Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"වට්ස් ඇප් ෆේස්බුක් ඊයේ පැය 6 ක් නවතී… ඩොලර් බිලියන 6 ක පාඩුවක්" | "වට්ස් ඇප් – ඉන්ස්ටර්ග‍්‍රැම් සහ ෆේස්බුක් අඩවි ඊයේ (5දා) අක‍්‍රීය වී ඇත. ඊට මුල් වූ හේතුව මෙතෙක් හෙළි වී නැත.මෙම වෙබ් අඩවිවල හිමිකරු ෆේස්බුක් සමාගමයි. මේ නිසා ෆේස්බුක් සමාගමට ඩොලර් බිලියන 6 ක පාඩුවක් සිදු වී ඇත. මෙම වෙබ් අඩවි පැය 6කට පසු යළි සක‍්‍රීය වී තිබේ.කීර්ති වර්ණකුලසූරිය" |
"පරණවිතානයන්ගේ 49 වන ගුණ සමරුව ගාල්ල කොටු පවුරදී" | "හිටපු පුරා විද්‍යා කොමසාරිස්වරයෙකු වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ 49වන ගුණ සමරුව නිමිත්තෙන් ගාල්ල කොටු පවුර ඉදිරිපිට ඇති ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් ජාතක උරුමයන් ප‍්‍රසාංගිකකලා හා ග‍්‍රාමීය කලා ශිල්පි ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා(04* සවස පැවැත්විණි.ම... |
"මෘදුකාංග අපනයනයෙන් පසුගිය වසරේ බිලියන 1.7 ක විදේශ මුදලක් උපයයි" | "තොරතුරු තාක්‍ෂණයට අදාළ මෘදුකාංග අපනයනය තුළින් පසුගිය වසරේදී ශ‍්‍රී ලංකාව රුපියල් බිලියන 1.7 ක විදේශ මුදලක් උපයා ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05 දා) පැවැසීය. විවාදය ආරම්භ කරමින්, වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මුළු ලෝකයම මුහුණ දුන්න දැවැන්තම ඛේදවාචකයට අද මුහුණ දීලා. ඒ නිස... |
"තිරු නඩේෂන් මේ ඉපැයීම් කළේ 1990 – 2000 කාලයේ" | "පැන්ඩෝරා පත‍්‍රිකා සම්බන්ධව අයි. සී. අයි. ජේ. වෙබ්අඩවිය දක්වා ඇත්තේ තිරු නඬේෂන් මහතා 1990 හා 2000 කාලය තුළ උපයා ගත් බව කියන ආදායම් බව සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (05 දා)පාර්ලිමේන්තුවේදී පැවසීය. මොහු ඒ කාලයේ ඉපැයීම් කළා නම් ඊට වගකිව යුත්තේ එවක... |
"කෘෂිකර්ම අපනයන ආදායමේ සියයට 17.4 ක වර්ධනයක්" | "මේ වර්ෂයේ (2021) පළමු මාස හතේදී ශ‍්‍රී ලංකාවේ සමස්ත කෘෂිකර්ම අපනයන ආදායම ගිය වසරේ (2020) පළමු මාස හතට සාපේක්ෂව සියයට 17.4 කින් වර්ධනය වී ඇත.මේ අනුව ගිය වර්ෂයේ (2020) පළමු මාස හතේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1300.1 ක් වූ සමස්ත කෘෂිකර්ම අපනයන ආදායම මේ වර්ෂයේ (2021) පළමු මාස හතේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1526 ක් දක්වා වර්ධන... |
"චීන වරායේ තෙල් ටැංකි පහුගිය රජය ඉන්දියාවට දීපු බවට ගම්මන්පිල කියූ කතාව පට්ටපල් බොරුවක්" | "චීන වරායේ තෙල් ටැංකි ටික සදාකාලීනව පහුගිය රජය ඉන්දියාවට ලියල දීපු බවට ඇමැති උදය ගම්මන්පිල මහතා කියූ කතාව පට්ටපල් බොරුවක් යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. රත්නපුර දිස්ත‍්‍ර... |
"ලංකාවේ සල්ලි හොයපු චෞරයන් ගැන පැන්ඩෝරා හෙළිදරව්වෙන් තහවුරු වෙලා" | "දේශපේ‍්‍රමී සළුපිළි පොරවාගත් චෞර වළල්ලක් ජනතාවගේ සාරය සූරා ගනිමින් ඇති බවට මෑත ඉතිහාසයේ හොඳම සාක්ෂිය පැන්ඩෝරා පත‍්‍රිකා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. ජවිපෙ කියන දේ අහන්න සූදානම් නැති කවුරුන් හෝ ඉන්නවා නම් ජාත්‍යන්තර වශයෙන් හෙළිදරව් වන මෙම තොරතුරු ගැනවත් අවධානය යොමු කරන්න යැයි ජනතාව... |
"පුටින් පෙම්වතියට මන්දිරයක් දීලා… පැන්ඩෝරා හෙළි කිරීම් රුසියාව ප්‍රතික්‌ෂේප කරයි" | "පැන්ඩෝරා පති‍්‍රකා හරහා හෙළිකරණ කරුණු රුසියාව ප්‍රතික්‌ෂේප කර තිබේ.ක්‍රෙම්ලිනයේ ප‍්‍රකාශක දිමිති‍්‍ර පෙෂ්කොව් සඳහන් කර ඇත්තේ සනාථ කළ නොහැකි හෙළිදරව්වක් සිදුකර ඇති බවත්, පැන්ඩොරා පති‍්‍රකා හරහා ජනපති පුටින්ගේ පෙම්වතියට මොනාකෝ රාජ්‍යයේ මන්දිරයක් ඇති බව හෙළිකර තිබිණි. ඩොලර් මිලියන 4 ක් වටිනා එය මිලදී ගෙන ඇත්තේ පුටින් ජනප... |
"මේ වසරේ මෙතෙක් ෆෙස්බුක් පැමිණිලි 8743 ක් – වැඩිම පැමිණිලි කාන්තාවන්ගෙන්" | "මෙම වසරේ (2021) මේ දක්වා කාලය තුළ ෆේස්බුක් සම්බන්ධයෙන් පැමිණිලි 8743 ක් ලැබී ඇතැයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ප‍්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා ‘දිවයින’ට ඊයේ (5 දා) පැවැසීය.මින් සියයට 60 කටත් වැඩියෙන්ම පැමිණිලි කර ඇත්තේ කාන්තාවන් බවද හෙතෙම කීය.පසුගිය වසරේ (2021) පමණක් ෆේස්බුක් සම්බන්ධයෙන් පැම... |
""කිරිපිටි, ගෑස්, සිමෙන්ති මිල තීරණය ඊයෙත් නෑ… තවත් කැබිනට් රැස්වීමක් ඉදිරියේදී"" | "කිරිපිටි, ගෑස්, පාන් පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීම සම්බන්ධව කිසිදු තීරණයක් ඊයේ (05 දා) පැවැති කැබිනට් රැස්වීමේදී ගෙන නැත. මේ සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා විශේෂ කැබිනට් රැස්වීමක් ඉදිරි දින කීපයේදී පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.ඩොලරයේ මිල ඉහළ යෑම නිසා මෙම භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවීමට මේ වනවිට... |
"යහපාලන සමයේ සතොස වංචා ගැන කළ පැමිණිලිවලට ප‍්‍රතිචාරයක් නෑ… හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන" | "යහ පාලන ආණ්ඩුව සමයේ සතොස ආයතනයේ සිදු වූ වංචා දූෂණ පිළිබඳව 2020 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රගතියක් දැක ගන්නට නැතැයි පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා ‘‘දිවයින’’ට ඊයේ (05දා* පැවසීය. චමල් රාජපක්‍ෂ ඇමැතිවරයා 2020 වෙළෙඳ ඇමැතිවරයාව සිටියදී තමා සතොසේ... |
"නුවරඑලියේ ස්ට්‍රෝබෙරි බෙරි වෙයි… ගොවීන් වගාවෙන් ඉවතට" | "නුවරඑලිය සීත දේශගුණයට හිතකර වූ බහුදේශීය පළතුරක් වශයෙන් හඳුන්වන ස්ට්‍රෝබෙරි වගාවට නිසි වෙළඳපොලක් සහ ස්ට්‍රෝබෙරි වගාවට යොදන රසායනික පොහොර නොමැති වීම නිසා එම වගාවෙන් ඉවත් වී එලවළු වගාවට යොමු වීමට ස්ට්‍රෝබෙරි වගාකරුවන් තීරණය කර ඇත.නුවරඑලිය නගරය ආශ‍්‍රිතව මාගස්තොට, සිතාඑලිය, මීපිලිමාන යන ප‍්‍රදේශවල ස්වයං රැුකියාවක් වශයෙන් ... |
"ත‍්‍රීමලේ තෙල් ටැංකි දෙරටටම සුබ ලෙස විසඳා ගැනීමට ඇමැතිට පැවරුවා ඉන්දීය ආයෝජකයන්ටත් ඇරයුම්… ජනපති විදේශ ලේකම්ට කියයි" | "ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳව පවතින තත්ත්වය දෙරටටම සුබදායී අයුරින් විසඳා ගැනීමේ වගකීම විෂයභාර අමාත්‍යවරයාට පවරා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම් ශ‍්‍රී හර්ෂ් වර්ධන් ෂ‍්‍රිංග්ලා මහතාට පැවසීය. ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ (05 දා* පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඉන්දීය විදේශ ලේකම්වරයා සමග පැවැත... |
"ඉන්දු – ලංකා ගිවිසුමෙන් ත‍්‍රි’මලේ තෙල් ටැංකි සීයම ඉන්දියාවට දීලා- ඇමැති උදය ගම්මන්පිල" | "* අලූතින් දෙන්න දෙයක් නෑති‍්‍රකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි සියය අලූතින් පවරා දීමට දෙයක් නැහැ. ඒ සියල්ලම එක්සත් ජාතික පක්‍ෂ රජය සමයේ ඉන්දු ශ‍්‍රී ලංකා ගිවිසුම යටතේ ඉන්දියාව සතුවී ඇතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවැසීය.මෙම තෙල් ටැංකි සීයම 1987 හා 2003 අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් අනුව ඉන්දියාවට භාරදී... |
"පාස්කු ප‍්‍රහාරයේ විත්තිකරුවන් 25ට අධිචෝදනා විසිතුන්දහසක් – 12 දෙනෙක් රජයේ වියදමින් නීතිඥවරුන් ඉල්ලති" | "මුස්ලිම් අන්තවාදීන් විසින් 2019 අපේ‍්‍රල් 21 වැනිදා දිවයිනේ පිහිටි ප‍්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන හා තරුපහේ සංචාරක හෝටල් ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 23,270 ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ අධිචෝදනා පත‍්‍ර නවුෆර් මවුලවි, සදීත් මවුලවි ඇතුළු විත්තිකරුවන් ... |
"පැන්ඩෝරා පේපර්වලින් ලොව කළු සල්ලි හිමිකරුවන්ගේ නම් එළියට – නිරූපමා සහ සැමියාගේ නමත් – ලොව සුපිරි ක‍්‍රීඩකයෝ සහ රාජ්‍ය නායකයෝත් ඒ අතර" | "ලොව කළු සල්ලි හිමි හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන් රජවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 300 කගේ තොරතුරු ‘‘පැන්ඩෝරා පේපර් නැමැති ලියැවිලිවලින් අනාවරණය වී ඇත.ශ‍්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි නිරූපමා රාජපක්‍ෂ සහ ඇගේ සැමියා වූ තිරු නඬේෂන් ද එම ලියැවිලිවල සඳහන් වී තිබේ.රුසියාවේ ජනපති පුටින්, ජෝර්දාන් රජු, හිටපු බි‍්... |
"යොහානිට රජයෙන් උපහාර පුද කරනවා – රාජ්‍ය ඇමැති විදුර කියයි" | "මැණිකේ මගේ හිතේ ගීතයෙන් ජාත්‍යන්තරය දිනාගත් යොහානි ද සිල්වාට රාජ්‍ය සම්මානයක් පුදකර උපහාර දැක්වීමට රජය කටයුතු කරන බව ජාතික උරුම ප‍්‍රසංග හා කලා රාජ්‍ය ඇමැති විදුර වික‍්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04 දා) පැවසීය.සමගි ජනබලවේගයේ මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා විසින් අසන ලද වාචික ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ම... |
"‘ප‍්‍රථම වතාවට මිණිබිරිය දුටුවා’ – ජනපතිගෙන් ෆේස්බුක් සටහනක්" | "තමාට ප‍්‍රථම වතාවට සිය මිණිබිරිය දැක බලා ගැනීමට හැකිවූ බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා සිටී. පසුගියදා ඇමෙරිකාවේ නිව්යෝක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට ගිය අතරවාරයේ මිණිබිරිය දැක බලා ගැනීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. ඇමරිකාවේ සංචාරයක නිරතව ස... |
"වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඇමරිකානුවන් දෙදෙනකුට" | "වෛද්‍ය විද්‍යාව සඳහා හිමිවන නොබෙල් ත්‍යාගය මෙවර අමෙරිකානුවන් දෙදෙනකුට හිමිවී තිබේ.අමෙරිකානු විද්‍යාඥ ඬේවිඞ් ජූලියස් සහ ආඩම් පෙටාපෝෂියන් වෙත එම නොබෙල් ත්‍යාග හිමිවී ඇත.ස්නායු ආවේගයන් ඔස්සේ මිනිස් සිරුරේ උෂ්ණත්වය සහ පීඩනය දැන ගන්නා ආකාරය පිළිබඳ ක‍්‍රමවේදයන් විස්තර කිරීම හේතුවෙන් මේ දෙදෙනා සම්මාන ලබා තිබේ. චතුර පමුණුව" |
"සජබ මන්ත‍්‍රීන්ට ගැටලූ කියන්න පංච පුද්ගල කමිටුවක්" | "සමගි ජනබලවේගයේ මන්ත‍්‍රීවරුන්ට තම ගැටලූ ඉදිරිපත් කිරීම සඳහා පක්‍ෂය විසින් පංචපුද්ගල කමිටුවක් පත් කර තිබේ.සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සභාපති සරත් ෆොන්සේකා, ජ්‍යෙෂ්ඨ උප සභාපති ඉමිතියාස් බාකිර් මාකර්, භාණ්ඩාගාරික ඉරාන් වික‍්‍රමරත්න, ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරු මෙම කමිටුවට ඇතුළත් වෙති.සමගි ජන බලවේගය නායක... |
"කැබිනට් රැස්වීම අදට කල්යයි" | "කිරිපිටි, ගෑස්, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැුසක මිල සංශෝධනය සම්බන්ධව සහ සහල් මිල පාලනය සම්බන්ධ තීරණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04 දා) පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැුස්වීම අද (05 දා) සවස 5.30 දක්වා කල් දමා ඇත.ජනාධිපතිවරයා සිය ඇමෙරිකානු නිල සංචාරය නිමකර යළි දිවයිනට පැමිණිය... |
"පාරිභෝගික අධිකාරියේ දූෂණ හෙළි කළ හිටපු අධ්‍යක්‍ෂගෙන් ප‍්‍රශ්න නොකරන්නේ ඇයි? – බුද්ධික පතිරණ මැති සබයේදී අසයි" | "පාරිභෝගික අධිකාරියේ සිදුව ඇති දූෂණ වංචා පිළිබඳව බරපතළ අනාවරණ දෙකක් සිදුකර ඇති හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප‍්‍රශ්න කිරීමට මෙතෙක් පියවර ගෙන නැත්තේ කුමන හේතුවකට දැයි මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා (සජබ) ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ... |
"පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගැනීමෙන් – පොලිසිය වගකීම පැහැර හැරියා කීමට බැහැ – රනිල් වික‍්‍රමසිංහ" | "පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගැනීමෙන් එවකට රාජකාරි කළ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලිස් අධිකාරිවරුන් වගකීම පැහැර හැරියා යැයි කීමට තමාට නොහැකි බව එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04 දා) පැවසීය.පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කරමින් මේ වනවිට රිමාන්ඞ් භාරයේ... |
"පාර්ලිමේන්තුව – කිරිඇල්ලගේ වාහනය ගයන්ත අවභාවිත කරලා – පරීක්‍ෂණයක් කරන්න මුසම්මිල් ඉල්ලයි" | "විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට ලබාදෙන වාහනයක් මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් පාවිච්චි කිරීම වාහන අවභාවිත කිරීමක් බැවින් ඒ පිළිබඳ පරීක්‍ෂණයක් කරන්නැයි ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) විශේෂ ඉල්ලීමක් කළේය.එහිදී මොහොමඞ් මුසම්මිල් මහතා මෙ... |
"ඊයේ තවත් ෆයිසර් තොගයක් දිවයිනට" | "ශ‍්‍රී ලංකා රජය විසින් ඇනවුම් කර ඇති ”ෆයිසර්” එන්නත් මාත‍්‍රා 40 ලක්ෂයක ප‍්‍රමාණයෙන් පළමු එන්නත් තොගය ලෙස එන්නත් මාත‍්‍රා 304,000 ක ප‍්‍රමාණයක් 04 දින අලූයම දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැුගෙන විත් තිබේ.ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මෙම ”ෆයිසර්” එන්නත් මාත‍්‍රා ලක්ෂ 40 ක ප‍්... |
"ඊයේ කොරෝනා මරණ 40ක්" | "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (04දා) කොරෝනා මරණ 40ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (03දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,102 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 786ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 515,211 දක්වා ඉහළ ගියේය.කොවිඞ් වෛරසය ආසාදිතව ර... |
"බොලිවුඩය වසග කළ යොහානිට ඩයස්පෝරාව ගොරවයි" | "යොහොනි ද සිල්වා ලොව පුරා ජනප‍්‍රිය වීමත් සමඟ කොටි හිතවාදී කණ්ඩායම් ඇයට එරෙහිව විවිධ ප‍්‍රචාර පැතිරවීම ආරම්භ කර තිබේ. කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ පුද්ගලයන් ට්විටර් හරහා මෙවැනි ප‍්‍රකාශ පළකර තිබේ.ශ‍්‍රී ලංකාවේ හා ඉන් පිටත සිටින ඊළාම් දෙමළ ජනතාව යොහානිද සිල්වාට සහය නොදිය යුත්තේ ඇගේ පියා යුද අපරාධකරුවකු නිසා බව එ... |
"ඉන්දීය විදේශ ලේකම් දළදා සමිඳුන් වැඳපුදා ගනී" | "ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ඓතිහාසික ආගමික හා සංස්කෘතික බැඳීම තව තවත් තහවුරු කිරීම තම සංචාරයේ අරමුණ බව ඉන්දීය විදේශ ලේකම් ශ‍්‍රී හාෂ් වර්ධන් ශ‍්‍රින්ගාලා මහතා පැවසීය.මහනුවරට පැමිණ ඊයේ (03දා) ශ‍්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විදේශ ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කළේය.දළදා මාළිගාව... |
""ගෑස්,කිරිපිටි, සිමෙන්ති මිල තීරණය අද"" | "ජනාධිපතිවරයා සිය ඇමෙරිකානු නිල සංචාරයෙන් පසු පවත්වන පළමු කැබිනට් රැස්වීම අද (04දා) සවස පැවැත්වීමට නියමිතය. මෙහිදී කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල වැඩිකිරීම සහ සහල් මිල පාලනය සම්බන්ධව තීරණ ගැනීමටද නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.එසේම සිව්දින නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ‍්‍රී හර්... |
"ඉන්දීය විදේශ ලේකම් ති‍්‍රකුණාමලය තෙල් ටැංකි බලන්න යයි" | "ඉන්දීය විදේශ ලේකම් ශ‍්‍රී හර්ෂ් වර්ධන ෂ‍්‍රිංග්ලා මහතා ඊයේ (03දා) දහවල් ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වෙත පැමිණියේය.පහළ ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ ශ‍්‍රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිතතාව ඉහළ නැංවීම සඳහා ඉන්දු – ශ‍්‍රී ලංකා බලශක්ති සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් ලංකා IOC ආයතනය එහිදී ඉන්ද... |
"ඒකාබද්ධ යුද අභ්‍යාසයකට ඉන්දීය යුද හමුදාවේ 102 ක් මත්තලින් දිවයිනට" | "ඉන්දීය යුද හමුදාවේ නිලධාරීන් 18 දෙනකු ඇතුළු 102 ක් පෙරේදා (2දා) දහවල් ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් යානයකින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ‘දිවයින’ට පැමිණියහ.ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර අම්පාරේදී සති දෙකක් පුරා පැවැත්වෙන මිත‍්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා ඔවුන් මෙලෙස පැමිණ ඇත. ඉන්දියානු යුද හමුදාවේ කර්නල් ප‍්... |
"සාම්පල පරීක්‍ෂාවෙන් නුසුදුසු වූ පෝර තොගය සිංගප්පූරුව හරහා දිවයිනට එනවා – ජාතික ගොවිජන සම්මේලනයේ සභාපති" | "සාම්පල් පරීක්‍ෂාවේදී දෙවරක් අහිතකර ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බවට තහවුරු වූ ආනයනික පොහොර තොගය මේ වන විට සිංගප්පූරුව හරහා ශී‍්‍ර ලංකාවට පැමිණෙමින් තිබෙන බව ජාතික ගොවිජන සම්මේලනයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ‘දිවයින’ට ඊයේ (3දා) පැවැසීය.කිලෝ 93000 ක පොහොර තොගය රැගත් නැව ඉදිරි දින දෙක තුන ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බවද මෙම ... |
"මත්ද්‍රව්‍ය චෝදනාවකට ශාරුක්ගේ පුත‍්‍රයා අත්අඩංගුවට" | "සුපිරි නළු ශාරුක් ඛාන්ගේ වැඩිමහල් පුතු වන ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.මුම්බායේ සිට ගෝවා බලායන කොර්ඬේලියා නෞකාවේ සංවිධානය කර තිබූ මත්ද්‍රව්‍ය සාදයකට කඩා වැදුණු නිලධාරීන් ශාරුක්ගේ පුතු ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙ... |
"සෞඛ්‍ය වෘත්තීය සමිති 8 දා දවස පුරාම වර්ජනයේ" | "කොවිඞ් වසංගතය අවසන් වන තුරු රුපියල් 7500 දීමනාව ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා ලබන සිකුරාදා (8දා) එක්දින වැඩවර්ජනයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.වෘත්තීය සමිති 40 ක සහභාගීත්වයෙන් 08 වැනිදා දවස පුරා සේවයෙන් ඉවත්වී සිටීමට අමතරව උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද රට පුරා කි‍්‍රයාත්මක කරන බව රජයේ හෙ... |
"රැ එළිවෙනකොට ජාතික සම්පතක් විකුණලා – සජිත් පේ‍්‍රමදාස" | "මේ දවස්වල එළිවෙනකොට අහන්න ලැබෙන්නේ රටේ කොහේ හරි තැනක ජාතික සම්පතක් හොර රහසේම විකුණා දැමීමේ ප‍්‍රවෘත්ති බවත්, ආණ්ඩුව සහමුලින්ම ක‍්‍රියාත්මක කරන්නේ ජනතාව මරණ මංචකයට දක්කාගෙන යමින් රටපුරා මාෆියාවට ඉඩදීම බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.එක අතකින් 70, 77 වකවානුවේ පැවැති පෝලිම් යුගය රට පුරා නිර්මාණය වී ඇති බව ප... |
"කෝටිපතියන් වූ සතොස නිලධාරීන් ගැන පොලිස් විමර්ශන – ඇමැති සරත් වීරසේකර" | "කෝටිපතියන් බවට පත්වූ බව කියන සතොස නිලධාරීන් පිරිසක් පිළිබඳව විශේෂ පොලිස් විමර්ශනයක් සිදුකරන බව මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර මහතා ‘දිවයින’ ට ඊයේ (03දා) පැවැසීය.සුදුලූනු වංචාවට සමාන තවත් වංචාවන් රැසක් කාලයක් තිස්සේ සිදුවන බවට තොරතුරු සනාථ කර ගැනීම සඳහා මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයිද හෙතෙම කීවේය.මෙම සතොස නිලධාරීන්... |
"කෝටිපතියන් වූ සතොස නිලධාරීන් ගැන පොලිස් විමර්ශන – ඇමැති සරත් වීරසේකර" | "කෝටිපතියන් බවට පත්වූ බව කියන සතොස නිලධාරීන් පිරිසක් පිළිබඳව විශේෂ පොලිස් විමර්ශනයක් සිදුකරන බව මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර මහතා ‘දිවයින’ ට ඊයේ (03දා) පැවැසීය.සුදුලූනු වංචාවට සමාන තවත් වංචාවන් රැසක් කාලයක් තිස්සේ සිදුවන බවට තොරතුරු සනාථ කර ගැනීම සඳහා මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයිද හෙතෙම කීවේය.මෙම සතොස නිලධාරීන්... |
"නිල බලයෙන් පිම්බුණු ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයකු අධිවේගයේදී පොලිස් නිලධාරියකුට සද්දෙ දමලා" | "තම රියදුරු බලපත‍්‍රය ලබාගෙන පරීක්‍ෂා කළ පොලිස් නිලධාරියකුට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු බැණවදින වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වෙමින් පවතී.නිසියාකාරව රාජකාරිය කළ අදාළ නිලධාරියා හට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමට කටයුතු කර තිබේ.අදාළ ලේකම්වරයා සහ ඔහුගේ බිරිඳ දක්‍ෂිණ ... |
"ගිය මාසයේ උද්ධමනය පහළට" | "කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට 5.7 ක් දක්වා අඩුවී ඇත.එම උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 6 ක් විය.මේ අතර ආහාර කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට 11.5 සිට සියයට 10 දක්වා පහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට 3.5 සිට 3.8 දක්වා ඉහළ ගොස් තිබේ.ශ්‍යාම් ... |
"සුදුලූනු වංචාවට සම්බන්ධ බවට ඔප්පු කළොත් දේශපාලනයෙන් සමුගන්නවා – වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන" | "සතොස සුදුලූනු වංචාවට සම්බන්ධ බවට ඔප්පු කළහොත් ඒ මොහොතේම ඇමැති හා මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් වනවා පමණක් නොව සදහටම ලාංකීය දේශපාලනයෙන් ද තමා සමුගන්නා බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (03දා) ‘දිවයින’ට පැවැසීය.මෙම වංචාව සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ කඩිනම් කරවා තමාට සාධාරණය ඉටුකර දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙ... |
""සිනමා, ටෙලි නිළි සමන්තා ඈපාසිංහ කොවිඞ් ආසාදිතව මියයයි"" | "ජනප‍්‍රිය සිනමා හා ටෙලිනාට්‍ය නිළියක වූ සමන්තා ඈපාසිංහ කොවිඞ් ආසාදිතව ඊයේ (03දා) අභාවප‍්‍රාප්ත වූවාය. පන්නිපිටිය ධර්මපාල විiාලයේ ඉගෙනුම ලැබූ සමන්තා දයාසේන ලියනගේ ගේ මුහුද මුද්‍රා නාට්‍යයෙන් රංගන දිවිය ආරම්භ කළ අතර ලූෂන් බුලත්සිංහල හා බන්දුල විතානගේ ආදීන් විසින් ඇය පුංචි තිරයට එක් කළහ. මවකගේ හීනය, අසල්වැසියන්ගේ සෙනෙහෙබ... |
"ජී එස් පී සහන ගන්න ධීවර පනතට සංශෝධන" | "ජී. එස්. පී. සහන ලබාගැනීම සඳහා යුරෝපීය කොමිසමේ උපදෙස් මත ධීවර පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.ශ‍්‍රී ලංකාවේ මසුන් අපනයනය කරන විශාලතම රාජ්‍යයන් යුරෝපීය කොමිසමට අයත් රටවල් වෙයි. දැනට මෙරටට ලබාදෙන ජී. එස්. පී. සහනය දිගටම ලබාදීම සඳහා වර්තමානයේ පවතින ධීවර පනතේ ඇති නීතිමය ගැටලූ රැුසක් එම රටවල නීති අංශ මගින් ධීවර අමාත්‍යාංශය... |
"ඇමරිකානු සමාගමකින් කොරෝනා ප‍්‍රතිවෛරස් ඖෂධයක්" | "දරුණු ලෙස කොරෝනා ආසාදනයට ගොදුරු වන පුද්ගලයන් මියයෑමෙන් හා රෝහල්ගත වීමෙන් වැළැක්විය හැකි නව බෙහෙත් කරලක් ඇමරිකානු බහුජාතික සමාගමක් විසින් නිපදවා ඇමරිකානු බලධාරීන්ගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.මර්ක් සහ සමාගම විසින් නිපදවා ඇති ‘මොල්නුපිරවිර්’නමැති මෙම බෙහෙත් කරල සඳහා අනුමැතිය ලැබුණහොත් එය කොරෝනා... |
"ආණ්ඩුව ජනතාව පෝලිම්වල ගාල් කරලා – රුවන් විජයවර්ධන" | "මාස තුනක් ගතවී ඇතත් ලාෆ් ගෑස් ගන්න තැනක් නැතැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 383 කින් වැඩි කළත් ඔවුන්ට එය ප‍්‍රමාණවත් නැතැයි කියමින් වෙළෙඳපොළට ගෑස් නිකුත් කරන්නේ නැතැයිද ඔහු අවධාරණය කළේය. මහජනතාව පීඩාවට පත්කරන්න ව්‍යාපාරිකයන්ට ඉඩනොදෙන බව කියමින් බලය ගත්... |
"පුවත්පත් කතුවරුන්ගෙන් සී.අයි.ඩිය ප‍්‍රශ්න කිරීමට යෑම අතිශය කනගාටුයි – ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම" | "විශ්වීය තොරතුරු දැනගැනීමේ සැමරුම් දිනයේම පුවත්පත් ආයතන කිහිපයකට රහස් පොලිසිය පැමිණීම පිළිබඳව මම ජනමාධ්‍ය ඇමැතිවරයා විදියට ඉතාමත් කනගාටු වෙනවා. පළමු වතාවට පුවත්පතක තිබූ කතුවැකියක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා ප‍්‍රධාන කතෘවරයා රහස් පොලිසියට කැඳවීම පිළිබඳව මගේ දැඩි විරෝධයත් මේ අවස්ථාවේ පළකරන්නට කැමැතියි. තොරතුරු දැනගැ... |
"ඊයේ කොරෝනා මරණ 40ක්: මෙරට කොරෝනා මරණ දහතුන් දහස පනී" | "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03දා) කොරෝනා මරණ 40ක් වාර්තා කරනු ලැබීය. මෙම මරණ පෙරේදා (02දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,059 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 542ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 514,967 දක්වා ඉහළ ගියේය.කොවිඞ් වෛ... |
"ගෝලීය කොවිඞ් මරණ ලක්ෂ පනහ ඉක්මවයි" | "ලොව පුරා මේ දක්වා වාර්තා වන කොවිඞ් මරණ ගණන ලක්ෂ 50 ඉක්මවා ඇත. පළමු මරණ ලක්ෂ 25 වාර්තා වීමට මාස 12ක් ගතවී ඇති අතර දෙවැනි මරණ ලක්ෂ 25 වාර්තා වී ඇත්තේ මාස 08කදීය. මේ වන විට දිනපතා ලොව පුරා වාර්තාවන කොවිඞ් මරණ ගණන අනුව මිනිත්තුවකදී මරණ 05ක් වාර්තාවන බව හඳුනාගෙන ඇත. දැනට ලොව රටවල් 194ක කොවිඞ් රෝගය පැතිර ඇත. ඉන් රටවල් 187කම... |
"සිසුන් 200 ට අඩු ප‍්‍රාථමික පාසල් 3000 ක් මේ මාසයේ ආරම්භ කරනවා – අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන" | "සිසුන් 200 ට අඩු ග‍්‍රාමීය ප‍්‍රාථමික පාසල් 3000 ක් මේ මාසය ඇතුළත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ‘දිවයින’ ට ඊයේ (03 වැනිදා) පැවැසීය.සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව පළාත් සභා, අධ්‍යාපන අමාත්‍යාංශ... |
"සතොසේ තවත් වංචාවක් ගැන සීඅයිඩී විමර්ශනයක්" | "සුදු ලූනු වංචාවට සමාන තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හොර රහසේ විකිණීම සම්බන්ධ වංචාවක් සතොස තුළ සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද එම තොරතුරු සනාථ කර ගැනීමට විමර්ශන කටයුතු සිදුකිරීමට රහස් පොලිසියට පැවරූ බවද මහජන ආරක්‍ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.දැනට පෑලියගොඩ ප... |
"වාහන ආනයනය තවදුරටත් බෑ; භාණ්ඩ 623 ක සීමා ඉවතට" | "මීට සති තුනකට පෙර මහ බැංකුව විසින් ආනයනික භාණ්ඩ වර්ග 623 ක් මත පැනවූ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව පෙරේදා (01 දා* සිට අත්හිටුවීමට නව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පියවර ගත්තේය. හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා විසින් සැප්තැම්බර් මස 09 වැනිදා මෙම සියයට සියයක ආන්තික තැන්... |
"මාධ්‍ය නිදහසට කළ බරපතල අනතුරක්… සීඅයිඩිය මාධ්‍යවේදීන් හඹායෑම පිළිකුල් සහගතයි" | "කර්තෘ සංසදය නිවේදනය කරයිසුදුලූනු වංචාව රටට හෙළි කළ පුවත්පත්වල මාධ්‍යවේදීන් හා ප‍්‍රධාන කර්තෘවරුන් හඹා යෑමට සී. අයි. ඞීය කටයුතු කිරීම මෙරට මාධ්‍ය නිදහසට එල්ල කළ බරපතළ අනතුරු සංඥාවක් බවත් ඊට තම පිළිකුල හා අප‍්‍රසාදය පළ කරන බවත් ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.ඇමැතිවරයකුගේ පැමිණිල්ලකට අදා... |
"බස් 20000 ක් රෙපයාර් කරන්න ගැමුණු වන්දි ඉල්ලයි" | "මගී ප‍්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථ 20,000 න් 15,000 ක්ම අර්ධ වශයෙන් අබලන් වී ඇති බැවින් මෙම බස් රථ අලූත්වැඩියා කර ගැනීමට බස් රථ හිමියන් හට වන්දි මුදලක් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.කොවිඞ් තත්ත්වය මත අගෝස්තු 20 දා සිට... |
"සුමංගල ඩයස්ට ඉතාලිය හරස් වෙයි" | "හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස් මහතා ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස පිළිගැනීම ඉතාලි රජය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. කොටි ඩයස්පෝරාවේ දැඩි බලපෑම් මීට හේතුවී තිබේ. මීට පෙර කැනඩාවේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස ශ‍්‍රී ලංකා රජය ඒ මහතාව පත්කළ අතර කැනඩා රජය ද ඊට එකඟවී නැත. කැනඩාවේ කොටි ඩයස්පෝරාව ඒ මහතා යුද අපරාධකරුවකු ලෙසද නම් කර... |
"සතොසේ තවත් වංචාවක් ගැන සීඅයිඩී විමර්ශනයක්" | "සුදු ලූනු වංචාවට සමාන තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හොර රහසේ විකිණීම සම්බන්ධ වංචාවක් සතොස තුළ සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද එම තොරතුරු සනාථ කර ගැනීමට විමර්ශන කටයුතු සිදුකිරීමට රහස් පොලිසියට පැවරූ බවද මහජන ආරක්‍ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.දැනට පෑලියගොඩ ප... |
"වාහන ආනයනය තවදුරටත් බෑ; භාණ්ඩ 623 ක සීමා ඉවතට" | "මීට සති තුනකට පෙර මහ බැංකුව විසින් ආනයනික භාණ්ඩ වර්ග 623 ක් මත පැනවූ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව පෙරේදා (01 දා* සිට අත්හිටුවීමට නව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පියවර ගත්තේය. හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා විසින් සැප්තැම්බර් මස 09 වැනිදා මෙම සියයට සියයක ආන්තික තැන්... |
"මාධ්‍ය නිදහසට කළ බරපතල අනතුරක්… සීඅයිඩිය මාධ්‍යවේදීන් හඹායෑම පිළිකුල් සහගතයි" | "කර්තෘ සංසදය නිවේදනය කරයිසුදුලූනු වංචාව රටට හෙළි කළ පුවත්පත්වල මාධ්‍යවේදීන් හා ප‍්‍රධාන කර්තෘවරුන් හඹා යෑමට සී. අයි. ඞීය කටයුතු කිරීම මෙරට මාධ්‍ය නිදහසට එල්ල කළ බරපතළ අනතුරු සංඥාවක් බවත් ඊට තම පිළිකුල හා අප‍්‍රසාදය පළ කරන බවත් ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.ඇමැතිවරයකුගේ පැමිණිල්ලකට අදා... |
"බස් 20000 ක් රෙපයාර් කරන්න ගැමුණු වන්දි ඉල්ලයි" | "මගී ප‍්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථ 20,000 න් 15,000 ක්ම අර්ධ වශයෙන් අබලන් වී ඇති බැවින් මෙම බස් රථ අලූත්වැඩියා කර ගැනීමට බස් රථ හිමියන් හට වන්දි මුදලක් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.කොවිඞ් තත්ත්වය මත අගෝස්තු 20 දා සිට... |
"වරායේ කෝටි 4 ක මාස්ක් මගඩියක්" | "වරාය අධිකාරියේ සේවකයන් සඳහා ලබාදෙන මුව ආවරණ මිලදී ගැනීමේදී රුපියල් කෝටි 04 ක පමණ අක‍්‍රමිකතාවක් සිදුව ඇතැයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකානන්ද මහතා පැවසීය. වෙළෙඳපොළේ රුපියල් 07 ක් වැනි මිලකට ගත හැකි මුව ආවරණ වරාය අධිකාරියේ බලධාරීන් විසින් රුපියල් 40 ක් වැනි මිලකට ලබා ගැනීම නිසා මෙම අක... |
"සුදුලූනු මගඩිය සමග වහන්න හදන තවත් දූෂණ වංචා රැසක්… විශේෂ හෙළිදරව්වක්" | "හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ බාල සහෝදරයකු වන ඩඞ්ලි සිරිසේනගේ නායකත්වයෙන් වී මෝල් හිමියන් කණ්ඩායමක් පසුගියදා රජයට කළ අභියෝගය සුළුපටු නොවේ. වී මෝල් හිමියන් ඇති කළ ප‍්‍රබල තෙරපුම හේතුවෙන් වී සහ සහල් මිල පාලනය කිරීමට වර්තමාන රජය ගත් සමස්ත ක‍්‍රියාමාර්ගය උඩු යටිකුරු විය. මිල පාලනය ක‍්‍රියාත්මක කිරීමට අදාළ ගැසට්ටුව ... |
"අලුත් මිලට ගැසට් එක නොගැහුවොත් හාල් මිල ආයෙත් ඉහළට…" | "වෙළඳපොළේ කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති ආදියෙහි මිල ඉහළ යනු ඇති බවට පසුගිය දිනවල ආරංචි පැතිර යමින් පැවැතියේ ඉතා ශීඝ‍්‍රයෙනි. එමෙන්ම ඒවායේ හිඟයක්ද වෙළඳපොළේ මේ දක්වාම පවතින බව නොරහසකි. මහජනතාව බලපොරොත්තුව සිටියේද ඉකුත් සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ භාණ්ඩවල මිල ඉහළ දැමීම හෝ ඊට සම්බන්‍ධව යම් තීරණයක් ගනු ඇ... |
"හැසිරීම හොඳ නෑ; ඇප දෙන්න බෑ රිෂාඞ් යළිත් ඇතුළේ" | "මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියක කෲරත්වයට පත්කිරීම සහ වධ හිංසාවට ලක්කිරීම ඇතුළු චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතා ලබන 14 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (01 දා* නියෝග කළාය. එම සැකකරු ... |
"අධිචෝදනා ලබා පොඩි පොඩි කතා…." | "පාස්කු ඉරුදින ත‍්‍රස්ත බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට අධිචෝදනා පත‍්‍ර භාරදීම ඊයේ (01 දා) කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ සිදුවිය. ඉන් අනතුරුව හේමසිරි ප‍්‍රනාන්දු (වමේ) හා පූජිත් ජයසුන්දර යන මහත්වරුන් කතාබහක යෙදී සිටි අයුරු.... |
"යාපනයේ අපරාධ රැල්ල වහා නතර කරන්න… උතුරේ ආණ්ඩුකාරවරියගෙන් ආරක්ෂක අංශවලට නියෝග" | "යාපනයේ තැනින් තැන වර්ධනය වෙමින් පවතින අපරාධ හා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා රැල්ල වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සියලූම ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට පෙරේදා (30 දා* දැනුම් දී තිබේ. යාපනයේ බොහෝ ස්ථානවල විවිධ ආකාරයේ අපරාධ හා ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් සිදුවන බව පෙන්වා දෙන ආණ්ඩුකාරවරිය වන පී. එම්. එස්. චාර්ල්ස්... |
"පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගැනීම; හේමසිරිට පූජිත්ට අධිචෝදනා 855 ක්" | "සහරාන් හෂීම් ප‍්‍රමුඛ මුස්ලිම් ත‍්‍රස්තවාදීන් 2019 අපේ‍්‍රල් 21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම ඇතුළු අධිචෝදනා 855ක් සහිත අධිචෝදනා පත‍්‍ර ඊයේ (01 දා* කොළඹ විශේෂ මහාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජ... |
"මල් කියන්නෙ කාට කාට… ළමයින්ටයි පාට පාට….! රිජ්වේ ආර්යා ළමා රෝහල ලෝක ළමා දිනය සමරයි" | "ලෝක ළමා දිනය යෙදුණු ඊයේ (01 දා) බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ළමා දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි. මෙහිදී නේවාසික රෝගී දරුවන් ගීත ගායනා කිරීම විශේෂත්වයක් විය. ඊට අමතරව ඔවුන් චිත‍්‍ර අඳිමින් සිය හැකියාවන් විදහා පෑවේය. එසේම රෝහල් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ද ගීත ගායනා කරමින් දරුවන් සතුටු කරවනු ලැබූහ. මීට ... |
"ගනුදෙනුකරුවන්ගේ දේපොළ පවරා ගැනීම් මාස 6 කට අත්හිටුවයි… ඉන්ධන ගෑස් හිගයකට ඉඩ නෑ" | "වසංගතයෙන් බලපෑමට ලක් වූ ණය ගැනුම්කරුවන් සදහා දේපළ පවරා ගැනීම (පරාටේ නීතිය කි‍්‍රයාත්මක කිරීම) සහ වාහන නැවත පවරා ගැනීම ඉදිරි මාස හයක කාලයකට අත්හිටුවීමට බැංකු හා මූල්‍ය ආයතනවලට උපදෙස් ලබාදෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (01 දා) මහ බැංකුවේ කෙටිකාලීන ‘පෙරදැක්ම’ ඉදිරිපත් කරමින් පැවසීය. රටෙහි බොරතෙල් බිල... |
"යොහානිගේ පළමු ප‍්‍රසංගයට ඉන්දියාවෙන් ඉහළ ප‍්‍රතිචාර" | "උණුසුම් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර හමුවේ යොහානි ද සිල්වා සිය පළමු ප‍්‍රසංගය පෙරේදා (30 දා* රාති‍්‍රයේදී ඉන්දියාවේ ගුරුගොන්හිදී පැවැත්වූවාය.මේ සඳහා යොහානි සමග ඇගේ සංගීත කණ්ඩායම ද සහභාගි විය. ඇය ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගයනවිට ඉන්දීය පේ‍්‍රක්ෂකයන්ගේ නොමඳ ප‍්‍රතිචාරයක් හිමි විය.ඇගේ මීළඟ ප‍්‍රසංගයට හෙට (03 දා* හයිද්‍රාබාද්හිදී ප... |
"ගුවන්තොටේ තීරණය රට අනතුරේ හෙළීමක්" | "ගුවන් මගීන් සහ සංචාරකයන් පී. සී. ආර්. පරීක්ෂාවකින් තොරව, රටට ඇතුළු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය නිසා රටම අවදානමකට ලක්ව ඇතැයි සෞඛ්‍ය වාත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.එංගලන්තය, ප‍්‍රංශය වගේ රටවල්වල තත්ත්වය වැරදියට පෙන්නලා ව්‍යාපාරික උවමනාවන් මත නැවත නැවත කොවිඞ් තීරණ ගැනීම නිසා රට... |
"ලෝක මූල්‍ය ලොක්කෝ තිදෙනෙක් ශී‍්‍ර ලංකාවට" | "ලෝකයේ ප‍්‍රධාන පෙළේ මුල්‍ය ආයතන තුනක නියෝජිතයින් මේ දිනවල මෙරටට පැමිණ තිබේ.ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය සහ ලෝක බැංකු නියෝජිතයෝ පිරිසක් ඒ අනුව මෙරටට පැමිණ සිටිති.ආසියානු සංවර්ධන බැංකුව ඔවුන්ගේ 55 වැනි සංවත්සරය ලබන වසරේ පවත්වන අතර එය මෙරටදී පැවැත්වීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට මෙම පිරිස පැමිණ තිබේ. ඔවුන් මුදල්... |
"පටන් ගත්ත ගමන් ‘පොල් පැටවූ’ බස් 9ක් අත්අඩංගුවට" | "රට විවෘත කළ ඊයේ (01 දා) සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මගීන් වැඩිපුර පටවාගෙන ධාවනය වූ පෞද්ගලික බස්රථ 9ක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප‍්‍රසන්න සංජීව මහතා ‘දිවයින’ට ඊයේ (01 දා) පැවසීය.මෙලෙස මගීන් අධික ලෙස පටවාගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ ද කඩකරමින් පැමිණ තිබුණේ කළුතර, අල... |
"ගුවන්තොටේ තීරණය රට අනතුරේ හෙළීමක්" | "ගුවන් මගීන් සහ සංචාරකයන් පී. සී. ආර්. පරීක්ෂාවකින් තොරව, රටට ඇතුළු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය නිසා රටම අවදානමකට ලක්ව ඇතැයි සෞඛ්‍ය වාත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.එංගලන්තය, ප‍්‍රංශය වගේ රටවල්වල තත්ත්වය වැරදියට පෙන්නලා ව්‍යාපාරික උවමනාවන් මත නැවත නැවත කොවිඞ් තීරණ ගැනීම නිසා රට... |
"බෙල්ලන්විල රාජමහා විහාරයටත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්" | "ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය අන්තර් සහයෝගයෙන් යුතුව ගොඩනැෙඟන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කිරීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පසුගිය 29 වැනිදා සිදු කෙරිණි.බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක හිමියන් වහන්සේ හා වෘත්තීය ... |
"රන්ජන්ට දැන්වත් සමාව දෙන්න… ගීතා කුමාරසිංහ" | "‘‘රන්ජන්ට දැන්වත් සමාව දෙන්න කියලා මා ජනාධිපතිතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. එයා මිනීමරලා නැහැ. ස්තී‍්‍රන් දූෂණය කරලා නැහැ’’ යැයි පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය ‘දිවයින’ට ඊයේ (01 දා) පැවසුවාය.තමා මීට පෙරද පාර්ලිමේන්තුවේදී සහෝදර රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට සමාව දෙන ලෙටස ඉල්ලා සිටි නමුත් එයට... |
"ජී. එස්. පී. ප්ලස් කපන්න යුරෝපා සංගමය තීරණය කරලා…. සුමන්තිරන් කියයි" | "ශී‍්‍ර ලංකාවට ලබාදෙන ජී. එස්. පී. ප්ලස් සහනය අහෝසි කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇතැයි ද්‍රවිඩ සංවිධාන මන්තී‍්‍ර එම්. කේ. සුමන්තිරන්් මහතා ප‍්‍රකාශ කර ඇත. මානව හිමිකම් දිගටම උල්ලංඝනය වීම මෙයට හේතු වී ඇතැයි ඔහු තවදුරටත් කීවේය.ද්‍රවිඩ සන්ධාන නියෝජිත කණ්ඩායම යුරෝපා සංගමයේ දූත කණ්ඩායම හමුවී ශී‍්‍ර ලංකාවට එරෙහිව බරපතළ පැමිණ... |
"සුදුලූනු ආරංචියක් ආවොත් අනේ මට කියන්න – බන්දුල ගුණවර්ධන මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලයි" | "සුදුලූනු වංචාව සම්බන්ධව මාධ්‍යට කිසියම් තොරතුරක් ලැබෙනවානම් පොලිසියට ඒ ගැන දැනුම්දෙන ලෙස මාධ්‍යවේදීන්ගෙන් තමා කාරුණිකව ඉල්ලා සිටින බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (01 දා) කියා සිටියේය.මාධ්‍යවේදීන් කිසිවකු සමග තමාගේ කිසිදු අමනාපයක් නැතැයි ද තමා කලක් ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කි‍්‍රයා කළේ යැයි ද හෙතෙම කිය... |
"ඉතාලි නගර සභාවකින් කැකිල්ලේ තීන්දුවක්" | "ඉතාලියේ පැලර්මෝ මහ නගර සභාව විසින් ශී‍්‍ර ලංකාවේ ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදු වූ බවට නිල වශයෙන් පිළිගෙන ඇත.පැලර්මෝ නගරාධිපති ලෙක්ලූටෝ ඔර්ලැන්ටෝ පැලර්මෝ කොටි ඩයස්පෝරාව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් ඒ බව පිළිගෙන තිබේ. ඒ අනුව සෑම වසරකම මැයි 12 වැනිදා ද්‍රවිඩ සමූල ඝාතන දිනය ලෙස නම්කර සැමරීමේ උත්සවයක් පැවැත්වීමට පැලර්මෝ... |
"‘මූලික අයිතිවාසිකම් කඩවුණා’ කොටි සැකකරුවෝ 8 ක් ලොහාන්ට එරෙහිව උසාවි යති" | "රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරය තුළදී තමාව දණගස්වා හිසට පිස්තෝලයක් එල්ල කර සිදුකළ මරණීය තර්ජනය නිසා තමා ඇතුළු එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නිගමනය කරන ලෙස ඉල්ලා එල්.ටී.ටී.ඊ. සැකකරුවකු වන පුගාලසිංහම් සුරියබාලන් ඇතුළු සැකකරුවෝ අටදෙනෙක් ඊයේ (30 දා* ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අය... |
"ඇත්ත කියන අය දඩයම් කිරීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියයි – මාධ්‍යවේදීන් සී.අයි.ඩියට කැඳවන ආණ්ඩුව මහජන නියෝජිතයන් කැඳවීම අරුමයක් නොවේ – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස" | "ඇත්ත කියන අය දඩයම් කිරීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය යැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.ජනතාවට ඇත්ත හෙළිකරන මාධ්‍යවේදීන්ව, පුවත්පත් කර්තෘවරුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ආණ්ඩුවක්, මහජන නියෝජිතයින්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට කටයුතු කිරීම පුදුමයක් නොවන බවද ඒ මහතා පැවසීය.ඊයේ (30 දා) පෙරවරුවේ සම... |
"පශ්චාත් කොවිඞ් සමය ජය ගැනීමට ඒ.ඞී.බී. බැංකු සමුළුව මෙරට පැවැත්වීම වැදගත් – මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ" | "* කොරෝනා එන්නත්කරණයෙන් ශ‍්‍රී ලංකාව ප‍්‍රශස්තයි – ආසියානු සංවර්ධන බැංකුවේ මහ ලේකම්සමස්තයක් ලෙස කොවිඞ් ව්‍යසනය කළමනාකරණය කිරීම අතින් ශ‍්‍රී ලංකාව ප‍්‍රශස්ත මට්ටමකට පැමිණ ඇති බවත්, කොවිඞ් එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක වෙමින් පවතින බවත් ආසියානු සංවර්ධන බැංකුවේ මහ ලේකම් මුහමඞ් ඉෂාන් ඛාන් මහතා පවසා ඇත.ලබන ... |
"ඩොලර් මිලියන 700 ක ආයෝජනයක්; කොළඹ වරායේ ‘බටහිර’ අදානිට… වරායට 15% අදානිට 51% හවුල්කාර සමාගමට 34%" | "ගිවිසුම අත්සන් කළ මොහොත…. කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සියයට 51ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට හිමිකර දෙමින් එය ඉදිකර, මෙහෙයුම් කි‍්‍රයාත්මක කරමින් අයිතිය පවත්වාගෙන යෑම සහ යළි භාර දීම ස`දහා වූ ගිවිසුමට (BOT) ඊයේ (30 වැනිදා) අත්සන් තැබිණි. මෙම ගිවිසුම අනුව කොළඹ වරාය බටහිර පර්යන්තයේ සියයට 51 කොටස් අදානි පෝර්ට්ස් ඇන්ඞ් ස්පෙ... |
"කුලියාපිටියේ දරුවන් නිර්මාණය කළ පාරිසරික කලාපය විනාශ කළ අමනයෝ නිදැල්ලේ" | "කුලියාපිටිය, කෝංගහගෙදර පහළ පිදුම ප‍්‍රදේශයේ ඉදිකර තිබූ මනරම් පරිසර කලාපයකට බීමත්ව පැමිණි පිරිසක් මසුන් ඇල්ලීමට ඉඩ නුදුන්නැයි කියා එය කඩා බිඳ දමා තිබේ. කෝංගහගෙදර පන්සල් ඔය රක්‍ෂිතයට අයත් ගොඩබිම් ප‍්‍රදේශයක් ව`දවීගෙන යන වැදගත් වෘක්‍ෂලතා ආදිය සිටුවා ප‍්‍රදේශයේ දරුවන් පිරිසක් එක්ව ව්‍යාපාරිකයකු විසින් අදාළ ඔයෙහි තිබූ පාසි... |
"වරායේ සියයට 70 ක් අපට අහිමි වෙලා… ගිවිසුම අත්සන් කළේ ඊයේ උදේ 11.12 ට" | "රටට හිමිව තිබූ බටහිර පර්යන්තය ද ඊයේ (30 දා) පෙරවරු 11.12 ට ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමත් සමග සමස්ත වරායෙන්ම වරාය අධිකාරියට අයත් වන්නේ සියයට 30 ක බහලූම් ධාරිතාවක් යැයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා පැවසීය. මෙම ගිවිසුම්ගතවීමත් සමග බටහිර පර්යන්තයේ සියයට 51 ක කොටස් ඉන්දියාවේ අද... |
"සුදුලූනු සිද්ධිය මාධ්‍යවේදීන්ට පොලිසියේ කනගාටුව" | "ලංකා සතොස ආයතනයේ සිදුවූ බව කියන සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් හෙළිදරව් කළ මාධ්‍යවේදීන්ගෙන් සහ මාධ්‍ය ප‍්‍රධානීන්ගෙන් ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කිරීම නිසා සිදු වූ අපහසුතාව පිළිබඳව පොලිස් මූලස්ථානය සිය කනගාටුව පළකර සිටියි.පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතාගේ ... |
"අධ්‍යාපන විදෙස් ශිෂ්‍යත්ව 300ක් නොසුදුස්සන්ට දෙන්න හදනවා" | "අධ්‍යාපන පරිපාලන නිලධාරීන් 300 දෙනකුට විදෙස් ශිෂ්‍යත්ව ලබාදීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ ලැබී තිබෙන රුපියල් මිලියන 2400 ක මුදලක් භාවිතා කර වංචා සහගත ආකාරයට නොසුදුසු නිලධාරීන් යැවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය. ප‍්‍රසම්පාදන කමිටු මගින් දෙවරක්ම විදෙස් ... |
"මට්ටක්කුලියේ ඝාතනය: ලුතිනන් කර්නල් අද තෙක් රිමාන්ඞ්" | "තමන් යටතේ සේවය කළ කෝප‍්‍රල්වරයකු සමග අනියම් සබඳතාවයක් පැවැත්වූයේ යැයි කියන ග‍්‍රාමනිලධාරිනියගේ සැමියා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම හා කුමන්ත‍්‍රණය කිරීම හා එම ඝාතන කි‍්‍රයාවලිය මෙහෙයවීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මට්ටක්කුලිය යුද හමුදා බුද්ධි කඳවුරේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කළ ලූතිනන් කර්නල... |
"ඉගෙනගත් පාසලේ ටීවී තුන සොරාගත් සොහොයුරෝ දැලේ" | "කඩුවෙල” බෝමිරිය ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පාසලකට රාත‍්‍රි කාලයේ ඇතුලූ වී එහි ප‍්‍රාථමික පන්තිවල සවිකර තිබූ රූපවාහිනී යන්ත‍්‍ර තුනක් සොරා ගත් සොහොයුරන් දෙදෙනකු නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම සැකකරුවන් දෙදෙනා එම විද්‍යාලයේම ආදි සිසුන් දෙදෙනෙකි. මීට අමතරව විදුහලේ පුටු හා මේස කිහිපයක් ද සොරාගෙන ඇති මොවුන් ඒවා පරණ ය... |
"ජනවසම පරිගණක දත්තත් මකන්න හදලා: සේවිකාවකගේ වැඩ තහනම්" | "ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලයට අයත් තොරතුරු පරිගණකයෙන් මකා දැමීමට උත්සාහ කිරීමේ සිද්ධියක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇත.පසුගිය කාලයේ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටි ඉහළ පාලනාධිකාරිය තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු එයට සම්බන්ධ බවට සැක කරන සේවිකාවකගේ වැඩ තහනම් කිරීමට ... |
"ගැටලු විසඳනවා වෙනුවට ගුරු මර්දනය පටන් අරන්… ජෝසප් ස්ටාලින්" | "ගුරු විදුහල්පති ගැටලු විසඳීම වෙනුවට ගුරු විදුහල්පති වෘත්තීය සමිති මර්දනය කිරීමට ආණ්ඩුව වැඩ කටයුතු ආරම්භ කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (30 දා* පැවසීය. මේ සඳහා අලුත්ම වැඩසටහන ලෙස පසුගිය අගෝස්තු මස 04 වැනිදා කොට්ටාව, මොරටුව, කඩවත ඇතුළු ප‍්‍රදේශ හතරක සිට කොළඹට පැමිණි රථවාහන පෙළපාලියේ රථ... |
"අම්මේ… මගේ හිස හිරිවැටිලා… පාඩම් නොකළැයි පහර කෑ දරුවා රෝහලේදී මියගිහින්…. සැකකාර පියා රිමාන්ඩ්" | "කොසු මිටෙන් පහරදී 16 හැවිරිදි තම පුතා ඝාතනය කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර පියා ඔක්තෝබර් 13වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (30) නියෝග කළේය. සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවිමටද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය. – අහංගම – සුග... |
"පැය පහක් එක දිගටම දත්ත මකලා – ඖෂධ ජාවාරම්කරුවන් වෙනුවෙන් කළ පරිඝණක ත‍්‍රස්තවාදයක් – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්" | "ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එපික් ලංකා ටෙක්නොලජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරු ප‍්‍රමෝද් දිලූප රාමනායක මහතා ලබන 6 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ශලනි පෙරේරා මහත්මිය ඊයේ (29 දා) පස්වරුවේ නියෝග කළාය.ඒ සම්බන්ධය... |
"අපේ ගෑස් කැණීම් ඇමෙරිකාවටදීම ආයෝජකයින් කැඳවීමට බාධාවක් – ඇමෙරිකානු ගෑස් හාදකමට මම විරුද්ධයි – රටට අවාසි ගිවිසුමකට මම අත්සන් කරන්නේ නෑ" | "ශ‍්‍රී ලංකාවට අවාසිදායක ගිවිසුමකට තමා නම් අත්සන් නොකරන බව ඛනිජ තෙල් ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීමට අදාළව රටට අවාසිදායක කිසිදු ගිවිසුමකට ඛනිජ තෙල් ඇමැතිවරයා ලෙස තමන් අත්සන් නොතබන බවත් හෙතෙම කීවේය.බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (29 දා) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත්... |
"පිටකොටුවේ තොග වෙළෙන්දකුට දුන්නා නම් ආණ්ඩුවට වඩා හොඳට හාල් ප‍්‍රශ්නය විස ඳනවා- අනුර කුමාර දිසානායක" | "සහල් අර්බුදය විසඳීම පිටකොටුවේ තොග වෙළෙන්දෙකුට භාර දුන්නේ නම් වත්මන් ආණ්ඩුවට වඩා හොඳින් එය ඔවුන් විසඳීමට අනිවාර්යෙන්ම කටයුතු කරනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (29 වැනිදා) රජයට චෝදනා කරමින් සඳහන් කළේය.සහල් මිල ඉහළ යද්දී එම නිෂ්පාදනය ක‍්‍රමානුකූලව බෙදා හැරීමට විධිමත් සැලැස්මක් නොමැතිව පි... |
"ඛනිජ තෙල් දුම්රියෙන් බෙදාහැරීම 60% කින් වැඩි කිරීමට පියවර" | "ඛනිජ තෙල් සංස්ථාව විසින් දිවයින පුරා සිදු කරන තෙල් බෙදාහැරීම සඳහා දුම්රිය භාවිතය වැඩිකිරීමට තීරණය කර ඇත. ඒ අනුව දැනට 38% ක් වන දුම්රිය මඟින් ඛනිජ තෙල් ප‍්‍රවාහනය කිරීමේ කටයුතු 60% දක්වා වැඩි කිරීමට පියවර ගනු ලැබේ. බවුසර් මගින් මහාමාර්ග හරහා සිදු කෙරෙන තෙල් ප‍්‍රවාහනයෙන් මාර්ගවල තදබදයත්, පරිසර දූෂණය හා රිය අනතුරුත් වැළ... |
"ඇතිවෙන්න මෙහේ තියනවා රටින් හාල් ඇටයක්වත් එපා" | "මේ රටේ අවශ්‍ය තරම් වී තොග තිබියදී රටින් හාල් ඇටයක්වත් ගෙනඒමේ අවශ්‍යතාවයක් නැතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඊයේ (29 දා* පැවසීය.ගිය වසරේ මහ බැංකු වාර්තාවට අනුව මාස 17කට රටේ අවශ්‍ය තරම් වී තොග පවතින බවට වාර්තා කර ඇතැයි ද එම වී තොග නිසි අධ්‍යනයක් කර සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිර... |
"තායිලන්ත කැංසාවරී මසකට පසු ප්‍රදර්ශනයට" | "තායිලන්තයෙන් රැගෙන ආ කැංසාවරි පක්ෂීන් මසක කාලයකින් පසු මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පවසයි. ලොව දෙවැනි විශාලතම පක්ෂීන් කාණ්ඩයට සහ දරුණුම පක්ෂි ගණයට අයත් මෙම පක්ෂීන් අතර මාස 9 ක් වයසැති පිරිමි සතුන් දෙදෙනකු සහ ගැහැනු සතකු සිටින බව එම සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මහත්මිය ප... |
"දුම්රිය ඇණ බිල්ල මෙල්ල කරන්න 300ක බළකායක්" | "දුම්රිය මාර්ගවල ඇණ ගලවාගෙන යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් 300 දෙනකුට අධික පිරිසක් යෙදවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී. එස්. පොල්වත්තගේ මහතා ‘දිවයින’ට ඊයේ (07 දා) පැවසීය. පසුගිය දින කීපයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හා ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැන... |
"දේශබන්දු තෙන්නකෝන්ගේ විදෙස් ගමන් තහනම ඉවතට" | "පසුගිය වසරේ මැයි 09 වැනිදා අරලියගහ මන්දිරයට රැස් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ගාලුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියට කඩාපැන අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අනුව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තම අධිකරණය ... |
"දළදා මාලිගා කලාපයට ඇමරිකානුවෙක් ඩ්‍රෝන එවලා -සැකකරු අත්අඩංගුවට" | "ශ්‍රී දළදා මාලිගා අධි ආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් පියාසර කර වූ බව කියන ඇමරිකානු ජාතිකයකු දළදා මාලිගාවේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (07දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. මොහු මහනුවර අවන්හල පරිශ්‍රයේ සිට ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුළ ඩ්‍රෝන කැමරා පියාසර කරවීමට කටයුතු කර ඇත. සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් හෝ ආර... |
"සිරිමාවෝත් නතර වුණු විසුම්පාය හෝටලයකට" | "රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ“‘විසුම්පාය’ සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට යයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරිය සහ Azotels Hospitility limited ආයතනය නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී ඊයේ (07 දා) අත්සන් තැබූහ. ගිවිසුමට අත්සන් තැබුවේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ... |
"යුගයක් බැබළ වූ සිනමා නිළි කාන්ති ගුණතුංග අභාවප්‍රාප්ත වෙයි" | "එක් යුගයක මෙරට සිනමාව බැබළ වූ ජනකාන්ත නිළියක වූ කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. ‘සූරයා’, ‘වන මෝහිණී’, ‘සංදේශය’ ඇතුළු චිත්‍රපට රැසක රංගනයට දායක වූ කාන්ති ගුණතුංග නවසීලන්තයේ පදිංචිව සිටියාය. ඇය මියයන විට 86 වන වියෙහි පසු වූවාය. 1956 එවක තිබූ ‘ටයිම්ස්’ ආයතනය පළ කළ ලංකාදීප පත්‍රය මෙහෙය වූ පංච කල්‍යාණි තරගයේ පංච... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.