Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"එන්නත්කරණය පාස් අනිත් ඔක්කොම ෆේල්: මෛතී‍්‍රගේ විවේචනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ශක්තියක් – කරු ජයසූරිය" | "සාගතයක නිමිති පහළ වෙලාඋගත් හඬට ජනාධිපති කන්දුන්නා නම් මෙවන් විපතක් නෑයෝජිත ව්‍යවස්ථාවේ ලූහුඬු පිටපත පෙබරවාරි 4 දා රටට හෙළි කරන්න කොරෝනා වසංගතය මැඬලීම සඳහා රජය දියත් කළ එන්නත්කරණ ක‍්‍රියාවලිය සාර්ථක කර ගැනීමට කැපවුණු සියලූ දෙනාට ගෞරවය පුද කරන නමුත් අනෙක් සෑම අංශයකින්ම රට විශාල කඩාවැටීමකට ලක් වීම කනගාටුවට කරුණක් යැයි ‘ස... |
"යාළුවන්ගේ ගුවන්යානාවලින් රවුම් ගහපු අය පරිස්සම් වෙන්න – සරත් ෆොන්සේකා" | "අද වැඩි වශයෙන්ම ජනතා මුදල් අවභාවිතා කරමින්, රාජ්‍ය සම්පත් විකුණමින් කොමිස් ගහන දහජරා වැඩ අනන්තවත් කරනවා. මේ රට තනිකරම කණපිට ගහල තිබෙන්නේ කූරියා ගහල යැයි කිව්වත් වැරදි නැතැයි, සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. බළපිටිය වැල්ලබඩ දී පැවැති ජනහමු... |
"යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට නවක වධය දුන් ජ්‍යෙෂ්ඨයාගේ ශිෂ්‍යභාවය තහනම් කෙරේ" | "යාපනය විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන් පිරිසකට අමානුෂික අන්දමට නවක වධය දෙමින් සිටි විද්‍යා පීඨයේ සිසුවෙකුට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ හමාර වන තුරු ශිෂ්‍යභාවය අහෝසි කිරීමටත් ඔහුට යාපනය විශ්වවිද්‍යාලයේ කිසිදු ස්ථානයකට ඇතුළු වීමත් 6 දා සිට තහනම් කොට තිබේ. යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවක සිසුන් පිරිසකට ... |
"පින්නවල නිවුන් අලි බබාලා ඊයේ ප‍්‍රථම වරට මා ඔයේ නාන්න යති" | "පින්නවල අලි අනාථාගාරය තුළ ප‍්‍රථම වරට උපන් නිවුන් අලි පැටවුන් දෙදෙනා මා ඔයේ දිය නෑම සඳහා ඊයේ (06 දා) මුල් වරට රැගෙන යනු ලැබිණි. එම අලි පැටවුන් දෙදෙනාගේ මව සුරංගි වන අතර ඇය ත‍්‍රිකුණාමලය සුරංගල් ග‍්‍රාමයෙන් හමු වී ඇත්තේ අවුරුද්දක් පමණ වයසේදී ය. ඇය 2009 මැයි 24 දා සිය පළමු දරු උපත ලෙස ‘කනක’ නම් අලි පැටියා බිහිකළාය. අනතු... |
"වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුව කල් යයි" | "වැලිකඩ බන්ධනාගාරය තුළට ඇතුළු වී එහි රඳවා සිටි සිරකරුවන් 8 දෙනකු ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්‍ෂක නියෝමාල් මෝසස් රංගජීව යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව නිකුත් කිරීම ලබන 12 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ... |
"වැලි කළුගල් බලපත‍්‍ර ඔන්ලයින් නොකළොත් භූ විද්‍යා ලොක්කෝ ගෙදර – ඇමැති අමරවීර තදින්" | "වැලි, කළුගල්, පස් කැණීම් හා ප‍්‍රවාහන බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත ක‍්‍රමයක් මාස තුනක් තුළ සකස් නොකළහොත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (06දා) පැවසීය. වැලි, කළුගල් හා පස් කැණීම් සහ ප‍්‍රවාහන බලපත් නිකුත් කිරීමේදී භූ විද්‍යා ස... |
"කිලෝ ග‍්‍රෑම් 200 ක ගුවන් බෝම්බ දෙකක් යකඩ කඩේට ගෙන යද්දී මාට්ටු" | "එකක් කිලෝ ග‍්‍රෑම් 200 බැගින් වූ ගුවන් බෝම්බ දෙකක් යකඩ පිණිස අලෙවි කිරීමට ගිය පුද්ගලයන් හයදෙනකු මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් 5 දා අත් අඩංගුවට ගෙන තිබේ. මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ඉඩමක් එහි අයිතිකරුට වසර ගණනාවකට පසුව පදිංචිය සඳහා ලබා දී ඇති අතර යුද සමයේදී එම ස්ථානයේ විශාල හමුදා කඳව... |
"මීගමුවේ කඩපිල්වල නිදාගත්තා… කඩවලින් දුන්න කෑම කෑවා – කවීෂ සඳරුවන් සහ අකිල දිනිඳු පොලිසියට කියති" | "මල්ලි බලාගන්නේ නෑ කියලා මායි මල්ලියි හැමදාම අම්මගෙන් ගුටි කනවාඅපි ගෙදරින් පැනලා ගිහින් වත්තක ගොටුකොළ කඩලා රුපියල් සීයක් හොයාගෙන මීරිගමට පයින්ම ගියාපින් සිද්ධ වෙයි ඒ කඬේ ඇන්ටිලාගේ ගෙදරම අපිට ඉන්න ඉඩ සලස්වා දෙන්නකොටදෙනියාව බාදුරාගොඩ අතුරුදන් වූ කවීෂ හා අකිල දින 40 කට පසු මීරිගමින් හමු වෙති‘‘මාමේ අපිව ගෙදරට නම් බාර දෙන්... |
"මුදල් අච්චු ගහමින් දෙන්න හදන්නෙ අසහන පැකේජයක්: මේවගේ පහත් තැනකට වැටුණු කාලයක් කවදද අපේ රටේ තිබුණෙ?" | "ආණ්ඩුව විසින් දෙන්නට යන සහන පැකේජය ඇත්ත වශයෙන්ම සහන පැකේජයක් නොව, අසහන පැකේජයක් බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. මුදල් අච්චු ගහමින්, උද්ධමනය අහස උසට නංවා ලබාදෙන සහන පැකේජය ප‍්‍රතිඵලය කුමක්දැයි එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප‍්‍රශ්න කළේය. වර්තමාන ආණ්ඩුව බලය ලබා ගත්තේ රට තුළ විවිධාකාරයේ අර්බුද නිර්මාණය කර... |
"චක‍්‍රලේඛයෙන් අලූත් අවුලක් හදලා – ලංකා ගුරු සංගමයේ සභාපති" | "ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ චක‍්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇතත් මෙම සේවාවන් සංවෘත සේවාවක් බවට පත්කිරීමට අදාළ චක‍්‍රලේඛය නිකුත් කිරීමට මෙතෙක් පියවර නොගැනීම ගැටලූවක් බව ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා පැවසීය. ඊයේ (06දා) අනුරාධපුර පැවති මාධ්‍ය හමුවකදී මේ බව ස`... |
"වවුනියාවේ මහාධිකරණ නව විනිසුරු වැඩ භාර ගනී" | "වවුනියාවේ නව මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් වැඩ භාර ගැනීමට පැමිණි මානික්කවාසගම් ඉලන්චෙලියන් මහතාව වවුනියාව අධිකරණ සංකීර්ණයේදී නීතිඥවරුන් හා අධිකරණ කාර්ය මණ්ඩලය විසින් දැඩි උණුසුම් ලෙස පිළිගන්නා ලදී. වසර 25 ක කාලයක් උතුරේ අධිකරණවල සේවය කළ ඉලන්චෙලියන් මහතා මීට ඉහතදී වවුනියාව දිස්ත‍්‍රික් මහෙස්ත‍්‍රාත්වරයා වශයෙන් සේවය කොට ... |
"රාජාසන කතාව ගැන රනිල් විවාදයක් ඉල්ලයි" | "පාර්ලිමේන්තු නව සැසිවාරය අරඹමින් ජනාධිපතිවරයා විසින් පැවැත්වීමට නියමිත රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය (රාජාසන කතාව) සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත. පක්ෂ නායකයන් සමග සාකච්ඡුා කිරීමෙන් අනතුරුව සභාව කල් තබන අව... |
"වැඩි කළ ගුරු වැටුප 20 දා වන විටවත් ලැබෙනු ඇතැයි හිතනවා – ස්ටාලිං කියයි" | "ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා නිකුත් කරන ලද චක‍්‍රලේඛයට අනුව ජනවාරි 20 වැනිදා වනවිට වැඩි කළ වැටුප ගුරුවරුන්ට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (06 දා) පැවසීය. චක‍්‍රලේඛය නිකුත් වුවත් අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වී කලාප කාර්යාලවලින් ගුරු වි... |
"ඩොලර් නැතිව තිරිඟු පිටිත් නැත්තටම නැතිවීමේ අවදානමක්" | "තිරිඟු පිටි ආනයනය සඳහා මාසයකට ඇමරිකානු ඩොලර් මිලියන තිස්පහක් පමණ අවශ්‍යවන අතර ඩොලර් නොමැතිකම නිසා ලබන මාසය වනවිට තිරිඟුපිටි නැත්තට ම නැතිවී යෑමට ඉඩ ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ ට පැවසීය. මේ වනවිට රටේ ආපනශාලා සහ බේකරි සියයට පනහක් පමණ වැසීගොස් ඇතැයි ද ඒ මහතා කීය. ඊට හේතුව කුඩා බේකරි... |
"ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ හැට හැවිරිදි පුරුක එස්.ටී.එෆ්. එකෙන් ගලවයි" | "දීර්ඝ කාලයක් තිස්සේ පොලිසිය මඟහරිමින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සමග එක් වී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ 60 හැවිරිදි පුද්ගලයකු විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් ලක්‍ෂ 90 කට වැඩි මුදල්, රුපියල් කෝටියකට වඩා වටිනා මෝටර් රථයක් ඇතුළු උපකරණ කිහිපයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරී... |
"ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක‍්‍රල්ඛය නිකුත්වෙයි" | "ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක‍්‍රලේඛය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් ඊයේ (06 දා) නිකුත් කර ඇත. 2016 පෙබරවාරි 25 දිනැති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 03/2016 සහ ඊට සංශෝධන වශයෙන් නිකුත් කරන ලද 2016 ජුලි 01 දිනැති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 03/2016 (i) 2018 ජුනි 14 දිනැති රාජ්‍ය පරිප... |
"විගමනික ශ‍්‍රමිකයන්ගේ ඩොලර් එකකට රුපියල් 240 ක් දෙන්න" | "අපේ රටට විදේශ විනිමය ගෙන එන විගමනික ශ‍්‍රමිකයන් එවන සෑම ඩොලර් එකටම අනිවාර්යෙන්ම රුපියල් දෙසීය හතළිහක් දීමට මහා භාණ්ඩාගාරය කටයුතු කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අද අපේ රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදයට ඇති හොඳම විසඳුම එය බවත්, විගමනික ශ‍්‍රමිකයන් එවන ඩොලර්වලට එසේ ඉහළ මුදලක් ලබා නොදුනහොත් ඔව... |
"ජනපති ඇහැළේපොළ වලව්වේ ප‍්‍රතිසංස්කරණ කටයුතු නිරීක්‍ෂණය කරයි" | "වසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්වේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිරීක්‍ෂණයට ලක්විය. බි‍්‍රතාන්‍ය යටත්විජිත සමයේදී සිර මැදිරියක් හා පසුකාලීනව රිමාන්ඞ් බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන, පුරාවිiා දෙපාර්තම... |
"ගෑස් පිපිරීම කුමන්ත‍්‍රණයක්දැයි සැකයි ජනපති නියමයෙන් විමර්ශනයක් සිදු කරනවා: අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු" | "ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත‍්‍රණයක් තිබෙනවා ද යන්න සැකයක් මතුවී තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ගෑස් පිපිරීම් සම්බන්ධව ඉතා රහසිගතව සොයා බැලීමක් සිදුකර විමර්ශන කටයුතු මේ වෙද්දි ආරම්භ කර ඇතැයි – ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය. ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ කුර... |
"පළාත් සභා ජයග‍්‍රහණයත් සමග සජිත් ජනාධිපති කිරීමේ ගමන අරඹනවා" | "පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුවට අභියෝග කරන බවත් එම මැතිවරණය පැවැත්වුවහොත් ඉන් ලබන ජයග‍්‍රහණයත් සමග විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධුරයට පත් පත් කිරීමේ ගමන අරඹන බව ස.ජ.බ. මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (06දා) පැවති මාධ... |
"විදුලි අර්බුදය වළක්වන්න බැහැ: නොරොච්චෝලේ එක් යන්ත‍්‍රයක් හෝ අක‍්‍රීය වුණොත් රටම අඳුරේ ලංවිම ඉංජිනේරු සංගමය" | "නොරොච්චෝල ගල් අ`ගුරු බලාගාරයේ දැනට විදුලිය උත්පාදනය කරන යන්ත‍්‍ර දෙකෙන් එකක් හෝ අක‍්‍රීය වුවහොත් එම මොහොතේ පටන්ම රට පුරා විදුලිය කපාදැමීමට සිදුවන බවට ලංවිම ඉංජිනේරු සංගමය අනතුරු අ`ගවයි.විදුලි බලාගාර ආශ‍්‍රිත ජල මට්ටම සියයට 90 සිට මේ වනවිට සියයට 60 දක්වා පමණ අඩු වී ඇතැයිද ඒ අනුව සලකා බැලීමේදී ලබන පෙබරවාරි වනවිට නොරොච්ච... |
"එළිමහන් ප‍්‍රසංගවලට අවසර දීමට නීතිමය හැකියාවක් නෑ – උපුල් රෝහණ" | "එළිමහන් ප‍්‍රසංග ස`දහා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට පැමිණ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගෙන් එ් පිළිබ`ද ඉල්ලීම් නොකරන්නැයි ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.එ් මහතා එසේ කියා සිටියේ ඉකුත්දා පැවති සංගීත ප‍්‍රසංග පිළිබ`ද හා ඊට සහභාගී වූ පිරිස් හැසිරුණ ආකාරය පිළිබ`ද මාධ්‍යවේදීන් නැගූ ප‍්... |
"ඔමික්‍රෝන් ඉහළ නැගීම හමුවේ තවත් භයානක ප‍්‍රභේදයක් බිහිවීමේ පෙරනිමිති පෙනෙනවා" | "* ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ශාඛාව අනතුරු අඟවාඉතා ශීඝ‍්‍රයෙන් ලොව පුරා ඉහළ යමින් පවතින ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව හේතුවෙන් තවත් භයානක නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් බිහිවීමේ දැඩි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ශාඛාව විසින් පෙරේදා (04දා) අනතුරු අඟවා තිබේ .ලොව පුරා ලැව් ගින්නක් සේ පැතිර යන ”ඔමික්‍රෝන් ... |
"මාස්කන්නයේ වී වගාවට උකසට තැබූ කෝටි 200ක – කනකර – ඉඩම් සින්න වෙන්න යයි" | "* ගොවි පවුල් ලක්ෂ 20ක් අනාථ වෙලා* සමස්ත ලංකා ඒ්කාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිමාස් කන්නයේ වී වගාවට උගසට තැබූ රුපියල් කෝටි දෙසියයකට අධික රත්රන් සහ අක්කර ලක්ෂ දෙකක් පමණ කුඹුරු සින්නවීමේ අවදානමට ගොවීන් මුහුණපා සිටින බව සමස්ත ලංකා ඒ්කාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සුනිල් ගමගේ මහතා පවසයි. ඊයේ (05 දා) දිවයින කළ විමසුමකට පිළිතුරු... |
"උ.පෙළ වාර විභාගයේදී ප‍්‍රශ්න පත‍්‍රය සමග උත්තර පත‍්‍රයත් දීලා – දකුණු පළාත් පාසල්වල" | "දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබු අපොස උසස් පෙළ තෙවන වාර විභාග පරීක්ෂණයේ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයේ 11 වැනි ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න සමග පිළිතුරු ද මුද්‍රණය කොට තිබී ඇත.ඊයේ (05දා) උදෑසන 11.30ට බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයට අදාළ දෙවැනි ප‍්‍රශ්න පත‍්‍රය සිසුන්ට ලබාදීමට නියමිතව තිබුණි. ප‍්‍රශ්නපත‍්‍ර කට්ටලය ... |
"තෙල් සංස්ථාවෙන් රේගුවට කෝටි 300ක පොල්ලක්" | "LIOC පැමිණිල්ල මත විමර්ශනය කිරීමේදී හෙළිවෙයිතෙල් ඒකාධිකාරය IOC ය ගන්න හදනවා– වෘත්තීය සමිති චෝදනා කරයිඉකුත් කාලයේදී තෙල් සංස්ථාව (සිපෙට්කො) මෙරටට ගෙනා ඉන්ධන වෙනුවෙන් ශ‍්‍රී ලංකා රේගුවට ගෙවිය යුතු රුපියල් කෝටි 300 ක් (මිලියන 3000) ගෙවීම පැහැර හැර ඇතැයි ශ‍්‍රී ලංකා රේගුව සිදුකළ විමර්ශනයකදී හෙළිවී තිබේ.ලංකා ඉන්දියානු තෙ... |
"ජනපති දළදා සමිඳුන් වැඳ පුදා ගනී…" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (05 දා) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාළිගාවේ දී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගත්තේය. ශ‍්‍රී දළදා මාළිගාවට ගිය ජනාධිපතිවරයා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.මාළිගාව පරිශ‍්‍රයේ දී දළදා සමිඳුන් වන්දනා කිරීමට පැමිණි ජනතාවගෙන් ජනාධිපතිවරයාට උණුස... |
"ඔය කියන තරම් මුදල් අලුතින් අච්චු ගසා නෑ – මුදල් ලේකම්" | "ඔය කියන තරම් මුදල් ප‍්‍රමාණයක් අලූතින් අච්චු ගසා නැතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ‘දිවයින’ ට පැවැසීය.යම් යම් අවස්ථාවලදී කඩදාසි (මුදල් මය වටිනාකමක් නොමැති) මුද්‍රණය කර ඒවා භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නට යොදා ගත්තත් ඒවා සංසරණයට නොදමන බවද ලේකම්වරයා ස`දහන් කළේය.ඉකුත් කාලයේදී අලූතින් මුද්‍රණය කළ මුදල් ප... |
"ආණ්ඩුව ටි‍්‍රලියන 3 ක මුදල් අලුතින් අච්චු ගහලා" | "* උද්ධමනය ඉහළට : මුදල් ගහන සමාගමට කෝටි 300 ක් ඩොලර්වලින් ගෙවන්න වෙලාවත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු රුපියල් කෝටි තුන්ලක්‍ෂයක (ටි‍්‍රලියන 3 ක) පමණ මුදල් කන්දරාවක් අලූතින් අච්චු ගසා ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග හෙළිකරයි.මේ ආකාරයට අලූතින් මුදල් අච්චු ගැසීම නිසා රටේ උද්ධමනය ඉහළ නැග ඇතැයි ද මුදල් අච්චු ගසන බිගයම පිහිටි එං... |
"ආණ්ඩුවෙන් එළියට යන මොහොත අපි වෙලාවට කියන්නම්" | "වැරදි පාරේ යනවා නම් ශී‍්‍රලනිප 14 දෙනාගේ සහාය නෑ – දයාසිරි කියයිආණ්ඩුවෙන් එළියට යන්න ඕන වෙලාව සිය මධ්‍යම කාරක සභාවෙන් තීරණය කරන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් බතික් කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.එදා ගමේ ජනතාව කිව්වේ පොහොට්ටුවෙන් නැත්නම් එන්න එපා කියා බවත් දැන් ජනතාව කියන්නේ පොහොට්ටුවෙන් නම්... |
"ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහි මහජන විරෝධතා නිසා කසකස්තාන් ආණ්ඩුව ඉල්ලා අස්වෙයි" | "ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ඇති වූ මහජන විරෝධතා හේතුවෙන් කසකස්තාන් ආණ්ඩුව ඊයේ (5 දා) ඉල්ලා අස්වී තිබේ.ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ඇති වූ උද්ඝෝෂණ නිසා පොලිසියේ සියයක් පමණ තුවාල ලබා තිබිණි.ඉන්ධන නිපදවන මධ්‍යම ආසියානු රටක් වන කසකස්තානය පැරණි සෝවියට් දේශයට අයත් රටක්ව පැවතිණි.ආණ්ඩුවත් කැබිනට් මණ්ඩලයත් ඉල්ලා අස්වුවත් එරට අගන... |
"ටික්ටොක් නොවේ පරණ කෝන්තරයක්" | "ග‍්‍රෑන්ඞ්පාස් මාදම්පිටිය ප‍්‍රදේශයේදී 17 හැවිරිදි තරුණයකුට පහරදී පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පාසල් ශිෂ්‍යයන් තිදෙනෙක් ඇතුළු ලාබාල තරුණයන් හය දෙනෙකු ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය මගින් පෙරේදා (04 ද) රාත‍්‍රී අත්අඩංගුවට ගෙන ඇත.සැකකාර තරුණයන් හයදෙනා හෙට (07 දා) හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස නියෝග ... |
"අපට චෝදනා කරන රටවල් පහේ යුද අපරාධ වසන් කරලා" | "ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන රටවල් පහද යුද අපරාධ කර ඇති අතර ඊට අදාළ තොරතුරු මානව හිමිකම් කවුන්සිලය වසන් කර ඇත.බි‍්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාව, මොන්ටිනිග්‍රෝ,මැසඩෝනියා (බොස්නියා, හර්සගෝනියා), යන රටවල් යුද අපරාධ සිදුකර ඇති බවට තොරතුරු මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ වෙත වාර්තාවී තිබිණි. මෙම රටවල්වලින්... |
"ප‍්‍රංශයෙන් තවත් කොරෝනා ප‍්‍රභේදයක් ආසාදිතයෝ 46 ක්" | "තවත් කොරෝනා ප‍්‍රභේදයක් ප‍්‍රංශයෙන් මතු වී ඇත.මෙම නව ප‍්‍රභේදය ආසාදනය වූ 46 දෙනෙකු හමු වී ඇති අතර කැමරුන් රටේ සිට පැමිණි අයකුගෙන් මෙම නව ප‍්‍රභේදය සොයාගෙන ඇත. මෙය මධ්‍යධරණී ප‍්‍රභේදයක් ලෙස සැලකේ. කීර්ති වර්ණකුලසූරිය" |
"ඉන්දියාව යළි කොරෝනාට බිලි දිනකට රෝගීන් පනස්දහසක්: – මරණ 500 පනී" | "දිනක් තුළ ඉන්දියාවේ කොරෝනා රෝගීන් පනස්දහසකට වඩා වාර්තා වන තත්ත්වයක් උදාවී ඇත. එසේම පැය 24ක් තුළ මරණ 500කට වඩා වාර්තා වී ඇත.ඉන්දියාවේ බොහෝ ප‍්‍රාන්තවල රාත‍්‍රියේ ඇඳිරි නීතිය පනවා ඉදිරි සති අන්තයේ ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කරන බව දිල්ලි හා කර්ණාටක ප‍්‍රාන්ත දැනටමත් නිවේදනය කර තිබේ. දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජිරිවාල්ට ද ... |
""රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 51,682කට ස්ථිර පත්වීම්"" | "රු.41,490ක මාසික වැටුපක් පන්දහසේ දීමනාවත් දෙනවා* ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්රැුකියා විරහිත උපාධිධාරීන් රැුකියාගත කිරීමේ වැඩසටහන යටතේ 2020 වසරේ බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන් 58,145ක් අතරින් 51,682 කට ස්ථිර පත්වීම් ලබාදුන් බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (05 දා) පැවසීය. ඉතිරි... |
"ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන චක‍්‍රලේඛය අද" | "වසර 25 ක සිට පැවැති ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා අවශ්‍ය චක‍්‍රලේඛය අද (06 දා) නිකුත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පාලාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ‘දිවයින’ ට ඊයේ (05 දා) පැවසීය.මෙම චක‍්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු ගුරුවරුන් 247,000 ක් හා විදුහල්පතිවරුන් 16,000 ක් ඇතුළු 263,000 ... |
"සඳුදා සිට සියලූ සිසුන් එකවර පාසල් කැඳවීමට අනුමැතිය" | "පාසල්වල සියලූම ශ්‍රේණිවල සිසුන් ලබන සඳුදා (10 දා) සිට කැඳවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමැතිය ලබා දී ඇත.මේ වනවිට පාසල්වලට සිසුන් කැඳවීම සිදු කරන්නේ කොටස් වශයෙනි. නව තීරණයත් සම`ග වසර දෙකකට පමණ පසු සිසුන් සියලූ දෙනාට එකවර පාසලට පැමිණීමේ අවස්ථාව හිමි වේ. දරුවන් එකවර පාසල්වලට... |
"අවුරුදු 12 ට වැඩි පාසල් සිසුන්ට කොරෝනා එන්නත් දීම 7දා සිට" | "මෙරට අවුරුදු 12—x15 වයස් කාණ්ඩයේ දරුවන් සඳහා කොරෝනා එන්නත් ලබාදීම ලබන සිකුරාදා (07දා) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.වයස අවුරුදු 12 ට වැඩි දරුවන් සඳහා වන එන්නත්කරණයේදී එක් එන්නත් මාත‍්‍රාවක් පමණක් ලබාදීමට සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති බව ඇමැතිවරයා කීවේය. පාසල් ළමුන්ගේ එන්නත්කරණයට සමගාම... |
"එදා පාඩු ලැබූ සතොස අද ලාභ ලබනවා – ඇමැති බන්දුල ගුණවර්ධන" | "වසර ගණනකට පසු පසුගිය දෙසැම්බර් මාසය තුළදී පමණක් සතොස රුපියල් මිලියන 45 ක ශුද්ධ ලාභයක් ලබා ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.එමෙන්ම සතොස මේ වසරේදී බිලියන 43 ක වාර්තා ගත වාර්ෂික ආදායමක් ලබා ඇති බව පැවසූ ඇමැතිවරයා පාඩු ලබමින් තිබූ සතොස ජනතාවට සහන මිලට භාණ්ඩ සපයමින් ලාබ ලබන තත්ත්වයට පත්කිරීමට හැකි වූ බ... |
"ඇත්ත කතා කළ විට දඬුවම් දෙන්නේ මෙහෙම නම් ආණ්ඩුවේ ඉරණම ජනතාව තීන්දු කරයි" | "ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කළ විට ඇමැතිකම් අහිමි වුණාට දුකක් නැහැ. රජයේ වැරදි ප‍්‍රතිපත්ති සහ තීන්දු තීරණ පෙන්වාදෙන අයට කිසිවක් නොවිමසා ද`ඩුවම් දෙනවා නම් එවැනි දේ කරන අයට දෙන තීන්දුව ජනතාව ඉදිරියේ නිගමනය කරාවි. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල, දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති පදවියෙන් ඊයේ (4දා) ඉවත් ක... |
"ආණ්ඩුවේ වැරදි පෙන්වා හයේ පාරක් ගැහුව නිසා ඔහුට මේ දේ වුණා…. හිටපු ජනපති මෛතී‍්‍ර කියයි" | "ආණ්ඩුව නිවැරදි මාවත තෝරාගෙන ජනතා ප‍්‍රශ්න හඳුනාගෙන කටයුතු නොකළහොත් එක රාජ්‍ය ඇමැතිවරයකු අස්කර මේ සිදුවන දේ වළක්වා ගැනීමට නොහැකි වනු ඇතැයි හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කීය. ආණ්ඩුව නිවැරදි වී හරිදේ නොකළහොත් මේ පිපිරීම් වළක්වාගත නොහැකි වනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මේ වන... |
"සංචාරය කළ යුතු ලොව හොඳම ස්ථාන 22 අතරට කොළඹ නගරයත් නම් කරයි" | "කොළඹ නගරය මෙම වසරේ සංචාරය කළ යුතු හොඳම ස්ථාන 22 අතරට එක් කිරීමට සී.එන්.එන්. ආයතනය විසින් පියවර ගෙන තිබේ. මෙහිදී කොළඹ නගරය පිළිබඳව විශේෂ සඳහනක් කර ඇති සී.එන්.එන්. ආයතනයේ ලිලියට් මාර්කස් පවසා ඇත්තේ සංචාරකයන් විසින් මුල සිටම ශ‍්‍රී ලංකාවේ පිට පළාත්වල පවතින දර්ශනීය මුහුදු වෙරළ හා තේ වගා භූමි නැරඹීම වෙනුවෙන් කොළඹ නගරය මගහැ... |
"සල්ලි අච්චු ගසා පන්දහස දුන්නොත් රටට වෙන දේ සිතාගත නොහැකියි – කාවින්ද ජයවර්ධන" | "ආණ්ඩුව රුපියල් පන්දාහක් දෙන්නේ නම් රටේ සෑම කෙනකුටම එම රුපියල් 5000 දිය යුතු බවත් එහෙත් එම මුදල් අලූතින් අච්චු ගසා ලබා දුනහොත් රටට සිදුවන දෙය පිළිබඳ සිතා ගත නොහැකි බව සමගි ජන බලවේගය ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ... |
"පි‍්‍රයන්ත කුමාරගේ දරු පවුලට විදේශ සේවා නියුක්තියෙන් ලක්‍ෂ 25ක්" | "පාකිස්තානයේදී අමානුෂික අන්දමින් ඝාතනයට ලක්වූ එරට පෞද්ගලික ආයතනයක සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ පි‍්‍රයන්ත කුමාර මහතාගේ බිරිඳට හා දරුවන්ට ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රුපියල් ලක්‍ෂ 25ක චෙක්පත් ලබාදීම ඊයේ (04 දා) සිදු කෙරිණි. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා වෙළෙඳප... |
""OT පැය ගණන ඉහළ දැමීමෙන් සිපෙට්කෝ ප‍්‍රධාන කාර්යාලයේ රියැදුරන්ගේ කල්ල මරේ! අතිකාල දීමනාව 125,000 ක් ලක්‍ෂ 3 කට කිට්ටු මාසික වැටුපක්"" | "තෙල් සංස්ථා (සිපෙට්කෝ) ප‍්‍රධාන කාර්යාලයට අනුයුක්තව සේවය කරන රියැදුරන්ගේ අතිකාල පැය ගණන පැය 75 සිට පැය 150 දක්වා යළි වැඩිකිරීමත් සමග රියැදුරකුගේ මාසික අතිකාල දීමනාව පමණක් රුපියල් එක්ලක්‍ෂ විසිපන්දහස ඉක්මවා ගෙවීමට සිදුව තිබේ. සංස්ථාවත් රටත් බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන මොහොතක තෙල් සංස්ථා සියලූ සේවකයන්ගේ අතිකාල පැය... |
"රටින් එවන සෑම ඩොලරයකටම රුපියල් 240 ක් ගෙවිය යුතුයි – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා" | "අපේ රටට විදේශ විනිමය ගෙන එන විගමනික ශ‍්‍රමිකයන් එවන සෑම ඩොලර් එකටම රුපියල් දෙසිය හතළිහක් දීමට මහා භාණ්ඩාගාරය කටයුතු කළ යුතු බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. අද අපේ රට මුහුණදී සිටින ඩොලර් අර්බුදයට ඇති හොඳම විසඳුම එය බවත්, විගමනික ශ‍්‍රමිකයන් එවන ඩොලර්වලට එසේ ඉහළ මුදලක් ලබා දුනහොත් ඔවුන් නියත වශයෙන්ම ... |
"බූස්ටර් එන්නත මෙතෙක් ලබාගෙන ඇත්තේ ජනගහනයෙන් 25%යි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය" | "කොවිඞ් වෛරස මර්දනය වෙනුවෙන් ලබාදෙන තෙවැනි එන්නත් මාත‍්‍රාව ‘බූස්ටර්’ එන්නත මේ වනවිට ලබාගෙන ඇත්තේ මෙරට සමස්ත ජනගහනයෙන් 25%ක ප‍්‍රතිශතයක් පමණක් නිසා සති කිහිපයක් තුළ ඔමික්‍රෝන් රැල්ලක් මෙරට තුළ පැතිර යා හැකි බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවයි. මෙම රැුල්ලට සාර්ථකව මුහුණ දීම සඳහා එන්නත්කරණය, මුව ආවරණ පැළඳවීම, නිය... |
"මිත‍්‍ර රටවල සහාය ගන්න කැබිනට් කමිටුවක්" | "රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මිත‍්‍ර පාර්ශ්වික රාජ්‍යයන්හි සහයෝගය ලබා ගැනීම ස`දහා සාකච්ඡා පැවැත්වීම පිණිස කැබිනට් මණ්ඩල කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත.ඒ ස`දහා මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ස`දහන් කළේය. යුද සම... |
"මර්දනයට බිය නොවී ජනතාවට යුක්තිය ඉටු කිරීමට සියලූ දෙනා පෙළගස්වනවා – ඇප ලැබූ දුමින්ද නාගමුව කියයි" | "විවිධ චෝදනා එල්ල කරමින් තමන් ඇතුළු විරුද්ධ දේශපාලන පක්ෂ මර්දනය කිරීමට උත්සාහ ගෙන ඇතැයි ද නමුත් ඒවාට බිය නොවී ජනතා ප‍්‍රශ්න යටකර දමා කටයුතු කිරීමට ඉඩ නොදී ජනතාවට යුක්තිය ඉටු කිරීමට සියලූ දෙනා පෙළගස්වන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය. ඒ මහතා මෙසේ කියා සිටියේ අත්අඩංගුවට ගෙන අධිකර... |
"ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු 15 ක් මානව හිමිකම් කඩකළ ලැයිස්තුවට" | "ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු නිලධාරීන් 15ක් ද මානව හිමිකම් උල්ලංඝනය කළවුන් ලෙස ජිනීවා මානව හිමිකම් ලැයිස්තුවට ඇතුළත් කර ඇත. කොටි කි‍්‍රයාකාරීන් පිරිසක් ලබාදුන් සාක්‍ෂි මත මෙම නිලධාරීන් නම්කර තිබේ. එහෙත් මෙම ත‍්‍රස්ත මර්දන නිලධාරීන් නම්කර ඇත්තේ පරීක්‍ෂණවලින් තොරවය. මෙකී නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කළ සාක්‍ෂිකරුවන් කවුදැයි... |
"‘ආසියාවේ රැජනට’ රු. කෝටි 2000 ක ලන්සුවක් ලැබුණු බව දැනුම් දී නෑ" | "මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති මෙරටින් හමු වූ ‘ආසියාවේ රැජන’ ලෙස නම් කළ ලොව විශාලතම ස්වභාවික නිල් මැණිකට ඩොලර් මිලියන 100 ක (රු. කෝටි 2000 ක) ලන්සුවක් ලැබුණ බව තමාට ඊයේ (04 වැනිදා) වන විටත් දැනුම් දී නොතිබුණ බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ඩුබායි හි සිට ‘දිවයින’ට පැවසීය. ඩුබායි සමාගම... |
"දිගින් දිගටම පාඩු ලැබූ වතු සංවර්ධන මණ්ඩලය ලාභ ලබයි" | "දිගින් දිගටම පාඩු ලබමින් තිබූ ජනතා වතු සංවර්ධන මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට පත්ව රුපියල් මිලියන 4.5 ක ප‍්‍රසාද දීමනා වශයෙන් ගෙවා ඇත. ප‍්‍රසාද දීමනා වශයෙන් සේවකයන් 429 දෙනකුට රුපියල් 5000 බැගින් ද වසරකට වඩා අඩු සේවකයන් 46 දෙනකුට රුපියල් 2000 බැගින් ද ලබාදී තිබේ. මෙයට අමතරව ආයතනයේ සේවක සේවිකාවන්ගේ දරුවන් 129 දෙනකුට රුපියල් 1... |
"යහපාලන සමයේ උ/නැ හමුදා කඳවුරු වෙනත් තැන්වලට ගෙන යෑමට කෝටි 10ක් වැය කරලා" | "ද්‍රවිඩ සන්ධානයේ දැඩි බලපෑම් මැද උතුරු නැගෙනහිර පිහිටි හමුදා කඳවුරු වෙනත් තැන්වලට ගෙනයෑම සඳහා පසුගිය රජය රුපියල් කෝටි 10ක් වැයකර ඇත. මේ හැර ඇමරිකාව නොමිලේ වෙරළාරක්ෂක බළකායට ලබාදුන් බවට ප‍්‍රචාරය වූ පැරණි වෙරලාරක්ෂක යාත‍්‍රාවක් මෙරටට ගෙන ඒමට රුපියල් දෙකෝටි හැටලක්ෂයකට අධික මුදලක් වැය කර තිබේ. මෙම තොරතුරු මෙතෙක් හෙළිවී න... |
"මහින්ද්‍රා සමාගමෙන් පොලිසියට ජීප් රථ 750ක් ගන්න කැබිනට් අනුමැතිය" | "ඉන්දියානු ණය යෝජනා ක‍්‍රමය යටතේ එරට මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමෙන් පොලිස් දෙපාරතමේන්තුව ස`දහා ජීප් රථ හත්සිය පනහක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවකට අනුව මෙසේ අනුමැතිය හිමිවී ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායට ජීප් රථ 150 ඇත... |
"මහින්ද්‍රා සමාගමෙන් පොලිසියට ජීප් රථ 750ක් ගන්න කැබිනට් අනුමැතිය" | "ඉන්දියානු ණය යෝජනා ක‍්‍රමය යටතේ එරට මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමෙන් පොලිස් දෙපාරතමේන්තුව ස`දහා ජීප් රථ හත්සිය පනහක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවකට අනුව මෙසේ අනුමැතිය හිමිවී ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායට ජීප් රථ 150 ඇත... |
"සුසිල්ගේ පුටුවට යන්න කිසිම සූදානමක් නෑ – එස්. බී. කියයි" | "පුරප්පාඩු වූ රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්වීමට තමා තුළ කිසිදු සූදානමක් නැතැයි එස්. බී. දිසානායක මහතා කීය. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා ඉවත්කිරීමෙන් පුරප්පාඩුව පවතින එම ධුරය එස්. බී. දිසානායක මහතාට ලබාදීමට යන බවට පැතිර ගිය රාවය සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒ මහතා මේ බව කියා සිටියේය. ශ... |
"රු. බිලියන 229ක සහන පැකේජයක්" | "* රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000ක දීමනාවක්* වතු ප‍්‍රජාවට පාන් පිටි සහනයක්* ගෙවතු වගාවන්ට ආධාර* විනිමය අර්බූදය විසඳගන්න ලෝක බැංකුව අයි. එම්. එෆ්. සහ ඒ. ඩී. බී. සමගත් සාකච්ඡාසියලූම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධවල බදු ඉවත්කර නාමික බද්දක් පමණක් පවත්වාගෙන යෑමට රජය තීරණය කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.එස... |
"රජයේ තහංචි නිසා එක්ස්ප‍්‍රස් පර්ල් නැවෙන් ලැබෙන ඩොලර් ඉන්දියාවට චීනෙට යෑමේ අවදානමක්" | "– පරිසර යුක්ති කේන්දයේ උපදේශක හේමන්ත විතානගේඑක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු කන්ටේනර් කැබලි හා අබලි ද්‍රව්‍ය වත්තල පිහිටි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අයත් ගබඩාවට ගෙන ඒමට රජයෙන් දමා ඇති තහංචි නිසා මෙරටට ලැබිය හැකිව තිබූ ඩොලර් ඉන්දියාවට හා චීනයට යෑමේ අවදානමක් උදාවී ඇතැයි බව පරිසර යුක්ති කේන්ද්‍රයේ උපදේශක හ... |
"අද හෙටම කැබිනට් වෙනසක්" | "* අගමැති පදවියේ වෙනස අසත්‍යයක් – අගමැති මාධ්‍ය අංශය* ප‍්‍රබල ඇමැතිවරුන් වෙනුවට නවක මුහුණු* රාජ්‍ය ඇමැති 4ක් කැබිනට් ඇමැති ධුරයටඉදිරි දින කීපය තුළදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ස්ථිර වශයෙන්ම සිදුකරන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සනාථ කළේය.රාජ්‍ය අමාත්‍යවරුන් සිව්දෙනෙකු කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත්කිරීමට නියමිතව ඇති බවද ... |
"ලෝක බලවතා වීමේ අරගලය තුළ – ලංකාව වින්දිතයකු කරනු එපා – විජයදාසගෙන් චීන ජනපතිට සැර ලිපියක්" | "* ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය බංකොලොත් කර මිත‍්‍ර රටවල් අපෙන් වෙන්කළා* රටට අහිතකර ගිවිසුම් ඉදිරියේ අවලංගුවිය හැකියි* මිත‍්‍ර රටවල් ඈත්වෙලා – ආර්ථිකයට හානි වෙලා* විජයදාසගෙන් චීන ජනපතිට සැර ලිපියක් ඔබගේ රට ලෝකයේ අනෙකුත් බලගතු රටවල් සමග ගැටෙමින් ලෝක බලවතා වීමේ අභිලාශයෙන් ගෙන යන අරගලය තුළින් අප කලාපයේ සහ ලෝකයේ සාමය බිඳ වැටෙමින... |
"බස් ගාස්තු හෙට සිට ඉහළට" | "ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු හෙට (05දා) සිට ඉහළ යයි.ඒ අනුව දැනට රුපියල් 14 ක් වන අවම බස් ගාස්තුව රු. 17 දක්වා ඉහළ යන අතර සමස්ත බස් ගාස්තුව සියයට 17.44 % කින් වැඩි වන බව ප‍්‍රවාහන සේවා රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතා පවසයි.ඉන්ධන මිල මෙන්ම බස්රථ අමතර කොටස් මිල ගණන්ද ඉහළ යෑම නිසා පෞද්ගලික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ප... |
"ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාවේ 60 වැනි සංවත්සරය" | "ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාව සිය 60 වන සංවත්සරය සැමරීම සහ 2022 නව වසර සඳහා නව රක්‍ෂණ ව්‍යාපාර භාර ගැනීම ඊයේ (3 දා* ශී‍්‍ර ලංකා රක්‍ෂණ මන්දිර පරිශ‍්‍රයේදී සිදුවිය. එහිදී අභිමානවත් 60 වන සංවත්සරය සමරා කේක් කැපීමෙන් අනතුරුව රක්‍ෂණ උපදේශක මහතකු විසින් නව වසර සඳහා නව ව්‍යාපාර ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාවේ සභාපති ඉංජිනේරු විජිත... |
"භූමිතෙල් වෙනුවට ගුවන්යානා තෙල් විකුණුවොත් දිනක පාඩුව කෝටි 2 පනී" | "භූමිතෙල් වෙනුවට විදේශ රටවලින් ගුවන්යානා තෙල් ගෙන්වා අලෙවි කළහොත් එම වෙළෙඳාමෙන් දිනකට රටට සිදුවන අමතර පාඩුව රුපියල් කෝටි දෙක ඉක්මවා යනු ඇතැයි තෙල් සංස්ථාව ගණන් බලා තිබේ.සපුගස්කන්ද පිරිපහදුවෙන් නිෂ්පාදනය කළ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 30ක පමණ සහනයක් දී තිබූ අතර භූමිතෙල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 87.00 කට ය.ඒ අනුව ප... |
"අපේ හමුදාවට එරෙහිව බැෂලේ ‘මැන්ඬේට්’ බලය ප‍්‍රකාශයට පත්කරයි" | "ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව කි‍්‍රයා කිරීම සඳහා මැන්ඬේට් බලය ප‍්‍රකාශයට පත්කර ඇත.එම මැන්ඬේට් බලයට අනුව මානවහිමිකම් උල්ලංඝණය කළ හමුදා නිලධාරීන්ට එරෙහිව කුමන කි‍්‍රයාමාර්ගයක් ගන්නේද යන්න ගැන ඇය පෙබරවාරි 28 දා ආරම්භ වන 49 වැනි මානව හිමිකම් සමුළුවේදී ප‍්‍රකාශයට පත්කරනු ඇතැයි ජින... |
"රන්ජන් නිදහස් කර ගැනීමට සජබයෙන් අලූත් අරගලයක් – විපක්ෂ නායක සජිත් කියයි" | "සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක වෙනුවෙන් සමගි ජන බලවේගය අලූත් අරගලයක් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා ඊයේ (03දා) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අතර අනතුරුව මේ බව කියා සිටියේය.අසාධා... |
"ජනතා ප‍්‍රශ්න කතා කරන්න වහාම මැති සබය කැඳවන්න – ලක්‍ෂ්මන් කිරිඇල්ල" | "රට සහ ජනතාව මුහුණ දී ඇති ප‍්‍රශ්න කතා කොට විසඳුම් සෙවීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කළේය.විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (03ද) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම ඉල්ලීම කළ අතර එහිදී මෙසේ කියා සිටියේය.‘‘ජනතාව මුහුණ දී සිටින ප‍්‍රශ්න තිබියදී රජය පාර්ලිමේන්තුව වහ... |
"ශී‍්‍ර ලංකා නාමය නොමැති මුද්දරයක් නිකුත් කරලා – පසුව බෙදැහැරීම අත්හිටුවයි" | "ශී‍්‍ර ලංකාවේ නම සඳහන් නොකර තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් පසුගිය වසරේ තැපැල් මුද්දරයක් නිකුත් කර පසුව බෙදාහැරීම අත්හිටුවා තිබේ.මෙවැනි වැරදි තැපැල් මුද්දර දේශීය හා විදේශීය තැපැල් මුද්දර වෙළෙඳ පොළේ වැඩි මිලකට අලෙවි වන බවද කියැවේ.තැපැල් මුද්දරයක් මුද්‍රණය කිරීමේදී ශී‍්‍ර ලංකාවේ නම භාෂා තුනෙන්ම මුද්‍රණය ක... |
"ශ‍්‍රී ලංකා යුද හමුදාව නව වසරේ වැඩ අරඹයි" | "ශ‍්‍රී ලංකා යුද හමුදාව 2022 නව වසරේ වැඩ ආරම්භ කිරීමේ නිල උත්සවය ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථානයේදී ඊයේ (03දා) උදෑසන සිදු කරන ලදී.ශ‍්‍රී ලංකා ජාතික ධජය සහ යුද හමුදා ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය සහ යුද හමුදා ගීතය ගායනා කර ර... |
"කෘෂිකර්ම ඇමැති ෆේල් ආණ්ඩුවේ තීරණ ගත යුතු කාලය පැනලා" | "* උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත ආණ්ඩුවට තීරණ ගත යුතු කාලය පැනලා රසායනික පොහොර භාවිතය තහනම් කරමින් කෘෂිකර්මාන්තය අඩපණ කිරීම සම්බන්ධව විෂය භාර ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සහ ඊට තීන්දු තීරණ ගත් සහ උපදෙස් ලබාදුන් අය වගකීම භාරගත යුතු යැයි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවැසීය. ම... |
"ඩොලර් – දැනට විසඳුණා: තෙල් නැව් 02ක් ආවා – සපුගස්කන්ද වැසුවත් ඉන්ධන හිගයක් නෑ – ඇමැති ගම්මන්පිල" | "* තෙල් නැව් දෙකම වරායේ හිරවෙලා – ආනන්ද පාලිතසපුගස්කන්ද පිරිපහදුව අද (03 දා) වසා දැම්මත් රටේ ඉන්ධන හිඟයක් ඇති වන්නේ නැතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ‘දිවයින’ට ඊයේ (02 දා) පැවසීය.රටේ පවතින ඩොලර් අර්බුදය හමුවේ බොර තෙල් ගෙන ඒමට යම් බාධාවක් ඇති වුවත් එම තත්ත්වය මේ මාසය අවසන් වන විට විසඳා ගැනීමට හැකියාව පවතින බවට තමන... |
"කුවේටි එයාර්වේස් ගුවන් ගමන් නවතී – තවත් ඒවා සීමා කරයි" | "මෙරට මුහුණදී ඇති විදේශ විනිමය හිඟය මෙරටට පැමිණෙන ප‍්‍රධාන ගුවන් සමාගම්වලටත් අහිතකර ලෙස බලපා ඇත.මේ අනුව කුවේට් එයාර්වේස් ගුවන් සමාගම මෙරටට ගුවන් ගමන් සිදුකිරීමෙන් ඉවත්වී ඇති අතර තවත් ගුවන් සමාගම් කිහිපයක්ම මෙරටට සිදුකරන ගුවන් ගමන් අඩුකිරීමට පියවර ගෙන ඇති බවද වාර්තාවේ.ශී‍්‍ර ලංකාවේ තිබෙන ඩොලර් අර්බුදය නිසා තමන්ට ලැබිය ය... |
"නැගෙනහිර ජැටියට දොඹකර ගැනීමේදී කෝටි 1000ක අතයට ගනුදෙනුවක්? – වෘත්තීය සමිති සැක පළ කරයි" | "වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය සඳහා ග‍්‍රැන්ටි සහ ට‍්‍රාන්සර් දොඹකර 30 ක් ගැනීමේදී ඇමරිකන් ඩොලර් මිලියන 50 ක (රුපියල් කෝටි 1000 ක් පමණ) අතයට ගනුදෙනුවක් සිදුවන බවට සැකයක් මතුව ඇතැයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා පැවැසීය.නැගෙනහිර පර්යන්තය සඳහා ග‍්‍රැන්ටි දොඹකර 6 ක් සහ ට‍්‍රාන්සර්... |
"ජනපතිට ශී‍්‍ර ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරවාභිධානය" | "මහා විහාරවංශික ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාව මගින් ඊයේ (2 දා) ශී‍්‍ර ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරවාභිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම සංඝ සභාවේ මහානායක ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිiාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමිපාණන් ප‍්‍රමුඛ කාරක සභාව විසින් පිරිනමන ලද ... |
"දෙසැම්බරයේ උද්ධමනය 12.1%ට නගී" | "කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ දෙසැම්බර් මස උද්ධමනය සියයට 12.1 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.පසුගිය නොවැම්බර් මස පැවැති උද්ධමනය සියයට 9.9 ක් විය.මේ උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන භාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල සිදුවූ මාසික මිල ඉහළ යෑම් හේතුවී ඇත. මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 17.5 සිට සියයට 22.1 දක්වා ... |
"රිය අනතුරු හා දියේ ගිලීමෙන් දවස් දෙකට මරණ 35 ක්" | "2021 දෙසැම්බර් 31 වැනිදා සිට 2022 ජනවාරි 01 දා දක්වා වූ දින දෙක තුළ දිවයිනේ සිදුවූ මාරක රිය අනතුරු සහ දියේ ගිලීම් හේතුවෙන් මරණ 36 ක් සිදුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ‘දිවයින’ට පැවැසීය.මෙම අනතුරු බොහෝමයකටම හේතුව නොසැලකිලිමත්කම බවද හෙතෙම කීය.ජනවාරි 01 වැනිදා පමණක් සිද... |
"ගෑස් ප‍්‍රශ්නෙ විසඳන්න බැරිනම් ලිට්‍රෝ සභාපති බයිල නොගහ ගෙදර යන්න – රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා" | "ගෑස් පිපිරීම් සිදුවෙනවා. ලිට්‍රෝ සභාපතිතුමා මාධ්‍ය වෙත ඇවිල්ල බයිල ගහනවා. බයිල ගහන්න දෙයක් නැහැ. ප‍්‍රශ්නෙ විසඳන්න බැරිනම් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න’ යැයි ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා ප‍්‍රකාශ කළේය.රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (01 දා* මීගමුව ප‍්‍රදේශයේ පැවැති උත්සව අවස්ථ... |
"ජනාධිපති ලේකම් ධුරයට යන්න පළමුව කිව්වේ අගමැතියි – ගාමිණී සෙනරත්" | "ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ලේකම් ලෙස කටයුතු කරන ලෙසට තමාට පළමුව දැනුම් දුන්නේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා බව ගාමිණී සෙනරත් මහතා ‘දිවයින’ට ඊයේ (02 දා) පැවසීය.ඒ අනුව තමා මෙම මස 31 වැනිදා ජනාධිපති ලේකම් ලෙස වැඩ භාරගන්නා බවත් එතෙක් අග‍්‍රාමාත්‍ය ලේකම් ධුරයෙහි වැඩ කටයුතු කරන බවත් හෙතෙම කීවේය.ජනාධිපති ලේකම් ආචාර... |
"නොහැකියාව වසා ගන්න ආණ්ඩුව කැබිනට් වෙනසකට සැරසෙනවා – ටිල්වින් සිල්වා" | "ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනීම සඳහා කැබිනට් සංශෝධනයක් කිරීමට සැරසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (02 වැනිදා* පැවසීය.ඇමැතිවරුන් සහ ලේකම්වරුන් මාරු කර වැටී ඇති රට ගොඩගැනීමට වත්මන් ආණ්ඩුවට නොහැකි බව කී හෙතෙම රට ගොඩගැනීමට සියලූ හොරු කණ්ඩායම් එළවා ජනතා ආණ්ඩුවක් බිහි කළ යුතු බවත් කීය. රටට... |
"ජනතාවගේ හූ හඬ පසුපස සී.අයි.ඞීය ලූහුබැඳීම කනගාටුවක් – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස" | "ජනතාවට දරාගන්න බැරි පීඩනය සහ කෝපය රට කරවන ඇත්තන්ට එරෙහිව ‘හූ’ කියමින් ප‍්‍රකාශ කරද්දී ආණ්ඩුව ඔවුන් පසුපස හඹා ගොස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන්නට තරම් පහත් මට්ටමකට වැටීම කනගාටුදායක බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. මුදල් මාරුවීමක් නිසා ගෑස් ප‍්‍රශ්නය සති කිහිපයකට විසඳන්න බැරි බව ආණ්ඩුවේ නියෝජිතයන් ප... |
"පාසල් අද ඇරැඹෙයි" | "දිවයිනේ සියලූම රජයේ සහ රජයේ අනුමත පාසල් අද (03 දා) ආරම්භ කෙරේ.සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාසල් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපදෙස් ලබා දී ඇත.2021 පාසල් නිවාඩුව දින 10 කට සීමා වී තිබිණි. පාසල් විවෘත කිරීමෙන් පසු දරුවන් විදුහලට කොටස් වශයෙන් ගෙන්වනවාද නැද්ද යන්න තීරණය කිරීමට විදු... |
"අගමැති ධුරයෙන් මම විශ‍්‍රාම යන්නේ නෑ" | "අගමැති තනතුරෙන් විශ‍්‍රාම යෑමට තරම් තමාට අවශ්‍යතාවයක් නැතැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා දිවයින ඉරිදා සංග‍්‍රහය කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය. රටේ ලැබී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස උපයෝගී කරගෙන ඇතැම් පිරිස් ආණ්ඩුව පිළිබඳව විවිධ කතා ප‍්‍රචාරය කර තිබෙන බවද රටේ බුද්ධිමත් ජනතාව එවැනි කතා පිළිගන්නේ නැති බවද අගමැතිව... |
"හොඳම තෙල් ටැංකි 14 වසර 50 කට ඉන්දියාවට: හෙළිදරව්ව ඇමැති තහවුරු කරයි" | "ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි 99 න් 14 ක් වසර පනහක කාලයකට ඉන්දීය තෙල් සමාගමට බදු දීමට අවසන් එකඟතාවකට පැමිණි බවට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශයට පත් කළේය. මේ කාරණය මුල් වරට ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ මගින් ඉකුත් සතියේ රටට හෙළි කළ අතර ඒ හෙළි කිරීමට අනුව තෙල් ටැංකි 99 න් තෙල් ටැංකි 61 ක් එකතු කර ටි‍්‍රන්කෝ පෙට්‍රෝල... |
"දිගු සැලසුම් පුස්කෑමෙන් විදුලි අර්බුදයක් අතළඟ" | "විදුලිබල මණ්ඩලය දිගුකාලීන සැලසුම් ක‍්‍රියාත්මක නොකිරීම නිසා ජනවාරී මැද පමණ වනවිට රටේ විදුලි අර්බුදයක් ඇතිවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය. විදුලි ඉංජිනේරුවන් විසින් රටේ විදුලි අර්බුදයක් ඇති නොවීම සඳහා කෙටිකාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් ඉදිරි... |
"වන්නි මෙහෙයුමේ හමුදා නිලධාරීන් 26 දෙනෙකුට ඇමරිකානු සම්බාධක" | "වන්නි මෙහෙයුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 26 දෙනකුට සම්බාධක පැනවීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඔවුන් අතර ප‍්‍රභාකරන්ට වෙඩි තැබූ හමුදා කණ්ඩායම මෙහෙයවූ මේජර් ජනරාල්වරයාද වෙයි. හිටපු මානව හිමිකම් කොමසාරිස්වරියක, හිටපු මේජර් ජෙනරාල්වරයකු සහ එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා ගොනුකළ සාක්‍ෂි... |
"නව දේශපාලන බලවේගයක්: විමල්ලා – ගම්මන්පිලලා සමග සාකච්ඡා කළ බවත් අමරවීර කියයි" | "නව දේශපාලන බලවේගයක් ගොඩනැ`ගීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට පැවසීය. මේ වනවිටත් ආණ්ඩුව නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා කම්කරු පක්‍ෂය, ජාතික නිදහස් පෙරම... |
"බූස්ටර් පරක්කු වුණොත් ජනවාරියේ රට අනතුරේ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය" | "කොවිඞ් විකෘති ප‍්‍රභේදයක් වන ‘ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වන ප‍්‍රමාණයට වඩා විශාල පිරිසක් සමාජයේ පැතිර ඇති නිසා ‘‘බූස්ටර්’ එන්නත් මාත‍්‍රාව ලබා දීම කඩිනම් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් ජනවාරි මාසයේදී රට විශාල ව්‍යවසනයකට මුහුණ දෙනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමැතිවරයා කොවිඩි ... |
"කෝටිපතියන් 10 ක් කොවිඩ් අස්සේ ඩොලර් වවලා" | "කොරෝනා වසංගතයට මුවාවී ලොව සුපිරි කෝටිපතියන් 10 දෙනකු 2021 වසරේදී තම වත්කම ඩොලර් බිලියන 402කින් වැඩිකරගෙන ඇත.වත්කම වැඩිකරගත් අංක එකේ සුපිරි කෝටිපතියා ටෙස්ලා සමාගමේ හිමිකරු ස්ලොන් බුජක් යයි හෙළිවී තිබේ. ඔහු තම වත්කම ඩොලර් බිලියන 127 සිට බිලියන 277 දක්වා වැඩිකරගෙන ඇත. අවසන් හමිකරු ජෙස් මෙයොන්ද සිය ආදායම ඩොලර් බිලියන 4.58... |
"භාණ්ඩ පෝලිම් තවදුරටත්: ඩොලර් අවුල නව වසරේත් – ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ කියති" | "වරින්වර රටට විදේශ විනිමය ලැබීම් සම`ග මෙරට විදේශ සංචිත තත්ත්වය වර්ධනය වුවත් විශාල ණය වගකීම් දිගට ම පියවීමට තිබෙන නිසා දැනට මුහුණ දෙන ඩොලර් ප‍්‍රශ්නයට මේ වසරේ (2022) දීත් මුහුණ දීමට සිදුවනු ඇතැයි ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ පවසති. ඒ අනුව භාණ්ඩ හි`ගයන්, භාණ්ඩ මිලදී ගැනීමට දිගු පෝලිම්වලට වී සිටීමට සිදුවීම, ණයවර ලිපි විවෘත ක... |
"හේන් ගොවි පවුල් ලක්ෂ හතරක් පොහොර – බීජ නැතිව අසරණ වෙති" | "බඩඉරිඟු ඇතුළු අතිරේක ආහාර භෝග වගා කරන හේන් ගොවි පවුල් ලක්ෂ 03ත් 04ත් අතර ප‍්‍රමාණයක් පොහොර සහ බීජ ප‍්‍රශ්නය නිසා අසරණ වී ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝාන් මහතා පැවසීය. හම්බන්තොට, ඇඹිලිපිටිය, මොනරාගල, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, මාතලේ, අම්පාර, මඩකලපුව, වවුනියාව ඇතුළු දිස්ති‍්‍ර... |
"ලොකු ලූනු සම්පූර්ණයෙන්ම පිටරටින් ගේන්න වෙයි – ගොවීහු කියති" | "බීජ හිඟය හා රසායනික පොහොර හිඟය හේතුවෙන් නව වසරේ දී මෙරට ලොකු ලූනු අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ආනයනය කිරීමට සිදුවන බව ගොවීහු පවසති. ගොවීහු මේ වන විට දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදනය අතහැර දමා සිටිති. වාර්ෂික දේශීය ලොකු ලූනු අවශ්‍යතාවය මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ පනස්දහසකි. ඒක පුද්ගල වාර්ෂික ලොකු ලූනු පරිභෝජනය කිලෝ ග‍්‍රෑම්ස් දහයක... |
"රඹකැන්ඔය අක්කර 3750 ක් දොලපිදේනි දීලා" | "රජයේ ඉඩම් ආඥාපනතට පටහැනිව කිසිදු පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව රඹකැන්ඔය කලාපයේ ඉඩම් අක්කර 3750ක භුක්තිය ආයෝජකයන් 07 දෙනකුට භාරදීමට මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන් වෙයි. මෙම ඉඩම්වල භුක්තිය ආයෝජකයන් වෙත භාරදී... |
"2022 උවදුරු නැති හෙටක්…. සුවබර වසරක් වේවා!" | "යහපත් සිතින් එමු දෙදහස් විසිදෙකට: කිරිබත් ඉදෙන හරවත් වසරක් ඔබට….." |
"ත‍්‍රස්ත මර්දන පනත යටතේ උසාවියට නොපමුණුවා අත්අඩංගුවට ගන්න විධායකයට බලය දෙනු එපා" | "ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට සම්බන්ධ නැති අය අත්අඩංගුවට ගැනීම සඳහා විධායකයට බලය ලැබෙන ත‍්‍රස්ත මර්දන පනතේ වගන්ති සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීමට කටයුතු කළ යුතු යැයි ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය රජයට යෝජනා කර ඇත. විදේශ කටයුතු ඇමැති ජී. එල්. පීරිස් මහතා වෙත ලිපියක් යවමින් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ත‍්‍රස්ත මර්දන පණතේ වගන්ති කීපයක් ස... |
"ශිවන්යා බලන්න ගෙදරින් පැනලා: ඒත් මගදි පාර වැරදිලා පුංචි දැරියෝ තිදෙනා දැලේ" | "මෙරට රූපවාහිනි නාලිකාවක විකාශනය වන ඉන්දීය ටෙලිනාට්‍යයක රංගන ශිල්පිනියන් පිරිසක් මුණගැසීමට ඉන්දියාවට යන බව කියමින් සිය නිවෙස්වලින් පලාගිය හොරොව්පතාන ප‍්‍රදේශයේ ලාබාල දැරියන් තිදෙනකු පොලිසිය මගින් ඊයේ (31 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. 04 – පිටුවට වයස අවුරුදු 13, 11, 07 වයස් සීමාවල පසුවන මෙම දැරියන් තිදෙනා ඉන්දීය ටෙලි... |
"සියලූ වෛද්‍ය වෘත්තීය සමිති එක මේසයකට කැඳවන්න – ජී.එම්.ඕ.ඒ. ඇමැති කෙහෙළියට ලියයි" | "වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ මේ වනවිට පවතින ගැටලූ පිළිබඳව සාකච්ඡා කර විසඳුම් ලබාගැනීම සඳහා සියලූ වෛද්‍ය වෘත්තීය සමිති සහ සංගම් එක මේසයකට කැඳවන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විසින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිපියක් යොමු කර ඇත. ඉකුත් දිනවල ක‍්‍රියාත්මක වූ වැඩවර්ජන හා එයට මුල් වූ ඉල්ලීම් පිළිබඳව සියලූ වෘත... |
"පැය 24 ක් ඇතුළත අත්තනගල්ල කොල්ලය අල්ලයි: අත්තනගල්ල පොලිසියෙන් පොලිෂ් වැඩක්" | "අත්තනගල්ල, හුනුපොල ප‍්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමේ සැලසුම් ව්‍යර්ථ වූ පසු එම ව්‍යාපාරිකයාගේ කැබ් රථයත් එහි තිබූ රුපියල් ලක්‍ෂ හතළිහක මුදලකුත් කොල්ලකාගෙන පලාගිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු පැය විසිහතරක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට අත්තනගල්ල පොලිසිය සමත් වී තිබේ. මෙම මංකොල්ලයට සම්බන්ධ... |
"නව වසරේ සුබවාදීව අනාගතය දෙස බලමු: ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ" | "උදා වූ නව වසර අලූත් හැඟීම් සමග සුබවාදීව සහ අධිෂ්ඨානශීලීව අනාගතය දෙස බැලීමට නිතැතින්ම අප පොළඹවයි. එබැවින්, අප 2022 වසර පිළිගනු ලබන්නේ දැඩි උද්‍යෝගයකින් සහ අපේක්ෂා සහගතව යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උදාවූ නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. එම සුභ පැතුම් පණිවුඩය මෙසේය. ගෙවී ගිය වසර රටටත්, ජන ස... |
"චීන වරායේ තෙල් ටැංකි ගනුදෙනුව: 14ක් ඉන්දියාවට 61 ක් ටි‍්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට" | "ති‍්‍රකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ දැනට ඉන්දීය තෙල් සමාගම භාවිත කරන තෙල් ටැංකි 14ක් වසර පනහකට එම සමාගමට බදු දී එහි ඇති තෙල් ටැංකි 61ක් ටි‍්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යටතේ පාලනය කිරීමට අදාළව ඉන්දියාව සමග කළ සාකච්ඡුා සාර්ථකව අවසන් වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. මෙම එකඟතාවට අනුව ති‍්‍රකුණාමලයේ ති... |
"ගම්මන්පිල කියන්නෙ බොරු – පුබුදු ජයගොඩ" | "ති‍්‍රකුණාමල වරාය ආසන්නයේ පවතින තෙල් ටැංකි 99 ම ඉන්දියාවට ලබාදී ඇතැයි බලශක්ති ඇමැතිවරයා කරන ප‍්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. ඒ වගේම මේ වනවිට ඉන්දියාවේ අයි ඕසී සමාගමට තෙල් ටැංකි 14 ක් නීත්‍යනුකූලව ලබාදී ඇති බවට කරන ප‍්‍රකාශයත් අසත්‍ය බව ද ජයගොඩ මහතා ඊ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.