Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"අවුරුදු ගීතය විකෘති කළාට අවි අමෝරයි"
"සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විකෘති කරන ලද අවුරුදු ගීතයක් සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් අනුව මෙය සිදු කරනු ලබයි.රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන අවුරුදු ගීතයක් මෙලෙස විකෘති කර ඇති බව වාර්තා වේ.විකෘති කළ ගීතය සමාජ මාධ්‍යයට මුදාහ...
"උත්සව සමයේ නීති කැඩු වෙළෙන්දන් 726 කට නඩු"
"සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ වෙළඳසැල් පරීක්ෂා කිරීමේදී  පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ වෙළෙන්දන් 726 දෙනෙකුට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි . මෙම වෙළෙන්දන් මිල දර්ශන ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු වැරදි කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව මෙසේ නඩු පවරන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ  විශේෂ වැටල...
"නාවික හමුදාව අල්ලා ගත් රුපියල් මිලියන 3798ක් වටිනා කිලෝ 263 ක මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා ගාලු වරායට ගෙනෙයි"
"ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත්  රුපියල් මිලියන 3798ක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 263 ක මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 10 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා පෙරේදා( 13 දා)ගාල්ල වරායට ගෙන එනු ලැබීය. ශ්‍රී ලංකාවට කිලෝමීටර 246ක් පමණ දුරින් දකුණු මුහුදු තීරයේදී පසුගිය 12 වැනි දින නාවික හමුදාව මගින් මෙම ...
"ව්‍යාජ මුදල් නෝට්ටු අච්චු ගැසූ අයකු ගාල්ලෙන් අල්ලයි"
"ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන  කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවකු එම උපකරණ සමඟ ගාල්ල ඉමදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු හතළිස් හතක් වන ඉමදූව ප්‍රදේශයේ පදිංචි අයෙකි. මෙම සැකකරු ළඟ තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදා ගන්නා ලැප්පටොප් ...
"වෑන් රථයක් පෙරළී මරණ දෙකක්"
"පුස්සැල්ලාව හෙල්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් වයස අවුරුදු 2ක කුඩා දරුවෙකු සහ 70 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි."
"ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර"
"ඉරානයේ සිට ඊශ්‍රායලයට එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර සියයට අනූවක් විනාශ කට බව ඊශ්‍රායලය පවසයි.ඉරානය විසින් ඊයේ සහ අද අලුයම මිසයිල ප්‍රහාර සියයට ආසන්න සංඛ්‍යාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.මෙම මිසයිල ප්‍රහාර බිමහෙළීම සඳහා බ්‍රිතාන්‍ය ප්‍රහාරක ජෙට් යානා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව...
"රුපියල් කෝටි තුනකට අධික කොකේන් ගුලි තොගයක් කටුනායක දී අත් අඩංගුවට"
"රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 75 ක් පමණ ගිල දමා පැමිණි විදේශීය  කාන්තාවක් 04/12 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . ඇය 38 හැවිරිදි මැඩගස්කර් ජාතික කාන්තාවකි .ඇය මුළින්ම ඉතියෝපියාවේ අඩිස්අ...
"නිධන් හෑරූ හයක් මාට්ටු"
"දමන තොට්ටම පුරාණ අරියාකර රජ මහා විහාර භූමියේ ගල් තලාවක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 06 දෙනෙකු සහ පුරාවස්තු සෙවීමට උපයෝගි කරගන්නා ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව දමන පොලිසිය පවසයි .මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අම්පාර නගරයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු සහ තිඹිරිගොල්ල ගම්මාන්‍යේ පිරිසක් ඇතුලු පදිංචිකරු...
"යුපුන් අබේකෝන්ට සුපිරි ජයක්"
"ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරගාවලියක මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගෙන තිබේ.ඉතාලියේ ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලියේ මීටර් 150 ඉසව්වට එක්වූ යුපුන් මීටර් 150 ඉසව්ව තත්පර 15යි දශම 1යි 9ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය මෙලෙස හිමිකරගෙන ඇත.එම කාලය මීටර් 150 ඉසව්වේදි ඔහු මෙතෙක් වාර්තා කළ...
"සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තබයි"
"බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි නිවස දෙසට අද අලුයම වෙඩිතැබීමක් සිදුකර ඇති බව එරට පොලීසිය පවසයි.අද අලුයම 5 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සල්මන් ඛාන්ගේ නිවසට සහ අහසට වෙඩිතබා එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිවසේ පිටත බිත්ති වල වෙඩි සලකුණු 5ක් පමණ තිබෙන බවය...
"ඕස්ට්‍රේලියාවේ ඝාතකයා හදුනා ගනී"
"ඕස්ට්‍රේලියාවේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි පළාතේ, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් 6 දෙනකු මරා දැමූ ප්‍රහාරකයා 40 හැවිරිදි ජොඑල් කවුචි නමැත්තා යැයි පොලිසිය පවසයි.ජොඑල් කවුචි කළ පහරදීමෙන්, මියගියේ කාන්තාවන් පස් දෙනකු සහ පිරිමියෙකි. තවත් බොහෝ දෙනකු තුවාල ලැබූ අතර, එම පිරිස අතරේ කුඩා බිලිඳකු සිටින බව මාධ්‍ය ව...
"අදත් හවසට වැස්ස"
"බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.නැගෙනහිර පළාතේ උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.බස්නාහිර සහ සබර...
"ආහාර පිසීමේ නැකැත උදාවිය"
"සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකැත රාත්‍රී 11.06ට උදාවිය.ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීමේ නැකැත 12.06ට යෙදී ඇත."
"මවට උපහාර කළ අපේ විද්‍යාඥයා"
"ලොවපුරා සිදුවන නව සොයාගැනීම් සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය ඉතාමත්ම ඉහළය. තිළිණ හෙට්ට්ආරච්චි ද එලෙස ශ්‍රී ලාංකික නාමය ඉහළින්ම තැබූ පර්යේෂකයෙකි.ඒ වසර ගණනාවක් පුරා සිදුකරන ලද පර්යේෂණ ඔස්සේ නව මී මැස්සන් විශේෂ 03ක් සොයාගනිමිනි. ලොව පුරා මී මැසි විශේෂයන් 20,000කට ආසන්න සංඛ්‍යාවක් ජීවත්වන අතර ඉන් මී පැණි සාදන්නේ සියයට 10...
"ඉන්ධන ගැන අලුත්ම පුවත"
"ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන අලෙවිය ඉහළ යමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර X (ටිව්ටර්) පණිවිඩයක් මඟින් දැනුම් දෙයි. මෙරට ඉන්ධන භාවිතය 50%කින් අඩු වී ඇති බවට පසුගියදා ශ්‍රී ලංකා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය ප්‍රකාශකර තිබුණි.සිපෙට්කෝ, ලංකා අයිඕසී සහ සයිනොපෙක් යන මෙරට තුළ ඉන්ධන බෙදා හරින ආයතන විසින් ඉ...
"අලුත් අවුරුදු උදා විය"
"සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාව රාත්‍රී.9.05ට යෙදී ඇති නැකතට උදාවිය."
"ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කරයි"
"ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් “නව අවස්ථාවන් හඳුනාගනිමින්, නව බැඳීම් නිර්මාණය කරමින්” යන තේමාව යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත ආරක්ෂක උපකරණ ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වර්ධනය කළ හැකි ආකාර සොයා බැලීමට සංවිධානය කළ ආරක්ෂක සහයෝගීතා සමුළුවක් 2024 අප්‍රේල් 10 වන දින කොළඹ, ටාජ් සමුද්‍ර හෝටලයේ දී ...
"අවුරුදු දා මිරිස්ස ධීවර විරෝධතාව අතර ගැටුමක්"
"ඊයේ  උදේ 10.00 ට පමණ මිරිස්ස ධීවර ජනතාව සියයකට ආසන්න පිරිසක් ගාලු මාතර ප්‍රධාන මිරිස්ස හන්දියට රැස්වී විරෝධතාවක නිරත විය. මෙම විරෝධතාව සඳහා සමස්ත ලංකා ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ පිරිසක් ද සහභාගි විය. විරෝධතාව සඳහා සහභාගි වූ පිරිස විරෝධතා පුවරු ඇතැතිව කියා සිටියේ පිටරටින් ගෙන්වා...
"ජනපතිගෙන් දරුවන්ට අවුරුදු තෑගි"
"සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් සඳහා අවුරුදු ත්‍යාග පාර්සල් බෙදාදීම අද දිවයින පුරා සිදු කෙරිණි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මේ සත්කාර සිදු විය.කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල අද උදෑසන ආරම්භ වූ මෙම වැඩසටහන සෑම දිස්ත්‍රි...
"හෙට තද වැසි"
"හෙට බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය."
"පුණ්‍ය කාලය උදාවේ"
"සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද පස්වරු 2.41ට උදාවිය. එය හෙට පෙරවරු 03.29 දක්වා පවතී.අවුරුදු උදාව රාත්‍රී 9.05ය.ආහාර පිසීම අද රාත්‍රී 11.06ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිණි මොළවා තල උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි ද පිළියෙල කරගත යුතුය."
"කාන්තා දෙවැනි එක් දින ක්‍රිකට් තරගය අද"
"සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත් වෙයි.එය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ පැවති පළමු තරගය වර්ෂාව හේතුවන් අත්හැර දැමීමට සිදුවිය. "
"පෑළියගොඩ මාළු කඩෙන් පණිවිඩයක්"
"පෑළියගොඩ මත්ස්‍ය වෙළෙදසැල අප්‍රේල් මස 13,14සහ 15 යන දිනවල විවෘතව පවතින බව එහි වෙළෙද සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා පවසයි.අවුරුදු සමයේ ජනතාවගේ පහසුව සඳහා මෙම තීරණය ගත් බව ද ඔහු සඳහන් කරයි.අවශ්‍ය තරම් මාළු තොග පවතින බව ද මිලෙහි වෙනසක් සිදු නොවන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි."
"අද කාලගුණය"
"උතුරු සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල...
"මත් කිලෝ 200ක් නාවික හමුදා අත්අඩංගුවට"
"නාවික හමුදාව විසින් දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගෙන ඇත.එම බහුදින ධීවර යාත්‍රා 02ක සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මේ වන විට ගාල්ල වරාය වෙත රැගෙන එමින් පවතින බව ...
"ජීඑල්ට පොහොට්ටුවෙන් විනය පරීක්ෂණ"
"මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.එම පක්ෂයේ විධායක සභාව මඟින් එම තීරණය ගත් බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේය.සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර...
"ආගමන විගමන නිලධාරීන් කලු පටි බැද විරෝධයක"
"කටුනායක ගුවන් තොටුපොළ ප්‍රමුඛව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සියලුම ගුවන් තොටුපොළ සහ වරායන් තුළ 04/12 උදෑසන 09.00 සිට 04/13 දින උදෑසන 09.00 පැය දක්වා ” අත් වල කළු පටි බැද ” වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක නිරත වීම ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය විසින්  ආරම්භ කර තිබේ . ඒ අනුව මෙම විරෝධතා ව්‍යාපාරය කටුනායක ගුවන්...
"පැහැර ගෙන ගිය වෙළෙඳ කළාපයේ තරුණයෙකු පොලිසිය බේරා ගනී"
"කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නියුතු තරුණයෙකු පහර දී , සුදු පැහැති වෑන් රථයකින් පැහැර ගෙන ගොස් සිටි කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ රියැදුරන් දෙදෙනෙකු 04/11 දින රාත්‍රී කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . කුරුණෑගල , මැල්සිරිපුර පදිංචි 22 හැවිරිදි මෙම තරුණයා කටුන...
"රනිල් ජනපති සටනට .. නාමල් කියයි"
"තමාගේ නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.එසේම පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිය හැකි බව...
"පොහොට්ටුවේ 12ක් අලියට?"
"ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දොලොස් දෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට සැරසෙන බවට මේ දිනවල සමාජ මාධ්‍යවල කතාබහට ලක්ව ඇත.එසේ එජාපයට යන බවට සදහන් කර ඇත්තේ ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, ෂෙහාන් සේමසිංහ, රමේෂ් පතිරණ,කන්චන විජේසේකර,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,අලි සබ්‍රි,එස්.බී. ...
"රටේ ආර්ථිකය ගොඩලු"
"ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රමුඛතම ආර්ථික ප්‍රකාශනයකට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේදී මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවට පුරෝකතනය කර තිබේ.එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වසර දෙකක අඛණ්ඩ හැකිලීම්වලින් පසුව මෙම තත්ත්වය පෙන්නුම් කරන බවය.ඒ අනුව මෙම වසරේදී මෙරට ආර්ථිකය සියයට 1යි දශම 9ක වර්ධනයක් පෙන්නුම් කර ඇති...
"අද කාලගුණය"
"අද නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 1...
"බැංකු වංචාවකට වරදකාරියවී කෝටිපතිනියකට මරණ දඩුවම්"
"වියට්නාමයේ විශාලතම බැංකුවක් ලෙස සැලකෙන සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකාරිය වූ ට්‍රොන්ග් මේ ලන් නැමැති ධනවත් කාන්තාවට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.මෙම නඩු විභාගය සැලකුණේ වියට්නාමයේ වැඩිම අවධානයක් දිනාගත් නඩුවක් ලෙසට ය. ඒ මෙතෙක් ලොව සිදුකළ විශාලතම බැංකු වංචාව හා සම්බන්ධ නඩු විභාගයක...
"මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කරගන්න"
"එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි. උත්සව සමය තුළ සිදුවන හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන අතර 17%ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේද අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇතැයි ...
"බිත්තර මිල යළිත් ඉහළට"
"උත්සව සමය එළඹීමත් සමගම දේශීය බිත්තරයක පෙර පැවති මිල යළිත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව දේශීය බිත්තරයක තොග මිල රුපියල් 50ක් පමණ වන අතර සිල්ලර මිල රුපියල් 55ක් වෙයි. බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා සඳහන් කරන්නේ අතරමැදියන් මෙලෙස බිත්තර මිල වැඩි කොට ඇති බවයි. අවුරුදු උත්සව සමයට වැඩිපුර බිත්තර ඉල්ලුම ඇති...
"තීරු බදු නොගෙවූ භාණ්ඩ සමග තිදෙනෙක් අත්අඩංගුවට"
"ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ආනයනය කර , රේගුවට තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් සමග ඒවා මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අද පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ ....
"ශ්‍රීලනිප ආසන  සංවිධාකවරු පිරිසක් මුන්නේශ්වරමේ පොල් ගසති"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබෙන අර්බුදකාරී තත්ත්වය පහව ගොස් පිරිසිදු පක්ෂයක් ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් හලාවත මුන්නේශ්වරම දේවස්ථානයේ දෙවියන් ඉදිරියේ පූජාවක් පවත්වා පොල් ගසා දේව කන්නලව්වක් සිදු කිරීමට පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධාකවරුන් කටයුතු කෙරිණිශ්‍රී ලංකා නිදහස් පක...
"කච්චතිව් මුහුදේ ගුටි ඇනගත් ඉන්දීය ධීවරයින් 7 කට තුවාල"
"නීති විරෝධී ලෙස උතුරු මුහුදට පැමිණ කච්චතීව් දූපතට නුදුරින් වූ මුහුදේ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් දෙපිරිසක් අතර 10 දා ඇතිවූ ගැටුමකින් දෙපාර්ශ්වයේම ධීවරයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ. මේ තුවාලකරුවන් හත් දෙනාම මේ වන විට රමේසේස්වරන් රෝහලේ ප්‍රතිකාර ලබයි. මේ අන්දමට ගැටුමක් ඇති කරගෙන ඇත්තේ රාමෙස්වරන් හා රාමනාදන්පුරම් ප්...
"ඒ.ටි.එම් කාඩ් ගේමක් දී පුද්ගලයකුට වැඩ වරදී"
"රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වල ඒ.ටි.එම් යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනිමට පැමිණෙන ගණුදෙණුකරුවන්ගේ ඒ.ටි.එම් කාඩ්පත ලබාගෙන ගණුදෙණකරුට හොරෙන් ඔහුගේ ගිණුමේ තිබු මුදල් ලබාගත් පුද්ගලයෙකු හැටන් පොලිසියේ ආපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් (10) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු හැටන් දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේ පදිංචි අවු 2...
"යාපනයේ වෙළෙන්දන් 67 කට රුපියල් 575000 ක් දඩ"
"අපිරිසිදු හා සෞඛ්‍ය නීතිරීති වලට පටහැනි ලෙස ආහාර ද්‍රව්‍ය වෙළදාම් කළ වෙළෙන්දන් 67 දෙනෙකු යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගැනීම නිසා එම වෙළෙන්දන් ගෙන් යාපනයේ මල්ලාකම් අධිකරණය 10 දා පිරී පැවතුණි.මෙම වෙළෙන්දන්ගෙන් 49 දෙනෙකු යාපනයේ තැනින් තැන පදික වේදිකාවේ විවිධ ද්‍රව්‍ය මහජනයාට අලෙවි කරමින් සිටි වෙළෙන්...
"සැමියා බිරිඳගේ ගෙල කපා මරා දමයි"
"අහුන්ගල්ලේ කමල් ශ්‍රී ලියන ගේ ඌරගස් මං හන්දිය පොලිස් වස මේ මීගස්පිටිය පාරේ කම්මල අසල නිවසක නිදන කාමරය තුළ කාන්තාවගේ ගෙල කපා මරා දමා තිබියදී ඊයේ (11) සොයා ගත් බව ඌරගස් මං හන්දිය පොලිසිය සඳහන් කරයි මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දූවේගොඩ විතානගේ යමුනා නිරෝෂණි නමැති හතළිස් එක් හැවිරිද  විවාහක කාන්තාවකි.ඇගේ ඝාතනය සම්බන්ධව සැකපිට ...
"සිසුන් සිව්දෙනෙකු වෙඩි තබා මැරූ මව සහ පියාට සිර දඬුවම්"
"වසර දෙකහමාරකට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ උසස් විදුහලක සිසුන් සිවුදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ සිසුවාගේ දෙමවුපියන් හට වසර 10 සිට 15 දක්වා,වු සිර දඩුවමක් නියම කිරීමට ඇමරිකානු අධිකරණයක් විසින් පියවර ගෙන තිබේ.ඇමරිකාවේ පාසැල්වල ව්‍යාප්ත වී ඇති වෙඩි තබා ඝාතනය කිරීමේ රැල්ලට හසු වු සිසුවෙකුගේ දෙමවුපියන් හට මෙසේ ද...
"අම්මාට අකීකරු වූ පුතා මරු දකී"
"මවට හොරෙන් රැගෙන ගිය පාපැදිය පදිමින් සිටි 9 හැවිරිදි දරුවෙක් මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී මිය ගොස් ඇතැයි මොරටුව මූලස්ථාන පොලීසිය පවසයි.අනතුරින් මියගොස් ඇත්තේ, මොරටුව මොරටුවැල්ල ක්ලෝවියස් මාවතේ, පදිංචිව සිටි මොරටුව ජන ජය විදුහලේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි එම්. ආර්. රන්තරු නමැති දරුවාය.මියග...
"අද දහවල් ඉර මුදුන් වන ප්‍රදේශ"
"නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00ගන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද සදහන් කරයි.බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100 වඩා වැඩි තද...
"අලුත් අවුරුද්දේ පළමු නැකැත් දෙක අද"
"මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක අදට යෙදී තිබේ. අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රයත් පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රයත් අදට යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේදී බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුස...
"ජනපතිගේ රාමසාන් දින පණිවිඩය"
"ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙත ද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇතිවය. ආදියේ සිට පැවත එන මේ සද් සිරිත අනුගමනය කිරීමෙන් ජීවිතය දැහැමි කරගත හැකි බව ශුද්ධ වූ කුරාණයේ පෙන්වා දී තිබේ. උපවාස සමයෙන් පසු මෙවර ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ පොදුවේ අපේ රට වඩාත් යහපත් මට්ටමක් ...
"ඊශ්‍රායලය ප්‍රහාරයකින් හමාස් නායකයාගේ පුතුන් තිදෙනා මරුට"
"ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ පවුලේ සාමාජිකයන් හය දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.මධ්‍යම ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මෙම පිරිස ඝාතනයට ලක්ව ඇත.මෙම ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර හමාස් දේශපාලන නායක ස්මයිල් හනියාගේ පුතුන් තිදෙනා සහ මුනුබුරන් තිදෙනෙකු ද...
"15දා රජයේ නිවාඩු දිනයක්"
"අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත."
"නැකැත් සීට්ටුව ජනපතිට"
"සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී අද සිදු විය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය. චිරාගත පිළිවෙත් අනුව අඬබෙර...
"සෞඛ්‍ය අතිරේක ලේකම්ට අවුරුදු නැහැ"
"ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගේ ඇප ඉල්ලීම අද ප්‍රතික්ෂේප කෙරුණි.එලෙස ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය දැනුම්දුන්නේ නඩු විභාගය අවසන් වනතුරු සැකකරුව රක්ෂිත බන්ධනාගාරගතව තැ...
"හොරට රට යන්න ඇවිත්"
" හොරට රට යන්න ඇවිත්ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මැලේසියාව බලා පිටව යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත. අදාළ පුද්ගලයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද ක්‍රියාත්මක වෙමින් පවතී. ඔහු සිය ජීව දත්ත තොරතුරු වෙනස් කර ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය සකස් ක...
"අවුරුද්දෙන් පසු අස්වැසුම වැඩිවේ"
" අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් මෙම මස 18 වැනි දා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවය. ඒ අනුව දැනට 1,854,000ක් අස්වැසුම ...
"යාපනයේ එකම පාසලක සිසුන් 5 කට ක්ෂය රෝගය.."
"යාපනයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිසුන් පස් දෙනෙකුම ක්ෂය රෝගයට ගොදුරු වීමත් සමගම යාපනයේ සෞඛ්‍ය අංශ එම පාසල සම්බන්ධයෙන් තීන්දූ තීරණ රැසක් ගෙන තිබේ.සමස්ත පාසලේම සිසුන් ක්ෂය රෝග පරීක්ෂාව සදහා යොමු කොට ඇති අතර ඒ සදහා පාසල තුළ ජංගම සෞඛ්‍ය සේවා කදවුරක්ද පවත්වා ගෙන යාමට පටන් ගෙන තිබේ. මෙම පාසලේ 14 හැවිරිදි එක් සිසුවෙකු අසාමාන්‍...
"යතුරු පැදි දෙකක් ගැටී මුලතිව් තරුණයෝ දෙදෙනෙකු මියයයි"
"මුලතිව් මුල්ලියාවලෙයි මාමුලෙයි ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු 9 දා ජීවිතක්ෂයට පත්ව තිබේ. එක් තරුණයෙකු අනතුර සිදු වූ ස්ථානයේදීම මියගොස් සිටි අතර අනෙක් තරුණයා රෝහල ගත කිරීමෙන් පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මුල්ලියාවෙල බූතන්වායල් ගම්මානයේ පදිංචි 18 හැවිරිදි තිර්ල...
"රාමසාන් උත්සවයේ ප්‍රධාන යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදි."
"මුස්ලිම් භක්තිකයන්ගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන රාමසාන් උත්සවය (10) දිනට යෙදි ඇත. මාසයක පමණ කාලයක් මුස්ලිම් භක්තියන් උපවාසයේ යෙදෙමින් (10) දින සිය උපවාසය අත්හැරිමට ප්‍රථම වතුකරයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියක් වශයෙන් සැලකෙන හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති ප්‍රධාන යාඥාවට සහභාගි විය. හැටන් ජුම්මා පල්ලියේ ප්‍රධාන ම...
"අද රාමසාන් සමරති"
"නව සඳ දැකීමත් සමගම මුස්ලිම් ජනතාව අද රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි."
"කෙහෙළියගේ පෙත්සමට තීරණය දෙන දිනය"
" හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන තීරණය මෙම මස 30 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද නිවේදනය කළේය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වන තෙක් තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්...
"පාසල් නිවාඩුව හෙට සිට"
" රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙට දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙම මස 24 වැනිදා ආරම්භවේ.මුස්ලිම් පාසල්වල දෙවන අදියර මෙම මස 17 වැනිදා ආරම්භවේ."
"වෛද්‍ය සැපයුම් අංශ ප්‍රධානීගේ පෙත්සමට වෙච්චදේ"
" ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ගොනුකර තිබෙන රිට් පෙත්සමේ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් මෙම මස 26 වැනිදා දක්වා කල් තැබීය. එම නිය...
"මෛත්‍රී රට යයි"
"හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ඒ මහතා සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව ඇත. ඔවුන් අද අලුයම 12.55ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් තිබේ."
"මුස්ලිම් දේවස්ථානවලට දැඩි ආරක්ෂාවක්"
"රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානයන්හී ආරක්ෂාව සඳහා පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් යොදා තිබේ.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක එම වැඩපිළිවෙළ සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ කැඳවා ඇත.සෑම පොලිස් වසමට අයත් සියලුම ඉස්ලාම් දේවස්ථානවල මව්ලවිතුමන්ලා හමුවී එ...
"අයිසීසී මාර්තු ක්‍රීඩකයා කමිඳු"
"අයිසීසීයේ මාර්තු මස ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් ව තෝරාගෙන ඇත. එම සම්මානය සඳහා අයර්ලන්තයේ මාක් අඩෙයාර් සහ නවසීලන්තයේ මැට් හෙන්රි ගේද නම් ඉදිරිපත්වී තිබුණි."
"ආගමානුකූලව අවසන් කැමත්තට කමිටුවක්"
"ආගමානුකූලව අවසන් කැමති පත්‍රයට අනුව මුස්ලිම් හෝ ඕනෑම පුද්ගලයකුගේ අවසන් කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට අදාල නීති සම්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති ඉෆ්තාර් උත්සවයට එක්වෙම...
"කෙහෙලියට යළිත් ඇප නෑ"
"රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නැවත ලබන 22දා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් අද (08) දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඉහත නියෝගය සිදු කර තිබේ."
"ශ්‍රීලනිපය වැඩබලන සභාපතිවරයකු යටතට"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ගෙන ඇත. එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ජ්‍යේෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් පැවැත්වූ අතර එහිදී එම තීරණය ගෙන තිබේ."
"ශ්‍රීලනිපය චන්ද්‍රිකා සමග පදනමට"
" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් රැසක් මේ වනවිට කොළඹ පදනම් ආයතනයට පැමිණ සිටී. එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද එක්වනු ඇත."
"කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම විවෘත කරයි"
"කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට මොහොතකට පෙර ජනතා අයිතියට පත් කර ඇත."
"පූර්ණ සූර්යග්‍රහණයක් අද"
"පූර්ණ සූර්යග්‍රහණයක් අද (08දා) පස්වරුවේ සිදුවීමට නියමිතව ඇත. එම සුර්යග්‍රහණය බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාවල පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය බවයි ප්‍රකාශවී ඇත්තේ. මෙරට වේලාවෙන් සූර්යග්‍රහණය රාත්‍රී 09.12ට ආරම්භවී පසු දින අලුයම 02.22ට අවසන් වනු ඇත. පූර්ණ සූර්ය ග්‍රහණයක් නැවත දැකගැනීමට හැකිවන්නේ 2044 දී බව නාසා ආයතනය ස...
"අද කාලගුණය"
"බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන...
"හොරණ ඝාතනයේ ප්‍රධාන සැකකරු මරුට"
"පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුර පොලිස් මාර්ග බාධකයක් අසල දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.කෙසේවෙතත් පොලීසියට එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී අදාළ යතුරුපැද...
"වැඩිවූ දීමනාව සමග රජයේ සේවකයින්ට හෙට සිට වැටුප්"
" රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප හෙට සිට ගෙවීමට රජය සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එහිදී රජයේ සේවකයින්ට අය වැය මගින් වැඩි කළ රුපියල් 10,000 ද සමගින් ආයතනවලට මුදල් නිදහස් කරන්න සුදානම් බවද කීවේය.ඒ අනුව රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට රුපියල් බිලියන 107ක් වැය වන බවත් වැඩි වුණු මුදල පමණක් රුපියල් බිල...
"සංගීත භාණ්ඩ අස්සේ මත්කුඩු"
"කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වටලා රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව ආදුරුප්පුවීදිය පොලිසිය පවසයි. සැකකරු සමග හොරයින් මත්කුඩු ගෑම් 372 ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ගෑම් 558 පොලිසිය සොයාගෙන ඇත.වාදන භාණ්ඩ අතර තිබූ බෙරයක ඉතා සූක්ෂම ල...
"හොරණ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට"
"හොරණ මොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේ දී ත්‍රීරෝද රථයකින් ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි. වෙඩි තැබීමෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් දෙදෙනා මියගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කරයි. සුදු පාටට හුරු මෝටර් රථයකින් පැමිණි මෙම පිරිස වෙඩි තැබීම සිදුකර ඇතැයි ද පොලී...
"ඇමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවේ"
"අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් බලපෑම් එල්ල විය.එරට වේලාවෙන් උදෑසන 10.23ට පමණ සිදුවූ එම කම්පනය ෆ්ලඩෙල්ෆියා සිට නිව්යෝර්ක් දක්වා දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. ප්‍රධාන භූකම්පනයෙන් පසුව පසු කම්පන 11ක් පමණ වාර්තා වී තිබේ.විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ...
"නාදුනන මළ සිරුරක් හමුවෙයි"
"කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ බේරේ වැව ආසන්නයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබේ.ඊයේ (06) උදෑසන කාලයේදී එම මළ සිරුර ගැන කොම්පඤ්ඤවීදිය පොලිසීයට තොරතුරක් ලැබී ඇති අතර මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.මරණකරු වයස අවුරුදු 45ත් 50ත් අතර උස අඩි 05යි අඟල් 06 පමණ වන පිරිමි පුද්ගලයෙකු වන අතර නිල් ...
"පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙක් මරුට"
"මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ ආරවුලක් විසඳීමට යාමේ දී පොලීසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.ඊයේ (06) රාත්‍රී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ ආරවුලක් ඇති බවට මාවනැල්ල පොලීසියට දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.ඒ අනුව, ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස්...
"අද කාලගුණය"
"බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්මපාර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත...
"අලුත් සහල් මංගල්‍යය"
"ජාතික අලුත් සහල් මංගල්‍ය 57 වැනි වරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී අද පෙරවරුවේ පැවැත්විණි.සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ මෙම අලුත් සහල් මංගල්‍ය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හ...
"බ්‍රිතාන්‍යයෙන් කොළ එළියක්"
"එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය (Travel Advisory) 2024 අප්‍රේල් මස 05 වැනි දින සිට යාවත්කාලීන කිරීමට කටයුතු කර තිබේ.ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ හදිසි වෛද්‍ය සේවාවන් ලබාගැනීම, රට තුළට ඇතුලුවීමේදී ආරක්ෂාව සම්බන්ධයෙන් පැවතිය යුතු අ...
"යක්ෂයාගේ වල්ගාතරුව අපට පෙනෙන දවස"
"යක්ෂයාගේ වල්ගා තරුව‘‘ හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට පසුව දැක බලාගැනීමේ අවස්ථාව ලබන අප්‍රේල් 8 වැනිදා ශ්‍රී ලාංකිකයන්ට උදාවන බව තාරකා විද්‍යාඥයින් පවසයි. මෙම වල්ගා තරුව වර්ෂ 1300 ගණන්වල චීන තාරකා විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට නිරීක්ෂණය කරනු ලැබ තිබේ.කෙසේවෙතත් 19 වන සියවසේදී ප්‍රංශ තාරකා ව...
"ශ්‍රීලනිප මූලස්ථානයට ඇතුළුවීම තහනම්"
"ලිපිගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන හේතුවෙන් කිසිදු පාර්ශවයකට කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබේ.පොලීසිය පැවසුවේ මුලික විමර්ශන අවසන් වන තෙක් නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම් වන බවය.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ත...
"ශ්‍රීලනිප ලිපි ගොනු අතුරුදහන්ලු"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් ඊයේ සවස මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇති බව පවසමින් ඒ මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ."
"ජංගම දුරකථන මිල අඩුවේ"
" ජංගම දුරකථන මිල අඩුවේඩොලරයේ අගය පහළ යෑම හේතුවෙන් මෙරට ජංගම දුරකථන මිල සියයට 18ත් 20ත් අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා අද මේ බව සඳහන් කළේය."
"ශ්‍රීලනිප හදිසි රැස්වීමක්"
" ශ්‍රීලනිප හදිසි රැස්වීමක්ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.ඒ අනුව අප්‍රේල් මස 08 වැනිදා පෙරවරු 10.00ට එම රැස්වීම කැඳවන ලෙසත් ඊට මෛත්‍රීපාල සිරිසේන,දයාසි...
"දමිතා සහ සැමියා රිමාන්ඩ්"
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටි ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය සහ ඇගේ සැමියා අප්‍රේල් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 30ක් වංචාකිරීමේ චෝදනා මත ඔවුන් මෙලෙස බන්ධනාගාරගත කරනු ලැබීය....
"අරගලයෙන් පසු මාරුවීම් ලද OIC ලාට සහනයක්"
" අරගලයෙන් පසු මාරුවීම් ලද සහනයක්අරගල සිද්ධීන්වලින් පසුව මාරුකර හරින ලද පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනෙකුට ඔවුන් පෙර සිටි පොලිස් ස්ථානවලට සමාන්තර පොලිස් ස්ථාන ලබාදීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. අදාළ පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිර...
"නව සන්ධානයකට ගිවිසුම් අත්සන් කළ මන්ත්‍රීවරු"
" නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනා සමගි ජන බල පක්ෂය ගොඩනගන සන්ධානය සමග ගිවිසුම්ගතවීම අද පෙරවරුවේ සිදුවිය. බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලක මැදුරේදී අද පෙරවරුවේ ඒ සඳහා පැවැති උත්සවයේදී මෙම ගිවිසුම්ගතවීම සිදුවිය.මෙලෙස ගිවිසුම් අත්සන් කළේ මහාචාර්ය ජී.එල් පීරිස්,ඩිලාන් පෙරේරා,නාලක ග...
"අද උණුසුම වැඩියි"
"දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, අතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තම...
"අධිකරණ නියෝගය මෛත්‍රීට ලැබී නැහැලු"
"තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීවේය. අද දහවල...
""මහින්ද,දුමින්ද,ලසන්ත යළි ‘අත’ අල්ලති""
"ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් ඉවත්කර සිටි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු කොළඹ ඩාලි පාරේ පිටිහි එම පක්‍ෂ මූලස්ථානයට අද පස්වරුවේ පැමිණ නැවත රාජකාරි ආරම්භ කළහ. පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ත...
"ඩුබාහිදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් එකවර මියයති"
"ඩුබායි රටේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එකවර මරණයට පත්ව ඇතිබවට තොරතුරු ලැබී ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව කිරිවැල්කැළේ එස්. එම්. ජී. වත්ත පදිංචි පී.එම්.සඳුන් මධුසංක නැමති 28 හැවිරිදි අවිවාහක තරුණයෙකු සහ ආරච්චිකට්ටුව ඇන්ටන්විල්වත්ත අංක 343 පදිංචි මොහන්දිරම්ලාග...
"දමිතා සහ සැමියා අත්අඩංගුවට"
" මුදල් වංචාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වු දමිතා අබේරත්න මහත්මිය මෙසේ පැවසුවාය. මම හැංගුනේ ...
"මෛත්‍රීට අධිකරණ නියෝගයක්"
"හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යොමුකළ පැමිණිල්ලකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත."
"අනුරාධපුරයට පොහොට්ටුවෙන් පත්වන අලුත් මන්ත්‍රී"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්.නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සදහා 2020 වර්ෂයේ පැවැති මහ මැතිවරණයෙන් තරග කොට මනාප ජන්ද ලැයිස්තුවේ අටවෙනි ස්ථානය හිමිකර ගෙන සිටි උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වූ එම්.වීරසේන ගමගේ මහතා පත්වීමට නියමිතව ඇත.එම ...
"මත්පෙති සමග පුද්ගලයෙක් අත්අඩංගුවට"
"හෙරොයින් වෙනුවට භාවිත කළ හැකි යැයි පැවසෙන මත්පෙති සහ ගංජා සමග පුද්ගලයෙක් පානදුර, හිරන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.කළුතර අපරාධ කොට්ඨාසය විසින් අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.එහිදී මත්පෙති 76,796ක් සහ ගංජා කිලෝග්‍රෑමයක් ද පොලිස් භාරයට ගෙන තිබේ."
"පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වෙයි"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 69 වන වියේ පසුවුණි."
"අද කාලගුණය"
"බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද සදහන් කරයි.බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස...
"සරසවි සිසුන්ට ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්"
"විශ්වවිද්‍යාල සිසුන් අද සවස ආරම්භ කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට ජයවර්ධනපුර සරසවිය ආසන්නයේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ."
"කොරෝනා මුස්ලිම් ආදාහන ගැන ආණ්ඩුව සමාව ගනී"
"කොරෝනා වසංගතය පැවෑති කාල සීමාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය පිළිබදව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොන්ඩමන් මහතා සඳහන් කළේය .ගෝඨාභය රාජපක්ෂ රජය තුළ සිදුවූ එම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් සමාව ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද හෙතෙම ...
"අලුත් අවුරුද්දට විශේෂ දුම්රිය සේවා"
"සිංහල අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව ලබන 10 වනදා සිට 15 වනදා දක්වා කොළඹ සිට පිට පළාත් බලා යන මගීන් සඳහා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. වැඩි විස්තර පහතින්"