Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"විපක්ෂයේ බංකොලොත් බව යළි පෙනුණා – සාගර කාරියවසම්"
"කථානායකවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංගය පරාද වීම මගින් විපක්ෂය ඔවුන්ගේ බංකොලොත්භාවය යළිත් ප්‍රදර්ශනය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ‘දිවයින’ට ඊයේ (21දා) පැවසීය. කිසිදු අවශ්‍යතාවයකින් හා පදනමකින් තොරව එම විශ්වාසභංගය ගෙනා බවත් පැවසූ මහ ලේකම්වරයා විපක්ෂයට ඉදිරිපත් කිර...
"කෙහෙළියට වගේම කථානායකටත් ගෙනා විශ්වාසභංගය හරි බව කාලයෙන් ඔප්පු වේවි – තිස්ස අත්තනායක කියයි"
"හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුවත් පසුකාලීනව එම විශ්වාසභංග යෝජනාව ගෙන ඒම හරි යැයි ඔප්පු වූවා සේම කථානායකවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව ද හරි යැයි කාලය විසින් ඔප්පු කරනු ඇතැයි සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ...
"මට වැටුප් වැඩි වුණේ නෑ – මහ බැංකු අධිපති නන්දලාල් කියයි"
"මෑතකාලීන මහ බැංකු වැටුප් වැඩිවීමෙන් මහ බැංකු අධිපතිවරයා ලෙස තමාට කිසිදු වැටුප් වැඩිවීමක් සිදුව නැතැයි ද තම වැටුප් වැඩිවීම බින්දුව බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ‘දිවයින’ ට පැවැසීය. මෙම වැටුප් සංශෝධනය අදාළ වන්නේ නියෝජ්‍ය අධිපති මට්ටම දක්වා පමණක් බවත්, මේ වැටුප් සංශෝධනයෙන් මහ බැංකු අධිපති ලෙස තම වැටුප ...
"මහ බැංකු වැටුප් ගැන කොන්ද පණ ඇති තීරණයක් ගන්න – විපක්ෂ නායක"
"මහ බැංකුව විසින් කරගත් ඔවුන්ගේ වැටුප් වැඩිකිරීම වහාම අත්හිටුවීමට ආණ්ඩුව කොන්ද පණ ඇතිව තීරණයක් ගන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) විශේෂ ඉල්ලීමක් කළේය. එම ආයතනය ස්වාධීන කළේ සියයට 70කින් පඩි වැඩිකර ගැනීමට නොවන බවත් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව රටේ මූල්‍ය පාලනය ගෙනයෑමට පමණක් බවත් හෙත...
"මහවැලි ඒ සහ බී කලාප සංවර්ධනය කර ජනතාවට ප්‍රතිලාභ ලබාදෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට වාරි ඉතිහාසය තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදු කරමින් එදා ගාමිණී දිසානායක මැතිතුමා මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් අ...
"ඩී.එස්. ගුණ සමරුව අද"
"නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධුරය හෙබැවූ ජාතියේ පියා (Father of Nation) නමින් විරුදාවලිය ලද මහාමාන්‍ය ඩී.එස්.සේනානායක ශ්‍රීමතාණන්ගේ 72 වැනි ගුණානුස්මරණය අදට (මාර්තු 22) යෙදී ඇත. මෙරට නිදහස් අරගලයේ පුරෝගාමියකු වූ ඩී.එස්.සේනානායක ශ්‍රීමතාණන් 1884 ඔක්තෝබර් 20වැනිදා මීරිගම, බෝතලේ ග්‍රාමයේදී උපත ලැබීය. එතුමා ගල්...
"ලෝක ජල දිනය අද"
"ලෝක ජල දිනය අද (22 වැනිදා) ට යෙදී ඇත. මෙවර ජල දිනයේ තේමාව “සාමය සඳහා ජලය” යන්න වේ. ලෝක ජල දින ජාතික උත්සවය අද පෙරවරු 8.00 ට රත්මලාන සිවාස් මධ්‍යස්ථානයේ ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ. මෙම අවස්ථාවට ජල සම්පාද...
"ව්‍යවස්ථාදායක සභාවට එරෙහි පෙත්සම සලකා බැලීමෙන් අගවිනිසුරු ඉවත් වෙයි"
"අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර තිබියදීත් එකී නිර්දේශ ප්‍රතික්ෂේප කිරීමෙන් කථානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව එම විනිසුරුවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරනා තීන්දුවක් නිකුත් කරන්නැයි ඉල්ලා ...
"ආණ්ඩුවේ කටයුතු අවුල්කිරීම විශ්වාසභංග යෝජනාවේ අරමුණයි – අගමැති දිනේෂ් ගුණවර්ධන"
"කථානායකවරයාට එරෙහිව විපක්‍ෂයේ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවේ කටයුතු අවුල් කිරීමට ගෙන ආ එකක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය. විශ්වාසභංග යෝජනාව පිළිබඳ තෙවැනි දින විවාදයට එක් වෙමින් අගමැතිවරයා මේ බව කීය. විවාදය ආරම්භ කරමින් කතා කළ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා : මේ කථානායකවරයාට පාර්ලිම...
"චෞර නඩයට උපරිම දඬුවම් දෙන එක දෙනවාමයි – මන්ත්‍රී විජිත හේරත්"
"රට ගොඩනැගීමට නම් ඉදිරියේදී ආණ්ඩු මාරු පමණක් නොව පවතින ආර්ථික ප්‍රතිපත්ති ද වෙනස්විය යුතු යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූවේ දිවුලපිටිය, මැදගමුවේ කොට්ඨාස සභාව පිහිටුවීම වෙනුවෙන් පැවති රැස්වීම අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය. ඔක්තෝබර් මා...
"ලිංගිකව එක්වීමේ වයස 14ට අඩු කිරීම: ලිංගික වෙළෙඳ පොළක් හදන්න ආණ්ඩුව නීති වෙනස් කරනවා – වෛද්‍ය වසන්ත බණ්ඩාර චෝදනා කරයි"
"ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා මෙරට ලිංගික වෙළෙඳ පොළක් කිරීමට ආණ්ඩුව දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීමට සූදානම් වන බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඊයේ (21 දා) ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. 1995 වසරේදී දණ්ඩනීති සංග්‍රහයට සිදු කළ සංශෝධනයන්ට අනුව මෙරට අ...
"පානදුරේ ධර්මපාල පිළිරුව ළඟත් සුරා සලක් – ජයන්ත සමරවීර"
"මෙරට අමද්‍යප සටනේ පුරෝගාමියා වූ අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුව අබියස නව සුරා සලක් ආරම්භ කිරීමට බලපත්‍රයක් නිකුත්කර තිබෙන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) පැවසීය. මේ වනවිට රටේ ඉතා සීග්‍රයෙන් රා. වි. 04 වර්ගයේ සුරාසල් ආරම්භ කිරීම සිදුවන බවත් ඒ අනුව පානදුරේ පිහිටි අ...
"ජනපති එන උත්සවයට සමෘද්ධියෙන් ලක්‍ෂ 52ක් අදින්න හදනවා – වසන්ත සමරසිංහ චෝදනා කරයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ දී පැවැත්වෙන අස්වැසුම සමාරම්භක උළෙල සඳහා සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදලින් රුපියල් ලක්ෂ පනස් දෙකක මුදලක් වැය කිරීමේ සූදානමක් පවතින බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි. ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් සමෘද්ධි සාමූහිකය ගොඩ නැගීමේ වැඩසටහනෙන් අ...
"දුමින්ද-ළහිරු ඇතුළු 9ක් රිමාන්ඩ්"
"පෙරටුගාමි සමාජවාදී පක්ෂය සමග සමීපව කටයුතු කරන ‘ජන අරගල ව්‍යාපාරය’ සංවිධානය විසින් පෙරේදා (20දා) පස්වරුවේ කොළඹ පැවැත්වූ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ හිටපු...
"ඇලෝසියස්ට රට යන්න අවසර නොලැබෙයි"
"පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස් මහතා විදේශගත වීමට අවසර ලබාදෙන ලෙසට කළ ඉල්ලීමක් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (21දා) බහුතර තීන්දුවකින් ප්‍රතික්ෂේප කළේය. එම විත්තිකරු විදේශගත වුවහොත් නඩු කටයුතු සඳහා ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇතැයි පෙන්වා දෙමින් නීතිපතිවරයා දැක්වූ විරෝධතාව පිළිගත්...
"හිටපු ඇමැති ජොන්ස්ටන් නොපැමිණීමෙන් සතොස නඩුව කල්යයි"
"පළමුවන විත්තිකාර හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණ හමුවේ පෙනී නොසිටීම නිසා ඔහු ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ වැඩිදුර විභාගය ජුනි මස 27 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (21දා) නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා එ...
"ඔන්ලයින් පනතට එරෙහිව මන්ත්‍රී සුමන්තිරන්ගෙන් නැවතත් පෙත්සමක්"
"පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2024 අංක 09 දරන මාර්ගගත ආරක්ෂණ පනත නීතියක් ලෙස සම්මත වූ බව සහතික කරමින් කථානායකවරයා විසින් පසුගිය පෙබරවාරි 1 වැනිදා අත්සන් තැබීම අභියෝගයට ලක්කරමින් තමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බැවින් වෙනත් විනිසුරු මඬුල්...
"මහ බැංකු වැඩි වැටුප් කල් දාන්න"
"රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය නොතකා මහ බැංකුව විසින් අත්තනෝමතික ලෙස කර ගනු ලැබූ වැටුප් වැඩි කර ගැනීම වහාම කල් දමන්නැයි දැඩිව නිර්දේශ කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඊයේ (20 දා) ඉදිරිපත් කරමින් සඳහන් කළේය. එම වාර්තාව ඉදිරිපත් කරමින් එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව ස...
"පිටකොටුව ගිනියම් වෙයි – ජන අරගල විරෝධයට කඳුළු ගෑස් – ජල ප්‍රහාර"
"පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය සමග සහයෝගයෙන් කටයුතු කරන ජන අරගල ව්‍යාපාරය විසින් පිටකොටුවේදී ඊයේ (20 දා) පස්වරුවේ පැවැත්වූ විරෝධතාවකට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ පොලිසිය භික්‍ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු විරෝධතාකරුවන් 29 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. එම අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් තිදෙනකු ද ...
"උසාවියට අපහාස කළ නීතිඥයා රිමාන්ඩ් – නඩුව අවසන් වනතුරු නීතිඥභාවයත් අහෝසියි"
"ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල විසින් කරන ලද නියෝග දිගින් දිගටම නොතකමින් විවෘත අධිකරණය හමුවේදී අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කළ සුසිල් ප්‍රියන්ත ජයතුංග නමැති නීතිඥවරයා ලබන 3වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20දා) නියෝග කළේය. එම නීතිඥවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඇ...
"විශ්වාසභංග ඡන්දය අද"
"සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්‍ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ගෙනඑනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (21 දා) පස්වරු 4.30 ට සිදුකිරීමට නියමිතව ඇත. එම යෝජනාව පිළිබඳ විවාදය පෙරේදා, ඊයේ, සහ අද (19, 20, 21) වශයෙන් දින තුනක් පුරාවට විවාදයට ගැනේ. අද සවස එම ඡන්ද විමසීම පැවැත්වීමෙන් පසුව කථානායක...
"ආර්ථිකය හදන්න නව නීතියක් – ජනපති කියයි"
"ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එබැවින් රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ද හෙතෙම සඳහන් කළේය. ඊට අදාළව නව නීතියක් ද මෙ...
"රේගු සටන නැවතුණත් කන්ටේනර් තවම හිමින් – හරියන්න තව දවස් 4ක්වත් යාවි"
"ශ්‍රී ලංකා රේගුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මගින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් වුවද බහාලුම් කටයුතු සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යෑමට දින හතරක පමණ කාලයක් ගතවනු ඇතැයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා ‘දිවයිනට’ ඊයේ (20 දා) පැවැසීය. රේගුවෙන් මුදාහැරීම සඳහා වූ බහාලුම් 5000 ක් පවතින බවත්, ...
"පිටිගල ද්විත්ව ඝාතනයට කොන්ත්‍රාත්තුව දුන් ව්‍යාපාරික ඇතුළු තිදෙනෙක් දැලේ"
"ව්‍යාපාරිකයා බූරු ගස්සන කෙනෙක් පිටිගල හොරන්ගල්ල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා රුපියල් පනස් ලක්ෂයක කොන්ත්‍රාත් මුදලක් පාතාලයට ලබාදුන් ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනකු පිටිගල පොලිසිය මගින් පෙරේදා (19 දා) අත්අඩංගුවට ගෙන ඇත. පිටිගල හොරන්ගල්ල පිහිටි වෙළෙඳසලක හිමිකරු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල ක...
"මේ උණුසුම් කාලයේ සීනි අඩංගු පැණි බීම සුදුසුම නෑ"
"අධික උෂ්ණත්වයක් පවතින මෙම කාල වකවානුව තුළ පුද්ගලයන් ජලය, තැඹිලි, කුරුම්බා, ජීවනී, කැඳ සහ පලතුරු යුෂ වර්ග වැඩි වැඩියෙන් පානය කිරීම ඉතා යෝග්‍ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ‘දිවයින’ ට පැවසීය. මෙම කාලයේ සීනි අධිකව අඩංගු පැණිබීම වර්ග පානය කිරීම නුසුදුසු බව ද අධික අව්ව ඇති මෙම කාලය...
"අනුර කැනඩාවට"
"කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් අමතන ජනහමු කිහිපයකට සහභාගි වීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (20දා) සවස කැනඩාව බලා පිටත්ව ගොස් ඇත. ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලැබ ඇති ප්‍රධාන ජනහමු දෙකෙන් පළමුවැන්න 23 වැනිදා සෙනසුරාදා දින පස්වරු 3.00ට කැනඩාවේ ටොරොන්ටෝ අගනුවරදී ද දෙවැන්න 24...
"ශ්‍රී ලංකාව 128 – සතුටුම රට ෆින්ලන්තය – අසතුටුම ඇෆ්ගනිස්ථානය"
"ලොව සතුටුම රට බවට අඛණ්ඩව 07 වැනි වරටත් ෆින්ලන්තය පත්ව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය මත රටවල් 143ක් යොදා ගනිමින් 2024 වසර සඳහා සිදුකර ඇති මෙම සමීක්ෂණයට අනුව ලොව අසතුටුදායකම රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි. ශ්‍රී ලංකාව ලොව සතුටුම රටවල් දර්ශකයේ 128 වැනි ස්ථානයට පත්ව තිබේ. ඉන්දීයාව, පාකිස්තානය, කෙන්යාව, උගන්ඩ...
"කෘත්‍රිම බුද්ධිය නියමු ව්‍යාපෘති අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ"
"08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමග කෘත්‍රීම බුද්ධිය හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම ඉකුත් 19 වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. දිස්ත්‍රික්ක 20ක් අතුරින් තෝරාගත් ...
"ශ්‍රී ලංකාව 128 – සතුටුම රට ෆින්ලන්තය – අසතුටුම ඇෆ්ගනිස්ථානය"
"ලොව සතුටුම රට බවට අඛණ්ඩව 07 වැනි වරටත් ෆින්ලන්තය පත්ව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය මත රටවල් 143ක් යොදා ගනිමින් 2024 වසර සඳහා සිදුකර ඇති මෙම සමීක්ෂණයට අනුව ලොව අසතුටුදායකම රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි. ශ්‍රී ලංකාව ලොව සතුටුම රටවල් දර්ශකයේ 128 වැනි ස්ථානයට පත්ව තිබේ. ඉන්දීයාව, පාකිස්තානය, කෙන්යාව, උගන්ඩ...
"160 වැනි පොලිස් විරු අනුස්මරණ දිනය අදයි"
"පොලිස් වීරභට නාමාවලියේ පළමු ස්ථානයේ සභාන් නිලධාරියාගේ නම සටහන්ව ඇත්තේ පූර්ණ බලයලත් පොලිස් නිලධරියකු ලෙස වික්‍රමාන්විත රාජකාරියේදී මියගිය පළමුවැන්නා ලෙසයි. වර්ෂ 1864 මාර්තු 21 වැනි දින සභාන් නිලධාරියා ඝාතනය වූයේ පොලිසිය ව්‍යවස්ථාපිතව පිහිටුවීමට දෙවසරකට පෙරය. උතුවන්කන්දේ සරදියෙල් අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරීමේ දී සරදිය...
"රු. ලක්‍ෂ 446ක පොල්තෙල් වංචා නඩුවේ විත්තිකාර ඌව තැන්නේ සුමන හිමියන්ට ඇප"
"මුදල් ගෙවන බවට පොරොන්දු වී ව්‍යාපාරිකයකුගෙන් පොල්තෙල් ලබාගෙන රුපියල් ලක්‍ෂ 446ක මුදලක් වංචා කළේ යැයි චෝදනා එල්ල වී ඇති මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමාධිපති ඌව තැන්නේ සුමන හිමියන්ට විවෘත අධිකරණය හමුවේ දී අධිචෝදනා පත්‍රය භාරදී දැඩි කොන්දේසි පනවා ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (20 දා) නියෝග ...
"පාතාලයෝ 4ක් දැලේ – මාකඳුරේ මධුෂ්ලාගේ අලබෝලෙත් මාට්ටු"
"මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයන් සිව්දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය සහ මාතර කොටවිල පොලිසිය මගින් පෙරේදා (19 දා) අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාසය, බොරැල්ල, මාලිගාවත්ත සහ කොටහේන ප්‍රදේශවල කළ වැටලීම්වලදී කොළඹ පාතාලයේ ප්‍රබල නායකයන් තිදෙනකුගේ කල්ලිවල ක්‍රියාකාරී සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුව...
"එට්කා ගිවිසුමට හා ජාතික සම්පත් විකිණීමට එරෙහිව අත්සන් දසලක්ෂයක්"
"එට්කා ගිවිසුම අත්සන් කිරීමට සහ රාජ්‍ය ආයතන හා ජාතික සම්පත් විකිණීමට එරෙහිව අත්සන් දසලක්ෂයක මහජන පෙත්සමකට අත්සන් ගැනීම ඊයේ (20දා) කොළඹ 07, සමස්ත ලංකා බෞද්ධ සම්මේලන මූලස්ථානයෙන් ආරම්භ කෙරිණි. මේ අවස්ථාවට පැවිදි සහ ගිහි විද්වතුන් හා රටපුරා සිටින බෞද්ධ සංවිධාන නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටියහ. මේ මහජන පෙත්සම සඳහා මුලින...
"ඖෂධවේදීන්ගේ වර්ජනයෙන් රෝගීහු අමාරුවේ"
"උපාධිධාරී ඖෂධවේදීන් බඳවා නොගෙන, ඖෂධ සංයෝජකවරුන් පුහුණුව සඳහා බඳවා ගැනීමේ තීරණයට විරෝධය පළකරමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ඊයේ (20 දා) උදේ 8.00 සිට දිවයින පුරා රෝහල්වල ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් රෝගවලට අවශ්‍ය ඖෂධ ලබාගැනීමට පැමිණි රෝගීහු දැඩි අපහසුතාවට පත් වූහ. සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (21 දා) උදේ 8.00 ට තාවකාලිකව අව...
"ඡන්ද සටනට සජබ රැස්වෙයි"
"ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම ජාතික මැතිවරණයකට ශක්තිමත්ව මුහුණදීමට පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පෙරේදා (19දා) පස්වරුවේ රැස්වූ අතර ඊට එහි සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද මුඛය වැසෙන පරිදි මාස්ක් එකක් පැළඳ සහභාගී වී ඇත. එහ...
"පොහොට්ටු අලුත් ගමන මැයි"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු ආරම්භ කිරීම, මැයි රැලිය පවත්වා ආරම්භ කිරීමට තීරණය වූ බව එහි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ‘දිවයින’ට පැවසීය. එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා සමග එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා සහ වෘත්තීය සමිති නායකයන් ඊයේ (20 ද...
"අයි.එම්.එෆ් එකේ විශේෂ ප්‍රකාශය අද"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත පිරිස සිය ශ්‍රී ලංකා සංචාරය නිමාකරමින් ඔවුන්ගේ විශේෂ ප්‍රකාශයක් අද (21 දා) නිකුත්කිරීමට නියමිතය. අද දින සවස 3.00ට එම ධූත පිරිස පවත්වන මාධ්‍ය හමුවට සමගාමීව මේ ප්‍රකාශය නිකුත් කෙරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත පිරිස සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ආණ්ඩු පක්ෂ, විපක්‍ෂ දේශපාලන නියෝජිතයන් සහ මහ...
"ඉන්දීය ධීවරයන්ගේ බලහත්කාරකම්වලට විරෝධය පා උතුරේ ධීවරයෝ උපවාසයක"
"ඉන්දීය ධීවරයන්ගෙන් උතුරේ ධීවරයන්ට සිදුවන අසාධාරණකම්වලට විරෝධය පළකිරීමක් වශයෙන් යාපනයේ ධීවර සංගම් නියෝජිතයෝ පෙරේදා (19 දා) සිට දහවල් නිරාහාර උපවාසයක් ආරම්හ කොට තිබේ. යාපනයේ ධීවර සංගම් නියෝජිතයෝ මරතඩි හන්දියේ සිට විරෝධතා පා ගමනකින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් ඒ ඉදිරිපිට මෙම උපවාසය ආරම්භ ...
"දයාසිරිගේ පක්ෂයත් සන්ධානයකට"
"හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් මානුෂීය ජනතා සන්ධානය මෙරට දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන කීපයක් සමඟ එක්ව ජනගතවීම සනිටුහන් කරමින් ගිවිසුමකට අත්සන් කිරීම කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ පිහිටි ලක්‍ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේදී ඊයේ (20 දා) සවස සිදු විය. දයාසිරි ජයසේකර මහතාගේ ඇරැයුමෙ...
"රේගුවේ අර්බුදයෙන් අවුල් වැලක්"
"ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අලුත් අවුරුදු උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම සියලුම ආනයනික භාණ්ඩවල හිඟයක් මෙන්ම මිල විශාල ලෙස ඉහළ යෑමේ අවදානමක් මතුවී තිබෙන බව, භාණ්ඩ ආනයනය කරන්නන්ගේ සංගම් අනතුරු අඟවයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා රේගු අංගණවල සිරවී ති...
"කෝප් දෙදරීම: තවත් මන්ත්‍රීවරු 6ක් අස්වෙති"
"පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, මහාචාර්ය චරිත හේරත්, හේෂා විතානගේ, රාසමානික්කම් එස්.එම්. මරික්කාර් සහ ගාමිණි වලේබොඩ යන මහත්වරුන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (කෝප්) ඊයේ (19දා) ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමුකර ඇති බව ඔවුහු සඳහන් කළහ. කෝප් කමිටු සභාපති ...
"පාතාලය සුන් කරන මෙහෙයුම ඇරැ‍ඹෙයි"
"දකුණ සහ බස්නාහිර පළාත්වල ජනතාව භීතියට පත් කරගෙන මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධවල නිරතවන පාතාල කණ්ඩායම් විනාශ කර දැමීමේ දැවැන්ත මෙහෙයුම පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 දා) ආරම්භ කෙරිණි. පොලිස් විශේෂ කාර්ය බළකාය, බුද්ධි අංශ සහ පොලිස් අපරාධ මර්දන අංශවල නිලධාරීන්ගෙන් සැදුම්ලත් පාත...
"කෝවිලේ අවුල ටීඑන්ඒ මන්ත්‍රීවරු මැතිසබයට ගෙන යති"
"වවුනියාවේ හින්දු කෝවිලක පූජාවක් පවත්වමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව කියමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භයේ දී ඊයේ (19දා) දැඩි විරෝධතාවක නිරත වූහ. පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම එම මන්ත්‍රීවරු විරෝධතා පුවරු අතැතිව සභාගර්භය මධ්‍යයට පැමිණ මෙම විරෝධතාව ආරම්භ කළහ. මේ හේතුව...
"රනිල් බැසිල් හෙටත් හමුවෙති"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් හෙට (21 දා) සවස සිදුවේ. මේ හමුව සඳහා ජනාධිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂ මහතා වෙත ආරාධනා කර ඇත. මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වා...
"මොන තර්ජන ආවත් සුරාබදු වැටලීම් දිගටම බලපත්‍ර දීමට කෝටි ගණන් කප්පම් ගන්නා බව කියන අය ඒවා ඔප්පු කර පෙන්වන්න – සුරාබදු කොමසාරිස් ජනරාල්"
"හොර ස්ටිකර් ඇතුළු නීති විරෝධී ක්‍රියාවන් නැවැත්වීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව වැටලීම් වැඩි කිරීමත් සමග තමාට විවිධ පාර්ශ්වයන්ගෙන් තර්ජන එල්ල වෙමින් පවතිනවා යැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ‘දිවයින’ට ඊයේ (19 දා) පැවසීය. මේවා පිටුපස අක්‍රමිකතා සිදු කරන ඇතැම් අරක්කු, බීඩි නිෂ්පාදකයන් සිටිය හැකි බවත්, ඔ...
"කථානායක රටේ ආර්ථිකය කඩාවැටීමට ප්‍රධානම හේතුවක් – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල"
"රටේ ආර්ථිකය කඩාවැටීමට ප්‍රධානම හේතුවක් වූයේ කථානායකවරයා බවත් එදා එකඟතාවට අනුව මුදල් කමිටුව විපක්ෂයට ලබා දුන්නා නම් ආර්ථිකය බංකොලොත් වන බව වසර දෙකකට කලින් දැනගන්නට ඉඩ තිබුණු බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්‍ෂය ඉද...
"කෝප් සභාපති රෝහිතගේ වත්කම් කියන්න – පුරවැසි බලයෙන් පැමිණිල්ලක්"
"හිටපු ඇමැති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කෝප් කමිටු සභාපති රෝහිත අබේගුණවර්ධන මහතාගේ වත්කම් බැරකම් විගණනය කර ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ නීති විරෝධී මූල්‍ය වත්කම් කොට්ඨාසය වෙත ඊයේ (19 දා) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 1997 දී ප්‍රාදේශීය සභා සභාපතිවරයකු ලෙස තේරීපත්ව මේ දක්වා විවිධ...
"කථානායකට එරෙහි විශ්වාසභංග විවාදය දින 3කට දික් වෙයි"
"කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය ඊයේ (19දා) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර අතිරේක දිනයක් ලෙස අනිද්දා ද (21දා) විවාදය සඳහා ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. ඒ අනුව එම දෙදින විවාදය තෙදින විවාදයක් දක්වා දීර්ඝ කෙරුණු අතර 21 වැනිදා පස්වරු 4.30ට විශ්වාසභංග යෝජනාව පි...
"ජාජබ නායක අනුර කුමාර දිසානායක සහ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි අතර හමුවක්…"
"ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි (Mizukoshi Hideaki) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (19දා) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Katsuki Kotaro මහතා සහ දෙවැනි ලේකම් Imai Kaori මහත්මියද ජාතික ජන බලවේගයේ ජාති...
"පාසල් සිසුවියන් ලක්‍ෂ 8 කට ලබන මස සිට වවුචර් මගින් සනීපාරක්‍ෂක තුවා"
"හය ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුවියන් ලක්ෂ 08ක පමණ පිරිසකට වවුචර් පත් මගින් සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන ලබන මස (අප්‍රේල්) සිට ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය. එලෙස වවුචර් පත් දීම රජයට පහසු කටයුත්තක් බවත් එහිදී අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ප්‍රමිති ආයතනය එක්ව...
"මැතිවරණ ක්‍රමය වෙනස් කරන නීති සම්පාදනයට කැබිනට් අනුමැතිය"
"පවතින පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඊට අදාළ යෝජනාව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. නව යෝජනාවට අනුව මන්ත්‍රිවරුන් 160 දෙනකු අදාළ මැතිවරණ ...
"මුදල් කාරක සභාවේ ඉල්ලීම මහ බැංකු කාර්ය මණ්ඩලයට හා වෘත්තීය සමිතිවලට දන්වයි"
"මහ බැංකුවේ වැටුප් වැඩිකිරීම නැවත සලකා බලන ලෙස පාර්ලිමේන්තු මුදල් කාරක සභාව විසින් සිදු කළ ඉල්ලීම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් සියලුම මහ බැංකු කාර්ය මණ්ඩලයට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තීය සමිති වෙත දැනුම්දී ඇත. පාර්ලිමේන්තු මුදල් කාරක සභාව විසින් පසුගියදා මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ මහ බැංකු ප...
"මහ බැංකුව ස්වාධීන වුණත් පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව සතයක්වත් පඩි වැඩි කරගන්න බැහැ – ඇමැති විජයදාස කියයි"
"ශ්‍රී ලංකා මහ බැංකුවට ස්වාධීනත්වයක් තිබුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බලයක් නැතිව ඔවුන්ට සතයකින්වත් පඩි වැඩි කරගන්න අනුමැතියක් නැතැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය. මහ බැංකුව හිතුමතේ පඩි වැඩි කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද දැඩි කතාබහක් ඇතිවුවත් එම තීන්දුව ...
"විදුලි බිලට එරෙහි පෙත්සමට විරෝධතා ගොනු කිරීමට පියවර"
"පසුගිය වසරේ දෙවරක්ම විදුලි බිල ඉහළ දමා තිබියදීත් පසුගිය සැප්තැම්බර් මස විදුලි බිල සියයට 18 කින් නැවත ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් විදුලිබල හා බලශක්ති පුනර්ජනනීය සංගමය, එම සංගමයේ සභාපති මහේෂ් බණ්ඩාර ඉලංගකෝන්, එම සංගමයේ ලේකම්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් ප...
"බලවතුන්ට වහල් වී එහෙයියන් වූ යුගය අහෝසි කළ යුතුයි -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාතරදී කියයි"
"දේශපාලනඥයන්ගේ රැවටිලි බස්, සුරංගනා කතා, වහසිබස්වල වහල් වී දේශපාලන බලවතුන්ගේ එහෙයියන් බවට පත් වූ යුගය අහෝසි කළ යුතු බවත් පුරවැසියන්ගේ දක්ෂතාව හැකියාව නිපුණතාව තුළින් ඉහළටම යා හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 128 වැනි අදියර යටත...
"බස්නාහිරට දකුණට අරක්ගත් – පාතාලය වනසන මෙහෙයුම් අරඹයි"
"අහිංසක මිනිස් ජීවිත විනාශ කරමින් ජනතාව භීතියට පත් කරගෙන සිටින පාතාල කණ්ඩායම් 32 කට අයත් අපරාධකරුවන් විනාශ කිරීම සඳහා යොදවා ඇති විශේෂ පොලිස් ප්‍රහාරක බළඇණි 20 දකුණ සහ බස්නාහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් අද (19 දා) සිට සිය මෙහෙයුම් ආරම්භ කරයි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි වරුණ ජය...
"වැරදි පුද්ගලයින් යළි පත් කරලා – කෝප් කමිටුවෙන් ඉරාන් අස්වෙයි"
"පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. එම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බව විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (18 දා) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කියා සිටියේය. එහිදී හෙතෙම මෙසේද කියා සිටයේය. “පොදු ව්‍...
"බදාම යොදා ප්‍රතිකර්ම කළා ඉරිතැලීම් නිසා ජේතවන සෑයට කිසිම අවදානමක් නෑ"
"බුදුන් වහන්සේගේ පටී ධාතුව තැන්පත් කර මහසෙන් රජතුමාගේ රාජ්‍ය පාලනය සමයේ ඉදි කළ වර්ෂ එක්දහස් පන්සීයක් තරම් ඉපැරැණි ඉතිහාසයකට දිව යන අනුරාධපුර ඓතිහාසික ජේතවන ස්ථූපයේ පවතින ඉරිතැලීම් වර්ධනය වීම වැළැක්වීමට බදාම යොදා ඇති බැවින් එම ස්ථූපයට කිසිදු අවදානමක් නොමැති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණස...
"කථානායකට එරෙහි විශ්වාසභංගය අද-හෙට විවාදයට – ඡන්දය හෙට සවස"
"කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (19) සහ හෙට (20) දෙදින විවාදයට ගැනේ. අද පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ද, හෙට පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා ද විවාදය පැවැත්වෙන අතර හෙට ප.ව. 4.30 ට ඡන්ද විමසීම පැවැත්වෙන බව වැඩබලන පාර්ලිමේන්තු මහ ලේකම් හංස අබේරත්න මහතා පැවසීය. මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත සහ පොලිස...
"හිටපු කථානායක චමල්ගේ ඥාතියකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම"
"හෙරොයින් ග්‍රෑම් 282 ක් සන්තකයේ තබා ගත්තේ යැයි අසත්‍ය චෝදනා නගා හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ඥාතියකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම ඇතුළු චෝදනා යටතේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් සිවු දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවට අදාළ විමර්ශන ගොනුව නීතිපතිවරයා භාරයට පත් කරන ලෙස කොළඹ ප්‍...
"තරුණ පරපුර මුළුමනින් ප්‍රතික්‍ෂේප කළ දේශපාලනය මේ භූමියෙන් අතුගා දැමිය යුතුයි – ජා.ජ.බ. නායක අනුර කුමාර දිසානායක මාතරදී කියයි"
"ඉදිරියේ එන දේශපාලන පරිවර්තනය වෙනුවෙන් මේ රටේ වැඩිම වගකීම තියෙන ඒ සඳහා වැඩිම වුවමනාව තයෙන අපේක්ෂා පොදි බැඳන් ඉන්න තරුණ පරම්පරාව ඒකරාශී කරන වැඩේ අද අපි මාතරින් පටන් ගත්තා. අපි හිතනව මේක ලංකාවේ දැවැන්තම තරුණ පිබිදීම බවට පත්වනු නොවනු මානයි යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. දිසානායක මහතා ඒ අදහස් ...
"සෞඛ්‍ය වර්ජනය සතියකට නවතයි"
"වැටුප් වැඩිකරගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (19 දා) සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය දින 07ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව සෞඛ්‍ය ඇමැතිවරයා විසින් කළ ලිඛිත ඉල්ලීමට වෘත්තීය සමිති ප්‍රතිචාර දක්වමින් මෙම තීර...
"මෙතෙක් සිටි 25 දෙනාගෙන් දුර්වලම කථානායක වත්මන් කථානායකයි – ජී. එල්. පීරිස්"
"මෙතෙක් පත්ව සිටි කථානායකවරුන් 25 දෙනාගෙන් දුර්වලම කථානායකවරයා වත්මන් කථානායකවරයා බවත්, හෙතෙම විධායකයේ දිගුවක් බවට පත්ව ඇති බවත් නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (18දා) පැවැසීය. කථානායකවරයා නිර්පාක්ෂික පුද්ගලයකු විය යුතු බවත්, එහෙත් වත්මන් කථානායකවරයා පක්ෂග්‍රාහී වැඩපිළි...
"අධික උෂ්ණත්වය නිසා වික්ටෝරියා සහ රන්දෙණිගලින් දිනකට ජලය මිලිමීටර් 8 ක් වාෂ්ප වෙනවා"
"මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියා, රන්දෙණිගල ජලාශවලින් දිනකට මිලිමීටර් 08ක පමණ ඝනත්වයෙන් යුක්ත ජල ධාරිතාවක් වාෂ්පීයකරණයට ලක්වන බව මධ්‍යම පළාත් කලාප වාරිමාර්ග ඉංජිනේරු දිනේෂ් සුමනසේකර මහතා පවසයි. මිනිපේ මහා වාරි ව්‍යාපාරයට ජලය ලබාගන්නා එම මව් ජලාශවල සමස්ත ජල ධාරිතාවෙන් 88% ක් මේ වන විට පවතින බවත් වාෂ්පීක...
"නව සභාපතිවරයෙක් අධ්‍යක්‍ෂ මණ්ඩලයක් නෑ"
"පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය ඉවත්වී සති දෙකකට අධික කාලයක් ගතවී ඇතත් මේ වනතෙක් නව සභාපතිවරයකු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කර නැතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ පොදු සේවක සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර මහතා ‘දිවයින’ට ඊයේ (18දා) පැවැසීය. පාරිභෝගික භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම ඇතුළු අධිකාරියට ලැබෙන...
"පාසල් ක්‍රීඩා උත්සව අප්‍රේල් 24න් පසු පවත්වන්න"
"පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් ක්‍රීඩා උත්සව අප්‍රේල් 24 වැනිදායින් පසුව පත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ (18දා) චක්‍රලේඛයක් නිකුත් කරමින් දන්වා ඇත. මේ වන විට පාසල් පළමු වාරය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පාසල් වාර්ෂික ක්‍රීඩා උත්සව තරග ඇතුළු විවිධ එළිමහන් ක්‍රියාකාරකම් පළමු, දෙවැනි හා තෙවැනි වාර...
"බැසිල් අදින නූලට අනුව මැතිවරණය තීරණය වෙයි – පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක"
"බැසිල් රාජපක්ෂ විසින් අදින නූලට අනුව ඉදිරියේ පවත්වන්නේ කුමන මැතිවරණයද යන්න තීරණය වෙන්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (18) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. සමගි ජන සන්ධානය ඒකාබද්ධව...
"එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ විනාශයට වන්දි ගෙව්වා කිව්වත් බහුතරයකට කිසිවක් ලැබී නැහැ"
"එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන එහි ගබඩා කොට තිබූ විෂ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීම නිසා හානි සිදුවූ වෘත්තීය ධීවර ජනතාවට වන්දි ගෙවා අවසන් කර ඇති බවට බලධාරීන් පැවැසුවත්, කිසිදු වන්දියක් අහිමි වූ ධීවර ජනතාව විශාල ප්‍රමාණයක් තවමත් අප රට තුළ සිටින්නේ යැයි ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ හිමාලි...
"කැනඩාවේදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික හය දෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ"
"ඉකුත් මාර්තු 06 වැනිදා මුළුමහත් කැනඩාවම කම්පාවට පත් කරවමින් ඔටාවා අගනුවර ‘බාර්හේවන්’ ප්‍රදේශයේ නිවෙසකදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකීය පවුල් දෙකක සාමාජිකයන් හයදෙනාගේ අවසන් කටයුතු පෙරේදා (17 දා) සවස ශ්‍රී ලාංකිකයන් හා කැනේඩියානු ජාතිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කැනඩාවේදී සිදු කෙරිණි. ඝාතනයට ලක් වූ එකම පවුලේ මව හා කුඩා...
"වී මෝල් හිමියෝ වී කුණු කොල්ලයට ගනිතිවී ගන්න රජය කිසිදු මැදිහත්වීමක් නැහැ"
"මෙවර මාස් කන්නයේ වී අස්වැන්න රජයේ වී ගබඩාවලින් කන්න කැපෙන කාලය තුළ මිල දී ගැනීමට රජය කිසිදු ක්‍රමවේදයක් අනුගමනය නොකිරීමෙන් ගොවියාට කුණු කොල්ලයට වී මෝල් හිමියන්ට දීමට සිදුවීම පිළිබඳව ගොවීන් මහත් සේ කනස්සල්ලට පත්ව ඇතැයි කන්තලේ ව්‍යාපාර ගොවි එකමුතුවේ සභාපති ඉන්දික පරණවිතාන මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් මෙසේ කියා සිටීයේ ය. ...
"ශ්‍රී ලාංකික තරුණයන් රවටා ගෙන ගොස් යුක්‍රේන යුද්ධයට මැදි කළ කඩවත යුවළක් දැලේ"
"යුක්‍රේනයේ රැකියා ලබාදෙන බව කියමින් යුද හමුදාවෙන් ඉවත් වූ සෙබළුන් ඇතුළු තරුණයන් 55 දෙනකු රැගෙන ගොස් රුසියාවට එරෙහි ප්‍රහාරවලදී යුක්‍රේන හමුදාවට භාර කළ කඩවත රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගිය යුවළක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (17දා) අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට අදාළ විමර්ශනවලින් හෙළි වූ කරුණු අනුව මෙරට තරු...
"ප්‍රධාන සංවිධායකට විරෝධය – කළුතර ශ්‍රීලනිප සංවිධායකවරු රැස්වීම වර්ජනය කරති"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායකවරයාට විරෝධය පා එම පක්ෂයේ සංවිධායකවරුන් පිරිසක් පක්ෂ මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීම වර්ජනය කර ඇත. කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප සංවිධායකවරුන්ගේ රැස්වීමක් කළුතර පිහිටි හෝටලයකදී පසුගියදා පැවැත්විණි. ඒ සඳහා ශ්‍රීලනිප මහලේකම්ව...
"පාස්කු වාර්තාවේ පිටු 1500ක් අපට දීලා නෑ – කාදිනල්තුමා"
"පාස්කු ඉරිදා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ මෘදු පිටපත රජය විසින් ලබාදී තිබූ නමුත් එහි සාක්ෂි ඇතුළත් පිටු 1500කට අධික ප්‍රමාණයක් අතුරුදන්ව ඇතැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි. පසුගිය සතියේ කොළඹ අගරදගුරු මන්දිරයේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති රැස්වීමේදී අදහස් දක්වමින් කාදිනල්තුමා ප්‍රකාශ ක...
"සී. අයි. ඩී. මුල් පුටුව දෙහිදෙණියට"
"අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතා පත්කර ඇත. ඒ මහතා හෙට (19දා) සිය ධුරයේ රාජකාරී භාර ගැනීමට නියමිතය. මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන මංගල දෙහිදෙණිය මහතා පොලිස් සේවයට එක්වී ඇත්තේ 1990 වර්ෂයේදීය.හේමන්ත රන්දුණු"
"පොලිස් ලොක්කන් 18 දෙනකුට මාරුවීම්"
"ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 18 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත. ජාතික පොලිස් කොමිසමේ නියෝග මත මෙම මාරුවීම් ක්‍රියාත්මක කර තිබේ. මාරු කර යැවූ නිලධාරීන් මෙසේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ප්‍රියන්ත වීරසූරිය උතුරු මැද පළාත භාරවත්, සජීව මැදවත්ත පුහුණු සහ ...
"මාර්තු 21ට පසු වැස්සක බලාපොරොත්තුවක්"
"මාර්තු මාසයේ 21 වැනිදායින් පසු දිවයිනේ වැසි තත්ත්වය අඩු වැඩි වශයෙන් පැවතිය හැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයයේ නියුතු කාලගුණ විiාඥ ශ්‍රීමාල් හේරත් මහතා “දිවයින” ට ඊයේ (17 දා) පැවැසීය. එම වැසි තත්ත්වය අඩුවැඩි වශයෙන් පවතින විට පවතින අධික උෂ්ණත්වය ද ක්‍රම ක්‍රමයෙන් අඩුවී යනු ඇතැයි ද හෙතෙම කීය. ඊයේ (17 දා) පෙරවරු...
"මහා සංඝරත්නය දේශපාලකයන්ගේ අනුග්‍රාහයෙන් යැපෙන්න වුවමනා නැහැ"
"රටේ නායකයෝ තරගයට ආගමික විහාරස්ථානවල පවා විදුලි බිල විසන්ධි කරමින් සිටින බවත් බුදු දහම අප රටට ලැබූ මිහින්තලා පුදබිමේ පවා විදුලිය විසන්ධි කළ නමුත්ප්‍රායෝගික බෞද්ධයන් ලෙස ඒ ගැටලු‍වට තාවකාලිකව විසඳුමක් සමගි ජන බලවේගයට ලබාදීමට හැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අපේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස...
"අයි.එම්.එෆ්. දිනන්න කරුණු 16ක ක්‍රියාකාරී සැලැස්මක්"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කරුණු 16කින් යුත් ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණයට එළඹ තිබේ. පාලනයේ විනිශ්චය හෙවත් government Diagnostic යන සංකල්පය යථාවත් කර ගැනීම සඳහා මෙම සංකල්පය ක්‍රියාවට නැංව...
"මේ ගිනි අව්වේ පාසල් ක්‍රීඩා එපා – දෙමාපියෝ ඉල්ලති"
"පවතින අධික උෂ්ණත්වය හා අධික අව්ව හමුවේ තවදුරටත් පාසල් දරුවන් නිවාසාන්තර ක්‍රීඩා උත්සව හා වෙනත් ක්‍රීඩා කටයුතු සඳහා යොදා නොගන්නා ලෙස සිසු දරුවන්ගේ දෙමාපියන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි. දැනටමත් බොහෝ පාසල්වල පැවැත්වෙන ක්‍රීඩා පුහුණුවීම් සඳහා යොදවා ගත් දරුවන් බොහෝ පිරිසක් රෝගාතුරවී සිටින බව එම දෙමාපියෝ කියා සිටි...
"82 වැනි ජන්ම දිනය සමරන අස්ගිරි මහනාහිමි චිරං ජයතු"
"මහාවිහාර වංශික ස්‍යාමොපාලී මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ උත්තරීතර මහානායක පදවිය හොබවන අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤානරතනාභිධාන මහනායක මාහිමිපාණන් වහන්සේගේ 82 වැනි ජන්ම දිනය අදට (18 දා) යෙදී ඇත. 1942 මාර්තු මස 18 වන දින ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ වරකාගොඩ නැමැති නයානාභිරමණීය සුන්දර ගම්මානයේ සිල්...
"පාතාලය මඬින්න එස්.ටී.එෆ්. බළඇණි"
"අහිංසක මිනිස් ජීවිත බිලිගනිමින් දිනෙන් දින වර්ධනය වන පාතාලය මැඬලීම සඳහා බල ඇණි 20 ක් විශේෂ කාර්ය බළකාය මගින් අද සිට මෙහෙයුම් දියත් කරනු ලබයි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි වරුණ විජයසුන්දර යන මහත්වරුන්ගේ සෘජු අධීක්‍ෂණය මත මෙහෙයුම් දියත් වනු ඇත."
"පොල්පාගොඩදී ගඟේ ගිලී සිසුහු දෙදෙනෙක් මරුට"
"ගාල්ල, යක්කලමුල්ල පොල්පාගොඩ ප්‍රදේශයේදී පොල්අතුමෝදර ගඟේ ගිලී සිසුන් දෙදෙනකු මරුමුවට පත්ව ඇතැයි යක්කලමුල්ල පොලිසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ අවුරුදු 11 හා 14 යන වයස්වල පසුවූ කවිශ්ක තිශ්කර, දිමුතු ලක්‍ෂිත යන සිසුන් දෙදෙනාය. ඊයේ (17දා) දහවල් ඔවුන් දෙදෙනා දිය නෑමට ගිය අවස්ථාවේ ඔවුන් මෙම අවාසනාවන්ත ඉරණ...
"උ/නැ ෆෙඩරල් දෙනවා කියා ඡන්ද ගනුදෙනු කිරීමට අපි සූදානම් නෑ"
"සිංහල, දෙමළ, මුස්ලිම් සියලු‍ ජනතාව එක කුඩයක් යටට ගෙනෙන ආණ්ඩුවක් හදමු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වව්නියාව දිස්ත්‍රික් සමුළුව අමතමින් කියා සිටියේය. මේ අවුරුද්ද ඉතාමත් තීරණාත්මක අවුරුද්දක්. නව ආණ්ඩුවක් හදන, නව පාලනයක් ගේන අවුරුද්දක් බවට මේ අවුරුද්ද පත්කර ගත හැකියි. වව්නියාව ඉතා වැදගත් දිස්ත්‍රික්...
"කැනඩාවේදී ඝාතනය කළ ශ්‍රී ලාංකිකයන් 6 දෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ"
"කැනඩාවේ ඔටාවාහිදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ දේහ පිළිබඳව අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණි. කැනඩාවේ බෞද්ධ කොංග්‍රසය, ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාමයේ දායක සභාව හා කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙන්ම එරට ප්‍රජාවගේ සහභාගිත්වයෙන් අවසන් කටයුතු සිදු කෙරිණි. පසුගිය 05 වැනිදා සිදුවූ මෙම සමූහ ඝාතනය ඔටාවා හි මෑත ඉතිහාසයේ සිදු වූ...
"නේවාසිකාගාර පහසුකම් මදි: රජරට සරසවියේ සිසුන් උපාධිය අත්හැර යනවා"
"ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පවතින නේවාසිකාගාර පහසුකම් ප්‍රමාණවත් නොමැති වීම, ආචාර්ය හ`ිගය ඇතුළු අධ්‍යයන සහ සුබසාධන ගැටලු රැසක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවල නිරතව සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම උපාධිය අත්හැර යන තත්ත්වයට පත්ව ඇති බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් වික්‍රමරත...
"මට හොරා කිව්ව විජිතට නඩු දානවා -කෝප් සභාපති රෝහිත අබේගුණවර්ධන"
"තමා සොරකු බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කළ ප්‍රකාශයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව කෝප් කමිටුවේ නව සභාපති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කළුතරදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. ඉකුත් 14 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත...
"රට පුරා පතල් ඇරඹීමට හැකිදැයි සොයනවා – ජනපති"
"මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටළුවලට විසඳුම් ලබා දෙමින් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ මොහොතේ බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කළ නොහැකි නමුත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කරන බව සඳහන් කළ ...
"එළවළු මිල පල්ලම් බසී"
"මාස කිහිපයක් ඉතා ඉහළ ගිය එළවළු මිල පසුගිය සතියට සාපේක්ෂව තවදුරටත් මේ වන විට පහත වැටී ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් කියා සිටී. කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරික කැප්පෙටිපොල මංජු මහතා කියා සිටියේ මාස කිහිපයක් තිස්සේ ඇතැම් එළවළු වර්ගවල මිල රුපියල් පන්සියයත් එක්දහස් පන්සියයත...
"225න් කෙනෙක් මීළඟ ජනාධිපති කරගෙන රටට ගොඩයන්න බෑ – ජනක රත්නායක"
"දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 න් එක් අයකු මීළඟ ජනාධිපති ලෙස පත්කර ගැනීමෙන් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට හැකියාවක් ලැබෙන්නේ නැතැයි ජාතික සිවිල් සංවිධාන පෙරමුණෙන් ජනපති සටනට එන අපේක්ෂක ජනක රත්නායක මහතා පැවසීය. රට ආර්ථික වශයෙන් පිරිහී බංකොලොත් භාවයට පත්වීමට අවුරුදු 76ක් පාලනය කළ සියලු දෙනා අඩු වැඩි වශයෙන්...
"අධිවේගයේ දී චීනාගෙන් අල්ලස් ගත් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්"
"අධිවේගී මාර්ගයේදී වාහනයක් පදවාගෙන පැමිණි චීන ජාතිකයකුගෙන් අල්ලසක් වශයෙන් ඇමෙරිකන් ඩොලර් සියයක මුදලක් ලබාගත් පින්නදූව අධිවේග මාර්ගයේ සේවය කළ පොලිස් සැරයන්වරයකුගේ සේවය තහනම් කළ බව ජ්‍යේෂඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (17දා) පැවැසීය. මෙම චීන ජාතිකයා පැදවූ වාහනය නතර කර ඇති මෙම පොලිස් සැරයන්වරයා වාහනය අධිකවේගයෙන් පැදව...
"හෙට-අනිද්දා රෝහල් අකුරට වැඩ"
"දිගින් දිගටම තම වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා සිටිය ද එයට විසඳුම් නොදීමට එරෙහිව හෙට (19දා) හා අනිද්දා (20දා) යන දෙදිනේ දී දිවයින පුරා රෝහල්වල අකුරට වැඩ කිරිමේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අනුරාධපුර ශික්ෂණ ...
"ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව අයැදුම්පත් අප්‍රේල් 01 වැනිදා තෙක්"
"ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව 2024/2025 වැඩසටහනට අයැදුම්පත් භාර ගැනීම අප්‍රේල් 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් ව...
"සිසුවාට පහර දුන් දිවුලපිටියේ හිටපු මන්ත්‍රී අල්ලන්න පරීක්‍ෂණ"
"16 හැවිරිදි පාසල් සිසුවකුට පහර දුන් බව කියන සිද්ධියට අදාළව දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලෙපොල පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ. අදාළ මන්ත්‍රීවරයා දින 6ක සිට අතුරුදන්වී ඇත. මෙම සිද්ධියේදී පහරකෑමට ලක්වූ තම පුත්‍රයා දි න 5 ක් රෝහල් ගතව සිටි බව එම මව පොලිසියට ප්‍ර...
"මෝල් හිමියෝ මණ්ඩලයට වඩා වැඩි මිලට වී ගන්නවා"
"වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිලට වැඩියෙන් මහ මෝල් හිමියන් වී මිලදී ගැනීම සිදු කරමින් සිටිනවා යැයි ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ‘දිවයින’ට ඊයේ (17 දා) පැවැසීය. එම නිසා හැකි නම් වී අලෙවි මණ්ඩලයම ගොවීන්ගේ වී මෙටි්‍රක් ටොන් 50,000ක් මිලදී ගෙන පෙන්වන ලෙස කෘෂිකර්ම ඇමැතිවරයාට තමා අභියෝගයක් කරන බව ද ඒ මහතා ක...
"මහ ඡන්දයකට ජනපති 113 ඉල්ලයි"
"ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 දෙනකුගේ අත්සන් සහිත ලේඛනයක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී. ජනාධිපති මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීම සුදුසු බවට ජනාධිපති වෙත යෝජනා කළ දේ...
"දකුණේ පාතාලය නසන්න බලඇණි 20ක්"
"අහිංසක මිනිස් ජීවිත බිලිගනිමින් දිනෙන් දින වර්ධනය වන පාතාල කණ්ඩායම් විනාශ කර දැමීම සඳහා පොලිස්පතිවරයාගේ හා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියාගේ ඝෘජු අධීක්‍ෂණය යටතේ බස්නාහිර හා දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් දැවැන්ත මෙහෙයුමක් සඳුදා (18දා) සිට ආරම්භ කෙරේ. මෙම ප්‍රදේශවල ක්‍රියාත්මක වන පාතාල කණ්ඩායම් විනාශ කිරීම සඳහා පොල...
"ජනවරම ඉටු කරන සැලසුම ඉල්ලා මහින්දලාට සංඝ ආඥාවක්"
"නව ජනවරමක් ලබාගන්නා තෙක් පවතින ජනවරම අනුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන උපාය මාර්ගික තීන්දු තීරණ ගැන පැහැදිලි සැලසුමක් රටට ඉදිරිපත් කරන ලෙස බල කරමින් ත්‍රෛනිකායික අනුනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ආණ්ඩුවට සම්බන්ධ ජනතා නියෝජිතයන්ට ...
"හරක්කටාගේ-සලිඳුගේ ෆෝන් පාස්පෝර්ට් මිසින්"
"රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සංවිධානාත්මක අපරාධ සහ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් බව කියන හරක් කටාට අයත් ජංගම දුරකථන දෙකක්, විදේශ ගමන් බලපත්‍රයක් හා කුඩු සලිඳුට අයත් විදේශ ගමන් බලපත්‍රයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබියදී අස්ථානගත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. එබැවින් ඒවා සෙවීම සඳහා ත්‍රස්තවාදී විමර්ශන...
"විමල්ලා වැඩ අල්ලති"
"77න් ඇරැඹි පරාදීන ආර්ථික මාවතින් ගැලවීමට එක්වව් යන මැයෙන් උත්තර ලංකා සභාගය ලබන 23දා විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට නියමිතය. එය මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වීමට නියමිතය. එහිදී එම සභාගය නියෝජනය කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් එහිදී අදහස් දැක්වීමට නියමිතය. අකිත පෙරේර...
"පෑවිල්ලට හයිය හීන වෙලා"
"පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා බොහෝදෙනා ප්‍රතිශක්තිකරණ දුර්වලතාවනට ලක්ව ඇතැයි පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය කේ.ආර්. අල්විස් මහතා පැවැසීය. මෙම තත්ත්වය නිසා නිතර සිරුර තෙහෙට්ටුවට පත්වීම, ඇඟපත වේදනාව, හිසරදය, සිරුරේ අප්‍රාණික බවක් මතුවිය හැකි බව ද හෙතෙම සඳහන් කළේය. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වයස අවුරුදු 40 ඉක්මවූවන්...