Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"සති 2ක් ඇතුළත් සිපෙට්කෝ තෙල් මිලත් නගී – ඉල්ලීම මුදල් අමාත්‍යාංශයට" | "පෙට‍්‍රල් සහ ඞීසල් මිල ඉදිරි දෙසතිය තුළදී නැවත වතාවක් ඉහළ යෑමට නියමිතය. මිල වැඩි කිරීම සඳහා වන ඉල්ලීම මේ වන විටත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඒ පිළිබඳ අනුමැතිය ලැබුණු වහාම මිල ඉහළ යෑම සිදුවනු ඇත. පසුගිය සතියේදී ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පෙට‍්‍රල් මිල ඉහළ දමන ලදී. ඔක්... |
"කැලණිය රජමහා විහාරයේ උපාලි විජයවර්ධන සමරු පිංකම…" | "උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 39 වැනි ගුණ සමරුව ඊයේට (13 දා) යෙදී තිබිණි. මේ නිමිත්තෙන් ඊයේ සවස ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේදී බෝධි පූජා පිංකමක් සහ පහන් පූජා පිංකමක් පැවැත්විණි. විහාරාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත මහා නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති බෝධිපූජා... |
"පොලිසිය සොයන ‘චීනා’ ගලහ ඉඩමකින් මතුවෙයි!" | "ගලහ වාරියගල හල්ඔය ප‍්‍රදේශයේ ඉඩමකට මැර පිරිසක් සමඟ ඇතුළුවී ඉඩම රැුකබලාගත් කාන්තාවකට හිංසා කිරීමේ සිද්ධියට පොලිසියට අවශ්‍ය කර සිටින ‘චීන ජාතිකයා පෙරේදා (12දා) එම ඉඩමේ සිටිනු දුටු බවට පිරිසක් ගලහ පොලිසියට දැනුම්දී තිබේ. පසුගිය 04 වැනිදා අක්කර 10 ක ඉඩමේ මැනුම් කටයුතු ස`දහා ඉඩම සුද්ද කරන අවස්ථාවේ සැකකාර චීන ජාතිකයා ගෝලයන්... |
"ගිය වසරේ වෙළෙ`ද හිඟය ඩොලර් බිලියන 8.1 ට නගී" | "ගිය වර්ෂයේ (2021) රටේ මුළු වෙළෙ`ද හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) ඇමෙරිකානු ඩොලර් බිලියන 8.1 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.මේ අනුව 2020 වසරට සාපේක්‍ෂව වෙළෙ`ද හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1 කින් සියයට 35.4 කින් වර්ධනය වී ඇති බව ශ‍්‍රී ලංකා මහ බංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.2020 වසරේ වාර්තා වූ... |
"ශ‍්‍රී ලංකාවේ ජනතාව පෝෂණය අඩු ලාභ ආහාරවලට යොමු වෙලා – ජගත් සංවිධානයක් කියයි" | "ආහාර මිල ඉහළ යෑමත් සමගම අඩු පෝෂ්‍යදායකත්වයක් ඇති ආහාර වර්ග වෙත යොමුවීමට ශ‍්‍රී ලංකාවේ ජනතාවට සිදුවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයක් ප‍්‍රකාශයට පත්කර ඇත. GIEWS නමැති මෙම ආයතනය කියන පරිදි ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් වැඩි හරියක් ස්වකීය දෛනික කැලරි ශරීරයට ලබාගන්නා ආහාර වෙනුවට ලාභ විකල්ප ආහාර හෝ ආහාර අඩු කිරීම... |
"ගැසට් මගින් අත්‍යවශ්‍ය සේවාවක් ප‍්‍රකාශ කළ විට අනිවාර්යයෙන්ම සේවයට ආ යුතුයි – ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා" | "විදුලිය, සෞඛ්‍ය නොව ඕනෑම විෂයකට අදාළව අත්‍යවශ්‍ය සේවාවක් ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශයට පත්කළ විට එම සේවාවල නිරත පිරිස සේවයට වාර්තා කළයුතු යැයි ජනාධිපති නීතිඥ යු. ආර් ද සිල්වා මහතා ‘දිවයින’ ට ඊයේ (13දා) පැවැසීය.එවැනි ගැසට් පත‍්‍රයක් උල්ලංඝනය සිදුකළ හොත් රැුකියාව අහිමිවීම, ඔවුන් සතු නිශ්චල සහ චංචල දේපළ අහිමිවීම, අධික... |
"රේගුව අත්හිටුවූවේ හොරෙන් ගෙනා වාහන කොටස් වෙන්දේසියක්" | "නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ලැම්බෝගිනි, ජගුවර්, මර්සිඞීස් බෙන්ස්, හමර් මෝටර් රථවල කොටස් වෙන්දේසි කිරීම අත්හිටුවා ඇතැයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත් ද සිල්වා මහතා ‘දිවයින’ ට ඊයේ (13දා) පැවැසීය.ජගුවර්, ලැම්බෝගිනි ඇතුළු සුඛෝපභෝගී වාහන වෙන්දේසියක් රේගුව විසින් නතර කර ඇති බවට වාර්තා වුවත් රේගුව විසින් අත්හිටුවූයේ එවැනි ... |
"ජනතාව බොරුවෙන් මුලා කරන මේ දුර්දාන්ත ආණ්ඩුව හැකි පළමු අවස්ථාවේදීම පළවා හරිනවා – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස" | "* තවදුරටත් ඉවසන්න රටේ ජනතාව සූදානම් නැහැහැකි පළමු අවස්ථාවේම මේ දුර්දාන්ත ආණ්ඩුව පෙරලීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ ඊයේ (13දා) පෙරවරුවේ උඩුදුම්බර හසලක දී පැවැති සමගි ජන ජනබලවේගයේ ජනහමුවකට එක්වෙමිනි. ජනහමුවට පෙරාතුව හසලක නගර මැද ඉදිකොට ඇති ගාමිණී කුලරත්න රණවිරු... |
"පළාත් පාලන ඡනදය මුලින්ම" | "පළාත් පාලන මැතිවරණය මුලින්ම පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව මෙම වසරේ අග භාගයේදී මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය. දැනට ගම් මට්ටමින් ආරම්භ කර ඇති සංවර්ධන කටයුතු ඉදිරි මාස කිහිපය ඇතුළත අවසන් කිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවේ ප‍්‍රධානීන් විසින් ප‍්‍රාදේශීය දේශපාලන අධිකාරියට දැනුම් දී ඇත.... |
"රුපියල පාකරන්න: ව්‍යාපාර අංශ කියයි" | "ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියල පා කළ යුතු යැයි ආර්ථික මූල්‍ය සහ ව්‍යාපාර අංශ නියෝජිතයෝ බොහොමයක් රජයට යෝජනා කරති. ඉලක්ක කළ විදේශ විනිමය ප‍්‍රමාණවත් ලෙස රටට නොලැබීම නිසා විශාල විදේශ ණය ප‍්‍රමාණයක් ගෙවීමට තිබෙන තත්ත්වය හමුවේ තවදුරටත් ඇමෙරිකානු ඩොලරය සහ ශ‍්‍රී ලංකා රුපියල අතර විනිමය අනුපාතය ස්ථාවර අගයක තබා ... |
"හම්බන්තොට හුටපටය: ඉඩම් කොමසාරිස් පන්නන්න දේශපාලන තොණ්ඩුවක්" | "හම්බන්තොට ප‍්‍රදේශයේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත් ඉඩම් කොමසාරිස් කීර්ති ගමගේ මහතා ප‍්‍රබල දේශපාලන මැදිහත්වීමක් මත ධුරයෙන් ඉවත් කිරීමට දැන් කටයුතු සිදුවෙමින් තිබෙන බව ඉඩම් අමාත්‍යාංශ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. දෙපාර්ශ්වයක් අතර පැවැති ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් කීර්ති ගමගේ මහතා මැදිහත්ව සාධාරණ තීන්... |
"ගම්පහෙන් එකක් ගැළවෙයි යාපනයට එකතුවෙයි" | "ඉදිරියේදී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ගම්පහ දිස්ත‍්‍රික්කයට එක් මන්ත‍්‍රී ධුරයක් අහිමි වන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. පසුගිය 2021 ඡුන්ද හිමි නාමලේඛන ප‍්‍රතිශෝධනයට අනුව ඉකුත් 2020 වසරට සාපේක්‍ෂව 2021 වසරේදී ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඡන්ද ප‍්‍රතිශතය අඩු වී ඇති අතර මේ නිසා දිස්ත‍්‍රික්කයට හිමි මන්තී‍්‍රධුර සංඛ... |
"හදිසි මිලදී ගැනීමකට ලංවිමට යෝජනාවක් : ගත්තොත් මාසික වැය කෝටි 216 ක්" | "හදිසි මිලදී ගැනීම් යටතේ දවසකට මෙගාවොට් සියයක් ලබාගැනීමට අදාළ යෝජනාවක් මේ වනවිට විදුලිබල මණ්ඩලයට ලැබී ඇතැයි ද එම ප‍්‍රමාණය ලබාගනු ලැබුවහොත් මසකට ඒ සඳහා වැයවන මුදල රුපියල් කෝටි 216 ක් යැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට හෙළි කළේය. හදිසි මිලදී ගැනීම් යටතේ විදුලි ඒකකයක මිල රුපියල් 40 ක අගයක් මත මෙ... |
"රක්ෂිත කට්ටි කිරීම පිටුපස මන්ත‍්‍රී හිමිනමක් : පරිසර සංවිධාන 13 ක් ජනපතිට ලියයි" | "යාල – කුමන වනාන්තර පද්ධතියට ආරක්‍ෂාව සපයන මොනරාගල වත්තේගම – කැබිලිත්ත හා කොටියාගල වන රක්‍ෂිතය නීති විරෝධීව කට්ටිකර අවභාවිත කිරීමේ උත්සාහය පිටුපස පාර්ලිමේන්තුව නියෝජනය කරන ප‍්‍රකට මන්ත‍්‍රී හිමිනමක් සිටින බවත් වහාම මෙම විනාශය වැළැක්වීම සඳහා මැදිහත්වන ලෙසත් පාරිසරික සංවිධාන 13ක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක... |
"රටේ අර්බුද අස්සේ ජිනීවා ගැටේත් වැඩ" | "ශී‍්‍ර ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණපා සිටියදී මෙවර 49 වැනි මානව හිමිකම් සමුළුවේ ප‍්‍රධාන ඉලක්කය යුද අපරාධ චෝදනා ගැන ශී‍්‍ර ලංකාව වගකිවයුතු බවට ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ අනාවරණය කිරීම බව ජිනීවා ආරංචි මාර්ග සඳහන් කරයි. සමුළුව පෙබරවාරි 28 දා ආරම්භ වන අතර 29 දා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ තම වාර්තාව ප‍්‍රකාශ... |
"සතුන් වත්තේ කෑමෙන් කෝටි ගාණක් හොරාකාලා" | "සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට සතුන් සඳහා ආහාර ලබාගැනීමේදී රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු පාලනාධිකාරිය රජයේ විගණන දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. 2018 සහ 2019 වර්ෂවල ටෙන්ඩර් මගඩි මගින් රුපියල් මිලියන 76ක වංචාවක් සිදුකර ඇති බවට තොරතුරු ලැබීම නිසා විගණකාධිපති දෙපා... |
"විශ‍්‍රාමික පාරිතෝෂික ජුලි සිට ගෙවා නෑ" | "රජයේ සේවකයන් විශ‍්‍රාම ගිය පසු ඔවුනට හිමිවිය යුතු පාරිතෝෂික දීමනාව ඉකුත් ජූලි මස සිට ගෙවා නැතැයි විශ‍්‍රාමික රාජ්‍ය සේවකයෝ කියා සිටිති. මේ පිළිබඳ විමසන විට අදාළ ආයතනවල ප‍්‍රධානීන් තමන්ට කියා සිටින්නේ මේ දිනවල පවතින දැඩි මුදල් අපහසුතා නිසා ගෙවීම්වල යම් ප‍්‍රමාදයක් සිදුව ඇති බව යැයි ද විශ‍්‍රාමික රාජ්‍ය සේවකයෝ පැවසූහ. ම... |
"චිපයේ හිඟය මැද ලයිසන් දීම හිරවෙයි" | "මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය සිම්පත සහිත හිස් කාඩ්පත් නොමැතිවීම මත රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීම බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ඔස්සේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වෙයි. මේ වනවිට මෝටර් රථ දෙපාර්තමේන්තුව සතුව සිම් පත සහිත හිස් කාඩ්පත් තුන් දහසක් වැනි කුඩා අගයක් පමණක් පවති... |
"ඔ්නෑම මොහොතක ඡන්දයකට ලෑස්තියි" | "කවුරු මොනව කිව්වත් කවුරු මොන දේ හිතුවත් ඕනෑම මොහොතක ඡන්දයක් පැවැත්වීමට අපි සූදානම් යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය. ආණ්ඩුවට ඡන්දයකට මුහුණදීමේ හැකියාව තිබෙන බවද අගමැතිවරයා සඳහන් කළේය. අපි කිසිම විටක ඡන්ද කල් දැමීමට සූදානම් නැහැ. ඇතැම් අය විවිධ බොරු ප‍්‍රචාර කරමින් ජනතාව නොමග යැවීමට කටය... |
"සජබ සංවත්සරයත් සල්ගාදු ක‍්‍රීඩා පිටියේදී" | "සමගි ජන බලවේගයට වසර දෙකක් පිරෙන ලබන මාර්තු 11 දා එම සංවත්සර උත්සවය අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ දී මහා රැලියක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇත. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිය 09 වැනිදා පැවැත්වූ රැලියට වඩා වැඩි පාක්ෂික පිරිසක් සහභාගි කරවමින් ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂයට අභියෝගයක් වන ලෙස එම රැලිය පැවැත්වීමට ද සජබ... |
"අධිභාර බද්දට එරෙහිව නඩු යනවා" | "රජය විසින් පනවා ඇති සියයට 25 අධිභාර බද්දට එරෙහි මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරීමට අන්තර් සමාගම් සේවක සංගමය තීරණය කර ඇත. ඒ අනුව, මෙම සතිය ඇතුළත එම නඩුව පැවරීමට නියමිතය. එකී නඩු පැවරීමට අදාළ නීති කටයුතු සඳහා නීතිඥ සහාය ලබාගැනීම මේ වන විට සිදු කෙරෙමින් ඇති බවත් විසිහය ලක්‍ෂයක් වන පෞද්ගලික අංශයේ වැඩ කරන ජ... |
"කුඩු ජාවාරමේ සලිඳුගේ ගෝලයා අබ්බා වෙඩි කා නසී" | "විදේශයක සඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘පානදුර සලිඳුගේ’ ප‍්‍රධානතම ගෝලයා වන අපරාධ රැසකට සම්බන්ධ ඩිලාන් සමීර (27) හෙවත් ‘අබ්බා’ නමැති සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩිතබා පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරවලින් ප... |
"පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 58 ක් නතරවීමෙන් මෙගාවොට් 129.75 ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වෙයි" | "බලශක්ති බලපත‍්‍ර නිකුත් කළද විවිධ හේතූන් නිසා නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 58 ක ඉදිකිරීම් කටයුතු නතර වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. මේ තත්ත්වය නිසා මෙකී ව්‍යාපෘති 58 මගින් සැපයෙන මෙගාවොට් 129.75 ක විදුලි ධාරිතාවය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නොහැකි වී ඇති බව... |
"මාස තුනක් විදුලිය කපන්න ලංවිම අවසර ඉල්ලයි" | "විදුලිය අරපරිස්සමින් භාවිතා නොකළහොත් ඉදිරි මාස තුනේදී විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ ට පැවසීය. ඉදිරි මාස තුනක කාලයේදී විදුලි කප්පාදුවක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා ඇතැයි ද විදුලිය අරපරිස්සමින් පාවිච්චි නොකළහොත් විදුලි කප්පාදු... |
"සහරා ප්ලෑෂ් ප‍්‍රසංගයට පහරදුන් දෙදෙනෙක් අත්අඩංගුවට" | "නිවිතිගල පොදු කී‍්‍රඩාංගණයේ ”සහරා ප්ලෑෂ්” සංගීත කණ්ඩායම සහභාගි වූ සංගීත ප‍්‍රසංගයක් අවසානයේදී එම සංගීත කණ්ඩායමේ වාදන හා විද්යුත් භාණ්ඩවලට පහරදී රුපියල් ලක්‍ෂ 14 කට අධික අලාභයක් සිදුකිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි නිවිතිගල පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (11 වැනිදා) පැවසීය. අත්අ... |
"උසාවි වාරණ ඇතත් සෞඛ්‍ය වර්ජන දිගටම – වාරණ නියෝගය අපට ලැබුණේ නෑ" | "වැඩ වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණ ද ඊයේ (11 දා) පස්වන දිනටත් එම වෘත්තීය සමිති වැඩ වර්ජනයේ නිරත විය. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය මහතා සඳහන් කළේ වර්ජනය සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබාදුන් වාරණ නියෝගය ඊයේ (11 දා) දහවල් වනතෙක් නොලැබුණු ... |
"උසාවි නියෝගයට ගරු කර වැඩට ඒවි" | "අධිකරණයට ගරු කරමින් සමන් රත්නප‍්‍රියගේ සභාපතිත්වයෙන් යුතු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඒ අනුව පසුගිය දින කිහිපයේදී ජනතාව විඳි පීඩාවන් හා අපහසුතාවන් නතර වනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතාට... |
"උපාලි විජයවර්ධන සමරු පිංකම් රැසක් හෙට" | "උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 39 වැනි ගුණ සැමරුම පෙබරවාරි 13 ඉරිදාට යෙදී ඇත. මේ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාර අලෙවි නියෝජිතයන්, සේවක සේවිකාවන් සහ ජනතාව විසින් දිවයින පුරා ආගමික ගුණ සමරු උත්සව සහ පිංකම් රැසක් සංවිධානය කර ඇත. 11 වැනි සිකුරාදා පෙ.ව. 9.00 ට මට්ටක්කුලිය කාමලයිට් දේවස්ථානය ඉදිරිපිට ... |
"අධිභාර බද්දට ශී‍්‍රලනිපය විරුද්ධයි – ශාන්ත බණ්ඩාර" | "සේවක අර්ථසාධක අරමුදලෙන් (ඊපීඑෆ්) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් (ඊටීඑෆ්) සියයට 25ක අධිභාර බද්දක් අයකිරීමට ආණ්ඩුව ගත් තීරණයට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සම්පූර්ණයෙන්ම විරුද්ධ යැයි එම පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශී‍්‍රලනිප මූලස්ථානයේ ඊයේ (11 දා) ප... |
"දරුවා මැරෙන තුරු යාච්ඥා කළ මව රිමාන්ඩ් – පියාට – මිත්තනියට ඇප" | "දැඩිව රෝගාතුරුව මරණාසන්න තත්ත්වයට පත්ව ලෙඩ ඇඳේ පසු වූ තම 10 හැවිරිදි දරුවාට නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීම පසෙකලා ඔහු මියයන තුරු සහ මියගොස් දින දෙකක් පසුවන තුරුත් එම දරුවාගේ සිරුර බඩල්ගම ආඬිමුල්ල ප‍්‍රදේශයේ නිවසක සඟවා දරුවාට පණ ලැබීමට යාච්ක්‍ඳා මෙහෙයේ යෙදී සිටියදී බඩල්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත‍්‍රා... |
"අපිව වර්ජනයට තල්ලු කළා: සෞඛ්‍ය ලේකම්ට එරෙහිව නීතිය හමුවට යනවා" | "සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය වළක්වා ගැනීමට හැකියාව තිබියදීත් එසේ නොකර සිය සම්මේලනය වර්ජනයටම තල්ලූකර දැමුවේ සෞඛ්‍ය ලේකම්වරයා බවත් ඒ නිසා ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කළ බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ‘‘දිවයින’’ට ඊයේ (11 දා) සඳහන් කළේය. මාස තුනහමාරක කාලයක සිට සිය ගැටලූ සම්බන... |
"ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ මෙහෙයුම් සඳහා 13 වැනි කණ්ඩායම පිටත්ව යයි" | "ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ මෙහෙයුම් සඳහා (13 වැනි කණ්ඩායම) නිලධාරීන් 8 ක් සහ සෙබළුන් 67 දෙනකු ඇතුළුව 75 දෙනකු පසුගිය දා සවස පිටත් වූහ. එම කණ්ඩායමේ අණ දෙන නිලධාරී ලෙස ශී‍්‍ර ලංකා පාබල හමුදාවේ ලූතිනන් කර්නල් එස්. එම්. ඞී. සමරකෝන් මහතා කටයුතු කරයි. පිටත්ව ගිය සෙබළුන් සහ නිලධාරීන් අතර ඉංජිනේරු බළකාය, සංඥා බළකාය,... |
"වැලන්ටයින් මත්සාද තහනම්" | "ආදරවන්තයන්ගේ දිනය යෙදෙන පෙබරවාරි 14 වැනිදාට මත්පැන් මත්ද්‍රව්‍ය, මත්පෙති සාද සහ ෆේස්බුක් සාද පවත්වන්නේ නම් ඒ සඳහා සම්බන්ධ වන අයට නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘‘දිවයින’’ට ඊයේ (11 වැනිදා) පැවසීය. එදිනට ආදරවන්තයන්ට ආදරය කිරීමට කිසිම තහනමක් නො... |
"මූලධර්මවාදී යාච්ඥාකරුවන්ට අහුවෙන්න එපා – රොනී පොන්සියයස් පියතුමා" | "මූලධර්මවාදී ඊනියා බයිබල් යාච්ඥාකරුවන් කිතුනු ආගමිකයන් පමණක් නොව අනෙකුත් ආගම් අදහන්නන් පවා විනාශකර දමමින් සිටින බැවින් මෙවැනි මිථ්‍යාදෘෂ්ටිකයන්ට හසු නොවීමට සියලූදෙනා වගබලා ගත යුතුව ඇතැයි කොළඹ අගරදගුරු පදවියේ මරියා හමුදා අධ්‍යක්‍ෂ රොනී පොන්සියයස් පියතුමා ඉල්ලා සිටියි. කටානේ, හල්පෙ ප‍්‍රදේශයේ දොළොස් හැවිරිදි දරුවා ද නිර... |
"විසඳුම් දෙන්න බැරි නම් සෞඛ්‍ය ඇමැති ගෙදර යන්න – දේවිකා කොඩිතුවක්කු" | "‘‘සෞඛ්‍ය සේවකයාගේ ගැටලූවලට උත්තර දෙන්න බැරි නම් සෞඛ්‍ය ඇමැතිතුමා ගෙදර යන්න ඕනෑ. මුලදීම ගැටලූවලට උත්තර දුන්නා නම් අද මේ සෞඛ්‍ය වැඩ වර්ජනය ඔඩුදුවන්නේ නැහැ’’ යැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය ‘දිවයින’ට ඊයේ (11 වැනිදා) පැවසුවාය. සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛය සේවකයාගේ ගැටලූවලට කන් නොදීම ගැන කනග... |
"අද – හෙට වැසි" | "දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද (12 වැනිදා) සහ හෙට (13 වැනිදා) වැසි ඇතිවිය හැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂිකා ශිරෝමනී ජයවර්ධන මහත්මිය ‘දිවයින’ ට පැවසුවාය. උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව යන පළාත්වලට අද දිනයේ ඕනෑම වෙලාවක වැසි ඇතිවිය හැකි බව ද ඇය සඳහන් කළාය. බස්නාහිර, සබරගමුව ඇතුළු සෙසු පළාත්වලටද... |
"ජර්මන් ගේම හෙළිවෙයි: ශ‍්‍රී ලාංකිකයෝ පිටුවහල්" | "ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කර දේශපාලන රැකවරණ ලබාගැනීමට උත්සාහ කළ ශ‍්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන්රැසක් පිටුවහල් කිරීමට ජර්මන් බලධාරීන් තීරණය කර ඇත. මෙම පෙබරවාරි 15 දා මොවුන් පිටුවහල් කිරීමට සැලසුම් කර තිබේ. මෙයට පෙරද ද්‍රවිඩ ජාතිකයන් 50 දෙනකු ශ‍්‍රී ලංකාවට එවීමට ජර්මානු බලධාරීන් සැලසුම් කළ අතර මානව හිමිකම් සංවිධාන විරෝධතා ... |
"තවත් දරුණු කොවිඩ් ප‍්‍රභේදයකට දොර ඇරිලා – වෛද්‍ය නවීන් ද සොයිසා" | "ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඞ් මර්දනයට ලබා දී තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා ‘ඔමික්‍රෝන්’ විකෘති කොවිඞ් වෛරස් ප‍්‍රභේදයට වඩා ප‍්‍රබල තවත් වෛරස් ප‍්‍රභේද මෙරටින් මතුවීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (11 දා) පැව... |
"වව්නියාව විශ්වවිද්‍යාලය ජාතික සරසවි පද්ධතියට එක්වෙයි" | "යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ වව්නියාව මණ්ඩපය වව්නියාව විශ්වවිද්‍යාලය නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (11 දා) එක්වූ අවස්ථාව." |
"යස්මින් සුකා ‘තවත් මරයි’" | "49 වැනි ජිනිවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට සති දෙකක් තිබියදී එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා වන්නි මෙහෙයුමින් මියගිය ද්‍රවිඩ ජාතිකයන් ගණන හතළිස් දහසේ සිට එක්ලක්ෂ හැටනවදහස් හත්සිය අනූහය දක්වා වැඩි කර මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත වාර්තාවක් යවා ඇත. යස්මින් සුකා සෑම මානව හිමිකම් සමුළුවක් ආසන්න ව... |
"වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉල්ලා අනුරපුර රෝහල් සේවකයෝ උද්ඝෝෂණයක" | "වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වැඩ වර්ජනයේ නිරතව සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවල නිරත කාර්ය මණ්ඩල ඊයේ (11 දා) අනුරාධපුර මහාමාන්‍ය ඞී. එස්. සේනානායක වටරවුම ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ. ඔවුන් විවිධ විරෝධතා පාඨ සහිත බැනර් හා පුවරු රැගෙන විවිධ සටන් පාඨ කියම... |
"සතියකට පාර්ලිමේන්තු ආපු කෙනා වාහන පර්මිට් එක කෝටි 6කට විකිණුවා – ඇමැති රෝහිත අබේගුණවර්ධන" | "සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වර්ජන මෙහෙයවන පිරිමි නර්ස් නෝනා කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් සතියකට පාර්ලිමේන්තුවට පත්ව ලබා ගත් තීරුබදු රහිත වාහන බලපත‍්‍රය වාහන සේල් එකකට රුපියල් කෝටි 06කට විකුණා ඇතැයි වරාය හා නාවික කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය. ඔහු දින 05ක් පමණක් පාර්ලිමේන්තු රැුස්වීම්වලට සහභා... |
"වර්ජනය උසාවියෙන් අත්හිටුවයි: සමන් රත්නපි‍්‍රය ඇතුළු පිරිස 24 දා උසාවි කැඳවයි" | "කොවිඞ් වසංගතය පවතින අවස්ථාවක අනීතික ලෙස වැඩවර්ජන කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු අරුණ අලූත්ගේ මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රතන්පි‍්‍රය මහතාට එරෙහිව ඊයේ (10 දා) වාරණ නියෝගයක් නිකුත් කළේය. නීතිපතිවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව 24 දා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් ... |
"යුරෝපා සංගමය ත‍්‍රස්ත මර්දන පනතට ඔරවයි" | "ත‍්‍රස්ත මර්දන පනත භාවිතාකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස යුරෝපා සංගමය ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත. යුරෝපා සංගමය සහ ශ‍්‍රී ලංකාව අතර පැවති සාකච්ඡුාවේදී මෙම ඉල්ලීම කර තිබේ. එසේම චෝදනා නැති සැකකරුවන් නිදහස් කරන ලෙස ද යුරෝපා සංගමය තවදුරටත් ඉල්ලා තිබේ. ශ‍්‍රී ලංකා රජය පසුගියදා ත‍්‍රස්ත මර්දන පනත සංශෝධනය කළ අතර එ... |
"පාස්කු ප‍්‍රහාරයට පෙර සහරාන්ලා ඇල්ලීම පැහැර හැරලා… සීඅයිඞී හිටපු ලොක්කන් පිරිසකට එරෙහිව පරීක්‍ෂණ" | "පාස්කු ප‍්‍රහාරයට මාස දෙකකට පෙර එම ප‍්‍රහාරයේ මහ මොළකරු මොහොඞ් සහරාන් ඇතුළු ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අවස්ථාව තිබියදීත් එය පැහැර හැරීම, රාජකාරිය නිසි ලෙස ක‍්‍රියාත්මක නොකිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකට එරෙහිව එම දෙපා... |
"ප‍්‍රතිකාර වෙනුවට යාඥා කරලා 10 හැවිරිදි පුතුගේ සිරුර නිවසකින් හමුවේ" | "දේහය නරක් වනතුරාම යළි පණ ගන්න යාඥා කරලා දස හැවිරිදි තම පුතු මිය යෑමෙන් පසු මළ සිරුරට යළි පණ ලබා ගැනීම සඳහා ඇඳක් මත තබා දේහය නරක් වනතුරුම යාඥා කළ මව්පිය යුවළක් සහ මිත්තණියක බඩල්ගම පොලිසිය මගින් පෙරේදා (09 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන තිබේ. බඩල්ගම ආඬිමුල්ල ප‍්‍රදේශයේ නිවසකින් දුර්ගන්ධයක් හමන බවට ප‍්‍රදේශවාසීන් කළ දැනුම්දී... |
"වර්ජනය බිබිලේ රෝගියෙක් මියයයි" | "සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය හේතුවෙන් රෝහලෙන් කළයුතු එක්ස්රේ හා ස්කෑන් පරීක්‍ෂණ අදාළ අංශවලින් කරවාගත නොහැකි වීමෙන් ශල්‍යකර්මයකට ලක්කළ කාන්තාවක් පෙරේදා (9 දා) බිබිල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහලේදී මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙලෙස මියගියේ බිබිල නන්නපුරාව – වැලිපිටිය, තල්ගහවත්තේ ඒ. එම්. උක්කුමැණිකා (85) නමැති... |
"ගොවි ආර්ථිකය රකිනවා රටේ අභියෝග දිනනවා – ජනාධිපති" | "මහ පාරට අපිත් ඔට්ටුයි: මත්තල වී ගබඩා කළ අය ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනවා – අගමැති මහින්ද රාජපක්‍ෂ අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩා පිටියේ පොදුජන ජන රැලිය අපි ප‍්‍රායෝගිකව ගොවි ජනතාවගේ ආර්ථිකය වැටෙන්න දෙන්නේ නැහැ. මොන ක‍්‍රමයකින් හෝ ආර්ථිකය රැක ගෙනයි අපි ඉදිරියට යන්නේ, ඒ වගේමයි අද තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා අපිත් ... |
"ජනපතිගේ වැරදි තීරණ නිසා වැවිලි කර්මාන්තය විනාශ වුණා – පා. මන්ත‍්‍රී සුජිත් සංජය" | "ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ අමනෝඥ තීරණ නිසා වැවිලි කර්මාන්තය අභාවයට පත්වෙලා යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (10 දා) පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කීවේය. වැඩිදුරටත් මෙසේද පැවසීය. මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වුණා වතුකම්... |
"වර්ජනය අස්සේ අංගොඩ රෝහලෙන් 6 ක් පැනලා" | "සෞඛ්‍ය වැඩ වර්ජනය අතරතුර අංගොඩ මානසික රෝග විද්‍යායතනයේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගීන් හයදෙනකු රෝහලෙන් පැනගොස් ඇත.පැනගොස් ඇති සියලූ දෙනා පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් පිළිබඳ ඊයේ (10 දා) වනවිටත් කිසිදු තොරතුරක් නොලැබුණු බව රෝහල් වැඩ බලන අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මිය ‘‘දිවයින’’ ට පැවසූවාය. අංගොඩ රෝ... |
"දුප්පත් සේවකයන්ගේ මුදල් ආණ්ඩුවේ වැඩවලට යොදාගන්න හදනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා" | "පුද්ගල නිදහස හා නීතිය ශක්තිමත් කිරීම සඳහා ජාතික ආරක්‍ෂාවට හානි නොවන ආකාරයට සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා බව අධිකරණ ඇමැති අලි සබි‍්‍ර මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. එමෙන්ම ජනතාවට විශ්වාසවන්ත, කාර්යක්‍ෂම හා ලාභදායී ක‍්‍රමවේදයකින් තම ප‍්‍රශ්න හෝ ආරවුල් විසඳා ගැනීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ඇති කරන බව ද ඇමැතිවරයා කිය... |
"ලංකා ධීවර සංස්ථාවෙන් නිවසටම මාළු" | "ලංකා ධීවර සංස්ථාවේ නිෂ්පාදන කොළඹ නාගරික බල ප‍්‍රදේශය තුළ නිවෙස්වලටම ගොස් අළෙවි කිරීමට Uber ආයතනය සමග එක්ව නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව ධීවර රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය. මෙම නව වැඩපිළිවෙළ ඉදිරි සති කීපය තුළදී කොළඹ දිස්ත‍්‍රික්කය තුළ සහ මීගමුව කුරුණෑගල මහනුවර යන නගරවලදී ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන... |
"විදේශිකයන් නහය වසාගෙන යනවා: තැන තැන කැළි කසළ… උණවටුන සංචාරක කලාපය ගඳගසයි" | "උණවටුන සංචාරක කලාපයට අයත් ගාල්ල – මාතර ප‍්‍රධාන මාර්ගයට ඇතැම් පුද්ගලයන් විසින් කැළිකසල ගෙනවිත් දැමීම නිසා පාරිසරික වශයෙන් ගැටළු රැුසක් මතුවී ඇතිබැව් ප‍්‍රදේශවාසීහු පවසති. මෙම තත්වය නිසා මාර්ගයේ තැනින් තැන කැළිකසල ගොඩගැසී තිබෙන අතර මේ තුළින් දැඩි දුර්ගන්ධයක් ද වහනය වේ. ඇතැම් හෝටල් හිමියන් විසින් ද මාර්ගයේ ඇතැම් ස්ථානවල... |
"ආයුර්වේද ඖෂධ පර්යේෂණාගාරය වසර පහකට කර ඇත්තේ පර්යේෂණ 3යි" | "ශී‍්‍ර ලංකාවේ ආයුර්වේද ඖෂධ පර්යේෂණාගාරය විසින් 2016 සිට 2020 දක්වා වසර 05 තුළදී කරන ලද පර්යේෂණ සංඛ්‍යාව 03 ක් යැයි දේශීය වෙදකම් ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පැවසීය. එම ආයතනය විසින් පර්යේෂණ 14කට වඩා ආරම්භ කර ඇතත් නිම කර ඇත්තේ පර්යේෂණ 03ක් පමණක් බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා මෙම ආයුර... |
"වචනය හරස් වුණා සූර්ය පැනල සැඟවුණා – දුමින්ද කියයි" | "ඇතැම් නිවාසවල වහල මත (Roof Top) සූර්ය කෝෂ සවිකර වසර දෙකක් ගතව තිබුණත් ඒ සඳහා සබඳතා ලබාදීමට විදුලිබල මණ්ඩලයට නොහැකි වී ඇත්තේ ‘‘විදුලිබල පනතේ එක් වචනයක් නිසා’’ යැයි සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතා හෙළි කරයි. පුනර්ජනනීය බලශක්ති මගින් විදුලිය ජනනය කළ හැකි ව්‍යාපෘති කඩින... |
"විදේශිකයන් නහය වසාගෙන යනවා: තැන තැන කැළි කසළ… උණවටුන සංචාරක කලාපය ගඳගසයි" | "උණවටුන සංචාරක කලාපයට අයත් ගාල්ල – මාතර ප‍්‍රධාන මාර්ගයට ඇතැම් පුද්ගලයන් විසින් කැළිකසල ගෙනවිත් දැමීම නිසා පාරිසරික වශයෙන් ගැටළු රැුසක් මතුවී ඇතිබැව් ප‍්‍රදේශවාසීහු පවසති. මෙම තත්වය නිසා මාර්ගයේ තැනින් තැන කැළිකසල ගොඩගැසී තිබෙන අතර මේ තුළින් දැඩි දුර්ගන්ධයක් ද වහනය වේ. ඇතැම් හෝටල් හිමියන් විසින් ද මාර්ගයේ ඇතැම් ස්ථානවල... |
"කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත්" | "පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තේරී පත්විය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (10දා) රැස්වූ එම කාරක සභාවේ සාමාජික මන්ත‍්‍රීවරුන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සභාපතිවරයා පත් කෙරිණ. අමාත්‍ය සරත් වීරසේකර මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර පාර්ලි... |
"ඔමික්‍රෝන් පැතිරීමට ඉඩ දීම තවත් මාරාන්තික ප‍්‍රභේදවලට අත වැනීමක් – WHO ප‍්‍රධානියෙක් කියයි" | "ලොව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදය සමාජය තුළ නිදහසේ පැතිරීමට ඉඩ ලබා දුන්නොත් තවත් ශීඝ‍්‍රයෙන් පැතිරෙන මාරාන්තික කොරෝනා වෛරස් ප‍්‍රභේදයක් ළඟදීම බිහිවීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා පිළිබඳ තාක්ෂණ අංශයේ ප‍්‍රධානියා වන වෛද්‍ය මරියා වැන් කර්කොව් ඉකුත් 08දා අනතුරු ඇඟවීය. තවමත් එවැනි... |
"ඔමික්‍රෝන් සැර පහළට නිරෝධායනයත් දින 7ට බහී" | "ශ‍්‍රී ලංකාවේ දිනපතා අලූතින් වාර්තා වන කොවිඞ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා ඇත. ඊයේ (10දා) දක්වා දින 07ක කාලය තුළ හමු වූ නව ආසාදිතයන් ගණන 8784ක් බව වසංගත රෝග ඒකකය සඳහන් කරයි. මෙම තත්ත්වය අනුව ජනතාව ඒකරාශීවීම් සීමා කළ යුතු බවද වෛiවරු පවසති. මේ අතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා පවසන්නේ කො... |
"කෝටිය පැන්න ජල බිල්පත් නොගෙවූ පූජනීය ස්ථානවල ජලය විසන්ධි කිරීමට තීරණ" | "රුපියල් කෝටියක් ඉක්මවා ජල බිල්පත් ගෙවීම පැහැර හැර තිබෙන දිවයිනේ ජනප‍්‍රිය පූජනීය ස්ථානවල ජල සැපයුම් විසන්ධි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය තීරණය කර තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවැසීය. ජල බිල්පත් ගෙවීම පැහැර හැර තිබෙන පූජනීය ස්ථානවල ජල සැපයුම් විසන්ධි කිරීමේදී දේශපාලනඥයන් මැදිහත්ව විසන්ධි කිරීමට වැළැ... |
"අධිභාරයට එරෙහිව" | "සේවක අර්ථසාධක අරමුදල (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ඊ.ටී.එෆ්) මගින් අය කිරීමට යෝජිත 25% ක අධිභාර බද්ධ වහා අහෝසි කරන ලෙසට අන්තර් සමාගම් සේවක සංගමය ඊයේ (10 දා) නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි. උද්ඝෝෂණය පැවති ස්ථානයට පැමිණි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්... |
"කර්මාන්ත අමුද්‍රව්‍ය වරායේ හිරවෙයි – නිදහස් කර නොගත්තොත් කර්මාන්ත රැසක් මකර කටේ" | "අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ද රේගුවෙන් කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බව මව්බිම ලංකා පදනමේ ප‍්‍රධාන ලේකම් හා ඞී.එස්.අයි. සැම්සන් සමූහ ව්‍යාපාරයේ සම්මානිත කළමනාකාර අධ්‍යක්‍ෂ කුලතුංග රාජපක්‍ෂ මහතා ඊයේ (09 දා) ‘දිවයින’ට පැවසීය.කර්මාන්ත අමාත්‍යාංශය හරහා නව කමිටුව... |
"පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට පාප් වහන්සේගේත් සහාය" | "පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් සඳහා සාධාරණය ඉටුකිරීමට මෙරට කතෝලික පල්ලිය ගෙනයන සටනට සහය ලබාදීමට පාප් වහන්සේ කැමැත්ත පළකර තිබේ. පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම සඳහා ජාත්‍යන්තර පරීක්‍ෂණයකට සහය ලබාදෙන ලෙස ඉල්ලමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් පාප් වහන්සේට ලිපියක් යවා තිබිණි. මෙම ලිපියට සතුටුදායක ප‍්... |
"කොවිඩ් ආසාදිත සිසුහූ 171ක් උ. පෙළ ලියති" | "කොවිඞ් ආසාදිත සිසුන් 171ක් පෙරේදා (8 දා) උසස් පෙළ විභාගයට පෙනී සිට ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඞී. ධර්මසේන මහතා ‘ දිවයින’ට ඊයේ (9 දා) පැවසීය.මෙම සිසුන් කොවිඞ් ආසාදිතව රෝහල්වල නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින අතර එම මධ්‍යස්ථානවලදී විභාගයට ඉදිරිපත් වී ඇත. මෙම සිසුන්ගෙන් බරපතළ රෝගී තත්ත්වයක් වාර්තා වී නැතැයි වි... |
"ලක්‍ෂ 75 ක මුදල් මගඩියට – සීඅයිඩී හිටපු ලොක්කෙක් ගැන විමර්ශන" | "අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනයක දී රුපියල් හැත්තෑපන් ලක්‍ෂයක මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇත.පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි මෙම විමර්ශනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්ම ආරම්භ කර ඇති අතර මේ පිළිබඳව... |
"ආනයන සීමා ඉවත් කරන්න – යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාවට දන්වයි" | "ශ‍්‍රී ලංකාව විසින් පනවා ඇති ආනයන සීමා ඉවත් කරන ලෙසට යුරෝපා සංගමය දැනුම් දී තිබේ.බ‍්‍රසල්ස් නුවර පෙරේදා (08 දා) පැවැති යුරෝපා සංගම් රැුස්වීමේදී මෙම ඉල්ලීම කර ඇත. එහිදී ශ‍්‍රී ලංකා නියෝජිතයන් සඳහන් කර ඇත්තේ කොරෝනා ව්‍යාප්තියත් සමඟ මුහුණ දී ඇති විදේශ විනිමය ගැටලූව හේතුවෙන් මෙලෙස ආනයන සීමා පැනවීමට කටයුතු කළ බවයි.රට මුහුණ... |
"ඩෙංගු මර්දන සහායකයෝ විරෝධතාවේ" | "සිය රැකියා සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ ස්ථීර කරන ලෙස රජයට බලකරමින් ඩෙංගු මර්දන සහායකයන් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (9 දා) විරෝධතාවක නිරතවූ අයුරු. පසුව ඔවුහු සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියට ඇතුළුවී එහි නිලධාරීන් සමග සාකච්ඡුාවකද නිරත වූහ. ඡායාරූපය – තුෂාර අතපත්තු" |
"රිෂාඩ්ට රට යන්න අවසර" | "හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතාට ඉදිරි මාස තුනක කාලයක් විදේශගතවීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (09 දා) අවසර ලබාදුන්නාය.ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමට ද නියෝග කළාය. අධික... |
"වර්ජන නවතා රට ගැන හිතන්න – ජනපති" | "විවිධ බලවේගවලට යට නොවී ජනතා සේවය සඳහා එක්වන ලෙස වැඩ වර්ජනවල නිරත වෘත්තිකයන්ගෙන් තමා මේ මොහොතේ ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (09 දා) අනුරාධපුරය සල්ගාදු කී‍්‍රඩාංගණයෙන් ආරම්භ වූ රටේ සංවර්ධනය පිළිබඳව ජනතාව දැනුවත් කරන පොදුජන රැුලි මාලාවේ පළමු රැුලියට එක්වෙමින් කියා සිටියේය.අගමැති මහින්ද රාජපකෂ, මුදල් ඇම... |
"අපි ජනතාව අතරට යනවා – විපක්‍ෂයට අභියෝග කරනවා – අගමැති" | "අපි දේශපාලන තීන්දු තීරණ ගන්නා විට කටයුතු කළේ ඊළ`ග මැතිවරණයේ ලැබෙන ඡුන්ද පිළිබ`ද සලකමින් නොව රට පිළිබ`දව කල්පනා කරමින්.ඡුන්ද පිළිබ`ද සිතමින් කටයුතු කළා නම් කිසිවිටකත් එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පරාජය කරන්න යන්නේ නැහැ. දැඩි විරෝධතා මැද නොරොච්චෝලේ බලාගාරය හදන්නෙත් නැහැ… හම්බන්තොට වරාය ඉදිකරන්නෙත් නැහැ… වරාය නගරය රටට දායාද කිර... |
"මුදල් ඇමැති මුකුත් කියන්නේ නෑ – රටේ ආර්ථිකය ගැන කතා කරන්න – දින දෙකක විවාදයක් ඕනෑ – ලක්‍ෂ්මන් කිරිඇල්ල" | "ආර්ථික තත්ත්වය සම්බන්ධව මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ කතා නොකරන බැවින් ආර්ථිකය ගැන කතා කිරීමට දින දෙකක විවාදයක් අවශ්‍ය යයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 දා* ඉල්ලා සිටියේය.ඊට පිළිතුරු දුන් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා, මුදල් ඇමැතිවරයා ර... |
"මෝදි එනතෙක් ශ‍්‍රී ලංකාව බලා සිටිනවා – ජී. එල්. ඉන්දීය විදේශ ඇමැතිට කියයි" | "ලබන මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීම සඳහා ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි මහතා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.ඉන්දීය අගමැතිවරයාගේ මෙම සංචාරය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව දැඩි අපේක්‍ෂාවෙන් සිටින බව ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉන්දීය විදේශ ඇම... |
"සජිත්ගේ ඊපීඑෆ් ප‍්‍රශ්නයෙන් මැතිසබය ඇවිස්සෙයි" | "සේවක අර්ථසාධක අරමුදලෙන් ලැබෙන ලාභයට බද්දක් අයකොට එම අරමුදල මහ දවල් මංකොල්ල කෑමට යෑම අනුමත කරනවාදැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කම්කරු ඇමැතිවරයාගෙන් ප‍්‍රශ්න කිරීම දුරදිග ගොස් පාර්ලිමේන්තුවේදී ඊයේ (9 දා) ආණ්ඩුව සහ විපක්‍ෂය අතර මත ගැටුමක් ඇතිවිය.විපක්‍ෂ නායක- මම ඊයේ සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ බරපතළ ගැටලූ ඇතිකර... |
"අගයක් හා වටිනාකමක් ඇති ප‍්‍රමිතියෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවනවා – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස දිවුලපිටියේදී කියයි" | "* ආණ්ඩුවේ ඇත්තේ බොරු පුරාජේරුව විතරයියමෙකු ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එම ආණ්ඩුව වටිනාකමක් ඇති අගයක් ඇති මෙන්ම ප‍්‍රමිතියක් ඇති ආණ්ඩුවක් විය යුතුයි. එය එසේ වුවත් වර්තමාන ආණ්ඩුව කිසිම ප‍්‍රමිතියක් නැති හා වටිනාකමක් අගයක් නැති ආණ්ඩුවක් බවට පත්ව තිබෙනවා. අනාගතයේ මෙරට පිහිටුවනු ලබන සමගි ජනබලවේගයේ ආණ්ඩුව සැබවින්ම අගයක් ඇති වට... |
"උපාලි විජයවර්ධන ගුණ සමරු පිංකමක් 13දා රාගම මත්තුමගලදී" | "උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 39 වන ගුණ සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන විශේෂ පහන් පූජාවක් හා බෝධි පූජාවක් ලබන 13 වැනිදා රාගම මත්තුමගල ශී‍්‍ර චන්ද්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.විහාරාධිපති දක්‍ෂිණ ලංකා ධර්ම ප‍්‍රචාරක සංගමයේ අනුශාසක කිවිපති අකුරැස්සේ චන්ද්‍රසිරි හිමියන්ගේ හා විහාරවාසී පූජ්‍ය පණ්... |
"මහ බැංකු අධිපති ජනතාව ඇන්දීමට ගන්නා උත්සාහය පිළිකුලෙන් හෙළා දකිනවා – පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා" | "මහ බැංකු අධිපතිවරයා මෙරට ඩොලර් හි`ගයක් නැතැයි නියමින් ජනතාව ඇන්දීමට ගන්න උත්සහය පිළිකුලෙන් හෙළා දකින බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (09) පැවති ‘ආර්ථිකයේ නිවැරදි දිශාව’ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේ... |
"ලංකාවේ මිනිස්සු අවුරුදු දෙකට කෝටි 18000 ක මාස්ක් දාලා" | "මෙරට ජනතාව ඉකුත් වසර දෙක තුළදී මුව ආවරණ (මාස්ක්) මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 18,000 කට අධික මුදලක් වැය කර ඇතැයි පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. ඒ අනුව දිනකට මුව ආවරණ (මාස්ක්) මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි විසිපහකට අධික මුදලක් වැය කරන බවට ද ගණන් බලා තිබේ. ජීවන වියදම විශාල ලෙස ඉහළ ... |
"සාකච්ඡා අසාර්ථකයි : වර්ජනය දිගටම…. රෝගීහු දෙස් දෙවොල් තබති" | "සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය ඇමැතිවරයා ධනාත්මකව පියවර ගත්ත ද ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් ප‍්‍රකාශ කිරීමට නොහැකිවීම නිසා සිය වැඩ වර්ජනය දිගටම පවත්වාගෙන යන බව පරිපූරක වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් රවි කුමුදේශ් මහතා පැවසීය. එබැවින් ජනාධිපතිවරයා මේ සඳහා මැදිහත් වී කඩිනමින් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගතයුතු යැයිද හ... |
"රාජසන්තකවූ ඉන්දීය ධීවර යාත‍්‍රා 135ක් යාපනයේදී වෙන්දේසි කෙරේ" | "ඉන්දීය ධීවරයන්ගෙන් රාජසන්තක වූ යාත‍්‍රා 135ක් පළමු දිනයේදී යාපනය කරෙයිනගර් ප‍්‍රදේශයේදී වෙන්දේසි කිරීමෙන් ධීවර දෙපාර්තමේන්තුව රුපියල් පනස් දෙලක්ෂ විසිපන්දාස් පන්සීයක (5225500) මුදලක් 7 වැනිදා උපයාගෙන තිබේ. මේ යාත‍්‍රාවලින් වැඩි සංඛ්‍යාවක් අබලන් තත්ත්වයේ යාත‍්‍රා වූ අතර එල් 42 දරන අඩි 48ක් දිග විශේෂ ධීවර යාත‍්‍රාව පමණක... |
"දේශපාලන බැල්මට යටනොවූ ඉඩම් ලොක්කා ගෙදර යයි" | "හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ප‍්‍රබල දේශපාලනඥයකුගේ බලපෑම මත ඉඩම් කොමසාරිස් කීර්ති ගමගේ මහතා ඊයේ (08 දා) ඉවත් කර ඇත. හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ දෙපාර්ශ්වයක් අතර පැවැති ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්වරයාට ලැබුණු පැමිණිල්ලක් විභාග කර සාධාරණය ඉටුකිරීමට යාම නිසා ඉඩම් කොමසාරිස්වරයා ප‍්‍රබල දේශපාලනඥයාගේ උදහසට ලක්වී ඉල්ල... |
"භික්ෂුන් වහන්සේ කිහිපනමක් උතුරේ පුරා විද්‍යා ස්ථාන නිරීක්ෂණ චාරිකාවක" | "ජාතික සංවිධාන කිහිිපයක් නියෝජනය කරණු ලබන භික්ෂුන් වහන්සේලා උතුරේ පුරා විද්‍යා ස්ථාන රැසක නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. ඒ අනුව වව්නියාව නන්දිමිත‍්‍ර සෙන්පතියාගේ බල කොටුවක්ව පැවති කිඹුලාගල ප‍්‍රදේශය, සපුමල්ගස්කඩ පුරාණ රජමහා විහාර්ථානය සහ මුලතිව් කරුන්දාශෝක විහාරස්ථානයේ උන් වහන්සේලා සංචාරය කළහ. මෙම පුරාවිද්‍යා හා ශාසනික වශ... |
"කෝටි 1 1/2 ක හෙරොයින් සම`ග ‘‘කුඩු පූසි’’ කොහුවලදී මාට්ටු" | "ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන ‘‘කුඩු පූසි’’ නමින් හඳුන්වන කාන්තාව කොහුවලදී පෙරේදා (07 වැනිදා) රාත‍්‍රී අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකාය රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක්ද සොයා ගෙන ඇත.පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ ... |
"විශ‍්‍රාම වැටුප් හා සේවක අර්ථ සාධකයෙන් සියයට 25 ක බද්දක් අයකිරීම ගැන ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන" | "රජය ජනතාව මත බදු පිට බදු ගසා ඊළඟ මැතිවරණවලට මුදල් සොයමින් සිටිනවා යැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (08 දා) පැවසීය. විශේෂ භාණ්ඩ හා සේවා බද්ධ, වැට් බදු සංශෝධනය හා අධිකාරි බද්ධ සංශෝධනය කරමින් මෙලෙස ජනතාව මත බදුපිට බදු පනවා තිබෙන බවද විජයවර්ධන මහතා ඊයේ (8 දා) කොළඹ පැවති ව්‍යාපාරික හමුවකට එක්ව... |
"රටේ ඩොලර් තියෙනවා නැත්නම් භාණ්ඩ ආනයනය කරන්න බෑ" | "රටේ ඩොලර් තිබෙන බවත් නැත්නම් විශාල වශයෙන් රටට භාණ්ඩ ආනයන කිරීමට හැකියාවක් නොමැති බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (08දා) මහ බැංකුවේදී පැවසීය. ඇතැම් අය සිතනවා මේ ඩොලර් හිඟයක් තියෙන්නේ අපි ළඟ ඩොලර් නැති නිසා කියලා. ඩොලර් නැත්නම් අපි කොහොමද ගිය වසරේදී (2021) ඇමෙරිකානු ඩොලර් බිලියන 22ක භාණ්... |
"වර්ජනයට තල්ලූ කරමින් ආණ්ඩුව පෞද්ගලීකරණයට සැරසෙනවා – වෛද්‍ය නවීන්ද සොයිසා" | "රෝගීන් අපහසුතාවට පත්කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගෙනයන වැඩ වර්ජනයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ රජය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (08 දා) ප‍්‍රකාශ කළේය. ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය පිළිබඳව තීරණ ගැනීමේදී ආණ්ඩුවට නිවැරදි ප‍්‍රතිපත්තියක් නොතිබූ නිසා සෞඛය වෘත්තීය සමිති නොග... |
"මහ බැංකුව රන් සංචිත යළි SALE : විදෙස් සංචිත යළිත් පහළට" | "ශ‍්‍රී ලංකා මහ බැංකුව සතුව පැවැති රන් සංචිත ප‍්‍රමාණය ඉකුත් ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 92 දක්වා සියයට 47.5කින් පහත වැටී තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේදී ශ‍්‍රී ලංකාව සතුව පැවැති රන් සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 175 ක් වූ අතර ඒ අනුව එම ප‍්‍රමාණය ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 83කින් තවදුරටත් අ... |
"මහ බැංකුව රන් සංචිත යළි SALE : විදෙස් සංචිත යළිත් පහළට" | "ශ‍්‍රී ලංකා මහ බැංකුව සතුව පැවැති රන් සංචිත ප‍්‍රමාණය ඉකුත් ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 92 දක්වා සියයට 47.5කින් පහත වැටී තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේදී ශ‍්‍රී ලංකාව සතුව පැවැති රන් සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 175 ක් වූ අතර ඒ අනුව එම ප‍්‍රමාණය ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 83කින් තවදුරටත් අ... |
"ලක්ෂ පනහක කුඩු – අයිස් – කේරළ ගංජා – මත්පෙති දැලේ" | "වලාන මධ්‍යම දුෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය රාත‍්‍රි කාලයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකින් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු, අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා සහ මත් පෙති තොගයක්, ප‍්‍රවාහනයට යොදාගත් මෝටර් රථ දෙකක් සමග පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට ගත්බව එම ඒකකය පවසයි. පානදුර, පින්වත්ත, අළුබෝමුල්ල සහ ග‍්‍රෑන්ඞ්පාස්... |
"අධිභාර බද්ද හරහා EPF මුදල් කොල්ලයක් – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස" | "ආණ්ඩුව විසින් අධිභාර බද්දක් පනවා සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොල්ලකෑමේ වැඩපිළිවෙළක නිරත වන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය. පෙරේදා (7 දා) ගෙනා මෙම බද්දට අදාළ ගැසට් නිවේදනය වහාම හකුලා ගන්නැයි ද හෙතෙම 27 (2) යටතේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් සඳහන් කළේය. රුපියල් ටි‍්‍රලියන තුනක් ඇති ම... |
"අධිවේගයේ අනතුරු වැඩියි:" | "ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුළ මේ වන විට බහුල වශයෙන් රිය අනතුරු සිදු වන අතර 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂය තුළ සිදු වූ රිය අනතුරු සංඛ්‍යාවේ ශීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කරයි. මාස 6 ක් ඇතුළත අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතු... |
"‘ඕපාදූපවලට’ උත්තර නොදෙමි – ජොන්ස්ටන්" | "විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) සිදු කළ විශේෂ ප‍්‍රකාශයේ ‘ ඕපාදූප’ තිබූ බවත් ඒවාට ආණ්ඩුව පිළිතුරු නොදෙන බවත් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් ප‍්‍රකාශ කිරීමෙන් ඊයේ සභා ගැබෙහි උණුසුම් තත්ත්වයක් ඇති විය. මේ වනවිට රට මුහුණ දෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් 27 (2)... |
"අර්ථසාධකයටත් අත තියන්න හදනවා – නිරෝෂන් පෙරේරා" | "දුප්පත් දූ දරුවන්ට මහා පිළිසරණක් වූ මහපොළ භාරකාර ශිෂ්‍යත්ව අරමුදලේ වත්කම් මිලියන ගණනින් වැඩි කිරීමට තමන් කටයුතු කළ අතර එය තවදුරටත් සුරක්ෂිත කිරීමේ අරමුණින් ඊට සංශෝධන ගෙන ආ බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ කීය. වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නි... |
"හිජාස් හිස්බුල්ලා ඇප මත මුදාහරින්න" | "* අභියාචනාධිකරණය හලාවත මහාධිකරණයට නියෝග කරයිත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ විත්තිකරුවකු වන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇපමත මුදාහැරීමට අභියාචනාධිකරණය ඊයේ (07දා) හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මියට නියෝග කළේය.හිජාස් හිස්බුල්ලා මහතාගේ නීතිඥවරුන් වි... |
"ජීවිත 3ක් පස් කන්දට බිලිවෙයි" | "මඩවල මහවංගුව දික්හින්න ප‍්‍රදේශයේ නිවසක් පිටුපස බැම්මක් ඉදිකිරීමට අත්තිවාරම් කපමින් සිටි පුද්ගලයින් සිව්දෙනකු මතට ඊයේ (07දා) පස්වරුවේ පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනකු මරණයට පත්ව ඇත.පස්වලට යටවී සිටි පුද්ගලයින් සිව්දෙනා ප‍්‍රදේශවාසීන් විසින් පිටතට ගෙන රෝහල් ගතකර තිබෙන අතර බරපතළ තත්ත්වයේ පසුවූ එක් අයකු ප‍්‍රතිකාර සඳහා මහන... |
"මේ වර්ජනවලට එරෙහිව ජනතාව නැගීසිටිය යුතුයි – වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන" | "අද රටේ සෞඛ්‍ය සේවාවේ වැඩවර්ජන දේශපාලන අවශ්‍යතා මත සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (7 දා) පැවැසීය.සාමාන්‍යයෙන් වැඩවර්ජන සිදුකරන්නේ හාම්පුතුන්ට එරෙහිව ඉල්ලීම් දිනා ගැනීමට වුවත් සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ පිරිස් වර්ජන සිදුකරන්නේ රෝගීන්ට එරෙහිව බවද එයට තම සංගමය දැඩි විර... |
"බිලියන 2 කට වඩා වාර්ෂික ලාභ ලබන සමාගම්වලින් 25% ක අධිභාර බද්දක්" | "EPF එකෙනුත් බදු ගනී නිහීන තුච්ඡු වැඩක් – හර්ෂ ද සිල්වා රුපියල් බිලියන 02 කට වඩා වාර්ෂික ලාභයක් (උපයන සමාගම්වලින් සියයට 25% ක අධිභාර බද්දක් අයකර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (07 වැනිදා* අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 2020 අපේ‍්‍රල් 01 වැනිදායින් ආරම්භ වන තක්සේරු වර්ෂයට අදාළව මෙම බද්ද අය කරගනු ලැබේ.... |
"හරියටම ලියුවද?" | "ඊයේ (7 දා) ආරම්භ වූ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි කොළඹ ආනන්ද බාලිකා විදුහලේ ශිෂ්‍යාවන් පිරිසක් විභාගය අවසන් වූ පසුව පිළිසඳරක යෙදී සිටි අයුරු. පින්තූරය – නිමල් දයාරත්න" |
"උපාලි විජයවර්ධන සමරු පිංකම් රැසක් රටපුරා" | "උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 39 වැනි ගුණ සැමරුම පෙබරවාරි 13 ඉරිදාට යෙදී ඇත. මේ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාර අලෙවි නියෝජිතයන්, සේවක සේවිකාවන් සහ ජනතාව විසින් දිවයින පුරා ආගමික ගුණ සමරු උත්සව සහ පිංකම් රැුසක් සංවිධානය කර ඇත. 11 වැනි සිකුරාදා පෙ.ව. 9.00 ට මට්ටක්කුලිය කාමලයිට් දේවස්ථානය ඉදිරිපිට... |
"ඇමැති ජී.එල්. ඉන්දීය විදේශ ඇමැති සමග සාකච්ඡා අරඹයි" | "ඉන්දියාවේ නිල සංචාරයක නිරතවී සිටින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (07දා) ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා හමුවිය. නවදිල්ලි නුවර පිහිටි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එම ද්විපාර්ශ්වික සාකච්ඡුාව පැවතිණිි.විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සමග ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ... |
"හත් වසරක බැඳුම්කර හොරකමේ හංගපු පිටු 106 එළියට දාන්න – දූෂණ විරෝධී හඬ ජනපතිට ලියයි" | "මෙරට 74 වන නිදහස සැමරීමට 07 වසරක බැඳුම්කර හොරකමේ සඟවන ලද පිටු 106 නිදහස් කරන ලෙස ඉල්ලා දූෂණ විරෝධී හඬ සංවිධානය විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.එහි කැඳවුම්කරු වන වසන්ත සමරසිංහ මහතා විසින් ජනපතිවරයාට යැවූ ලිපියේ මෙසේ සඳහන් වේ.මෙම සුප‍්‍රසිද්ධ වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරයි යන වි... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.