Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"පාවඩ රැලි පිළිවෙළකට තබා ශ‍්‍රී දළඳා සමිඳුන් වැඩමවූ නැදුන්ගමුවේ ඇත් රජු"
"නිකිණි පෝදා (22දා) පැවති සෙංකඩගල ශ‍්‍රී දළදා අවසන් මහා රන්දෝළි පෙරහැරේ කරඬුව වැඩම කළ නැදුන්ගමුවේ රාජා ඇතා කරඬුව පිට මත හොවාගෙන සිදුකරන ලද සුවිශේෂී කි‍්‍රයාවක් පේ‍්‍රක්ෂකයන්ගේ දැඩි අවධානය දිනා ගත්තේය. ඒ, දළදා මාළිගාවේ වාහල්කඩ සිට සඳකඩපහණ (සඳගලට) බසින පඩි පෙළ දිගේ එළා තිබුණු සුදු පාවඩය ඇතා විසින්ම ඉතා පිළිවෙළට සකස් කරමි...
"වෛද්‍යවරයකුට බැණ තර්ජනය කිරීම – රිෂාඩ්ගෙන් ප‍්‍රශ්න කිරීමට සිසිඩීයට උසාවියෙන් අවසර"
"වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ඊයේ (23 වැනිදා) අවසර ලබාගෙන ඇත.ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ඉදිරි දින කීපය තුළදී ප‍්‍රශ්න ...
"දළදා සමිඳුන් වෙනුවෙන් පවත්වන පුද පූජාවන් අතහැරිය නොහැකි ජාතික වගකීමක්"
"* මහනුවර ඇසළ පෙරහර සංදේශය පිළිගනිමින් ජනපති කියයි රට හමුවේ කුමන අභියෝග, බාධක පැමිණියත් අතහැරිය නොහැකි ජාතික වගකීම් හා යුතුකම් සමුදායක් ඇති බවත්, එහි පළමු තැන දළදා සමිඳුන් වෙනුවෙන් කැපවීමෙන් පවත්වන පුද පූජාවන්ට අයත් බව ඉතිහාසයේ සිට පාලකයන් විශ්වාස කර ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඓතිහාසික දළදා පෙරහැර මං...
"කොවිඩ් මරණ වැඩි ප‍්‍රමාණයකට හේතුව ලේ කැටි ගැසි පෙනහළුවල සිරවීම – විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා"
"* ආසාදිතයෝ 9606 ක් නිවාසගතව ප‍්‍රතිකාර ලබතිකොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන් අතරින් සියයට තිහක පිරිසක් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් මරණයට පත්වන අතර තවත් සැලකිය යුතු ප‍්‍රතිශතයක් ලේ කැටි ගැසීම හේතුවෙන් මරණයට පත්වන බවට අනාවරණය වී තිබේ. ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයේ ප‍්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා...
"විශේෂ කදවුරෙන් නිදහස් කරණ ලෙස ඉල්ලා ලාංකිකයෝ දෙදෙනෙකු බඩ කපා ගනී…. 16 ක් වස පානය කරයි"
"ඉන්දියාවේ තිරිච්චි විශේෂ කදවුරක ර`දවා සිටින ශ‍්‍රී ලංකාවේ දෙමළ සරණාගතයන් 71 දෙනකුගෙන් 26 දෙනකු වස පානය කොට සියදිවි හානි කර  ගැනීමට උත්සාහ කිරීම නිසා ඔවුන් තිරිච්චි රෝහල වෙත 21 දා ඇතුළත් කොට තිබේ. මෙම කදවුරේ විශේෂ ආරක්‍ෂාවක් යටතේ ර`දවා ඇත්තේ ඉන්දියාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ ශ‍්‍රී ලාංකික දෙමළ සරණාගතයෝය.ඔවු...
"සියලු දෙනාම එන්නත් ලබාගත් පසුව කොවිඩ් මරණ අඩු වෙනවා – මහාචාර්ය නීලිකා මලවිගේ"
"එංගලන්තයේ සියයට සියයක්ම කොවිඞ් ඩෙල්ටා ප‍්‍රභේදය තිබිලත් මරණ සංඛ්‍යාව ඉතාම අඩුවෙලා තියෙන්නේ කොවිඞ් එන්නත්කරණය නිසයි. අපේ රටේ ඉන්න සියලූ දෙනාත් එන්නත් ලබා ගත්තාට පසු ඒ තැනට එන්න පුළුවන් යැයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඊයේ (22 දා) පැවසුවාය.ඇය එසේ පැවසුවේ සියලූ මාධ්‍ය ඒකාබද්ධව කොළඹදී ...
"ගෑස් හිගය මේ සතියේ අවසන්"
"රට තුළ පවතින ගෑස් හිඟය මේ සතිය තුළ අවසන් රන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමැති ලසන්ත අලගියවන්න මහතා ‘දිවයින’ට ඊයේ (22 දා) පැවැසීය.ලාෆ් සමාගම විසින් ගෑස් නිෂ්පාදනය නවතා දැමීම නිසා ගෑස් හිඟයක් රට තුළ ඇතිව තිබූ බවත් ලාෆ් ගෑස්වල මිල ඉහළ දැමීමට අවසර ලබාදීම නිසා එම සමාගම ගෑස් නිෂ්පාදනය නැවත ආරම...
"අපට ඔක්සිජන් අරන් ශක්ති කොළඹ ඇවිත්"
"පවතින කොවිඞ් වසංගතය හමුවේ රෝහල්ගතව ඔක්සිජන් ප‍්‍රතිකාර ලැබිය යුතු කොවිඞ් රෝගීන්ට හිඟයකින් තොරව අවශ්‍ය ඔක්සිජන් ලබාදීම සඳහා රජය ඉන්දියාවෙන් ඇනවුම් කළ ඔක්සිජන් මෙටි‍්‍රක් ටොන් 100 කින් යුත් ඉන්දීය නාවික හමුදාවට අයත් ශක්ති නැව ඊයේ (22දා) කොළඹ වරායට පැමිණ තිබූ අයුරු."
"පාස්කු ප‍්‍රහාරයේ කුමන්ත‍්‍රණකරුවන් හෙළිකර ගැනීමට දෙවියන්ට යාඥා කරනවා – මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා"
"පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ කුමන්ත‍්‍රණකරුවන් හෙළිකරගැනීමට දෙවියන්ට යාඥා කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පැවැසීය. කාදිනල්තුමන් එසේ පැවසුවේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ මහමොළකරුවන් මෙතෙක් නීතියේ රැුහැනට ඉදිරිපත් නොකිරීමට එරෙහිව විරෝධය පළකරමින් පෙරේදා (21දා) කිතුනු දේවස්ථානවල සහ කිතුනු නිවෙස්වල කළුකොඩි ඔසවම...
"ඇඳිරි නීතිය අතරේත් ගෙදරටම ගොස් කොවිඞ් එන්නත දෙයි"
"රට පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය කාල සීමාවේදී ද යුද හමුදා වෛi බළකායේ නිලධාරීහු කොළඹ දිස්ති‍්‍රක්කයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට නිවෙස් වෙත ගොස් කොවිඞ් මර්දන එන්නත ලබාදීමේ ජංගම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යති. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය මත සිදුකරන මෙම ජංගම සේවාවේ අවස්ථාවක් ඡායාරූපය...
"තෝර තෝරා නොසිට කුමන හෝ කොවිඩ් එන්නතක් ගන්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්"
"තෝරාගැනීමකින් තොරව තමන්ට ලැබෙන කොවිඞ් මර්දන එන්නතක්  ලබාගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මහජනතාවගෙන් ඊයේ (22 දා)  ඉල්ලා සිටියේය.මෙරට සිදුවූ කොවිඞ් මරණ වලින් සියයට 80ක් පමණම කොවිඞ් එන්නත් මාත‍්‍රා දෙකම ලබානොගත් පුද්ගලයන් බවට අනාවරණය වී ඇතැයිද ඒ මහතා කියා සිටියේය.සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල...
"අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 213 වැන්න"
"අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකමපවත්වන ”අමාදම් සිසිලස’’ ධර්ම දේශනා මාලාවේ 213 වැන්න නිකිණි පුන් පොහොය යෙදෙනු ඊයේ (22දා* පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මෙවර ධර්ම දේශනාව සඳහා වැඩම කළේ ශ‍්‍රී ලංකා ශ්වේජින් නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පොකුණුවිට ශ‍්‍රී විනයාලංකාරාමවාසී, ආචාර්...
"මහනුවර අවසන් මහ පෙරහැර"
"මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර ඊයේ (22 දා) රාත‍්‍රියේ වීදි සංචාරය කරනු ලැබීය. ශ‍්‍රී දළදා මාළිගාවේ සධාතුක කරඩුව  නැදුන්ගමුවේ රාජා හස්තියා මතින් වැඩම කරනු ලැබූවේ උඩුවියන් පාවඩ සහිතවය. දෑලේ ඇතුන් ලෙස ගමන් කරනු ලැබූයේ ඉන්දි රාජා සහ කතරගම වාසනා යන හස්තීන් ය. අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කළ ඊයේ (2...
"කෙහෙළියගේ පළමු ගැසට්ටුව – ඖෂධ 60කට පාලන මිලක්"
"කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමැත ිධුරයේ වැඩ භාරගැනීමෙන් පසු නිකුත් කළ පළමු ගැසට් නිවේදනය ලෙසින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60ක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඉකුත් 19 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.ඒ අනුව දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු රෝග සඳහා ලබාදෙන ඖෂධ සහ වේදනා නාශක ඇතුළු ඖෂධ වර්ග 450කට පමණ උපරිම සිල්ලර මි...
"ඇඳිරියත් සමඟ කොළඹ පාළු වෙලා….."
"නිරෝධායන ඇඳිරිය පැනවීමත් සමඟ කොළඹ නගරය ඊයේ හුදකලා බවට පත්ව තිබූ අයුරු."
"ඖෂධ මිල ඉහළට"
"වෙළෙඳපෙළේ තිබෙන පැරසිටමෝල්, ඇස්ප‍්‍රින් ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග සිය ගණනක මිල ගණන් දින කිහිපයක සිට ඉහළ ගොස් ඇති බව පෞද්ගලික ඔසුසල් ආරංචිමාර්ග පවසයි.මෙසේ මිල ගණන් වැඩි වී ඇති බෙහෙත් වර්ග අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉකුත් 19 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් උපරිම මිලක් නියම කර තිබූ බෙහෙත් වර්ගද වන බව එම ආරංචි...
"ආණ්ඩුවට ගහන්න රුපියල් කෝටි 85ක් එයි"
"* දේශපාලන පක්‍ෂ හා වෘත්තීය සමිති කිහිපයකට, ජනප‍්‍රිය හිමිනමකට සහ මාධ්‍ය කණ්ඩායමක් වෙත ගැසීම සඳහාරජය අපහසුතාවට පත් කිරීමට කටයුතු කිරීම සඳහා විදේශ සංවිධානයක් විසින් රුපියල් කෝටි 85ක පමණ මුදලක් රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙරටට ලබාදී ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ගයකින් ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ වාර්තා වේ.එම ආරංචි මාර්ග සඳහන්...
"රට යන්න එන්නතේ වර්ගය බාධාවක් නැහැ – රජය කියයි"
"ශ‍්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් විදේශගත වන රටවල් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද ඕනෑම එන්නත් වර්ගයක් ප‍්‍රමාණවත් බව රජය සඳහන් කරයි. කොවිඞ් වසංගතයෙන් පසු විදේශ ගතවීම සඳහා විවිධාකාරයේ එන්නත් වර්ග අවශ්‍ය බවට පැතිරී යන රාවයන් සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය විසින් කොවිඞ් කාර්ය සාධක බළකාය, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෙත වාර්ත...
""දිනේෂ්, විමල් වාසු අයවැයට පෙර බැසිල් හමුවෙති""
"සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණද, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණද, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණද, පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී ත...
"නිකිණි පුරපසළොස්වක පොහොය අදයි"
"නිකිණි පුරපසළොස්වක පෝය අදට (22 දා) යෙදී ඇත. මෙතැන් පටන් මාස හතරක කාලයක් වස් වසන්නට භික්ෂූන් වහන්සේලා වෙත ප‍්‍රඥප්තියක් පනවා තිබේ. වස්සාන සෘතුවේ වැසි සාර මාසයෙන් මුල් මාස තුන උපසම්පදා භික්ෂූන් වහන්සේ වස් සමාදන්ව වැඩ සිටින මෙහි අවසන් සාර මාසය ආරම්භ වන්නේ වප් පොහොයෙනි. මෙම වස් කාලය බෞද්ධයින්ගේ පුණ්‍ය කාලය ලෙස සැලකේ. ධර්ම...
"විදේශ සංචිත වැඩි කරගන්න ආණ්ඩුව සැරසෙයි"
"මහ බැංකුව සතු නිල විදේශ සංචිත මට්ටම වැඩිකර ගැනීම සඳහා කඩිනමින් පියවර ගැනීමට රජය සහ මහ බැංකුව අවධානය යොමුකර ඇත.මේ අනුව මූලාශ‍්‍ර කිහිපයකින් එම මුදල් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව මහ බැංකුව පවසයි.මේ අතර ඉදිරි කාලයේදී ආර්ථිකයේ විදේශ අංශය ශක්තිමත් කිරීමට උපකාරී වන ලෙස දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරමින් ණය නොවන විද...
"කොවිඩ් නිසා වරෙන්තු නිකුත් කිරීමත් නවතී"
"දිනෙන් දින රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය හා රජය විසින් පනවා ඇති පළාත් සංචරණ සීමා නිසා අධිකරණ හමුවට නොපැමිණෙන සැකකරුවන්ට හෝ විත්තිකරුවන්ට හෝ වරෙන්තු නිකුත් නොකරන ලෙසත් ඉතා අත්‍යවශ්‍ය නඩු කටයුතු පමණක් විවෘත අධිකරණ හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසත් අධිකරණ සේවා කොමිෂන් සභාව මහෙස්ත‍්‍රාත්වරුන්ට හා විනිසුර...
"පකිස්තානයෙන් සහල් ගේන්න සියල්ල සූදානම්"
"වෙළෙඳ පොළේ සහල් හිඟයක් ඇතිවුවහොත් ඊට මුහුණදීමට පාකිස්ථානයෙන් සහල් මෙටි‍්‍රක් ටොන් 6000ක් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.මේ සඳහා වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවට පසුගියදා අනුමැතිය ලැබුණි.ඒ අනුව ඉදිරි සති දෙක තුනේදී එම සහල් තොගය මෙරටට ග...
"බන්දුලගේ පඩිය ‘ඉටුකමට’"
"වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අගෝස්තු මස ස ට තම මන්ත‍්‍රී වැටුප ‘ඉටුකම’ කොවිඞ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. මේ බව අමැතිවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දැනුම් දී මාසිකව තම මන්ත‍්‍රී වැටුප කොවිඞ් අරමුදලට බැර කිරීමට කටයුතු යොදන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපියක් භාර දී තිබේ....
"ඔක්සිජන් රැගෙන ‘ශක්ති’ පිටත් වෙයි"
"කොවිඞ් රෝගීන්ගේ අවශ්‍යතාවය සඳහා ඔක්සිජන් රැගෙන ඒමට ගිය නාවික හමුදාවේ ශක්ති නෞකාව ඔක්සිජන් තොගය රැගෙන ඊයේ (20දා* අලූයම නැවත ශ‍්‍රී ලංකාව කරා ගමන් ආරම්භ කර තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.නාවික හමුදාවේ ශක්ති නෞකාව ගෑස් තොග රැුගෙන සඳුදා රාත‍්‍රී වන විට මෙරටට ළඟා වනු ඇතැය...
"පොලිස් නිලධාරීන්ගේ හඬ හරි"
"පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු අය සිටිද්දී තමන් නීතිය හමුවට ඉදිරිපත් කරන බවට පොලිස් නිලධාරීන් පිරිසක් නැගූ හඬ සාධාරණයයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘දිවයින’ට ඊයේ (20 දා* කීය. එම පොලිස් නිලධාරීන් මුහුණපා සිටින අර්බුදය පිළිබඳව නීතිපතිවරයා ද අධිකරණයේ කරුණු දක්වන බව ද කී ඇමැතිවරයා පාස්කු ප‍්‍ර...
"කළුබෝවිල රෝහලේ ධාරිතාව පනී"
"කළුබෝවිල මහ රෝහලේ වාට්ටු 7ක මේ වනවිට කොවිඞ් ආසාදිත රෝගීන් 300කට අධික පිරිසක් ප‍්‍රතිකාර ලබන බවත්, රෝහල් ධාරිතාවය ද මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවත් එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (20 දා* පැවසීය. එසේම රෝහලේ වෛද්‍යවරුන් 7 දෙනකු ද, හෙද නිලධාරීන් 10 දෙනකු ද, රෝහල් කනිෂ්ඨ කාර්ය සහායකයින් ...
"රට වසා දැමීමේ බරපතලකම තේරුම් ගන්න…. කොරෝනා මැඬපැවැත්වීමට එකම විසඳුම එන්නත්කරණයයි"
"අගෝස්තු 31 වැනිදා වනවිට  සියයට 81කට එන්නත ලබාදිය හැකියි මිලියන 4.5 කගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන් බිඳ වැටුණා ඩොලර් බිලියන 4ක විශාල ණය වාරිකයන් ගෙවා දැමුවා රට සම්පූර්ණයෙන් වසා දැමීමෙන් ආර්ථිකය අර්බුදයකට ලක්වෙනවා වැඩ වර්ජන – උද්ඝෝෂණ සඳහා මෙය සුදුසු අවස්ථාවක් නොවේ වයස 60ට වැඩි අය ඉලක්ක කර සතියකට වරක් ඇන්ටිජන් පරීක්‍ෂාවක් ...
"දැන් මිය යන්නේ සති දෙකකට පෙර අසනීප වුණ අය…. ඉදිරියේදී කොවිඩ් මරණ වැඩි වේවි!"
"* සෞඛ්‍ය සේවා නි. අධ්‍යක්ෂ ජනරාල් ඉදිරි සති කිහිපයේදී කොවිඞ් ආසාදිත මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊයේ (20 දා) සඳහන් කළේය. කොවිඞ් ආසාදිතව මේ දිනවල මියයන පුද්ගලයින් ඉකුත් සති දෙක තුළ වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගත වූවන් බවත් කී වෛද්‍යවරයා ඒ අනුව ඉදිරියේදී ...
"ඊයේ රැ සිට 30 දා අලුයම තෙක් දින 10ක් රට වසයි"
"* සෞඛ්‍ය – ආරක්‍ෂක – අත්‍යවශ්‍ය සේවා සහ ඇගලුම් සේවකයන්ට බාධාවක් නෑ* ඖෂධ ශාලා – ෆාමසි විවෘතයි* අත්‍යවශ්‍ය සේවා සඳහා යන අයට රාජකාරි ලිපි ඔ්නෑ නෑ* කෘෂිකර්ම කටයුතුවලට අවසර රටේ ඇතිවී තිබෙන කොවිඞ් අධි වසංගත තත්ත්වය හමුවේ ඊයේ (20 දා) රාති‍්‍ර 10 සිට ලබන තිස්වැනි ස`දුදා අලූයම 04 දක්වා රටපුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට (ලොක්...
"කොරෝනා මර්දනයට සෞඛ්‍ය විද්‍යාත්මකව රට සූදානම් කළ යුතුයි…. මරණ සහ ආසාදිතයන් අඩුවෙන් වාර්තා කිරීම පිටුපස ජනපති සිටින බව පැහැදිලියි"
"ආණ්ඩුව කරවන ඉහළ තැනැත්තන්ගේ උද්දච්චකම පැත්තකට දමා සෞඛ්‍යය විශේෂඥයන්ගේ ඉල්ලීම් අනුව විද්‍යාත්මක වැඩපිළිවෙළක් යටතේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ සඳහා රට වහා සූදානම් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.පෙරමුණේ මධ්‍යම කමිටු සමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙරේදා (19 වැන...
"ආණ්ඩුවේ මඩ බලකාය මොනවා කිව්වත් විපක්ෂ නායක එදා කියූ සියල්ල අද සත්‍ය වෙලා"
"දැනට පවතින කොවිඞ් මර්දන සාධක බළකාය විසුරුවා හැර සෞඛ්‍ය අංශවලට වසංගතය මැඬලීමට මූලිකත්වය ලබා දෙන්නැයි සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (20 දා* පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. ...
"වන අලි දෙදෙනෙක් විදුලි සරින් මරුට"
"කැබිතිගොල්ලෑව හේරත්හල්මිල්ලෑව මහවැව අසල වන ලැහැබකදී කිසියම් පුද්ගලයකු විසින් විදුලිසර වද්දා වන අලි දෙදෙනෙකු එකම ස්ථානයක ඝාතනය කොට තිබියදී කැබිතිගොල්ලෑව පොලිසිය විසින් සොයා ගෙන ඇත’ ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනවල දී එම වන අලි සිරුරු සොයා ගෙන තිබේ’ එම අලි මළ සිරුරු සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය චන්දන ජය...
"පල්ලිවල සීනු හඩ නිවාසවල කළු කොඩි විරෝධතාවය අද"
"පාස්කු ඉරු දින ප‍්‍රහාරයට වගකිවයුත්තන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රමාද කරවීමට විරෝධය දක්වමින් අද (21 දා) උදෑසන 8.45ට දිවයිනේ සියලූ දේවස්ථානවල සීනු නාද කර උදෑසන 9.45 දක්වා යාඥා මෙහෙයන් පවත්වන ලෙස ද නිවෙස්වල කළු කොඩි ප‍්‍රදර්ශනය කරන්නැයි ද කතෝලික සභාව ඉල්ලා සිටියි.මෙම විරෝධතාව සහ යාඥා මෙහෙය ජනතා සහභාගිත්වයෙන් තොරව ස...
"බොරළුගොඩ සිංහ පරපුරේ අයකුට අධ්‍යාපනය පැවරීම ඓතිහාසික සිදුවීමක්.. දොඩම්පහළ රාහුල හිමි"
"කන්නන්ගරයන් නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගත්තේ  එක වැඩි ඡන්දයකින් – අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනඅධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අභියෝග රැසක් මතුව ඇති අවස්ථාවක බොරළුගොඩ සිංහ පරපුරේ සාමාජිකයෙකුට අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම පැවරීම ඓතිහාසික සිදුවීමක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් උපදේශක දොඩම්පහළ රාහුල හිමියෝ සඳහන් කළහ.අභිනවය...
"ඉන්ධන පොකුරක් බිහිවේ යැයි ජනතාව තුළ බියක්"
"පෙට‍්‍රල් හිඟයක් ඇති වේයැයි සැකයෙන් ඉන්ධන ලබාගැනීම සඳහා වාහන හිමියන් පැමිණීම නිසා දකුණේ සෑම ඉන්ධන පිරවුම් හලක් අසලම දැඩි පෝලිම් දක්නට ලැබුණි.ඇතැම් ස්ථානවල මීටර් සිය ගණන් දිගු පෝලිම් දක්නට ලැබෙන අතර මේ තුළින් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇත. ඒ නිසා ඇතිවන තදබදය හේතුවෙන් අළුතින් ඉන්ධන පොකුරක් ඇතිවීමේ අවදානමක් ඇති බව ජනතාව ප...
"කොළඹ සුපිරි වෙළෙඳ සල්වලත් දිග පෝලිම්…"
"කොළඹ සුපිරි වෙළෙඳ සල්වලත් දිග පෝලිම්… නිරෝධායන ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් කිරීමත් සමග කොළඹ සුපිරි වෙළෙඳ සල්වලත් දිග පෝලිම් දක්නට විය. පිංතූරය – නිශාන් එස්. පි‍්‍රයන්ත"
"රට අගුළුදානවා වෙනුවට සෞඛ්‍යා රක්ෂිතව පවත්වාගෙන යෑම සුදුසුම ක‍්‍රමවේදයයි… ඇමැති ප‍්‍රසන්න රණතුංගගෙන් ජනපතිට ලිපියක්"
"රට අගුළු දැමීමට කටයුතු කරනවා නම් මාසික වේතනයක් නොලැබෙන පිරිසට සහන සැලසීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුපෙන් සියයට 75ක්, රාජ්‍ය හා පෞද්ගලික සේවක වැටුපෙන් සියයට 50ක දායකත්වයක් ලබාදීමට යෝජනා කරන බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා ඊයේ(20දා* පැවසීය.මඳ කලකට රට අගුළුලෑම වෙනුවට රට සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යෑම සුදු...
"ප‍්‍රහාරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදීන් දඬුවම් විඳින්නේ සිංහල පොලිස් නිලධාරීන්…. රට වෙනුවෙන් කැපවූ පොලිස් නිලධාරීන්ට විශ‍්‍රාම වැටුපවත් නැතිව හිරගෙදර තපින්න වෙලා…"
"පොලිස් නිලධාරීහු පිරිසක් අස්ගිරි මහා නාහිමියන්ට ලිපියක් භාරදෙති යහපාලන සමයේ පත්කළ ජනපති කොමිසම මගින් ලබාදී තිබෙන තීන්දුව නිසා යුද සමයේ සිට දිවිහිමියෙන් රාජකාරී කළ පොලිස් නිලධාරීන් පිරිසකට රැුකියාව ද, විශ‍්‍රාම වැටුප ද අහිමිව මහඋළුගෙදර තපින්නට සිදුවන පසුබිමක් නිර්මාණය වී තිබෙන බව පවසමින් එම පිරිස රැුක ගැනීමට මැදිහත් වන...
"වරායේ ආහාර බහාලුම් සියල්ල නිදහස් කරනවා"
"වරායේ ගබඩා තුළ බහාලූම්වල දැනට රඳවා තිබෙන සියලූම ආහාර තොග නිදහස් කිරීමට පියවර ගන්නා බව මුදල් ඇමැතිවරයා සඳහන් කළ බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සමග මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කළ සාකච්ඡුාවක දී මේ බව සඳහන් කළේ යැයි ඇමැතිවරයා කීවේය. මාධ්‍යවේදීන් ඊයේ (19* කළ විමසීම...
"ලිට්‍රෝ ගෑසුත් ගණන් උස්සන්න ඉල්ලයි ඉඩ නොදුන්නොත් නඩුදායි"
"ලාෆ් සමාගමේ ගෑස් සිලින්ඩරයක මිල වැඩි වීමට සමානව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීමට ලිට්‍රෝ සමාගම විසින් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා ‘දිවයින’ ට ඊයේ (19 දා* පැවසීය. මේ අනුව තව දින කිහිපයකින් ලාෆ් ගෑස් සිලින්ඩරයක මිලට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ද වැඩි කිරීමට අවසර ලබා ...
"රට වහනවාද තීරණය අද… ජනපති ජාතිය අමතයි"
"විවිධ පාර්ශ්ව වෙතින් කෙරෙන ඉල්ලීම් සහ සෞඛ්‍ය අංශවල දත්ත සැලකිල්ලට ගනිමින්… සතියකට හෝ දෙකකට රට වසා දමනවාද යන තීරණය ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බොහෝ දුරට අද (20 වැනිදා* ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. සාමාන්‍යයෙන් සිදුවන පරිදි කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය අද (20 වැනිදා* රැුස්වීමෙන් අනතුරුව ජනාධ...
"ඉදිරි ජීවිත බේරාගන්න වෙන්ටිලේටර් 2000 ක් වත් ගන්න… රනිල් වික‍්‍රමසිංහ"
"කොරෝනා වෛරස් විකෘති ප‍්‍රභේදවලට ඉදිරියේදී ගොදුරු වෙත්ැයි අපේක්‍ෂා කරන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අඩුම වශයෙන් ශ්වසන ආධාර උපකරණ දෙදහසක්වත් සූදානම්කර ගැනීමට රජය කටයුතු කළයුතු බව එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (19 දා* පැවසීය. 2019 වසරේ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට පවා ඇත...
"ක්‍රෙඩිට් කාඞ්වලින් ඩොලර් ගනුදෙනු තහංචියක්"
"ශ‍්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඞ් සහ බැංකු කාඞ් භාවිත කොට අන්තර්ජාලය හරහා ඩොලර් මගින් ගෙවීම් කිරීම පෙරේදා (18 දා* සිට සීමාකර ඇතැයි ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ සහ එම ක්‍ෂේත‍්‍රයේ ගනුදෙනුකරුවෝ කියති. විදේශගතව සිටිමින් ශ‍්‍රී ලාංකික කාඞ්පත් භාවිතා කරන විශාල පිරිසක් ද මේ නිසා දැඩි අපහසුතාවට පත්ව දෛනික වැඩකටයුතු සිදුකිරීමේ හැකිය...
"සතියක්වත් රට වහන්න… මල්වතු අස්ගිරි මහා නාහිමිවරු ජනපතිට ලියති"
"මෙම ආපදාපන්න අවස්ථාවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු වස් සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ පරිදි සතියක පමණ කාලයකට හෝ රට වසාදමා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් රෝග ව්‍යාප්තිය පාලනය උදෙසා පියවර ගන්නේ නම් සුදුසු බව දක්වමින් මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ...
"ඖෂධ හිගය බරපතළ වීමෙන් කොරෝනා රෝගී ජීවිත අවදානමක"
"ඖෂධ හිඟය බරපතළ වීම මැද ජන ජීවිත සමග ආණ්ඩුව කරන සෙල්ලම වහාම නවත්තන්නැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනය මෙසේය. රටපුරා මේ වනවිටත් අත්‍යවශ්‍ය ඖෂධ 40ක පමණ බරපතල හිඟයක් ඇතිවී තිබෙන අතර කොරෝනා සහ නියුමෝනියා තත්ත්වයන්ට ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය ද ඒ අතර වන බව වාර්තා වෙයි. එ...
"ක්‍රෙඩිට් කාඞ්පත් පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගැනීමට බාධාවක් නැහැ – මහ බැංකු මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන්"
"වෙළෙඳාමට  භාණ්ඩ ලබාගන්න  ණය කාඞ්පත්  පාවිච්චි  කරන්න බැහැ… නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප‍්‍රනාන්දු වාණිජ අරමුණු ඇතිව කරන මිලදී ගැනීම් සඳහා අන්තර්ජාලය හරහා ගෙවීම් කිරීමට ණයපත් භාවිතා කිරීමේ හැකියාවක් නැතැයි ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඞී ලක්ෂ්මන් මහතා කීවේය. එහෙත් ක්‍රෙඩිට් කාඞ්පත් පුද්ගලික අව...
"මහ පොළොවේ යථාර්ථය ආණ්ඩුවට වහන්න බැහැ… කොච්චර උද්දච්ච වුණත් ජාත්‍යන්තර අරමුදලට යන්න වෙනවා"
"අපේ රට නිදහසෙන් පසුව මුහුණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදයට මේ මොහොතේ රට මුහුණ දෙන බව සමගි ජන බලවේගයේ  භාණ්ඩාගාරික කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (19 දා* පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. අද වනවිට ඩොලරයේ අගය සීඝ‍්‍රයෙන් ඉහළ ...
"යතුරුපැදියක් හිමිනමකට කළ හදියක්…"
"ඇල්පිටිය, අම්බලන්ගොඩ ප‍්‍රධාන මාර්ගයේ කරන්දෙණිය 6 කණුව ප‍්‍රදේශයේ සුදු ඉර මතින් වැඩම කරමින් සිටි හිමිනමක් යතුරුපැදියක ගැටෙන අයුරු සීසීටීවී කැමරාවක මෙසේ සටහන්ව තිබිණි. හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්"
"සති 3 කට රට වහන්න… ආණ්‌ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක් ජනපතිගෙන් ඉල්ලයි"
"රටේ ශීඝ‍්‍ර ලෙස පැතිර යන කොවිඞ් වසංගතය හමුවේ රෝගය ආසාදිතව රෝහල් ගතවන රෝගීන් ප‍්‍රමාණය රෝහල් පද්ධතියට දැරිය හැකි මට්ටමට පහත හෙළීම සඳහා අවම වශයෙන් සති තුනක් රට අගුළු දැමීමට පියවර ගන්නැයි ඉල්ලමින් වත්මන් රජයේ හවුල්කාර පක්‍ෂ දහයක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවා ඇත. අපේ ජනබල පක්‍ෂයේ අතුරලියේ රතන හිමි, ප‍්‍රජ...
"සෞඛ්‍ය සේවකයන් 3000කට කොවිඞ්"
"වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු තුන්දහසකට අධික සෞඛය සේවකයන් පිරිසක් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝගීන් වී ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග පවසයි. වෛද්‍යවරරුන් 209 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති අතර ඉන් තුන් දෙනෙක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ආරංචි මාර්ග කියා සිටියි. මේ වනවිට රජයේ රෝහල්...
"ඊයේ කොවිඞ් මරණ 186ක්"
"රටේ පැතිර යන කොවිඞ් වෛරස රෝගයේ ශීඝ‍්‍ර බව තහවුරු කරමින් මේ වන විට දිනපතා වාර්තාවන නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව තුන්දහස ඉක්මවා ඇත. ඊයේ (19 දා* දිනයේ ද නව ආසාදිතයන් 2720 ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පැවසීය. රෝගය ආසාදිතව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා ඊයේ දිනයේ සුවය ලැබූ ගණන 2186 ක් විය. ඒ අනුව මේ ද...
"බන්දුලගේ මල්ල සතොසෙන් අද ගෙදරටම – 1998ට කතා කරන්න"
"අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග විස්සක් අඩංගු සහන මල්ලක් දිවයින පුරා සියලූ සතොස අලෙවිසල් මගින් නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ අද (20 ද)* දින සිට ආරම්භ කෙරෙන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. වෙළෙඳ පොළේ රුපියල් 2600කට වඩා වැඩි මිලකට අලෙවි වන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් රුපියල් 600ක් පමණ අඩුවෙන් රුපියල් 1998 ක ...
"බන්දුලගේ මල්ල සතොසෙන් අද ගෙදරටම – 1998ට කතා කරන්න"
"අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග විස්සක් අඩංගු සහන මල්ලක් දිවයින පුරා සියලූ සතොස අලෙවිසල් මගින් නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ අද (20 ද)* දින සිට ආරම්භ කෙරෙන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. වෙළෙඳ පොළේ රුපියල් 2600කට වඩා වැඩි මිලකට අලෙවි වන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් රුපියල් 600ක් පමණ අඩුවෙන් රුපියල් 1998 ක ...
""ගෙදරින් එළියට එක් අයකුට පමණයි – ළමා උද්‍යාන, කානිවල්, සංගීත, බීච් පාටි බෑ""
"* සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි දැඩි වෙයි:*  ජිම් – ස්පා දිවාසුරැකුම් තහනම් *  සාප්පු සංකීර්ණ සම්පූර්ණයෙන් වැසෙයිපවතින සීමා තවදුරටත් දැඩි කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඊයේ (18 වැනිදා) නිකුත් කරනු ලැබීය.එම නව මාර්ගෝපදේශයන් මෙම මස 31 වැනිදා දක්වා බලපැවැත...
"පා ගමනින් පළාත් මාරුවන පිරිස අත්අඩංගුවට ගන්න – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ"
"බස් රථවලින් පළාත් මායිම් වෙතට ළගා වී අනෙක් පළාත් වෙත පා ගමනින් යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමක් අරඹා ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘‘දිවයින’’ ට ඊයේ (18 දා) පැවැසීය.එසේ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් හා ඊට අනුබල දෙන බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක‍්‍රිය...
"පළමු රන්දෝලි පෙරහැරට ආදිවාසීන්ගෙන් මී පැණි පූජාවක්"
"මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර පෙර රජ දවස සිට සාම්ප‍්‍රදායිකව සිදුකරන මී පැණි පූජාව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලෑ ඇත්තෝ ඊයේ (18 දා) දළදා මාලිගයේදී පැවැත්වීය.පවතින කොවිඞ් වසංගතය හමුවේ මෙවර ඒ සඳහා එක්වූයේ ආදිවාසීන් දසදෙනකුගෙන් යුත් පිරිසකි. මෙම අවස්ථාවට දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා ද සහභාගි විය...
"කොළඹ මහ රෝහලේ කොවිඩ් පොකුරක් – වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 324කට ආසාදිතයි"
"කොළඹ ජාතික රෝහලේ  හෙද-හෙදියන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 324 දෙනකුට කොවිඞ් ආසාදනය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (18 දා) පැවසීය.ඊයේ නිකුත් කෙරුණු පරීක්‍ෂණ වාර්තා අනුව මේ බව හෙළිවී තිබේ.කොවිඞ් ආසාදිතයන් අතර වෛද්‍යවරුන් 27 දෙනෙකු ද, හෙද – හෙදියන් 105 දෙනකු ද...
"රට වහන්න… සෞඛ්‍ය සේවක උද්ඝෝෂණයක්"
"විද්‍යාත්මකව රට වසා දමන ලෙස රජයට බල කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ඊයේ (18 දා) දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ. ඡුායාරූපයෙන් දැක්වෙන්නේ එම උද්ඝෝෂණයට එක් වූ පිරිසෙන් කොටසකි. ඡායාරූපය – නිශාන් එස්. ප‍්‍රියන්ත"
"රට වහන්න බෑ – ජනපති කියයි"
"* කොළඹ ආසාදිතයන්ගෙන් 90%කට ‘ඩෙල්ටා’* ආසාදිත අයකුගෙන්  පැයක් ඇතුළත  පවුලටම පැතිරෙනවා – ආචාර්ය චන්දිම ජීවන්දරරට වසා දැමීමක් සිදු කළ නොහැකි බවත්, දැනට කි‍්‍රයාත්මක සංචරණ සීමා දැඩි කිරීමට කටයුතු කෙරෙමින් තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ සදහන් කර ඇත.රට වසා දැමුවහොත් රටේ ආර්ථිකය බිඳ වැටෙන බවත් ද...
"රෝහල්වල කොරෝනා රෝගීන් මියයනවා: බුද්ධි අංශ එවා හෝ මේවා සොයා බලන්න… කරාපිටියේ වෛද්‍යවරයෙක් ජනපතිගෙන් ඉල්ලයි"
"”රෝහල්වල ප‍්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් විශාල ගණනක් මියයනවා. එය නවතාලීමට වහාම පියවර ගන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා’’ යැයි කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයකු වන වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා දැඩි හැ`ගීම්බරව මාධ්‍ය වෙත පැවසීය. ‘‘රෝහල් මෝචරිය අසලින් එනවිට මිනිස්සු මැරිල ඉන්න ප‍්‍රමාණය පේනවා. මැරෙනවා වළලනවා ...
"වසංගතයට මුහුණදීමේ ක‍්‍රමය නව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය කියයි"
"කොවිඞ් වසංගතයට මුහුණදීමට ඇති ක‍්‍රමවේදය වන්නේ එන්නත්කරණය හා සෞඛ්‍ය උපදෙස් මත ජීවත්වීමට උත්සාහ ගැනීම පමණක් යැයි නව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බැව් පැවසුවේ පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ රට වසා දැමීමට රජය පියවර නොගන්නේ ඇයි දැයි මාධ්‍ය වෙත ඊයේ (17 දා* අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහ...
"රනිල් ජනපතිට කරුණු කියයි"
"මෙරට උග‍්‍ර තත්ත්වයට පත්ව තිබෙන කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡුාවක් ඊයේ (17දා* පෙරවරුවේ පැවැත්විණි. කොරෝනා වසංගතය හමුවේ ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව පෙරේදා (16දා* සවස රනිල් වික‍්‍රමසිංහ මහත...
"පාර්ලිමේන්තුවේ 13 කට කොවිඩ්…. ගජේන්ද්‍ර කුමාර් එන්නත් අරගෙනත් නැහැ…."
"යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා කොවිඞ් ආසාදිත බවට ඊයේ (17 දා* තහවුරු වී ඇති අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 12 දෙනකුද කොවිඞ් ආසාදිත බවට තහවුරු වී ඇත. පොන්නම්බලම් මන්තී‍්‍රවරයා මේ වන විට කොළඹ සිටින බවද හෙතෙම මේ වනවිට වෛi ප‍්‍රතිකාර සඳහා යොමුවී ඇති බවද මන්තී‍්‍රවරයාගේ ලේකම් එම්...
"අලුත් ඇමැති ධුරයෙන් ආයතන 64 ක් නාමල් යටතට"
"ජනාධිපති කාර්යාලය යටතේ ඇති ආයතන 11 ක් මුදල් අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු 53 ක්….කී‍්‍රඩා සහ යෞවන කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට පෙරේදා (16 දා* හිමිවූ සංවර්ධන සම්බන්ධීකරණ අධීක්‍ෂණ කැබිනට් අමාත්‍ය ධුරය යටතට ජනාධිපති කාර්යාලය යටතේ පවතින ආයතන 11 ක් සහ මුදල් අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු සහ...
"උද්දච්ඡකම් පසෙක දමන්න"
"විපක්‍ෂය වගේම සමස්ත රට වැසියන් වත්මන් කොවිඞ් ව්‍යාප්තිය පාලනය කිරීමට සහාය දීමට සූදානම් යැයි ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17 දා) පැවසීය. නිවැරදි වෙලාවට ගත යුතු තීරණ නොගත් බැවින් මේ වනවිට කොවිඞ් ව්‍යාප්තිය හමුවේ රටම මළ ගෙයක් බවට පත්ව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. එබැවින...
"ලෝක උරුම ගාලු කොටුවේ අනවසර ඉදිකිරීම් රොත්තක්… පුරාවස්තු ආඥාපනතේ අඩුපාඩු නිසා ඒවා ඉවත්කරන්න බැරිලු!"
"ලෝක උරුම ගාලූ‍කොටුව තුළ පසුගිය වර්ෂ කිහිපය තුළ අනවසර ඉදිකිරීම් 30ක් පමණ සිදුකොට ඇති බැව් දකුණු පළාත් පුරාවිද්‍යා කාර්යාලය පවසයි. මෙම අනවසර ඉදිකිරීම් කළ පුද්ගලයින්ට විරුද්ධව දකුණු පළාත් පුරාවිද්‍යා කාර්යාලය මගින් නඩු පවරා ඇත. අනවසර ඉදිකිරීම් ස`දහා නඩු පැවරුවද පුරාවස්තු ආඥාපනතේ ඇති අඩුපාඩු නිසා මෙම අනවසර ඉදිකිරීම්වලින් ...
"කොල්ලකරුවෝ 2 ක් සූරියවැවදී පොලිස් වෙඩි කා මරුට"
"සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු සහ සූරියවැව පොලිසියේ නිලධාරීන් අතර ඊයේ (17 වැනිදා* සවස සූරියවැව වැවේගම ප‍්‍රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් ‘කඩවර පුතා’ සහ තවත් අයකු මරුමුවට පත්වී ඇත. කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප‍්‍රහාරවලින් බේරීමට උත්සාහ කිරීමේදී සූරියවැව පොලිසියේ ජීප් රථය ගසක හැපී අනතුරට ලක්වී ඇති අතර එහි සිටි පොලිස් නිලධ...
"නගර 26 ක් වැසෙයි පිටකොටුවත් වැසෙන ලකුණු"
"කොරෝනා වෛරසය ශීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් තිබීම නිසා රට පුරා ප‍්‍රධාන නගර 26ක් වසා දැමීමට එම නගරවල වෙළෙඳ සංගම් ඊයේ (17 දා* වනවිට කටයුතු කර ඇත. මේ අතර තවත් ප‍්‍රධාන නගර රැුසක් ඉදිරි දිනවලදී වසා දමා ආරක්‍ෂිත කි‍්‍රයාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවට තොරතුරු ‘දිවයින’ට වාර්තා වෙයි. කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා රජය රට වස...
"බිහිසුණු ප‍්‍රභේද 3ක් අලුතින් ඇවිල්ලා"
"දැනට රට තුළ ව්‍යාප්තව යන ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදයේ තවත් විකෘති ප‍්‍රභේද තුනක් ඇති බව මේ වනවිට පර්යේෂණ මගින් සොයාගෙන ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17 දා) පැවැසීය. ඒ අනුව මේ වනවිට පර්යේෂකයන් විසින් ලංකාවේ පැතිරෙන ඩෙල්ටා වෛරසයේ එස්.ඒ. 122 වී, එස්.ඒ. 701 සහ එ...
"කොවිඞ් ව්‍යාප්තිය සාකච්ඡාවට පක්‍ෂ නියෝජිත හමුවක් කැඳවන්න… මෛතී‍්‍ර ජනපතිගෙන් ඉල්ලයි"
"පවතින කොවිඞ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්‍ෂවල නියෝජිතයන් සමග හමුවක් කැඳවන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනපති, ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍ර මෛති‍්‍රපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17 දා* පැවැසීය. වත්මන් කොවිඞ් වසංගතය පිළිබඳව ජනතාව තුළ ඇතිවී තිබෙන ...
"කොරෝනාව යට කරගෙන මිනිසත්කම දෝරගලයි – ගොරකානේ සහස‍්‍රවිජිතගේ අති උතුම් මෙහෙවර රටකට වාසනාවක්"
"කොවිඞ් ආසාදිත රෝගීන් නොමිලේම තම ජීප් රථයෙන් රෝහල සහ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත ප‍්‍රවාහනය කර උදාරතර කටයුත්තක නිරත වන පුද්ගලයකු පිළිබඳ පුවතක් පානදුර ගොරකාන ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි. 60 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන සහස‍්‍රවිජිත නම් ඔහු දැනට දින හතරක් තිස්සේ මෙම කටයුත්තට උරදෙමින් දිවි පරදුවට තබා තම සේවාව අසරණ කොවිඞ් රෝගීන් වෙත ...
"සෞඛ්‍ය පද්ධතිය උපරිම ධාරිතාවට ළගා වෙලා – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය"
"වේගවත් එන්නත්කරණ කි‍්‍රයාවලියක් මෙරට තුළ කි‍්‍රයාත්මක වුවද එහි උපරිම වාසි ගන්නට පෙර ඉතා අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමට අපට සිදුව ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප‍්‍රනාන්දු මහතා ස`දහන් කළේය.මේ හේතුවෙන් අද රට ඉදිරියේ පවතින කොරෝනා රැුල්ල පාලනයට වත්මන් එන්නත්කරණ වැඩපිළිවෙළ තුළින් නොහැකි වන...
"නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක එස්එස්පී නිහාල් තල්දූව"
"පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ධුරයට අමතරව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ධුරයටද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තලදූව මහතා පත්කර ඇත.1992.08.02 වන දින උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස ශ‍්‍රී ලංකා පොලිස් සේවයට ඇතුළත්ව 2008.01.01 වන දින සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීම් ලබා බදුල්ල, මොනරාගල කොට්ඨාසවල ද එක්සත් ජාතීන්ගේ සාම...
"‘සර්ත් ෆේල්…. ගෝලයෝත් ෆේල්’ – හරීන් ප‍්‍රනාන්දු"
"ආණ්ඩුවේ හදිසි කැබිනට් මණ්ඩල වෙනසින් පෙනී යන්නේ සර්ත්… ෆේල් සර්ගේ ගෝලයෝත් ෆේල්… බව යැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවසීය.ඒ ඒ අමාත්‍යාංශවල කටයුතු කළ ඇමැතිවරුන් ෆේල් වීම නිසා මෙතරම් ඉක්මනට ජනාධිපතිවරයාට අමාත්‍යාංශ මාරු කිරීමට හේතුවූ බවද හෙතෙම කීය.මේ වනවිට කොවිඞ් මරණ අනුපාතය වැඩ...
"හැමදේම හොඳටයි – රජ්ජුරුවෝ සහ පුරෝහිත කතාව පවිත‍්‍රා සිහි කරයි"
"පවිත‍්‍රා සෞඛ්‍යයෙන් ඊයේ  සමුගනිමින්…සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ප‍්‍රවාහන අමාත්‍යාංශය තමාට ලැබුණේ අනපේක්‍ෂිත මොහොතක බවත් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හොඳට යැයි කියා සිතන බවත් ඊයේ (16 දා) සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සමුගෙන යන මොහොතේ හිටපු සෞඛ්‍ය ඇමැති සහ වත්මන් ප‍්‍රවාහන ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.තමාට සෞඛ්‍...
"ඇමැති පුටු 6ක මාරුවක්"
"කැබිනට් ඇමැතිවරුන් හය දෙනකුගේ අමාත්‍යාංශ වෙනස් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (16 දා) වත්මන් රජයේ පළමු කැබිනට් සංශෝධනය සිදුකළේය. ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට විදේශ අමාත්‍ය ධුරය හිමිවිය. විදේශ අමාත්‍ය ධුරය දැරූ දිනේ්ෂ් ගුණවර්ධන මහතාට අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදී ඇත. සෞඛ්‍ය අම...
"කොවිඞ් මරණ 6000 පනී"
"කොවිඞ් රෝගය ආසාදනය වීම නිසා මරණයට පත්වූ පුද්ගලයන් 161 ක් පෙරේදා (14 දා) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඞ් මරණ ගණන හයදහස ඉක්මවීය. ඒ අනුව මේ දක්වා මෙරට සිදුව ඇති කොවිඞ් මරණ ගණන 6096 කි."
"පැය 6ක් ඇඳිරිනීතිය – දිනපතා රාත‍්‍රී 10 සිට අලුයම 4 දක්වා"
"* හෙට රාත‍්‍රියේ සිට මංගල උත්සව තහනම් * නිවෙස්වලටත් ශාලාවලටත් තහංචිය අදාළයි * අවන්හල්වලත් සිටිය හැක්කේ අඩක් පමණයි රට තුළ පැතිරයන කොවිඞ්-19 වෛරස රෝගය පාලනය සඳහා දැනට පනවා ඇති සංචරණ නීති සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අමතරව අද (16 දා) සිට නැවත දැනුම්දෙනතුරු දිනපතා රාතී‍්‍ර 10.00 සිට පසුදින අලූයම 4.00 දක්වා රට පුරා පැය 06 ක් නි...
"ඇමැතිලා ගහන පද නිසා දවසින් දවස මරණ වැඩිවෙනවා"
"බලයට එන්න පෙර වෘත්තිය සමිති හොඳයි බලය ලබාගත්තම වෘත්තිය සමිති හොඳ නැතැයි කියන න්‍යාය එතරම් සුදුසු නැතැයි එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (15 දා) පැවසූහ.අද ආණ්ඩුවේ වැඩි පිරිසක් බලයට එන්න උදව් කරපු පිරිස් හොද්දට දාපු කරපිංචා කොළ වැනි තත්ත්වයට පත්කර සිටින බවත් උන්වහන්සේ පැවසූහ. ...
"ඉන්දියාවෙන් ඔක්සිජන් ගෙන්වනවා"
"ඔක්සිජන් ප‍්‍රතිකාර ලැබිය යුතු කොවිඞ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ රෝහල්වල ඔක්සිජන් ප‍්‍රමාණය හිඟයකින් තොරව පවත්වා ගැනීම සඳහා ඉන්දියාවෙන් ඔක්සිජන් ආනයනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.ඒ අනුව පළමුව ඔක්සිජන් මෙටික්ටොන් සියයක් ඇණවුම් කර ඇති බවත් එය සතියකට පමණ ප‍්‍රමාණවත් බවත් ...
"වෘත්තීය සමිති කියන විදිහට රට වහන්න බෑ"
"විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටියට, වෘත්තීය සමිති නායකයෝ ලෙස පෙනී සිටියට, විද්වත් සංගමයක සභාපති ලේකම් කියලා නම් දාගත්තට ඒ අය කියන කියන විදියට නටන්න අපි ලෑස්ති නැහැ. රට වහන්න මේ වෙන කොට අදහසක් නෑ. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ වලින් ඒ නිර්දේශ ලබා දෙනවා නම් එය ක‍්‍රියාවට නංවන්න පැකිළෙන්නේ නැතැයි ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අම...
"අපද්‍රව්‍ය වැඩිපුරම කැළණි ගඟට…."
"මෙරට ගංගා අතරින් අපද්‍රව්‍ය බැහැරකරන වැඩිම ස්ථාන සංඛ්‍යාවක් ඇත්තේ කැලණි ගඟ ආශ‍්‍රිතව බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදුකරන ලද සමීක්‍ෂණයකට අනුව හෙළි වී ඇත. එම සංඛ්‍යාව 1374 ක් බවත්, ඉන් 797 ක් පිහිටා ඇත්තේ කොළඹ නගරය ආශ‍්‍රිතවය. ඉතිරිය ගම්පහ දිස්ත‍්‍රික්කය ආශ‍්‍රිතව පිහිටා ඇති අතර එම සංඛ්‍යාව 577 කි. කොළඹ සහ ගම්පහ දිස...
"එජාපය යළි පණගැන්වීම ඔන්ලයින් ක‍්‍රමයට"
"එක්සත් ජාතික පක්‍ෂය සිය 75 වැනි සංවත්සරයට සමගාමීව සැප්තැම්බර් මස 06 වැනිදා සිට ඔන්ලයින් ක‍්‍රමයට පක්‍ෂ යාන්ත‍්‍රණය නැවත බල ගැන්වීමට ක‍්‍රියාකරන බව එහි මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. ඒ අනුව සූම් තාක්‍ෂණය ඔස්සේ පක්‍ෂ ප‍්‍රතිසංවිධානය කිරීම, සාකච්ඡුා සහ සම්මන්ත‍්‍රණ පැවැත්වීමටද තීරණය කළ බව ඒ මහතා කීවේය. ඊට අමතරව ...
"එන්නත් දෙකම නැත්නම් එළියට යෑම තහනම්"
"වයස අවුරුදු 30 වැඩි පුද්ගලයන්ට ලබන සැප්තැම්බර් 15 වැනිදායින් පසු පොදු ස්ථානවලට යෑමට අවසර හිමිවන්නේ කොවිඞ් මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ගත් බවට සහතිකයක් ඇත්නම් පමණක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ පැවසීය. එම දිනය වනවිට රට පුරා වයස අවුරුදු 30 ට වැඩි සියලූ දෙනාට කොවිඞ් මර්දන එන්නත් ද...
"ඇමැති කමිටුවේ අරමුණ කල්මැරීමයි… ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්"
"ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම්වලට විසඳුම් ලබාදීම සඳහ කමිටු පත්කරමින් ආණ්ඩුව සිදු කරන්නේ කල්මැරීමක් පමණක් යැයි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. මේ වන විටත් සුබෝධනී කමිටු වාර්තාව රජයට ඉදිරිපත් වී තිබෙන බවත් ඒ අනුව කටයුතු කිරීම වෙනුවට රජය මගින් තවත් ...
"අතුරුදන් වූ බව කියන බොහෝ අය විදේශ රටවල… විදේශ ඇමැති"
"යුද සමයේ අතුරුදන් වෙලා කියමින් අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවලට දාපු බොහෝ පිරිසක් විදේශගතව සිටින බව මේ වනවිට එළිදරව් වෙමින් පවතින බව, සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කරයි. යුද සමයේ ශ‍්‍රී ලංකාවෙන් ඒ ඒ රටවලට විවිධ ක‍්‍රමවලින් සංක‍්‍රමණය වූ පිරිස්වල ලැයිස්තුවක් ඉල්ලූවිට ඇතැම් රටවල්, එය ලබා නොදෙන ...
"මුදල් ඇමැතිටත් හොරෙන් ආයෝජන මණ්‌ඩලයට නිලධාරීන් බඳවාගෙන"
"රජයේ බඳවාගැනීම් හා වෙනත් වියදම් නවතා දමන ලෙස මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා දැනුවත් කර තිබියදී ආයෝජන මණ්ඩලයට නිලධාරීන් 29 ක් බඳවාගෙන ඔවුන්ට ලක්‍ෂ 200 ක පමණ වැටුපක් ගෙවීමට කටයුතු කරමින් සිටින බව එහි සේවකයන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු කැබිනට් ඇමැතිවරුන්ට ලිපියක් මගින් දැනුම් දී ඇත. මේ වනවිටත් රුපියල් ...
"අතරමැදි වී තොග රාජසන්තකයි"
"අතරමැදි ජාවාරම්කරුවන් විසින් රැස්කරන සියලූ වී තොග ස්ථිර වශයෙන්ම රජයට පවරා ගන්නා බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. මෙලෙස වී තොග රැස්කරන අතරමැදියන් සොයා බැලීමට නිලධාරීන් යොදා ඇති බවත් පැවැසූ ඇමැතිවරයා, අදාළ පනත සම්මත වූ වහා එලෙස රැුස්කර තිබෙන වී තොග අනිවාර්යෙන්ම රජයට පවරා ගැනීම...
"ගෑස්‌ හිඟය තව සතියක්‌ පමණ"
"ලාෆ් ගෑස් මිල වැඩි කිරීමට අවසර ලැබුණ ද දැනට වෙළෙඳපොළෙහි පවතින ගෑස් හිඟය යම් මට්ටමකින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා සතියක් පමණ ගතවනු ඇතැයි ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා පැවසීය. දිවයින පුරා පවතින ලාෆ් ගෑස් හිඟය යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා මාසයක පමණ කාලයක් ගතවනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය...
"එන්නත් දෙකම නැත්නම් සැප්: 15 දා සිට ගැවසෙන්න තහනම්"
"පවතින උග‍්‍ර කොවිඞ් වසංගතය පාලනය සඳහා ඊයේ (13 වැනිදා) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගත් බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. පළාත් අතර පොදු ප‍්‍රවාහන සේවාවන් ද නතර කිරීමට පියවර ගෙන ඇති...
"සංචාරක ඉපැයුම් 96.7% කින් අඩුවෙයි"
"මෙම වසරේ (2021) මුල් මාස හයේ දී සංචාරක ඉපැයුම් ප‍්‍රමාණය සියයට 96.7 කින් අඩු වී තිබේ. මේ අනුව ගිය වසරේ (2020) මුල් මාස හයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 682 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 23 දක්වා අඩු වී ඇත. කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් තවදුරටත් සංචාරක කටයුතු පණගන්වා ගැනීම දුෂ්කර වනු ඇතැයි සංචාරක කර්මාන්තකරුවෝ පවසති.ශ්‍යාම් ...
"රට වහනවා හැර විකල්පයක් නෑ"
"රට පත්ව ඇති බරපතළ තත්ත්වය හමුවේ ආණ්ඩුව තීන්දු කළ යුත්තේ ‘ආර්ථිකයද, ජනතාව ජීවත් කරවීමට අවශ්‍ය ඔක්සිජන් ද’ යන කරුණු දෙකෙන් එකක් බවත්, වහාම රට වසා දමනවා හැර මේ මොහොතේ ජනතාව ජීවත් කිරීමට කිසිදු විකල්පයක් නැති බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. දෙබරවැව තිස්සමහාරාම ගැමුණුපුර ශ‍්‍රී විශුද්ධාරාම විහාරයේ ශ‍්‍රීමත් ...
"අවුරුදු හැටට වැඩි බෝනොවන රෝග වැළඳුණු අය කෙරෙහි විශේෂ අවධානය දෙන්න… ජනාධිපති සෞඛ්‍ය බලධාරීන්ට කියයි"
"වයස අවුරුදු 60 ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙයි. ගතවූ දින කිහිපය තුළ සිදුව ඇති මරණ පිළිබඳ කළ විමර්ශනයන්ට අනුව ඉන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතට අයත් වෙති. මේ පිරිසෙන් ඉහළ ප‍්‍රතිශතයක් වයස අවුරුදු 60 ට වැඩි, එන...
"ආනයන වියදම 30.5% කින් ඉහළට"
"මේ වසරේ (2021) පළමු මාස හයේදී ශී‍්‍ර ලංකාවේ ආනයන වියදම සියයට 30.5 කින් ඉහළ ගොස් ඇත. මේ අනුව ගිය වසරේ (2020) මුල් මාස හයේදී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 7675 ක් වූ ආනයන වියදම මේ වසරේ (2021) මුල් මාස හයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 10,015 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මේ කාලයේදී අපනයන ආදායම ද ඇමෙරිකානු ඩොලර් මි...
"යුක්තිය කියන්නේ පළිගැනීම නොවේ… රටවැසියාගේ දුක වේදනාවට සංවේදී නැති රාජ්‍ය පාලනය පරාජය කරමු…."
"පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වගකිවයුත්තන් තවමත් නීතිය ඉදිරියට නොගෙන්වූ වත්මන් ආණ්ඩුවට එරෙහිව ලබන 21 දා කළු කොඩි ඔසවා විරෝධය පළ කිරීමට පෞද්ගලිකව ඉදිරිපත් වන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඉල්ලා සිටිති. එම නිල නිවසේදී ඊයේ (13 දා* පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීහ. මුළු රටම...
"වයසක පුද්ගලයන් කළුබෝවිල රෝහලට ගෙනත් දාල මාරුවෙලා කැරට්ටුව සොයන්න සී.සී.ටී.වී. පරීක්‍ෂණ"
"වයෝවෘද්ධ පුද්ගලයින් කළුබෝවිල රෝහලට ගෙනැවිත් දමා යෑමේ ප‍්‍රවණතාවක් මතුව ඇතැයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (13 දා) සඳහන් කළේය. කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන පුද්ගලයන් හය දෙනකු පමණ පෙරේදා (12 දා) දිනයේ පමණක් කළුබෝවිල රෝහලේ බාහිර රෝගී අංශයේ දමා ගොස් තිබියදී සොයා ගත් බව ද වෛද්‍යවරයා පැව...
"හමුදා නිලධාරියෙක් සහ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක්… කොරෝනා දත්ත වෙනස් කර රජය නොමඟ යවනවා…. පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල්"
"කොවිඞ්-19 රෝගීන්ගේ දත්ත වෙනස් කිරීම පිටුපස ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරියෙක් හා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පැවසීය. දෛනිකව හඳුනා ගන්නා කොවිඞ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 5000 ඉක්මවා ගොස් ඇති බවත්...
"තරුණියට අතවර කළ ව්‍යාපාරිකයා කූඩු… අතවර කොට පලායද්දී ජංගම දුරකථනය බිමවැටිලා!"
"කිරුළපන සිද්ධාර්ථ මාවතේ තෙමහල් නිවාසයක වාසය කළ 19 හැවිරිදි තරුණියකට අතවර කළ බව කියන 36 හැවිරිදි අවිවාහකයකු අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන සිද්ධාර්ථ මාවතේ පදිංචි, පිටකොටුව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි. සැකකරුගේ නිවසට යාබදව පිහිටි තෙමහල් නිවසක තෙවන මහලේ පදිංචිව සි...
"ලංගම බස් රථය ප‍්‍රපාතයට පෙරළිලා"
"කෑගල්ල ලංගම ඩිපෝවේ අයත් බස් රථයක් කෑගල්ල බොලගම මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී අඩි 30 ක් පමණ ප‍්‍රපාතයකට පෙරලී තිබේ. ඊයේ (12 දා* දින හවස 4.45 ට පමණ සිදුවූ මෙම අනතුරින් පස් දෙනකූ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව කෑගල්ල පොලිසියේ රථවාහන අංශය පැවසීය.කෑගල්ල – එම්. බී. පහලවත්ත"