Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"සෞඛ්‍ය පමණක් නොව ආහාර සුරැකුමත් බිඳදමලා"
"පවතින කොවිඞ් තත්ත්වය තුළ වෙනත් රටවල් සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප‍්‍රමුඛත්වය ලබාදී ඇතත් මෙරට එම කරුණු දෙකම දුර්මුඛ කොට අවශේෂ ලෙස පසෙකට දමා ඇතැයි විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි.ආහාර සුරක්ෂිතතාතවය අන් කවරදාටත් වඩා සුවිශේෂී වී ඇතත්, මේ වනවිට ආහාර නිෂ්පාදනයේ ප‍්‍රමුඛයා වන ගොවියා සම්පූර්ණයෙන්ම අකර්මණ්‍...
"ඊමේල් එක ගැන බයවෙන්න එපා… ආරක්ෂක ලේකම් කියයි"
"රටේ පවත්නා සාමය කඩාකප්පල් කිරීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ‍්‍රාමික) මහතා පැවැසීය.රටේ ආරක්‍ෂාව සහ නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන සිය රාජකාරිය ඉටුකරනු ලබන බවත්, කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ බලධාරීන්ට එවන ලද විද්යුත් තැපැල් පණිවිඩයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මහජනතාව කිසිදු අයුරකින් ...
"ඇඳිරි නීතිය 1 දා තෙක් දීර්ඝ වෙයි"
"දිවයින පුරා දැනට ක‍්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති කොවිඞ් මර්දන බළකාය තීරණය කර ඇත. මෙම කාලයේ දී වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. මේ අතර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන...
"උඩින්ම බුද්ධික දෙක අනුර… මන්ත‍්‍රීලා 11 ක් හොඳයි… 12 කගේ පැමිණීම නරකයි!"
"වත්මන් අටවැනි පාර්ලිමේන්තුවට පත් වූ මන්ත‍්‍රීවරු 11 දෙනකු ගත වූ වසර තුළ පැවති සියලූම පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වී ඇති අතර මන්ත‍්‍රීවරුන් 12 දෙනකු ඉතා අඩු පැමිණීමක් පෙන්නුම් කර ඇතැයි මන්ත‍්‍රී ඩොට් එල්. කේ. වෙබ් අඩවි වාර්තා අනුව අනාවරණය වී ඇත. මේ වන විට වත්මන් පාර්ලිමේන්තුවට පත් වී වසරක් සපිරෙන විට චමින්ද විජේස...
"ලොහාන්ට එරෙහිව සීඅයිඩී විමර්ශන"
"අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි එල්. ටී. ටී. ඊ. සැකකරුවන් දෙදෙනකු දණගස්සවා හිසට පිස්තෝල එල්ල කර මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිලි වහාම විමර්ශනය කරන ලෙස ඇමැති සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට නියෝග කර ඇත. ඒ අනුව ...
"18 ට අඩු අය එල්ලන එක නවතී"
"වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින් අතින් සිදුවන වැරදි සම්බන්ධව මරණ දඬුවම් නියම කිරීම වළක්වාලීම සඳහා නීති සම්මත කර ගැනීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා දණ්ඩනීති සංග‍්‍රහයේ 53 වැනි වගන්තිය සංශෝධනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය පනත් කෙටුම්පත් ප‍්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව යමෙකු වරදක් කරන අවස්ථාවේ අවුරුදු 18ට අඩු වයසක පසුවූයේ නම් ...
"විද්යුත් වාහන බැටරි පරිසරයට ලෙඩක් වෙලා"
"විද්‍යුත් රථ වාහන සඳහා යොදා ගන්නා එච්. වී. බැටරි නිසි ලෙස බැහැර නොකිරීමෙන් මහජන සෞඛ්‍යයට පරිසරයට හා භූගත ජලයට මහත් අනතුරුදායක විය හැකි බව ගෝලීය විද්‍යුත් රථ වාහන නිෂ්පාදකයන්ගේ  සංගමය රජයට පෙන්වා දී ඇත.ගුණාත්මක බවින් අඩු බැටරි ආනයනය වැළැක්වීමට වහාම එච්. වී. බැටරි ආනයනයේ අවම ප‍්‍රමිතියක් ඇති කරන ලෙස ද එම සංගමය ඉල්ලා තිබ...
"දේශපාලන ගිරයේ හිරවී පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ තුෂාන් අස්වෙයි"
"දිගින් දිගටම එල්ලවන දේශපාලන බලපෑම මත පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. සුදුලූනු බහාලූම් දෙකක් නීති විරෝධීව පිටකිරීම ඇතුළු සතොස මගින් සිදුකරන ලද වංචාවන් කිහිපයක් හෙළිකිරීම නිසා ඒ මහතාට දේශපාලන බලපෑම් එල්ල වී තිබූ අතර, එය සැලකිල්ලට ගෙන ඉදිරි දිනකදී සිය ඉල්ලා අස්වීමේ ලිප...
"නැවෙන් ගන්න දැවිතෙල්වලට ඩොලර් ගෙවන්න අවධානය"
"විදේශීය නැව්වලින් ශී‍්‍ර ලංකාව මිලදී ගන්නා දැවිතෙල්වලට ඩොලර්වලින් මුදල් ගෙවීමට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු වී ඇත. දැනට ඒවා මිලදී ගන්නේ මෙරට මුදල් වලිනි. වසරකට එවැනි නැව් මගින් දැවිතෙල් මෙටි‍්‍රක් ටොන් 20,000 ක් පමණ මිලදී ගැනෙයි. මෙම දැවිතෙල් පිරිපහදු කර දේශීය කර්මාන්තශාලාවලට අලෙවි කරනු ලබයි. මේ සඳහා ස...
"මුදල් අච්චු ගැහිල්ල 14 වැනි දිනටත් අච්චු ගහලා…. කීර්ති තෙන්නකෝන්"
"ආණ්ඩුව විසින් දිගින් දිගටම මුදල් අච්චු ගැසීම සිදුකරන බවත් 16 දා අඛණ්ඩව 14 වැනි දිනටත් මුදල් අච්චු ගැසීම සිදුකර ඇති බවත් ඌව පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.අගෝස්තු 30 වැනිදා රුපියල් ටි‍්‍රලියන 1.3177 ක් වූ අච්චු ගැසූ මුදල දින 17 කදී රුපියල් ටි‍්‍රලියන 0.2599 කින් වැඩි වී ඇතැයි ද හෙතෙම පවසයි.ආණ්ඩුව විසි...
"මෙන්න බාර් පෝලිම…."
"රටබීම හා මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට ඊයේ පියවර ගැනීමෙන් පසු සටහන් වූ දර්ශනයකි මේ."
"රට විරුවන්ගෙන් ලැබෙන සල්ලි 35.4% කින් පහළට"
"මෙරටට ලැබෙන විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ ප‍්‍රමාණය සියයට 35.4 කින් පසුගිය ජුලි මාසයේදී පහත වැටී ඇත. මේ අනුව ගිය වසරේ (2020) ජුලි මස වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 702 ක් වූ විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණ ලැබීම් ප‍්‍රමාණය මේ වසරේ (2021) ජුලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 453 ක් දක්වා අඩු වී ඇතැයි ශී‍්‍ර ලංක...
"ඇෆ්ගන් ජනාධිපති මාලිගය ඇතුළේ මිනී මරාගෙන"
"ඇෆ්ගනිස්ථානයේ ජනපති මාලිගය තුළදී තලේබාන් නායකයන් දෙදෙනකු අතර ගැටුමක් ඇතිවී එක් නායකයෙක් තහන්ද්‍රාර් නගයරට පලා ගොස් ඇත. මෙම ගැටුම ඇතිවී ඇත්තේ තලේබාන් නියෝජ්‍ය අගමැති අබ්දුල් ගානි සහ අනාථයන් පිළිබඳ ඇමැති තගිල් අතර යයි වාර්තාවේ. නිල නොවන ආරංචි මාර්ග පැවසුවේ ගැටුමින් තගිල් මියගිය බවය. එහෙත් තලේබාන් සංවිධානය සඳහන් කළේ තහන්...
"රිෂාඩ් යළි රිමාන්ඩ් බිරිඳට මාමණ්ඩියට ඇප"
"මෙහෙකාර සේවයේ යොදවා සිටි මෙහෙකාර දැරියක කෲරත්්වයට පත් කිරීම හා වධහිංසාවට ලක් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ පස්වන සැකකාර රිෂාඞ් බදුර්දීන් මහතා ඇප මත මුදාහරින ලෙසට නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ..කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඔහු ලබන 01 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිර...
"කැටගොඩ ගැසට් වෙයි"
"ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයට ජයන්ත කැටගොඩ මහතා නම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ඊයේ (17 දා* නිකුත් කර ඇත. රාජ්‍ය ඇමැතිව සිටි අජිත් නිවාඞ් කබ්රාල් මහතා මන්තී‍්‍ර ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව ඇති වූ අතර ඊට ජයන්ත කැටගොඩ මහතා පත් කරන...
"ලොක්ඩවුන් අස්සෙ විකුණන්න හැදුවොත් තෙල් විදුලිය වරාය වර්ජන සූදානමක"
"ලොක්ඩවුන් එක දඩමීමා කරගෙන තෙල්, විදුලිය වරාය ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට කටයුතු කළහොත් ආයතන තුනම ඒකාබද්ධ කරගෙන වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පැවැසීය. ආණ්ඩුව මේ වෙලාවේ ඉන්ධන ලබා ගැනීමට මුදල් හිඟවීම ඇතුළු ආර්ථික අර්බුද හමුවේ සිටින බවත් ඒ මහතා කීවේය. මෙවැනි තත්ත...
"දුප්පතුන්ට ගෙවල් හදන්න දුන් මිලියන 300 ක් අරන් රට පැන්න ගණකාධිකාරි හා බිරිඳට වරෙන්තු"
"උතුරු නැෙඟනහිර ප‍්‍රදේශවල දුගී ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා නිවාස ඉදිකර දීම ඇතුළු පොදු පහසුකම් සපුරාලීම සඳහා මෙරට ස්වෙච්ඡා සංවිධානයකට විදේශයකින් පරිත්‍යාග කළ මුදලින් රුපියල් මිලියන 300 කට අධික මුදලක් වංචා කර විදේශ රටකට පැන ගොස් ඇති ගණකාධිකාරිවරයකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ...
"මැලේසියාවේදී සියදිවි නසාගත් රූපලාවන්‍ය ශිල්පිනියගේ මරණය අභිරහසක්… ඥාතීන්ගෙන් විදේශ සේවා කාර්යාංශයට පැමිණිල්ලක්"
"මැලේසියාවේ රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් දිවි නසාගත් බව කියන බේරුවල ප‍්‍රදේශයේ කාන්තාවකගේ මරණය සැක සහිත බවට ඇගේ ඥාතීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය එරටට දැනුම් දී ඇත්තේ ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙසයි. බේරුවල ගල්හේන ප‍්‍ර...
"නිරෝධායන ඇඳිරි නීතියත් අමතක වී මීවිත සොයා හැටන්වල දිගු පෝලිම්…"
"නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී රටබීම මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට ඊයේ (17 දා* දින පස්වරුවේ අවසර ලබාදුන් බව හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසීය.ඒ අනුව හැටන් ඇතුළු අවවට නගරවල රටබීම මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමත් පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ මත්පැන් මිලදී ගැනීමට පාරිභෝගිකයන් විශාල පිර...
"ඇඳිරි නීතිය 1 දා තෙක් දීර්ඝ වෙයි… ඇඳිරි නීතිය කඩකරන අයට නීතිය තදින්"
"දිවයින පුරා දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වන දින අලූයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (17 දා* පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති කොවිඞ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කර ඇත. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් 01 වැනිදා නිරෝධායන ඇඳිරි...
"කළු දිලීර හැදුණු කොරෝනා ආසාදිතයෝ 12ක්; හරියට පාලනය නොකළොත් ඇස් නොපෙනී යන්න පුළුවන්… විශේෂඥ වෛද්‍ය හිමාලි ජයසේකර"
"මේ වන විට කළු දිලීර රෝගයට ගොදුරු වූ කොරෝනා ආසාදිතයන් දොළොස්දෙනකු මෙරටින් හදුනාගෙන තිබෙන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී විශේෂඥ වෛද්‍යහිමාලි ජයසේකර මහත්මිය සදහන් කළාය. එසේම කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදී ඇස්පගිලස් නමැති දිලීර රෝගයට ගොදුරු වූ රෝගීන් හත්සියයකට වැඩි පිරිසක් ඉකුත් අපේ‍්‍රල් මාසයේ සිට මේ දක්වා හ`දුනාගෙන ...
"ලියාපදිංචි නොකළ පී.සී.ආර්. කට්ටල 6600 ක් අත්අඩංගුවට; වටිනාකම කෝටි තුනකට වැඩියි"
"මෙරට ලියාපදිංචි නොකළ, රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් පීසීආර් පරීක්‍ෂණ කට්ටල 6600ක් පමණ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙරට ලියාපදිංචි නොකළ පීසීආර් කට්ටල මගින් වෛද්‍ය රසායනාගාරයක පීසීආර් පරීක්‍ෂණ සිදු කරන බවට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පෙරේදා (16 වැනිදා* එම...
"අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් සමග තවත් යුද උපකරණ කැලයකින් සොයාගැනේ"
"එල් ටී ටී ඊ සංවිධානය විසින් නිෂ්පාදනය කරන ලද අධි බලැති ක්ලේමෝ බෝම්බ දෙකක් සමග තවත් යුද උපකරණ තොගයක් කිසියම් අයෙකු විසින් යාපනයේ කොඩිගාමම් වරණී කුඩමියන් ප‍්‍රදේශයේ කැළයකට ගෙනැවිත් දමා තිබියදී කොඩිගාමම් පොලිසිය විසින් සොයා ගෙන තිබේපොලිස් බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සොයා ගත් මෙම අධි බලැති ක්ලේමෝ බෝම්බය කිල...
"ඉබ‍්‍රාහිම්ගේ තඹ කම්හල කාර්මික සංවර්ධන මණ්ඩලයට පවරා ගන්නවා… එය තඹ නිෂ්පාදනය කරන ස්ථානයක් කරනවා… කර්මාන්ත ඇමැති විමල් වීරවංශ"
"මේ වන විට රාජසන්තක කර ඇති පාස්කු ඉරිදා අමානුෂික ක‍්‍රියාදාමයට සම්බන්ධ වූ ඉබ‍්‍රාහිම් පවුලට අයත් තඹ කම්හල, අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් මගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන එමගින් එය මෙරට තඹ ආශ‍්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගන්නේ යැයි කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවස...
"කොරෝනා හැදුණා කියා හෘද රෝගයට බොන බෙහෙත් වරද්ද ගන්න එපා…. විශේෂඥ වෛද්‍ය දිස්නා අමරතුංග"
"කොරෝනා වෛරසය ආසාදනය වූ හෘද රෝගීන් නිසි පරිදි හෘද රෝගය සදහා ලබා දී තිබෙන ඖෂධ භාවිතා කිරීම ඉතාම වැදගත් කරුණක් බව මීගමුව මහ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය දිස්නා අමරතුංග මහත්මිය සදහන් කළාය. හෘද රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් විශේෂයෙන් සාමාන්‍ය අයකුට වඩා සංකූලතා ඇතිවීමට සහ මරණය සිදුවීමට වැඩි ඉඩක් පවතින බව ද ඇය පෙන්වා ...
"රෝහල් වැසිකිළියේ බෝම්බ තැබූ සැකකරුගේ මිතුරා ළඟ උණ්ඩ 18 ක්… මේවා සොරාගෙන ඇත්තේ මියගිය ඇමැතිවරයකුගේ නිවසකින්"
"නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිළියක බෝම්බයක් සැඟවීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත ඔහුගේ මිතුරා සඟවාගෙන සිටි ජීව උණ්ඩ 18 ක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (16 වැනිදා* අත්අඩංගුවට ගෙන ඇත. 02 – පිටුවට මෙම සැකකරු වැලිකන්ද මහසෙන්පුර ප‍්‍රදේශයේ සැඟවී සිටියදී එහි ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධ...
"කොරෝනා ආසාදිතයින් ලක්ෂ පහ ඉක්මවයි"
"කොරෝනා මරණ 121 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17දා* වාර්තා කළ අතර එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11,938ක් දක්වා ඉහළ ගොස් ඇත.මෙම මරණ පෙරේදා (16දා* සහතික කළ ඒවාය. මේ අනුව දැනට දිනකට වාර්තාවන මරණ සංඛ්‍යාවෙහි අඩුවීමක් දක්නට ලැබේ.කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල් හි ප‍්‍රතිකාර ලැබූවන් 1,186 ක් ඊයේ ස...
"මිලියන 6000 ක කැඳ එපා… පී. සී. ආර්. කරන්න; සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය"
"රුපියල් මිලියන 6000 ක් වැය කර රටපුරා කැඳ බෙදනවා වෙනුවට කොවිඞ් රෝගීන් හඳුනා ගැනීමට එම මුදල් වැය කර පී. සී. ආර්. හා රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන්නැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (17 දා* ඉල්ලීමක් කළේය.සියලූම පාර්ශ්වල කැපකිරීමෙන් කොවිඞ් රෝගය යම් පාලනයකට ගෙන තිබෙන අවස...
"කොළඹ පාළුවට ගිහින්…"
" නිරෝධායන ඇඳිරි නීතිය පැවතියත් කොළඹ නගරයේ ඉකුත් දිනවල පැවති තදබදය හා කාර්ය බහුල බව ඊයේ (16 දා) දක්නට නොලැබිණි. ව්‍යාපාරික ස්ථාන බොහොමයක් වසා දමා තිබුණු අතර පෙරේදා (16 දා) පෙරවරුවේ පැවති වර්ෂාව හේතුවෙන් අත්‍යවශ්‍ය ව්‍යාපාරික කටයුතු පවා ඇනහිට තිබිණි. පෙරේදා (16 දා) කොළඹ නගයේ දක්නට ලැබුණු අවස්ථා කිහිපයකි මේ. පිංතූර – කමල...
"කතාව පටලවා ගත් ඇමැති ගැන කනගාටුයි… පී.එච්.අයි. සංගමයේ සභාපති උපුල් රෝහණ"
"ගුවන්තොටින් පැමිණෙන ගුවන් මගීන් පිළිබදවත් ඔවුනගේ නිරෝධායන කි‍්‍රයාවලියන් පිළිබදව නිසි අවබෝධයකින් තමන් කළ ප‍්‍රකාශය නිසි ලෙස විග‍්‍රහ කර ගෙන එහි අඩුපාඩු සොයා මහජනතාව සුරක්‍ෂිත කරනු වෙනුවට සංචාරක ඇමැතිවරයා එය දැඩි ලෙස විවේචනය කරමින් ප‍්‍රතික්ෂේප කිරීම පිළිබ`දව තමන් කනගාටු වන බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සං...
"ජී. එස්. පී. ගැන කතා කරන්න යුරෝපා සංගමයේ නියෝජිතයෝ ශී‍්‍ර ලංකාවට"
"ජී. එස්. පී. ප්ලස් සහනය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ලබන 27 වැනිදා ‘දිවයින’ට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ‍්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය. එම නියෝජිත පිරිස ජනපතිවරයාත් අගමැතිවරයාත් විදේශ ඇමැතිවරයාත් මුණගැසී සාකච්ඡුා කරන බව ද එමෙන්ම ජී. එස්. පී....
"කටුනායකට ප‍්‍රහරයක් ඊමේල් ඔත්තුව විමර්ශයට"
"කටුනායක ගුවන්තොටුපළට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට නියමිතව ඇති බවට එම ගුවන්තොටුපළ වෙත ලැබුණු ඊමේල් පණිවිඩයක් පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම ඊමේල් පණිවිඩය බංගලිදේශයේ විශ‍්‍රාමික හමුදා නිලධාරියකුගේ ඊමේල් ලිපිනයක් ඔස්සේ ලැබී ඇති බව මෙතෙක් කළ විමර්ශනව...
"ශ‍්‍රී ලංකාවට අතපොවන්න එ.ජා. සංවිධානයට බලයක් නෑ"
"රටක අභ්‍යන්තර ගැටලූ විසඳීමට බාහිර යාන්ත‍්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් ලබාදී නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය. විදේශ ලේකම්වරයා එම අදහස් පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (16 දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදීය. වීඩියෝ තාක්ෂණය ඔස්ස...
"ගුවනින් එන ශ‍්‍රී ලාංකිකයන්ට පී. සී. ආර්.ෂෝට් කට්’ එකක්"
"විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ‍්‍රයේදී පී. සී. ආර්. පරීක්‍ෂණයකට යොමු කර එම ප‍්‍රතිඵල අනුව පැය කිහිපයක් තුළ ඔවුන් කඩිනමින් නිවෙස් කරා යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (16 දා* පැවැති සාකච්ඡුාවකදී තීරණය කර ඇත. ඒ අනුව දැනට කටුනායක ගුවන්තොටුපළෙහි ස්ථාපිත කර ඇති රසායනාගාරය තුළදී එම ...
"දෙමළ පක්ෂ ජාතිවාදී චිත‍්‍රපට මවනවා – සරත් ෆොන්සේකා"
"එක් රාජ්‍ය ඇමැතිවරයකුගේ ක‍්‍රියා කලාපයක් දඩමීමා කරගෙන ද්‍රවිඩ දේශපාලන පක්ෂවල අය ජාතිවාදී චිත‍්‍රයක් ඊට මවන්න උත්සාහ කිරීම කනගාටුදායක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අප රටට යෝජනාවක් ගෙනල්ලා කතාකරන වෙලාවක ඔවුනට පතොරොම් දෙන වැඩ නොවිය යුතු බව...
"කිරිපිටි ගන්න කොල්ලුපිටියේ පෝලිම්…."
"මේ දිනවල රටපුරා කිරිපිටි හිඟය උග‍්‍ර වී තිබේ. මේ හේතුවෙන් කොල්ලූපිටියේ පිහිටි දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගමක අලෙවි සැලක ඉදිරිපිට කිරිපිටි මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් පෝලිමේ රැඳී සිටි අයුරු. පිංතූරය – කමල් බෝගොඩ"
"ජාඇළ පොහොට්ටුවේ නාගරික මන්තී‍්‍රවරියක් අනවසරයෙන් කුඹුර ගොඩකරද්දී මාට්ටු… අතපසුවීමකින් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමෙන් අනුමැතිය ලබාගැනීමට නොහැකි වුණා – මන්ත‍්‍රිනී ඈන් දිපිකා මාකස්"
"පුරන් කුඹුරුවල පොල් පැළ සිටුවීමට අවසර ගෙන තෙත් බිම් ගොඩකරනවා…. නාගරික මන්ත‍්‍රී ස්ටෙෆ්නි ප‍්‍රනාන්දු මුතුරාජවෙල රක්ෂිතයට අයත් කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයට යාබදව පිහිටි ජාඇළ ඉඳිවිටිය ප‍්‍රදේශයේ ජාඇළ නගර සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන නාගරික මන්ත‍්‍රීවරියකට අයත් අක්කර තුනක පමණ කුඹුරු ඉඩමක් ඉකුත් 14 දින ගොඩ කරමින් සිට...
"ග‍්‍රාමනිලධාරිනියගේ සැමියා ඝාතනයට මට්ටක්කුලිය හමුදා බුද්ධි ප‍්‍රධානියාත් හවුල්"
"මට්ටක්කුලිය ග‍්‍රාමනිලධාරිනියගේ අවශ්‍යතාව මත ඇගේ සැමියා ඝාතනය කර සිරුර කැලණිගෙඟ් ගිල්ලවීමේ සිද්ධියට මට්ටක්කුලිය යුද හමුදා බුද්ධි කඳවුරේ ප‍්‍රධානියා ද සම්බන්ධ බවට විමර්ශනවලින් හෙළි වී ඇති අතර එම නිලධාරියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.මේ වන විට එම හමුදා ප‍්‍රධානියා යුද හමුදා පොලිසිය භාරයේ සිටින අතර ඔහු...
"චීනයට එරෙහිව ඇමරිකාව කඳවුරු බඳී"
"ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා ඕස්ටේ‍්‍රලියාව, එක්ව ආසියා පැසිෆික් කලාපය වෙනුවෙන් ආරක්ෂක සහයෝගිතාවකට එළඹ ඇත.මෙලෙස ආරක්ෂක සහයෝගීතාවකට එළැඹ ඇත්තේ චීනයට එරෙහිවය. මෙම ආරක්ෂක සහයෝගිතාවයට අනුව න්‍යෂ්ටික සබ්මැරීන නිෂ්පාදනයට ඕස්ටේ‍්‍රලියාවට හැකිවේ. එය සිදුකරන්නේ ඇමරිකානු සහයෝගිතාවය සහිතවය. දශක ගණනාවකට පසුව ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා ...
"කොවිඩ් මරණ ආදාහනයට පළාත් පාලන ආයතන ලබාගත් මුදල් ආපසු පියවීමට රජය ගත් තීරණය අගය කරනවා"
"මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයේ පසුවූවන්ගෙන් කොවිඩ් මරණ ආදාහනය කිරීම වෙනුවෙන් ඇතැම් පළාත් පාලන ආයතන අයකර තිබූ මුදල් විධිමත්ව සොයා බලා යළි ලබා දෙන්නට කටයුතු කරන්නේ නම් මේ අසීරු අවස්ථාවේ ඔවුනට සවියක් වනු ඇති බවත්, මේ වනවිට රජය විසින්ම ඉදිරියේදී එවැනි අයගේ දේහයන් ආදාහ...
"උද්ඝෝෂණවලට බියෙන් විශ්වවිද්‍යාල සහ පාසල් වසාගෙන සිටීම සාපරාධී ක‍්‍රියවක්"
"පාසල් සහ විශ්වවිද්‍යාල දරු දැරියන්ගේ අධ්‍යාපනය සහ අනාගතය තවදුරටත් කඩාකප්පල් නොකර විධිමත් වැඩපිළිවෙළක් යටතේ වහාම අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියේය. උද්ඝෝෂණවලට බියෙන් විශ්වවිද්‍යාල සහ පාසල් වසාගෙන සිටීම තරම් සාපරාධී අපරාධයක්...
"ආණ්ඩුව ගන්නා වැරැදි තීරණවලින් ජනතාවට දුක්විඳීමට සිදුවීම ගැන කනගාටුයි"
"‘‘බුද්ධිමත් පාලකයන් සිටින රටවල්වල තුන්වැනි එන්නතත් ලබා දෙන්න ආරම්භ කරලා. අපි තවමත් ඒ ගැන කතාකර කර ඉන්නවා. රජය ඒ ගැන කල්වේලා ඇතිව සැලසුම් කළ යුතුයි. කල්වේලා ඇතිව තීන්දු නොගැනීමේ ගතියක් මේ ආණ්ඩුවට තිබෙනවා’’ යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. විපක්‍ෂ නායක කාර්යාලයේ ඊයේ (1...
"කැනඩා ඡන්දයට මුල් වරට සිංහලයෙක් තරග කරයි"
"කැනඩා ෆෙඩරල් පාර්ලිමේන්තුවේ අසුනක් සඳහා තරග වැදීමට එරට වාසය කරන ශ‍්‍රී ලාංකිකයකු වන ධර්මසේන යකන්දාවල මහතාට අවස්ථාව හිමි වී තිබේ. මෙය කැනඩා පාර්ලිමේන්තු ඉතිහාසයේ ශ‍්‍රී ලාංකීය සිංහල ජාතික අපේක්ෂකයකු මැතිවරණයට ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය වන අතර නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණු පක්ෂයෙන් ඔහුට මෙම අපේක්ෂකත්වය හිමිව තිබේ. ඒ ...
"සුදුළූණු මගඩියට සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රිමාන්ඩ් සුදුළූණු සතොසට මුදාහැරේ"
"නිසි ක‍්‍රමවේදයෙන් බැහැරව පෞද්ගලික තොග වෙළෙඳ ආයතනයකට සුදුලූනු කිලෝ 54,860 ක් අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මූල්‍ය) සුසිර පෙරේරා මහතා මෙම මස 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැලිසර මහෙස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා ඊයේ (16 දා) නියෝග කළේය. එසේම පෑලියගොඩ පො...
"ලොහාන්ගේ අනිත් කෑලි ගලවනවාද කියා රජය කිව යුතුයි"
"චෝදනාවකට ලක්ව ඇති රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා දරන සෙසු රාජ්‍ය අමාත්‍ය පදවියෙන් ද ඔහු ඉවත් කරන්නේ ද නැද්ද යන්න රජය ප‍්‍රකාශ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.ඒ මහතා මේ බව පැවසූයේ පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයන් සමග ඊයේ (16 දා* පෙරවරුවේ ස...
"මන්නාරම් ද්‍රෝණියේ එම් 2 වෙන්දේසියකට… තෙල් හමුවුණොත් විදේශ ණය කම්මුතුයි!"
"ගෑස් හා තෙල් තිබෙන බවට හඳුනාගෙන ඇති මන්නාරම් ද්‍රෝණියේ එම්. 2 කොටස විදේශ ආයෝජකයන්ට ප‍්‍රසිද්ධියේ වෙන්දේසි කර තෙල් ගවේෂණය ඉදිරියට ගෙනයෑමට බලාපොරොත්තුවන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසයි. ඛනිජ තෙල් ගවේෂණ කාර්යයේදී ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් කරන්නට සිදුවන බවත් ලංකාවේ කිසිම ධනවතකුට එවැනි ආයෝජනයක් කළ නොහැකි බවත් ඇම...
"බැෂලේගේ ප‍්‍රකාශයට මනාපයි… මනාපයි… සුමන්තිරන් කියයි"
"එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් මේ වන විට නිකුත් කර ඇති වාචික ප‍්‍රකාශනය දෙමළ ජාතික සන්ධානය පිළිගන්නා බවත් ඊට පක්ෂය කැමැත්ත පළ කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා වවුනියාවේ දී පැවසීය. වවුනියාවේ දී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා කි...
"ලොහාන්ගේ සිද්ධියට සම්බන්ධ රැඳවියන් බලන්න ගජේන්ද්‍ර කුමාර් බන්ධනාගාරයට එයි"
"අනුරාධපුර බන්ධනාගාරය තුළ දී පසුගිය දා ඇතිවූ සිද්ධියට සම්බන්ධ එල්ටීටීඊ සැකකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු දෙපළක් ඊයේ (16 දා) අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ සිටියහ. පැමිණි මුල් අවස්ථාවේ දී එම රැඳවියන්ගේ සුවදුක් විමසීමට එම මන්ත‍්‍රීවරුන්ට අවසර නොලැබුණු අතර පසුව ඔවුහු පිටව ගියහ....
"දිනක ආසාදිත ගණන 100 වන තෙක් සෞඛ්‍ය පද්ධතිය පීඩනයෙන්"
"මෙරට සෞඛ්‍ය පද්ධතියට ඇති පීඩනය අඩුවීමට නම් අවම වශයෙන් දෛනිකව හමුවන නව කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව සියයේ සීමාව දක්වාවත් පහළ බැසිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.කොවිඞ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට කොවිඞ් මර්දන එන්නතක එක් මාත‍්‍රාවක් හෝ ලබාගෙන ඇති සමස්ත පුද්ග...
"මුදල් ගසාකන හෝටල් නිරෝධායනය අත්හිටුවන්න ජනපති උපදෙස් දෙයි"
"විදේශගතව සිට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයන් ගුවන් තොටුපළේදී අතරමැදි තැරැුව්කරුවන් හරහා අධික මුදලකට පෞද්ගලික හෝටල් හි නිරෝධායනය කිරීමේ ජාවාරම වහාම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට උපදෙස් දී ඇත.මෙම ශ‍්‍රී ලාංකිකයන් ශ‍්‍රී ලංකාවට පැමිණි පසු සිදුකරන පීසීආර් පරීක්‍...
"වැලිකඩ අනුරාධපුර හිරගෙදර සිද්ධිවලට ලොහාන් අස්වෙයි – තවදුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ‍්‍රිත රාජ්‍ය අමාත්‍ය ධූරයේ"
"වැලිකඩ හා අනුරාධපුර බන්ධාගාර පරිශ‍්‍රයන්හිදී තමා අතින් සිදුවූ සිද්ධීන්ට අදාළව වගකීම භාරගෙන බන්ධනාගාර කළමනාකාර හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා ඊයේ (15 දා) එම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණේය.රාජ්‍ය ඇමැතිවරයා තමා ඉල්ලා අස්වීම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (15 දා) බාරදී තිබූ අතර ජනාධි...
"පාස්කු ප‍්‍රහාරයට මුදල් දී නවසීලන්තයට පැන්නේ සිංහලයෙක්"
"පාස්කු ප‍්‍රහාරයට අරමුදල් සැපයීම සම්බන්ධව ශ‍්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කර සිටි ශ‍්‍රී ලාංකිකයා නවසීලන්තයට පැනගොස් ඇති අතර ඔහු සිංහලයකු බව හෙළිවී ඇත.මොහු කටුනායක ගුවන් තොටුපළින් ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින් තම බිරිය සමග නවසීලන්තයට පැනගියේ කෙසේදැයි සොයා ශ‍්‍රී ලංකා පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබේ.ශ‍්‍රී ලංකා පොලිසිය මොහු ගැන වැඩ...
"සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව දුන් සහන නොලැබීම උසාවියට"
"* මුදල් ඇමැති – මහ බැංකු අධිපති ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි * සහනදීම ඇතැම් මූල්‍ය ආයතන හා බැංකු පැහැර හැරලාජනාධිපති නීතිඥ උදිත ඉහලහේවාමෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයනට මූල්‍ය සහන ලබාදෙන ලෙස රජය හා ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ලබාදුන් නිර්දේශ නිසි ලෙස කි‍්‍රයාත්මක වන්නේ දැයි අධීක්ෂණය නොකිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ල...
"කොරෝනා හැදුණු සමහරුන්ට කළුදිලීර"
"* නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයන් අතරින් කළු දිලීර රෝගය වැල`දුණු කිහිපදෙනකු හඳුනාගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.කොළඹ ජාතික රෝහලෙන් සහ රත්නපුර, කුරුණෑගල රෝහල් ඇතුළු රෝහල් ගණනාවකින් මෙසේ කළු දිලීර රෝගයට ...
"නෝර්වේ ඡන්දයෙන් යාපනයේ කාන්තාවක් දිනයි"
"2021 සැප්තැම්බර් 13 වැනිදා නෝර්වේහිදී අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණයේ දී යාපනයේ කාන්තාවකට නෝර්වේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ආසනයක් හිමි වී තිබේ.යාපනයේ ඉපදී වයස අවුරුදු තුනේදී නෝර්වේ රාජ්‍යය වෙත ගිය කම්ෂාජිනී ගුණරත්නම් ලේබර් පක්ෂයෙන් නෝර්වේ පාර්ලිමේන්තුවට තරග කර මෙම මන්ත‍්‍රී අසුන දිනාගෙන තිබේ.2015 ඔක්තෝබර් 21 දා පැවැති ...
"ශ‍්‍රී ලංකාවට වැටෙන ජිනීවා වෙට්ටුවලට චීනය හරස්වෙයි"
"ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටුම්වලට විදේශ මැදිහත්වීම ගැන චීනය විරෝධය පා ඇත. ජිනිවා නුවර පැවැති 48 වැනි මානව හිමිකම් සමුළුව අමතමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කළ ප‍්‍රාකාශය චීන නියෝජිතයාගේ විවේචනයට ලක්විය.‘‘ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට ගන්නා ක‍්‍රියාමාර්ග අප අගයනවා. එවැනි විටෙක විදේශ අතපෙවීම්වලට අප වි...
"මත්ද්‍රව්‍ය වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට දෙමටගොඩදී ප‍්‍රහාරයක් – දෙදෙනකුට තුවාල"
"දෙමටමුල්ල කාකමුල්ල ප‍්‍රදේශයේ ඊයේ (15 දා) සවස මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ (සීසීඞී) නිලධාරීන් පිරිසකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ල කළ ප‍්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත...
"ඉඳලා තේරුමක් නෑ – මං අස්වුණා – වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපති ජටාල් කියයි"
"වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයේ තවදුරටත් කටයුතු කිරීම තේරුමක් නොමැති බැවින් තමා එම ධුරයෙන් ඉවත් වූ බව ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේය.ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයෙන් පෙරේදා (14 දා) ඉල්ලා අස්විය.වී අලෙවි මණ්ඩලය පවත්වාගෙන යෑමේ පරමාර්ථය වී සඳහා සහතික මිලක් නියම කර පවත්වාගෙන යෑම බවත්...
"හිතට දුකක් නෑ සගවන්න කිසිවක් නැහැ – ‘ගිනිගත්’ බන්ධනාගාරය ‘නිවලා’ යළි භාර දුන්නා – අස්වුණු ලොහාන් රත්වත්තේ කියයි"
"තනතුරුවල එල්බ සිටීමේ ආශාවක් මට නැහැ. මට කිසිම දුකකුත් නැහැ. මට බාරදුන් ගිනිගත්ත හිර ගෙදර මම ගිනි නිවලා නැවත යථා තත්ත්වයට ගෙන භාර දුන්නා යැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධුරයෙන් ඉවත්වීමෙන් පසු ‘දිවයින’ ට ඊයේ (15 දා) පැවසීය.වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර පරිශ‍්‍ර තුළ පසුගියදා සිදුවූ සිද්ධීන්වලින් පසු සිය රාජ්...
"ජනපති අතින් පත්වීම ලබයි"
"ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 16 වැනි අධිපතිවරයා ලෙස පත්කෙරුණු අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (15 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය. ප‍්‍රවීණ වරලත් ගණකාධිකාරිවරයකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයකු මෙන්ම වසර 09 කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධුරය ද හොබවා...
"රාජ්‍ය ඇමතිගේ ඉල්ලා අස්වීම ප‍්‍රමාණවත් නෑ – ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා (ජවිපෙ)"
"බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප‍්‍රමාණවත් නැති බවත් ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර නීතිය ක‍්‍රියාත්මක කිරීමට රජය අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (...
"සතොසේ සුදුලූනු ජිල්මාට් දැමූ අය මීට පෙරත් ගේම් ගහලා"
"සතොස ආයතනයෙන් සුදුලූනු කිලෝ 56,000ක් පිටකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති වැඩිදෙනා මීට පෙර ද මෙවැනි චෝදනා යටතේ සතොසෙන් වැඩ තහනමට ලක්වී නැවත සේවයේ පිහිටුවූවන් බව පාරිභෝගික අධිකාරිය සිදුකරන විමර්ශනවලදී හෙළි වී ඇත.මෙම ජාවාරම පිළිබඳව චෝදනා ලැබූවන් අතර සතොස ආයතනයේ සිටියදී වැඩ තහනමට ලක්වීමෙන් පසු වෙළෙඳ අමාත්‍යාංශය යටතේම ප...
"රාජ්‍ය ඇමතිගේ ඉල්ලා අස්වීම ප‍්‍රමාණවත් නෑ – ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා (ජවිපෙ)"
"බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප‍්‍රමාණවත් නැති බවත් ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර නීතිය ක‍්‍රියාත්මක කිරීමට රජය අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (...
"රිමාන්ඞ් එකේ ඉන්න රිෂාඞ් ෆෑන් එකක් ඉල්ලයි"
"බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතා තමන් ර`දවා සිටින සිර කුටියට විදුලි පංකාවක් ලබා දෙන ලෙස ඉල්ලා මැගසින්  බන්ධනාගාරයේ ප‍්‍රධානීන්ට ලිපියක් යොමු කර ඇත.තමා රඳවා ඇති සිර කුටිය අධික රස්නයෙන් යුතු නිසා සෞඛ්‍ය හේතූන් මත විදුලි පංකාවක් ලබා දීමට කටයුතු කරන ලෙස ඔහු එම ලිපියෙන් ඉල්ලා තිබේ.මැගසින් බ...
"අහෝ… කොළඹ… නිරෝධායන ඇඳිරිනීතිය..?"
"ඇඳිරිනීති කාලයක් රටපුරා ක‍්‍රියාත්මක වුවද, කොළඹ ඇතුළු ප‍්‍රදේශ රැුසක මංමාවත්වල ජනතාව සහ රථවාහන අඩුවක් නොමැතිව සාමාන්‍ය දිනයන් මෙන් ගමන් කරන අයුරු නිරීක්‍ෂණය වේ. කොළඹ ප‍්‍රදේශ රැුසක මෙම තත්ත්වය වඩාත් සුලභව නිරීක්‍ෂණය වන අතර මාර්ගවල මාර්ග සංඥා එළි සාමාන්‍ය දිනවල මෙන් ක‍්‍රියාත්මක වන අයුරු සහ මාර්ගවල අධික වාහන තදබදයක් දක...
"එජානිස යළි පණගන්වන්න සාකච්ඡා අරඹයි"
"වසර කිහිපයකට පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය, හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (15 දා) රැුස්වී තිබේ. සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැති මෙම රැුස්වීමට මහජන පක්‍ෂ නායකයකු වන ඇමැතිවරයකු ඇතුළු පක්‍ෂ නායකයන් පිරිසක් සහභාගි වී ඇතැයි අනාවරණය වෙයි. ලංකා කම්කරු කොංග‍්‍රසයේ හිටපු නායක දිවංගත ආරුමුගම් තොණ්ඩමන...
""මහනුවරට දෙවැනි මාත‍්‍රාව දෙන්න ස්පුට්නික් – වී 120,000ක් සඳුදා ලැබෙයි""
"‘ස්පුට්නික් – වී’ එන්නතේ පළමු මාත‍්‍රාව ලැබූ මහනුවර දිස්ත‍්‍රික්කයේ ජනතාව සඳහා අවශ්‍ය එම එන්නතේ දෙවැනි මාත‍්‍රා එක් ලක්ෂ විසිදහසක (120,000) ප‍්‍රමාණයක් එළඹෙන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීයමෙම දෙවැනි මාත‍්‍රාව ලබා දීම යටතේ මෙරට ‘ස්පුට්නික්- වී’ එන්නතෙහි පළමු මාත‍්‍ර...
"අපේ හමුදාවේ 28 කට එරෙහිව පරීක්‍ෂණයට එ. ජා. සංවිධානය ඩොලර් ලක්‍ෂ 28 ක් වෙන් කරයි"
"යුද අපරාධ චෝදනා එල්ලවූ මෙරට හමුදා නිලධාරීන් 28 කට එරෙහිව පරීක්‍ෂණ ආරම්භ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩොලර් 28 ලක්‍ෂයක මුදල ඊයේ (14 දා* අනුමත කර ඇත.මෙම මුදලින් විනිසුරුවරු නීතිවේදීන් පරීක්‍ෂකවරුන්ගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලයක් ස්ථාපිත කෙරේ.ජිනිවා මානව හිමිකම් කවුන්සිලය රටක හමුදා නිලධාරීන් කණ්ඩායමකට එරෙහිව විශේෂ ක...
"ගැනුම්කරුවෝ නැතිව මැනිං වෙළෙන්දෝ හාන්සියි"
"මැනිං වෙළෙඳපොළට එළවලූ සහ පලතුරු තොග මිලදී ගැනීමට පැමිණෙන ගැනුම්කරුවන් අඩු වීම නිසා මැනිං වෙළෙන්දන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයෙහි හිටපු සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා ඊයේ (14 වැනිදා* ‘දිවයින’ට පැවසීය.සුපුරුදු පරිදි වෙළෙඳ සංකීර්ණයට එළවලූ පලතුරු තොග ලැබීම අඛණ්ඩව සිදු වුවත් මිලදී ගැනීම...
"මහ බැංකු අධිපති තනතුර කැබිනට් සාමාජික තත්ත්වයට!"
"මේ අතර ඉදිරි දින කිහිපය තුළ මහ බැංකු අධිපති තනතුර කැබිනට් සාමාජිකයකුගේ තත්ත්වයට සමාන වන ආකාරයට ශ්‍රේණිගත කිරීමට රජය බලාපොරොත්තු වන බවද රජයේ ආරංචි මාර්ග ඊයේ සඳහන් කළේය.ශ්‍යාම් නුවන් ගනේවත්ත"
"අඛණ්ඩව ජල සැපයුමක් දීමට ඇමැති වාසුදේව සේවකයන් දිරිමත් කරයි"
"පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දී අඛණ්ඩව ජල සැපයුමක් ලබා දීම වෙනුවෙන් කැපවී කටයුතු කරන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සේවකයන් දිරිමත් කිරීම සඳහා විෂය භාර ඇමැති වාසුදේව නානායක්කාර මහතා ඉකුත් 12 වැනිදා වැඩ බිම් වෙත ගොස් ඔවුන් ප‍්‍රශංසාවට සහ දිරි ගැන්වීමට කටයුතු කළේය. එහිදී කොළඹ, ඔරුගොඩවත්ත, අඹතලේ, මාලබේ මිහිදුපුර ස...
"මන්නාරම කෝවිලේ පිළිසය විසිකර ප‍්‍රතිමාව තැබූ අය වහාම අල්ලන්න… වන්නි මන්ත‍්‍රීවරු පොලිසියෙන් ඉල්ලයි"
"මන්නාරම මඩු පරප්පකණ්ඩාල් පාරේ පිහිටි ගණ දෙවි කෝවිලක තිබූ ගණ දෙවි පිළිමය කඩා ඉවත් කොට එම ස්ථානයේ ශාන්ත අන්තෝනි මුන`ිදුන්ගේ ප‍්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කොට ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස වන්නි පළාත නියෝජනය කරන සියලූ‍ම පක්ෂ වල මන්ත‍්‍රීවරු 14 දා පොලීසියෙන් ඉල්ලීමක් කොට ත...
"හමුදාව සිවිල් කටයුතුවලට අනවශ්‍ය මැදිහත්මක් කර නැහැ"
"හමුදාවන් මේ මොහොතේ අනවශ්‍ය මැදිහත්මක් සිදු නොකරන බවට අප කාටත් පැහැදිලි සාක්‍ෂිකරුවන් විය හැකි යැයි කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.ඇතැම් සිවිල් කටයුතුවලට හදිසි නීතිය යටතේ හමුදාවන් යෙදවීම පිළිබඳව තම අවධානය යොමු කරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලට් කළ ප‍්‍රකාශය සම්...
"ලක්ෂ 14 ක් පිල්ලි ගැසූ ගැලනිගම අයකැමි ආගිය අතක් නෑ"
"මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග ගැලනිගම අන්තර් හුවමාරු කාර්යාලයේ අයකැමි අංශයේ සේප්පු දෙකක තිබී රුපියල් දාහතර ලක්ෂයකට අධික මුදලක් සොරාගත් බව කියන ප‍්‍රධාන මුදල් අයකැමිවරයා සම්බන්ධයෙන් මේ වන විට කිසිදු තොරතුරක් නැතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.මුදල් සොරකම සම්බන්ධයෙන් මේ වන විට අයකැමි අංශයේ අයකැමිවරුන් නව දෙනෙකු ඇතුළු...
"කාර් සේල් සොහොන් පිට්ටනි වෙලා වාහන මිල නහුතෙට නැගලා"
"මේ වන විට මෙරට වෙළෙඳ පොළේ මෝටර් රථ මිල ගණන් දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි මෝටර් රථ ආනයනකරුවෝ පවසති. ඉකුත් වසරේ කොරෝනා වෛරසය පැතිරීමත් සමග පිටරටින් වාහන ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට රජය ගත් තීරණයත් සමග පාවිච්චි කළ (සෙකන්ඞ් හෑන්ඞ්* වාහනවල මිල ගණන් ක‍්‍රමක‍්‍රමයෙන් ඉහළ යෑමට පටන්ගත් බවත්, එසේ මිල ඉහළ යෑම නිසා වාහන මිල ...
"මවුපිය සෙනේ අහිමි 11 මසැති දැරියට රෝහලේදී කන් විද කරාබු දමයි"
"දුවේ…. නුඹ අපෙ ප‍්‍රාණයයි… දුක දිනා හිනැහියන් හෙට දිනේ…දස මසක් තම කුස තුළ හොවා ගෙන සිට ත‍්‍රිකුණාමලය මහ රෝහලේ දී දරුවා ප‍්‍රසූත කිරීමෙන් පසු මව විසින් හැර දමා ගිය ගැහැණු දරුවෙකු වෙනුවෙන් නැකතට කන් විදීමේ චාරිත‍්‍රය කන්තලේ මූලික රෝහල් කාර්ය මණ්ඩලය විසින් සිදුකර මව්පියන්ගෙන් ඉටු විය යුතු යුතුකම ඉටු කිරීමේ සංවේදී මිනිස් ...
"සුදුලූනු කන්ටටේනර් දෙකකට රැකවල්… මුද්‍රා කඩා අලෙවි කිරීමේ සූදානමක්"
"අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සුදුලූනු කිලෝ ග‍්‍රෑම් 54,000 කින් යුත් බහාලූම් පරීක්‍ෂා කිරීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු ඊයේ (14 දා* කෙරවලපිටිය පිහිටි එම බහාලූම් සහිත ගබඩාව වෙත ගියහ. මෙම බහාලූම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇති බැවින් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට එම බහාලූම...
"ඩොලරයට සාපේක්‍ෂව රුපියල සියයට 6 කින් පිරිහිලා"
"මෙම වර්ෂයේ (2021* මුල සිට සැප්තැම්බර් 10 දා දක්වා කාලයේදී ශ‍්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 6.8 කින් පිරිහීමට ලක්ව ඇත.පසුගිය වර්ෂයේදී (2020* ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියල සියයට 2.6 කින් පිරිහීමට ලක් විය.මේ අතර මේ වසරේ සැප්තැම්බර් 10 වැනිදා තෙක් කාලයේදී ශ‍්‍රී ලංකා රුපියල යුරෝ ස්ටර්ලින...
"ඡන්දෙට බඩු බෙදූ මොනරාගල ප‍්‍රා. සභා මන්ත‍්‍රී උසාවියෙන් ගෙදර යවයි…. ඓතිහාසික තීන්දුවක්; පැෆරල් සංවිධානය පවසයි…."
"මැතිවරණ කාලය තුළ ඡන්ද දායකයන්ට විවිධ භාණ්ඩ සහ සේවාවන් අල්ලස් ලෙස ලබාදුන්නැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවකින් වැරදිකරු වූ මොනරාගල ප‍්‍රාදේශීය සභාවේ මදුරුකැටිය කොට්ඨාසයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ තරංග හර්ෂක දිසානායක මහතාගේ මන්ත‍්‍රී ධූරය අහෝසි කොට ඊළඟට වැඩිම ඡන්ද ලබාගෙන සිටින අපේක්ෂකයා මන්ත‍්‍රී ධුරයට පත්ක...
"වනජීවිය නෑ… අලිවෙඩි නෑ… ගෙවල් කඩයි… වී අස්වනු කා දමයි… වන අලින් 50 ක් මහියංගනයේ බලය අල්ලති!"
"මහියගණය, සොරබොර, ගුරුමඩ ගම්මානයට මේ දින වල 50කට අධික වන අලි රංචුවක් සතියකටත් වඩා වැඩි කාලයක් තිස්සේ පැමිණ සිටිමෙන් ගම්වාසීන් මහත් සේ භීතියට පත්ව ඇත. බොහෝ වෙහෙස මහන්සියෙන් ගොවිතැන් කර ගෙට ගත් වී අස්වනු නිවෙස් තුළ ආරක්ෂා කර ගැනීමට නොහැකි තත්වයක් උද්තව ඇති අතර දිනපතා නිවෙස් කඩා නිවෙස් තුළ ඇති අස්වනු කා දැමීමෙන් ගම්වාසීන්...
"ලබන සඳුදායින් පසු ක‍්‍රමානුකූලව රට අරිනවා… රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ"
"ලබන සඳුදායින් පසු ක‍්‍රමානුකූලව රට නැවත විවෘත කිරීමට රජය කටයුතු කරන බව රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛi සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (14 දා* ප‍්‍රකාශ කළාය.එහිදී ඇය මෙසේද කීවාය.සති හතරක ලොක්ඩවුන් කාලයක් ප‍්‍රකාශ කිරීමෙන් කොවිඞ් ව්‍යාප්තියේ අඩුවක් දකිනවා. කොවිඞ් ආසාදිතයන්ගේ සහ කොවිඞ් මරණවල විශාල අඩුවක් තිබෙනවා. කවුරු...
"කීර්ති නාමයට හානි කළැයි විමලවීර සහ කෝකිලාගෙන් රවි මිලියන 400ක් වන්දි ඉල්ලයි"
"සාවද්‍ය ප‍්‍රකාශයක් සිදු කිරීමෙන් තම කීර්තිනාමයට කළ හානිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරයකුට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියට විරුද්ධව නීතිමය පියවර ගෙන ඇත. එම සාවද්‍ය ප‍්‍රකාශය මගින් තම කීර්තිනාමයට කළ හානියට සති දෙකක් ඇතුළත රු. මිලියන 200 බැගින් මිලියන 400 ක වන්දි මුදලක් ලබාදෙ...
"ශ‍්‍රී ලංකාවට විරුද්ධ 46/1 යෝජනාව ප‍්‍රතික්ෂේප කරනවා… ත‍්‍රස්තවාදයට එරෙහි දේශීය සටන කි‍්‍රයාත්මකයි"
"පාස්කු ප‍්‍රහාරයේ අපරාධකරුවන්ට නිසා පියවර ගන්නවා විදේශ ඇමැති 48 වැනි ජිනීවා සමුළුවට දන්වයි ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධව කටයුතු කිරීමේ දේශීය ක‍්‍රියාවලීන් මඟින් ඒ පිළිබඳව ශක්තිමත් ලෙස කටයුතු කරන අතර, 46/1 යෝජනාව මඟින් පිහිටුවන ලදැයි කියනු ලබන බාහිර ක‍්‍රියාමාර්ග සඳහා වන යෝජනාව ප‍්‍රතික්‍ෂේප කරන බව විදේශ අමාත්‍ය මහාචා...
"දෙමටගොඩ චමින්දගේ ඥාති පුතාට ගිනි අවියක් ගන්න පොලිසියෙන් නිර්දේශ දීලා"
"භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබ සිටින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්දගේ වැඩිමහල් සොහොයුරාගේ පුත‍්‍රයාට ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා පිස්තෝලයක් ලබා ගැනීම සඳහා පොලිස් ස්ථානයකින් නිර්දේශ ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා මෙම පිස්...
"ඇමැති චමල් සහ ගුවන් හමුදාපති ප‍්‍රතිකාර ලබන රෝහලේ වැසිකිළියක අත්බෝම්බයක් ද්‍රවිඩ තරුණයකු සැකපිට අල්ලයි"
"කොළඹ පෞද්ගලික රෝහලක පළමු මහලේ වැසිකිළියක තිබී ජීව අත් බෝම්බයක් නාරාහේන්පිට පොලිසිය මගින් ඊයේ (14 වැනිදා* සවස සොයා ගනු ලැබීය. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී මෙය සොයාගෙන ඇති අතර යම් කිසි අයකු රෝහල තුළ මෙය සූක්‍ෂමව පුපුරවා හැරීමට උත්සාහ දැරුවේදැයි පොලිසියට සැක මතුවී ඇත. බෝම්බය හමුවන මොහොත වන විට වාරිමාර්...
"ඖෂධ දත්ත මැකීම කුමන්ත‍්‍රණයක් – නි. සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්"
"ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යෑම ඖෂධ මෙරටට ආනයනය කර නීති විරෝධී ආකාරයෙන් මුදල් ඉපයීම සිදුකරන ඖෂධ ව්‍යාපාරිකයන්ගේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් විය හැකි බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (13 දා) කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයට පෙන්වා දුන්නේය. එලෙස මැකීගොස් ඇත්තේ මෙරටට ඖෂධ ආනයනය කර...
"පාස්කු නඩුවේ විත්තිකරුවන් 25ක් ත‍්‍රීපුද්ගල විශේෂ අධිකරණයට කැඳවයි"
"පාස්කු බෝම්බ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන නවුෆර් මවුලවි හා සාගිත් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනකුට ලබන මස 4 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ ති‍්‍රපුද්ගල විශේෂ අධිකරණය ඊයේ (13 දා) නියෝග කළේය.එම නඩුව විභාග කිරීම සඳහා පත්කළ මෙම ති‍්‍රපුද්ගල විශේෂ අධිකරණයේ සාමාජිකයන...
"ශ‍්‍රී ලංකාවේ කටයුතු හමුදාකරණය වීම ගැන බැචලේ දුක්වෙයි"
"ශ‍්‍රී ලංකාවේ සියලූ කටයුතු හමුදාකරණය වීම ගැන තමා කනගාටුවට පත්වන බව මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ මහත්මිය ඊයේ (13දා) සවස ආරම්භ වූ 48 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා ප‍්‍රකාශ කළාය.ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබල පුද්ගලයන් කිහිපදෙනකුට පනවා තිබූ දඬුවම් ඉවත් කිරීමද ඇයගේ දෝෂාරෝපණයට ලක්විය.ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන...
"සතොස සුදුලූනු මගඩිය යට ගහන්න දේශපාලන බලපෑම් – තනතුරෙන් යන්නැයි අධ්‍යක්‍ෂට කියලා"
"සතොස ගබඩාවෙන් සුදු ලූනු කිලෝ 56,000 ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතාට එම තනතුරෙන් ඉවත් වන ලෙස දේශපාලන බලපෑම් එල්ල වී ඇත.තමා මෙම තනතුරට පත්කළේ දූෂණය සහ නාස්තිය වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ එකඟතාව මත බවත්, තමා ඉවත් කරන තෙක් ඉවත්ව නොයන ...
"එන්නත් එක් මාත‍්‍රාවක් ලබාගත් 428ක් හා මාත‍්‍රා දෙකම ලබාගත් 183ක් ගිය සතියේ මරුට"
"අගෝස්තු මස 28 වැනි දිනෙන් ආරම්භ වී සැප්තැම්බර් මස 03 වැනි දිනෙන් අවසන් වූ සතිය තුළ මෙරට එක් කොවිඞ් මාත‍්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින් 428 දෙනෙකු හා මාත‍්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් 183 දෙනෙකු මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.එම සතිය තුළ මියගිය පුද්ගලයින්ගෙන් 824 දෙනෙකු කිසිඳු කොවිඞ් මාත‍්‍රාවක් ලබාගෙන නොතිබ...
"විකුණූ සම්පත් ලබා ගන්නා බවට පාරම්බාමින් බලයට පැමිණි ආණ්ඩුව දේපළ විකුණා ජීවත්වන නාස්තිකාර පියකුගේ භූමිකාවට ප‍්‍රවේශ වෙලා"
"– ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකවිකුණූ සම්පත් සිය ආණ්ඩුවක් යටතේ නැවත ලබා ගන්නා බවට පාරම්බාමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මේ වන විට දේපළ විකුණා ජීවත්වන නාස්තිකාර පියකුගේ භූමිකාවට ප‍්‍රවේශ වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.ඒ මහතා එම අදහස් පළකළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිට...
"කබ්රාල් අද මහ බැංකු අධිපති ධුරයට"
"අජිත් නිවාඞ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් අද (14 දා) ලබා ගැනීමට නියමිතය.ඒ මහතා නව ධුරයෙහි වැඩභාර ගැනීම හෙට (15 දා) පෙරවරු 8.00 යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ. ශ්‍යාම් නුවන් ගනේවත්ත"
"දේශපාලනඥයෙක් පත්වීම මහබැංකුවේ ප‍්‍රතිරූපයට හානියක් – පාඨලී චම්පික රණවක"
"පක්ෂ සාමාජිකයෙකු මෙන්ම දේශපාලනඥයකු වන අජිත් නිවාඞ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධුරයට පත්වීම මෙරට මහ බැංකුවේ ප‍්‍රතිරූපයට හානියක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (13දා) ‘දිවයින’ට සඳහන් කළේය.මෙරට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා, ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට ගොස් මූල්‍ය ප‍්‍...
"කොටස් වෙළෙඳපොළ ඊයේ අතරමග නවතී"
"කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ඊයේ (13 දා) පස්වරු 12.13 සිට අඩාළ වී තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ එස්එල්ටී ඬේටාසෙන්ටර්හි දෝෂයක් මීට හේතු වී ඇති බවයි.මේ හේතුවෙන් කොටස් තැරැව්කරුවන්ගේ පද්ධති මන්දගාමී වී ඇති අතර මේ තත්ත්වය නිසා ප. ව. 12.13 සිට ප.ව. 1.10 දක්වා පැයකට අධික කාලයක් කොටස් වෙළෙඳපොළ නවත්වා ...
"ශ‍්‍රී ලංකාවට එරෙහිව එන්ජීඔ් 21ක් ජිනීවාට පෙත්සම් යවයි"
"ශ‍්‍රී ලංකාවද කොරෝනා වසංගතයට ගොදුරුවී සිටියදී දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන 21 ක් ශ‍්‍රී ලංකාව බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන බව දක්වමින් නිසි කි‍්‍රයාමාර්ග ගන්නැයි මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පෙත්සම් යවා ඇත.හියුමන් රයිට්ස් වොච් සංවිධානය මෙම මෙහෙයුමට මුල්වී තිබේ. මෙම සංවිධාන ලොව වෙනත් රටවලට එරෙහිව ම...
"පාසල් දරුවන්ට කොරෝනා එන්නත්දීමට මෙතෙක් වෛද්‍ය නිර්දේශ ද නෑ – ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති"
"පාසල් දරුවන්ට කොරෝනා වෛරස මර්දන එන්නත ලබාදීමට මෙතෙක් වෛi නිර්දේශයක් ලබාදී නැතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාමල් රොද්‍රිගු මහතා පවසයි.එසේම වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට එන්නත් ලබාදීම සම්බන්ධව මෙතෙක් සායනික පරීක්‍ෂාවන් සිදුකර නැති බැවින් පාසල් ළමුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදෙන්නේ නම් ඒ සඳහා න...
"මෙරට ජනගහනයෙන් මිලියනයකට කොරෝනා මරණ 525 ක් – ‘වර්ල්ඩෝමීටර්’ වෙබ් අඩවිය කියයි"
"ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 525 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොරෝනා ආසාදනය පැතිර යන රටවල් පිළිබඳව විස්තර සඳහන් ‘වර්ල්ඩෝමීටර්’ වෙබ් අඩවියෙහි සඳහන් කර තිබේ.එම වෙබ් අඩවියට අනුව මෙරට ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 22,579කි.මෙරට ජනගහනයෙන් මිලියනයකට සිදු ක...
"මහ බැංකුව භාරගන්න කබ්රාල් මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි"
"මුදල්, ප‍්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඊයේ (13 දා) ඉල්ලා අස්විය.ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපතිධුරය භාර ගැනීමේ අපේක්‍ෂාවෙන් ඒ මහතා මෙලෙස මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ඊයේ පෙරව...
"සතොස මගඩියේ තවත් රහස් එළියට – කෝටි 2 1/2ක සුදුලූනු ලක්‍ෂ 74ට විකුණලා – සතොස සහ පිටත ඉහළ පිරිසකගේ අනුහසින් කාලයක සිට කළ ජාවාරමක්"
"* සුදු ලූනු කිලෝ 56000 ක් සතොසෙන් පන්නලා – ඊයේ දිවයින ඉරිදා සංග‍්‍රහයේ පළමු හෙළිදරව්වසතොසට සුදුලූනු ගෙන්වන මුවාවෙන් රුපියල් කෝටි දෙකහමාරක් වටිනා සුදුලූනු කිලෝ 56,000 ක් ගෙන්වා පෞද්ගලික ආයතනයකට ඒවා ලබාදී ඇත්තේ රුපියල්  ලක්‍ෂ 74 ක් වැනි මිලකට යැයි පාරිභෝගික අධිකාරිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත. සුදු ලූනු තොගය මෙරටට පැම...
"කොවිඩ් අර්බූදය මිනිස් සංහතියටම මරු පහරක් – ජී 20 අන්තර් ආගමික සංසදයේ දේශනය පවත්වමින් අගමැති මහින්ද රාජපක්‍ෂ"
"* වසංගතයෙන් බේරී ජීවිත ඇරඹීමට ජාත්‍යන්තර සහයෝගය ශක්තිමත් කළ යුතුයි * විවාහය භාරකාරත්වය සහ උරුමය යල්පැනගිය  නීති යාවත්කාලීන කරනවා * අපගේ තරුණයන් තෘප්තිමත් ජීවනෝපාය සඳහා සන්නද්ධ කරනවා කොවිඞ් 19 අර්බුදයේදී ආගම්, ජාතීන් සහ ශිෂ්ටාචාර අතර වෙනසක් නැත. එය මුළු මිනිස් සංහතියටම මාරාන්තික පහරක් එල්ල කරයි. වසංගතයෙන් බේරී නැවත අපේ...