Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"පමා නොවී ජල බිල්පත් ගෙවන්න… මණ්ඩලය ඉල්ලයි"
"පවතින වසංගත තත්ත්වයත් සමග ජල බිල්පත් ගෙවීමේ දැඩි ප‍්‍රමාදය අඛණ්ඩ ජල සැපයුමක් පවත්වාගෙන යෑමට මහත් බාධාවක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු තිළිණ එස්. විජේතුංග මහතා ඊයේ (31 වැනිදා* ‘දිවයින’ ට සඳහන් කළේය.එහෙයින් හ`දුන්වා දී ඇති නිවසේ සිට ජල බිල්පත් ගෙවීමේ පහසුකම් භාවිත කර තම බිල්පත ගෙවා සේ...
"අට මස් බිළිඳා ගහක් යට තබා අම්මා බූරුවා ගසලා"
"අටමස් බිළින්දා යාබද නිවස ඉදිරිපිට මිදුලේ ගසක් යට තබා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටී කාන්තාවක් ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි.අත්අඩංගුවට පත් සැකකරුවන් අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු වන බව පොලිසිය කියයි.මිල්ලනිය, මානාන, කටුගහ දෙනිය ප‍්‍රදේශයේ නිවසක් තුළ මුදල් ඔට්ටුවට පිරිසක් බූ...
"මේ ලොක්ඩවුන් ක‍්‍රමවේදය වැරැදියි: ඩෙල්ටා ප‍්‍රභේදය පැතිරීම හමුවේ සෙල්ලම් කිරීම අති භයානකයි… රජය හෙළි කරන කොවිඞ් මරණ සංඛ්‍යාවට වඩා වැඩි ප‍්‍රමාණයක් තිබෙනවා"
"ආණ්ඩුව රට ලොක්ඩවුන් කළත් පාරේ නැත්තෙ නැව් විතරයි. අනිත් සියලූ වාහන පාරේ ගමන් කරනවා. දැන් සිදුවනුයේ ජනතාවගේ බලකිරීම පිට ඔන්න උඹලට ඕන නිසා අපි දෙනවා වගේ ලොක්ඩවුන් එකක් යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේදී පෙරේදා  (30 දා* පැවැති මාධ්‍ය හමුවේදී මන්තී‍්‍රවරයා මේ බව ...
"මෙරට ඉතිහාසයේ ප‍්‍රථම නිවුන් අලි දරු උපත… සුරංගිට බබාලා දෙන්නයි"
"මෙරට ඉතිහාසයේ ප‍්‍රථම වරට පින්නවල අලි අනාථාගාරයේදී නිවුන් අලි පැටවුන් දෙදෙනකුගේ උපතක් ඊයේ (31 දා* අලූයම සිදුවූ බව එහි වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් රේණුකා බණ්ඩාරනායක මහත්මිය ‘දිවයින’ට පැවසුවාය. එහි ‘සුරංගි’ නමැති 24 හැවිරිදි කෙනෙර විසින් මෙම අලි පැටවුන් දෙදෙනා බිහිකර ඇතැයිද ඇය සඳහන් කළාය.මෙම ‘සුරංගි’ නමැති කෙනෙර විසින් බිහි...
"ජිප්සීස් සුනිල්ට දැන් සුවයි.. මට ඉක්මන් සුවය පැතූ හැමෝටම ස්තුතියි!"
"කොවිඞ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් සති තුනකට වැඩි කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා සුවය ලබා පෙරේදා (30 දා* මොරටුව නිවසට පැමිණියේය. කොවිඞ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් බරපතළ ලෙස රෝගාතුර වූ සුනිල් පෙරේරා මහතා මේ වන විට ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව ඔහුගේ ...
"ගජ මිතුරන්ගේ ඖෂධ මාෆියාවට ඉඩදී ආණ්ඩුව නිහඬව ඉන්නවා – සජිත්ගෙන් නිවේදනයක්"
"ඖෂධ මාෆියාවක් කි‍්‍රයාත්ක කිරීමට තම ගජ මිතුරන්ට වරදාන ලබාදී ආණ්ඩුව නෑසූකන්ව බලා සිටින බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. විපක්‍ෂ නායකවරයා ඊයේ (30 දා) නිකුත් කරන ලද නිවේදනයක වැඩිදුරටත් මෙසේද සඳහන්වේ. පී.සී.ආර්. සහ රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ සඳහා රජය විසින් උපරිම මිල ඇතුළත් ගැස...
"දිනේෂ් දිවයිනම රනින් සරසයි – අම්මේ මම ලෝකය දිනුවා -යුද්ධයේදී වෙඩි වැදිලත් පුතා හමුදාවට ගියා – මව කියයි"
"ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 පැරාලිම්පික් තරගයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 67.79 ක් දුර විසි කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවමින් එහි රන් පදක්කම දිනා ගැනීමට ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සාජන් දිනේෂ් පි‍්‍රයන්ත හේරත් ඊයේ (30 දා) සමත්විය. ඒ අනුව පැරාලිම්පික් උළෙලකදී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩකයෙක් ලෝක ...
"කොරෝනා හේතුවෙන් වැඩිම බලපෑම ප‍්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට – අධ්‍යාපන ලේකම්"
"කොරෝනා හේතුවෙන් අධ්‍යාපනයේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ පළමු, දෙවැනි සහ තෙවැනි ශ්‍රේණිවල දරුවන්ට බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.කොරෝනා තත්ත්වය හමුවේ පාසල් පද්ධතියටම බලපෑමක් එල්ලවී ඇතත් ඉන් වැඩිම බලපෑම එල්ලවී ඇති පළමු, දෙවැනි සහ තෙවැනි ශ්‍රේණිවල දරුවන් බොහෝදුරට මූලික අධ්‍යාපන කටයුතු පාසල තුළින්...
"අම්මේ මම ලෝකය දින්නා කියද්දී මගේ පපුව දාලා ගියා -දරුවෝ තුන්දෙනා ළං කරගන්න කියා – මම දිනුවා රත්තරන් කීවා"
"* අම්මේ මම ලෝකය දින්නා කියද්දී මගේ පපුව දාලා ගියා – දිනේෂ්ගේ මව සතුටු කදුළු වගුරවමින් කියයි * තාත්තා හිටියා නම් අද  එයා සතුටු වෙන හැටි මට මැවිලා පේනවා* යුද්ධයේදී වෙඩි වැදිලත් පුතා නැවත හමුදාවට ගියා * දරුවෝ තුන්දෙනා ළං කරගන්න කියා මම දිනුවා රත්තරන් කීවා – සතුට දරාගන්න බැරිව දරුවෝ තුන්දෙනාවත් බදාගෙන මම හොදටම ඇඩුවා – දි...
"වත්තලින් සීනි ගබඩාවක් වටලයි"
"පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොකර නීති විරෝධී ලෙස ගබඩාකර තිබූ තවත් ආනයනික සීනි මෙටි‍්‍රක් ටොන් 4096ක තොගයක් ඊයේ (30දා) වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ ගබඩාවකින් සොයා ගැනීමට පාරිභෝගික සේවා අධිකාරියට හැකිවී තිබේ.ආනයනය කරන ලද මෙම සීනි තොගය මාස කිහිපයක සිට මෙම ගබඩාවේ තිබී ඇති අතර එම සීනි තොගය ගබඩා කර තිබූ ගබඩාවට මුද්‍ර...
"කිරිබත්ගොඩ තවත් සීනි ගබඩාවක්"
"හුණුපිටිය අලූත්පාරේ පවත්වාගෙන ගිය පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි වී නොමැති ගබඩාවක් කිරිබත්ගොඩ පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (30දා) වැටලූ පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත‍්‍රික් වැටලීම් ඒකකයේ නිලධාරීන් සහ කිරිබත්ගොඩ පොලිසිය එම ගබඩාවේ තිබී සුදු සීනි මෙටි‍්‍රක් ටොන් 800ක් අත්අඩංගුවට ගෙන ඇත.මෙම සීනි තොගය මීට මාසයකට...
"කොරෝනා සෑදී ඇතැයි කරන වැරදි ප‍්‍රචාර ගැන කනගාටුයි- අගමැති මහින්ද රාජපක්‍ෂ"
"තමා සහ පවුලේ අයට කොරෝනා වැළඳී ඇතැයි ඇතැම් පිරිස් සිදු කරන ප‍්‍රචාර පිළිබඳව කනගාටුවන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඊයේ (30 දා) සඳහන් කළේය.කොරෝනා මැ`ඩපවත්වා ගැනීමට කිසිදු සහයක් නොදෙන සමහරු විවිධ අදහස් ඉදිරිපත් කරමින් මඩ අපහාස අවලාද ප‍්‍රචාරය කිරීම මුළුමහත් ජනතාව අනුමත නොකරන බ...
"සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ දූෂණ ඇතැයි යූ ටියුබ් නාලිකාවකට හෙළි කළැයි – විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අද CIDය හමුවට"
"සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ මේ වන විට සිදුවී ඇති බව කියන බරපතළ වංචා, දූෂණ, අක‍්‍රමිකතා සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ සිදුකළ හෙළිදරව්වක් පිළිබඳව ප‍්‍රශ්න කිරීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද (31 වැනිදා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී අයි ඞී) වෙත කැඳවා ඇත.අපරාධ ප...
"මුදල් අච්චු ගැසීම ඇතුළු කරුණු 5ක් නිසා මෙරට ආර්ථිකය අර්බූදයකට ලක්වෙලා – පාඨලී චම්පික රණවක"
"අලූතින් විශාල වශයෙන් මුදල් අච්චු ගැසීම ඇතුළු කරුණු 05 ක් හේතුවෙන් මේ වන විට මෙරට ආර්ථිකය දරුණු අර්බුදයකට ලක්ව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.මුදල් අච්චු ගැසීම, ඩොලර් සංචිත ණය ගෙවීමට භාවිතා කිරීම, පිටරටින් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ගෙන්වීම පාලනය, රසායනික පොහොර තහනම ජනතාවගේ ආදායම...
"කොවිඩ් මරණ සහ ආසාදිතයන් ගැන නිවැරදි දත්ත වාර්තා වන්නේ නෑ – PHI සංගමයේ සභාපති"
"මෙරට කොවිඞ් මරණ සහ රෝගීන් පිළිබඳව නිවැරදි දත්ත තවමත් වාර්තා වන්නේ නැතැයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.සමාජය තුළ කොවිඞ් රෝගීන් සියයට තිහක් (30%) පමණ සිටින බවට පුරෝකථනය වන බවත් පීසීආර් සහ ඇන්ටිජන් ප‍්‍රමාණය නිශ්චිතව ප‍්‍රකාශ නොවන නිසා රෝගීන් වාර්තා වීමේ අඩු වැඩිවීම් වාර්ත...
"ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය සහ ගජමිතුරුවාදය නිසා සෑම භාණ්ඩයකම මිල ඉහළ ගිහින්"
"සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉමිතියාස් බාකිර් මාකර් ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකැණය සහ ගජමිතුරුවාදය හේතුවෙන් සෑම භාණ්ඩයකම මිළ ඉහළ ගිහින් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉමිතියාස් බාකිර් මාකර් මහතා ‘දිවයින’ට පැවසීය.මන්තී‍්‍රවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.සීනි තිලෝවක් මේ වන විට රුපියල් 220 දක්වා ...
"ෆයිසර් එන්නත්කරණය හමුදාවට භාරදීම ගැන GMO විරෝධය"
"ෆයිසර් එන්නත්කරණය සම්බන්ධ පූර්ණ බලය ශ‍්‍රී ලංකා යුද හමුදාව වෙත ලබාදීමේ තීරණය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධය පළ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා ඊයේ (30 වැනිදා) ‘දිවයින’ට අදහස් දක්වමින් සඳහන් කළේය.එන්නත් ලබා දිය යුතු ක‍්‍රමවේදය, එන්නත් බෙදා හැරීම සහ එන්නත් ලබාදීම සෞඛ්‍ය අංශ මගින්...
"රජය ජාවාරම්කාර වෙළෙඳ මාෆියාකරුවන් හතර පස් දෙනකු සතුටු කරනවා- සුනිල් හඳුන්නෙත්ති"
"තමන්ට බලයට පැමිණීමට උදව් උපකාර කළ ජාවාරම්කාර වෙළෙඳ මාෆියාකරුවන් හතර පස් දෙනකු සතුටු කරනවා වෙනුවට ආණ්ඩුව අසරණ වූ ජනතාවට සහන දීමට වහා කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ 29 වැනිදා අවධාරණය කර කියා සිටියේය.මෙම ආණ්ඩුව ගජ මිතුරන් සතුටු කරමින් ජනතාවගේ ජීවිත උගසට තබා සිදුකරමි...
"ප‍්‍රසිද්ධ නාලිකාවක යූ ටියුබ් චැනලයට හැකර් ප‍්‍රහාරයක්"
"ප‍්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක යූ ටියුබ් චැනලයට හැකර්ස් ප‍්‍රහාරයක් ඊයේ රාත‍්‍රි එල්ලවී තිබේ.එම යූ ටියුබ් චැනලය තම පාලනයෙන් ගිලිහී ඇති බවත් එය කඩිනමින් යථා තත්ත්වයට පත්කරන බවද නාලිකාවේ පාලනාධිකාරිය නිවේදනය කර තිබිණි."
"විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයට මරණ දඩුවම නියම වූ පොට්ට නවුෆර් කොරෝනා ආසාදිතව මියයයි"
"මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන වරදකරු ලෙස මරණ දඬුවම නියම කිරීමෙන් පසු සිරගත කර සිටි කොළඹ පාතාලයේ ප‍්‍රධාන පෙළේ අපරාධකරුවකු වූ මොහොමඞ් නියාස් නවුෆර් නොහොත් පොට්ට නවුෆර් කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේදී පෙරේදා (28 දා) රාති‍්‍ර මියගියේය. සරත් අඹේපිටිය මහතා ...
"මාබෝලේ ගබඩාවක සගවා තිබූ සීනි මෙටි‍්‍රක් ටොන් 4800ක් පොලිසියෙන් වටලයි"
"වත්තල පොලිසිය විසින් ඉකුත් 28දා වත්තල මාබෝල ප‍්‍රදේශයේ කළ හදිසි සෝදිසි කිරීමකදී එම ප‍්‍රදේශයේ පිහිටි මහාපරිමාණයේ  ගබඩාවක තිබූ සීනි මෙටි‍්‍රක් ටොන් 4800ක් සොයාගෙන ඇත.කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත වත්තල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සීලෝගම මහතාගේ ප‍්‍රධානත්ව...
"ලංකා සීනි සමාගමෙන් අද සිට රු. 125ට සීනි දෙයි"
"ලංකා සීනි සමාගම මගින් සිට අද (30 දා) සිට සීනි කිලෝ එකක් රුපියල් 125 ට නිකුත් කිරීමට තීරණය කළ බව අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප‍්‍රකාශ කරයි.වෙළෙ`දපොළේ සීනි මිල ශීඝ‍්‍රයෙන් වැඩිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මේ වනවිට වෙළෙඳපොළේ රු. 200ත් 220ත් වැනි මිලකට සීනි කිලෝවක් අලෙවි වේ. ඒ අනුව ලංකා සීනි සමාගම...
"ෆයිසර් එන්නත්කරණය යුද හමුදාවට පවරයි"
"‘ෆයිසර්’ එන්නත්කරණ කටයුතු යුද හමුදාවට පවරා තිබේ. මෙම එන්නත ලබාදීමේදී විවිධ ප‍්‍රදේශවලින් වාර්තාවී ඇති අකටයුතුකම් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව රජය මෙම පියවරට එළැඹ ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මින් ඉදිරියට ෆයිසර් එන්නත නිසි ක‍්‍රමවේදයකින් යුතුව ලබාදීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වෙයි. මේ වන විට ෆයිසර් එන්නත් මාත‍්‍රා ලක්‍ෂ...
"අලෙවියට තිබූ ප‍්‍රමිතියෙන් තොර ඔක්සි මීටර් 5200ක් අත්අඩංගුවට"
"වෙළෙඳපොළේ අලෙවිය සඳහා තිබූ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ප‍්‍රමිතියෙන් තොර ඔක්සි මීටර 5200 ක් පසුගිය දෙමසක කාලය තුළ අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු සඳහා යොමුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.පුද්ගලයකුගේ ශරීරයේ ඇති ඔක්සිජන් මට්ටම මැනීමට උපයෝගි කරගන්නා මෙම උපකරණවලට කොවිඞ් වසංගත තත්ත්වයත් සමඟ අධික ඉල්ලූමක් ඇත...
"ප‍්‍රායෝගික පරීක්‍ෂණ නොමැතිව සා. පෙළ ප‍්‍රතිඵල දීමට අවධානය – අවශ්‍ය නම් පාසල් විභාගයේ ලකුණු දීමටත් හැකියාව"
"විභාගය පවත්වා ප‍්‍රතිඵල නිකුත් කිරීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ (2020) විභාගයේ ප‍්‍රතිඵල ප‍්‍රායෝගික විෂය මගහැර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අතර සාකච්ඡා කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් ...
"ඇඳිරිනීති සමයේ රේගුවට කෝටි 745ක බදු ආදායමක්"
"නිරෝධායන ඇ`දිරිනීතිය පැවති මෙම මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා වූ කාලය තුළ රුපියල් කෝටි 745ක් (බිලියන 7.45ක්) ආනයන බදු වශයෙන් ශ‍්‍රී ලංකා රේගුව එකතු කර ඇතැයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.එහිදී රුපියල් බිලියන 49කට අධික වටිනාකමින් යුත් පූර්ණ දේශීය නිෂ්පාදන සහ ආය...
"ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවර එල්මෝ ගුණරත්න අභාවප‍්‍රාප්ත වෙයි – දෙටු පුතු දමිතත් මියයයි"
" මෙරට බිහිවූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු ලෙස අවිවාදයෙන් සැලකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා කොවිඞ් 19 වෛරසය ආසාදනය වීමෙන් පෙරේදා (28දා) පෙරවරුවේ අභාවප‍්‍රාප්ත විය. අභාවප‍්‍රාප්ත වන විට 89 වැනි වියේ පසුවූ ඒ මහතා දශක 6ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට ‌සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨතමයෙකි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ...
"මසකට ආහාර ටොන් ලක්ෂයක් විසිකරයි"
"ජනතාවගේ නොසැලකිලිමත් බව නිසා ශී‍්‍ර ලංකාවේ දිනකට අනුභව කළ හැකි තත්ත්වයේ පවතින ආහාර මෙටි‍්‍රක් ටොන් 3963 ක් පමණ අපද්‍රව්‍ය ලෙස බැහැර කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.මෙම ආහාරවලින් ටොන් 353 ක පමණ ප‍්‍රමාණයක් කොළඹ නගරයෙන් දිනකට කසළ ලෙස බැහැර කරන බව ද එම සමීක්ෂණයට අනුව වා...
"නිවසේදීම ඇන්ටිජන් පරීක්ෂණ පහසුකම්"
"ඉදිරියේදී ලොව පුරා රටවල් රැසක ක‍්‍රියාත්මක වන ක‍්‍රමවේදයක් වන ගෘහස්ථ මට්ටමින් ක්ෂණික ප‍්‍රතිදේහ පරීක්ෂණ (රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට්) මෙරටට හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව සඳහන් ...
"දියුණු රටවල කොරෝනා මඩින පියවර අපට ගන්න අමාරුයි"
"කොරෝනා මැඬලීම සඳහා ධනවත් රටවල් ගන්නා ඇතැම් ක‍්‍රියාමාර්ග ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීමට අසීරු යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට ප‍්‍රකාශ කළේය.කොරෝනා මැඬලීම සඳහා රට වසා තබන ලෙස විවිධ පාර්ශ්වයන් ආණ්ඩුවෙන් කරන ඉල්ලීම් පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ පැවසීය. රට වැහුවත් නො...
"මැක්කන්ට දෙන ඖෂධ කොරෝනා රෝගීනුත් බීලා"
"සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළවන ඇතැම් අසත්‍ය පුවත් විශ්වාස කරමින් බල්ලන් සහ පූසන්ගේ සිරුරේ හටගන්නා මැක්කන් පාලනය සඳහා ලබාදෙන අයිවර්මෙක්ටින් (ivermectin) ඖෂධ කොවිඞ් වෛරසය ආසාදනය වූ මෙරට පුද්ගලයින් භාවිතා කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී ඇතැයි වාර්තාවේ.මෙම ඖෂධ මිනිස් සිරුරට විෂ සහිත බවත් ඉන් කොවිඞ් රෝගය උත්සන්න වීමේ අවදානමක්...
"නිරෝධායන ඇඳිරිනීතිය කඩන අය උසාවි දමා කොරෝනා පාලනය කරන්න බැහැ… පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක"
"කොවිඞ් පාලන නිරෝධායන ඇඳිරිනීතිය කඩන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පමණක් එය පාලනය කළ නොහැකි යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.ඉදිරියේදී කොවිඞ් එන්නත ප‍්‍රතික්‍ෂේප කර සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවත් පැවස...
"අතරමැදි ජාවාරම්කරුවන් සතු වී කිලෝ ලක්ෂ 150ක් අත්අඩංගුවට"
"ලියාපදිංචි මෝල් හිමියන් හා ගොවීන් නොවන වී තොග රැස්කරන අතරමැදි ජාවාරම්කරුවන් සොයා දින තුනක් පුරා කරන ලද වැටලීම්වලදී වී කිලෝ ලක්ෂ 150 කට වැඩි ප‍්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරියේ භාරයට ගෙන වී තොග රැස්කර තිබූ අතරමැදි අනවසර ගබඩා 30 කට පමණ මුද්‍රා තබා ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි. නීති විරෝධී ලෙස අසීමිත ලෙස වී තොග රැ...
"සතොසෙන් සීනි රුපියල් 125ට"
"දේශීයව නිෂ්පාදනය කෙරෙන දුඹුරු සීනි දිවයින පුරා පිහිටි සතොස හා සමුපකාර අලෙවිසල් හරහා පාරිභෝගික ජනතාවට සහනදායී මිලකට ලබාදීම සඳහා ලංකා සීනි සමාගම විසින් අවශ්‍ය තොග සැපයෙන බව විෂයභාර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවැසීය.ඒ අනුව දේශීය දුඹුරු සීනි කිලෝවක් රුපියල් 125 කට සතොස හා සමුපකාර මගින් මිලද...
"247 මගින් නොමිලේ කොවිඩ් වෛද්‍ය උපදෙස්"
"ශ‍්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන “SLTMOBITEL” ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය සමග අත්වැල් බැඳගනිමින් කොවිඞ් -19 වසංගත තත්ත්වයට එරෙහි ජාතික ක‍්‍රියාන්විතය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහ ‘Doc Call 247’ නමින් නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් හඳුන්වා දී ඇත. මෙම දුරකථන සේවාව ඔස්සේ ශ‍්‍රී ලංකා ව...
"එප්පාවල පොස්පේට් නිධියෙන් කාබනික පොහොර මෙටි‍්‍ර‍ක් ටොන් පනස් දහසක්"
"එප්පාවල පොස්පේට් නිධිය ප‍්‍රයෝජනයට ගනිමින් කාබනික පොහොර මෙටි‍්‍ර‍ක් ටොන් 50,000ක් නිෂ්පාදනය කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙරට වාර්ෂික පොස්පරස් අවශ්‍යතාව මෙ.ටොන් 1,25,000 – 1,75,000 අතර සංඛාවක් වන අතර එම අවශ්‍යතාව ඉටුකරගැනීමට හෝ වෙනත් ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් මෙතෙක් එප්පාව...
"හලාවත එන්නත් සිද්ධිය ගැන පූර්ණ විමර්ශනයක් කරන්න… පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය"
"හලාවත කොක්කාවිල එන්නත් මධ්‍යස්ථානයකදී නීති විරෝධී අයුරින් වයස් සීමාව නොතකා දරුවන් පිරිසකට ෆයිසර් එන්නත ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන්නැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය ඉහළ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.ඊයේ (27 දා* මේ පිළිබඳව අදහස් දැක්වූ ඇය මෙසේ...
"ජනතා හැසිරීම හොඳ නැත්නම් රට වැහුවාට වැඩක් නැහැ"
"ජනතාව නිසි ලෙස සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නැත්නම් රට වැසීමෙන් පමණක් කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කළ නොහැකි බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (27 දා* පැවසුවාය. ඩෙල්ටා ප‍්‍රභේදය වේගයෙන් පැතිර යන බැවින් සියලූදෙනා එන්නත් ලබා ගැනීම වැදගත් බව ද ඇය කියා සිටියාය. මෙහිදී තවදුරටත් කතාකළ රාජ්‍ය අමාත්‍යවරිය ම...
"ගුරු ගැටලුව සඳුදා නොවිසඳුවොත් ‘ඔන්ලයින්’ එන්නේ නැහැ… ජෝෂප් ස්ටාලින්"
"ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේ ප‍්‍රශ්නය ලබන සඳුදා (30 වැනිදා* වන විට ඇමැති මණ්ඩල අනු කමිටුව විසින් නොවිසඳා කල් මරන්නේ නම් දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් තවදුරටත් ඉවත් වී වැඩ වර්ජනයේ නිරතවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා ‘දිවයින’ට ඉයේ (27 දා* පැවසීය.දරුවන්ට දින 45කට අධික කාලයක් සිදුව ඇති මෙම ...
"ගැබිනි මවක ඇතුළු හතක් කොරෝනාවෙන් බේරා ගන්න වවුනියාව රෝහලේ මහ සටනක්"
"වවුනියාවේ තෝනිකල් ප‍්‍රදේශයේ ගැබිනි මවක් ඇතුළුව එකම පවුලේ හත්දෙනකු කොරෝනා රෝගයට ගොදුරු වී අසාධ්‍ය තත්ත්වයකට පත්වීමත් සමගම වවුනියාව මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් හා සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් ඔවුන්ව බේරා ගැනීමට පෙරේදා (26 දා* සිට දැඩි වෙහෙසක් ගනිමින් සිටී. එම ගම්මානයේ මෙම රෝගීන් හත්දෙනා සමග පුද්ගලයන් 34 දෙනකු කොරෝනා රෝගයට ගො...
"රළ පනාවේ ඇවිදින මංතීරුවක් හදා පරාක‍්‍රම සමුද්‍රය විනාශ කිරීම අහස පොළොව නුහුලන අපරාධයක්… ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය කියති"
"පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාව ගලවා ඉවත්කර ඒ මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට එරෙහිව දිස්ත‍්‍රික්කයේ ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය ඊයේ (27 දා) පෙරවරුවේ එම වැව් බැම්ම මතදී විරෝධතාවක නිරත වූහ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දැනට එහි සිදුකරමින් තිබෙන බැකෝ යන්ත‍්‍රයක් යොදාගෙන රළපනාවේ කලූගල් ඉවත් කිරීම වහාම ...
"ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ 500 කට කොරෝනා"
"කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 500කට අධික පිරිසක් කොවිඞ් ආසාදිතයින් බවට පත් වී ඇති බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ උප ලේකම් රේණුකා ලියනගේ මහත්මිය ‘දිවයින’ට ඊයේ (27 දා* පැවසුවාය. කොවිඞ් වාට්ටුවල කොවිඞ් රෝගීන් පිරී යෑමේ අවදානම ගැන තම සංගමය රෝහල් බලධාරීන් කොතෙකුත් දැනුවත් කළ ...
"නිරෝධායන ඇඳිරි නීතිය 6 දා තෙක් දික්වෙයි.. හොඳම ක‍්‍රියාමාර්ග වෛද්‍යවරුන් කියන්න… ජනපති කියයි"
"පවතින අධි වසංගත තත්ත්වය හමුවේ දැනට පනවා ඇති නිරෝධායන ඇ`දිරිනීතිය ලබන සැප්තැම්බර් 06 වැනිදා දක්වා සතියකින් දීර්ඝ කිරීමට රජය ඊයේ (27 වැනිදා* පෙරවරුවේ තීරණය කළේය. ඉන්දීය මාරාන්තික ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග ඉකුත් 30 වැනිදා රාති‍්‍ර 10.00 සිට නිරෝධායන ඇ`දිරිනීතිය පැනවීමට කටයුතු කෙරුණු අතර එය 30 වැනි...
"පාරේ නැත්තේ නැව් විතරයි… ලොක්ඩවුන් නිසි ඵල ගන්න විද්‍යානුකූලව රට වහන්න"
"මාර්ගයට පැමිණියහොත් නෞකා හැර අන් සෑම වාහනයක්ම මාර්ගයේ ගමන් කිරීම දැක ගන්නට ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ඊයේ (27 දා* පැවසීය. නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීමේ නිසි ප‍්‍රයෝජනය ගන්නට නම් එය විද්‍යාත්මක රට වැසීමක් බවට පත්විය යුතු බව ද ඒ මහතා පැවසීය. රට විවෘත කර තිබෙනවා හා සමානව ජනතාව මහා මාර්ග...
"ළමා රෝහලේ කොවිඞ් දරුවෝ 200 දෙනෙක්"
"මේ වන විට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ ඊට අනුබද්ධිත රාජගිරිය ආයුර්වේද රෝහලේ ළමා වාට්ටුවේ කොවිඞ් ආසාදිත දරුවන් 200 දෙනකු පමණ ප‍්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ‘දිවයින’ට ඊයේ (27 දා* පැවසීය. ළමා රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටි කොවිඞ් ආසාදිත දරුවන් 16 දෙනකු මේ වන විට මියගොස් ඇතැයි ද හ...
"ලොකුම මැණික සහතිකේ ගන්න ස්විස්ටර්ලන්තයට"
"රත්නපුරය, පැල්මඩුල්ල ප‍්‍රදේශයේදී පෞද්ගලික පතලකින් හමු වූ ලොව විශාලතම මැණික ලෙස සැලකෙන (ආරනූල් පොකුර) සඳහා ජාත්‍යන්තර තත්ත්ව සහතිකයක් ලබා ගැනීමට ස්විස්ටර්ලන්තයට රැගෙන යෑමට කටයුතු කළ බව මැණික් හා පතල් ආශි‍්‍රත කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා ‘දිවයින’ට පැවසීය.මැණික ස්විස්ටර්ලන්තයේ මැණික් සම්බන්ධ පර්යේෂණාගාරයක...
"කොරෝනා හැදුණු රිෂාඞ්ගේ මාමාට ඇප නොලැබෙයි"
"හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ බිරිඳගේ පියාට ඇප ලබාදෙන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර පේ‍්‍රමජයන්ත මහතා කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය ඊයේ (27 වැනිදා) ප‍්‍රතික්ෂේප කළාය. රක්ෂිත බන්ධනාගාරගත සිටින සිය සේවාදායකයා මේ වනවිට කොරෝනා රෝගයට ගොදුරු වී ඇති බවත්, ඔහු කොරෝනා...
"75%ක් ඩෙල්ටා පැතිරුවේ රෝග ලක්‍ෂණ නැති අය… බටහිර පර්යේෂකයෝ කියති"
"දැනට ලොව පුරා රටවල පැතිර යන ‘ඩෙල්ටා’ වෛරස් ප‍්‍රභේදය ආසාදනය වී ඇති අයගෙන් සියයට 75කට පමණ එම වෛරස් ප‍්‍රභේදය පතුරුවා ඇත්තේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ඩෙල්ටා ආසාදිතයන් විසින් බව බටහිර වෛද්‍ය පර්යේෂකයන් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයක දී අනාවරණය කර ගෙන තිබේ. ඩෙල්ටා ආසාදිතයන්ට රෝග ලක්ෂණ මතු වීමට දින දෙකකට පමණ පෙර එම වෛරස්...
"පුත්තලමේ ෆයිසර් දුන්නේ ආණ්ඩුවට උදව් කරපු විශේෂ අයටයි…. නව ප‍්‍රභේද දෙක මාරාන්තික යැයි පවසද්දී ඉන්දීය සංචාරකයන් ගෙන්වීම ඛේදවාචකයක්!"
"ආණ්ඩුව සියලූ දත්ත වසන් කරමින්  රටේ ජනතාව  අගාධයකට දමලා‘‘වෛරසය මැඬ පවත්වන්න අවශ්‍ය ඇඳිරි නීතියක් නෙමෙයි අද පනවල තිබෙන්නේ. වෘත්තීය සමිති හා ඇතැම් පාර්ශ්වයන්ගේ කටේ බලයට දමපු ඇඳිරි නීතියක්’’ යැයි සමගි ජනබලවේගය පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (27 දා* පැවති...
"වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේත්…"
"දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් අද (27 දා* විටින් විට වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව කියයි. එසේම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර ද...
"බංකොලොත් දේශපාලකයන්ට අවශ්‍ය ජනතාව බේරා ගැනීමට නොව රට අස්ථාවර කිරීමටයි"
"‘‘හැමදාමත් බොරදියේ මාළු බාන, දේශපාලන වශයෙන් බංකොළොත් වී කුහක වෛරී දේශපාලනයක නිරත අතළොස්සක පිරිසකට අවශ්‍ය වී තිබෙන්නේ රට අස්ථාවර කර ඒ අයට අවශ්‍ය දේශපාලන වේදිකාව හදා ගැනීමට මිස ජනතාව මෙම ව්‍යසනයෙන් බේරා ගැනීමට නොවේ’’ යැයි වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. බත්තරමුල්ල, නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර...
"තව සතියක් රට වැසීම සතුටක්: හැබැයි මිනිස්සු මහ පාරෙනේ! රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම්"
"‘‘තව සතියක් රට වැසීම ගැන සතුටුයි. කොහොම වුණත් මීට වඩා දැඩි සංචරණ සීමා පැනවිය යුතුයි. මොකද නිරෝධායන ඇඳිරිනීතිය දැම්මාට මිනිස්සු හතර අතේ ඇවිදිනවා. දැඩි නීති පනවා රට වැහුවේ නැත්නම් අපි හිතන්නේ නැහැ සාර්ථක ප‍්‍රතිඵල ගන්න පුළුවන් වෙයි කියලා.’’ යැයි රජයේ වෛද නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද කමල් ඒ. පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (27...
"ශ‍්‍රී ලංකාව තාක්ෂණය පදනම් කරගත් සමාජයක් බවට පරිවර්තනය කිරීම රජයේ ප‍්‍රධාන අරමුණයි.. චීනයේ ශ‍්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන"
"ශ‍්‍රී ලංකාව තාක්ෂණය පදනම් කරගත් සමාජයක් බවට පරිවර්තනය කිරීම රජයේ ප‍්‍රධාන ජාතික ප‍්‍රතිපත්තිමය අරමුණක් බව චොංකිංහි පැවැත්වෙන 2021 ස්මාර්ට් චයිනා ප‍්‍රදර්ශනයේ දී චීනයේ ශ‍්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පැවසීය. මෙම ප‍්‍රදර්ශනය ඉකුත් 23 සහ 25 දිනවල චොංකිං හිදී පැවත්විණි. තානාපති ආචාර්ය කොහොන මහතා වැඩිදුරටත් අද...
"මංගලට අනුමෝදනා කරමින්…."
"අභාවප‍්‍රාප්ත හිටපු ඇමැති මංගල සමරවීර මහතාට පිං පැමිණවීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් පිරිසක් එම අවස්ථාවට සහභාගි වූ අයුරු. "
"ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ එන්නත්කරණය ඉදිරි දින කිහිපයේ වේගවත් කරනවා…. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල"
"වයස අවුරුදු 60 ඉක්මවූ සියලූ පුරවැසියන් එන්නත්කරණයට ලක් කිරීම ඉදිරි දින කිහිපය තුළ වඩා වේගවත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ඊයේ (27 දා* සවස පැවති සාකච්ඡුාවකදී පැවසීය. එම වයස ඉක්මවූ සෑම අයකුගේම දිස්ත‍්‍රික් මට්ටමින් තොරතුරු ඇතුළත් සංඛ්‍යාලේඛන වාර්තාවක් දිස්ත‍්‍රික...
"ඉටුකම කොවිඞ් අරමුදලට රුපියල් මිලියන 10 ක්"
"යාපනයේ පදිංචි වී. ත්‍යාගේන්ද්‍රන් මහතා ඉටුකම කොවිඞ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 10 ක් පරිත්‍යාග කර ඇත. ඊට අදාළ චෙක්පත ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ඊයේ (27 දා* පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් අයුරු."
"කොරෝනාවලට ප‍්‍රතිකාර කරන්න අවස්ථාවක් දෙන්නැයි පාරම්පරික වෛද්‍යවරයෙක් අනුරාධපුරයේ උපවාසයක"
"මාරාන්තික කොරෝනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා තමන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා ආයුර්වේද පාරම්පරික වෛද්‍ය වරයෙක් අනුරාධපුර දී උපවාසයක් ආරම්භ කර ඇත. මෙම දරුණු වෛරසය පරාජය කිරීමට තමන් නිපදවූ ඖෂධය රෝගීන්ට ලබාදී සියලූ දෙනා සුවපත් කළ හැකි බව ඔහු පවසයි. පෙරේදා (25 දා* දහවල් අනුරාධපුර මෛත‍්‍රිපාල සේනානායක උද්‍යානය ඉදිරි...
"ආණමඩුවේ එන්නත් ගන්න ඇවිත් උණුසුම් තත්ත්වයක් තෙරපීම්… ගුටිබැට හුවමාරු… පන්දහසක් විතර ඇවිත්…"
"ඒත් එන්නත් මදිවෙයි… තත්ත්වය පාලනයට හමුදාව හා සෞඛ්‍ය අංශ මැදිහත් වෙයි… ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ කොරෝනා එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් ගුටිබැට හුවමාරුවක් බවට වර්ධනය වී පාසලේ පිවිසුම් ගේට්ටුවෙන් ඇතුල්වීමට උත්සාහ කරන අවස්ථාවේ ඇතිවූ තෙරපීම හේතුවෙන් කීප දෙනකු තැලීම් ආබාධවලට ලක්ව තිබේ. පෙරේ...
"කොළඹ ජාතික රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් කිරීම පාලනය කරන්න"
"රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් පෙරේරා රටේ ප‍්‍රධාන රෝහල වන කොළඹ ජාතක රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් කර ගැනීම පාලනය කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් පෙරේරා මහතා ඉල්ලා සිටී.සියලූම රෝග සඳහා චමින්ද සිල්වා පහසුකම් වැඩිපුරම පවතින ජාතික රෝහලට කොරෝනා රෝගීන් දිනෙන් දින වැඩි වශයෙන් ඇතුළත් ක...
"පුත්තලමේ ෆයිසර් විදගන්න පිටින් ඇවිත්… වෛද්‍යවරයාට හා පවුල් සෞඛ්‍ය සේවිකාවට මාරුවක්"
"හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කොක්කාවිල රජයේ විද්‍යාලයේ එන්නත්කරණය සිදුකරන අවස්ථාවේ නීති විරෝධී ලෙස නියමිත වයස් කාණ්ඩයට අයත් නොවන අය සඳහා එන්නත් ලබාදීමේ සිද්ධියකට සම්බන්ධ චෝදනා එල්ල වන වෛද්‍යවරයකු හා පවුල් සෞඛ්‍ය සේවිකාව වහාම කි‍්‍රයාත්මක වන පරිදි පුත්තලම මූලික රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ බව පුත්තලම දිස...
"මේ ලොක්ඩවුන් කිරීමෙන් වෙන සෙතක් නැහැ… මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් බී. එම්. එම්. බාලසූරිය"
"මෙහෙම ලොක්ඩවුන් කර කොවිඞ් ආසාදිතයන් අඩුකර ගැනීම සිදුකළ නොහැකි යැයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් බී. එම්. එම්. බාලසූරිය මහතා ‘දිවයින’ ට ඊයේ (26 දා* පැවසීය. පසුගිය වතාවේ මෙන් මෙවර ද රට ලොක්ඩවුන් කර ඇතත් මරණයට බියක් දැනෙන, කිසිවක් කරකියා ගත නොහැකි පිරිස් නිවෙස්වලට වී සිටින බවත් යමක් කමක් කරගත හැකි...
"එන්නත්කරණ වැඩපිළිවෙළට ජපානයෙන් දුන් උපකරණ වැදගත්"
"ජපන් අරමුදල්වලින්  යුනිසෙෆ් දෙන දෙවැනි ශීත දාම  උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශයට ‘කෝවිඞ් -19’ට එරෙහිව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිශක්තිකරණ සේවාවන් ලබා දීම ශක්තිමත් කිරීම සඳහා ජපාන රජයේ අරමුදල්වලින් යුනිසෙෆ් ආයතනය විසින් මිලදී ගනු ලැබූ දෙවැනි ශීත දාම උපකරණ තොගය සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදී තිබේ. එම භාණ්ඩ තොගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්...
"සීනි රු. 200 ට නගිද්දී සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගිහින්… බැසිල් ආවම ඔක්කොම හරි යයි කිව්වට රුපියල් 5000ත් 2000ට අඩු කළා"
"ආණ්ඩුවේ උද්දච්චකම හා අව පාලනය නිසා  ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා ‘‘සීනි විතරක් නෙමෙයි ගිය වසරත් මේ වසරත් අතර ඉතා විශාල ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගිහින් තිබෙනවා’’ යැයි කෑගල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26 දා* පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්...
"කොරෝනා සම්බන්ධ බොරු විඩියෝ මිලියනයක් ඉවතට"
"කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් ඇතුළත් කළ වීඩියෝ මිලියනයක් ඉවත් කිරීමට යූ ටියුබ් ආයතනය කටයුතු කර ඇත. ගෝලීය වසංගතයක් හමුවේ ලෝක ජනතාව තමන් මෙන්ම තම පවුල්වල සාමාජිකයන් සුරක්‍ෂිත කර ගැනීම ස`දහා නිවැරදි හො`දම තොරතුරුවලින් සන්නද්ධ විය යුතුව ඇතැයි යූ ටියුබ් ආයතනය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍...
"වෛද්‍ය උපදෙස් නැතිව ඖෂධ ගන්න එපා … ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය; වෛද්‍ය උපදෙස් සඳහා 247 අමතන්න"
"කොරෝනා ආසාදනයට ගොදුරු වූ ඇතැම් රෝගීන් ආසාදනයට ඇති බිය හේතුවෙන් වෛද්‍ය උපදෙස්වලින් තොරව හානිකර විය හැකි බෙහෙත් වර්ගයක් ලබා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පැවසීය. මෙම බෙහෙත් වර්ගය කොරෝනා ආසාදනයේ අවසන් අවස්ථාවේ සිටින රෝගීන්ට ලබාදෙන බෙහෙත් වර්ගයක් බව පවසන වෛද්...
"සතියකදී සීනි කිලෝව රු. 50 කින් වැඩිවෙලා…. විපක්‍ෂ නායක සජිත්ගෙන් නිවේදනයක්"
"රුපියල් 160ක්ව පැවැති සීනි කිලෝවක මිල සතියක් තුළ රුපියල් 50කින් පමණ ඉහළ ගොස් ඇති බවත් මිල පාලනය ආණ්ඩුවෙන් ගිලිහී ඇති ආකාරය ඉන් පැහැදිලි බවත් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් සඳහන් කරයි.එමෙන්ම අසාමාන්‍ය ලෙස කිරිපිටි හිඟයක් දක්නට ඇති බවත් ඉන්ධන, ගෑස්, හාල්, ඖෂධ, පාන් ඇතුළු බොහෝ පාරිභෝගික භාණ්ඩ...
"පොට්ට නවුෆර්ට කොරෝනා…. තවත් රැඳවියන් 180 කට අසාදිතයි"
"කොළඹ හිටපු මහ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරගත වී සිටින ප‍්‍රධාන පෙළේ පාතාල නායකයකු වු මොහොමඩ් නවුෆර් නොහොත් පොට්ට නවුෆර් කොරෝනා වැළඳීම හේතුවෙන් කොළඹ බන්ධනාගාර රෝහලේ දැන් ප‍්‍රතිකාර ලබමින් සිටියි. මේ හැර පොට්ට නවුෆර් තවත් රෝගාබාධාවලින් ද පෙළෙන්නෙකි. මේ අතර කොරෝනා වැළඳී...
"ගන්දර – මාතර පුපුරන ද්‍රව්‍ය ගබඩා දෙකක් වටලයි"
"ගල් වැඩපලක් පවත්වාගෙන යන මුවාවෙන් අධිබලැති පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගන්දර සහ මාතර ගබඩා දෙකක් 25 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් වටලා සැකකරුවන් දෙදෙනකු සමඟ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව සිදුකළ වැටලීම...
"නොවැම්බර්වලට පෙර 18 ට වැඩි සැමට එන්නත"
"ලබන නොවැම්බර් අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18න් ඉහළ සියලූ පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. සැප්තැම්බර් මැද වන විට අවුරුදු 30ට වැඩි සියලූ පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලැසුම් කර ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය. ශ‍්‍රී ලංකාවේ කියුබානු තානාපති...
"තවත් සති දෙකක් රට වහන්න…. රනිල් ඉල්ලයි"
"වෛද්‍ය උපදෙස් අනුව ක‍්‍රියා කරමින් තව සතියක් හෝ දෙකක් රට වසා දමන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති, අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියි.රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (26 දා) දින විශේෂ ප‍්‍රකාශයක් කරමින් වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.ඇමරිකා එක්සත් ජනපද ආධාර ඒජන්සියේ  ප‍්...
"වෛද්‍යවරයාට තර්ජනය කිරීම – බන්ධනාගාරය ඇතුළේම රිෂාඩ්ට නඩු – විශේෂ විනිශ්චය සභාවක් පත් කෙරේ"
"බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව බන්ධනාගාර විශේෂ විනිශ්චය සභාවක් හමුවේ නඩු විභාගයක් පැවැත්වීමට කටයුතු කරන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා ‘දිවයින’ට ඊයේ  (25 වැනිදා) පැවසීය.වෛද්‍යවරයාට අපහාස කිරීම, මරණීය තර්ජන කිරීම, ර...
"සඳහිරු සෑ චූඩාමාණික්‍යය සහ කොත් වහන්සේ කළුතර බෝධි පරිශ‍්‍රයේ තැන්පත් කෙරේ"
"සඳහිරු සෑයේ චූඩාමාණික්‍යය සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ‍්‍රයේ තැන්පත් කර ඇති අතර දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව ඊයේ  (25 වැනිදා) උදෑසන මහා සංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් නිසි ගෞරව මධ්‍යයේ ආගමික වතාවත් පවත්වන ලදී."
"පාස්කු විමර්ශන තොරතුරු හෙළි කිරීම අධිකරණ කටයුතුවලට බාධාවක් – පොලිස්පතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්"
"පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන සම්බන්ධව නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් එම විමර්ශන සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මතවාද ගොඩනැගී ඇති බව පාස්කු ප‍්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා ඊයේ (25 දා) සඳහන් කළේය.2019 වසරේ එල්ල වූ පාස්කු ප‍්‍රහාර මාලාව සහරා...
"ආණ්ඩුව හිතවතුන්ට දුන් බිලියන 600ක බදු සහනවල වන්දිය ජනතාවට ගෙවන්න සිදුවෙලා – පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා"
"* කිලී රාජා මහේන්ද්‍රන් සහ  මංගල සමරවීර අහිමිවීම  රටට විශාල පාඩුවක්‘‘විදෙස් රටවලින් ලබාගත් ණය ගෙවීමට නොහැකිව රට බංකොලොත් බවට පත්වෙමින් තිබෙනවා’’ යැයි සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලය ඊයේ (25 දා) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මෙ...
"නිර්දේශ කැබිනට් එකට යන්න පෙර ගුරු සමිති සාකච්ඡාවක් ඉල්ලයි"
"කැබිනට් අනුකමිටුව ගෙන තිබෙන නිරීක්ෂණ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර ගුරු විදුහල්පති සංගම් සමග සාකච්ඡාවක් කරන ලෙස ඊයේ (25 දා) අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං මහතා ‘දිවයින’ට පැවසීය. කැබිනට් අනුකමිටුව වෘත්තීය සමිති සමග සාකච්ඡුා කළත් කුමන නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන...
"ජනතාවට කැප කරන්න කියලා ආණ්ඩුව සහන මල්ලත් කැපුවා – විපක්‍ෂ නායක සජිත් නිවේදනය කරයි"
"ජනතාවට කැප කිරීම් කරන්නැයි කියූ ආණ්ඩුව කොරෝනා උවදුරෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ලබාදෙනු ලබන සහන මල්ලටත් සීමා පනවන්නේ නම් ආණ්ඩුවේ අමානුෂිකත්වයේ තරම වටහාගත හැකි යැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. විපක්‍ෂ නායකවරයා එසේ සඳහන් කරමින් ඊයේ (25) දින නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් මෙසේ...
"ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී ජයසිරි සේමගේ අභාවප‍්‍රාප්ත වෙයි"
"දෙස් විදෙස් සම්මානයෙන් පිදුම් ලැබූ ප‍්‍රවීන චිත‍්‍ර ශිල්පී ජයසිරි සේමගේ මහතා ඊයේ (25 දා) සවස අභාවප‍්‍රාප්ත විය. මිය යන විට ඔහු 84 වැනි වියෙහි පසුවිය. එක් දරු පියකු වන ඒ මහතා තමාටම ආවේණික ශෛලියකින් චිත‍්‍ර නිර්මාණය කරමින් මෙරට මෙන්ම රටවල් රැුසකම ප‍්‍රදර්ශන පවත්වමින් ඉමහත් ජනපි‍්‍රයත්වයට පත් වූ අතර එම චිත‍්‍ර නිර්මාණ රැ...
"ජනපති නියමයෙන් – ත‍්‍රස්ත පනතට නිර්දේශ දෙන්න ත‍්‍රිපුද්ගල උපදේශක මණ්ඩලයක් – සභාපති අශෝක ද සිල්වා"
"ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව නිර්දේශ සහ තීරණ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත‍්‍රිපුද්ගල උපදේශක මණ්ඩලයක් පත්කර ඇත.1979 අංක 48 දරන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 13 වැනි වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් මෙම උපදේශක මණ්ඩලයක් පත් කර ඇතැයි ජ...
"ආසාදිත ගණන ලක්‍ෂ 4 පනියි"
"ශී‍්‍ර ලංකාවේ මේ දක්වා හඳුනාගත් කොවිඞ් 19 ආසාදිතයන් ගණන ලක්‍ෂ හතර ඉක්මවා ඇත. ඒ අනුව මේ දක්වා හඳුනාගත් කොවිඞ් ආසාදිතයන් ගණන ඊයේ (25 දා) වනවිට 406,675 ක් විය. මේ අතර ඊයේ වනවිට සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 348,930 කි. මේ දක්වා මියගිය කොරෝනා රෝගීන් ගණන 7,750 කි."
"ජුලි මාසය තුළ ශී‍්‍ර ලංකාවේ අපනය ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි"
"2021 ජුලි මාසය තුළ එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්මවූ අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වී ඇත.ශ‍්‍රී ලංකා රේගු සංඛ්‍යා ලේඛනවලට අනුව පසුගිය ජූලි මාසයේදී ඩොලර් මිලියන 1,099.41 ක අපනයන ආදායමක් වාර්තා කර ඇති අතර එය මෙතෙක් ඉතිහාසයේ එක් මාසයක් තුළ වැඩිම අපනයන ආදායම වන 2020 ජුලි මාසයේ ඩොලර් මිලියන 1,085 ඉක්ම...
"අජිත් රෝහණ සුව අතට – වෛද්‍ය උපදෙස් මත ‘කෝල් ආන්සර්’ කරන්නේ නෑ – බිරිඳ කියයි"
"කෝවිඞ් රෝගය වැළඳී ඇති තම සැමියා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින බව හිටපු මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ බිරිඳ ‘දිවයින’ ට ඊයේ (25 දා) පැවසුවාය.තම සැමියා මේ වනවිට සුවය ලබමින් සිටින බව ද තවත් දින කීපයක් ප‍්‍රතිකාර ගැනීමෙන් පසු රෝහලෙන් පිටව යා හැකි බවද ...
"රිෂාඩ් තර්ජනය කිරීම… වෛද්‍යරයාගේ පැමිණිල්ල ගැන බන්ධනාගාරය සැලකීමක්‌ කර නෑ… විමර්ශන ඇරඹුවේ දින 6 කට පසුව"
"හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා විසින් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී දින හයක් යන තුරුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් කිසිම ආකාරයක විමර්ශනයක් නොකිරීම සම්බන්ධයෙන් සෙවීමට පොලිසිය වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.මේ තරම් බරපතළ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක්...
"ශී‍්‍ර ලනිප මන්තී‍්‍රවරුන්ගෙන් කොවිඞ් අරමුදලට ලක්‍ෂ 14ක්"
"රජය කොවිඞ් වසංගතය තුරන් කිරීමට සහ රෝගීන් බේරා ගැනීමට ගන්නා උත්සාහයට ශක්තිය ලබාදෙමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (25දා* පිහිටුවූ කොවිඞ් අරමුදලට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 14 දෙනා රුපියල් ලක්ෂ 14ක් පරිත්‍යාග කළහ. ඔවුන් සිය වැටුප වන රුපියල් 54,285 ට තවත් රුපියල් 54,715ක් එකතු කර රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 14ක් ...
"මංගල එන්නත් දෙකම අරගෙන නිධන්ගත රෝගවලට ප‍්‍රතිකාර ගනිමින් ඉඳලා"
"අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍යවරයකු වන මංගල සමරවීර මහතා කොවිඞ් පාලනය සඳහා ලබාදෙන එන්නත් මාත‍්‍රා දෙකම ලබා තිබූ බවට වාර්තා ඉදිරිපත් කර ඇතැයි වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ නමුත් ඒ මහතා දිගුකාලයක සිට නිධන්ගත දියවැඩියා රෝගයෙන් සහ වකුගඩු දුර්වලතා රෝගයෙන් පෙළී ඇති අතර ඒ සඳහා ප‍්‍රතිකාර ලබමින් සිට ඇතැයිද වෛද්‍ය ආරංචි මාර්...
"ලංකාවේ නමින් පිටරටක මළ සිරුරුවල ඡායාරූප ෆේස්බුක් දැමූ අයෙක් දැලේ"
"කළුබෝවිල මහ රෝහලේ කොවිඞ් වැළඳී මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර තැනින් තැන දමා තිබෙන බවත් ‘මළමිනී ගොඩ ගැසෙන්න පටන් අරන් අපට සරණක් නැද්ද?’ යනුවෙන් සඳහන් කර විදෙස් රටක ඡායාරූප ව්‍යාජ ලෙස සකසමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැරිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්¥ව මහතා ‘දිවයින’ට ඊ...
"මංගල තම මතවාදය උදෙසා නිරතුරුවම සටන් කළ දේශපාලනඥයෙක්… අගමැතිගෙන් ශෝක පණිවුඩයක්"
"මංගල සමරවීර මහතා අභියෝග හමුවේ තම මතයෙන් බැහැරව නොගොස්, සිය මතවාදය උදෙසා නිරතුරුවම සටන් කළ දේශපාලඥයෙක් යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍යවරයකු වූ මංගල සමරවීර මහතා වෙනුවෙන් ශෝක ප‍්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම ශෝක ප‍්‍රකාශයේ මෙසේද සඳහන් වේ. ශ‍්‍රී ලාංකේය දේශපාලනයේ නොමැකෙන මතකයන් ඉ...
"විදෙස්ගත ශ‍්‍රමිකයන් මාර්ගයෙන් ශී‍්‍ර ලංකාවට රත‍්‍රං ගෙන ඒමේ ජාවාරමක්… කෝටි 3කට අධික රත‍්‍රං රේගු දැලේ"
"විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදල් බැංකු වෙත නොදමා ඒ වෙනුවට ඔවුන් මගින් රන් බිස්කට් හා රන් ආභරණ මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ශ‍්‍රී ලංකා රේගුව අනාවරණය කරගෙන ඇත. ඒ අනුව පසුගිය ජූලි මාසයේදී නීති විරෝධී ආකාරයට මෙරටට රැුගෙන ඒ්මට තැත් කළ රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් රන් බිස්කට් හා රන් ආභරණ අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන්තො...
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 816 ක්"
"ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 816 ක පමණ මුදලක් (එස්ඞීආර් මිලියන 554.8ක් * ලැබීමට සුදුසුකම් ලබා ඇත. එම අරමුදල මගින් සිය සාමාජික රටවලට එහි ඉතිහාසයේ විශාලතම විශේෂ ගැනුම් හිමිකම්  වෙන් කිරීම සිදුකර ඇත. ඇමරිකානු ඩොලර් බිලියන 650 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉතිහාසයේ විශාලතම විශේෂ ගැනුම් හිමි...
"කිලිනොච්චියේ එන්නත නොගත් හත්දහසක් සොයා හමුදාව ගෙවල් පීරති"
"කිළිනොච්චිය දිස්ත‍්‍රික්කයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 7000 කට ඔවුන්ගේ නිවෙස් වලටම ගොස් එන්නත් ලබා දීමේ වැඩ සටහනක් යුද හමුදාව විසින් 23 දා ආරම්භ කොට තිබේ. කිළිනොච්චිය දිසාපති කාර්යාලයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ප‍්‍රදේශය තුළ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 18067 ක් සිටින අතර ඔවුන්ගෙන් එන්නත ලබා ගෙන ඇත්තේ 11878 ක් පම...
"මිදුලේ සෙල්ලම් කරමින් සිටි පුංචි දැරිය හිටිහැටියේම ඇදවැටී මියයයි; බෙල්ල පැත්තකට හැරුණා… කටින් සෙම ආවා… රෝහලට රැගෙන ගියවිට දරුවා මියගිහින් කීවා…"
"බළන්ගොඩ  පළමු කොවිඞ්  ළමා මරණයබලන්ගොඩ මාරතැන්න ප‍්‍රදේශයේ අවුරුදු 3යි මාස 07 වයසැති කුඩා දරුවෙකු නිවසේ සෙල්ලම් කරමින් සිටිය දී හිටිහැටියේ ඇද වැටී මරණයට පත් වී ඇත. මෙසේ මියගිය වික්නේෂ්වරන් චාරුක්ෂා නමැති ගැහැනු දරුවාගේ මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ දී (23* බළන්ගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජේතිලක මහතාගේ ප‍්‍රධ...
"මතකය රන්දා නික්ම ගිය මංගල"
"1994 චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ තැපැල් හා විදුලි සංදේශ ඇමැති ලෙස පත්වූ දා "
"මංගලගේ අවසන් ඡායාරූපය…."
"ජුලි 25 වැනිදා පැවැති මාධ්‍ය හමුව අවසානයේ නෝ කොමෙන්ට්ස් යැයි පවසමින් සමරවීර මහතා හමුව අවසන් කළ අයුරු. මේ ඔහුගේ අවසන් ප‍්‍රසිද්ධ ඡායාරූපයයි."
"කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ මංගල අභාවප්‍රාප්ත වෙයි… අවසන් කටයුතු ඊයේම සිදු කරයි"
"හිටපු අමාත්‍යවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වූ මංගල සමරවීර මහතා කොවිඞ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24දා* අභාවප‍්‍රාප්ත විය. මියයන විට 65 වියේ පසුවූ මංගල සමරවීර මහතා පිය උරුමයෙන් දේශාලනයට පිවිසියේය. ඔහුගේ පියා මාතර හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු මෙන්ම අමාත්‍යවරයකු වූ මහානාම සමරවීර මහත...
"යොහානි ඉන්දියාව කළඹයි"
"ශ‍්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ද සිල්වා පිළිබ`ද පුවත්වලට ඉන්දීය මාධ්‍යවල ප‍්‍රමුඛ තැනක් හිමිව තිබේ. ඇය ගායනා කරන ‘මැණිකේ මාගේ හිතේ ’ ගීතය යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ පරිශීලකයන් කෝටි 5 කට අධික සංඛ්‍යාවක් නරඹා තිබීමත් ඉන්දියාව පුරා මෙම සිංහල ගීතයට නොසිතූ ආකාරයේ ජනප‍්‍රියතාවක් හිමිවීමත් නිසා ඉන්දීය මාධ්‍ය මේ සිංහල ගා...
"එක නිවසේ දිවිගෙවූ අනියම් බිරිඳ මරා නිවස පිටුපස වළදමලා.. සැකකාර හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට"
"ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ අඹගස්දෝව පොලිස් බල ප‍්‍රදේශයට අයත් ගල්කඩ, මැදහින්න ප‍්‍රදේශයේ මරා වල දමා තිබූ 36 හැවිරිදි දෙදරු මවකගේ මළ සිරුරක් පෙරේදා (23දා* දින වැලිමඩ මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ජයසේකර මහතා ඉදිරියේ ගොඩ ගන්නා ලදී. මෙසේ අමානුෂික ලෙස ඝාතනය කර තිබුනේ රමණි සේපාලිකා නැමති දෙදරු මවකි. මෙම තරුණිය මීට පෙර විවාහයක් ස...
"පෑලියගොඩ මැනිං එළවළු මිල ගිනිගණන්… සිල්ලර වෙළෙඳුන්ගෙන් චෝදනා"
"පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ ඊයේ (24 වැනිදා* එළවළු ගිනි ගණන් බව සිල්ලර වෙළෙඳුන් කීපදෙනකුම ‘දිවයින’ ට පැවැසූහ. එම එළවළු මිලදී ගෙන පාරිභෝගික ජනතාවට කෙසේ අලෙවි කරන්න දැයි ඔවුහු ප‍්‍රශ්න කර සිටියහ. මෙහිදී එලවළු මිලදී ගැනීමට පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට පැමිණි සිල්ලර වෙළෙඳුන් කීපදෙනකු මෙසේ පැවැසීය. මේකේ එළවළු පට්ට ගණන් මුන්ට හෙණ ග...
"ඉෂාලිනී වෙනත් තැනක පුළුස්සා ගෙනත් දැමුවාද? – සැක සහිත කරුණු අධිකරණය ඉදිරියේ හෙළිවේ – වධහිංසාදීමට රිෂාඩ් සැකකරුවෙක්"
"*  රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්ජූඞ් කුමාර් ඉෂාලිනි නමැති දැරිය කෲරත්වයට පත් කිරීම හා වධහිංසනයට ලක් කිරීම ඇතුළු චෝදනා යටතේ සිදුකරන විමර්ශනවල 5 වන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතා නම් කිරීමට අවසර ලබාදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්...
"දිය කැපීමෙන් පසු ඇසළ මංගල්‍යය නිමාවෙයි"
"මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝළි මහ පෙරහැර වීදී සංචාරය කිරීමෙන් පසු සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් පෞරාණික චාරිත‍්‍රවලට අනුකූලව දිය කැපීමේ මංගල්‍යය ඊයේ (23) අලූයම ගැටඹේ දිය කපනා තොටේදී සිදුකරනු ලැබීය. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි ප‍්‍රධාන කපු මහත්වරු ඇතුළු සීමිත පිරිසක් මෙම අවස්ථාවට එ...
"කැන්ඩොස් ෂොප් මීගමුව ශාඛාව විවෘත කරයි"
"ශ‍්‍රී ලංකාවේ අංක 01 චොක්ලට් සන්නාමය වන කැන්ඩොස් චොක්ලට් නිෂ්පාදනය කරන සිලෝන් චොක්ලට් ලිමිටඞ් විසින් පසුගියදා මීගමුව නගරයේදී නවතම කැන්ඩොස් ෂොප් ශාඛාවක් විවෘත කරන ලදී. නො. 393/4, මීගමුව නගරයේදී සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේදවලට අනුගත වෙමින් මෙම නවතම කැන්ඩොස් ෂොප් ශාඛාව විවෘත විය. සිලෝන් චොක්ලට් ලිමිටඞ් විසින් විවෘත කරන ලද 10...
"ජනපති දළදා පෙරහර නරඹයි…"
"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (22දා) පස්වරුවේ මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.ඉන් පසු ජනාධිපතිවරයා අයෝමා රාජපක්ෂ මහත්මියද සමග මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිට අවසන් මහා රන්දෝලි පෙරහර නැරඹීමට එක්විය."