Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"විදුලි බිල අඩුවීම එදා මා කළ සටනේ ප්‍රතිඵලයක් – මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක" | "විදුලි බිල සියයට 21.9 කින් අඩුකර විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලැබී ඇත්තේ තමා තනතුරේ සිටියදී කළ සටනේ ප්‍රතිඵලයක් ලෙස බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේය. 2022 දී තමා ඉදිරිපත් කළ විදුලි බිල අඩු කිරීමේ යෝජනා ඇතුළත් සංශෝධනයේ ප්‍රතිඵල මත තම පදවියද එදා පාර්ලිමේන්තු මැදිහත්වීමෙන් අහිමි වුවත් අද... |
"සරසවි සිසුන්ට කඳුළුගෑස්" | "මහපොළ ශිෂ්‍යාධාර වාරික ඉහළ දැමීම ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පවතින ගැටලු රැසකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සරසවි ශිෂ්‍ය සංගම් කිහිපයක් විසින් ඊයේ (05දා) කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා පොලිසිය කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී කඳුළුගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළ අයුරු. ඡායා... |
"ඉමිතියාස් ‘මගේ කතාව’ කියයි" | "ජනතා ප්‍රසාදයට පාත්‍ර වූ දේශපාලනඥයකු හිටපු ඇමැතිවරයකු මෙන්ම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන ඉමිතියාස් බාකීර් මාකාර් තම ජීවිත අත්දැකීම් අලලා ලියූ ‘මගේ කතාව’ ග්‍රන්ථය ඔහු ඉගෙනුම ලැබූ කොළඹ ආනන්ද විද්‍යාලයේදීම ඊයේ (05දා) එළිදැක්වුණු අවස්ථාවේ ඊට එක්වූ අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාර... |
"මන්ත්‍රීවරුන්ගේ පදනම් විරහිත චෝදනා නිසා රාජ්‍ය නිලධාරීන් කලකිරිලා – කථානායක කියයි" | "ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයේ විවිධ උසස් නිලධාරින් සම්බන්ධව කිසිදු පදනමකින් තොරව සහ තහවුරු කළ නොහැකි කරුණු මත තම පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් ඔවුන්ගේ රාජකාරි කටයුතු දෝෂ දර්ශනයට ලක් කරමින් සභාව තුළ විවිධ අවස්ථාවලදී විවේචනය කිරීමේ ප්‍රවණතාවක් මෑතක සිට වර්ධනය වෙමින් පවතින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ... |
"රටේ ආර්ථිකය හොඳ වර්ධනයකට පත්වෙලා – ඉදිරියේදී රට අවදානම් කලාපයෙනුත් ඉවත් වෙනවා – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ" | "රටේ ආර්ථිකය ඉතා හොඳ වර්ධනයකට මේ වනවිට පත්ව ඇති නමුත් අවදානම් කලාපයෙන් ඉවත්ව නැති බවත් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගීමෙන් පසු මාස හත අටක් ඇතුළත එම අවදානමෙන් ඉවත්ව යන බවත් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය. මුදල් පනත් කිහිපයක් සම්බන්ධයෙන් පැවැති විවාදය ආරම්භ කරමින් වැඩිදුරටත්... |
"වත්කම් බැරකම් හෙළි කළ යුතු කාණ්ඩ ගණන වැඩි කරයි" | "වත්කම් සහ බැරකම් ප්‍රකාශ කළ යුතු පුද්ගල කාණ්ඩ ගණන වැඩි කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ සඳහා වත්කම් සහ බැරකම් ප්‍රකාශ නීතිය සංශෝධනයට ලක්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ අනුව 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මඟින් දක්වා ඇති වත්කම් හා බැරකම්... |
"ගැබ්ගෙල පිළිකාවෙන් වසරකට මෙරට 780කගේ දිවි අහිමි වෙනවාලු" | "ගැබ්ගෙල පිළිකාව මෙරට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන දෙවන සුලභ පිළිකාව බවට සමීක්ෂණයකින් හෙළිවී ඇත. එය වසරකට වාර්තාවන රෝගීන් ගණන 1407 ක් පමණ වන බව ගණනය කර ඇති අතර ගැබ් ගෙල පිළිකාව නිසා වසරකට දිවි අහිමි වන පිරිස 780ක් පමණ වන බවට එම සමීක්‍ෂණය මගින් සොයාගෙන තිබේ. මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ මෙම රෝග ව්‍යාප්තිය නොසලකා සිටියහොත් මෙර... |
"ජනපතිට දේශපාලන සුරක්ෂිතභාවය සහ පන්නර ලබාදෙනවා – එජාප උප නායක අකිල විරාජ් කාරියවසම්" | "රටේ ප්‍රශ්න විසඳන්න පක්ෂ භේදයකින් තොරව එක්වන ලෙස ජනාධිපතිවරයා කළ ආරාධනය විපක්ෂය පිළිනොගත් නිසා රට ගොඩනගන වැඩපිළිවෙළට ජනපතිවරයාට දේශපාලන සුරක්ෂිතභාවය සහ පන්නර ලබාදෙන්න එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේබව පැවසූවේ ඊයේ (05දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්... |
"ඇතැම් සහකාර සුරාබදු කොමසාරිස්වරු තනතුරු ලබා ඇත්තේ හොර විභාගයක් සමත් වෙලා – සජබ නි. මහ ලේකම් මුජිබර් රහුමාන්" | "සුරාබදු දෙපාර්තමේන්තුවේ සමහර වත්මන් සහකාර කොමසාරිස්වරුන් නීත්‍යනුකූල නොවන විභාගයක් සමත්ව එම තනතුරු දක්වා උසස්වීම් ලද නිලධාරීන් බව සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම් මුජිබර් රහුමාන් මහතා පැවසීය වත්මන් සුරාබදු සහකාර කොමසාරිස්වරුන් මුහුණ දුන් එම විභාගය පිළිබඳ විමර්ශන සිදුකළ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අභියාචනා විනිශ්චය අධිකා... |
"පුල්මුඩේ ඛනිජ වැලි නිධියත් හොර රහසේ ඉන්දියාවට දෙන්න හදනවා – පුබුදු ජයගොඩ" | "පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ඉන්දියානු සමාගම්වලින් අත්පත් කර ගනිමින් සිටින බවටත්, එම ව්‍යාපෘතියට උචිත ලෙස රාජ්‍ය නීති පද්ධතිය වෙනස් කරන බවටත්, ඒ සඳහා ඛනිජ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අත්තනෝමතිකව තහවුරු කරමින් සිටින බවටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කළේය. නුගේගොඩ එම පක්ෂ කාර්යාලයේදී ඊයේ... |
"සියලුදෙනාට යහපත් ජීවිතයක් ලබාදීම අපේ ඉලක්කයයි – රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල්" | "සියලුදෙනාට යහපත් ජීවිතයක් ලබාදීම අපේ ඉලක්කය යැයි සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පැවසීය. ආබාධිත ප්‍රජාව රැකියාගත කිරීම ප්‍රධාන අරමුණ කරගනිමින් දිස්ත්‍රික්ක 25 පුරා ක්‍රියාත්මක කරන වැඩසටහනේ ආරම්භක වැඩසටහන කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර අමාත්‍යවරයා එහිදී මේ බව කියා සිටියේය. මෙහිදී ත... |
"අසේල චන්නට සොරි කියා නඩුව අවසන් කර ගනී" | "ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා විවෘත අධිකරණය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතාට කනගාටුව පළකිරීම නිසා අසේල සම්පත් මහතාට එරෙහිව පවරා තිබූ නඩුවක් අවසන් කර ගැනීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (05) අවසර ලබා දුන්නේය. 2021 වසරේ ජුලි මස කොළඹදී පැවැත්වූ ප්‍රසිද්ධ මාධ්‍ය ස... |
"කබාය ගැලවුණු නාගානන්දගේ නඩුවක් උසාවියෙන් නවතයි" | "ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වනවිට නීතිඥ භාවය සම්පූර්ණයෙන්ම අහෝසි කොට ඇති නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් “ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු” පක්‍ෂයේ ලේකම් ආචාර්ය කපිල තැමිලිමුල්ල මහතාට එරෙහිව ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවක පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යෑම වළක්වමින් කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ ... |
"පොලිසියේ 2කට මරණ දඩුවම – අනීතිකව රඳවා ගත් සැකකරුට පහරදී ඝාතනය කළැයි" | "ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිසියට භාරදුන් 52 හැවිරිදි විවාහක එක්දරු පියකු අනීතික ලෙස රඳවාගෙන අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කරනු ලැබූ උප පොලිස් පරීක්‍ෂකවරයකුට හා පොලිස් කොස්තාපල්වරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (04දා) මරණීය දණ්ඩනය නියම කළේය. එකී ... |
"විදුලි බිල 21.9% කින් පහළට – උපයෝගිතා කොමිසම ලංවිමට දන්වයි" | "විදුලි බිල අද (05 දා) මධ්‍යම රාත්‍රියේ සිට 21.9% කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම්දී ඇත. නව විදුලි බිල සංශෝධනයත් සමග ඒකක 0 සිට 30 දක්වා 33% ක්ද, ඒකක 31 සිට 60 දක්වා 28%ක්ද, ඒකක 61 සිට 90 දක්වා 30% ක්ද, ඒකක 91 සිට 180 දක්වා 24%ක්ද හා ඒකක 180 ට වැඩි 18% ක්ද ලෙසින් විදුලි බිල අඩුකිරීමක් සඳහා මහ... |
"ෆොන්සේකා නෙරපීම වළක්වමින් සජබට පැනවූ වාරණය දික් කරයි" | "ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති ධුරය, කැලණිය සංවිධායක ධුරයෙන් හා පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වමින් තම අධිකරණය විසින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 19 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (04දා) නියෝග කළේය. එම නඩුව ඊයේ පෙරවරුවේ කැඳවූ අවස්ථ... |
"එයාර්පෝර්ට් එකෙන් පනින්න බැරිව හිටිය – බැසිල්ට දැන් ඇවිත් කරන්න පුළුවන් දෙයක් නැහැ" | "අපට රට වෙනුවෙන් වගකීම් දෙකක් පැවරී තිබෙනව. එක බලය ලබාගැනීම, දෙක මේ රට නිවැරදි දිශානතියට යොමු කොට රට හැදීම. දීර්ඝ කාලයක් අපේ රට පාලනය කළ දේශපාලන අධිකාරිය විසින් අපේ රටට උරුම කරදීල තියෙන්නෙ විනාශකාරී වර්තමානයක්. ඔවුන් තව දුරටත් බලයේ හිටියොත් අපට උරුමකර දෙන්නෙත් විනාශකාරී අනාගතයක්. තවදුරටත් අත්හදා බැලිය යුතු නැතැයි ජාතික... |
"රාජ්‍ය සංස්ථා සියල්ල සමාගම් කරනවා – ජනාධිපති" | "රජය සතු සංස්ථා සියල්ල සමාගම් බවට පත් කරන බවත් එම සියලු සමාගම් කොටස් එක් ප්‍රධාන සමාගමකට භාර කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ‘වට්ස් නිව්’ තරුණ නීති වෘත්තිකයන් සමග නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පැවැති කතිකාවකට එක්වෙමිනි. රට දියුණු කිරීමට ලෝකය පිළිගන්නා නීති හඳුන්වාදීමේ... |
"සෞඛ්‍ය අතිරේක ලේකම් යළි රිමාන්ඩ්" | "ප්‍රමිතියන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඊයේ (04දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සෞඛ්‍ය අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ලබන 14 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ නියෝග කළාය. අධිකරණය පෙර දිනයේ කළ නියෝගය අනුව මහර... |
"වසර දෙකක් තුළ කෝටි 200ක දේපළ උපයා ගත්තේ කොහොමද? – දෙමටගොඩ රුවන්ට බිරිඳට – පුතාට නඩු 3ක්" | "වසර දෙකක් තුළදී උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදල්, සුඛෝපභෝගී යාන වාහන, දේපළ හා රන් ආභරණවල හිමිකාරිත්වය දැරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කිරීම හා ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන ... |
"පාසල් ගොඩනගනවා වෙනුවට පාසල් ගිනි තියපු කාලයක් තිබූ බව අමතක නොකළ යුතුයි – විපක්ෂ සජිත් ප්‍රේමදාස බුත්තලදී කියයි" | "මේ රටේ පාසල් ගිනි තියපු යුගයක් තිබූ බවත් ඒ සඳහා භීෂණය නිර්මාණය කළ කණ්ඩායම් පාසල් දරුවන්ගේ දෙමාපියන් පවා උපයෝගී කර ගෙන පාසල් ගිනි තියපු නිසා පාසල්වල මේ මගේ දරුවාගේ පාසලයි මෙය සුරැකීම අපේ යුතුකමයි යනුවෙන් ලියා තැබීමට සිදුවූ බවත් මේ දේවල් අමතක නොකළ යුතු බවත් පාසල් ගොඩනගනවා වෙනුවට පාසල් ගිනිතියපු, විනාශ කළ කාලයක් තිබූ බවත... |
"කෝටි 20ක රත්‍රං ගුවන්තොටෙන් අල්ලයි" | "නීති විරෝධි අන්දමින් මෙරටට රැගෙන ආ රුපියල් ලක්‍ෂ 2000 කට අධික වටිනාකමෙන් යුත් රත්‍රං තොගයක් හොර රහසේම කටුනායක ගුවන්තොටුපොළෙන් පිටකිරීමට උත්සාහ කළ එහි සේවකයකු රත්‍රං තොගයද සමඟ ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් ඊයේ (04 වැනිදා) උදේ අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දියාවේ සිට පැමිණි කටුනායක ගුවන්තොටුපොළ හරහා වෙනත් රටකට යෑමට සිටි ගුව... |
"නව ආර්ථික පරිවර්තනයට – නව නීති 42ක් සම්මත කරගත්තා තව නීති 62 ක් සම්මත කරගත යුතුයි" | "රට තුළ සිදු කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14ක කාලය තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බවද තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බවද පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය මෙවර පාර්ලිමේන්තුවේදී සිදු කර ගත නොහැකි වුවහොත් ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම... |
"මියන්මාරයේ අපරාධ කලාපයක සිරවී සිටි ශ්‍රී ලාංකිකයෝ 8 ක් මුදාගැනෙති" | "මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ මිනිස් ජාවාරම්වලට සම්බන්ධ නීති විරෝධී සයිබර් අපරාධ කලාපයක රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික පිරිසෙන් අට දෙනකු එරට ආරක්‍ෂක අංශවල මැදිහත්වීමෙන් මුදාගෙන ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා සඳහන් කරයි. මෙම කලාපයේ ශ්‍රී ලාංකිකයන් 56 දෙනකු රඳවාගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් අතුරින් 08... |
"වැටුප් වැඩිකර ගැනීම අහන්න මහ බැංකු ලොක්කෝ අද පාර්ලිමේන්තුවට" | "ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක වැටුප් වැඩිකර ගැනීම ගැන ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලධාරීන් අද (05දා) පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමට සහ මුදල් කාරක සභා රැස්වීමට කැඳවා ඇත. පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමට පෙරවරු 10.30 ට සහ ඉන් පසුව රැස්වන පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට උදේ 11.30 ට ද මහ බැංකු උසස් නිල... |
"ගිය ජූලි 7ට පසු ඩොලරයේ අඩුම අගය ඊයේ" | "ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම විනිමය අනුපාත අගයන්ට අනුව ඊයේ (04) ඇමෙරිකානු ඩොලරයක නිරූපිත අගය රු. 309.12 ක් දක්වා පහත වැටී ඇත. මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන අනුව මෙය 2023 ජූලි 07 වැනිදාට වාර්තා වී ඇති අඩුම අගය වේ. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාත අගයන්ට අනුව ඇමෙරිකානු ඩොල... |
"ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සෞදි රජයේ උපරිම දායකත්වය" | "සෞදි අරාබියාවේ සංවර්ධනය සඳහා වූ අරමුදල මගින් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක සංවර්ධනය සඳහා භාර දුන් Saudi Fund (SFD)හි සංවර්ධන ඇගයීම් අංශයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියහ. කොළඹ සෞදි තානාපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලිද් හමුද් අල් කහ්තානි මහතා විසින් මෙම දූත පිරිස පිළිගනු ලැබීය. ඇමෙරිකා... |
"මරණ තර්ජන ඇතැයි කියමින් ප්‍රංශයට ගිය අයි පී දුමින්ද හෙට නාවොත් පොලිසියෙන් ඉවතට" | "තමාට මරණ තර්ජන ඇතැයි ප්‍රංශයේ සිට මාධ්‍යයට ප්‍රකාශයක් කළ කොළඹ අපරාධ කොට්ඨාශයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දුමින්ද ජයතිලක මහතා හෙට (6 දා) යළි සේවයට වාර්තා නොකළහොත් ඔහු සේවයෙන් නෙරපා හරින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය. මෙම පොලිස් පරීක්‍ෂකවරයා විදේශගතවී සිටියත් ඔහු සම්බන්ධයෙන් ... |
"ඇමැති ටිරාන්ගෙන් ‘119’ට අලුත් පණක්" | "පොලිස් දෙපාර්තමේන්තුවේ 119 පණිවුඩ සේවාව නව තාක්‍ෂණයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා සිය අමාත්‍යාංශයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා ඊයේ (4දා) උපදෙස් දුන්නේය. 119 හදිසි ඇමතුම් අංකයෙන් මහජනතාවට විශාල සේවයක් සිදුවෙන අතර පැමිණිල්ල ලද සැණෙන් ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක වීමට නව තාක්... |
"සෞඛ්‍ය අතිරේක ලේකම්ගෙන් ඖෂධ මගඩියේ මුල් පුරුක් ගැන අද රහස් ප්‍රකාශයක්" | "ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීම ඇතුළු චෝදනාවල දසවන සැකකරු ලෙස නම්කර අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගෙන් රහස්‍ය ප්‍රකාශයක් සටහන් කිරීම සඳහා ඔහු අද (04 දා) තමන් හමුවට ඉදිරිපත් කරන ලෙසට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියෝග කළාය. එමෙන්ම ඔහු අද දක්වා රක... |
"රසකැවිලි පෙට්ටි අස්සේ කෝටි 10 ක අයිස් ගෙනත් – චෙන්නායි – ශ්‍රී ලංකා කුඩු මගඩියේ රහස් එළියට" | "ඉන්දියාවේ චෙන්නායි නගරය සහ ශ්‍රී ලංකාව අතර කටුනායක ගුවන්තොටුපළ හරහා සිදුවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල හෙළිකරගත් පොලිස් විශේෂ කාර්ය බළකාය රුපියල් කෝටි 10 කට අධික වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මත්ද්‍රව්‍ය ප්‍රවාහන ජාලයේ ප්‍රධානීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහන ජාලයට සම්බන... |
"බස්නාහිර සහ සබරගමුවේ ලීක් වුණු ප්‍රශ්න පත්‍ර අවලංගු කරයි" | "බස්නාහිර පළාතේ 10, 11 ශ්‍රේණි සිසුන් සඳහා පැවැති පාසල් වාර විභාගයේ විෂයන් තුනක ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම නිසා එම විභාග අවලංගු කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර තිබේ. මේ අනුව 04, 05, 06 දිනවලට අදාළ ඉංග්‍රීසි, ගණිතය සහ සෞන්දර්ය විෂයන්ට... |
"වාලච්චේනේ යන්ත්‍ර සූත්‍ර හා ගස්කොළනුත් විකුණාගෙන කාලා" | "වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව තුළ පැවැති යන්ත්‍ර සූත්‍ර හා භූමියේ තිබූ වටිනා ගස් වර්ග කපා අලෙවි කිරීම තුළින් රුපියල් මිලියන 150 කට අධික වංචාවක් සිදුව ඇතැයි වාලච්චේන කඩදාසි කම්හලේ හිටපු සභාපති දේශමාන්‍ය මංගල ඩී. සෙනරත් මහතා පවසයි. වසර 50 කට පමණ පෙර ජර්මානු ඉංජිනේරුවන් විසින් ස්ථාපනය කරන ලද මෙම කර්මාන්ත ශාලාවේ ඇතැම් යන... |
"නොවැම්බර් අවසානයට පෙර දඩ සමඟ හිඟ බදු ගෙවීමට මත්පැන් සමාගම් එකඟ වුණා" | "මත්පැන් නිෂ්පාදිත සමාගම් විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු සියලු හිඟ බදු මුදල් මේ වසරේ නොවැම්බර් මාසය අවසන්වීමට පෙර දඩ මුදල් ද සමඟ ගෙවා දැමීමට එම සමාගම් එකඟතාවය කට පැමිණ ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජී. ගුණසිරි මහතා ‘දිවයින’ ට ඊයේ (03 වැනිදා) පැවැසීය. ඇතැම් පිරිස් සුරාබදු නොගෙවන සමාගම් වසා දැමීමට යෝජනා ... |
"2019 ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල තාමත් නෑ – අපේක්ෂකයෝ කනස්සල්ලෙන්" | "2019 වර්ෂයේදී පැවැති ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල මෙතෙක් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන නැතැයි ඊට පෙනී සිටි අපේක්ෂකයෝ පවසති. 2019.05.31 වැනිදා පැවැති එම ලිඛිත පරීක්‍ෂණයට අදාළ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන බවට රජයේ ගැසට් පත්‍රය මගින් පළකර තිබියදී විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන අමාත්‍යංශය විසින් වසර 05 ක් තිස්සේ ... |
"කෑම පැකැට්ටුවේ මිල නැග්ගේ පොල් මිල ඉහළ ගිය නිසයි – ආපන ශාලා හිමියන්ගේ සංගමය කියයි" | "පොල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් කෑම පැකැට්ටුවක මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසන්නේ රුපියල් 60 ක් 80 ක් වැනි මිලකට පැවති සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල මේ වන විට රුපියල් 120 සිට 150 දක්වා ඉහළ ගොස් ඇති බවයි. වෑංජන පිළියෙල කිරීමේද... |
"රොනී ද මෙල්ගෙන් ලද අත්දැකීම මගේ දේශපාලනයට පන්නරයක් වුණා – රටට කළ සේවය කිසිදා අමතක කළ නොහැකියි" | "කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම අද දවසේ තම දේශපාලන කටයුතුවලට පන්නරයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඉකුත් (01)දා පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ... |
"මීවනපලානේ සිරි ධම්මාලංකාර නමැති චීවරධාරියා සිදු කරන ශාසන විනාශයට වහා නීතිය ක්‍රියාත්මක කරන්න – මහ නාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති" | "සාමණේර භික්ෂු ලියාපදිංචිය ද අවලංගු කොට නිකායෙන් නෙරපා හැර ඇති මීවනපලානේ සිරිධම්මලංකාර නමැති භික්ෂු ප්‍රතිරූපකයා පිළිබඳව අවස්ථා රැසකදී ජනාධිපතිතුමන් ඇතුළු වගකිව යුතු අංශ දැනුවත් කර තිබියදී තවදුරටත් ඔහුට බුදු දහම සහ බුද්ධ චරිතය විකෘති කරමින් ථෙරවාදී පාලි ත්‍රිපිටකය පිළිබඳව සාවද්‍ය හා අපහාසාත්මක මතවාද ජනගත කරමින් කටයුතු ... |
"මත්ද්‍රව්‍ය භාවිත කරන අය පොලිස් සේවයෙන් පහ කරනවා – පොලිස්පති අනුරාධපුරදී කියයි" | "“අද සමාජයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරී ගොස් ඇති මෙම මත්ද්‍රව්‍ය භාවිතය පොලිසිය තුළ පමණක් ඇති නොවීමට හේතුවක් නෑ. මත්ද්‍රව්‍ය භාවිත කරන කිසිම පොලිස් නිලධාරියකු පොලිසියේ තබාගන්නේ නෑ. මේ වන විට එවැනි නිලධාරීන් එකසිය ගණනක් හඳුනාගෙන තිබෙනවා. ඒ අය අපි පොලිස් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නවා. මේ වන විට මම පොලිසිවලට උපදෙස් ... |
"2022 වසරේ බිලියන 21 ක ඊ. පී. එෆ්. ගෙවීමට මැදිහත් වෙන්න- ගෙවිඳු අගමැතිගෙන් ඉල්ලයි" | "2022 වසරට අදාළව සේවක අර්ථසාධක අරමුදලේ බිලියන 21 ක ප්‍රතිලාභ ගෙවීමට මැදිහත්ව කටයුතු කරන ලෙස ඉල්ලමින් ගෙවිඳු කමාරතුංග මහතා, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කළේය. මෙරට පෞද්ගලික අංශ සේවකයන්ට සාධාරණය ඉටුවිය යුතු බවත් කුමාරතුංග මහතා එම ලිපියෙන් අවධාරණය කර සිටී. එසේම මහ බැංකව සිය වැටුප් ඉතා අයුක්ති සහගත අයුරින් වැඩ... |
"සූදු කෙළියට මුදල් සොයන්න කුඩු ජාවාරමට එක්වුණු ව්‍යාපාරික දෙදෙනා මාට්ටු" | "මහා පරිමාණ සූදු ක්‍රීඩාවේ යෙදීම සඳහා මුදල් සොයාගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරමට අලුතින් සම්බන්ධ වූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් දෙදෙනකු මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් ඊයේ (03 දා) අත්අඩංගුවට ගෙන ඇත. ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක... |
"එම්. කේ. ශිවාජිලිංගම්ට හතර වැනි වතාවටත් හෘදයාබාධයක් වැළඳී රෝහල්ගත කෙරේ" | "දෙමළ ජනතා සන්ධානයේ මහ ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ ශිවාජිලිංගම් මහතා හදිසියේ හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුව 2 දා චෙන්නායි වඩපලනි විජායී රෝහලට ඇතුළත් කොට තිබේ. පසුගිය වසර තුනක කාලය ඇතුළත ඔහුට එවැනි හෘදයාබාධයක් වැළඳී ඇත්තේ හතර වෙනි වතාවටය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුට විරුද්ධව පනවා තිබූ නඩුවක් ... |
"රටේ තියෙන්නෙ නාමික ප්‍රජාතන්ත්‍රවාදයක් මැති සබේ හුඟක් අය දූෂිතයෝ රකිනව – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෙබරවැවදී කියයි" | "අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ප්‍රධාන කුළුණු 3 වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පැවතියත් නාමිකව පමණක් ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන බවත් අද වන විට පාර්ලිමේන්තුවේ බහුතරයක් දූෂිතයෝ රකිමින් හොරකම, අල්ලස හා වංචාව ආරක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේබව කියා සිට... |
"‘ස්මාර්ට් ඇග්‍රිකල්චර්’ තරුණ පරපුරට හඳුන්වා දෙනවා – ජනපති තඹලගමුවේදී කියයි" | "අක්කර දෙකක් දුන් පමණින් අද තරුණ පරපුර කෘෂිකර්මාන්තයට යොමු නොවන බවත් ඔවුනට නව තාක්‍ෂණය රැගත් ස්මාර්ට් ඇග්‍රිකල්චර් හඳුන්වා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තඹලගමුවේදී පෙරේදා (2දා) පැවැසීය. බෝග අපනයනය ඉලක්ක කර ගත් තරගකාරී කෘෂිකර්මාන්තයක අවශ්‍යතාව පෙන්වාදුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි න... |
"පොත් බෑගයේ බර බස්සන චක්‍රලේඛය අද පාසල්වලට" | "පාසල් බෑගයේ බර අඩු කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය අද (04 වැනිදා) පාසල් වෙත නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා ‘දිවයින’ ට පැවැසීය. තරගකාරී අධ්‍යාපන ක්‍රමය තුළ පාසල් සිසුන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලුවක් වන පොත් බෑගයේ බර සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍යයෙන් අනාවරණය කළේය. පාසල් පෙළ පොත් වෙ... |
"බැසිල් රාජපක්ෂගේ පැමිණීමත් සමග පොහොට්ටුවේ වැඩ වේගවත් වෙනවා – රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත" | "බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කටයුතු වඩාත් වේගවත් වනු ඇති බව රාජ්‍ය අමත්‍ය පියල් නිශාන්ත මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. හෙට දිනයේ දී බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. පෙරහැරවල් පවත්වලා බැසිල් රාජපක්ෂ මැතිතුමාව ගුවන් තොටුප... |
"පළාත් 4 කට අද උණුසුම දැඩි වෙයි" | "මිනිස් සිරුරට දැනෙන අධික උණුසුම් කාලගුණික තත්ත්වය අද (04 දා) බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව යන පළාත්වලටත්, මන්නාරම දිස්ත්‍රික්කයටත් බලපාන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ චමින්ද ද සිල්වා මහතා ‘දිවයින’ ට පැවැසීය. ඊයේ පෙරවරු 8.30 න් අවසන්වූ ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය කුරුණෑගල දිස්ත්‍ර... |
"පොත් බෑග් නිසා අද දරු දැරියන් විශාල ප්‍රමාණයක් කොඳු නාරටියේ ආබාධ සහිත දරුවන් බවට පත්වෙලා" | "අද දරු දැරියන් විශාල ප්‍රමාණයක් කොඳු නාරටියේ ආබාධ සහිත දරුවන් බවට පත්වෙලා තියෙන්නේ, දරුවන්ට උසුලා ගත නොහැකි තරම් බරකින් යුක්ත පාසල් බෑග් නිසා බවත්, ඊට වගකිවයුත්තේ අධ්‍යාපන බලධාරීන් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවෙන් පැතිකුදය රෝග තත්වය තුරන්... |
"‘දිවයින’ පුවත නිවැරැදි කිරීමයි" | "‘නාගානන්ද නීතිඥකමින් දොට්ට’ යන ප්‍රධාන සිරස්තලය යටතේ 2024.03.01 වැනිදා ‘දිවයින’ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියේ වගඋත්තරකාර නාගානන්ද කොඩිතුවක්කු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටි බව පළවී ඇත්තේ ප්‍රමාද දෝෂයකිනි. එකි ප්‍රමාද දෝෂය නිසා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාට යම් සිත් රිදවීමක් සිදුවූය... |
"ශ්‍රී ලංකන් අවම ලංසුව බිලියන 500යි – පාඩුව 600යි" | "2022 – 2023 මූල්‍ය වර්ෂය අවසන් වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති සමුච්චිත අලාභය රුපියල් බිලියන 609 ක් හෙවත් රුපියල් මිලියන හය ලක්ෂ නවදහස් හයසිය අසූ දෙකකි (609682). එය 2021-2022 මූල්‍ය වර්ෂය හා සැසඳීමේදී 13%ක වැඩිවීමක් බවත් එම අලාභය මෙරට බදු ගෙවන ජනතාවට දරන්නට සිදුවෙන බවත් උපකල්පනය කර බැලුවහොත් එක පවුලකට එක් ලක්ෂ හ... |
"දෙසැම්බර් මන්ත්‍රී වැටුප් කෝටි 8 පනී" | "2024 අයවැය විවාදය පැවැති පසුගිය වසරේ දෙසැම්බර් මාසය වෙනුවෙන් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා ලෙස රුපියල් කෝටි අටකට අධික මුදලක් (රුපියල් 87,097,667.13) වැයවී ඇතැයි පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ වාර්තා පෙන්වා දෙයි. කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 58 දෙනාගේ සහ විපක්‍ෂනායකවරයාගේ වැටුප්, රියැදුරු... |
"මිල්කෝ රකින්න කිරි ගවයෝ 500ක් කොළඹට" | "ලාභ ලබන දේශීය කිරි සමාගම වන මිල්කෝ ආයතනය ඉන්දියාවේ “අමුල්” සමාගමට ලබාදීමට රජය කටයුතු කරන්නේ නම් ඉදිරියේදී කිරි ගවයන් 500 දෙනකු හා කිරි ගොවියන් 500 දෙනකු කොළඹට කැඳවා දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව මිල්කෝ ආයතනයේ පොදුජන පෙරමුණේ ප්‍රගතිශීලී සේවක සංගමයේ වෘත්තීය සමිති ලේකම් බණ්ඩාර රඹුක්වැල්ල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැ... |
"මහ බැංකු ලොක්කෝ අනිද්දාට පක්ෂ නායකයන් හමුවට" | "මහ බැංකු නිලධාරීන් සේවයෙන් ඉවත්ව යෑම වළක්වා ගැනීමේ අරමුණින් සාධාරණ මට්ටමේ වැටුප් ඉහළ නැංවීමක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සහ මහ බැංකු කළමනාකාරිත්වයේ අදහස වී ඇත. පසුගිය කාලයේ පළපුරුදු මහ බැංකු සේවකයන් මහ බැංකු සේවයෙන් ඉවත්ව යෑම කැපී පෙනෙන ලෙස ඉහළ ගිය බවද එදිනෙදා අත්‍යවශ්‍ය මහ බැංකු කටයුතු බාධාවකින... |
"පොලිස් ප්‍රශ්න දේශබන්දුගේ දෝතට" | "කාලයක් තිස්සේ නොවිසඳුණු පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න රාශියක් නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එම නිලධාරීන් විසින් ලිඛිතව භාරදී තිබේ. පොලිස් කොස්තාපල්වරයාගේ සිට සහකාර පොලිස් අධිකාරි තනතුර දක්වාම පවතින දුක්ගැනවිලි පසුගිය අවදියේ නොවිසදී තිබූ බව පොලිස් ප්‍රකාශකයෙක් දිවයින ඉරිදා සංග්‍රහයට පැවැසීය. මාරුකිරීම්, උසස් කිරීම... |
"සෞඛ්‍ය ලේකම්ට වෛද්‍ය චමල්ගෙන් අලුත් දුස්රාවක්" | "සෞඛ්‍ය පද්ධතියේ සිදුව ඇති බරපතළ කඩාවැටීමට වගකිව යුතු බවට කරුණු අනාවරණය වී ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ඉහළ නිලධාරීන් තවදුරටත් අදාළ තනතුරුවල රඳවා තබාගැනීම පිළිබඳව වගකීම සෞඛ්‍ය ලේකම් විසින් භාරගත යුතුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය කියා... |
"ලංවිම ලොක්කකුට සුපිරි ගෙවල් 35ක්" | "ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයකු සතුව අධි සුඛෝපභෝගී නිවාස 35ක් සහ කිලෝ වෝල්ට් 63.5 ධාරිතාවෙන් යුත් සූර්ය පැනල පද්ධතියක් පවතින බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වෙයි. එකී අතිරේක සාමාන්‍යාධිකාරිවරයා බස්නාහිර පළාතේ එක් ප්‍රදේශයක ප්‍රධාන භූමිකාවක් ඉටුකරන අයකු බව ද කියැවේ. ඔහුට මෙවැනි අධි සුඛෝපභෝගී නිවාස ... |
"කථානායකට එරෙහි විශ්වාසභංගය 05 දෙයි" | "කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංග යෝජනාව අනිද්දා (05දා) පාර්ලිමේන්තුවට භාරදීමට කටයුතු සූදානම් කරන බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට මන්ත්‍රී අත්සන් ලබාගැනීම සිදුකර අවස... |
"උද්දිකගේ වෙඩිල්ල ආගිය අතක් නැහැ" | "හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව පොලිස් විමර්ශන කටයුතු වලට මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය නොවීමත් විශාල ප්‍රශ්නයක් යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. තවද මෙම සිද්ධිය වූ දවසේ එහි තිබූ ආරක්‍ෂක කැමරා පවා ක්‍රියාත්මක වී නැත. නෝමන් පලිහවඩන... |
"ජනවාරියේ සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 342ක්" | "සංචාරක ව්‍යාපාරයෙන් මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 342ක ආදායමක් උපයාගෙන ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2023 වර්ෂයේ ජනවාරි මාසයේ සංචාරක ඉපැයීම් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 154ක ආදායමක් උපයා ගෙන තිබූ අතර එයට සාපේක්ෂව මෙම වර්ෂයේ සංචාරක ඉපයීම්වල වර්ධනය සියයට 122.7ක් බව ද මහ බැංක... |
"සයිබර් ප්‍රහාරවලට මුහුණ දෙන්න කුඩා ව්‍යාපාර 5000ක් සූදානමින් තබයි" | "සයිබර් අවකාශයෙන් මෙරට ව්‍යාපාරවලට එල්ලවන හා එල්ලවිය හැකි ප්‍රහාර හා විපත් වලට මුහුණදීමට මෙරට කුඩා ව්‍යාපාරවලට පුහුණුව ලබාදීමට ආසියා පදනම ආයතනය පියවර ගෙන ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක පැවසුවාය. Google.org හි සහය ඇතිව ආසියා – පැසිෆික් සයිබර් ආරක්‍ෂක අරමුදල හරහා මෙම වැඩපිළිවෙළ දියත් කෙරෙනු ඇත. 2023 ලොව පුරා වැඩිම සයිබර... |
"ඉන්දු-ලංකා ධීවර ගැටලුව ලිහන්න සාකච්ඡා" | "ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයට පැමිණීම නිසා ඉන්දු – ලංකා ධීවරයන් අතර ඇතිව තිබෙන ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් නැවතත් සාකච්ඡා කිරීමට දෙරට තීන්දු කර ඇත. මෙලෙස තීන්දු කර ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ඉන්දීය මහකොමසාරිස් සංතෝස් ජා මහත්වරුන් අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකින් අනතු... |
"රතු මුහුදේ හූති අවුලෙන් රතිඤ්ඤා ගොළු වෙයි" | "රතු මුහුදේ හූති ත්‍රස්ත සංවිධානය මගින් ඇතිකර ඇති ගැටුම්කාරී අර්බුද තත්ත්වය නිසා, ආසියාවේ වෙළෙඳ කටයුතුවලට ඇතිවී ඇති බලපෑම් නිසාවෙන් රතිඤ්ඤා කර්මාන්තය සඳහා අවශ්‍යයම රසායනික ද්‍රව්‍ය හිඟයෙන් සිය කර්මාන්තයට මහත් අභියෝගයක් පවතින බැව් සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා පැවසීය. රාජ්‍ය වාණි... |
"වාරිමාර්ගයේ වාහන 880ක් අතුරුදන්" | "වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක් දෙපාර්තමේන්තු භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නමින් හෝ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නමින් දෙපාර්තමේන්තු ලිපිනය යටතේ වාහන 2004ක් ලියාපදිංචි වී තිබුණි. එහෙත් ව... |
"වන ජීවී දින සැමරුම අද" | "ලෝක වන ජීවී දිනය අදට (මාර්තු 03) යෙදී ඇත. මේ නිමිත්තෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංවිධානය කළ වන ජීවී නිලධාරීන් ඇගයීමේ උළෙලක් දකුණු වන ජීවී කලාපයේ තිස්සමහාරාමයේදි අද (03) පස්වරුවේදී පැවැත්වේ. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංවිධානය කරන ජාතික වැඩසටහන පොලොන්නරුව වන ජීවී කලාපය කේන්ද්‍ර කරමින් ගිරිතලේ වන ජීවී පුහුණ... |
"ශ්‍රී ලංකාවේ අවුරුදු 65ට වැඩි වැඩිහිටියෝ වාර්තාවක් තබති" | "දකුණු ආසියානු රටවල් අතරින් වයස අවුරුදු 65ට වැඩි වයස්ගතම ජනගහනය ප්‍රතිශතාත්මකව වැඩිම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. එම ප්‍රතිශතය 11%කි. එය සංඛ්‍යාත්මකව ලක්ෂ විසිපහකට අධිකය. මෙම කලාපයේ අනෙකුත් රටවල්වල එම අගය බංග්ලාදේශයේ 6%ක්, ඇෆ්ගනිස්තානයේ 2%ක්, භූතානයේ 6%ක්, ඉන්දියාවේ 7%ක්, මාලදිවයිනේ 5%ක්, නේපාලයේ 6%ක් හා පාකිස්තානයේ 4%ක... |
"ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 73යි" | "ශ්‍රී ලාංකීය ලකඹර සුරැකීම තම වගකීම කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් වූ 73 වන සංවත්සරය 2024 මාර්තු මස 02 වන දින වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදි අභිමානවත් අයුරින් සැමරීමට කටයුතු සංවිධානය කර ඇත. ශ්‍රී ලංකාව තුළ ගුවන් හමුදා ඉතිහ... |
"වැටුප් වැඩි කර ගැනීම මහ බැංකුවට කළු පැල්ලමක් – රංජිත් සියඹලාපිටිය" | "නීතිමය වශයෙන් කුමන අයිතිවාසිකම් තිබුණත් මෙවර විශාල පරිමාණයෙන් තමන්ගේ වැටුප වැඩි කර ගැනීමට මහ බැංකුව කටයුතු කිරීම පොදු සමාජය තුළ පමණක් නොව, ආණ්ඩු පක්ෂයේ විවිධ පාර්ශ්වයන් අතරත් දැඩි විරෝධයක් ගොඩනැඟී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ජනාධිපතිවරයාට කියා ඇත. රටේ ප්‍රධාන ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කිරීම හා ... |
"මත්ස්‍ය නිෂ්පාදනය පහළට" | "මෙරට මත්ස්‍ය නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ (2023) පළමු භාගයේ දී කිලෝග්‍රෑම් මිලියන 222.1 දක්වා සියයට 2.0කින් පහත වැටී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි. 2022 වර්ෂයේ පළමු භාගයේ දී මෙරට මත්ස්‍ය නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 226.5ක් පැවැති අතර එයට සාපේක්ෂව 2023 වසරේ මෙම කාලසී... |
"13 ගෙඩිය පිටින් දෙන්න රනිල්ට ජනවරමක් නෑ – සාගර කාරියවසම්" | "මෙම අවස්ථාවේදී 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනවරමක් ලැබී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නේ නම් ඊට පෙර ඒ සඳහා ජනවරමක් ලබාගත යුතු බව පැ... |
"අවි ගත්තෝ අහුන්ගල්ලේදී යකා නටති" | "අහුංගල්ල මිද්දරමුල්ලේ සංචාරක හෝටලයක් ඉදිරිපිටට ඊයේ (01 දා) මහ දවල් යතුරුපැදියකින් කඩාවැදුණු සන්නද්ධ පාතාල අපරාධකරුවන් දෙදෙනකු පාතාල කල්ලි නායක කොස්ගොඩ සුජීගේ සමීපතම ඥාතියකු වෙඩි තබා ඝාතනය කර මුළු ප්‍රදේශයම භීතියට පත්කරමින් පලාගොස් ඇත. දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් පාතාල සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතර කාලයක පටන් පවතින ගැට... |
"සෞඛ්‍ය අතිරේක ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට!" | "ප්‍රශ්න සහගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් වංචා සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01 වැනිදා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය. මෙම ප්‍රතිදේහ එන්නත් වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප... |
"තායිලන්ත මූල්‍ය පරිත්‍යාගය ‘කඳුළක් පිස දමමු’ ව්‍යාපෘතියට.." | "කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ සහ තායිලන්ත ජාතික බෞද්ධ සැදැහැවතුන් පිරිසක් 29 වැනිදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර එහිදි ඇමරිකානු ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. එම පරිත්‍යාගය මෙරට ඉතා අසරණ තත්ත්වයේ පසුවන ජනතාවට පිහිටවීම... |
"දිස්ත්‍රික්ක 10කට අද හොඳටම රස්නෙයි" | "අද (02දා) දිනයේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක 10ක පදිංචිව සිටින ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබේ. එම දෙපාර්තමේන්තුව මෙලෙස අනතුරු අඟවා ඇත්තේ මන්නාරම, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පදිංචි ජනතාවටය. ඒ ගැන ... |
"2024 පාසල් විභාග පැවැත්වෙන දින දැනුම් දෙයි" | "මේ වසරේ (2024) පැවැත්වීමට නියමිත පාසල් විභාග සහ ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර ඇත. මේ අනුව 2023 වසරට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. සා/පෙළ විභාගය 2024 මැයි 06 සිට මැයි 15 දක්වා ද, 2024 වසරට අදාළ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 ඉරු දින සහ අ.පො.ස උ/පෙළ විභාගය 2024... |
"අපි යනවා අපේ පාඩුවේ…" | "ශ්‍රී ලංකාවේ ප්‍රථම වනජීවී උමං මාර්ගයට ඊයේ (01 දා) කුරුණෑගල කාසිකොටේදී මුල්ගල තැබිණි. ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ මඟ පෙන්විම යටතේ මෙය සිදු කෙරිණි. මෙරට වන අලින් වැඩිම ප්‍රමාණයක් දුම්රියට බිලිව ඇත්තේ මෙම ස්ථානයේ වන අතර මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට පෙර ඊයේ (01 දා) හිමිදිරි... |
"ආචාර්ය ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සජබට එක්වෙයි" | "දේශබන්දු, දේශමාන්‍ය, ආචාර්ය ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්‍රිය බන්දු මහතා (01දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක්විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහු දේශීය හා විදේශීයව ජාතික සමගිය, සාමය, සංහිඳියාව ඇති කිරීමේ සමගි ජන බලවේග කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කරන ලදී. ඒ මහතා මාතල... |
"ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ස්කෑන් එක ගියා ගියාමයි" | "කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය ගලවා ඉවත්කර මසක් ගතව ඇතත් නව යන්ත්‍රයක් ස්ථාපිත නොකිරීම හේතුවෙන් බරපතළ හදිසි අනතුරුවලට ලක්ව ගෙන එන රෝගීන්ගේ පරීක්‍ෂණ කටයුතු කර ගැනීමට නොහැකි වී ඔවුන්ගේ ජීවිත දැඩි අවදානමට ලක්ව ඇතැයි වාර්තා වේ. හදිසි අනතුරු අංශයේ සහ විශේෂිත ස්නායු ශල්‍ය ඒකකයේ රෝගීන්ගේ සී.ටී. ස්... |
"අපේ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවක ඊට එරෙහිව කටයුතු කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රතු මුහුද ආශ්‍රිතව මේ වන විට සිදුවන සිදුවීම්වලින් ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් සිදු වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත්, කලාපයේ සහ ලෝක සාමයට ප්‍රශ්න ඇතිවන සෑම අව... |
"රාමසාන් සමයේ රටඉඳි බදු පහළට" | "රාමසාන් උත්සව සමය නිමිත්තෙන් ආනයනය කෙරෙන රටඉඳි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දැමීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ අනුව ආනයනික රටඉඳි කිලෝග්‍රෑමයක් සඳහා දැනට පවතින රු.200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා පහත හෙළීමට නියමිත බව ද මේ ගැන ඉදිරියේදී නිවේදනය කරන බව ද ඇමැතිවර... |
"යාපනයේ දූපත් තුනක දෙමුහුන් බලශක්ති ව්‍යාපෘතියට ගිවිසුම් ගතවෙයි" | "යාපනයේ දූපත් 3ක් වෙනුවෙන් විදුලි බලය සම්පාදනය කරන දෙමුහුම් බලශක්ති ව්‍යාපෘතියේ ඉදිකිරීම සඳහා ගිවිසුම්ගත වීම ඊයේ උදෑසන සිදු කරනු ලැබුණි. ඉන්දීය රජයේ පූර්ණ මූල්‍ය ප්‍රදානයක් ලෙස ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 10.995ක මුදලක් මගින් ඩෙල්ෆ්, එලුවතිව් සහ නාගදීපය දූපත්වල මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කෙරේ. කිලෝ වොට් 530ක සුළං බලය, ... |
"ලෙඩ හැදුණු විමල් එන නඩු දිනයේදී උසාවි ගේන්න නියෝග" | "ඉදිරි නඩු දිනයේදී විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනිවාර්යයෙන්ම අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (01දා) නියෝග කළේය. අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වසර පහක කාලයක් තුළදී සිය වැටුපෙන් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන... |
"අයි.එම්.එෆ්. පාලන විනිශ්චය තක්සේරුවට රජයෙන් ක්‍රියාකාරී සැලැස්මක්" | "ශ්‍රී ලංකාවේ යෝජනාවකට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් තිරසර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ඉදිරිපත් කරන ලද පාලන විනිශ්චය තක්සේරුවට රජය සිය ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වා ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි. මෙවැනි කටයුත්තකට අවතීර්ණ වූ ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වන බව ද ඇමැතිවරයා කියයි. ජාත්‍යන්තර මූල... |
"ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීමේ බියක් ජනතාවට දැනෙන්නට පටන් අරන් – ගයන්ත කරුණාතිලක (සජබ)" | "රටේ දේපළ සොරාගත් කල්ලිය හේතුවෙන් සොරබියක්, ආර්ථික අර්බුදය හමුවේ ජීවනෝපාය අහිමිවීමේ බියක්, ජීවනෝපාය අහිමිවීම නිසා කුස ගිනි බියක්, පෝෂණය බිඳ වැටුණ නිසා රෝග බියක් මෙන්ම අධ්‍යාපනය අහිමි වීමේ බියක් සහ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමේ බියක් ජනතාවට දැනෙන්න පටන්ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය. පෙරේ... |
"බස්නාහිර 10-11 ශ්‍රේණි විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින්ම සමාජ මාධ්‍යයෙන් – කඩිනම් පරීක්‍ෂණයක් ඕනෑ – ස්ටාලින්" | "බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ඊයේ (01දා) පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් වර්ෂාවසාන වාර විභාගයේ 10 ශ්‍රේණිය හා 11 ශ්‍රේණිවල විද්‍යාව ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් වහා බලධාරීන් කඩිනමින් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ‘දිවයින’ට පැවසීය. ම... |
"ආයෝජන නැවත ගේන්නට ජනපති ප්‍රතිපත්ති මුල්වෙලා – බිනර ජයවර්ධන" | "රට අතහැර වෙනත් රටවල ආයෝජන අවස්ථා සඳහා පිටත්ව ගිය ව්‍යාපාර යළි මෙරටට ගෙන ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික හා ස්ථාවර රටකට අවැසි දැක්ම දැන් හේතුවී ඇතැයි ඊයේ (01දා) සිරිකොත හි පැවති එජාප මාධ්‍ය හමුවේදී කඩුවෙල එජාප ප්‍රධාන සංවිධායක බිනර ජයවර්ධන පැවසීය. අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව දේපළ අත්පත් කර ගැනීමේ නීතිමය ... |
"නව පොලිස්පති ගංගාරාම විහාරස්ථානය වැඳපුදා ගනී" | "ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස පත්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පෙරේදා (29 දා) වැඳපුදා ගත්තේය. එහිදී හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් සධාතුක කරඬුව නව පොලිස්පතිවරයාගේ හිස මත තබා ආශිර්වාද කළ අයුරු. දේශබන්දු තෙන්නකෝන්... |
"ජනපති රනිල් හැකි සෑම විටම නීතිය සෙල්ලමට ගන්නවා – නිදහස ජාතික සභාවේ නායක ඩලස් අලහප්පෙරුම" | "රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නීතියේ ආධිපත්‍යට අභියෝග කරන්න පැකිලෙන්නේ නෑ. හැකි සෑම අවස්ථාවකම ඔහු නීතිය සෙල්ලමකට ගන්නවා. මේ පූර්වාදර්ශය අප රට විධායක ජනාධිපති ක්‍රමයේ නරකම පූර්වාදර්ශය යැයි නිදහස ජාතික සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළේය. නාවල කොස්වත්ත ‘නිදහස’ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය ඇමතූ අලහප්පෙරුම මහතා ආණ... |
"නාගානන්ද නීතිඥකමින් දොට්ට – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්" | "අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරුවරුන්ගේ ගෞරවයට හානිවන ආකාරයෙන් ප්‍රකාශ සිදුකිරීම හා නීතිඥ වෘත්තියට අවමානයක් සහ අගෞරවයක් වන ආකාරයෙන් කටයුතු කිරීම යන චෝදනාවලට වරදකරු කරනු ලැබූ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට ජීවිත කාලයටම නීතිඥවරයකු ලෙස කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඊයේ (29දා)... |
"පැජට් පාරේ නිවස මෛත්‍රීට දුන් කැබිනට් තීරණය බල රහිත කෙරේ" | "හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ පරිහරණය කළ කොළඹ පැජට් පාරේ පිහිටි නිවස ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසුවත් පරිහරණය සඳහා ඉඩකඩ සලසමින් නිකුත් කර තිබූ කැබිනට් මණ්ඩල තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29දා) තීන්දුවක් නිකුත් කළේය. කැබිනට් මණ්ඩලය 2019.10.15 වැනිදා එකී කැබිනට් තීරණය ගෙන ඇ... |
"පිළිකා ඖෂධ 60%ක් ගෙන්වන්නේ ලියාපදිංචි නොකළ ආයතන" | "පිළිකා රෝගීන් සඳහා ගෙන්වන ඖෂධවලින් සියයට 60 ක්ම ලියාපදිංචි නොකළ ආයතනවලින් ගෙන්වන ඖෂධ බවට තහවුරු වී ඇති බව සමස්ත ලංකා ඖෂධහල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ‘දිවයින’ට පැවසීය. එම නිසා පිළිකා ඖෂධ මිලදී ගැනීමේදී එම ඖෂධය, ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධයක් දැයි සැක හැර දැන ගෙන මිලදී ගත යුතු බව ඒ මහතා සඳහන් ... |
"කෙහෙළිය ඇතුළු හතම යළි රිමාන්ඩ් උසාවි නාවේ බොරු ලෙඩ අරගෙන" | "ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය අරඹුක්වැල්ල මහතා 14 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (29 දා) නියෝග කළාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම චෝදනා ලැබ සිටින සෞඛ්‍ය අ... |
"පාතාලය අතුගා දමනවා – දක්‍ෂ පොලිස් නිලධාරීන්ට ඉහළට එන්න පාර හදනවා" | "මාගේ අධිෂ්ඨානය ශ්‍රී ලංකාවෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමයි. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින සැබෑ දක්‍ෂ නිලධාරීන්ට ඉහළට එන්න අවශ්‍ය පරිසරය සකස්කර දී දැවැන්ත පරිවර්තනයක් ඇති කිරීමය යැයි නව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ඊයේ (29දා) පොලිස් මූලස්ථානයේදී කියා සිටියේය. පොලිස් දෙපාර්ත... |
"කථානායකගේ අත්සන අභියෝගයට ලක්කළ සුමන්තිරන්ගේ පෙත්සම විසිවෙයි" | "මෙයට දින කීපයකට පෙර කථානායකවරයා විසින් මාර්ගගත ක්‍රමවේද සුරක්‍ෂිතතාවය පිළිබඳ පනත නීතියක් බවට පත් කරමින් අත්සන් තැබීම අභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (29දා) ප්‍රති... |
"අවුරුදු දෙකකදී 99ක් අස්වුණා – මහ බැංකු පාලක මණ්ඩලය" | "පසුගිය කාලයේ පළපුරුදු මහ බැංකු සේවකයන් මහ බැංකු සේවයෙන් ඉවත්ව යෑම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. මේ අනුව 2022 – 2023 වසරවල 99 දෙනෙකු මහ බැංකු සේවයෙන් ඉවත්ව ගොස් ඇතැයි මහ බැංකුව පවසයි. එය එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අභියෝගයක් වූ බව ද මේ නිසා තවදුරටත් එවන් නිලධාරීන් සේවයෙන් ඉවත්වීම වළක්වා ගැනීමේ... |
"කෙහෙළිය සීඅයිඩියෙන් මිලියන 100ක වන්දි ඉල්ලයි" | "තමන් අත්අඩංගුවට ගත්තේ නීති විරෝධීව බවත් එසේ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු වගඋත්තරකරුවන් ගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන ලෙසත් ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෛළිය රඹුක්වැල්ල මහතා ඊයේ (29දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනු කර තිබූ ... |
"පී.එච්.අයි ඝාතනයට ආ යතුරුපැදියට ගිනි තියලා – ඌරගහ ලඳු කැලෑවකින් හමුවෙයි" | "ඇල්පිටිය පොලිස් වසමේ කුරුඳුගහ පතිරාජ දිවිතුර පාරේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා පැමිණි යතුරුපැදිය ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ ඌරගස්මංහන්දිය පොලිස් වසමේ කුරුඳුවත්ත ප්‍රදේශයේ ලඳු කැලෑවක ගිනි තබා තිබියදී පොලිසිය විසින් ඊයේ (29 වැනිදා) සොයා ගෙන ඇත. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූවේ ක... |
"රුපියල ඊයේත් ශක්තිමත් වෙයි" | "ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (29දා) නිකුත් කරන ලද නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 305.16 ක් දක්වා සහ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු.314.87 දක්වා තවදුරටත් පහත වැටී තිබේ. ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ඊයෙ රු. 305.56 ක් සහ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 315.29 ක්ද විය.එසේම ඇමෙරිකානු ඩො... |
"‘වැට් ගහලා රටම ෆ්ලැට්’ විරෝධයට කඳුළු ගෑස් ගැහුවා මූලික අයිතිවාසිකම් කැඩුවා" | "රජය විසින් පැනවූ වැට් බදු අය කිරීම් ඇතුළු ක්‍රියාවලට විරෝධතාව දැක්වීම සඳහා තම පක්‍ෂය විසින් පැවැත්වූ සාමකාමී විරෝධතාවට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමෙන් පොලිසිය සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට නිගමනය කරන නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා හිටපු පාර්ලිමේන්තු... |
"දකුණු පළාතට අද ශෝක දිනයක්" | "දකුණු පළාත තුළ අද (මාර්තු 01 දා) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතැයි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඊයේ (29 දා) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ. හිටපු අමාත්‍යවරයෙක් වූ රොනී ද මැල් මහතාගේ අභාවය වෙනුවෙන් එම ශෝක දිනය ප්‍රකාශයට පත්කර තිබේ. මාතර දිස්ත්‍රික්කයෙන් 1977 දී පාර්ලිමේන්තුවට පත්වූ මැල් මහතා, මුදල් හා ක්‍රම සම්පා... |
"පොලිස්පති පත්කිරීමේදී කථානායක අමු අමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පොලිස්පති පත් කිරීම අනුමත කළේද නැද්ද යනුවෙන් මාධ්‍ය හා සමාජය තුළ කතාවට ලක් වෙන බවත් කතානායකවරයා විසින් මාධ්‍යයට එය අනුමත වූවා යැයි පැවසුවත් වත්මන් කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර නීතිය කඩකර රටට බොරු සපයා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.