Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"රේගුවෙන් භාණ්ඩ මුදාගන්න මහ බැංකුවෙන් ඩොලර් මිලියන 5ක්" | "රේගුවේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස්කර ගැනීම සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක පමණ මුදලක් ලබාදුන් බව ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ‘දිවයින’ට පැවසීය. අවශ්‍යතාවක් තිබේනම් මීට වැඩි විදේශ විනිමය ප‍්‍රමාණයක් මුදාහැරීමට ද පියවර ගන්නා බව කබ්රාල් මහතා කීවේය. අදා... |
"යොහානි යන්න කලින්…." | "ඉන්දියාවේ ප‍්‍රසංගයක් සඳහා යන යොවුන් ගායිකා යොහානි ද සිල්වා වෙත ශ‍්‍රී ලන්කන් එයාර්ලයින් කාර්යමණ්ඩලය ඊයේ දිනයේ විශේෂ පිළිගැනීමක් ලබා දුන්හ. ඇය වෙනුවෙන් සකස් කළ කේක් ගෙඩියක් කපා මේ ජනප‍්‍රිය යොවුන් ගායිකාවට ගෞරව පිරිනැමීමට ඔවුහු කටයුතු කළහ. යොහානි ඊයේ පෙරවරුවේ නවදිල්ලිය බලා පිටත් වූවාය. ඡුායාරූපයේ දැක්වෙන්නේ එම කාර්යමණ... |
"හෙට රට අරී" | "දැනට දිවයින පුරා කි‍්‍රයාත්මක නිරෝධායන ඇඳිරිනීතිය හෙට (01 දා) අලූයම 4.00 ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (29 දා) පැවසීය.ඒ අනුව දින 41 ක් පුරා කි‍්‍රයාත්මක වූ එම ඇඳිරිනීතිය ඉවත් වුවද පළාත් අතර සංචරණ සීමා පැනවීම හෝ අනෙකුත් මාර්ගෝපදේශ සම්බන්ධයෙන් අද දැනුම් දෙන බවද ... |
"සිගරැට් බදු වැඩි නොකිරීමෙන් බිලියන 100 ක් අහිමි වෙයි" | "මුදල් අමාත්‍යාංශයෙන් සිගරැට් බදු 2020 – 2021 වසරවල වැඩි නොකිරීම නිසා රජයට රුපියල් බිලියන100 කට ආසන්න මුදලක් අහිමි වී ඇතැයි මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.මුදල් අමාත්‍යාංශය 2019 වසරින් පසු කිසිදු අවස්ථාවක බදු වැඩිකිරීමට යෝජනාවක් හෝ සිදුකර නොමැති බව ද එම ආයතනය කියා සිටී. සියයට 84 ක හිමිකාරීත්වය හ... |
"චීන පොහොර ආපසු හරවයි" | "මෙවර මහ කන්නය සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ නයිට‍්‍රජන් කාබනික පොහොර, චීන සමාගමෙන් ආනයනය නොකිරීමට තීරණය කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.එම පොහොර නිෂ්පාදන සමාගම විසින් එවා ඇති පොහොර සාම්පල් පරීක්‍ෂා කිරීමේදී පසට අහිතකර බැක්ටීරියාවන් තිබෙන බවට රසායනාගාර පරීක්‍ෂණවලදී හෙළිවී ඇති බැවින් මෙම ... |
"මහ බැංකුවේ පෙරදැක්ම කබ්රාල් හෙට ඉදිරිපත් කරයි" | "ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් හෙට (01 දා) උදේ 10.00 ට මහ බැංකුවේ සය මාසික පෙරදැක්ම ප‍්‍රකාශයට පත්කරනු ලබයි.මෙම ඉදිරිපත්කිරීම ‘සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙරදැක්ම’ ලෙස නම්කර ඇත.පවතින කොවිඞ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සමාජ දුරස්ථභාවය පවත... |
"ඇන්ටිජන් කට්ටල සපයන්න සමාගම් 4 කට අවසර" | "කොවිඞ් රෝගීන් හඳුනාගැනීම සඳහා භාවිත කරන ක්‍ෂණික ප‍්‍රතිදේහජනක පරීක්‍ෂණ කට්ටල (Rapid antigen kit) සැපයීමට ඉදිරිපත් වූ සමාගම් 13 න් සමාගම් 04 කට ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබාදී ඇත. ක්ෂණික ප‍්‍රතිදේහජනක පරීක්‍ෂණ කට්ටල ලියාපදිංචි කිරීම සඳහා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ අයැදුම්පත‍්‍ර 13 ක් ඖෂධ නියාමන අධිකාරියට ලැබී තිබේ. එම ඉද... |
"‘ජී.එස්.පී. ප්ලස්’ දිගටම දෙන්න – සජිත් යුරෝපා සංගම් නියෝජිතයන්ගෙන් ඉල්ලයි" | "යුරෝපා කොමිසම ශ‍්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී. සහනය සහ අනෙකුත් මූල්‍යමය සහන අඛණ්ඩව මෙරටට ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයින්ගෙන් ඉල්ලා ඇත.අදාළ හමුවේදී විපක්ෂ නායකවරයා අවධාරණය කර ඇත්තේ ජී.එස්.පී. ප්ලස් සහනය මෙරටට විශාල ශක්තියක් බවය.එය අඛණ්ඩව අපේ රටට ලබා දීම සඳහා අවශ්‍ය ක... |
"මත්තල මෙහෙයුම්වලට ගුවන් සමාගම් 4ක්" | "මත්තල සිට ගුවන් සමාගම් හතරක් මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්ත ප‍්‍රකාශ කර ඇතැයි ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඞී. වී. චානක මහතා ඊයේ (29 දා* පැවසීය.මේ වනවිට මත්තල සිට කසකස්තානය, මාලදිවයින සහ අබුඩාබි අතර ගුවන් ගමන් සේවා සිදුකිරීමට එකඟතාවට පැමිණ ඇති බවත් මත්තල සිට අබුඩාබි අතර ගුවන් සේවා කටයුතු ඉදිරි සති කිහි... |
"මත්තල මෙහෙයුම්වලට ගුවන් සමාගම් 4ක්" | "මත්තල සිට ගුවන් සමාගම් හතරක් මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්ත ප‍්‍රකාශ කර ඇතැයි ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඞී. වී. චානක මහතා ඊයේ (29 දා* පැවසීය.මේ වනවිට මත්තල සිට කසකස්තානය, මාලදිවයින සහ අබුඩාබි අතර ගුවන් ගමන් සේවා සිදුකිරීමට එකඟතාවට පැමිණ ඇති බවත් මත්තල සිට අබුඩාබි අතර ගුවන් සේවා කටයුතු ඉදිරි සති කිහි... |
"ජාතික ආරක්ෂාව ගැන තොරතුරු වගකීමෙන් දෙන්න… සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා" | "ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු දැනුම් දීමේදී ආරක්ෂක අංශ වගකීමකින් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි මීගමුව කුරණ ශාන්ත ආනා දේවස්ථානයේ මීසම් පාලක සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා පැවසීය. පියතුමා මේ බැව් පැවසුවේ කොළඹ අගරදගුරු මැඳුරේදී ඊයේ (29 දා* පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සිරිල් ගාමිණී... |
"වයඹ මහ ඇමැති වීමට දයාසිරි ලෑස්තියි" | "තමා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඉදිරි පළාත් සභා මැතිවරණයේදී වයඹ පළාත් මහ ඇමැති අපේක්ෂක වශයෙන් තරඟ කිරීමට සූදානම් යැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සන්ධානයක් හදාගෙන ඉදිරියට ඇවිත් තමාට ඒ සඳහා ඉදිරිපත් වන්නැයි කියනවානම් සියලූ ද... |
"වංචා හෙළිකරන මාධ්‍යවේදීන් සී අයි ඩී ගෙන්වූවොත් සජබ නීති සහාය" | "සුදු ලූනු වංචා සිද්ධිය හෝ වෙනයම් වංචාවක් හෙළිකරන මාධ්‍යවේදියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට හෝ වෙනයම් පියවරක් ගැනීමට ආණ්ඩුව කි‍්‍රයාකරයි නම් එම මාධ්‍යවේදීන් වෙනුවෙන් නොමිලේ නීතිඥ සහාය ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.එවැනි බියවැද්දීම් හෝ තර්ජන සිදුකිරීමට ආණ්ඩුව ... |
"විභාග අක‍්‍රමිකතා කළ 207 කගේ සා.පෙළ ප‍්‍රතිඵල අත්හිටුවයි" | "ප‍්‍රතිඵල නිකුත් කරනු ලැබූ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අක‍්‍රමිකතා සිදුකළ බව කියන සිසුන් 207 කගේ ප‍්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.මෙම සිසුන්ට අත්අකුරු වෙනස්වීම, දුරකථන ළඟ තබාගැනීම, අන්අය වෙනුවෙන් පෙනී සිටීම, අනන්‍යතාව තහවුරු නොකිරීම, අන් අයට බාධා කිරීම ඇතුළු චෝදනා රැුසක් පවතින... |
"සුදුලූනු වංචාවේ බ්‍රෝකර්ලා 2ක් රිමාන්ඩ්" | "ලංකා සතොස ආයතනයේ සිදුවූ සුදුලූනු ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ ප‍්‍රදේශයේ තැරැව්කාර සමාගමක් හිමි පුද්ගලයන් දෙදෙනකු ඊයේ (28 දා) අත්අඩංගුවට ගත් පෑලියගොඩ පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, සැකකරුවන් ඔක්තෝබර් මස 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැලිසර මහෙස... |
"කොළඹ වටිනා ඉඩම් සහ ගොඩනැගිලි විකිණීමට ආණ්ඩුව දැන්වීම් පළ කරලා" | "මේ වන විට කොළඹ නගරයේ වටිනා ඉඩම් සහ ගොඩනැගිලි 15 කට වඩා වැඩි ප‍්‍රමාණයක් විකිණීමට ආණ්ඩුව දැන්වීම් පළ කර ඇතැයි ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (28දා* පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේ ද කීය. අද වන විට රට තු... |
"ඉතිං මීට පස්සේ…. හාල් මිල ඉහළ යන්නේ නැහැ… නාඩු තොග මිල 110 සම්බා 140 කීරි සම්බා 165 යි සිල්ලර වැඩිවීම රු. 5 යි" | "රජය සහල් සම්බන්ධයෙන් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම නිසා වෙළෙඳපොළේ සහල් මිලෙහි විශාල වැඩිවීමක් වනු ඇතැයි ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නැතැයි එම සහල් මෝල් හිමියෝ ඊයේ (28දා* පොලොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියහ. ඒ අනුව නාඩු වර්ගයේ සහල් කිලෝවක තොග මිල රුපියල් 110ක්, සම්බා සහල් කිලෝවක මිල රුපියල් 140 ක්, කී... |
"අන්තිමේ දිනුවේ මෝල්ලු… නාමල් කරුණාරත්න" | "සහල්වලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම සහල් මෝල් හිමියන්ගේ ජයග‍්‍රහණයක් යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න මහතා ඊයේ (28 දා* පැවැසීය. මෙය රජය විසින්ම නිසි ක‍්‍රමවේදයක් නැතිව කටයුතු කිරීම නිසා ඇතිවූ සිද්ධියක් බවත් එය හරියට බත් හට්ටිය කෑමට පැමිණි බළලාට උම්බලකඩයෙන් ගැසීම නිසා උම්බලකඩය බළලා විසින් රැුගෙන... |
"‘‘එයාල අඩියක් පස්සට ගන්නේ නෑ කියලා කියනවා නම් අපි කියනවා අඩියක් නෙමෙයි අඩි සිය දහසක් ඉස්සරහට පැනලා හරි නවත්වනවා…’’" | "වැව් බැම්මේ ඇවිදින මං තීරුවට එරෙහිව ගොවි සංවිධාන 38ක් හා සංඝ රත්නයෙන් පෙත්සමක් පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මං තීරුව ඉදිකිරීම සඳහා හොර රහසේම දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව කැඳවා අනුමත කරවා ගැනීමේ වෑයමක් සැලවීම හේතුවෙන් පරාක‍්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි සංවිධාන 38 ක් හා මහා සංඝ රත්නය එක්ව ඊට විරෝධය පා විරෝ... |
"නුගේගොඩ සමුද්‍රදේවී 97% කට උසස් පෙළ වරම්" | "පසුගිය 2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි තම පාසලේ සිසුවියන්ගෙන් සියයට 97 ක් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇතැයි නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විiාලයේ විදුහල්තිනි සුරේකා සිරිවර්ධන මහත්මිය ‘දිවයින’ ට පැවැසුවාය.මෙම සාමාන්‍ය පෙළ විභාගය සඳහා පසුගිය වසරේදී සි... |
"සුදුලූනු වංචාව ගැන මාධ්‍යයෙන් ප‍්‍රශ්න කිරීම නතර කරන්න…. අගමැතිගෙන් උපදෙස්" | "එහෙම කියද්දිත් සීඅයිඩිය පත්තරවලට රිංගයි… සීඅයිඩියට පත්තරත් මාරුවෙලා ලංකා සතොස ආයතනයේ සිදුවූ රුපියල් කෝටි ගණනක සුදු ලූනු වංචාව පිළිබඳව වාර්තා කළ මාධ්‍යවේදීන්ගෙන් ප‍්‍රශ්න කිරීම වහාම නතර කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබියදී ඊයේ (28 වැනිදා) උදේ 10.30 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්... |
"අලුත්වැඩියා කරන මුවාවෙන් ඇවිත් ඒටීඑම් යන්ත‍්‍රයට වැඩේ දීලා" | "මින්නේරිය යුද හමුදා සංකීර්ණය අසළ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම්. යන්ත‍්‍රය අලූත්වැඩියා කරන මුවාවෙන් පැමිණි සංවිධානාත්මක කණ්ඩායමක් ඉකුත් (26 දා* මහ දවල් එම යන්ත‍්‍රයේ සේප්පුව කපා එහි තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමෙන් යුත් මුදල් සොරාගෙන පළාගොස් ඇත. මෙම ඒ.ටී.එම්. යන්ත‍්‍රය කපා මුදල් සොරාගෙන ඇති බව දැනගෙන ඇත්තේ ග... |
"යොහානිගෙන් බොලිවුඩ් ගීතයක්… ඉන්දියාවේ පළමු ප‍්‍රසංගය 1දා" | "‘මැණිකේ මගේ හිතේ’ ගීතය තුළින් ජාත්‍යන්තර කීර්තියට පත් තරුණ ගායිකා යොහානි ද සිල්වා බොලිවුඩය වෙනුවෙන් පළමු ගීතය නිකුත් කර තිබේ.ඉන්දියානු ශ‍්‍රාවකයන්ගේ අවධානය දිනාගත් යොහානි බොලිවුඩ් ‘සිදත්’ චිත‍්‍රපටය වෙනුවෙන් මේ ගීතය නිකුත් කර තිබේ.මනන් භාරද්වාජ් විසින් රචනා කරන ලද මේ ගීතය දැනටමත් යූ ටියුබ් වෙත මුදා හැර තිබේ. ලබන සිකුර... |
"මාරාවේශයෙන් පස්සෙන් පන්නාගෙන ඇවිත් කෙස් වැටියෙන් අල්ලාගෙන සැමියා මල්කාන්තිගේ නළලට වෙඩිතබලා" | "අම්මයි තාත්තයි අහිමි සි`ගිති දරු දෙදෙනා ආච්චි අම්මාගේ තුරුලට…. ඇඹිලිපිටිය පොලිස් වසමේ මහ රෝහල ආසන්නයේදී සැමියා විසින් තැබූ වෙඩි පහරකින් දෙදරු මවක් අවාසනාවන්ත ලෙස මිය යන ලදී. ඇය අබේසිංහ කම්කානම්ගේ ඉන්ද්‍රා මල්කාන්ති (35) නම් වූ දෙදරු මවකි. සැකකරු වීරසිංහ ආරච්චිගේ ධම්මික කුමාර හෙවත් අනුර (47) නමැති මල්ශාලා හිමිකරුවෙකි. ... |
"ප‍්‍රවීණ චිත‍්‍රපට නළු හා අධ්‍යක්ෂ ශාන්ති අබේසේකර දිවි සැරිය නිමකරයි" | "ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ජනප‍්‍රිය නළුවෙකු වූ ශාන්ති අබේසේකර මහතා ඊයේ (28දා) අළුයම අභාවප‍්‍රාප්ත විය. මිය යන විට 83 වැනි වියේ පසුවූ ඒ මහතා ගායන ශිල්පියෙකු ලෙසද කටයුතු කර ඇත. ප‍්‍රවීණ ගායිකාවකව සිට නැසීගිය වසන්තා සන්දනායක මහත්මියගේ බෑණනුවන් වන ඔහු විවාහව සිටියේ ප‍්‍රවීණ ගායිකා දයා හේමන්තා සන්දනායක සමඟිනි... |
"මාධ්‍යවේදීන් සීඅයිඩී කැඳවිය යුතු නැතැයි අගමැති ප‍්‍රකාශ කළා" | "මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවා ප‍්‍රශ්න කිරීම සිදු නොකළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉතාම පැහැදිලිව ප‍්‍රකාශ කළ බව කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ලංකා සතොස සුදුලූනු වංචාව පිළිබඳව පුවත් හා ලිපි පළ කිරීම සම්බන්ධයෙන් පුවත්පත් කතුවරුන් සහ මාධ්‍යවේදීන් කිහිප දෙනකුගෙන් ප‍්‍රශ්න කිරීමට... |
"නාරාහේන්පිට රෝහලක වැසිකිළි බෝම්බයට හිටපු කොටි ත‍්‍රස්තයකු අල්ලයි" | "නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිළියක බෝම්බයක් පුපුරුවා හැරීමට උත්සාහ කළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදියකු කොළඹ අපරාධ කොට්ඨාසය සහ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය මගින් ඊයේ (28 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.හතළිස් හැවිරිදි මෙම හිටපු එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදියා ති‍්‍රකුණාමලය උප්පුවේලි ප‍්‍රදේශයේ නිවසක ... |
"කඩිනමින් සහල් ගෙන්වා සීයට අඩුවෙන් දෙනවා….. බන්දුල ගුණවර්ධන" | "කැබිනට් මණ්ඩලය ගත් තීරණය අනුව කඩිනමින් සහල් ආනයනය කර පාරිභෝගික ජනතාවට රුපියල් සියයට අඩුවෙන් සහල් ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධාන්වයෙන් පෙරේදා (27දා) රැස්වූ කැබනට් මණ්ඩල රැස්වීමේදී කිරිපිටි, ගෑස්, පාන්පිටි, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ... |
""ගැසට් නිවේදන අවලංගු කරයි – සහල් පාලන මිල ඉවතට – කිරි පිටි, ගෑස්, සිමෙන්ති, පාන්පිටි, මිල තීරණය ජනපති පැමිණි පසු"" | "සහල් සඳහා පනවා ඇති මිල පාලනයට අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඊයේ (27දා) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත. ඒ අනුව සහල් ස`දහා තොග සහ සිල්ලර අලෙවියට අදාළව පැවැති උපරිම මිලද අවලංගු වේ. එසේම කිරිපිටි, ගෑස්, තිරි`ගු පිටි සහ සිමෙන්ති මිල ගණන් ඉහළ නැංවීම ස`දහා ජීවන වියදම් කමිටුව මගින් කරන ලද යෝජනාව සම්බන්ධව ජනාධිපති ගෝ... |
"ඇඳිරිය ඉවත් කර රට අරින්න සූදානම් වෙන්න – ජනපතිගෙන් උපදෙස්" | "ලබන ඔක්තෝබර් පළමු වැනිදා නිරෝධායන ඇ`දිරි නීතිය ඉවත් කර යළි රට විවෘත කිරීමට හැකි නම් පමණක් ඊට අවශ්‍ය සියලූ කටයුතු සැලසුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.ඒ අනුව අදාළ අංශ රට විවෘත කිරීමට අවශ්‍ය කට... |
"සුළු පක්‍ෂවලට ආණ්ඩුවෙන් යන්න ඕනෑනම් දොර ඇරලා – අගමැති" | "වත්මන් ආණ්ඩුවට එක්වී සිටින සුළු දේශපාලන පක්‍ෂවලට ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට අදහසක් තිබේ නම් ඕනෑම මොහොතක ඔවුන්ට එවැනි තීරණයකට එළඹිය හැකි යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘‘දිවයින’’ට ඊයේ (27 දා) පැවසීය.ඔවුන්ට එසේ යෑමට අවශ්‍ය නම් බලහත්කායෙන් රඳවා ගැනීමට තමන්ට කිසි ලෙස අවශ්‍ය නොවන බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා කොයි කවුරුන්... |
"ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයකුට රුපියල් ලක්‍ෂ දහසක් – තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්‍ෂ" | "* කොරෝනා හමුවේ කඩා වැටුණු ග‍්‍රාමීය සංවර්ධන කටයුතු යළි කි‍්‍රයාත්මක කිරීමටකොරෝනා වසංගතය හමුවේ කඩා වැටුණු ග‍්‍රාමීය සංවර්ධන කටයුතු යළි කි‍්‍රයාත්මක කිරීම ස`දහා මෙවර අය වැයෙන් ප‍්‍රාදේශීය සම්න්ධීකරණ කමිටු සභාපතිවරයකුට රුපියල් ලක්‍ෂ දහසක මුදලක් වෙන් කර ඇතැයි ක‍්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.ම... |
"යුගදනවි බලාගාරයේ සියයට හතළිහක් විකිණීමෙන් බලශක්තියට වෙනදේ ජනතාවට කියන්න – තිස්ස අත්තනායක" | "යුගදනවි බලාගාරයේ සියයට හතළිහක් ඇමරිකානු සමාගමක් වෙත විකිණීම හරහා ජනතාවටත් රටටත් බලශක්තියටත් සිදුවන බලපෑම පිළිබඳව ජනතාවට ඇත්ත තොරතුරු හෙළි කරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ... |
"ඉලන්තඩියට පාවූ ලක්විජය ගල් අගුරු බත්තලෙන් ඩීසල් කාන්දුවේදැයි ධීවරයෝ බියෙන්" | "නොරොච්චෝලේ ලක්විජය ගල් අ`ගුරු බලාගාරය වෙත ගල් අ`ගුරු ප‍්‍රවාහනය කරමින් තිබූ ඉන්දීය සමාගමකට අයත් බත්තලක් 27 අලූයම සැඩ සුළඟට හසුව ඉලන්තඩිය මුහුදු තීරය ආසන්නයට ගොඩ ගසා තිබේ.එහි සිටි ඉන්දීය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අට දෙනා නාවුක හමුදාව හා ඉලන්තඩිය ධීවරයන් මුදා ගෙන ඇත. මුහුදේ පවතින අධික සුළං තත්ත්වය නිසා මෙම බත්තල ඇළ වී අන... |
"අපනයන වටිනාකම් සහ අපනයන ආදායම් අතර ඩොලර් මිලියන 345ක පරතරයක් – මහ බැංකුව කියයි" | "රේගුව විසින් වාර්තා කරන අපනයන වටිනාකමට සාපේක්ෂව මහ බැංකුව විසින් වාර්තා කරන ලද රට වෙත ලැබී ඇති අපනයන ඉපැයීම්වල අගය අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 345ක පරතරයක් පෙන්නුම් කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.මහ බැංකුව පවසන්නේ මෙම නිරීක්ෂණය අපනයනකරුවන් සිය අපනයන ආදායම් සියයට සියයක් රට වෙත රැුගෙන ආයුතු බවට වන නියාමනයට අනුකූල වන්... |
"ඊයේ කොරෝනා මරණ 51ක් – 812ක් සුවය ලබති" | "සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27දා) කොරෝනා මරණ 51ක් වාර්තා කරනු ලැබීය. මෙම මරණ පෙරේදා (26 දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,731 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 983ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 511,409 දක්වා ඉහළ ගියේය.කොවිඞ් ව... |
"පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ප‍්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙනයෑම රටට ද්‍රෝහි වීමක් නොවේ – ඕමල්පේ සෝභිත හිමියෝ" | "පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ ප‍්‍රශ්නය ජාතික මට්ටමින් විස`දා ගැනීමට නොහැකි නම් එය ජාත්‍යන්තරය රැුගෙන යෑමට කතෝලික ජනතාවට පූර්ණ අයිතියක් ඇතැයි ඕමල්පේ සෝභිත හිමියෝ ස`දහන් කරති.තමන්ගේ ප‍්‍රශ්නය පිළිබ`දව සෑහීමකට පත් නොවන්නේ නම් ඕනෑම අයකුට අධිකරණයේ ඉහළම තැනට යෑමට අයිතිය තිබිය යුතු බවද සෝභිත හිමියෝ පවසති. කිසිවකුටත් ඊට විර... |
"රට පුරා රෝහල් කාර්ය මණ්ඩල උද්ඝෝෂණ" | " නුවරඑලිය මහ රෝහලඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නුවරඑලිය මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඊයේ (27දා* දින උදෑසන 8 සිට දහවල් 12 දක්වා සේවා කටයුතුවලින් බැහැර වී රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. ඡුායාරූප හා සටහන නුවරඑලිය නාලක රත්නායක* මොනරාගල රෝහල කොවිඞ් දීමනා සහ සහන කප්පාදු කිරීම සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලබාදීමට පියවර ... |
"පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියන්ගේ සංසදයෙන් යොහානිට සුබපැතුම්" | "ශී‍්‍ර ලාංකීය ගීයක් ජාත්‍යන්තර තලයට ගෙන ගිය තරුණ ගායිකා යොහානිද සිල්වාට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියන්ගේ සංසදය විසින් සුබපැතුම් පිරිනමා ඇත.එම සංසදය වෙනුවෙන් එහි සභාපතිනී රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ස`දහන් කරන්නේ ශී‍්‍ර ලාකීය අනන්‍යතාව සහිත ගීතයක් ලොව ගීත දර්ශකයේ ඉහළට ඔසවා තබමින් ලෝකයේ ජනපි‍්‍රයම ගී... |
"සෞභාග්‍යය දැක්ම ක‍්‍රියාත්මක කිරීමට බලයට පැමිණි ආණ්ඩුවට ජනතාවට තුන්වේලවත් කන්න දෙන්න බැරිවෙලා – ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා" | "සෞභාග්‍යය දැක්ම ක‍්‍රියාත්මක කිරීමට බලයට පැමිණි වත්මන් ආණ්ඩුවට මේ වන විට රටේ ජනතාවට තුන්වේලට කන්න දෙන්න බැරිව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (27 වැනිදා) සඳහන් කළේය.මැතිවරණ සමයේ ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ඉලක්කම් වචන සහ කොළ කෑලි පමණක් වී ඇති බවත් රට ඉබාගාතයේ ගමන් කරමින් අරාජිකත්වය... |
"බාර් ඇරීමේ අවසරය බලශූන්‍ය කරන්න – අතුරු තහනමක් ඉල්ලන පෙත්සම 4 දා කැඳවයි" | "රට පුරා නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිසි බලධාරීන්ගේ අනුමැතියකින් තොරව රට පුරා පිහිටි මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට ලබාදී ඇති අවසරය බලශූන්‍ය කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සමිතියේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ගොනුකර ත... |
"කෙරවලපිටිය බලාගාර සිද්ධිය සංඝ සභාවේ සාකච්ඡා කර තීරණය රජයට දන්වනවා – අස්ගිරි මහනාහිමියෝ සජබ මන්ත‍්‍රීන්ට කියති" | "කෙරවලපිටිය තාප විදුලි බලාගාරය ඇමෙරිකානු සමාගමකට විකුණා දැමීමට රජය කටයුතු කරන බවට විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු සංඝ සභාවේ සාකච්ඡුාවට භාජනය කර එහි තීරණය රජයට දන්වන බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥාණරතන මහනාහිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් කිරිඇ... |
"එජාප සාමාජිකයන්ට ඩිජිටල් හැඳුනුම්පතක්" | "එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සඳහා ඩිජිටල් සාමාජික හැඳුනුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (27දා) පැවසීය.එජාප නිර්මාතෘ මහාමාන්‍ය ඞී. එස්. සේනානායක මහතාගේ ජන්ම දිනය යෙදෙන ඔක්තෝබර් 22 වැනිදා පක්ෂයට සාමාජිකයන් ලියාපදිංචි කරගෙන ඩිජිටල් සාමාජික පත ලබාදීමට කටයුතු කරන බව ද සිරිකොත පක්ෂ ම... |
"හොරෙන් ගෙනා කෝටි 22ක රන් කිලෝ 16ක් අත්අඩංගුවට" | "ශ‍්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 22ක් පමණ වටිනා රත‍්‍රන් කිලෝ 16ක් ඊයේ (27දා* පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ ව්‍යාපාර නාම භාවිත කරමින් ගුවන් බඩු අංශයේ බෙදාහැරීම් ආයතන හරහා එක්සත් අරාබි එමීර් රජ්‍යයේ ඩුබායි නගරයේ සිට වාහන අමතර කොටස් හා කෝපි සාදන ... |
"සෞභාග්‍යය දැක්ම ක‍්‍රියාත්මක කිරීමට බලයට පැමිණි ආණ්ඩුවට ජනතාවට තුන්වේලවත් කන්න දෙන්න බැරිවෙලා – ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා" | "සෞභාග්‍යය දැක්ම ක‍්‍රියාත්මක කිරීමට බලයට පැමිණි වත්මන් ආණ්ඩුවට මේ වන විට රටේ ජනතාවට තුන්වේලට කන්න දෙන්න බැරිව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (27 වැනිදා) සඳහන් කළේය.මැතිවරණ සමයේ ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ඉලක්කම් වචන සහ කොළ කෑලි පමණක් වී ඇති බවත් රට ඉබාගාතයේ ගමන් කරමින් අරාජිකත්වය... |
"ඉන්දියාවෙන් ගෙන්වූ කෝටි 35 ක කහ ටොන් 700ක් වරායේ හිර වෙලා" | "* නිදහස් කර දෙන්නැයි ආනයනකරු රජයෙන් ඉල්ලයිඅග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වරායෙන් සිරවී ඇති භාණ්ඩ නිදහස් කරන ලෙසට පසුගියදා දැනුම් දුන්නත් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද කහ ටොන් 700ක් පමණ වරායෙන් මුදා ගැනීමට මේ වන තෙක් අපොහොසත් වී ඇතැයි කහ ආනයනකුරුවෙක් ඊයේ (27වැනිදා) ‘දිවයින’ට පැවසීය.රුපියල් කෝටි 35ක් පමණ වටින... |
"වටවල මවුන්ජින්වත්තේ මැණික් උස්සන්න බලවත්තු යකා නටති" | "* අපෙන් අවසර ගත්තේ නැහැ – අඹගමුව සභාපති* මේක නීත්‍යානුකූල ව්‍යාපෘතියක් – මැණික් අධිකාරියේ සභාපතිනුවරඑළිය වටවල ‘මවුන්ජින් වත්තේ’ රජය සතු ඉඩමක බලපත‍්‍ර සහිතව මැණික් ගැරීමට අවසර ලබාදී තිබියදී පිටස්තර බලවතුන් පිරිසක් එම ස්ථානයට කඩාවැදී මැණික් ගරන්නට වීමත් සමග උණුසුම් තත්ත්වයක් උද්ගතවී තිබේ.බලපත‍්‍ර ලබාගත් පර්චස් 40 ක කොටස... |
""සහල් නිෂ්පාදකයින්ගෙන් රතු එළි – නාඩු 110ක්, සම්බා 130ක්, කීරි සම්බා සඳහා 160ක් ඉල්ලුවා"" | "තමන් නිෂ්පාදනය කරන සහල් සඳහා රජයෙන් ඉල්ලා සිටින සහතික මිල ලබා නොදෙන්නේ නම් ලබන සතියේ සිට සහල් නිෂ්පාදනයෙන් ඉවත්වන බව ශ‍්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික‍්‍රම මහතා පැවසීය.නාඩු සහල් කිලෝවකට රුපියල් 110ක්ද, සම්බා සහල් කිලෝවකට රුපියල් 130ක් ද, කීරි සම්බා කිලෝවකට රුපියල් 160 ක්ද ලබා දෙන ලෙස මීට පෙර ජී... |
"වාහන ආනයනය ගැන තීන්දුව දෙසැම්බරයේ – මහ බැංකු අධිපති" | "වාහන ආනයනයට ඉඩදීම සම්බන්ධයෙන් දෙසැම්බර් මාසයේදී තීරණයක් ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි.දෙසැම්බර් වන තෙක් දැනට එහි වෙනසක් නොවන බවද මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා කීවේය. දෙසැම්බර් මාසය පමණ වන විට අනෙකුත් සාධක දෙස බලා ඒ ගැන තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.එසේම අනෙකුත් ආන... |
""කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල නැංවීමේ තීරණය අද"" | "කිරිපිටි, ගෘහස්ථ ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩ මිල ඉහළ දැමීම සම්බන්ධව අද (27දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතය.ඉකුත් සිකුරාදා අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ ජීවන වියදම් කමිටු රැුස්වීමේදී ආනයනකරුවන් සමගද සාකච්ඡුා කළ අතර, බඩුමිල වැඩි ක... |
"ආණ්ඩුව අද කොමිස් ව්‍යාපෘතිවල යෙදිලා – සජිත් පේ‍්‍රමදාස" | "මහා සාගතයක සහ දැවැන්ත ආර්ථික බංකොළොත්භාවයක පෙරනිමිති රට ඉදිරියේ තිිබියදී ආණ්ඩුව කොමිස් ව්‍යාපෘතිවල නිරතව සිටින බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.ආණ්ඩුව අනවශ්‍ය ඇවිදින මංතීරු වැනි ව්‍යාපෘතිවලට මුල්තැනදී ක‍්‍රියා කිරීම හේතුවෙන් මිනිස් ජීවිත තවත් අවදානමකට පත්ව තිබෙන බවද හෙතෙම කියා සිටියේය. පොතුවිල් මූලික රෝහලට ... |
"බන්දුලගෙන් සීඅයිඞීයට පැය 4ක ප‍්‍රකාශයක්" | "සතොස සුදුලූනු වංචාව සම්බන්ධයෙන් එල්ලකර තිබෙන චෝදනාව පිළිබඳව අපක්ෂපාතී පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (24දා) ඇමැතිවරයාගෙන් පැය හතරක පමණ කාලයක් ප‍්‍රකාශයක් ලබාගෙන ඇත.තමාට එල්ලවී තිබෙන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී ස්වාධීන පූ... |
"යුගදනවි කොටස් හුවමාරුවට ගිවිසුම් අත්සන් කළා මිස අවසන් එකගතාවක් නෑ – මුදල් ලේකම් කියයි" | "කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ මහාභාණ්ඩගාරය සතු කොටස් හුවමාරුවට අදාළ එක`ගතා ගිවිසුමට අත්සන් කළා මිස අනෙකුත් කිසිදු කරුණක් සඳහා අවසන් එක`ගතාවක් ඇතිකර ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර්. ආටිගල මහතා ඊයේ (26 දා) ‘‘දිවයින’’ට පැවසීය.එසේම කොටස් ප‍්‍රමාණයට අදාළ මුදල රජයට ලැබී හෝ අදාළ කොටස් ප‍්‍රමාණය ඇමෙරිකානු සමාගමට පැවරී... |
"සුදුලූනු වංචාව සතොස නිලධාරීන්ට අල්ලස් දීමට ගිය කෝටිපතියාගේ ගෝලයෝ රිමාන්ඞ්" | "සතොස ආයතනයේ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සතොස නිලධාරීන්ට අල්ලස් ලබාදීමට සිටි බව කියන තවත් සැකකරුවන් දෙදෙනකු රුපියල් ලක්‍ෂ ගණනක මුදල් සමග පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (28 දා) දක්වා බන්ධනාගාරගත කර ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ස... |
"ගුරුවරු වර්ජනය කළත් දරුවන් වෙනුවෙන් මං කැපවෙනවා – අධ්‍යාපන ලේකම්" | "අධ්‍යාපන ලේකම්වරයා හැටියට මට සිදුවෙනවා ඔක්තෝබර් මාසයේ ඉඳලා පාසල් පවත්වාගෙන යන්න. වෘත්තීය සමිති ඒ ගොල්ලන්ගේ භූමිකාව කරගෙන යාවි. මගේ භූමිකාව පාසල් දරුවෝ වෙනුවෙන් කැපවීමයි. මට දරුවන් අසරණ කරන්න බැහැ යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවැසීය.මේ සඳහා සියලූම ගුරුවරුන්ගේ සහයෝගය ... |
"වැටුප් ගැටලූව විසඳන තෙක් ගුරුවරු උගන්වන්නේ නෑ – ජෝෂප් ස්ටාර්ලිං" | "කවුරුන් පාසල් විවෘත කළද වැටුප් ගැටලූව විසඳන තුරු ඉගැන්වීම් සඳහා ගුරුවරු සහභාගි නොවන බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය.ගුරු – විදුහල්පති ගැටලූවට විසඳුම් නොදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මාධ්‍ය සාකච්ඡුාවලදී පරස්පර ප‍්‍රකාශ සිදුකරමින් සිටින බවද හෙතෙම කීය.මෙහිදී තවදුර... |
"සීමාවන්ට යටත්ව 1 වැනිදා රට අරිනවා – ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල" | "පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කර ලබන මස 01 වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.ඇමැතිවරයා ඒ බැව් කියා සිටියේ පෙරේදා (25දා) නාවලපිටිය දිස්ත‍්‍රික් මහ රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම සහ එම රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙ... |
"මෙරට පැතිරෙන ඩෙල්ටා අනු ප‍්‍රභේදය AY28 ලෙස නම් කරයි" | "ශ‍්‍රී ලංකාවේ සුලභව පැතිර යන ඩෙල්ටා කොරෝනා වෛරසයේ අනු ප‍්‍රභේදය AY28 ලෙසින් නම් කර ඇතැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ ෙසෙල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.මෙම අණු ප‍්‍රභේදය මුලින්ම හඳුනාගනු ලැබූවේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛ... |
"අද රජයේ බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති නැහැ – කුමාර වෙල්ගම" | "වත්මන් රජය බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක නොකරන බවත් ඔවුන් ක‍්‍රියාත්මක කරන්නේ රාජපක්‍ෂ ප‍්‍රතිපත්තිය බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.හොරගොල්ල බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු ඊයේ (26 වැනිදා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ කියා සිටියේය.මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු ම... |
"ජීඑස්පී සුදුසුකම් බලන්න යුරෝපා සංගමයේ පිරිසක් අද එති" | "ජීඑස්පී ප්ලස් සහනය ලබාදීමට ශ‍්‍රී ලංකාවේ පවත්නා තත්ත්වයන් සුදුසු වන්නේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් අද (27දා) ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ‍්‍රී ලංකාවේ මිනිස් අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම්, පරිසරය ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර සහ යහපාලනයේ තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීම ඉහත සඳහන් නිය... |
"කාබනික පොහොර ගෙන්විය යුත්තේ විෂබීජ නැත්නම් පමණයි – රජයේ කෘෂි ප‍්‍රධානීහු තදින්" | "ඉදිරි මහ කන්නය සඳහා ගොවීන්ට ලබාදීම පිණිස කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් 96000 ක් ආනයනය කිරීම සඳහා රජය විසින් දෙන ලද නියෝගයෙන් මහත් සේ පීඩාවට පත්ව සිටින මෙරට රජයේ කෘෂි ප‍්‍රධානීහු එම පොහොර ගෙන්වනවා නම් ගෙන්විය යුත්තේ ඒවායේ හානිකර බැක්ටීරියා හෝ විෂබීජ නැත්නම් බවට යන ස්ථාවරයේ දැඩිව සිටිති. මෙම පොහොර තොගය චීනයේ ක්වින්ඩාවෝ ස... |
"ඊයේ කොරෝනා මරණ 71 ක්" | "සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26 දා) කොරෝනා මරණ 71ක් වාර්තා කරනු ලැබීය. මෙම මරණ පෙරේදා (25 දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,680 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 747 ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 510,139 දක්වා ඉහළ ගියේය.කොවිඞ්... |
"හිරු සුපර් ඩාන්සර් කිරුළ රඹුක්කන ධනුජ ඉන්දීවරට" | "ශී‍්‍ර ලාංකේය රියැලිටි ටෙලිවිෂන් වංශ කතාව අලූත් කළ ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් හැඩවූ අසමසම නිර්මාණශීලී දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප‍්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය ‘හිරු සුපර් ඩාන්සර්’ සීසන් -3 අවසන් මහා තරගයේ ජයග‍්‍රාහී රන් කිරුළ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අතින් පෙරේදා (25 දා) කෑගල්ල ද... |
"ජීඑස්පී සුදුසුකම් බලන්න යුරෝපා සංගමයේ පිරිසක් අද එති" | "ජීඑස්පී ප්ලස් සහනය ලබාදීමට ශ‍්‍රී ලංකාවේ පවත්නා තත්ත්වයන් සුදුසු වන්නේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් අද (27දා) ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ‍්‍රී ලංකාවේ මිනිස් අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම්, පරිසරය ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර සහ යහපාලනයේ තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීම ඉහත සඳහන් නිය... |
"කාබනික පොහොර ගෙන්විය යුත්තේ විෂබීජ නැත්නම් පමණයි – රජයේ කෘෂි ප‍්‍රධානීහු තදින්" | "ඉදිරි මහ කන්නය සඳහා ගොවීන්ට ලබාදීම පිණිස කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් 96000 ක් ආනයනය කිරීම සඳහා රජය විසින් දෙන ලද නියෝගයෙන් මහත් සේ පීඩාවට පත්ව සිටින මෙරට රජයේ කෘෂි ප‍්‍රධානීහු එම පොහොර ගෙන්වනවා නම් ගෙන්විය යුත්තේ ඒවායේ හානිකර බැක්ටීරියා හෝ විෂබීජ නැත්නම් බවට යන ස්ථාවරයේ දැඩිව සිටිති. මෙම පොහොර තොගය චීනයේ ක්වින්ඩාවෝ ස... |
"ඊයේ කොරෝනා මරණ 71 ක්" | "සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26 දා) කොරෝනා මරණ 71ක් වාර්තා කරනු ලැබීය. මෙම මරණ පෙරේදා (25 දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,680 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 747 ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 510,139 දක්වා ඉහළ ගියේය.කොවිඞ්... |
"හිරු සුපර් ඩාන්සර් කිරුළ රඹුක්කන ධනුජ ඉන්දීවරට" | "ශී‍්‍ර ලාංකේය රියැලිටි ටෙලිවිෂන් වංශ කතාව අලූත් කළ ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් හැඩවූ අසමසම නිර්මාණශීලී දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප‍්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය ‘හිරු සුපර් ඩාන්සර්’ සීසන් -3 අවසන් මහා තරගයේ ජයග‍්‍රාහී රන් කිරුළ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අතින් පෙරේදා (25 දා) කෑගල්ල ද... |
"බුද්ධි තොරතුරක් ඇතුළත් පොලිසියේ රහස් ලිපියක් සමාජ මාධ්‍යයට ගිහින්" | "බස්නාහිර පළාත් පොලිස් බුද්ධි අංශ අධ්‍යක්‍ෂවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත යොමු කරන ලද බුද්ධි තොරතුරක් ඇතුළත් රහසිගත ලිපියක් සමාජ මාධ්‍යයෙහි පළවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.අදාළ ලිපිය බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂවරයා විසින් ඉකුත් 23 වැනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස... |
"ලෝක හමුදා ස්නයිපර් වෙඩි තැබීමේ තරගයෙන් ශ‍්‍රී ලංකාව 7 වැනි ස්ථානයට" | "රුසියානු හමුදාව මගින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර ලෝක හමුදා ස්නයිපර් වෙඩි තැබීමේ – 2021 තරගාවලිය 2021-08-18 දින සිට 2021-09-04 දක්වා බෙලරූස් රාජ්‍යයේදි පැවැත්වුණි. ඒ සදහා රටවල් 15ක් සහාභාගි වූ අතර එහිදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහාභාගි වූ ශ‍්‍රී ලංකා යුද හමුදා ස්නයිපර් කණ්ඩායම ඉන්දියා, පකිස්තාන ස්නයිපර් කණ්ඩායම්... |
"පෘථිවියේ වායු විමෝචනය අඩු කිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප‍්‍රවර්ධනය අත්‍යවශ්‍යයි" | "* එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියයි පෘථිවියේ සෞඛ්‍යය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප‍්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට එක්වෙමින් ජනා... |
"ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ගියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මා ඉදිරිපත් කරපු පැමිණිල්ලෙන් පසුවයි – පාර්ලිමේන්තු මන්ත‍්‍රී මධුර විතාන" | "ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ගියේ තමන්, 2021 අපේ‍්‍රල් මස 06 වැනිදා ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරපු පැමිණිල්ලෙන් පසුව යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මධුර විතාන මහතා පැවසීය.2015-2019 කාලය තුළ සිදුවූ ඖෂධ වංචාව සම්බන්ධයෙන් දාපු පැමිණිලි මොනවද කියලා පුළුවන් නම් කියන්න කියා විපක්‍ෂ නායකතුමා ඇතු... |
"අයෝජන දොර ඇරීම සම්පත් විකිණීමක් නොවේ" | "රටේ ආර්ථිකය සංවර්ධන කිරීමට නම් විදේශ ආයෝජකයන් පැමිණිය යුතු බවත් එසේ පැමිණෙන ආයෝජකයන් සමග රජය ඒකාබද්ධව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම යනු රටේ සම්පත් විකිණීමක් නොවන බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.හම්බන්තොට වරාය එක්වරක් නොව දෙවරක් 99 අවුරුදු බදු දීමේදී නිහඬව බලා සිටි අය වර්තමාන රජය සිදුකරන සංවර්ධ... |
"වැඩි දඩ හෙට සිට" | "පාරිභෝගික අධිකාරි පනතේ නව වගන්ති හෙට (27 දා* සිටම කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික අමාත්‍යාංශය පවසයි.පාරිභෝගික සේවා අධිකාරි පනත් සංශෝධන කෙටුම්පත ඉකුත් 22 දා පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර එදිනම සවස පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කර බලාත්මක කළේය.ඒ අනුව පාරිභෝගික අධිකාරිය විසින් පනවන නියමයන් කඩකරන පුද... |
"පොහොර තොගය ගෙන්වීමට ඇති උනන්දුව සැක සහිතයි – ශ‍්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයින්ගේ සංසදය" | "චීන සමාගමක් වෙතින් ලැබී ඇති කාබනික පොහොර සාම්පල විෂ සහිත බව සනථ වී තිබියදී එම පොහොර තොගය ආනයනය කිරීමට රජයට ඇති උනන්දුව ප‍්‍රශ්න සහගත බවට ශ‍්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයන්ගේ සංසදය පවසයි.චීනයෙන් ගෙන්වන ලද මෙම පොහොර සාම්පලවල විෂයෙහි අක‍්‍රමිකතා සිදුව ඇති බවට තමන්ට නිරීක්‍ෂණය වී ඇති බව ද එම සංසදය සඳහන් කරයි.ජාතික පොහොර ලේකම් ... |
"විදුලි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට විකිණීමේ තීන්දුවට එරෙහිව අධිකරණයට යනවා" | "කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමක් වෙත විකිණීමේ රජයේ තීන්දුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරීමට තීරණය කර ඇත.මේ වන විට එම පක්ෂයේ නීතිඥයන් විසින් එහි නීතිමය කරුණු අධ්‍යයනය කරමින් පවතින අතර ඉදිරියේ දී එම නඩුව පැවරීමට නියමිතය.එසේම කෙලවරපිටිය විදුලි බලාගාරය ඇතුළු දේශීය සම්පත් විදේශී... |
"විෂ කාබනික පොහොර වැඩේ උසාවියට" | "අහිතකර බැක්ටීරියා හා වෛරස් අඩංගු ප‍්‍රමිතියක් නැති කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් 99000 ක් මෙරටට ආනයනය කිරීමට රජය ගත් කි‍්‍රයාමාර්ගයට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ගයක් ගන්නා බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.දැනටමත් මේ සඳහා සිවිල් නඩු විධාන සංග‍්‍රහයේ... |
"එන්.ජී. ඕවලට බිලියන 5 ක් ආපු හැටි හොයන්න නව නීති" | "විදේශවලින් රුපියල් බිලියන පහකට අධික අති විශාල මුදලක් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ලැබීම ගැන පරීක්‍ෂණ පැවැත්වීම සඳහා නව නීති රීති පැනවීමට රජය තීරණය කර ඇත.මේ නව නීති රීති දැන් කෙටුම්පත් කෙරෙන බව රජයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග පැවසීය. මෙතෙක් කි‍්‍රයාත්මක වන නීති රීතිවලින් මෙලෙස ලැබෙන අරමුදල් ගැන සෙවීමට නොහැකි වේ. මේ අතර මෙම නව... |
"බැචලේගේ ගෝලයෙක් මෙහෙ එයි" | "ශී‍්‍ර ලංකාවට එල්ල වී ඇති බරපතළ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ විමර්ශකයකු මෙරටට එවීමට ජිනිවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ තීරණය කර ඇත.මෙම විශේෂ නියෝජිතයා ජිනිවා පැමිණ ඉදිරිපත් කරන වාර්තාවෙන් පසු ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් කුමන පියවරක් ගත්නේදැයි නිගමනය කෙරේ.එහෙත් රජය මෙම විශේෂ නියෝජිතයාට ම... |
"දොස් අහන ඇමැතිලාට ඉස්සරහට නාමයෝජනා නෑ" | "ජනතාවගේ දෝෂදර්ශනවලට ලක්වන මැති ඇමැතිවරුන්ට ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා නොදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.ඇතැම් මැති ඇමැතිවරුන් පිළිබඳව පැමිණිලි ලැබෙන බවත් ඒ සෑම පැමිණිල්ලක් පිළිබඳවම කරුණු සොයා බලා විධිමත් පරීක්ෂණයක් කි‍්‍රයාත්මක කරන බවත් අගමැතිවරයා පැවසීය... |
"කොවිඩ් අවුලෙන් පෞද්ගලික ගුවන් සමාගම් හාන්සියි" | "කොවිඞ් ව්‍යසනය නිසා උද්ගත වී තිබෙන නොයෙකුත් ගැටලූ හමුවේ මෙරට පෞද්ගලික දේශීය ගුවන් සමාගම්වල කටයුතු සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව එහි හිමිකරුවෝ පවසති. විශේෂයෙන්ම ගුවන් නියමු, ගුවන් ඉංජිනේරු ඇතුළු පාඨමාලා සඳහා සිසුන් කැඳවීමට නොහැකි වීමත් ගුවන් සංචාර සඳහා සංචාරකයින් නොපැමිණීමත් නිසා තම සමගාම්වලට හිමි වූ ආදායම් අහිමි වී පා... |
"ජාතික සම්පත් විකිණීම ප‍්‍රතිපත්තිවලට පටහැනියි" | "ඉන්දියාව ද, චීනය ද, ඇමරිකාව ද නොව රටේ බලශක්තිය රජය යටතේ පැවතිය යුතු යැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.ආණ්ඩු වුණත් රටේ තෙල්, ගෑස් ඇතුළු ජතික සම්පත් ටික විවිධ රටවල්වලට විකිණීම නොබැඳි ප‍්‍රතිපත්තිවලට පටහැනි බවත් එයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බවත් ඒ මහතා සඳහන් කළේය.මේ ව... |
"සතොසයි රටයි ගඳගැස්වූ සුදුලූනු ජාවාරම හවුලේ කෑමක්" | "අද ලංකාවේ දේශපාලකයන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. රටේ ආර්ථික ප‍්‍රතිපත්තියක් නැතිවුණාම බලයට එන ඕනෑම ආණ්ඩුවක ඇමැතිටයි ආණ්ඩුවටයි ඕනෑ විදියට ප‍්‍රතිපත්ති හදලා රෑ නින්දට ගිහින් උදේ නැගිටිද්දි ඒ ප‍්‍රතිපත්ති වෙනස් කරන්න වුණත් පුළුවන්. මේක රටේ බලයට පැමිණි සහ බලයේ සිටින බොහෝ දේශපාලකයන් තුළින් අපිට දැක ගන්න, දැන ගන්න ලැබෙන දෙයක... |
"නොතැකුවොත් සටනට යනවා…. ලංකා විදුලිබල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු" | "කෙරවලපිටිය යුගදනවි එල්. එන්. ජී. විදුලි බලාගාරය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඇමරිකානු සමාගමට දීමට කටයුතු කළහොත් වෘත්තීය කි‍්‍රයාමාර්ග ගැනීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.ඇමරිකානු සමාගම විසින් බලාගාරයේ කොටස් සියයට 40 ක් මිලදී ගැනීම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක් ලබාදී... |
"මේ පාවාදීමට එරෙහිව අපිත් නඩු කියනවා" | "කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙන් සියයට 40ක අයිතිය ඇමරිකානු සමාගමකට පැවරීම මෙරට බලශක්ති සුරක්ෂිතතාවය අනතුරකට හෙළීමක් යැයි ද මේ පිළිබඳ අධිකරණයට ගොස් කරුණු දැක්වීමට නීති උපදෙස් ලබාගනිමින් සිටින බවද විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.එලෙස රටේ ආර්ථික වශයෙන් වැදගත් මර්මස්ථානයක පාලනය එලෙස අන්සතු කිරීම විශාල අවදානම් තත්ත්වය... |
"චම්පික පැය තුනක් සී අයි ඞීයට උත්තර බඳී" | "පාඨලී චම්පික රණවක මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (24 දා) ප‍්‍රකාශයක් ලබාදී පිටවී ගිය අයුරු….යහපාලන රජය සමයේ ‘යකඩ මිනිසා’ යනුවෙන් සිය ප‍්‍රතිරූපය ගොඩන`ගා ගැනීම සඳහා ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් රජයේ මුදල් අවභාවිත කළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් මහා නගර සහ බස්නාහිර සංවර්ධන හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගෙන් ... |
"සයිනොෆාම් එන්නත නැවත පිරවීමේ කර්මාන්තශාලාවක් ශී‍්‍ර ලංකාවේ පිහිටුවන්නැයි කළ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාර" | "කොවිඞ්-19 පාලන සයිනොෆාම් එන්නත නැවත පිරවීමේ කර්මාන්ත ශාලාවක් ශ‍්‍රී ලංකාවේ පිහිටුවන ලෙස චීනයේ ශ‍්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා සයිනොෆාම් හි කළමනාකරණයෙන් කළ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක් දක්වා ඇත. ඉකුත් 23 වැනිදා සීමාසහිත සයිනොෆාම් බීජිං ජීව නිෂ්පාදන ආයතනයෙන් ලද ආරාධනයකට අනුව එහි ගිය ආචාර්ය පාලිත කොහොන මහතා සහ... |
"ගෙනා සියලූ භාණ්ඩ රාජසන්තක කරයි… ව්‍යාපාරිකයන් 30කට රේගුවෙන් අවවාද" | "ඉන්දියාවේ කෙටි සංචාරයක නිරත වූ බව හඟවමින් කොළඹ ප‍්‍රදේශයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයන් 30 දෙනකු රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීති විරෝධී ලෙස ගුවන් මගින් රැගෙන එමින් සිටිය දී කටුනායක ගුවන් තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක” නියෝජ්‍ය ... |
"ළමුන් එන්නත්කරණය ඔක්තෝබර් අග අවසන්" | "ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙළ ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. මෙරට ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙළ ඊයේ (24 දා* නිල වශයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. වයස අවුරුදු 12 – 1... |
"පාසල් ඇරඹීම අදියර 4 කින්; පළමුව 1-5 ශ්‍රේණි පාසල් 3884 ක් විවෘත වෙයි" | "කොවිඞ් උවදුර සමනය වීමත් සමග පාසල් යළි විවෘත කිරීම අදියර 04 යටතේ සිදුකිරීමටත් එහිදී ප‍්‍රථමයෙන් 01 සිට 05 ශ්‍රේණි දක්වා පංති ආරම්භ කිරීමටත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.පාසල් යළි විවෘත කළ යුතු ක‍්‍රමවේදය නිර්දේශ කරනු පිණිස කොවිඞ් නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය” සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව තාක්ෂ... |
"අභියාචනාධිකරණ නියෝගයක් එනතුරු ‘සුජීවා’ කාටවත්වම නෑ" | "‘සුජීවා’ නමැති ඇතින්න සහ එම ඇතින්න බිහිකළ අලි පැටවා අභියාචනාධිකරණයේ ස්ථිර නියෝගයක් ලැබෙනතුරු කිසිදු පාර්ශ්වයකට මුදා නොහරින ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (24 දා* වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයකට නියෝග කළේය. එම ඇතින්න සහ අලි පැටවා මුල් හිමිකරුට මුදාහරින ලෙසට කොළඹ අතිරේක මහෙස... |
"සහල් සීනි ගෑස් කිරිපිටි මිල වැඩි කරනවාද… තීන්දුව සඳුදා" | "වරායේ හිරවුණ ආහාර කන්ටේනර් නිදහස් කරන්නැයි අගමැතිගෙන් උපදෙස් වරායේ සිර වී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24 දා) රැස්වූ ජීවන වියදම් කමිටු රැුස්වීමේදී උපදෙස් දී තිබේ. අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ ජීවන වියදම් කමිටු රැස්... |
"බිනර පෝයදා ඇමරිකාවේ පිංකම් රැසක්" | "පසු ගිය බිනර පෝයදා ඇමරිකාවේ අමිස හා ප‍්‍රතිපත්ති පූජා රැසක් සිදු විය මතුගම මහානාම හිමි සහ සුගුණ ධම්ම හිමියන්ගේ අනුශාසකත්වයෙන් කුසුම් සමරනායක මහතා විසින් ඉතා අලංකාරවත් අයුරින් ප‍්‍රතිසංකරණයකර නිර්මාණය කරන ලද සමාධි බුද්ධ ප‍්‍රතිමාවක් ඇමරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය වෙත පූජාකරණ ලදි. කොරෝනා වසංගතයෙන් පීඩා විදින සමස්ථ... |
"රජයේ ආයතන ‘සෙලන්දිවට’ දීම වළක්වන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්" | "සෙලන්දිව ඉන්වෙස්ට්මන්ට් සහ සෙලන්දිව ලෙෂර් ඉන්වෙස්ට්මන්ට් යන සමාගම්වලට රජයට අයත් හා රජයට බහුතර කොටස් හිමි සමාගම් සහ ආයතන පවරා දීම මෙන්ම බදු දීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෘත්තීය ඉංජිනේරුවරයකු වන කපිල රේණුක පෙරේරා මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24 දා* පෙත්සම්කාර පාර්ශ්වයට... |
"රජයේ ආයතන ‘සෙලන්දිවට’ දීම වළක්වන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්" | "සෙලන්දිව ඉන්වෙස්ට්මන්ට් සහ සෙලන්දිව ලෙෂර් ඉන්වෙස්ට්මන්ට් යන සමාගම්වලට රජයට අයත් හා රජයට බහුතර කොටස් හිමි සමාගම් සහ ආයතන පවරා දීම මෙන්ම බදු දීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෘත්තීය ඉංජිනේරුවරයකු වන කපිල රේණුක පෙරේරා මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24 දා* පෙත්සම්කාර පාර්ශ්වයට... |
"රට විවෘත කරන්න අලුත් සැලැස්මක්… සංචාරක කලාප ආශි‍්‍රතව නව ආයුර්වේද කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන" | "දැනට කි‍්‍රයාත්මක නිරෝධායන ඇදිරිනීතිය ඉවත් කර රට යළි විවෘත කිරීමේදී කි‍්‍රයාත්මක කළ යුතු සෞඛ්‍ය නිර්දේශ සහ සීමාවන් පිළිබද පූර්ණ සැලසුමක් සකස් කිරීමට කොරෝනා මර්දන විශේෂ කමිටුව ඊයේ (24 වැනිදා* තීරණය කළහ. මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොරෝනා මර්දන විශේෂ කමිටුව ඊයේ (24 වැනිදා* වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ ර... |
"‘මං ගැන පරීක්‍ෂණ කරන්න’…. බන්දුල පොලිස්පතිට කියයි" | "පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන තුෂාන් ගුණවර්ධන විසින් සතොස ආයතනයේ සිදුව ඇති වංචා සම්බන්න්ධයෙන් විමර්ශන කරමින් සිටියදී ඇමැතිවරුන් විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්වන මෙන් ඔහුට බලපෑම් සිදුකරන ලද බවට සිදු කර ඇති ප‍්‍රකාශ සම්බන්ධයෙන් අපක්ෂපාතී පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්... |
"තාත්තේ මගේ අත හරි අමාරුයි… ඇඟත් රිදෙනවා යැයි දුව දුරකතනයෙන් පැවසුවා" | "කොවිඞ් නියුමෝනියාවෙන් මියගිය වෛද්‍යවරියගේ මරණ පරීක්‍ෂණය කොවිඞ් නියුමෝනියා රෝගී තත්වයේ සංකුලතා හේතුවෙන් බහුවිධ අවයව අකර්මණ්‍ය වීමෙන් ගාල්ල” කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියක් මියගොස් ඇති බැව් ඊයේ (23 දා* ගාල්ල” කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය. මියගොස් ඇත්තේ රත්... |
"හමුදාවේ 28කට එරෙහිව සාක්ෂි සොයන්න ජිනීවා කාර්යාලයක් අරියි" | "ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනකුට එරෙහිව අලූත් සාක්කි සෙවීමේ ජිනිවා ලේකම් කාර්යාලය ඔක්තෝබර් 1 දා ජිනිවා නුවරදී ආරම්භ වෙයි.මේ ලේකම් කාර්යාලයට විනිසුරුවරු සහ පරීක්ෂකවරු 13 දෙනෙක් අයත් වෙති.මේ ලේකම් කාර්යාලයට යන වියදම ඩොලර් මිලියන 28 කි.මෙම ලේකම් කාර්යාලයට අයත් විනිසුරුවරුන් කවුද යන්න මෙතෙක් හෙළි කර නැත.කීර්ති වර්ණ... |
"සෞන්දර්ය ලියූ සිසුන්ට උසස් පෙළට අලූත් දොරක්" | "ප‍්‍රතිඵල නිකුත් කරනු ලැබූ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ (2020* විභාගයේ සෞන්දර්ය විෂයයට පෙනී සිටි සිසුන්ගෙන් විෂයයන් 05 ක් සම්මාන 02 ක් සමග සමත්ව සිටින සිසුන්ට උසස් පෙළ හැදෑරීම සඳහා අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ (24 දා* පැවසීය.මීට අදාළ චක‍්‍රලේඛය කඩිනමින් නිකුත් කරන... |
"සිසුන්ට එන්නත දී දෙසතියක් යනතුරු පාසල් අරින්න එපා" | "පාසල් දරුවන්ට එන්නත් ලබාදී සති දෙකකට පසු පාසල් ආරම්භ කරන්නැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (23 දා* ඉල්ලීමක් කළේය. පාසල් දරුවන් ලක්‍ෂ 45 ක් පමණ සිටින බවත්, මේ වනවිට සිසුන් 200 ට අඩු පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් අවධානය යොමුකර ඇති බවත් ඒ මහතා කිය. මේ ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.