Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති වළක්වන බහිරවයා කවුද?"
"ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින විදුලි අර්බුදයට යම් සහනයක් ලබා ගැනීම සඳහා පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ඉදිකිරීමට අවසර ලබා නොදෙන්නේ කුමන බලවේග ද යන්න රටට හෙළිකරන ලෙස පුනර්ජන බලය උදෙසා තරුණ සංවිධානයේ කැඳවුම්කරු ඉඳුනිල් බණ්ඩාර මහතා බලධාරීන්ගෙන් පසුගියදා (05 දා) ඉල්ලීමක් කළේය. අදානි සමාගම මේ වනවිට මෙගාවොට් 484ක සුළං බ...
"සිල්ලරට මත්පැන් විකුණන බාර් 12-13 වැසේ"
"අප්‍රේල් මස 13 දාට යෙදී ඇති අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් එළඹෙන 12 සහ 13 යන දෙදින විශේෂ අවසර ලත් ස්ථාන හැර අනෙකුත් සියලුම සිල්ලරට මත්පැන් විකුණන සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත. සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් තරු පන්ති තුනෙන් ඉහළ හෝටලවල නේවාසික...
"වැඩි කළ දස දහසත් සමඟ රාජ්‍ය සේවක වැටුප අද සිට"
"රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප අද (08දා) සිට ගෙවන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. වැඩිවූ රු. 10,000 සමඟ අද සිට රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා මුදල් නිකුත් කිරීමට සූදානම් කර ඇති බවත් වැඩිවූ මුදල රු. කෝටි 1300ක් පමණ වන බවත් ඇමැතිවරයා කියයි. මේ අනුව මුළු මුදල වශයෙන් රු.බිලියන 107ක් නිදහස් කිරීමට ස...
"උ/ නැ. තවත් කි.මී. 23ක බිම් බෝම්බ ඉවත් කිරීමට තිබෙනවා- ඇමැති ප්‍රසන්න රණතුංග"
"උතුර – නැඟෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ තවත් කිලෝමීටර් 23ක බෝම්බ ඉවත් කිරීමට නියමිතව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 2028 වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බ හා පුපුරා නොගිය යුද්ධෝපකරණවලින් තොර රටක් බවට පත්කරන බව කිලිනොච්චිය ක්‍රීඩාංගණයේ පැවැති ලෝක බිම් වෙඩි දින ජාතික උත්සවයට එක...
"මත්කුඩු පැකට් ළඟ තබාගෙන සිටි පොලිසියේ 2ක් මාට්ටු"
"මත්කුඩු පැකට් දෙකක් ළඟ තබාගෙන සිටි සේවය අතහැර ගිය කොස්තාපල්වරයකු සහ මිරිහාන පොලිසිය් ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු බිංගිරිය සහ දිවුලපිටිය පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා හෙරොයින් මිලිග්‍රෑම් 28 සහ 25 බැගින් අඩංගු පැකට් දෙකක් ළඟ තබාගෙන සිටි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. මෙම පොල...
"වේදිකාවල මොන සුරංගනා කතා කීවත් රටට ඩොලර් හා රුපියල් නොමැතිව කිසිදු විසඳුමක් නැහැ"
"මේ වන විට දේශපාලන නායකයින් වේදිකාවල සුරංගනා කතා කියමින් තමන් එකම විසඳුම, උත්තරය යැයි කියමින් ජනතාව සිහින ලෝකවල රවටමින් සිටින බවත් කවුරු මොන උත්තර, විකල්ප, විසඳුම් පෙන්වා දුන්නත් රටට ඩොලර් හා රුපියල් නොමැතිව කිසිදු විසඳුමක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව කියා ස...
"තව දින සීයයි – කොමිසම ජනපති සටනට"
"ජනාධිපතිවරණය සඳහා අද (07දා) සිට දින සියයකින් පසුව නාමයෝජනා පත්‍ර කැඳවීමේ බලය මැතිවරණ කොමිසම වෙත හිමිවේ. ඒ අනුව ලබන ජූලි මස 17 වැනිදාට පසුව ඕනෑම මොහොතක ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා පත්‍ර කැඳවීමට මැතිවරණ කොමිසමට හැකිය. මැතිවරණ කොමිසම මගින් ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කාලවකවානු තීරණය කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස් ...
"ශ්‍රීලනිපය ගන්ධබ්බයි – බලය තාම මෛත්‍රි අතේ"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තිබෙන්නේ ගන්ධබ්බ අවස්ථාවක බව නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට සඳහන් කළේය. එහෙත් නිදහස් පක්ෂයේ බලය තවමත් තිබෙන්නේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සතුව බවද ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා කීය. ඊට හේතුව වන්නේ පක්ෂ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කා...
"එහෙන් මෙහෙට"
"සමගි ජන බලවේගය සමග පසුගිය සිකුරාදා දින ඇති කරගනු ලැබූ නව සන්ධානයෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මන්ත්‍රී ඩිලාන් පෙරේරා යන මහත්වරු සුහදතාවය පළකර ගත් අයුරු. මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ද ඒ අසලින් සිටී. ඡායාරූපය – සුජාතා ජයරත්න"
"මන්ත්‍රීලා රැසක් දෙලොවක"
"ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය ලබා දෙන්නේ කුමන අපේක්‍ෂකයාට දැයි තීරණයක් ගත නොහැකිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් දෙගිඩියාවෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී. මෙම මන්ත්‍රීවරුන් අතර පසු පෙළ මන්ත්‍රීවරුන් සහ ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූවන් බහුතරයක් සිටින බවද වාර්තා වේ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසු ඒ සඳහා ...
"පාස්කු විවාදයකින් මැතිසබය අවුරුද්දට යළි වැඩ අල්ලයි"
"සිංහල අලුත් අවුරුද්දෙන් පසුව පාර්ලිමේන්තුව ලබන 24, 25 සහ 26 යන දිනයන්හි රැස්වන අතර එම තෙදින පුරාම විපක්ෂය විසින් ගෙනෙන යෝජනාවකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. ඒ අනුව ලබන 24 වැනි බදාදා පෙ.ව 10.30 සිට පෙ.ව 5.30 දක්වා පාස්කු ඉරු දින ...
"ජනපති අපේක්‍ෂකයෝ ඇවිත් යනවා ඉල්ලන්නේ නෑ"
"ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකත්වය ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයකු හෝ පක්ෂයෙන් පිට වෙනත් දේශපාලන නායකයකු මෙතෙක් ඉල්ලීම් කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා “දිවයින ඉරිදා” සංග්‍රහයට කීය. තමන් හමුවීමට දේශපාලනඥයන් බොහෝදෙනෙකු පැමිණ තම සුවදුක් විමසා යනවා හැරෙන්නට ජනාධිපති අපේක්ෂකත්වය ගැන ඉල...
"විමල්-ඩලස්-උදය වාම පෙරමුණක්"
"රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නායකත්වයෙන් ඇති දේශපාලන බලවේගවලට එරෙහිව විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, රොෂාන් රණසිංහ, දයාසිරි ජයසේකර ඇතුළු පිරිසකගෙන් සමන්විත වාමවාදී ජාතික පෙරමුණක් ගොඩනැංවීම සඳහා මේ වනවිට දේශපාලන සාකච්ඡා ආරම්භ කර ඇත. මෙම නව පෙරමුණ සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා රැස...
"රාජ්‍ය ආයතන 41කින් බිලියන 58ක රේගු බදු පොලු"
"ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන 41 විසින් ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 වැනි දින වනවිට රුපියල් බිලියන 58.6ක රේගු බදු ගෙවීම් පැහැර හැර ඇති බව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබූ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා වාර්තාවේ සඳහන් වෙයි. මෙකී රාජ්‍ය ආයතන වසර 01ත් 05ත් අතර කාලයේ දී පැහැර හැ...
"ලංවිම ප්‍රමාද පොලී බිලියන 15ක් ගෙවයි"
"ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය හා ඉන්ධන මිල දී ගැනීමේ දී නියමිත වෙලාවට ගෙවීම් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් බිලියන 15.47ක මුදලක් ප්‍රමාද පොලී ලෙස 2022 වර්ෂයේ දී ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි. විදුලිය මිලදී ගැනීමේ දී අදාළ බලශක්ති නිෂ්පාදකයින් වෙත ගෙවා ඇති ප්‍රමා...
"නැව් සංස්ථාවට කෝටි 152ක් ගෙවලා නෑ"
"ලංකා නැව් සංස්ථාව සඳහා මෙරට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලින් රුපියල් එකසිය පනස්දෙකෝටි පනස්තුන්ලක්ෂ පනස්නවදහස් හත්සිය විසිනවයක මුදලක් අයවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි. මින් වසර තුනකටත් වඩා වැඩි කාලයක සිට අයවිය යුතු මුදල රුපියල් හැට එක්කෝටි අසුලක්ෂ හතලිස්පන්දහස් හාරසිය පනස්...
"වතුර බීලා මදි ජීවනීත් බොන්නලු"
"පවතින උණුසුම් කාලගුණය නිසා ඇතිවන පිපාසය නිවාගැනීමට ජලය පමණක් පානය කිරීම ප්‍රමාණවත් නොවන බව වෛද්‍යවරු කියති. ඒ සඳහා ජීවනී වැනි පානයක්ද භාවිතා කරන ලෙසත් වෛද්‍යවරු සඳහන් කරති. උණුසුම් කාලගුණය සහිත පරිසරයේ වෙහෙසවී වැඩ කිරීම නිසා වෙනදාට වඩා අධික ලෙස දහදිය පිටවන බැවින් සිරුරේ පිටවන ලවන ප්‍රමාණයද වැඩිවී ඇතැයි වෛද්‍යවරු පවසති...
"රැමිස් පද්ධතිය ඈලියාවටම යවයි!"
"දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමිස් පද්ධතිය (ආදායම් පරිපාලන හා කළමනාකරණ තොරතුරු පද්ධතිය) කළමානාකරණය වෙනුවෙන් අදාළ සිංගප්පූරු සමාගම විසින් ගිවිසුම් ප්‍රකාරව ඉටුකළ යුතු කරුණු ඉටුනොකර තිබියදීත් එම පද්ධතිය තවත් වසර තුනක් සඳහා එම සමාගමට පැවරීමට රජය සූදානම් වන බව දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා “දි...
"අවුරුදු කේක් නිෂ්පාදනය 50%කින් පහළට"
"මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමයේ කේක් නිෂ්පාදනය සියයට පනහක ප්‍රමාණයකින් පහත බසින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ ලේකම් එන්. කේ. ජයවර්ධන මහතා පැවැසීය. මෙවර වැඩි ප්‍රමාණයක් කේක් නිෂ්පාදනය කරනු ලබන්නේ ප්‍රධාන පෙළේ බේකරි යැයි කී හෙතෙම කුඩා ප්‍රමාණයේ බේකරිවලින් කේක් නිෂ්පාදනය බොහෝදුරට අඩු වී ඇති බැව්ද කීය. කේක...
"හිල්ටන්ට දේශීය ලංසුවක්"
"ආණ්ඩුව විසින් විකිණීමට සූදානම් වන සියලුම රාජ්‍ය ආයතන මිලදී ගැනීමට දේශීය මහජන සමාගමක් ශ්‍රී ලංකාකික පිරිසක් විසින් පිහිටුවා තිබේ. එහි සහභාගිත්වය කාන්තාවක විසින් හොබවන අතර එම සමාගම ට්‍රෙෂරි රිබිල්ඩින් ගාර්ඩියන් ලිමිටඩ් (ටී.ආර්.ජී.එල්.) ලෙස නම් කර ඇත. ආණ්ඩුව විසින් විකිණීමට ඉදිරිපත් කර ඇති කොළඹ හිල්ටන් හෝටලයටද මෙම සමාගම ...
"මාක් සකර්බර්ග් දැරූ තනතුරකට ජීවන් තොණ්ඩමන්"
"ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර කේන්ද්‍ර කරගත් ලෝක ආර්ථික සංසදයේ තරුණ ගෝලීය නායකයකු ලෙස ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පත් කරගෙන තිබේ. එම තනතුර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්, නවසීලන්ත අගමැතිනි ජසින්තා අර්ඩීන්, අලි බබා නිර්මාතෘ ජැක් මා, ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් වැනි ලෝ...
"දේව මෙහෙයන් “පාස්කු සැමරුමට අවදියෙන් සිටිමු”"
"පාස්කු ඉරිදා ප්‍රහාරයේ පස්වැනි වර්ෂය සැමරීම නිමිත්තෙන් ලබන 21 දින “යුක්තිය ඉටුවන තෙක් අප අවදියෙන් සිටිමු” යන තේමාව යටතේ කතෝලික සභාව විශේෂ ආගමින වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. මේ අනුව මෙම බෝම්බ පිපිරීම් සිදුවූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුර, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරුවලදී මෙම මෙහෙයන් සිදුකරන අතර මඩකලපුව ...
"නව සිහළ උරුමයත් ජනපති සටනට"
"ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නව සිහළ උරුමය පක්‍ෂය ද තීරණය කර ඇත. පසුගිය අප්‍රේල් 02 ජාඇලදී පවත්වන ලද විශේෂ මහ සම්මේලනයේදී එම පක්ෂය මෙම තීරණය ගෙන තිබේ. එම පක්ෂ නායක සරත් මනමේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සමුළුවේදී පහත තීරණවලට ද එළඹි බව එම පක්ෂය කියා සිටියි. නියමිත කාල සීමාවේ දී එනම් 2024 ජනාධ...
"ඉන්දීය ඉස්සා හෙනහුරෙක් වෙලා"
"ඉන්දියාවෙන් අඩු මිලට මෙරටට ඉස්සන් රැගෙන විත් ශ්‍රී ලංකා සන්නාමය යටතේ යුරෝපීය රටවලට ප්‍රතිඅපනයනය කිරීම නිසා මෙරට ඉස්සන් කර්මාන්තය කඩා වැටීමකට ලක්ව ඇති බැව් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේ දී අනාවරණය විය. මෙම තත්ත්වය නිසා මෙරට ඉස්සන් කර්මාන්තය බරපතළ ලෙස කඩා වැටීමට ලක්ව ඇති බවත් ප්...
"පූර්ණ සූර්යග්‍රහණයක් 8 වැනිදා"
"මෙම මස 08 වැනිදා පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ හා නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. මෙම සූර්ය ග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවන නමුත් ලෝකයේ බොහෝ රටවලට මේ මගින් බලපෑමක් සි...
"පාරිභෝගික සේවා විමසුම් ව්‍යාපෘතියේ ‘ඔන් ලයින් දෝෂයක්’"
"පාරිභෝගික අධිකාරිය විසින් රුපියල් අනූ එක් ලක්ෂ අසූ අටදහස් තුන්සිය හැත්තෑවක මුදලක් වියදම් කර ආරම්භ කරනු ලැබූ 1977 පාරිභෝගික සේවා විමසුම් ව්‍යාපෘතියේ පාරිභෝගික ජනතාව විසින් කරනු ලැබූ පැමිණිලි සම්බන්ධයෙන් පැමිණිලිකරු වෙත මාර්ගගත පැමිණිල්ලේ අංකය හා විමර්ශනයේ ප්‍රගතිය දැනුම් දීමට ක්‍රමවේදයක් සකස් කර නොතිබූ බව ජාතික විගණන ක...
"මෝටර් රථ දත්ත මගඩිය: වාහන 51ක් අන්සතු කිරීම උසාවිය අත්හිටුවයි"
"මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර වෙනත් වාහන අංක නමට ලියාපදිංචි කර ඇතැයි කියන, රුපියල් කෝටි සිය ගණනක් වටිනා අති සුඛෝපභෝගි වාහන 51ක් වෙනත් පාර්ශ්වවලට පැවරීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (05දා) මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග නික...
"බාල බෙහෙත්වලට ඇස් අන්ධවූවෙක් කෙහෙළිය ඇතුළු පිරිසගෙන් මිලියන 100ක වන්දි ඉල්ලයි"
"අක්‍ෂි ශල්‍යකර්මයක් සඳහා මහනුවර මහ රෝහලේදී භාවිත කළ ප්‍රෙඩි්‍රස්ලෝන් නමැති දියර ඖෂධය භාවිත කිරීමෙන් අනතුරුව දෑස් සම්පූර්ණයෙන්ම අන්ධ වූ රෝගියෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඖෂධ නියාමන අධිකාරිය, එකී දියර ඖෂධය සැපයූ සමාගම, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු නව දෙනකුගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා...
"සමගි ජන සන්ධානයට පළමු පියවර තැබෙයි"
"සමගි ජන සන්ධානය ගොඩනැඟීමේ පළමු පියවර ඊයේ (05දා) සුබ මොහොතින් දියත් කෙරිණි. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගය නියෝජනය කරමින් ද මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු පිරිසක් නිදහස ජනතා සභාව නියෝජනය කරමින් ද ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ම...
"දමිතා හා සැමියා 17 තෙක් රිමාන්ඩ්"
"කොරියාවේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළේ යැයි චෝදනා කරමින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (05දා) පස්වරුවේ නියෝග කළේය. මෝසම් පත්‍රයක් ඉදිරිපත් කොට න...
"රජය ගත් නිවැරදි තීන්දුවලින් රටේ ආර්ථිකය ශක්තිමත් වුණා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ රත්නපුර මැණික් කුලුන විවෘත කරමින් කියයි"
"පසුගිය වසර දෙක තුළ රජය ගත් නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් වී තිබෙන බවත්, අද ඕනෑම අයෙකුට මහමග බැස දේශපාලනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ රජය රට තුළ නිර්මාණය කළ එම සහනදායි පසුබිම නිසා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එහෙත් තවමත් රටේ ආර්ථිකය පවතින්නේ ඒදණ්ඩක් මත බව පෙන්වා දුන් ජනාධිපති...
"දූෂිතයන් උතුරෙත් දකුණෙත් නැගෙනහිරත් අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරනවා – සියලු ජනයා නියෝජනය කරන ආණ්ඩුවක් හදමු – ජාජබ නායක අනුර දිසානායක යාපනේදී කියයි"
"උතුරේ, දකුණේ, නැගෙනහිර සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් හදමු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පැවසීය. පසුගියදා යාපනයේ දී පැවති ලංකා ගුරු සේවා සංගමයේ උතුරු පළාත් සමුළුව අමතමින් වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන රටක්. උතුර දකුණ බේදයක් නැතිව පුරවැසියන්ට හොඳ ආහාර වේලක් නැ...
"සුපුරුදු වරදාන – වරප්‍රසාද සියල්ල පසෙකලා ජනතාව වෙනුවෙන් පෙළගැස්මක් මේ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"සමගි ජන බලවේග රජය තුළ රටේ තාවකාලික බාරකරුවන් ලෙස උපරිම කැපකිරීමෙන් සුපුරුදු වරදාන වරප්‍රසාද සියල්ලක්ම පසෙකලා ලක්ෂ 220ක් වු සුවහසක් ජනතාවගේ ආර්ථික සමාජයීය දේශපාලන සුබසාධන අයිතිය රැකගැනීමේ ගමනක පෙරමග ගමන්කරුවන් ලෙස ඉදිරිපත් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ශ්‍රී ලංකාව ලොව පළමු තැනට ගෙන ඒමේ වැඩපිළිවෙළ යටත...
"කොරියාවෙන් ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් – කොරියන් අගමැති මෙරට අගමැති දිනේෂ්ට කියයි"
"කොරියානු අගමැති හන් ඩක් සූ මහතා සහ ශ්‍රී ලංකා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 04 වැනිදා සෝල් නගරයේ පිහිටි අගමැති කාර්යාලයේ දී පැවැත්විණි. එහිදී කොරියානු අගමැතිවරයා ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බව ප්‍රකාශ කළේය. කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා තම රටේ රැකියා ලබාදෙන ශ්‍රම බළකායට අමතරව ස...
"ඉන්ධන අලෙවිය 50%කින් පහළට: බද්දට එරෙහිව අඟහරුවාදා තීරණයක්"
"ඉන්ධන අලෙවිය සියයට පනහකින් අඩුවී ඇතැයි ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. ඉන්ධනහල් හිමියන්ට ලබාදෙන සියයට 03ක කොමිස් මුදලට ද සියයට 18ක් වැට් අය කරන බවත් එය නතර කරන ලෙස වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි ඇති බවත් එයට එකඟතාවයක් ඇති නොවුණහොත් ඉන්ධනහල් හිමියන් එක්ව එළඹෙන අඟහරුවාදා (09ද...
"සන්ධානය හදන්න බැරිවුණේ මෛත්‍රී නිසා – අධිකරණ නියෝගයට පෙර මෛත්‍රීට ජනතා වාරණයක් තිබුණා – අමරවීර"
"ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ගොඩනැගීමට නියමිතව තිබූ නව සංධානය බිහිකිරීමට නොහැකි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිසා බව නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. නව සන්ධානයට එක්වීමට හිටපු මන්ත්‍රීවරුන් හා පක්‍ෂ නායකයන් පවා මෛත්‍රිපාල ස...
"අරගල සිදුවීම් දඬුවම් මාරු ලැබූ ඕඅයිසීලා ගැන ගන්න පියවර නීතිපති උසාවියට කියයි"
"ජ්‍යෙෂ්ඨත්වය අනුව පෙත්සම්කාර පොලිස් ස්ථානාධිපතිවරුන්ට යළි පොලිස් ස්ථානාධිපති තනතුරු ලබාදෙන බවට පොලිස්පතිවරයා මින් පෙර අධිකරණයට පොරොන්දු වී ඇතත් එම පොරොන්දුව අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණය හෑල්ලුවට ලක්කර ඇතැයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඊයේ (05දා) විවෘත අධිකරණය හමුවේදී පැවසීය. තම අධිකරණය හමුවේදී ලබාදුන් පොරොන්දුව අන...
"මේ වසරේදී ආර්ථිකයේ 2.2%ක ධන වර්ධනයක් – ලෝක බැංකුව කියයි"
"ගිය වසරේ (2023) ආර්ථික පසුබෑමෙන් මිදී ශ්‍රී ලංකාව මේ වසරේ (2024) දී සියයට 2.2 ක ධන ආර්ථික වර්ධනයක් වාර්තාකරනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. එසේම 2025 වසරේ සියයට 2.5කින් සහ 2026 වසරේදී සියයට 3 කින්ද ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වනු ඇතැයි ද මහ බැංකුව පුරෝකථනය කර තිබේ. ශ්‍රී ලංකා ආර්ථිකය මෙසේ යහපත් අතට හැරෙමින් පවතින නමු...
"සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන ලොක්කෙක් අල්ලස් දැලේ"
"සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයේ රාජ්‍ය කළමනාකරණ සහකාරවරයකු රුපියල් අසූදහසක (80,000) අල්ලසක් ලබා ගනිද්දීම අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පසුගිය (03 දා) පස්වරුවේ සමත් විය. ගල්ගමුව, බෝයගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. වාහනයක් අසාදු ලේඛනයෙන් ඉවත්කර...
""වසරකට හදිසි අනතුරු මරණ 10,000ක්""
"හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව පුද්ගල මරණ දසදහසකට අධික සංඛ්‍යාවක් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවැසීය. එසේම, හදිසි අනතුරු හේතුවෙන් දෛනිකව මෙරටින් මරණ 32ත් 35ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ද හෙතෙම කීය. රථ වාහන අනතුරු, දියේ ගිලීම්, විෂවීම් ඇතුළු හදිසි අනතුරු හේතුවෙන් මෙ...
"ලෙබනනයේ සාමසාධක රාජකාරිවලට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළු පිටත්ව යති"
"ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකා මූලස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 15 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම බදාදා දින දිවයිනෙන් පිටත්ව යන ලදී. දිවයිනෙන් පිටත්ව ගිය මෙම කණ්ඩායමට විජයබාහු රෙජිමේන්තුව සහ රෙජිමේන්තු කීපයක් නියෝජනය කරමින් නිලධාරීන් 11 දෙනෙක් සහ සෙසු නිලයන් 114 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමා...
"චන්ද්‍රිකාගේ පැමිණිල්ල: මෛත්‍රීට ශ්‍රීලනිප සභාපති වැඩ බෑ"
"හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (04දා) වාරණ නියෝගයක් නිකුත් කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා එම පැමිණිල...
"ඊයේ අත්අඩංගුවට ගත් දමිතා සහ සැමියා අද අධිකරණයට"
"මම හිරේ යන්න බය නැහැ හිරගෙවල් තියෙන්නෙ මිනිස්සුන්ට හිරේ යන්න. මං හිරගෙදර ඉඳන් අවුරුදු සමරනවා සීඅයිඩී එක කිව්වා මං හැංගුණා කියලා. දමිතා කියන්නෙ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙවෙයි. හැටනව ලක්‍ෂයක් ඡන්ද ගත්තු කාලකන්නි ක්‍රමයට විරුද්ධව අරගල කළ ගැහැනියක් යැයි සැකකාර දමිතා අබේරත්න කොටුව අධිකරණ භූමිය අසලදී මාධ්‍ය හමුවේ ඊයේ (04 ව...
"රත්නපුර මැණික් කුලුන ජනපති අතින් විවෘත වෙයි"
"රත්නපුර, දෙමුවාවක ප්‍රදේශයේ ඉදිකළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය (රත්නපුර මැණික් කුලුන) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (04දා) විවෘත කරන ලද අයුරු. මෙම අවස්ථාවට සබරගමුව ආණ්ඩුකාර නවින් දිසානායක, කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛi රමේෂ් පතිරණ, වාරිමාර්ග හා වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ප්...
"නිදහස ජනතා සභාවේ 6ක් සජිත්ලාගේ සන්ධානයට"
"විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබල පක්ෂය ප්‍රධානව ගොඩනගන පුළුල් සන්ධානය සඳහා නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකු අද (05දා) ගිවිසුමකට අත්සන් තබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. මෙම ගිවිසුමට අත්සන් කිරීම අද පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍...
"පළමු ඔන්ලයින් නඩුව: ජනකගේ අතිශය පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදාහැරීම වළක්වයි"
"ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ අතිශය පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදාහැරීම වළක්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (04දා) කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය. ජනක රත්නායක මහතාගේ පෞද්ගලික සහායිකාව ලෙස කටයුතු කළ ගයාත්‍රි බිම්බා, ඇගේ සැමියා වන ජනක රාජපකක්‍ෂ, ඩිෂ...
"සියලු බඳවා ගැනීම් නැවතී තිබුණත් ගුරු සේවයට 4000ක් බඳවා ගත්තා – බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවයේදී ජනපති කියයි"
"වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වනවිට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අරලියගහ මන්දි...
"වෙළෙඳ මාෆියාවට එරෙහි සටන ජයගන්න පාඨලීත් එකතුවීම සතුටක් – ජනතා පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත්"
"පාරිභෝගිකයන් වෙනුවෙන් හඬක් නඟන්නට දේශපාලනඥයකු වශයෙන් පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත්වීම පිළිබඳව සතුටට කරුණක් යැයි ජනතා පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය. වෙළෙඳ මාෆියාව අද ලුණු කැටේ සිට සෑම ආහාර භාණ්ඩයක්ම විශාල වශයෙන් ගසා කන අතර සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට කුකුළු මස් හිඟයක් නැතිව සපයන බව කියමින් ...
"සමුපකාර තැන්පතු අධීක්‍ෂණය නොකළේ ඇයි: මහ බැංකු අධිපතිට අගමැතිගෙන් දෙහි කැපිල්ලක්"
"ශ්‍රී ලංකා මහ බැංකුවට අධීක්ෂණය කළ හැකිව තිබියදී, සමුපකාර බැංකුවල මුදල් තැන්පත් කළ අයගේ එම තැන්පතු ආරක්ෂා කරදීමට ක්‍රියා නොකළ බව, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට ඔවුන් ඉදිරිපිට ම චෝදනා කර තිබේ. ඔහු පවසා ඇත්තේ බොහෝ විශ්‍රාමිකයන් සිය විශ්‍රාම අරමුදල් මෙසේ තැන්පත් කර ඇතත් එම සමුපකාර බැ...
"බස්නාහිර ත්‍රිරෝද ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචිය අනිවාර්යයි"
"බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු ත්‍රිරෝද රථ බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි වී අවසර පත්‍රයක් ලබාගැනීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. එච්. ප්‍රසන්න සංජීව මහතා ඊයේ (04 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. මේ ගැන වැඩිදුර විස්තර 0112864542 ට අමතා දැනකියා ගත හැ...
"පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතා ඊයේ (04) අලුයම අනුරාධපුර ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය. කලක සිට දරුණු වකුගඩු රෝගයකින් පෙළී සිට ඇති ඒ මහතා පෙරේදා (03) රාත්‍රී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටියදී ඊයේ (04 දා) අලුයම 1.30 ට පමණ මි...
"නන්දසේනගේ අසුන වීරසේනට"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා 2020 වර්ෂයේ පැවැති මහ මැතිවරණයෙන් තරග කොට එම පක්ෂයේ මනාප ඡන්ද ලැයිස්තුවේ අටවැනි ස්ථානය හිමිකර ගෙන සිටි උතුරුමැද පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ එම්. වීරසේන ගමගේ මහතා පත්වීමට නියමි...
"වගා ආයෝජන සමාගම්වල ‘ලියාපදිංචි’ බොරුවට අහුවෙන්න එපා – මහ බැංකුව"
"ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තම ආයතනය විගණනය කරන බවට ඇතැම් වගා ආයෝජන සමාගම් සමාජ මාධ්‍ය හරහා සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බවත් එය අසත්‍යයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණිලි ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන ම...
"ඕ. අයි.සී.ලා මාරු කිරීම ගැන අහන්න පොලිස්පතිට අද උසාවි එන්න කියයි"
"පසුගිය 2022.05.09 වැනිදා ගාලු මුවදොර අරගල භූමියේ සිටි නිරායුධ අරගලකරුවන්ට අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අමානුෂික ලෙස පහරදීමෙන් අනතුරුව රටපුරා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය මර්දනය කිරීමට අපොහොසත් වූවේ යැයි චෝදනා කරමින් පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට වහාම ස්ථාන මාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් අද (...
"සමගි ජනබල වේගයේ විශාලතම සන්ධානය අද අරඹනවා – එස්. එම්. මරික්කාර්"
"ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන නිර්මාණය කරන විශාලතම සන්ධානයේ පළමු අදියර අද (05දා) ආරම්භ කරන බවත්, එහිදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රමුඛ කණ්ඩායම සමග සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ගිවිසුම් ගතවීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය. කොළඹ විපක්ෂ...
"දමිතාට සහ සැමියාට රට යන්න තහනම්"
"කොරියාවේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දුවී රුපියල් ලක්‍ෂ 30ක මුදලක් ලබාගෙන වංචා කළේ යැයි චෝදනා එල්ල වී ඇති ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා විදේශ ගතවීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේය. එම නියෝගය වහාම ෆැක්ස් මාර්ගයෙන් හා දුරකථන මාර්ගයෙන් ආගමන විගමන පාලකවරයා හා ක...
"විවාදය – මම සූදානම් – විපක්‍ෂ නායක සජිත්"
"මේ මොහොත වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවත් විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් නිසා තමා ඕනෑම විවාදයකට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආර්ථික, සමාජයීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑම ක්ෂේත්‍රයක් ඕන...
"ජවිපෙ ආර්ථික කමිටුවට හර්ෂගෙන් යළි අභියෝගයක්"
"ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග විවාදයක් පැවැත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (03) පැවැසීය. එමෙන්ම පළමුව අභියෝගය සිදුකළේ සමගි ජනබලවේගය බවත් එම නිසා ප්‍රථමයෙන් සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සමග වි...
"මසකට ඩොලර් 360000ක් බැගින් ගෙවන්න ගුවන් යානා 4ක් – ශ්‍රීලන්කන් එකට තවත් යානා 10 ක් ඕනෑ"
"ඒ අනුව කල්බදු පදනමට ඒ – 330 වර්ගයේ ගුවන් යානා හතරක් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත් බව පැවසූ සභාපතිවරයා මසකට ඇමරිකානු ඩොලර් 360,000ක් බැගින් ගෙවීමේ පොරොන්දුව මත එම ගුවන් යානා ලබා ගැනීමට කටයුතු යොදමින් සිටින බවද කීවේය. කෙසේ වෙතත් ටෙන්ඩර් පටිපාටිය හා අනෙකුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වසර 1 1/2ක් පමණ ගත වන ...
"Brandix ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අපනයන සමාගමක් ලෙසට BOI වෙතින් සම්මාන"
"පෙරේදා (02 වැනිදා) පැවැති ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අපනයන සමාගමක් හැටියට Brandix සමාගම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සම්මානයට පාත්‍ර විය. එහිදී Brandix සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් මහතා අපනයන ක්‍ෂේත්‍රය වෙනුවෙන් දැක්වූ පෞද්ගලික දායකත්වය අගයමින් ජනාධිපති රනිල් වික්‍රම...
"හමුදාවෙන් යන්න පොදු සමා කාලයක්"
"ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය විසින් අප්‍රේල් 20දා සිට මැයි 20දා දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම පොදු සමාකාලයේදී සිය හමුදා මූලස්ථානය වෙත පැමිණ වාර්තා කරන හමුදා සාමාජිකයන් සඳහා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට ...
"ජ’පුර – මොරටු සරසවි විරෝධතාවලට කඳුළු ගෑස් – ජල ප්‍රහාර සිසුන් 5කට තුවාල"
"මුදලට වෛද්‍ය උපාධිය විකුණන වෛද්‍ය පීඨයක් හෝමාගම රෝහල් පරිශ්‍රයේ විවෘත කිරීමට ආණ්ඩුව කැබිනට් තීරණයක් ගෙන ඇතැයි කියමින් ඊට විරෝධය පළ කර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සිසුන් ඊයේ (03 වැනිදා) පස්වරුවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයේ පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත්...
"කෙහෙළියට ඊයෙත් ඇප නෑ"
"ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඔහුගේ දියණිය විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝධන අයැදුම්පත, වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමකින් තොරවම කොළඹ ...
"පාලමේ නැව හැපීමඃ විෂ බහාලුම් යකා කියන තරම් කළු නෑ"
"ඉකුත් දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදුන් ඇමරිකාවේ බැල්ටිමෝර් පාලමේ ගැටුණු ඩාර්ලි නෞකාවේ තිබුණු බහාලුම් අතරින් ශ්‍රී ලංකාවට ගොඩබෑමට තිබුණේ එක් අනතුරුදායක බහාලුමක් පමණක් බවත් ඒ තුළ අන්තර්ගත වූ භාණ්ඩ සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් වරාය, නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (03 දා) එම අමාත්‍යාංශ...
"ආර්ථිකයේ කරණමක් ඕනෑ ආසියානු සංවර්ධන බැංකුව"
"ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්‍ෂ ටකෆුමි කඩොනො මහතා පැවසීය. ශ්‍රී ලංකාව මේ වනවිටත් ප්‍රතිසංස්කරණ සිදුකර ඇති බවත් තවත් බොහෝ ප්‍රතිසංස්කරණ ඉදිරියට සිදු කිරීමට ඇති බවත් ඔහු සඳහන් කළේය. ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහ...
"ලූනුවලින් ගසා කෑවේ පාරිභෝගික අධිකාරියේ වරදින් – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්"
"ආනයනික ලොකු ලූනු සියලු බදු සහිතව රුපියල් 92ක මිලකට ගෙන්වා පාරිභෝගකයන්ට රුපියල් 500ත් 700ත් මිලට විකුණා ඇත්තේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ වරදින් බවත් ඒ ගැන සොයා බලන ලෙස අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණිල්ලක් ඊයේ (03 දා) භාරදුන් බවත් සත්ජන බළකායේ ප්‍රධාන ලේකම් අජිත් ජයසුන්දර මහතා පැවැසීය. රුපියල් 92ට වරායට ගෙන්වූ ලොක...
"විශේෂ අවශ්‍යතා ඇති අයට කෝටි ගණන් වංචා කළ අයගේ බැංකු ගිණුම් තහනම්"
"ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් දහස් ගණන් රවටා රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් වංචාකර විදේශීයකට පලාගිය පුද්ගලයකු සතු බැංකු ගිණුම් තහනම් කිරීමට නීතිමය පියවර ගත් බව වංචා විමර්ශන කාර්්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙනුවෙන් සුබසාධක සංගමයක් ආරම්භ කර ඔවුන්ගේ මුද...
"ලිට්ට්‍රෝ ගෑස් – ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ටෙලිකොම් – ශ්‍රී ලංකන් විකිණීමට – පාර්ලිමේන්තුවට ජනවරමක් නෑ"
"ආණ්ඩුව සතු ආර්ථික සම්පත්, මර්මස්ථාන විකිණීම හා පෞද්ගලීකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ජන වරමක් නැතයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. මේ ආණ්ඩුව කිසිදු ජන වරමක් නැති, ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්...
"ලක්ෂ 5ක පිරිසක් විෂ මත් භාවිතයේ"
"මෙරට විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් ප්‍රමාණය ලක්‍ෂ පහකට අධික බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. මීට අමතරව මත්ද්‍රව්‍ය ලෙස ඖෂධ වර්ග භාවිත කිරීමට යොමු වූ පිරිස් සිටින බවත් ඒ අතරින් පෙති වර්ග භාවිත කරන 30,000කට වැඩි පිරිසක් සිටින බවත් ඊයේ (03 දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්...
"මහ මොළකරු ගැන කියන්න මෛත්‍රී අද උසාවි එන්න ඕනෑ නෑ – මාලිගාකන්ද මහෙස්ත්‍රාත්"
"තම අධිකරණය විසින් මින් පෙර කරන ලද නියෝගයන් අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (04 දා) තම අධිකරණය හමුවේ පෙනිසිටීම හා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ප්‍රකාශයක් කිරීම අවශ්‍ය නොවන බව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (03 දා) මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නීතිඥවරුන්ට...
"බිස්නස් නැගිට්ටවන්න බැංකු ඒකක"
"බැංකුවල දැනටමත් පිහිටුවා ඇති පශ්චාත් කොවිඩ්-19 ව්‍යාපාර යළි පණ ගැන්වීමේ ඒකකවල ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ඒවා ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකක බවට පත් කිරීමට මහ බැංකුව තීරණය කර ඇත. ඒ සඳහා සහ මෙම ඒකක, ව්‍යාපාර යළි පණගැන්වීමේ ඒකක ලෙස වැඩිදියුණු කරලීම උදෙසා, 2024 මාර්තු 28 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලප...
"රටට හිතකර ආයෝජන ඇතිකරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරනවා"
"රටට හිතකර තරගකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේදී ඉකුත් 02 වැනිදා පැවැති ආයෝජන මණ්ඩල සම්මාන උළෙල අමතමිනි. ආයෝජන මණ්ඩලයේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන් පළමු වරට මෙම ස...
"පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක්: දප්පුලගේ කතාව ඇත්තක් වෙලා – සිරිල් ගාමිණී පියතුමා"
"පාස්කු ප්‍රහාරය පසුපස කුමන්ත්‍රණයක් ඇති බවට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා කර තිබූ ප්‍රකාශය සත්‍යයක් බව හෙළිවන්නේ යැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ඥානාප්‍රදීපය ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ඊයේ පැවැසීය. පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටුකළ යුතු බව ද පියතුමා ඊයේ ...
"කොරෝනා අනිවාර්ය ආදාහනය ගැන මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් – ඇමැති ජීවන් තොණ්ඩමන්"
"කොරෝනා වසංගතය පැවැති කාල සීමාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය පිළිබඳව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පසුගියදා 02 වැනිදා සඳහන් කළේය. ගෝඨාභය රාජපක්ෂ රජය තුළ සිදු වූ එම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් සමාව ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදි...
"කොරෝනා අනිවාර්ය ආදාහනය ගැන මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් – ඇමැති ජීවන් තොණ්ඩමන්"
"කොරෝනා වසංගතය පැවැති කාල සීමාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය පිළිබඳව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පසුගියදා 02 වැනිදා සඳහන් කළේය. ගෝඨාභය රාජපක්ෂ රජය තුළ සිදු වූ එම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් සමාව ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදි...
"ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පැවැත්වීමට ආණ්ඩුව තුළ සාකච්ඡාවක්"
"ජනාධිපතිවරයා සහ පොහොට්ටුව යන දෙපාර්ශවයේම අවශ්‍යතාවය ඉටු වන පරිදි ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පැවැත්වීමට ආණ්ඩුව තුළ සාකච්ඡා සිදුවෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව මදහන් කර සිටියේ ඊයේ (03 දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින...
"ලෙබනනයේ සාමසාධක රාජකාරියට ගිය යුද හමුදා භට කණ්ඩායම නැවතත් දිවයිනට"
"ලෙබනයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා යුද හමුදා 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම සිය රාජකාරී සාර්ථකව නිමවා (02 දා) නැවත දිවයිනට පැමිණියේය. එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා 2023 මාර්තු මස මෙරටින් පිටත්ව ගොස් සිටි මෙම කණ්ඩායම එක්සත් ජාතීන්ගේ අතුරු බළකා මූලස්ථානයේ රාජකාරී කටයුතු සිදු...
"දුප්පත්කම ඩබල් වෙලා – ලෝක බැංකුව කියයි"
"ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව එක දිගට වසර හතරක් වැඩිවූ බවත් ඒ අනුව ගිය වර්ෂයේ (2023) දී සියයට 25.9ක් දක්වා දරිද්‍රතාව වැඩිවී ඇති බවත් ලෝක බැංකුවේ නේවාසික ප්‍රධාන ආර්ථික විද්‍යාඥ රිචර්ඩ් වෝකර් මහතා ඊයේ (02දා) පැවසීය. වර්ෂ 2012 දී පැවැති දරිද්‍රතා මට්ටම සියයට 13.1 ක් විය. මේ අනුව රට තුළ තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම්, ආදායම් අසමා...
"ඥානසාර හිමිට ඇප නෑ"
"බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙසට කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (2දා) ප්‍රතික්‍ෂේප කළේය. විත්තිය ඉල්ලා සිටින පරිදි විත්තිකරුට ඇප ලබාදීමට තරම් සුවිශේෂ කරුණු තම අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති බවට නිගමනය කළ විනිසුරුවරයා එම නියෝගය කළේය. ආගමික හා ජ...
"රෝහල් 10ක පැය හතරේ වර්ජනය සාර්ථකයි – සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය"
"ප්‍රධාන රෝහල් දහයක ඊයේ (02දා) ක්‍රියාත්මක කළ පැය හතරක වැඩවර්ජනය ඉතා සාර්ථක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස්පන්දහසක (DAT) දීමනාව තමන්ටද ඉල්ලමින් ඊයේ සිට යළි අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් සමන්විත එම සන්ධානය තීරණය කර තිබුණද සිය ඉල්ලීම් සම්බන්ධයෙන් තවන් සාකච්...
"ඇමරිකාවේදී අනතුරට පත් නැවේ බඩු ලංකාවට ගේන්න අවසර ගෙන තිබුණාද?"
"ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී අමෙරිකාවේ බොල්ටිමෝ පාලමේ ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අඩංගු ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි අවසරයක් ගෙන තිබුණාදැයි විධිමත් පරීක්ෂණයක් පවත්වන බව පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02දා) පැවසීය. මෙම නැවේ පැමිණීම ගැන මධ්‍යම පරිසර අධිකාරියට කිසිදු දැනුම්දීමක් කර නොතිබූ බව...
"සජබ ජනපතිවරයකු යටතේ පාස්කු වින්දිතයන්ට යුක්තිය – සජිත් ප්‍රේමදාස"
"තම රජයක නව ජනාධිපතිවරයකු පත් වී මාස 02ක් ඇතුළත පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය පසිඳලීමට විශේෂ බලතල සහිත කොමිසමක් පත් කර එම කොමිසම සමග එක්ව කටයුතු කිරිමට ස්කොට්ලන්ඩ්යාඩ් සහ එෆ්බීඅයි ඇතුළු විදේශ ඔත්තු එජන්සි සමග දේශීය ආරක්ෂක සහ බුද්ධි අංශවලින් සමන්විත විමර්ශන කාර්යාලයක් පිහිටුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
"අදහස් දැක්වීමට දෙපැත්තේම මන්ත්‍රීලා නැතිව මැති සභා විවාදය අතරමග නවතී"
"ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්ෂයේද මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමට සභාවේ නොසිටීම නිසා ඊයේ (02දා) පස්වරු 01ට පමණ පාර්ලිමේන්තු විවාදය අතරමග නවතා දැමීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට සිදුවිය. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝගය, එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සම්...
"රාජ්‍ය බැංකු ආරක්ෂා කර ගැනීමට පවතින නීතී සියල්ල යාවත්කාලීන කරනවා -රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය"
"රාජ්‍ය බැංකු පද්ධතියේ ආරක්ෂාව සඳහා ඉදිරියේදී පවතින නීති සියල්ල යාවත්කාලීන කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (02 දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය. බැංකු සංශෝධන පනත් කෙටුම්පත හා තවත් නියෝගයන් කිහිපයක් පිළිබඳව පැවැති විවාදය ආරම්භ කරමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කීය. විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ මුදල් රා...
"පාඨලීගේ වාර්තාවෙන් කියන්නේ වසර 30 ක් තිස්සේ ගොඩගැහුණු හිඟ බදු ගැන – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය"
"පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රම සහ විධි කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවට අනුව කියා ඇත්තේ වසර 30ක් තිස්සේ ගොඩගැහුණු හිඟ බදු මුදල් ගැන යැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02දා) කීය. එම හිඟ බදු මුදල්වලින් සියයට 90ක්ම තිබෙන්නේ නඩු මාර්ගයේ බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරට...
"පොහොර සහනාධාරයෙන් තේ නිෂ්පාදනය සියයට 02කින් වර්ධනය වුණා – ඇමැති මහින්ද අමරවීර මැති සබේදී කියයි"
"පොහොර සහනාධාරය නැවත ලබාදීමත් සමගම 2022 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී (2023දී) මෙරට තේ නිෂ්පාදනය සියයට 02කින් වර්ධනය වී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02දා) පැවසීය. තේ නිෂ්පාදනය සම්බන්ධයෙන් පවතින ප්‍රධානතම ගැටළුව පොහොර ලබාදීම බවට තමන් හඳුනාගෙන ඇතැයිද තේ වගාව සඳහා රජය රුපියල් මිලියන 1200 ක් ...
"අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් තිලකා ජයසුන්දර වැඩ භාරගනී"
"අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වූ තිලකා ජයසුන්දර මහත්මිය ඊයේ (02දා) පෙරවරුවේ අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළාය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන තිලකා ජයසුන්දර මහත්මිය 2021 වර්ෂයේදී රාජ්‍ය කාර්ය සාධනය හා කළමනාකරණය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය විශිෂ්ටතා සම්මානලාභිණියකි. මීට ප...
"ජනප්‍රිය ගීත 7ක් ගැයීමට සේනක බටගොඩට උසාවියෙන් තහනමක්"
"තනු නිර්මාණය, සංගීත සංකල්පය හා ඒකාබද්ධ ගීත රචනය කළ ශිල්පියාට බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු ගාස්තු නොගෙවූ ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ජනප්‍රිය ගීත හතක් ගායනය කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (02දා) වාරණ නියෝගයක් නිකුත් කළේය. අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළුයට ගි...
"අරගලයෙන් රටට බලපෑම් කළේ විදෙස් බලවේග නොව අපේම ජනතාවයි – විමල්ගේ ප්‍රකාශයට කථානායකගෙන් පිළිතුරු"
"අරගල සමයේ මෙරට ස්වෛරීත්වයට බලපෑම් කළේ විදේශ බලවේග නොව අපේ රටේම ලක්ෂ සංඛ්‍යාත ජනතාව යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02දා) ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අවසන සිදු වූ ජනතා නැගිටීම්වලට මුල විදේශ බලපෑම් බවත් ඒ සම්බන්ධයෙන් කතා කිරීමට දින දෙකක විවාදයක් ලබා දෙන ලෙසත් පාර්ලි...
"රජයේ රෝහල් රැසක විකිරණ යන්ත්‍ර නවතී"
"රජයේ ප්‍රධාන රෝහල් රැසක සී.ටී. ස්කෑන්, එම්. ආර්. අයි සහ හෘද කැතීටරකරන යන්ත්‍ර කීපයක් කලක් තිස්සේ අකර්මණ්‍යවීම නිසා විකිරණ ප්‍රතිකාර සේවා දැඩි කඩා වැටීමකට ලක්ව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. කරවනැල්ල රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය අකර්මණ්‍යවීම හේතුවෙන් එම රෝහලේ රෝගීන්, පරීක්‍ෂාවන් සඳහා රත්නපුර මහ ර...
"පූජා භූමියෙන් හමුදා සාමාජිකයන් ඉවත් කිරීමට විරෝධය පා මිහින්තලේ නාහිමියෝ පොසොන් කමිටු රැස්වීමෙන් පිටව යති"
"ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථාන මැද මළුවේදී ඊයේ (02දා) උදෑසන පැවති 2024 ප්‍රථම පොසොන් කමිටු රැස්වීම ආරම්භයේදී මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන නාහිමියන් රැස්වීම් භූමියෙන් නැගිට යෑමත් සමග පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිසාපති ජනක ජයසුන්දර මහතාට එම රැස්වීම නතර කර දැමීමට සිදු වීමෙන් පැමිණ ...
"සුරාබදු මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ සියලු දෙනා මාරු කරනවා – සුරාබදු කොමසාරිස් ජනරාල්"
"සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ සියලුම නිලධාරීන් ස්ථාන මාරුකිරීම්වලට ලක් කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ‘දිවයින’ ට ඊයේ (02දා) පැවසීය. එම ඒකකයේ නිලධාරීන් සිව්දෙනකු කේරළ ගංජා සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග මෙම පියවර ගත් බව ඒ මහතා සඳහන් කළේය. කොළඹ ...
"අගමැති ලේකම්ගේ පොරොන්දුවෙන් රජයේ විධායක නිලධාරීන්ගේ වර්ජනය නවතී"
"රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඇතුළු අනෙකුත් වෘත්තීය ගැටලුවලට අදාළ විසඳුම් යෝජනා මැයි මාසයේ පළමු කැබිනට් රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා තම සංගමයට පොරොන්දු වූ බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ. එල්. උදයසිරි මහතා ඊයේ ...
"බී ලූනු – අල අයුතු ලාභය රු. කෝටි 8000යි"
"ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් රජයට රුපියල් බිලියන 1066ක් (රු.කෝටි ලක්ෂයකට අධික) එකතු කළ යුතු හිඟ බදු පවතින බව පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (01දා) ප්‍රකාශ කළේය. මේ වසරේ ජනවාරි පළමු වැනිදා වැට් බදු වැඩි කිරීම සිදු කළේ රු. බි. 600 ක් රජයට එකතු කර ගැනීමේ අරමුණ...
"අමරවීර – අලගියවන්න – දුමින්ද ශ්‍රීලනිප තනතුරුවලින් නෙරපීමට උසාවියෙන් වාරණයක් – මෛත්‍රී ඇතුළු විත්තිකරුවන්ට නොතිසි"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කිරීම ලබන 8 වැනිදා දක්වා වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (01දා) වාරණ නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...
"මැතිවරණය ප්‍රකාශ කළ වහාම රට ගොඩනඟන වැඩපිළිවෙළ ඉදිරිපත් කරනවා – ජාජබ විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය"
"මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්වූ පසුව ජාතික ජන බලවේගයේ රට ගොඩනඟන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවත් ඊට පසුව ඒ පිළිබඳ සංවාද කළ හැකි බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවැසුවාය. පසුගියදා පැවැති කෑගල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ආචාර්ය අමරසූරිය මහත්මිය මේ බව කියා සිටියාය. මෙහිදී වැඩිදුරට...
"ආණ්ඩුවේ නීති සංශෝධනය – අපරාධ වැළැක්වීමට නොව අපරාධ වැඩිකිරීමටයි"
"ආණ්ඩුව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන්නේ අපරාධ වැළැක්වීමට නොව අපරාධ වැඩිකිරීමට බවත් රජය ලිංගික කටයුතු සඳහා කැමැත්ත ලබාදෙන වයස් සීමාව 16 සිට 14 දක්වා අඩු කිරීමට යන බවත් අද රට පුරා අපචාර, අතවර කිරීම්, දූෂණය ඉහවහා ගොස් ඇති අවස්ථාවක ආණ්ඩුවේ විසඳුම වී ඇත්තේ මෙය බවත් මෙය ලිංගික අපචාර ප්‍රවර්ධනය කිරීමක් බවත් විපක්ෂ නායක සජිත...
"සෞඛ්‍ය අමාත්‍යාංශය ගුණාත්මක තත්ත්ව සහතික නැතිව මිලියන 60ක ජීවනී අරන්"
"ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතිකය (GMP) නොමැතිව කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කළ බව කියන රුපියල් මිලියන 60 කට අධික වටිනාකමින් යුත් ජීවනී පැකට් ලක්ෂ 12 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. මෙම ජීවනී පැකට් තොගය ලියාපදිංචිය අත්හැරීමේ (WOR) සහතිකය නිකුත් කර ලබා ගන්නා...
"දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කෙටුම්පත ආණ්ඩුව හකුළා ගනී"
"ගැහැනු දරුවන් සමග ලිංගික එක්වීමකදී දඬුවම් නොපැනවීම වයස අවුරුදු 16 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබූ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට ආණ්ඩුව ඊයේ (01 දා) කටයුතු කළේය. පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ ආණ්ඩුවේ කටයුතු වශයෙන් 13 වැනි යෝජනාව ලෙස සඳහන් කර තිබූ එම සංශෝධන පනත් කෙටුම්පත අණ්ඩුව ඉල්ලා අස්කර ගන්...
"මියන්මාර හිරවුණු ශ්‍රී ලාංකිකයන් ගැන රජය ගත් පියවර කුමක්ද? – ලක්ෂ්මන් කිරිඇල්ල අසයි"
"මියන්මාර් රැකියාවලට ගොස් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ලාංකිකයන් පනස් ගණනක් සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කවරේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (01දා) විමසීය. එම ශ්‍රී ලාංකිකයන් පිරිස මාස හතරකට වඩා වැඩි කාලයක් පුරා විවිධ වධහිංසාවලට ලක් වෙමින් සිටින බවත් රජය මේ සම්බන්ධයෙන් වහා මැදි...