Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"උතුරේ නව ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා දිවුරුම් දෙමින්" | "මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකයකු වූ ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාව." |
"එක රටක් එක නීතියක් දුන් පොරොන්දුව ඉටුකරනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ" | "ජනපති තණතිල්ල දිගේ …………. අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී ඊයේ (10 දා) පැවැති ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ 72 වැනි සංවත්සරයට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි කි‍්‍රකට් පිටියක් විවෘත කිරීම සංකේතවත් කරමින් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වූ අයුරු. * කොවිඩ් පාලනය කර නව ජවයකින් රට ඉදිරියට ගෙන යනවා * නිදහස... |
""ගෑස් මිල උස්සයි – ලිට්රෝ ගෑස් කි. ග‍්‍රෑම් 12.5 නව මිල 2750, ලාෆ් ගෑස් කි. ග‍්‍රෑම් 12.5 ක – 2840, ලිට්රෝ කි. ග‍්‍රෑම් 5 – 1101 යි, ලාෆ් ගෑස් කි. ග‍්‍රෑම් 5 – 1135 ලිට්රෝ ගෑස් කි. ග‍්‍රෑම් 2.5 – 520 යි"" | "කිරිපිටි, තිරිඟු පිටි, ගෑස්, සිමෙන්ති සඳහා රජය විසින් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ අත්සනින් ඉකුත් 08 වැනිදා මධ්‍යම රාත‍්‍රී නිකුත් කිරීමත් සමග කිරිපිටි ආනයනකරුවන්, ගෑස්, සිමෙන්තිවල සහ තිරිඟු පිටි සැපයුම්කරුවන් මිල ඉහළ දැමීමට පියවර ගෙන... |
"සල්මන් ඛාන්ටත් මැණිකෙට හිත යයි" | "ප‍්‍රකට බොලිවුඞ් නළු සල්මාන් ඛාන් සිය බිග් බොස් වැඩසටහනට යොහානි ද සිල්වා කැඳවා ‘මැණිකේ මගේ හිතේ’ ගායනා කරවීම සමස්ත ඉන්දියාවේම අවධානය දිනාගත් සිද්ධියක් බවට පත්ව ඇත. මෙහිදී යොහානි සමඟ මේ ප‍්‍රකට නළුවා සිංහල ගීතය ගායනා කිරීමද විශේෂයකි.මේ ගීතයේ සිහිවේවි වචනය වෙනුවට සල්මන් ඛාන් ශ‍්‍රී දේවි කියන විට පේ‍්‍රක්‍ෂකයෝ මහ හඬින් ස... |
"සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන්ගේ නිවසට සුදු වෑන් එකක් ඇවිත්" | "තමාගේ නිවස ඉදිරිපිටට සුදු පැහැති වෑන් රථයකින් නාඳුනන කිහිපදෙනෙක් පැමිණ ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාර ගුණවර්ධන මහතා ඊයේ (10 දා) කිරුළපන පොලිසියට පැමිණිලි කර ඇත. පෙරේදා (09දා) සවස කිරුළපන පිහිටි තමාගේ නිවස පිටුපස මාර්ගයෙන් නිවස අසලට සුදුපාට වෑන් රථය... |
""රාජකීය, විශාඛා, ආනන්ද ඇතුළු ජාතික පාසල් 90කට නව විදුහල්පතිවරු – සේවා දිගු ඉල්ලන ඇතැමුන්ට විවිධ චෝදනා – අධ්‍යාපන ලේකම්"" | "රාජකීය, විශාඛා, ආනන්ද ඇතුළු ජාතික පාසල් 90 කට නව විදුහල්පතිවරුන් පත්කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (10දා) පැවැසීය.මෙම පාසල්වල විදුහල්පතිවරුන් දෙසැම්බර් 31 වනවිට විශ‍්‍රාම යෑමට නියමිත බවත් ජනපි‍්‍රය පාසල් රැුසක විදුහල්පතිවරුන් සේවා දිගුවක් ලබාදෙන ලෙස විවිධ පාර්ශ්... |
"රටේ ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමට 19 බලාත්මක කරන්න – එජාප නායක රනිල් වික‍්‍රමසිංහ" | "රටේ පවතින ප‍්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර පාර්ලිමේන්තුව සතු බලය ශක්තිමත් කළයුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.විශේෂයෙන් ආර්ථික ප‍්‍රශ්න වලට විසදුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුවට බලය ලැබිය යුතු බවත්, එම බලය ල... |
"පළාත් සභා ඡන්දයට මැතිවරණ සංශෝධන කඩිනමින් ගෙනෙනවා – අගමැති" | "පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මැතිවරණ සංශෝධන කඩිනමින් සිදුකරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ ට ඊයේ (10දා) පැවැසීය.පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය පිළිබඳව මේ දිනවල කෙරෙන කතාබහ සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් කළ විමසුමකදී ඒ බව කියා සිටියේය.කෙසේ වෙතත්, පළාත් සභා මැතිවරණයක අවශ්‍යතාව සලකා බලන්නේ රටේ වත්මන්... |
"කි‍්‍රප්ටෝ මුදල් භාවිතයට මෙතෙක් නියාමන ආරක්‍ෂාවක් නෑ – ආර්ථික විශේෂඥයෝ කියති" | "කි‍්‍රප්ටෝ කරන්සි (අප‍්‍රකාශිත විද්්‍යුත් මුදල්) භාවිතය සම්බන්ධයෙන් දැනට නියාමන ආරක්‍ෂාවක් නැතැයි මූල්‍ය හා ආර්ථික විශේෂඥයෝ පවසති.ඒ නිසා මෙවැනි මුදල් භාවිතයේ විශාල අවදානමක් ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.පසුගිය සතියේ මෙම කි‍්‍රප්ටෝ මුදල් ජනනය කරන සමාගම්වලට ආයෝජනය ආකර්ෂණය කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් තීන්දුවක් ගත් අ... |
"ඉන්දියාවෙන් ගෙන්වන ප‍්‍රථම සහල් තොගය ඊයේ කොළඹ වරායට – ඇමැති බන්දුල" | "රජය විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ප‍්‍රථම සහල් තොගය ඊයේ (10දා) කොළඹ වරයාට පැමිණීමට නියමිතව තිබුණි.මෙලෙස ඉන්දියාවෙන් ආනයනය කෙරෙන ස්වර්ණ සම්බා සහල් ඉදිරි දින කිහිපයේදී සතොස මගින් කිලෝව රුපියල් සියයට අඩුවෙන් අලෙවි කරන බවද වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සහල් තොගය කොටස් වශයෙන් ස... |
"72 වැනි සංවත්සරයට සමගාමීව යුද හමුදාවේ 10936කට උසස්වීම්" | "හැත්තෑදෙවැනි (72) යුද හමුදා සංවත්සරය නිමිති කරගෙන ශී‍්‍ර ලංකා යුද හමුදාවේ 10936 දෙනකුට උසස්වීම් ලබා දීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.නිලධාරීන් 567 දෙනකුට සහ සෙසු නිලයන් 10369 කට මෙසේ උසස්වීම් පිරිනමා ඇත.ඒ අනුව ජ්‍යෙෂ්ඨ බි‍්‍රගේඩියර්වරුන් 08 දෙනකු මේජ... |
"ගුරු – විදුහල්පති සංගම් සහ අගමැති හමුව අද නෑ" | "ගුරු විදුහල්පති වෘත්තීය සමිති හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡුාව අද (11දා) නොපැවැත්වෙන බව වාර්තා වේ.මේ සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තවදුරටත් සාකච්ඡුා කර පසුව ගුරු විදුහල්පති සංගම් නියෝජිතයන්ගේ හමුව පැවැත්වෙනු ඇතැයි අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.අගමැතිවරයා ස... |
"ජනතාවගේ කෑම වේල තීරණයත් ආණ්ඩුව අරන් – සජිත් කියයි" | "ජනතාව කෑමට ගත යුතු ප‍්‍රමාණයත් ආණ්ඩුව තීන්දු කරන තැනට පත්ව ඇති බවත්, පෝලිම් යුගය සහ සලාක යුගය එළැඹ ඇති බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.දරුවාට කිරි ටිකක් ගන්නට දෙමව්පියන්ට පෝලිම්වල රස්තියාදු වන්නට සිදුව ඇති බවත්, රජය අත්‍යවශ්‍ය භාණ්ඩ සීමා කොට ඇති බවත් පැවසූ විපක්‍ෂ නායකවරයා, ජනදුක නොහඳුනන ආණ්ඩුවේ ලැජ්ජා බ... |
"බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා රජය පිළිබඳ ජනතා විශ්වාසය පළුඳු වෙලා – ඇමැති විමල් කැබිනට් රැස්වීමේදී කියලා" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සකී‍්‍රයව දේශපාලනයට මැදිහත්වීම ඉතා ඉක්මනින් කළ යුතුව ඇති අතර ඒ තුළින් බොහෝ ගැටලූවලට විසදුම් ලැබෙනු ඇතැයි පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා සදහන් කර තිබේ.සාමූහික තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පැවැත්වෙන පක්‍ෂ නායක රැුස්වීම් වැනි රැුස්වීම් ස`දහාද ජනාධිපතිවරයා සහභා... |
"සිරිමාවෝ මැතනියගේ 21 වැනි ගුණ සමරුව" | "ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපතිනි ලොව ප‍්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 21 වැනි ගුණ සමරුව කොළඹ ඩාලි පාරේ පිහිටි ශ‍්‍රී.ල.නි.ප මූලස්ථානයේදී ඊයේ (10දා) පැවැත්විණි. එහිදී හිටපු ජනාධිපති වත්මන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දිවංගත සිරිමාවෝ මැතිණියගේ ඡුායාරූපයට පුෂ්පෝපහාර දැක... |
"තවත් කොරෝනා මරණ 33ක්" | "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (10 දා) කොරෝනා මරණ 33ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (09 දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,331 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 720ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 526,383 දක්වා ඉහළ ගියේය.කොවිඞ් වෛරසය ආසාදිතව... |
"පළාත් සභා 9ක ඡන්දය ලබන මාර්තුවට පෙර – රජයේ තීරණය ඇමැති බැසිල් කියයි" | "පළාත් 9 ක් සඳහා වන පළාත් සභා මැතිවරණය ලබන වසරේ (2022) මාර්තු මාසයට පෙර පැවැත්වීමට රජය තීරණය කර ඇත. මේ පිළිබඳව රජයේ ස්ථාවරය මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් මැතිවරණ නීති ප‍්‍රතිසංස්කරණය සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කමිටුවේදී ඉකුත් සිකුරාදා (08දා) ප‍්‍රකාශ කර තිබේ. මෙම තේරීම් කමිටුවට ඒ මහතා පත්කරන ලද්දේ මීට ... |
"පොහොර නෑ: තේ කර්මාන්තය අනතුරේ – කාබනික පොහොරවලට යෑමට තව කාලයක් ගත වෙයි" | "* ශ‍්‍රී ලංකා තේ කම්හල් හිමියන්ගේ සංගමයේ අධ්‍යක්ෂතේ වගාවට අවශ්‍ය පොහොර නොලැබුණහොත් ලබන මස අවසානය වනවිට ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තය කඩා වැටීම වැළැක්විය නොහැකි වනු ඇතැයි ගාල්ල තල්ගම්පල තේ කම්හල් ව්‍යාපාරයේ හිමිකරු ශ‍්‍රී ලංකා තේ කම්හල් හිමියන්ගේ සංගමයේ අධ්‍යක්ෂ හරිත් රණසිංහ මහතා පවසයි.ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව වැඩිදුර... |
"2018 හරක් වැඩක්; කෘෂි අමාත්‍යංශය කෝටි 17496 ක් අවභාවිත කරලා!" | "අසාර්ථක ව්‍යාපෘතියක් බවට විගණන වාර්තා මගින් සඳහන් කර තිබියදී එය නොසලකා කිරි ගවයින් 15000දෙනා ආනයනය කිරීම සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 17,496.7 ක මුදලක් (මිලියන 174,967) 2018 වර්ෂයේ මැයි 08 වැනිදා කොන්ත‍්‍රාත්කරුවකු වෙත මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය විසින් ගෙවා රජයේ මුදල් අවභාවිත කර ඇ... |
"ඉන්දීය යුදහමුදා මාණ්ඩලික ප‍්‍රධානි අගහරුවාදා දිවයිනට" | "ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන දින පහක නිල සංචාරයක් සඳහා අනිද්දා (12දා) ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව ඉන්දීය හමුදාධිපතිවරයා ශ‍්‍රී ලංකාවට පැමිණෙයි.ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානීගේ ශ‍්‍රී ලංකා... |
"පැන්ඩෝරා ප‍්‍රකෝටිපතියෝ 93 ක් ලංකාවේ" | "ශ‍්‍රී ලාංකිකයින් 93 දෙනකු සතු විදේශ වත්කම් සහ කළු සල්ලි රටවල් 48 ක බැංකුවල සහ පිටරට සමාගම් හි ආයෝජනය කර ඇතැයි ගවේෂණාත්මක මාධ්‍ය ජාලය මගින් හෙළි කළ පැන්ඩෝරා ලියකියවිලිවල සඳහන් වේ. මෙසේ මුදල් තැන්පත් කර ඇති බැංකු අතර ජිනීවාහි ස්විස් බැංකු දෙකක්ද ඇතැයි වාර්තාවේ.ඒ අනුව ශ‍්‍රී ලාංකිකයන් 343 ක වත්කම් පැන්ඩෝරා යන පැනමා ලි... |
"පෞද්ගලික සමාගමක් හොර පාරෙන් දැවිතෙල් ගෙනල්ලා" | "රජයේ ඉහළ නිලධාරීන්ගේ නම් විකුණමින් රාජ්‍ය ආයතනයක නිලධාරීන් පිරිසක් විසින් දැවිතෙල් පිරිපහදු කිරීමේ පෞද්ගලික ආයතනයක් හරහා විදේශීය නැවක් මෙරට මුහුදු සීමාවට රැගෙන විත් ඉන් ඉවතලන දැවිතෙල් නීති විරෝධීව ලබා ගෙන ඇතැයි විශ්වාස කටයුතු ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ නිසා වරාය අධිකාරියට සහ රේගු දෙපාර්තමේන්තුවට විශාල මුදලක් ... |
"බන්දුල වර්ණපුරට අසාධ්‍යයි" | "ශී‍්‍ර ලංකාවේ පළමු ටෙස්ට් කි‍්‍රකට් නායක බන්දුල වර්ණපුර මහතාට හදිසියේ සිදුකළ ශල්‍යකර්මයකින් ඔහුගේ පාදයේ කොටසක් ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදුව තිබේ.මීට දින කීපයකට පෙර ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් මත ඒ මහතා කොළඹ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබිණි.මේ පිළිබඳව ඔහුගේ පුතකු වන මාධව වර්ණපුර මහතාගෙන් ඊයේ ‘දිවයින ඉරි... |
"ශ්‍රී ලංකා වෛද්‍යවරිය එංගලන්තයේදී මුහුදේ ගිලී මියයයි" | "ශ‍්‍රී ලංකාවේ ඉපදුනු තරුණ වෛද්‍යවරියක වූ විසිහය හැවිරිදි තිරුෂිකා සත්‍යලිංගම් මෙනෙවිය එංගලන්තයේ කෙන්ට් ප‍්‍රාන්තයේ මාගේට් මුහුදු තීරයේ මිතුරු මිතුරියන් පිරිසක් සමග පිහිනමින් සිටියදී දියේ ගිලී මියගිය කනගාටුදායක පුවතක් පසුගියදා වාර්තා විය. ඔවුන් පිහිනීමට ගොස් තිබුණේ සේවය අහවරවී රාත‍්‍රී කාලයේදීය. තිරුෂිකා නොමැති බව යහළු... |
"ලියුම් ලක්ෂ 10 ක් තැපෑලේ හිරවෙලා" | "තැපැල් දෙපාර්තමේන්තුවට අයත් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයෙහි පමණක් ලිපි සහ පාර්සල් ලක්‍ෂ දහයකට අධික ප‍්‍රමාණයක් බෙදා හැරීමට නොහැකිව ගොඩගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණෙ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ‘‘දිවයින’’ට ඉරිදා සංග‍්‍රහයට පැවැසීය.මීට අමතරව රට පුරා ලිපි සහ පාර්සල් බෙදා හැරීමද මන්දගාමී තත්ත්... |
"ටවර්හෝල් පදනම ‘නට්ටන්’ වෙයි… කලාකරුවන්ට මාසික දීමනාව දීගන්නවත් බෑ" | "ටවර්හෝල් පදනමින් මාසික දීමනාවක් ලැබූ කලාකරුවන්ට එම දීමනාව ගෙවීමට නොහැකි මට්ටමින් දැඩි මූල්‍ය අර්බුදයකට එම පදනම පත්ව ඇතැයි වාර්තාවෙයි.එසේවී ඇත්තේ කොවිඞ් වසංගතය හමුවේ ටවර්හෝල් සහ එල්ෆින්ස්ටන් රංග ශාලා වසා දැමීම නිසා ඉන් ආදායමක් නොලැබීමත් ටවර්හෝල් පදනමට අයත් සව්සිරිපායේ මහල් දෙකක් බදුගෙන සිටින ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය ... |
"භාණ්ඩ මිල පාලනය මුදලාලිලාට දීලා ජනයා අමාරුවේ දාලා… නාමල් කරුණාරත්න" | "රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය ව්‍යාපාරිකයින් අතට පත් කිරීමෙන් ජනතාව වඩාත් අසරණභාවයට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නාමල් කරුණාරත්න මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.භාණ්ඩ මිල පාලනය කර ගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයා සහ හදිසි නීතිය ද භාවිතයට ගත හැකි වූවත් රජය හදිසි නීතිය ... |
"සීඅයිඩියට එරෙහිව නීතිඥ සංගමය උසාවි යයි!" | "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සැකකරුවන් හමුවීමේ දී නීතිඥවරුන්ට එහි ඇතැම් නිලධාරීන්ගෙන් සිදුවෙතැයි කියන බලපෑම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත.එවැනි අවස්ථා ගණනාවක් වාර්තා වීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය මෙම තීරණය ගෙන ඇති අතර ඉදිරියේද... |
"දුක කියන්න බස් ගැමුණු හැමෝ ළගටම එයි" | "පෞද්ගලික බස් කර්මාන්තය මේ වනවිට මුහුණදී තිබෙන දැඩි අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ සියලූ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන දැනුවත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.ඒ අනුව මේ වනවිට දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවලින් අදාළ සාකච්ඡා සඳහා ද... |
"රුසියානුවෝ දහසක් මෙරට සංචාරයට සූදානමින්" | "රුසියානු සංචාරකයන් දහසක පමණ පිරිසක් මෙරට සංචාරය කිරීම සඳහා ආසන වෙන්කර ගනිමින් සිටින බව සංචාරක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ වාර්තා අනුව මේ වනවිට එම ගුවන් යානාවල ආසන වෙන් කිරීම සම්පූර්ණ වෙමින් පවතින බවද ඔහු කීය. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම රුසියාවේ මොස්කව් නුවර සිට සතියකට වරක් සෘජු ගුවන්... |
"පාස්කු ප‍්‍රහාරයේ වැරැදිකරුවන් වහා හෙළිකරන්නැයි ජිනීවාවල උද්ඝෝෂණ" | "පාස්කු ප‍්‍රහාරයේ වැරැදිකරුවන් වහා හෙළිකරන ලෙස ඉල්ලමින් ස්විස්ටර්ලන්තයේ ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාවගේ සහභාගිත්වයෙන් පසුගියදා උද්ඝෝෂණයක් පැවැත්විණි.මෙම උද්ඝෝෂණය හිටපු මුස්ලිම් කොංග‍්‍රස් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සමස්ත පුෂ්පකුමාර මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබිණි. ශී‍්‍ර ලාංකිකයන... |
"අවුරුදු 18-19 සිසුන්ට එන්නත දීම 21 දා ඇරැඹෙයි" | "අවුරුදු 18 – 19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් සඳහා කොවිඞ් එන්නත් කිරීම මෙම මස 21 වැනිදා බ‍්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට ඊයේ (08 දා) රැස්වූ කොවිඞ් කමිටුව තීරණය කර ඇත. එසේම දැනට ක‍්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා මෙම මස 21 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද කොවිඞ් කමිටුව තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ම... |
"13 ගැන කතාවකට සම්බන්ධන් නවදිල්ලියට" | "13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීම සඳහා ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ඇතුළු එම පක්‍ෂයේ පිරිසක් ලබන සතියේ නවදිල්ලියට යනු ඇත. ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිවසේදී ඉන්දීය විදේශ ලේකම් ෂින්ගි‍්‍රයා සමග ද්‍රවිඩ සන්ධාන නායකයා ඇතුළු නියෝජිත පිරිස කළ සාකච්ඡාවේදී නවදිල්ලියට පැමිණෙන ලෙස ඇරයුම් කර තිබේ.ඉන්දීය විදේශ ලේකම... |
"වසරේ පළමු මාස 8 තුළ ආදායම පසුගිය වසරට වඩා සියයට 4 ක් වැඩිවෙලා… රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ" | "ණය අරන් රට විනාශ වෙද්දී දේශපාලකයෝ කෝටිපතියෝ වුණා – ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ) රටේ සිටින බිලියනපතියන්ගෙන් වැඩි පිරිස දේශපාලනයෙන් පොහොසත්වූවන් – ශානක්‍යන් රාසමානික්කම් (දෙජාස) දේශපාලන මඩගැසිම්වලින් තොරව වත්මන් වසංගත තත්ත්වය හමුවේ රට ගොඩනැංවීමට අවංකවම පක්ෂ – විපක්ෂ සියලූ දෙනා කටයුතු කළ යුතුව ඇතැයි වෙළෙඳ ඇමැති ආචා... |
"කොළඹ ජාතික රෝහලේ වැඩ වර්ජනයෙන් රෝගීන්ට දැඩි දුෂ්කරතා" | "සේවා ඉල්ලීම් අටක් මුල්කරගෙන රජයේ රෝහල්වල හෙද” පරිපූරක වෛද්‍ය සේවා” අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෘත්තීන් විස්සකට පමණ අයත් සෞඛ්‍ය වෘත්තිකයන් සේවා ස්ථානවලින් ඉවත්ව දීප ව්‍යාප්ත එක් දින සංකේත වර්ජනයකට ඊයේ (08) එක් වූහ. කොළඹ ජාතික රෝහලේ ඊයේ (08) වැඩ කටයුතු අඩාලවීමෙන් රෝගීන් අපහසුවට පත්වූ අයුරු ඡායාරූපවල දැක්වේ. ඡායාරූප – ජූඞ් ... |
"ආදායම බිලියන 1.25යි: මිල්කෝ සමාගම වාර්තාවක් තබයි" | "මිල්කෝ සමාගම කිරි ආශ‍්‍රිත නිෂ්පාදන අලෙවියෙන් පසුගිය අගෝස්තු මස රුපියල් බිලියන 1.25ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව එම සමාගම සඳහන් කරයි. මිල්කෝ ආයතනයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි අභියෝග සඳහා අනුගමනය කළ යුතු විධිමත් ක‍්‍රියාමාර්ග පිළිබඳව පශු සම්පත්, ගොවිපළ ප‍්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඞී. බී. හ... |
"විදෙස් සංචාරකයන්ට සියලු පුරාවිද්‍යා ස්ථාන නරඹන්න ඔන්ලයින් ටිකට් එකක්" | "ශී‍්‍ර ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන් සඳහා සියලූම පුරාවිද්‍යා ස්ථානයන් නැරඹීමට මාර්ගගත ක‍්‍රමයට එක් ප‍්‍රවේශ පත‍්‍රයක් නිකුත් කිරීමට සංචාරක මණ්ඩලය සමග සාකච්ඡුා කර තීරණයකට එළැඹෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.මධ්‍යම සංස්කෘතික අරමුදල ප‍්‍රතිව්‍යූහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ... |
"අයවැය යෝජනා කලින් හෙළි කරන්නේ නෑ; ඇමැති දිනේෂ් ගුණවර්ධන" | "ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට ඉදිරි අයවැයෙන් ගෙනඑනු ලබන යෝජනා කවරේදැයි කියා කලින් ප‍්‍රකාශයට පත් කරන ලෙස ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.එසේ වෘත්තීය සමිති නායකයන් වෙත කලින් ප‍්‍රකාශ කළහොත්, සාකච්ඡා කොට යම් එකඟතාවකට පැමිණීමට වෘත්තීය සමිතිවල... |
"තිරුකුමාර් නඩේෂන්ගෙන් අල්ලස් කොමිසම පැය 4 ක් ප‍්‍රකාශ ගනී" | "ලොව පුරා සිටින දේශපාලනඥයන්, ක‍්‍රීඩකයන්, විශේෂ පුද්ගලයන්, ව්‍යාපාරිකයන් ආදී අයගේ සැඟවූ ධනය පිළිබඳ තොරතුරු අනාවරණය කළ පැන්ඩෝරා පති‍්‍රකාවන්හි නම් සඳහන්වීම හේතුවෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඬේෂන් මහතා ඊයේ (08 දා) උදේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමි... |
"විදෙස් විනිමය ගෙන්වා ගන්න නව ක‍්‍රමයක්" | "විදේශ විනිමය ශී‍්‍ර ලංකාවට වැඩියෙන් ගෙන්වා ගැනීම පහසු කිරීම සඳහා එස් එල් රෙමිට් SL Remit නමින් නව ක‍්‍රමවේදයක් යෝජනා කර තිබේ. අඩු පිරිවැයක් සහිතව ශී‍්‍ර ලංකාවට විදේශ විනිමය ගෙන්වා ගැනීමේ ක‍්‍රමවේද අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව මෙය යෝජනා කර ඇත. මේ ගැන කරුණු පැහැදිලි කරන ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් ... |
"ආයුර්වේද රෝහල්වල ප‍්‍රතිකාරගත් කොවිඩ් රෝගීන් 8000 කට සුවයි; මරණ එකක්වත් නැහැ" | "නාවින්න හා පල්ලෙකැලේ ආයුර්වේද රෝහල් තුළ ප‍්‍රතිකාර ලැබූ කොවිඞ් රෝගීන් මේ වනවිට අටදහසකට (8000) අධික සංඛ්‍යාවක් ප‍්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී. හේවාගමගේ මහතා ‘‘දිවයින..ට ඊයේ (08 වැනිදා) පැවැසීය. ආයුර්වේද රෝහල් තුළ ප‍්‍රතිකාර ලැබූ කිසිදු කොවිඞ් රෝගියකු මරණයට පත් නො... |
"පරෙස්සම් නොවුණොත් දෙසැම්බර්වල තව රැල්ලක්…." | "රට විවෘත කිරීමත් සමග ජනතාව කොරෝනා වසංගත තත්ත්වය අමතක කරදමා හැසිරෙන තත්ත්වයක් දකිනවා. දෙසැම්බර් මාසයේ රට තුළ වසන්තය උදාකරගන්න නම් ජනතාව තම තමන්ගේ වගකීම් කොටස නිසි ලෙස ඉටු කිරීම ඉතා වැදගත් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ පෙරේරා මහතා ‘‘දිවයින.. ට ඊයේ (08 වැනිදා) පැවැසීය. තවදුරටත් සෑමදෙනම සෞඛ්‍ය අම... |
"ගෑස් – සිමෙන්ති මිල තීරණය කිරීම ආනයනකරුවන් අතේ… පාලන මිල ඉවත් කෙරෙන ගැස්ට් එක ගහයි…" | "කිරිපිටි, ගෑස්, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩවල මිල පාලනය ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (08 දා* මධ්‍යම රාති‍්‍රයේ නිකුත් කිරීමත් සමඟ අදාළ භාණ්ඩවල මිල නියම කිරීමට ආනයනකරුවන්ට බලය හිමි වී ඇත. ඒ අනුව ආනයනකරුවන් විසින් සාධාරණ මිලකට එම භාණ්ඩ පාරිභෝගිකයිනට අලෙවි කළ යුතුය. අසාධාරණ ලෙස මිල ඉහළ දැමීමක් සිදුකළහොත් ඊට එ... |
"ඩයස්පෝරා ‘ගුලිය’ බි‍්‍රතාන්‍යයෙන් හැළෙයි" | "ශී‍්‍ර ලංකා හමුදාව ද්‍රවිඩ සමූල ඝාතනයක් කළ බවට පිළිගැනීමක් කරන ලෙස කොටි ඩයස්පෝරාව කළ ඉල්ලීම බි‍්‍රතාන්‍ය රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත. ලේබර් සහ කොන්සර්වෙටිව් පක්‍ෂ සමුළුවලදී මෙම ඉල්ලීම්කර තිබේ. එහෙත් එම පක්‍ෂ දෙකේ සියලූම මන්තී‍්‍රවරු එම ඉල්ලීමට එකඟ වී නැත. කීර්ති වර්ණකුලසූරිය" |
"සජබයේ ඉන්න ගමන් ආණ්ඩුවට සහාය දෙනවා මාව පක්ෂයෙන් පන්නන්න කාටවත් බෑ – ඩයනා ගමගේ" | "‘‘මම සමගි ජන බලවේගයේ යාවජීව සාමාජිකාවක්. පක්ෂයෙන් නෙරපන්න තීරණය කළා කියන කතාව මම දන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මම මේකට නීත්‍යානුකූල පියරව ගන්නවා’’ යැයි පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ඩයනා ගමගේ මහත්මිය ‘දිවයින’ට ඊයේ (08 වැනිදා* පැවසුවාය.පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ඩයනා ගමගේ මහත්මියව සමගි ජනබලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එම පක්... |
"ශ‍්‍රී ලංකා ආර්ථිකයේ 3.3%ක වර්ධනයක් – ලෝක බැංකුව කියයි" | "මේ වසරේ (2021) දී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය 3.3%ක වර්ධනයක් වන බවට පුරෝකථනය කර තිබෙන බව ලෝක බැංකුව වසරකට දෙවතාවක් නිකුත් කරන කලාපීය වාර්තාව මගින් පෙන්වා දී තිබේ.එහෙත් කාලයක් තිස්සේ පැවැති ආර්ථිකයේ ව්‍යුහාත්මක දුර්වලතා සහ ‘කොවිඞ් 19’ වසංගතයේ බලපෑම මධ්‍යකාලීනව වැදගත් අභියෝග රාශියක් මතු කරනු ඇති බව ද එහි සඳහන්ය.ආර්ථිකය නැවත ... |
"බන්දුලගේ පැමිණිල්ල; පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් පැය 3 ක් සීඅයිඩියේ" | "වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08 වැනිදා) පැය තුනහමාරක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇත. තම කීර්තිනාමයට හානිවන ආකාරයේ ප‍්‍රවෘත්ති මාධ්‍ය වෙත ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධ... |
"නවසීලන්තයෙත් මුල් වරට ශී‍්‍ර ලංකාවේ කාර්යාලයක්" | "නවසීලන්ත රජය මුල්වරට ශී‍්‍ර ලංකාවේ කාර්යාලයක් ආරම්භ කර ඇත. දෙරට අතර ආරක්‍ෂක කටයුතු වර්ධනය කිරීම එහි අරමුණයි.ශී‍්‍ර ලාංකිකයකු වූ අන්තවාදී සම්සුදීන් ආදිල් නමැත්තා එරට සුපිරි වෙළෙඳ සංකීර්ණයකදී හයදෙනකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු මෙම නේවාසික කාර්යාලය ආරම්භ කර ඇත. මෙතෙක් නවසීලන්තය ශී‍්‍ර ලංකාව පිළිබඳව කටයුතු කළේ නවදිල්ල... |
"ගතවූ වසර 5 ට සුවසැරියට ලැබුණු ඇමතුම් ලක්‍ෂ 44 කට වැඩියි" | "සුවසැරිය හදිසි ගිලන් රථ සේවයට ගතවූ පස් වසර තුළ ඇමතුම් හතළිස් හතර ලක්‍ෂ හතළිස් දහස් දෙසීය අනූවක් (4,444,290) ලැබී ඇතැයි එම සුවසැරිය පදනමේ ප‍්‍රධාන විධායක නිලධාරි ෂොහාන් ද සිල්වා මහතා පැවැසීය. එමෙන්ම මෙම ගතවූ කාලය තුළ හදිසි අවශ්‍යතා සඳහා සුවසැරිය ගිලන් රථ සේවය අවස්ථා නව ලක්‍ෂ හැටපන්දහස් එකසිය තිස් පහකදී (965,135* පමණ මහ... |
"එල්ලන්න ඉන්න අයටත් සමාව දෙන ක‍්‍රමයකට ජනපතිගේ එකගතාව" | "මරණීය දණ්ඩනය, ජීවිතාන්ත සිර දඬුවම් සහ දීර්ඝ කාලීන සිරදඬුවම් විඳින බන්ධනාගාර රැඳවියන්ට කාලානුරූපව නිදහස ලබා ගත හැකි වෙන පරිදි අතීතයේ ක‍්‍රියාත්මක වූ සමා දීමේ ක‍්‍රමවේදය යළි ඇති කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක`ගතාවය පළකර තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කළ විශේෂ කමිටුවක් මගින් මීට වසරකට පමණ ඉහතදී ඉදිරිප... |
"පෙට‍්‍රල් ඇඟට හලා මිතුරා ඝාතනය කළ අයට මරණ දඬුවම; ස්වාමීනි මෙය මා කළේ නැහැ… දඬුවම නියම කිරීමට පෙර විත්තිකරු කියයි" | "කඩවත, කිරිමැටියාගාර ප‍්‍රදේශයේ බේකරියක් තුළදී තම මිතුරාගේ ඇඟට පෙට‍්‍රල් හලා ගිනි තබා ඔහුව ඝාතනය කළ සැකකරුට ගම්පහ අංක (01) මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (07 වෙනිදා ) මරණීය දණ්ඩනය නියම කළේය. අකුරැුස්ස ගොඩහේන ප‍්‍රදේශයේ පදිංචි එවකට අවුරුදු 21ක් වූ ධර්මකීර්ති අභයවික‍්‍රම හෙවත් චමින්ද යන අයව ඝාතනය කිරීමේ චෝදනාව... |
"එක්සත් ජනපදයේ නව ශ‍්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහට මහා සංඝරත්නයේ ආශිර්වාදය" | "ඇමරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස අභිනවයෙන් පත්වු මහින්ද සමරසිංහ මහතා මේරිලන්ඞ් ප‍්‍රාන්තයේ පිහිටි මේරිලන්ඞ් බෞද්ධ විහාරස්ථානය වෙත ගොස් උතුරු ඇමරිකාවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.මෙම අවස්ථාවට බටහිර වර්ජනීයාවේ පිහිටි ජාත්‍යන්තර භාවනා මධ්... |
"“මුව ආවරණ නොපළඳින අය කොන් කළ යුතුයි” – විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා" | "බස් රථය තුළ හෝ මහ මඟ කෙනකු මුව ආවරණය පැළඳ නොමැති නම් ඔහුව හෝ ඇයව කොන්කරන, පිළිකුල් කරන තැනට සමාජය පත්විය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය ‘දිවයින’ට ඊයේ (07 වැනිදා* පැවසුවාය. ඇතැම් දෙනා මුව ආවරණ නිසි ලෙස නොපැළඳ මහමඟ හා පොදු ප‍්‍රවාහන සේවාවල ගමන් කිරීමෙන් ... |
"අඹන්පොල ග‍්‍රාම නිලධාරි ඝාතනයේ ප‍්‍රධානියා දැලේ… සැකකරු බිරිඳගේ අනියම් සැමියාගේ කකුලක් කපන්නත් ඉඳලා" | "රුපියල් හැත්තෑදහසක මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත අඹන්පොල ග‍්‍රාම නිලධාරිවරයා කපා කොටා ඝාතනය කළ සංවිධානාත්මක කල්ලියේ ප‍්‍රධානියා අඹන්පොල පොලිසිය මගින් ඊයේ (07 දා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු තම බිරිඳගේ අනියම් සැමියාගේ කකුල් කපා වෙන්කර ඔහු ඝාතනය කිරීම සඳහා සැලසුම් කරගෙන සිට ඇති බව ප‍්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී තිබේ. අඹන්... |
"එක්ස්ප‍්‍රස් පර්ල් නැව අත්අඩංගුවට ගන්න නියෝග" | "පසුගිය මැයි 20 වැනිදා ශී‍්‍ර ලංකා ජල තීරය තුළදී ගිනිගෙන මුහුදුබත් වී ඇති එම්. වී. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණය කොළඹ වරාය මෙහෙයුම් කටයුතු භාර නිලධාරියාට (හාබර් මාස්ටර්* ඊයේ (07 දා* නියෝග කළේය.කොළඹ ට‍්‍රයිකෝ මැරිටයිම් පුද්ගලික සමාගම විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ කොළඹ... |
"ඊ. පී. එෆ්. දාපුගමන් එස්. එම්. එස්. එකක් නීතිය සම්මතයි" | "පෞද්ගලික අංශයේ සේවක, සේවිකාවන් වෙනුවෙන් අදාළ රැකියා ආයතනය ඔවුනට හිමි මාසික අර්ථසාධක අරමුදල් බැර කළ විගස ඒ බව දන්වමින් මාසිකව එස් එම් එස් පණිවුඩයක් මගින් සේවකයා දැනුවත් කිරීමට අදාළව ගෙන ආ නීති සංශෝධනය පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා* සම්මත කෙරිණි. අදාළ සංශෝධනය කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සේවක අර්ථසාධක අර... |
"නිරූපමා හා සැමියා ගැන පරීක්‍ෂණයක් කරන්න… සජබ අල්ලස් කොමිසමෙන් ඉල්ලයි" | "පැන්ඩෝරා පති‍්‍රකා මගින් හෙළිදරව් වී ඇති හිටපු නියෝජ්‍ය ඇමැතිනි නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සහ ඔහුගේ සැමියාගේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් වහාම කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන්නැයි, සමගි ජනබලවේගය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 18 දෙනකුගේ අත්සන් සහිතව එම කොමිෂන්... |
"නිරූපමා හා සැමියා ගැන පරීක්‍ෂණයක් කරන්න… සජබ අල්ලස් කොමිසමෙන් ඉල්ලයි" | "පැන්ඩෝරා පති‍්‍රකා මගින් හෙළිදරව් වී ඇති හිටපු නියෝජ්‍ය ඇමැතිනි නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සහ ඔහුගේ සැමියාගේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් වහාම කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන්නැයි, සමගි ජනබලවේගය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 18 දෙනකුගේ අත්සන් සහිතව එම කොමිෂන්... |
"අසාද් සාලි සිද්ධිය මහෙස්ත‍්‍රාත්ගේ ප‍්‍රකාශය අධිකරණ බලය ඉක්මවා යෑමක් – ශ්‍රේෂ්ඨාධිකරණය" | "අසාද් සාලි මහතා විසින් මාධ්‍ය හමුවේ කළ මතභේදයට ලක් වූ ප‍්‍රකාශයට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබියදී එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේදීකර ඇතැයි කියන ප‍්‍රකාශය මහෙස්ත‍්‍රාත්වරයා සතු අධිකරණ බලතල ඉක්මවා යෑමක් බව පෙනී යන්නේ යැයි ශේ‍්‍රෂ්ඨා... |
"සජබ මන්ත‍්‍රීවරු අල්ලස් කොමිසමට ඇවිත්" | "පැන්ඩෝරා පත‍්‍රිකාවල නම සඳහන් ශ‍්‍රී ලාංකිකයින්ගේ වත්කම් පිළිබඳ වහාම සොයාබලා කටයුතු කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ ජේ. සී. අලවතුවල, අශෝක් අබේසිංහ, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි මුජිබර් රහුමාන් යන මන්ත‍්‍රීවරුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඊයේ (07 දා* පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අයුරු. ඡා... |
"ශ‍්‍රීලංගම සල්ලි කොම්පියුටර් බහිරවයා ගිලී… මුදල් ඇමැති දන්නෙත් නැතිව කෝටි 15 ක ණයකුත් අරන්" | "ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය 2018 වසරේ දී පරිගණක, ලැප්ටොප්, කැමරා හා ජීපීඑස් පද්ධති, ඉලෙක්ට්‍රොනික් ටිකට් මැෂින් මිලදී ගැනීමේදී ඇස්තමේන්තු ගත මුදලට වඩා වියදම් කොට රුපියල් බිලියන ගණන් මුදල් නාස්තිකොට ඇතැයි කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත. ඊට අමතරව මුදල් ඇමැතිවරයාගේ අවසරයකින් තොරව ශ‍්‍රී ලංගමය එම වසරේදීම රුපියල් කෝටි 15 ක ණ... |
"අවුරුදු 18 ට පිරුණු විගස තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබා දෙනවා" | "වයස අවුරුදු 18 පිරුණු විගස තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබාදීමට කටයුතු සම්පාදනය කර ඇතැයි අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය. වේත‍්‍රධාරී නරේන්‍ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (07 දා) පෙරව... |
"තත්ත්වය නරක් වුණොත් යළි රට වහන්න වේවි" | "ඉදිරියේදී පවත්වන කොවිඞ් සමාලෝචන කමිටුවේදී මේ රටේ තත්ත්වය පිළිබඳව අයහපත් වාර්තාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම නැවතත් රට වසා දැමීමට සිදුවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා පැවසීය.දෛනික කොවිඞ් ආසාදිතයන් 500 ඉක්මවීම සහ දෛනික කොවිඞ් මරණ 30ක් 40ක් වාර්තාවීම සාමාන්‍ය තත්ත්වයක් නොවන බවත් ඒ මහත... |
"තවත් නියෝජ්‍ය පොලිස්පතිවරියෝ තිදෙනෙක්" | "පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් සනිටුහන් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් තිදෙනකු වහාම ක‍්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා උසස් කර ඇත. එම නිලධාරිනියන් තිදෙනාද සම`ග මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරියෝ සිව්දෙනෙක් රාජකාරි කරමින් සිටිති. උසස්වීම් ලැබූ නියෝජ්‍ය පොලිස... |
"වන හානිවලට රුකුල් දෙන බව කියන වනජීවී ලොක්කාගේ නියමය උසාවියෙන් අත්හිටුවයි" | "රාජ්‍ය ආයතන විසින් සිදුකරනු ලබන වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් තම අමාත්‍යාංශය දැනුවත් කර අනුමැතිය ලබා ගැනීමකින් තොරව නීතිමය පියවර නොගන්නා ලෙසට දන්වමින් වන සංරක්‍ෂණ හා වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා විසින් රාජ්‍ය ආයතන වෙත නිකුත් කර තිබූ චක... |
""දකුණේ වී කිලෝ ලක්ෂ 80ක් ගන්න හිටියත් ලැබුණේ කිලෝ 78,000යි"" | "මෙවර යල කන්නයේදී දකුණු කලාපයේ ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා ගබඩා 29 ක් සූදානම් කොට තිබුණද ගොවීන් විසින් වී අලෙවි මණ්ඩලයට ලබාදී ඇත්තේ වී කිලෝ 78,000 ක් පමණක් බැව් වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප සහකාර ප‍්‍රාදේශීය කළමනාකරු ඉන්දික ද සිල්වා මහතා පවසයි.දකුණු කලාපයේ ගොවීන්ගෙන් වී කිලෝ ලක්ෂ 80 ක් මිලදී ගැනීමට සැලසුම් කොට තිබූ බවත... |
"පැන්ඩෝරා සිද්ධිය: තිරු කුමාර් නඬේෂන් අද අල්ලස් කොමිසමට" | "ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ඇමැතිනි නිරූපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඬේෂන් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම හමුවේ අද (09දා) පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කර මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජ... |
"උ/පෙළ – ශිෂ්‍යත්ව විභාග ලබන වසරට කල් යයි" | "මෙම වසරේ පැවැත්වීමට නියමිත වූ අ.පො.ස. උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය යන විභාගයන් ලබන වසරේ (2022) මුල් භාගය දක්වා කල් යනු ඇතැයි අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිiාල, දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.එම විභාග මෙම වසරේ නොවැම්බර් මස 15 වැනිදා සිට ... |
"නිරෝගී දරුවන් එන්නත්කරණය සඳුදා ඇරැඹෙයි" | "නිරෝගී දරුවන් එන්නත්කරණ වැඩසටහනේ පළමු පියවර ලෙස ලබන සඳුදා දින (11 දා) සිට වයස අවුරුදු 18 – 19ත් අතර දරුවන්ට ෆයිසර් එන්නතේ පළමු මාත‍්‍රාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රජයේ රෝහල් පද්ධතියෙන් ලබා දීමේ කටයුතු ආරම්භ කිරීමට ඊයේ (07 දා) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වූ එන්නත්කරණ ත... |
"ඊයේ කොරෝනා මරණ 44යි" | "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (07දා) කොරෝනා මරණ 44ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (06දා) සිදු වූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,229 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයින් 772ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 5167,041 දක්වා ඉහළ ගියේය.කොවිඞ් වෛරස... |
"බැසිල්ගේ අයවැය කෙටුම්පත පාර්ලිමේන්තුවට" | "ලබන 2022 වසරට අදාළ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම පිණිස විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ පෙරවරු 11.15ට පමණ ඉදිරිපත් කරනු ලැබීය. එම විසර්ජන පනතට අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 2505.3කට අධික වේ. මුදල් ඇමැතිවරයා පනත ඉදිරිපත් කළ පසුව මහලේකම් ධම්මික දසනායක මහතා පනත කි... |
"නව ජවයකින් වැඩට ලෑස්ති වෙමු – ජනාධිපති දිසාපතිවරුන්ට කියයි" | "* චක‍්‍රලේඛ අවුල් ලිහන්න – දිසාපතිවරු කියති කොවිඞ් වසංගතයත් සම`ග වසර දෙකකදී සියලූ අංශයන්හි සිදු වු පසුබෑම ජයගැනීමට නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩකිරීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලූම දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත දැනුම්දී ඇත. රජයේ සැලසුම් ප‍්‍රකාරව අපේක්‍ෂා කළ ඉලක්ක කරා එළැඹීමට නොහැකි වූවත් ස... |
"ඩයනා සජබෙන් දොට්ට: මැකොටත් දන්වයි" | "සමගි ජනබලවේගය පක්‍ෂයේ පත් කළ මන්තී‍්‍ර ඩයනා ගමගේ මහත්මියගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දීමටත් පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමේදී ඊයේ (07දා) තීරණය කර ඇත.පක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පක්‍ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මෙම රැුස්වීමේදී මෙම තීරණය ඒකමතිකව සම්ම... |
"ව්‍යාජ ලොකු ලූනු බිජ නිසා අමාරුවේ වැටුණු ගලෙන්බිඳුනුවැව ගොවීහු උද්ඝෝෂණ කරති" | "ලංකා ලොකු ලූනු බීජ බව පවසා අඩු මුදලට ගත් ලූනු බීජ ව්‍යාජ ඇසුරුම්වල යොදා වැඩි මුදලට අලෙවි කළ ගලෙන්බිඳුනුවැව කෘෂිකර්ම උපදේශන නිලධාරීන් නිසා ලොකු ලූනු ගොවීන් කබලෙන් ළිපට වැටී ඇති බව පවසමින් ගලෙන්බිඳුණුවැව නගරය මැද ගොවීන් පිරිසක් උද්ඝෝෂණයක නිරතවිය. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුටුව... |
"පෞද්ගලික ගෑස් ඒකාධිකාරියක් බිහිවෙන්න ඉඩ දීලා – අනුර කුමාර දිසානායක" | "මෙරට ගෑස් වෙළෙඳපොළේ විශාලතම පංගුව හිමි රාජ්‍ය සමාගම වන ලිට්රෝ සමාගමේ සහන මිලක් පවත්වාගෙන යෑමේ හැකියාව අභියෝගයට ලක් කරමින් පෞද්ගලික ගෑස් සැපයුම් ඒකාධිකාරියක් නිර්මාණය වීමට ඉඩ දී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 272 යටතේ පෙරේදා (06 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.එහිදී ඒ මහතා පාරිභෝගික සේව... |
"නිධන් ගොඩගන්න ගිය හිඟුරාන සීනි සමාගමේ සභාපතිට ඇප" | "නිධන් හැරීමට ගියේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන වලස්මුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිඟුරාන සීනි සමාගමේ සභාපතිවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇතැයි වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කැලූම් සංගීත් මහතා පැවසීය. වීරකැටිය රත්න පාරේ නිවසක් අසලදී සැකකාර සභාපතිවරයා භූගත ද්‍රව්‍ය පරීක්‍ෂා කරන ස්කැනර්... |
"යුගදනවි විශාල දූෂණයක්; ජාතික සංවිධාන එකමුතුවෙන් අල්ලස් කොමිසමට පෙත්සමක්!" | "ජාතික සංවිධාන එකමුතුව වශයෙන් අපි මේ පෙත්සම අල්ලස් කොමිසමට ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි දකින්නේ මේක විශාල දූෂණයක් හැටියට. මේ එල්එන්ජී ගිවිසුම ටෙන්ඩර් කැඳවන්නේ නැතුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව, කැබිනට් අනුමැතියකින් තොරව සම්පූර්ණයෙන්ම බලහත්කාරයෙන්ම වගේ ඉදිරිපත් කරපු ගිවිසුමක්. ඒ වගේම මේක ඇත්ත වශයෙන්ම දූෂණයක්. ම... |
"ත‍්‍රි’මලේ තෙල් ටැංකි මැතිසබය අවුළවයි" | "* ඉන්දියාවට අපි පැවරුවේ නැහැ – විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක කිරිඇල්ල* අපි අත්සන් කළේ අවබෝධතා ගිවිසුමක් – හිටපු ඇමැති කබීර් හෂිම්* පුළුවන්නම් ඒ ගිවිසුම පෙන්වන්න – ඇමැති ගම්මන්පිල2003 ආණ්ඩු සමයේදී ති‍්‍රකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සියය ඉන්දියාවට ලබාදීමට අදාළ ගිවිසුමක් තිබෙන බව ආණ්ඩු පක්ෂය සඳහන් කිරීම සහ විපක්ෂය එවැනි ගිවි... |
"බී බී සීයත් ‘‘මැණිකේ’’ බලයි" | "බී බී සී ලෝක සේවය ශ‍්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානිද සිල්වා ඉන්දියාවේ තාරකාවක් වීම පිළිබඳ විශේෂ වාර්තාවක් පළකර ඇත.The Sri Lankan singer winning hearts in India මැයෙන් යොහානි ගැන මෙම වීඩියෝ වාර්තාව පළකර තිබේ. ‘‘මැණිකේ මගේ හිතේ’’ ගීතය නිසා ඇය සමස්ථ ඉන්දියාවම කළඹා ඇති බවත්, බොලිවුඞ් පතාක යෝධයින් පවා මෙම ගීතයට වස`ග වී ඇත... |
"දත්ත මැකූ සැකකරු මීට පෙරත් දත්ත මකලා – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්" | "ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ තිබූ ඉතා සුවිශේෂී දත්ත ලක්ෂ එකොළහකට අධික ප‍්‍රමාණයක් හිතාමතාම මකා දමා ඇති එෆික් ලංකා සමාගමේ පරිගණක දත්ත ගබඩා පරිපාලක නිලධාරියෙකු ලෙස කටයුතු කළ සහකාර මෘදුකාංග ඉංජිනේරු ප‍්‍රමෝද් දිලූප රාමනායක නමැත්තාට ඇප ලබාදෙන ලෙසට විත්තිය කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධි... |
"සුදු ලූනු ‘ගේම ගැසූ’ කෝටිපතියා මාට්ටු – තවත් කෝටිපතියන් තිදෙනකු අල්ලන්න සොයයි" | "ලංකා සතොස ආයතනයේ නිලධාරීන් පිරිසක් සමග එක්ව රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමෙන් යුත් සුදු ලූනු තොගයක් වංචනික ලෙස මිලදී ගත් බව කියන කෝටිපති ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (06 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ කැඳවා සිටි අතර එම ප‍්... |
"දත්ත මැකූ සැකකරු මීට පෙරත් දත්ත මකලා – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්" | "ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ තිබූ ඉතා සුවිශේෂී දත්ත ලක්ෂ එකොළහකට අධික ප‍්‍රමාණයක් හිතාමතාම මකා දමා ඇති එෆික් ලංකා සමාගමේ පරිගණක දත්ත ගබඩා පරිපාලක නිලධාරියෙකු ලෙස කටයුතු කළ සහකාර මෘදුකාංග ඉංජිනේරු ප‍්‍රමෝද් දිලූප රාමනායක නමැත්තාට ඇප ලබාදෙන ලෙසට විත්තිය කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධි... |
"ගැටුම බේරන්න ගිය පොලිසියට ගහලා නිලධාරීහු 4 ක් රෝහලේ" | "කිළිනොච්චිය ධර්මපුරම් කල්ලාර් ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එල්ල වූ ප‍්‍රහාරයකින් පොලිස් නිලධාරීන් සිවුදෙනකු තුවාල ලබා රෝහල්ගතකර ඇත.පෙරේදා (05 වැනිදා) සිදු වූ මෙම ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එක් නිලධාරියකු කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් තිදෙනා ධර්මප... |
"ත‍්‍රස්ත පනතේ සංශෝධනයට දුන් පොරොන්දුව ගැන අපි අවධානයෙන් – යුරෝපා සංගමය" | "ශ‍්‍රී ලංකාව 2017 වසරේදී නැවතත් ජී. එස්. පී. ප්ලස් (GSP+) වැඩසටහනට සම්බන්ධ කර ගැනීමේදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන එක්කිරීමට ශ‍්‍රී ලංකාව ලබාදුන් පොරොන්දුව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ශ‍්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් ෂයිබ් මහතා ප‍්‍රකාශ කළේය.යුරෝපා වෙළෙඳ පොළට පිවිසීමට ශ‍්‍රී ලංකාවට ඇති ප‍්‍රධ... |
"එල්පී ගෑස් සමාගමක් අරඹන්න අනුමැතිය" | "ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධ එල්පී ගෑස් සමාගමක් ආරම්භ කිරීම ස`දහා පෙරේදා (05 වැනිදා) පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී අනුමැතිය ලබාදී ඇත. තෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද පිරිපහදුව මගින් මේ වන විට දිනකට එල්පී ගෑස් මෙටි‍්‍රක් ටොන් 70-90 අතර ප‍්‍රමාණයක් නිදවනු ලබන අතර එම ප‍්‍රමාණය මෙරට ගෑස් ඉල්ලූමෙන් සියයට 5 කි.ඒ අනුව නව ... |
"පැන්ඩෝරා හෙළිකිරීම ගැන මසක් ඇතුළක වාර්තාවක් දෙන්න – ජනපති නියමයෙන් අල්ලස් කොමිසම වැඩ අරඹයි" | "* මා ගැන පරීක්‍ෂණයක් කරන්න – තිරුකුමාර් නඬේසන් ජනපතිගෙන් ඉල්ලයිආන්දෝලනාත්මක පැන්ඩෝරා පති‍්‍රකාවල නම සඳහන් ශී‍්‍ර ලාංකිකයන් හා එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝගකර ඇත. අදාළ විමර්ශන වාර්තාව මාසයක් ඇතුළත ලබාදෙන ලෙස කොමිෂන් සභාවේ සභාපතිවර... |
"ඊයේ (6) ගුරු දිනය දා ගුරුවරු උද්ඝෝෂණයේ" | "හැටන් නගර මධ්‍යයේලෝක ගුරු දිනය යෙදී තිබුණු (06) දිනයේ ගුරු විදුහල්පතිවරුන් පිරිසක් හැටන් නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලකරමින්, දැනට ගුරු විදුහල්පතිවරුන් ආරම්භකර ඇති වෘත්තිය සමිති ක‍්‍රියා මාර්ගවලට සමගාමීව හැටන් කලාප අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල... |
"60 ට වැඩි අයට – සෞඛ්‍ය සේවකයන්ට 3 වැනි මාත‍්‍රාව දෙන්න ෆයිසර් මිලියන 6.8ක්" | "වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට මෙන්ම සෞඛ්‍ය සේවකයන් සහ ආරක්‍ෂක අංශවල පිරිස් වෙත කොවිඞ් මර්දන එන්නත්හි තුන්වැනි මාත‍්‍රාව වශයෙන් ෆයිසර් එන්නත් මාත‍්‍රා මිලියන 6.8 ක් ඇනවුම් කර ඇතැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) කීය.කෙසේ වෙතත් එන්නත්හි වෙළෙඳ සන්නාම ගැන නොසිතා මෙරටට ලබාගැනීමට හැකි ඕනෑ... |
"කැලණිවැලිය ඇහැලියගොඩ දක්වා යන ලකුණු" | "අවිස්සාවේල්ල සිට ඇහැලියගොඩ දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගය යළි දීර්ඝ කිරීම සඳහා සොයාබැලීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. රුවන්පුරයට ජන එකමුතුව සංවිධානය මගින් පසුගිය සතියේ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා හමුවී කරුණු පෙන්වාදීමෙන් පසු දුම්රිය සාමාන්‍යාධිකාරි ජේ.අයි.ඞී. ජයසුන්දර ... |
"ඊයේ කොරෝනා මරණ 43යි" | "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06දා) කොරෝනා මරණ 43ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (05දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,185 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයින් 786ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 516,269 දක්වා ඉහළ ගියේය.කොවිඞ් වෛරසය ... |
"ගෙදර යන්න වුණාට මට දුකක් නැහැ – මේ ආණ්ඩුවේ වැඩ ගැන නම් කනගාටුයි – රනිල් මැති සබයේදී කියයි" | "අග‍්‍රාමාත්‍ය ධූරය සහ ආණ්ඩුව අහිමිවී ගෙදර යෑමට සිදුවීම පිළිබඳ තමාට කනගාටුවක් නැතැයි එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය.එහෙත්, වත්මන් ආණ්ඩුව සහ අගමැති කටයුතු කරන ආකාරය දුටුවිට තමාට කණගාටු යැයි ද හෙතෙම සඳහන් කළේය.විපක්‍ෂ මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ... |
"රසායනික පොහොර තහනමට එරෙහිව මද්දුමබණ්ඩාර හේමකුමාර උසාවි යති" | "රසායනික පොහොර වර්ග ආනයනය කිරීම සහ භාවිත කිරීම තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය අපේ‍්‍රල් 27 වැනිදා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර සමගි ගොවිජන පෙරමුණේ සභාපති හේමකුමාර නානායක්කාර සහ සමගි ගොවිජන පෙරමුණේ ලේකම් පී. හැරිසන් යන මහත්වරු ඊයේ (06 දා) ශ්... |
"විරෝධතා එයි: බන්දුල සුදු ලූනු උත්තරය මගින් නවතා සභාගත කරයි" | "සතොස ආයතනයේ සිදුව ඇති සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් ඊට පෙර දින විපක්ෂනායක විසින් 27/2 යටතේ අසන ලද ප‍්‍රශ්නයට දීර්ඝ පිළිතුරක් ලබාදීමට ගිය වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට විපක්ෂයේ දැඩි විරෝධය එල්ල විය.ඒ හේතුවෙන් එම විරෝධතා මධ්‍යයේ අදාළ සම්පූර්ණ පිළිතුර වාචිකව ඉදිරිපත් කරනවා වෙනුවට එම දීර්ඝ පිළිතුර සභාගත කිරීමට සි... |
"ප‍්‍රභාකරන් පුම්බන චිත‍්‍රපටයට කාම්බෝජයේ තහනමක්" | "ප‍්‍රභාකරන් වීරයකු ලෙස හඳුන්වමින් නිපදවූ මෙතඟු නමැති චිත‍්‍රපටය සිනමාහල් සහ රූපවාහිනි සේවාවල විකාශනය කිරීම කාම්බෝජ රජය තහනම් කර ඇත. මෙම කොටි චිත‍්‍රපටය තහනම් කරන ලෙස ශී‍්‍ර ලංකා රජය කාම්බෝජ රජයෙන් ඉල්ලා තිබිණි. තමිල් රලම් චිත‍්‍රපට සංවිධානය නිපදවූ මෙම කොටි චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණයකර ඇත්තේ කිට්ටු නමැත්තෙකි.බෞද්ධ රටක් වූ ... |
"දකුණු ආසියානු කලාපයේ දිගම උමගෙහි ඉදිකිරීම් නුදුරේදීම" | "දකුණු ආසියානු කලාපයේ දිගම උමෙ`ගහි ඉදිකිරීම් ලබන වසරේ අපි‍්‍රයෙල් මාසයේදී ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. උතුරු මැද පළාත් ඇළෙහි මෙම උම`ග ඉදිකිරීමට මූලික කටයුතු ආරම්භ කර තිබේ.හෙක්ටයාර 74000 කට යල – මහ දෙකන්නයේ දියවර සැපයීමට ඉදිකෙරෙන උතුරු මැද පළාත් ඇළ යටතේ මෙම උම`ග ඉදිකෙරෙන බව මහවැලි ජල සුරක්‍ෂිතතා ආයෝජන වැඩසටහනේ ප‍්‍රධාන සන... |
"ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමුකරන ඉල්ලීම ඉවතට" | "ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරන ලෙස බි‍්‍රතාන්‍ය පාර්ලමේන්තු මන්තී‍්‍රවරුන් 18 ක් සහ ජිනිවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේකළ ඉල්ලීම බි‍්‍රතාන්‍ය රජ්‍ය ප‍්‍රතික්‍ෂේප කර ඇත. ශ‍්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට ඉදිරිපත් කළහොත් රුසියාව සහ චීනය එය පරාජය කරන බව බි‍්‍රතාන්‍ය රජය ස... |
"ලක් සතොස සුදුලූනු වංචාව බන්දුලම පිළිගනී…. ටෙන්ඩර්වලින් බැහැරව හොර මිල ගණන් යොදලා මේ පළමු හෝ අවසන් වංචාව නෙවේ…" | "සතොස ආයතනය තුළ සුදු ලූනු සම්බන්ධයෙන් දැවැන්ත වංචාවක් සිදුව ඇති බව තමා අවංකවම පිළිගන්නා බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5 දා* කියා සිටියේය. එවැනි වංචාවක් සතොසේ සිදුවූ පළමු හෝ අවසන් අවස්ථාව මෙය නොවන බව කී ඇමැතිවරයා පසුගිය ආණ්ඩුව සමයේදී ලක් සතොස ආයතනයේ සිදුවූ දැවැන්ත වංචා හයක් සම්බන්ධ අපර... |
"පැන්ඩෝරා හෙළිදරව්වෙන් දේශපාලකයන්ගේ නම් හෙළි වෙනවා" | "කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (05 දා) පෙරවරු 10.00 ට රැස්විය. ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී විජිත හේරත් (ජ.වි.පෙ.)අද ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ. කොරෝනා ආර්ථිකය කඩා වැටීමට හේතුව කියලා ආණ්ඩුව කියනවා. පළමු කාර්තුවේ ආර්ථික වේගය සෘණ එකයි. අද හැම පෝලිමක්ම ආවේ ඒ නිසයි.අද හාල් මිල තීරණ... |
"ඇමැති තර්ජනය කළ කොටි රැඳවියා ඇතුළු 8 කගේ රැකවල් තර කරන්න උසාවියෙන් නීතිපතිට උපදෙස්" | "රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් පසුගිය 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරය තුළදී පිස්තෝලයක් එල්ලකර මරණීය තර්ජනය කළ බව කියන එල්ටීටීඊ රැුඳවියා ඇතුළු පෙත්සම්කරුවන් අටදෙනාට ප‍්‍රමාණවත් ආරක්‍ෂාවක් ලබාදෙන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට හා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05... |
"ශ‍්‍රී ලාංකිකයන්ගේ පැන්ඩෝරා වත්කම් හෙළිකිරීමට සමාගම් බැහැ කියයි" | "ශ‍්‍රී ලාංකිකයන් විසින් ලොව විවිධ රටවල වෙරළින් පිටත සමාගම්වල තැන්පත් කර ඇති වත්කම් ගැන තොරතුරු හෙළි කිරීම එම සමාගම් විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.මෙම සමාගම් වලට එම තොරතුරු හෙළිකරන ලෙස ලොව ආණ්ඩුවලට බලපෑම් කළ නොහැකි බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. බිහිසුණු අපරාධකාරී ක‍්‍රියාවලට සම්බන්ධ වන්නන් ගැන තොරතුරු හෙළි කරන ලෙස ජාත්‍ය... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.