Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ආණ්ඩුවේ 27 ක් හදිසි නීති ඡන්දයට ඇවිත් නෑ" | "ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් 27 දෙනකු පෙරේදා (06 දා) පැවැති හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් ඡන්දය දීමට පාර්ලිමේන්තුවට පැමිණ නැත.ඉන් 09 දෙනකු නිරෝධායනයට ලක්ව සිටින අතර 06 දෙනෙක් විදේශගතව සිටිති. ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කපිල අතුකෝරළ මහතා පැමිණෙන විට ඡන්දය විමසා අවසන් වී තිබේ.අතුරලියේ රතන හිමියෝද විමල් වීරවංශ, එස්. ව... |
"අවුරුදු 12 ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත දීමට රජය කටයුතු කළ යුතුයි – GMOA කියයි" | "කොවිඞ් 19 වෛරසය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති ෆයිසර් එන්නත මෙරට වයස අවුරුදු දොළහෙන් ඉහළ දරුවන්ට ලබාදීමට රජය කටයුතු කළ යුතු බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය පවසයි.දරුවන්ට අමතරව වැඩි සංකූලතා දක්වන පුද්ගලයන්ටත් ෆයිසර් එන්නත ලබා දීමට හැකියාව ඇති බවත් ඉන් වැඩි ප‍්‍රතිශකන්තිකරණයක් ලබාගත හැකි බව පරීක්‍ෂණවලදී තහවු... |
"ජිප්සීස් නායක සුනිල් අභාවප‍්‍රාප්ත වෙයි – කොවිඩ් සුව වී ගෙදර ගිය පසු නියුමෝනියාව වැළදීලා ….." | "* I don’t know why….. මෙහෙම වෙන්නෙ ඇයි?*අවසන් කටයුතු ඊයේම සිදු කෙරේ මෙරට සංගීත ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් අනුපමේය කාර්යභාරයක් ඉටුකළ ප‍්‍රවීණ ගායකයකු සහ සංගීතඥයකු වූ සුනිල් පෙරේරා මහතා ඊයේ (06දා) අලූයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය.මෙරට කණ්ඩායම් සංගීත කේෂ්ත‍්‍රයේ පුනරුදයක් ඇතිකළ සුනිල් පෙරේරා මහතා මියයන විට... |
"රිෂාඩ් මියගිය දැරිය කිසිදා දැක නැතිලු – නිවසේ සේවය කරන බව දන්නෙත් නැතිලු" | "* තැරැව්කරුට මස්සිනාට ඇප – රිෂාඩ්, බිරිඳ හා මාමණ්ඩිය යළි රිමාන්ඩ් – * මාධ්‍යවේදී වෙස්ගත් ලේකම් ගැන විමර්ශනදහසය හැවිරිදි මෙහෙකාර දැරියක් කෲරත්වයට පත්කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන්, ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ පියා ලබන 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ... |
"C1.2 මාරකයෙන් ගැලවෙමු – එන්නට පෙර අවශ්‍ය පියවර ගන්න ප‍්‍රමාද කරන්න එපා – මහාචාර්ය තිස්ස විතාරණ" | "දකුණු අප‍්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක මේ වනවිට පැතිර යන සී 1.2 (C 1.2) නමැති දරුණු කොරෝනා වෛරස් ප‍්‍රභේදය මෙරටට පැමිණීමේ වැඩි ප‍්‍රවණතාවක් ඇති නිසා වෛරසය මෙරටට පැමිණීමට පෙර නිසි අධ්‍යයනයකින් සිටිය යුතුව ඇතැයි වෛරස්වේදය පිළිබඳ ප‍්‍රකට විද්‍යාඥයකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ (06 දා) පැවසීය.දක... |
"නවසීලන්තයේ ප‍්‍රහාරය ගැන ඇමැති දිනේෂ් සොව පළ කරයි" | "නවසීලන්තයේදී 6 දෙනකුට තුවාල සිදුකරමින් ශී‍්‍ර ලාංකිකයකු විසින් එල්ල කළ ප‍්‍රහාරය පිළිබඳව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා) ශෝකය පළ කළේය.එහිදී ඇමැතිවරයා මෙසේ පැවැසීය.කෲර ත‍්‍රස්තවාදියකු විසින් නවසීලන්තයේදී සිදුකළ ප‍්‍රහාරය අපි හෙළා දකිනවා. ඔහු අපේ රටේ පුද්ගලයකු බව කියනවා. අපි එම කි‍්‍රයාව හෙ... |
"හදිසි නීති රෙගුලාසි සම්මතයි – පක්‍ෂව 132 විරුද්ධව 51 වැඩි ඡන්ද 81" | "හිඟයකින් තොරව අඛණ්ඩව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා) වැඩි ඡුන්ද 81 කින් සම්මත විය.ඒ අනුව ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය ඊයේ පෙරවරුවේ ආරම්භ වූ අතර විවාදය අවසානයේ පස්වරු 4.35 ට පමණ ඡුන්ද විමසීම ආරම්භ කෙරිණි.ඒ අනුව ඊට... |
"විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම කොවිඞ් කමිටුවෙන් අස්වෙයි" | "මුල්ලේරියාව බෝවන රෝග ප‍්‍රතිකාර රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා කොවිඞ් මර්දන සායනික කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ඊමේල් පණිවුඩයක් මගින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.කොවිඞ් රෝග මර්දන සායනික කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණ... |
"වසරකට අවශ්‍ය සේලයින් බෝතල් එක්කෝටි අසූ ලක්ෂයක් දේශීයව නිපදවයි" | "මෙරට රෝහල්හි භාවිතය සඳහා වසරකට අවශ්‍ය සේලයින් බෝතල් එක්කෝටි අසූ ලක්ෂයක ප‍්‍රමාණය දේශීයව නිපදවීම ආරම්භ කරමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) ලේබලය යටතේ නිෂ්පාදනය කරන ලද පළමු සේලයින් තොගය එහි සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා නිල වශයෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට රා... |
"කේරළ ප‍්‍රාන්තයේ පැතිරෙන නිපා ගැන ශ‍්‍රී ලංකාවේ අවධානය" | "ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ පැතිරීමේ දැඩි අවදානමක් පවතින ‘නිපා’ වෛරස් ආසාදනය සංචාරකයන් හරහා ඕනෑම රටකට පැමිණිය හැකි නිසා ඒ පිළිබඳව ශ‍්‍රී ලංකාවද අවධානයෙන් පසු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ට පැවසීය.මෙම වෛරස් ආසාදනය පිළිබඳව තවමත් වැඩි තොරතුරක් මෙරට... |
"දරුවන්ට කොවිඩ් එන්නතදීමට හදිසි වෙන්න එපා – මහාචාර්ය තිස්ස විතාරණ" | "දරුවන් සඳහා කොවිඞ් මර්දන එන්නත් ලබාදීමට කඩිමුඩියේ තීරණ නොගත යුතු බවත් එය නිසි අධ්‍යයනයකින් සිදුකළ යුතු බවත් වෛරස් රෝග පිළිබඳව විශේෂඥ මහාචාර්ය තිස්ස විතාරණ මහතා රජයෙන් ඉල්ලා සිටියේය.දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට යන බව ප‍්‍රකාශ වන බවත් එසේ සිදුකරන්නේ නම් එය නිසි අධ්‍යයනයකින් පසුව සිදුකළ යුතු බවත් ඒ මහතා කීවේය. මේ වන ... |
"මෙරට ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන සංවිධානය 22 ක් – නවසීලන්ත ඉස්ලාම් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය හෙළාදැක මාධ්‍ය නිවේදන නිකුත් කිරීම විහිළු සහගතයි" | "– ගලගොඩඅත්තේ ඥානසාර හිමිමෙරට ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන සංවිධාන 22 ක් නවසීලන්ත ඉස්ලාම් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය හෙළාදැක මාධ්‍ය නිවේදන නිකුත් කිරීම විහිළු සහගත සහ කූට කටයුත්තක් බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (05 වැනිදා) ‘දිවයින’ ට පැවැසූහ.නවසීලන්තය ප‍්‍රහාරය හෙළා දැක ම... |
"මෙරට ජාවාරමෙකුට දෙන්න ගෙනා කෝටි 336 ක කුඩු මුහුදේදී අල්ලයි – පකිස්තාන් ජාතිකයෝ 4ක් බලුකිස්තාන් ජාතිකයෝ 3ක් දැලේ" | "මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලබාදීම සඳහා විදේශිකයන් පිරිසක් විසින් රැුගෙන එමින් තිබූ රුපියල් කෝටි තුන්සිය තිස් හයක් (336) ක් වටිනා හෙරොයින් තොගයක් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකදී ගැඹුරු මුහුදේදී පෙරේදා (04 වැනිදා) අළුයම අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් විදේශිකයන් අතර පාකි... |
"දිගටම වර්ජනයේ නිසා ගුරු – විදුහල්පතින්ට පන්දාහදීමට බැහැ – ඇමැති දිනේෂ් කියයි" | "ගුරු-විදුහල්පතිවරුන් සඳහා රජය විසින් රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට තීරණය කළද එය ලබාදීමේ හැකියාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (5 දා) පැවැසීය.මෙම ගැටලූවට විසඳුම් ලබාදීම සඳහා මාස 2 ක් යනතරු රුපියල් පන්දහස බැගින් දීමනාවක් ලබාදීමට රජය තීරණය කළේ ඔන්ලයින් තාක්‍ෂණයෙන් දරුවන්ට ඉගැන්වීමේදී වැය... |
"කාන්තාවක් දැරණියගල ප‍්‍රාදේශීය සභාපතිගේ නාසය කපයි" | "දැරණියගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් රාජකරුණා (එජාප) මහතාට දැරණියගල දෙල්ඔළුව ප‍්‍රදේශයේදී කාන්තාවක විසින් දැලිපිහි ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි දැරණියගල පොලිසිය කියයි. එම ප‍්‍රහාරයෙන් සභාපතිවරයාගේ නාසයට තුවාල සිදුවී ඇති අතර සභාපතිවරයා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.සභාපතිවරයා කිසියම් අවශ්‍යතාවයකට දැරණියගල... |
"මේ ව්‍යසන මොහොතේ සියලූ ව්‍යාපාරිකයින් රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකරන්න…. මධුර විතාන පදනමට මහින්ද්‍රා ගිලන් රථයක් පරිත්‍යාග කරමින් අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම කියයි" | "අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා විසින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මධුර විතානගේ මහතා වෙත මහින්ද්‍රා ගිලන් රථය ප‍්‍රදානය කරන අයුරු. අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම විසින් රුපියල් කෝටියකට ආසන්න විනාකමින් යුත් මහින්ද්‍රා ගිලන් රථයක් මධුර විතාන පදනම වෙත පරිත්‍යාග කරනු ලැබීය. කොළඹ දිස්ති‍්‍රක්කයේ ව... |
"සියලුදෙනා එක්වී එජාපය ජයග‍්‍රහණය කරා ගෙන යමු – එජාප 75 වැනි සංවත්සරයේදී රනිල් පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලයි" | "සියලූ දෙනා එකතුවී පක්‍ෂය ජයග‍්‍රහණය කරා ගෙන යමුයැයි එජාප පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (5 දා) ප‍්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්‍ෂයට වසර 75 ක් පිරීම සනිටුහන් කරමින් ඊයේ (5 දා) සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ සූම් තාක්‍ෂණය ඔස්සේ පාක්‍ෂිකයන් දැ... |
"පාරිභෝගික කටයුතු සංශෝධන පනත අද මැති සබයට – රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න" | "පාරිභෝගික කටයුතු සංශෝධන පනත අද (06 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාරිභෝගික ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘‘දිවයින’’ ට පැවැසීය.සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සැලසුම් සහගතව ඉහළ දමන හා පාලන මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන් සහ සමාගම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා එම පනත සංශෝධනය කෙර... |
"කොළඹ – ගම්පහ – කළුතර – ගාල්ල 20 – 29 අයට එන්නත්දීම අද සිට" | "කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ති‍්‍රක්කවල වයස අවුරුදු 20 ත් 29 ත් අතර පිරිසට කොවිඞ් මර්දන එන්නත් දීම අද (6 දා) සිට ආරම්භ වන බව කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.මෙම දිස්ති‍්‍රක්කවල දැනට කොවිඞ් එන්නත්කරණය සිදුකෙරෙන ස්ථානවලදීම එන... |
"කොවිඞ් මරණ දසදහස පනී" | "දිනපතා මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (05දා) නිකුත් කළ පෙරේදා (04දා) වාර්තා වූ කොවිඞ් මරණ 189ත් සමග මේ දක්වා මෙරටින් වාර්තා වූ කොවිඞ් මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවීය. මෙම මරණ සංඛ්‍යාවත් සමග ශ‍්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 10,140ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම ඊයේ තවත් කොරෝනා ආසාදිතයන්... |
"ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන රජයෙන් ජිනීවා වෙත වාර්තාවක්" | "ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව රජය ඊයේ (05දා) පිටු 13 ක වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යවා ඇත.මෙම වාර්තාවෙන් ශ‍්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධව කටයුතු කර ඇති ආකාරය හෙළිකර තිබේ.48 වැනි මානව හිමිකම් සමුළුව මෙම මස 18 වැනිදා ආරම්භ කෙරේ. කීර්ති වර්ණකුලසූරිය" |
"නවසීලන්ත ප‍්‍රහාරය සිදුකළ ශ‍්‍රී ලාංකිකයා අයිඑස් අන්තවාදියෙක් – 2016 දී විශ්වවිද්‍යාලයේ උඩු මහලින් වැටී තුවාලත් ලබලා" | "නවසීලන්තයේ ඕක්ලන්ඞ් නගරයේ සුපිරි වෙළෙඳසලකදී පුද්ගලයන් හයදෙනකු කපා කොටා බරපතළ තුවාල සිදුකළ අයි එස් අයි එස් මතධාරී ශ‍්‍රී ලාංකිකයා බම්බලපිටියේ ප‍්‍රධාන පාසලක අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යාපනය සඳහා නවසීලන්තයට ගොස් සිටි මොහොමඞ් මොහොමඞ් සම්සුදීන් අදිල් නමැති 32 හැවිරිදි තරුණයකු බව හඳුනාගෙන ඇත. මොහු කාත්තන්කුඩිය ප‍්‍රදේශයේ පද... |
"සියලුදෙනා එක්වී එජාපය ජයග‍්‍රහණය කරා ගෙන යමු – එජාප 75 වැනි සංවත්සරයේදී රනිල් පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලයි" | "සියලූ දෙනා එකතුවී පක්‍ෂය ජයග‍්‍රහණය කරා ගෙන යමුයැයි එජාප පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (5 දා) ප‍්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්‍ෂයට වසර 75 ක් පිරීම සනිටුහන් කරමින් ඊයේ (5 දා) සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ සූම් තාක්‍ෂණය ඔස්සේ පාක්‍ෂිකයන් දැ... |
"පාරිභෝගික කටයුතු සංශෝධන පනත අද මැති සබයට – රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න" | "පාරිභෝගික කටයුතු සංශෝධන පනත අද (06 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාරිභෝගික ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘‘දිවයින’’ ට පැවැසීය.සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සැලසුම් සහගතව ඉහළ දමන හා පාලන මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන් සහ සමාගම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා එම පනත සංශෝධනය කෙර... |
"කොළඹ – ගම්පහ – කළුතර – ගාල්ල 20 – 29 අයට එන්නත්දීම අද සිට" | "කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ති‍්‍රක්කවල වයස අවුරුදු 20 ත් 29 ත් අතර පිරිසට කොවිඞ් මර්දන එන්නත් දීම අද (6 දා) සිට ආරම්භ වන බව කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.මෙම දිස්ති‍්‍රක්කවල දැනට කොවිඞ් එන්නත්කරණය සිදුකෙරෙන ස්ථානවලදීම එන... |
"ඖෂධ සඳහාත් මිල සූත‍්‍රයක් ගේනවා – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන" | "ඖෂධ සඳහාද ඉදිරියේදී මිල සූත‍්‍රයක් සකස් කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා පැවසීය. එසේ මිල සූත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීම මගින් ආනයනික ඖෂධවල මිල පාලනයක් ඇති කළ හැකි බව පැවසූ ඒ මහතා එවිට ඩොලරයේ අගය වෙනස්වන විට ඖෂධ මිල සංශෝධනය කළ හැකි බවද කීවේය.මේ වන විට රට තුළ හිඟයක් ඇති බවට දේශ... |
"නවසීලන්ත ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ශ‍්‍රී ලංකාවේ බුද්ධි මෙහෙයුම් දැඩි කරයි… ඔවුන් වැඩි දෙනා ස්වයං අභිපේ‍්‍රරණයට ලක්වුවන්" | "නවසීලන්තයේ ඕක්ලන්ඞ් නගරයේදී ශී‍්‍ර ලාංකික අන්තවාදියකු විසින් සුපිරි වෙළඳසැලකදී පුද්ගලයන් හයදෙනකු කපා කොටා බරපතළ තුවාල කිරීමේ සිද්ධියෙන් පසු මෙරට කි‍්‍රයාත්මක වන අන්තවාදීන් සහ ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් සෙවීමට ත‍්‍රස්ත විමර්ශන ඒකකය, රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය ඇතුළු බුද්ධි අංශ පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.මෙම ප‍්‍රහාරය ... |
"කොරෝනා කාලයේ කෝටි 750 ක ජල පොලු" | "කොරෝනා වසංගතය මෙරට ව්‍යාප්තවීම ආරම්භ වූ 2020 මාර්තු මාසයේ සිට 2021 ජුලි මාසය දක්වා කාලයේ දී ජල පරිභෝජනය වෙනුවෙන් ජල පාරිභෝගිකයන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වෙත රුපියල් කෝටි 750ක මුදලක් ගෙවීම් පැහැර හැර ඇත.මේ තත්ත්වය තුළ මණ්ඩලය බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තාවේ.ගෘහස්ථ පාරිභෝගිකයන් රුපියල් කෝටි 540ක්, කර්මාන... |
"රන්ජන්ට නිදහස… රන්ජන් ගැන සජිත්ගේ ඉල්ලීම ජනපතිගේ ‘වේටින් ලිස්ට්’ එකේ" | "උසාවියට අපහාස කිරීම සම්බන්ධව වැරදිකරු වී සිරදඬුවම් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා වෙත සමාව ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය මස 31 වැනිදා ලිඛිත ඉල්ලීමක් (ජනාධිපති කාර්යාලය වෙත) යවා ඇත.එය පසුගිය 01 වැනිදා ලැබුණු බවත්, ඒ පිළිබඳව තවම කිසිදු ප... |
"ලොව අංක එකේ වනජීවී ඡායාරූප තරගයෙන් ලංකාවේ බුද්ධිලිනි සහ ගගන සුවිශේෂී ජයග‍්‍රහණ දෙකක් ගෙන එයි" | " ලෝක ඡායාරූප ශිල්පීන්ගේ සිහිනයක් ලෙස සැලකෙන wildlife photographer of the year 2021 තරගයේ ප‍්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ පැසසුමට (Highly Commended) ලක්වීමට ශ‍්‍රී ලාංකික ඡායාරූප ශිල්පිනියකට හා මෙරට ළාබල ඡායාරූප ශිල්පියෙකු මෙවර අවස්ථාව උදාකර ගත්තේය.ඒ බුද්ධිලිනි ඞී. සොයිසා හා ගගන මෙන්ඩිස් වික‍්‍රමසිංහ යන දෙදෙනාට ය. මෙ... |
"දරුවන්ට ඩෙල්ටාමද සොයන්න සාම්පල් නෑ… ආචාර්ය චන්දිම ජීවන්දර" | "කුඩා දරුවන් තුළ මේ දිනවල පැතිර යන්නේ ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදය ද යන්න හඳුනා ගැනීමට නිදර්ශක (සාම්පල්) ජාන අනුක‍්‍රමික විශ්ලේෂණය සඳහා විශ්වවිද්‍යාලයට ලැබී නැතැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා ෙසෙල ජීව විද්‍යා අංශයේ ප‍්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.දරුවන් වැඩි වශය... |
"කොටි හුරතල් සංවිධාන 37 ක් බි‍්‍රතාන්‍යයේ තහනම්" | "බි‍්‍රතාන්‍ය ස්වදේශ ලේකම්වරිය වූ ප‍්‍රීති පටෙල්ගේ නියෝගය අනුව එල්. ටී. ටී. ඊ. හිතවාදී සංවිධාන 37 ක් එරට තුළ තහනමට ලක්වී ඇත. ඊට හේතුවී ඇත්තේ එල්. ටී. ටී. ඊ. සංවිධානය බි‍්‍රතාන්‍ය තහනම් කිරීමය. අදාළ තහනම ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීම බි‍්‍රතාන්‍ය රජය ප‍්‍රතික්ෂේප කර ඇත. එලෙස තහනම් කරන ලද සංවිධාන අතර ‘රටින් පිටත ඊළාම් ආණ්ඩු... |
"කොවිඩ් අස්සේ විපක්ෂයෙන් ආණ්ඩුවට පෙම් ඇරැයුමක්" | "රටේ පවතින කොවිඞ් වසංගතය සහ ආර්ථික අර්බුද ඇතුළු ගැටලූ විසඳා ගැනීමට ආණ්ඩුව සහ විපක්‍ෂය එක්විය යුතු යැයි විපක්‍ෂය නැවතත් සඳහන් කරයි.විපක්‍ෂයේ සහය සහ විශේෂඥයන්ගේ මාර්ගෝපදේශ යටතේ මේ මොහොතේදී කි‍්‍රයාත්මක විය යුතු බවත් ජනාධිපති කාර්ය සාධක බළකාය හෝ හමුදා අංශ සමඟ පමණක් කි‍්‍රයාකිරීම තුළ රට තවත් බරපතළ අර්බුදයකට පත් කිරීම සිදුව... |
"පුනර්ජනනීය විදුලි ඉලක්ක දිනන්න අක්කර 20000 ත් ඕනෑ… ලංවිම ඉංජිනේරු සංගමය" | "පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ගෙන් විදුලිය නිපදවීමේ රජයේ ඉලක්කයට යෑමට නම් එම ව්‍යාපෘති සඳහා ඉඩම්අක්කර විසිදහසක් අවශ්‍ය යැයි ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය. දැනට සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත මෙගාවොට් 100ක විදුලි ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අක්කරපන්සියය 2016 වසරේ සිට සොයමින් සිටින බව ද ... |
"ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුදල තර කරන්න තිලංගගෙන් සමරු මුහුණු ආවරණ දසදහසක්" | "ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොවිඞ් අරමුදලට ආධාර පිණිස පක්ෂයේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සමරු මුහුණු ආවරණ දස දහසක් (10,000* පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත‍්‍රික් නායක තිලංග සුමතිපාල මහතාගේ අනුග‍්‍රහයෙන් 02 වැනි දින පක්ෂයේ සභාපති හයවන විධායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනමනු ලැබිණි. මෙම සමරු මුහුණු ආවරණ පක්ෂයේ... |
"සිසුන්ට ෆයිසර් එන්නත" | "අවුරුදු 12 – 18 අතර වයසේ පසුවන ලක්ෂ 18ක් වන පාසල් ළමුන් වෙත කොරෝනා පාලනය සඳහා ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණය කර ඇත.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන තිබේ. ඒ සඳහා තාක්ෂණික වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට නියෝග කර ඇත.මීට අදාළ එන්නත් ලක්ෂ 40... |
"ඔන්ලයන් උගන්වන්න රූපවාහිනි 7 ක්" | "කෝවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට කොටුවී සිටින ලක්‍ෂ 45ක පමණ පාසල් දරු දැරියන් වෙනුවෙන් මාර්ගගත අධ්‍යාපනය (ඔන්ලයින් අධ්‍යාපනය) සහිත රූපවාහිනි නාලිකා 7ක් සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව හෙට (06 වැනිදා) සිට ආරම්භ වේ. මේ සඳහා ගුරුවරුන් රැසක් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට සූදානම් බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ‘දිවය... |
"සජබ සංවිධානය කළ අධිෂ්ඨාන පූජාව" | "කොවිඞ් ආසාදිතව මියගිය අය සිහි කරමින් සහ එම ආසාදිතයින් සුවපත් වේවා යන අරමුණින් සමගි ජනබලවේගය විසින් පවත්වනු ලැබූ අධිෂ්ඨාන පූජාවන් රට පුරා ඊයේ (03 දා* පස්වරු 06.06 ට පැවැත්විණි.එම ප‍්‍රාර්ථනය පෙරදැරි කර ගනිමින්, පහනක් දල්වා ඊට සම්බන්ධ වන්නැයි සමගි ජනබලවේගය සියලූම ජනතාවගෙන් කලින් ඉල්ලා තිබූ අතර සජබ නියෝජිතයන්ගේ ප‍්‍රධානත... |
"ගෙදර එන ගමන් නැඳුන්ගමුවේ රාජාගෙන් කඩුගන්නාවේ බුද්ධ ප‍්‍රතිමාවටත් නමස්කාර" | "ඓතිහාසික සෙංකඩගල පුර පැවති ශ‍්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ රංදෝලි පෙළහරේ ශ‍්‍රී දළදා කරඬුව වැඩම කළ නැඳුන්ගමුවේ රාජා හස්තියා සිය කාර්යභාරය නිමකර දළදා වහන්සේ වැඳපුදා පසුගිය දෙවන දින මහනුවර සිට ආපසු සියනෑකෝරලයට ගමන් ආරම්භ කළ රාජා හස්තියා දැකබලා ගැනීමට මග දෙපස විසාලපිරිසක් රැුස්ව සිටියහ. පොලිස් හා යුද හමුදා පූර්ණ ආරක්ෂාව මධ්... |
"කළුබෝවිල රෝහලේ කොවිඞ් මරණ පරීක්‍ෂණ 1000 පසුකරයි" | "කොවිඞ් ආරම්භයේ සිට මේ දක්වා කොවිඞ් මරණ පරීක්‍ෂණ 1000 ක් පමණ සිදුකර ඇතැයි කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් ‘‘දිවයින’ ට පැවසීය. එහි මරණ පරීක්‍ෂක උසාවියේ දිනකට කොවිඞ් මරණ පරීක්‍ෂණ 10 ක් පමණ සිදු කරන බවද හෙතෙම කීය. දිනපතා කොවිඞ් මරණ පරීක්‍ෂණ කඩිනමින් සිදු කිරීම හේතුවෙන් රෝහල්... |
"හසීස් ගැසීමෙන් බේරුවල පිරිමි පරදා කාන්තාවන් ඉදිරියට… පුරුෂ හිංසනයත් වැඩිවෙලා සමීක්‍ෂණයකින් හෙළිවෙයි" | "බේරුවල ප‍්‍රදේශයේ පිරිමි පුද්ගලයන්ට සාපේක්ෂව කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ වැඩි ප‍්‍රවණතාවක් දක්නට ලැබෙන බව කාන්තා හා ළමා සංවර්ධන කාර්යාංශය සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. විශේෂයෙන්ම හසීස් නමැති මත්ද්‍රව්‍ය භාවිතයට ප‍්‍රදේශයේ කාන්තාවන් වැඩි පිරිසක් ඇබ්බැහිවී සිටින බව මෙහිදී හඳුනාගෙන තිබේ. එමෙන්ම මෙම තත්ත්වය ඉ... |
"දරුවන්ගේ ඉටුදෙවියා දියතලාවේ හිත හොඳ දොස්තර තිරාජ් මෙන්ඩිස් සමුගනී" | "දරුවන්ට නිරතුරුවම ආදරය කරමින් හා දරුවන් සුවපත් කිරීම වෙනුවෙන් කැපවූ දියතලාව මූලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වූ තිරාජ් මෙන්ඩිස් මහතා හදිසි රෝගාබාධයකින් ඊයේ (03 වැනිදා* මියගොස් තිබේ. බණ්ඩාරවෙල, කිතුල්ඇල්ල පදිංචිව සිටි මෙම හිත හොඳ වෛද්‍යවරයා මිය යනවිට 42 හැවිරිදි වියේ පසුවිය. ඔහුගෙන් ප‍්‍රතිකාර ගැනීමට පැමිණෙන දරුව... |
"චීනයෙන් තවත් එන්නත් මාත‍්‍රා ලක්ෂ 40ක්" | "තවත් සයිනොෆාම් එන්නත් මාත‍්‍රා ලක්ෂ 40ක් අද (04* දිනයේ ශ‍්‍රී ලංකාවට ලබාදෙන බව ශ‍්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි. දිනකදී මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත‍්‍රා තොගය මෙය වෙයි.මෙම එන්නත් මාත‍්‍රා තොගයත් සමග මේ දක්වා චීනය විසින් එන්නත් මාත‍්‍රා මිලියන 22ක් ශ‍්‍රී ලංකාවට ලබ... |
"අල්ලපු වී – සීනිවලට ගෙවන්නේ රජයේ සහතික මිල විතරයි" | "ලියාපදිංචි නොකර නීති විරෝධීව පවත්වා ගෙන ගිය ගබඩාවන්හි තිබී රජය භාරයට ගත් වී, සහල් සහ සීනි සඳහා එකී ව්‍යාපාරිකයින්ට රජයේ සහතික මිල හෝ රේගුවට ඉදිරිපත් කළ ආනයනික මිල ගණන් පදනම් කර ගනිමින් ගෙවීම් සිදු කෙරෙනු ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය. වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් පසු අදාළ සමාගම්වලට එම මු... |
"කුඩා සිතුල්පව්ව නිධන් සොරකමේ මහා මොළකරු ‘සොත්ති රණා’" | "ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයට අයත් කුඩා සිතුල්පව්ව චෛත්‍ය කොන්ක‍්‍රීට් කපන යන්ත‍්‍ර යොදාගෙන හාරා නිධන් වස්තු සොරාගත් බව කියන සංවිධානාත්මක කණ්ඩායමට නායකත්වය දුන් ‘සොත්ති රණා’ නමැත්තා ඇතුළු හත් දෙනකු පොලිසිය විසින් පෙරේදා (02 වැනිදා* අත්අඩංගුවට ගෙන ඊයේ (03 දා* සවස තිස්සමහාරාම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්... |
"පින්නවල අලින්ට කොරෝනා නෑ… නිරතුරුවම පී. සී. ආර්. සහ ඇන්ටිජන් කරනවා" | "පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලින් අසූදෙදෙනාට නිරන්තරයෙන්ම පී. සී. ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බවත්, ඔවුන් කිසිවෙකුටවත් කොවිඞ් ආසාදනය වී නොමැති බවත් එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රේණුකා බණ්ඩාරනායක මහත්මිය ‘දිවයින’ට ඊයේ (03 දා* පැවසුවාය. එසේම දැනට එහි සේවයේ නියුතු 20ක පමණ කාර්ය මණ්ඩලයට ද නිරතුරුවම පී. සී. ආර්. හ... |
"රිෂාඩ්ට ෆෝන්එක දුන් ජේලර්ට මාරුවක්" | "ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මැගසින් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතාට ජංගම දුරකථන ලබාදුන් බවට හඳුනාගත් ජේලර්වරයා ඊයේ (03 දා* මැගසින් බන්ධනාගාරයේ සිට වව්නියාව බන්ධනාගාරය වෙත මාරු කිරීමට පියවර ගෙන ඇත.බන්ධනාගාරගතව සිටින රිෂාඞ් බදුර්දීන් මහතා පෙරේදා (02 දා* රාත‍්‍රි ජංගම දුරකථනයක් භාවිත... |
"ඇඳිරි නීතිය 13 දා තෙක්… එන්නත්කරණයේ සාර්ථකත්වය මත ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි ජනපති කියයි" | "දිවයින පුරා දැනට කි‍්‍රයාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වැනිදා අලූයම 4.00 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (03 දා* පෙරවරුවේ පැවැති කොවිඞ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය. නිරෝධායන ඇඳිරි නීතිය ලබන 06 වැනිදා පෙරවරු 4.00ට අවසන් කිරීමට මීට පෙර තීරණය ... |
"නවසීලන්තයේ 6 කට පිහියෙන් ඇන්න අයිසිස් ශ‍්‍රී ලාංකිකයා වෙඩිකා මරුට… මොහු අන්තවාදියෙක්: නවසීලන්ත අගමැතිනි කියයි" | "හරි නම දන්නේ නෑ කියන්නේ ‘එස්’ කියලානවසීලන්තයේ ඔක්ලන්ඞ්හි සුපිරි වෙළෙඳ සංකීර්ණයක පුද්ගලයින් හයදෙනකුට පිහියෙන් ඇන මාරාන්තික තුවාල සිදු කළ ශී‍්‍ර ලාංකික අයිසිස් සාමාජිකයා නවසීලන්ත පොලිසිය විසින් ඊයේ වෙඩි තබා ඝාතනය කර ඇත.32 හැවිරිදි මේ ශී‍්‍ර ලාංකිකයාගේ නම හෙළි කර නැති අතර ඔහු ‘එස්’ නමින් එරට ආරක්ෂක අංශ නම් කර තිබේ. 2011 ... |
"ජාවාරම්කරුවන්ට නිධන් වස්තු පිළිබඳ රහ වැටිලා – සිතුල්පව්ව පුදබිමේ ආරක්‍ෂාව තර කරන්න" | "– සිතුල්පව්ව රජමහා විහාරාධිපති හිමිජනාධිපති, අගමැති, ආරක්ෂක ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ නිසි උපදෙස් හා ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ තිබූ කැපවීම තුළ ඓතිහාසික සිතුල්පව්වේ නිධන් හොරු අල්ලා ගැනීමට හැකි වූ බවත්, කැපවීමෙන් කටයුතු කළ සියලූ දෙනාට පුණ්‍යානුමෝදනා කරන බවත් ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය, යටගල රජමහා විහා... |
"උ/පෙළ – සා/පෙළ සිසුන්ට දෙන්න තිබූ ෆයිසර් හම්බන්තොටට යැව්වේ ඇයි – රවි කුමුදේශ" | "රටේම සිටින උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ශිෂ්‍යයින් ඉලක්ක කරගෙන ෆයිසර් එන්නත ලබාදීමේ හැකියාව තිබියදී එම එන්නත් හම්බන්තොටට යැව්වේ කුමන විද්‍යාත්මක පදනමකින් ද යන්න පැහැදිලි කරන ලෙස බලධාරීන්ගෙන් විමසන බව රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.ෆයිසර් එන්නත ලෝකයේ වැඩි පිළිගැනීමට ලක්ව ඇති බවත් මෙම එන්නත ... |
"අනියම් බිරිඳගේ නිවසට ගොස් එද්දී සන්ෂයින් සුද්දා මෝටර් රථයෙදීම වෙඩිකා නසී… හරක් කටාගේ වැඩක් කියා සැකයි" | "මෙරට පාතාලයේ ගොර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ්ගේ ප‍්‍රධානම ගෝලයකු බව කියන ‘සන්ෂයින් සුද්දා’ මාතර කොටවිල දී නාඳුනන සන්නද්ධ කණ්ඩායමක විසින් ඊයේ (03 වැනිදා* මහ දහවල් ටී 56 ගිනි අවිවලින් වෙඩි තබා ඝාතනය කර ඇත. සන්ෂයින් සුද්දා මාතර කොටවිල පිහිටි සිය අනියම් බිරිඳගේ නිවසට ගොස් ආපසු යමින් සිටියදී කළු පැහැති වෑන් රථයකින් ... |
"දින 23 ට කෝටි 1610 ක ‘සුරාබදු’ පාඩුවක්" | "නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලයේදී සුරාසැල් වසා තැබීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 1610 ක ආදායමක් අහිමි වන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පැවසීය.මෙම ආදායම අහිමිවී ඇත්තේ පසුගිය අගෝස්තු 20 වැනිදා සිට ඔක්තෝබර් 13 වැනිදා දක්වා වන දින 23 ක කාලය සඳහා බවත්, එක් දිනක් තුළ සුරාසැල් වසා තැබීමෙන් ... |
"පහන්තුඩාව ඇල්ලේ අසැබි දසුන් පෑ ජෝඩුව අත්අඩංගුවට" | "බළංගොඩ පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරෙමින් එය වීඩියෝ කර වෙබ් පිටුවකට මුදාහැරි තරුණ යුවළ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.පිරිමි පුද්ගලයා මහරගම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක පුද්ගලයකු වන අතර ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි. ඇල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි කාන්තාව 24 හැවිරිදි වියේ පසුවෙයි. පන්න... |
"පතිවත රැකගෙන මාරයාට බිලිවූ මහරගම ධම්මිකා… අනේ අම්මේ කතා කරන්නකෝ… මහ රෑ සිඟිති පුතා හඬමින් කෑ ගහලා…" | "තරුණිය කෑ ගැසීමට යද්දී මුගුරකින් හිසට පහර දුන්නා නඩු දොළහක් ඇති සැකකරුගෙන් පාපොච්චාරණයක්මහරගම පොලිසියෙන් වික‍්‍රමයක්…. ඝාතකයා දින තුනක් තුළදී කොටුකොරෝනා වසංගතය නිසා නිරෝධායන නීතිය පනවා තිබියදී කුඩා බෝඩිං කාමරයක ජීවත් වූ පවුලක එක්දරු මවක් සාහසික ලෙස ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 23ක් වන වඩුවලාගේ ධම... |
"කොටි සංවිධානයේ තහනම දිගටම: එංගලන්තය ශ‍්‍රී ලංකාවට දැනුම් දෙයි" | "2000 අංක 7 දරණ එක්සත් රාජධානියේ ත‍්‍රස්තවාදී පනත යටතේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයා තීරණය කර ඇති බවට ශ‍්‍රී ලංකා රජයට දැනුම්දී ඇත.තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිසමේ තීන්දුවෙන් අනතුරුව ගනු ලැබූ ස්වදේශ කටයුතු ලේකම්වරයාගේ මෙම තීරණය මඟින්, ... |
"ඇඳිරිය අස්සේ බෝතලෙන් ගරන්න ගිහින් මාට්ටු" | "නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාල සීමාව තුළ වැඩි මිලට අලෙවි කිරීමට මිහින්තලේ සිප්පුකුලම ප‍්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක් අසල නිවසක සඟවා තිබු මත්පැන් බෝතල් 134 ක් සමග සැකකරුවකු අනුරාධපුර පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී පොලිසිය එම මත්පැන් බෝ... |
"වෛද්‍යවරයා හා හෙදිය රඳවා තබාගෙන… වැලිගම එන්නත් ගැටුම පොලිසිය විසඳයි .." | "දෙවන මාත‍්‍රාවත් පළමු මාත‍්‍රාවත් ලබා දුන්නා… එන්නත මදිවුණාඅපි මොනව කරන්නද? වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජී. ආර්. ටී. ජයසේකරවැලිගම නගරයේ අර්ෆා මහා විiාලයේ කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයේ පෙරේදා (01 දා* වෛද්‍යවරයා සහ හෙදියක් සිරකරගෙන ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය වැලිගම පොලිසියේ නිලධාරීන් මැදිහත් වී ඔවුන් බේරාගෙන ගැටුම සම... |
"කෝටි 288 ක කුඩු ගන්න සිටි පුද්ගලයා හඳුනා ගැනේ" | "දකුණු දිග මුහුදු සීමාවට අයත් බේරුවල මුහුදු තීරයේ දී ට්‍රෝලර් යාත‍්‍රාව සමග පොලිසිය භාරයට ගත් රුපියල් කෝටි 288කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගය මෙරට මුහුදු තීරයේදී භාර ගැනීමට සිටි පුද්ගලයා කවුදැයි හඳුනා ගෙන ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්... |
"ශ‍්‍රීලනිපය ගොඩනැගිය යුත්තේ රට වෙනුවෙන් යන්න අපේ ස්ථාවරයයි… ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය" | "අභියෝග, අවලාද, තාවකාලික පසුබෑම් ආදිය කවර නම් වුව දේශපාලන පක්ෂයකට පොදු කරුණුය. ඒවා පසුබැසීමට හේතූන් නොව, ඉදිරි ගමන වඩ වඩාත් ශක්තිමත් කර ගැනීමට වටිනා පාඩම් ලෙස ගුරු කොට ගත යුතු බව ඊයේ (02 දා* පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් එහි සභාපති, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ 6 වැනි විධාය... |
"‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහනෙන් කින්නියා රෝහලට තිස් ලක්ෂයක උපකරණ" | "සමගි ජන බලවේගය විසින් ක‍්‍රියාත්මක ‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය‘ ව්‍යාපෘතියෙන් සිදු කරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 24 වැනි පියවර ලෙස රුපියල් තිස් ලක්ෂ තිස් දහසක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ කින්නියා මූලික රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.... |
"දකුණු අපි‍්‍රකානු ප‍්‍රභේදය ළඟ සෞඛ්‍ය ලොක්කෝ ‘ඇඹරිලා’…" | "කොවිඞ් වසංගතය හමුවේ ශ‍්‍රී ලංකාව තියෙන්නේ රතු කලාපයක බවත් දකුණු අප‍්‍රිකානු ප‍්‍රභේදය මුහුදට එහායින් අපට අතවනමින් තිබියදී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුත්තන් ‘‘ඒක එන එක නවත්තන්න බැහැ ඇවිල්ලා පැතිරුණාට පස්සේ දැන ගමු’’ යැයි කියා පැවසීම තම නොහැකියාව ප‍්‍රදර්ශනය කිරීමක් බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී ... |
"ලෝක සෞඛ්‍ය සංවිධාන උපදෙස් නොතකා එන්නත්කරණය කිරීමෙන් මරණ අනුපාතය වැඩිවීමේ වගකීම රජය භාරගත යුතුයි… රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය" | "ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් නොසලකා හරිමින් කොවිඞ් එන්නත්කරණය සිදු කිරීම නිසා මෙරට මරණ අනුපාතය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, එහි වගකීම රජය විසින් භාරගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය අවධාරණය කරයි.වයස අවුරුදු හැටට වැඩි සංකූලතා වැඩි පුද්ගලයන්ට මුලින් කොවිඞ් එන්නත්කරණය සිදු කළේ නම් අද සිදුවෙමින් පවතින මරණ අනුප... |
"වසංගත විද්‍යා අංශය යුද හමුදාවට වැඩි සැලකිල්ලක් දැක්වීමෙන් එන්නත්කරණය අර්බුදයකට ලක්වෙලා" | "රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වසංගත රෝග විද්‍යා අංශය කොරෝනා එන්නත් බෙදා දීමේදී යුද හමුදාව වෙත දක්වන වැඩි සැලකිල්ල සහ රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත දක්වන අඩු සැලකිල්ල හේතුවෙන් එන්නත්කරණ ක‍්‍රියාවලිය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු... |
"අපි ඉල්ලපු මස් රාත්තලක් නෑ" | "ගුරු වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා මස් රාත්තලම ඉල්ලූවේ නැතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (02 දා* පැවසීය.ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් අනුකමිටු විසින් තම ඉල්ලීම්වලින් තුනෙන් එකක් ලබාදීමට නිර්දේශ කර ඇති බවත් එය ද අවස්ථා හතරකට බෙදා ලබාදීමට පමණක් ගුරු සංගම් විරෝධය ... |
"චක‍්‍රලේඛය ගැහුවොත් ගුරු සටන නවත්වනවා" | "ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමිවූ නිර්දේශ චක‍්‍රලේඛයක් මගින් ප‍්‍රකාශයට පත් කරන්නේ නම් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග අත්හිටුවීමට සූදානම් බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ ඊයේ (02 දා* පැවසූහ.ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධව ඊයේ (02 දා* පැවැත... |
"ශ‍්‍රීලනිප රූස්ස ගහ දෙකට කැපුවත් කඳ යළි ලියලනවා" | "ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නමැති රූස්ස ගස කඳින් කපා වෙන් කළ ද නැවත ශක්තිමත්ව ලියනලූ ඇතැයි හිටපු ජනාධිපති චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම පක්‍ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළාය. සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශයක් කරමින් කුමාරතුංග මහත්මිය රූස්ස ගස බිහි වනදා තමා ජීවතුන් අතර සිටී ... |
"රිෂාඩ්ගේ කුටියෙන් දුරකථනයක් එළියට" | "පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන්් මහතා භාවිතා කළ බව කියන ජංගම දුරකථනයක් ඊයේ (02 දා* වැලිකඩ බන්ධනාගාරයේ ප‍්‍රධාන ජේලර්වරයා විසින් රැුඳවුම් කුටියේ එළියේ තිබියදී අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.රිෂාඞ් බදුර්දීන් ... |
"කූඹි කකා සීනි පෝලිමේ……" | "කොවිඞ් අවදානම මැද සීනි ලබා ගැනීමට පෝලිම් බිහිවන්නට පටන්ගෙන තිබේ. මේ කොළඹ කොටහේන සතොස ඉදිරිපිට කොවිඞ් අවදානමද නොතකා රැුස්කකා සිටි ජනතාවගෙන් කොටසකි. ගබඩාවල සඟවාගෙන තිබී රජයට පවරා ගන්නා ලද සීනි තොග සතොස මගින්ද පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට පියවර ගෙන ඇති අතර සමහර සතොස මගින් සීනි කිලෝව බැගින් ලබා දෙන බව පාරිභෝගිකයෝ පවසති.පින්... |
"කුඩා සිතුල්පව්ව චෛත්‍යයේ නිධන් හෑරූ තවත් අයෙක් දැලේ… සෆාරි ජීප් රථයත් පොලිස් අත්අඩංගුවට" | "ඓතිහාසික සිතුල්පව්ව විහාරයට අයත් කුඩා සිතුල්පව්ව චෛත්‍ය කොන්ක‍්‍රීට් කපන යන්ත‍්‍රවලින් හාරා නිධන් ලබාගත් බව කියන සංවිධානාත්මක කල්ලියට අයත් තවත් සැකකරුවකු සහ ඔවුන් පැමිණි සෆාරි ජීප් රථය පොලිසිය මගින් ඊයේ (02දා* අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර මෙම නිධන් හැරීම මෙහෙයවූ සොත්ති රණා ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පු... |
"ඔක්සි මීටරයකට රු. 3000 ක උපරිම මිලක්!" | "ඔක්සි මීටර සඳහා වන උපරිම සිල්ලර මිල රුපියල් තුන්දහසක් කිරීමට ඖෂධ නිෂ්පාදන සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. මේ සඳහා වන ගැසට් පත‍්‍රය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත අතර ඔක්සිමීටර ගෙන්වීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් හා අදාළ සන්නාම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට දැනුම් දීමට නියමිතය... |
"නිධන් හොරු කුඩා සිතුල්පව්ව චෛත්‍ය හාරති – කොන්ක‍්‍රීට් කපන යන්ත‍්‍රයකින් ගර්භය කපලා පස්සේ ප්ලාස්ටර් පැරිස් යොදා අලවලා" | "ගර්භය කපා අලවා තිබූ අයුරු* එක් අයෙක් අත්අඩංගුවට – අනෙක් සැකකරුවන් සොයා පරීක්‍ෂණදොලොස්දහසක් මහ රහතන්වහන්සේ එදා වැඩසිටි ඓතිහාසික සිතුල්පව්ව විහාරයට අයත් කුඩා සිතුල්පව්ව චෛත්‍යයේ ගර්භය ඊයේ (01 වැනිදා) අලූයම කොන්කී‍්‍රට් කපන යන්ත‍්‍ර යොදා ගෙන හාරා එහි තැම්පත් කර තිබූ නිධන් වස්තු සොරාගත් සංවිධානාත්මක කණ්ඩායම අත්අඩංගුවට ගැ... |
"සිතුල්පව්ව ප‍්‍රධාන චෛත්‍යයට හානියක් නෑ – මැටරඹ හේමරත්න" | "සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ ප‍්‍රධාන චෛත්‍යයට නිධන් සොරුන්ගෙන් කිසිදු හානියක් සිදුවී නැතැයි සිතුල්පව්ව රජමහා විහාරය ඇතුළු අෂ්ට මහා විහාරාධිපති, දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝ නායක උපාධ්‍යාය, සද්ධර්ම කීර්ති ශී‍්‍ර රතනසාර ආචාර්ය, මැටරඹ හේමරතන නාහිමියෝ ප‍්‍රකාශ කළහ. නිධන් සොරුන් විසින් හානිකර ඇත්තේ සිතුල්පව්ව රාජමහා විහාර... |
"තවත් දෙසතියක් රට වැසිය යුතුයි – ඇමැතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ" | "කොවිඞ් වසංගතය පාලනය සඳහා රට තවත් සතියක් හෝ දෙකක් වසා තැබීම කළ යුතු යැයි යන්න තම පෞද්ගලික මතය බව කොවිඞ් පාලන රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.දිනකට රෝගීන් 5000 ක් වාර්තා වනවා නම් සාමාජය තුළ රෝගීන් 50,000 ක් පමණ සිටිය හැකි යැයි ද ඇය කීවාය.රට වසා දැමුව ද මරණ සංඛ්‍යාව අඩු වීම සඳහා ම... |
"ඇමැති බැසිල්ට එරෙහි ජී. අයි. බට නඩුව කල් යයි" | "මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට හා දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රනවක මහතාට එරෙහිව පවරා ඇති ජී. අයි. බට නඩුව ලබන ඔක්තෝබර් 8 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්‍ෂ 365ක් වැය කර 2015... |
"දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පණගැන්වීමට ඉදිරියට එන්න – ඇමැති විමල් වීරවංශ ගුරු සංගම්වලින් ඉල්ලයි" | "* 5000 කතාව පැත්තකට දමා පොදු විසඳුම පිළිගන්නරජයක් ලෙස මේ දුෂ්කර අභියෝගාත්මක අවස්ථාවේ තමන්ට ලබාදිය හැකි, ගුරු විදුහල්පතිවරුන්ට පිළිගත හැකි හොඳම විසඳුම ලබාදීමට තමන් කටයුතු කළ බවත්, එය පිළිගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පණගැන්වීමට පෙරට එන ලෙස ඉතා කාරුණිකව, ඉතාමත් බැගෑපත්ව මෙරට සමස්ත ගුරු විදුහල්පතිවරුන්ට දෙපා නමැඳඇරැුයුම් ... |
"හමුදා නිලධාරියකු අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කර ආර්ථික ප‍්‍රශ්න විසඳන්න බෑ – පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා" | "හමුදා නිලධාරියෙක් පත් කිරීමෙන් පවතින ආර්ථික ප‍්‍රශ්න විසඳිය නොහැකි බවත්, එම ප‍්‍රශ්නය විසඳිය හැකි වැඩපිළිවෙළ ඇත්තේ වෙළෙඳපොළ තුළ බවත්, ඩොලර් නොමැති නිසා සීනි මිල ඉහළ යන බවත් සමගි ජනබලවේගයේ භාණ්ඩාගාරික කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (31 දා) පැවති මා... |
"ඔරුවක ආධාරයෙන් පී.සී.ආර්. කරන්න යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්" | "සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ දිනවල කොවිඞ් වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් අති මහත් කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. ඇතැම්විට තම ජීවිත අවධානමද නොතකා ඔවුන්ට දුෂ්කර බාධක මැඬගෙන රෝගීන් සොයා යෑමට සිදුවේ. එවැනි දුෂ්කර ගමනක් යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ නිලධාරීන්ට යෑමට සිදුවූයේ කිතුල්ගල, පරවලතැන්න ගම්මානයේ... |
"කොරෝනා හැදී සුව වූ මව තුන් නිවුන් දරුවන් බිහි කරයි" | "සති 06 කට පෙර කොවිඞ් ආසාදිතව සිට ගැබිනි මාතාවක් තුන් නිවුන් දරුවන් බිහි කළ පුවතක් පුත්තලම මූලික රෝහලෙන් වාර්තා වෙයි. ඊයේ (01 දා) උදෑසන පුත්තලම මූලික රෝහලේ ශල්‍යාගාරයේදී මෙම තුන් නිවුන් දරු උපත සිසේරින් සැත්කමකින් ඉතා සාර්ථකව සිදු කිරීමට හැකිවී තිබේ. පුත්තලම රෝහලේ ඒ ඒ අංශවල සියලූ කාර්ය මණ්ඩලයන්හි විශේෂ අවධානයෙන් කොවිඞ්... |
"සීමා යටතේ රට අරින්න පුළුවන් – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත්" | "* පෙරේදා පී.සී.ආර්. 13,936ක්* ‘ඇන්ටිජන්’ පරීක්ෂා 4323ක්* 96දෙනෙක් දැඩිසත්කාර ඒකකයේකොවිඞ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා වූ පීසීආර් පරීක්ෂණ 13,936ක් සහ ‘ඇන්ටිජන්’ පරීක්ෂා 4323ක් පෙරේදා (31 දා) සිදුකර ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය.මේ වන විට කොවිඞ් ආසාදිතව බරපතළ තත්ත්වයේ පසුවන රෝගීන් 96... |
"ඔක්සිජන් ඕනෑ 959දෙනාටයි – වෛද්‍ය අන්වර් හම්දානි" | "කොවිඞ් ආසාදනය වී රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන රෝගීන් අතරින් ඔක්සිජන් ප‍්‍රතිකාර අවශ්‍ය කෙරෙන අසාධ්‍ය රෝගීන් ගණන 959 දක්වා ඊයේ (01 දා) වන විට පහත බැස ඇතැයි ‘කොවිඞ් 19’ සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.ඔක්සිජන් ප‍්‍රතිකාර අවශ්‍ය රෝගීන් 1083දෙනකු සිටි බව පැවසූ ඒ මහතා... |
"ජයරුවන් බණ්ඩාරගේ කතාව හරි – එවැනි නිලධාරීන් බය නොකළ යුතුයි – රවි කුමුදේශ් කියයි" | "පීසීආර් සහ රැපිඞ් ඇන්ටිජන්වල මිල ගණන් පිළිබඳව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කර ඇති ප‍්‍රකාශයේ කිසිදු අසත්‍යතාවයක් පෙනෙන්නට නැතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශයට අවශ්‍යතාවයක් ඇත්නම් පීසීආර් කට්ටලයක් රුපියල් 800ට වඩා අඩු මුදලකටත්, රැුපිඞ් ඇන්ටිජන් කට්ටලයක් රුපියල් ... |
"මස් රාත්තල එපා එකපාර ගෙවන්න" | "අපිට මස් රාත්තලම අවශ්‍ය නැහැ. කැබිනට් අනුකමිටුව අදියර කිහිපයක් යටතේ වැටුප් විෂමතා ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය එක් අදියරකින් ගෙවන ලෙස ඉල්ලා සිටීම අපේ ඉල්ලීම යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා ඊයේ් (01 දා) පැවසීය. කැබිනට් අනුකමිටුව අදියර කිහිපයක් යටතේ ගැටලූව විසඳීමට යෝජනා කර තිබෙන බවත්, එය එක් අදියරකින්ම ගෙව... |
"අල්ලාගත් සීනි මෙටි‍්‍රක් ටොන් 29000ක් රජයට පවරා ගනී – මුතුරාජවෙල මෙටි‍්‍රක්ටොන් 6100ක ගබඩාවකටත් මුද්‍රාතබයි" | "* සීනි සහ සහල්වලට අද සිට මිල පාලනයක්ලියාපදිංචි නොකළ ගබඩාවල සඟවා තිබී නීතියේ රැහැනට කොටුකර ගත් සියලූ ආනයනික සීනි තොග ඊයේ (1 දා) අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මැදිහත්ව රජයට පවරා ගැනීමෙන් පසු පාරිභෝගික ජනතාවට අලෙවි කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විසින් සතොස හා සමුපකාර වෙළෙඳ සල් හරහා වෙළෙඳ පොළට නිකුත් කිරීමට ප... |
"ගුරු සංගම් මස් රාත්තලම ඉල්ලන්න එපා" | "එළඹෙන අයවැයේදී ගුරු – විදුහල්පති වැටුප් විෂමතා පියවර කිහිපයක් යටතේ ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අවස්ථාවක ෂයිලොක්ලා වගේ මස් රාත්තලම ඉල්ලන්න එපා යැයි කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියේය.අදාළ ගැටලූව සම්බන්ධයෙන් සොයාබලා ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ගැටලූව පියවර කිහි... |
"‘රන්ජන්ට නිදහස දෙන්න’ සජිත්ගෙන් යළිත් ජනපතිට ලියුමක්" | "සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දී නිදහස ලබාදීමට කටයුතු කරන ලෙස නැවත ඉල්ලා විපක්‍ෂනායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් පෙර අවස්ථාවල ද ජනාධිපතිතුමන් දැනුවත් කළ බවත්, ඒ සෑම අවස්ථාවකම දැක්වූ ප‍්‍රතිචාරයන් ගැන කෘත... |
"කොටස් වෙළෙඳපොළ පිම්මක් පනියි" | "නව වාර්තාවක් තබමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට එහි සමස්ත මිල දර්ශකය ඊයේ (01) ඒකක 9000 සීමාව ඉක්මවා ගියේය.මේ අනුව ඊයේ දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 9163.13 ක් දක්වා ඉහළ ගියේය.එය පෙරේදා (31) දිනට සාපේක්‍ෂව ඒකක 165.53 කින් හෙවත් සමස්ත කොටස් මිල දර්ශකය සියයට 1.84 කින් වර්ධනය වීමකි... |
"අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් නිවුන්හැල්ල… අත්‍යවශ්‍ය ආහාර සැපයීමට හදිසි නීති රෙගුලාසි පනවයි" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (30 දා* මධ්‍යම රාත‍්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ප‍්‍රකාශයට පත්කර තිබේ.එම අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වශයෙන් මේජර් ජෙනරාල් එන්. ඞී. එස්. පී. නිවුන්... |
"ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ රාජකාරි අරඹයි" | "ඉන්දියාවේ නව ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කෙරුණු මිලින්ද මොරගොඩ මහතා පෙරේදා රාජකාරි භාර ගත් අස්ථාව. බුදුන් වැ`ද රාජකාරි භාර ගත් මොරගොඩ මහතා පසුව කාර්ය මණ්ඩලය ද ඇමතුවේය. දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කරමින් කටයුතු කරන බවත් එහිදී සියලූ දෙනාගේම සහයෝගය අපේක්‍ෂා කරන බවද මොරගොඩ මහතා එහිදී සඳහන් කළේය. 2001 වසරේ එජාප රජයේ ඇ... |
"500ක් ආසාදිත වුණා: 5ක් මියගියා… ග‍්‍රාම නිලධාරීන්ගේ දුක කියා ස්වදේශ කටයුතු ලේකම්ට ලිපියක්" | "දිවයින පුරා රාජකාරි කරන ග‍්‍රාම නිලධාරීන් පන්සියයකට අධික පිරිසක් කොවිඞ් ආසාදිතයින් බවට පත්ව ඇති බවත් තවත් ග‍්‍රාම නිලධාරීන් පස්දෙනකු කොවිඞ් ආසාදිත වීමෙන් මියගොස් ඇති බවත් ශ‍්‍රී ලංකා එක්සත් ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් එස්. ඒ. සිලමන් ආරච්චි මහතා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිපියක් මගින් දන... |
"දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන්න එපා… පොදුජන අධ්‍යාපන සේවා සංගමය" | "‘‘පාසල් දරුවන්ට කරන මේ අපරාධය වහා නතර කරන්න කියලා ගුරු සංගම් වලින් ඉල්ලා සිටිනවා. දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන අයට ස්වභාවධර්මයෙන් පටිසන් දෙනවාමයි…’’ යැයි ශ‍්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ‘දිවයින’ ට ඊයේ (31 වැනිදා* පැවසුවාය. රජය ලබාදෙන රුපියල් 5000 සේ දීමනාව ලබාගෙන දරුවන්ට ඔන්ලය... |
"ඉන්දීය මුදල් කෝටි 200 ක් විශුද්ධිකරණයට ජැකලින්ගෙන් ඉ/පොලිසිය ප‍්‍රශ්න කරයි" | "ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති සුපිරි බොලිවුඞ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය පැය 5 කට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.තමන් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප‍්‍රශ්න කළේ ඇය එම මුදල් විශුද්ධිකරණ සිද්ධියේ සාක්ෂ... |
"අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ඖෂධ දෙකක් මිශ‍්‍ර කර දෙන එන්නත ගෙන්වීමට අවසර දුන්නා" | "කොරෝනා ආසාදිත අසාධ්‍ය රෝගීන්ට ඖෂධ දෙකක් මිශ‍්‍රකර ලබාදෙන රීජන් කොව් එන්නත ගෙන්වීම සඳහා අදාළ සමාගමට අවසර ලබාදුන් බව රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා ‘දිවයින’ට ඊයේ (31 දා* පැවැසීය.මෙම ඖෂධ ගෙන්වීමට අදාළ සමාගමට කලින් අවසරදී පසුව එය අත්හිටුවා තිබුණේ එම සමාගම වැරදි ප‍්‍රචාරණයක නිරතවීම නිසා බවද පසුව අදාළ සමාගම වැරදි නිවැරදි කරග... |
"කොස්ගොඩ සුජීගේ බව කියන කෝටි 290 ක කුඩු බේරුවල මුහුදෙන් අල්ලයි… අල්ලන විට විසිකළ කෝටියක කුඩු අහුන්ගල්ල වෙරළින් හමුවේ" | "මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කොස්ගොඩ සුජීට අයත් බවට සැකකරන රුපියල් කෝටි 290 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් ධීවර බෝට්ටුවකින් රැගෙන එමින් තිබියදී බේරුවල මුහුදේදී ඊයේ (31 වැනිදා* අලූයම අත්අඩංගුවට ගෙන ඇත.මෙම හෙරොයින් තොගය රැගෙන ආ ජාවාරම්කරුවන් පස්දෙනකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මත... |
"ගම්පහ නෝට්ටු තිප්පළ එස්ටීඑෆ් දැලේ… පන්සීයේ නෝට්ටු වැඩිපුර ගහලා" | "ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ගම්පහ ඇතුළු රටපුරා බෙදාහරිනු ලැබූ මධ්‍යස්ථානයක් ගම්පහ වීරගුලදී වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය එය පවත්වාගෙන ගිය 21 හැවිරිදි තරුණයකු ඇතුළු තිදෙනකු සමඟ ව්‍යාජ නෝට්ටු තොගයක් පෙරේදා (30 වැනිදා* අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ... |
"රජය ඉල්ලීම් කිසිවක් ඉටුකර නැහැ; පන්දහස අපට එපා… ඔන්ලයින් වර්ජනයය දිගටම" | "ගුරු වැටුප් විෂමතාවට අදාළව ආණ්ඩුව රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදුන්නද සංගමය කිසිසේත්ම ඊට එක`ග නොවන බවත් දැනට නතර කර ඇති දරුවන්ගේ ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු ඇතුළු අනෙකුත් වෘත්තීය ක‍්‍රියාමාර්ග තවදුරටත් අඛණ්ඩවම සිදුකරගෙන යන බවත් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා ‘දිවයින’ට ඊයේ (3... |
"බැසිල්ගේ අයවැය නොවැම්බරයේ… අමතර වියදම් අඩු කරන්න" | "සියලූ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල අමතර වියදම් අඩුකර දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (30දා* කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.පසුගිය අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කරන ලද මේ වසරේදී දැනටත් වැඩ ආරම්භ කර නොමැති ව්‍යාපෘති තිබෙනවා නම්, ඒවා මේ වසර තුළදී මූල්‍යමය වශයෙන් ඉදිරියට ගෙන යෑමට නොහැකි... |
"ඇෆ්ගනිස්ථානයෙන් එන්න බෑ කියන ශ‍්‍රී ලාංකිකයන් ගැන බුද්ධි අංශ විමර්ශන" | "ශ‍්‍රී ලාංකිකයන් විසි දෙනකු ඇෆ්ගනිස්ථානයෙන් පැමිණීම ප‍්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.මේ පිරිස ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය ගුවන් යානා වෙන්කර තිබුණද ඔවුන් කාබුල් නුවරින් පිටවීම ප‍්‍රතික්‍ෂේප කර ඇත.මේ වනවිට කාබුල් නුවර රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 60 දෙනකු යළි දිවයිනට පැම... |
""දිනකට 20,000 ක් කරනවා… පීසීආර් ඇන්ටිජන් අඩු කරලා නෑ – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ"" | "පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ දිනකට පීසීආර් පරීක්‍ෂණ හා රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ 20,000 ක් සිදුකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා ‘දිවයින’ට ඊයේ (31 දා* පැවැසීය. රෝග ලක්‍ෂණ සහිත පිරිස් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් පරීක්‍ෂණ වැඩි වැඩියෙන් සිදුකරන බවද හෙතෙම කීය. එසේම න... |
"ගජමිතුරන්ට වාසි සලසා දීම නිසා රජය ඖෂධ ප‍්‍රශ්නය විසඳීම ප‍්‍රමාද කරනවා" | "මේ වනවිට ඖෂධ ප‍්‍රශ්නය ඉතාමත්ම උග‍්‍ර තලයකට පැමිණ ඇති බවත්, ඇතැම් ඖෂධ කඩිනමින් අනුමැතියට යටත් කළ යුතු වුවත් ගජමිතුරන්ට වාසි සලසා දීම හේතුවෙන් ඒවා ප‍්‍රමාද කරන බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. රටේ ජනතාව ජීවිතයත් මරණයත් අතර බරපතළ ප‍්‍රශ්නයකට මැදිව සිටින මොහොතක ආණ්ඩුව වහාම කළ යුත්තේ ජනතාවගේ ජීවත සුරක්ෂිත කි... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.