Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"බස්වල හිටගෙන යන මගීන්ට වෙනම ගාස්තුවක් – දිලුම් කියයි"
"බස් රථවල වාඩි නොවී ගමන් ගන්නා මගීන්ගෙන් අඩු මුදලක් අය කිරීම සඳහා වන නව බස් ගාස්තු ක‍්‍රමයක් අලූතින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන්නේ යැයි ප‍්‍රවාහන රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතා පැවසීය.කොවිඞ් තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් ආසන ගණනට පමණක් මගීන් ගෙන යෑමේදී සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා ගාස්තු ඉ...
"බූස්ටරය අරන් ඇත්තේ 22% යි"
"බූස්ටර් එන්නත මේ වනවිට ලබාගෙන ඇත්තේ සමස්ත ජනගහනයෙන් සියයට 22ක ප‍්‍රමාණයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඞ් රෝග පිළිබඳ ප‍්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා ‘දිවයින’ට ඊයේ (24දා) පැවැසීය.එන්නත ලබානොගත් බොහෝ දෙනකු මිථ්‍යා මත විශ්වාස කරමින් සිටීම කනගාටුවට කරුණක් බවත් හෙතෙම කීය.මෙහිදී තවදුරටත් කතාකළ වෛද්‍ය අන්වර් හ...
"කෝටි 330 ක කුඩු ගෙනා 11 ක් අත්අඩංගුවට"
"රුපියල් කෝටි තුන්සීයතිහකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් රැුගෙන ශී‍්‍ර ලංකාව බලා යාත‍්‍රා කරමින් තිබූ ටෝලර් යාත‍්‍රා 2ක් සමග සැකකරුවන් 11දෙනකු මත්ද්‍රව්‍ය නාශක අංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකදී පෙරේදා (23 දා* අත්අඩංගුවට ගෙන ඇත.මෙම හෙරොයින් තොගය මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලබාදීම සඳහා ...
"ජාතික රෝහල් කාර්ය මණ්ඩලයේ 200කට කොවිඩ්"
"කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දෙසීයකට වැඩි පිරිසක් ඉකුත් සතියේ කොවිඞ් ආසාදිත තත්ත්වයට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.මේ අතරින් හෙද සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට අයත් ගර්භණී නිලධාරිනීයන් ඇතුළු පස් දෙනකු කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ප‍්‍රතිකාර ලබන බවද එම සංගමය ඊයේ (24 දා) කොළඹදී පැවැත්ව...
"රන්ජන්ට එරෙහි දෙවැනි අපහාස නඩුව මාර්තු 9දාට කල් යයි"
"අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති දෙවැනි නඩුව ලබන මාර්තු 9 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24දා) නියෝග කළේය.එම නඩුව එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ හා ඒ. එච්. එම්. ඞී. නවාස් යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. එම නඩුවේ විත්තිකරු වෙනුවෙන් පෙනී ...
"රන්ජන්ට නිදහස් දිනයදා ජනපති සමාව දෙන්න – ගීතාත් ඉල්ලයි"
"වසරකට වැඩි කාලයක් සිරගතකර සිටින සහෝදර කලාකරු රන්ජන් රාමනායක මහතාව ලබන 04 වැනිදාට යෙදෙන නිදහස් දින ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරන ලෙස තමා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් නැවත වතාවක් කාරුණිකව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක මෙන්ම සම්මානනීය රංගනවේදිනියක වන ගීතා කුමාරසිංහ මහත්මිය කියා සිටියාය.රන්ජන් රාමනායක ...
"ජනපති නියමයෙන් තෙල් සංස්ථාවට කෝටි 9300 ක් විදුලිය නොකපයි"
"කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිබලය පවත්වාගෙන යෑමට රජය ඊයේ (24 දා) තීන්දු කර තිබේ.ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡුාවකින් පසුව ලංකා විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය මුදලින් රුපියල් කෝටි 9300ක් (බිලියන 93ක්) මහා භාණ්ඩාගාරය හරහා ප‍්‍රතිපූර්ණ කිරීමට එහිදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත....
"ආණ්ඩුවටයි පොලිසියටයි ලිස්සා යන්න දෙන්නේ නෑ – කාදිනල්තුමා කියයි"
"දේවස්ථානයට අත්බෝම්බයක් තැබීම:බොරැල්ල සියලූ සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තැබීමේ සිදුවීමට අදාළ චෝදනා වෙනත් පාර්ශ්වයන් පිට පටවා ලිස්සා යෑමට ආණ්ඩුවට හා පොලිසියට ඉඩ නොතබන බව කොළඹ අගරදගුරු මැලිකම් රංජිත් කාදිනල්තුමා පැවසීය.පාස්කු ප‍්‍රහාරය සහ දේවස්ථාන අත්බෝම්බ සිද්ධිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ...
"ජල විදුලියට දෙන ජලය 30% දක්වා පහළටජල විදුලියට දෙන ජලය 30% දක්වා පහළට"
"ප‍්‍රධාන ජලාශවලින් ජල විදුලි නිෂ්පාදනයට සපයන ජල ධාරිතාවය සියයට 30ක් දක්වා පහත දැමීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.පසුගිය කාලයේ ලැබුණ වැසි සමග එම කාලවලදී ජලාශවලින් ජල විදුලිය නිෂ්පාදනයට සියයට හැත්තෑවක් ජලය මුදාහැර තිබුණු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවැසීය. නමුත් මේ වන විට ජලාශවල ඇත්තේ මුළු ජල ධාරිතාවෙන් සියයට...
"මේ ආණ්ඩුව ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදුරාගෙන- විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස"
"* ජනතාව අද දුක් ගින්නක – නැති බැරිකම වර්ධනය වෙලාමේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවක් අද දුක් ගින්නෙන් පෙලෙන්නේ, අද බඩගින්නේන් පෙලෙන්නේ, පිපාසයෙන් පෙලෙන්නේ, එන්න එන්නම නැතිබැරිකම වර්දනය වෙනවා. එන්න එන්නම දුප්පත් ප‍්‍රතිශතය වර්ධනය වෙනවා. මේ රටේ ජනතාවට අද ජීවත් වෙන්න බැහැ. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය මේ අලූගෝසු ආණ්ඩුව උදුරා...
"ශ‍්‍රී ලංකා හමුදාවේ 28 දෙනාට නඩු දාන්න බැෂලේ රටවල් 47කින් ඉල්ලයි"
"යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ශ‍්‍රී ලාංකික හමුදා නිලධාරීන් 28 දෙනාට එරෙහිව 49 වැනි මානව හිමිකම් සමුළුවට පෙර සර්වලෝක අධිකරණ පද්ධතිය යටතේ සිය රටවලදී නඩු පවරන ලෙස මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ සාමාජික රටවල් 47කින් ඉල්ලා ඇත.මෙම නඩු ගොනුකිරීම ස`දහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇ...
"‘ඔමික්‍රෝන්’ අලූත් උප ප‍්‍රභේදය රටවල් 41ක් ගිල ගනී – ශී‍්‍ර ලංකාවත් අයිතියි"
"දැනට ලොව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන ‘ඔමික්‍රෝන්’ කොරෝනා වෛරස් ප‍්‍රභේදයේ අලූතින් හඳුනා ගැනුණු උප ප‍්‍රභේදයක් මුල් වෛරස් ප‍්‍රභේදයට වඩා ශීඝ‍්‍රයෙන් රටවල් 41ක පැතිර යන බව බටහිර විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගෙන තිබේ.‘බී ඒ.2’ යනුවෙන් නම් කර ඇති මෙම ‘ඔමික්‍රෝන්’ උප ප‍්‍රභේදය එංගලන්තය, ඉන්දියාව, ඩෙන්මාරකය, ස්වීඩනය, ශ‍්‍රී ල...
""ජාන මංකොල්ලයේ රුසියානුවන් තිදෙනාට රු. 86,55000ක දඩයක් – වනජීවී දෙපාර්තමේන්තු ඉතිහාසයේ ලොකුම දඩය""
"* චෝදනා 102කට වරදකරුවෝ වෙති:හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප‍්‍රදේශ රැුසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ත්ව කාණ්ඩ 23කට අයත් සතුන් 529දෙනකු හා ශාක කොටස් රැසක් ජාන මංකොල්ලයක් සඳහා මෙරටින් හොර රහසේ රැුගෙන යෑමට තැත් කරන ලද සිද්ධියට අදාළ නඩුවේ චෝදනා 102කට වරද පිළිගත් රුසියානු ජාතිකයන් තිදෙනාට රුපියල් අසූහය ලක්‍ෂ පනස...
"සුදු ලූනු වංචාව හෙළි කළ මට විදෙස් ගමන් තහනමක් පනවලා – තුෂාන් ගුණවර්ධන"
"* මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනවාසුදු ලූනු වංචාව රටට හෙළි කළ තමා එම සිද්ධියේ සැකකරුවකු කර විදෙස් ගමන් තහනමක් පොලිසිය විසින් ගෙන තිබීම නිසා ව්‍යාපාරික අවශ්‍යතාවයක් සඳහා පෙරේදා (22 දා) විදෙස් ගත වීමට නොහැකිවූ බව පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂක තුෂාන් ගුණවර්ධන මහතා ඊයේ (23 දා) පැවැසීය.සුදු ලූනු වංචාව හෙළ...
"ශිෂ්‍යත්වයේ අවුල සොයයි – විභාග රාජකාරිය කළ අය වැරදි නම් නීතියට අනුව දඩුවම් – කලින් ප‍්‍රශ්න පත‍්‍ර පිටවූ කථාව බොරු – විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ධර්මසේන"
"පැවැති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ මධ්‍යස්ථාන තුනක සිදුවී ඇතැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ තුනක් සිදුකර එම සිද්ධි නිසා දරුවන්ට අසාධාරණයක් සිදුවූ ඇති බවට තහවුරු වුවහොත් දරුවන්ට සාධාරණය ඉටුකරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඞී. ධර්මසේන මහතා ඊයේ (23 දා) පැවසීය.විභාගය දරුවන් 3,40,508 දෙනකු සඳහා විභාග මධ්‍ය...
"රුහුණ විද්‍යාපීඨයේ ගුරු අභ්‍යාසලාභීන් 62කට කොවිඩ්"
"අක්මීමන රුහුණු විද්‍යාපීඨයේ ඉගෙනුම ලබන ගුරු අභ්‍යාසලාභී සිසුවියන් හැටදෙදෙනකුට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බව රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණවලදී තහවුරුවී ඇති බව අක්මීමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.කොවිඞ් ආසාදිත ගුරු අභ්‍යාසලාභීන් 20 දෙනකු හික්කඩුව ආරච්චිකන්ද කොවිඞ් මධ්‍යස්ථානය වෙත පෙරේදා (22දා) දින යොමුකළ බවත් කොවිඞ්...
"නිවෙස් ප‍්‍රතිකාරවලට දිනකට කොවිඩ් රෝගීහු 200 බැගින් එක්වෙති"
"ගතවූ දින කිහිපයේදී නිවෙස් ගත කොවිඞ් ප‍්‍රතිකාර ක‍්‍රම සඳහා දිනකට කොවිඞ් රෝගීන් 200 දෙනකු ඉක්මවා ඇතුළත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවෙස්ගත කොවිඞ් රෝගීන් සඳහා වූ ප‍්‍රතිකාර ක‍්‍රමවේදයේ ප‍්‍රධානි පවුල් විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ‘දිවයින’ ට ඊයේ (23 වැනිදා) පැවසුවාය.පසුගිය 17 වැනිදා සිට කොවිඞ් රෝගීන්ගේ ...
"වී මගහැරුණු අයට මුං වවන්න සහනාධාරයක්"
"වාරි පහසුකම් මඳවීම මත යල කන්නයේ වී වගා කළ නොහැකි වගා බිම් වෙනුවෙන් අන්තර් කන්නයේ අමතර භෝගයක් ලෙස මුං වගාවට අවශ්‍ය බීජ ලබා ගැනීමට ගොවි ජනතාවට මූල්‍ය සහනාධාරයක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිම...
"කෙළින්ම ඉන්ධන ගන්න ලංවීම අවධානය"
"ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා නොව පිටරටවලින් කෙළින්ම තෙල් මිලට ගැනීම සඳහා ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලය අවධානය යොමුකර ඇත. මේ වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීමට විදුලි බල මණ්ඩලයේ අවධානය යොමුකර තිබේ. විදුලි බල උත්පාදනය හරහා ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...
"උද්ධමනය 14% ට නගී"
"ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ පසුගිය දෙසැම්බර් මස උද්ධමනය සියයට 14 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.ඉකුත් නොවැම්බර් මස පැවැති උද්ධමනය සියයට 11.1 ක් විය. මේ උද්ධමනය වැඩිවීම ස`දහා පසුගිය දෙසැම්බර් මාසයේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල මිල ගණන් වැඩිවීම හේතුවී තිබේ. මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය...
""පවුලක්, පරපුරක්, ගජ මිතුරන් රකින දේශපාලනයක් අපි ළග නෑ – රටේ සමස්ත ජනතාවම රැුකීම අපේ දේශපාලනයයි""
"* විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස කෑගල්ල සමගි තරුණ සමුළුවේදී කියයිසමගි ජන බලවේගයේ දේශපාලනය පවුලක්, පරපුරක්, ඥාතීන් පිරිසක්, ගජ මිතුරන් පිරිසක් රකින දේශපාලනයක් හෝ නොවන බවත් එය මේ රටේ සමස්ත ජනතාව රකින දේශපාලන ව්‍යාපාරයක් බවත් විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය. ඒමහතා මෙම අදහස් ප‍්‍රකාශ කර සිට...
"තුර්කි ගමේ මිනීමැරුමට ‘බමුණුගොඩ මහත්තයා’ ඇල්ලූ පසු අලි ජංජාලයක් – පොලිසිය ඉදිරිපිට පිරිස පොල් ගසති"
"මිදිගම තුර්කි ගම්මානයේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයෑම සම්බන්ධයෙන් සැකපිට පාන්ඩිපෙරුම ආරච්චිගේ සුදේෂ් මධුසංඛ හෙවත් ‘බමුණුගොඩ මහත්තයා’ නමැති පුද්ගලයා මිදිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔහුගේ පවුලේ ඥතීහු සහබමුණුගොඩ ප‍්‍රදේශයේ විශාල පිරිසක් ඊයේ (23 වැනිදා) උදෑසන 10.00 ට පමණ මිදිගම පොලිසිය ඉදිරිපිටට පැමිණ පොලිස...
"නවසීලන්ත අගමැතිනියගේ විවාහ උත්සවයට කොවිඩ් හරස්වෙයි"
"නවසීලන්ත අගමැතිනි ජිසින්ඩා ආඩන් සිය විවාහ උත්සවය ‘ඔමික්‍රෝන්’ පැතිරීම නිසා අවලංගු කර දමා ඇත.නව කොවිඩි රැල්ලක් පැතිරීම නිසා යළිත් එරට දැඩි සීමා පනවා තිබේ.විවාහ උත්සවයකට සහභාගි විය හැකි පිරිස සියයේ සිට 25 දක්වා පහළ දමා තිබේ.නවසීලන්තයට පනවා ඇති දැඩි සීමා ඉරිදා රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වනු ඇත.එක්දරු මවක වන නවසීලන්ත අගම...
"මල්වර උත්සවයෙන් පසු ඛේදවාචකයක්: – වැලිගම මුහුදේ දැරියෝ දෙදෙනෙක් සැගව යති"
"* තව දෙදෙනෙක් බේරා ගැනෙති:  – අතුරුදන් වූවන් අතර මල්වර වූ දියණියත්වැලිගම වෙරළ තීරයේ ඊයේ (23 දා) දිය නාමින් සිටි පිරිසක් අතර සිටි දැරියන් සිව්දෙනකු හදිසියේම ආ දියවැලට හසුවී මුහුදට ගසාගෙන ගොස් ඇත.මෙම අවස්ථාවේ වෙරළේ සිටි තරුණයකු මුහුදට පැන ගසාගෙන යන දැරියන් දෙදෙනකු බේරා ගෙන ඇත. අනෙක් දැරියන් බේරා ගැනීමට මහත් පරිශ‍්‍රමයක්...
"ශ‍්‍රී ලංකාවේ තුන්වැනි උසින් වැඩිම කන්ද තොටුපළ කන්ද නෙමෙයි – ශමින්ද රන්ශාන් ප‍්‍රනාන්දු කියයි"
"ශ‍්‍රී ලංකාවේ තුන්වැනි උසින් වැඩිම කන්ද තොටුපළ කන්ද නොව, පිදුරුතලාගල රක්ෂිතයේම පිහිටි ටොප් පාස් කන්ද (Top Pass Hill) බවට තමන් විසින් අධ්‍යයනය කර තහවුරු කරන ලද බව ශ‍්‍රී ලංකාවේ ඉතා ප‍්‍රකට කඳු නගින්නෙක් හා ක‍්‍රියාදාම චාරිකා පිළිබඳ ප‍්‍රවීණයකු වන ශමින්ද රන්ශාන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.ඒ මහතා විසින් මේ බව තහවුරු කරන...
"රැඳවියාගේ මරණය: බන්ධනාගාරයේ තිදෙනකුගේ වැඩ තහනම්"
"ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් කඳවුරේ රඳවා සිටි ලලිත් චමින්ද හෙට්ටිගේ නමැති රැුඳවියකුට පහරදී ඝාතනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්යෙන් කඳවුර භාර නිලධාරියා ඇතුළු තිදෙනකුගේ වැඩ තහනම් කර ඇත.වසර 04ක සිරදඬුවම් විඳිමින් සිටියදී මොහු මාතර බන්ධනාගාරයේ සිට කදුරුගස්ආර බන්ධනාගාරයට මාරුකර එවා ඇත. අනතුරුව එහි කෘෂිකර්මාන්ත කටයුතුවල යෙද...
"යුද්ධය ඉවර කළා වගේම දූෂිතයන් සුද්ද කරනවා – සරත් ෆොන්සේකා"
"මේ රටේ තියෙන විශාලතම දුර්භික්ෂය දූෂණය හා අවභාවිතය බවත් යුද්ධය අවසන් කරපු ආකාරයෙන් මේවා නතර කර රට ගොඩනැගීම සදහා තමන් කැපවෙන බවත් සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.සමගි ජන බලවේගයේ බද්දේගම ආසන බලමණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව ස`දහන් කළේය. වඳුරඹ...
"ශිෂ්‍යත්ව විභාග ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවෙලා – බෝගස්වැව විද්‍යාලයේ දෙමාපියෝ චෝදනා කරති"
"උතුරු පළාතේ වන්නි දිස්ත‍්‍රික්කයට අයත් වව්නියාව කොට්ඨාස අධ්‍යාපන කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් බෝගස්වැව විද්‍යාලයේ ඉකුත් 22 වැනි දින පවත්වනු ලැබූ 5 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසු දරුවන්ට ප‍්‍රශ්න පත‍්‍රය විභාගයට පෙර දුරකථන වලට ලැබුණේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වා සිසු දරුවන්හට මෙන්ම දෙමාපියන්හ...
"රට හාල්වලට ලෝකල් ලේබල් අලවා විකුණන ජාවාරමක්: හාල් මෝල්ලු දෙදෙනෙක් පිටුපස"
"සහල් ආනයනයට ඕනෑම අයෙකුට අවස්ථාව ලබාදීම නිසා මෙරට මහා පරිමාණ සහල් මෝල් හිමියන් දෙදෙනෙක් විදෙස් රටවලින් අඩු මිලට සහල් ගෙන්වා නැවත සකස්කර ඔවුන්ගේ වෙළෙඳනාමයෙන් වෙළෙඳ පොළට මුදාහැරීමේ ජාවාරමක් ක‍්‍රියාත්මක කර ඇතැයි ජාතික ගොවිජන සම්මේලනයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ‘‘ දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට පැවසීය. මෙම මහා පරිමාණ හාල්මෝ...
"හමුදාව හිරකරන්න බැෂලේ නූල් අදියි"
"ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්බාධක නීතිරීති දෙකක් කි‍්‍රයාත්මක කිරීමට ජිනීවා හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ සාමාජික රටවල්වලින් ඉල්ලා ඇත. මෙම නීතිරීති නම් සර්වලෝක අධිකරණ පද්ධතිය සහ මැඩ්නිස්කි පනතයි. මෙම චෝදනා සඳහා 2016 දී සාක්‍ෂි 4000ක් ඒකරාශී වී තිබුණත් මේ වන විට ...
"වරාය නගරයේ PRE-SHOOT විශේෂ ඡායාරූප ගැනීමට ගාස්තුවක්"
"කොළඹ වරාය නගරයේදී සිදුකරන විවාහ මංගල ඡුායාරූප ගැනීම් ඇතුළු විශේෂ ඡායාරූප හෝ වීඩියෝගත කිරීමේ අවස්ථා (pre shoot / casual shoot) සඳහා ගාස්තු අය කෙරෙන බව වාර්තා වේ. ඒ සඳහා ගතවන කාලය සහ සහභාගි වන පිරිස අනුව ගාස්තු අය කෙරෙන අතර රු. 30,000 සිට ඉහළට මේ ගාස්තු අය කෙරේ. මේවා සංවිධානාත්මකව සිදු කෙරෙන ඡායාරූප ශිල්පීන් හෝ වීඩියෝ ශ...
"පොල් ගොවියා සමාගමේ හිරවෙලා"
"අපනයනය සඳහා අලෙවි කරන පොල් අඩු මිලට මිලදී ගැනීමට බහුජාතික සමාගම් ක‍්‍රියාකිරීම නිසා පොල් ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි සාම්ප‍්‍රදායික පොත් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව අපනයනය සඳහා වූ පොල් ගෙඩියක් රුපියල් 40ට වඩා අඩු මිලකට පොල් ගොවීන්ගෙන් මිලදී ගැනීමට අදාළ සමාගම් කටයුත...
"මාස නවයට මානව හිමිකම් පැමිණිලි 4188 ක්"
"ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉකුත් වසරේ ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා පැමිණිලි 4188ක් ලැබී ඇති බව එම කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය. මෙම පැමිණිලිවලින් 3309ක විමර්ශන කටයුතු සිදුකර ඇති අතර 64ක් නිර්දේශ ඉදිරිපත් කර ඇත. සංචරණ සීමා කාලයේ පැමිණිලි ලැබීම් අඩු වූ බව ද හෙතෙම කීය. සමහර පැමිණිලි විභාග...
"කොවිඩ් එන්නතට 29 දාට අවුරුද්දයි"
"කොවිඩ් මර්දන එන්නත්කරණය ශී‍්‍ර ලංකාවේ ආරම්භ කර මෙම මස 29 වැනිදාට වසරක් පිරීම නිමිත්තෙන් ජාතික මට්ටමේ හා ප‍්‍රාදේශීය මට්ටමේ වැඩසටහන් රැසක් දිවයින පුරා කි‍්‍රයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්, ප‍්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන්, ආණ්ඩුකා...
"විදුලි සැපයුම වැටඋඩ: බලාගාරයක් ලෙඩක් දුන්නොත් කප්පාදුව ක්ෂණිකව"
"මෙරට දෛනික විදුලි ඉල්ලූම මෙගාවොට් 2630 ලබාදෙන්නේ ඉතා අසීරුතාවෙන් බැවින් දැනට කි‍්‍රයාත්මක යම්කිසි එකදු බලාගාරයක හෝ දෝෂයක් මතුවුවහොත් එතැන් පටන් රටේ විදුලි කප්පාදුවක් ක්‍ෂණිකව සිදුවිය හැකි යැයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී. ඉකුත් සති කිහිපයේදී මෙරට සියලූ බලාගාර එකදිගටම කි‍්‍රයාත්මක කරමින් රටේ දෛනික විදුලි අවශ්‍යතා පි...
"බදු ගිණුමට නඩු"
"දේශීය ආදායම්, රේගුව, සුරාබදු ඇතුළු රාජ්‍ය ආයතන 07ක් විසින් එකතු කරන සියලූ බදු විශේෂ සේවා හා භාණ්ඩ නමින් විශේෂ ගිණුමකට බැර කිරීමට නිකුත්කර ඇති ගැසට් පත‍්‍රය අහෝසි කරන ලෙසට ඉල්ලමින් එම ආයතනවල වෘත්තීය සමිති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට තීරණය කර ඇත. මේ වනවිට නීතීඥවරුන් සමග සාකච්ඡා කර ඇති බවත් ඊට අදාළ නඩුව මේ ස...
"විදෙස් සංචාරකයන්ට හෝටල්වලිනුත් මුදල් මාරු කරගන්න පහසුකම්"
"විදේශ සංචාරකයන්ට සංචාරක හෝටල් මගින් ද තම විදේශ මුදල් මාරු කර ගැනීමට ඉදිරියේදී හුවමාරු අනුපාතයක් මහ බැංකුව විසින් හඳුන්වාදීමට නියමිතය. ඒ අනුව එම අනුපාතයට විදේශ මුදල් ශ‍්‍රී ලංකා රුපියල් ලෙස මාරු කර ගැනීමට විදේශ සංචාරකයන්ට හැකි වේ. එසේ රැස්කරන විදේශ මුදල් සහ සංචාරක ආයතන මගින් උපයන විදේශ මුදල් දින දෙකතුනක් ඇතුළත බැංකුගත ...
"රන්ජන් එළියට ගන්න වගකීම හරීන්ට"
"මේ වන විට බන්ධනාගාරයෙහි සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීමේ ක‍්‍රියාවලිය මෙහෙයවීම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා වෙත පැවරීමට එම පක්‍ෂය සහ විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා තීරණය කර ඇත. හරින් ප‍්‍රනාන්දු මහතාට සහ එම පක්‍ෂයේ තරුණ මන්ත‍්‍රීවරුන් වෙත මෙම කටය...
"රටේ අර්බුද විසඳන්න කතෝලික රදගුරු සමුළුවෙන් යෝජනා"
"වැඩිවන ජීවන වියදම හා ආර්ථික දුෂ්කරතා තුළ මන්දපෝෂණ හා දරිද්‍රතා තත්ත්වයකට ජනතාව පත්වෙමින් සිටින නිසා එම තත්ත්වයට විසඳුම් දීමට අධිෂ්ඨානශීලී නව ක‍්‍රියාමාර්ගවලට එළඹිය යුතු බවට හා රට තුළ උද්ගතව අති සෙසු අර්බුද ගැන විසඳුම් ද ඇතුළත් යෝජනාවලියක්ශ‍්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව තම ‘‘එඬේරික’’ සංදේශය මගින් රජයට ඉදිරිපත් කර තිබේ...
"ඖෂධ මිලට ගන්න කෝටි 4500 ක්"
"මෙම වසරේ ඖෂධ මිලදී ගැනීම සඳහා ඖෂධ නිෂ්පාදන, ආනයන සහ නියාමන රාජ අමාත්‍යාංශයට රුපියල් කෝටි 4500ක මුදලක් රජය වෙන්කර ඇතැයි එම අමාත්‍යාංශයේ ලේකම් සමන් රත්නායක මහතා පැවසීය. ඉන් රුපියල් කෝටි 1400ක් රජයේ රෝහල් හී ඔක්සිජන් මිලදී ගැනීමටත්, රුපියල් කෝටි 700ක් ඖෂධ මිලදී ගැනීමටත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත වෙන්කර ඇති බවද සඳහන් ...
"එස් එස් පී දුන් වධ ගැන ජිනීවා කොමිසමට පැමිණිලි"
"ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු විසින් ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට හා පොලිස් පරීක්‍ෂකවරයෙකුට ක‍්‍රෑර වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් වරිය වෙත පැමිණිලි කර තිබේ. මෙවැනි පැමිණිල්ලක් ඉදිරිපත් වූ මුල් අවස්ථාව මෙයයි. වසර 12ක් තිස්සේ මෙම පොලිස් අධිකාරිවරයා ඇප දීමකින් තොරව තවදු...
"තේ වගාවට පොහොර සහනයක්"
"තේ සඳහා පොහොර සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව වැවිලි ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය. ඉදිරි මාස දෙක තුන ඇතුළත මෙම රසායනික පොහොර සහනාධාරය ලබාදෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය. එමෙන්ම පොහොර මිල අඩු කිරීමට පියවර ගන්නා බවත්, තේ වගාවේ උන්නතිය වෙනුවෙන් රජය ඉදිරි කාලයේදී විශේෂ වැඩසටහන් කිහිපයක් ක‍්‍රියාත්මක කරන බවත් ...
"කොවිඩ් රතුකට්ට ආයෙත් මතුවෙලා"
"මෙරට කොවිඩ් ව්‍යාප්තිය ලෝකයට සාපේක්‍ෂව අඩු අගයක් ගත්ත ද දෛනික.. ආසාදිතයන්ගේ වැඩිවීම නිසා රතු කට්ට පැනීමේ අනතුරක් ඉදිරියේදී මතුවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට ප‍්‍රකාශ කළේය. මීට සති කිහිපයකට ප‍්‍රථම මෙරටින් දෛනිකව කොවිඩ් ආසාදිතයන් 500ක් හෝ ඊට...
"කාබනික පොහොරෙන් ලැබූ අස්වැන්න සහ සාර්ථකත්වය සොයා බලා යල කන්නයට සූදානම් විය යුතුයි"
"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (21 දා) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ‍්‍රීමත් මාර්කස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක යෙදුණි. හරිත කෘෂිකර්මාන්තයක් සහ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය රජයේ ප‍්‍රතිපත්තිය බැවින් මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර බෙදාහැරීම, භාවිතය...
"අල්ලස් කොමිසමට උසාවියෙන් දෝස්මුරයක්: නඩු 11 ක් ඊයෙත් අස්කරගෙන"
"අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිතෙන හිතෙන විට නඩු පැවරීමට හා ඉල්ලා අස්කර ගැනීම නිසා අගතියට පත් පාර්ශ්වවලට සිදුවන හානියට වගකියනුයේ කවුදැයි කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (21 දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනීසිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් විමසා සිටියේය. ...
"චම්පික එදා ලෙඩවෙලා නෑ!"
"රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් වූ නඩුව විභාගයට ගැනීමට දින නියම කර තිබියදී නඩු විභාගයට පෙර දින රාති‍්‍රයේ රෝහල්ගත වී තිබූ පාඨලි චම්පික රණවක මහතාගේ රෝග තත්ත්වය නිශ්චිත කර ගැනීම සඳහා සිදු කළ වෛද්‍ය පරීක්ෂණ දහය අනුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය බවට කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්ත...
"ඔබතුමාලා රට කෑවා පුළුවන් නම් ගොවීන් හමුවන්න : ටී. එන්. ඒ. මන්තී‍්‍ර චාල්ස් සිංහල බසින් මැතිසබයේදී කියයි"
"ඔබතුමාලා රට කෑවා. පුළුවන් නම් ඡන්දේ දීපු ජනතාව ඉදිරියට යන්න. ජනාධිපතිතුමාට කියන්න ගොවීන් හමුවන්න කියලා. දෙමළ වගේම සිංහල ජනතාවත් පාරට වැටිලා යැයි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ති‍්‍රක් මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) කෑ ගසා සිංහල භාෂාවෙන් කීය. දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් සාමාන්‍යයෙන...
"ඖෂධ නිෂ්පාදන සංස්ථාව අලුත් වැඩ තුනකට අතගසයි"
"රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඖෂධ නිෂ්පාදන නව ආයතන දෙකක් සහ විකලාංග උපකරණ නිෂ්පාදන ආයතනයක් ඉදිකිරීමට පියවර ගෙන ඇතැයි එහි සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පැවසීය. මේ සඳහා හොරණ මිල්ලනිය ප‍්‍රදේශයේ අක්කර 65ක් 99 අවුරුදු බද්දට රජය විසින් ලබාදුන් බව පැවසූ සභාපතිවරයා මෙම නව ආයතන තුන ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුප...
"කොරියානු කථානායක එන විට මැති සබයේ ගොඩක් පුටු හිස්"
"සිව් දින නිල සංචාරයක් සඳහා දකුණු කොරියාවේ පාර්ලිමේන්තු ජාතික සභාවේ කථානායකවරයා ඊයේ (21 දා) පෙරවරුවේ මෙරට පාර්ලිමේන්තුව දැක බලා ගැනීමට පැමිණි අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද මන්තී‍්‍රවරුන් වැඩි පිරිසක් ඊයේ දින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද ආසන විශාල ප‍්‍රමාණයක් හිස්ව පැවැති අතර ක...
"තුර්කි ගම්මානයේ මිනීමැරුමේ ඝාතකයා සොයන්න විමර්ශන"
"මාතර වැලිගම තුර්කි ගම්මානය ප‍්‍රදේශයේදී නිවසකදී පෙරේදා (20 දා) රාත‍්‍රි 46 හැවිරිදි පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර පලා ගිය ඝාතකයා අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්බෝම්බයක්ද සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ ප‍්‍රධානියෙකු බව කියන මි...
"කෝටි 7 1/2 ක කුඩු අළුබෝමුල්ලේ ගෙදරක: ඩුබායි පැන්න සලිඳුගේ බඩුලු!"
"මෙරට ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන සලිඳු ලක්‍ෂිත නමැත්තාට අයත් බවට සැකකරන රුපියල් හත් කෝටි පනස් ලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් පානදුර අළුබෝමුල්ල ප‍්‍රදේශයේ නිවසක ස`ගවා තිබියදී බණ්ඩාරගම පොලිසිය මගින් ඊයේ (21 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. කිලෝ ග‍්‍රෑම් 7 ග‍්‍රෑම් 500 ක්වූ මෙම හෙරොයින් තො...
"ආණ්ඩුවේ වැරැදි ආර්ථික ප‍්‍රතිපත්ති නිසා මහ බැංකුවට එන්න තිබෙන ඩොලර් ටිකත් නැතිවෙලා"
"වත්මන් ආණ්ඩුවේ ඇති වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති නිසා මහ බැංකුවට එන්න තිබෙන ඩොලර් ටිකක් නැතිවෙලා යැයි සමගි ජන බලවේය කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (21 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. මේ ...
"ජයම්පති බණ්ඩාර නඩු 10 කින් නිදහස්"
"රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ ගණනාවක් අවභාවිත කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩු 10 කින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (21 දා) නියෝග කළේය. එම සැකකරුට එරෙහිව පවරා ඇති නඩු සියල්ල තවදුරටත් ...
"ජනපතිට – මැතිසබයට තව වසර 2ක් ගන්න: අලුත් යෝජනාවක් ඩයනා කියයි"
"කොවිඩ් අර්බුදය හේතුවෙන් ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට අහිමි වූ වසර දෙකක නිල කාලය දීර්ඝ කර ගැනීමට ඉදිරියේදී විශේෂ යෝජනාවක් ගෙන එන බව මන්ත‍්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) කීවාය. අදාළ යෝජනාව තුනෙන් දෙකක බහුතර බලයෙන් සම්මත කර ගැනීමට අපේක්‍ෂා කරන බව කී මන්ත‍්‍රීවරිය ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ජනතා...
"බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය: සැකකරුගෙන් මහෙස්ත‍්‍රාත්ට පැය 1 1/2ක රහස් ප‍්‍රකාශයක්"
"පසුගිය 11 වැනිදා බොරැල්ල සියලූ සාන්තුවරයන්ගේ දේවස්ථාන පරිශ‍්‍රය තුළට ජීව අත්බෝම්බයක් ගෙනැවිත් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ලියනගේ දයාසේන නැමති සැකකරු ඊයේ (21 දා) මහෙස්ත‍්‍රාත් නිල මැදිරිය තුළදී කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියට පැය 1 1/2ක කාලයක් රහස් ප‍්‍රකාශයක් ලබාද...
"මහින්දානන්දගේ අභියෝගය හරින් භාර ගනියි"
"පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සැ`ගවුණු තොරතුරු ගැන පාර්ලිමේන්තුවෙන් පිටත ප‍්‍රසිද්ධ වේදිකාවකදී විවාද කිරීමට එන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) කළ අභියෝගය විපක්‍ෂ මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් භාරගනු ලැබීය. ඒ අනුව තම පාර්ශ්වයයන් රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතාද කැටුව ප‍්‍ර...
"දහතුනෙන් එහාට යන්න සහාය දෙන්න බෑ: මෝදිට යැවූ ලියුමට අත්සන් නොකළ හේතුව මනෝ ගනේෂන් කියයි"
"මෙරට පවතින ජනවාර්ගික ගැටලූවට විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් මැදිහත්ව ක‍්‍රියාකරන ලෙස ඉල්ලමින් ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි මහතා වෙත මෙරට දමිළ දේශපාලන පක්‍ෂ එකමුතුව විසින් ලිපියක් යොමුකර ඇත. මෙරට දමිළ ජනතාවට බලපා ඇති ගැටලූ විසඳා ගැනීම වෙනුවෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර, ඉන් ඔබ්බට යන ෆෙඩරල් විසඳුමක් ලබා ගැනීම වෙ...
"ප‍්‍රියන්ත ඝාතන සිද්ධිය ලෝකය වටේ යැවූ පුද්ගලයා වසරක් හිරේ"
"පි‍්‍රයන්ත කුමාර දියවඩන මහතාට පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයකුට පාකිස්ථාන ත‍්‍රස්ත විරෝධී අධිකරණය වසරක සිර දඬුවම් නියම කර තිබේ. අද්නාන් නමැති පුද්ගලයකු මෙලෙස සිරදඬුවමට ලක්කර ඇත. පි‍්‍රයන්ත කුමාර දියවඩන මහතා පාකිස්ථානයේ ඇගලූම්කම්හලක සේවය කරමින් සිටියදී ඉකුත් දෙසැම්බර් මාසයේදී සාහසිකයන...
"දඹුල්ලට ඊයේ එළවළු කිලෝ ලක්ෂ 10 ක් එයි: සැපයුම සියයට 40 කින් වැඩිවෙලා"
"දඹුල්ල තොග වෙළෙඳපළට ඊයේ (21 දා) එළවළු සැපයුම සියයට 40 කින් ඉහළ ගිය බවත්, එළවළු කිලෝ ලක්ෂ දහයක් පමණ ලැබුණ බවත් දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා පැවැසීය. වැටකොළු, කරවිල තොග පමණක් ඉතාම අඩුවෙන් ලැබුණ බවද ඔහු පැවැසීය. මාළු මිරිස්, අමු මිරිස්, බෝංචි සහ කැරට් තොග මිල ඉහළ මට්ටමක...
"මෙරට ගැබිනි මවුවරුන් 12000 කට කොවිඩ් හැදිලා"
"මෙරටින් කොවිඩ් රෝගීන් වාර්තා වූ 2020 මාර්තුවේ සිට මේ දක්වා කාලයේදී කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් දොළොස්දහසක් වාර්තා වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය ‘දිවයින’ ට ඊයේ (21 දා) පැවසුවාය. එසේම මෙම කාලයේ කොවිඩ් වැළඳීමෙන් ගර්භණී මාතාවන් 60 දෙනකු මියගොස් ඇතැයි ද ඇය කියා සිටි...
"විදුලි අර්බුදයට ඉංජිනේරුවන් වගකිව යුතුයි: ජනන සැලැස්ම කි‍්‍රයාත්මක නොකිරීම ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න"
"විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික දෙදහස් දාහතර වසරේ අවසානයේ සිට දෙදහස් දහනවය දක්වා ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ විදුලි ජනන සැලැස්ම ක‍්‍රියාත්මක නොකළ විදුලි ඉංජිනේරුවන් වර්තමාන විදුලි අර්බුදයට වගකිව යුතු යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඊය...
"විදේශිකයන් සමග ගණුදෙනු විදෙස් මුදල්වලින්ම පමණයි: මහ බැංකුව සංචාරක ආයතනවලට අනිවාර්ය කරයි"
"විදේශිකයන්ට සේවා සැපයීම වෙනුවෙන් සිදුකරන සියලූම අයකිරීම් විදේශ මුදලින් පමණක් භාරගන්නා ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (19 දා) සියලූම ලියාපදිංචි සංචාරක ආයතනවලට අනිවාර්ය කළේය. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මේ තීරණය ගෙන තිබේ. මෙසේ විදේශිකයන්ගෙන් විදේශ මුදලින් කරන ඉපයීම් එම සංචාරක ආයතන විසින් අනිවාර්යයෙන...
"ජුනි දක්වා ‘ලයිට්’ දෙන්න ගල් අඟුරු තිබෙනවා – ගල්අඟුරු සමාගමේ සභාපති"
"නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සතුව මේ වසරේ (2022) ජුනි මාසය තෙක් විදුලිය නිපදවීමට ප‍්‍රමාණවත් ගල් අඟුරු පවතින බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා පවසයි. නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදනය වෙනුවෙන් ගල් අඟුරු තිබෙන්නේ තව මාස 03 කට යන්න ඊයේ (20 දා) ‘දිවයින’ පුවත්පතේ පළවී තිබූ වාර්තාව සම්බන්ධයෙන් කරුණු...
"බෝම්බ දෙකම තිබ්බේ මමයි: දොස්තර පාපොච්චාරණය කරයි"
"බොරැල්ල සියලූ සාන්තුවරුන්ගේ දේවස්ථානයට අත්බෝම්බයක් ඇටවූ 75 හැවිරිදි විශ‍්‍රාමික වෛද්‍යවරයා නාරාහේන්පිට ප‍්‍රදේශයේ පෞද්ගලික රෝහලක බෝම්බය තැබීමේ සිද්ධියට ද සම්බන්ධ බව එම වෛද්‍යවරයා විසින්ම කොළඹ අපරාධ කොට්ඨාසයට ලබාදුන් පාපොච්ඡාරණයේදී අනාවරණය වී ඇත. මෙම ස්ථාන දෙකටම බෝම්බ තැබීමට බෝම්බ ලබාදුන් පුද්ගලයා ඊයේ (20 දා) හම්බන්තොට...
"නීති විරෝධී නිලධාරි පිරිසකගේ වුවමනාවට මත්තේගොඩ බෞද්ධ මන්දිරය මුරුත්තෙට්ටුවේ හිමිට පවරන්න යනවා"
"වසර හතළිහක් පුරා බෞද්ධ සමිතියක් මගින් පාලනය වූ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි බෞද්ධ මන්දිරය සුළු පිරිසකගේ වුවමනාවට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ප‍්‍රදේශයේ මහා සංඝරත්නය හා ජනතාව එක්ව ඊයේ (20 දා) දහවල් මත්තෙගොඩ බෞද්ධ මන්දිරය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. මෙම බෞද්ධ සමිති...
"නවීකරණය කළ අගමැති කාර්යාලය විවෘත කෙරේ…"
"නවීකරණය කරන ලද කොළඹ, මල් පාරේ පිහිටි ‘සිරිමතීපාය’ අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ (20 දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා කාර්යාල පරිශ‍්‍රයේ තැන්පත් කර ඇති බුද්ධ ප‍්‍රතිමාවට මල් පූජා කිරීමෙන් අනතුරුව රාජකාරී ආරම්භය සංක...
"සත්වෝද්‍යානය තුළ වංචා දූෂණ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය අනාවරණය කර ගත්තා : දූෂිතයන් කලබල වෙලා!"
"සත්වෝද්‍යානය තුළ කලක සිට කරගෙන ආ වංචා දූෂණ අක‍්‍රමිකතා නව අධ්‍යක්ෂ ජනරාල්වරිය යටතේ අනාවරණය වීමත් සමග කලබලයට පත්වූ ඇතැම් දූෂිතයන් මඩ ප‍්‍රචාර දියත් කරමින් සත්වෝද්‍යානයේ නව පරිපාලනය කඩාකප්පල් කිරීමට බොළඳ උත්සාහයක් ගනිමින් සිටිනා බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය චන්දන රාජපක...
"කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගන්න ජනධිපති දූරදර්ශීව ක‍්‍රියා කළා"
"මහාවිහාර වංශික ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 72 වැනි උපසම්පදා පුණ්‍යෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් වැලිවේරිය, නාරංවල ශ‍්‍රී සුමනකීර්ති පිරිවෙන් මූල මහා විහාරස්ථානයේ දී පෙරේදා (19 දා) පස්වරුවේ පැවැත්විණ. විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා උපසම්පදා මහා විනය කර්මය මෙම වර්ෂයේ සිදු කරන්නට යෙදුණු...
"රට සල්ලි පන්නද්දී අල්ලයි ගුවන්තොටේදී 5දෙනෙක් අත්අඩංගුවට"
"රුපියල් මිලියන 42කට ආසන්න විදේශීය මුදල් මෙරටින් පිට කිරීමට තැත් කළ සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු නිලධාරීහු පෙරේදා (19 වැනිදා) සමත් වූහ. පෙරේදා (19 වැනිදා) ැපසර්එැි ගුවන් සේවයට අයත් ෑණ 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා යෑමට තැත්කිරීමේදී රේගු නිලධාරීන් විසින් මෙ...
"ණය උගුලට මහින්ද වගකිව යුතුයි! ජනපතිගේ ගමනට එකතු වුණොත් අපිත් පවුකාරයෝ වෙනවා!!"
"වත්මන් පාලනය යටතේ සිදුව ඇත්තේ ජන ජීවිතය ආපස්සට යෑම පමණක් යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (20 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. ඔහු එහිදී මෙසේ ද කීවේය. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කාලය අවසන් කරන්න හදිසි තීරණයක් ගත්ත...
"මහ මෝල් හිමියන්ගේ සහල් මාෆියාව බිඳින්න නීතිය ප‍්‍රමාණවත්: රජය නිහඬයි – නාමල් කරුණාරත්න"
"මහා පරිමාණ වී මෝල් හිමියන් සහ ගොවියන් සතුව ඇති වී සාධාරණ ලෙස මිලදී ගැනීමට රජය නිශ්චිත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන්නේ නම් රටේ ජනතාවට ගිනි ගණන් දී බත් කෑමට සිදුනොවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (20 දා) පැවසීය. ඉදිරි ගොවිතැන පිළිබඳව ගොවීන් තුළ ඇති අවිනිශ්චිත බව නිසා ...
"සෞඛ්‍ය සේවකයන්ට බි‍්‍රතාන්‍යයේ රැකියා දෙන්න අවබෝධතා ගිවිසුමක්"
"මෙරට හෙදියන්ට සහ අනෙක් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවාවේ රැකියා ලබාදීමේ අවබෝධතා ගිවිසුමක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කර ඇත. පසුගිය ජනවාරි 18 දා අත්සන් කළ ගිවිසුමට අනුව එක්සත් රාජධානියේ රැුකියා ලබාගැනීම සඳහා ෂෑඛඔී ඉංග‍්‍රීසි භාෂා විභාගය සමත්ව තිබීම අනිවාර්ය වේ. මෙම ගිවිසුම සඳහා ශ‍්‍රී ල...
"කෝටි තුනකට විකුණන්න ගෙනා වාලම්පූරි 2ක් සමග මොනරාගලදී 3ක් මාට්ටු"
"රුපියල් කෝටි තුනකට අලෙවි කිරීම සඳහා ගෙනා වාලම්පුරි දෙකක් මොනරාගල මහානාම පාරේ පිහිටි නිවාඩු නිකේතනයකදී ඊයේ (20දා) මොනරාගල පොලිස් විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් තිදෙනකු සමඟ අත්අඩංගුවටගෙන ඇත. නාවික හමුදාවේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත නාවික හමුදාව විසින් ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ...
"සිංහල සිනමාවට 75යි: සංස්ථාවට 50යි තරංගනියට අද තරු පායයි"
"සිංහල සිනමාවට වසර 75ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් අද (21 දා) චිත‍්‍රපට කලාකරුවන් සහ කාර්මිකයින්ගෙන් සැදුම්ලත් උත්සවයක් බෞද්ධාලෝක මාවතේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ. චිත‍්‍රපට කර්මාන්තයේ ප‍්‍රගමනයට දායක වූ අවුරුදු 08ක් සම්පූර්ණවූ ලේඛනයේ සුදුසුකම්ලාභී නළු නිළියන් සහ කාර්මික ශිල්පීන් 25 දෙනෙක...
"කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිට ‘අග්ගමහා පණ්ඩිත’ අභිධානය පිරිනමයි"
"කැලණිය රජමහා විහාරයේ, කිත්සිරිමෙවන් රජමහා විහාරයේ සහ මල්වාන මාපිටිගම ලෙනගම්පල රජමහා විහාරයේ උභය විහාරාධිපති කැලණිය විශ්වවිiාලයේ කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජනීය ගෞරව කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමියන් වෙත මියන්මාර් රජයෙන් ප‍්‍රදානය කරන ලද ‘අග්ගමහා පණ්ඩිත’ අභිධාන ශ‍්‍රී ලංකා මියන්මාර් තානාපති යූ. හන්තු (His E...
"රජයේ නියෝජිතයන් හදන නව ව්‍යවස්ථාවක් එපා – කරු ජයසූරිය"
"දෙවැනි පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කළ අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලබන ව්‍යවස්ථාවක් මිස, රජය පත්කළ නියෝජිතයන් විසින් සකස් කරන ව්‍යවස්ථාවක් නොවිය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි. ඒ මහතා ඊයේ (20 දා) පැවැත්ව...
"කොතලාවල විශ්වවිද්‍යාලයට අපරාධ විද්‍යාව පිළිබඳ පීඨයක්"
"කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා පීඨය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් උත්සවාකාරයෙන් පෙරේදා (19දා) විවෘත කරන ලදී. මීට සමගාමීව විශ්වවිද්‍යාල මුද්‍රණාලයේ දෙවන අදියර විවෘත කිරීම ද එදිනම සිදු විය. අලූතින් පිහිටුවන ලද මෙම පීඨය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 11 වන පීඨය බවට පත්වෙනු ඇත. මෙහිදී අදහස් දැක්වූ ...
"මුල් එන්නත් දෙකේ ප‍්‍රතිශක්තිය අඩුවෙනවා: වැඩි පිරිසකට බූස්ටරේ දීමට රජය කඩිනම් පියර ගත යුතුයි – වෛද්‍ය නවීන් ද සොයිසා"
"කොවිඞ් මර්දනය වෙනුවෙන් මෙරට ජනතාවට ලබාදුන් මුල් එන්නත් මාත‍්‍රා දෙකේ ප‍්‍රතිශක්තිය ක‍්‍රමයෙන් හීන වීම නිසා මෙරට දෛනික කොවිඞ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බැවින් තෙවැනි මාත‍්‍රාව වන ‘බූස්ටර්’ එන්නත ජනගහනයෙන් වැඩි ප‍්‍රතිශතයකට ලබාදීමට රජය කඩිනම් පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය...
"මීගමුව අධිකරණයේ නීතිඥවරියකට අපහාස කළ යුවළට ඇප"
"මීගමුවේ අධිකරණයන්හි නීති වෘත්තියේ නියුතු නීතිඥවරියකට ඇගේ නීතිඥ කාර්යාලය වෙත ගොස් මහජනයා විශාල පිරිසක් බලා සිටියදී අපහාසාත්මකව බැණ වැදීමේ චෝදනාව මත අධිකරණය හමුවට පැමිණවූ තරුණ යුවළකට තරයේ අවවාද කළ මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් කේ. ජී. ගුණදාස මහතා එම සැකකාර යුවළ ලක්‍ෂ 2 බැගින් ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය. ඇප නියම වූ ...
"පෞද්ගලික අංශයට විශ‍්‍රාම වැටුපක් දෙන්න ඇමැති ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරයි"
"පෞද්ගලික අංශයට විශ‍්‍රාම වැටුපක් හා සමාජ ආරක්‍ෂණ ක‍්‍රමයක් හදන්න කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (20 දා) ලෝක බැංකු නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය. පෞද්ගලික අංශයේ විධිමත් හා අවිධිමත් ලෙස සේවය කරන සේවක සේවිකාවන්ගේ වෘත්තීය සුබසාධනය ඇති කිරීම අරමුණු කරගෙන සමාජ ආරක්‍ෂණ හා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් සකස් කිරීම කාලී...
"බොරැල්ල පල්ලියේ බෝම්බයට ඇල්ලූ – දොස්තර ගෙදර අවි ගබඩාවක්"
"බොරැල්ල සියලූ සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 76 හැවිරිදි විශ‍්‍රාමික… වෛද්‍යවරයාගේ නිවසේ ඉතාම රහසිගතව පවත්වාගෙන ගිය අවි ගබඩාවක් පොලිසිය මගින් සොයාගෙන ඇත.මෙහිදී සොයාගත් අවි ආයුධ අතර පිස්තෝල 4 ක්, රිවෝල්වරයක්, කඩු 2 ක්, රම්බෝ පිහියක් සහ වර්ගය හඳුනාගත නොහැකි ගිනි අවියක් තිබෙන බව ...
"මේක ගොතන කථාවක් – දොස්තරගේ පුතා කියයි"
"අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයාගේ පුතු සමාජ කි‍්‍රයාකාරිකයකු වන ඔෂධ හේරත් මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය. ”මම කතෝලිකයෙක්. වයස අවුරුදු 45 යි. බොරැල්ල සියලූ සාන්තුවරුන්ගේ දෙව්මැදුරේ බෝම්බ සිද්ධියට අදාළ තව දිගහැරුමක් මේක. මගේ පවුලත් දැන් ඒකෙ ගොදුරක් බවට පත්වෙලා. 17 වැනිදා සවස 7.30 ට විතර නාලා එළියට එනකොට මට පුතා ඇවිල්ලා කිව...
"මෙගාවොට් 300 ක ජනන යන්ත‍්‍රය දින 48 ක් තිස්සේ කැඩිලා – ගල්අගුරු ඇත්තේ තව මාස 3 කටයි"
"* අප‍්‍රියෙල් වාරකන් නිසා පස්සෙ ගෙනාවත් ගොඩබාන්න බෑ;නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සංචිත ප‍්‍රමාණය මාස තුනකට පමණක් සීමාවී ඇතැයි නොරොච්චෝල බලාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. ඉකුත් දෙසැම්බර් 03 වැනිදා සිට එම ගල්අඟුරු බලාගාරයේ මෙගාවොට් 300 ක් ජනනය කරන එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් දින 47 ක් තිස්ස...
"දිනකට පැය 1 1/2ක් වත් ලයිට් නොකැපුවොත් ලබන මාසයේ රටම අඳුරේ"
"දිනකට පැය එකහමාරක් විදුලිය කපා සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය ඉතිරි කර නොගතහොත් පෙබරවාරි අග සිට රට අඳුරට යනු ඇතැයි බළශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.පැය විසිහතරම මෙලෙස විදුලිය ලබාදෙමින් තිබෙන සීමිත විදේශ විනිමය අවසන් කර ගතහොත් පෙබරවාරි අග වනවිට ඉන්ධන ආනයනයට මුදල් නොමැති විය හැකි බවද ඒ මහතා කියා සිටී.පැය එකහම...
"තී‍්‍ර’මලේ තෙල් ටැංකි ඉන්දියාවට දුන්නාට ජවිපෙ විරෝධය…"
"ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ පා ගමනක් හා උද්ඝෝෂණයක් ඊයේ (19 දා) කොළඹ කොටුවේදී පැවැත්විණි. එම උද්ඝෝෂණයේ අවස්ථාවන් හා අනුර කුමාර දිසානායක ඇතු`ථ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් උද්ඝෝෂණයට එක්ව සිටි අයුරු. ඡායාරූපය – කමල් බෝගොඩ"
"නිලධාරින් දිරි ගන්වා ඉලක්ක සපුරා ගැනීම ලේකම්වරුන්ගේ වගකීමයි"
"–  නව ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්ට පත්වීම් ලිපිය පිරිනමමින් ජනපති කියයිනිලධාරීන් දිරි ගන්වමින් රජයේ ඉදිරි සැලසුම් හා අපේක්‍ෂිත ඉලක්ක සපුරා ගැනීම අමාත්‍යාංශ ලේකම්වරුන් සතු වගකීමක් බැවින් එම දැවැන්ත වගකීම ඉටු කිරීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (19දා) පැවසුවේය.ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ න...
"රබර් – සහල් ගිවිසුමට වසර 70 ක් පිරීම සමරා චීනයෙන් ලංකාවට සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 10 ක්"
"සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ දහයක් පරිත්‍යාග කිරීමට චීන රජය එක`ගතාව පළකර ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.දෙරට අතර ඇතිකර ගත් රබර් සහල් ගිවිසුමට වසර 70 ක් පිරීම නිමිති කර ගෙන මෙම පරිත්‍යාගය ලබාදෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා සහ චීන විදේශ ඇමැතිවරයා සමග පැවැති සාකච්ඡුාවකදී මෙසේ පරිත්‍යාගයක් ලෙස සහ...
"දේශපේ‍්‍රමී යැයි කී රාජපක්ෂ ආණ්ඩුව රටේ වටිනා සම්පත් සියල්ල විකුණනවා – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක"
"රටේ සම්පත් විකිණීමේ රාජපක්ෂ හත්කට්ටු ආණ්ඩුවේ ක‍්‍රියාදාමය හමුවේ කවුරුන් නිහඬ වුවද ජනතා විමුක්ති පෙරමුණ සහ ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරය කිසිලෙසකවත් නිහඬ හෝ යටත් නොවන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19 වැනිදා) කියා සිටියේය.දේශීය සම්පත් විදේශයට විකිණීමේ ආණ්ඩුවේ පිළිවෙත සහතික ලෙස පරාජය කරන බව කී අනුර කුමාර දි...
"ලයිසන් මුද්‍රණය හමුදාවට දීමෙන් වසරකට කෝටි 120ක ඉතිරියක්"
"රියැදුරු බලපත‍්‍ර මුද්‍රණ කටයුතු මීට වසරකට පෙර යුද හමුදාව යටතට පත්කිරීමට ගත් තීරණය නිසා ඉකුත් මාස 12ට රටට ඉතිරිකර ගතහැකි වූ මුදල රුපියල් කෝටි එකසිය විස්ස ඉක්මවිය හැකි යැයි රජයේ විගණන නිලධාරීහු කියා සිටිති.කෙසේ වෙතත් වසංගතය නිසා මෙම ගණන් වෙනස්විය හැකි බව ද ඔවුහු පැවසූහ.මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්...
"කැලණිතිස්ස බලාගාර 3 ක් නවතී"
"කැලණිතිස්ස පරිශ‍්‍රයේ පිහිටි මෙගාවොට් 300 ක් ජනනය කරන විදුලි බලාගාර තුනක් ඊයේ (19 දා) නතරවීමත් සමග රටේ තැනින් තැන පැය එකයි විනාඩි හතළිස්පහක කාලයක විදුලි කප්පාදු කාණ්ඩ හතරක් යටතේ ආරම්භ කළේය.කෙසේ වෙතත් මෙම බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව එක`ගව සිටින බවත් නළ මගින් බලාගාරය වෙත ඉන්ධන ලබාදීමට පැය අටක් ...
"හාල් මිල නහුතෙට නගී"
"සහල් සඳහා පනවා තිබූ පාලන මිල රජය ඉවත් කිරීමත් සමඟ වෙළෙඳපොළේ සහල් මිල තවදුරටත් ඉහළ යමින් පවතී.ඒ අනුව සාමාන්‍ය වෙළෙඳසල් වල රතුකැකුළු සහල් කිලෝවක් රුපියල් 160 ත් 180 ත් අතරත්, නාඩු සහල් රුපියල් 170 ත් 190 ත් අතරත්, සම්බා සහල් රුපියල් 230 ත් 260 ත් අතර වූ විවිධ මිල ගණන්වලට අලෙවිවෙමින් ඇත.සහල් මිල පාලනය ඉවත් කිරීමට රජය තීර...
"මන්ත‍්‍රීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් නීති මාලාවක් අවශ්‍යයි – රනිල් වික‍්‍රමසිංහ"
"පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වීමට නීති මාලාවක් අවශ්‍ය බව හිටපු අග‍්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) ප‍්‍රකාශ කළේය.පාර්ලිමේන්තුවේ ප‍්‍රමිතිය වැඩිකළ යුතු අතරම ජනතා විශ්වාසය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගත යුතු බව...
"තෙල් ගන්න ඩොලර් දුන්නා – මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්"
"තෙල් මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් ප‍්‍රමාණය ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදුන් බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (19 දා) ‘දිවයින’ ට පැවැසීය.ඩොලර් ප‍්‍රශ්නය නිසා විදුලි බලය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට ගැටලූවක් ඇති නොවන බවද ඒ මහතා තවදුරටත් කීවේය. ශ්‍යාම් නුවන් ගනේවත්ත"
"සියයට 48ක් බූස්ටරේ අරන් – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්"
"කොවිඞ් තුන්වැනි එන්නත් මාත‍්‍රාව (බූස්ටර්) මේ වනවිට සියයට 48කට වැඩි පිරිසකට ලබා දී ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ට ඊයේ (19දා) පැවැසීය.කිසිදු කොවිඞ් එන්නත් මාත‍්‍රාවක් ලබානොගත් අයගෙන් සමාජය තුළ කොවිඞ් පැතිරීමේ වැඩි ඉඩකඩක් ඇතැයි ද හෙතෙම කියා සිටියේය.එසේම සංකූලතා ඇති ...
"රිෂාඞ්ට එරෙහි විමර්ශන අවසන් කර නඩුවේ සැකකරුවකු කරන්නේ දැයි අධිකරණයට දැනුම් දෙන්න"
"* කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් සීසඩියට නියෝග කරයි * වෛද්‍යවරයකුට බැන තර්ජනය කිරීමබන්ධනාගාර රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුට බැන වැදී මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව සිදුකරන විමර්ශන අවසන් කර ඔහු එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන්නේ දැයි අධිකරණයට දැනුම්...
"වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහත බැසීම ගැන වහා විගණන වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි"
"* පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ මහාචාර්ය අතුල සේනාරත්නවික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහත බැසීම සම්බන්ධයෙන් අදාළ අංශ විසින් වහාම විගණන වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.ජල මට්ටම පහත බැසීමට නම් විදුලිය නිපදවීම සඳහා වැඩි ජල ධාරිතාවක් යෙදවීම ...
"පක්ෂ පාට ජාතිභේද සහ සියලු මතවාද අමතක කොට රට ගොඩනගන්න එක්වන්න… ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියයි"
"පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව උසි ගැන්වීම දැන්වත් නතර කර දීර්ඝකාලීන සංවර්ධන වැඩපිළිවෙළ නොනැවතී ක‍්‍රියාත්මක කිරීමෙන් රටේ තිරසාර අනාගතය ගොඩනැගිය හැකි බවත් ඒ සඳහා සියල්ලන්ගේම සහයෝගය අවශ්‍ය යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කරමින් ඊයේ (18දා) පෙරවරුවේදී මේ බ...
"විනෝද සමයේ ප‍්‍රතිඵළ සති දෙකතුනකින් – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්"
"ගෙවීගිය දීර්ඝ සති අන්ත නිවාඩුවේදී හිතු මතේ විනෝද වූ ජනතාව අතර කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිරී ඇතැයිද මෙහි ප‍්‍රතිඵලය තව සති තුනකින් දැකගත හැකි වනු ඇතැයි ද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘‘දිවයින’’ට පැවසීය. තාමත් පෙර මෙන් කොවිඞ් පොකුරක් නිර්මාණය නොවීම රටේ වාසනාවක් වුවත් දැනට රට වට...
"වෛද්‍යවරයාගේ පහරදීමට එරෙහිව අපේක්ෂා රෝහලේ හෙදියෝ සේවයෙන් ඉවත්වෙති"
"අපේක්ෂා රෝහලේ හෙද හෙදියන් 300 කට ආසන්න පිරිසක් විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් රෝහල ඉදිරිපිට දී පැය දෙකක පමණ කාලයක් මෙම විරෝධතාවයේ නියැළුණහ. ඉකුත් 17 දා ශල්‍යකර්ම සඳහා නියමිත නාම ලේඛනයේ අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් නොවන දෙදෙනෙකුට අයත් රෝගීන් දෙදෙනකුගේ නම් දෙකක් තිබීම පිළිබඳ ප‍්‍රධාන හෙද නිලධාරිනිය එම ශල්‍ය වෛද්‍යවරයාගෙන...
"G.M. පත්කිරීමට ලංවිම ඉංජිනේරු විරෝධය"
"නීත්‍යානුකූල නොවන අයුරින් ලංකා විදුලිබල මණ්ඩලයට සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කිරීමට විරෝධය පළකරමින් එම මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ (18) ලෙඩ නිවාඩු වාර්තා කරමින් විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට රැස්ව සිටි අයුරු…පිංතූරය – කමල් බෝගොඩ"