Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"මන්නාරමේ කැස්බෑ මාරයා මාට්ටු" | "කිලෝ ග‍්‍රෑම් විසිපහක පමණ කැස්බෑවකු මස් කිරීම සඳහා ටැංකියක දමා ගෙන සිටි මන්නාරම දේවාන්පිඞ්ඩි ප‍්‍රදේශයේ පුද්ගලයකු මන්නාරම ඉලූප්පකඩවෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත්තේ පළාතේ ධීවරයකු වන 43 හැවිරිදි පුද්ගලයෙකි. එම පුද්ගලයාගේ නිවස පරීක්ෂා කළ පොලිසියට හෙළි වූ තොරතුරුවලට... |
"වවාගෙන ගැසූ සුද්දා කූඩු" | "ගංජා පැළ 07ක් හා ගංජාග‍්‍රෑම් 1075ක් සමග හික්කඩුව නානායක්කාර මාවතේ කුලි නිවසක පදිංචිව සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයකු පස්වරුවේ දී අත්අඩංගුවට ගත්බැව් හික්කඩුව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් විදේශිකයා 43 හැවිරිදිවියේ පසුවන අයෙකි. මෙකි විදේශිකයා ගෙවත්තේ බදුන්වල ගංජා වගාකොට තිබූ බවද පොලිසිය පවසයි. මොහු පානය කිරීම සඳහා ගංජා වගාක... |
"සති දෙකක් රට වහන්න…. ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය යළි ජනපතිට ලියයි" | "මේ වන විට රටෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ හා කොරෝනා මරණ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් තිබීම හේතුවෙන් රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් මුදා ගැනීම සඳහා වහාම සති දෙකක කාලයක් දැඩි ලෙස සංචරණය සීමා වන ලෙස රට අගුලූ දමන ලෙස ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය නැවත වරක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. මෙම අග... |
"මෙහෙම ගියොත් ජනවාරි වන විට කොවිඩ් මරණ 18000 ක්… ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කරයි… සති තුනක් සියලු උත්සව අවලංගු කරන්න" | "මේ වන විට මෙරටේ පවතින කොවිඞ් ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු නොකළහොත් ලබන ජනවාරි මාසය වන විට රටේ සමස්ත කොවිඞ් මරණ ගණන 18,000ක් දක්වා ඉහළ යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ සමීක්ෂණ අනුව පුරෝකථනය කරගෙන තිබේ. 04 – පිටුවට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට වෛද්‍ය විශේෂඥයින් 30දෙනකුගෙන් සමන්විත පිරිසක් සමග එක්වී සිදුකළ සමීක්ෂණ ප‍්... |
"පාස්කු ප‍්‍රහාරය ගැන අහන විට ආණ්ඩුව උපායශීලීව මඟ අරිනවා; අගෝස්තු 21 දා කළු කොඩි දාන්න…. කාදිනල්තුමා කියයි" | "පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ප‍්‍රශ්න කරන වාරයක් පාසා එය කෙසේ හෝ යට ගසා, ජනතාවගේ අවධානය වෙනතකට යොමුකරන උපායශීලී වැඩපිළිවෙළක ආණ්ඩුව නියැළී සිටින බව ප‍්‍රකාශ කරන්නට සිදුවීම ඛේදවාචකයක් යැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති. වත්මන් රජය බලයට පැමිණියේ පාස්කු ප‍්‍රහාරයෙන් අපමණ දේශපාලන වාසි ගනිමින් බවත් එහෙ... |
"ඇමැතිනි සුදර්ශනි පුතුගේ මංගල සාදයත් නවත්වයි ආගමික චාරිත‍්‍ර පමණයි" | "කොරෝනා වසංගත තත්ත්වය රටේ පැතිර යෑම වේගවත් බව තේරුම් ගෙන රටේ වගකිවයුතු පුරවැසියකු ලෙස තම පුත‍්‍රයාගේ මංගල උත්සවය ආගමානුකූල චාරිත‍්‍රවලට සීමාකර මංගල සාදය අවලංගු කිරීමට කටයුතු කළ බව කොවිඞ් පාලන හා ප‍්‍රාථමික සෞඛ්‍ය ඇමැතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ‘දිවයින’ට ඊයේ (12 දා* පැවසුවාය. රටේ ඩෙල්ටා ප‍්‍රභේදය ශීඝ‍්‍ර ලෙස... |
"බැංකු ගිණුම් මුදල් වංචනික ලෙස ලබාගත් පරිගණක විශේෂඥයා රෝගීන්ගේ බැංකු ගිණුම් සුද්ද කරලා" | "දරුණු රෝගාබාධවලට ලක්වූවන්ට මුදල් ආධාර ලැබෙන බැංකු ගිණුම්වලට ඉතාම සූක්‍ෂම ලෙස ඇතුළුවී එම ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස ලබාගත් බව කියන මඩකලපුව ප‍්‍රදේශයේ පදිංචි පරිගණක විශේෂඥයකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (11 දා* අත්අඩංගුවට ගෙන ඇත. විවිධ රෝගාබාධවලට ලක්වූවන්ට ආධාර ලැබෙන බැංකු ගිණුම් විශාල ප‍්‍රමාණයකට සූක්‍ෂමව ඇතුළු... |
"අන්තර්ජාලයෙන් දැරිය විකිණීම: වෙබ් අඩවි 4 ක් තහනම්" | "ගල්කිස්සේ පහළොස් හැවිරිදි දැරිය ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවි කිරීමට අන්තර්ජාලය ඔස්සේ වෙළෙඳ දැන්වීම් පළකළ වෙබ් අඩවි හතරක් කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නියෝග මත තහනම් කර ඇත. මෙම වෙබ් අඩවි 4 තහනම් කරන ලෙස ළමා හා කාන්තා කාර්යාංශය මගින් කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත‍්‍රාත්වරයා විසින් විදුලි සංදේශ න... |
"කන්න නැතිව මැරෙනවාද? ඔක්සිජන් නැතිව මැරෙනවාද? තත්පර 5 ක් මාස්ක් එක ගැලෙව්වොත් ආසාදිතයකු වෙන්න පුළුවන් – ආචාර්ය චන්දිම ජීවන්දර" | "කොවිඞ් ඩෙල්ටා ප‍්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ ඉදිරි දෙසතිය තුළ මෙරට ජනතාව කන්න නැතිව මැරෙනවාද? ඔක්සිජන් නැතිව මැරෙනවාද යන්න තීරණය කරන තැනකට පත්විය හැකි යැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිiාලයේ අසාත්මිකතා හා ප‍්‍රතිශක්ති විiා සහ ශෛල ජෛව විiායතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. දැනට ඩෙල්ටා ප‍්‍රභේදයේ ව්‍යාප්තිය පටන... |
"අධික වේගයෙන් ගිය ලංගම බස් රථය පෙරළිලා… මගීන් තිදෙනකුට බරපතළයි 19කට තුවාල" | "යාපනයේ කලූන්දායී ප‍්‍රදේශයේ දී ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පැන පෙරළී යෑම නිසා බස් රථයේ ගමන් කළ මගීන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.යාපනයේ කරෙයිනගර් ඩිපෝවට අයත් එම බස් රථය කරෙයිනගර් සිට යාපනය දක්වා ගමන් කරමින් තිබියදී එය පෙරළී ගොස් තිබේ. රියැදුරා අධික වේගයෙන් බස් රථය පැදවීම නිසා මේ අනතුර සිදුව ඇති බව මනිපායී පොලිසිය... |
"රට ලොක්ඩවුන් නෙවෙයි ‘ලොකප්’ කරන්න…. මහාචාර්ය අර්ජුන ද සිල්වා" | "සති දෙකක පමණ කාලයක් කොවිඞ් වසංගතයේ තීරණාත්මක අවස්ථාවකට පැමිණිය හැකි නිසා මංගල උත්සව අත්හිටුවීමටත්, කායවර්ධන මධ්‍යස්ථාන වසා දැමීමටත්, අවමංගල උත්සව කාලය සීමා කිරීමටත්, කටයුතු කළ යුතුව ඇතැයි කායික රෝග පිළිබඳ මහාචාර්ය අර්ජුන ද සිල්වා කියා සිටී. මෙම කාලය ඉතාම තීරණාත්මක වන බැවින් දැඩි සංචරණ සීමා පනවා පාරට බහින්නේ නැතිව රජය ... |
"පැයකට 5 ක් මියැදෙනවා… ඩෙල්ටා අතිශයින්ම බිහිසුණුයි බලධාරීන් තවත් ප‍්‍රමාද වෙන්න එපා" | "රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ලෙස, ඩෙල්ටා ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් දිනෙන් දින අතිශය භයානක තත්ත්වයක් කරා ගමන් කරන අප රට වහා වසා දැමීම කළ යුතු බව දිගින් දිගටම ප‍්‍රකාශ කර ඇත. අද වනවිට සෑම පැයකටම වරක් මිනිස් ජීවිත පහක් මෙම කොරෝනා ව්‍යසනය විසින් බිලිගන්නා තත්ත්වයක් තුළ ඉතාමත් දැඩි තීරණ ගෙන මෙම තත්ත්වය පාලනය ... |
"අපට දැඩි තීරණ ගන්න වෙනවා… අගමැති ‘දිවයිනට’ කියයි" | "රට පුරා පැනනැ`ගී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය අනුව පවතින සංචරණ සීමාවන්ට එහා ගිය දැඩි තීන්දු තීරණ ගැනීමට සිදුවන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයිනට’ ඊයේ (12 දා* පැවසීය. රට පුරා මේ වනවිට උද්ගතව ඇති වසංගත තත්ත්වය පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් අගමැතිවරයා ඒ බව සඳහන් කළේය. කොවිඞ් වසංගත තත්ත්වය නොසලකා සමහරු සෞඛ්‍ය උප... |
"එන්නත් කාඞ් එක නැත්නම් අද සිට දුම්රිය තහනම්… ලොකුගේ කියයි" | "විවිධ පළාත්වල සිට දුම්රියෙන් කොළඹට පැමිණෙන සෑම මගියෙකුටම අද (13 දා) සිට අනිවාර්යයෙන්ම එන්නත් සහතිකය මෙන්ම ආයතනයෙන් කැඳවූ ලිපිය (පිටපත* සම`ග හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු යැයි ප‍්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා ‘දිවයින’ ට කියා සිටියේය. මෙම කොරෝනා එන්නත ශරීරයට අහිතකර ම`ගීන් සිටි නම් ඊට අදාළ වෛi සහතිකය ඉදිරිපත් කළ යුතුව ඇත... |
"ජනතාව බේරාගන්න රට වසාදැමිය යුතුයි" | "‘‘රට සම්පූර්ණ වසා දැමීමකට නොගියොත් කොවිඞ් තෙවැනි රැල්ලෙන් රට බේරගන්න බැරිවෙනවා’’ යැයි කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. මන්ත‍්‍රීවරයා මේ බැව් පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (12 දා* පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය. ‘‘අද රටේ පවතින වර්තමාන... |
"රට වහනවාද තීරණය අද කොවිඩ් කමිටුව උදේ රැස්වෙයි" | "රටේ පවතින ‘කොවිඞ්’ අධි වසංගත තත්ත්වය හමුවේ රට වසා දමන්නේ ද, නැද්ද සහ එසේ නැතහොත් ඉදිරියේදී කරනුයේ කුමක්ද යන්න අද (13 වැනිදා* පැවැත්වෙන කොරෝනා මර්දන කාර්ය සාධක බළකා කමිටු රැස්වීමේ දී තීරණය කිරීමට නියමිතව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී කොරෝනා මර්දන කාර්ය සාධක... |
"ගෑස් සහ කිරිපිටි හිඟය ඉදිරි දින කිහිපයේදී විසඳේවි" | "ජනතාවට සහන සැලසීමේ අරමුණින් සමාගම් ඉල්ලන ආකාරයට භාණ්ඩ මිල වැඩි කිරීමට ඉඩ නොදීම නිසා වෙළඳපොලේ කිරිපිටි, ගෑස් හිඟයක් පැවති බවත් එය තව දින කිහිපයකින් මඟහැරී යන බවත් වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. වෙළෙඳ අමාත්‍යාංශයේ දී ඊයේ (12 දා* පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසූ ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.... |
"රනිල්ගේ ප‍්‍රකාශය පිළිගෙන නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවීම ගැන එජාපය සතුටු වෙනවා" | "කොවිඞ් කාර්ය සාධක බළකාය විසුරුවා හැර නීතිමය තත්ත්වයක් හිමි කමිටුවක් පත්කරගත යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ප‍්‍රකාශය ආණ්ඩුව තේරුම්ගෙන එවැනි ඒකකයක් පිහිටුවීමට යෑම පිළිබඳව පක්ෂයක් ලෙස සතුටු වනවා යැයි එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පෙරේදා (11 දා* පැවසීය.රනිල් වික‍්‍රමසිංහ මහතා හමුදාපති, ... |
"පස් කන්දක් නිවස මතට කඩා වැටේ… තෙහැවිරිදි දැරිය අනූනවයෙන් බේරෙයි" | "නාවලපිටිය ප‍්‍රදේශයට ඊයේ (12* දින උදෑසන ඇදහැලූනු ධාරානිපාත වර්ෂාවත් සමග නාවලපිටිය ඩෙයිලි පාරේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ නිදා සිටි තෙහැවිරිදි දැරියක් තුවාල ලබා ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය. එදින පැවති වර්ෂාවත් සමග නිවසට පිටුපසින් තිබු පස් කන්ද එක්වරම තම නිවසට කඩා වැටුනු බවත් එම අවස්ථාවේ පස් කන්දට ය... |
"ආසාදිතයන් හා මරණ ප‍්‍රතිශතයෙන් ශ‍්‍රී ලංකාව ලෝකයේ අංක එකට පත්වෙලා…. කොරෝනාව අස්සේ ආණ්ඩුවට බල උන්මාදය වැළඳිලා" | "තත්ත්වය මෙතරම්ම උග‍්‍ර අතට හැරෙන්නට දීමෙහි සම්පූර්ණ වරද ආණ්ඩුව භාරගත යුතු බව අපි අවධාරණය කරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනය මෙසේය. කොරෝනා මරණ සංඛ්‍යාව 5400 ඉක්මවමින් බිහිසුණු ඛේදවාචකයක් වෙත අපේ රට පත්ව ඇති බව කනගාටුවෙන් වුවත් පිළිගත යුත්තකි. සත්‍ය දත්ත මීට වඩා භයානක ... |
"ගෙදරටම එන්නත ඇවිත්" | "බස්නාහිර පළාතේ මෙතෙක් කොවිඞ් මර්දන එන්නත ලබාගෙන නොමැති වයෝවෘද්ධ පුද්ගලයන් සහ විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයනට ඔවුනගේ නිවෙස් වෙත ගොස් එන්නත් ලබාදීමේ විශේෂ ජංගම වැඩසටහනක් ශී‍්‍ර ලංකා යුද හමුදාව ඊයේ (12 දා* ආරම්භ කළේය. මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා යුද හමුදා වෛi බළකායේ වෛi නිලධාරී කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ද විශේෂ ජංගම රථ ... |
"යමු යමු… එන්නත ගමු…" | "කොවිඞ් මර්දන එන්නත ලබා ගැනීමට ප‍්‍රවාහන පහසුකම් නොමැති ජනතාවට මානුෂික සේවය ලබාදුන් ගොතටුව පොලිස් ස්ථානයේ කොස්තාපල් චානක ජයසූරිය මහතා ප‍්‍රවාහන පහසුකම් ලබාදුන් අයුරු." |
"කාලතුවක්කු හමුදාව දාලා එන්නත් දුන්නේ නෑ – ආරක්‍ෂක ලේකම් කියයි" | "වසංගතයක් හේතුවෙන් ජනතාව මියයෑම පවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් එවන් මොහොතක අවශ්‍ය සේවාවන් සඳහා හමුදාව යෙදවීම රජයේ වගකීමක් බවත් ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ මෙසේ ද ප‍්‍රකාශ කළේය.”අපේ සම... |
"කිසිම දවසක දේශපාලනයට එන්නේ නෑ – විමුක්ති කුමාරතුංග" | "ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වීමට තමාගේ කිසිම අදහසක් නැතැයි ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කර සිටින බව විමුක්ති කුමාරතුංග මහතා කියා සිටියි. විජය කුමාරතුංග සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙපළගේ දෙටු පුත‍්‍රයා වන හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර ඇත. ප‍්‍රබල දේශපාලන පවු... |
"ඉවතලන ප්ලාස්ටික් විකුණා මිලියනයක් තෑගි දුන් කයිලි කෘස්" | "මීගමුව දූව කණිටු විදුහලට සුහුරු පන්ති කාමරයක් සකස්කර දීමට ඇමරිකාවේ කැලිපෝර්නියා ජනපදයේ 16 හැවිරිදි පාසල් සිසුවියක් ඉදිරි පත්ව ඇත.ශ‍්‍රී ලංකික සම්භවයක් ඇති කයිලි කෘස් නමැති මෙම පාසැල් සිසුවිය රුපියල් මිලියනයක මුදලක් සුහුරු පන්ති කාමරය ඉදිකිරීම සඳහා පරිත්‍යාග කර ඇත. මෙම සිසුවිය විවේක අවස්ථාවලදී නිවෙස්වලට ගොස් එකතුකර ගන්... |
"ගැබිනි මව්වරුන් 700කට කොවිඩ් – 19ක් මිය ගිහින් – ගම්පහ 7003කට තවමත් ප‍්‍රතිකාර නෑ" | "* බොහෝ දෙනා එන්නත් ගෙන නෑ: 19ක් මිය ගිහින් – විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා * ශ‍්‍රී ලංකාවෙනුත් ඩෙල්ටා පරදවන අලුත් ප‍්‍රභේද මතුවීමේ අවදානමක් – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කොරෝනා වෛරසයේ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග කොරෝනා වෛරසය ආසාදනය වූ ගැබිනි මව්වරුන් හත්සියයක් මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞ... |
"එන්නත කඩිනම් කරන්න හමුදාවෙන් ජංගම රථ – යුද හමුදාපති කියයි" | "දැනට ක‍්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන කාර්යක්‍ෂම කිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් අද (12 දා) සිට ජංගම එන්නත්කරණ රථ යෙදවීමට තීරණය කළ බව කොවිඞ් – 19 වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථාන ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා ඊයේ (11 දා) ප‍්‍රකාශ කළේය.බස්නාහිර පළාතේ ජීවත්වන විශේෂ අවශ්‍යතා සහ... |
"GMOA පෙන්වා දුන් ක‍්‍රමයට නොගිය නිසා මරණ අනුපාතය ඉහළ ගියා – වෛද්‍ය නවීන්ද සොයිසා" | "සිය සංගමය මුල සිටම පෙන්වා දුන් එන්නත්කරණ වැඩපිළිවෙළ නිසි ප‍්‍රමුඛතා ලැයිස්තුවක් අනුව ලබාදීමට රජය අපොහොසත් වීම නිසා කොවිඞ් මරණ අනුපාතය ඉතා ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා ‘දිවයිනට’ ඊයේ (11 දා) පැවසීය.කොවිඞ් වෛරසය මර්දනය වෙනුවෙන් ඉකුත් මැයි මාසයේදී නිසි වැඩපිළිවෙළක් පෙ... |
"පී. සී. ආර්. – ඇන්ටිජන් උපරිම මිල ගැසට් එක අද – පී. සී. ආර්. රු. 6500/- ඇන්ටිජන් රු. 2000/-" | "‘කොවිඞ්’ වෛරසය ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ රෝහල්වලින් සිදු කරනු ලබන පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අය කරනු ලබන මිල ගණන් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.මෙම මිල ගණන් නියාමනය කිරීමට අදාළ ගැසට් පත‍්‍රය අද දින (12) නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය... |
"රජයේ ඉලක්කය රට වසා දැමීම නොව සියලු දෙනාට එන්නත් ලබාදී ඉතිරි ටික දෙවියන්ට භාරදීමයි" | "පවතින වසංගත තත්ත්වය හමුවේ රජයේ ඉලක්කය වී තිබෙන්නේ ඇ`දිරි නීතිය පනවා රට වසා දැමීම නොව සියලූ දෙනාට එන්නත් ලබා දී ඉතිරි ටික දෙවියන්ට භාරදීම බව කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. අත්‍යවශ්‍යම තැනකදී ගන්නා අවසන් තීරණය ලෙසින් මිස ඉන් මෙහා රට වසා දැමීමට රජයේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවද ඇමැති... |
"කිරිපටි ආනයන බදු සම්පූර්ණයෙන් ඉවත් කරයි" | "රට තුළ පවතින කිරිපිටි හි`ගයට පිළියමක් ලෙස ආනයනික කිරිපිටි ස`දහා පනවා තිබූ බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මේ ස`දහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමේ බලය කැබිනට් මණ්ඩලය මගින් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාට පවරා ඇත. ලෝක වෙළෙ`ද පොළේ මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් කිරිපිටි මිල ඉහළ නංවන ලෙස කිරිපිටි ස... |
"මරණ තවත් වැඩිවෙයි…. පීඑච්අයි සංගමය" | "සෞඛ්‍ය අංශ මොන තීරණය ගත්තත් ඉදිරි දින 14 තුළ කොරෝනා රෝගීන් සහ මරණ ශීඝ‍්‍රයෙන් ඉහළ යන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. දෛනිකව කොරෝනා රෝගීන් 2500 ඉක්මවා වාර්තා වීම සහ දින හතරක සිට මරණ සංඛ්‍යාව 90 ඉක්මවා වාර්තා වීම සැලකිල්ලට ගත යුතු බව පැවසූ ඒ මහතා රෝහල් හා සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ... |
"අසාද් සාලිගේ පෙත්සම සලකා බැලීමෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි" | "බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් පෞද්ගලික හේතුවක් නිසා තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. ඞී. නවාස් මහතා විවෘත අධිකරණය හමුවේ ඊයේ (10 දා* ප‍්‍රකාශ කළේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ... |
"රැඳවුම් නියෝග මත සිටි රිෂාඞ් 18 දක්වා රිමාන්ඞ්…. පැමිණිල්ලේ චෝදනා අනුව නඩුව නිම වනතෙක් රිමාන්ඞ් කළ හැකියි" | "ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැුඳවුම් නියෝත මත රඳවාගෙන ප‍්‍රශ්න කරමින් සිටියදී අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතා ලබන 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (10 දා* නියෝග කළේය. සැකකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරි... |
"නව සෞඛ්‍ය රෙගුලාසි පනවයි… මගුල් වලට උපරිම 50 යි" | "රට තුළ පවතින උග‍්‍ර වසංගත තත්ත්වය හමුවේ ඊයේ (10 වැනිදා* මධ්‍යම රාති‍්‍රයේ සිට විවාහ මංගල උත්සව ස`දහා සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව යළි පුද්ගලයන් පනහකට සීමා කිරීමට රජය පියවර ගනු ලැබීය. එසේම පළාත් අතර සංචරණ සීමාවන් දැඩි කිරීමට ද කටයුතු කරනු ලැබූ අතර ඒ අනුව පළාත් අතර සංචරණය කළ හැක්කේ අත්‍යවශ්‍ය රාජකාරි ස`දහා වාර්තා කරන ... |
"මහනුවර ඇසළ පෙරහැරේ සියලූ කලාකරුවෝ ජෛව බුබුළක් යටතට" | "මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය මහජන සහභාගිත්වයකින් තොරව පවත්වන බව ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය. පෙරහරට සම්බන්ධ වන කලාකරුවන් සියලූ දෙනා ජෛව බුබුළක් ලෙස රඳවා ගනිමින් මෙවර පෙරහැර පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවද ඒ මහතා කීවේය. මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුුතු සම්බන්ධව සාකච්ඡුා... |
"කැබිනට් කමිටුවක් පිහිටුවන්නැයි රනිල් කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීමට ලක්වීමටයි" | "කොවිඞ් මර්දන කමිටුව විසුරුවා හැර කැබිනට් මණ්ඩලයේ මාර්ගයෙන් කමිටුවක් පිහිටුවන ලෙස එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලා සිටින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීමට ලක්වන නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (10දා) පැවසීය. ලෝකයේ අනිත් රටවල් වැඩ කරන ලෙස ලංකාවත් වැඩ කළ යුතු යැයි ද සිරිකොත පක්ෂ මූලස්ථාන... |
"අප‍්‍රිකාවෙන් තවත් අති භයානක වෛරසයක් එයි" | "මාරාන්තික ඉබෝලා වෛරසය අයත් වන වෛරස් පවුලට අයත් වෛරසයක් හරහා ශීඝ‍්‍රයෙන් පැතිරෙන ‘මාර්බර්ග්’ නමැති මාරාන්තික වෛරස් ආසාදනයෙන් පෙළෙන රෝගියකු වසර ගණනාවකට පසු බටහිර අප‍්‍රිකානු රාජ්‍යයක් වන ගිනියා රාජ්‍යයෙන් සොයා ගෙන ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් විසින් නිවේදනය කර තිබේ. රසායනාගාර පරීක්ෂණ හරහා මෙම රෝගියා හඳුනා ගන්නා විට ද ඔහු ... |
"ආණ්ඩුව වසරක ශේෂ පත‍්‍රයෙන් මෙරටට ඉතුරු කර ඇත්තේ අසාර්ථකත්වය සහ අමානුෂිකත්වය පමණයි…. සජිත්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්" | "ආණ්ඩුව තමන්ගේ, වසරක ශේෂ පත‍්‍රය මෙරටට ඉතුරු කොට ඇත්තේ අසාර්ථකත්වය, නොහැකියාව මෙන්ම අනෙක් පැත්තෙන් අමානුෂිකත්වය, දුෂ්ටත්වය සහ අශිෂ්ටත්වය බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් ස`දහන් කරයි. එම ප‍්‍රකාශය මෙසේය. ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වන ගෑස් සහ කිරිපිටිවල බරපතළ... |
"මහාමාර්ග ඇමැතිවරයකු නොකළ වැඩක් ජොනී කරයි!" | "ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් සියලූම දිස්ත‍්‍රික්කවල මැති ඇමැතිවරුන් කැ`දවා ආණ්ඩුවේ මාර්ග සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීන්දු කර ඇත. මාර්ග සංවර්ධනය මෙන්ම එහි ඇති ගැටලූ පිළිබ`දවද සාකච්ඡා කෙරෙණු ඇත. ඒ අනුව පළමු අදියරේදී දිස්ත‍්‍රික්ක 4ක මැති ඇමැතිවර... |
"සති 3 කට රට අගලූ දමන්න; විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අංශ රජයෙන් ඉල්ලයි" | "වැඩි වෙමින් පවතින දෛනික කොරෝනා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව අවම කරගෙන ආසාදිතයන්ගෙන් රෝහල් ධාරිතාව ඉක්මවා යාම වළක්වාගැනීම සඳහා නිශ්චිත කාල සීමාවකට රට පූර්ණ අගුලූ දැමීමකට (ලොක් ඩවුන්) ලක් කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති හා සංවිධාන රැුසක් පසුගිය දින කිහිපය තුළදී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හා ජනාධිපතිවරයාගෙ... |
"ගොඩ ගැසුණු මළ සිරුරු භූමදානයට" | "නාඳුනන මළ සිරුරු රැසක් පොලිස් මෘත ශරීරාගාරයේ බහාලූමක නාඳුනන මළ සිරුරු රැසක් කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට අයත් බහාලූමක වසර ගණනාවක් තිස්සේ තැන්පත් කර ඇත. මෙවැනි මළ සිරුරු නිසි නෛතික ක‍්‍රමවේද අනුගමනය කරමින් භූමදානය කරන ලෙසට අධිකරණය මගින් නියෝග කිරීමත් සමග ඒවා භූමදානය කිරීම සඳහා රැගෙන යෑමට පියවර ගන්නා අයුරු ඊයේ (10 දා* මෙස... |
"‘උඹේ පිහිටට ඉන්න ගැලවුම්කාරයා මමයි…’ ශාන්තිකර්මයට ආ කපුවා දෙදරු මව දූෂණය කරලා… සැකකාර කපුවා කූරු ගනින්න යවයි" | "මිනුවන්ගොඩ යටියන ප‍්‍රදේශයේ නිවසක හතර කොනේ දෙහි වල දමා ආරක්ෂා කර එම නිවසේ උඩු මහලේ පිහිටි බුදුගෙය තුළදී ආරූඪ වී ශාන්ති කර්මයක් සිදු කරමින් අකමැති වුවහොත් කාලි මෑණියන්ගේ දේව ශාපයට ලක් වන බවට පවසා බියකර එම ගෙහිමි කාන්තාව දූෂණයට ලක්කළ දේවාලයක් පවත්වාගෙන යන කපුවෙකු ලබන 12 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැ... |
"ජනගහන අනුපාතය අනුව ලංකාව ඉන්නේ කොවිඞ් මරණවලින් මුල්තැන… සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පළපුරුදු දක්ෂ නිලධාරීන් මාරු කර යවා රටම භයානක කොවිඞ් තත්ත්වයකට පත්කරලා" | "සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පළපුරුදු දක්ෂ නිලධාරීන් මාරු කර යවා, මුළු රටම භයානක කොවිඞ් තත්ත්වයකට පත්කර ඇතැයි හිටපු ඇමැති, එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.වර්තමානයේ රට පත්වෙලා තිබෙන තත්ත්වය පිළිබඳ එක්සත් ජාතික ප... |
"සෞඛ්‍ය බලධාරීන් රට වහන්න කියද්දී එය නොකරන්නේ කාගේ තීරණයක් නිසාද" | "සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ බලධාරීන් ආණ්ඩුවට බල කරනවා කරුණාකර රට ලොක්ඩවුන් කරන්න කියලා ඒ නොකරන්නේ මොන හේතුවෙන් නිසාද කාගේ තීරණය ක් නිසාද කියා ආණ්ඩුවෙන් අහනවා යැයි විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (10 දා* පැවති මාධ්‍ය හමුවේදී ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීව... |
"සෞඛ්‍ය උපදෙස් හා පොලිස් දැනුම්දීම නොතකා යාපනයේ ගුරුවරු පෙළපාලියක" | "සෞඛ්‍ය නිලධාරීන්ගේ හා පොලිසියේ දැනුම්දීම නොතකා යාපනයේ ගුරුවරු පන්සීයකට වැඩි පිරිසක් පෙරේදා(09දා* යාපනය නගරයේ පෙළපාලි ගියහ. ගුරු වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස ඉල්ලමින් විරෝධතා පෙළපාලියක ගමන් කළ ගුරුවරුන්ට එය නතර කරන ලෙස පොලිසිය හා සෞඛ්‍ය නිලධාරීන් දැනුම් දුන් අවස්ථාවේදී ගුරුවරුන් පොලිසිය සමගද බහින් බස් වෙමින් විරෝධතා පෙ... |
"කොවිඞ් කමිටුව විසුරුවාහැර වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත් කරන්න – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ" | "ඉන්දියාවටත් වඩා දරුණු තත්ත්වයක් ලංකාවේ ඇති විය හැකියිකොරෝනා මර්දනය කිරීම සඳහා පිහිටුවා ඇති කොවිඞ් කමිටුව විසුරුවා හැර වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත් කරගැනීමට රජය වහා කටයුතු කළයුතු යැයි හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.කොරෝනා වසංගතය ශීඝ‍්‍රයෙන් ප... |
"රනිලුත් එන්නත ගත්තේ හමුදා රෝහලෙන් – යුද හමුදාපති" | "එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා යුද හමුදා සෞඛ්‍ය අංශ මගින් සිදු කරන එන්නත්කරණ වැඩපිළිවෙළ විවේචනය කළද ඔහු ද සිය එන්නත ලබා ගත්තේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා මූලික රෝහලෙන් බව ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා පැවසීය.අද දවසේ යුද හමුදාව ප‍්‍රධාන ති‍්‍රවිධ හමුදාවන් මගින් සිදු ... |
"රිෂාඩ්ගේ නිවසේදී මෙහෙකාරියන්ට දසවධ දීලා – නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් – කෑමට දුන්නේ ඉතුරු වුණු ඉඳුල් ආහාර" | "නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරියක කෲරත්වයට හා දාසභාවයට පත්කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිවුදෙනා ඇපමත මුදාහරින ලෙසට විත්තිය කළ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයස... |
"ඩෙල්ටා පැතිරීමට වාතයෙනුත් බලපෑම් – බස්නාහිරට දැඩි අවදානමක් – සෑම රෝහලක්ම කොවිඩ් ප‍්‍රතිකාර රෝහලක් වෙයි" | "මේ වන විට මෙරට තුළ ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය පැතිර යන වේගය සියයට සියය දක්වා ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය විශෙෂඥයෝ සදහන් කරති. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා ස`දහන් කරන්නේ මේ වන විට මෙරටින් හ`දුනා ගන්නා කොරෝනා ආසාදිතයන්ගේ උගුරේ ඉහළ වෛරස් ප‍්‍රමාණයක් පවතින බැවින් එය වාතයට මුසුවීමේ තත... |
"පාසල් යළි විවෘත කිරීම අවිනිශ්චිත තත්ත්වයක – ඇමැති ජී. එල්. පීරිස්" | "ලබන සැප්තැම්බර් මස මුල ක‍්‍රමානුකූලව පාසල් විවෘත කිරීම රජයේ අරමුණ වී තිබුණත් පවතින සෞඛ්‍ය තත්ත්වය හමුවේ යළි පාසල් විවෘත කිරීම අවිනිශ්චිත යැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.මෙම මස අවසානයට පෙර සියලූම පාසල් ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදී යම් ක‍්‍රමවේදයකට අනුව පියවරෙන් පියවර පාසල් යළි විවෘත කිර... |
"ඉදිරි මාසය තීරණාත්මකයි – යුද හමුදාපති" | "ඉදිරි මාසයක කාලය අතිශයින්ම තීරණාත්මක නිසා රජය විසින් පනවා ඇති සෞඛ්‍ය නිර්දේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස කොවිඞ් පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා ඉල්ලා සිටී.එසේම කොවිඞ් වෛරසයට එරෙහිව ප‍්‍රතිශක්තිකරණ එන්නත් කිසිදු මාත‍්... |
"අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් පිටතට යන්න එපා……… රජය ජනතාවගෙන් ඉල්ලයි – ඩෙල්ටා පැතිරීම වේගයෙන්" | "* ගොදුරු නොවීමට රජයෙන් උපදෙස් මාලාවක් * දරුවන් 45,000 කට කොරෝනා වැළඳිලා සමන් ගමගේ ඉදිරි දෙසතිය තුළ රටේ තත්ත්වය ඉතාමත් තීරණාත්මක විය හැකි බැවින් අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවෙස්වලින් බැහැර නොවී සෞඛ්‍ය උපදෙස් අනුව ප‍්‍රවේශමෙන් කටයුතු කරන ලෙස රජය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටී. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින... |
"දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සමරයි" | "එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් විසින් අරාලි තුඩුවේ දී ඇටවූ අධිපීඩන බෝම්බයකට ගොදුරු වී 1992 අගෝස්තු 08 වැනිදා ජීවිතක්ෂයට පත් වූ ලූතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 29 වැනි ගුණානුස්මරණ උත්සවය ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් දැඩි සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව අරාලි තුඩුවේ... |
"මහනුවර ඇසළ පෙරහැරට කප් සිටුවීම අද" | "මහනුවර ශ‍්‍රී දළදා මාළිගාව මූලික කර පවත්වන වාර්ෂික ඇසළ මහා පෙරහැර සඳහා සිව් මහා දේවාලයන්හි චාරිත‍්‍රානුකූල කප් සිටුවීම අද (9 දා* අලූයම එක පසුවී මිනිත්තු නවයට (01.09) යෙදෙන සුබ මොහොතින් සිදු කෙරෙයි. ශ‍්‍රී නාථ, ශ‍්‍රී විෂ්ණු, ශ‍්‍රී කතරගම සහ ශ‍්‍රී පත්තිනි දේවාලයන්හි සුබ මොහොතින් කප් සිටුවීම සඳහා අවශ්‍ය ශාඛා කප් කොටස් ... |
"එන්නත ගන්න කොළඹ ජනතාව පෝළිමේ…." | "කොළඹ දිස්ත‍්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 30 ට වැඩි මෙතෙක් කොරෝනා එන්නත ලබා නොගත් පිරිසට පළමු එන්නත් මාත‍්‍රාව ලබාදීම ඊයේ (08 දා) පෙරවරු 8.30 සිට සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී සහ එළිමහන් ක‍්‍රීඩා සංකීර්ණයේදී සිදුවිය. ඒ සඳහා පැමිණ සිටි ජනතාවගෙන් කොටසක් ඡායාරූපයේ දැක්වේ." |
"හොර නෝට්‌ටු වැහිවැහැලා" | "ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය ශීඝ‍්‍ර ලෙස වර්ධනය වී ඇති බැවින් මුදල් ගනුුදෙනු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. භාවිතේ ඇති රුපියල් 500, 1000 සහ 5000 යන නෝට්ටු පරිහරණය කිරීමේදී වඩාත් අවධානයෙන් සිටින ලෙසත් අජිත් රෝහණ මහතා සඳහන්... |
"මත්තලට අක්‌කර දහසක කෘෂි නිෂ්පාදන හුවමාරු කේන්ද්‍රයක්" | "හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ කේන්ද්‍ර කරගෙන කෘෂි නිෂ්පාදන හුවමාරු කේන්ද්‍රස්ථානයක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි. මත්තල ප‍්‍රදේශයේ අක්කර දහසක පමණ භූමි ප‍්‍රදේශයක් මේ සඳහා යොදා ගැනෙන අතර, ඒ සඳහා ඉඩම් හඳුනා ගැනීමට නියමිතය. මෙරට කෘෂිකාර්මික නිෂ්පාදනයන්ට මෙන්ම ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන... |
"සහන ඉල්ලන්න එපා" | "කොවිඞ් වසංගතයේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙස මුළු ලෝකයම දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබීම දේශීය ආර්ථිකයට ද බරපතළ ලෙස බලපා ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ‘දිවයින’ ඉරිදා සංග‍්‍රහය ට පැවසීය. ඒ නිසා මේ මොහොතේ ජනතාවට සහන සැලසීම අසීරු කටයුත්තක් බවත් කළ යුත්තේ සියලූ දෙනා එක්ව දැඩි ආර්ථික කළමනාකරණයක් ඇති කර ගැනීම බවත් ඇමැතිවර... |
"රට අගුළු නොදා සෞඛ්‍ය නීති දැඩි කරයි" | "රට පුරා ශීඝ‍්‍ර ලෙස කොවිඞ් රෝගය පැතිරයෑම සහ දිනපතා හමුවන නව ආසාදිතයින් ගණන දෙදහස ඉක්මවීම සැලකිල්ලට ගෙන පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට නව සංශෝධන කිහිපයක් එක් කළ බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා පැවසීය. ඒ අනුව රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම යළි සීමාවේ. මංග... |
"ඉන්දියාව දුරකථන ටැප් කරන්නේ නැත" | "ඉන්දියානු රජය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය බලධාරීන් රැසකගේ දුරකථන ඇමතුම් නිරීක්ෂණය කරන බව සඳහන් කරමින් 2021 අගෝස්තු 1 වන දින ‘ඉරිදා දිවයින’ පුවත්පතේ පළ වූ ලිපිය කරුණු වශයෙන් සාවද්‍ය බව සියලූ පාඨකයන්ට පැහැදිලි කර සිටිමු. ඉන්දියානු රජය මෙම බලධාරීන්ගේ දුරකථන ඇමතුම් නිරීක්ෂණය කළ බව ප‍්‍රකාශ කිර... |
"අපට ගෑස් නැහැ… ලාෆ් පාරිභෝගිකයෝ; පාඩුවට දෙන්න බැහැ… ලාෆ් සභාපති; මිල වැඩි කරන්න දෙන්න බැහැ… පාරිභෝගික සේවා ඇමැති" | "ලාෆ් ගෑස් සමාගම විසින් වෙළෙඳපොළට ගෑස් සැපයීම නතර කර තිබීම නිසා එම ගෑස් පාරිභෝගිකයෝ මහත් අපහසුතාවයට පත්ව සිටිති. විශේෂයෙන්ම ගෘහස්ථ පාරිභෝගිකයෝ මින් දැඩි ලෙස පීඩාවට පත්වී සිටිති. ලාෆ් ගෑස් සිලින්ඩරවලට ලිට්‍රෝ ගෑස් ලබා ගැනීමට නීතිමය බාධාවක්ද පැවතීම නිසා පාරිභෝගික ජනතාව මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි... |
"අඩු අවදානම් කෙරෝනා රෝගීන්ට ගෙදරදීම ප්‍රතිකාර" | "සංකූලතා නොමැති, වයස අවුරුදු 02 ට වැඩි 65 ට අඩු සහ අඩු අවදානම් බවින් යුතු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්වන කාණ්ඩයන්ට අයත් කොවිඞ් ආසාදිතයින් නිවෙස් තුළ වෛද්‍ය අධීක්ෂණය මත රැුකබලා ගැනීමටත් අවදානම් තත්ත්වයේ පසුවන පිරිස් රෝහල්ගත කිරීමටත් අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. සෞඛ්‍ය සේවා... |
"පාස්‌කු ප්‍රහාරයට පූජිත හා හේමසිරිට අධිචෝදනා" | "පාස්කු ඉරුදින ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට අධිචෝදනා පත‍්‍ර භාරදීමට කොළඹ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.ඒ අනුව, පාස්කු ඉරුදින එල්ල කළ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව ප‍්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වාගැනීමට ක... |
"සජබ විරෝධතා කලකට අත්හිටුවයි" | "ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අරගල කරන අරගලකරුවන්ට එරෙහිව ආණ්ඩුව අතිශය ම්ලේච්ඡු ලෙස කටයුතු කරන බවත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම එහි එක් පියවරක් බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර සරසවිය... |
"හමුදා සමූහ මිනීවළක් දැයි සැකයක්: කිළිනොච්චියේ ඇටසැකිලිවල ඉතිහාසය හාරයි" | "කිළිනොච්චිය විලාවෝටෙයි ප‍්‍රදේශයේ කුඹුරකින් යුද හමුදා නිල ඇඳුම්, හමුදා නිලධාරීන් භාවිත කරන මෙවලම් සමග මිනිස් ඇටසැකිලි කොටස් හමු වූ ස්ථානයේ කැණීම් කටයුතු සිදුකොට එම ස්ථානය සමූහ මිනී වළක් ද නැද්ද යන්න තහවුරු කරන ලෙස කිළිනොච්චිය මහෙස්ත‍්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා පෙරේදා (5 දා* පොලිසියට නියෝග කළේය. කුඹුරු හිමියා කුඹුරට... |
"පියා සහ අවුරුදු එකහමාරක තම දරුවා සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි එක්දරු මව ගල් වෙඩිල්ලට බිලි…" | "පදවිය, සී යාය, අටේ ඇළ මාර්ගයේ යතුරුපැදියක් පදවා ගෙන යමින් සිටි තරුණ කාන්තාවක් එම මාර්ගය අසල පවත්වා ගෙන යන කළු ගල් වැඩ බිමක ගල් වෙඩිල්ලක් පුපුරුවා හැරීමේදී විසි වූ කලූ ගලක් හිසේ වැදීමෙන් සිදු වූ මාරක අනතුරකින් මරණයට පත්වී ඇත. හතරවැනිදා සවස 5.30 ට පමණ සිදුවී තිබෙන මේ සිද්ධියෙන් පදවිය, පරාක‍්‍රමපුර මෛත‍්‍රී මාවතේ පදිංචිව... |
"ගැහුවත් කරබාගෙන ඉන්න කියලා ජනපති පොලිසියට කිව්වා" | "HTML clipboard උද්ඝෝෂණවලට සහභාගි වන අය පොලිසියට ගැහුවත් කරබාගෙන ඉන්න කියලා තමයි ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙන්නේ යැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා* පැවසීය.එහිදී සරත් වීරසේකර මහතා මෙසේ ද කීය.එදා ඔය ගුරුවරු පිරිස අත්අඩංගුවට ගත් පසුව මම අවසර දුන්නා නීතිඥයන් 04 දෙ... |
"මීළඟ ප‍්‍රභේද ‘ඩෙල්ටාටත්’ වඩා දරුණුයි… අලූත් එන්නතකට ඇමරිකාව ලෑස්තිවෙයි" | "ඉදිරියේදී බිහි වීමට නියමිත නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයට වඩා වේගයෙන් පැතිරෙන ඒවා බවට අනාවැකි පළ වී තිබීම නිසා එම වෛරස් ප‍්‍රභේදයන්ට එරෙහිව ක‍්‍රියා කරන එන්නතක් නිපදවීමට දැන් සිටම කටයුතු කළ යුතු බව ඇමරිකානු වෛද්‍ය පර්යේෂකයන් විසින් නිර්දේශ කර තිබේ. මෙම නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් දැනට ලොව පුරා රටවල සං... |
"මෘත ශරීරාගාරවල තදබදයක්: කොවිඞ් දේහ පුච්චන්න කළුතර ආදාහනාගාර පැය 24ම අරියි" | "කළුතර දිස්ත‍්‍රික්කයේ සියලූම ආදාහනාගාර පැය 24 පුරාම ක‍්‍රියාත්මක කර මළසිරුරු ආදාහනය කිරීමට තීරණය කළ බව කළුතර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය. කොරෝනා වෛරසයෙන් මියයන රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් රෝහල්වල මෘත ශරීරාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා කළුතර මහ දිසාපති ප‍්‍රසන්න... |
"මිස්ට මැජික්ට එරෙහි නඩු හත ඔක්තෝබර් 09 සහ 10 විභාගයට" | "මීගමුව හා අවට පාසල් රැසක ලාබාල සිසුනට නොමිලේ මැජික් ශිල්පය උගන්වනු ලබන බවට පොරොන්දු වී තවත් දෙදෙනකු සමග එක්වී සංවිධානාත්මක සිසුන් ලිංගික අපචාරවලට ලක් කළ බව කියන ‘මිස්ටර් මැජික්’ නමැති මැජික් ශිල්පියාට සහ ඔහුගේ සහායකයන් දෙදෙනාට එරෙහි නීතිපතිවරයා විසින් පවරා ඇති අපචාර නඩු 7 ඔක්තෝබර් මස 9 සහ 10 යන දෙදින තුළ විභාගකිරීමට ම... |
"හිරේ ඉන්න රන්ජන්ටත් කොරෝනා දින කිහිපයකට කලින් මළ ගෙදරක ගියා" | "අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දැනට සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාට කොවිඞ් ආසාදනය වී ඇත. ඒ අනුව ඔහු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙන බව එම බන්ධනාගාරයේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ ට කීය. රාමනායක මහතා දැනට දින කිහිපයකට පෙර සිය ඥාතියකුගේ නිවසක... |
"යන්තම් හරි ගොඩ යන්න නම් සති දෙකක් රට වැසිය යුතුයි… වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන" | "කොවිඞ් ව්‍යසනයේ දරුණුතම තත්ත්වයකට වැටී ඇති රට යම්තාක් දුරකට හෝ ඉන් මුදා ගැනීමට නම් අවම වශයෙන් සති දෙකක් රට වසා දැමීමට ආණ්ඩුව පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (06 දා* පැවසීය. කොවිඞ් හමුවේ කළ යුතුව තිබූ බොහෝ දේ නිසි කලට ඉටු කිරීමට රජය අපොහොසත් වීම නිසා අද ඉ... |
"පියුමිගේ ඇඳුම් බෑග් එක පාර්ලිමේන්තුවේදී දිගහරී… සරත් වීරසේකරගෙන් නලින් බණ්ඩාරට අභියෝගයක්" | "මෙරට ප‍්‍රසිද්ධ කාන්තාවකට ඇඳුම් රැගෙන ගිය බවට ඔප්පු කරන්නේ නම් තමන් සිය මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා* පැවසීය. එලෙස තමන් ඇඳුම් ගෙන ගිය බවට ඔප්පු කිරීමට නොහැකි වුවහොත් විපක්‍ෂ මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා කාන්තා බඩු මල්ලත් හිසමත ... |
"අගමැති උපදෙසින් වසර ගණනාවකට පසුව ගොඩනැ`ගිලි ද්‍රව්‍ය සංස්ථාව ඉහළ ලාභ ලබයි" | "පසුගිය වසර සමයේ මාසික ආදායම රුපියල් ලක්ෂ 25 යි. දැන් මාසික ආදායම රුපියල් මිලියන 425 යි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සැලසුම් සහ උපදෙස් මත ග‍්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මෙහෙයවීමෙන් සීමාසහ... |
"කොවිඞ් ප‍්‍රශ්නයේදී බලධාරීන් අසාර්ථකයි: අන්තිමට ‘අපි වෙනුවෙන් අපි’ විතරයි" | "කොවිඞ් ප‍්‍රශ්නයේදී වගකිවයුතු බොහෝ අංශ වගකීම් විරහිතව හැසිරීම නිසා ජනතාවට ‘අපි වෙනුවෙන් අපි’ පමණක් වන තත්ත්වයක් උදාවී තිබීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ඇල්ලේ ගුණවංශ හිමියෝ ‘දිවයින’ ට ඊයේ (06 දා* ප‍්‍රකාශ කළහ. කොවිඞ් රෝගීන් දිනෙන් දින ඉහළ යෑම නිසා රෝහල් තුළ දරා ගැනීමේ හැකියාව ද ඉක්මවා තිබීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්... |
"විදේශ දූත මණ්ඩලවලට වියදම් කළ මිලියන 912 වතුරේද මන්දා?" | "විදේශ දූත මණ්ඩල පවත්වාගෙන යෑමට වර්ෂයකට රුපියල් මිලියන 912ක මුදලක් වියදම් කර ඇතත් එයින් නිසි ප‍්‍රතිඵල නොලැබී ඇතැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා* පැවසීය.හෙතෙම මේ බව කියා සිටියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් අර්බුදය සම්බන්ධයෙන් විපක්ෂ මන්තී‍්‍ර මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහත... |
"ඩෙල්ටා ප‍්‍රභේදය සියයට 75 කට වඩා ව්‍යාප්ත වෙලා… ලෝකයේ මරණ සංඛ්‍යාව වැඩිම රට ශ‍්‍රී ලංකාව වෙන්න පුළුවන්" | "HTML clipboard මේ වනවිට රට තුළ ඩෙල්ටා ප‍්‍රභේදය සියයට 75 කට වඩා ව්‍යාප්ත වී ඇති බවත්, ඉන්දියාව, ඇමරිකාව යන රටවල්වලටත් වඩා ලෝකයේ මරණ සංඛ්‍යාව වැඩිම රටශ‍්‍රී ලංකාව විය හැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ(06 දා* පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හෙතෙම ... |
"මන්ත‍්‍රී තුනකට කොවිඩ්… වෙදආරච්චි දින තුනේම පාර්ලිමේන්තු ඇවිත්" | "පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන රෝහණ දිසානායක, දිලිප් වෙදආරච්චි, තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරුන්ට මේ වනවිට කොවිඞ් ආසාදිත වී ඇත. ඔවුන් ප‍්‍රතිකාර සඳහා යොමු වී තිබේ. ඒ අතරින් දිලිප් වෙදආරච්චි මහතා පසුගිය දින තුනම පාර්ලිමේන්තු රැුස්වීම් සඳහා උදේ සිට සවස දක්වාම සහභාගි වී ඇති බව වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා ‘දිවයි... |
"කොරෝනා මර්දන කාර්ය සාධක බළකායෙන් අලූත් තීරණ: රාජ්‍ය උත්සව සියල්ල සැප්තැම්බර් 1 දා තෙක් කල්යයි… කොළඹින් ඩෙල්ටා ආසාදිතයන් හමුවීම 90% දක්වා ඉහළට" | "ධාරිතාව 500නම් මඟුල් ගෙදරට 150යි : ඊට අඩු නම් 100යි x රාජ්‍ය සේවකයන් කැඳවීමේ තීරණය ප‍්‍රධානීන් අතේ x අවමඟුලකට 25දෙනයිඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය මෙරට ව්‍යාප්ත වීම හමුවේ සියලූ රාජ්‍ය උත්සව ලබන සැප්තැම්බර් පළමු වැනිදා දක්වා කල් දැමීමට ඊයේ (06 වැනිදා* පැවැති කොරෝනා මර්දන කාර්ය සාධක බළකා රැුස්වීමේදී තීරණය කර තිබේ. එසේම සෞඛ්‍ය... |
"නාමල් කුමාර ගුරු විදුහල්පති විරෝධයට හරස් වෙයි" | "කොළඹ බලායන ගුරු විදුහල්පති පා ගමනට විරෝධය පළ කරමින් නාමල් කුමාර නමැති අය ‘‘කොරෝනා රැගෙන අපේ ගමට පා ගමන නොඑනු” යන නාම පුවරුවක් අතැතිව කෑගල්ල නගර මධ්‍යයේ වාඩි වී සිටියේය. නුවර සිට පා ගමන 5 වන දින සවස කෑගල්ලට ආ අවස්ථාවේ දී මෙය සිදුවිය.කෑගල්ල – එම්.බී. පහළවත්ත" |
"පාර්ලිමේන්තු ප‍්‍රශ්නෝත්තර කාලය පැයකට සීමා කරයි" | "මන්ත‍්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසනු ලබන ප‍්‍රශ්න විමසීමේදී සහ ඒවාට පිළිතුරු ලබාදීමේදී වැයවන කාලය අවම කර ගැනීමේ අරමුණින් එම ප‍්‍රශ්නෝත්තර වටය පෙරවරු 11 ට අවසන් කිරීමට තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා* පැවසීය. ඒ අනුව පෙරවරු 10 ට ඇරඹෙන පාර්ලිමේන්තු රැස්වීම පැය... |
"කොරෝනා හැදී රෝහලට එන කිසිම කෙනෙක් හරවා යවන්න එපා ජනපතිගෙන් උපදෙස්" | "කොවිඞ් රෝග ලක්‍ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිදු රෝගියකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප‍්‍රධානීන්ට උපදෙස් දී ඇත. කොවිඞ් රෝග ලක්‍ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප‍්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යෑමක් වාර්තා වී තිබේ. එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේදී ඇතිවන තද... |
"ජනපති අමරපුර මහා නිකායේ අභිනව මහ නාහිමියන් බැහැදකී" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි හිමියෝ බැහැදුටුවේය. උන්වහන්සේ වැඩවෙසෙන රාජගිරිය, කලපළුවාව, තපෝවන භාවනා මධ්‍යස්ථානය වෙත පෙරේදා (05 දා* ගිය ජනාධිපතිවරයා අභිනව මහ නාහිමියන්ට සුභාශිංසන පුද කළේය. ශාසනික, ආගමික හා ජාතික වශයෙන් අමරපුර... |
""එන්නත් ප‍්‍රතිශක්තිකරණය එනතෙක්වත් ඉවසන්න… ගුරු භවතුනි මිනිස්කමේ නාමෙන්වත් වර්ජනය නවත්වන්න, රටම අවදානමේ"" | "සඳුදා, අඟහරුවාදා, බදාදා යන දින තුනේදී එක් කණ්ඩායමක් සහ බ‍්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා දිනවල තවත් කණ්ඩාමක් ද වශයෙන් සේවා මුර දෙකකට රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමේ නව ක‍්‍රමවේදයක් හඳුන්වා දීමට තීරණය කළ බව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05 දා* සවස කීය. එහිදී රාජ්‍ය සේවයේ නිරතව සිටින ගැබින... |
"සජිත්ගෙන් ප‍්‍රශ්න අටක් පවිත‍්‍රාගෙන් උත්තර වැලක්… තවත් රැල්ලක් එනවා කොවිඩ් පාලන රෙගුලාසි ලිහිල් කිරීම සුදුසුද… සජිත් අසයි" | "රෝහල්වල ප‍්‍රතිකාර ලබන කොවිඞ් රෝගීන්ගේ ඉහළ යෑමක් පසුගිය දින 10 දී පෙන්නුම් කරන බවත් එම කාලයේ දී රෝගීන් 21344ක් ද මරණ 591ක් ද සිදුව ඇති බවත් සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (05 දා* පැවසුවාය. පවත්නා කොවිඞ් තත්ත්වය හමුවේ ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බැවින් අවශ්‍ය ඔක්... |
"නැදුන්ගමුවේ රාජා නුවර පෙරහැරට යන ගමන්…!" | "‘නැදුන්ගමුවේ රාජා’ යනු උතුම් දළදා කරඬුව වඩමවාලන්නට තරම් භාග්‍යයත් වාසනාවත් ලද ඇත් රජෙකි. වයස අවුරුදු 65 ඉක්මවා සිටිය ද, රාජා මෙවරත් දළදා පෙරහරට තම දායකත්වය ලබාදීමේ අරමුණෙන් මේ වන විටත් පාගමනින්ම සෙංකඩගල දළදා මාළිගය බලා ගමන් කරමින් සිටියි. ඒ තම සම වයසේ ඇත් ගොව්වා වන කළු අයියා සමගය. වෙනදා දින 5කින් ගම්පහ නැදුන්ගමුවේ සිට... |
"වතු ආශි‍්‍රත ළමා මෙහෙකාර සේවය නවත්වන්න" | "දරුවන්ගේ ආරක්ෂාව ග‍්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ඉන් ඉහළ ප‍්‍රතිශතයක් වතු ආශ‍්‍රිත දරුවන් බවත් මෙම තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග‍්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක‍්‍රියාත්මක විය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ... |
"මහනුවර සිට කොළඹට එන ගුරු – විදුහල්පති පාගමන මාවනැල්ලේදී" | "මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා ගුරු විදුහල්පති පාගමන ඊයේ (5 දා) මාවනැල්ල නගරය පසු කරමින් ගමන් ගත් අයුරු පිංතූරයෙන් දැක්වේ. මාවනැල්ල – ජයන්ත සේන" |
"කතරගම රක්ෂිත වනාන්තර කපා ඉඩම් ඇල්ලීමේ මහා ජාවාරමක්… වැලි හා දඩමස් ජාවාරමත් ජයටම…. වන රක්ෂණය නිහඬයි…" | "කොරෝනා තත්වය හමුවේ කතරගම, ලූණුගම්වෙහෙර වන සීමාවේ මහා පරිමාණයෙන් වනාන්තරය කපා ඉඩම් ඇල්ලීමේ ජාවාරම් රැුසක් මේ දිනවල සිදුවෙමින් පවති. කතරගම ක`දසුරිදු ගම, ලූණුගම් වෙහෙර අතර වන සීමාවේ ද කතරගම වෙහෙරකෙම ප‍්‍රදේශය, සෙල්ල කතරගම, කරවිලේ ඉහළ වන සීමාවන් තුළ මෙන්ම කතරගම අවට ලඳු කැලෑ මෙන්ම හෙදින් වැඩණු ගස් වැල් කපා මේ වන විට විශාල ... |
"සජිත්ට ගේට්‌ටුව වසයි වරාය ළග උණුසුම් තත්ත්වයක්" | "උද්ඝෝෂණයක නිරතව සිටියදී පෙරේදා (04 දා* වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගුරු විදුහල්පතිවරුන් 44 දෙනාගේ සුවදුක් විමසීම සඳහා වරාය පරිශ‍්‍රයට ඊයේ (05 දා* පෙරවරුවේ එහි ගිය විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර යන මහත්වරුන්ට එහි නිලධාරීන් සහ පොලිසිය ඊට ඇතුළුවීමට ඉඩ ලබා නොදීම නිසා එහි උණුසුම... |
"සෑම පැයකටම කොරෝනා මරණ 3 ක්" | "පවතින වසංගත තත්ත්වය හමුවේ ගෙවී යන සෑම පැයකටම කොරෝනා ආසාදිතයන් තිදෙනකු මරණයට පත්වන තත්ත්වයක් මේ වන විට රටේ නිර්මාණය වී ඇතැයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පැවසීය. 04 – පිටුවටඑසේම මේ වන විට වාර්තා වෙමින් තිබෙන දෛනික ආසාදිතයන් සංඛ්‍යාව සැබෑ සංඛ්‍යාව නොවන බව ද පෙන්වා දෙන ඒ මහතා වාර... |
"පුටුවලින් ගහද්දීත් ජොන්ස්ටන්ට මෛතී‍්‍ර කළා: මා කථානායක කාලයේ කිසිම මන්තී‍්‍රවරයකු අයුතු ලෙස අත්අඩංගුවට ගන්න ඉඩ දුන්නේ නෑ… කරුගෙන් මහින්ද යාපාට ලියුමක්" | "තමා කථානායක ධුරයේ සිටි කාලයේ දී කිසිදු මන්ත‍්‍රීවරයකු අයුතු ලෙස අත්අඩංගුවට ගැනීමට ඉඩ දුන්නේ නැතැයි හිටපු කථානායක කරු ජයසූරිය මහතා වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි. කරු ජයසූරිය මහතා එම ලිපිය යවා ඇත්තේ නව පාර්ලිමේන්තුව ආරම්භ කළ දා සිටම, ‘හිටපු කථානායක වශයෙන් තමාගේ කාලය තුළ මන්ත‍්‍රී... |
"කළුබෝවිල රෝහල කොරෝනා රෝගීන්ගෙන් පිරිලා… කාර්ය මණ්ඩලයේ සියයකටත් ආසාදනය වෙලා… සමහර රෝගීන් එළිමහනේ ගස් යට" | "කොළඹ ජාතික, කළුබෝවිල, කරාපිටිය, රත්නපුර ඇතුළු රෝහල් රැසක්ම මේ වනවිට කොවිඞ් රෝගීන්ගෙන් පිරී ඉතිරීගොස් තිබේ. එවැනි තත්ත්වයක් තුළ තමන්ට ප‍්‍රතිකාර සලසා ගැනීමේදී පහසුකම් නැතැයි ද රෝගීහු චෝදනා කර සිටිති. මෙවැනි වාතාවරණයක් තුළ කරාපිටිය හා රත්නපුර රෝහල් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබේ. ඊයේ (05 වැනිදා* දිනයේ කළුබෝවිල දක... |
"බොරැල්ලේ ළමා රෝහලේ කොරෝනා ආසාදිත දරුවන් 150ක්… දිනකට දරුවන් 10-12 ක් රෝහල්ගත වෙනවා" | "බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඞ් ආසාදිත දරුවන් 150 දෙනකු ඊයේ (05 වැනිදා* දිනය වනවිට ප‍්‍රතිකාර ලබමින් සිටින බව එම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට පැවැසීය. එම කොරෝනා ආසාදිත දරුවන් අතර අවුරුදු 2කට වඩා අඩු දරුවන්ද ප‍්‍රතිකාර ලබමින් සිටින බවද හෙතෙම කියා සිටියේය. මෙම කොවිඞ් ආසාදිත දරුවන් ළමා ර... |
"එන්නත ෆයිසර්ද? සජිත් උත්තර නොදෙයි" | "විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කොවිඞ් මර්දන ෆයිසර් එන්නතේ පළමු මාත‍්‍රාව ලබාගෙන තිබේ.‘‘මට කොවිඞ් සඳහා ප‍්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඞ් රෝගය වැළඳිය හැකි බවට වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව වෛද්‍ය න... |
"44ක් අත්අඩංගුවට වාහන 10 ක් පොලිස් භාරයට- දැඩි වාහන තදබදයක් – සටන දිගටම – ස්ටාලින් කියයි" | "කොළඹ දී ඊයේ (04 වැනිදා) කි‍්‍රයාත්මක වූ ගුරු-විදුහල්පති රථ පෙළපාලිය සහ උද්ඝෝෂණය අතරතුර පොලිසියේ උපදෙස් නොතකා ප‍්‍රධාන මාර්ගය අවහිර වන සේ කළහකාරීව හැසිරුණු පුද්ලයන් හතළිස් හතරදෙනකු පොලිස් අත්ඩංගුවට ගෙනෙ තිබේ. 04 – පිටුවටමාර්ගය අවහිර වන සේ කටයුතු නොකරන ලෙස මෙම පුද්ගලයන්ට පොලිසිය දැනුම් දුන්න ද එය නොතකා මොවුන් කලහකාරීව හ... |
"ජනපති විනාඩි 45ක් මැතිසබයේ" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (04 දා) පෙරවරු 11.15ට පමණ සභාගැබට පැමිණ පාර්ලිමේන්තු රැුස්වීමට සහභාගී විය. ඒ මහතා සභාගර්භය වෙත පැමිණෙන අවස්ථාවේ දී ජාතික ජන බලවේගය මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා විදුලි බල ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සිදුවන වංචා, ¥ෂණ පිළිබඳව අදහස් පළ කරමින් සිටියේය. යුරෝපීය ඇඳුමින් ස... |
"තව ආසාදිතයන් වැඩි වුණොත් සෞඛ්‍ය අංශවලට කරන්න කිසි දෙයක් නෑ – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්" | "කොරෝනා ආසාදිතයන් වැඩිවීම එක්තරා සීමාවක් පසුකර යමින් රෝගීන් වැඩිවීමේ ශීඝ‍්‍රතාවයේ ඉහළ යෑමක් සිදු වුවහොත් සෞඛ්‍ය අංශවලට ඒ දෙස බලා සිටීම හැර කළ හැකි අන් යමක් නොමැති වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා අනතුරු ඇගවීය. ඉකුත් කාලයේ ඉන්දීය ජනතාව මුහුණ දෙනු ලැබුවේ මෙම ඛේදනීය තත්ත්වයටය. මේ නි... |
"කොතලාවල පනතට විරෝධය පළ කරමින් අන්තරේ මිනී පෙට්ටියක් ගිනිතබයි" | "කොතලාවල විශ්වවිද්‍යාල පනත වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් අන්තර් විශ්වවිiාල ශිෂ්‍යබල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනක් පාර්ලිමේන්තු වට රවුම අසලදී ඊයේ (03 දා* දහවල් පොලිසිය විසින් නතර කිරීමට උත්සාහ ගැනීම නිසා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවිය. එහිදී පොලිසිය උද්ඝෝෂකයින්ට පාර්ලිමේන්තු වටරවුමට පැමිණීමට නොහැකි වන ලෙස මා... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.