේදැයි ඔහුග... |
"නව ඇමරිකානු තානාපතිනිය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ කාර්යය කියයි" | "සිය හදිසි කාර්යභාරය ශ‍්‍රී ලංකාවේ වගවීමේ ක‍්‍රියාවලිය දියත්කිරීම බව නව ඇමරිකානු තානාපතිනි ජුලිචැන් ප‍්‍රකාශ කර ඇත. ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර කැලිෆෝනියාවේදී ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් හමු වූ ඇය මේ බව පවසා තිබේ. මේ වගවීමේ ක‍්‍රියාවලිය යනු ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් රැසකට එල්ල වූ යුද අපරාධ චෝදනා ගැන කටයුතු කිරීමයි. ඇමර... |
"බොලිවුඩයේ ‘ඩිස්කෝ රජු’ නිහඬ වෙයි" | "බොලිවුඩයේ ඩිස්කෝ රජු ලෙස කිරුළ පැළඳ සිටි බප්පි ලහිරි අභාවප‍්‍රාප්ත වී තිබේ. මිය යනවිට හෙතෙම 69 වැනි වියේ පසුවිය. මුබ්බායි රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ලහිරි මියගොස් ඇති අතර අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර ඇත. ලහිරිගේ අවසන් කටයුතු අද (17 දා* සිදු කෙරේ. 2019 වසරේදී ඔහු සිය සං... |
"විසඳුම් නැතිනම් මාර්තු 1 සිට යළි සටන අරඹනවා – රවි කුමුදේශ්" | "සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් මාර්තු 01 වැනිදා සිට නැවත වැඩවර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ‘දිවයින’ට ඊයේ (16 දා) පැවසීය.සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් වැඩවර්ජනය ආරම්භ කළේ සිය ඉල්ලීම් පිළිබඳව මාස තුනහමාරක් තිස්සේ බලධාරීන්ට දැනුම් දී විසඳුමක් නොලැබුණු නිසා බවද ඒ මහතා කීය... |
"නීතිපති දේශපාලන අතකොළුවක් නොවිය යුතුයි" | "නීතිපති මහජන සේවකයකු විනා දේශපාලන අතකොළුවක් නොවන බවත් රජය මේ කරන කුමන්ත‍්‍රණකාරී වැඩ නිවැරදිව හඳුනාගෙන සුදුසු වේලාවට නිසි පියවර ගන්නා ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (15 දා) කොළඹ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී කියා සිටියහ. ශෙහාන් මාලක ගමගේ නමැති තරුණයකු මහමගදී අත්අඩංගුව... |
"විදුලි කප්පාදු ඉල්ලීම ඉවතට" | "ඉදිරි මාස තුනක කාලයේ විදුලි කප්පාදුවකට යෑමට විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම ඉවත දැමූ ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විදුලි සංරක්‍ෂණය හා විදුලි භාවිතය සීමා කිරීමට අදාළ අනිවාර්යයෙන් ක‍්‍රියාත්මක කළ යුතු නියෝග මාලාවක් ඊයේ (15 දා) නියම කළේය. ඒ අනුව සියලූ රාජ්‍ය ආයතනවල වායුසමීකරණ යන්ත‍්‍ර පස්වරු 2.30 සිට පස්වරු 4.30 තෙක් ක‍්‍ර... |
"මහේෂ් තීක්ෂණ IPL ගත්තාට කොටි හිතවාදීහු ගොරවති" | "චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක මහේෂ් තීක්ෂණ මිලදී ගැනීම පිළිබඳව කොටි හිතවාදීන් බලවත් සේ කලබල වී තිබේ. ශී‍්‍ර ලංකා හමුදාව නියෝජනය කරන කී‍්‍රඩකයකු වන මහේෂ් තීක්ෂණ චෙන්නායි පිලට බඳවාගැනීම දෙමළ ජනතාවට නිග‍්‍රහයක් බව කොටි හිතවාදීහු ප‍්‍රකාශ කරති. කොටි හිතවාදීහු ‘‘සිංහල කී‍්‍රඩකයා චෙන්නායි පි... |
"රුසියාව යුක්රේන් දේශසීමාවෙන් හමුදා කොටසක් ඉවත් කර ගනී" | "යුක්රේන් දේශ සීමාවේ රඳවා ඇති හමුදා භට ප‍්‍රමාණයෙන් කොටසක් ඉවත් කර ගන්නා බව රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේය. මෙම භට පිරිස් සිය පුහුණු මෙහෙයුම් අවසාන කර ඇති බැවින් නැවත තම හමුදා කඳවුරු වෙත යැවෙන බව ආරක්‍ෂක අමාත්‍යාංශය කියයි. කෙසේ නමුත් යුද අභ්‍යාස නතරවී නැති බවත් ඒවා දිගටම කි‍්‍රයාත්මක බවත් රුසියාව කියයි. ... |
"මිල වැඩි නොකළොත් තෙල් දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි සංස්ථාව තදින්" | "ඉන්ධන මිල වැඩි නොකළහොත් විදුලි බලාගාර, දුම්රිය, මගී බස්රථ හා ති‍්‍රවිධ හමුදාව, පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබාදීමේ තීරණයකට යන බව ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ‘දිවයින’ට පැවසීය. මේ වනවිට අලෙවි කරන සෑම ඞීසල් ලීටරයකින් රුපියල් පනහක් ද, පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 17 ක් ද වශයෙන... |
"කොරෝනා පැණිය හැදූ ධම්මික බණ්ඩාරගේ මල්ලී කොරෝනාවෙන් මරුට" | "කොරෝනා රෝගයට දේශීය ඖෂධ පානයක් නිෂ්පාදනය කරමින් රට පුරා ජනපි‍්‍රයත්වයට පත්වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ බාල සොහොයුරා කොවිඞ් වෛරස රෝගය උත්සන්න වීමෙන් මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල මාකූර ගනේගොඩතැන්නේ පදිංචිව සිටි ඒ. කේ. හීන්බණ්ඩා නමැති අයෙකි. 58 හැවිරිදි ඔහු තිදරු පියෙකි. පිළිකා රෝගයකට ප‍්‍රතිකාර ල... |
"EPF – ETF ඇතුළු අරමුදල් 11 ක් අධිභාරයෙන් නිදහස්" | "2022 අයවැයෙන් තමා ඉදිරිපත් කළ සියයට 25 ක අධිභාර බද්දෙන් සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල ඇතුළු අරමුදල් 11 ක් නිදහස් කළ බව මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි. ඒ ගැන තමා පෙරේදා (14 දා) කැබිනට් මණ්ඩලයට පැහැදිලි කළ බවද මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් ඇමැතිවරයා කියා සිටියේය. මේ බද්දට යටත් වන ආයතන 69 ... |
"සෞඛ්‍ය වෘත්තීන් 16ක් අද සිට සති 2ක් වර්ජනය අතහරී" | "ඉල්ලීම් 09ක් මුල්කරගෙන සෞඛ්‍ය වෘත්තීන් 17ක් විසින් ක‍්‍රියාත්මක කර ඇති දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනය රජයේ විකිරණ ශිල්පීන් හැර සෙසු වෘත්තීන් 16 විසින් අද (16දා) උදෑසන 08.00 සිට සති දෙකක් සඳහා තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි ඊයේ (15දා) රැස්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක කමිටුව විසි... |
"මාධ්‍යවේදී චමුදිතගේ නිවසට පහරදුන් අය නීතිය හමුවට පමුණුවන්න" | "ශී‍්‍රලනිපය නිවේදනයක් නිකුත් කරමින් කියයි ප‍්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාගේ නිවසට එල්ල වූ මැර ප‍්‍රහාරය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තරයේ හෙළා දකින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. එම බියගුලූ ක‍්‍රියාව සමස්ත මාධ්‍ය නිදහසට එල්ල වූ ප‍්‍රහාරයක් ලෙස සලකනු ... |
"ලොව පුරා ගංගා බෙහෙත්වලින් දූෂණය වීම පරිසරයට හා සෞඛ්‍යයට දැඩි තර්ජනයක්: යෝක් විශ්වවිද්‍යාලයේ නවතම පර්යේෂණයකින් හෙළිවෙයි" | "ලොව පුරා පිහිටි ගංගාවන් බෙහෙත් හා බෙහෙත් නිෂ්පාදනයන්ගෙන් දූෂණය වීම හේතුවෙන් ගෝලීය වශයෙන් පරිසරයට හා සෞඛ්‍ය පද්ධතියට දැඩි තර්ජනයක් එල්ල වෙමින් පවතින බව එංගලන්තයේ යෝක් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකදී අනාවරණය කරගෙන තිබේ. ලොව පුරා පිහිටි බොහෝ ගංගාවන්හි ජලය බෙහෙත් නිෂ්පාදනවලින් දූෂණ... |
"අඳුරු සිදුවීම් හරහා ආණ්ඩුව මර්දනයකට සූදානම් වන බව පැහැදිලියි- පා. ම. ගයන්ත කරුණාතිලක (සජබ)" | "අඳුරු සිදුවීම් හරහා ආණ්ඩුව මර්දනයකට සූදානම් වන බව පැහැදිලි වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහතා කියයි. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (15 දා) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහතා මෙසේද කියා සිටියේය. අපි ඊයේ දවස තුළ දැක්කා 2015 ට පෙර සිදු වෙච්ච අඳුර ය... |
"රථවාහන ස්ථානාධිපති රිය අනතුරක" | "කළුතර – බණ්ඩාරගම මාර්ගයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි මොරොන්තුඩුව පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයකු ඊයේ (15 දා) පස්වරුවේ සුඛෝපභෝගි මෝටර් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කළ බව මොරොන්තුඩුව පොලිසිය පවසයි. ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා කුඩා ලොරි රථයක් නවතා පරීක්ෂා කරන අතරතුර බණ්ඩාරගම... |
""ඉන්දියාවෙන් ලංකාවට ඩීසල් මෙටි‍්‍රක් ටොන් 40,000ක්"" | "මෙරට ඉන්ධන අර්බුදය මඟහරවා ගැනීම සඳහා ඉන්දීය රජය මගින් ඊයේ (15 වැනිදා) දහවල් ඩීසල් මෙටි‍්‍රක් ටොන් 40000 ක තොගයක් ශී‍්‍ර ලංකාවට ලබා දෙනු ලැබීය. ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාව විසින් ශී‍්‍ර ලංකාවට ලබා දෙනු ලබන ඩොලර් මිලියන 500ක ණය මුදල සැකසෙන තුරු මෙරට ඉන්ධන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්දීය රජය මෙම ඩීසල් තොගය ලබාදුන් ... |
"චමුදිතගේ නිවසට පහරදීම: පරීක්‍ෂණ නොසිතූ දිශාවකට – පොලිසිය කියයි" | "මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාගේ පිළියන්දල නිවසට පහර දීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් පරීක්‍ෂණ නොසිතූ විරූ දිශාවකට යොමුවී ඇතැයි ඒ පිළිබඳ පරීක්‍ෂණ මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. අලූයම 2.00 ත් 2.20 අතර කාලයේදී මෙම පිරිස පැමිණි මෝටර් රථය පිළිබඳ තොරතුරු සෙවීම සඳහා පිළියන්දල ප‍්‍රදේශයේ මාර්ග දෙපස තිබ... |
"කොටින්ගේ විදෙස් ගිණුම් වසර 13කට පසු මුම්බායි බැංකුවකින් මතු වෙයි" | "වසර 13 කට පසු කොටි ජාත්‍යන්තර ජාලයේ විදේශ බැංකු ගිණුම් මුම්බායිහි විදේශ බැංකුවක තිබී ඉන්දීය ජාතික බුද්ධි අංශය විසින් සොයා ගෙන ඇත. කැනඩාවේ පදිංචිව සිටින කොටි ජාත්‍යන්තර ජාලයේ කි‍්‍රයාකාරිනියක් වූ මේරි ප‍්‍රැන්සිස්කු එම බැංකුවෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කරන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමෙන් මෙම ගිණුම් පිළිබඳව හෙළි වී තිබේ. මෙ... |
"ගංගාරාම පෙරහැරේ සධාතුක කරඬුව තැන්පත් කරමින්…" | "දින දෙකක් පුරා පැවැත්වෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර ඊයේ (15 දා) වීථි සංචාරය කෙරිණි. 44 වැනි වරටත් පැවැත්වෙන මෙවර පෙරහැරේ පළමු දිනය වූ ඊයේ මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම අගමැති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් විසින් සිදු කළ අයුරු. අමාත්‍ය චමල් රාජප... |
"කොළඹ තේ වෙන්දේසියේ මෙතෙක් අලෙවි වූ උපරිම මිල හිදැල්ලන තේ කම්හලට" | "පසුගිය 09 වැනිදා කොළඹ තේ වෙන්දේසියේ දී ‘‘හිදැල්ලන’’ බී.පී. ශ්‍රේණියේ තේ තොගයට රු. 940 ක උපරිම මිලක් වාර්තා කරන ලදී.මෙය කොළඹ තේ වෙන්දේසියේ පහතරට බී.පී. ශ්‍රේණිය සඳහා මෙතෙක් වාර්තා කර ඇති උපරිම මිලයි. මෙම උසස් තත්ත්වයේ තේ තොගය නිෂ්පාදනය කරන ලද්දේ සබරගමුව පළාතේ රත්නපුර, හිදැල්ලන ප‍්‍රදේශයේ පිහිටි ‘‘හිදැල්ලන තේ කර්මාන්ත ශ... |
"ඔමික්‍රෝන් රෝගීන් බහුතරයක් එන්නත් නොගත් අය – විශේෂඥ වෛද්‍ය ඇන්තනි මෙන්ඩිස්" | "ඔමික්‍රොන් ආසාදනය වීමෙන් දැඩිසත්කාර ඒකකවලට ඇතුළත් කරන බොහෝ පිරිස් පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයන් බව කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඇන්තනි මෙන්ඩිස් මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ කොළඹ සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කීය. තාම අපේ දැඩිසත්කාර... |
"මෝදි ලබන මාසයේ පලාලි ගුවන්තොටින් දිවයිනට එයි" | "මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ‍්‍රී මෝදි මහතා ඉන්දියාවේ සිට පළමුව යාපනය පලාලි අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත ළඟා වන බව ඉන්දීය පුවත් සේවය ඊයේ (15 දා වාර්තා කළේය. ඉන්දීය ආධාර මත යාපනයේ ඉදිකොට ඇති සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අරමුණින් පළමුව යාපනයට පැමිණෙන ඉන්දී... |
"මාධ්‍ය නගන හඩ මැර බලයට නිහඩ කරන්න බැහැ – මාධ්‍යවේදී චමුදිත කියයි" | "* පොලිස් කණ්ඩායම් 5ක් විමර්ශන අරඹයි* අලූයම 2ට සුදු පාට වැගන්ආර් රියකින් ප‍්‍රහාරයට 5ක් ඇවිත්* හිසට පිස්තෝලයක් තබා ආරක්‍ෂක නිලධාරියාට තර්ජනය කරලා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතා පදිංචි පිළියන්දල වෑවල පිහිටි නිවසට ඊයේ (14 වැනිදා) අලූයම එල්ල වූ මැර ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධාන... |
""කන්තලේ අක්කර 20,000ක් සිංගප්පූරුවට"" | "කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් අක්කර විසිදහසක විකුණා දමා එම බිමේ ආසියාවේ විශාලම මද්‍යසාර කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට යන බව ජාතික සංවිධාන එකමුතුව හෙළිකර සිටී.මුදල් අමාත්‍යවරයා විසින් ඉකුත්දා මීට අදාල පති‍්‍රකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.මේ සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර වෛi වසන්ත බ... |
"සෞඛ්‍ය විරෝධතා පාගමන……" | "සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ඊයේ (14දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්වූ අයුරු මෙහි දැක්වේ. පිංතූරය – නිමල් දයාරත්න" |
"ලයිට් කපන ක‍්‍රමවේදය අද කියයි" | "විදුලිබලාගාර ආශ‍්‍රිත ජලය වාරිමාර්ග කටයුතුවලට ඉතිරි කරගැනීම අත්‍යවශ්‍ය වී තිබෙන බැවින් යම්කිසි කාලයකට විදුලි කප්පාදුවක් සිදු කිරීමට සකසා තිබෙන ක‍්‍රමවේදය අද (15 වැනිදා) නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘‘දිවයින’’ට පැවසීය.ජලාශවල ජලය ප‍්‍රමාණවත් වන්නේ තවත් මාස තු... |
"කොළඹ නවම් පෙරහැර අද සහ හෙට" | "අගනුවර නවම් මහ පෙරහැර අද (15 දා) සහ හෙට (16 දා) පැවැත්වෙයි. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය මගින් මෙවර පෙරහැර සියලූ සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානයන්ට අනුකූලව මහජන සහභාගිත්වයකින් තොරව වීදි සංචාරය කෙරෙයි." |
"ඉන්ධන ගන්න ෂෙඞ් ළග දිගු පෝලිම්" | "ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ඇතැයි පැතිර ගිය ආරංචියත් සමග ඊයේ (14 දා) ඉන්ධන මිලදී ගැනීම සඳහා කොළඹ ඇතුළු සෑම නගරයකම පාහේ දිගු වාහන පෝලිම් නිර්මාණය වී තිබිණි.මේ අතර ඉන්ධන මිල සූත‍්‍රයක් කෙටුම්පත් කර එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නිසා තෙල් සංස්ථාවේ (සිපෙට්කො) සහ ඉන්දීය තෙල් සමාගමේ (අයි ඕසී) ඉන්ධන හල් අසල ... |
"හදිසියක් වුණොත් යුක්රේනයෙන් ශ‍්‍රී ලාංකිකයන් ඉවත් කර ගන්නවා – විදේශ අමාත්‍යාංශය" | "යුක්රේනයේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එරට සිටින ශී‍්‍ර ලාංකිකයන් ඉවත්කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය කියයි.යුක්රේනයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයක් නොමැති අතර තුර්කියේ අන්කාරා නුවර පිහිටි තානාපති කාර්යාලය හරහා මේ කටයුතු සම්බන්ධීකරණ කෙරේ.මේ වනවිට යුක්රේනයේ ශී‍්‍ර ලාංකිකයන් 40 දෙනකු සිටින ... |
"විවේචන දරා ගැනීමට බැරි පිරිසක් චමුදිතගේ නිවසට පහර දීම තරයේ හෙළා දකිනවා – අගමැති" | "අඩුපාඩු ප‍්‍රශ්න ඇතුළු විවිධ කාරණා මුල්කරගෙන සාධාරණව විවේචනය කිරීමේ අයිතිය මාධ්‍යවේදීන් සතුව තිබෙන අතර විවේචන දරාගැනීමට නොහැකි පුද්ගලයන් හිරු මාධ්‍යවේදී චමුදිතගේ නිවසට ගල්මුල් එල්ල කිරීමේ සිද්ධිය තමා තරයේම හෙළා දකින බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (14 වැනිදා) ‘‘දිවයින’’ට පැවසීය.දේශපාලනය මුල්කර ගෙන යමෙක් මෙම ... |
"දෛනික ආසාදිතයන් දහස පැනීමෙන් සමාජයේ කොවිඞ් ශීඝ‍්‍රයෙන් පැතිරෙනවා – සෞඛ්‍ය අංශ කියයි" | "මේ දිනවල දිනකට සිදු කෙරෙන පීසීආර් හා රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ 10,000ත් 12,000ත් අතර සංඛ්‍යාව හරහා කොරෝනා ආසාදිතයන් 1000කට අධික පිරිසක් හඳුනාගැනීම මගින් කොරෝනා ආසාදනය සමාජය තුළ ශීඝ‍්‍රයෙන් පැතිර යන බව තහවුරු වන බව සෞඛ්‍ය අංශ පවසයි.මේ වන විට ශ‍්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතය සියයට 2.52ක් වශයෙන් පවතින අතර එය ගෝලීය කොරෝනා ... |
"ඊයේ කොරෝනා මරණ 36 ක්" | "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (14දා) කොරෝනා මරණ 36 ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (13දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,844ක් දක්වා ඉහළ ගොස් ඇත.කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූවන් 317ක් රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග මර්දන ඒකකය ඊයේ නිවේදනය කළේය. එසේ සුවය ලැබූ ප... |
"අවුරුදු සමයේ සම්බා කිලෝවක් රුපියල් 125 ට දෙනවා – ඇමැති බන්දුල ගුණවර්ධන" | "සතොස ශාඛා මගින් අලූත් අවුරුදු සමය තුළ සිට ඉදිරියට සම්බා කිලෝවක් රුපියල් 125ක මිලකට ආණ්ඩුව ලබාදීමේ වගකීම තමන් භාරගන්නා බැව් වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.ගාල්ල උණවටුණ ප‍්‍රදේශයේ සතොස අලෙවි සැලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කීවේය.සතොස භාණ්ඩ නැතිවීමට හේතුව තමයි පාරිභෝගි... |
"ජනතාව පීඩාවට පත්කරන වෘත්තීය අරගල නතර කර සියලු පාර්ශ්ව අවබෝධයකින් කටයුතු කළ යුතුයි – ජනපති උපදෙස් දෙයි" | "* විද්‍යුත් බස් රථ ධාවනයට ඇති හැකියාව බලන්න ඉකුත් පාලන සමයේ ඇණවුම් කර ආනයනය කළ දුම්රිය මැදිරිවල තාක්‍ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට යොදවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (14 දා) උපදෙස් දුන්නේය. ප‍්‍රවාහන, ප‍්‍රවාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත අමාත්‍යාංශවල ප‍්‍රගති සමාලෝචන රැුස්වීම ... |
"ලංවිම ඉංජිනේරුවන්ගේ බැනර් නොගැසුවාට – ප්‍රෙස් එකේ ලයිට් කපලා" | "* මහජන උපයෝගිතා කොමිසමෙන් පරීක්‍ෂණයක්ලංවිම ඉංජිනේරු සංගමයේ විරෝධතාවකට අවශ්‍ය බැනර් එකසිය පනහක් මුද්‍රණය කිරීමේ කටයුතු නිසි පරිදි ඉටු නොකළ බව කියමින් එම කොන්ත‍්‍රාත්තුව බාරගත් මුද්‍රණායතනයක විදුලිය සිඳලූ සිද්ධියක් සම්බන්ධයෙන් ශ‍්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිසම පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.විදුලිබල මණ්ඩල ඉංජිනේරුවකු විසි... |
"අනුරාධපුර දහයියාගම ෆේස්බුක් මත් සාදයට රිංගූ මන්ත‍්‍රී කලින්ම මාරුවෙයි – මන්ත‍්‍රී සහ දොස්තර ආරාධිතයන් වෙලා" | "* මත්ද්‍රව්‍ය සමග 7ක් අල්ලයි* සාදයට ඇතුළු වෙන්න එක් අයකුගෙන් 3500ක් අය කරලාතරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සහ වෛද්‍යවරයකු ඇතුළු දෙසීයකට වැඩි පිරිසක් සහභාගි වී සිටි, අන්තර්ජාලය මගින් සංවිධානය කරන ලද අනුරාධපුරයේ පැවති ඞී. ජේ. සාදයක් වටලා විවිධ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් හත්දෙනකු ඊයේ (13ද) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට... |
"විදුලිය සහ සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් කෙරේ – ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් පත‍්‍රයක්" | "විදුලිබල සැපයුම සහ සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 11 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට කි‍්‍රයාත්මක වන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.අංක 2266/55 දරන මෙම අතිවිශේෂ ගැසට් පත‍්‍රය අනුව විදුලිබල සැපයුම රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන... |
"EPF-ETF අරමුදලට විදින අධිභාර බද්දට දසතින් විරෝධය" | "* කැබිනෙට්ටුවේදීත් අද ඇවිළෙයි* ඇමැති පිරිසක් එළිපිටම විරෝධයකසේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ඇතුළු විශ‍්‍රාම අරමුදල්වල බදු අය කළ හැකි ආදායම මත සියයට 25 ක අධිභාර බද්දක් පැනවීමට එරෙහිව මතුව ඇති විරෝධය සම්බන්ධයෙන් අද (14දා) කැබිනට් මණ්ඩලයේදී දැඩි අවධානය යොමු කෙරෙනු ඇතැයි වාර්තාවේ.රජයේ කැබිනට් අමාත්‍යවරුන් කිහිප ද... |
"හෙද සංගමය ඉවත් වුණත් සෞඛ්‍ය වෘත්තීය සමිති 17 ක් තාමත් වර්ජනයේ" | "අධිකරණ නියෝගයට ගරුකරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයෙන් ඉවත් වුවත් අනෙකුත් වෘත්තීය සමිති 17 ක සාමාජිකයෝ ඊයේ (13 වැනිදා) වනවිට 07 වැනි දිනටත් වැඩවර්ජනයේ නිතර වූහ.රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් එහි සභාපති සමන් රත්නප‍්‍රිය මහතා කියා සිටියේ ආණ්ඩුව මේ වනවිට වෘත්තීය සමිති මර්දනය කිරීමට නීත... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.