Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ස්ටාලින්ට ජයසිංහට ඕනෙ රටේම දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන්න…. වසන්තා හඳපාන්ගොඩ" | "‘‘ජෝශප්ලා, මහින්ද ජයසිංහලා 25 වැනිදා රටපුරා උද්ඝෝෂණ මාලාවක් කරන්න යනවා කියලා ආරංචියි, ඒවට අපි ඉඩ දෙන්නේ නැහැ’’ යැයි ශී‍්‍ර ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ‘දිවයින’ට ඊයේ (22 දා* පැවසුවාය.21 සහ 22 වැනිදා පාසල්වලට ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බහුතරයක් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට පැමිණි බව ද... |
"ගෙදර ඉඳලාම ඇතැම් මානසික රෝග: දරුවන් පාසල් යවන්න… විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා" | "‘‘අද බොහෝ දරුවන් නිවෙස් තුළටම කොටු වී සිටීම නිසා ආතතිය, විශාදය වැනි මානසික රෝගවලට ගොදුරු වී සිටිනවා. ඒවගේම දරුවන් ප‍්‍රචණ්ඩ වෙලා. මේ නිසා සෞඛ්‍යාරක්ෂිතව දරුවන් පාසල් යැවීමට දෙමාපියන් උනන්දු විය යුතුයි’’ යැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (22 දා* පැවසීය. කොවිඞ් එන... |
"ඇමරිකාවෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්" | "ඇමරිකා එක්සත් ජනපදය විසින් ශී‍්‍ර ලංකාවට හදිසි කොවිඞ් – 19 ආධාර වශයෙන් අමතර ඩොලර් මිලියන 2.5 මුදලක් ලබා දීමට තීරණය කර ඇති බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.ඒ අනුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය හරහා මෙම අමතර මුදල ලබා දෙන බව ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයත... |
"බියගම පාසල් 5 න් 2 ක සිසු සිසුවියන් නැහැ… ඉතිරි පාසල් තුනේම පැමිණීම 23 යි" | "රජය මගින් සිසුන් 200 කට අඩු පාසල් ආරම්භ කළ ද බියගම අධ්‍යාපන කොට්ඨාසයේ තිබෙන සිසුන් 200 කට අඩු පාසල් 05 න් පාසල් 02 කම කිසිම සිසුවකු පාසල් පැමිණ සිටියේ නැත.මල්වානේ යබරලූව ආනන්ද කනිෂ්ඨ විද්‍යාලය, ගෝනවල කැලණිතිස්ස විද්‍යාලය, සියඹලාපේ කන්දෙවත්ත සිරිසුමන විද්‍යාලය, දරණාගම රාජසිංහ ප‍්‍රාථමික විද්‍යාලය හා කඩවත බෞද්ධ ප‍්‍රාථම... |
"දික්ඔය සිංහල විදුහලේ විදුහල්පතිනිය පමණයි" | "හැටන් අධ්‍යාපන කලාපයේ දික්ඔය සිංහල විදුහල 21 වන දින විවෘත කිරීමට පියවර ගෙන තිබුණද එම විදුහලේ විදුහල්පතිනිය පමණක් සේවයට වාර්තාකර තිබුණි.මේ පිළිබඳ කරන ලද විමසීමකදී එම විදුහලේ විදුහල්පතිනිය, ශ‍්‍රියානි රම්‍යලතා මහත්මිය පවසන ලද්දේ මෙම විදුහලේ ගුරුවරුන් 15 දෙනකු සේවය කරන බවත් එම ගුරුවරුන් කිසිවකුත් සේවයට වාර්තා කර නොමැති බ... |
"පාස්කු කොමිසමේ නිර්දේශ වළ දමන්නේ කවුද…? කාදිනල්තුමා අසයි…" | "මියගිය අයගේ පවුල්වල පිරිස් සමග කාදිනල්තුමා කතාබහකට එක්වූ අවස්ථාව පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසමේ නිර්දේශ මේ දක්වා නිසි ලෙස කි‍්‍රයාත්මක නොවන තත්ත්වයක් පැවතීම විශාල ප‍්‍රශ්නයක් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ප‍්‍රකාශ කළේය. පාස්කු ප‍්‍රහාරයට වසර 2 1/2 ක් පිරීම නිමිත්තෙන් ඊයේ (21 දා)... |
"ජනපති මැති සබයට එයි" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තු සභා ගැබට පිවිස සිය අසුනෙහි අසුන්ගත්තේය. ඒ මහතා පාර්ලිමේන්තු සභා ගැබට පිවිසෙන විට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ විශේෂ ප‍්‍රශ්නයක් විමසමින් සිටියේය. ජනාධිපතිවරයා ටික වේලාවක් එලෙස සභාවෙහි රැඳී සිටීමෙන් පසුව වෙනත් රාජකාරි සඳහා නික්ම ගියේය. ... |
"මිල පාලනය ගිලී බඩු මිල පීනයි…. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කියයි" | "හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි කි‍්‍රයාත්මක වීම තුළින් සිදුවුණු භාණ්ඩ මිල පාලනය අහෝසි වීම නිසා වෙළෙඳුන්ට හිතුමතේ බඩු මිල ඉහළ දැමීමට ඉඩ ලැබී ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එම්. ඞී. එස්. පී. නිවුල්හැල්ල මහතා අප කළ විමසුමකදී ‘දිවයින’ට ඊයේ (21 දා) පැවසීය.මිල පාලනය ඉවත් කර තිබෙන තත්ත්වය තුළ... |
"සිසුන්ගේ පැමිණීම 16% යි ගුරුවරුන්ගේ පැමිණීම 26% යි" | "ළමයින් 200ට අඩු පාසල් ආරම්භ කිරීමත් සමග ඊයේ (21දා) ගුරුවරුන්ගේ පැමිණීම සමස්තයක් ලෙස 26% ක් ද සිසුන්ගේ පැමිණීම 16% ක් ලෙසද වාර්තා වී තිබූ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. චමින්ද සිල්වා" |
"ලංකාවේ පළමු සය දරු උපත… ‘අපේ කැදැල්ලට අලෝකය ලැබුණා’ හයක් උපද්දා සතුටු සුව කැන්දා…" | "ප‍්‍රභාත් – දිලිනි යුවළවෛද්‍ය හෙද කාර්ය මණ්ඩලයේ 40 දෙනෙක් එක්ව කළ සැත්කමක්විවාහ වෙලා තියෙන්නේ මංගල යෝජනාවකින්පළමු උපත අලූයම 12.16 ටමුල් දරුවාගේ බර කිලෝ 1 යි ග‍්‍රෑම් 600 යිඅවසන් දරුවගේ බර ග‍්‍රෑම් 830 යිදරුවන් සුවෙන් – එක් අයකුට පමණක් ශ්වසන අපහසුතාවක්ගැබිනි සමයේදී ෆයිසර් එන්නත අරන් බිරිඳට දරුවෝ හයදෙනෙක් ලැබෙන්න ඉන්නවා... |
"මගේ වට්ස් ඇප් කෝල් එක සී. අයි.ඞී ය හොරෙන් අහලා…. පාඨලී පාර්ලිමේන්තුවේදී කියයි" | "වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ තමන් සිදුකරන ලද දුරකථන ඇමැතුමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ තාක්ෂණික මෙවලමක් ඔස්සේ ඇහුන් කන්දී ඇතැයි සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) විශේෂ ප‍්‍රකාශයක් කරමින් කීය.එමෙන්ම තම මූලික අයිතිවාසිකම් මෙන්ම පාර්ලිමේන්තු වරප‍්‍රසාද කඩකිරීමක් සි... |
"IOC පෙට‍්‍රල් ඩීසල් මිල රු. 5 කින් නගී" | "ඉන්දීයන් ඔයිල් සමාගම ඊයේ (21දා) මධ්‍යම රාත‍්‍රි සිට ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක සහ ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා ඇත. ඔක්ටේන් 95 පෙට‍්‍රල් සහ සුපර් ඞීසල් මිල ඉහළ දමා නැත. නව මිල වැඩි කිරීම අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 162ක් වන අතර සුපර් ඞීසල් ලීටරයක නව මිල රුපියල් 116ක් වේ. සමන් ගමගේ සහ... |
"පාසල්වල වැඩිපුරම හිටියේ පොලිසියේ අය… ස්ටාලිං කියයි" | "පාසල් ආරම්භ කළත් ගුරු – විදුහල්පති සහ දරුවන් වෙනුවට ඊයේ (21 දා) පාසල්වලට වැඩිවශයෙන් පැමිණ සිටියේ පොලිස් නිලධාරීන් සහ අභ්‍යාසලාභී උපාධිධාරීන් කිහිපදෙනකු යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා පැවසීය.ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන් ඇතුළු විවිධ පාර්ශ්ව මගින් ගුරු – විදුහල්පතිවරුන්ට තර්ජනය කර බියවැද්ද... |
"අනුරාධපුර රඳවියන්ට තර්ජනය කිරීම: ලොහාන්ගේ පිස්තෝල පාට් සොයන්න ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිට නියෝග කරයි" | "එල්. ටී. ටී. ඊ. කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසකට රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා සැප්තැම්බර් 12 වැනිදා මරණීය තර්ජන කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21 දා) පොලිස්පතිවරයාට නියෝග කළහ. ... |
"පිහියක් ඉනේ ගසාගෙන කාන්තාවන් ස්පර්ශ කරලා… කුලියාපිටියේ ඩෙඟා නැටූ හාදයා අත්අඩංගුවට" | "පිහියක් ඉණේ ගසාගෙන මුහුණු ආවරණ නොපැළ`ද බස් නැවතුමේ ආපන ශාලාවල බීම බෝතල් පොළොවේ ගසා බි`ද දමමින් අශෝභන අන්දමින් හැසිරුණ අයකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිසිය ඊයේ (21* කටයුතු කළේය.කුලියාපිටිය බස් නැවතුමේ බීමත්ව අශෝභන ලෙස හැසිරෙමින් සිටි අයෙකුට මගීන් හා ව්‍යාපාරිකයන් මුහුණු ආවරණය පළ`දින්නැයි කළ දැනුම්දීමට තදබල ලෙස උර... |
"යුගදනවි පැවරීම වළක්වන්නැයි සජබ සහ ජාතික සංවිධානය උසාවි යයි" | "කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් ඇමරිකාවේ නිව් පෝට්ටේරස් එනර්ජි සමාගමට පවරා දීමට රජය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ (21 ද) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. එම පෙත්සමේ වග... |
"තිරු නඩේෂන්ගේ කෝල් එක මට තර්ජනයක්… පොලිසියට පැමිණිලි කළත් පරීක්‍ෂණයක් නෑ… චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේදී කියයි" | "පැන්ඩෝරා පති‍්‍රකා මගින් හෙළිකර තිබූ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ කතා කිරීමෙන් පසුව තිරු නඬේෂන් මහතා තමාට දුරකථන ඇමතුමක් ලබාදීම යම් තර්ජනයක් සිදුකිරීමක් යැයි සමගි ජනබලවේගය මන්තී‍්‍ර චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) කීය.එමගින් තම ජීවිතය පිළිබඳ යම් අනතුරු හැඟවීමක් කළ බවට තමාට හැඟී ගිය ... |
"කටකතාවට දිගු පෝළිම්" | "ඉන්ධන හිඟයක් ඇති වේ යැයි පැතිරුණු කටකතාවක් හේතුවෙන් ඊයේ (21 දා) බලංගොඩ, ඕපනායක පැල්මඬුල්ල යන නගරවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබුණි. කාර්, ත‍්‍රීවීල් සහ යතුරුපැදි මෙම පෝලිම් අතර වැඩිපුරම දක්නට ලැබුණි. ඕපනායක – ජයලත් එම්. විමලසේන" |
"කාලයකට පසු ගාලු කොටුව උතුරා යයි" | "ලෝක උරුම ගාලූ කොටුව දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයකි. ගාලූකොටුව මෙරට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ එක් ගමනාන්තයකි. රජයේ නිවාඩු දිනවල ගාලූ කොටුවේ අසිරිය විඳ දරාගැනීම සඳහා දේශීය සංචාරකයින් විශාල පිරිසක් පැමිණ සිටියහ. ගාලූ කොටුවේ අසිරිය විඳ දරාගැනීම සඳහා පැමිණි ඇතැමුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත නොවී කටයුතු කරන ආකාරයද ... |
"ඇමරිකාව සමග තවත් ගිවිසුම් දෙකක් අත්සන් කරන්න යනවා… පක්ෂ 11 තීරණය ඉදිරියේ කියනවා" | "යුගදනවි බලාගාරයේ කොටස් අලෙවි කළ ඇමරිකානු සමාගම සමග තවත් ගිවිසුම් දෙකක් අත්සන් කිරීමට නියමිතව තිබෙන බව මුදල් අමාත්‍යංශ ලේකම් වාචිකව ප‍්‍රකාශ කළ බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. මේ සම්බන්ධව ඉතාම ඉක්මනින් අපි පක්ෂ 11 රැස්වෙලා අපේ ප‍්‍රතිචාරය කුමක්ද යන්න දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා යැයිද විමල් වීරවංශ මහතා කිය... |
"ගුරුවරුන් 98% ක් ඊයේ පාසල් ගියේ නෑ… මහින්ද ජයසිංහ" | "පාසල් ආරම්භ කරනු ලැබුවත් ගුරු විදුහල්පතිවරුන්ගේ පැමිණීම සියයට අනූඅටකින් (98%) අඩුවී තිබූ බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (21 දා) පැවසීය.අද (22 දා) දිනයේ ද ගුරු – විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකරන බවත් ලබන සඳුදා (25 දා) ගුරු – විදුහල්පතිවරුන් සේවයට වාර්තා කළත් පෙරවරු 7.30 සිට ද... |
"පරිස්සමෙන් යමු පුතුනේ…." | "‘කොවිඞ් – 19’ රෝග ව්‍යාප්තිය හේතුවෙන් දීර්ඝ කාලයක් වසා දමා තිබුණු පාසල් අතරින් ළමුන් 200 ට අඩු පාසල් ඊයේ (21 දා) නැවත ආරම්භ කළ අතර අඹේපුස්ස, බලනව කනිෂ්ඨ විද්‍යාලයට පැමිණි දරු දැරියන් පාසල ආරම්භ කිරීමට පෙර විදුහල්පති හා ආචාර්ය මණ්ඩලය සමග එක්ව ආගමික වතාවත්වල නිරත වූ අයුරු. ඡායාරූප – සුජාතා ජයරත්න" |
"අද පාසල් එන දරුවන්ට – ඉබි යතුරු දැම්මොත් ගලවන්න – සරත් වීරසේකර" | "වර්ජනයට එක්ව සිටින විදුහල්පතිවරුන් අද (21 දා) දින පාසල් විවෘත කිරීමට ඉඩකඩ ලබා නොදුනහොත් ඉබි යතුරු කඩා හෝ පාසල් විවෘත කර දරුවන් ඇතුළු කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘දිවයින ‘ට’ ඊයේ (20 දා) පැවසීය.දරුවන්ට ඇතුළුවීමට ඉඩකඩ ලබා නොදෙන පාසල්වලට අදා... |
"ගුරුවරු අද හෙට නැහැ – ඉබි යතුරු කැඩුවොත් උසාවි යනවා – ස්ටාර්ලින් කියයි" | "පාසල් නැවත අද (21 දා) ආරම්භ කරනු ලැබුවත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද සහ හෙට පාසල්වලට නොපැමිණෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවසීය.ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලබන සඳුදා (25 දා) සිට සේවයට වාර්තා කළ ද දිවයින පුරාම එදින සවස විරෝධතා දැක්වීමට කටයුතු කරන බවත් ඒ මහතා කීවේය.රජයේ විව... |
"එකම පවුලේ 6දෙනෙකුගේ ගිණුම් ජිනීවා ස්විස් බැංකුවේ" | "මෙරට එකම පවුලේ හයදෙනෙකුගේ බැංකු ගිණුම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ස්විස් බැංකුවක ඇතැයි රජයට හෙළිවී ඇත.මොවුහු මහනුවර ප‍්‍රදේශයේ පදිංචිකරුවෝය. මේ හැර කොළඔ පදිංචිකරුවන් 14දෙනෙකු ද යාපනයේ පදිංචි අඹුසැමි යුවළකගේ ද ස්විස් බැංකු ගිණුම් ස්විස් බැංකුවක ඇති බව අනාවරණය වී ඇත. කීර්ති වර්ණකුලසූරිය" |
"නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් ලක්‍ෂයක් එයි" | "මෙවර මහ කන්නය සඳහා භාවිතා කිරීමට ඉන්දියාවෙන් ආනයනය කළ නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ඊයේ (20 දා) අලූයම මෙරටට ගෙනඑන ලදී.ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප‍්‍රවාහන යානයකින් ඊයේ අලූයම ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මෙම නයිට‍්‍රජන් දියර පොහොර දිවයිනට රැුගෙන ආ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහ... |
"පොහොර ඉල්ලා අන්නාසි ගොවීන්ගේ විරෝධතා" | "පොහොර නැතිව විඳින දුක විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට කියමින් දොම්පේ කිරිඳිවැල අන්නාසි ගොවිපළේදී ගොවීන් ඊයේ දැක්වූ විරෝධතාවයේ අවස්ථාවක්." |
"මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ලවී ඇති ජැකලින් ෆර්ඩිනෑන්ඞ්ස් දිල්ලි පොලිසිය මග හරී" | "නවදිල්ලි අධිකරණය හමුවේ මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ලවී ඇති ශ‍්‍රී ලංකා සම්භවයක් සහිත 36 හැවිරිදි බොලිවුඞ් නිළියක් වන ජැකලින් ෆර්ඩිනෑන්ඞ්ස් වෙත ඊට අදාළ ප‍්‍රකාශයක් ලබාදීම සඳහා නවදිල්ලි පොලිසිය වෙත පැමිණෙන ලෙස දිල්ලි අධිකරණය විසින් නිකුත් කර ඇති නොතිසි මේවන විට ඇය හතරවැනි වරටත් මගහැර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඉකුත්... |
"පාස්කු ප‍්‍රහාරයට වසර 2 1/2 යි – යැදුම් මෙහෙයක් අද කාදිනල්තුමාගේ ප‍්‍රධානත්වයෙන්" | "පාස්කු ඉරුදින ප‍්‍රහාරයට වසර 2 1/2 ක් පිරෙන අද (21) මියගිය අයට මොක්සුව පතමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ යැදුම් මෙහෙයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බව අගරදගුරු පදවි සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඞ් ක‍්‍රිසාන්ත ප‍්‍රනාන්දු පියතුමා පවසයි. පෙරවරු 9.00 සිට 10.00 දක්වා කොළඹ කොච්චිකඬේ ශාන්ත අන්තෝ... |
"ජනපති ඝාතනයට තැත් කළ වේලූපීල්ලේගෙ නම රතු ලැයිස්තුවෙන් ඉවතට" | "ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැලසුම් කළ කොටි ක‍්‍රියාකාරියකු වූ වේලූපීල්ලේ රේවතන්ගේ නම ඉන්ටර්පෝල් පොලිසියේ ‘දුටු තැන අල්ලනු ’ ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.රේවතන් මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියකුගේ හිතවතෙකි. බත්තරමුල්ලේ පදිංචිව සිටි රේවතන් අල්ලා ගැනීමට පෙර මෙරටින් පැන ගියේය. මොහු එම රාජ්‍ය නොවන සංවිධානයේ ප‍්... |
"ඉන්දීය ට්‍රෝලර් අපේ මාළු කයි – එකවර දහසක් එනවා" | "දහසකට අධික ට්‍රෝලර් යාත‍්‍රාවලින් උතුරු මුහුද ආක‍්‍රමණය කරන ඉන්දීය ධීවරයන් මෙරට මත්ස්‍ය සම්පත කොල්කෑම නිසා බරපතළ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව උතුරේ ආරංචි මාර්ග පැවසීය.ඉන්දියාවේ සිට එකවර පැමිණෙන ට්‍රෝලර් බෝට්ටු දහසකට අධික ප‍්‍රමාණයක් නතර කිරීම මෙරට ආක්ෂක අංශවලට ද බරපතළ ප‍්‍රශ්නයක් වී ඇති බව ද වාර්තා වෙයි.උතුරේ පෝ... |
"සංචරණ සීමා 31 දා තෙක් දීර්ඝ වෙයි" | "දිවයින පුරා දැනට බලාත්මක අන්තර් පළාත් සංචරණ සීමා මෙම මස 31 වැනිදා අලූයම 4 දක්වා තවදුරටත් පවත්වා ගෙන යෑමට රජය තීරණය කර ඇත.මේ සම්බන්ධව කොවිඞ් පාලන ජනාධිපති බළකායේ සාමාජික යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ අංශ වෙත ඊට අදාළ උපදෙස් ලබාදුන් බවය. ඒ අනුව අත්‍යවශ්‍ය රා... |
"කුෂිනගර් (කුසිනාරා) ගුවන්තොටුපළ ඊයේ විවෘත වූ මොහොත" | "අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ කුසිනාරාව වැඳ පුදා ගැනීමට ගමන් කළ හැකි ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස ද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතින් ඊයේ විවෘත විය. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට සහභාගි විය. අපේ රටින් සියක්නමක් මහා සංඝරත්නය ද එම අවස්ථාවට වැඩම කළහ. එහි මුල්... |
"ඊයේත් කොරෝනා මරණ 18ක්" | "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20දා) කොරෝනා මරණ 18 ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (19දා) සිදු වූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,543ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයින් 537ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 533,306 දක්වා ඉහළ ගියේය.කොවිඞ් වෛරසය... |
"‘යුගදනවි’ අවලංගු කරන්න ජාතික සංවිධාන එකමුතුව අද උසාවි යයි" | "යුදගනවි බලාගාරය පිළිබඳව ගිවිසුම අවලංගු කිරීමට රීට් ආඥාවක් ලබා ගැනීම සඳහා අභියාචනාධිකරණයට අද (21දා) පෙත්සමක් ඉදිරිපත් කිරීමට ජාතික සංවිධාන එකමුතුව තීරණය කර ඇත.පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, වෛi වසන්ත බණ්ඩාර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන අය විසින් මෙම පෙත්සම භාරදීමට නියමිතය. අරුණ බෝගහවත්ත" |
"රට විරුවන්ගෙන් ලැබෙන මුදල් 32.8% කින් පහළට" | "විදේශ සේවා නියුක්තිකයින් ඉකුත් අගෝස්තු මාසයේ මෙරටට එවන ලද විනිමය පේ‍්‍රෂණය ප‍්‍රමාණය සියයට 32.8 කින් පහත වැටී ඇත.මේ අනුව ගිය වසරේ (2020) අගෝස්තු මාසයේ දී රටට ලැබුණු විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණ ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 664 ක් වූ අතර එය ඉකුත් අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 447 දක්වා අඩුවී ඇති බව ශ... |
"අද නොඑන ගුරුවරුන්ගේ වැටුප් කපන තීරණයක් නෑ – අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා" | "අද (21 දා) දිනයේ පාසල් නොපැමිණෙන ගුරු විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මාසයේ වැටුප් කප්පාදුවක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.එවැනි වැටුප් කප්පාදුවක් කිරීමට ජනාධිපතිවරයා හෝ අධ්‍යාපන ඇමැතිවරයා තමාට උපදෙසක් දී නැතැයි ද අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.... |
"සිසුන් 200ට අඩු පාසල් 5106ක් අද විවෘත වෙයි" | "* ගුරු ගීතයක් හා ළමා ගීතයක් සූදානම්: වැඩ කෙරෙන්න ඕනෑ හැටි ගැන උපදෙස් මාලාවක්දීර්ඝ නිවාඩුවකින් පසු සිසුන් 200ට අඩු පාසල් 5106ක සිසුන් 463495දෙනකු වෙනුවෙන් අද (21 දා) පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ පාසල් 450ක්, මධ්‍යම 795ක්, දකුණ 508ක... |
"තරුණ පරපුර අපේක්ෂා භංගත්වයට පත් කළ ආණ්ඩුව ජීවිත සමග සෙල්ලම් කරමින් සිටිනවා – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස" | "වගා වන්දි දෙනවැයි කීවාට ගුරු වැටුප් ප‍්‍රශ්නයවත් විසඳගන්න බෑ රටට මහා ශක්තියක් සපයන මේ රටේ තරුණ පරම්පරාව රට අත්හැර යන තත්ත්වයකට පත්ව ඇති බවත්, රටේ තරුණ පරම්පරාව පාස්පෝට් පෝලිමකට ඇද දැමූ ආණ්ඩුව තරුණ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බැව් පැවසූවේ ඊයේ (20දා* ... |
"දරුවන් යළි අද සිට පාසල් බිම හැඩ කරාවි – අධ්‍යාපන ඇමැති දිනේෂ්" | "පාසල් දරුවන්ගේ අනාගතය දෙමව්පියන්ගේ සතුට පමණක් නොව මුළු මහත් ජාතියේම සතුට බවත් ඒ සතුට රැුගෙන ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන් අද නැවතත් පාසල් බිම හැඩකරනු ඇති බවත් අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.අදින් ඇරැුඹෙන නව පාසල් වාරය සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් අධ්‍යාපන ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.කලකින් නුදුටු සි... |
"දළදා වහන්සේ වැඳපුදා ගැනීමට බැතිමත්හු විශාල පිරිසක් පැමිණෙති" | "සංචරණ සීමා ලිහිල් කිරීමට අනුව යෙදුනු ප‍්‍රථම පසළොස්වක පෝ දිනය වූ ඊයේ (20 දා) වප් පසළොස්වක පෝ දිනයේ දළදා වහන්සේ වැඳපුදා ගැනීමට බැතිමතුන් විශාල ප‍්‍රමාණයක් පැමිණ සිටිනු දක්නට ලැබිණි.කලකට පසු අද දිනයේ 21 පථම වරට පාසල් යන සිසුන් දෙමාපියන් සමග දළදා වහන්සේගේ අශීර්වාද ලබාගැනීමට පැමිණ සිටින අයුරුද දක්නට ලැබිණි. සිරිල් විමලසුර... |
"වෙළෙඳ පොළේ සුදු සීනි හිඟයක්" | "රුපියල් 122ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි අයුරින් අඩු මිලට සීනි තොග නොලැබීම නිසා මේ වන විට වෙළෙඳ පොළේ සීනි හිඟයක් නිර්මාණය වී ඇතැයි වෙළෙඳසල් හිමියෝ පවසති.සුදු සීනි කිලෝ 1ක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් ලෙසත් පැකට් කළ සුදු සීනි කිලෝ 1ක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙසත් පාලන මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පි... |
"වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම 30.7%කින් ඉහළට" | "මේ වසරේ (2021) පළමු මාස අටේදී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 30.7කින් සැලකියයුතු ලෙස ඉහළ ගොස් තිබේ.මේ අනුව ගිය වසරේ (2020) පළමු මාස අටේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 10,257ක් වූ ආනයන වියදම මේ වසරේ (2021) පළමු මාස අටේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 13411ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.එස... |
"මෝල් මිලත් පසුකර හාල් මිල නැගලා" | "සහල් සඳහා පනවා තිබූ පාලන මිල රජය විසින් ඉවත් කිරීමෙන් පසු සහල් ව්‍යාපාරිකයන් විසින් පැනවූ මිල අභිබවමින් මේ වනවිට සහල් අලෙවි කරන බව තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන්ගේ එකමුතු වෙළෙඳ සංගමයේ ප‍්‍රකාශකයකු කියා සිටියේය.දැනට දින 20කට පෙර ප‍්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයන් විසින් සහල් කිලෝවක් සඳහා නිකුත් කළ මිලට වඩා රුපියල් 15, 30, 2... |
"යකඩ යකා රිවස් එකට" | "රටපුරා ක‍්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීති සමයේ සිට ධාවනය අත්හිටවූ දුම්රිය අද (21 දා) සිට යළි ධාවනය කිරීමට සැලසුම් කර තිබුණ ද හෙට (22 දා) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඞ් පාලන රැස්වීමේදී ඒ සම්බන්ධව තීරණයක් ගන්නා තෙක් දුම්රිය ධාවනය අත්හිටවූ බව ප‍්‍රවාහන ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මි... |
"අවුරුදු හැත්තෑවේදී ඉන්දීය කතක් මවු පදවිය ලබයි" | "ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහිකර ඇත.මේ ඇගේ පළමු දරුවා වන අතර ඇගේ සැමියා 75 හැවිරිදිය.ජීවුන්බෙන් රබාරි නම් මේ කාන්තාව විවාහ වී ඇත්තේ මීට වසර 45 කට පෙරය.රබාරි හා ඇගේ සැමියා වන මල්ධාරි ගුජරාටයේ මෝරා ගම්මානයේ ජීවත් වෙති. මෙය නළදරු උපතක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.මේ යුවළගේ ... |
"ශ‍්‍රී ලංකාවට ස්කොට්ලන්ත පොලිස් පුහුණුව එපා… බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරු එරට රජයෙන් ඉල්ලති" | "ශ‍්‍රී ලංකා පොලිසියට ස්කොට්ලන්ත පොලිස් පුහුණුව ලබාදීම අත්හිටුවන්නැයි බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරුන් විසින් බි‍්‍රතාන්‍ය රජයට නිර්දේශ කර ඇත.ශ‍්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් විශාල පිරිසකට මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ලවීම නිසා ඉදිරියේදී පොලිස් පුහුණුව නතර කළ යුතු බව ඔවුන් දක්වා තිබේ.එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි ය... |
"අපේ මුහුදට රිංගූ ඉන්දීය ධීවර යාත්‍රාවක් පෙරළී ධීවරයෙක් අතුරුදන්" | "ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවර යාත‍්‍රාවක් ගැඹුරු මුහුදේ පෙරළී යෑමෙන් එහි සිටි එක් ධීවරයකු අතුරුදන් වී තිබේ. යාපනය කෝවිලාම් ප‍්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ගැඹුරු මුහුදේදී මෙම අනතුර සිදුව ඇතැයි නාවික හමුදාව සඳහන් කරයි. ඉන්දීය ධීවර යාත‍්‍රා කිහිපයක් පෙර... |
"දේශපාලකයන්ට ජාතිවාදයක් ඇතත් රජයට ජාතිවාදයක් නැහැ…" | "මිරිසවැටිය රජමහ විහාරාධිපති ආචාර්ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමි කැනඩාවේ ජන වාර්ගික ගැටලුවට සර්ව වාර්ගික කමිටුවකින් අදහස් ගත්තා….– කැනඩා මහ කොමසාරිස් ඬේවිඞ් මැකියොන් ශ‍්‍රී ලංකාවේ ඇතැම් දේශපාලකයන්ට ජාතිවාදයක් ඇතත් ශ‍්‍රී ලංකා රජයට ජාතිවාදයක් නැතැයි ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති හා මිරිසවැටිය රජමහා විහාරාධිකාර... |
"යොහානි බ්‍රිතාන්‍යයේ වාර්තාත් බිඳී" | "ශ‍්‍රී ලංකාවේ යොහානි සිල්වා ගායිකාව බි‍්‍රතාන්‍යයේ මැකන්ගි මායා අරුල් ප‍්‍රගාසම් නමැති රැප් ගායිකාවගේ වාර්තා බිඳ හෙළා ඇත.එම්. අයි. ඒ. නමින් හඳුන්වන මායා යාපනයේ උපත ලැබූ නැනැත්තියකි. ඇය සහ පවුලේ අය ලන්ඩන් නුවරට පැන යෑමෙන් පසු මායා රැුප් ගායිකාවක් වූවාය. බි‍්‍රතාන්‍යයේ ප‍්‍රසිද්ධ ගායක ගායිකාවන් 75 ක පිරිස අතරට මායා ඇතුළ... |
"මැණිකෙට තවත් හින්දි චිත්‍රපටයක දොර ඇරේ" | "අජේ දෙව්ගන්, සිද්ධාර්ත් මල්හෝත‍්‍රා, රකුල් පි‍්‍රත් සිං රංගනයෙන් දායකවන ‘තැන්ක් ගොඞ්’ චිත‍්‍රපට වෙනුවෙන් පසුබිම් ගායනය සඳහා යොහානි ද සිල්වාට අවස්ථාව උදාවී ඇත.මෙම චිත‍්‍රපටය සඳහා ‘මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි අනුවාදය’ ඇය විසින් මෙහිදී ගායනා කරනු ඇත.ඉමහත් ප‍්‍රසිද්ධියක් මෙන්ම සුවිශාල ප‍්‍රතිචාරයක් ලබන යොහානිගේ මැණිකේ ගී... |
"සීල් තැබූ සුවතා මධ්‍යස්ථානය තොන්ඩමන් අරියි" | "හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් විසින් (18) දින මුද්‍රා තැබු ශාරිරික සුවතා මධ්‍යස්ථානයක් රාජ්‍ය අමාත්‍යය ජිවන් තොන්ඩමන් මහතා විසින් යලිත් (18* දින රාත‍්‍රියේ විවෘත කිරිමට පියවර ගෙන ඇත. හැටන් දික්ඔය නගර සභාවට අයත් හැටන් ඩන්බාර් ක‍්‍රිඩාංගනය අසල පිහිටි ගොඩනැගිල්ලක ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ අධාර කරුවෙක් විසින් නගර සභාවෙන... |
"පොහොර නැතිව ගොවියෝ වගාව අත්හරිති" | "පොහොර ප‍්‍රශ්නය මුල්කරගෙන මේ රටේ ගොවි ජනතාව වී වගාවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයිද ගොවීන් එසේ වී වගාවෙන් ඉවත්වුවහොත් මේ රට සාගතයකට ගොදුරුවනු අනිවාර්ය බවත් එහි වගකීම රජය භාර ගත යුතු බවත් පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා පොලොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය. වගාව... |
"බය නැතිව හෙට දරුවන් පාසල් එවන්න… නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා" | "සෞඛ්‍ය පුරුදු පිළිබඳ දැනුවත් කර හෙට (21 වැනිදා)බය නැතිව දරුවන් පාසලට එවන්නැයි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ පාසල් දරුවෝ දිරිමත් කිරීම ඉතාම වැදගත්’’ යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය ‘‘දිවයින’’ට පැවසූවාය.එසේම යම් දරුවකුට උණ, කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍ය... |
"ගව ඝතනයට වැට… පනත් කෙටුම්පත් පහකට කැබිනට් අනුමැතිය" | "මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට අදාළ නීති, පනත් සහ ආඥාපනත් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ නව පනත් කෙටුම්පත් පහක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. දේශීය කෘෂිකර්මාන්තය සහ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ගව ඝාතනය තහනම් කිරීම සඳහා අදාළ පනත් සංශෝධනය කිරීමට ඉකුත් ... |
"අපි ගැන කවුරුවත් හොයලා බලුවේ නෑ… පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ සභාපති" | "‘පාසල් දරුවන් ආරක්‍ෂිතව පාසල් කරා රැගෙන යන පාසල් වෑන් රථ රියැදුරන් ගැන රජය කිසිම අවධානයක් යොමු කළේ නැහැ. කිසිම සහනාධාරයක් දුන්නෙත් නැහැ. මේ තත්ත්වය තුළ පාසල් වෑන් රථ රියැදුරන්, සහයකයන් හා පාලිකාවන් 50,000 කට වැඩි පිරිසක් කොවිඞ් එක්ක අන්ත අසරණ වෙලා…’ යැයි සමස්ත ලංකා අන්තර් දිස්ති‍්‍රක් පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ... |
"නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල සීයට සීයකින් නැගලා… බිත්තර මිල ඉහළ දැමීම හැර විකල්පයක් නෑ…." | "බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල නොසිතූ ලෙස ඉහළයෑම නිසා කනගාටුවෙන් වුවද බිත්තර මිල සුළු ප‍්‍රමාණයකින් හෝ ඉහළ දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි. බිත්තර මිල හදිසියේ ඉහළ යෑම පිළිබඳව හේතු විමසීමේදී මාධ්‍යට විශේෂ ප‍්‍රකාශයක් කරමින් එ් මහතා වැඩිදුරටත් මෙසේද පැ... |
"ආයුර්වේද හොර වෙද්දු 25000 ක් රට පුරා" | "හොර වෙදුන් 25,000 ක් පමණ දිවයින පුරා සිටින බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී. හේවා ගමගේ මහතා ‘දිවයින’ට ඊයේ (19දා) පැවැසීය.කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ විවිධ බෙහෙත් වට්ටෝරු ඉදිරිපත් කරන විවිධ පුද්ගලයන්ව ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලියාපදිංචි කිරීමට උත්සාහ දරන බවට තමාට තොරතරු ලැබී ඇතැයිද හෙතෙම කීය... |
"කොළඹ මුව ආවරණ නොදැම්මොත් නීතිය තදයි… පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක" | "කොළඹ නගරයේ මුව ආවරණ නොපැළඳ ගමන් ගන්නා පුද්ගලයින් හා වෙළෙඳාම් කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා ‘‘දිවයින’’ට ඊයේ (19 වැනිදා) පැවැසීය.දැනටත් සමහර පුද්ගලයින් නගරයේ මුව ආවරණ නොපැළඳ ගමන්කරන බවට පොලිස් ස්ථානවලට පැමිණිලි ල... |
"ශී‍්‍ර ලංකා මුහුදට පැනීම ඉන්දීය ධීවරයන්ට තහනම් කරයි" | "ඉන්දීය ධීවරයන්ට ශ‍්‍රී ලංකා මුහුදු සීමාව ඉක්මවා ගොස් මසුන් මැරීමෙන් වළකින ලෙසට ඉන්දියාවේ තමිල්නාඩු රජය තමිල්නාඩු පොලිසිය හරහා 18 දා දැනුම් දී තිබේ. ඉන්දීය ධීවරයන්ට එරෙහිව උතුරේ ධීවරයන් මේ දිනවල දැඩි ලෙස සංවිධානය වී සිටීම නිසා උතුරේ ධීවරයන්ගෙන් ඉන්දියානු ධීවරයන්ට යම් ප‍්‍රහාරයක් එල්ල විය හැකි නිසාත් දැනට ශ‍්‍රී ලංකා අත... |
"මහින්දානන්දගේ ප‍්‍රකාශයට එරෙහිව නීති පියවර ගන්නවා – නාමල් කරුණාරත්න" | "* ආණ්ඩුව රටේ ප‍්‍රශ්න හතර අතේ අනාගෙනපොහොර සමාගම්වලින් තම පක්‍ෂය සහ තමන් මුදල් ලබාගන්නා බවට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා කරන ලද ප‍්‍රකාශයට එරෙහිව නීති ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, නාමල් කරුණාරත්න මහතා ‘‘දිවයින’’ට ප... |
"ඖෂධ නිෂ්පාදන සංස්ථා සභාපති ඉල්ලා අස්වෙයි" | "රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ප‍්‍රසන්න ගුණසේන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ (19 දා) සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇත.මෙම ඉල්ලා අස්වීමට හේතුව දේශපාලන බලපෑම් බව වාර්තා වෙයි.දේශීයව නිපද වූ ඖෂධ ආනයනය කිරීමට සූදානම් වූ අවස්ථාවේ මෙම ඉල්ලා අස්වීම් සිදු වී ඇත.එසේම අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් ජයකොඩි මහතාද ඉල්ලා අස් වී ඇත. කීර... |
"ශ‍්‍රී ලාංකික – තමිල්නාඩු ධීවර ගැටලූවට ස්ථිර විසඳුමක් දෙන්න – මහ ඇමැති ස්ටාර්ලින් මෝදිගෙන් ඉල්ලයි" | "ශ‍්‍රී ලාංකික ධීවරයන් සහ තමිල්නාඩු ධීවරයන්් අතර ඇති වී තිබෙන අර්බුදයට මැදිහත් වී ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස තමිල්නාඩු මහ ඇමැති එච්. කේ. ස්ටාලින් ඉන්දීය අගමැති මෝදිගෙන් ඉල්ලා ඇත.තමිල්නාඩු ධීවරයන් 23 ක් නාග පට්ටම් වෙතින් පිටත්වී වෙට්ටලයිකර්නි මුහුදු වෙරළ ප‍්‍රදේශයෙන් පිටත ධීවර කටයුතුවල නිරතව සිටියදී ශ‍්‍රී ලංකා නාවික හමු... |
"කැටබුලාව සංවර්ධන කමිටු රැස්වීමේදී ගුටි කෙළි" | "නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා පෙරේදා (18දා) නාවලපිටිය කැටබුලාව ප‍්‍රදේශයේ සහභාගි වූ සංවර්ධන කමිටු රැස්වීමකදි දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන් ලද පැමිණිලි මත විමර්ශනයක් ආරම්භ කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය. කැටබුලාව ප‍්‍රදේශයේ සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් නුවරඑ... |
"ගුරු විදුහල්පතිවරු 25 දා සිට පාසලට – ඔන්ලයින් වර්ජනය 99න් නවතී" | "* විසඳුම් නැත්නම් සටන දිගටමදරුවන් ගැන සිතා පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට ගුරු සංගම් එකඟතාවකට පැමිණි බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (18දා) පැවසීය.පාසල් නැවත 21 වැනිදා ආරම්භ කළද ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයන් 21, 22 දිනවල පාසල්වලට නොපැමිණෙන බවත්, ලබන සඳුදා (25දා... |
"විමල් මහ බැංකුවෙන් සහන ඉල්ලයි" | "ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සඳහා ලබාදී ඇති බැංකු ණය ප‍්‍රතිව්‍යුහගත කරන ලෙස කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා වෙත යවා ඇති ලිපියකින් ඉල්ලීමක් කර තිබේ. ඒ මහතා යවා ඇති දීර්ඝ ලිපියෙහි පහත කරුණද අවධාරණය කර තිබේ.කර්මාන්ත අංශය අස්ථාවර වීමත් සම`ග මූල්‍ය ආයතන ... |
"ගිනි ගත් නැවෙන් වුණු හානිය යට ගහන්න ඉඩ දෙන්නේ නෑ – සභාපතිනි දර්ශණී ලහඳපුර" | "එක්ස්ප‍්‍රස් පර්ල් නෞකා විනාශයෙන් රටට සිදුව ඇති හානිය යට ගැසීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවත්, හැකි උපරිම වන්දිය ලබාගැනීම සඳහා මේ වනවිට කටයුතු කරමින් පවතින බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශණී ලහඳපුර මහත්මිය පවසයි.නොවැම්බර් මස 30 වැනිදා වන විට වන්දි ලබාගැනීමට අදාළ ලියවිලි නැවේ රක්ෂණ සමාගම වෙත ඉදිරිපත් කළ ය... |
"මේ වසරේ නැව් ගාස්තු සියයට 188 කින් නැගලා" | "මේ වසරේ (2021) මුලසිට මේ දක්වා ගෝලීය නෞකා ප‍්‍රවාහන ගාස්තු සියයට 188.8 කින් පමණ ඉහළ ගොස් තිබේ.මේ නිසා ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේම ආනයනික භාණ්ඩ මිල ගණන් තවදුරටත් ඉහළ යෑමේ තත්ත්වයක් මතුව ඇතැයි වෙළෙඳපොළ නියෝජිතයෝ ප‍්‍රකාශ කරති.ගෝලීය බහාලූම් දර්ශකයට අනුව මේ වසර මුල පැවැති බහාලූමක ප‍්‍රවාහන ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 3452 සිට ... |
"යොහානි ජනපති ඉදිරියේ මැණිකේ මගේ හිතේ ගයයි" | "මැණිකේ මගේ හිතේ ගීතයෙන් ජාත්‍යන්තරය ජයගත් යොහානි ද සිල්වා පෙරේදා (17 දා) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූවාය. ජනාධිපතිවරයාගේ මිරිහාන නිවසේදී මෙම හමුව සිදු වූ අතර එහිදී ඇය ජනාධිපතිවරයා හා අයෝමා රාජපක්‍ෂ මහත්මිය ඉදිරියේ මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කළාය. මෙම ගීතයෙන් ශ‍්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනගිය යොහානිව... |
"කොවිඞ් හා වර්ජන නිසා පීඩාවිඳි දරුවන්ගේ මනස ගැන සිතා උගන්වන්න – විශේෂඥ වෛද්‍ය දර්ශනි ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලයි" | "කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වසා දැමුණු පාසල් යළි විවෘත කිරීමේදී බහුතරයක් දරුවන් පාසල වෙත එන්නේ ගැටලූ රැුසකට මැදිවී මානසික වශයෙන් ව්‍යාකූලත්වයට පත්ව බව ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ද වටහාගත යුතුව ඇතැයි ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළාය.පැවති වසංගත තත්ත්වය හමුවේ දරුවන්ගේ මානසික තත්... |
"රනිල් රට ගන්න කොට මීටත් වටා වැටිලා තිබුණා; ඒත් රට ගොඩගත්තා – එජාප සභාපති වජිර අබේවර්ධන" | "2015 වසරේ එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා රට භාරගන්නා විට රටේ සමස්ත ආර්ථිකය අද මෙන් කඩා වැටී තිබුණද ඊට සාර්ථකව මුහුණ දෙමින් ගෑස්, ඉන්ධන ඇතුළු බඩු මිල අඩු කර සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රුපියල් 10,000 කින් ඉහළ දැමූ බවත් වත්මන් ආණ්ඩුවට එවැනි හැකියාවක් නොමැතිකම නිසා අද වනවිට සියලූ භාණ්ඩවල මිල ගණන් ඉහළ... |
"අන්තර්ජාලයේ පළකළ අනුර පුම්බන පුවත අසත්‍යයයි – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්" | "‘‘සමාජ මාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා සාක්ෂිත් සමගම කැම්පේන් විස්තර එළියට’’ යන ශීර්ෂය සහිතව අන්තර්ජාල වෙබ් අඩවියක් විසින් පළකර ඇති පුවත මුළුමනින්ම අසත්‍ය පුවතක් බවත් මෙම ව්‍යාජ පුවත සහ ඊට පදනම් කරගත් කූට ලේඛනය පිළිබඳව ඉදිරියේදී සිය පක්‍ෂය නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් එම පක්‍ෂයේ ප‍්‍ර... |
"නව ව්‍යවස්ථාව ලබන ජනවාරියේ මැති සබයට – ඇමැති ජී. එල්. කියයි" | "ලබන වසරේ (2022) ජනවාරි මාසයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යොමු කිරීමට අවස්ථාව සැලසෙන බව විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.නීතිපති දෙපාර්තමේන්තුව විසින් අභිනව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ අවසන් ලියැවිල්ල සකස් කිරීමෙන් පසු මෙම වසර අවසානයේ එය රජයට ඉදිරිපත් කිරීමට හැකි වෙතැයි බලා... |
"NMRA දත්ත මැකීම මෘදුකාංග ඉංජිනේරු යළි රිමාන්ඞ්" | "* ප‍්‍රකාශ ගන්න සීඅයිඞීයට අවසරඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත මකාදැමීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින එපික් ලංකා ටෙක්නොලිජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරු ප‍්‍රමෝද් දිලූප රාමනායක මහතා ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (18 දා) නියෝග කළේය.... |
"යුගදනවි දෙන්න එපා – ඇල්ලේ හිමිගෙන් සහ කාදිනල්තුමාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්" | "කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු කොටසින් සියයට 40 ක් ඇමෙරිකාවේ නිව් පෝට්ටේරස් සමාගමට පවරාදීමට කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හා ඇල්ලේ ගුණවංශ හිමිපාණෝ ඊයේ (18 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.අගමැති මහින්ද රාජප... |
"වගාවට පොහොර ඉල්ලා සේරුවිල ගොවියෝත් පාරට බසිති" | "වහාම තම ගොවිතැනට අවශ්‍ය පොහොර ලබා දෙන්නැයි රජයට බල කරමින් ඊයේ (18දා) සේරුවිල ගොවි ජනතාව පාරට බැස මාර්ග අවහිර කරමින් පැයක පමණ කාලයක් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.සේරුවිල අල්ල ගොවි සංවිධානය විසින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට ගොවීන් දෙදහසක් පමණ සහභාගි වී සිටි අතර වාහන ගමන් කිරීමට විකල්ප මාර්ග යොදා ගැනීමට පොලිසිය විසින් ... |
"ජනපතිගේ සිට මන්ත‍්‍රී දක්වාම මේ ආණ්ඩුව සහමුලින්ම ෆේල් – සජිත් පේ‍්‍රමදාස" | "ගුරු විදුහල්පති වර්ජනය දෙස වෛරයෙන් බලන ආණ්ඩුව, අනතුරට දමා ඇත්තේ මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.ආණ්ඩුවම ගෙන ආ සුබෝධනී වැටුප් කොමිසමට පයින් ගසන තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇතැයි කී විපක්ෂ නායකවරයා මේ තුළින් මේ රටේ හතළිස් ලක්ෂයකට වැඩි දරුවන්ගේ අනාගතය සහ වර්තමානය සමග ආණ්ඩුව සෙල්ලම් කරමින් ස... |
"තවත් ෆයිසර් තොගයක් කටුනායකට ගෙන එයි" | "ශ‍්‍රී ලංකාව විසින් මිලදී ගත් ඇමෙරිකානු ”ෆයිසර්” එන්නත් මාත‍්‍රා 608,000 ක් 18 දින අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා ප‍්‍රකාශ කළේය.ශ‍්‍රී ලංකාව විසින් මිලදී ගැනීම ස`දහා ඇනවුම් කර ඇති ”ෆයිසර්” එන්නත් මාත‍්‍රා 50 ලක්ෂයක ( මිලියන 05) ප‍්‍රමාණය අතුරින් මේ වනවිට ලක්ෂ 10 ... |
"ගාල්ලේ හසන්ත දිසානායකගේ මට්න් තුර්කියේ සකර්යා සිනමා උළෙලේ දී ජය කෙහෙළි නංවයි" | "ගාල්ල කිතුලම්පිටියේ පදිංචි ශ‍්‍රී ලාංකික තරුණ සිනමාකරුවෙකු වන හසන්ත දිසානායක තරුණයා විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරනු ලැබූ මට්න් නම් කෙටි චිත‍්‍රපටය තුර්කියේ පැවැති ප‍්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා ශිෂ්‍ය කෙටි චිත‍්‍රපටි උළෙලේ දී ජයග‍්‍රහණය කොට ඇත. 07 වැනි සකර්යා ජාත්‍යන්තර් කෙටි චිත‍්‍රපටි උළෙලෙහි තරගකාරි අවසන් වටයෙන... |
"අනපේක්‍ෂිත අවස්ථාවලදී ක්‍ෂණිකව කි‍්‍රයාත්මක වීමට අලූත් බළකායක්" | "අනපේක්‍ෂිත තත්ත්වයන්හිදී අවශ්‍ය ප‍්‍රතිචාර දැක්වීමට හා හදිසි අවස්ථාවල සක‍්‍රීය හමුදා කි‍්‍රයාකාරීන් ලෙස ක්‍ෂණිකව කි‍්‍රයාත්මක වීම සඳහා කමාන්ඩෝ විශේෂ බළකා ගුවන් සංක‍්‍රමික බළකායක් ලෙස ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 1 වන බළකාය ස්ථාපිත කර ඇති බව ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.... |
"ලාෆ් ගෑස්වල ආයෝජනයෙන් ඊපීඑෆ් සහ ඊටීඑෆ් එකට කෝටි ගාණක පාඩුවක් – කොටස් අගය සියයට පනහකින් පහළට" | "දැනට පාඩු පිට පවත්වාගෙන යන ලාෆ්ස් ගෑස් සමාගමේ මුදල් ආයෝජනය කිරීමෙන් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන රාජ්‍ය ආයතන දෙකට රුපියල් මිලියන සිය ගණනක් පාඩුවීමේ තත්ත්වයක් උදාවී ඇත. ලාෆ්ස් ගෑස් සමාගම මගින් නිකුත්කර ඇති 2020 – 2021 අවුරුදු දෙක සඳහා වූ වාර්ෂික වාර්තාවේ එන පරිදි සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුද... |
"ඉන්දු – ලංකා හමුදාපතිවරුන් සමග යොහානි" | "දින පහක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි ඉන්දීය යුද හමුදා ප‍්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් හවානේ වෙනුවෙන් හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය සිකුරාදා (15දා) විශේෂ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් සංවිධානය කර තිබිණි. එම සාදය වෙනුවෙන් ගීත ගැයීමට පැමිණි ජනප‍්‍රිය යොවුන් ගායිකා යොහානි ද සිල්වා දෙරටේ හමුදාපතිවරුන් හා බිරි... |
"ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය ඥානසාර හිමියන්ට අපේ ජනබල පක්ෂය තීරණය කරයි" | "අපේ ජනබල පක්ෂය එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට තීරණය කර තිබේ.අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය අතුරලියේ රතන හිමියන් සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම කාලසීමාවක් දැරීමට මීට පෙර එකඟත්වයක් ඇතිව තිබිණි.අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇතැය... |
"රුසියානු නාවික හමුදාවේ නෞකා බලඝනයක් කොළඹ වරායට" | "සැපයුම් අවශ්‍යතා සඳහා රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත්,‘Gremyashchiy’ යන Corvette වර්ගයේ යුද නෞකාවක් හා B – 603 සහ B – 274 යන සබ්මැරීනයන්ගෙන් සමන්විත නෞකා බලඝනයක් පෙරේදා (16දා) කොළඹ වරායට සේන්දුවිය. මෙම බලඝනය අද (18දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුද... |
"ධීවරයන්ට ගොවීන්ට සහන ඉල්ලා ටීඑන්ඒ උ/නැ විරෝධතා අරඹයි – පළමුවැන්න ලෙස ඊයේ කල්ලපාඩු වෙරළේ බෝට්ටු පෙළපාලියක්" | "ධීවරයන්ට හා ගොවීන්ට සහන ඉල්ලා දෙමළ ජාතික සන්ධානය විසින් උතුරු නැගෙනහිර පළාත්වල පවත්වනු ලබන විරෝධතා මාලාවේ පළමුවැන්න මුලතිව් කල්ලපාඩු වෙරළේ සිට ඊයේ (17දා) උදෑසන ආරම්භ විය.උතුරේ ධීවරයන් විශාල පිරිසක් එක්ව මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා සංවිධානය කොට තිබූ බෝට්ටු පෙළපාලියට දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන්, එස්. ශ‍්‍රී... |
"පොහොර අර්බුදයෙන් සහල් මිල යළි නගී – ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති" | "ඉදිරි දෙසතිය තුළ අනිවාර්යෙන්ම සෑම සහල් කිලෝවක් සඳහාම රුපියල් 25 ත් 50 ත් අතර මිලකින් ඉහළ යෑමට නියමිත බව ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික‍්‍රම මහතා පැවසීය.මෙම තත්ත්වය පාලනය කිරීමට රජය වහාම සහල් සඳහා උපරිම සිල්ලර මිල ගැසට් කළ යුතු බවත් සුරාජ් ජයවික‍්‍රම මහතා කියා සිටියේය.වර්තමානයේ පවතින පොහොර අර්බුදය හ... |
"කන්දෙ විහාරයේ විහාරාධිපති ලෙස රගපා මාරුව අවලංගු කර ගැනීමට ගිය සීඅයිට වැඩ වරදී" | "තමන් අළුත්ගම කන්දේ විහාරයේ විහාරාධිපති හිමියන් යැයි කියමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට දුරකථනයෙන් කතා කර තම ස්ථාන මාරුවීම අවලංගු කර ගැනීමට උත්සාහ කළ කළුතර පොලිස් කොට්ඨාසයේ පොලිසියක රාජකාරි කරන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇත.කළුතර නියෝජ්‍ය පොලිස්... |
"කන්දෙ විහාරයේ විහාරාධිපති ලෙස රගපා මාරුව අවලංගු කර ගැනීමට ගිය සීඅයිට වැඩ වරදී" | "තමන් අළුත්ගම කන්දේ විහාරයේ විහාරාධිපති හිමියන් යැයි කියමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට දුරකථනයෙන් කතා කර තම ස්ථාන මාරුවීම අවලංගු කර ගැනීමට උත්සාහ කළ කළුතර පොලිස් කොට්ඨාසයේ පොලිසියක රාජකාරි කරන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇත.කළුතර නියෝජ්‍ය පොලිස්... |
"ඊයේ කොරෝනා මරණ 12ක්" | "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17 දා) කොරෝනා මරණ 12 ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (16 දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,484ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 578ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 531, 648 දක්වා ඉහළ ගියේය. කොවිඞ් වෛරස... |
"නුසුදුසු නිසා හරවා යැවූ පෝර නැව ආපසු එනවා – සජිත් පේ‍්‍රමදාස" | "‘සෞභාග්‍යයේ දේශය’ ගොඩ නගනවා යැයි කියා පැමිණි ආණ්ඩුව මේ වන විට විට ‘කසළ දේශයක්’ ගොඩ නගමින් සිටින බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.රටට නුසුදුසු බවට වාර්තාවලින් තහවුරු කළ පොහොර නැව ආපසු හරවා යවන බව ආණ්ඩුව පැවසුවත් ඒ කසළ සහිත රටට නුසුදුසු පොහොර නැව නැවතත් ලංකාවට එමින් තිබෙන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.අද වනවිට ... |
"තෙල් ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක්" | "ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙම ණය පහසුකම ලබා දෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරියකු ප‍්‍රකාශ කර තිබේ.ඉදිරියේදී මෙම ණය මුදල ස`දහා දෙරටේ බලශක්ති ලේකම්වරුන් විසින් ගිවිසුමක් අත්සන් ක... |
"මෙරට කොරෝනා මරණ අනුපාතිකය සියයට 2.5 ඉක්මවයි" | "ශ‍්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතිකය මේ වන විට සියයට 2.5 ඉක්මවා ඇති බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.එම දත්ත වාර්තාවලට අනුව පෙරේදා (16දා) වනවිට මෙරට කොරෝනා මරණ අනුපාතිකය සියයට 2.54 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සෑම කොරෝනා ආසාදිතයන් 100 දෙනකුගෙන්ම දෙදෙනකු මියයන තත්ත්වයක් පවතින... |
"හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායක්" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපනය කර ඇත. සෞභාගයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මගින් සංවර්ධිත කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම, ඉදිරි දශකය තුළ දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයාට වස විසෙන් තොර කෘෂි නිෂ්පාදන ලබාගැනීමට අවස්ථාව උදා කිරීම හා පරිසර හිතකාමී වගා හඳුන්වා ... |
"ජනපති ගෝඨාභයට ඇල්ලේ හිමිගෙන් අවවාද වැස්සක්…" | "ඇමරිකානු සංචාරය නිමවා යළි ලංකාවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ රජයේ දේශපාලනඥයන් හා නිලධාරීන් සමග පසුගිය දිනවල විශේෂ සාකච්ඡා කීපයක්ම පවත්වනු ලැබීය. එම සාකච්ඡාවලදී ජනාධිපතිවරයා අන් අයගේ අවධානයට යොමු කළ වැදගත් කාරණා කිහිපයක්ම විය. ”තව අවුරුදු තුනක් මට මේ රට පාලනය කරන්න කාලය ඉතිරිවෙලා තියෙනවා. පසුගිය අවුරුදු දෙකම කොරෝනා... |
"මානව හිමිකම් කවුන්සිලයේ ලොකුම නඩුව… වියදම ඩොලර් මිලියන 28 යි… හමුදා නිලධාරීන් 28 කට යුද අපරාධ චෝදනා" | "ජිනීවා දඩයම ඔක්තෝබර් 1 දා ආරම්භ විය. රජය කිරිපිටි, ගෑස්, සිමෙන්ති සහ සහල් මිල වැඩි කරද්දී ජනතාව ඒ ගැන අවධානය යොමුකරන අවස්ථාවේ රට ත‍්‍රස්තවාදීන්ගෙන් බේරාගත් හමුදා නිලධාරීන් 28 කට යුද අපරාධ චෝදනා මත නඩු පැවරීමේ කටයුතු ආරම්භ කිරීම මෙම ජිනීවා දඩයමයි. එහෙත් මෙරට ජනතාවට ප‍්‍රභාකරන් පමණක් නොව වන්නි මෙහෙයුමේ හමුදා ප‍්‍රධානීන්... |
"වී හූරගෙනම එන්න ඇමැති වහන 175 ක් දාලා… කුඩා මෝල් හිමියෝ විපක්‌ෂ නායකට කියති" | "ලොරි රථ 176 ක් යොදවා ආණ්ඩුවේ ඇමැතිවරයකු තම පෞද්ගලික ව්‍යාපාරය වෙනුවෙන් මේ දිනවල ගොවීන්ගේ නිවෙස් වෙත ගොස් ලහිලහියේම වී තොග මිලදී ගනිමින් සිටින බව කුඩා සහ මධ්‍යම හාල් මෝල් හිමියෝ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හමුවී පැවසූහ.මෙලෙස මහා පරිමාණ වී මෝල් හිමියන් වී තොග විශාල වශයෙන් එක්රැස් කිරීමට උත්සුක වන නිසා කුඩා හා මධ්... |
"කාබනික පොහොර තීරණය ආපස්‌සට ගන්න….. දයාසිරි ජනපතිගෙන් ඉල්ලයි" | "දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක් භාවිතා කිරීමට ගත් තීරණය ආපස්සට ගන්නා ලෙස තමා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් සහ රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. එක කන්නයකින් කාබනික පොහොර භාවිතය ආරම්භ කළ හැකි බවට කව්රුන් හෝ විද්වතුන් පිරිසක් ජනාධිපතිවරයාට දුන... |
"ඉන්දියාවෙන් ආ නාඩු තවම සතොසෙ නෑ" | "ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් මෙටි‍්‍රක් ටොන් 260ක ප‍්‍රමාණය මෙතෙක් සතොස වෙත ලැබී නැතැයි සතොස සභාපති රියර් අද්මිරාල් (විශ‍්‍රාමික) ආනන්ද පීරිස් මහතා පැවසීය. මෙම සහල් තොගය ඉන්දියාවේ විෂ්වපට්ටම් වරායේ සිට කොළඹ වරාය වෙත ඉකුත් 12 වැනිදා පැමිණ තිබුණි. වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් කිලෝවක් රුපියල් සියයට වඩා අඩු ම... |
"පාසල් ළගට පොලිසිය" | "පාසල් විවෘත කිරීමෙන් පසු රාජකාරී සඳහා පැමිණෙන විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට යම්කිසි තර්ජනයක් එල්ල වුවොත් ඔවුන් ආරක්ෂාකර ගැනීම සඳහා එම පාසල් අවට පොලිස් පොලිස් රැුකවරණය ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්‍ෂක කටයුතු ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘දිවයින’ ඉරිදා සංග‍්‍රහය’ ට පැවසීය. මේ සම්බන්ධයෙන් ඇමැති ... |
"තුන්වැනි එන්නතටත් සූදානම්" | "පාසල් දරු දැරියන් සඳහා කොවිඞ් මර්දන එන්නත් ලබා දී අවසන් වූ වහාම සෞඛ්‍ය සේවා ආරක්‍ෂක අංශයන්ට සහ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට තුන්වැනි එන්නත් මාත‍්‍රාව ලබාදීමට කොවිඞ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය තීරණය කර ඇත. ඒ අනුව එම පිරිස වෙත ෆයිසර් එන්නත ලබාදීමට නියමිතය. එම එන්නත් තොග මේ වනවිටත් මෙරටට ගෙන ඒමට ඇනවුම් ලබා දී ත... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.