Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"කෝටි දෙකේ කප්පම් තැත: ‘කඩුවෙල චමින්දගේ’ කල්ලිය අත්අඩංගුවට"
"හංවැල්ල ප‍්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුට දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කර රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කළ ‘කඩුවෙල චමින්ද’ නමැති පාතාල නායකයා මෙහෙයවූ සංවිධානාත්මක කණ්ඩායමක් නුගේගොඩ කොට්ඨාස අපරාධ අංශය මගින් ඊයේ (23 දා) අත්අඩංගුවට ගෙන ඇත. ‘කඩුවෙල චමින්ද’ නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයේ සිට මෙම කප්පම් ...
"කොවිඩ් මරණ අඩුවුණාට අවදානම එහෙමමයි… නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්"
"දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ හා කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වැඩි වුවද තවමත් මෙරට කොරෝනා ආසාදනය පැතිරීමේ අවදානම අඩු වී නැති නිසා ජනතාව තවදුරටත් කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.දිනකදී වා...
"කබ්රාල් මහ බැංකුවෙන් යවන්න මද්දුමබණ්ඩාර සහ මනුෂ උසාවි යති"
"අජිත් නිවාඞ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධුරයේ කටයුතු කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනුෂ නානායක්කාර මහතා ඊයේ (23 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කළහ. අජිත් නිවාඞ් කබ්රාල් මහතා දැඩි ල...
"හෙට සිට සංචාරකයන්ගේ පී.සී.ආර්. පැය 03න් දෙනවා… ඇමැති ප‍්‍රසන්න රණතුංග"
"සංචාරක ක්ෂේත‍්‍රයෙන් ඩොලර් මිලියන 4.5 ක් රටට අහිමි වුණා.. රාජ්‍ය ඇමැති ඞී. වී. චානක විදෙස් රටවල සිට පැමිණෙන සංචාරකයන්ට හෙට (25 දා* සිට පැය 3 න් පී.සී.ආර්. වාර්තා ලබාදීමට කටයුතු කරන බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය. කටුනායක ගුවන්තොටුපළ පී.සී.ආර්. පරීක්ෂණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (23 දා* එක්වෙමින් රණතු...
"පෙත්සම දීලා මනුෂ යන ගමන්…"
"මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඞ් කබ්රාල් මහතා පත් කිරීම අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනුෂ නානායක්කාර මහතා ඊයේ (23 දා) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර අධිකරණයෙන් නික්ම ගිය අයුරු. ඡායාරූප – කමල් බෝගොඩ"
"රටේ සම්පත් ආරක්ෂා කරනවා යැයි බලය අරන්… බලශක්තිය ඇමරිකාවට විකුණූ ආණ්ඩුව අද දේශද්‍රෝහීන් වෙලා"
"ජාත්‍යන්තර ආයතනවලට, සමාගම්වලට, පිටරටවලට මේ රටේ බලශක්තිය විකුණුවම ඒ අයට පුළුවන් මේ රටේ විදුලිය විසන්ධි කරන්න. අපේ රටේ ආර්ථිකයට එහිදී මොකක්ද වෙන්නේ. අපේ කර්මාන්ත ක්‍ෂෙත‍්‍රය කඩා වැටෙනවා. නිෂ්පාදන ආර්ථිකය කඩාගෙන වැටෙනවා යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය. විපක්ෂ නාය...
"නව නීති ඊයේ සිට බලාත්මකයි… පාරිභෝගික නීතිය කැඩුවොත් දඩය කෝටියය"
"පුද්ගල දඩය ලක්ෂයේ සිට ලක්ෂ 5 ක උපරිමයක්යළි වරද කළොත් පුද්ගල දඩය ලක්ෂ 10 ක්ආයතන නම් පළමු වරදට ලක්ෂ 5 සිට ලක්ෂ 10 ක්දෙවන වරට ආයතන නම් කෝටියක උපරිමයක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පතට 22 දා පස්වරුවේම සිය අත්සන යොදා පනත බලාත්මක කළේය. පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම...
"නැව් දැවිතෙල් ජාවාරම අල්ලන්න අමරවීර තොණ්ඩුවක් හදයි"
"රටට පැමිණෙන විදේශ නැව්වලින් බැහැර කරන දැවි තෙල් මිලදී ගැනීමේදී සිදුවන ජාවාරමක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ජනාධිපති විමර්ශන අංශය හරහා සිදු කිරීමට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.රටට විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් අහිමි කරමින් දැවැන්ත පරිසර හානියක් සිදුකරමින් කාලාන්තරයක් තිස්සේ රටට පැමිණෙන විදේශ නැව්වලින් ...
"හබරාදුව මුහුදේ දිය නෑ විදේශිකයා මියගිහින්"
"හබරාදුව බස් නැවකුම්පළ ඉදිරිපිට මුහුදු වෙරලේ තිබී විදේශිකයකුගේ මළ සිරුරක් හමුවී ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.මොහු මේ මස 06 වනදින ලංකාවට පැමිණ මිරිස්සේ හෝටලයක සිට පසුව 09 වනදින හබරාදුව ලණුමෝදර නවාතැන් පළකට පැමිණ ඇති බවත් පෙරේදා (22 දා* දහවල් නවාතැන් පළේ හිමිකරුට අයත් යතුරුපැදියෙන් ඔහු හබරාදුව මුහුදු වෙරළට පැමිණ නාමින් සි...
"අස්වැන්නට මිලක් නැතිව කඳුළු බොන බකමූණේ ලොකු ලූනු ගොවියෝ… ණයතුරුස් ගෙවා ගන්නත් බෑ… රජය වහා මැදිහත් වී කිලෝවකට රු. 150ක් දෙන්න"
"ඇළහැර මහ ගොවි ජනපදයට අයත් බකමූණ ප‍්‍රදේශයේ ගොවි ජනතාව මෙවර යල කන්නයේ වගා කරන ලද ලොකු ලූනු වගාවේ අස්වනු මේ දිනවල නෙළමින් තිබෙන නමුත් ඒ සඳහා නිසි මිලක් නොලැබෙන බව ගොවීහු කියති. මාස් කන්නයට පොහොර නැතිව වගා කළ නොහැකි බව පවසමින් බකමූණ මහසෙන් ගොවි සංවිධානයේ ගොවීන් පිරිසක් ලොකු ලූනු වගා කළ කුඹුරුයායකදී (23) දහවල් විරෝධතාවක න...
"වජිර පරණ ගිවිසුම් පෙන්වා රජයෙන් ස්ථාවරය අසයි"
"මේ රටේ වායු බලාගාර ඉදිකිරීම සඳහා පසුගිය එක්සත් ජාතික පක්‍ෂ රජය සමයේ ඉන්දියාව, ජපානය සහ චීනය යන රටවල් සමඟ ඇතිකරගත් ගිවිසුම් සම්බන්ධයෙන් වත්මන් රජයේ ස්ථාවරය කුමක්දැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතා රජයෙන් ප‍්‍රශ්න කර සිටී. එම ගිවිසුම් වහාම ක‍්‍රියාත්මක කර වායු බලාගාර ඉදිකිරීමට පියවර ගත යුතු යැයි අභයාරාම වි...
"යුනිසෙෆ් තියරිය අනුව හැකි ඉක්මනින් පාසල් විවෘත කළ යුතුයි"
"කොවිඞ් වසංගතයේදී අවසානයට වැසිය යුතු සහ මුලින්ම ආරම්භ කළ යුතු ආයතන ලෙස යුනිසෙෆ් ආයතනය හඳුන්වාදී ඇත්තේ පාසල බවත් ඒ අනුව පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසා සිටියේය.ජාත්‍යන්තර ගණනය කිරීම් අනුව පහළ පන්තිහි දරුවන් අතින් රෝගය බෝවීම අවම මට්ටමක පවතින බවත් පාසල් මගින් රෝගය බෝවීම ආපන ...
"රාජගිරිය කුඩු වැඩේ සී.සී.ඩි.යට"
"රාජගිරිය ඔබේසේකරපුර දී පොලිස් නිලධාරියකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී සිටියදී අනතුරට ලක් කර පලා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකිරීමට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමුකළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. ඒ අනුව පෙරේදා (22දා) තල...
"කොළොන්නාවේ ශ‍්‍රී සුමංගල නාහිමිගේ 52 වැනි ජන්ම දිනය අදයි"
"අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ මහානායක, ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල හිමිපාණන් වහන්සේගේ 52 වැනි ජන්ම දිනය අද දිනට යෙදී ඇත. එමෙන්ම, උන්වහන්සේ විසින් ආරම්භ කරනු ලැබූ පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ 22 වැනි සංවත්සරයද අදට යෙදී ඇත.ඒ නිමිත්තෙන් ඉකුත් 20 දා සිට ලබන 27 දා දක්වා නොකඩවා දින 7 ක් රතන සූත‍්‍රය සජ්ඣායනය කිරීම සි...
"යුගදනවි සාකච්ඡා අසාර්ථකයි; බැසිල් වාසි පෙන්වයි… අගමැති මධ්‍යස්ථව අසා සිටී"
"කෙරවළපිටිය යුගදනවි එල්. එන්. ජී. විදුලි බලාගාරය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඇමරිකන් සමාගමකට පැවරීම පිළිබඳව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අතර ඊයේ (23 දා* පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් විය. මෙම සාකච්ඡාවට මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ද තවත් ඇමැතිවරුන් කිහිපදෙනකු ද එක්වී තිබේ. මෙහිදී හවුල්කාර...
"මිත්‍යාවට රැවටෙන්න එපා: බය නැතිව දරුවන්ට එන්නත දෙන්න විශේෂඥ වෛද්‍යවරු කියති"
"මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණය සඳහා නොපැකිළිව යොමුවන ලෙස දෙමව්පියන් සහ වැඩිහිටියන්ගෙන් විශේෂඥ වෛද්‍යවරු ඉල්ලා සිටිති. ලෝකයේ සහ අපේ රටේ විශේෂඥ කමිටුවල නිර්දේශ සහිතව එන්නත්කරණය සිදුකෙරෙන අතර ඒ පිළිබඳව අනියත බියකින් තොරව නිවැරදි අවබෝධය සහ උනන්දුව තුළින් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගන්නා ලෙස ද ඔවුහු පවසති. ඔවුන් එසේ ...
"යුගදනව් විදුලි බලාගාර ගිවිසුමත් හෙජින් ගිවිසුම වගේ මහා පාවාදීමක් – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස"
"හෙජින් ගිවිසුම තරම් මහා පාවාදීමක් කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාර ගිවිසුම හරහා සිදුවන අතර මෙවැනි පාවාදීමක් ශ‍්‍රී ලාංකික පුරවැසියකුට කිසිසේත්ම සිදුකළ නොහැකි බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.බලය ලබාගැනීම උදෙසා මේ රටේ මහජනතාවට මැතිවරණයට පෙරාතුව ඉදිරිපත්...
"නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ කන්නන්ගරගේ පිළිරුවට අධ්‍යාපන ඇමැතිගෙන් පුෂ්පෝපහාර"
"නිදහස් අධ්‍යාපනයේ පීතෘවර අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා දැයෙන් සමුගෙන ඊයේ (23 දා)  ට වසර 52 ක් පිරුණා. ඒ සමරනුවස් වත්මන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ ස්ථාපිත ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අවස්ථාව."
"සැසිවාරය අතරතුර ශ‍්‍රී ලංකා සහ ඉන්දීය විදේශ ඇමැතිවරුන් අතර හමුවක්"
"ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හිදී පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා හමුවී කොවිඞ්-19 වසංගතය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සහ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජය විසින් ක‍්‍රියාත්මක කරන සාර්ථක පියවර පි...
"යුගදනව් විදුලි බලාගාර ගිවිසුමත් හෙජින් ගිවිසුම වගේ මහා පාවාදීමක් – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස"
"හෙජින් ගිවිසුම තරම් මහා පාවාදීමක් කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාර ගිවිසුම හරහා සිදුවන අතර මෙවැනි පාවාදීමක් ශ‍්‍රී ලාංකික පුරවැසියකුට කිසිසේත්ම සිදුකළ නොහැකි බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.බලය ලබාගැනීම උදෙසා මේ රටේ මහජනතාවට මැතිවරණයට පෙරාතුව ඉදිරිපත්...
"ප‍්‍රචණ්ඩත්වයට මෙහි ඉඩ නැහැ – ජනපති එ. ජා. සමුළුව අමතමින් කියයි"
"* කොවිඩ් පාලනයට ගත් පියවර ලෝක නායකයින්ට ජනපති පහදයි * කොවිඞ් වසංගතය හමුවේ  සිය සමීපතමයන් අහිමි වූ සියලූ දෙනාට සංවේගය පළ කරනවා * ශී‍්‍ර ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි සියලූ දෙනා මේ වනවිට එන්නත්කරණය ලක් කර තිබෙනවා * තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට  ණය සහන අත්‍යවශ්‍යයි * රටේ ආර්ථිකය නැවත පණ ගැන්වීමට ශ‍්‍රම  බළකාය උපරිමයෙන්...
"බලාගාරයේ කොටස් ඇමරිකාවට විකිණීම: පොහොට්ටුවේ හවුල් පක්‍ෂ අද අගමැතිට කරුණු කියති"
"කෙරවලපිටිය බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධ ප‍්‍රශ්නය විසඳා ගැනීමට අද (23)  අගමැතිවරයා සමග සාකච්ජා කරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ පවසයි.පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ රැස්වීම ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබුණත් එය නොපැවැත්වූ අතර එය අද (23 දා) පස්වරුවේ අරලියගහ මන්දිරය...
"බෙංගාල මහ ඇමැතිනියටත් ‘මැණිකේ මගේ හිතේ’ වගේ ගීතයක්"
"ඉන්දියාවේ මේ වන විට අතිශයින් ජනප‍්‍රිය ‘මැණිකේ මගේ හිතේ’ ගීතය පාදක කරගෙන බෙංගාල මහ ඇමැතිනි මමතා බැනර්ජි වෙනුවෙන් විශේෂ ගීතයක් නිර්මාණය කර ඇත.මා – උමාති – ඉමානුෂ්: නම් වන මුළු ගීතයේම සඳහන් වන්නේ මහ ඇමැතිනිය පිළිබඳවය. මෙම ගීතය ගයන්නේ මැදිනිපූර්හි රාජේෂ් චක‍්‍රවර්ති සහ ඔහුගේ දියණිය අපරාජිතාය. යොහානි සිල්වාගේ මේ ගීතය ඇසුර...
""චන්න රාජිත ඇවිළෙති – රේන්ජ් රෝවර්, සුපිරි හෝටල්, නිවාස මැති සබේ රැව්දෙයි""
"* ඇමැති කියන්නේ පට්ටපල් බොරු – රාජිත * සියලු වංචා තවදුරටත් හෙළි කරනවා – චන්න ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යෑම සහ ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් පෙරේදා (21 දා) රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා සිදු කළ ප‍්‍රකාශය පිළිබඳව මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතා ඊයේ (22 දා) කරුණු කීම හේතුවෙන් දෙදෙනා අතර පාර්ලිමේන්තුවේදී දැඩි වචන හුවමා...
"දේශපාලනඥයන් සමග එක්වී ජනතාවට ලැබිය යුතු සහන කූට ව්‍යාපාරිකයන් කොල්ල කනවා – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති"
"* ඇමැති සිටින්නේ  පාරිභෝගිකයා සමගද  නැතිනම් සමාගම්  එක්කදැයි වහා කිවයුතුයිමෙරට අර්බුදයක් නිර්මාණය වනවිට ඒ තුළින් මුදල් සූරාකන ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් නිර්මාණය වන බවත්, ඔවුන් දේශපාලනඥයන් සහ ඇමැතිවරුන් සමඟ එක්වී ජනතාවට ලැබිය යුතු සහන අතරමැදින් කොල්ලකමින් සිටින බවත්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් ...
"යුගදනවි බලාගාරයේ කොටස් ගන්න ගිවිසුම් අත්සන් කළැයි ඇමරිකානු සමාගම කියයි"
"කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ නිශ්චිත ගිවිසුමට අත්සන් කළ බව ඇමරිකානු නිව් ෆෝටෙ‍්‍රස් සමාගම නිවේදනය කර ඇත. ඇමරිකානු සමාගම හා රජය අතර මෙම ගිවිසුම් අත්සන් කිරීම පසුගිය 17 වැනිදා රාතී‍්‍ර සිදු කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කර තිබිණි. කෙරවලපිටි...
"සංගරීගේ පුතා කැනඩා මැති සබයට"
"කැනේඩියානු මැතිවරණයේදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතාගේ පුතකු වන හැරී ආනන්ද සංගරී මහතා ජයග‍්‍රහණය කොට මන්ත‍්‍රී ආසනයක් දිනාගෙන තිබේ.ලිබරල් පක්ෂයෙන් කැනඩාවේ ස්කාර්බරෝ ප‍්‍රදේශයෙන් තරග කළ හැරී ආනන්ද සංගරී ඡුන්ද 23901 ක් ලබාගෙන මන්ත‍්‍රී ධුරය හිමිකර ගෙන තිබේ.කැනේඩියානු මැතිවරණයේදී දෙමළ සම්භවයක් ඇති...
"අගෝස්තුවේ ඩොලර් මිලියන 1000ක අපනයන ආදායමක්"
"පසුගිය අගෝස්තු මාසයේ ඩොලර් මිලියන දහස ඉක්මවූ අපනයනය ආදායමක් මෙරටට හිමිව තිබේ. රේගු සංඛ්‍යා ලේඛනවලට අනුව පසුගිය වසරේඅගෝස්තු මාසයේදී වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 947.2ක වටිනාකමට සාපේක්‍ෂව වෙළෙඳ භාණ්ඩ අපනයනයේ ඉපැයීම් මෙම වසරේ අගෝස්තු මාසයේදී සියයට 14.4කින් හෙවත් ඩොලර් මිලියන 1083.56ක් දක්වා වර්ධනය වී ඇත. මීට පෙර මේ වස...
"තවත් බිලියන 400ක් ණය වෙන්න කැබිනට් අනුමැතිය"
"විසර්ජන පනත මගින් 2021 වසර සදහා අනුමත ණය සීමාව තවත් රුපියල් බිලියන හාරසියයකින් ඉහළ දැමීම ස`දහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.විසර්ජන පනත සංශෝධනය කිරීම ස`දහා මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙසේ අනුමැතිය හිමිවී ඇත.2021 වසර ස`දහා අනුමතව තිබූ ණය සීමාව රුපියල් බිලියන 29...
"සා/පෙළ ප‍්‍රතිඵල සති දෙකකින්: – ප‍්‍රතිඵල නැතත් සිසුහු උ/පෙළ ටියුෂන්වල"
"අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ (2020) ප‍්‍රතිඵල සති දෙකකින් පමණ නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.මෙම විභාගයට සිසුන් 622,000ක් පමණ පෙනී සිටි අතර නැටුම්, සංගීතය, චිත‍්‍ර ඇතුළු ප‍්‍රායෝගික විෂයන්ට අදාළව පරීක්ෂණ නොපැවැත්වීම නිසා ප‍්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවා ඇත.මේ වනවිට අනෙකුත් විෂයන් 08ට අදාළව...
"රනිල්ට – රංගේට වාරණයක්"
"මැදදුම්බර ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍ර මංගල උදිත කුමාර මහතා ඇතුළු මන්තී‍්‍රවරුන් 19 දෙනකු වෙනුවට වෙනත් පිරිසක් නම් කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (22 දා) එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ හා එම පක්‍ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට වාරණ නියෝගයක් නිකුත් කළේය.සමගි...
"ගුවන්තොටේ පී.සී.ආර්. පරීක්‍ෂණාගාරය අද ඇරඹේ"
"ශ‍්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන්ට පී.සි.ආර්. පරීක්‍ෂණ සිදුකර ගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළ තුළ ස්ථාපිත කර තිබෙන පරීක්‍ෂණාගාරය අද (23 දා) සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරේ.මෙම පරීක්‍ෂණාගාරයේදී දිනකට පී.සී.ආර්. 7000 ක් සිදුකළ හැකි අතර පැය තුනකදී පරීක්ෂණ වාර්තා ලබාදීමට කටයුතු කෙරේ. ...
"පාසල් 5131ක නැකැත් බලයි"
"කොවිඞ් වසංගතය යම් මට්ටමකට පාලනය වී ඇති නිසා ලබන මස මැද වන විට ළමුන් 200ට අඩු පාසල් 5131ක් මුලින්ම ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දිවයිනට ඊයේ (22 දා) පැවසීය.සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් සිසුන් 200ට අඩු පාසල් විවෘත කිරීමට අනුමැතිය ලබා දී ඇති බවත් ඒ අනුව පාසල් 51...
"ගුරු සමිති හා බැසිල් අතර සාකච්ඡාවක් ළඟ ළඟම – ඇමැති අමරවීර"
"ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් එම වෘත්තිය සමිති සංගම් සමග ඉතා ඉක්මනින් මුදල් ඇමැතිවරයා සාකච්ඡුාවක් පවත්වනු ඇති බව වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය කමිටු සාමාජික හා පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.මේ වන විටත් එම ගුරු සංගම් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් 11කින් දහයකට කමිටුව විසින් න...
"වඩිවේල්ගේ පොලූ කතාවට රනිල් හරස් වෙයි"
"රාජගිරියේ පිහිටි ජාතික වතු කම්කරු කාර්යාලයට හිටපු එජාප ඇමැතිවරුන් වන සාගර රත්නායක, රුවන් විජේවර්ධන, නවීන් දිසානායක යන මහත්වරුන් ඇමැති ආරක්‍ෂකයන් සහ පොලූ මුගුරු රැගෙන පැමිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ලේකම් සමගි ජනබලවේගය මන්ත‍්‍රී වඩිවේල් සුරේෂ් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කළේය.එහිදී ඊ...
"රනිල්ට – රංගේට වාරණයක්"
"මැදදුම්බර ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍ර මංගල උදිත කුමාර මහතා ඇතුළු මන්තී‍්‍රවරුන් 19 දෙනකු වෙනුවට වෙනත් පිරිසක් නම් කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (22 දා) එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ හා එම පක්‍ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට වාරණ නියෝගයක් නිකුත් කළේය.සමගි...
"ගුවන්තොටේ පී.සී.ආර්. පරීක්‍ෂණාගාරය අද ඇරඹේ"
"ශ‍්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන්ට පී.සි.ආර්. පරීක්‍ෂණ සිදුකර ගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළ තුළ ස්ථාපිත කර තිබෙන පරීක්‍ෂණාගාරය අද (23 දා) සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරේ.මෙම පරීක්‍ෂණාගාරයේදී දිනකට පී.සී.ආර්. 7000 ක් සිදුකළ හැකි අතර පැය තුනකදී පරීක්ෂණ වාර්තා ලබාදීමට කටයුතු කෙරේ. ...
"පාසල් 5131ක නැකැත් බලයි"
"කොවිඞ් වසංගතය යම් මට්ටමකට පාලනය වී ඇති නිසා ලබන මස මැද වන විට ළමුන් 200ට අඩු පාසල් 5131ක් මුලින්ම ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දිවයිනට ඊයේ (22 දා) පැවසීය.සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් සිසුන් 200ට අඩු පාසල් විවෘත කිරීමට අනුමැතිය ලබා දී ඇති බවත් ඒ අනුව පාසල් 51...
"කබ්රාල්ට එරෙහි පෙත්සම 7 වැනිදා යළි කැඳවයි"
"අජිත් නිවාඞ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයට පත්කිරීම හා එම ධුරයේ කටයුතු කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම සලකා බැලීම සඳහා ලබන 7 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (22 දා) නියෝග කළේය.එම පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධ...
"වවුනියාව නාගරික මන්ත‍්‍රීනී ධර්මදාස පුංචි කුමාරී කොරෝනාවලින් මියයයි"
"වවුනියාව නගර සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ නාගරික මන්ත‍්‍රීනී පී. ධර්මදාස පුංචි කුමාරී මහත්මිය කොරෝනා රෝගය ආසාදනය වීම නිසා 20 දා මිය ගොස් තිබේ.වවුනියාවේ තේක්කවත්ත ප‍්‍රදේශයේ පදිංචිව සිටි මන්ත‍්‍රීවරියට කොරෝනා රෝගය වැළදීමෙන් පසුව ඇය වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ප‍්‍රතිකාර ලබා සිටි අතර ඉන් පසුව ඇය මියගොස් ති...
"අනේ කාලේ වනේ වාසේ! වැලිගම වරකාපිටියේ ආදාහනාගාරයේ සමරු ඵලකයේ නම් 52 ක්….!!"
"සිහිවටන ඵලකයක නම් 52 ක් ඇතුළත්ව ඇතැයි කීවොත් ඔබ පුදුම විය යුතු නැත. එය සැබෑවකි. වැලිගම ප‍්‍රාදේශීය සභාව මගින් වරකපිටියේ ඉදිකළ ආදාහනාගාරයේ සිහිවටන ඵලකයේ එලෙස නම් 52 ක් ඇතුළත්ව තිබේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා, පළාත් පාලන හා පළාත් සභා ඇමැතිවරයාගේ සිට මෙම නම් 52 එහි සටහන්ව තිබේ. වැලිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බ...
"තුන්වැනි මාත‍්‍රාවක් ලෙස දීමට ෆයිසර් එන්නත් මිලියන 14 ක් ඇණවුම් කරයි"
"මෙරට ජනතාවට තුන්වැනි මාත‍්‍රාවක් ලෙස ලබා දීම සඳහා ෆයිසර් එන්නත් මාත‍්‍රා මිලියන 14 ක් ඇණවුම් කිරීමට රජය පියවර ගෙන තිබේ. අදාළ එන්නත් තොගය සඳහා අවශ්‍ය සියලූ මුදල් ලබන ඔක්තෝබර් මස පළමුවැනිදා වන විට ලෝක බැංකුව මගින් ගෙවීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛi ප‍්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි. එන්නත්කරණය ...
"ඖෂධ දත්ත මැකීම පරිගණක ක‍්‍රියාකරුවකුගේ අත්වැරැද්දක් බවට ලඝු කරලා"
"මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාලසීමාවකදීම අතුරුදන් වීම බරපතළ තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු වී ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (21දා* පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ ප‍්‍රශ්නයක් නගමින් පැවසීය. ජාතික ඖෂධ නියාමන...
"උදේ කතාකරපු දුව හවස මැරුණා කිව්වාම පිළිගන්නේ කොහොමද…. දුවගේ මිනිය ගෙනැත් දෙන්න ලක්ෂ තුනහමාරක් ඉල්ලනවා දුප්පත් අපිට එච්චර සල්ලි කොහෙන්ද?"
"මාසයක් තිස්සේ අසරණ දරුවන් දෙන්නා අම්මාගේ මූණ දකින්න බලා ඉන්නවා වගකිවයුතු කිසිවෙක් තවමත් නිසි පිළිතුරක් දෙන්නේ නැහැ මැලේසියාවේදී ගෙල වැලලාගත්තැයි කියන චතුරිකාගේ මව කියයි ”‍මගේ දුවගේ මිනිය ගෙනැත් දෙන්න ලක්ෂ තුනහමාරක් ඉල්ලනවා. අපි හරිම දුප්පත් මිනිස්සු. අපි කොහොමද මේ තරම් ලොකු මුදලක් හොයා ගන්නේ. දුව නැතිවුණ බව ආරංචි වෙලා...
"බහුජාතික සමාගම් චීනයෙන් කාබනික පොහොර ගෙන්වීමට වලිකනවා"
"මෙරටට මහා පරිමාණයෙන් රසායනික පොහොර ගෙන්වූ බහුජාතික සමාගම් මේ වන විට කාබනික පොහොර ගෙන්වීමටද දැඩි උත්සාහයක නිරත වන බව ජාතික ගොවිජන සම්මේලනයේ සභාපති අනුරුද්ධ තෙන්නකෝන් මහතා ඊයේ (21 දා* කීය. ඒ සඳහා අදාළ සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සිව් දෙනකු සම්බන්ධ කරගෙන සිටින බව කී හෙතෙම එම සමාගම් ඇමෙරිකානු ඩොලර් මිලියන 6...
"කිරි ගොවීන්ට යන එන මං නැතිවෙයි… අපි රටටම කිරි දෙන්නම් හරකුන්ට කන්න තෘණ භූමියක් වෙන් කරලා දෙන්න!"
"ගව ගාල අසල පැවැත්වූ මාධ්‍ය හමුව අවශේෂ ඉඩම් කීපයක් හඳුනාගෙන තෘණ භූමියකට සැළසුම් සකස් කරනවා – ත‍්‍රිකුණාමලය දිසාපති සමන් දර්ශන පාඬිකෝරළ කන්තලේ සීනි කම්හල් භූමිය ඉඩම් කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට වසා දමා ඇති අක්කර 22000ක් වූ කන්තලේ සීනි කම්හල් භූමිය තුළ දැනට සිදු වන අනවසර ඉඩම් අල්ලා ගැනීම නිසා එන මාස් කන්නයේ දී තමන් ගේ කිරි ...
"මහින්දගේ පුරප්පාඩුවට එන්නේ ලලිත්"
"ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ මහතා ඉදිරියේදී ඉල්ලා අස්වීමේදී ඇතිවන පුරප්පාඩුව සඳහා කළුතර දිස්ත‍්‍රික් හිටපු පළාත් සභා මන්ත‍්‍රී ලලිත් වර්ණකුමාර මහතා පත්වීමට නියමිතය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ මහතා ඇමෙරිකාවේ තානාපතිවරයා ලෙස පත්වීමට නියමිත බැවින් හිස් වූ එ...
""රු. 17,735 එන්නත 55,000 ට අරන් රු 12 පෙත්ත 165 ට අරන් දත්ත මකපු ඖෂධ මාෆියාවේ ඇත්ත! සජිත්ගේ ප‍්‍රශ්නයට ඇමැති චන්න උත්තර දෙයි… රාජිතගේ කරුණු දැක්වීමට කථානායක ඉඩ නොදෙයි""
"ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියෙන් මැකී ගොස් ඇත්තේ 2015 – 2019 කාලයේදී අසාමාන්‍ය මුදලක් වැය කොට මෙරටට ගෙන්වූ ඖෂධ 35 ක ලැයිස්තුවක් බව ඖෂධ නිෂ්පාදනය, සැලසුම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා*)පැවසීය. එම කාලයේදී හදිසි මිලදී ගැනීම් ලෙස දක්වමින් රුපියල් මිලියන 1140 කට ආසන්න වටි...
"ආනයනය නතර නොකර බදු පැනවීම නිසා ලොකු ලූණු මිල බැහැලා"
"දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු මිල ශීඝ‍්‍රයෙන් පහළ වැටීම නිසා ගොවීහු දැඩි දුෂ්කරතාවකට පත්වී සිටිති. ඒ අනුව ලොකු ලූනු කිලෝවක් රුපියල් 80 ත් 90 ත් අතර මිල ගණන්වලට අඩුවී ඇත.මීට ප‍්‍රධාන හේතුව ආනයනික ලූනුවලිල් ගබඩා පුරවා තිබීම බව ඔවුහු පෙන්වා දෙති. මෙහිදී රජය කළ යුතුව තිබුණේ දේශීය ලූනු අස්වැන්න නෙළීමට ආසන්නව...
"රාජගිරියේ මෙහෙයුමේ රාළහාමි බිම දැමූ ජාවාරමාගේ හෙළුව හෙළිවෙයි… වැටලීම් කණ්ඩායමේ අයිපී කොළේ වහලා…"
"රාජගිරිය ඔබේසේකරපුර ප‍්‍රදේශයේදී පෙරේදා (20දා* පොලිස් සැරයන්වරයකුට තුවාල සිදු කර පලා ගිය මත්ද්‍රව්‍ය ජාවාරකරු ගමන්ගත් මෝටර් රථය මිරිහාන උඩහමුල්ල ප‍්‍රදේශයේ කාන්තාවකට අයත් මෝටර් රථයක් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ. මත් කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම ජාවාරම්කරු තමන් පැමිණි මෝටර් රථ...
"කැටගොඩ යළි මැතිසබයට"
"ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ මහතා ඊයේ (21 දා* කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය. හිටපු මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා ජයන්ත කැටගොඩ මහතා පත්වූ අතර ඊයේ පාර්ලිමේන්තු කටයු...
"සාකච්ඡාවට එන්න ඩයස්පෝරාවෙන් කොන්දේසියක්"
"අභ්‍යන්තර යාන්ත‍්‍රණයක් සඳහා සාකච්ඡාවකට එන ලෙස ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වන කොටි ඩයස්පෝරාව 30/1 ජිනීවා යෝජනාව මුළුමනින්ම ක‍්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා ඇත.ලන්ඩන් නුවර ද්‍රවිඩ ආරංචිමාර්ග පැවසුවේ ජනපති කළ ඇරයුම ගැන ඩයස්පෝරාව බියට පත්වී ඇත්තේ යුද අපරාධ බොරු සාක්‍ෂි 1,20,000 ක් ජිනීවා මානව හිම...
"අනියම් බිරිය සමග දීග කන්න කොරෝනා හැදුණු බිරිඳ නිදි යහනේදීම හුස්ම හිරකර මරලා; මස්සිනාගේ සැකයෙන් සියල්ල හෙළිවෙයි"
"බොරලැස්ගමුව පොලිස් වසමේ 03 වැනි පටුමග, එගොඩවත්ත පාර ප‍්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක ගෙන් බිරිඳට කොරෝනා වැළඳීමෙන් අනතුරුව ඇයව නිවසේ නිදි යහන මතදී කොට්ටයකින් මූණ තදකර ඝාතනයට ලක්කර ඇය කොවිඞ් 19 රෝගයෙන් මියගියේ යැයි පවසමින් අනියම් බිරිඳක් සමග දීග කෑමට සැරසුණු ව්‍යාපාරික පුද්ගලයෙක් ඝාතනයට යොදාගත් කොට්ට සහ ඇඳ ඇතිරිලි ...
"උදරාබාධයට බෙහෙත් ගන්න ආපු රෝගියාට කොරෝනා කියා ලබාදුන් බෙහෙත විෂ වී මියයයි"
"උදරාබාධයක් හේතුවෙන් ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පැමිණි පුද්ගලයකුට එම අවස්ථාවේදී සිදුකළ රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොවිඞ් වෛරස ආසාදිතව ඇතැයි තහවුරු වීමෙන් අනතුරුව ප‍්‍රතිකාර ලබාදීම සඳහා කෝවිඞ් ප‍්‍රතිකාර වාට්ටුවට ඇතුළත් කර වැඩිදුර ප‍්‍රතිකාර ලබාදෙමින් සිටියදී එම රෝහලේ වෛද්‍යවරුන් විසින් ලබා ...
""අගමැති චීනයට, ජනාධිපති ඇමරිකාවට අපේ සම්පත් දෙනවා""
"– පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ (සජබ)වත්මන් අගමැති හිටපු ජනාධිපති රටේ සම්පත් චීනයට දෙද්දී වර්තමාන ජනාධිපති රටේ සම්පත් ඇමරිකාවට ලබා දෙනවා යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුර...
"මෛත‍්‍රිපාලගේ දෙබිඩි ප‍්‍රතිපත්තිය ඇවිදින මංතීරුවෙන් එළියට – පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ"
"හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දෙබිඩි ප‍්‍රතිපත්තිය පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ රළපනාව ආශ‍්‍රිතව ඉදි කිරීමට යෝජිත ඇවිදින මංතීරුව ඉදිකිරීම සම්බන්ධයෙන් මැදිහත්වන අයුරු දුටු විට ප‍්‍රත්‍යක්ෂ වන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.මෙම ඉදිකිරීම හේතුවෙන් වැව සංරක්ෂණය වන අතර එය අග...
"යෝජිත ඇවිදින මංතීරුව වැව් තාවුල්ලට තවත් ආරක්ෂාවක්"
"*  සොළොස්මස්ථානාධිපති, අස්ගිරි පර්ශ්වයේ  අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමිපොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ රළපනාව ආශ‍්‍රිතව ඉදි කිරීමට යෝජිත ඇවිදින මංතීරුවට ඉදිකිරීම මගින් වැව් තාවුල්ල තවත් ආරක්ෂා වන බව ඉංජිනේරු අංශ විසින් පවසා තිබෙන බව පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහි...
"යෝජිත ඇවිදින මංතීරුව වැව් තාවුල්ලට තවත් ආරක්ෂාවක්"
"*  සොළොස්මස්ථානාධිපති, අස්ගිරි පර්ශ්වයේ  අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමිපොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ රළපනාව ආශ‍්‍රිතව ඉදි කිරීමට යෝජිත ඇවිදින මංතීරුවට ඉදිකිරීම මගින් වැව් තාවුල්ල තවත් ආරක්ෂා වන බව ඉංජිනේරු අංශ විසින් පවසා තිබෙන බව පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහි...
"‘සාකච්ඡාවට එන්න’ ඩයස්පෝරාවට ජනපති කියයි! – එජාප මහලේකම් හමුවේ ජනපති සහතික වෙයි – රඳවා සිටින ද්‍රවිඩ තරුණයන්ට ජනපති සමාව දෙන්න සුදානම්"
"* පොරොන්දු ඉටුකිරීමට කොවිඩ් බාධාවක් වුණා * බෙදුම්වාදය නැතත් අන්තවාදය ගැන පරීක්‍ෂාව අවශ්‍යයි අභ්‍යන්තර යාන්ත‍්‍රණයකින් ගැටලූ විසඳා ගැනීම සඳහා සාකච්ඡාවකට එක්වන්නැයි දෙමළ ඩයස්පෝරාවට ජනපති  ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඇරයුම් කර ඇත. ජනපතිවරයා මේ කරුණු අනාවරණය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා පෙරේදා ...
"පොලොන්නරුව ලංකාතිලක පිළිම ගෙයට අකුණුසර වැදිලා"
"පොලොන්නරුව පුරාවිදු බිමේ පිහිිටි ඉපැරණි ලංකාතිලක පිළිම ගෙයට පෙරේදා (19) පස්වරුවේ අකුණුසර වැදී ඇතැයි පුරාවිද්‍යා නිලධාරීහු කියති.සවස් කාලයේ ඇතිවූ වර්ෂාවත් සමඟ මෙම අකුණු අනතුර සිදුව තිබේ. එම අකුණුසර වැදී ඇත්තේ පිළිම ගෙයහි බටහිර දිසාවේ පිහිටි ගඩොල් බිත්තියකට බව එම නිලධාරීහු කීහ.ඒ හේතුවෙන් එම බිත්තියේ අඩි 2ක් 3ක් පමණ ප‍්‍...
"සිරකරු දිනයට රැඳවියන් 89 කට ජනාධිපති සමාව – ලිස්ට් එකේ රන්ජන් නෑ"
"සිරකරු දිනය නිමිත්තෙන් රැුඳවියන් 89 දෙනකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට  බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට සමාව හිමිවී නැත.නිදහස ලබන පිරිස අතර කාන්තාවෝ දෙදෙනෙක්ද සිටිති. සිරකරු දිනය පසුගිය ඉරිදාට (12 දා) යෙදී තිබුණි.මහර බන්ධනාගාරයෙන් 10 ක්, වැලිකඩ 5...
"යොහානිට ඉන්දියාවෙන් අලූත් පදවියක්"
"ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය වී ඇති බව මෙරට ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වේ.යොහානි ඉන්දීය සංගීත රසිකයන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වී ඇති අතර ඇගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දීය භාෂා ගණනාවකින් මේ වන විට ගැයේ. මේ සම්බන්ධව ඉන්දීය තානාපති කාර්ය...
"ජීවිතාන්ත සිර දඩුවම් නියමවූ වැලිකඩ 12 ක් වහල මත විරෝධතාවක – මරණ දඩුවම් නියමවූවෝ ආහාර වර්ජනයක"
"ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව සිටින රැුඳවියන් 12 දෙනෙක් තම ද`ඩුවම් කාලය අඩුකරන ලෙස බලකරමින් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී ඊයේ (20 දා) විරෝධතාවක් ආරම්භ කළහ. මීට සමගාමීව මරණ ද`ඩුවම නියමව සිටින රැුඳවියෝ ආහාර වර්ජනයක බිම සිට නිරත වූහ.දීර්ඝ කාලයක සිට මරණ දණ්ඩනය නියමව සිටින රැඳවියන් සඳහා ජීවිතාන්තය දක්වා සිරද`ඩුවම් ලබා...
"එන්නත් ලබා ගත් ජනතාවගේ නිවැරදි ප‍්‍රතිදේහ පරීක්ෂාවක් වහාම ආරම්භ කළ යුතුයි -PHI සංගමයේ සභාපති"
"ශ‍්‍රී ලංකාවේ එන්නත්කරණයට ලක් කර සිටින ජනතාවගේ නිවැරදි ප‍්‍රතිදේහ පරීක්ෂාවක් වහාම ආරම්භ කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ඉදිරි එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධව ද මෙසේ ප‍්‍රකාශ කළේය.වර්තමානයේ එන්නත් ආවරණය නිසා අඩු වෙලා තියෙන මරණ ...
"ආයෝජන ඉහළ නැංවීමට දෙරට අතර අතිවිශාල අවස්ථාවක් පවතිනවා – විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් තුර්කි විදේශ ඇමැති සමඟ සාකච්ඡා"
"එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයට සහභාගි වන අතරතුර දී තුර්කියේ විදේශ අමාත්‍ය මැව්ලූත් චවුෂෝලෝ මහතා ඉකුත් 17 වැනිදා නිව්යෝර්ක්හි තුර්කි නිත්‍ය දූත මණ්ඩලයේ චාන්සරි ගොඩනැගිල්ල වන තුර්කි මන්දිරයේ දී ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡුාවක නිරත විය. එහිදී දෙරට අතර,...
"ආයෝජන ඉහළ නැංවීමට දෙරට අතර අතිවිශාල අවස්ථාවක් පවතිනවා – විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් තුර්කි විදේශ ඇමැති සමඟ සාකච්ඡා"
"එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයට සහභාගි වන අතරතුර දී තුර්කියේ විදේශ අමාත්‍ය මැව්ලූත් චවුෂෝලෝ මහතා ඉකුත් 17 වැනිදා නිව්යෝර්ක්හි තුර්කි නිත්‍ය දූත මණ්ඩලයේ චාන්සරි ගොඩනැගිල්ල වන තුර්කි මන්දිරයේ දී ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡුාවක නිරත විය. එහිදී දෙරට අතර,...
"ජනතාවට දැන් ලොකුම වෛරසය වී තිබෙන්නේ ආණ්ඩුවයි – කොරෝනා වෛරසය අතරේ කොමිස් වෛරසයකුත් පැතිරෙනවා"
"– සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දුකොරෝනා වෛරසය අතරේ කොමිස් වෛරසයකුත් පැතිරෙමින් යන බවත් ජනතාවට දැන් ලොකුම වෛරසය වී තිබෙන්නේ ආණ්ඩුව යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා පැවසීය.සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (...
"NMR දත්ත මැකීම සම්බන්ධයෙන් එපික් ලංකා ඉංජිනේරුවකු අල්ලන්න පරීක්‍ෂණ"
"ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවේ දත්ත විශාල තොගයක් මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ ඉංජිනේරුවකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. මෙම තොරතුරු මකා දැමීම මෙරට ක‍්‍රියාත්මක වන ඖෂධ මාෆියාවේ කුමන්ත‍්‍රණයක කොටසක් විය හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අ...
"පාස්කු ප‍්‍රහාරයට හමුදා බුද්ධි ප‍්‍රධානී සම්බන්ධ බවට ජිනීවා සමුළුවට ව්‍යාජ පැමිණිලි"
"පාස්කු ප‍්‍රහාරයට හමුදා බුද්ධි ප‍්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සාලේ සම්බන්ධ බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත බොරු පැමිණිලි කීපයක් ඉදිරිපත් කර ඇතැයි රජයට හෙළිවී ඇත.මේ පැමිණිලිවල දක්වා ඇත්තේ සහරාන්ගේ කඳවුරුවලට ගිය සාලේගේ බුද්ධි නිලධාරීන් පුහුණුව ලබාදී ඇති බවය.පාස්කු ප‍්‍රහාරයට සුරේෂ් සාලේ කොටු කිරීමට සැලසුම් කර ඇත්තේ...
"ඊයේ කොරෝනා මරණ 93ක්"
"දිනකට මෙරට වාර්තාවන මරණ සංඛ්‍යාවෙහි සහ හමුවන නව ආසාදිතයන්ගේ ප‍්‍රමාණයෙහි අඩුවීමක් මේවන විට දක්නට ලැබන බවත් ඒ අනුව මෙරට කොරෝනා වසංගතය යම් පාලනයකට ලක්ව ඇතැයි වසංගත රෝග පාලන ඒකක සඳහන් කරයි. ඊට හේතුවී ඇත්තේ මේ වනවිට දැඩි අවදානම් තත්ත්වයේ පසුවන වයස් කාණ්ඩය ලෙස සලකන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සහ විවිධ රෝග වලින් පෙළෙන පු...
"ඉල්ලීම් 5 කට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ හෙට විරෝධතාවේ"
"සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් 5 කට විසඳුම් ඉල්ලා හෙට (22 දා) දහවල් 12.00 ට දිවයිනේ සියලූ රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වෙන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමිපාණෝ ‘දිවයින’ට පැවසූහ.මෙම ඉල්ලීම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළ ද මෙතෙක් ප‍්‍රතිචාරයක් දක්වා නැතැයිද උන්වහන්සේ කී...
"සුබෝධනි ප‍්‍රමාද නම් 2018 වැටුප් වැඩි වීම දෙන්න – ශ‍්‍රී ලංකා නිදහස් ගුරු සන්ධානය"
"ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා සුබෝධනි කමිටු වාර්තාව ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රමාද කරන්නේ නම් වහාම 2018 වැටුප් වැඩි කිරීම සිදුකරන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් ගුරු සන්ධානයේ ලේකම් දීවානි මහත්මිය රජයෙන් ඉල්ලා සිටියාය.නිදහස් ගුරු සංගමය ලෙස තමන් මස් රාත්තලම ඉල්ලන්නේ නැති බවත්, සුබෝධනී කමිටු වාර්තාව ක‍්‍රියාත්මක ක...
"තේ අපනයනය සියයට 15 කින් ඉහළට"
"පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ තේ අපනයනය 15% කින් වර්ධනය වී ඇත. මෙරට තේ වැඩියෙන්ම මිලදී ගෙන ඇත්තේ ඉරාකයයි.අගෝස්තු මාසයේ ලැබූ තේ අපනයන ආදායම ඩොලර් මිලියන 116කි.පසුගිය මාස අට තුළ තේ අපනයනයෙන් උපයාගත් ආදායම ඩොලර් මිලියන 880කි. ඉරාකයට පසු ලංකා තේ වැඩියෙන්ම මිලදී ගෙන ඇත්තේ තුර්කිය හා රුසියාවයි. චතුර පමුණුව"
""කිලෝව 200කින් ග‍්‍රෑම් 400 රු. 78කින් කිරිපිටි මිල උස්සන්න සමාගම් අඬයි – සිමෙන්ති, තිරිගු පිටි මිලත් ඉහළට!""
"ආනයනික කිරිපිටි කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 200කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් හා මුදල් අමාත්‍යාංශය අතර පැවති සාකච්ඡුාවකදී එකඟතාවකට පැමිණ ඇත.එහිදී ආනයකරුවන් විසින් කිරිපිටි කිලෝවක් රුපියල් 350කින් ඉහළ දැමීමට ඉල්ලීම් කර තිබේ. නමුත් දෙපාර්ශ්වය අතර එකඟත්වය ඇතිවී ඇත්තේ රුපියල් 200කින් කිරිපිටි කිලෝග‍්‍රෑමයක මිල වැඩි කි...
"සාම්පලවල ක්ෂුද්‍ර ජීවීන්… චීන පොහොර ගෙනාවොත් බරපතළ අවදානමක්; මහාචාර්ය බුද්ධි මාරඹේ"
"චීනයෙන් මෙරටට ආනයනය කිරීමට සූදානම් කර ඇති ඝන කාබනික පොහොර තොගයේ සාම්පල් තුළ ක්ෂුද්‍ර ජීවීන් ඇති බවට අනාවරණය වී ඇති නිසා ඒවා ගෙන්වීම මෙරට කෘෂිකාර්මික හා පාරිසරික ව්‍යවසයකට අතවැනීමක් විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පැවසීය.මෙම පොහොර සාම්පල් දෙකේම ක්ෂුද්‍ර ජීවීන් ඇති බවට කෘෂ...
"රසායනික පොහොර ගෙන්වීමටත් වඩා භයානකයි – නාමල් කරුණාරත්න"
"කාබනික පොහොර මෙරටට ආනයනය කිරීම රසායනික පොහොර ආනයනයටත් වඩා හානිදායක යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න මහතා පැවැසීය.රසායනික පොහොර යෙදීම තුළින් පොහොර යොදන වගාබිමේ පමණක් බැරලෝහ පතිත වුවත් වගාවකට යොදන ආනයනික කාබනික පොහොරවල ක්‍ෂ්ද්‍රජීවීන් සිටියහොත් එම ජීවීන් අනෙකුත් වගාබිම්වලට ද ව්‍යාප්ත වීමේ හැකියාව ප...
"එංගලන්තය සහ ජපානය ශ‍්‍රී ලංකාවට නිකුත් කළ රතු නිවේදන ඉවත් කරයි"
"කොවිඞ් 19 වසංගතය හේතුවෙන් එංගලන්තය විසින් ශ‍්‍රී ලංකාවේ සංචාරයට නිකුත් කර තිබූ රතු නිවේදන ඉවත් කර ඇතැයි එංගලන්තයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි.එසේම ජපානය විසින්ද ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 06කට පනවා තිබූ එරටට ඇතුළු වීමේ තහනම අද (20දා) සිට ඉවත් කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව මාලදිවයින, නේපාලය...
"කෙරවළපිටිය බලාගාරය ඇමෙරිකාවට විකුණලා – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක"
"කෙරවලපිටිය බලාගාරය හොර රහසේ ඇමෙරිකානු සමාගමක් වෙත විකුණා දමා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි.ටෙන්ඩර් ලංසු හෝ ඉදිරිපත් නොකළ නිව් පෝට‍්‍රට් එනජීස් නමැති ඇමෙරිකානු සමාගමට කෙරවලපිටිය බලාගාරය එසේ විකුණා දමා ඇති බවත් හෙතෙම කීවේය.අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පළකළේ පැලවත්ත බත්තරමුල්ලේ...
"මහ බැංකුවේ මූල්‍ය අපරාධ වසා ගැනීමට සහකාර අධිපති දවුලගල මුදල් මණ්ඩල ලේකම් ධුරයෙන් ඉවත් කරලා – රෝහිණී කවිරත්න"
"බැඳුම්කර ජනාධිපති කොමිසම, ඊ.ටී.අයි. ෆිනෑන්ස් ඉන්වෙස්මන්ට් විගණනය, වෝහාරික විගණන මූල්‍ය විනය සම්බන්ධයෙන් සුවිශේෂී වූ විගණනයන් වෙති. මෑත කාලයේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ දැවැන්ත වංචා ¥ෂණ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් නිර්භීත හා අදීන ලෙස කටයුතු කළ සහකාර අධිපති කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය මූල්‍ය මණ්ඩල ලේකම් ධුරයෙන් ඉවත්...
"මනූෂ අද සීඅයිඞීය හමුවට"
"අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන පරීක්‍ෂණයක් සඳහා සමගි ජනබලවේගය පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (20 දා) කැඳවා තිබේ.අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික විගණන අංශය මගින් සිදුකරනු ලබන තොරතුරු ලබා ගැනීම සඳහා ඩිජිටල් වෝහා...
"එකම සමාගමේ පොහොර සාම්පල් දෙකක ප‍්‍රතිඵල දෙකක් දීම ගැන සීඅයිඞී විමර්ශන – ඇමැති මහින්දානන්ද කියයි"
"විදේශයේ නිෂ්පාදිත එකම සමාගමක පොහොර සාම්පල් දෙකක් රසායනාගාරයක පරීක්ෂා කිරීමේදී ප‍්‍රතිඵල දෙකක් ලබාදීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සැකයක් හේතුවෙන් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය.රසායනික පොහොර සමාගම් විශාල මුදලක් වැය ...
"පොදුරාජ්‍ය මණ්ඩලය සමග කටයුතු කිරීමට ශ‍්‍රී ලංකාව සක‍්‍රීයව කැපවෙනවා – පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැටී‍්‍රෂියා ස්කොට්ලන්ඞ් සමඟ පැවති හමුවකදී අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් කියයි"
"පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ සංවාදය හා කටයුතු කිරීම සඳහා ශ‍්‍රී ලංකාව සක‍්‍රීයව කැපවී සිටින බව නිව්යෝර්ක්හිදී පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැටී‍්‍රෂියා ස්කොට්ලන්ඞ් මහත්මිය සමඟ පැවති හමුවකදී ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. පොදුරාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයකු වශයෙන් ශ‍්‍රී ලංකාව එම සංවිධානයේ සාරධ...
"ගුරු විදුහල්පති සංගම් කාටවත් බලපෑම් කර නෑ – ජෝෂප් ස්ටාර්ලිං"
"කිසිම ගුරුවරයකුට මේ වන තෙක් ගුරු විදුහල්පති සංගම් බලපෑම් කරලා නැහැ. ඔය කියන කතාව පට්ටපල් බොරුවක් යැයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවැසීය.එලෙස බලපෑම් තර්ජන එල්ලවූ ගුරුවරුන් කවුදැයි පවසන ලෙසද හෙතෙම ශී‍්‍ර ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයෙන් ඉල්ලා සිටියේය.මෙහිදී තවදුරටත් කතා...
"මේ වසරේ පළමු මාස හතේ ආනයන වියදම ඉහළට"
"මේ වර්ෂයේ (2021) පළමු මාස හතේදී ශ‍්‍රී ලංකාවේ මුළු ආනයන වියදම සියයට 30.7 කින් ඉහළ ගොස් තිබේ.මේ අනුව ගිය වර්ෂයේ (2020) ජනවාරි සිට ජුලි දක්වා මාස හතක කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 8968 ක් වූ මුළු ආනයන වියදම මේ වසරේ (2021) මුල් මාස හතේදී ඇමෙරිකානු ඩොලර් 11725 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.මේ නිසා ගිය වසරේ මුල් ...
"උ. පෙළ අයැදුම්පත් හෙට වන විට යොමුකර අවසන් – විදුහල්පති ශ්‍රේණිධාරි සංගමය"
"උසස් පෙළ විභාග අයැදුම්පත් හෙට (21 දා) වනවිට යොමුකර අවසන් කරන බව විදුහල්පති ශ්‍රේණිධාරි සංගමය පවසයි.මේ වන විට පාසල් රැුසකින්ම අයැදුම්පත් යොමුකර අවසන් බවත් ඉතිරි පාසල්වලින්ද එම අයැදුම්පත් යොමුකර අවසන් කරන බවත් එම සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා පවසයි.උසස් පෙළට සහ ශිෂ්‍යත්ව විභාගයට අදාළ අයැදුම්පත් සැලකිය යුතු ප‍්‍රම...
"ජනපති නිව්යෝර්ක් නුවරට ළගා වෙයි"
"හෙට (21 දා) ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති  ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිව්යෝර්ක් නුවරට ළගා විය. එරට වේලාවෙන් පෙරේදා (18 දා) ප. ව. 2.30 ට නිව්යෝර්ක්හි ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපළට ළ`ගා වූ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස එක්සත් ජාතීන්ගේ සං...
"කොරෝනා සුව වූ පසු යළි සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට බාධාවක් නෑ – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම"
"කොරෝනා රෝගය වැළඳී සුව වූ පසු යළි සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට බාධාවක් නැතැයි අංගොඩ බෝවන රෝග ප‍්‍රතිකාර ජාතික මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා පැවසීය. කොවිඞ් සුවවූ පසු සිරුරේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට මාසයක් පමණ යන බවත්, කොරෝනාවලින් පසු අධික වෙහෙසක් අසාමාන්‍ය හතියක් ඇතිවන බවට ඇතැමුන් කර...
"පෝදා ධම්මපදය"
"අත්තා අත්තනො නාථෝ අත්තා හි අත්තනො ගති තස්මා සඤ්ඤමයත්තානං අසසං භද්‍රංව වාණිජො (ධම්මපදය) තමාට පිහිට තමාමය. තමාට පිළිසරණත් තමාමය. ඒ නිසා වෙළෙන්දා හොඳ අශ්වයා රැක ගන්නාක් මෙන් ආත්මය තැන්පත් කරමින් දියුණු කර ගන්න."
"වෙනස් නොවන යකඩ වගේ ජාතික ප‍්‍රතිපත්තියක් හැදිය යුතුයි – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ"
"අවුරුදු 20 ක කාලයක් ක‍්‍රියාත්මක කළ හැකි යකඩ රාමුවක් වැනි ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.ඒ මහතා මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ජන්ම දිනය සැමරීම නිමිත්තෙන් පසුගිය 17 වැනිදා සූම් තාක්ෂණය ඔස්සේ පැවති උත්සව අවස්ථාව...
"ඊයේ කොරෝනා මරණ 103ක් ආසාදිතයයෝ 1279ක්"
"කොරෝනා මරණ 103 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (19 දා) වාර්තා කළ අතර එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,125ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම මරණ පෙරේදා (18 දා) සහතික කළ ඒවාය. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 1279 ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 504,037 දක්වා ඉහළ ගියේය.මේ අනුව...
"බම්බලපිටියේ ඉඩමකට පැන ආරක්‍ෂක නිලධාරීන්ට පහර දීලා – හම්බන්තොට නගරාධිපති පොලිස් ඇපමත එළියට"
"බම්බලපිටිය කොතලාවල ඇවනිව්හි පිහිටි ඉඩමකට කඩා වැදී එහි ආරක්‍ෂක නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු පොලිස් ඇපමත ඊයේ (19 දා) මුදාහැර ඇත.මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එරාජ් ප‍්‍රනාන්දු ඊයේ (19 දා) පෙරවරුවේ බම්බලපිටිය පොලිසිය වෙත භාරවී තිබිණි. එහිදී ස...
"ජනපති නිව්යෝර්ක් නුවරට ළගා වෙයි"
"හෙට (21 දා) ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති  ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිව්යෝර්ක් නුවරට ළගා විය. එරට වේලාවෙන් පෙරේදා (18 දා) ප. ව. 2.30 ට නිව්යෝර්ක්හි ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපළට ළ`ගා වූ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස එක්සත් ජාතීන්ගේ සං...
"චෝදනා සේරම බොරු…අස්වුනේ ආණ්ඩුව ගැන හිතලා – රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ"
"පසුගිය සතියේ මෙරට වඩා කතාබහට ලක්වූ දේශපාලනඥයා බවට පත්වූයේ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, සිරකරුවන් පුනරුත්ථාපනය රාජ්‍ය ඇමැතිවරයාව සිටි එමෙන්ම තවමත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත ආශ‍්‍රිත රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කරන ලොහාන් රත්වත්තේ මහතාය. බීමතින් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වෙත ඇතුළු වීම, සිරකරුවන් දණගැස්සීම ඇතුළු චෝදනා ග...
"අවුරුදු 15 – 19 ත් අතර දරුවන්ට ෆයිසර්; විදින්නේ රෝහල්වල"
"වයස අවුරුදු 15ත් 19ත් අතර වයස් කාණ්ඩයේ දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.ඒ අනුව පළමුව මෙම එන්නත්කරණය සිදු කරන්නේ මෙම වයස් කාණ්ඩයේ සිටින විවිධ ආබාධ සහිත දරුවන්ට බවත් එවැනි දරුවන් පනස...
"එජා සමුළුවට ජනපති සමග තුන්දෙනයි"
"එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා සමුළුවට සහභාගිවීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල කණ්ඩායමක් හෙට (20 දා) නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යනු ඇත. මෙම සමුළුව අනිද්දා (21 ද) ආරම්භවේ. මෙම සමුළුවේදී සියලූ රාජ්‍ය නායකයන්ගේ දේශනයන්හි අන්තර්ගතය වන්නේ කොවිඞ් අභියෝගය ජය ගැනීමේ ක‍්‍රියාන්විතය සහ ඉදිරි සැලසුම් පිළිබඳවය...
"මුදල් අච්චු ගැහිල්ල උද්ධමනයට බලපෑමක් නැහැ… මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්"
"විවිධ අවස්ථාවල අවශ්‍යතාව පරිදි මුදල් අච්චු ගැසීමට මහ බැංකුව කටයුතු කළත් එමගින් උද්ධමනයට සැලකිය යුතු බලපෑමක් සිදුව නැති බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. එසේම ආර්ථිකයට මුදා හරින මුදල් නැවත මහ බැංකුවට අවශෝෂණය කර ගැනීමද සිදු කරන බවත් එසේම උද්ධමන පීඩනයක් මතුවන අවස...
"එල්ආර්සී ඉඩම් මළවුන්ටත් දීලා… චෝදනා ගැන පරීක්ෂණ ඇරඹුවා – එල්.ආර්.සී සභාපති"
"ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් රුපියල් කෝටි ගණන් වටිනා ඉඩම් අක්කර පනස් දහසක් හිතුමතේ දේශපාලනික හා ව්‍යාපාරික සම්බන්ධතා මත ලබා දෙමින් සිටින බවට කරුණු අනාවරණය වෙමින් තිබේ. ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ (එල්.ආර්.සී.) ඉඩම් රජයේ ඉඩම් වෙයි. මෙම ඉඩම් දේශපාලනික හෝ ව්‍යාපාරික සම්බන්ධතා මත අල්ලසට, ලාභ ප‍්‍රයෝජනවලට කුණු ක...
"තෙල් ගවේශන ප‍්‍රවර්ධනයට දුන් කෝටි 4ක් වතුරේ"
"මන්නාරම් ද්‍රෝණියේ එම්. 2 බිම් කොටසේ ගවේෂණ කටයුතු හා ස්වාභාවික වායු වාණිජමය වශයෙන් නිපදවීම සඳහා අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 46.61ක් වැයකර තිබුණ ද එම අලෙවි ප‍්‍රවර්ධන කටයුතු අසාර්ථක වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි. මෙකී අ...
"ජිනීවා සමුළුවට බොරු ‘ටොන්’ ගණන්"
"මෙරට හමුදා නිලධාරීන් 28 දෙනෙකුට එරෙහිව පුද්ගලයින් එක්ලක්ෂ විසිදහසක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියට ව්‍යාජ සාක්ෂි ලබාදී ඇතැයි වාර්තා වෙයි.2011 වසරේදී දරුස්මාන් කමිටුව වෙත 4000ක් සාක්ෂි ලබාදී ඇති අතර එය 2021 සැප්තැම්බර් මස වනවිට 120000ක් දක්වා වැඩිවී තිබේ. මෙම සාක්ෂිකරුවන් කවුදැයි මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැෂලේ...
"කැටගොඩ අගහරුවාදා දිවුරුම් දෙයි"
"ජයන්ත කැටගොඩ මහතා ලබන 21 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතය. ඊට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කිරීමට නියමිතය. වත්මන් මහ බැංකු අධිපති, හිටපු මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙහි කැටගො...