Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"අනිත් රටවලත් කථානායකලාට මෙහෙ වගේමයි"
"මෙරට මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී සිය නියෝග නොතකා විනය විරෝධී ලෙස හැසිරෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා රටවල් 37 ක කථානායකවරුන්ගෙන් සමන්විතව එංගලන්තයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සමුළුවේදී පවසා ඇත. කෙසේ වෙතත් සිය රටවල පාර්ලිමේන්තුවල තත්ත්වයද එයම බව එම රටවල කථානායකවරුන් පැවසූ බව මහින්ද යාපා අබේව...
"මණ්ඩලයට කලින් මෝල් හිමියෝ කුඹුරට"
"රජයේ සහතික මිලට වඩා වැඩි මිලකට පෞද්ගලික අංශය විසින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීම නිසා වී අලෙවි මණ්ඩලය වෙත ගොවීන් වී අලෙවි කිරීමට මෙවරද දැඩි මැළිකමක් දක්වන බවත් ඒ අනුව තවමත් වී අලෙවි මණ්ඩලයෙන් මිලදී ගෙන ඇත්තේ කිලෝ ලක්‍ෂයක් පමණක් බවත් වාර්තාවෙයි. මෙම තත්ත්වය මත වී වගා කරන දිස්ත්‍රික්ක 09 යෙහි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 50 ...
"වාහන නිෂ්පාදන බදු ආදායම ඩබල්"
"රජය විසින් විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමට ගත් තීන්දුව හේතුවෙන් ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස නවයේ දී මෝටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 21.5 දක්වා සියයට 57.1කින් වැඩි වී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි. මෝටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම වශයෙ...
"දිනකට ශ්‍රී ලංකාවේ ගබ්සා දහසක්"
"සමාජ සුරක්ෂිත භාවයේ බිඳ වැටීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට ගබ්සාවන් දහසකට අධික සංඛ්‍යාවක් සිදුවන බව ‘බ්‍රිතාන්‍ය ලැන්සෙට් වෛද්‍ය සඟරාව’ කළ නවතම අනාවරණයකින් හෙළිව ඇත. මෙලෙස ගබ්සාවට ලක්වන්නන් අතර පාසල් දරුවන්, සරසවි සිසුන්, අවිවාහක තරුණියන් මෙන්ම විවාහක කාන්තාවන්ද වන බව එම සමීක්ෂණ වාර්තාවෙන් හෙළිව ඇති බව විශේෂඥ වෛද්‍ය ජ...
"බ්‍රිතාන්‍ය බර ඉසිලීමේ ශූරතාව සුරේන් පෙරේරාට!"
"පසුගිය සතියේ එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තයේ පැවති බ්‍රිතාන්‍ය බර ඉසිලීමේ ශූරතාවලියේදී කිලෝ ග්‍රෑම් 59 බර පංතියේ බර ඉසිලීමේ රන් පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික සුරේන් පෙරේරා සමත් විය. තිස් හය හැවිරිදි සුරේන් 2018 වසරේදී ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පැවැති සමස්ත ලංකා තරගාවලියට ඉදිරිපත් වී ඔහු සහභාගි වූ අංශයෙන් ප්‍රථම ස්ථා...
"19 සහ 20 රෝහල් වර්ජන"
"ලබන 19 සහ 20 (අඟහරුවාදා සහ බදාදා) දෙදින දිවයිනේ සියලු රජයේ රෝහල්වල යළි වැඩ වර්ජන ඇරැඹීමට සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් සැදුම්ලත්, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව (ඩැට්) තමනට ද ලබාදී ආර්ථික යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කළ ලිපියට අදාළව සකස් වූ තාක්...
"චන්ද්‍රිකාගේ වචනය නෑ – සන්ධානය වැට උඩ"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩනැඟීමට නියමිත නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මෙතෙක් කැමැත්ත ප්‍රකාශ නොකිරීම හේතුවෙන් සන්ධානය ගොඩනැඟීමේ කටයුතු අර්බුදයක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. නව සන්ධානය ගොඩනැඟීම...
"වැඩියෙන්ම රට ගියේ නිර්වින්දන සහ ස්නායු ලු"
"රටේ පවතින අර්බුදකාරි තත්ත්වය හේතුවෙන් වැඩියෙන්ම විදේශගත වූ වෛද්‍යවරුන් වනුයේ නිර්වින්දන සහ ස්නායු රෝග පිළිබඳ විශේෂඥවරුන් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, වෛද්‍ය චමල් සංජීව මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට කීය. එලෙස ගතවූ වසර දෙකේදී විදේශ ගත වූ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගේ ්ගණ...
"රටේ බරවා 30යි පිටින් 37යි"
"සෞඛ්‍ය අමාත්‍යාංශයේ බරවා මර්දන ව්‍යාපාරය මඟින් 2023 සිදුකරන ලද රුධිර පටල පරීක්‍ෂාවන් තුළින් දිවයින පුරා හඳුනාගත් බරවා රෝගීන්ගේ සංඛ්‍යාව තිහකි. දිවයිනට පැමිණ සේවය කරන සංක්‍රමික ශ්‍රමිකයන් අතුරින් බරවා රෝගය හදුනාගත් සංඛ්‍යාව තිස්හතක් වන බැව් වාර්තාවේ. 2023 වර්ෂයේ ජනවාරි පළමු දින සිට එම වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා දක්වා බ...
"ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක වැඩ භාර ගනී"
"මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මෙරට කීර්තිමත් වෘත්තිකයෙකු වන කාවන් රත්නායක මහතා පත් කෙරුණු අතර, ඒ මහතා නව තනතුරෙහි වැඩ භාර ගැනීම 2024 මාර්තු 14 වන දා සුබ මොහොතින් සිදු විය. 2023 වසරේ ජනවාරි මස සිට ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතාගෙන් පසුව මෙම ...
"ජාත්‍යන්තර මාධ්‍ය සංසදය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියන් සිව්දෙනෙකු ඇගයුමට ලක් කරයි"
"ජත්‍යන්තර මාධ්‍ය සංසදය (ශ්‍රී ලංකා) විසින් සංවිධානය කරන ලද “ලොව දිනන ඇය” ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. එහිදී එදා කථාවෙන් මෙන්ම ලේඛන කලාවෙන් මුළු රටේම ශ්‍රාවකයා මෙන්ම පාඨකයා අවදි කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නි...
"මතට ලොල්වූ ඇල්පිටිය කොස්තාපල්ගේ වැඩ තහනම්"
"ඇල්පිටිය පොලිසියේ සේවය කරන කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇත. මෙම කොස්තාපල්වරයාගේ හැසිරීම් රටාව ගැන සැක පහළ කළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඔහුව වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීමෙන් පසු ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයකු බවට හෙළිකරගෙන ඇත. ඒ අනුව කොස්තාපල්වරයාගේ සේවය තහනම් කළ බව ඇල්පිටිය පොලිසිය කියයි. මෙම කොස්තාපල්වරයාගේ හැ...
"ජෙරම්ගේ ගිණුම්වල කෝටි 1200 ක් – ඔහුට එරෙහිව ගන්න පියවර උසාවියට කියන්න"
"ජෙරම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයාට දේශීය හා විදේශීය වශයෙන් රුපියල් කෝටි එක් දහස් දෙසීයකට අධික මුදල් ප්‍රමාණයක් ලැබීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනවල ප්‍රගතිය මෙන්ම ප්‍රසිද්ධ දේශනයක දී බොදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන ආකාරයෙන් සිදුකර ඇතැයි කියන ප්‍රකාශවලට එරෙහිව ගත් නීතිමය පිය...
"පාතාලය අළු කරන්න පොලිස් කණ්ඩායම් 20 ක් – බස්නාහිරට – දකුණට"
"අහිංසක මිනිස් ජීවිත බිලිගනිමින් දිනෙන් දින වර්ධනය වන පාතාල කණ්ඩායම් විනාශ කර දැමීම සඳහා පොලිස්පතිවරයාගේ හා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියාගේ ඝෘජු අධීක්‍ෂණය යටතේ බස්නාහිර හා දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් දැවැන්ත මෙහෙයුමක් සඳුදා (18දා) සිට ආරම්භ කෙරේ. මෙම ප්‍රදේශවල ක්‍රියාත්මක වන පාතාල කණ්ඩායම් විනාශ කිරීම සඳහා පොල...
"පොලිසිය ගුවනට: ගිවිසුමට අත්සන්"
"කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානයේ ප්‍රධාන ගොඩනැඟිල්ල ඇතුළු භූමිය පොලිස් මූලස්ථානය වෙත භාර දීමේ ගිවිසුම පොලිස්පතිවරයා සහ ගුවන් හමුදාපතිවරයා විසින් ඊයේ (15 වැනිදා) සුබ මොහොතින් අත්සන් කරනු ලැබීය. ඒ අනුව කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථානය කොම්පඤ්ඤ වීදියේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානය වෙත මාරු කිරීමට නියමි...
"මට ඇප දෙන්න"
"මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින තමා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ මහාධිකරණයට ඇප අයැදුම්පතක් ගොනු කළේය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යංශයට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන...
"වැලිකඩ හොරණට බන්ධනාගාර 300% කින් පිරිලා"
"ශ්‍රී ලංකාවේ සියලුම බන්ධනාගාරවල සිටින රැඳවියන් සංඛ්‍යාව තිස්දාස් අටසියයක් දක්වා ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ඩී. දිසානායක මහතා ‘දිවයින’ ට පැවසීය. මෙය රැඳවිය හැකි රැඳවියන් ප්‍රමාණයට වඩා සියයට තුන්සියයක පමණ වැඩිවීමක් බවද හෙතෙම කීවේය. මේ අතර දැනට තුන්දහසක පමණ රැඳවියන් පිරිසක් වෙනුවෙන් පවත්වාගෙන යන වැලිකඩ බන්...
"කැනඩාවේදී 6ක් මැරූ ශ්‍රී ලාංකිකයා 28 දා තෙක් රිමාන්ඩ්"
"ඉකුත් මාර්තු 06 වැනිදා කැනඩාවේ ඔටාවා අගනුවර පිහිටි නිවසක දී පිහි ඇනුම් ප්‍රහාරයකින් ශ්‍රී ලාංකීය පවුලක සාමාජිකයන් හයදෙනකු මරා දැමීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින 19 හැවිරිදි ශ්‍රී ලාංකීය සිසුවකු වන ෆෙබි්‍රයෝ ඩි සොයිසා ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව කැනේඩියානු මාධ්‍ය පවසයි. ඝාතන චෝදනා එල්ලවී ...
"විද්‍යාපීඨවලට ගන්න අයැදුම් පත් කැඳවයි"
"2021-2022 අධ්‍යාපන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය අංක 2376 දරන 2024.03.15 වන සිකුරාදා ගැසට්පත්‍රයේ පළ කර තිබේ. මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ...
"සජබ ආණ්ඩුවකින් කතුන්ට ස්කොට්ලන්ත සැලකීමක් – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"සමගි ජනබලවේග රජයක් යටතේ 2019 දී පොරොන්දු වූ ආකාරයට මූල්‍ය ගැටලු ඇති කාන්තාවන්ට ස්කොට්ලන්තයේ සේ සනීපාරක්ෂක උපකරණ ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එය හුදෙක් සුබසාධනයක් පමණක් නොව දේශීය කර්මාන්ත කේන්ද්‍ර කර ගෙන එම කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව කරන බව ද හෙතෙම කීවේය. මෙය ආදායම් උත්පාදනය කරන ආර්ථික...
"සන්ධානයක් ගැන ඉඟියක් ද මේ…"
"හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා විපක්‍ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර වූ මෙම හමුව පෙරේදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සෙලීන් පදනමේ කාන්තා උළෙලකදී කැමරා කාචයේ සටහන් විය. කොළඹ හිටපු පුරපති රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ."
"සන්ධානයක් ගැන ඉඟියක් ද මේ…"
"හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා විපක්‍ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර වූ මෙම හමුව පෙරේදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සෙලීන් පදනමේ කාන්තා උළෙලකදී කැමරා කාචයේ සටහන් විය. කොළඹ හිටපු පුරපති රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ."
"පොහොට්ටුව කාටද තීරණය අද හෙට ම මහින්ද රාජපක්‍ෂ"
"ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මගින් ඉදිරිපත් කිරීමට යන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ස්ථිර වශයෙන් ම නම් කිරීම සඳහා පක්‍ෂයේ නායකයන් සමග අද හෙට ම කතාබහට ලක්කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ ට පැවැසීය. මේ පිළිබඳව එක් එක් අය එක් එක් අදහස් උදහස් ඉදිරිපත් කළත් මෙතෙක් ස්ථිර වශයෙන් කිසිවෙකු නම්කර නැතැයි ද හෙතෙම පැවැසීය...
"සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පිළිබඳ සම්පාදිත ඡායාරූපමය චරිතාපදානයේ දෙවැනි මුද්‍රණය එළිදකී"
"ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පිළිබඳ සම්පාදිති ‘SIRIMAVO – Steering the Destiny of a Nation’ නමැති ඡායාරූපමය චරිතාපදානයේ (pictorial biography) දෙවැනි මුද්‍රණය පසුගියදා නිකුත් විය. බොහෝ දෙනාගේ ඉල්ලීම මත සීමිත මුද්‍රණයක් ලෙස මෙය ප්‍රකාශයට පත්කොට තිබේ. මෙහි පළමු මුද්‍රණය 2022 මාර්තු මස නිකුත්...
"10 දෙනකුගෙන් එක් අයකුට වකුගඩු රෝගය – විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල"
"මාර්තු 14 වෙනි දිනට යෙදී තිබූ ලෝක වකුගඩු දිනයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් ළමුන්, රාජ්‍ය සේවකයන් සහ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වකුගඩු නිවාරණ ඒකකය සංවිධානය කර තිබේ. මේ යටතේ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ ජ්‍යෙෂ්ඨ අංශයේ සිසු සිසුවියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්...
"දේශපාලන පලිගැනීම් කොමිසමේ නිර්දේශ බලරහිත කරන්න:"
"විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රමුඛ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාව විසින් ලබාදුන් නිර්දේශ හා සොයාබැලීම් බලරහිත කරන ලෙස ඉල්ලා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතා ප්‍රමුඛ පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම් විභාගය ඊයේ (15දා) අවසන් කළ ශ්‍රේෂ්ඨාධ...
"අසේල ගුණවර්ධනට නීතිය ක්‍රියාත්මක කරන්න – විශේෂඥ වෛද්‍ය චමල් සංජීවගෙන් මරදාන පොලිසියට පැමිණිල්ලක්"
"“තත්ත්වයෙන් බාල ඖෂධ නැතැයි පවසමින් සාපරාධි සමූල මිනිස් ඝාතනයන්ට අනුබල දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි” යැයි කියමින් විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා මරදාන පොලිසියට පැමිණිලි කර ඇත. තත්ත්වයෙන් බාල ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකය හරහා මෙරට රෝහල් පද්ධතියට බෙදා හැරීමට කටයුතු කළ දෙප...
"මානුෂීය සන්ධානයට ශ්‍රීලනිපයේ අයත් – දයාසිරි කියයි"
"අලුතින් ආරම්භ කිරීමට නියමිත මානුෂීය ජනතා සන්ධානයට එක්වීම සඳහා කැමැත්ත පළකර ඇති පක්ෂවලට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයන් රැසක් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ‘දිවයින’ට පැවැසීය. මානුෂීය ජනතා සන්ධානය ලබන 20 වැනිදා ආරම්භ කෙරේ. දයාසිරි ජයසේකර මහතා එම කටයුතු සංවිධානය කරයි.නෝමන් පලිහව...
"රුසියානු යානය නැවැත්වීම: – වාරණය වැරදියට යොදාගත්තා කියූ නීතිඥයා නඩුවෙන් නිදහස්"
"කොළඹ වානිජ මහාධිකරණයෙන් ලබාගත් වාරණ නියෝගයක් වැරදි සහගත ලෙස උපයෝගි කරගනිමින් රුසියානු ගුවන් සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයක් පියාසර කිරීම වැළැක්වීම සහ සිවිල් ගුවන් සේවා සමාගමේ කළමනාකාරිත්වයේ රාජකාරියට බාධා කළේ යැයි චෝදනා එල්ලවී තිබූ නීතිඥ අරුණදීප ද සිල්වා මහතා එම චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15 ද...
"පාප් වහන්සේගේ ඉල්ලීම පාලකයන්ට යළි මතක් කරනවා – බ්‍රයන් අගරදගුරුතුමා"
"පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විනිවිධභාවයෙන් යුත් විමර්ශනයක් ආරම්භ කරන ලෙස පාප් වහන්සේ කළ ඉල්ලීම පාලකයන්ට යළිත් ද සිහිපත් කරන බව ශ්‍රී ලංකාවේ අපෝස්තුලිත තානාපති බ්‍රයන් උඩයික්වේ අගරදගුරුතුමා බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දෙව්මැඳුරේ පැවැති විශේෂ දේව මෙහෙයකදීය පැවසීය. ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේගේ පදවි ප්‍රාප්තියේ ...
"පශු වෛද්‍යවරුන් 12ක් ඉඳලත් දෙහිවල සත්තු බේරගන්න බෑ"
"දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි වටිනා සත්වයන් කිහිපදෙනකු ම මියගියා. මේවා ඝාතන. මේකට මේ පශු වෛද්‍යවරුන් වගකියන්න ඕනෑ. මේ අයගේ සේවය අත්හිටුවලා විධිමත් පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි. මේ සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යාංශය අවධානය යොමු කරන්නේ නැත්නම් ඉදිරි දින තුන හතර ඇතුළත සියලු ම සත්වෝද්‍යාන සේවකයන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයකට...
"නව විදුලි සබඳතා දීමේදී ලෙකෝට වඩා ලංවිම රු. 4000ක් වැඩිපුර අරන්"
"නව විදුලි සබඳතා ලබා ගැනීමේදී ලංකා විදුලිබල මණ්ඩලය ලෙකෝ (විදුලි පුද්ගලික සමාගමට) ආයතනයට වඩා වැඩිපුර රුපියල් හාරදහසක මුදලක් ගිය වසරේදී අය කරගෙන ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය. මෙසේ මුදල් අය කිරීම මංකොල්ලයක් යැයිද හෙතෙම සඳහන් කළේය. කොළඹදී ඊයේ (15 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔ...
"බඩු මිල මාරයි – කාල හමාරයි – පාරිභෝගික අධිකාරිය ඉදිරිපිට සිවිල් සංවිධාන පෙරමුණෙන් විරෝධතා"
"වසර පහක් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ගවලට ස්ථාවර මිලක් ලබා දෙන ලෙසට බල කරමින් ජාතික සිවිල් සංවිධාන පෙරමුණේ සාමාජිකයෝ පිරිසක් පාරිභෝගික අධිකාරිය ඉදිරිපිට ඊයේ සවස විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. ‘බඩු මිල මාරයි- කාලා හමාරයි’, ‘ලූනු කෑවද දැන් සැපද’, ‘කොමිස් ඇමැති ගෙදර යවමු’, ‘දරුවන් මන්දපෝෂණයේ -පාලකයෝ අධිපෝෂණයේ’, ‘ පාරිභෝගික අය...
"ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින වෙළෙඳ සබඳතා කඩිනමින් ශක්තිමත් කළ යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්‍රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සහ ඉන්දියාවේ 75 වන ජනරජ දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා – ඉන්දියා...
"කෙහෙළිය ඇතුළු සෞඛ්‍ය ලොක්කන්ට ඇප නෑ"
"ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීම හා ඒ සඳහා ආධාර අනුබලදීම මෙන්ම කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනකු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අභයවික්‍රම වීරසිංහ මහත්මිය එම ...
"හම්බන්තොට රෝහලේ නිර්වින්දන මැඩම් රට පැනලා"
"හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට අනුයුක්තව සේවය කරන ලද වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නිලධාරිනී අයි. ජී. ගගනී ප්‍රදීනන්දිස් මහත්මිය නොදන්වා රටින් පිටව ගොස් රෝහල් අධ්‍යක්ෂ වෙත වට්ස්ඇප් පණිවුඩයක් මගින් දන්වා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. රට හැර යෑමට පෙර අදාළ වෛද්‍යවරිය 2024.03.12 සිට 2024.03.16 දක්වා නිවාඩු ඉල්ලුම්...
"ෂිරාස් බාසික් කුඩු නඩුවෙන් නිදොස් කොට නිදහස්"
"වැටලීම සිදුකළේ යැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනා ලබාදුන් සාක්‍ෂිවල පැවැති බලවත් පරස්පරතා නිසා එම සාක්‍ෂිවල විශ්වාසනීයත්වය සම්පූර්ණයෙන් ම දෙදරා ගොස් ඇති බවට තීන්දු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හෙරොයින් ග්‍රෑම් 453 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා...
"දයාසිරිගෙනුත් සන්ධානයක් ජනාධිපතිවරණයටත් ලෑස්තියි"
"ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගත් ‘මානුෂීය ජනතා සන්ධානය’ එළිදැක්වීම ලබන 20 දා සවස 2.00ට කොළඹ ලක්‍ෂමන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී සිදු කෙරේ. ලියාපදිංචි පක්‍ෂ 18ක එකමුතුවෙන් සැඳුම්ලත් මානුෂීය ජනතා සන්ධානයේ පක්‍ෂවල ගිවිසුම් අත්සන් කිරීම මෙ...
"රජය අයි.එම්.එෆ්. සාකච්ඡා ඉදිරියට ගෙන යනවාට අපි විරුද්ධ නෑ – ගිවිසුමට මාලිමාවෙන් සමාලෝචන"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එළඹ ඇති ගිවිසුම ජාතික ජන බලවේග රජයක් යටතේ අනිවාර්යයෙන්ම නැවත සමාලෝචනය කෙරෙන බව එම බලවේගයේ විධායක කමිටු සාමාජික විජිත හේරත් මහතා ඊයේ (14 වැනිදා) සඳහන් කළේය. බදු කොන්දේසි ඇතුළු ජනතාව පීඩාවට පත්කර ඇති කොන්දේසි ගණනාවක් මෙහිදී සංශෝධනය විය යුතු බවත් ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජි...
"ගාලු කොටුවේ සියලු රජයේ කාර්යාල සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ලබාදෙනවා – ජනපති රනිල් වික්‍රමසිංහ"
"ගාලු කොටුවේ තිබෙන සියලු රජයේ කාර්යාල එයින් ඉවත් කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල, හෝලුවාගොඩ ඉදි කළ ‘සෙරින් රිවර් පාර්ක්’ පාරිසරික උද්‍යානය ඉකුත් 13 වැනිදා පස්වරුවේ ජනතා අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව ...
"ලංකාවේ හමුදා කඳවුරු ගහන්න චීන ප්ලෑනක් – ඇමෙරිකානු බුද්ධි වාර්තා කියයි"
"ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක හමුදා කඳවුරු පිහිටුවීම සඳහා චීනය ගවේෂණයක යෙදෙන බව ඇමෙරිකානු නවතම බුද්ධි වාර්තාවක සඳහන් වෙයි. අප්‍රිකාවේ ජිබුටි රාජ්‍යයේ සිය හමුදා කඳවුර සහ කාම්බෝජයේ රීම් නාවික කඳවුරේ හමුදා පහසුකම් සංවර්ධනය කිරීමෙන් ඔබ්බට ගොස් මියන්මාරය, කියුබාව, ගිනියාව, පකිස්ථානය, සීෂෙල්ස් යන රටවල ද හමුදා කඳවුරු පිහිටුවී...
"යැපුම් සංකල්පයෙන් මිදී දුප්පත්කම තුරන් කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"
"යැපුම් සංකල්පයෙන් මිදී තිරසර දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 85 වැනි අදියර යටතේ අනුරාධපුර කලාවැව තලාව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා පාසැල් බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. රට ...
"පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කරන්න චීනයෙන් රොබෝලා…"
"චීන හමුදාව විසින් ශ්‍රී ලංකා හමුදාවට සැපයූ පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ රෝබෝ යන්ත්‍ර ඇතුළු විශේෂ උපකරණ තොගයක් භාර දීම ඊයේ සිදුවිය. ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන්හොන්ග් මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගි වූ උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත මෙම ආරක්ෂක උපකරණ පරිත්‍යාග කෙරිණි. මෙහිදී ...
"මහ බැංකුවට එරෙහිව ගෙවිඳු උසාවි යයි"
"ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනය යටතේ පවතින සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ 2022 වසර සඳහා ගෙවීමේදී සෙසු සාමාජිකයන්ට සියයට නවයකුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කරන සාමාජිකයන්ට සියයට 29කුත් ගෙවීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන තීන්දුවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ය...
"සෞඛ්‍ය ඇමැතිලා 7කගේ වත්කම් බැරකම් සොයන්න – අල්ලස හා නාස්තියට එරෙහි ජාතික ව්‍යාපාරය සී.අයි.ඩී.යට කියයි"
"හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන් හත්දෙනකු ඔවුන් සෞඛ්‍ය අමාත්‍ය ධුර දරන කාලසීමාවේදී උපයා ගන්නා ලද වත්කම් බැරකම් පිළිබඳව විගණනයක් කොට ඒ සම්බන්ධ වන නීතිමය පියවරක් ගන්නා ලෙස අල්ලස හා නාස්තියට එරෙහි ජාතික ව්‍යාපාරය සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් අංශයෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු...
"කවුරුන් කුමක් කීවත් භූමියේ ශක්තිමත්ම දේශපාලන පක්‍ෂය පොහොට්ටුවයි – රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර"
"කවුරුන් කුමක් කීවත් භූමියේ ශක්තිමත්ම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් අවශ්‍ය වෙලාවේ දී එම ශක්තිය පෙන්වන බවත් රාජ්‍ය අමත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (14 දා) ශී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය. එහිදි රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය. අපිට පසු...
"සංවර්ධනය වෙමින් පවතින රටවල සිව්දෙනකුගෙන් තිදෙනකුට මුඛරෝග වැළඳිලා – සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල"
"ලෝක ජනගහනයෙන් බිලියන 3.5 කට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල සිව්දෙනෙකුගෙන් 03 කට මුඛ රෝග වැළ දී ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය මගින් දන්ත සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 3.5 ක් වටිනා මයික්‍...
"මිල්කෝ අකුරට වැඩ"
"මිල්කෝ සමාගමට අයත් කොළඹ, අඹේවෙල, දිගන හා පොළොන්නරුව කර්මාන්ත ශාලා හා ප්‍රාදේශීය අලෙවි මධ්‍යස්ථාන ඇතුළු අලෙවි සැල් ඊයේ (14 දා) සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් අරඹා ඇත. මිල්කෝ සමාගමේ සේවකයන්ගේ නවතා තිබූ වැටුප 2024 මාර්තු මාසයේ වැටුප සමග හිඟ මුදල ගෙවීම් කරන බවට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය මත වෘත්තිය සමිති...
"වෙඩි තැබූ පාතාලයන් අල්ලන්නත් මෙහෙයුම් – මට්ටක්කුලිය අලිවත්තට පැන තග දැමූ රැලට දැල එලයි"
"මට්ටක්කුලිය අලිවත්තේ තරුණයකු පසුපස පන්න පන්නා වෙඩි තබා ඝාතනය කිරීමට පාතාල මැරයන් දෙදෙනකු ගත් උත්සාහයෙන් පසු අලිවත්තේ නිවාස රැසකට පහරදී විනාශ කර යකානැටූ සංවිධානාත්මක පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. සී. සී. ටී. වී. කැමරා දර්ශන උපයෝගි කරගෙන මෙම පිරිස අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ආරම්භ කර තිබේ. ...
"ක්‍ෂය රෝගීහු දෙදෙනෙක් දිනපතා ම මියයති"
"මෙරටින් හඳුනාගනු ලබන ක්ෂය රෝගීන්ගෙන් දෙදෙනකු දිනපතා මිය යන බව අනාවරණය වී ඇතැයි ජාතික ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය පවසයි. මෙරට බෝවන රෝග අතුරින් වැඩි ම මරණ සංඛ්‍යාවක් වාර්තා වනුයේ ක්ෂය රෝගයට ගොදුරු වූවන්ගෙන් වන, බවත් ඉකුත් 2023 වසරේ දී මෙරටින් ක්ෂය රෝගීන් 9358 දෙනෙකු වාර්තා වූ බවත් එම ව්‍යාපාරය කියයි. ශ්‍රී ලංකාවේ වැඩි වශයෙ...
"මහ බැංකු පඩි රිවස් කරනු – ගම්මන්පිලගේ පනත පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම්ට"
"මහ බැංකුවේ අත්තනෝමතික වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීම සහ මහ බැංකුවේ සේවක වැටුප් වැඩි කිරීමේ දී මුදල් ඇමැතිවරයාගේ එකඟතාවය ලබාගැනීම අනිවාර්ය කිරීම අරමුණු කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ගෙන එනු ලබන පනත් කෙටුම්පත ඊයේ දින (13 දා) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් හංස අබේරත්න මහතා වෙ...
"ගිනිගත් නැවට පරණ තීන්දුවම"
"එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමුද්‍රීය ආරක්ෂණ පනත යටතේ නීතිපතිවරයා විසින් එම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු විත්තිකරුවන් නවදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් ලබාදී තිබූ නියෝගයක් තහවුරු කරමින් අභියාචනාධිකරණය නියෝගයක...
"දුම්රිය ආසන වෙන්කිරීම රෑ හතේ සිට"
"කලින් දුම්රිය ආසන වෙන් කිරීමේ ප්‍රවේශ පත්‍ර පද්ධතිය විවෘත කරන වේලාව අද (14 දා) පටන් පස්වරු 07.00 සිට සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ආසන වෙන්කිරීමේ දී සිදුවන අපහසුතා, වංචා ආදිය වළක්වා ගැනීම සහ එම සේවා ඔන්ලයින් සිදු කර ගැනීමේ ක්‍රමවේදය යටතට පත්කිරීම වෙනුවෙන් මෙම පියවර ගත් බව දුම්රිය සාමාන්‍යධිකාරි එච්.එ...
"ගුවනින් හඬදුන් අශෝක දිවිසැරියට සමුදෙයි"
"ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ප්‍රවීණ නිවේදකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත විය. ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වූවේය. මියයන විට 82 හැවිරිදි වියේ පසුවූ ඔහු ගුවන්විදුලියේ මහා හඬ පෞරුෂය නමින්ද හඳුන්වනු ලැබිණි. ඒ මහතා මේ ර...
"චීන නළඟන සිඟිති දියණිය සේවිකාවට භාර දී රට පනින්න හදලා"
"කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී චීන ජාතික කාන්තාවක් ඇයගේ කුඩා දියණිය, මෙතෙක් කලක් බලාගත් ශ්‍රී ලාංකික සේවිකාවට භාරදී, ආපසු පලායමින් සිටියදී කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් ඇය ගුවන් යානය වෙත පිවිසීමට සූදානම් වෙමින් සිටියදී රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඇය 35 හැවිරිදි චීන ජාතික කාන්තාවකි...
"දේශපාලන පොරොන්දු නිසා රටත් ජනතාවත් වැටුණා – ඒ වරද කරන්න මා ලෑස්ති නෑ – ජනපති"
"රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබාගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම වරද කිරීමට තමා සූදානම් නැති බව සඳහන් කළ ජනාධිපතිවරයා සත්‍යයට මුහුණ දෙමින් රටට සුබවාදී අනාගතයක් ගොඩනඟා ගැනීමට සියලුදෙනා කටයුතු කළයුතු බව ද පැ...
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියේ සාමාන්‍ය පටිපාටිය වී තිබුණේ නෑ"
"පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය විය යුතුව තිබුණේ ප්‍රහාරය සිදුව පැය 24ක් ඇතුළත මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ බී වාර්තාවක් ගොනු කිරීම වුවද එම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ සතියකට පමණ පසුව බවත් ඒ සඳහා ලිපියක් ද ලිවීමට සිදු වූ බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ අනුව ජ...
"හොර ස්ටිකර් ඇල්ලීම ඩීල් එකක් ද? – ආචාර්ය හර්ෂ ද සිල්වා"
"සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ව්‍යාජ ස්ටිකර් අත්අඩංගුවට ගත්තේ මත්පැන් නිෂ්පාදකයන් සහ ඇතැම් සුරාබදු නිලධාරීන් අතර වූ අභ්‍යන්තර මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ආරවුලක් නිසා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි. ඔහු කීවේ ව්‍යාජ ස්ටිකර් ජාවාරම පවත්වාගෙන යෑම සඳහා ඇතැම් නිලධාරීන්ට ගෙවිය යුත...
"යුක්තිය දිගටම – පාතලයට තේරෙන භාෂාවෙන් උත්තර දෙන්න සුදානම් – පොලිස්පති කියයි"
"පාතාල අපරාධකාරයන්ට මින් ඉදිරියට තේරෙන භාෂාවෙන් උත්තර දීමට තමන් සූදානම් බව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ඊයේ (13 දා) කියා සිටියේය. දිගින් දිගටම ඉහළ යමින් තිබෙන පාතාල මැරයන්ගේ ප්‍රහාර පිළිබඳව සොයා බැලීමට සහ නිලධාරීන් දැනුවත් කිරීමට, ඇල්පිටිය ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ සංචාරය කිරීමට පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ ...
"කැලණි විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන් විරෝධතා"
"2016 වර්ෂයේ රාජ්‍ය අයවැය මගින් සමස්ත රාජ්‍ය සේවයට ලබාදුන් වැටුප් වැඩිවීම මත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නිර්මාණය වූ 15% වැටුප් විෂමතා ගැටලුව නිවැරදි කිරීමට, වසර 08 ක් පුරා ඉල්ලීම් කළ ද වැටුප් කොමිෂන් සභාව හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මේ දක්වා ක්‍රියා නොකිරීමෙන්, රටේ සමස්ත විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය බලවත් අපහ...
"කොච්චර පෑව්වත් ජල විදුලියෙන් කොළ එළි"
"දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක් පැවතියත් වාරි ජලාශවල සහ විදුලිය නිපදවන ජලාශවල ජල මට්ටම්වලට දැඩි බලපෑමක් මෙතෙක් එල්ලවී නැතැයි වාර්මාර්ග අධ්‍යක්‍ෂ එස්. ටී. ඩී. සුගීෂ්වර මහතා ‘දිවයින’ ට ඊයේ (13 දා) පැවසීය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73 තුළ ජල ධාරිතාව සියයට 90 ක් පමණ පවතින බවත්, ගොවිජන සේවා දෙපාර්ත...
"ලෝක වකුගඩු දිනය අද"
"ලෝක වකුගඩු දිනය අදට (14 දා) යෙදී ඇත. වකුගඩු රෝගය ගෝලීය සෞඛ්‍ය අභියෝගයක් වන අතර සෑම වසරකම ලක්‍ෂ 10කට අධික සංඛ්‍යාවක් මෙම රෝගයෙන් මියයන බවට හඳුනාගෙන ඇතැයි සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක වකුගඩු විශේෂඥ සංජය හෙයියන්තුඩුව මහතා පවසයි. දල වශයෙන් ගෝලීය ජනගහනයෙන් සියයට 10ක ප්‍රතිශතයක් දීර්ඝකාලීන වකුගඩු රෝගයෙන...
"වී ගන්න මණ්ඩලය පොලියට ණය ගනී"
"මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය මගින් මුදල් ලබානොදීම නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ගොවිජන භාර අරමුදලෙන් සියයට 08 ක පොලියක් යටතේ වී අලෙවි මණ්ඩලය මුදල් ලබාගෙන ගොවීන්ගේ වී මිලදී ගැනීම හම්බන්තොටින් ආරම්භ කර ඇත. වී අලෙවි මණ්ඩලය ලබාගත් ණය මුදලින් නාඩු වී කිලෝවක් රුපියල් 105 ක මිලටත්, සම්බා වී කිලෝවක් රුපියල් 120ක ම...
"කිරිපිටි සූත්තරේට හර්ෂ බර තියයි"
"පුළුල්ව විශ්ලේෂණය කරලා හදපු කිරිපිටි මිල සූත්‍රය ක්‍රියාත්මක විය යුතු බවත් පාරිභෝගිකයාට නියම සහනය ලැබෙන්නේ එවිට බවත් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. වර්ෂ 2018 කාලයේ හදපු කිරිපිටි මිල සූත්‍රය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි තමා ප්‍රශ්න කරන බව ද මන්ත්‍රීවරයා කියයි. කිරිප...
"ජනපතිගේ සාකච්ඡාවට ජාජබ එක්වන්නේ නෑ – සුනිල් හඳුන්නෙත්ති (ජාජබ)"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග බැසිල් රාජපක්ෂ හොර රහසේ අත්සන් කළ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා පවත්වන සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගය සහභාගී නොවන බව එම පක්ෂයේ ආර්ථික සභාවේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ ඉකුත් 12 වැනිදා පැවති ජාතික ජන බලවේගය පක්ෂයේ මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත්...
"අන්තර්ජාල අපරාධ ඉහළට: මාස 2ට පරිගණක වංචා 423ක්"
"අන්තර් ජාල ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා ‘දිවයින’ට පැවසීය. මෙම වසරේ ගතවූ මාස දෙකේදී පරිගණක වංචා 423ක් වාර්තා වී ඇතැයි ද හෙතෙම කීය. අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් රැකියා ලබාදෙන මුවාවෙන් සිදුවන වංචා මෙන්ම ක...
"කුඩු ශිවාට එරෙහි වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අප්‍රේල් 20 දා"
"හෙරොයින් ග්‍රෑම් 478 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා යටතේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නන්දකුමාර් සිවනන්දන් හෙවත් කුඩු ශිවා නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන අප්‍රේල් 20 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරස...
"රජයට වැඩපිළිවෙළක් නැතිකමින් වෙළෙඳ පොළේ සහල් මාෆියාවක් – කබීර් හෂීම් (සජබ)"
"මහ පරිමාණ වී මෝල් හිමියන් සහල් වෙළෙඳපොළේ පාලනයක් සිදුකරන බවත් එසේ නැතිනම් තොග සහ සිල්ලර වෙළෙඳාමේ සිටින පිරිස් පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉටු නොකර සහල්වලින් විශාල ශුද්ධ ලාභයක් ගන්නවා යැයි සමගි ජනබලවේගය කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවැසීය. රටේ ආර්ථික කළමනාකරණය නිසියාකාරව ක්‍රියාත්මක වනවානම් මේ...
"වැටුප් කප්පාදුවට එරෙහිව මිල්කෝ සේවකයෝ රාජකාරියෙන් ඉවතට"
"මිල්කෝ සමාගමේ සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට එරෙහිව සියලු සේවකයන් සිය රාජකාරි කටයුතු වලින් ඊයේ (13දා) උදේ සිට ඉවත් වූ බවත්, මේ අත්තනෝමතික ක්‍රියාව ඉවත් කරන තුරු සේවකයන් ඉවත් වී සිටින බවත් මිල්කෝ සමාගමට අයත් ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් තුෂාර කැළුම් මහතා දිවයිනට පැවසීය. ඒ අනුව මිල්කෝ සමාගමට අයත් අඹේවෙල, දිගන, පොළොන...
"දකුණේ ගිනි බිඳිල්ලට අහිංසකයෝත් බිලි වෙති"
"ඇල්පිටිය, පිටිගල සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලදී පෙරේදා (11 දා) රාත්‍රි පුද්ගලයන් සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් හයදෙනකුට බරපතළ තුවාල සිදු කළ ප්‍රහාර දෙකම එල්ල කර ඇත්තේ ඩුබායි හි සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘සමන් කොල්ලා’ ගේ නියෝග මත එකම කුලී ඝාතකයන් දෙදෙනකු විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත. මෙම කුලී ඝාතකයන් ද...
"හිමිනම මැරූ ඝාතකයා වෙඩි කා නසී"
"කලපළුවාවේ ධම්මරතන හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන කල්හාර දිල්ශාන් නමැති කුලී මිනීමරුවා අත්තනගල්ල ලිහිණියාගොල්ල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යෑමට උත්සාහ කරද්දී පොලිස් නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පෙරේදා (11 වැනිදා) රාත්‍රි මියගොස් ඇත. මුදල් කොන්ත්‍රාත් මත මිනිස් ඝාතන සිදුකරන මෙම ...
"කිරිපිටි මිල අඩුවෙන ලකුණු – ඇමැති කියයි"
"මේ සිකුරාදා (15දා) වනවිට කිරිපිටි කිලෝවේ පැකට්ටුවක මිල රු.150 කින් පමණ අඩුකරනු ඇතැයි වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පවසයි. කිරිපිටි මිල අඩුකිරීම සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවන් සමග ඊයේ (12දා) වෙළෙඳ ඇමැතිවරයා සාකච්ඡා කරන ලද අතර එම සාකච්ඡාවලින් පසු ඇමැතිවරයා මේ බව මාධ්‍යයට ප්‍රකාශ කළේය. ශීඝ්‍රයෙන් ඉහළ යන ලොකු ලූනු මි...
"අසව් අසව්…"
"අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ධර්මපාල මාවතේ, පළමු පටුමග ප්‍රදේශයේ පිහිටි ඉඩමක ගැටලුවක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව තවත් පාර්ශ්වකරුවන් සිටී නම් ඔවුන්ට ද නඩුවට ඇතුළත් වන ලෙසට ලබාදුන් අධිකරණ නියෝගයකට අනුව එම ඉඩම අවට ප්‍රදේශය පුරා අඬබෙර ගසා එම නියෝගය ප්‍රකාශයට පත්කිරීම ඊයේ...
"මාස 3 ට වෙඩි තැබීම් 30 ක්"
"මෙම වසරේ පළමු මාස තුනේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවූ වෙඩි තැබීමේ සිද්ධීන් 30කින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. මෙම වෙඩිතැබීම් වලින් පුද්ගලයන් 14 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ඊයේ (12දා) පැවසීය. මෙම වෙඩිතැබීම් 17 ක් සංවිධානාත්මක අප...
"පරාටේ නීතිය අත්හිටුවීම බැංකු ක්‍ෂේත්‍රයට හානියක් – ශ්‍රී ලංකා බැංකු සංගමය"
"පරාටේ නීතිය අත්හිටුවීම සඳහා ආණ්ඩුව ගත් ඒකපාර්ශ්වීය තීරණය මෙරට ආර්ථිකයේ හදවත හා ජීවනාලිය බඳු වූ බැංකු ක්‍ෂේත්‍රයට විශාල ඍණාත්මක බලපෑමක් ඇතිකරනු ඇති බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසයි. සමස්ත ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන ණය පැහැර හරින්නන් කිහිප දෙනකුගේ බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස පරාටේ නීතිය හරහා ණය අයකර ගැනීම අත්හිටුවමි...
"අන්තර්ජාලයෙන් කොපි කරගත් ප්‍රශ්නයක් මෙවර උ.පෙළට ඇවිත්"
"2023 වසර උසස් පෙළ විභාගයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පිළිබඳ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ රචනා සඳහා ඇතුළත් කර තිබූ එක් ප්‍රශ්නයක් අන්තර්ජාලයෙන් පිටපත් කරගත් එකක් බව හෙළිවී ඇතැයි එම විෂයය උගන්වන ගුරුවරු පවසති. එය විදේශ විශ්වවිද්‍යාලයක පැවරුම් පරීක්‍ෂණයක් සදහා සකස් කර තිබූ බවත් අන්තර්ජාලයේ තිබූ එම ප්‍රශ්නය මෙවර විභාග ...
"ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති අධීක්ෂණ කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි"
"අධ්‍යාපනය වත්මන් ආර්ථික පරිවර්තනයේ අත්‍යවශ්‍යම මූලාංගයක් ලෙස සලකා රජය විසින් එහි ප්‍රගමනය වෙනුවෙන් සකස් කරන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ...
"කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව දියුණු ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ සාක්ෂියක් – අගමැති දිනේෂ් ගුණවර්ධන"
"කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාව දියුණු ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ සාක්ෂියක් යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. කොළඹ වරාය නගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානය ඉදිකිරීම් ඇරඹීමේ උත්සවයට ඊයේ (12දා) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෑත කාලයේ ශ්‍රී ලංකාවේ වඩාත්ම අභිලාෂකාමී සංවර...
"විකිරණ ප්‍රතිකාර ලේඛනය මාස 4 කට දික්වෙයි"
"මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන ‘ලීනියර් ඇක්සලේටර්’ යන්ත්‍ර දෙකක සේවා බිඳවැටීමෙන් විකිරණ ප්‍රතිකාර කිරීම සඳහා මාස 04 කට ආසන්න පොරොත්තු ලේඛනයක් දිග්ගැසී ඇතැයි රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. මෙම යන්ත්‍ර දෙක මෙලෙස සති දෙකක් තිස්සේ අකර්මන්‍ය වීමෙන් විකිරණ ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් දැඩි අවදානමට...
"ලබන සතියේ IMF නියෝජිතයන් හමුවී මන්දපෝෂණය තුරන් කරන වැඩසටහනක් ලබාගන්නවා"
"තමා ලබන සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එම හමුවේදී මෙරට පවතින ළමා හා මාතෘ මන්දපෝෂණය තුරන් කිරීමේ වැඩසටහක් ලබාගැනීමට මූලික වන බවද ඊයේ (12 දා) දොම්පේ මල්වාන මහා විද්‍යාලයට ‘සක්වල සුහුරු’ පන්ති කාමර ලබාදීමේ 120 වැනි අදියරය ට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසීය. ජා...
"රුපියල ඊයේ යළි උඩ යයි"
"ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව ශක්තිමත් වෙමින් ඊයේ (12දා) ඇමැරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 302.07 දක්වා අඩු වී ඇත. එසේම ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 311.45 දක්වා ද ශක්තිමත් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව මේ වසරේ (2024) මුල් මාස දෙකේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්...
"ගුරුවරයාට සට්ටැබිරාල කියන්න තරම් තත්ත්වයකට ජනාධිපති අද පත්වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්"
"මහචාර්ය ජී.එල්. පිරිස් මහතා කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ගුරුවරයෙකු බවත් තමන්ගේ ගුරුවරයාට සට්ටැබිරාල කියන තත්ත්වයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පත්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (12දා)පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී මරික්කාර්...
"ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සවිමත් ජාතික ව්‍යාපාරයක් බිහි කිරීමට ‘ජාතික උපදේශක සභාව’ එළිදකී"
"සියලු ජාතික බලවේග ඒකරාශී කොට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බුද්ධ ශාසනයේ සහ රටේ ඉදිරි පැවැත්ම උදෙසා සවිමත් ජාතික ව්‍යාපාරයක් බිහි කිරීමට ‘ජාතික උපදේශක සභාව’ නමින් ජාතික ව්‍යාපාරයක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වයෙන් පිහිටුවන ලද අතර මෙහි හතර වන රැස්වීම පසුගිය මාර්තු 08 වැනිදා පවත්වන ලදී. රටටත් බුද්ධ ශාසනයටත් ඇති අභියෝ...
"මූලික විරෝධතා විසිවෙයි – කෙහෙළියට එරෙහි පයිප්ප බට නඩුවත් විභාගයට"
"කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුව විභාගයට ගැනීමට ඊයේ (12දා) තීරණය කළේය. එම නඩුවට පාදක වූ විමර්ශන සිදුකර ඇත්තේ හා මහාධිකරණ...
"සජබ ව්‍යවස්ථාවට පිටින් 20ට ඡන්දය දුන් ඩයනා මන්ත්‍රීකමට සුදුසු නෑ – ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න"
"රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ගෝඨාභය රාජපක්‍ෂ රජය පාර්ලිමේන්තුවට ගෙනා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ සමගි ජනබලවේගය පක්‍ෂයේ ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් වන බැවින් ඇය එම පක්‍ෂයේ මන්ත්‍රීවරියක ලෙස සැලකීමට නොහැකි බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඊයේ (12දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැවස...
""අලිවැට සංරක්ෂණයට සංවර්ධන නිලධාරීන් 4,500ක් අනුයුක්ත කරගැනීමට අනුමැතිය ලැබුණා – ඇමැතිනි පවිත්‍රාදේවී වන්නිආරච්චි""
"අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවි අමාත්‍යාංශයට අනුයුක්ත කරගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. ඒ සඳහා නව සේවකයින් බඳවා ගැනීමක් සිදු කෙරෙන්නේ නැහැ. අමාත්‍යාංශයට අනුයුක්ත කරගැනීම සඳ...
""ගාල්ල, හෝලුවාගොඩ ‘සෙරින් රිවර් පාර්ක්’ ජනපති අතින් අද ජන අයිතියට""
"ගාල්ල, හෝලුවාගොඩ ඉදිකළ “සෙරින් රිවර් පාර්ක්” (Serene River Park) පාරිසරික උද්‍යානය අද (13 දා) සවස 5.00ට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගිත්වයෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පීය අදහසක් අනුව ගා...
"තමිල්නාඩු ධීවරයන්ට අපේ මුහුද තහනම්! – ඇමැති දේවානන්දා තමිල්නාඩු ධීවර ඇමැතිට දන්වයි"
"තමිල්නාඩු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට කිසිසේත් අවසර ලබා නොදෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි. තමිල්නාඩු ධීවර ඇමැති අනිකා රාධා ක්‍රිෂ්ණන් මහතාට දුරකථන මාර්ගයෙන් ඩග්ලස් දේවානන්දා ඇමැතිවරයා මේ බව දැනුම් දී ඇත. ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට අවසර දෙන ලෙස තමිල්නාඩ...
"ගෝඨාගේ පොත ඇත්ත නැත්ත අමතකවීම්වල මුසුවක් – පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල"
"ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් රචිත “ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” කියන පොත ඇත්ත නැත්ත සහ අමතකවීම්වල මුසුවක් බව උදය ගම්මන්පිල මහතා පවසයි. පසුගිය සඳුදා පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී ගම්මන්පිල මහතා මෙසේද පවසා තිබිණි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් රචිත “ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍ර...
"දින 362ක් රැඳවුම් භාරයේ සිටි හරක්කටා සහ රියැදුරු රිමාන්ඩ්"
"රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියදී 2023.09.10 වැනිදා, ආරක්‍ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියකුට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට පහරදී පලා යෑමට තැත්කිරීම හා ඒ සඳහා ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධිචෝදනා 22ක් යටතේ පවරා තිබූ නඩුවේ පළමු වන විත්තිකාර...
"ඩයලොග් ආසිආටා විධායක අධ්‍යක්ෂ ආචාර්ය හාන්ස් විජයසූරිය GSMA සභාපති සම්මානයෙන් පිදුම් ලබයි"
"ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පසුගියදා ස්පාඤ්ඤයේ බාසිලෝනා හි පැවති මොබයිල් ලෝක සමුළුවෙහිදී, GSMA හි වටිනාම සම්මානය වන සභාපති සම්මානයෙන් පිදුම් ලැබීය. ලොව මොබයිල් සන්නිවේදන ක්ෂේත්‍රයේ අභි...
"ජනපති කැඳවූ IMFකතාබහට විපක්‍ෂයෙන් සුමන්තිරන් විතරයි"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම ඊයේ (11දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන...
"උත්සව සමයට හොර ස්ටිකර්වලින් එන මත්පැන් වැටලීම් වැඩිකරනවා"
"උත්සව සමය මුල්කරගෙන ව්‍යාජ ස්ටිකර් ඇතුළු අක්‍රමිකතා සිදුකරන මත්පැන් නිෂ්පාදන සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් වැඩිකරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජී. ගුණසිරි මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇත. උතුරු – නැගෙනහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් සොයාගත් බවත්, එම වැටලීම් දිවයින පුරා සිදුකරන ලෙ...
"මුලින් තියන්නේ මහ මැතිවරණයද ජනාධිපතිවරණයද කියා පාලකයන් දෙගිඩියාවක සිරවෙලා"
"තම පක්ෂයේ ආණ්ඩුවක් යටතේ පළමු කොටම පුරවැසියන්ට සාධාරණ මිලකට පෝෂ්‍යදායී ආහාර වේලක් සහ වස-විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම සහතික කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. හෝමාගමදී පසුගියදා පැවැති ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. මෑත ඉතිහාසයේ...
"පානදුර සලිඳුත් කූඩුවට"
"රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් පානදුර සලිඳු නමැත්තා මේ මස 25 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා ඊයේ (11) නියෝග කළේය. සැකකරු ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වම...
"රට පුරා රෝහල් ඉදිරිපිටදී අද දහවල් විරෝධතා"
"සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීමට ප්‍රමාද වීම සහ රෝහල් සේවාව පවත්වාගෙන යෑමට බාධා කරන සෞඛ්‍ය පරිපාලනයට විරෝධය පළ කරමින් දිවයින පුරා රෝහල් ඉදිරිපිට දී අද (12දා) දහවල් 12.00 සිට 2.00 දක්වා විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. මෙම ගැටලුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශ පාර්ශ්වයත් සිය වග...
"බාල පිළිකා ඖෂධයක් ගෙන්වා බිලියන 3ක් ගසා කාලා"
"‘ට්‍රස්ටුසුම්බ’ නමැති පියයුරු පිළිකා නාශක ඖෂධය මෙරටට ආනයනය කිරීමේ දී රුපියල් බිලියන 3.8ක වංචාවක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳව පරීක්‍ෂණයක් ඉල්ලා ‘අල්ලස දූෂණයට එරෙහි පුරවැසි බලය’ ඊයේ (11දා) අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය...
"අලුත් ව්‍යවසායකයන් ලක්ෂ දහයක් බිහිකරනවා"
"දළ දේශීය නිෂ්පාදිතයට 50%ක දායකත්වයක් ලබා දෙන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් බැවින් නව ව්‍යාපාර මිලියනයක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් ඒ තුළින් ආර්ථික වර්ධනය වී මුදල් සංසරනය වැඩි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ 10දා ...
"ගුරු විදුහල්පති ගැටලු විසඳන්නැයි ඉල්ලා අනුරාධපුරදී විරෝධතාවක්"
"ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම, දෙමාපියන්ට පටවා ඇති අධ්‍යාපන බර අඩුකිරීම, ගුරු සහ විදුහල්පතිවරුන්ගේ උසස්වීම් සඳහා බාධක ඉවත් කිරීම යන ගැටලුවලට විසඳුම් ඉල්ලා අද (12 වැනිදා) පස්වරු 2.00ට අනුරාධපුර නගරයේදී විරෝධතාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින’ට පැවසීය. රට පුරා ...
"ලෝකයේ බලවත්ම කාන්තා සම්මානය සුචිත්‍රාට"
"නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී කාන්තා දින උත්සවය පැවැත්විණි. ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ජාතික ධජය ඔසවමින් උත්සවය ආරම්භ කළේය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දියාවේ Bharat Biotech International Limited හි සම නිර්මාතෘ සහ අධ්‍...