Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"සා.පෙළ උත්තරපත්‍ර පරීක්‍ෂාවට ඔන්ලයින් ඔස්සේ අයදුම්පත් කැඳවයි"
"2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම් සඳහා පරීක්‍ෂකවරුන්ට මේ මස 22 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට (Online) අයැදුම්පත් ඉදිරිපත් කළහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. ඒ අනුව අයැදුම්පත් www. onlineexams.gov.lk/eic ඔස්සේ ඉදිරිපත් කළ හැකි යැයි ද එම අමාත්‍යාංශය කියා සිටී.චමින්ද සිල්වා"
"මේ දෙවසරට ඖෂධ ලබා ගන්න සැලැස්මක් නෑ – සෞඛ්‍ය සේවාව අවදානමේ"
"මෙම වර්ෂයට සහ ලබන වසරට (2025) ඖෂධ මිලදී ගැනීමට නිසි සැලැස්මක් සහ යාන්ත්‍රණයක් නොමැතිකමින් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ අවදානමක් ඇතැයි වෛi හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛiවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛi, ජී. ජී. චමල් සංජීව මහතා සඳහන් කරයි. ප්‍රාදේශීය ඖෂධ මිලදී ගැනීම්වලට අවස්ථාව ලබාදීමෙන් බොහෝ රෝහල් පරිප...
"ජනාධිපතිගේ විපක්‍ෂ භීතිකාව කුලියාපිටියේ දී එළියට පැන්නා"
"විපක්‍ෂයේ සාර්ථක වැඩපිළිවෙළ හමුවේ ජනාධිපතිවරයාගේ භීතිය කුලියාපිටියේ ජනරැලියේ දී දැකගත හැකි වූවා යැයි ජාතික නිදහස් සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (11දා) ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා කලියාපිටියේදී කළ ප්‍රකාශයෙන් චරිත දෙකක් ඉස්මතු කළ බවත් ඔහු අතීතයේ වචන පාවිච්චි කිරීමේදී ඉතා පරිස්සමෙන...
"ජනපති කැඳවූ IMF හමුව විපක්ෂය වර්ජනය කරයි"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් සමග අද (11දා) ජනාධිපති කාර්යාලයේදී පවත්වන සාකච්ඡාවට සහභාගි නොවන බව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ‘දිවයින’ට පැවසීය. IMF නියෝජිතයන් සමග තම පක්‍ෂය සාකච්ඡා කරන බවත් තමා ප්‍රකාශ කළේ IMF නියෝජිතයන් සමග නොව ණය ප්‍රතිව්‍යුහගත කරන පාර්...
"රට හදන්න පටු පක්ෂ භේද නොතකා එජාපය සමග එක්වන්න – ජනපති රනිල් කුලියාපිටිය ‘සැබෑව’ මංගල රැළියේදී කියයි"
"අද එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට සමගි ජනබලවේගයේ තැනක් නැහැ. එම පක්‍ෂය ගොඩපෙරකදෝරුවන්ටයි සට්ටඹිරාළලාටයි යටවෙලා. එක්සත් ජාතික පක්‍ෂයේ දර්ශනය සජබය තුළ නැහැ. එනිසා මම සියලු එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ නැවත අප පක්‍ෂය සමග එක්වන ලෙස යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිව...
"රටේ ජනතාවට මොනව වුණත් ජනාධිපතිගේ වැල් පාලමෙන් ගොඩ ගියේ රට විනාශ කළ රාජපක්ෂවරු විතරයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යාපහුව ජනපවුරේදී කියයි"
"ජනාධිපතිවරයා වැල් පාලමෙන් රටේ ජනතාව එගොඩ කළ බවට ප්‍රකාශ කළත් ජනාධිපතිවරයාගේ වැල් පාලමෙන් එගොඩ වුණේ රට විනාශ කළ රාජපක්ෂවරු පමණක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ ඉකුත් 09 වැනිදා යාපහුව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේග ජනපවුර වැඩසටහන අමතමිනි. මුළු රටම යථා තත්ත්වයට පැමිණි බවට ප්‍ර...
"ආගම් මාරු කරවන අනවසර ආයතන වටලන්න: ඇමැති පොලිස්පතිගෙන් ඉල්ලයි"
"ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන හරහා ජනතාව අන්‍යාගම්කරණයට ලක් කිරීම වළක්වාලීම සඳහා එම මධ්‍යස්ථාන වැටලීමට කටයුතු කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට උපදෙස් ලබා දුන්නේය. ශ්‍රී ලංකාවේ සංඝ නිකාය පාර්ශ්වයන්හි ලේඛක...
"රෝග රැසකට අවශ්‍ය ඖෂධ 252ක් රටේ නෑ – වෛද්‍ය චමල් සංජීව"
"තැලසීමියා ඇතුළු රෝග රැසකට අවශ්‍ය ඖෂධ වර්ග 252 ක හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (19 දා) පැවසීය. Asprin tablet 300m, Diazoxime tablet 50mg, Trimethoprim tablet 100 mg ඇතුළු හිඟ ඖෂධ වර්ග 252 ට අදාළ වාර්තාව තමන් සතුව ඇත...
"ජනපති සටනට එන ජනකගේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය අද ඇරේ"
"මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සඳහා ජාතික සිවිල් සංවිධාන පෙරමුණ අද (11දා) පෙරවරු 10.30 ට ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කරයි. ජනක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කිරුළපන ඇවිනිව්, සෝමාදේවි පෙදෙසේ ටි්‍රලියන් ගොඩනැඟිල්ලේදී මෙම කාර්...
"මියගිය ශ්‍රී ලාංකික පවුල කැනඩාවේදී සිහිපත් කෙරෙති"
"කැනඩාවේදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික පවුල වෙනුවෙන් සිහිපත් කිරීමේ උත්සවයක් ඔටාවා අගනුවරට තදාසන්න බාර්හෙවන් ප්‍රදේශයේ වික්‍රමසිංහ පවුල පදිංචිව සිටි නිවසට ආසන්නයේ පිහිටි උද්‍යානයක සෙනසුරාදා (9දා) පස්වරුවේ පැවැත්වුණි. එයට මහා සංඝරත්නය, ප්‍රදේශවාසීන්, දෙරටේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු 300කට ආසන්න පිරිසක් සහභාගි වූහ. වික්‍රමසිංහ...
"ජාජබ කොළඹ කාන්තා සමුළුවටත් මහ පිරිසක්"
"ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව ඊයේ හෝමාගම පැවැති අවස්ථාවේ ඊට විශාල කාන්තා සහභාගිත්වයක් දක්නට ලැබිණි. ජාජබ නායක අනුර කුමාර දිසානායක සහ කාන්තා නායිකාවන් එහිදී කතා කළහ."
"අවුරුදු කන්න ඉන්දියාවෙන් බිත්තර මිලියන 40 ක්"
"අවුරුදු උත්සව සමය ඉලක්ක කර ඉන්දියන් බිත්තර මිලියන 40 ක් ගෙන්වීමට ඇනවුම් කර ඇතැයි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ‘දිවයින’ ට ඊයේ (10 දා) පැවසීය. එම බිත්තර සුපිරි වෙළෙඳසල්වලට ලබා නොදෙන බවද ඒ මහතා කීය. මෙම බිත්තර තොගය කොටස් වශයෙන් ලබන සතියේ සිට රටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු කර ඇතැයි ද ආනයනික බිත්තර ...
"යුක්තියෙන් බේරෙන්න මත් ජාවාරමෝත් එනවා – පුනරුත්ථාපනයට භාර ගැනීමට පෙර රැඳවියන් ගැන පසුවිපරමක්"
"රජය මගින් පාලනය කරන කන්දකාඩු ඇතුළු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සඳහා මතට ඇබ්බැහිවූවන් ඇතුළත් කර ගැනීමේදී එම රැඳවියන්ගේ කල්ක්‍රියාව පිළිබඳ පසුවිපරමක් සිදුකර පුනරුත්ථාපනයට භාර ගන්නා බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ ට ඊයේ (10 දා) පැවසීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පො...
"වී ගන්න ව්‍යාපාරිකයන්ට ණය දුන් හැටි රහසක්!"
"වී මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන් අඩු පොලියට ණය ලබාගෙන ඇතත් ඔවුන් එම මුදල් භාවිතා කර කොපමණ වී තොග ගන්නවාද වී කිලෝවක් සඳහා කොපමණ මුදලක් ගෙවනවාද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කළ නොහැකි බව දිස්ත්‍රික් ලේකම්වරයෙක් ‘දිවයින’ ට පැවසීය. බැංකු ණය ලබාගත් ව්‍යාපාරිකයන්ගේ නම් ගම් හෝ ඔවුන් ලබාගත් ණය කොපමණද ඇතුළු කාරණා කිසිවක් ද...
"රස්නය නිසා පොලිස් අශ්වයින් එළියට ගැනීම උදේට පමණයි"
"මේ දිනවල උදෑසන කාලයේ පවතින දැඩි උෂ්ණත්වය නිසා උදෑසන කාලයේ පවතින උත්සවවලට පමණක් පොලිස් අශ්වයින් යොදා ගන්නා බව පොලිස් අශ්වාරෝහක අංශයේ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින’ පැවසීය. සීත රටවලින් ගෙන්වා ගත් මෙම අශ්වයින් දැඩි උෂ්ණත්වයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් රඳවාගෙන සිටින කුටිවලට විදුලිපංකා පවා සවිකර තිබෙන අතර දිනපතාම අශ්වයින් නෑවීමට ...
"නිරිත දිග මෝසම් වැසි ඇරැඹෙන තෙක් කාලගුණය උණුසුම්"
"දිවයින පුරා පවතින අධික උෂ්ණත්වය නිරිත දිග මෝසම් වැසි තත්ත්වය ආරම්භ වනතුරු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සජිත් වික්‍රමසූරිය මහතා ‘දිවයින’ ට ඊයේ (10 වැනිදා) පැවසීය. පවතින අධික උෂ්ණත්වය අප්‍රේල් මාසය වනවිට මීට වඩා වැඩිවනු ඇතැයිද තෙතෙම කීය. ඊයේ පෙරවරු 8.30 න් අවසන්වූ පැය 24 තුළ දිව...
"අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමට කාන්තාවන් සවිබලගැන්වීමේ පනත ක්‍රියාත්මක කරනවා – එජාප සභාපති වජිර අබේවර්ධන"
"කාන්තා අයිතිවාසිකම් සඳහා කාන්තාවන් සවිබලගැන්වීමේ පනත ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත් බව එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේය. එක්සත් ලක් වනිතා පෙරමුණ විසින් පසුගිය 8 වැනිදා පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ සංවිධානය කර තිබූ කාන්...
"19 දා සිට සෞඛ්‍යය යළි සටනට"
"සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දීමනා ගැටලුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය කල් මරමින් සිටින බවත්, ඒ පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම් ලබන 19 වැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු දේවිකා කොඩිතුවක්කු මහත්මිය ‘දිවයින’ ට ඊයේ (10 වැනිදා) පැවසුවාය. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්"
"වැරදුණු සහ වරද්දපු සියල්ල වෙනස් කර ජනතා බිය තුරන් කරනවා – ජාජබ විධායක සභික සමන්ත විද්‍යාරත්න බදුල්ලේ භික්ෂු සමුළුවේදී කියයි"
"මෙරට වර්තමානයේ පවතින වැරැදි දේශපාලන ක්‍රමය ආර්ථිකය සහ සමාජ ක්‍රමය සහමුලින් වෙනස් කිරීමට තම රජයක් යටතේ පියවර ගෙන ජනතාව තුළ පවතින ජනිත බිය තුරන් කිරීමට පියවර ගන්නා බව ජාතික ජන බලවේගය විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා 09 දා බදුල්ලේදී ප්‍රකාශ කළේය. හෙතෙම එලෙස ප්‍රකාශ කර සිටියේ බදුල්ල තැපැල් සංකීර්ණයේ පැවැති ජාතික භික්ෂු ...
"අස්වැසුම දෙවැනි අදියරට අයැදුම්පත් කැඳවීම 15 දා අවසන්"
"අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයැදුම්පත් කැඳවීම මාර්තු 15 (සිකුරාදා) අවසන් වන නිසා ඒ සඳහා මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් කර නොමැති පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අයැදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. දෙවැනි අදියර යටතේ ත...
"යුක්තිය වැටලීම් 561කින් සැකපිට 558ක් මාට්ටු"
"දිවයින පුරා ක්‍රියාත්මක ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමට අදාළව පෙරේදා (9 වැනිදා) සිදුකරන ලද වැටලීම් 561කදී සැකකරුවන් 549 දෙනකු හා සැකකාරියන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඉන් සැකකරුවන් 13 දෙනකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබාගැනීමේ නියෝග ලබාගැනීමට අපේක්‍ෂා කරන අතර, සැකකරුවන් 3 දෙනකු පුනරුත්ථාපනය සඳහ...
"නියඟයත් සමග කැලෑ ගිනිතැබීම් ඉහළට"
"දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග කැලෑ ගිනි තැබීම් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිවයිනේ ප්‍රදේශ 25කින් මේ වනවිටත් මෙවැනි ගිනි තැබීම් වාර්තා වී ඇති අතර එම සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීති පියවර ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි...
"මහින්ද – බැසිල් වචනයක් දෙන්න තවත් කල් ඉල්ලයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා සහයෝගය ලබා දෙන්නේද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස් අනුව ඉදිරියේදී තීරණය කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම පක්‍ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත. පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිව...
"උ/නැ පක්ෂ ගෙඩි පිටින්ම රනිල්ටලු"
"ඉදිරි ජාතික මැතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීමට උතුරු නැගෙනහිර සහ කඳුකරයේ මෙන්ම මුස්ලිම් පක්‍ෂ බහුතරයක් මේ වනවිටත් තීරණය කර තිබෙන බවට එම පක්‍ෂවල අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී. එහිදී උතුරු, නැගෙනහිර, ඇතැම් දමිළ පක්‍ෂවල නායකයන් කුමන මතයක් ප්‍රකාශ කළ ද එම පක්‍ෂවල දෙවැනි හා තෙවැනි පෙළ නායකයන් ජනාධිප...
"අයි.එම්.එෆ්. සාකච්ඡාවලට විපක්‍ෂයටත් දොර අරී"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමග සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව ජනාධිපති කාර්යාලයේ හෙට (11 දා) පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, දෙමළ ජා...
"ගෝඨාගේ පොත දෙවැනි මුද්‍රණයත් එයි"
"“ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” යන මැයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රචිත ග්‍රන්ථයෙහි දෙවැනි මුද්‍රණය සිදුකර ඇත. එම ප්‍රථම මුද්‍රණ ග්‍රන්ථය නිකුත් කළ දිනයේම ඉතා ඉක්මනින්ම විකිණී අවසන්ව තිබිණි. ග්‍රන්ථය මිලදී ගැනීමට පවතින දැඩි ඉල්ලුම හේතුවෙන් මෙලෙස ඊට පසු දිනම (08 දා) දෙවැනි මුද්‍රණය සිදුකර ඇත...
"රාජ්‍ය ආයෝජන 77%ක් ගිණුම්ගත වෙලා නෑ"
"රාජ්‍ය ආයෝජන වශයෙන් ඉකුත් වසර 17 දී රුපියල් බිලියන 9,213ක මුදලක් වැය කර ඇතත් ඉන් රුපියල් බිලියන 7,120ක් හෙවත් සියයට 77ක් වටිනා වත්කම් හඳුනා ගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ. 2006 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රාජ්‍ය ආයෝජන වශයෙන් රුපියල් බිලියන 9,213...
"ව්‍යවස්ථාදායක සභාවට කථානායකගෙන් ටොක්කක්"
"තීරණයන් පිළිබඳව නිශ්චිත නිගමනයකට පත්වීමට නොහැකි නම් ව්‍යවස්ථාදායක සභාවෙන් ඇති ඵලය කුමක්දැයි කියා සිතෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කියා සිටියේය. පොලිස්පතිවරයා පත්කිරීම ගැන විපක්ෂය මගින් කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කළ කරුණු විමස...
"ජනපති රනිල් අද සැබෑ සටන අරඹයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) කුලියාපිටියෙන් මැතිවරණ සටන අරඹයි. ‘සැබෑව’ යන තේමාව මුල් කර ගනිමින් සංවිධාන කෙරෙන මැතිවරණ සටන ඇරැඹීමේ ප්‍රථම මහජන රැලිය කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2ට පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසූයේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්...
"අපි දැඩි කනස්සල්ලෙන් එක්සත් ජාතීන්ට කාදිනල්තුමා කියති"
"පාස්කු ප්‍රහාරය සහ උතුරු නැගෙනහිර සිදුවූ ඇතැම් ම්ලේච්ඡ ප්‍රහාරයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විනිවිදභාවයෙන් යුතු ස්වාධීන පරීක්‍ෂණ සිදු නොකිරීම පිළිබඳ දැඩි කනස්සල්ලෙන් පසුවන බව මැල්කම් රංජිත් කාදිනල්තුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 55 වැනි වාරයේදී ප්‍රකාශ කර ඇත. එම කොමිසමේ පොදු විවාදය සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ ...
"අඟහරුවාදා සෞඛ්‍ය හෙල්ලේ"
"ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අත්තනෝමතිකව වැඩ කරන බවත් නමුත් ඔහුගේ ක්‍රියාකලාපයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීම නිසා ලබන 12 වැනිදා අඟහරුවාදා රට පුරා සියලු රෝහල් ඉදිරිපිටදී විරෝධතාවයේ නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇති බවත් එම සන්ධානය කියයි. මෙම ගැටලුවේදී...
"අලුත් කාන්තා පනත් දෙකක් මැයිවල"
"ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතට අනුව වෙනම කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන...
"මන්දපෝෂණය ඉහළට"
"වැඩියෙන්ම ලොව මන්දපෝෂණයෙන් පෙළෙන ගැහැනු දරුවන් සිටින රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍ය ලැන්සෙට් වෛද්‍ය සඟරාව සිය පර්යේෂණ වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබේ. ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික අර්බුදයෙන් මිදෙමින් පැවතියත් පෝෂණ අර්බුදය ඉහළ යෑම හේතුවෙන් මෙරට දරුවන් ලක්ෂ නමයක් පමණ උග්‍ර මන්දපෝෂණ තත්ත්...
"අනුර කුමාර කැනඩාවට"
"ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දෙදින සංචාරයක් සඳහා කැනඩාව බලා යෑමට නියමිතය. ඒ අනුව ඒ මහතා එලැඹෙන 23 සහ 24 යන දෙදින කැනඩා සංචාරයේ නිරත වෙයි. ජාතික ජන බලවේගය කැනඩා ශාඛාවේ ආරාධනාවකට අනුව අනුර කුමාර දිසානායක මහතා එම සංචාරයේ නිරත වන අතර 23 වැනිදා සවස 3.00 ට ටොරොන්ටෝ ජනහමුවත් 24 වැනිදා ...
"වතු නිවාස ටෙන්ඩරයෙන් පිට පනී"
"ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ දෙවැනි අදියර ලෙස ක්‍රියාත්මක වන වතු කම්කරුවන්ට නිවාස සාදාදීමේ ව්‍යාපෘතියේදී ටෙන්ඩර් පටිපාටියන් උල්ලංඝනය වෙමින් පවතින බව වාර්තා වේ. මෙම නිවාස ව්‍යාපෘතියේදී නිවාස 1,300ක් ඉදිකිරීම සඳහා ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ රුපියල් මිලියන 375ක් ලැබී ඇත. මෙහිදී එක් නිවසක් ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මු...
"ඉන්ධන ආනයන වියදම 19.2%කින් පහළට"
"ඉන්ධන ආනයන වියදම ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ (2024) ජනවාරි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 417.5 දක්වා සියයට 19.2 කින් පහත වැටී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ. ඒ අනුව 2023 වර්ෂයේ ජනවාරි මාසයට සාපේක්ෂව 2024 වර්ෂයේ ජනවාරි මාසයේ දී බොරතෙල් ආනයන වියදම ඇමරිකානු ඩොලර...
"කිරිපිටි සූත්තරේ 2019 හිරවෙලා"
"කිරිපිටි සඳහා සකස් කළ මිල සූත්‍රය 2019 වසරින් පසු මුදල් අමාත්‍යංශය දීර්ඝ කර නැතැයි මුදල් කාරක සභාවේදී අනාවරණය වී ඇත. ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා 2018 වසරේදී මෙම මිල සූත්‍රය සකස් කර තිබේ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අව...
"ඉංජිනේරුවරුන් 520ක හිඟයක්"
"රාජ්‍ය සේවා ඉංජිනේරුවරුන් 520 දෙනකුගේ පමණ හිඟයක් පවතින බවත් මේ වන විට පළපුරුදු තරුණ ඉංජිනේරුවරුන් විශාල සංඛ්‍යාවක් විදේශත වී ඇති බවත් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ ලේකම් එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසයි. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත්පාලන ආයතන සඳහා ඉංජිනේරුවන් 1520 දෙනකු සිටිය යුතු වුව ද මේ වන විට සේවයේ යෙදී සිටින්නේ ...
"විදුලිබල සැපැයුමේ ව්‍යාපෘති සේවකයන්ට හොර පාරෙන් බෝනස්"
"විදුලිබල සැපැයුමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමේ සහායක ව්‍යාපෘතියේ අරමුදල් භාවිත කරමින් ව්‍යාපෘති කාර්ය මණ්ඩලය සඳහා ප්‍රසාද දීමනා වශයෙන් රුපියල් මිලියන 24.5ක මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. චක්‍රලේඛවලට පටහැනිව 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලයේ දී මෙකී මුදල ගෙවා ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත...
"නිවාස – දේපළ වෙළෙඳාම් අගය එකතු කළ වටිනාකම 11.8%කින් පහළට"
"මෙරට නිවාස හා දේපළ වෙළෙඳාම් අංශයේ අගය එකතු කළ වටිනාකම ඉකුත් වර්ෂයේ (2023) පළමු භාගයේ දී රුපියල් බිලියන 260.3 දක්වා සියයට 11.8කින් පහත වැටී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි. 2022 වර්ෂයේ පළමු භාගයේ දී මෙරට නිවාස හා දේපළ වෙළෙඳාම් අංශයේ අගය එකතු කළ වටිනාකම රුපියල් බ...
"‘බරකාරයන්ගේ’ බදු හදන්න උපදේශක කමිටුවක්"
"ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ බදු ලිපිගොනු සම්බන්ධ තීරණ ගැනීම සඳහා දේශීය ආදායම් සහ නීතිපති යන දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගෙන් සමන්විත උපදේශන කමිටුවක් ස්ථාපිත කර ඇත. මේ ඉහළ වත්කම් සහිත අයගේ බදු ලිපිගොනු සම්බන්ධයෙන් දැඩි පාලන ක්‍රියාවලියක් අනුගමනය කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද...
"ජාතික උපදේශක සභාවෙන් ළඟදීම මහ සඟ සමුළුවක්"
"ඉතා ඉක්මනින්ම සාමග්‍රී මහා සඟ සමුළුවක් පැවැත්වීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය යටතේ පිහිටුවා ඇති ජාතික උපදේශක සභාව තීරණය කර ඇත. ජාතියටත්, රාජ්‍ය පාලනයටත් මඟපෙන්වීම සඳහා නිසි මාර්ග දර්ශනයක් සැපයීම උදෙසා මේ සඟ සමුළුව පවත්වන බව ජාතික උපදේශක සභාවේ අනුශාසකයකු වන පූජ්‍ය අඟුළුගල්ලේ ජිනානන්ද හිමියෝ ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට ප...
"ඒකාබද්ධ කලා සන්ධානයෙන් අභ්‍යාස පොත් බෙදාදීමක්"
"ඒකාබද්ධ කලා සන්ධානය මගින් සංවිධානය කරනු ලබන කලාකරුවන්ගේ දරුවන් උදෙසා පාසල් පොත් සහ උපකරණ ලබාදීමක් 10 වැනි ඉරිදා පෙරවරු 10ට තලවතුගොඩ ‘සක්ෂා’ අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ. එහිදී දරුවන් සියදෙනකු සඳහා මෙම සහෝදරත්වයේ මෙහෙවර සිදු කරනු ලබන අතර දෙමව්පියන් සිය දෙනකුද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය. සුජාතා ජයරත්න"
"කැනඩාව කම්පා වෙයි"
"කැනඩාවේ ඔටාවා අගනුවර වාසය කරන, ශ්‍රී ලාංකීය පවුලක සාමාජිකයන් 06 දෙනකු ඉකුත් බදාදා (06) පිහියකින් ඇන මරා දමා තවත් අයකුට දරුණු තුවාල, සිදු කර ඇත. එම සමූල ඝාතනය සම්බන්ධයෙන් මුළු මහත් කැනඩාවම කම්පනයට පත්ව ඇති බව කැනේඩියානු මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම පවුලේ පුද්ගලයන් සයදෙනකු පිහියෙන් ඇන මරා දමා තවත් අයකුට තුවාල සිදු කිරීමේ ...
"අයි.එම්.එෆ්. සාකච්ඡාවලට ජනාධිපතිගෙන් විපක්ෂයට ඇරැයුම්"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමග සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව එළැඹෙන සඳුදා (11 දා) ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ ...
"ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත් මැයි මාසයේදී – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවසීය. කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත පෙරේදා දිනයේ ගැසට් කළ අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත එළැඹෙන සතියේදී ගැසට් කරන බවත්...
"රම්‍යා වනිගසේකර දිවි සැරිය නිම කරයි"
"සම්මානිත ගුවන් විදුලි හඬ පෞරුෂය, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී, ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය හා සිනමා රංගවේදිනී, රම්‍යා වනිගසේකර මහත්මිය ඊයේ (08 දා) අභාවප්‍රාප්ත වූවාය. කලක් රෝගාතුරව පසුවූ ඒ මහත්මිය කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වනවිට 73 හැවිරිදි වියෙහි පසුවිය. 1974 වර්ෂයේ දී වේදිකා නාට්‍ය පසුබිම් ගායිකාවක ලෙස එක්ව කලා ලොවට ...
"සජිත්ගෙන් කාසල් රෝහලට පරිත්‍යාගයක්"
"ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබූ ඊයේ (08 දා) විපක්‍ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හුස්මක් වැඩසටහන යටතේ කොළඹ කාසල් රෝහලට රුපියල් ලක්ෂ 44ක් වටිනා ඉන්කියුබේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කළේය. ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් එම පරිත්‍යාගය සිදු කරනු ලැබීය. තමා විසින් ජනතාවට දේවල් බෙදනවා කියා චෝදනා කරමින් විවි...
"මාලිමාවේ කාන්තාවෝ කළුතර පාගමනක"
"ජාත්‍යන්තර කාන්තා දිනය වූ ඊයේ (08දා) සවස ජාතික ජන බලවේගයේ කාන්තාවන් සංවිධානය කළ පා ගමනක් කළුතර කටුකුරුන්ද මංසන්ධියේ සිට කළුතර නගරය දක්වා පැවැත්විණි. පා ගමන ආරම්භයේදීම පොලිසිය ඊට බාධා කළ ද පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමග ඇතිවූ එකඟතාව මත පා ගමන ආරම්භ වියග පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් ගාලු ප...
"රටේ නිදහස තහවුරු බව කාටූන්වලින් පේනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"කාටූන් නිර්මාණ රටක ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් බවත්, රට තුළ ස්ථාපිත වී ඇති නිදහස මෙමගින් තහවුරු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ පැවසූවේ පසුගිය අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව මෙරට කාටුන් ශිල්පීන් දුටු අන්දම එක් කර පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධ...
"අධ්‍යාපන ක්‍රමයේ අර්බුද ජය ගැනීමට විසඳුම ඇත්තේ ල.ස.ස.ප. තුළයි – මහාචාර්ය තිස්ස විතාරණ"
"කින්නියා කුරුන්ජන්කේනි එන්.ඒ.එම්.එස්. උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති මුස්තාප් මොහොමඩ් මහතාගේ ඇරැයුමෙන් එහි ත්‍යාග ප්‍රදානයකට හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහභාගී විය. කවර දුෂ්කරතා වින්ඳද අධ්‍යාපනයට තිබෙන උනන්දුව නැති කර නොගත යුතු බවද, තමාගේ ජීවිතයේ අනාගතයද, රටේ අනාගත...
"නව්‍ය ඉගෙනුම් ක්‍රම තුළින් ශ්‍රී ලංකාවේ වී ගොවීන් සවිබල ගැන්වේ"
"එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ඇතිව ශ්‍රී ලංකාව පුරා වී ගොවීන් අතර ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය පිළිබඳ දැනුම සහ භාවිතයන් වැඩිදියුණු කිරීමේ අරමුණින් පරිවර්තනීය වැඩසටහනක් දියත් කර තිබේ. පසුගියදා පොළොන්නරුවේ දී පැවැත්වුණු සමාරම්භක උත්සවයේ දී නැණ වගාව හඳුන්වාදී...
"එක්සත් ජනරජ පෙරමුණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අතර හමුවක්"
"එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්‘ ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුවත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් සමග මේ වන විට සාකච්ඡා කර තිබේ. එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ එක්සත් ජනරජ පෙරම...
"එමිරේට්ස් ගුවන් සමාගමේ වර්ධනයට දායක වූ ශ්‍රී ලංකාවේ හොඳම ට්‍රැවල් සමාගම් 10කට ඇගයීම්"
"ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ට්‍රැවල් ඒජන්ත සමාගම් සඳහා විශේෂ හමුවක් පවත්වමින් එමිරේට්ස් ගුවන් සමාගම 2023 වසරේදී සමාගමට දක්වන ලද සහයෝගය සහ කැපවීම අගය කිරීමට සම්මාන උළෙලක් පැවැත්විය. ගෙවී ගිය වසර තුළ ගුවන් සමාගමේ විකුණුම් ජයග්‍රහණ සමරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට එමිරේට්ස්හි ප්‍රමුඛතම ට්‍රැවල් ...
"සැරයන් කට අරී: හරක් කටා ගැන අලුත් වැමෑරීමක්"
"හරක්කටාගේ ප්‍රධානතම ගෝලයා වන දැනට ඩුබායි රටේ සිටින මිදිගම රුවන් සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් මාතර පොලිස් කොට්ඨාසයේ සේවය කළ සැරයන්වරයා හරක්කටා පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු රැසක් හෙළිකරන්නට පටන්ගෙන ඇත. මෙම පොලිස් සැරයන්වරයා හරක්කටාගේ සහ මිදිගම ර...
"උක් ගොවීහු සෙවණගල සීනි ආයතනය වටලති"
"සෙවණගල සීනි ආයතනයේ සේවකයන් ඇතුළු පාලනාධිකාරියට විරෝධය පළකරමින් සෙවණගල උක් ගොවීහු ඊයේ (08 දා) පෙරවරුවේ සෙවණගල සීනි ආයතනය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වූහ. විරෝධතාවට එක්ව සිටි ගොවීහු පැවසුවේ සෑම වසරකම පාහේ උක් අස්වනු නෙළන කාලයට පාලනාධිකාරිය හා සේවකයන් එක්ව මෙලෙස ගොවීන්ගේ උක් අස්වනු කුණු කොල්ලයට මිලදී ගැනීම සඳහා කුමක් ...
"ඉන්දීය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කතරගම පුදබිමේ"
"ඉන්දීය රජයේ ශ්‍රීලංකා මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඉකුත් (07 දා) වෙනිදා කතරගම පුදබිමේ සංචාරයක නිරත විය. ප්‍රථමයෙන් කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේ වැඳපුදාගත් මහ කොමසාරිස්වරයා රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ දේවාශිර්වාදය ලබාගත්තේය. හෙතෙම කතරගම ශ්‍රී අභිනවාරාමයට ගොස් විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනා...
"මාව බලයෙන් නෙරපන්න විදේශ බලවේගත් එක් වුණා – ගෝඨාභය ඊයේ එළිදැක්වූ පොතෙන් අනාවරණයක්"
"ජාත්‍යන්තර බලවේග ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයකු ව්‍යවස්ථා විරෝධී ලෙස බලයෙන් නෙරපාහැරීමේ කුමන්ත්‍රණයට විවෘතව සහාය දුන් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (07දා) මුල්වරට අනාවරණය කළේය. විදේශ බලවේග සහ ඇතැම් දේශීය පාර්ශ්ව මා ජනාධිපති ධුරයෙන් ඉවත්කිරීම සඳහා ප්‍රචණ්ඩ විරෝධතා සහ කඩාකප්පල්කාරී ක්‍රියා සංවිධානය කළ බව...
"රතු මුහුද කැලඹූ හවුති ප්‍රහාරය"
"යේමනයේ සිට ක්‍රියාත්මක වන හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදේ යාත්‍රා කළ බාබඩෝස් රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට පෙරේදා (06දා) එල්ල කරන ලද බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් එකී නෞකාව ගිනි ගෙන දැවෙමින් පවතින අතර එහි ගමන් ගත් නැවියන් තිදෙනෙකු මිය ගොස් සිවු දෙනෙකු තුවාල ලබා තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ නැවියන් ස...
"ජගත් කාන්තා දිනය අදයි"
"තිරප්පනේ මහ වැවේ මල් කඩාගෙන ඒ නවය මාර්ගයේ තුරු සෙවණ අසලට පැමිණ වන්දනාවේ යන බැතිමතුන් උදෙසා මල් අලෙවි කිරීමෙන් පවුලේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නා දිරිය කාන්තාවක් තිරප්පනේ ප්‍රදේශයෙන් අපට හමුවිය. අහස උසට නැග ඇති ජීවන බර සැහැල්ලු කර ගැනීමට ජීවිත අවදානමක් ගෙන වැවේ මල් කඩා අලෙවි කරන ඇය නමින් ඒ. ජී. මල්ලිකා ය. ඇය තිරප්පනේ නගරය...
"අභියෝග මැද කාටුන් ශිල්පීන් රනිල් දුටු හැටි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජීවිතයේ අභියෝගාත්මක කාලවකවානු මාධ්‍යවේදීන්ගේ, කාටුන් ශිල්පීන්ගේ පරිකල්පනයට හසුවූ ආකාරය එකට එක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් සම්පාදිත Press Vs Prez ග්‍රන්ථය ඊයේ (7දා) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී එළිදැක්වුණු අවස්ථාවේ එම කෘතිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අයුරු. එම ...
"මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පහරදෙන්න හැදුවා – මන්ත්‍රී රාසමාණික්කම්ගෙන් නි. කථානායකට පැමිණිල්ලක්"
"පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලය තුළදී මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තමන්ට පහරදීමට පැමිණි බව දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා ඊයේ (07දා) නියෝජ්‍ය කථානායක වෙත පැමිණිලි කළේය. එහිදී මන්ත්‍රීවරයා මෙසේ කීය. මට මන්ත්‍රීවරයෙක් තර්ජනය කළා. පාර්ලිමේන්තුවේ අගමැතිතුමාගේ කාර්යාලයේදී. අශෝක ප්‍රියන්ත රාජ්‍ය ...
"පරාටේ අත්හිටුවනවා – අගමැති මැතිසබයේදී කියයි"
"පරාටේ නීතිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය වහාම ක්‍රියාත්මක කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) සඳහන් කළේය. අගමැතිවරයා මෙම අදහස් පළ කළේ, පවතින පරාටේ නීතිය යටතේ ජනතාවගේ ඉඩම් ඇතුළු දේපළ වෙන්දේසි කිරීමට වාණිජ බැංකු කටයුතු කරමින් සිටින බවත්, එය වැළැක්වීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවත් සඳහන්...
"ලෝක කාන්තා දින පණිවුඩ"
"කාන්තාවගේ අභිමානය සහ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති බවත් ඒ අනුව කාන්තාවන්ට වෙනස් කොට සැලකීම වළක්වාලීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ප්‍රථම වතාවට හඳුන්වා දීම රජය ගත් සුවිශේෂී පියවරක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදට (08දා) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණ...
"ප්‍රඥාවෙන් පරිපූර්ණ නිරෝගිමත් පරපුරක් යනු රටක අභිමානයයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"හින්දු සාහිත්‍යයේත්, ජන සමාජයේත් උත්තම දිනයක් බවට පත්ව ඇති සහ ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් ගෞවරයෙන් බැතියෙන් සමරණු ලබන මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ. එහි මෙසේ සඳහන් වෙයි. ලොව බලගතුම දෙවියන් ලෙස හින්දුන් විශ්වාස කරන ශිව දෙවියන්ගේ ආලෝක කදම්බයෙන් අන්ධකාරය දුරු...
"උතුරු ඊශ්‍රායලය සඳහා පිහිටුවන ලද නව නිර්වේතනික කොන්සල් කාර්යාලය හයිෆාහිදී විවෘත කෙරේ"
"උතුරු ඊශ්‍රායලය සඳහා පිහිටුවන ලද නව නිර්වේතනික කොන්සල් කාර්යාලය ඉකුත් 03 වැනිදා උතුරු ඊශ්‍රායලයේ ප්‍රධාන වරාය හා වෙළෙඳ නගරය වන හයිෆා හි දී විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ප්‍රොටෝකෝල් ප්‍රධානි තානාපති ගිල් හස්කල් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...
""රු. 2,000කට තමන්ගෙම මුහුණ මුද්දරයකට""
"රුපියල් 2,000ක් වැයකොට තම ඡායාරූපය සහිතව මුද්දරයක් මුද්‍රණය කරගැනීමේ අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව එම මුදලට තම ඡායාරූපය සහිත මුද්දර 20කින් සමන්විත පත්‍රිකාවක් ලබාගැනීමේ පහසුව මේ වන විට සලසා ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා ප්‍රකාශ කළේය. මුල්දින කවරයක් සහ මුද්දරයක් එළිදැක්වීම...
"රටවල් හයක තානාපතිවරු අනුර කුමාර හමුවී සාකච්ඡා"
"ඉන්දුනීසියාව, පලස්තීනය ඇතුළු රටවල් 06ක තානාපතිවරුන් පෙරේදා (06 දා) සවස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමර දිසානායක මහතා ඇතුළු එහි නායකයන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී මුණගැසී සාකච්ඡා පවත්වා ඇත. ඒ අනුව ඉන්දුනීසියාව, පලස්තීනය, මැලේසියාව, බංගලාදේශ, තුර්කි ජනරජය සහ මැලේසියාව යන රටවල තානාපතිවරුන් මෙම සාකච්ඡා සඳහ...
"ඉහළ – වත්කම් ඇති අය බදු ගෙවනවා ද සොයන වෙනමම අයෙක්"
"ඉතා ඉහළ වත්කම් සහිත පුද්ගලයින් බදු ගෙවන්නේ දැයි තහවුරු කර ගැනීම සඳහා ඔවුන් ගැන සමීපව අවධානය යොමු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මේ ඉහළ ආදායම් ලබන සහ ඉහළ වත්කම් සහිත පුද්ගලයින් සම්බන්ධ අධීක්‍ෂණය කිරීම සඳහා වෙනම අංශයක් ද මේ වනවිට පිහිටුවා ඇත. ඉහළ වත්කම් සහිත පුද්ගල අංශය ලෙස එසේ නම් කර තිබේ. එම අංශයට අති...
"බිල ගෙවලා නෑ මන්ත්‍රී මුතුකුමාරණගේ ගොවිපළේ ලයිට් කපලා"
"අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සී. මුතුකුමාරණ මහතාට අයත් එප්පාවල, කටියාව පාරේ පිහිටි ගොවිපළේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇත. එම ගොවිපළට වතුර ලබාගැනීම සඳහා මන්ත්‍රීවරයා විදුලි සම්බන්ධතාව ලබාගෙන තිබූ අතර රුපියල් හත්දහසක පමණ හිඟ මුදලක් තිබීම හේතුවෙන් සිය ගොවිපළේ විදුලිය විසන්ධ...
"හරක් කටාට පැන යෑමට උදව් කළ සැරයන් ටීඅයිඩීයේදී කට අරී"
"‘හරක් කටා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අත්අඩංගුවෙන් මිදී පලායෑමට ගත් උත්සාහයට උපකාර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට ගත් පොලිස් සැරයන්වරයා මෙම සිද්ධියට උපකාර කළ තවත් පිරිසක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත. මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කට...
"කෙහෙළියගේ ලෙඩේ ගැන විනිසුරු ඇසූ ප්‍රශ්නයට නීතිඥයා නිරුත්තර වෙලා"
"හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය ලබන 26 වැනිදා නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (07දා) දින නියම කළේය. කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික දුරකථන බ...
"පුංචි ඡන්දය කල්ගියාට මූලික අයිතිවාසිකම් කැඩෙන්නේ නෑ – රාජ්‍ය තොරතුරු අධ්‍යක්‍ෂගේ නීතිඥයා උසාවියට කියයි"
"පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දී ඇති පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රමාදවීමෙන් රටේ ජනතාව සතු පරමාධිපත්‍යයේ බලය හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන්නේ යැයි 12වන වගඋත්තරකාර රාජ්‍ය තොරතුරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා පෙරේදා (06 දා) ශ්‍රේෂ්ඨාධි...
"පොලිස්පතිගේ පත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්"
"දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය 26 වැනිදා සිට පොලිස්පතිවරයා ලෙසට පත්කරමින් ජනාධිපතිවරයා විසින් ලබාදුන් පත්වීමේ ලිපිය බලරහිත කර ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂයට අනුබද්ධිත දූෂණ විරෝධී කමිටුවේ කැඳවුම්කරු අජන්ත නිරෝෂන් පාදුක්ක සහ කමිටු ...
"මන්ත්‍රී අබ්දුල් රහීම්ගේ විනය පරීක්‍ෂණයට අතුරු තහනම් නියෝගයෙන් බාධාවක් නෑ – කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන"
"සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල් රහිම් අලිසබ්‍රි මහතා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපා හැර ඔහු දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්කිරීමට පියවර ගැනීමේ පෙත්සම් විභාගය අවසන් වනතුරු වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (07 දා) අතුරු තහනම් නියෝගයක් ...
"මහ බැංකුවේ උස්සපු වැටුප් මැතිසබේ අවුලුවයි"
"රටේම විරෝධයට ලක්වී ඇති මහ බැංකුවේ වැටුප් වැඩිකර ගැනීම අනුව එහි පහළම සේවකයකු වන කාර්ය සහායක පන්තියේ 01 සේවකයකුගේ මූලික වැටුප 30,235 සිට රුපියල් එක්ලක්ෂ අසූ අටදහස් අටසිය විසිහතයි ශත තිස්තුන දක්වා සියයට 29.53කින් (දළ වැටුප) වැඩිවී ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) සඳහන් කළේය. අගමැතිවරයාගෙන් ප්...
"අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට"
"අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනට එක්වූ එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඊයේ (06 දා) පස්වරුවේ බොරැල්ල මංසන්ධියේදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි. ඊයේ විරෝධතාවයේ නිරත වූ 500 කට අධික සිසුන් මාර්ගය අවහිර කිරීමත් සමග ජල ප්‍රහාර එල්ල කිරීමෙන් ප්‍රදේශයම උණුසුම් මුහුණුවරක් ගත්තේය. මෙම උණුසුම්...
"මුදල් වෙන්කර තිබියදීත් මැතිවරණ නොපවැත්වීම ශ්‍රී ලංකාව වැනි රටකට වැරැදි පූර්වාදර්ශයක්"
"මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබියදීත් මැතිවරණ නොපවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට මුල්තැන දී කටයුතු කරන ශ්‍රී ලංකාව වැනි රටකට වැරැදි පූර්වාදර්ශයක් වන්නේ යැයි මැතිවරණ කොමිසන් සභාව හා එහි සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල...
"මාස දෙකට රිය අනතුරු මරණ 341ක්"
"මේ වසරේ (2024) ගතවූ මාස දෙකේදී දිවයිනේ සිදුවූ මාරක රිය අනතුරු 324 කින් පුද්ගලයන් 341 දෙනකු මරුමුවට පත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (06 දා) පැවසීය. ඉන් බරපතළ තුවාල ලැබූ සංඛ්‍යාව 651ක් බවත්, සුළු තුවාල ලැබූ පිරිස 1355ක් බවත් හෙතෙම කීය. මින් වැඩිම අනතුරු සිදුවී...
"මාව නෙරපූ කුමන්ත්‍රණය අද එළිදක්වන පොතෙන් කියනවා – ගෝඨාභය නිවේදනය කරයි"
"2022 වසරේදී තමන්ට මුහුණ දීමට සිදුවූ අභියෝග පිළිබඳව කරුණු දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රචිත ‘ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” කෘතිය අද (07දා) නිල වශයෙන් එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙයි. “ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ ජනපතිවරයකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේ...
"සමන් රත්නායකගෙන් මාලිගාකන්ද උසාවියට පැය 4ක රහස් ප්‍රකාශයක්"
"ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 10 වන සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක ඊයේ (06දා) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේදී පුරා පැය හතරක රහස් ප්‍රකාශයක් ලබාදී තිබේ. ඊයේ (06දා) පෙරවරු 11.00ට පමණ මහෙස්ත්‍රාත් ...
"අපායට යළි ඇද වැටෙනවාද නැතිනම් පාරාදීසය කරා ගමන් කරනවාද තීරණය ඔබ අතේ"
"රජය ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බවත්, ඒ අනුව ඉදිරියේ දී ජනතාවට තව තවත් සහන ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ඊයේ (06දා) ප්‍රකාශයක් කරමින් පැවසීය. එම සියලු කටයුතු ක්‍රියාවට නංවා ඇත්තේ ක්‍රමානුකූලව විද්‍යාත්මක සැලැස්මකට අනුව බව පෙන්වා දුන් ජනාධිපතිවරය...
"මන්නා රමේෂ් ඩුබායි හිදී අත්අඩංගුවට"
"පාතාල කල්ලි සාමාජිකයකු වන ‘මන්නා රමේෂ්’ නමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බවට මෙරට ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් දැනුම්දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. පසුගිය දා ඔහු ඩුබායිහි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා විය. ඒ බව ඩුබායිහි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට න...
"රනිල්ගේ කාටුන් රැගෙන වජිර සැකසු පොත අද එළියට"
"ආර්ථික අර්බුදයට හසුවූ රට ඉන් මුදා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජුනි මස සිට 2023 මැයි මාසය දක්වා නායකත්වය දීම පිළිබඳව පුවත්පත්වල කාටුන් ශිල්පීන් දුටු ආකාරය එකතු කර සම්පාදනය කළ ‘Press vs Prez’ කෘතිය අද (07 දා) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ සම්මන්ත්‍රණ ශාලාවේදී ...
"මෛත්‍රී – පාඨලී – අනුර ප්‍රියදර්ශන මහ රෑ සන්ධාන සාකච්ඡා"
"ඉදිරි මැතිවරණවලදී සන්ධානගතවීම පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික රණවක සහ අනුර ප්‍රියදර්ශන යන මහත්වරුන් පෙරේදා (05දා) රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත. එම තිදෙනාට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දුෂ්ම...
"පරාටේ අහෝසි කිරීම බැංකු ගණන් ගෙන නෑ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"
"පරාටේ නීතිය අහෝසි කරන්න රජය තීන්දු කළාට බැංකු පද්ධතිය ඒවා අහන්නේ නෑ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යවසායකයන් නගාසිටුවීම සඳහා දුෂ්කරතා අවම ක...
"කෝප්-කෝපා කමිටුවලින් රංජිත්-ලසන්ත හැලිලා"
"රජයේ ගිණුම් කාරක සභාව (කෝපා) සහ පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපතිවරුන් ලෙස සේවය කළ ලසන්ත අලගියවන්න සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන් එම කාරක සභාවේ සාමාජිකයන් ලෙස හෝ මෙවර නම් කර නැත. ඒ අනුව රජයේ ගිණුම් කාරක සභාවට නම් කර ඇත්තේ තිස්ස අත්තනායක, කබීර් හෂීම්, නිරෝෂන් පෙරේරා, ජේ. සී. අලවතුවල, අශෝක් අබේසිංහ, සිවඥානම...
"අයි එම් එෆ් කතා අවසන් වූ පසු පක්‍ෂ නායකයන්ගේ යෝජනා ගන්නවා – ජනාධිපති මැතිසබයේදී කියයි"
"ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් අයි එම් එෆ් සාකච්ඡාව අවසන් කළ පසුව පක්‍ෂ නායකයන් කැඳවා ඒ අයගේ යෝජනා ද ලබාගෙන ඊට අදාළ නීති කෙටුම්පත් සකසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා) පැවැසීය. හෙතෙම මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපති ආචාර්ය හර...
"ඉමිතියාස්ගේ ‘මගේ කතාව’ සෑම ආගමකටම වටිනා ආදර්ශයක්"
"ඉමිතියාස් බාකීර් මාකාර් මහතාගේ ‘මගේ කතාව’ කෘතිය තුළින් සෑම ආගමකටම වටිනා ආදර්ශයක් සපයන බවත්, ඔහු කිසිවකුටවත් අහිතක් ඇතිකර ගන්න බැරි ආදර්ශමත් දේශපාලනඥයකු බවත් වල්පොල රාහුල ආයතනයේ ප්‍රධානී ගල්කන්දේ ධම්මානන්ද හිමිපාණන් පෙරේදා (05 දා) සවස පැවසූහ. උන්වහන්සේ එසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා විසි...
"ආණ්ඩුව විශාල මුදලකින් විදුලි බිල වැඩිිකර අඩු මුදලකින් පහත දමනවා – හර්ෂණ රාජකරුණා (සජබ)"
"රට නූතන ලෝකය කරා යනවා වෙනුවට නැවත කරත්ත යුගයකට ගිහින් තිබෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය. පෙරේදා (05 දා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය. රජය සියයට 300 කින් විදුලිබිල වැඩිකරලා සියයට 20 ක් වගේ ඉතාම අඩු ...
"දමිතාගේ අපේක්‍ෂිත ඇපයට සී. අයි. ඩී. යේ විරෝධය"
"කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්‍ෂ 30ක මුදලක් ලබාගෙන වංචා කළේ යැයි චෝදනා එල්ල වී ඇති රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා ගොනු කර ඇති අපේක්‍ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (06දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේදී විරෝධතා ඉදිරිපත් කළේය. එම විරෝධතා සම්බන්ධයෙන් ප්‍රතිවි...
"අලි සබි්‍ර රහීම්ට මාසයක් මැතිසබය අත්හිටුවයි"
"කටුනායක ගුවන් තොටුපොළේ දී රත්තරන් සහ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන සමග අත්අඩංගුවට ගෙන පසුව දඩ ගෙවා නිදහස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මහතාට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කර ඇති බව කථානායකවරයා ඊයේ (06දා) දැනුම් දුන්නේය. ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ නිර්දේශයක් මත ඊයේ දින සිට මා...
"රාවණා බලය වෙබ් අඩවි හිමිකරු රිමාන්ඩ්"
"ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් ප්‍රවෘත්තියක් සිය වෙබ් අඩවිය මගින් ප්‍රචාරය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ රාවණා බලය පුවත් වෙබ් අඩවියේ හිමිකරු වන ජී. පී. නිශ්ශංක මහතා ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (06 දා) නියෝග කළේය. පස...
"ටින්මාළු සෙස් බද්ද රු. 500 ට නැංවිය යුතුයි"
"ආනයනික ටින්මාළු සඳහා සෙස් බද්ද රුපියල් 500 දක්වා වැඩි නොකළොත් රටේ පවතින ටින්මාළු කර්මාන්ත ශාලා 16 ම වසා දැමීමට සිදුවනවා යැයි ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා ඊයේ (06 දා) පැවසීය. මෙම කර්මාන්ත මේ වනවිට මසකට සති දෙකක් පමණ නිෂ්පාදන කටයුතු සිදුකරන බවත් එයද ආනයනික ටින්මාළු සඳහා සෙස් බද්ද වැඩි නොකළ...
"අතුරුගිරිය මිලේනියම් සිටි නඩුව 21දාට කල්යයි"
"අතුරුගිරිය මිලේනියම් සිටි හි පිහිටි යුද හමුදා ආරක්ෂක නිවාස වටලා රටේ භෞමික අඛණ්ඩතාව සුරැකීමේ මෙහෙවරට උරදී සිටි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන යුද රහස් හෙළි කිරීමේ චෝදනාව යටතේ හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 21 වැනිදා දක්වා කල්තැබ...
"වාලච්චේනේ පුවත ගැන සභාපති කරුණු කියයි"
"“වාලච්චේන යන්ත්‍ර සූත්‍ර හා ගස්කොළනුත් විකුණාගෙන කාලා ”යන හිසින් ඉකුත් 04 වැනිදා ‘දිවයින’ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය අසත්‍ය බව වාලච්චේන කඩදාසි කම්හලේ සභාපති විමල් රූපසිංහ මහතා දන්වා සිටී. එම ප්‍රවෘත්තියේ සඳහන් චෝදනාවට අදාළව කිසිම පොලිස් පැමිණිල්ලක් හෝ නොමැති බව ද හෙතෙම දන්වා ඇත. කෘර්තෘ සටහන: කෙසේ වෙතත් අප පුවත්පතේ පළවූ...
"වැඩි වූ වැටුප් ගෙවන්න මාසිකව අමතරව රු.මි. 232ක්"
"ස්වයං තීරණයක් මගින් සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ට පාර්ලිමේන්තුවේ ඊයේ (05දා) පැවැති පක්ෂ නායක රැස්වීමේදී දැඩි අප්‍රසාදය පළ විය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද වෘත්තීය සමිති ...
"කථානායකට එරෙහි විශ්වාසභංගය ඊයේ භාර දෙයි"
"මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කිරීමේදී සහ පොලිස්පති ධුරය පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මන්ත්‍රී අයිතිවාසිකම් හා වරප්‍රසාද කඩ කරමින් ධුරයේ ස්වාධීනත්වය, ගෞරවය අමු අමුවේ කෙලෙසා ඇති හෙයින් කථානායක පිළිබඳ තවදුරටත් විශ්වාසයක් නොමැති බවට යෝජනා කරමින් මහින්ද යාපා අබේව...
"ඉදිරියේ මොන ඡන්දෙ තිබ්බත් දිනන්නේ පොහොට්ටුව සහාය දෙන කණ්ඩායමයි – ඊයේ උදේ ලංකාවට පැමිණි බැසිල් ගුවන්තොටුපළේදී කියයි"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා 05 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය. 05 දින උදෑසන 08.12 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක...
"ලංසු එනකම් වියදම් කපයි"
"ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකිණීමට අදාළ ලංසු කැඳවීම තව දින 45කට කල් දැමීමට රජය තීරණය කළ බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය. එසේම ගුවන් සමාගම සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 510ක පමණ ණය මුදල ද මහා භාණ්ඩාගාරය යටතට පවරා ගැනීමට ද තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ...