Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ඔමික්‍රෝන්  පැතිරිම තියුණුයි"
"මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවීමට හේතු වී ඇති ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදය එක් පුද්ගලයකුට දෙවතාවක් හෝ එයට වඩා වැඩි වාර ගණනක් වැලඳිය හැකි අතර එය විශාල පිරිසක් අතර පැතිර යෑමේදී සිදු වන මරණ සංඛ්‍යාව ද වැඩි වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද...
"ජනපති අගමැති ඇතුළු 18කට ජාත්‍යන්තර සම්බාධක පනවන්න – බි‍්‍රතාන්‍ය මන්තී‍්‍ර කණ්ඩායමක් ඉල්ලති"
"ජනපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු යුද නාවික සහ පොලිස් නිලධාරීන් 18කට ජාත්‍යන්තර සම්බාධක පනවන ලෙස බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් බි‍්‍රතාන්‍යය රජයෙන් ඉල්ලා ඇත.එම පාර්ලිමේන්තු කණ්ඩායමේ ප‍්‍රධානි එලියට් කොල්බර්න් විසින් මෙම ඉල්ලීම කර තිබේ. සම්බාධක පනවන ලෙසට නම් කර ඇති ලැයිස්ත...
"ත‍්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගත් දෙමළ සිරකරුවන් 27ක් ඉක්මනින් නිදහස් කරනවා"
"අධිකරණ ඇමැති යාපනයේදී කියයිත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින තවත් දෙමළ දේශපාලන සිරකරුවන් 27 දෙනකු ඉතා ඉක්මනින්ම නිදහස් කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබි‍්‍ර මහතා 30 දා යාපනයේදී පැවසීය.යාපනයට පැමිණි අමාත්‍යවරයා මාධ්‍යවේදීන් පිරිසක් විසින් නගන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ක...
"ලෙබනන් යන සාමසාධක කණ්ඩායමේ විසිර යෑමේ පෙළපාළිය….."
"එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා දිවයිනෙන් පිටත්ව යන 13 වන ලෙබනන් සාමසාධක කණ්ඩායමේ විසිර යෑමේ පෙළපාළිය පෙරේදා (30 දා* ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පනාගොඩ පාබළ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. නිලධාරීන් 10 දෙනකු සහ සෙසු නිලයන් 115ක් මෙම කණ්ඩායමට ඇතුළත් වූ අතර...
"ගම්පහ ජාතික ජනබලවේග සමුළුවට අමන වැඩක් කරන්න ඇවිත් ඉල්ලන් කති – දෙදෙනෙක් අත්අඩංගුවට – දේශපාලඥයකුගේ කීම පිට බිත්තර ප‍්‍රහාරයක් සිදු කරලා"
"සංවිධානාත්මක කල්ලියක් විසින් ගම්පහ දිස්ත‍්‍රික් ජාතික ජනබලවේගයේ දිස්ත‍්‍රික් සමුළුවේදී ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා එල්ල කර ගනිමින් බිත්තර සහ ගල් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.ඊයේ (30දා) ගම්පහ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත‍්‍රික් සමුළුව ස`දහ...
"මෙවර පළමු ශ්‍රේණියට ගන්න දරුවන්ගේ නම් එළියට දාන්න – අධ්‍යාපන ලේකම් විදුහල්පතීන්ට දන්වයි"
"2022 වසර සඳහා පළමු ශ්‍රේණියට ඇතුළත් කරගෙන සිටින සිසුන්ගේ නාමලේඛනය ප‍්‍රසිද්ධ කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටී.සම්මුඛ පරීක්‍ෂණ පවත්වා තෝරාගත් දරුවන්ගේ නාමලේඛනය ප‍්‍රසිද්ධ නොකිරීම නිසා තම දරුවන් තේරී නොමැතිනම් අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවද ප‍්‍රමාද වන ...
"ආණ්ඩුවට IMF යන්න සහාය දිය යුතුයි – රනිල් වික‍්‍රමසිංහ"
"ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට දරන උත්සාහයට බාධා නොකළ යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පෙරේදා (29 දා) පැවැසීය.සමාජ ජාලා නිර්මාණ ශිල්පීන් කණ්ඩායමක් සමග කථිකාවකට එක්වෙමින් රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කළේය. රජය දරන එම උත්සාහයට සියලූ දෙනා එක්ව සහයෝගය ලබාදිය යුතු බ...
"බූස්ටරය ළගටම එයි – ජංගම එන්නත්කරණය අද සිට"
"ජනතාව ළඟට ගොස් බූස්ටර් එන්නත ලබාදීමේ ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන අද (31 වැනිදා) සිට ක‍්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘දිවයින’ට පැවසීය.ඒ අනුව රාජ්‍ය ආයතන, පෞද්ගලික රැුකියා ආයතන, දුම්රිය පළවල්, බස් නැවතුම් පළවල් හා ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන අසළට ජංගම එන්නත්කරණ රථ මගින් බූස්ටර් එන්නත ලබාද...
"උ. පෙළ විභාගය කාලයේ විදුලිය කපන්න එපා – ඇමැති ඉල්ලයි"
"උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස, අදාළ අංශවලට දැනුම් දී ඇතැයි, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය. අ.පො.ස. උසස් පෙළ විභාගය පෙබරවාරි 07 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එය අවසන් වන්නේ මාර්තු 05 වැනිදාය.උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නො...
"ඩුබායි පන්නන්න ගිය මිලියන 25 ක රට සල්ලි සමග 5ක් දැලේ"
"ගමන් මලූවල සඟවා රුපියල් මිලියන විසිපහකට ආසන්න වටිනාකමින් යුතු විදේශීය මුදල් ඩුබායි බලා රැුගෙන යෑමට තැත්කළ පුද්ගලයන් පස් දෙනකු කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ.පෙරේදා (29 දා) එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ කේ 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා යෑමට පැමිණි අවස්ථාවේද...
"දෙමළ පක්‍ෂ මෝදිගෙන්  කළ ඉල්ලීමට එරෙහිව උතුරේ විරෝධතා"
"ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් කි‍්‍රයාත්මක කිරීමට ශී‍්‍ර ලංකා රජයට බලකරන ලෙස ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ 07 ක නායකයන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිඛිතව කළ ඉල්ලීමට එරෙහිව දෙමළ ජාතික ජනතා පෙරමුණ පෙරේදා (29 දා* විරෝධතාවක නිරත විය.දෙමළ ජාතික පක්‍ෂ නායකයන් වන ආර්. සම්බන්ධන් මාවේයි සේනාධිරාජ...
"කොවිඞ් සමඟ  දරුවන් අතරේ මිස් – සී රෝගය පැතිරෙයි"
"*  විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා බලාගෙනයි!රට තුළ කොවිඞ් පැතිර යෑමත් සමඟ, මේ දිනවල දරුවන් අතරේ බහු ඉන්ද්‍රීය ආසාදන රෝගය හෙවත් මිස් – සී නමැති රෝගය පැතිර යමින් පවතින බව බොරැුල්ල රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (30 වැනිදා) පැවසීය.මෙය විශේෂයෙන් අවුරුදු 5ත් 15ත් අතර වයසේ පසුවන දරුවන් අතරේ පැත...
"පානීය ජල බෝතල්වල පාලන මිල ඉවතට"
"දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්"
"සමගි ගොවිජන දැක්ම ජනගත කෙරේ"
"සමගි ජනබලවේගයේ සමගි ගොවිජන ප‍්‍රකාශනයෙහි මූලික දැක්ම වනුයේ ගොවි ජනතාව ආර්ථිකමය හා සමාජයීය වශයෙන් සවිබල ගන්වා ඔවුනගේ ජීවන තත්ත්වය උසස් කරලීමට හා කෘෂිකර්මාන්තය ඉහළ නංවා පරිසරය හා ස්වාභාවික සම්පත් ආරක්‍ෂා වන ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාවට නැංවීම බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.සමගි ජනබලවේගයේ සමගි ගොවිජන දැක්ම ජනග...
"නොවැම්බරයේ ආනයන වියදම 19.7 % කින් නගී"
"ඉකුත් නොවැම්බර් මස ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 305.8 ක් දක්වා සියයට 19.7 කින් වර්ධනය වී තිබේ.2020 වර්ෂයේ පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 255.5 ක් විය.මුළු පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම නියෝජනය කරන ආහාර හා පාන වර්ග ආනයන වියදම ඉකුත් නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 135.9 දක්වා සියයට 9.1 කින්...
"දේශපේ‍්‍රමී නිලධාරීන් ලෙස ඔබෙන් රටට විය යුතු යුතුකම් කොටස නිසිලෙස ඉටු කරන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ"
"* ගුවන් හමුදා වරලත් නිලධාරීන්ගේ විසිරයාමේ උළෙල  එක් දවසක හවස් වරුවකදී ජෙනරාල් විමලරත්න මට කිව්වා කොළඹ ගිහින් එන්න කියලා. ඒ අවස්ථාවේදී මා කොළඹට පැමිණීමට නියමිතව නොමැති බව මම ඔහුට දැනුම් දුන්නා. ඔහු ප‍්‍රතිචාර දක්වමින් පැවසුවේ පසුදින මගේ බිරිඳගේ උපන්දිනය වූ බැවින් මා යා යුතු බවයි. තමන් නායකත්වය දෙන අය කෙරෙහි පවතින අව්‍ය...
"පළාත් සභා අහෝසියි: නව ව්‍යවස්ථාව පෙබරවාරියේ"
"ලබන මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදීමට නියමිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මූලික සැලැස්මේ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පරිදි අගමැති තනතුරක් ඇති කිරීම සඳහා යෝජනා කර තිබෙන බවත්, ඒ අනුව දැනට පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි වනු ඇති බවත් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට විශ්වාස කටයුතු ආරංචි මා...
"විනිමය අවුල එකපාරටම විසඳන්න බැහැ"
"රට මුහුණ දී තිබෙන බරපතළ විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමේ ක‍්‍රියාවලිය ක‍්‍රමානුකූලව කළ යුත්තක් බවත් ඒ අර්බුදය විසඳා ගැනීමේ හරි දිශානතියට රට ගමන් කරන බව තමා මුදල් ඇමැතිවරයා වශයෙන් විශ්වාසයෙන් කියා සිටින බවත් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. ඒ අනුව දැනට බරපතළ වී ඇති මේ ඩොලර් ප‍්‍රශ්නය ...
"‘ලිමිට්’ පන්නලා රට හාල් අරන් – මහාචාර්ය බුද්ධි මාරඹේ"
"කාබනික පොහොර ප‍්‍රතිපත්තිය නිසා 2022 වසරේදී සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 08ක් 10ක් පමණ ප‍්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවන බව පුරෝකථනය කළත් මේ වන විට රජය එම ප‍්‍රමාණය ඉක්මවා පිටරටින් සහල් ලබා ගෙන ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ කෘෂි භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි. ඒ අනුව සහල් මෙටි‍්‍රක් ටොන් ...
"කාදිනල්තුමා ජාත්‍යන්තර අධිකරණයට යන්න හදයි"
"පාස්කු ඉරිදා ප‍්‍රහාරවලින් මියගිය විදේශිකයන් වෙනුවෙන්ද ජාත්‍යන්තර මට්ටමින් හඬක් නැගීමට ක‍්‍රියාකරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා විදේශීය ශ‍්‍රමිකයන් සමග සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වූ සම්මන්ත‍්‍රණයකදී ප‍්‍රකාශ කළේය. මෙම ප‍්‍රහාරය පිළිබඳව නිසි ආකාරයට මෙතෙක් යුක්තිය ඉටු නොවූ නිසා ජාත්‍යන්තර අධිකරණයට කරුණු වා...
"කමල් – ශවේන්ද‍්‍ර ඇතුළු හමුදාවේ 28 කට සම්බාධක පනවන්න සැලසුම්"
"ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු ඇමැතිනි ඇමන්ඩා මිලින් එරට පාර්ලිමේන්තුව අමතමින් ප‍්‍රකාශ කර ඇත. මෙම සම්බාධක නම් විදෙස් ගමන් සහ පිටරටවල ඇති ඔවුන්ගේ වත්කම් තහනම් කිරීමයි. මේ සම්බාධක පැනවීම සඳහා ඇමරිකානු රජය සමග සාකච්ඡා කරන බව ද ඇය වැඩිදුරටත් හ...
"ත‍්‍රස්ත මර්දන පනතට වසර 43 කට පසු සංශෝධන"
"ත‍්‍රස්තවාදී සැකකරුවන් රැඳවුම් මධ්‍යස්ථානවල සිටින බවට තහවුරු කර ගැනීම සඳහා මහෙස්ත‍්‍රාත්වරුන්ට එම මධ්‍යස්ථානවලට පැමිණීමට ඉඩදීම සහ ත‍්‍රස්ත සැකකරුවකු රඳවා ගැනීමේ කාලසීමාව මාස 12 කට සීමා කිරීම සඳහා වූ සංශෝධන ත‍්‍රස්ත‍්‍ර මර්දන පනතට ගෙන ඒමට රජය තීරණය කර ඇත. මෙවැනි සංශෝධනයක් ත‍්‍රස්ත මර්දන පනතට ගෙන එන්නේ වසර 43 කට පසුවය. ...
"පොල් තෙල් වලට පාම් තෙල් මිශ‍්‍ර කර වෙළෙඳපොළට නිකුත් කිරීමට ව්‍යාපාරිකයන් පිරිසකගේ සැලසුමක්!"
"උත්සව සමය වෙනුවෙන් පාම් තෙල් මිශ‍්‍ර පොල් තෙල් වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා වන උත්සාහය අඩපණ කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලයි. කූට ව්‍යාපාරිකයන් පිරිසක් විසින් පාම් තෙල් සඳහා වන ආනයනික බද්ද අඩුකර ජනතාව පාරිභෝජනය කරන පොල් තෙල් සඳහා ෆාම් තෙල් මිශ‍්‍ර කර අලෙවි කිරීමේ සූදානමක් පවතින බව පාරි...
"පොල් තෙල් වලට පාම් තෙල් මිශ‍්‍ර කර වෙළෙඳපොළට නිකුත් කිරීමට ව්‍යාපාරිකයන් පිරිසකගේ සැලසුමක්!"
"උත්සව සමය වෙනුවෙන් පාම් තෙල් මිශ‍්‍ර පොල් තෙල් වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා වන උත්සාහය අඩපණ කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලයි. කූට ව්‍යාපාරිකයන් පිරිසක් විසින් පාම් තෙල් සඳහා වන ආනයනික බද්ද අඩුකර ජනතාව පාරිභෝජනය කරන පොල් තෙල් සඳහා ෆාම් තෙල් මිශ‍්‍ර කර අලෙවි කිරීමේ සූදානමක් පවතින බව පාරි...
"මතභේදාත්මක පනත් කෙටුම්පත 10 වැනිදා විවාදයට"
"මතභේදයට තුඩු දී ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු, එකතු කළ අගය මත බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම්) පෙබරවාරි මස 10 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිතය. ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත මෙම පනතට මේ වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව කිහිපයක් අධිකරණ කි‍්‍රයාමාර්ග ද ගෙන තිබේ. පාර්ලිමේන්තුව පෙබරවාරි ...
"කොවිඩ් මාර්ගෝපදේශ ලිහිල් කළේ ඇයි"
"කොවිඩ් වසංගත තත්ත්වය මෙරට උග‍්‍ර වෙමින් පවතින අවස්ථාවක කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීම කුමන විද්‍යාත්මක පදනමක සිට සිදු කළේදැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා රටට පැහැදිලි කළ යුතු බව වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට පැවසීය. කොවිඩ් සෞඛ්‍...
"වෙළෙඳ හිඟය ඩොලර් 7051 ට නගී"
"ගිය වසරේ (2021) පළමු මාස එකොළහේදී රටේ වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන විදම අතර පරතරය) ඇමෙරිකානු ඩොලර් මිලියන 7051 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 2020 වර්ෂයේ පළමු මාස එකොළහේදී වාර්තා වූ වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 5446 ක් විය. මේ අනුව 2020 වසරේ අදාළ කාලයට සාපේක්‍ෂව 2021 වසරේ එම කාලයේදී වෙළෙඳ හිඟය ඇමෙරිකානු ...
"ජල පොලු තැබූ මැති ඇමැතිලාගේ වතුර කපයි"
"රුපියල් කෝටියකට ආසන්න හිඟ ජල බිල්පත් නොගෙවූ මැති ඇමැතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 45 දෙනකුට ආසන්න පිරිසකගේ වාසස්ථානවල ජල සම්බන්ධතා විසන්ධි කිරීමට ජාතික ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇති බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වෙයි. මොවුන් දීර්ඝ කාලයක් තිස්සේ ජල බිල්පත් ගෙවා නැති අතර බිල් ගෙවන ලෙස දන්වන...
"රනිල්ගේ පෙත්සම සලකා බැලීම මාර්තු 30 දා"
"පසුගිය රජය සමයේ සිදුවූයේ යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් තමන් සම්බන්ධයෙන් ලබාදී ඇති අවසන් නිර්දේශ බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර ඇති රිට් ආඥා පෙත...
"රන්ජන් බේරාගන්න මැදිහත් වන්න – කලා ශිල්පීහු නිශ්ශංක සේනාධිපතිගෙන් ඉල්ලති"
"අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 4ක සිරදඬුවමකට යටත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජනපි‍්‍රය රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාවක්් ලබා ගැනීම සඳහා කලාකරුවන් සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අතර පසුගියදා විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී කලාකරුවන් ප‍්‍රකට ව්‍යාපාරිකයකු වන ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක...
"පිළිකා එන්නතක් මෙරට හදන්න සමාගමක් අවසර ඉල්ලයි"
"අත්‍යවශ්‍ය පිළිකා නාශක එන්නතක් වන ට‍්‍රස්ටුසුමැබ් එන්නත යුරෝපා තාක්ෂණයෙන් මෙරට නිපදවීම සඳහා අනුමැතිය ලබා දෙන්නැයි පෞද්ගලික සමාගමක් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. ආනයනය කිරීමේ දී රුපියල් පනස් පන්දහසක් පමණ වන මෙම එන්නත මෙරට නිපදවා රුපියල් හතළිස් පන්දහසකට ලබා දිය හැකි බවත් මාසයකට එන්නත් පනස් දහසක් න...
"වසර 20 කට පසු කුඩු නඩුවෙන් කත නිදහස්"
"ඉන්දියාවේ සිට ශී‍්‍ර ලංකාවට කහකුඩු ඇසුරූ ටින් 50ක් තුළ සඟවා රුපියල් කෝටි 1/2ක් පමණ වටිනා හෙරොයින් තොගයක් ජාවාරම් කිරීම සඳහා දැනට 20 වසරකට පෙර දිවයිනට ආනයනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා 20 වසරක දීර්ඝ නඩු විභාගයකට පෙනීසිටි වයෝවෘද්ධ කතකට එරෙහි එම චෝදනාව ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත්...
"74 වැනි නිදහස් දින සැමරුම අභිමානවත් ලෙස"
"මෙවර පෙබරවාරි මස 04 වැනිදාට යෙදෙන 74 වැනි ජාතික නිදහස් දින උළෙල මහත් අභිමානයෙන් යුක්තව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්‍ෂක හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්...
"වියෝ ගී ගැයෙනා හදේ… නීලාගේ දේහය ලංකාවට රැගෙන එයි"
"අවසන් කටයුතු අද බොරැල්ලේ දී ඉතාලියේ ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියදී මියගිය ප‍්‍රවීණ ගායිකා විශාරද නීලා වික‍්‍රමසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29 දා* සවස බොරැුල්ල කනත්තේදී සිදු කෙරෙන බව ශ‍්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති විශාරද ජානක වික‍්‍රමසිංහ මහතා ‘දිවයින’ ට පැවසීය. දේහය ම...
"සාලාවේ ගෙවත්තක තිබූ බර අවි උණ්ඩය පිපිරී සිසුවකුට තුවාල"
"කොස්ගම සාලාව නගරයේ නිවසක මිදුලක තිබූ බර අවි උණ්ඩයක් පිපිරීමෙන් පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. පෙරේදා (27 දා) සවස 6.00 ට පමණ කොස්ගම සාලාව නගරයේ අංක 44 දරන නිවසේ පදිංචි ජිනෙන් සමීර අතපත්තු (15) නමැති පාසල් ශිෂ්‍යයා මෙලෙස තුවාල ලබා ඇත. මෙම දරුවා කළුඅග්ගල...
"නව කොවිඩ් ප‍්‍රභේද රටට ආවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වරදින්"
"නව කොවිඞ් රැල්ල ඇතිවීමට හේතු වූ නව ප‍්‍රභේද රටට ඇතුළුවීම වළකා ගැනීමට නොහැකි වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි මාර්ගෝපදේශ නිසා බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවි කුමුදේශ් මහතා ‘දිවයින’ ට ඊයේ (28 දා) පැවසීය. ඩෙල්ටා, ඔමික්‍රොන් හෝ කුමන ප‍්‍රභේදයක් වුවත් එය රටට ඇතුළුවීම ඉතා පහසුවෙන් වළක්ව...
"නිවෙස්වලම ප‍්‍රතිකාර ගන්න කොවිඩ් රෝගීන් ගණන 6600 පැනලා – විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන"
"කොවිඞ් නිවෙස්ගත ප‍්‍රතිකාර ඒකකයේ මේ වන විට සක‍්‍රිය රෝගීන් ගණන 6600කට අධික බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවෙස්ගත කොවිඞ් රෝගීන් සඳහා වූ ප‍්‍රතිකාර ඒකකයේ ප‍්‍රධානී, පවුල් විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ‘‘දිවයින’’ ට ඊයේ (28 දා) පැවසූවාය. මීට සති තුනකට උඩදී මෙම ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියේ කොවිඞ් රෝගීන් 1500ක ...
"ආනයන සීමා නොතකා ලක්ෂ 30 ක බීට්රූට් හොරෙන් ගෙන්නලා – ගෙන්වා ඇත්තේ අර්තාපල් කියලා"
"පකිස්ථානයේ සිට මෙරටට නීති විරෝධී ලෙස ආනයනය කරන ලද රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමින් යුත් බීට්රූට් තොගයක් රේගු නිලධාරීන් විසින් ඊයේ (28 වැනිදා) පස්වරුවේ තොටළඟ ගේ‍්‍රලයින් 2 බහාලූම් පරීක්ෂණ අංගනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පකිස්තානයේ සිට මෙරටට ආනයනය කළ සැකසහිත ශීතකරණය කරනු ලැබූ බහාලූමක ඉතා සූක්ෂම ලෙස සඟවා මෙම බීට්රූට් තොග...
"මෙරට රූපලාවණ්‍ය ශිල්පීන් 500කට බි‍්‍රතාන්‍යයේ සරසවි පාඨමාලා"
"මෙරට රූපලාවණ්‍ය ක්ෂේත‍්‍රයේ නිරත වන රූපලාවණ්‍ය ශිල්පීන් 500 දෙනකු හට රුපියල් ලක්ෂ 1005 ක වටිනාකමකින් යුතු බි‍්‍රතාන්‍යයේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධව පාඨමාලා හැදෑරීමට අවස්ථා හිමිව ඇත. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා ඉ...
"කොවිඩ් – ඩෙංගු එකවර හැදුණු රෝගීන් හමුවෙනවා"
"කොවිඩ් විකෘති වෛරස් ප‍්‍රභේදයක් වන ‘ඔමික්‍රෝන්’ සහ ඩෙංගු උණ රෝගයද එකවර වැළඳුණු රෝගීන් වාර්තා වීම නිසා කොවිඞ් පැතිර යෑමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘‘දිවයින’’ ට ඊයේ (28දා) පැවසීය. ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කිරීම නිසා කොවිඞ් වෛරසය ඔඩුදුවා ...
"උ/පෙළ කල්දාන්න: නාගානන්ද උසාවි යයි"
"ලබන 7 වැනිදා පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය සති 20 කින් කල් දැමීමට බල කරන නියෝගයක් අධ්‍යාපන අමාත්‍යවරයා හා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ මහ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ඊයේ (28දා) අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කළේය. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ලබන 7 වැනි...
"ශී‍්‍ර ලංකාවේ භාණ්ඩ රැසකට තුර්කි වෙළෙඳපොළේ පුළුල් ඉඩක්"
"ශ‍්‍රී ලංකාව සහ තම රජය අතර පවතින වෙළෙඳ ගනුදෙනු ප‍්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු වී ඇති බව තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලූ චව්සෝග්ලූ මහතා පවසයි. තුර්කි විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේ දී මේ බව සඳහන් කළේය. වෙළෙඳ කටයුතු විවිධාංගීකරණය කිරීමෙන් ශ‍්‍රී ලංකාවේ ...
"හිටපු කොටින් 13කට නිදහස"
"රැඳවුම් භාරයේ සිටි හිටපු කොටින් 13 දෙනකු රජය මගින් නිදහස් කර ඇත. ගුවන් යානාවලට ප‍්‍රහාර එල්ලකිරීම ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් මොවුන් රැඳවුම් භාරයේ රඳවා තිබුණි. එහෙත් මෙම හිටපු කොටි රැඳවියන් නිදහස්වීම කෙරෙහි කැමැත්තක් දක්වා නැත. රැඳවුම් භාරයේ සිටින කාලයේදී බන්ධනාගාරයේදී මොවුන්ට අවශ්‍ය භාණ්ඩද, අමතර ආහාර ද්‍රව්‍ය ලබා ග...
"නඩු තුනකින් ජොනී නිදහස්"
"සතොස සේවකයන් 153 දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩු තුනකින් අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනකු නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (28 දා) නියෝග කළේය. අල්ලස් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේම නිසි...
"අමානුෂික ලෙස පහර දුන්න අතවර කළා.. වසර දහයක් ගතවීත් සාධාරණ පරීක්‍ෂණයක් නෑ – හිමිනම හැඬූ කඳුළින් මාධ්‍යයට කියයි"
"බංග්ලාදේශ හිමිනම නිහඬ විරෝධතාවක පාස්පෝට් එක පැහැරගත් නිසා මවගේ මරණයටත් යන්න බැරිවුණා හිමිනම හැඬූ කඳුළින් මාධ්‍යයට කියයි. තමන් වහන්සේ වැඩසිටි කාමරයේ දොරගුළු කඩා බලහත්කාරයෙන් ඇතුළුවී තමාට අමානුෂික ලෙස පහරදී අතවර කොට සිය විදේශ ගමන් බලපත‍්‍රය, මුදල් හා භාණ්ඩ පැහැර ගෙන ගොස් වසර 10කට ආසන්න කාලයක් ගතවී ඇතත් මේ දක්වා සාධාරණ ප...
"එක නීතියක් නැත්නම්  කොවිඩ් මාර්ගෝපදේශ  සංශෝධනය කර වැඩක් නෑ – වෛද්‍ය නවීන් ද සොයිසා"
"නියමිත නීති රාමුවක සිට ලබා දී ඇති කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ එක රටක් එක සෞඛ්‍ය නීතියක් යටතේ ක‍්‍රියාත්මක නොවන්නේ නම් නිතිපතා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කිරීම පල රහිත ක‍්‍රියාවක් බව රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘‘දිවයින’ ට ඊයේ (28 දා) ප‍්‍රකාශ කළේය. කොවිඞ් සෞඛ්‍ය මාර්ගෝපදේශ, බලවතාට...
"ඩොලර් බිලියන 15.1 ක අපනයන ආදායමක්"
"ගිය වසරේ (2021) දී භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 15.1 ක ආදායමක් උපයාගෙන ඇතැයි ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියයි. මෙය 2020 වසරේ උපයන ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 12.34 ට සාපේක්‍ෂව සියයට 23 ක වර්ධනයකි. මෙසේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට 2021 වසරේදී භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් ඇමර...
"පාස්කු ප‍්‍රහාරය ගැන ජාත්‍යන්තරයට ගියත් පලක් නොවන ලකුණු"
"පාස්කු ප‍්‍රහාරය පිළිබඳව යුක්තිය ඉටුවී නැති බව දක්වමින් ඒ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලා සිටියත් එම අධිකරණයට ඒ සඳහා බලයක් නැතැයි අනාවරණය වී ඇත. මෙයට පෙර වතිකානුව ද ඉතාලි රජය පැනවූ නීතියකට එරෙහිව එරට අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කළත් එම පැමිණිල්ල නිෂ්ප‍්‍රභ කර තිබේ. වතිකානුව ඉතාලි රජය යටතේ කි‍්‍රයා...
"නව බදු පනත ගැන දේශීය ආදායම් බදු නිලධාරී වෘත්තිය සමිති හිටපු ජනපති මෛති‍්‍රට කරුණු පහදයි"
"දේශීය ආදායම් බදු නිලධාරී වෘත්තීය සමිති එකමුතු නියෝජිතයන් පිරිසක් හිටපු ජනාධිපති හයවන විධායක ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී 27දා උදෑසන හමුවී නව බදු පනත පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදී. අදාළ පනතේ එකඟ විය නොහැකි කරුණු කාරණා පිළිබඳව එම නිලධාරීන් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත දීර...
"කාබනික පොහොරෙන් වී වගා කළ ගොවීන්ගේ අස්වැන්න එතරම් අඩුවී නෑ"
"කාබනික පොහොර භාවිතයෙන් නිසි කලට වී වගා කළ ගොවීන්ගේ අස්වැන්නේ අඩුවීම අවම බවත්, කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳව රටේ පවතින දුර්මතය ඇත්තටම කනගාටුදායක බවත් ශ‍්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ භාණ්ඩාගාරික අනුරුද්ධ හේරත් මහතා පැවැසීය. කොළඹ දී ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවැසූ හෙතෙම මෙසේද කීය. කාබනික කෘෂිකර්මාන්තය...
"ගිලන් රථයට වෙඩි තැබීම සලිඳුගේ වැඩක්"
"පානදුර මූලික රෝහල ඉදිරිපිට දෙනෝදාහක් දෙනා බලාසිටියදී ගිලන්රථයක රියදුරකුට වෙඩි තැබීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ පානදුරේ සලිඳු නමැති පාතාල නායකයා විසින් බව පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළිවී ඇත. රුපියල් කෝටි 45 ක මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ඔත්තු ලබාදුන් බව කියන සිද්ධියක් මුල්කරගෙන මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි. ප...
"නිදහස් කර ගැනීමට පමා වීමෙන් තෙල් නැව් 6 ට ප‍්‍රමාද ගාස්තු ඩොලර් ලක්ෂ 10 ක්"
"හදිසි මිලදී ගැනීම් යටතේ ඉන්ධන නෞකා කොළඹ වරායට ගෙන්වා ගත්තත් ඒවා නිදහස් කර ගැනීමට ඩොලර් මුදා හැරීම පමා කිරීම නිසා ඉකුත් 08 වැනිදා සිට මෙරටට පැමිණි ඉන්ධන නෞකා හයකට ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ දහයක් (රුපියල් ලක්‍ෂ දෙදහසක පමණ මුදලක්) ප‍්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාව ගණන් බලා තිබේ. හදිසි මිලදී ගැනීම් යටතේ ඉන්ධ...
"ආසාදිතයන් ඉහළට : රෝහල් පිරිලා කොවිඩ් පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ අවදානමක්"
"දෛනික කොවිඞ් ආසාදිතයන්ගේ වාර්තාවීම ඉහළ යෑම හේතුවෙන් රෝහල් ධාරිතාව සහ ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පිරී යෑම නිසා මෙරට කොවිඞ් රෝග පාලනය සෞඛ්‍ය පද්ධතියෙන් ගිලිහීයෑමේ අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ‘‘දිවයින’’ට ඊයේ (27 දා) පැවසීය. සමාජ ඒකරාශීවීම් සහ සංචරණ අවම නොකර කටයුතු කරන්නේ නම් හ...
"ජාතික රෝහලේ වාට්ටු 5 ක් කොවිඩ් රෝගීන්ගෙන් පිරිලා"
"කොළඹ ජාතික රෝහලට ඇතුළත්වන කොවිඞ් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර මේ වනවිට කොවිඞ් රෝගීන් විශාල පිරිසක් වාට්ටු 5 ක ප‍්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චන්දන ගජනායක මහතා ‘‘දිවයින’’ට ඊයේ (27 වැනිදා) පැවසීය. එසේම රෝහලේ වෛiවැන්, හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක්ද මේ වන විට කොවිඞ් ආසාදිතව සිටින බ...
"දැඩි සත්කාර ඇඳන් 70 න් 63 ක්ම පිරිලා:  පීසීආර් – රැපිඩ් ඇන්ටිජන් වැඩි කරයි"
"ජනතාව නිසි ලෙස කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකර එකවර සාමාන්‍ය හැසිරීම් රටාවකට යෑමට උත්සාහ කළහොත් ශීඝ‍්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන් හමුවේ ඉදිරියේදී කොරෝනා ආසාදිතයන්ගෙන් මෙරට රෝහල් දැඩි සත්කාර එකක පිරි යෑම වැළැක්විය නොහැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් ‘දිවයින’ට පැවසීය. අසාධ්‍ය තත්ත්වයේ පසුවන...
"‘කොවිඩ් වසර දෙකේදී’ ඩොලර් මිලියන 1013.67 ක සංචාරක ආයෝජන ලැබුණා – ඇමැති ප‍්‍රසන්න රණතුංග"
"කොවිඩ් වසංගතය පැවැති පසුගිය වසර දෙකේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 1013.67ක සංචාරක ආයෝජන ලැබී ඇතැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය. එම වසර දෙකේදී ලැබුණු සංචාරක ආයෝජන සංඛ්‍යාව 99ක් බවත් මෙම ආයෝජනවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ ආයෝජන අනුමත කළ බවත් එලෙස අනුමත කරනු ලැබූ ආයෝජන සංඛ්‍යාව 59ක් බවත් ඇමැතිවරයා...
"සතුන් වත්තෙන් අතුරුදන්ව සිටි  නිල් මාල ගිරවා හමු වෙයි"
"දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක සිටියදී මාස 07ක් තිස්සේ අතුරුදන්ව සිටි රුපියල් 1,50,000 ක් වටිනා නිල් මාල ගිරවා ඉකුත් 26 වැනිදා යළි සත්වෝද්‍යානයට ලැබී ඇත. මෙම ගිරවා අතුරුදන් වීමේ සිද්ධිය ‘දිවයින’ පුවත්පතේ ඉකුත් 24 වැනිදා පළවිය. මෙම ගිරවා පසුගිය මැයි මාසයේ 7 වැනිදා සිට අතුරුදන්ව තිබුණ අතර රුපියල් 3,50,000 ක් පමණ වටින...
"කොළඹ පාසල් 10 ක දරුවන් රැසකට කොවිඩ් – ස්ටාලිං කියයි"
"කොළඹ ප‍්‍රධාන පෙළේ පාසල් 10 ක දරුවන් සහ ගුරුවරුන් රැසකටම කොවිඞ් ආසාදනය වීම හේතුවෙන් ඒවායේ පන්ති කාමර වසා දමා ඇතැයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (27 දා) පැවැසීය. තවත් දරුවෝ හා ගුරුවරුන් රැසක් නිරෝධායනය වෙමින් සිටින බවද හේ සඳහන් කළේය. එපමණක් නොව දිවයින පුරා පාසල් ගණනාවකම දරුවන් හා ගු...
"සිසුන් 345242 ක් මධ්‍යස්ථාන 2439 ක් : උ පෙළ විභාගය ලබන 07 දා සිට"
"උසස් පෙළ විභාගය (2021) ලබන මස (පෙබරවාරි) 07 වැනිදා සිට විභාග මධ්‍යස්ථාන 2,439 කදී පැවැත්වීම සඳහා සියලූ කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (27දා) පැවසීය. මෙම විභාගය පසුගිය වසරේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගතය හමුවේ මාස 06කට පසු ලබන මාසය තුළ පැවැ...
"ආණ්ඩුව පොහොර ප‍්‍රතිපත්තිය  වෙනස් කරන්න හදනවා – පුබුදු ජයගොඩ"
"ප‍්‍රමිතියෙන් තොර පොහොර රටට ඇතුළුවීමට හැකිවන පරිදි ආණ්ඩුව රටේ පොහොර ප‍්‍රතිපත්තිය වෙනස් කරමින් සිටිනවා යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. එය සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි තමන් සතුව තිබෙන බව ද හෙතම කියා සිටියේය. කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජන පෙළගැස්ම වැඩ...
"බාල වයස්කාර දියණියට අතවර කළ  නරුම පියා වසර 45 ක් හිරේ : දියණියට ලක්‍ෂ 12 ක් වන්දි ගෙවීමටත් නියෝග"
"හම්බන්තොටදී සිය බාලවයස්කාර දියණියට අතවර කළ තිදරු පියකුට වසර 45 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, රුපියල් 30,000 ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්‍ෂ 12 ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා ඊයේ (27 දා) සවස නියෝග කළේය. මෙලෙස සිර දඬුවම් නියම කෙරුණේ හම්බන්තොට ප‍්‍රදේශයේ පදිංචි 74 හැවිරිද...
"නිරෝධායනය දින හතයි"
"කොවිඞ් 19 වෛරසය ආසාදනය වී නිරෝධායනය වන රෝගීන් සඳහා මෙතෙක් පැවැති දින 14ක නිරෝධායන කාලසීමාව දින 07 දක්වා අඩු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන මහතා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඊයේ (27 දා) නිකුත් කර ඇත. ඒ අනුව පී සී ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවකින් කොවිඞ් රෝගීන් බවට වාර්තා වී නිවාසවල හෝ රෝහල්වල නිරෝධායන...
"කලාපීය සම්මන්ත‍්‍රණවලදී ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවේ සිදුකරන විනාශය සාකච්ඡා කළ යුතුයි"
"අමැති ඩග්ලස් දේවානන්දා සිංගප්පූරුවේ මානුෂීය සංවිධානයේ නියෝජිතයන් පිරිසක් 26 වැනිදා ධීවර අමාත්‍යාංශයේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවී මෙරට ධීවර කර්මාන්තය සංවර්ධනයට අදාළ කරුණු කෙරෙහි සාකච්ඡාවක නිරත විය. මෙම හමුවේ අරමුණ වූයේ බෙංගාල බොක්ක ආශ‍්‍රිතව පවතින ඉන්දියාව, පාකිස්තානය, ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් අටක සහභාග...
"නිරෝධායනය දින හතයි"
"කොවිඞ් 19 වෛරසය ආසාදනය වී නිරෝධායනය වන රෝගීන් සඳහා මෙතෙක් පැවැති දින 14ක නිරෝධායන කාලසීමාව දින 07 දක්වා අඩු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන මහතා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඊයේ (27 දා) නිකුත් කර ඇත. ඒ අනුව පී සී ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවකින් කොවිඞ් රෝගීන් බවට වාර්තා වී නිවාසවල හෝ රෝහල්වල නිරෝධායන...
"කලාපීය සම්මන්ත‍්‍රණවලදී ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවේ සිදුකරන විනාශය සාකච්ඡා කළ යුතුයි"
"අමැති ඩග්ලස් දේවානන්දා සිංගප්පූරුවේ මානුෂීය සංවිධානයේ නියෝජිතයන් පිරිසක් 26 වැනිදා ධීවර අමාත්‍යාංශයේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවී මෙරට ධීවර කර්මාන්තය සංවර්ධනයට අදාළ කරුණු කෙරෙහි සාකච්ඡාවක නිරත විය. මෙම හමුවේ අරමුණ වූයේ බෙංගාල බොක්ක ආශ‍්‍රිතව පවතින ඉන්දියාව, පාකිස්තානය, ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් අටක සහභාග...
"යතුරු පැදි දෙකකින් ආ හතර දෙනෙක් පානදුරේදී ගිලන් රථ රියැදුරුට වෙඩි තියලා"
"පානදුර මූලික රෝහල ඉදිරිපිටදී ඊයේ (27දා) දහවල් යතුරුපැදි දෙකකින් පැමිණි නා`දුනන තුවක්කුකරුවන් සිව්දෙනකු ගිලන්රථ රියැදුරකුට වෙඩිතබා පලාගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර උණ්ඩය නිසියාකාරව පත්තු නොවීමෙන් කිසිවකුටත් හානියක් සිදුව නැතැයි පොලිසිය කියයි. පානදුර කේතුම...
"ජය ශ‍්‍රී සංගීත කණ්ඩායමේ රෝහිතට රොහාන්ට උසාවියේදී චෝදනා කියවා දෙයි"
"අධිකරණය විසින් පනවා තිබූ තහනම් නියෝගය කඩකරමින් තහනමට ලක්කර තිබූ ජනප‍්‍රිය ගීත තුනක් පසුගිය දෙසැම්බර් 31 වැනිදා ප‍්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනකදී ගායනා කළේ යැයි කියන ජය ශ‍්‍රී සංගීත කණ්ඩායමේ රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන වගඋත්තරකරුවන්ට ඊයේ (27දා) කොළඹ වාණිජ මහාධිකරණය හමුවේදී අධිකරණයට අපහාස කි...
"රටටත් ජනතාවටත් සෙත් පතා ජය පිරිත් සජ්ඣායනයක්…"
"රටට සහ ජනතාවට සෙත් පතා ආරක්ෂක අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධාන කරන ‘ජය පිරිත් සඡ්ඣායනය’ ඉකුත් 26 වැනිදා පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ. මහානායක, අනුනායක හිමිවරුන් ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩම කළ භික්ෂූන් වහන්සේ දහස් නමකගේ සහ...
"බස්නාහිර රෝහල් අඩපණයි – සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝගීහු අසරණ වෙති"
"ඉල්ලීම් 08කට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා බස්නාහිර පළාතේ රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවල හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් ඊයේ (26දා) ක‍්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු පළාතේ රජයේ රෝහල්වල සිදු කෙරෙන හෙද සත්කාරක සේවා, රුධිර, මුත‍්‍රා පරීක්ෂණ ඇතුළු රසායනාගාර සේවා, පී.සී.ආර්. හා රැුපිඞ් ඇන්ටිජන...
"ඔක්සිජන් අවශ්‍ය රෝගීහු වැඩිවෙති – අයිඩීඑච්හි ආසාදිතයින් 50 කින් ඉහළට"
"මෙරට ඇති වෙමින් තිබෙන ඔමික්‍රෝන් වසංගත රැල්ල නිසා මේ වන විට රජයේ හා පෞද්ගලික රෝහල්වලට ඇතුළත් කෙරෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.කොළඹ ජාතික, බොරැුල්ල රිජ්වේ ආර්යා ළමා, හෝමාගම හා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු ...
"ලංකාවේ අලි ගැන හොලිවුඩ් නළු ලියනාර්ඩෝගෙන් ටිවිටර් පණිවුඩයක්"
"ප‍්‍රකට හොලිවුඞ් නළු ලියනාර්ඩෝ ඞී තැප්රියෝ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයට ගෙන මියයන ලංකාවේ අලි ගැන අවධානය යොමුකරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.අම්පාරේ පල්ලකාඩු ප‍්‍රදේශයේදී අලින් දෙදෙනකු ප්ලාස්ටික් ආහාරයට ගෙන මියයෑම, හොලිවුඞ් නළුවා කම්පනයට පත්කර ඇත.හොලිවුඞ් නළුවාගේ ට්විටර් පනිවුඩය ජාත්‍යන්තර මාධ්‍යවල අවධානයට යොමු ව...
"වරායෙන් කන්ටේනර් මුදාගන්න මහ බැංකුව දුන්නේ ඩොලර් ලක්‍ෂ 40යි – අපනයන සමාගම් ලංකාව මගහරිනවා –  අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය"
"කොළඹ වරායේ සිර වී තිබෙන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව මුදාහැර ඇත්තේ ඇමරිකානු ඩොලර් ලක්‍ෂ හතළිහක පමණ මුදලක් බවත්, මේ වනවිට බොහෝ අපනයන සමාගම් මෙරටට භාණ්ඩ ලබාදීම මඟහැරීමට පටන්ගෙන ඇති බවත් පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පවසයි.ඒනිසා හෙට අනිද්දා ව...
"දැන් සිටම පැයක් දෙකක් විදුලිය කැපීම අවශ්‍යයි – විදුලි ඉංජිනේරුවෝ කියති"
"දිනකට පැය හතර පහක විදුලි කප්පාදුවකට රට තල්ලූ නොකොට දැන් සිටම දිනකට පැයක්, පැය දෙකක් විදුලි කප්පාදුවකට යෑම අත්‍යවශ්‍ය බව ලංවිම ඉංජිනේරු සංගමය පවසයි.මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය සියයට විසිපහ දක්වා අඩුවී ඇතැයි ද තවදුරටත් අඛණ්ඩව විදුලි බලය ලබාදෙමින් කටයුතු කරගෙන ගියහොත් විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශවල ජලය පහළ බැස පවතින විදු...
"මත්පැන් බෝතල්වලට අලුත් ස්ටිකරය අනිවාර්යයි – සුරාබදු කොමසාරිස් ජනරාල්"
"මත්පැන් බෝතල්වල ප‍්‍රදර්ශනය කිරීමට අලූතෙන් හඳුන්වාදී තිබෙන ස්ටිකරය ඇලවීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු යැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය.මෙම ස්ටිකරය ඇලවීමෙන් ව්‍යාජ මත්පැන් අලෙවියෙන් අහිමි වන රුපියල් බිලියන 10 ක පමණ බදු ආදායම අයකර ගැනීමට අපේක්‍ෂා කරන බව ඒ මහතා පවසයි. මත්පැන් ...
"ගිය වසරේ මාස 11 කදි අපනයන ආදායම 24.9% කින් ඉහළට"
"ගිය වසරේ (2021)පළමු මාස එකොළහේදී මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 11345 ක් දක්වා සියයට 24.9 කින් වර්ධනය වී ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.2020 වසරේ පළමු මාස එකොළහේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9083 ක් විය.ගිය වසරේ (2021) ජුනි මාසයේ සිට අඛණ්ඩව මෙරට මාසික අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා වාර්තා...
"ප‍්‍රභූ ගිණුම්වල පැටිකිරිය එළියට ආවා"
"අපේ රටේ හොරකම්, දූෂණ, වංචා කෙතරම් සිද්ධ වනවාද යන්න ප‍්‍රබල දේශපාලනඥයකුගේ ගිණුමෙන් සල්ලි හොරකම් කිරීමේ සිද්ධියෙන් පැහැදිලි වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ඊයේ (26 දා) සඳහන් කළේය.ප‍්‍රභූන්ගේ ගිණුම්වල ඇති මුදල් කෙතරම් ද යන්න මෙම සිදුවීම්වලින් සිතා ගත හැකි බවත්, කෝටි ග...
"නීලාගේ දේහය අද ශ‍්‍රී ලංකාවට"
"මිලානෝ හි හිටපු ශී‍්‍ර ලංකා කොන්සල් ජනරාල් අභාවප‍්‍රාප්ත විශාරද නීලා වික‍්‍රමසිංහ මහත්මියගේ දේහය අද (27 දා) ශී‍්‍ර ලංකාවට රැගෙන ඒමට නියමිතය.හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනවාරි 17 වැනිදා ඇය අභාවප‍්‍රාප්ත වූවාය. නීලා වික‍්‍රමසිංහ මහත්මියගේ දේහය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඇයගේ ළඟම ඥාතීන් විසින් භාර ගැනීමට නිය...
"දයා මාස්ටර්ට අත්හිටු වූ සිරදඩුවම්"
"එල්.ටී.ටී.ඊ. සංවිධානය නගා සිටුවීමට ආධාර හා අනුබල දීමේ චෝදනාව මත එල්.ටී.ටී.ඊ. හිටපු මාධ්‍ය ප‍්‍රකාශක දයා මාස්ටර් හෙවත් වේලායුදම් දයානිධි නමැත්තාට එරෙහිව ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් වවුනියාව මහාධිකරණයේ ගොනු කොට තිබූ නඩුවේ තීන්දුව පෙරේදා (25දා* ප‍්‍රකාශයට පත් විය.වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතා ව...
"සතියට කොවිඞ්  ආසාදිතයෝ 5947 ක්"
"ඉකුත් 19 වැනිදා සිට ඊයේ (26 දා) දක්වා සතියක කාලයක් තුළ මෙරටින් කොවිඞ් ආසාදිතයන් 5947 දෙනකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.එම දින හත තුළ දෛනිකව හමුවන ආසාදිතයන් ගණන අටසියය ඉක්මවා තිබුණි.ආසාදිතයන් සංඛ්‍යාව මෙලෙස ඉහළ යෑම පාලනය කිරීමට හැකි වන්නේ කොවිඞ් එන්නත ලබා...
"BOI කම්හල්වල ගිය වසරේ  අපනයන ආදායම ඉහළට – රාජ්‍ය ඇමැති ඞී. වී. චානක"
"ගිය වසරේ (2021) ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින කර්මාන්ත ශාලාවල නිෂ්පාදන අපනයන ආදායම සියයට 23 කින් වර්ධනය වී ඇතැයි ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමැති ඞී. වී. චානක මහතා පවසයි.මේ අනුව එම ආයෝජන මණ්ඩල කාර්මික නිෂ්පාදන අපනයන ආදායම 2001 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 8004 ක් උපයා ගැනීමට සමත්ව ඇතැයිද රාජ්‍ය ඇමැත...
"විදේශිකයන්ගේ ගෙවීම් විදෙස් මුදල් වලින් පමණක් භාරගන්න… හෝටල්වලටත් අනිවාර්ය කරයි"
"විදේශිකයන් විසින් කරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සැපයුම්කරුවන්ට අනිවාර්යය කරමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් රීති නිකුත් කළ බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි. මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් එමගින් එම නීති ප‍්‍රකාශයට පත්කර ඇති බවත් මහ බැංකුව කියයි. මේ සම්බන්ධයෙන් වැඩිද...
"අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ධුරයට"
"ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර ඇත. අපරාධ, රථවාහන අංශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ධුරය ද අජිත් රෝහණ මහතා විසින් දරනු ඇත. මේ අතර පොලිස් මාධ්‍ය ඒකකය සහ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ...
"ගාස්තු වැඩි කළේ ආසන ගණනට: මගීන් ගෙනයෑමට නීතිය කි‍්‍රයාත්මක කළාට වරදක් නෑ – ගැමුණු කියයි"
"බස් ගාස්තු ඉහළ දැමීමට අවසර ලැබුණේ ආසන ගණනට මගීන් ගෙනයෑමේ කොන්දේසියට අනුව බවද එය නියාමනය නොකළ නිසා එම තීරණය අයාලේ ගිය බවද ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවසීය. එනිසා බස්වල ආසන ගාණට මගීන් ගෙන නොයන බස්රථවලට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමේ වරදක් නැතැයි ද ඒ මහතා පැවසීය. බස්රථ ක...
"යුක්තිය ඉල්ලා…. එක්නැලිගොඩගේ බිරිඳ මෝදර කෝවිලේදී හිස මුඩු කර ගනියි"
"මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වී වසර 12 ක් පිරීම නිමිත්තෙන් ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හිස මුඩු කර ඊයේ (25 දා) පෙරවරුවේ මෝදර කාලි කෝවිලේදී විරදම් පූජාවක් පවත්වා ඇත. 2010 ජනවාරි 24 වැනිදා රාති‍්‍රයේ ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා කොළඹ ආසන්න ප‍්‍රදේශයකදී පැහැර ගැනීමට ලක්වී තිබේ. එම පැහැර ගැනීම...
"ඩීසල් නොලැබුණොත් දින 4 කින් දුම්රියත් කොටඋඩ"
"දුම්රියට ඩීසල් හිගයක් නෑ – දුම්රිය සාමාන්‍යාධිකාරි දුම්රිය ධාවනයට අවශ්‍ය ඞීසල් තොග ශීඝ‍්‍රයෙන් අඩුවෙමින් තිබෙන බවත් තවත් දින හතරකට පසුව දුම්රියට අවශ්‍ය ඞීසල් දෛනිකව ලබා නොදුන්නොත් දුම්රිය ධාවන කටයුතු සීමා කිරීමට සිදුවනු ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු එස්. ජී. විතානගේ මහතා පැවසීය. 02 – පිටුවට කොවි...
"විගණනයෙන් බේරෙන්න හිටපු ගෑස් ලොක්කෙක් කෝටි දෙකක් විසිකරලා"
"ලිට්‍රෝ සමාගමේ කටයුතු රජයේ විගණකාධිපතිවරයාගේ විගණනයට ලක් නොකිරීමට අදාළව නීතිමය පියවර ගැනීම සඳහා ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපතිවරයකු රුපියල් දෙකෝටි දසලක්ෂයක මුදලක් නීති උපදේශක සමාගමකට වැය කර ඇත. 02 – පිටුවට මෙම කරුණු හෙළි වී ඇත්තේ රජයේ විගණනයකදී යැයි ඊයේ (25 දා) බත්තරමුල්ලේ වෝටස්එජ් හෝටලයේ පැවැති ශී‍්‍ර ලංකා විගණන සේවයේ 6...
"එන්නත්කරණය සහ ජනතාවගේ හැසිරීම යළි ලොක්ඩවුන් එකක් තීරණය කරනු ඇති – වෛද්‍ය නවීන්ද සොයිසා"
"එන්නත්කරණය, කොවිඞ් වෛරස හඳුනාගැනීමේ පරීක්ෂණ (පී. සී. ආර්. සහ රැපිඞ් ඇන්ටිජන්) සහ මෙරට සමස්ත ජනතාවගේ හැසිරීම, රට නැවත වසා දැමීමකට යෑම තීරණය කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (25දා) පැවසීය. කොවිඞ් තත්ත්වය හමුවේ රට යළි තීරණාත්මක තැනකට පැමිණ ඇතත් මේ දක්වා රට වසා...
"බියගම මුදල් ෆැක්ටි‍්‍රයෙන් සල්ලි අච්චු ගැහුවට ආර්ථිකයට එයින් කිසිදු විසඳුමක් නෑ – හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ"
"එහිදී කොමර්ෂල් බැංකුවේ කළමනාකර අධ්‍යක්ෂක සිංහ එස්. රෙන්ගනාතන් මහතා විසින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිර්මාතෘ නිමල් සේනාධීර මහතා වෙත එම පුහුණු මධ්‍යස්ථානයේ පරිගණක ඒකකය සකස් කර දෙන බවට අදාළ ලියකියවිලි භාර දුන් අයුරු. එහි නව වෙබ් අඩවිය එම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිර්මාතෘ නිමල් සේනාධීර මහතා විසින් විවෘත කළ අයුරු. රජ...
"හැත්තෑ පස්වන විය සපුරන පරහිතකාමී යතිවරයාණෝ පන්නිල ශ‍්‍රී ආනන්ද නාහිමි"
"සීනාදි සිව් කෝරලයේ ප‍්‍රධාන සංඝනායක, අත්තනගල්ල අරහත්ත රාජමහා විහාරාධිපති, මල්වතු මහා විහාරයේ මහෝපාධ්‍ය ධුරන්ධර අතිපූජ්‍ය පන්නිල ශ‍්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ අද(26) සිය සුපින්වත් දිවියේ හැත්තෑ පස්වන වියට එළඹ තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. අතිපූජ්‍ය පන්නිල ශ‍්‍රී ආන්නද නාහිමිපාණන් වහන්සේ මෙරට නූතන ස`ග සසුන සෝභාමත් කරන ...
"කුඩු කිලෝ 350 ක් සමග මහ මුහුදේදී ඇල්ලූ ධීවරයෝ කොළඹ වරායට"
"සැතපුම් දහසක් පමණ ඈත මුහුදේ දී ඉරාන යාත‍්‍රාවකින් ගෙනවිත් පෙරේදා (24 දා) මෙරට ධීවර බෝට්ටු දෙකකට භාරදීමෙන් පසු මෙරටට රැුගෙන එමින් තිබූ හෙරොයින් කිලෝ 350ක් සමග නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් ධීවරයන්් 11 දෙනා ඊයේ (25 දා) කොළඹ වරාය වෙත රැුගෙන එනු ලැබීය. ශී‍්‍ර ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව...
"කොළඹ මහ නගර සභාවේ විශාල පිරිසක් බූස්ටර් එන්නත ලබා ගෙන නෑ"
"කොළඹ මහ නගර සභාවේ විශාල පිරිසක් බූස්ටර් එන්නත ලබා ගෙන නෑ. ඔමික්‍රෝන් ඇතුළු කොවිඞ් තත්ත්වයේ ශීඝ‍්‍ර වැඩිවීමක් තියෙන නිසා හැම දෙනාම බොරැල්ල කැම්බල් පිටියේ සහ කොළඹ නගර සීමාවේ ඇති සියලූ සෞඛ්‍ය මධ්‍යස්ථාන තුළින් බූස්ටර් එන්නත ලබා ගන්න කියලා ඉල්ලා සිටිනවා, යැයි කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි...
"ශී‍්‍ර ලංකා පාකිස්තාන් වෙළෙඳ ගිවිසුමෙන් උපරිම ප‍්‍රතිලාභ ලැබිය යුතුයි"
"ශී‍්‍ර ලංකා පාකිස්තාන වෙළෙඳ ගිවිසුම තුළින් සලසා තිබෙන සහනදායී වැඩපිළිවෙළින් උපරිම වෙළෙඳ ප‍්‍රතිලාභ ලැබිය යුතු යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. පාකිස්තානයේ නිල සංචාරයක යෙදෙන වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා එරට විදේශ ඇමැතිවරයා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇත. දෙරට අතර ඇතිකර ගෙන තිබෙන පළමු නිදහස් වෙළෙ...
"ජිනීවා ආ ඇමැති නිසා ස්විස් ශී‍්‍ර ලංක තානාපති කාර්යාලයට බර වියදමක්"
"විදේස්ගත ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලවලින් ස්විස්ටර්ලන්තයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය නඩත්තු කිරීමට ඩොලර් මිලියන ගණනක් වැයවන බව හෙළිවී ඇත. මෙයට හේතුවී ඇත්තේ පසුගිය කාලය තුළ ජිනීවා පැමිණි ඇමැතිවරයකු ජිනීවා හි අධික මුදලක් අයකරන කෙම්පස්කි හෝටලයේ නතර වීමයි. ස්විස් ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයට අමතරව බි‍්‍රතාන්‍ය, ඇමරිකාව...
"බස් එකේ යනවා නම් කොවිඩ් ගැන පරෙස්සමෙන්"
"කොවිඩ් ඔම්ක්‍රොන් වෛරස් ප‍්‍රභේදය ශීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වීමත් සමගින් මගී ප‍්‍රවාහන සේවාවන්හි දැඩි සෞඛ්‍ය නීති රීතීන් කි‍්‍රයාත්මක කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාතේදී ඊයේ (25 දා) හා අද (26 දා) දින කි‍්‍රයාත්මක වෙයි. ආසන සංඛ්‍යාවට සරිලන ලෙස පමණක් මගීන් ගෙනයෑම මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය කි‍්‍රයාදාම අනුගමනය කරමින් ගමන් කරන...
"කොවිඩ් නිරෝධායන උපදෙස් සංශෝධනය විය යුතුයි: විශේෂඥ වෛද්‍යවරු කියති"
"දැනට ක‍්‍රියාත්මක කොවිඞ් රෝග නිරෝධායන උපදෙස් සංශෝධනය විය යුතු යැයි විශේෂඥ වෛද්‍යවරු පවසති. ඒ අනුව එන්නත් මාත‍්‍රා තුනම ගත් පුද්ගලයන්ගේ ආශ‍්‍රිතයකු කොවිඞ් ආසාදනයට ලක්වුවහොත් නිරෝධායනය වන ආකාරය සඳහා නව උපදෙස් මාලාවක් සකස් කළ යුතුව ඇතැයි ඔවුහු සඳහන් කරති. ඒ අනුව එන්නත් මාත‍්‍රා තුනම ගත් අය තම ආශ‍්‍රිතයා ආසාදනයට ලක් වී දි...
"බොරැල්ල පල්ලියේ බෝම්බය ගැන විමර්ශන අවසන් කර ප‍්‍රගතිය වාර්තා කරන්න – උසාවිය සීසීඩියට නියෝග කරයි"
"බොරැල්ල සියලූ ශාන්තුවරයන්ගේ දේවස්ථානයට ජීව අත්බෝම්බයක් රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනමින් අවසන් කර විමර්ශන ප‍්‍රගතිය වහාම අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (25 දා) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය. එම දේවස්ථාන භූමියට ජීව අත්බෝම්බයක් රැුගෙන පැමිණියේ යැයි...
"මට මෙවැන්නක් කළ දෙවැන්නා ඔහුයි"
"තම බැංකු ගිණුමේ තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදල් ප‍්‍රමාණයක් වංචා කළ තමාගේ පෞද්ගලික සහායකයා කර ඇත්තේ සමාව ලබාදිය නොහැකි බරපතළ වංචාවක් යැයි ද එවැනි අය සමාජයටම පවා පිළිලයක් බවද එම ගිණුම හිමි රජයේ ප‍්‍රබල දේශපාලනඥයා ඊයේ (25 දා) ‘දිවයින’ට කියා සිටියේය. තමාගේ බැංකු ගිණුමෙන් වංචනිකව මුදල් ලබාගත් පළමු පුද්ගලයා මොහු නොවන බව...
"ගිය වසරේ රට රැකියා සල්ලි 22.5% කින් පහළට"
"ගිය වසරේ (2021) විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබුණු මුදල් ප‍්‍රමාණය (විදේශ විනිමය පේ‍්‍රෂණ) ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක් දක්වා සියයට 22.5 කින් පහත වැටී ඇත. 2020 වර්ෂයේ මෙරටට ලැබුණු විදේශ විනිමය පේ‍්‍රෂණ ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.1 ක් වූ අතර මේ නිසා ගිය වසරේදී (2021) මෙරටට ලැබුණු විදේශ විනිමය පේ‍්‍රෂණ ප‍්‍...
"ආණ්ඩුවේ බලවතකුගේ වැටුපට ලොකු ගේමක් දීලා"
"රජයේ ප‍්‍රබලතම දේශපාලනඥයකුගේ මාසික වැටුප ලෙස බැංකු ගිණුමක තැන්පත්කර තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචනික ලෙස ලබාගත් බව කියන එම දේශපාලනඥයාගේ පෞද්ගලික සහයකයා ලෙස කටයුතු කළ ලේකම්වරයකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇත. සැකකාර ලේකම්වරයා වසර හයකට ආසන්න කාලයක් තිස්සේ මෙම ප‍්‍රතාපවත් ප‍්‍රභූ දේශපාලනඥයාගේ විශ්වාසවන්තම පෞද්...
"කරු මහින්දට හේත්තු වුණේ එජාපය දැනුවත් නොකර: – රනිල්ගෙන් කරුට හීනි ටොක්කක්"
"හිටපු කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ සිට පැවැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ ඇමැතිකම් ගනු ලැබුවේ එජාපය දැනුවත් කිරීමකින් තොරව යැයි හිටපු අගමැති එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.එක්සත් ජාතික පක්ෂය සහ පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග එකඟතාවයකට පැමිණ සිටීම නිසා තමන් ආණ්ඩුවේ ඇමැති ධුරයක් ගත් බව කරු ...