Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඇතුළු අපරාධකරුවන් ගැන ඇත්ත හෙළි කරන්න – සජිත් මැති සබයේදී ඉල්ලයි" | "පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ඇතුළු අපරාධකරුවන් කවුද යන්න සම්බන්ධයෙන් සත්‍යය හෙළි කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (01 දා) 27/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. පාස්කු ප්‍රහාරයට වසර 5ක් ගතවී ඇතත් මෙම ප්‍රහාරය ගැන මලල්ගොඩ කමිටු වාර්තාව, ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ... |
"පාස්පෝට් නඩුවෙන් විමල් නිදහස්" | "ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් ඊයේ (01දා) ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි විමල් වීරවංශ මහතා 2015.10.23 වැනිදා උදෑසන 2.00ට පමණ විදෙස්ගත වීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන... |
"මූල්‍ය අර්බුදයක් මැද ඡන්දයකට සල්ලි ඉල්ලීම වැරදියි – නීතිපති උසාවියට කියයි" | "මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කර තිබුණත් රට විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබියදී මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ඉල්ලා සිටීම නීතියට පටහැනි ක්‍රියාවක් වන්නේ යැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ඊයේ (01දා) අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී පැවැසීය. යම... |
"ගෑස් බස්සයි" | "ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (01 දා) මධ්‍යම රාත්‍රියේ සිට සුළු මුදලකින් අඩු කිරීමට පියවර ගත් බව එහි සභාපති මුදිත පීරිස් මහතා පැවැසීය. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 135කින් ද කිලෝ ග්‍රෑම් 05ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් ද කිලෝ ග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 23කින් ද අඩු කිරීමට පියවර ගෙන ඇ... |
"නීතියට පිටින් ගොස් රුසියානු යුක්රේන හමුදාවලට එක්වෙන්න එපා – ආරක්ෂක අමාත්‍යාංශය දන්වයි" | "නීති විරෝධී ක්‍රමවලින් රුසියානු හෝ යුක්රේන හමුදා සමග එක් නොවන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදා සාමාජිකයනට දැනුම් දී ඇත. ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන්, රුසියානු හා යුක්‍රේන හමුදා සමග එක්වීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු සබඳතාවක් නැති බවත් ඒ හරහා මෙරට කීර්තිනාමයට කැළලක් එක්වන බවත් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි... |
"අසාධාරණ ඉල්ලීම් නිසා සෞඛ්‍ය වර්ජන දියාරු වෙලා – GMOA කියයි" | "නීත්‍යනුකූල නොවන අයුක්තිසහගත ඉල්ලීම් හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩවර්ජන දියාරු වී බලධාරීන් මෙන්ම රටේ ජනතාව අතර ද ඔවුන් ප්‍රතික්ෂේප වෙමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව (DAT) පදනම් කරගෙන වෘත්තීය සමිති නායකයන්ගේ වුවමනාවට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මහපාරට කැඳවා වැඩවර්ජ... |
"ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල 7.6 %කින් ශක්තිමත් වෙලා" | "2024 වසරේ මාර්තු මස 28 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.6කින් ශක්තිමත් විය. මේ අනුව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාව 2024 පළමු කාර්තුව තුළදී අඛණ්ඩව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අතර අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2024 වසරේ මාර්තු මස 28... |
"ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක්" | "ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ... |
"ඡන්දයට විපක්ෂය පුළුල් සන්ධානයකින්: – මෛත්‍රී සමඟ කතා නෑ – ජී. එල්. පීරිස්" | "ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී විපක්ෂය පුළුල් සන්ධානයක් ගොඩනැඟීමට කටයුතු කරන නමුත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ කිසිදු සාකච්ඡාවක් සිදුකර නැතැයි නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (01 දා) පැවැසීය. පාස්කු ප්‍රහාරය සිදුවන විට මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ ජනාධිපති... |
"සභාපතිගෙන් ශ්‍රීලනිපය බේරා ගන්න අපි උසාවි යනවා" | "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් කළ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරු තමන් නෙරපීමට එරෙහිව අද (01දා) අධිකරණයට යන බව පැවසූහ. අධිකරණයට යන්නේ තනතුරුවලින් ඉවත් කිරීමටත් වඩා සභාපතිවරයාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බේරාගැනීමේ... |
"කටුවාපිටිය දෙව්මැඳුරේ පාස්කු සැමරුම්…." | "ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරු පරදා යළි උත්ථානවීම සිහිපත් කරන පාස්කු ඉරිදා ඊයේට (31 දාට) යෙදී තිබුණි. 2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවූ දෙව් මැඳුරු අතරින් ප්‍රධාන තැනක් ගත් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනි දෙව් මැඳුරේ ඊයේ පැවැති පාස්කු දිව්‍ය පූජාවෙන් අනතුරුව පාස්කු බෝම්බ ප්‍රහාරයේදී හානියට පත් වූ කිතු සමි... |
"මිල සූත්‍රයෙන් ඉන්ධන මිල පහළට" | "මිල සූත්‍රයට අනුව ඊයේ (31දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය සිදුවීමට නියමිතය. මෙවර මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. මිල සංශෝධනයට අනුව පසුගිය මස 04 වැනිදා ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 09කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් හා භූමිතෙල්... |
"මුදල් වංචා චෝදනාවලට සතියකට ලංගම කොන්දොස්තරලා 30 ක් ‘ඉන්ටඩික්’ – ලංගම සභාපති" | "ඇතැම් බස් මගීන්ට ටිකට් පත් ලබා නොදී ගමන් ගාස්තුව ලබාගෙන වංචා කිරීමේ චෝදනා හේතුවෙන් සතියකට ශ්‍රී ලංගම කොන්දොස්තරවරුන් 30 දෙනකු පමණ වැඩ තහනමට ලක්වන බව එහි සභාපති ලලිත් ද අල්විස් මහතා “දිවයින” ට ඊයේ (31 වැනිදා) පැවසීය. බොහෝ විට රුපියල් 30, 50 දුරට ගමන් කරන මගීන්ට සමහර කොන්දොස්තරවරුන් ටිකට් නිකුත් නොකරන බව මෙහිදී හෙළිවී ඇ... |
"තරුණයන්ගේ හඩට ඇහුම්කන් දෙන නව පාලනයක් නිර්මාණය කරනවා" | "රාජ්‍ය පාලනය තුළ තරුණයන්ගේ හඬට ඇහුම්කන් දෙන නව ක්‍රමවේද ව්‍යවස්ථාදායක සහ විධායකය තුළ නිර්මාණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේබව කියා සිටියේ මාතර මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේ පැවැති සමගි විහිදුම් බලගණයේ තරුණ සම්මුතිය එළිදැක්වීමේ රැස්වීම අමතමිනි. උඩින් පැන, මැදට පැන බලය කේන්ද්‍ර කර ගත්... |
"පොලිස්පති කටුවාපිටිය දෙව් මැඳුරේදී වියෝවූවන් සිහිකරයි" | "මීට වසර 5කට පෙර පාස්කු ඉරිදා දිනෙක ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයට ඊයේ (31දා) ගිය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉටිපන්දම් දල්වා ප්‍රහාරයෙන් මියගිය පිරිස ස්මරණය කළේය. එහිදී වියළි ආහාර ප්‍රදානයක් සිදුකර ප්‍රහාරයෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන අයගේ සුවදුක් විමසීය. මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ද ඒ අසල සිට... |
"චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙසින් යල් පැනගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්‍ෂණික පරිවර්තනයකට ලක් කළයුතුයි" | "සම්මාන ලැබූ කලාකරුවන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි ජනාධිපතියල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ පරිවර්තනයකට ලක් කරමින් එය මෙරට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ සමඟම කලා ශිල්පීන් සහ නිර්මාණවේදීන් නවීන තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා විදෙස් පුහුණ... |
"අපි එකට එකතු වෙලා නවින ලෝකයට ගැළපෙන්න රට ගොඩනගමු" | "ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහා දැවැන්ත දේශපාලන බලවේගයක්. පසුගිය කාලයේ අපි හා බොහෝ අය අතර හිත් අමනාපකම් ඇති වුණා. සමහර ඒවා ප්‍රථිපත්තිමය කාරණා. සමහර ඒවා දේශපාලනික කාරණා. ඒවා කුමක් වුවද අපෙන් වෙන් වෙලා ගිය අපේ දේශපාලන සහෝදර මංත්‍රිවරුන්ට ආරාධනා කරනවා. අපි සාකච්ජා කරමු. එන්න අපි එකට එකතු වෙලා නවින ලෝකයට හරියන්න මේ රට ගොඩ ... |
"ලංකා ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය මාලිමා ආණ්ඩුවක් යටතේ" | "ඔබ කාගේත් තිබෙන බලාපොරොත්තුව වසර 76 ක් දූෂිත දේශපාලනය පරද්දලා නව ජනතාවාදී දේශපාලනයක් මේ රටේ බිහිකර ගන්න. මේ 2024 කියන්නේ ලංකාවේ ඓතිහාසික වසරක්. අපි කවුරුත් පිළිගන්නවා විශේෂයෙන් කාන්තාවන් රට තුළත් ලෝකය තුළත් ආර්ථික ක්‍රියාවලිය තුළ සමාජයීයවත් ගෘහය තුළ පෞද්ගලිකවත් විශාල වැඩ කොටසක් කරනවා. කාන්තාව විමුක්තිය ඉල්ලනවා නම් ඒ ව... |
"කෙහෙළියට ඇප ඉල්ලා දියණිය ගොනු කළ පෙත්සම ගැන නියෝගය 3දා" | "මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සිය පියාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියක වන චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල විසින් ගොනුකර ඇති ප්‍රතිශෝධන අයැදුම්පතේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා නීතිපතිවරයාට නොතිසි නිකුත් කරන්නේ... |
"මේ වසරේ මාස තුනට සංචාරකයයෝ ලක්ෂ 6ක් ලංකාවට" | "මේ වසරේ මුල් මාස තුන තුළ සංචාරකයින් ලක්ෂ හයක් මෙරටට පැමිණ තිබේ. මාර්තු මාසය තුළ පැමිණි සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ දෙකකට ආසන්නය. මාර්තු මාසයේ වැඩියෙන්ම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.චතුර පමුණුව" |
"මේ මාසයේත් ගෑස් මිල වෙනසක් නෑ – ලිට්‍රෝ සභාපති" | "මේ මාසයේද (අප්‍රේල්) ගෘහස්ථ ගෑස් මිල වැඩිවීමක් සිදුවන්නේ නැතැයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ ට ඊයේ (31දා) පැවසීය. ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය වැඩිවීමේ වාසිය ජනතාවට ලබාදිය හැකිද යන්න සලකා බලමින් සිටින බවත් බොහෝ විට ගෑස් මිල නොවෙනස්ව පවත්වාගෙන යෑමට අදහස් කරන බවත් හෙතෙම කීය. මේ සම්බන්ධයෙන් අවසන් තීරණ... |
"රාගම රෝහලේදී රෝගියකු මියයෑම ගැන පුළුල් විමර්ශනයක්" | "රාගම ශික්‍ෂණ රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු රෝගියකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් මට්ටමෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක් ක්‍රියාත්මක බව රාගම රෝහලේ අධ්‍යක්‍ෂ වෛi සම්පත් රණවීර මහතා පැවසීය. කො-ඇමොක්සිලේව් නමැති එන්නත ලබාදීමෙන් පසු එම රෝගියා මියගොස් ඇති අත... |
"අවුරුදු සමයේ බිත්තර රු.35ට බහිනවා" | "සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී දේශීය බිත්තරයක මිල රුපියල් 35කට පහළ මට්ටමට එන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. මේ වනවිට දේශීය වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 42-48ත් අතර මිලකට අලෙවි කෙරෙන බව ද එසේම කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙඳපොළට සැපයීමට පියවර ගන්නා බව ද එම අමාත්‍යාංශය පවසයි.ප්‍රද... |
"ගලගොඩඅත්තේ හිමියන්ට දුන් අධිකරණ තීන්දුව සෙසු අයටත් පාඩමක් – ආචාර්ය ධනවර්ධන ගුරුගේ" | "ආගමික සහජීවනයට හානිකර ප්‍රකාශ කරන ලදැයි චෝදනා ලැබ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මහාධිකරණය මගින් ලබාදෙන ලද නඩු තීන්දුව ආගම් අතර භේද පැතිරවීම් හා ආගමික හා ජාතික සහජීවනයට බාධා පැමිණවීම් කරන සෙසු සියලු ආගම්වලට හා සිවිල් සමාජයටද හොඳ පාඩමක් බව සමගි ජනබලවේගයේ බෞද්ධ කටයුතු අංශ ප්‍රධානී විපක්ෂ නායක උපදේශක මණ්ඩලයේ සාමාජික ආචාර්ය ධ... |
"ෂර්ට් එකක් සරමක් 4000යි 5000යි: අවුරුදු සමරන්න වෙලා තියෙන්නේ ඇඳුම් නැතුවයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති" | "“මේ අලුත් අවුරුදු සමයේ ෂර්ට් එකක්, සරමක් රුපියල් 4000ක් 5000ක් විතර වෙනවා. මේවා අසාධාරණයි. අද පාරිභෝගිකයන්ට නැකැත් සමරන්න වෙලා තියෙන්නේ ඇඳුම් නැතුව…” පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ‘දිවයින’ට (31දා) පැවැසීය. අප්‍රේල් මාසය යනු වෙළෙඳුන් පාරිභෝගික ජනතාව සූරාගෙන කන මාසය බව පැවසූ හෙතෙ... |
"අස්වැසුමෙන් සමෘද්ධිය වළේ" | "රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අස්වැසුම වැඩසටහන නිසා සමස්ත සමෘද්ධි ව්‍යාපාරයම අක්‍රියවී ඇතැයි සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඒ අනුව සමෘද්ධි ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ අරමුදල, නිවාස ලොතරැය... |
"මැයි රැලිවලින් කොළඹ දෙදරයි" | "මෙවර මැයි දින රැලි සඳහා පාක්ෂිකයන් ලක්ෂ ගණනින් කොළඹට කැඳවා ඒ ඒ දේශපාලන පක්‍ෂවල ශක්තිය ප්‍රදර්ශනය කරමින් ඉතා උත්කර්ෂවත් සහ දැවැන්ත ලෙස මැයි රැලි පෙළපාලි පැවැත්වීමට ප්‍රධාන දේශපාලන පක්‍ෂ රැසක්ම තීරණය කර ඇත. පාක්‍ෂිකයන්ට විශාල වශයෙන් සහභාගි විය හැකි එළිමහන් ස්ථාන සහ ක්‍රීඩා පිටි සහ මංසන්ධි ආශ්‍රිත ප්‍රදේශ තෝරාගැනීමට එම ප... |
"පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරනු" | "ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය නිමිත්තෙන් සියලුම දෙව්මැඳුරුවල අද පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන්වලදී වසර පහකට උඩදී සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරන ලෙස විශේෂ යාඥා සිදුකරනු ඇත. ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ දැනුම්දීම මත අදාළ දෙව්මැඳුරුවල පියතුමන්ලා විසින් පාස්කු ඉරිදා ප්‍රහාර... |
"පාතාලය මෙල්ල කරන්න අතිදක්‍ෂ වෙඩික්කරුවන්" | "මිනිස් ඝාතන සිදුකර පලා යන පාතාල කුලී මිනීමරුවන් ලුහුබැඳ ගොස් ඔවුන්ට ප්‍රහාර එල්ල කර විනාශ කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ අතිදක්‍ෂ වෙඩික්කරුවන් සියදෙනකුගෙන් සමන්විත විශේෂ යතුරුපැදි ඒකකයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්ද... |
"රුසියානු-යුක්‍රේන යුද්ධයට ලාංකිකයන් යවන මිනිස් ජාවාරමක්" | "රුසියානු – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යවන මිනිස් ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා බුද්ධි අංශ වෙත අනාවරණය වී ඇත. රුසියානු – යුක්‍රේන යුද්ධයේ දෙපාර්ශ්වයේම කුලී හේවායන් ලෙස සටන් කිරීමට මොවුන් යවා තිබේ. ඒ වෙනුවෙන් ඔවුන්ට ලක්‍ෂ ගණනින් මාසිකව වැටුප් ගෙවීම් සිදු කිරීමටත් යුද්ධයෙන් මියගියහොත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එම අද... |
"අලුත් අවුරුද්දට ඩො.මි. 470.6ක රෙදි ගෙන්වලා" | "මෙම වර්ෂයේ (2024) ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේ දී මෙරටට රෙදිපිළි සහ රෙදිපිළි උපාංග ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 470.6ක මුදලක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි. ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේ දී රෙදිපිළි සහ රෙදිපිළි උපාංග ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොල... |
"මහ බැංකු ඇස ‘වගා ආයෝජන’ දෙස" | "මේ දිනවල ඉතා ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බව පවසමින් ‘වගා ආයෝජන’ සඳහා ආයෝජනය කරන ලෙස ඉල්ලමින් ඇතැම් සමාගම් විසින් සිදුකරන ප්‍රවර්ධන කටයුතු ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මේ ඇතැම් සමාගම් තම ප්‍රවර්ධන කටයුතුවලදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නාමය ද යොදා ගන්නා බවට මහ බැංකුවට පැමිණිලි ලැබී ඇත. එවැනි ආයත... |
"සජබ සන්ධානය 5 දා කරළියට" | "සමගි ජන බලවේගය විසින් ගොඩ නගනු ලබන සමගි ජන සන්ධානය ලබන මස (අප්‍රේල්) 05 වැනිදා එළි දැක්වීමට නියමිත බව ස.ජ.බ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා පැවසීය. සමගි ජනබලවේගයේ යාන්ත්‍රණය මේ වන විට ශක්තිමත් වෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පාවෙන ඡන්ද ප්‍රමාණයත් සමගි ජනබලවේගය දෙසට හරවා ගන්න. ඒ වගේම ආණ්ඩුවේ සිටින ... |
"එන්ඩොස්කොපියට ටෙන්ඩර් මගඩියක්!" | "කොළඹ ජාතික රෝහල සඳහා ‘එන්ඩොස්කොපි’ යන්ත්‍රයක් ගෙන්වීමට සහ එම යන්ත්‍රයේ කොටස් සේදීමට අදාළ රසායන ද්‍රව්‍ය ගෙන්වීම වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 430කට ආසන්න මුදලක් වැය කිරීම සඳහා ප්‍රශ්න සහගත දූෂිත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබේ. අදාළ ‘එන්ඩොස්කොපි’ යන්ත්‍රයේ වටිනාකම පම... |
"පාරිභෝගික පනතේ සංශෝධන ‘කෙකර ගායි’" | "පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත සංශෝධනය කිරීමේ කටයුතු ආරම්භ කොට වසර 19ක් ගතවී ඇතත් පනතේ සංශෝධන කටයුතු තවමත් අවසන් වී නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වෙයි. මෙකී පනතේ සංශෝධන කටයුතු 2004 වර්ෂයේ දී ආරම්භ කර තිබුණි. එමෙන්ම පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ හඳුන්වා තිබූ පොදු විධාන 62ක... |
""රැකියා නැති 351,303ක්"" | "මෙරට ඉකුත් වර්ෂයේ (2023) හතර වැනි කාර්තුවේදී 351,303 දෙනෙකු රැකියා නොමැතිව සිටින බැව් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි. ඒ අනුව ඉකුත් වර්ෂයේ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් යන මාස තුනේ දී මෙරට රැකියා වියුක්ත අනුපාතය සියයට 4.3කි. පිරිමි පුද්ගලයන්ගේ රැකියා වියුක්ති අනුපාතය සිය... |
"සෞඛ්‍ය වර්ජන අඟහරුවාදා සිට දිගටම" | "වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක (ඩැට්) දීමනාව තමන්ටද ලබාදෙන ලෙස බලකරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති 72කට අයත් ලක්ෂයකට අධික සාමාජිකයන් අනිද්දා (02දා) සිට යළි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණවීමට තීරණය කර ඇත. ඒ අනුව හෙට (01දා) උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 4 ක් සේවයෙන් බැහැර වී සිටීමටද පසුදා (... |
"දෙව්මැඳුරු අසලට බුද්ධි අංශත්" | "පාස්කු ඉරිදා කිතුනු දෙව්මැඳුරුවලට ලබාදෙන දැඩි පොලිස් රැකවරණයට අමතරව රාජ්‍ය බුද්ධි අංශ සහ රහස් පොලිස් නිලධාරීන්ද සේවයට යොදවා ඇත. මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව පුරා සියලුම කිතුනු දෙව්මැඳුරුවලට ලබාදෙනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය. මේ අතර නැගෙනහිර පළාතේ දෙව්මැඳුරුවල ආරක්ෂා... |
"රජයේ රෝහල්වල බෙහෙත් වර්ග 56ක හිඟයක්" | "රජයේ රෝහල්වල ඖෂධ වර්ග 56ක හිඟයක් පවතින බැව් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේ දී අනාවරණය විය. වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතිය අනුව ඖෂධ වර්ග 188ක හිඟයක් පවතින බවට පෙන්නුම් කළ ද රජයේ රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග 56ක් පමණක් බැව් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය. අත්‍යවශ්‍ය ඖෂධ වර... |
"සංවර්ධන ලොතරැයිය ජනපති අරමුදලට හා රජයට දෙන දායකත්වය ඉහළ දමයි" | "සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2023 වර්ෂයේ ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කර තිබේ. රු. බිලියන 3.6ක් ජනාධිපති අරමුදලට සහ රජයට ලබාදෙන මුළු දායකත්වය රු. බිලියන 5.1කි. සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වාර්තා කළ වැඩිම ලාභය වන රු. බිලියන 3.6ක සමස්ත ලාභය ජනාධිපති අරමුදලට පිරිනමමින් අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංවර්ධන ... |
"මියුරුගේ වෙබ් අඩවිය ඇරැඹුම" | "මෙරට ප්‍රධාන පෙළේ ජ්‍යොතිර්වේදයකු වන විශ්ව ශාස්ත්‍රවේදී ආචාර්ය මියුරු සම්පත් ලියනගේ මහතාගේ වෙබ් අඩවිය ඇරැඹීම කඩුවෙලදී සිදුවිය. එම අවස්ථාවට ඒ මහතාගේ පියා වූ තිස්ස වීරසේන ලියනගේ, මනෝරි මංගලිකා සොහොයුරිය, ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශ ප්‍රධානී මංගල රදලියගොඩ සහ රනිල් කොස්තා ඇතුළු රැසක්ද එක්ව සිටියහ." |
"‘වසන්තය උරුම නැත’ පිළිගැන්වීම" | "ප්‍රවීණ ලේඛක එන්. එච්. ශ්‍රියාරත්න විසින් ලියන ලද ‘වසන්තය උරුම නැත’ නවකතාව දොරටවැඩුම කිරිබත්ගොඩ මාකොළ පාරේ සනාරා මන්දිර උත්සව ශාලාවේදී පැවැත්විණි. එහි මුල් පිටපත රුහුණ විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශ ප්‍රධානී මාකොළ මංගල මාහිමිපාණන් වෙත පිරිනැමූ අයුරු. එම අවස්ථාවට එක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල විද්‍යා... |
"කුඩු කතගේ ලක්ෂ 1103ක් රාජසන්තකයි" | "දකුණු පළාතේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන ‘කුඩු නෝනි’ නමැත්තිය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 1103ක දේපොළ නීති විරෝධී වත්කම් සහ දේපොළ පවරාගැනීමේ ඒකකය මගින් ඊයේ (29දා) රාජසන්තක කර ඇත. මෙසේ පවරාගත් දේපොළ පරීක්ෂා කිරීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ අහුන්ගල්ල ප්‍රදේශයේ සංචාරයක නිර... |
"දුඃඛප්‍රාප්තිය සමරමින්…" | "ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය මත ඇණ ගැසීමේ දුඃඛප්‍රාප්තිය සිහිපත් කරන මහා සිකුරාදා දින ඊයේ ට (29දා) යෙදී තිබුණි. ඒ නිමිත්තෙන් දිවයින පුරා දෙව්මැඳුරුවල දුඃඛප්‍රාප්ති මෙහෙයන්, පාදනමස්කාර වන්දනාව හා තුන්පද ධ්‍යාන පැවැත් වූ අතර කොළඹ 13 කොච්චිකඩේ නව හෙට්ටිවිදියේ ශ්‍රී වික්ෂෝප මාතා දේවමෑණියන්ගේ දේවස්ථානයේ සැදැහැවතුන් ... |
"පාස්කු ප්‍රහාර යළි නොවන්න ජාතික ආරක්ෂාව තහවුරු කරනවා – ජනාධිපති පාස්කු දින පණිවිඩයෙන් කියයි" | "ශ්‍රී ලාංකේය කිතුනු ජනතාව අසීමිත ගෞරවයෙන් සමරන පාස්කු සමයේදී අතීතයේ දිනක එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයක් නැවත රටේ ඇතිවීමට කිසිදු ඉඩක් නොතබා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අයට එරෙහිව නීතිය ස්වාධීනව හා අපක්‍ෂපාතීිව ක්‍රියාත්මක කරන ... |
"ගිය වසරේ පමණක් ඒඩ්ස් රෝගීහු 695ක්" | "පසුගිය 2023 වසරේ පමණක් නව එච්.අයි.වී ආසාදිතයන් 695දෙනකු හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා විශේෂඥ වෛi ජානකී විදානපතිරණ මහත්මිය “ දිවයින”ට ඊයේ (29 වැනිදා) පැවැසුවාය. මේ අතරින් අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන පිරිස් ඊට ගොදුරුවීමේ අවදානම මතුව ඇතැයි ද ඇය සඳහන් කළාය. එච්.අයි.වී... |
"ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත ධර්ම දේශනා වැඩසටහනේ අවසාන දිනය අදයි" | "කම්මට්ඨානාචාර්ය, විනයාචාර්ය පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සෝවාන්මඟ හෙළිපෙහෙළි කර දීමේ උතුම් අරමුණ ඇතිව පැවැත්වෙන සර්ව රාත්‍රික ධර්ම දේශනා මාලාවේ අවසන් දිනය අදයි. ධර්ම දේශනය අදත් සවස 7 සිට පසු දින අලුයම 4 දක්වා අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ දී පැවැත්වේ. ජය ටීවී නාලිකාව විසින් සංවිධානය කරනු ලබන ... |
"පොහොට්ටුවේ සටන අරඹමු රැලිය අද" | "“සටන අරඹමු – හම්බන්තොටින්” යන තේමාව යටතේ අද (30දා) සවස 2.00ට තංගල්ල නගරයේ දී ජනරැලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කටයුතු යොදා ඇත. එයට සමගාමීව එම පක්ෂයේ දිස්ත්‍රික් මහා සම්මේලනය ද එලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම රැලිය පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එරික් ගාමිණ... |
"ජනක රත්නායක අද මාතලෙන්" | "ජනක රත්නායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික සිවිල් සංවිධාන පෙරමුණේ දිවයින පුරා පවත්වනු ලබන දිස්ත්‍රික් සම්මන්ත්‍රණ මාලාවේ මාතලේ දිස්ත්‍රික් සම්මන්ත්‍රණය අද (30 දා) මාතලේ නගරයේ විජය විද්‍යාලය අසල හොටෙල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව එහි ප්‍රධාන ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය. ”ශක්තිමත් ආර්ථිකයක් දූෂණයෙන් තොර රටක්” යන... |
"පෑලියගොඩ එළවළු මිල තවත් පහළට" | "පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු මිලෙහි විශාල අඩුවීමක් ඊයේ (29 දා) දක්නට තිබූ බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්.ටී.එන්. සමරතුංග මහතා ‘දිවයින’ට පැවැසීය. එළවළු මිල අඩු වුවද පාරිභෝගික ජනතාවගේ පැමිණීමේ අඩුවක් දක්නට තිබූ බව ද හෙතෙම කීය. බොහෝවිට එළවළු අලෙවි කරගත නොහැකි වීමෙන් සමහර වෙළෙඳුන් එළවළු තොගපි... |
"දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෑම පියවරක්ම ගන්නවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මගින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම (28 දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ළමා අපයෝජන සිදුවීම් අඩංගු හෝ අඩංගු විය හැකි වෙබ් අඩවි, ඡායාරූප... |
"සබන් කැටයක් මිලදී ගන්න වී කිලෝ 2ක් විකුණගන්න වෙලා – ගයන්ත කරුණාතිලක (සජබ)" | "ජනාධිපතිවරණ සටන ආරම්භ වෙද්දී රටේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂ රැසකට අත්වී තිබෙන ඉරණම ශෝචනීය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්න කරුණාතිලක මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ (28 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්න කරුණාතිලක මහතා මේ බව සඳහන් කළේය. එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන... |
"මහ බැංකුවේ අය කියා විශේෂයක් තියෙන්න බෑ – රවි කරුණානායක" | "“මහ බැංකුවේ විතරක් නෙවෙයි විශේෂඥ දැනුම ඇති අය ඉන්නේ. තවත් ආයතනවල එවැනි අය ඉන්නවා. ඔවුන්ටත් වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. නමුත් මේක වැටුප් වැඩි කිරීමකට වෙලාව නොවෙයි නම් මහ බැංකුවට කියලා විශේෂයක් තිබිය නොහැකියි. ඔන්න එතකොට පෙනෙනවා කවුද කුහක ලෙස වැඩකර තිබෙන්නේ කියලා” යැයි හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා කීවේය. කොළඹ පැව... |
"වෛද්‍ය චමල් සංජීවගේ සේවය අත්හිටුවීම ගැන තාමත් විධිමත් පරීක්‍ෂණයක් නෑ – පුරවැසි බලයෙන් ජනපතිට ලිපියක්" | "හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැති මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළ විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතාගේ සේවය අත්හිටුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය විධිමත් පරීක්‍ෂණයක් සිදු කිරීමට මේ දක්වා අසමත්ව ඇති බව පවසමින් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ජනාධිපතිවරයා වෙත පෙරේදා (28දා) ලිපියක් භාරදී තිබේ. ... |
"වයඹ පළාතේ රෝහල් 4ක සෞඛ්‍ය පහසුකම් නැංවීමට රු. මි. 415ක්" | "සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් පෙරේදා දින (28 දා) වයඹ පළාතේ රෝහල් 04 ක විශේෂ නිරීක්ෂණයක නිරත විය. ඒ අනුව කුලියාපිටිය ශික්ෂණ රෝහල, ආණමඩුව මුලික රෝහල, මාරවිල මුලික රෝහල, දංකොටුව ප්‍රාදේශීය රෝහල යන රෝහල් සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ න... |
"එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන අස්ගිරි මහ නාහිමි බැහැදකියි" | "එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ එජාප බෞද්ධ සංගමය නියෝජනය කරමින් සුජිත් අක්කරවත්ත මහතා ඇතුළු පිරිසක් මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක වරකාගොඩ ඥානරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහනුවර අස්ගිරි විහාරයේදී ඊයේ (29 දා) උදෑසන බැහැදුටහ. මෙම අවස්ථාවට මහනුවර ... |
"දේශීය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට නව සෘතු බද්දක් – ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය" | "දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බවත්, ඒ වෙනුවට ඔවුන් ආරක්ෂා කිරීම සඳහා තීරු බද්ද හා බැදුණු නව සෘතු බද්දක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ගොවීන්ගේ නිෂ්පාදන වෙළෙඳ පොළට ප... |
"ආණ්ඩුවේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් නිදහස් අධ්‍යාපනය වළ පල්ලට යනවා – ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්" | "රටේ බරපතල ගුරු හිඟයක් තියෙනවා. 40,000කට ආසන්න ප්‍රමාණයක් ගුරුවරු හිඟයි. දරුවන්ට ගුරුවරු ලබා දෙන්න බැහැ. දැන් එම නිසා පොකුරු පාසල් කියලා පාසල් එකතු කරන්න යන්නේ යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය. රටේ බරපතළ ගුරු හිඟයක් තියනවා. 40,000 කට අසන්න ගුරුවරු හිඟයි. දරුවන්ට ගුරුවරු ලබා දෙන්න බැහැ. දැන... |
"ස්මාට් හෙටක් හදන්නට විදේශ රැකියා ඩිජිටල්කරණය විශාල අත්වැලක් සපයනවා – කම්කරු ඇමැති කියයි" | "විදේශ රැකියා ක්ෂේත්‍රයේ සුබ පණිවුඩය රැගෙන මාතලේට ගිය ජයගමු ශ්‍රී ලංකා ඊශ්‍රායල් රැකියා රැගෙන අද වව්නියාවටවිදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීමේ සුබ පණිවුඩය රැගෙන මාතලේට ගිය ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන ඊයේ (29දා) සහ අද (30දා) යන දින දෙකේදී වව්නියාව ගාමිණී විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මාතලේ දිස්ත්‍රික්කයට... |
"මාස තුනක් ඉන්න ආණ්ඩුවට මොන මැතිවරණ ක්‍රම සංශෝධන ද – අලුත් ආණ්ඩුවකට ඒකට ඉඩ දී වහාම ඡන්දය තියන්න – තිස්ස අත්තනායක" | "මැතිවරණ ක්‍රමය වහාම වෙනස් කළ යුතු බවට අධිකරණ ඇමැතිවරයා විටින් විට ප්‍රකාශ කළ ද ඊට සමගි ජන බලවේගය පක්ෂය මේ මොහොතේ තදින්ම විරුද්ධ බව එම බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (29 දා) පැවසීය. මේ මොහොතේ අවශ්‍ය මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නොව වහාම මැතිවරණයක් පැවැත්වීම යැයි ද හෙතෙම සඳහන් කළේය. ත... |
"ආගමික සහජීවනයට හානි කරලා ඥානසාර හිමි වසර 4ක් හිරේට" | "කොළඹදී 2016 වසරේ පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදු කිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (28දා) බරපතළ වැඩ සහිත වසර හතර... |
"පාස්කු ඝාතකයා ගැන අහන්න මෛත්‍රී 4දා උසාවි කැඳවයි" | "පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳව තමා දන්නා බවට මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීම සඳහා ලබන 04දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතීසි යැවීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (28 දා) නියෝග කළාය. මාධ්‍ය හමුවේ සිදුකළ එම ප්‍රකාශය පිළිබ... |
"ග්‍රීක බැඳුම්කර සිද්ධිය: මහ බැංකුවේ හිටපු ලොක්කන් 5කට නඩු" | "රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකළ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු හිටපු මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරනු ලැබීය. 2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්... |
"ජේසුස් වහන්සේ කුරුසිය මත ඇණ ගැසූ මහ සිකුරාදා අද" | "ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත ඇණ ගසා මරණයට පත්කිරීමේ ඛේදජනක සිද්ධිය ලෝකවාසී කතෝලික හා කිතුනු ජනතාව මහත් ගෞරවයෙන් සිහිපත් කරන මහ සිකුරාදා දිනය අදට (29 දිනට) යෙදී ඇත. දිවයින පුරා පිහිටි දෙව්මැඳුරුවලට සම්බන්ධ බැතිමත්හු පිලාත් විසින් ජේසුන් ක්‍රිස්තුන් වහන්සේට ලබාදුන් අනීතික නඩු තීන්දුවෙන් අනතුරුව කුරුසිය කරමත තබා ... |
"පාස්කු ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවන් නීතිය හමුවට ගේන්න – කතෝලික රදගුරු සමුළුවෙන් පාස්කු දින පණිවිඩයක්" | "මේ වනවිට අප රට මුහුණ පා සිටින අසීරු හා පීඩාකරී තත්ත්වයෙන් මිදීමට මෙම මොහොතේ දිව්‍යමය මැදිහත්වීමක් අවශ්‍ය වන බවත්, එහෙයින් මුහුණ දී සිටින මේ අනතුරු දායක තත්ත්වයෙන් මුදාලන ලෙස ඉල්ලා මෙම පාස්කු සමයේදී අපි උත්ථානවූ සමිඳානන් වහන්සේට ඉතා ඕනෑකමින් යාච්ඤා කරමු. යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පාස්කු පණිවුඩයක් නිකුත් කරමි... |
"කොළඹ ගින්න නිවන්නට…" | "කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස් සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ ටයර් අලෙවිසල් පෙළක ඊයේ (28දා) ඇති වූ ගින්නකින් මහත් පාඩුවක් සිදුවී තිබේ. කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකක ප්‍රමුඛ ගිනි නිවීමේ කණ්ඩායම් සහ පොලිසිය ගින්න මැඬපැවැත්වීම සඳහා මහත් උත්සාහයක් ගත්හ. මෙම ගින්නෙන් ටයර් වෙළෙඳසල්වලට සිදුවූ හානිය මෙතෙක් ගණන් බලා නැත. මීට අදාළ රසපරීක්ෂක ... |
"ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත ධර්මදේශනා වැඩසටහනේ දෙවන දිනය අදයි" | "කම්මට්ඨානාචාර්ය, විනයාචාර්ය පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සෝවාන්මඟ හෙළිපෙහෙළි කර දීමේ උතුම් අරමුණ ඇතිව ඊයේ දිනයේ ආරම්භ කෙරුණු සර්ව රාත්‍රික ධර්ම දේශනා මාලාව අදත් සවස 7 සිට පසු දින අලුයම 4 දක්වා අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී පැවැත්වේ. මෙම වැඩසටහනේ අවසාන දිනය හෙටයි. ජය ටීවී නාලිකාව විසින් සංවි... |
"ඡන්ද කල් යන කතා බොරු – එජාප සභාපති වජිර කියයි" | "පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල් දමන බවට විපක්ෂය නඟන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ නියමිත පරිදි නිසි වේලාවට පවත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. විපක්ෂයේ කණ්... |
"මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිස එක පවුලකට නොවෙයි – විපක්ෂ නායක සජිත් වවුනියාවේදී කියයි" | "ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ භේදයකින් තොරව මේ රට සියලු ම පුරවැසියන්ට අයිති බවත් එය කාටවත් සින්නක්කර ඔප්පුවෙන් කුමන නායකයකුටවත් ලියා දී නොමැති බවත් දේශපාලකයන් යනු මෙරට තාවකාලික භාරකරුවන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. තාත්තගෙන් පුතාටත් ඉන් පසුව මුනුබුරාටත් පක්ෂවල අයිතිය සීමා වෙන ලක්ෂණ ඇති බවත් එක එක දේ... |
"ජනපති සටනට මාත් එනවා – පාඨලී චම්පික රණවක" | "එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. එම පක්ෂයෙන් හෝමාගම, පනාගොඩ කෙරේමුල්ලේ 27 දා සංවිධානය කර තිබූ ජන හමුවකදී හෙතෙම මේ බව කීවේය. රණවක මහතා එහිදී මෙසේද කීවේය. එක්සත් ජනරජ පෙරමුණේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය ප... |
"ජාතිය මත සොහොන් ලකුණු වැටිලා – ඩලස් කියයි" | "8 වැනි විධායක ජනාධිපති ධුරයේ උපරිම ආයු කාලය තව දින 193ක් යැයි ‘නිදහස’ ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. එම පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව කීවේය. ඔහු මෙසේ ද කීවේය. ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 31% ක් රැඳී ඇත්තේ ඉහළින්ම ජීවත් වන 1% අත බවත් ජාතික ආ... |
"ආර්ථිකය හරි පීල්ලට – මහ බැංකුව කියයි" | "දේශීය ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම ඉදිරි කාලයේදී අඛණ්ඩව සිදුවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ගිය වසරේ (2023) මුල් කාර්තු දෙකේ ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළද 2023 තුන් වන කාර්තුවේදී වාර්තා කළ ධන ආර්ථික වර්ධනය සියයට 1.6 සිට 2023 සිවුවන කාර්තුවේදී සියයට 4.5 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇ... |
"31දා ට පෙර විසඳුම් ඕනෑ – රජයේ විධායක නිලධාරීහු වර්ජනයකට සැරසෙති" | "රජයේ විධායක නිලධාරීන්ට බලපා ඇති වැටුප් හා දීමනා ගැටලුවට ලබන 31 දිනට පෙර පිළිගත හැකි විසඳුමක් ලබාදිය යුතු යැයි රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි. එදිනට පෙර පිළිගත හැකි විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් 2024 අප්‍රේල් පළමු සතිය තුළ දින දෙකක (02) සංඛේත වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තම සංගමය තීරණය කළ බව රජයේ විධා... |
"ටයිල් කර්මාන්ත ආරක්‍ෂණ විධිවිධාන ගැටලු සහගතයි – සහාධිපත්‍ය සංවර්ධකයින්ගේ සංගමය කියයි" | "ශ්‍රී ලංකාවේ ටයිල් කර්මාන්තය සම්බන්ධයෙන් යෝජිත ආරක්ෂණවාදී විධිවිධාන අතිශයින් ගැටලු සහගත බව ශ්‍රී ලංකා සහාධිපත්‍ය සංවර්ධකයින්ගේ සංගමය කියයි. විශේෂයෙන්ම ගෙබිම සහ බිත්ති සඳහා භාවිත කරන ටයිල් වර්ග ආනයනය ඉලක්ක කරගනිමින් ටයිල් නිෂ්පාදනයේ නියුතු වූවකු විසින් ඉදිරිපත් කර ඇති අඩුමිල විරෝධී යෝජනා සම්බන්ධයෙන් සිය සංගමයේ විශේෂ අව... |
"ගල්වල සිරිධම්ම හිමි නිදොස් කොට නිදහස්" | "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වල සිරිධම්ම හිමියන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (28දා) නියෝග කළේය. එම සැකකරුට එරෙහිව ගොනු කර ඇති චෝදනා ත්‍රස්තවාදය වැළැක්වී... |
"උද්ධමනය පහළට" | "කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය මාර්තු මාසයේදී සියයට 0.9ක් දක්වා සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඉකුත් පෙබරවාරි මස එම උද්ධමනය සියයට 5.9ක් විය. මාර්තු මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 3.8 දක්වා වැඩි වී ඇති අතර එය ඉකුත් පෙබරවාරි මාසයේදී සියයට 3.5ක් විය. එසේම ආහාර... |
"මියගිය ඇමැති ඇතුළු තිදෙනෙක් නඩුවෙන් නිදහස්" | "වෙඩි තබා පුද්ගලයන් කිහිපදෙනකු ඝාතනය කිරීමට තැත් කිරීම හා ඔවුනට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනාවලින් හිටපු නියෝජ්‍ය ඇමැති රංජිත් සොයිසා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු එල්.කේ. මහින්ද මහතා නියෝග කළේය. මේ වනවිට මියගොස් ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් සොයිසා, ගොඩකවෙල ප්... |
"සමාජවාදය කියන්නේ ජන ජීවිත හා පෞද්ගලික කර්මාන්ත විනාශ කරන්නක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "සමාජවාදය කියන්නේ ජන ජීවිත, ජීවනෝපාය, නව ව්‍යවසාය සහ පෞද්ගලික කර්මාන්ත විනාශ කරන මහා බලවේගයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ගෙන ආ අවස්ථාවේ සුද්දියන්ට යට ඇඳුම් මැසීමට ගමේ තරුණියන් යොදා ගන්නවා කියා පාද යාත්‍රා යමින්, රට පුරා භීෂණයක් වැපුරුවත් අද එම ... |
"කෝටි 3500ක මුදල් තැන්පතු ගසා කෑ ඔන්මැක්ස් ඩී. ටී. වංචාවෙන් තැන්පත්කරුවෝ ලක්‍ෂ 4ක් අනාථයි" | "අධික ප්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දු වී රට පුරා වෙසෙන ලක්‍ෂ හතරකට අධික පිරිසකගෙන් රුපියල් කෝටි 3500කට අධික මුදල් තැන්පත් කරගත් ඔන්මැක්ස් ඩී. ටී. සමාගමේ වංචාවට අසුවූ කිහිප දෙනකු මේ වනවිට සියදිවි හානි කරගෙන ඇතැයි එම තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක විජේවර්ධන මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය. තමන් හා දුවා ද... |
"මීගමුවේ ස්පා කතුන් 2කට ඒඩ්ස්" | "මීගමුව පොලිස් කොට්ඨාසයේ නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථාන 53කින් අත්අඩංගුවට ගත් කාන්තාවන් 137 දෙනා අතරින් දෙදෙනකු ඒඩ්ස් රෝගයෙන් පෙළෙන බව වෛද්‍ය පරීක්‍ෂණයකින් හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි. මීගමුව, සීදුව, කොච්චිකඩේ ප්‍රදේශවල හදිසියේ ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකදී මෙම කාන... |
"ත්‍රිරෝද අංකයකට මිනි කූපරයක් ලියාපදිංචි කරලා" | "පරිගණක දත්ත වෙනස් කොට ත්‍රිරෝද රථයක අංකය යටතේ රුපියල් කෝටි ගණනක් වටිනා මිනිකූපර් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ලියාපදිංචි කිරීම හා ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 60ක් යටතේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු එම දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් හත්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ... |
"රුවන්මැලි චෛත්‍ය පුදබිමත් විදුලි බිල අසීරුවට අද මුහුණ දීලා" | "විදුලි බිල්පත් ගෙවීමේ අසීරුවෙන් සිටින අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථාන සියයක එළිමහන් ආලෝකවත් කිරීම සඳහා සූර්යකෝෂ විදුලි පහන් බෙදා දීමට රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිiාලයේ කුලපති ඊතලවැටුණු වැවේ ඤාණතිලක නාහිමියෝ කටයුතු කළහ. වර්තමානයේ බොහෝ විහාරස්ථාන ... |
"උත්සව සමයේ දී මත්පැන් මිල අඩු වෙන්නේ නෑ" | "උත්සව සමයේදී මත්පැන්වල මිල අඩුවීමක් සිදුවන්නේ නැතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ‘දිවයින’ ට ඊයේ (27දා) පැවැසීය. මත්පැන් මිල අඩුකරන ලෙස මුදල් අමාත්‍යාංශයට හෝ සුරාබදු දෙපාර්තමේන්තුවට කිසිදු ඉල්ලීමක් පවා ලැබී නැතැයි ද එසේ එල්ලීම් ලැබුණත් මත්පැන් මිල අඩු කිරීමේ හෝ වැට් බද්ධ අඩු කිරීමේ හැකියාවක් නැතැයි ද... |
"දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල කරාපිටියේදී විවෘත වෙයි" | "දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ ඉදිකරන ලද ‘ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල’ ජනතා අයිතියට පත් කිරීම ඊයේ (27දා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. මේ අවස්ථාවට සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශ... |
"නාරම්වල කොල්ලකරුවෙක් පොලිස් වෙඩි කා මරුට" | "නාරම්මල රන්මුතුගල ප්‍රදේශයේදී මුදල් සහ දේපළ කොල්ලකෑමකට පැමිණි කොල්ලකරුවන් පිරිසක් සහ පොල්ගහවෙල පොලිසියේ නිලධාරීන් අතර ඇතිවූ ගැටුමකින් පසු පොලිස් නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් කොල්ලකරුවකු මියගොස් ඇත. මෙහිදී පොලිසිය සමග සිටි තරුණයන් දෙදෙනකු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ අතර ඔවුන් කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස්... |
"රට ගොඩගන්න නව ජනතාවාදී දේශපාලන අධිකාරියක් අවශ්‍යයි – ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක" | "රට ගොඩනැගීමේ පළමු පියවර වන්නේ මේ දේශපාලන අධිකාරිය වෙනස් කිරීම යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කැනඩාවේ වැන්කුවර්හිදී ඉකුත් 24 වැනිදා පැවැති ජන හමුව අමතමින් පැවසීය. එහිදී වැඩිදුරටත් ජනහමුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය. “අපේ රටේ කිසිදු පුරවැසියෙක් තවදුරටත් රැවටීමට හෝ පසුතැවීමකට භාජනය ... |
"ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත ධර්ම දේශනා වැඩසටහනේ පළමු දිනය අදයි" | "කම්මට්ඨානාචාර්ය, විනයාචාර්ය පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සෝවාන්මඟ හෙළිපෙහෙළි කර දීමේ උතුම් අරමුණ ඇතිව පුරා දින 3ක් පවත්වනු ලබන සර්ව රාත්‍රික ධර්ම දේශනා වැඩසටහන අද සවස 7ට අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී ආරම්භ කෙරේ. 28, 29, 30 තෙදිනම රාත්‍රි 7 සිට පසු දින අලුයම 4 දක්වා මෙම ධර්ම දේශනා මාලාව පැවැ... |
"සනීපාරක්‍ෂක තුවා ගන්න සිසුවියන්ට වවුචර් ඇමැති සුසිල් කියයි" | "පාසල් දැරියන්ට සනීපාරක්‍ෂක තුවා මිලදී ගැනීමට අදාළ වව්චර් පත් එළැඹෙන අලුත් අවුරුද්දෙන් පසු ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. දුෂ්කර, අති දුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හඳුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්‍ෂ අටකට ආසන්න පාසල් දැරියන්ට ඒ අනුව සනීපාරක්‍ෂක තුවා බෙදාදීමට පියවර ගන්නා බවත්, ඒ ස... |
"චීන ජනාධිපති ෂී ජින්පින් හා ශ්‍රී ලංකා අගමැති දිනේෂ් අතර හමුවක්…" | "චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ(27 දා) බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී පැවැත්විණි. මේ එම අවස්ථාවයි. ජාත්‍යන්තර කටයුතුවලදී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන මිත්‍රත්වය, සාමය, අන්‍යොන්‍ය ගෞරවය සහ පස්විධ ප්‍රතිපත්ති යටතේ ඉදිරියටත් ක්‍රියාකිරීමට දෙරටම එකඟ වූ බව අග්‍රාම... |
"ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දෙනවා – චීනයෙන් අගමැති දිනේෂ්ට සහතිකයක්" | "ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනය අඛණ්ඩව සහාය වන බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට සහාය වන බවත් චීන අග්‍රාමාත්‍ය ලී කියැන් (Li Qiang) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සහතික විය. පෙරේදා (26 දා) බීජිං හි පැවති ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී චීන අග්‍රාමාත්‍යවරයා ආර්ථික පසුබෑමකින් පසු ශ්... |
"දඩ ගෙවන්න මහ රෑටත් තැපෑල වැඩ" | "දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල කීපයක් මගින් රාත්‍රී කාලයේදී රථවාහන දඩපත් ගෙවීමේ පහසුකම ලබාදී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම රාත්‍රී සේවා සහිත තැපැල් කාර්යාල මෙසේය. වේයන්ගොඩ තැපැල් කාර්යාලය, කොළඹ ගුවන්තොටුපළ තැපැල් කාර්යාලය, රත්නපුර තැපැල් කාර්යාලය, කෑගල්ල තැපැල් කාර්යාලය, ගාල්ල තැපැල් කාර්යාල... |
"වසර 13ක් ඇදෙන ජෝන් ද සිල්වා – කලාභවන මේ වසරේ දී විවෘත වෙයි" | "වසර දහතුනක් තිස්සේ වැඩ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලාභවන මෙම වසර අවසාන වීමට පෙර විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඉකුත් 26 වැනිදා එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. වසර 2011 වසරේ ඉදික... |
"විපක්ෂයේ ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය මුළුමණින්ම ආරක්ෂා කරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි" | "ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයේ ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් සිදු නොවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය මුළුමණින්ම ආරක්ෂා කරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම සියලු දෙනාගේම අදහස් සඳහා අවස්ථාව හිමිවන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණ... |
"දුමින්ද නාගමුව ඇතුළු තිදෙනෙක් යළි රිමාන්ඩ් 5 දෙනකුට ඇප" | "පසුගිය 20 වැනිදා පස්වරුවේ කොළඹදී ජන අරගල ව්‍යාපාරයෙන් පැවැති විරෝධතා ව්‍යාපාරයකදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පෙරමුණේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු රත්කැරැව්වේ ජිනරතන හිමියන් ලබන 03 ව... |
"කුලී වාහන ගත්තොත් රජයට බිලියන 20ක ඉතිරියක්" | "රජයේ වාහන ඉවත් කරමින් එම ආයතනවලට අවශ්‍ය වාහන කුලී හෝ බදු පදනම යටතේ පෞද්ගලික අංශය මගින් ගන්නේ නම් රුපියල් බිලියන 20ක් පමණ රාජ්‍ය වියදම ඉතිරි කර ගත හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී ඇත. ඊට අමතරව මේ වන විටත් කිලෝ මීටරයක් රුපියල් 300 ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය වාහන රුපියල් 100 ක... |
"පාතාලය සමග ඩීල් දැමූ අගලවත්ත ඕ.අයි.සී.ගේ වැඩ තහනම්" | "පාතාල සන්නද්ධ කණ්ඩායම් සමග සමීප සම්බන්ධතා පවත්වමින් එම කල්ලිවලින් මාසිකව මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා ක්‍රියා කර තිබේ. මෙම වැඩ තහනමට ලක් කිරීමට අදාළ ලිපිය ජාතික පොලිස් කොමිසම වෙත යවා ඇති බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවස... |
"අත් පා මුඛ වෛරස් රෝගය වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක්" | "අත් පා මුඛ වෛරස් රෝගය වැලඳුණු දරුවන්ගේ වැඩිවීමක් දක්නට ඇතැයි බොරැල්ල රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (27 දා) පැවැසීය. මෙය දරවන් අතර පැතිර යන වෛරස් රෝග තත්ත්වයක් බැවින්, ඔබේ දරුවාගේ මුඛයේ, මුඛය වටේ රතු ලප හෝ අත් පා වල සුදු වතුර පිරුණු බිබිලි සමඟ උණ ඇත්නම් දරුවන් පාසලට, පෙර... |
"පිරිසක් බලා සිටියදී තවත් පිරිසකට ආහාර දීම කනගාටුදායකයි – අපේ ආණ්ඩුවකින් වර්ගීකරණය නොකර සෑම දරුවකුටම දිවා ආහාරය දෙනවා" | "“පාසල් දූ දරුවන් ශක්තිමත් කිරීමට එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ නිල ඇඳුම හා දිවා ආහාරය ලබා දුන්නා. අද දිවා ආහාරය ප්‍රාථමික සිසුන්ට පමණක් ලබා දෙන්න රජය කටයුතු කරනවා. එය ලැජ්ජා සහගත ප්‍රතිපත්තියක්. එකම පාසලේ දරුවන් දෙකට බෙදීම සහ වර්ගීකරණය කිරීම සිදු නොකළ යුතුයි. සමගි ජන බලවේග රජයක් තුළ එවැනි වර්ගීකරණයක් සිදු න... |
"හරි වෙලාවට ජනාධිපතිවරණය මැ. කො. ස. කියයි" | "නියමිත වේලාවට ජනාධිපතිවරණය කැඳවීම සඳහා මැතිවරණ කොමිසම කටයුතු කරමින් සිටින බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නායක මහතා ‘දිවයින’ ට ඊයේ (27දා) පැවසීය. මැතිවරණ කොමිසමට අනුව මුලින්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා කොමිසම ඉල්ලා ඇති රුපියල් බිලියන 10ක මුදල මුදල් අමාත්‍යාංශයෙන් වෙන් කර ඇති නිසා එම මැ... |
"‘සැමට හිමි බිමක්’ ඔප්පු ප්‍රදානය 30දා" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන නිරවුල් බිමක පූර්ණ අයිතිය සැමට උරුමකර දීමේ ‘උරුමය’ ජාතික වැඩසටහනට සමගාමීව ‘සැමට හිමි බිමක්’ ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය සංචාරක හා ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.