Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"සිංහල හෝ දෙමළ බසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ – අගමැති දිනේෂ් ගුණවර්ධන"
"ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තවම සිංහල හෝ දෙමළ බසින් ප්‍රකාශයට පත්වී නැහැ.ඉංග්‍රීසි බසින් පමණයි ප්‍රකාශයට පත්වී තිබෙන්නේ. ඒ නිසා මව් භාෂාව රැකගැනීම වෙනුවෙන් අපට තව බොහෝ දේ කිරීමට සිදුව ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය...
"රස්නය මාර්තු තෙක්"
"මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බවත් ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය කුරුණෑගල හා රත්නපුර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවත්, එම අගය සෙල්සියස් අංශක 36 ක් බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද සිල්වා මහතා ‘දිවයින’ ට ඊයේ (23 වැනිදා) පැවසී...
"විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය සජිත්ට එක්වෙයි"
"ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා ඊයේ (23 වැනිදා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයට සහයෝගය පළ කිරීම සඳහා එක්විය. දශක තුනක යුද්ධය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දුන් ඒ මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු ක...
"අව්ව සැරයි: බිග් මැච් ගහන ළමයි කපු ඇඳුම් අඳින්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා"
"මෙම දිනවල පවතින අධික රස්නය හමුවේ වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කරන දරුවන් විශේෂයෙන්ම සුදු පැහැති කපු ඇඳුමකින් සැරසී ක්‍රීඩා කිරීම ශරීර සෞඛ්‍යයට ඉතා සුදුසු බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (23 වැනිදා) පැවසීය. එසේම නරඹන්නන් පවා සුදු පැහැති කපු ඇඳුමකින...
"මහ බැංකුවේ සල්ලි මිටිය ගැන තවමත් හෝඩුවාවක් නෑ"
"මහ බැංකුවේ සේප්පුවකින් අතුරුදන්වූ රුපියල් පනස් ලක්ෂයක මුදල් පිළිබඳ විමර්ශන කරන රහස් පොලිස් පරීක්‍ෂණ කණ්ඩායම්වලට සිද්ධිය පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකිවී ඇත. කෙසේ වෙතත් මෙම අතුරුදන්වීමේ සිද්ධිය පිළිබඳව පොලිස් විමර්ශන කටයුතු තවදුරටත් කරගෙන යන බව පොලිසිය කියයි. මේ මුදල ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිසු...
"ක්‍රම වෙනසකට අපි දැනුම දෙනවා – කාදිනල්තුමා"
"දූෂණයෙන් පිරුණු මේ රටේ සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට කතෝලික පූජක අප සැමගේ වගකීම යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සෙත්සරණ ආයතනයේ නව පුහුණු මධ්‍යස්ථානය ආසිරි ගැන්වීමේ උත්සවයේ දී පැවැසීය. අප රට අද ලෝකයේ පාවෙන රටක් බවට හැඳින්විය හැකි යැයි ද මේ තත්ත්වය නිසා රට දූෂණයෙන් පිරී තිබෙන්නේ යැයි ද ...
"නව සන්ධානයේ දෙවැනි රැලිය අද"
"‘ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්’ තේමාව යටතේ නව සන්ධානයේ දෙවන ජන රැළිය අද (24දා) ප.ව. 2.30ට කොළඹ හයිඩ් පිටියේදී පවත්වන බව එහි නිර්මාතෘ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ‘දිවයින’ ට කීය. නැඟෙනහිර හා කොළඹ නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයින් කිහිපදෙනෙකු ද නව සන්ධාන වේදිකාවට ගොඩවීමට නියමිතය. නව සන්ධානයේ ක...
"මම ශ්‍රී ලාංකිකයෙක් කියන්න ආඩම්බරයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකාර්"
"මම ආඩම්බරයෙන් කියන්නෙ, මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. ශ්‍රී ලාංකිකයෙක් කියන කොට එතැන බෞද්ධාගම තියෙනවා. එතැන හින්දුකම තියෙනවා. එතැන ක්‍රිස්තියානිකම තියෙනවා. එතැන ඉස්ලාමය තියෙනවා. මේක තමයි අපිට තියෙන වැදගත්කම. විවිධත්වය තුළ එකමුතුව… යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකාර් මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ අල්ෆාසීර්...
"රාත්‍රි ආර්ථිකයකට යොමුවීමෙන් විදේශ විනිමය 70%කින් ඉහළ නැංවිය හැකියි – රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ"
"රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මගින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. ඒ වෙනුවෙන් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් යොමුවී ඇති ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය කරමින් අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවද රාජ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය. සංචාරක රාජ්‍ය ඇමැති ඩයන...
"දරුවෝ 2000ක් බන්ධනාගාරයේ"
"දරුවන් 1500 ත් 2000 ත් අතර ප්‍රමාණයක් බන්ධනාගාර ගතවී සිටිති. ඉන් වැඩි පිරිස මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට සම්බන්ධ වූවන් බව බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ජගත් චන්දන වීරසිංහ මහතා පවසයි. දැනට 33,000 ක් පමණ දෙනා මෙරට බන්ධනාගාරවල රඳවා ඇති බවත් ඉන් සියයට 65 ක් මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ තරුණ තරුණියන් බවත් පාසල් ළමුන් ම...
"පනතට අනුව ලාභ ලබන්න බෑ: ලංවිම ලැබූ බිලියන 60ක ලාභය රු.12000 ගාණේ විදුලි පාරිභෝගිකයන්ට බෙදන්න – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික"
"දෙදහස් නවයේ විදුලිබල පනතේ 30 වැනි වගන්තිය අනුව විදුලිබල මණ්ඩලයට ලාභ ලැබිය නොහැකි බැවින් එම මණ්ඩලය ලැබුවා යැයි කියන රුපියල් බිලියන හැටකට ආසන්න ලාභය මෙම රටේ සමස්ත විදුලි පාරිභෝගිකයන් අතරේ රුපියල් දොළොස්දහස බැගින් බෙදා දිය යුතු යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (23 දා) පැවසීය. දෙදහස් 2023...
"හර්ෂ ඔස්ට්‍රේලියාවට"
"සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඔස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනාවකට අනුව මේ දිනවල ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙයි. ඔහු දින 09 ක් පුරා ඔස්ට්‍රේලියාවේ වැදගත් පාර්ශ්ව ගණනාවක් මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත අතර පළමුවෙන්ම මෙල්බර්න් නගරයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, ව...
"කීරි සම්බා හිඟය මෝල්කාරයන්ගේ මවාපෑමක් – සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න"
"වෙළෙඳපොළේ ඇති කීරි සම්බා හිඟය තනිකරම මවාපෑමක් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (23දා) පැවැසීය. ගොවීන්ගෙන් කීරි සම්බා වී තොග ඉතා අඩුමිලට ලබාගෙන මහා පරිමාණ මෝල්හිමියන් ඒවා සඟවාගෙන ඇතැයිද ඔහු කීය. කීරි සම්බා වී කිලෝවක් ගොවීන් විසින් ලබාදෙනුයේ රුපියල් 125 ත් 140 ත් අතර මිලකට බවද හෙ...
"බැසිල් ආපසු සටන දිගටම – එස්. එම්. චන්ද්‍රසේන (ශ්‍රීලපොපෙ)"
"විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ මහතා යළි පැමිණි විගස ඉදිරි මැතිවරණවලට අවශ්‍ය තීන්දු අරගෙන ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා ‘දිවයින’ට අදහස් දක්වමින් පැවසීය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දාක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. පොදුජන පෙරමුණ මහා මැතිවරණයක් පැවැත්වුවත්, ජනාධිපතිවරණයක් පැවැත්වුවත්...
"සංචාරයට ඇවිත් අරගලයට එක්වූ සුදු කත: ආණ්ඩුවට නඩු ගාස්තු ගෙවන්න කෙලීට නියමවේ"
"ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලය පැවැති 2022 වසරේ එම අරගල භූමියේ රැඳී සිටියේ යැයි චෝදනා කරමින් තමාගේ වීසා බලපත්‍රය වහාම අවලංගු කොට රටින් පිටව යන ලෙසට ආගමන විගමන පාලකවරයා විසින් ලබාදුන් නියෝගයක් හා ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයක් අභියෝගයට ලක්කරමින් බ්‍රිතාන්‍ය ජාතික කෙලිග් ෆ්‍රේසර් නමැත්තිය ගොනු කර තිබූ අභි...
"සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට: තරුණ පරපුරට ලෝකයට ගැළපෙන වෘත්තීය අධ්‍යාපනයක් – ජනපති කියයි"
"නවීන ලෝකයට ගැළපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරගකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එහිදී මෙරට සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට පත්කර නවීන විෂයානුබද්ධ පාඨමාලා හඳුන්වා දීමට සැලැසුම් කර ඇති බව...
"සුදුස්සන්ට තනතුරු ප්‍රදානය කළ නවම් පොහොය අද"
"විවිධ තනතුරු ලබා ගැනීම සඳහා මනුෂ්‍යයන් කා තුළත් රුචිකත්වයක් ඇත. එසේ වුවද යම් තනතුරක් ලබා ගැනීමට පෙර ඒ සඳහා සුදුසුකම් සම්පූර්ණ කළ යුතුය. චෝදනා පරූපවාදයන්ගෙන් තොර ආදර්ශ සම්පන්න චරිතයක් වීම මූලික වශයෙන් තිබිය යුතුය. එසේම සතර අගතියෙන් තොරව කටයුතු කිරීමේ හැකියාව නිහතමානී බව ඒ තනතුරට අදාළ විෂය පිළිබඳ අවබෝධය තිබිය යුතුය. බුද...
"කොළඹ නවම් මහ පෙරහැර අද සහ හෙට"
"කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහ පෙරහැර අද සහ හෙට වීදි සංචාරය කිරීමට නියමිතය. ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසනා මත විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ මූලිකත්වයෙන් විහාරස්ථ දායක සභාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන නවම් මහ පෙරහැර නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් ජනතාවට සියලු පහස...
"මත්වෙන්න බෙහෙත් දෙන ෆාමසි වටලයි"
"ඖෂධ වට්ටෝරු රහිතව මත්ද්‍ර්‍යවලට ඇබ්බැහි වූවන්ට අධි මාත්‍රාවෙන් ඖෂධ අලෙවිකරන ඖෂධහල් දීපව්‍යාප්තව වැටලීමේ මෙහෙයුමක් යුක්තිය මෙහෙයුම යටතේ ආරම්භ කර ඇත. යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමග ම රටපුරා මත්ද්‍රව්‍ය හිඟයක් නිර්මාණය වී ඇති අතර මතට ඇබ්බැහි වූවන් මත්වීම සඳහා විවිධ ඖෂධ...
"අද හොඳටම රස්නෙයි"
"පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක සිරුරට දැනෙන උෂ්ණත්වයක් අද (23දා) දිනයේ පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව ද එහි සඳහන්ය. ඒ අනුව වයඹ පළාත සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවල අද දිනයේ උණුසු...
"ඡන්දයක් තියයි ද කියා විශ්වාසයක් නෑ – මල්වතු මහනාහිමියෝ කියති"
"මේ පවතින තත්ත්වය මත ඉදිරියේදී මැතිවරණයක් පවත්වනු ඇතිද යන්න විශ්වාසයක් නැති බව ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමීන් වහන්සේ පැවසූහ. රටේ ආර්ථිකය මෙපමණ කඩා වැටී තිබියදී මහ බැංකු සේවකයන්ගේ පමණක් වැටුප ඉහළ දමා තිබීම ද මේ මොහොතේ සුදුසු නොවන කරුණක් බව ද උන...
"වී අලෙවි මණ්ඩලය වී ගන්නේ නෑ – සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නවරත්න"
"කෘෂිකර්මාන්තයෙන් ගොවි ජනතාව ඉවත් කර එම ඉඩම් බහු ජාතික සමාගම් අතට පත් කිරීමේ වැඩපිළිවෙළක් වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි. මේ වන විට මෙවර මහ කන්නයේ වී අස්වැන්න නෙළීම ආරම්භ වී ඇති අතර කෘෂිකර්ම අමාත්‍යංශය මගින් වී සඳහා ලබාදී ඇති සහතික මිල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් අද ...
"මිලදී ගන්න ආණ්ඩුව මැදිහත් වෙන්න – එස්.එම්. චන්ද්‍රසේන"
"කූට වෙළෙන්දන් ගොවිජනතාවගේ වී අස්වැන්න ඉතා අඩු මිලකට මිල දී ගැනීම වැළැක්වීම සඳහා ආණ්ඩුව වහා මැදිහත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (22 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී එස්.එම්. චන්ද්‍රසේන මහතා මෙසේ ...
"අයි.එම්.එෆ් වැඩට බාධා ආවොත් ආර්ථිකය නරක අතට"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතිවන අවහිරතා මගින් රටේ ආර්ථිකය කෙරෙහි අතිශය අහිතකර බලපෑම් එල්ල විය හැකි යැයි මහ බැංකුව කියයි. ආර්ථික වර්ධනය එහි අපේක්‍ෂිත මාර්ගයෙන් පිටපැනීම, ආර්ථිකය මත වන විශ්වාසය පළුදුවීම සහ ඍණාත්මක ආයෝජක අපේක්‍ෂා අඛණ්ඩව පැවැතීම යනාදිය හේතුවෙන් එසේ ආර්ථිකයට අතිශය අහිතකර බලපෑම් එල්ල කළ හැකි බව ද ම...
"ඉලක්ක කඩාගෙන උද්ධමනය ඉහළට – මහ බැංකුවෙන් අනාවැකි"
"ඉලක්ක ගත මට්ටමට වඩා උද්ධමනය නුදුරු කාලීනව ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කරන බව මහ බැංකුව පවසයි. ප්‍රධාන වශයෙන්ම මෑත කාලීනව බදු සංශෝධනය සහ සැපයුම් අංශයේ අවහිරතා හේතුවෙන් මෙසේ උද්ධමනය නුදුරු කාලීනව අපේක්‍ෂිත මට්ටම ඉක්මවා ඉහළ යනු ඇත. එසේ ඉහළ ගිය ද මැදිකාලීනව උද්ධමනය සියයට 5ක ඉලක්ක ගත මට්ටම ආසන්නයේ ස්ථායි වනු ඇති බව ද මහ බැංකුව ...
"ආර්.3 එෆ්. පිරමීඩ වැඩ ගැන විධිමත් විමර්ශනයක් කරන්න"
"රයිට් ටු ත්‍රී ෆ්‍රීඩම් හෙවත් ආර් 3 එෆ් නමින් සමාගමක් ලියාපදිංචි කර පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ගනුදෙනු සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ පැමිණිල්ල පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (22දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්ත...
"බස් අල්ලස පත්තුවී නුවරඑළිය ප්‍රවාහන ලොක්කෝ දෙදෙනෙක් රිමාන්ඩ්"
"නුවරඑළිය සිට ඩන්සින්න හන්දිය දක්වා මාර්ගයේ ධාවනය වන බස් රථයක අයිතිය වෙනත් අයකුට පැවරීමට රුපියල් 30000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රවාහන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කළමනාකරු සහ කළමනාකාර සහායක යන දෙදෙනා මාර්තු මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ...
"අලි – මිනිස් ගැටුම විසඳන්න පරිසර යුක්ති කේන්ද්‍රය උසාවියට යෝජනාවලියක් දෙයි"
"වසර ගණනාවක් තිස්සේ පවතින මිනිස් ජීවිත සහ අලි ඇතුන් සියදහස් ගණනක් විනාශයට පත් කළ අලි මිනිස් ගැටුම විසඳිය හැකි යැයි කියන යෝජනාවලියක් හා සැලසුමක් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඊයේ (21දා) ලිඛිතව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලදී. පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා එම යෝ...
"රට පැන්න දොස්තරලා දෙන්නා කැඳවා විමර්ශන කරන්න නියෝග"
"රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ වකුගඩු සැත්කමකදී නරක්වූ වකුගඩුව මෙන්ම නිරෝගී වකුගඩුව ද ඉවත් කිරීම නිසා වයස අවුරුදු තුනක පිරිමි දරුවකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විදේශගත වී ඇතැයි කියන වෛiවරුන් දෙදෙනා කැඳවා ප්‍රකාශ ලබාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (21දා) බොරැල්ල පොලි...
"මහ බැංකුව ස්වාධීන කළේ එයාලාට හිතුමතේ පඩි වැඩිකරගන්න නෙමේ"
"ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්කර ඇත්තේ ගනු ලබන තීන්දු ස්වාධීන කිරීමට මිස මූල්‍ය පාලනය ද ස්වාධීන කර ගනිමින් හිතුමතේ වැටුප් වැඩිකර ගැනීමට නොවන බව වාරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවසීය. එබැවින් හැන්ද ඇති අතින් වැටුප් වැඩිකර ගැනීමට මහ බැංකුව ගත් ක්‍රි...
"ස්පාඤ්ඤයේදී මුහුදට වැටුණා කියන පුතාගේ මරණය සැකයි"
"ජර්මන් නැව් සමාගමකට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සේවය කරමින් සිටියදී ස්පාඤ්ඤයේදී මුහුදට වැටී අතුරුදන් වී ඇති බව කියන හොරණ, අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ චිරාත් සඳරූ (21) නමැති තම පුතාගේ අතුරුදන්වීම ගැන සැකයක් පවතින බව පියා වන රංජිත් සිල්වා මහතා කොටහේන පොලිසියට පැමිණිලි කර ඇත. අදාළ නැව් සමාගමේ මෙරට කළමනාකරුවන් සිද්ධිය සම්බ...
"රාජ්‍ය දේපළ විකුණනවාට එරෙහිව….."
"රාජ්‍ය දේපළ විකුණා දැමීමට රජය කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපරය ඊයේ (21 දා) දහවල් කොළඹ කොටුව ලේක්හවුස් වටරවුම ඉදිරිපිට නිර්මාණාත්මක උද්ඝෝෂණයක නිරතව සිටි අයුරු. ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත"
"උඳු- මුං- කව්පි – බඩඉරිඟු කුරක්කන් බදු ඉහළට"
"රජය විසින් උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ නංවා ඇත. මෙම බදු නංවමින් මුදල් අමාත්‍යාංශය විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. එම ගැසට් පත්‍රයට අනුව උඳු (අනෙකුත්) සඳහා මෙතෙක් කිලෝග්‍රෑමයකට රුපියල් 200 ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 300 ක් දක්වා ඉහළ න...
"පියා ඇරඹූ ඇඟළුම් කම්හල් කුහක දේශපාලකයින්ට පිළිතුරු දී තිබෙනවා"
"මේ වනවිට රට පවතින්නේ අමාරු තැනක බවත් ඉන් රට ගොඩ ගැනීමට නම් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්ත ප්‍රතිපත්තියක් තුළින් මෙන්ම තොරතුරු තාක්ෂණ, අපනයන හා සෘජු විදේශ ආයෝජන ලබාගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එබැවින් දේශපාලන කුහකත්වයෙන් තොරව මේ ප්‍රතිපත්ති මහපොළොවේ යථාර්ථයක් බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායකව...
"මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විසිවෙයි"
"රුපියල් කෝටියක අල්ලසක් ලබාගත්තේ යැයි අභූත චෝදනා නඟමින් තමන් ද්වේෂ සහගත ලෙස අත්අඩංගුවට ගත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්ට එරෙහිව නිසි පියවර ගන්න යැයි ඉල්ලා මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකි...
"ජනවාරි උද්ධමනය 6.5%ට නැගලා"
"ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් ජනවාරි මාසයේදී සියයට 6.5ක් දක්වා වැඩි වී ඇත. පසුගිය දෙසැම්බර් මස පැවති ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 4.2ක් විය. ආහාර කාණ්ඩයේ උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ පැවති සියයට 1.6 සිට 2024 ජනවාරි මාසයේදී සියයට 4.1 දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 20...
"පළාත් සභා පොලිස් බලය කපන ’22 ගම්මන්පිල සබයට ගෙන එයි"
"පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීම ඇතුළු යෝජනා සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විසි දෙවැනි සංශෝධන පනත් කෙටුම්පත කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (21දා) ඉදිරිපත් කරන ලදි. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් මන්ත්‍රීවරයා අදාළ පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ අතර මොහොමඩ් මුසම්මිල් ...
"ඉබ්‍රාහිම් පිය පුතුන්ට එරෙහි පාස්කු නඩුව ජුනි 16දා විභාගයට"
"සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් 2019 අප්‍රේල් 21 වැනිදා (පාස්කු ඉරිදා) මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට දැනුවත්ව සිටියදීත් ඒ බව පොලිසියට නොදැන්වීම ඇතුළු චෝදනා යටතේ එලෙස මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ, මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකුගේ පියා හා සහෝදරයන් දෙදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි ...
"ඇමැති මහින්ද අමරවීරගෙන් පැසිෆික් කලාපීය සමුළුවට රතු සහල් යෝජනාවක්"
"බත් අනුභව කරන සියලු රටවල පරිභෝජනයට සුදුසුම සහල් විශේෂය ශ්‍රී ලංකාවේ රතු සහල් ලෙස නම් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (21 දා) එක්සත් ජාතින්ගේ සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවට යෝජනාවක් ඉදිරිපත් කළේය. එම සමුළුවේ සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරව...
"තාත්තා කරපු විදියට හෝ මාමා කරපු ලෙස රට කරවන්න ජනතාව සූදානම් නැහැ"
"තාත්තා කරපු විදියට හෝ මාමා කරපු විදියට හෝ දීල බලන්න හෝ මේ රටේ ජනතාව රට කරවන්න ජන්දය ලබාදීමට සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ දින(21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්...
"විදුලි ගාස්තු යෝජනා මණ්ඩලයෙන් අද කොමිසමට"
"විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනා විදුලිබල මණ්ඩලය විසින් අද (22දා) මහජන උපයෝගිතා කොමිසමට ලබාදීමට නියමිතය. එම යෝජනා ලැබීමෙන් පසු එය අධ්‍යනය කර විදුලි ගාස්තු කුමන ප්‍රතිශතයකින් අඩුවිය යුතුද යන්න ප්‍රකාශ කළ හැකි යැයි එම කොමිසමේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (21දා) පැවසීය. විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සි...
"පියා ඇරඹූ ඇඟළුම් කම්හල් කුහක දේශපාලකයින්ට පිළිතුරු දී තිබෙනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"මේ වනවිට රට පවතින්නේ අමාරු තැනක බවත් ඉන් රට ගොඩ ගැනීමට නම් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්ත ප්‍රතිපත්තියක් තුළින් මෙන්ම තොරතුරු තාක්ෂණ, අපනයන හා සෘජු විදේශ ආයෝජන ලබාගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එබැවින් දේශපාලන කුහකත්වයෙන් තොරව මේ ප්‍රතිපත්ති මහපොළොවේ යථාර්ථයක් බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායකව...
"නව සන්ධානයේ දෙවැනි පියවර කොළඹට"
"‘ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්’ යන තේමාව යටතේ නව සන්ධානය විසින් සංවිධානය කරනු ලබන ජනරැලි මාලාවේ දෙවැන්න මේ මස 24 වැනිදා කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පස්වරු 2.30ට පැවැත්වෙයි. නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත්, වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු, මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව...
"ත්‍රස්ත පනතේ ව්‍යවස්ථාවට පටහැනි වගන්ති"
"ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙහි 72(1) හා 75(3) වගන්ති දෙක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇති බව නියෝජ්‍ය කථානායකවරයා ඊයේ (20දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. එසේම කෙටුම්පතේ 3, 42, 53, 70, 83 (7) යන වගන්ති සඳහා ...
"ලෝක ප්‍රජාව ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙසින් පිළිගැනීම අප ලද විශාල ජයක් – රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය"
"අද ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් බවට ලෝක ප්‍රජාව පිළිඅරන් ඇති බවත් එය අප ලැබූ විශේෂ ජයග්‍රහණයක් බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. මුදල් පනත් කෙටුම්පත් කිහිපයක් පිළිබඳව පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධාන...
"කැබිනට්ටුවෙන් හරීන් නෙරපන්න ජනපතිට දින 7ක් දෙනවා – කොල්ලුපිටියේ විරෝධතාවේදී දේශප්‍රේමී ජාතික බලවේගය කියයි"
"ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද ප්‍රකාශයක් මුල්කර ගනිමින් ‘හරීන්ව වහාම ඇමැතිකමින් නෙරපනු’ ලෙස ඉල්ලමින් කොල්ලුපිටියේ සංචාරක අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (20දා) සිවිල් සංවිධාන කිහිපයක් උද්ඝෝෂණයේ නිරතව සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ. ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව ප...
"කුරුණෑගල හිටපු නගරාධිපතිගේ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරයි"
"තමන් කුරුණෑගල නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීම අභියෝගයට ලක්කරමින් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව නමැත්තා විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම කුරුණෑගල පළාත්බද මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඊයේ (20දා) නිෂ්ප්‍රභ කළේය. වයඹ හිටපු ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා විසින් තුෂාර සංජීව නමැත්තාට එරෙහිව එල්ල වී තිබූ දූෂණ චෝදනා සම...
"පොත්පත්වලට වැට් එපා! – පොත් ප්‍රකාශකයෝ ජනපතිගෙන් ඉල්ලති"
"අධ්‍යාපනය, සංස්කෘතිය, බුද්ධිමය ප්‍රගතිය ඇතුළු පුද්ගල සංවර්ධනය සඳහා උපකාරීවන පොත්පත් සඳහා රජය මගින් පනවා ඇති සියයට 18 ක වැට් බදු පැනවීම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. වැට් බදු පැනවීම නිසා පොත් මිල ඉහළ යෑමෙන් මුද්‍රණකරුවන්, පොත් අලෙවිකරුවන්, ආනයනකරුවන්, ලේඛකයන් හා අධ්‍යාපන ක්‍ෂේත්‍...
"මං පැන්ෂන් යනවා – වෛද්‍ය බෙල්ලන කියයි"
"සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරාජික පාලනය හමුවේ තමා විශ්‍රාම යෑමට තීරණය කළ බවද සුළු සේවකයින්ගේ අණසක යටතේ වෛද්‍යවරුන්ට කටයුතු කිරීමට සිදුව ඇති බවද කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (20 වැනිදා) පැවසීය. තමා විශ්‍රාම ලැබීමෙන් පසු රජයේ අකාර්යක්‍ෂමතාවට සහ වංචා දූෂණවලට එරෙහිව හඬනගන බවද ඒ මහ...
"ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ 37 වන සැසිවාරය විවෘත කරමින්…"
"ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ 37 වන සැසිවාරය කොළඹ හිල්ටන් හෝටලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය කුදොන්ගසු මහත්වරු විසින් විවෘත කරනු ලැබීය. එම අවස්ථාවට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සහ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි යන මහත්වරු ද එක්ව සිටියහ."
"පාසල් දරුවන්ගේ සතිය පවත්වා ගැනීමට සති පාසල වැඩසටහනින් ඉමහත් පිටුබලයක් සලසනවා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත"
"විවිධ අභියෝගවලට මුහුණදෙමින් සංකීර්ණ ඉගෙනුම් ක්‍රියාවලියක යෙදෙන වත්මන් පාසල් දරුවන්ගේ සතිය පවත්වා ගැනීමට අවශ්‍ය පරිචය ඇති කිරීම සඳහා සති පාසල වැඩසටහන් ඉමහත් පිටුබලයක් සලසන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පාසල් දරුවන් තුළ සතිමත්භාවය ඇති කිරීම අරමුණු කර ගනිමින් ඊයේ (...
"වතුර වැඩිපුර බොන්න – විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස"
"මේ දිනවල පවතින අධික රස්නය හේතුවෙන් වැඩිහිටියකු දිනකට ජලය ලීටර් 3ක් ද, දරුවකු ජලය ලීටර් 1 1/2 ක් පානය කිරීම ශරීර සෞඛ්‍යයට ඉතා යෝග්‍ය බව ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යායතනයේ පෝෂණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ‘දිවයින’ට ඊයේ (20 වැනිදා) පැවසුවාය. ජලය මේ දිනවල වැඩිපුර පානය නොකිරීම තුළින් විජලන තත්ත්වයට පත්විය...
"ගෝඨාභයගේ ලේකම් ධුරයෙන් සුගීෂ්වර බණ්ඩාර ඉල්ලා අස්වෙයි"
"සුගීෂ්වර බණ්ඩාර මහතා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මේ පිළිබඳව සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් හිටපු ජනපතිවරයා වෙත යැවූ ලිපිය මෙසේය. “සැලසුම් බොහොමයක් මනස තුළ තැන්පත් කර ගනිමින් ලක් මාතාවගේ දරුවන් සතුටින් තබන්නට ඔබ ගත් උත්සාහයන් සුළුපටු නැත. එහෙත් විවිධ වූ බලවේග සහ බාධක හේතුවෙන්...
"ගිංතොට තුනී ලෑලි ඉඩම වරෙන්තුකරුවෙකුට විකුණලා – චන්දිම වීරක්කොඩි"
"ගිංතොට තුනී ලෑලි සංස්ථාවට අයත් අක්කර 17ක ඉඩම රුපියල් ලක්‍ෂ 82කට පුද්ගලයකුට විකුණා ඇති බවත් එම පුද්ගලයා ඉඩම කට්ටි කර විකුණන බවත් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය. ඉඩම මිලදී ගත් තැනැත්තා විවෘත වරෙන්තුකරුවකු වුවත් ඔහුව යුක්තිය මෙහෙයුම මගින් හෝ අත්අඩංගුවට ගන්නේ නැතැයි ද මන...
"ටවර් හෝල් නාට්‍ය උළෙල අද නාට්‍ය 6ක්"
"ටවර් හෝල් රඟහල පදනම, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය 2024අද (21) වේදිකාගත වන්නේ, එල්ෆින්ස්ටන් රඟහල – ප.ව. 3.30 හා ප.ව. 6.30 සමන් නන්දනගේ – මං ගේට්ටුව වහනවා. හිරාන් සෙනවිරත්නගේ – සපත්තු මල් සුමුදු තෙන්ති ආරච්චිගේ – සුහුරුකිස ටවර් රඟහල – ප.ව. 3.30 හා ප.ව. 6....
"සුමන්තිරන්ගේ පෙත්සම විභාගයට ගන්නවාද නියෝගය ඉදිරියේ දී – ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි"
"සමාජයේ මහත් ආන්දෝලනයට ලක්වූ ඔන්ලයින් පනත හෙවත් 2024 අංක 9 දරන මාර්ගගත ආරක්‍ෂණ පනත නීතියක් ලෙස පනවා ඇති බවට සහතික කරමින් කථානායකවරයා විසින් පසුගිය 1 වැනිදා අත්සන් තැබීම අභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන...
"මේ වසර මැද වන විට උද්ධමනය 5% ට ගේනවා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය"
"2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට රැගෙන ඒමට පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 70% මට්ටමට ඉහළ ගොස් තිබූ උද්ධමන අනුපාතය අද වන විට 6% දක්වා පහත දැමීමට රජයට හැකිව ඇති බව ද ඇමැතිවරයා කීවේය. ඩොලර් මිලියන දෙකක් දක්වා පහත බැස තිබූ විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඩොලර...
"ඊ.ටී.අයි. මූල්‍ය වංචා සමයේ මහ බැංකු මූල්‍ය සාමාජිකයන් වගඋත්තරකරුවන් කර නොතීසි නිකුත් කරයි"
"ඊ.ටී.අයි. තැන්පත්කරුවන් ඊ.ටී.අයි. සමාගමේ මුදල් තැන්පත් කළ සමයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකවරුන් ලෙස කටයුතු කළ පිරිස ද වගඋත්තරකරුවන් ලෙස නම් කර නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20දා) නියෝග කළේය. එකී තැන්පත්කරුවන්ගේ මුදල් තැන්පත් භාරගැනීමට ඊ.ටී.අයි. සමාගමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ගනු ලැබූ තීන්...
"වාහන ආනයනය නතර කළ පසු මෙතෙක් ගෙන්වා ඇත්තේ අවශ්‍යම වාහන 29යි – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය"
"ආර්ථික අර්බුදය හමුවේ මෙරටට වාහන ගෙන්වීම නතර කළ පසුව මේ දක්වා ගෙන්වා ඇත්තේ අත්‍යවශ්‍යම වාහන 29ක් පමණක් යැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය. ඒ අතරින් වාහන 26ක් ම විදෙස් රටවල් මගින් ක්‍රියාත්මක ආධාර ව්‍යාපෘති වෙනුවෙන් ගෙන්වූ ඒවා බවත් අනෙක් රථ තුන ගුවන් යානාවලින් බැසීම සඳහා භ...
"නව ධීවර පනත මසක් ඇතුළත ඉදිරිපත් කිරීමට ඇමැති දේවානන්දාගෙන් උපදෙස්"
"දැනට කෙටුම්පත් කරමින් පවතින නව ධීවර පනත සම්පූර්ණ කර මසක් ඇතුලත අවසන් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කෙටුම්පත් මණ්ඩලයට උපදෙස් දුන්නේය. ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවේදී අදාළ නිලධාරීන්ට මෙම උපදෙස් දුන් ඇමැතිවරයා මෙම සාකච්ඡාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් ...
"කොටකෙතන මවගේ සහ දුවගේ ඝාතකයා පෝරකේට – සිද්ධියට වසර 11ක්"
"මෙයට වසර 11කට පමණ පෙර රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ පිහිටි නිවසකට රිංගා 63 හැවිරිදි මවක හා 32 හැවිරිදි දියණියක කඩුවකින් කපා කොටා මරා දැමීමේ චෝදනා දෙකට වරදකරු කරනු ලැබූ 44 හැවිරිදි තිදරු පියකුට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (19දා) මරණීය දණ්ඩනය නියම කළාය. ඇසින් දුටු සාක්‍ෂි කිසිවක් නැතත් ඉදිරිපත් වූ පරිවේ...
"ෆොන්සේකා නෙරපීම වළක්වමින් සජබට වාරණ නියෝගයක්"
"හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති ධුරයෙන් කැලණිය ආසන සංවිධායක ධුරයෙන් හා පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (19දා) වාරණ නියෝගයක් නිකුත් කළේය. හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා සමගි ජන බලවේගය පක්‍ෂයට බඳවා ගැනීම සම්බන්ධ...
"පිටිපන ලෙල්ලමේ ධීවරයෝ අගරදගුරු නිල නිවස ඉදිරිපිට විරෝධයේ"
"මීගමුව පිටිපන ලෙල්ලම ධීවර වරාය සම්බන්ධ ගැටලුවක් මුල්කරගෙන කොළඹ පිහිටි අගරදගුරු නිල නිවස ඉදිරිපිටදී ඊයේ (19දා) ධීවරයන් පිරිසක් විරෝධතාවක නිරතවූ අයුරු ඡායාරූපයේ දැක්වේ. ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත"
"ටවර් නාට්‍ය උළෙල: අදත් නාට්‍ය රැසක්"
"ටවර් හෝල් රඟහල පදනම සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන අපේක්ෂාවේ වේදිකා මංගල්‍ය ටවර් නාට්‍ය උළෙල අද (20 දා) වේදිකාගත වන්නේ එල්ෆින්ස්ටන් රඟහල :- ප. ව. 3.30 හා ප. ව. 6.30 තිළිණි ජයමාලිගේ – විජය භූමි රවිඳු වික්‍රමසේකරගේ – වේකන්සියක් ඇත. ගයාන් සඳකැළුම්ගේ – කළුවර රැඟුමන්. ටවර් රඟහල:- ප. ව...
"“භාරත් – ලංකා” නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ"
"ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක “භාරත් – ලංකා” නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියරේ ඉදිකිරීම් කටයුතු ඊයේ (19 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ ආරම්භ විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන්, ලං...
"කෝටි 14 ක් වැයකර ගෙන්වූ සී. ටී. ස්කෑන් යන්ත්‍රය මාස 2ක් තිස්සේ කටුනායක හිරවෙලා"
"රුපියල් කෝටි 14 ක් වැයකර ජපානයේ සිට ගෙන්වූ ‘සී. ටී. ස්කෑන්’ යන්ත්‍රයක් ගුදම් ගාස්තු ගෙවා නිදහස් කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීම නිසා එම යන්ත්‍රය මාස දෙකක් තිස්සේ කටුනායක ගුවන් තොටුපළේ විනාශයට පත්වෙමින් තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. මාතර මහ රෝහල සඳහා ගෙන්වා ඇති මෙම යන්ත්‍රයට මේ වන ...
"මහ බැංකුවේ පඩිවලට රජයේ චක්‍රලේඛ අදාළ නැතිලු"
"ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් සංශෝධන සම්බන්ධයෙන් රජයේ චක්‍රලේඛ කිසි විටෙකත් අදාළ වී නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. සෑම වසර තුනකටම වරක් මහ බැංකුවේ වැටුප් සංශෝධනය කරනු ලබන්නේ වෘත්තීය සමිති සහ මහ බැංකුව අතර අත්සන් කරන ලද සාමූහික ගිවිසුම් මත බවද මහ බැංකුව කියයි. පවතින ආර්ථික අර්බුදය නිසා රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකිරීම...
"‘පුටුව’ හැදීම කල් යයි"
"ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලිකත්වයෙන් පුටුව ලකුණින් පොදුජන එක්සත් පෙරමුණෙන් ගොඩනැගෙන පුළුල් සන්ධානයේ නායකත්ව මණ්ඩලය සහ නිලධාරි මණ්ඩලය පත් කිරීම කල් දමා ඇත. පොදුජන එක්සත් පෙරමුණේ දැනට සිටින නිලධාරි මණ්ඩලය වෙනස් කර, ඒ වෙනුවට බිහිකරන නව සන්ධානයට නිලධාරි මණ්ඩලයක් මේ සතිය තුළ පත් කිරීමට නියමිතව තිබූ බව ශ්‍රී ලංකා නිදහස් ප...
"සෞඛ්‍ය ඇමැතිගේ නියෝගයෙන් වෛද්‍ය බෙල්ලන ගැන විමර්ශනයක්"
"වෛද්‍යවරුන්ට ලබාදුන් ඩැට් දීමනාව ඉල්ලා වැඩ වර්ජනයේ යෙදුණු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කිහිපයකට අයත් සේවක පිරිස් විවේචනය කරමින් අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ඊයේ (19දා) උපදෙස් දුන්නේය. සෞඛ...
"සෞඛ්‍ය වෘත්තීය සමිති ඉල්ලීම් ගැන කමිටුවෙන් අද තීරණයක්"
"සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ ඉල්ලීම් සලකා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ මහතා ඊයේ (19 දා) පියවර ගත් අතර එම කමිටුව අද (20 දා) සවස 3.00 ට රැස්වී වෘත්තීය සමිති ඉල්ලීම් පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය. වෛද්‍යවරුන්ට ලබාදුන් රුලියල් 35,000 ක දීමනාව ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක සාමාජිකයන් වෘත්තීය ක්...
"විකල්ප වීරයෝ පිටරට සවාරිවලින් පස්සෙ මීයෝ වගේ ඉන්නවා"
"සමහර විකල්ප වීරයන් පිටරට සවාරි ගොස් පැමිණ පසු මීයන් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියාසිටියේ ඊයේ(19දා) පොළොන්නරුව ඇලහැර හෑගල මහ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 104 වැනි අදියට යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී...
"මීළඟ ඡන්දයෙන් විනාශකාරිත්වය පළවාහැර රට ගොඩනැගීමේ ආරම්භය ගත යුතුයි"
"මීළඟ ඡන්දයෙන් විනාශකාරිත්වය පළවා හැරීම වගේම රට ගොඩනැගීමේ ආරම්භය ගත යුතුයැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඉකුත් (18)දා කුරුණෑගලදී පැවැති ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් සමුළුව ඇමැතූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය. සමහර අය...
"මූල්‍ය ආයතන 3කට ලක්‍ෂ 140ක් දඩ"
"ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතට අනුකූල නොවන ලෙස ක්‍රියාකළ මූල්‍ය ආයතන තුනකට රු. ලක්‍ෂ 140ක දඩ මුදල් පනවා ඇත. එසේ එකතු කර ගන්නා ලද රු. ලක්‍ෂ 140ක සමස්ත දඩ මුදල රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කළ බව මූල්‍ය බුද්ධි ඒකකය පවසයි. ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තව...
"කඳුකර ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට කැපවී කටයුතු කරනවා"
"මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19 වැනිදා) පැවසීය. ඒ සඳහා ඉන්දීය රජය ලබාදෙන සහාය ඉතා අගය කරන බවත් හෙතෙම කීවේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වතුකරයේ කම්කරු ජනතාව ව...
"ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට බලය හිමි මැ.කො.ටයි – ජී. එල්. පීරිස්"
"ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ප්‍රකාශයට පත්කිරීමේ නීතිමය බලය ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයට නොව මැතිවරණ කොමිෂන් සභාවට බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (19 දා) පැවසීය. ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 17 යන කාල පරාසය තුළ අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත්, අභිනව ...
""අල්ලස්, දූෂණ හා වංචා සිදුවීම් නිසා Black List වෙන සමාගම් ගැන තොරතුරු රජය සඟවනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස""
"ටෙන්ඩර් ක්‍රමවේදය, ප්‍රසම්පාදන ක්‍රමවේදයට පටහැනිව දූෂිතව, වංචාසහගතව අල්ලස් ලබා දී වැරදි වැඩ තුළින් අසාදු ලේඛන (Black List) ගත වූ සමාගම් ඇති බවත් ලෝකයේ වෙනත් රටවල එවැනි සමාගම් සම්බන්ධ තොරතුරු පොදු ක්‍රමයක් හරහා රටේ ජනතාව පවසන බවත් නේපාලයේ එවැනි සමාගම් 629ක් බංගලාදේශයේ එවැනි ආයතන 510ක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමද...
"කැබිනට්ටුව රැස්වෙන හැටි ජනපති පාසල් සිසුවියන්ට කියාදෙයි"
"කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඊයේ (19දා) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර, ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද හමුවකට එක්වීමට ද එම දරුවන්ට අවස්ථාව උදා විය. ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයට එම දරුවන් කැඳවූ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය යනු කුමක්...
"භාෂා පරිවර්තක පත්වීම් ලැබූ 105න් සේවයට ආවේ 55යි – රජයේ භාෂා පරිවර්තක සංගමයේ ලේකම්"
"නිසි සේවා ව්‍යවස්ථාවක් නොමැතිවීම සහ වැටුප් අඩුවීම නිසා රජයේ භාෂා පරිවර්තකයන් ලෙස බඳවා ගැනීමට සුදුසුකම් ලැබූ 105 දෙනා අතරින් සේවයට පැමිණ ඇත්තේ 55ක් පමණක් යැයි රජයේ භාෂා පරිවර්තක නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ඒ. ඒ. සුජිත් අමරසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (19දා) පැවසීය. භාෂා පරිවර්තකයන් ලෙස 658දෙනකු සිටිය යුතු වුවත් මේ වනවිට සි...
"මත්ද්‍රව්‍ය ජාලයෙන් අල්ලස් ගත් නම් වැළක් – නදීම්ගේ ප්‍රධාන ගෝලයෙක් වූ හිටපු පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කෝටි 7ක දේපළ සමග කොටුවෙයි"
"මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාෂික් නැමැත්තාගේ පුත්‍රයා වන නදිම් බාෂික් විසින් කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ සුපිරි නිවසක පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානය වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය, රුපියල් කෝටි 7 ක පමණ දේපළ සමග ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ග...
"රාජ්‍ය ආයතන විකුණන්න එපා – ත්‍රෛනිකායික මහානාහිමිවරු ජනපතිට දන්වති"
"මෙරට රාජ්‍ය බැංකු පද්ධතිය මෙන්ම ආර්ථික හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද සුවිසල් දායකත්වයක් සපයන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ව්‍යාපාරික ලාභාපේක්ෂාවෙන් පමණක් කටයුතු කරන විදේශීය ආයතනයන්ට විකුණා දැමීම රට තුළ අනාගතයේ දී දැවැන්ත සමාජ, ආර්ථික, දේශපාලනික අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමට මෙන්ම ජන ජ...
"සංචාරක කලාප පහසුකම් වැඩිකරන්න ජනපති දකුණේ සංචාරයක"
"මෙරට සංචාරක කර්මාන්තයේ සිදුව ඇති නව පිබිදීමත් සමඟ සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරන අතර එම කටයුතු සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් (17 වැනිදා) තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක්විය. මෙහිදී සංචාරක හෝටල් කිහිපයක් වෙතම ගොස් ව්‍යාපාරිකයන් හමුවූ ජනාධිපත...
"රෝහල්වල ශල්‍යකර්ම උපකරණ 5800 කින් 3800 ක් ශුන්‍ය මට්ටමේ"
"රෝහල්වල ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන ප්‍රමුඛතා ලැයිස්තුවේ උපකරණ 5800 න් 3800 කට ආසන් ප්‍රමාණයක් මේ වනවිට ඇත්තේ ශූන්‍ය මට්ටමක යැයි වෛi හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛiවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛi චමල් සංජීව මහතා පවසයි. මෙම තත්ත්වය තව සති දෙකක් ඇතුළත නිරාකරණය කර නොගතහොත් රෝහල් පද්ධතිය බරපතළ අර්බුදයකට ල...
"හිටපු ඇමැති ගාමිණි ජයවික්‍රම අවසන් කටයුතු හෙට"
"කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම හිටපු ආමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (20 දා) කුරුණෑගල, කටුගම්පොලදී සිදුකෙරේ. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 83 වැනි වියේ පසුවිය. 1941 දී උපත ලද ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරම...
"මීගොඩ ආර්ථිකයේ කොල්ලයේ මහමොළකරු හා වෙඩික්කරු අත්අඩංගුවට"
"මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කඩාවැදී එහි මුදල් අයකැමිවරියකට වෙඩි තබා මුදල් කොල්ල කෑමේ සිද්ධියේ මහමොළකරු සහ වෙඩික්කරු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (18 දා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම කොල්ලය සැලසුම් කළ මහමොළකරු හම්බන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර වෙඩික්කරු කොටුවී ඇත්තේ ගොඩකවෙල ප්‍රදේශයේ සැඟවී සිටියදීය. තරුණියට වෙඩි ත...
"ටවර් හෝල් නාට්‍ය උළෙල – අද නාට්‍ය 4 ක්"
"ටවර් හෝල් රඟහල පදනම, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය – ටවර් නාට්‍ය උළෙල – 2024 පෙබරවාරි 19 (අද) වේදිකාගත වන්නේ, එල්ෆින්ස්ටන් රඟහල – ප.ව.3.30 හා ප.ව.6.30 පැතුම් සඳනුවන්ගේ – පැනල යං, හසින්ත මධුමාල්ගේ – ඒක ඉස්සර කථාවක්, පූර්ණජිත් අනුරාධගේ – තුං තුඹ මල් ටවර් රඟ...
"ලංකාව ඉන්දියාවේ කොටසක් කියූ හරින්ට එරෙහිව දැඩි පියවරක් ගත යුතුයි – විමල් වීරවංශ"
"ලංකාව ඉන්දියාවේ කොටසක් බවට සංචාරක ඇමැතිවරයා කරන ලද බරපතළ ප්‍රකාශය ගැන දැඩි පියවරක් ගතයුතු බවත් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයකු දිවුරුම් දෙනවිට කරන ‘දිවුරුම’ ත් උල්ලංඝනය කිරීමකැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ...
"මම යන්නේ අමාත්‍යාංශයෙන් කිව්වොත් විතරයි – ජාතික රෝහලේ නි. අධ්‍යක්‍ෂ රුක්ෂාන් බෙල්ලන"
"“රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය කවුරුවත් කියලා නැහැ. මට ගෙදර යන්න කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මට යන්න කිව්වොත් යනවා. ඒ නිසා මගේ රාජකාරිය රෝහල වෙනුවෙන් මම ඉටුකරනවා…” යැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ ට ඊයේ (18 දා) පැවැසීය. පැය 7 ක් තමාව රෝහලේ කාර්යාල අඩස්සියේ රඳවාගෙන සි...
"කොළඹ සීසීටීවී වැරදි කළ රියැදුරන් 793 ක් හඳුනාගනී"
"කොළඹ නගරය ආශ්‍රිතව සීසීටීවී දර්ශන මගින් ගෙවුණු දින 15 ක කාලය තුළ වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් 793 ක් හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවැසීය. මෙම හඳුනාගැනීම පෙබරවාරි 01 වැනිදා සිට 15 වැනිදා තෙක් බවත් වැරදි සම්බන්ධයෙන් හඳුනාගත් 793 දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා දිවය...
"විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ලබන ජුනි මස අවසන් කරනවා – මුදල් රාජ්‍ය ඇමැති"
"විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ලබන ජුනි මාසයේදී සම්පූර්ණයෙන්ම අවසන් කිරීම රජයේ ඉලක්කය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.. මෑත කාලීනව රට මුහුණ දුන් අභියෝගාත්මකම ආර්ථික කාරණාව ණය ප්‍රතිව්‍යුගතකරණය බවත්, ඉන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වන විට අවසන් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. 2022 වර...
"2024 පළමු පාසල් වාරය අද ඇරඹේ"
"2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (19 දා) ආරම්භ වේ. 2023 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ (2024) මැයි, ජුනි මාස තුළ පැවැත්වීමටත්, පැවැති උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල මැයි, ජුනි මාස ඇතුළත ලබාදීමට ද විභාග දෙපාර්තමේන්තුව අදහස් කරගෙන සිටී. 2025 වර්ෂයේ සිට පැවැති සාමාන්‍ය ක්‍රමය යටතේ අධ්‍යාපන කටයුතු ...
"ලොකු ලොක්කන්ගේ දරුවන්ට සුපිරි අධ්‍යාපනයක් ලබාදුන්නත් නිදහස් අධ්‍යාපනය එකතැන පල්වෙනවා- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"
"වර්තමානයේ අධ්‍යාපනයේ බෙදීමක් ඇති බවත් සමාජ සාධාරණත්වය, යුක්තිය සම මට්ටම ගැන කතා කර අධ්‍යාපනයේ අවස්ථා දූදරුවන්ට අහිමි කර කර නිදහස් අධ්‍යාපනයේ වෙනස් නොවිය යුතු බවට පවසන ඇතැම් පුද්ගලයන්ගේ දරුවන් විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාවලට යවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා ස...
"ජනාධිපතිවරණය කල්දාන්න හැදුවොත් ආණ්ඩුව එළවන්න කාන්තාවෝ පෙරමුණ ගන්නවා"
"කාන්තාවන් යනු නිකම්ම නිකම් ඡන්දය දෙන පිරිසක් නොව ආණ්ඩු හදන ඒ ආණ්ඩුත් එක්ක එකතු වී රට ගොඩනඟන ගෞරවණීය පිරිසක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූවේ ඉකුත් 17 වැනිදා පැවැති ජාතික ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් කාන්තා සමුළුව – අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ටිල්වි...
"අවුරුදු 75 ක් තිස්සේ දිගින් දිගටම දූෂණය වූ මෙරට දේශපාලනයට තිත තබමු"
"ශ්‍රී ලංකාවේ දැවැන්තම තීරණාත්මක දේශපාලන, සමාජ, ආර්ථික වෙනස ඇති කිරීමට සූදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට සහභාගී වූ ජනතාව අමතමින් ප්‍රතිඥා දුන්නේය. සතුටු දැයක් නිර්මාණය කිරීම සඳහා ව්‍යවසායකත්ව රාජ්‍යක් ගොඩනැගීම අරමුණු කර ගත් මෙම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක...
"ශ්‍රී ලංගම ඇන්ඳවූ අම්පාර ඩිපෝවේ ලොක්කෝ මාට්ටු"
"ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 200 ක් අලුත්වැඩියා කර නැවත ධාවනය කරවීමේ ව්‍යාපෘතිය යටතේ අම්පාර ඩිපෝව මගින් අලුත්වැඩියා කළ බවට සඳහන් බස් රථයේ අංකය වෙනත් ධාවනය කරන බස් රථයකට සවිකර බලධාරීන් නොමඟ යැවූ බවට චෝදනා එල්ල වී ඇති එම ඩිපෝවේ ඉහළම නිලධාරීන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ (18 දා) පියවර ගෙන ඇත...
"පෞද්ගලික අංශය රාජ්‍ය අංශය දැනුවත් කර වැඩවර්ජන නැවැත්විය යුතුයි"
"පෞද්ගලික අංශය රාජ්‍ය අංශය දැනුවත් කර වැඩවර්ජන යම් කාලයකට නැවැත්විය යුතු බවත් ඒ සමගම දහඩිය මහන්සියෙන් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සාධාරණත්වය රාජ්‍ය යාන්ත්‍රණය මගින් තවදුරටත් සිදුකළ යුතු බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවැසීය. මේ රට බංකොලොත්භාවයට ආපස්සට ගෙනයෑමට ජනතා විමුක්ත...
"අපේක්‍ෂකයකු දිනවීමට සන්ධාන රැසක් රොද බඳී"
"ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට පුළුල් සන්ධානයක් ගොඩනැගෙන බව ආණ්ඩුවට සහය පළකරන පක්‍ෂයක අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වනවිටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්‍ෂක ලෙස ජනාධිපති තරගයට ඉදිරිපත් වන බවට ප්‍රකාශයට පත්කර තිබෙන බවත් ඒ අනුව දැනට...
"සෞඛ්‍ය මේ සතියෙත් ලෙඩ වේ!"
"හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය, තාක්‍ෂණ, ඉංජිනේරු, පරිපාලන සහ කළමනාකාර ඇතුළු සෞඛ්‍ය සේවයට අනුබද්ධිත වෘත්තීය සමිති 72ක ලක්‍ෂයකට අධික සාමාජිකයන් මෙම සතියේදී දිවයින පුරා රජයේ රෝහල්වලදී අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක ‘ඩැට්’ දීමනාව තමනට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවකයෝ ම...
"පුරෝකථන කැලේ ආර්ථිකය වළේ"
"ආර්ථික වර්ධනය පුරෝකථනය කළ මට්ටමට වඩා අඩුවීමේ අවදානමක් ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අපනයන අංශය යථාතත්ත්වයට පත්වීම කෙරෙහි බලපෑම් ඇති කරන ගෝලීය අංශයේ අහිතකර ප්‍රවණතා මෙන්ම පුහුණු ශ්‍රමිකයින් විදේශවලට සංක්‍රමණය වීම හේතුවෙන් ඵලදායිතාව අඩුවීම සහ ව්‍යුහාත්මක බාධා හේතුවෙන් ආර්ථික කටයුතුවලට සිදුවිය හැකි බලපෑම් මගින් කෙට...
"ලංවිම ණය බිලියන 212ට නගී"
"ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉකුත් වසරේ (2023) අගෝස්තු මාසය වන විට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට හා ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් වෙත ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 212.3 දක්වා ඉහළ ගොස් ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2022 වසරේ ...
"මහකුඩ්ඩන්ගේ පැටිකිරිය දිග ඇරේ"
"මෙතෙක් කලක් අප්‍රසිද්ධියේ සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සුලමුල දැන් අනාවරණය වෙමින් පවතින බව මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට ප්‍රකාශ කළේය. ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පුද්ගලයන් සැඟව සිටියදී ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවෙන බවද ඇමැතිවරය...