Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"නිපුණතා හා ආයෝජනය මත ඕසට්‍රේලියාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයන්ට ඉහළ අවස්ථා රැසක් හිමිවනවා" | "නිපුණතා හා ආයෝජනය මත ඕසට්‍රේලියාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයින්ට ඉහළ අවස්ථා රැසක් හිමිව තිබෙන බවත් ඒ සඳහා විශේෂඥ දැනුම ඇති නිවැරදි උපදේශන සේවාවන් භාවිත කළ යුතුව ඇති බව නීතිඥ සුසන්ත කටුගම්පොළ මහතා සඳහන් කරයි. ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.... |
"‘සැමට හිමි බිමක්’ ඔප්පු ප්‍රදානය 30දා" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන නිරවුල් බිමක පූර්ණ අයිතිය සැමට උරුමකර දීමේ ‘උරුමය’ ජාතික වැඩසටහනට සමගාමීව ‘සැමට හිමි බිමක්’ ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය සංචාරක හා ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙ... |
"නිලන්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න නීතිපතිට නියෝග කරන්න" | "සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් 2019.4.21 වැනිදා (පාස්කු ඉරිදා) කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට තොරතුරු ලැබී තිබියදීත් ඒවා වැළැක්වීමට පියවර නොගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිමය පියවර හා විනය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට නියෝගයක් කරන්න... |
"කොළඹ වරායට එමින් සිටි නැව ගැටී පාලම ගඟට" | "කොළඹ වරාය වෙත ගමන් කරමින් තිබූ සිංගප්පූරුවේ ලියාපදිංචි කන්ටේනර් නෞකාවක් ඊයේ (26දා) ඇමරිකා එක්සත් ජනපදයේ බෝල්ටිමෝර් නගරයේ පිහිටි ෆ්‍රැන්සිස් ස්කොට් කි පාලමේ ගැටීම හේතුවෙන් එම පාලම කඩා වැටී පුද්ගලයන් 20 දෙනකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම කන්ටේනර් නෞකාව පාලමේ ගැටීමත් සමගම පාලම කඩා වැටී ඇති අතර එහි ගමන් ක... |
"කොටුව මහෙස්ත්‍රාත් ඝාතන තැතක් ගැන විමර්ශන" | "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදීම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුට පහරදී ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට පලායෑමට සැලසුම් කළේ යැයි කියන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් නියෝග ලබාදුන් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිර... |
"මූලික විරෝධතා ඉවතට – කෙහෙළියගේ ඥාතීහු රූපවාහිනි කැමරා ශිල්පීන්ට ගොරවති" | "හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන විත්තිකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුව විභාග කි... |
"පරාටේ නීතිය අත්හිටුවීමෙන් කර්මාන්තකරුවන්ට බැංකු ණය දීමේ අපහසුතා – මහ බැංකු අධිපති කියයි" | "රජය විසින් පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම නිසා බැංකුවලින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය ලබාදීමේ අපහසුවක් ඇති විය හැකි බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය. මේ තීරණය නිසා ණය ලබාදීමේ පහසුව වැඩි නොවන බවත් මෙය ණය සැපයීමට හොඳ නැති බවත් මහ බැංකු අධිපතිවරයා ඊයේ (26දා) මහ බැංකු මාධ්‍ය හමුවේදී ම... |
"මහ බැංකුව දශම 5කින් පොලිය බස්සයි" | "ශ්‍රී ලංකාව වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සියයට 0.5කින් (පදනම් අංක 50කින්) අඩු කළ බව මහ බැංකුව පවසයි. මේ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 8.5 සහ සියයට 9.5 දක්වා සියයට 0.5කින් අඩුකර ඇති අතර මීට අනුරූපව බැංකු පොලී අනුපාතික ද... |
"රාජ්‍ය නැකත් කමිටුවේ නැකත් සීට්ටුවට අලුත් අවුරුදු සමරන්න – සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය" | "විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස් කර ඇති 2024 වර්ෂයේ නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටු කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. 1993 වර්ෂයේ සිට ප්‍රවීණ ජෝතිර්වේදීන්ගෙන් සමන්විත රාජ්‍ය නැකත් කමිටුව රැස්වී ... |
"අගමැති දිනේෂ් ගුණවර්ධන චීනයේ ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ හමුවකට එක්වෙමින්" | "බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ඉකුත් 25 වැනිදා චීනයේ ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ හමුවකට එක්වු අග්‍රාමාත්‍යවරයා චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සමඟින් ශ්‍රී ලාංකීය ඉහළ පෙළේ ව්‍යවසායකයින් සහ ලාභදායි ව්‍යාපාර පිහිටුවා ඇති වෘත්තිකයන් සහ ඒ ඒ ක්ෂේත්‍රවල ඉහළම තනතුරු දරන විශාල පිරිසක් සමග සකච්ඡා කළහ. චීන අමාත්‍යවරු කිහ... |
"ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත හෙට (28) සිට තෙදිනක් පුරා රුවන්මැලි සෑ මළුවේදී" | "කම්මට්ඨානාචාර්ය, විනයාචාර්ය පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සෝවාන්මඟ හෙළිපෙහෙළි කර දීමේ උතුම් අරමුණ ඇතිව පවත්වනු ලබන සර්ව රාත්‍රික ධර්ම දේශනා වැඩසටහන හෙට (28) සවස 7ට අනුරාධපුර රුවන්මැලි සෑ මළුවේදී ආරම්භ කෙරේ. 28,29,30 තෙදිනම රාත්‍රි 7 සිට පසු දින අලුයම 4 දක්වා මෙම ධර්ම දේශනා මාලාව පැවැත්වේ. ජය... |
"දේව මෙහෙයන්ට එන නාඳුනන පුද්ගලයන් ගැන පොලිසියට කියන්න" | "පාස්කු සමය නිමිත්තෙන් මේ දිනවල කිතුනු දෙව්මැඳුරුවල පැවැත්වෙන විශේෂ දේව මෙහෙයවලට පැමිණෙන නාඳුනන පුද්ගලයන් පිළිබඳව ඒ අසල රැකවරණයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට දන්වන ලෙස පොලිසිය සියලු කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි. දිවයිනේ පිහිටි සියලු කිතුනු දෙව්මැඳුරුවලට දැඩි රැකවල් යොදවන බවද පොලිස් මූලස්ථානය කියයි. මෙම ආරක්ෂක වැඩප... |
"මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගලවා අධිවේගී මාර්ග ලබන 1දා සිට සමාගමකට" | "මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය(දේශීය) සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වාණිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවර... |
"STC දොර වසා වෙඩි බෙහෙත් ගැහිල්ලක්" | "රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් ඇමෝනියා නයිට්‍රේට් (වෙඩි බෙහෙත්) කිලෝවක් රුපියල් 975ක් වැනි මිලකට කළුගල් කර්මාන්තකරුවන්ට අලෙවි කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබානොදී පෞද්ගලික අංශයෙන් වෙඩි බෙහෙත් කිලෝවක් රුපියල් 2,100කට පමණ අලෙවි කිරීමට අනුමැතිය ලබාදී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ ගැන ජනාධිපතිවරයාගේ අව... |
"සම්පත් බැංකුවේ 37 වැනි සංවත්සරය" | "සම්පත් බැංකුවේ 37 වැනි සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් පිංකමක් පසුගියදා (22) කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි සම්පත් බැංකු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. එහිදී සම්පත් බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ ශිරාන් හර්ෂ අමරසේකර මහතා කරඬුව වැඩම කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ, කළමනාකාර අධ්‍යක්‍ෂිකා අයෝධ්‍යා ඉද්ද... |
"පඩි වැඩි කරගැනීමේ කතාවලට මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වෙන්නේ නැහැ – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ කියයි" | "මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ තීරණය නිසා ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා කිසිසේත්ම මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්ව යන්නේ නැතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (26දා) මහ බැංකු මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. එසේ ඉවත්ව නොයන බව තමා පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බව ද මහ බැංකු අධිපති... |
"රෝහල් වර්ජනයක් අත ළඟ! අවසන් තීරණය අද" | "සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීමට මුදල් අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීමට විරෝධය පළකරමින් යළි රට පුරා රෝහල්වල වැඩ වර්ජන ආරම්භ කිරීමේ අවසන් තීරණය අද (27දා) ගන්නා බව එම සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානය පවසයි. සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක නියෝජිතයන් සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා අද කොළඹට කැඳවා ඇතැයි එම ... |
"ෂාෆ්ටර්ගෙන් ලබාගත් කෝටි 143 ක් සඳහා බ්‍රයන් තෝමස් ලබාදුන් චෙක්පත් 20 ම අගරු වෙලා – ෂාෆ්ටර්ගේ මූල්‍ය ආයතනයේ ගණකාධිකාරිවරිය උසාවියේදී කියයි" | "ඇඟලුම් ව්‍යාපාර කටයුත්තක් සඳහා බව පවසමින් ප්‍රවීණ ක්‍රීඩා විස්තර විචාරක බ්‍රයන් තෝමස් දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන් 2017 වසරේදී ලබාගත් රුපියල් 14,37358665 ක් වෙනුවෙන් අගරු චෙක්පත් 20 ක් ලබාදී වංචාවක් කර ඇති බව ෂාෆ්ටර් මහතාගේ මූල්‍ය ආයතනක ගණකාධිකාරීවරියක් වන නාලිකා තුෂාරි කළුආරච්චි මහත්මිය ඊයේ (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ... |
"මේ වර්ෂයේ දරුවන් 10000කට ජපන් භාෂා පුහුණුව හා රැකියා ලබාදීම අපේ ඉලක්කයයි – සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය අනූප පස්කුවල්" | "අපේ ඉලක්කය මේ වර්ෂයේ දරුවන් 10000කට ජපන් භාශා පුහුණුව හා රැකියා ලබාදීම මගින් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම යැයි සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය අනූප පස්කුවල් මහතා පැවසීය අපේ ඉලක්කය මේ වර්ෂයේ දරුවන් 10000කට ජපන් භාශා පුහුණුව හා රැකියා ලබාදීම මගින් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම යැයි සමාජ සවිබල ගැන්වීමේ... |
"ඩොලරය අඩුවුණු නිසා ආනයනික භාණ්ඩ මිලත් බස්සන්න – පාරිභෝගික අධිකාරියේ වැටලීම් ප්‍රධානී ඉල්ලයි" | "රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය අඩුවී ඇති නිසා ආනයනය කරන ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් අඩුකර අලෙවි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් ඒකකයේ ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරුසිංහ මහතා (25 දා) තොග ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කළේය. මේ වනවිට පාරිභෝගික අධිකාරියේ වැටලීම් ඒකක යොදවා වැ... |
"කැලණිය සරසවියට ගිලන් රියක් නොගත්තොත් දැවැන්ත විරෝධතාවක් – මහා ශිෂ්‍ය සංගමයේ සභාපති" | "“කැලණිය විශ්වවිද්‍යාලයේ ගිලන් රථයක් නොමැතිකමින් සහෝදර සිසුවෙක් නැතිවුණා. දැන්වත් මේ විශ්වවිද්‍යාලයට ගිලන් රථයක් ගන්න පාලනාධිකාරිය පියවර නොගත්තොත් දැවැන්ත විරෝධතාවකට යනවා” යැයි කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තිස්සපුර සිරිසුමේධ හිමි ‘දිවයින’ට ඊයේ (26දා) පැවැසීය. කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨ... |
"මෛත්‍රී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කරන්න හදනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල" | "මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කරන්න උත්සහ කිරීමට උත්සාහ කරන බැවින් වහාම ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවට සහභාග... |
"මෛත්‍රී සීඅයිඩීයට දුන් ප්‍රකාශය නීතිපතිට" | "පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයන් තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25දා) ඒ මහතාගෙන් පැය 6ක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. ඊයේ පෙරවරු 9.50ට පමණ හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හ... |
"ගෝඨා පත්කළ කොමිසමේ නිර්දේශ අවලංගුයි" | "යහපාලන රාජ්‍ය පාලන සමයේ සිදුවූයේ යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට හා ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව හිටපු අගමැති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පෙත්සම්කරුවන් සම්බන්ධයෙන් ලබාදුන් සියලුම නිර්දේශ බලරහිත කරමින් ... |
"රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.දසදහසම අප්‍රේල් වැටුපට" | "සියලු රාජ්‍ය සේවකයන්ට මාර්තු මාසයේ වැටුප ගෙවීමෙන් අනතුරුව, අප්‍රේල් මාසයේ වැටුප ද එම මාසයේ 10 වන දිනට පෙර ගෙවීමට සූදානම් බවත් අයවැය යෝජනාවල සඳහන් ආකාරයට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.10,000 ම අප්‍රේල් මාසයේ සිට එම වැටුපට එකතුකොට ගෙවීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මාධ්‍ය වෙත ඊයේ (25... |
"ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබාදෙන්නත් රාජ්‍යයට ධනවත්භාවය කැඳවාගෙන එන්නත් නව ආණ්ඩුවක් ගොඩනඟමු" | "ජනතාවගේ සහ පාලකයන්ගේ අපේක්ෂාවන් සමපාත වෙන පාලනයක් අපේ රටට අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. දිසානායක මහතා මේබව ප්‍රකාශ කළේ කැනඩාවේ ටොරොන්ටෝ ශ්‍රී ලාංකික ජන හමුව අමතමිනි. එහිදී ඔහු මෙසේද කියා සිටියේය. මෙතනට රැස්වී සිටින ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය අබමල් රොණකින්වත් හානිවෙන්න ඉඩ නොතබන බ... |
"අර්ජුන් ඇලෝසියස්ට රට යෑමට අවසර දෙන්න එපා" | "බැඳුම්කර නඩුවේ හතර වන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් විසින් මින් පෙර විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් පනවා තිබූ ඇප කොන්දේසියක් උල්ලංඝනය කර ඇති බැවින් ඔහුට විදේශගත වීමට අවසර නොදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා ඊයේ (25දා) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා... |
"ජය ශ්‍රී මහා බෝධියේ රාජකාරි කරන පොලිසියේ 30කට සුදු පාට නව නිල ඇඳුමක්" | "අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියේ ඇතුල් මළුවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් තිස්දෙනකු හට සුදු පැහැති නව පොලිස් නිල ඇඳුමක් හඳුන්වා දීම ඊයේ (25දා) සිදු කෙරිණි. මෙහිදී නව නිල ඇඳුමින් රාජකාරි ආරම්භ කළ පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් හට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණෝ සෙත් පිරිත් සජ්ඣායනා ක... |
"වීසා නැති ශ්‍රී ලාංකිකයන්ට කුවේටයෙන් පිට වෙන්න පොදු සමා කාලයක්" | "කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නේවාසික වීසා කාලය උල්ලංඝනය කරමින් එරට රැඳී සිටින සහ තම සේවා ස්ථානවලින් පලා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට දඩ ගෙවීමකින් සහ නීතිමය බාධාවලින් තොරව එරටින් පිට වී යෑම සඳහා පොදු සමා කාලයක් කුවේට් හි එමීර් ෂෙයික් මෙෂාල් අල් -අහමඩ් අල් – ජාබර් මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇතැයි කුවේට් රාජ්‍යයේ ශ්... |
"දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට විෂය දැනුම ලබාදීම වගේම පෝෂණයද සුරක්ෂිත කළ යුතුයි" | "රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණයද සුරක්ෂිත කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. එසේම කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ දැනුම දරුවන්ට ලබාදිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව පාසල් අධ්‍යාපනයේ සහ විභාග ක්‍රමයේ වෙනසක් පිළිබඳ රජයේ අ... |
"පස් දින නිල සංචාරයකට අගමැති චීනයට" | "අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පස් දින නිල සංචාරයක් සඳහා පෙරේදා (24දා) රාත්‍රී චීනය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපළ කාර්ය භාර නිලධාරිවරයා පැවසීය. චීන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනය පරිදි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා එරට සංචාරය සඳහා එක් වී ඇති අතර මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට චීනය විසින් ලබා දී ඇති දැනට ගෙවී... |
"අර්බුදයට විසඳුම් නෑ – තිරුක්කෝවිල් රෝහලෙන් GMOA වෛද්‍යවරුන් ඉවත් කර ගනී" | "පසුගියදා එල්ලවූ මැර ප්‍රහාරයක් නිසා අනාරක්ෂිත වූ තිරක්කෝවිල් මූලික රෝහලේ අර්බුදකාරී තත්ත්වයට බලධාරීන් මෙතෙක් විසඳුමක් ලබා නොදීමට විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්‍යවරුන් ඉවත්කර ගැනීමට පියවර ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම රෝහලේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවත් මේ හේතුවෙන් රෝහල් ප්‍රතිකාර ක... |
"ගම්පහ ඉඳිගොල්ල මත්කුඩු රාජධානියේ ‘අයියා’ වලානෙන් අල්ලයි" | "ගම්පහ, ඉඳිගොල්ල ප්‍රදේශයේ නිවසක සිය මත්ද්‍රව්‍ය ගබඩාව පවත්වාගෙන යමින් හෙරොයින් ජාවාරමේ යෙදුණු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘අයියා’ නමින් හඳුන්වන පුද්ගලයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් ඊයේ (25දා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම ජාවාරම්කරු සතුව තිබී හෙරොයින් තොගයක්, බැංකු කාඩ්පත් 7ක්, ජංගම දුරකථන 10ක්, රුපියල... |
"රටේ තැන් කිහිපයකට අද ඉහළ උණුසුමක්" | "බස්නාහිර, වයඹ, සබරගමුව යන පළාත්වලත්, මන්නාරම, වවුනියාව, අනුරාධපුරය හා ගාල්ල යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් අද (26දා) පවතිනු ඇතැයි අපේක්‍ෂා කරන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී." |
""නිවාස අමාත්‍යාංශය මිලියන 12,501ක ණය ගෙවා නිම කරයි"" | "කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිසට නොගෙවා තිබූ රුපියල් මිලියන 12,501ක් පසුගිය වසරේ ගෙවා අවසන් කළ බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ආර්ථික අර්බුදය හා කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය දරුණු පසුබෑමකට ලක්වූ අතර මේ නිසා... |
"පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් වහා හෙළිදරව් කිරීම මෛත්‍රීපාල සිරිසේනගේ වගකීමක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තිස්සමහාරාමේදී කියයි" | "පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් කවුද කියා තවදුරටත් සැඟවිය යුතු දෙයක් නොව එය වහා හෙළිදරව් කිරීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වගකීම බවත් එම ප්‍රකාශය දේශපාලන කුමන්ත්‍රණයක්ද නැත්නම් වෙනත් අරමුණකින් සිදු කළ එකක් ද යන්නත් ජනතාව දැනගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පාස්කු ප්‍රහාරය නිසා ජ... |
"විශේෂ පොලිස් මෙහෙයුමෙන් සතියක් තුළ පාතාල අපරාධකරුවෝ 51 දැලේ" | "පාතාල අපරාධ කල්ලි මර්දනය සඳහා පත්කළ විශේෂ පොලිස් ඒකක 20 මගින් සිදුකළ මෙහෙයුම්වලදී සතියක කාලසීමාවක් තුළ ප්‍රධාන පෙළේ පාතාල කල්ලිවලට සම්බන්ධ අපරාධකරුවන් 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මෙහෙයුම මගින් පෙරේදා (24දා) පමණක් සිදුකළ වැටලීම්වලින් බස්නාහිර සහ දකුණු පළාතේ පාතාල කල්ලි සාමාජිකයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොල... |
"පොලිසියේ ගැටලු සොයා විසඳුම් දීමට SDIG ලා 3ක්" | "පොලිස් නිලධාරීන් මුහුණපා සිටින විනය සම්බන්ධ ගැටලු, පරිපාලනයේ දුර්වලතා ස්ථානාධිපතිවරුන් පත් කිරීමේදී ඇතිවී තිබෙන ප්‍රශ්න මෙන්ම පොලිස් නිලධාරීන් රාජකාරි සඳහා යෙදවීමේදී ඇති වී තිබෙන විෂමතා පිළිබඳව විමර්ශනයක් සිදුකර කඩිනම් විසඳුම් ලබාදීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු පත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්... |
"අයිඑම්එෆ් සරණ යන සියල්ලන් එක මිටට පැරදවිය හැකි නව දේශපාලන බලවේගයක් නිර්මාණය වෙමින් පවතිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ" | "දේශපාලනයේ හසරක් නොදැන කරන හොරු ඇල්ලීමේ බහු නාටකවල ගොදුරු බවට පත් නොවන ලෙසත් දේශපාලන වේදිකාවල සුරංගනා කථාවලට ඇහුම්කන් දී මේ රටේ අනාගතය පරදුවට නොතියන ලෙසත් ජාතිකවාදී, ප්‍රගතිශීලී, දෑහිතකාමී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ඒ සියලු ... |
"මොස්කව් ප්‍රහාරය – 150ක් මරුට – අයිසිස් වීඩියෝවක් එළියට" | "ඉකුත් සිකුරාදා (22දා) රුසියාවේ මොස්කව් නුවර රඟහලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අයිසිස් සංවිධානය තත්ත්පර 90ක වීඩියෝවක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ප්‍රහාරකයන් ‘මරන්න ඔක්කොම කිසිම අනුකම්පාවක් නැහැ’ යනුවෙන් කෑගසන අයුරුය. මොස්කව් ප්‍රහාරයෙන් පුද්ගලයන් 150ක් පමණ මරුමුවට පත්ව තිබේ. ඇමරිකානු බුද්ධි අංශ ප්‍රකාශ කරන්නේ ... |
"පාස්කු ප්‍රහාරකයා දන්නවා කියූ මෛත්‍රීගෙන් ප්‍රශ්න කරන්න CID ය සූදානම්" | "පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකාරයන් තමන් දන්නා බවට සිදු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාට ඊයේ (24 වැනිදා) දැනුම් ... |
"දැන් මම ප්‍රකාශ දෙන්නේ නීති උපදෙස් ගෙනයි – මෛත්‍රී දිවයිනට ඊයේ කියයි" | "පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් නොලැබුණු බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ දහවල් 12.33 ට පමණ ‘දිවයින’ ට පැවසීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, ඔබතුමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳ... |
"ගෝඨාභය තමයි මේ රටේ ලොකුම පාවාදීම කළේ – පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල" | "පුද්ගලාභිවන්දන යුගය අවසන් කර ඒ වෙනුවට වැඩපිළිවෙළක්, ප්‍රතිපත්තියක් රජ කරවන යුගයක් අරඹන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ උත්තර ලංකා සභාව විසින් මහරගම තරුණ සේවා සභා ශාලාවේදී පවත්වන ලද ජන සමුළුවක් අමතමිනි. “77න් ඇරැඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව්!” යන තේමාව ... |
"සත්‍ය දන්නවනම් හෙළිකරන්න – විපක්ෂ නායක මෛත්‍රීට කියයි" | "හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශයක් කරමින් පාස්කු ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් සත්‍ය දන්නා බව පැවසූ බවත් මේ නීච ත්‍රස්ත ක්‍රියාවට වගකිවයුතු පුද්ගලයන් කවුද කියා දැන ගැනීමට තමා ඇතුළු ලක්ෂ 220ම බලා සිටින බැවින් තවදුරටත් බලා නොසිට ජීවිත පූජා කළ අහිංසක පුද්ගලයන් වෙනුවෙන් සත්‍ය හෙළිදරව් කරන ලෙසට ඉල්ල... |
"බැරි නම් යුනිෆෝම් ගලවලා ගෙදර යන්න – ඇමැති ටිරාන් අලස් කුරුවිට කමිටු රුස්වීමකදී කියයි" | "කාගෙවත් බලපෑම්වලට යටත්නොවී පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් තමන්ගේ වගකීම ඉටුකරන්න. ඒ වගකීම ඉටු කරන්න බැරිනම් ඔබලා ඔය යුනිෆෝම් එක ගලවලා ගෙදර යන්න. සියලු පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ව ආරක්ෂා කරන්න මමත්, දේශබන්දු තෙන්නකෝන් මහතාත් බැඳී ඉන්නවා….” යැයි මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවැසීය.... |
"සිසුන් ලක්ෂ 16 කට අද සිට පාසලෙන් ආහාර වේලක් – පළමුවැනි ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා" | "පළමුවැනි ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා සියලුම පාසල් දරුවන් සඳහා අද (25 දා) සිට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ සඳහා රජය රුපියල් බිලියන දහසයයි දශම හයක් (16.6) වැය කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පෝෂණවේදීන්ගේ නිර්දේශ සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපනයේ නිරතවීමට පෙර පෙර... |
"මෛත්‍රී අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් ගන්න – ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා" | "“මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය පිළිබඳව කර ඇති බරපතළ ප්‍රකාශය සම්බන්ධයෙන්, වහා ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක්…. ලබාගන්නා ලෙස ටිරාන් අලස් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා…” යැයි අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පෙරේදා (23 දා) පැවැසීය. තවදුරටත් කතා කළ ජූඩ් ක්‍රිෂාන්... |
"කාන්තා හා ළමා අයිතිය මූලික අයිතිවාසිකමක් බවට පත් කර ළමුන් හා මව්වරුන් සුරකින්න කැපවෙනවා" | "පාර්ලිමේන්තුවේ තමා වැඩිපුර කතා කරනවා කියා චෝදනාවක් ආවත් එහිදී කතා කරන්නේ පෞද්ගලික දේවල් නොව ලක්ෂ 220 ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේදී පැවැති සමගි වනිතා බලවේගයේ කාන්තා සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ... |
"කාන්තා හා ළමා අයිතිය මූලික අයිතිවාසිකමක් බවට පත් කර ළමුන් හා මව්වරුන් සුරකින්න කැපවෙනවා" | "පාර්ලිමේන්තුවේ තමා වැඩිපුර කතා කරනවා කියා චෝදනාවක් ආවත් එහිදී කතා කරන්නේ පෞද්ගලික දේවල් නොව ලක්ෂ 220 ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේදී පැවැති සමගි වනිතා බලවේගයේ කාන්තා සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ... |
"මේ වසරේ ප්‍රථම අර්ධ චන්ද්‍රග්‍රහණය අද – අප්‍රේල් 8 සූර්යග්‍රහණයක්" | "මෙම වසරේ ප්‍රථම අර්ධ චන්ද්‍රග්‍රහණය අද (25 වැනිදා) සිදුවන බවත් අප්‍රේල් 8 වැනිදා සූර්යග්‍රහණයක් සිදුවන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ හා නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. මෙම වසරේ ඉදිරියේදී චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 2... |
"ඉන්දියාව ලොකු ලූනු අපනයන තහනම දික් කරයි" | "ලොකු ලූනු අපනයනය තහනම් කරමින් ඉන්දියාව පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේදී ඉන්දියාව ලොකු ලූනු අපනයනය තහනම් කළ අතර එම තහනම මෙම මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණි. මිල ඉහළ යෑම පාලනය කිරීමට සහ වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යෑමේ අරමුණින් ඉන්දීය රජය එම තීරණය ගෙ... |
"රට ටින්මාළුවලට බදු පැනවීම කඩිනම් කරන්න – දේශීය කම්හල් 16ම වැහෙන්න ළඟයි" | "ආනයනික ටින්මාළු සඳහා රුපියල් 550කට සමාන තීරුබද්දක් පැනවීම සඳහා සකස් කළ කැබිනට් පත්‍රිකාවට කඩිනමින් අනුමැතිය ලබා ගන්නා ලෙසත්, එවැනි යෝජනාවක් ගෙනාවාට ස්තුතිවන්ත වන බවත්, ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා රජයෙන් ඊයේ (24 දා) ඉල්ලීමක් කළේය. වසර පුරාම ධීවර කටයුතු සිදු කළ හැකි රටට, ආනයනික මාළු හෝ ටි... |
"රේගු වෘත්තීය ක්‍රියා පිට දමා පිටකොටුවේ මුදලාලිලා පිරිසක් බඩු මිල ඉහළ දැමීමේ සූදානමක්" | "රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීමට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවූ බව පවසමින් පිටකොටුවේ කූට වෙළෙඳුන් කිහිපදෙනකු අත්‍යවශ්‍ය ආහාරවල මිල ඉහළ දැමීමට උත්සාහ කරන බවත්, වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් එම භාණ්ඩ නිදහස් කිරීමට බාධා නොවූ බවත් රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අ... |
"මෛත්‍රීට පොලිසියට හෝ මහේස්ත්‍රාත්වරයකු හමුවේ ප්‍රකාශයක් දිය හැකියි- ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා" | "පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට, පොලිසියට හෝ මහෙස්ත්‍රාත්වරයකු හමුවේ ප්‍රකාශයක් දීමට හැකි බව අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පැවසීය. පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් ගැන තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප... |
"මහ බැංකු වැටුප් වැඩි කිරීම යළි සලකා බලයි" | "මීට පෙර සිදුකළ මහ බැංකු වැටුප් සංශෝධනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් යළි සලකා බැලීමට තීරණය කර ඇතැයි මහ බැංකුව පවසයි. මෙම වැටුප් සංශෝධනය මහජනයා අතර වඩාත් කතාබහට ලක්වූ බවත් එම තත්ත්වයට ප්‍රතිචාරයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ මහ බැංකු සේවකයන්ගේ බහුතරයක් සිය වැටුප් සංශෝධනය මෙ... |
"අප අත්විඳි පීඩාවන් මතු පරපුරටත් උරුම කරන්න එපා – රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලු දෙනාගේ වගකීමක්" | "රට වෙනුවෙන් ගමන් කළ යුත්තේ කුමන මාර්ගයේද කියා ඔබ තීරණය කරන්න. මොකද අපේ දේශපාලනයේ සිටින බොහෝ දෙනෙක් තෙල් බෙහෙත් කාරයෝ. තෙල් බෙහෙත් අරගෙන කිසිවෙක් සුව වී නැහැ. මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළින් පමණක් බවත්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳි පීඩාවන් මතු පරපුරට උරුම වීම... |
"කුමන බාධා ආවත් “සැමට පානීය ජලය” වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට අඛණ්ඩව කැප වෙනවා" | "සැමට පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළ සාක්ෂාත් කරගැනීම සඳහා රජය අඛණ්ඩව කැපව කටයුතු කරන බවත් කුමන ආකාරයේ බාධක පැමිණියද එම වැඩපිළිවෙළ නොනැවතී ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන බවත් ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කළේය. වැටී තිබූ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... |
"අලුත් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ සන්ධානයක් වශයෙන් විතරයි දේශපාලන පක්‍ෂ රැසක් සන්ධානගත කර ගන්නවා – දයාසිරි ජයසේකර" | "අපගේ මේ අලුත් දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරන්නේ සන්ධානයක් වශයෙන් මිස දේශපාලන පක්ෂයක් වශයෙන් නොවන්නේ යැයි ද ඉදිරියේදී එම නව සන්ධානය තවත් දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකරාශී කර ගෙන දැවැන්ත සන්ධානයක් ගොඩනඟන්නේ යැයිද ඒ තුළින් රට ඉදිරියට ගෙන යෑමට හැකි නව නායකත්වයක් බිහි කිරීමට අපි කටයුතු කරන්නේ යැයිද මානුෂීය ජනතා සන්ධානයේ නායක පාර... |
"පාස්කු ඝාතකයා මම දන්නවා – උසාවියට රහසින් කියන්නම්" | "පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ කවුද කියා තමන් හොඳින්ම දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවරදී පෙරේදා (22දා) සඳහන් කළේය. එම ප්‍රහාරයේ සැබෑ තොරතුරු අධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කීමට තමා සූදානම් යැයිද හිටපු ජනාධිපතිවරයා ප්‍රථම වරට ප්‍රසිද්ධියේ සඳහන් කර සිටියේය. පාස්කු ප්‍රහාරය ආවේ කොහෙන්ද කියලා අ... |
"විදුලි සංදේශ බදු ආදායම 29.4%කින් නගී" | "විදුලි සංදේශ බද්දෙන් උපයන ලද ආදායම 2023 වර්ෂයේ පළමු මාස නවයේ දී රුපියල් බිලියන 13.8 දක්වා සියයට 29.4කින් වැඩි වී ඇති බැව් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි. 2022 වර්ෂයේ පළමු මාස නවයේ දී විදුලි සංදේශ බදු ආදායම රුපියල් බිලියන 10.7ක් විය. 2022 වසරේ ජුනි මස 01 වැනිදා සිට බල ... |
"ඡන්ද ක්‍රමයේ වෙනසට වසරක් ගතවේ" | "මිශ්‍ර ඡන්ද ක්‍රමයක් යටතේ මහ මැතිවරණය නව ක්‍රමවේදයකට පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමට පමණක් වසරකට වැඩි කාලයක් ගතවන බව දේශපාලන ක්‍ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති. පාර්ලිමේන්තුවේ ආසන දෙසිය විසිපහ තෝරා පත්කර ගැනීම සඳහා මැතිවරණ කොට්ඨාස මට්ටමින් මන්ත්‍රීවරුන් එකසිය හැටක් ද සමානුපාතික ක්‍රමයට හැටපස් දෙනක ද තෝ... |
"නව ආර්ථික තීරණ සඟරුවන හමුවට" | "මෙම අවස්ථාවේදී ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ආර්ථිකමය තීරණ සම්බන්ධයෙන් මහා සංඝරත්නය, ජාතිකවාදී කඳවුර සහ වෘත්තීය සමිති සමග විධිමත් සංවාදයක් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා කර ඇත. 21 වැනිදා සවස ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පැ... |
"ඉන්දියාවට පාරක් – සාකච්ඡාවට සාගල යයි" | "ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙම මස 27 සහ 28 දෙදින ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ... |
"ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන් – භාණ්ඩාගාරය දන්නෑ" | "මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු විසින් ව්‍යාපෘති 20ක් සඳහා රුපියල් එකසිය අසූතුන් කෝටි, හැත්තෑ තුන් ලක්ෂ, විසිඑක් දහස්, හාරසිය විස්සක මුදලක් විදේශ ප්‍රදාන වශයෙන් 2022 වර්ෂයේ දී සෘජුව ලබා ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. එම වටිනාකම ප්‍රතිපාදන සලසා ගෙන මූල්‍ය ප්‍රකාශනවලට ඇතු... |
"2023 මුල් මාස අටට වාහන 5300ක් ගෙනල්ලා" | "ගතවූ වර්ෂයේ (2023) මුල් මාස අටේ දී මෙරටට මෝටර් රථ, බස් හා මගී වෑන් රථ ත්‍රිරෝද හා යතුරුපැදි, භාණ්ඩ ප්‍රවාහන හා ‘ඉඩම් වාහන’ 5,300ක් ආනයනය කර ඇති බැව් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි. 2023 වර්ෂයේ මෙම කාලයේ දී ආනයනය කර ඇති වාහන අතුරින් වැඩිම සංඛ්‍යාවක් ආනයනය කර ඇත්තේ යතුර... |
"වැඩි කළ වැටුප මේ මාසයේ මහ බැංකුවට" | "පාර්ලිමේන්තු මුදල් කාරක සභාව විසින් මහ බැංකුවේ වැටුප් සංශෝධනය ගැන ඉදිරිපත් කළ සියලුම නිර්දේශ මහ බැංකුව විසින් පිළිගන්නා බව දැනුම් දී ඇතැයි රජයේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මේ අනුව මහ බැංකුවේ එම වැටුප් සංශෝධනය ගැන සමාලෝචනය කිරීමට වහාම කමිටුවක් පත් කිරීමට නියමිත අතර එය ... |
"මැයි දිනයට අලි මරදානට" | "එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය මරදාන මංසන්ධියේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට තීරණය වී තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මැයි දින රැලිය පැවැත්වෙයි. එජාප මැයි රැලිය නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට කලින් සාකච්ඡා වී තිබුණ ද පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප... |
"පොහොට්ටුව තංගල්ලෙදි පිපෙයි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර ඇති දිස්ත්‍රික් සම්මේලන මාලාවේ සමාරම්භක සම්මේලනය මාර්තු 30 වැනිදා තංගල්ලේදී පැවැත්වෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කය ආවරණය කරමින් පැවැත්වෙන මෙම සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. එම සම්මේලනයට සමගාමීව දිස්ත්‍රික්කය පුරා එම පක්‍ෂයේ වෘත... |
"මෛත්‍රිපාල පිරිවර කැඳවයි" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් පක්ෂ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 30දා පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය. ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ගත යුතු දේශපාලන තීන්දු තීරණ පිළිබඳව සංවිධායකවරුන් සහ පක්ෂ විධායක සභාව හා මධ්‍යම කාරක සභා සාමාජිකය... |
"මිනරල් සභාපතිගේ නිල නිවස අලුත්වැඩියාවට කෝටි 3ක්" | "ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගමට අයත් පුල්මුඩේ යන්ත්‍රාගාර පරිශ්‍රයේ පිහිටි සභාපතිවරයාගේ නිල නිවස අලුත්වැඩියාව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීමකින් තොරව පුද්ගලික කොන්ත්‍රාත්කරුවකු තෝරාගෙන රුපියල් තුන්කෝටි, පහළොස්ලක්ෂ, අනූඅටදහස් හතලිස්නවයක මුදලක් (31,598,049) වියදම් කොට කරවාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය මගි... |
"72 වැනි වෙස්ට්මිනිස්ටර් සමුළුවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ලන්ඩනයට" | "පසුගිය 11 වැනි දින සිට 15 වැනි දින දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති 72 වැනි වෙස්ට්මිනිස්ටර් සමුළුව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමග ශ්‍රී ලංකා පාර්ලිමේන්ත... |
"ගැබ් ගෙල පිළිකා එන්නත මාස හයක සිට අතුරුදන්ලු" | "ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ගැහැනු දරුවන් සඳහා ලබාදෙන හියුමන් පැපිලෝමා වෛරස (HPV) එන්නත් දැනට මාස හයකට අධික කාලසීමාවක් මුළුල්ලේ මෙරට ප්‍රතිශක්තිකරණ වැඩසටහන තුළ ක්‍රියාත්මක නොවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියයි. කාන්තාවක් තුළ ප... |
"උතුරේ හොර අල්ලන්න සාගර හමුදාවක්" | "මෙරට උතුරු මුහුදු තීරයේ නීති විරෝධී ලෙස සිදුකරනු ලබන ඉන්දීය ධීවර කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා සාගර ස්වේච්ඡා හමුදාවක් ස්ථාපිත කිරීමට ධීවර අමත්‍යාංශය තීරණය කර ඇත. ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් පසුගියදා ඉදිරිපත් කළ බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේය. උතුරු පළාතේ පිහිටුවා ඇති ධීවර සංගම් හරහා ධී... |
"ශ්‍රීලනිප ගලෝගෙන මා එක්ක එන්න – දයාසිරි" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් මට්ටමේ සංවිධායකවරුන් මෙන්ම වමේ විකල්ප බලවේගද තමාගේ මානුෂික ජනතා සංවිධානයට එක්වීමට පටන් ගෙන ඇති බවත් මේ වනවිට දේශපාලන පක්ෂ 20ක් සම්බන්ධ වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය. මේ අනුව මෙම සංවිධානය ඉතා ප්‍රබල දේශපාලන පක්ෂයක් බවට පත්වෙනු ඇතැයි... |
"ලක් මවගෙන් වෙන් වී අද දින අහස් ගව්වට පියමං කරන චන්ද්‍රසිරි පල්ලියගුරු විද්වතාණෝ" | "නොමියෙන මිනිසුන් අප අතර සිටින බවට සාධකයක් දැන් අප අතරට එක්ව තිබේ. ඉකුත් සිකුරාදා දහවල් මෙළොව හැර ගිය සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු විද්වතානෝ එවැන්නෙකි. ප්‍රතිභා පූර්ණ කීර්තිදර විද්‍යාර්ථයකු වන ඔහුට තමන් මෙළොවින් වෙන්වන දින පොළෝ තලයේ කර්කශ බව මනසින් මවන්නට ඇත. එබැවිනි ඔහු අතින් “හිරු රැස් දැඩිවී හැක... |
"මීවනපලානේට දැඩි පියවර" | "බුද්ධ චරිතය හා ත්‍රිපිටකගත බෞද්ධ ඉගැන්වීම් විකෘති කරමින් බරපතල ශාසන විනාශයක් හා සමාජ අර්බුදයක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණකාරී කටයුත්තක නිරතව සිටින බවට චෝදනා ලැබ සිටින මීවනපලානේ සිරිධම්මාලංකාර නමැති භික්ෂු ප්‍රතිරූපකයා පිළිබඳ නීතිමය පියවර ගැනීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මේ වන විට කටයුතු කරමින් ... |
"හම්බන්තොට වරායට ප්‍රථම LNG බලගැන්වූ රථ වාහන ප්‍රවාහන නෞකාව පැමිණේ" | "ජීව වායු දෙමුහුන් බැටරි එනම් LNG භාවිතයෙන් බලගැන්වෙන ප්‍රථම රථ වාහන ප්‍රවාහන නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) මාර්තු පළමු සතියේ සේන්දු විය. ජංගම දොඹකර, බස් රථ වැනි බර වාහන ප්‍රවාහනය කරන ‘ජැස්මින් ලීඩර්’ (Jasmine Leader) නෞකාව, දමාම් සහ මාලදිවයින යන වරායන් වෙත ප්‍රතිනැව්ගත කිරීම සඳහා RORO තොග හම්බන්තොට වරායේ ගොඩබ... |
"උසාවියෙන් කිව්වොත් පාස්කු ප්‍රහාරකයා හෙළි කරනවා" | "අධිකරණයෙන් නියෝගයක් හෝ ඉල්ලීමක් කළහොත් පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න තමා හෙළි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. එම ප්‍රකාශය රහසිගතව තබා ගැනීම එම විනිශ්චයකාරවරුන්ගේ වගකීමක් වන බව හිටපු ජනාධිපතිවරයා ඊයේ (22දා) මහනුවර අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උප... |
"ආරක්‍ෂක හමුදා පාවිච්චි කළ ඉඩම් නිදහස් කෙරේ" | "මිලියන 02ක ජනතාවකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම සඳහා ක්‍රියාත්මක උරුමය වැඩසටහන යටතේ යාපනය ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 408ක් ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22දා) පෙරවරුවේ යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී සිදුවිය. වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් පහකට අයත් අක්කර 234 ක් සාම... |
"මහාචාර්ය පල්ලියගුරු අහස්ගව්වට ළංවෙයි!" | "අසූ වසක් සපිරෙන ජන්ම දිනයට දෙසතියකට පෙර ඊයේ (22දා) චන්ද්‍රසිරි පල්ලියගුරු විද්වතාණෝ මෙළොවින් සමුගත්හ. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වූ පල්ලියගුරු මහතා කෘතහස්ත ලේඛකයෙකි. සිනමා විචාරකයෙකි. සිනමාව සහ සම්භාව්‍ය කලාව පිළිබඳ පර්යේෂකයකු ලෙසද ටෙලි නාට්‍ය සමීක්ෂණ මණ්ඩලය ඇතුළු කලා විනිශ... |
"කරදියනාරු වැඩිම වැටලීම් කළ පොලිසියේ දෙදෙනා මාරු කරලා: පොලිස්පති මැදිහත් වී වැඩේ නවත්වයි" | "මඩකළපුව කරදියනාරු පොලිසියේ වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදුකළ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රදේශයේ උසස් නිලධාරියකු විසින් මාරු කර යැවීම වහාම අවලංගු කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම නිලධාරීන් නැවත එම පොලිසියේම රාජකාරි කිරීම සඳහා අනුයුක්ත කර ඇත. මඩකළපුව කරදියනාරු ප්‍රදේශයේ වැලි ජාවාරම්කාරයකු ලෙස ප්‍රසිද්ධ ප්‍රභා නමැත්ත... |
"අපි කැමති මහ ඡන්දෙට – බැසිල් ජනපතිට කියයි" | "පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයකට වඩා මහ මැතිවරණයකට නැඹුරුවක් දක්වන බව එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත. පසුගිය (21දා) සවස ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව පැවැති සාකච්ඡාවකදී එම දැනුම්දීම කර ඇත. එම සාකච්ඡාවේදී රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ ක... |
"කවුරු මොනවා කීවත් පළමුව ජනාධිපතිවරණය – එ.ජා.ප. මහ ලේකම් රංගෙ බණ්ඩාර" | "විවිධ දේශපාලන නායකයන් කුමන මතයක් දැරුවත් පළමුවෙන්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා කීවේය. මඩකලපුව නගරයේදී එක්සත් ජාතික පක්‍ෂයේ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි භාරදීම වෙනුවෙන් පැවැති උත්සවයකදී මහ ලේකම්වරයා මෙසේද කීවේය. “ව්‍යවස්ථාව අනුව මේ වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 16 වැ... |
"ශ්‍රී ලන්කන් තුනට කඩා විකුණන්න හදයි" | "ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා පෞද්ගලික ආයෝජකයකුගේ නිසි ලංසු මුදලක් ඉදිරිපත් නොවුණහොත් එය සමාගම් තුනක් ලෙස වෙන් කර අලෙවි කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලන්කන් කේටරින්, ගුවන් තොටුපළ සේවා මෙහෙයුම් සහ ගුවන් යානා මෙහෙයුම් ලෙස සමාගම් තුනකට වෙන් කර අලෙවි කිරීමට යෝජනා වී ඇතැයි ශ්‍රී ලන්කන... |
"මූල්‍ය අර්බුදයකට ලක් වූ රට යළි යථා තත්ත්වයට ගේන්න රජයට හැකි වුණා – අගමැති දිනේෂ් ගුණවර්ධන" | "මේ අවුරුදු දෙක තුළ මූල්‍ය අර්බුදයකට ලක්වූ රට යළි යථා තත්ත්වයට ගෙන ඒමට රජයට හැකි වුණා යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය අගමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22 දා) අවිස්සාවේල්ල මූලික රෝහලේ නව ශල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිණි. ඉදිකිරීම් අවසන් වන විට මෙම සය මහල් නව ශල්‍ය වාට්ටු සංකීර්ණය ඇඳන් 6... |
"කැනඩා ගිය අනුරට උණුසුම් පිළිගැනීමක්…" | "කැනඩාවේ ප්‍රධාන නගර දෙකක් වන Toronto සහ Vancouver නගරවලදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයකට සහභාගී වීමට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා Toronto ගුවන් තොටුපළේදී ශ්‍රී ලාංකිකයින් විසින් සුහදව පිළිගන්නා ලද අයුරු…" |
"එක්ස්ප්‍රස් පර්ල් කපිතාන් ඇතුළු 8කට අධිචෝදනා" | "එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 වසරේ මැයි මස ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී ගිනි ගෙන එහි ගබඩා කොට තිබූ විෂ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට මිශ්‍ර වී සිදුවූ පරිසර හානියට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන එම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු විත්තිකරුවන් අටදෙනකුට ඊයේ (22 දා) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා... |
"රජයට ඇති අනුමැතිය 7% දක්වා පහළට – වෙරිටේ රිසර්ච් කියයි" | "රජය පිළිබඳ ජනතා අනුමැතිය පසුගිය මාසයේදී 7%ක් දක්වා පහත බැස ඇතැයි ‘වෙරිටේ රිසර්ච්’ ආයතනයේ නවතම සමීක්ෂණ වාර්තාවෙන් හෙළිව තිබේ. 2023 වසරේ ඔක්තෝබර් මාසයේ මෙම අගය 9% ක්ව පැවැතිණි. එම සමීක්ෂණ වාර්තාවන්ට අනුව මෙරට වත්මන් ආර්ථික තත්ත්වය විශිෂ්ට හෝ හොඳ මට්ටමක පවතින බවට අදහස් දක්වා ඇත්තේ ජනතාවගෙන් 9%ක ප්‍රතිශතයක් වන අතර පසුගිය ... |
"බිඳ වැටුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩගන්න ජපානයේ පූර්ණ සහාය – ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි" | "බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය නිතැතින්ම හිමිවන බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා සඳහන් කළේය. ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ශ්‍රී ලංකාව ජපානයෙන් උගත යුතු ආර්ථික සංවර්ධනය හා නවීකරණය පිළිබඳ පාඩම්’ යන මැයෙන් ජ... |
"ගැබ්ගෙල පිළිකා වළකන එන්නත රටේ නෑ – වෛද්‍ය චමල් සංජීව" | "ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා ගැහැනු දරුවන්ට ලබාදෙන ‘හියුමන් පැපිලෝමා’ වයිරස එන්නත රටේ නොමැතිවීමෙන් එම ප්‍රතිශක්තිකරණ වැඩසටහන පූර්ණ ලෙස ඇනහිට ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. කාන්තාවන් තුළ පසුකාලීනව ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම පහත හෙළීම සඳහා මෙම එන්නත ලබාදීම ඉතා ව... |
"ලිංගික නීති ගැන සජිත්ගේ කතාව ඇමැති ප්‍රසන්නගේ අවධානයට" | "දණ්ඩ නීති සංග්‍රහයේ යෝජිත සංශෝධන මගින් ලිංගික සේවනයේ යෙදිය හැකි ගැහැනු දරුවන්ගේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීමට හා පිරිමි වරදකරුවකුගේ වයස අවුරුදු 22ට අඩු නම් දඬුවම් ලිහිල් කිරීම පිළිබඳ යෝජනාවක් ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශය අධිකරණ ඇමැතිවරයාග් අවධානයට යොමු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්... |
"විජයදාසගේ පනත ඉල්ලා අස්කර ගන්න – සුදර්ශනී ඇතුළු මන්ත්‍රීවරියන්ගේ සංසදය ලියයි" | "දණ්ඩ නීති සංග්‍රහයේ 19 වැනි පරිච්ජේදය සංශෝධනය කිරීම සඳහා පසුගිය පෙබරවාරි 09 වැනිදා ගැසට් කොට ඇති පනත් කෙටුම්පත වහා අත්හිටුවන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. 1995 වසරේදී දණ... |
"කෙහෙළියගේ ඇප ඉල්ලීම 25 වැනිදා කැඳවයි" | "ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සිය පියා සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 14 වැනිදා ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කර ඔහු ඇපමත මුදාහරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය ... |
"ජන අරගල විරෝධතාවට පහරදීම ගැන විපක්ෂය කටක් හෙල්ලුවේ නෑ: අයි.එම්.එෆ්. ඉන්දියානු මැදිහත්වීමට එරෙහි සටන ඇත්තේ පාර්ලිමේන්තුවෙන් එළියේ – පුබුදු ජයගොඩ" | "අයි.එම්.එෆ්. සහ ඉන්දියානු මැදිහත්වීමට එරෙහි සටන ඇත්තේ පාර්ලිමේන්තුවේ නොව එළියේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. නුගේගොඩ එම පක්ෂ මූලස්ථානය ඊයේ පැවැති ප්‍රති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය. ජයගොඩ මහතා මෙසේද සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසා ආර්ථිකය විනාශ වෙනවා. ජනතාව... |
"ගිනි අව්වේ වැඩ කරන ගැබිනියන්ගේ දරු ගැබ විනාශ වීමේ අවදානම වැඩි වෙයි – ඉන්දීය පර්යේෂකයෝ කියති" | "මෙම දිනවල පවතින අධික උෂ්ණත්වයට නිරාවරණය වෙමින් එළිමහනේ සිය රාජකාරි කටයුතුවල නිරත වන ගර්භණී කාන්තාවන්ගේ දරු ගැබ ගබ්සා වීමේ හා මළ දරු උපත් වාර්තා වීමේ අවදානම දෙගුණයකින් වැඩි වී ඇති බව ඉන්දියාවේ සිදු කරන ලද නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ ගර්භණී කාන්තාවන් 800ක් පමණ දෙනා යොදා ගෙන වසර 2... |
"රාජ්‍ය ආයතනවල වංචාවන්ට වගකිව යුත්තන් තවමත් සේවයේ – වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය" | "රාජ්‍ය ආයතනවල සිදුව ඇති බරපතළ දූෂණ, වංචා සහ අක්‍රමිකතාවන්ට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීති කටයුතු ඇරඹීමට අමාත්‍යාංශ ලේකම්වරුන් ක්‍රියා නොකිරීමෙන් එම නිලධාරීන් අඛණ්ඩව එම ක්‍රියාවන්ගේ නිරතව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කර සිටී. විගණකාධිපතිවරයා විසින් නිකුත් කර... |
"විදුලි බිල අඩු කළාට සාපේක්ෂව ජල බිලත් අඩු කළ යුතුයි – සිවිල් සංවිධාන පෙරමුණේ ලේකම් සංජීව ධම්මික" | "විදුලිබිල අඩු වූවාට සාපේක්ෂව ජල බිල ද වහාම අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි ජාතික සිවිල් සංවිධාන පෙරමුණේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය. ඊයේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය. හෙතෙම මෙසේද සඳහන් කළේය. විදුලි බිල අඩුවීමේ වාසිය ජල පාරිභෝගිකයන්ටද වහාම හිමිවිය යුතුයි. මෙය වහාම කරන්න කියලා අප... |
"වැඩි ඡන්ද 42කින් කතානායක විශ්වාසය දිනා ගනී" | "කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 42කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) සවස පරාජයට පත් විය. එම යෝජනාවට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රීවරු 75දෙනෙක් ද යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරු 117 දෙනෙක් ද ඡන්දය ප්‍රකාශ කළහ. ඡන්දය දීමෙන් වැළකී සිටි කිසිදු මන්ත්‍රීවරයෙක් නොවීය. වි... |
"හෘද සාක්ෂියට අනුව උපරිමය කළා – කතානායක විශේෂ ප්‍රකාශයක් කරයි" | "කතානායක ධුරයට පත්වූ පසුව ශ්‍රී ලංකා ජනරජයේ පැවැත්මට හෘද සාක්ෂියට අනුව උපරිමව කටයුතු කළ බවත් තමන්ට විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් දින තුනක කාලයක් මිලියන 45කට ආසන්න පිරිවැයක් දැරීම ගැන අතිශයින් කනගාටු වන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) කීය. ඔහුට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාස භංග යෝජනාව ප... |
"අයි.එම්.එෆ්. තුන්වැනි වාරිකයට කාර්ය මණ්ඩල එකඟතාවක්" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ණය වැඩසටහනේ දෙවන සමාලෝචනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග කාර්ය මණ්ඩල එකඟතාවකට එළැඹුණ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානිී පීටර් බෲවර් මහතා පැවසීය. මෙම දෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණය සහ එහි විධායක සභාව විසින් අනුමත කළ පසු ශ්‍රී ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.