Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"මුදල් අමාත්‍යංශයේදී කැබිනට් පත්‍රිකා රිවස්"
"මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කරනු ලබන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවන් එම අමාත්‍යාංශය යටතේම ඇති ආයතන වෙත නිර්දේශ උදෙසා යැවූ පසු ඔවුන් පෙර සාකච්ඡා කළ කරුණු අමතක කොට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ප්‍රතික්ෂේප වන ලෙස කටයුතු කරන බවට ඇමැතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇත. ...
"අරක්කු නිෂ්පාදනය පහළට"
"මෙරට මද්‍යසාර නිෂ්පාදනය ඉකුත් වසරේ (2023) පළමු මාස නමයේ දී ලීටර මිලියන 27 දක්වා සියයට 13.4කින් අඩුවී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි. 2022 වර්ෂයේ මෙම කාලසීමාවේ දී මෙරට මද්‍යසාර නිෂ්පාදනය ලීටර මිලියන 31.2ක් වූ අතර එයට සාපේක්ෂව මද්‍යසාර නිෂ්පාදනය 2023 වසරේ මුල් ම...
"නව නීති හදන්න ලෝක බැංකු ආධාර"
"ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව නීති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම උදෙසා නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සැලසීමට ලෝක බැංකුව හා ඇමරිකානු ආධාර වැඩසටහන එකඟතාව පළ කර තිබේ. ලෝක බැංකු නිලධාරීන් හා ඇමරිකානු ආධාර වැඩසටහනේ නිලධාරීන් සමග ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවැත්වූ සාකච්ඡාවකදී මෙ...
"හරින්ට නඩු !"
"ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඇමැතිවරයා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුර දී එම අදහස ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශ...
"පක්ෂ ලොක්කන්ට මැකො එන්න කියයි"
"ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේදී දේශපාලන පක්ෂ ලේකම්වරු හමුවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ලියාපදිංචි දේශපාලන පක්ෂ 80න් අඩක් ලබන සතියෙත් ඉතිරි ප්‍රමාණය ඊළඟ සතියෙත් මැතිවරණ කොමසාරිස් හමුවීමට නියමිතය. මේ වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරයා අනිවාර්යයෙන් පැවැත් වියයුතු වන ...
"කැලේ යවපු ඖෂධ වටිනාකම ඩො:මි 20ක්"
"ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් මෙරටට ගෙන්වනු ලැබූ ‘මෙරපනම්’ ඇතුළු බහාලුම් හතළිහක ඇති ඖෂධවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් බව සෞඛ්‍ය අංශ අනාවරණය කර සිටී. ගෙන්වනු ලැබ ඇති මෙම ඖෂධ තොගය මේ වනවිට කැලණිය, වත්තල සහ වැලිසර ප්‍රදේශවල බහාලුම් තුළ ගබඩා කර ඇති බවත්, මේ දක්වා එම ප්‍රතිජීවක ඖෂධ තොගය භාර...
"අදානිගේ සුළං බලාගාරයෙන් කුරුල්ලන්ට මාරාන්තිකයි"
"රජයේ අවසරය පරිදි ඉන්දීය අදානි සමාගම මගින් මන්නාරම් දූපත පුරා ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙගා වොට් 250ක දැවැන්ත සුළං විදුලි බලාගාර පද්ධතිය නිසා වසරකට රටවල් 30 කින් පමණ ශ්‍රී ලංකාවට පැමිණෙන කුරුල්ලන් මිලියනයකට ආසන්න ප්‍රමාණයකට මාරාන්තික තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව පක්ෂි විද්‍යාඥයෝ කියති. පක්‍ෂීන් විශේෂ 150 කටත් වඩා මීට...
"මහවැලියට තාක්‍ෂණය ගේන්න ඩොලර් මිලියන 8ක්"
"මහවැලි කලාපයේ කෘෂිකර්ම සහ පශු සම්පත් කටයුතු නවීන තාක්‍ෂණය භාවිතයෙන් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 08ක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළකර ඇත. වාරිමාර්ග සහ වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්‍ෂ තකෆුමි කදෝතා මහතාගෙන් කළ ඉල්ලීමකට අනු...
"කුළුබඩු – කෝපි ගෙන්වන්න ඩොලර් මිලියන 180ක් ගෙවලා"
"කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම කෝපි, තේ, කොකෝවා ආනයනය කිරීම සඳහා ඉකුත් වසරේ (2023) ඇමරිකානු ඩොලර් මිලියන 180.8ක මුදලක් වැය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙකී භාණ්ඩ ආනයනය කිරීම සඳහා 2022 වසරේ වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 180කි. ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දී පමණක් කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මෙන්...
"රටේ ජනතාවගෙන් 60%ක් කනකර උකස් තියලා"
"අද මේ රටේ ජනතාව අතරින් සියයට හැටක පමණ පිරිසක් සිය කනකර රන් ආභරණ උකස්කර හෝ විකුණා ජීවත්වීමට විශාල ප්‍රයත්නයක් දරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ගම්පහ මිරිස්වත්ත බෝගමුව නිර්මල ලූර්දුමාතා දෙව්මැඳුරේ පැවති සියවස් ජයන්ති ජුබිලි මංගලයයේදී විශේෂ දේශනයක් කරමින් සඳහන් කළේය. එදිනෙදා වියදම පියවා ගැනීමට පවා නොහැකිව ...
"21 වැනිදා විරෝධතාව"
"රාජ්‍ය සම්පත් විකිණීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව වෘත්තීය සමිති 40කට වැඩි ප්‍රමාණයකින් සැදුම්ලත් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය ලබන 21 වැනිදා කොටුව ලේක්හවුස් වටරවුම අසල විරෝධතා ව්‍යාපාරයක නිරත වීමට තීරණය කර ඇත. රාජ්‍ය බැංකු, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව, මිල්කෝ ඇතුළු ආයතන පෞද්ගලිකකරණය සහ ත...
"දුම්රිය අනතුරු මරණ 194ක්"
"2023 වසරේ සිදුවූ දුම්රිය අනතුරු වලින් පුද්ගලයන් 194 දෙනකු මරුමුවට පත්වී ඇතැයි දුම්රිය ආරක්‍ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මීට අමතරව දුම්රියේ පාපුවරුවේ ගමන් කිරීමේදී ඇදවැටී පුද්ගලයන් 88 දෙනකු ද තුවාල ලබා ඇතැයි ද හෙතෙම කීය. දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේදී හා අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග ...
"ටවර් නාට්‍ය උළෙලේ අද නාට්‍ය 6ක්"
"ටවර් හෝල් රඟහල පදනම, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල – 2024 පෙබරවාරි 18 දා (අද) වේදිකාගත වන්නේ, එල්ෆින්ස්ටන් රඟහල: ප.ව. 3.30 හා ප.ව. 6.30 සුරේෂ් මධුෂාන්ගේ – ,MR ගජනායක” දමිත් හේෂාන්ගේ – “ගමනක් යං” චතුරංග පෙරේරා – LETS MARRY ටවර් රඟහල: ප.ව....
"නාරම්මල පොලිස් වෙඩිල්ලට එරෙහිව බිරිඳ උසාවි යයි"
"නාරම්මල පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්‍ෂකවරයකු විසින් පසුගිය ජනවාරි 18 වැනිදා රාත්‍රි නාරම්මල රන්මුතුගල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය රොෂාන් කුමාරසිරි නමැති සිය සැමියාට සාධාරණයක් ඉටුකරන ලෙසට නියෝගයක් කරන්නැයි ඉල්ලා කමනී රූපිකා ප්‍රියංගනී නමැති තිදරු මව ඊයේ (16 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසි...
"බෙල්ලන සේවක අඩස්සියට"
"කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් හට මාධ්‍ය හරහා දැඩි දෝෂාරෝපණයක් එල්ල කිරීමට විරෝධය පාමින් එම රෝහලේ කනිෂ්ඨ කාර්ය සහායකයන්, උපස්ථායකයන් 500කට අධික පිරිසක් එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ කාර්යාලය වටලා විරෝධය පාන්නට වීමත් සමග රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක් ඊයේ (16දා) ඇතිවිය. කැරලි මර්දන ඒකකය, පොලිසි...
"ලොතරැයි මණ්ඩලයේ තෑගි බෙදන්න ජනපති එයි"
"ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2023 වර්ෂයේ අලෙවි කරන ලද ලොතරැයි ටිකට්පත්වල සුපිරි ත්‍යාග සහ රුපියල් මිලියනයේ මුදල් ත්‍යාගවලට අදාළ චෙක්පත් සහ වාහන ත්‍යාග ජයග්‍රාහකයන් වෙත පිරිනැමීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (16 දා) පැවැත්විණි. ගොවිසෙත, මෙගා පවර් සහ මෙගා ප...
"හෝමාගම ශ්‍රීලනිප සංවිධායක ගාමිණී තිලකසිරි සජබට යයි"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම සංවිධායකවරයා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී තිලකසිරි මහතා සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ගාමිණී සිල්වා මහතා ඊයේ (16දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගයට සහාය දැක්වීම ...
"ලෙඩ හොඳ නම් කෙහෙළිය 7 දා උසාවි ගේන්න නියෝග"
"විත්තිකාර හිටපු සෞඛ්‍ය ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන්නේ නම් ලබන 7 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (16දා) නියෝග කළේය. එදින ඔහු අධිකරණයට ඉදිරිපත් කළහොත් ඔහු ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන්...
"ඊශ්‍රායලයේ ප්‍රවාහන ඇමැතිනිය ජනාධිපති රනිල් හමුවී.."
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ඇමැති බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් මහත්මිය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් ආපසු ගෙන්වා ගැනීමට ඊශ්‍රායලයට ශ්‍රී ලංකාවේ සහාය අඛණ්ඩව හිමිවන බවත්, ගාසා තීරයේ ගැටුම් වහා නැවැ...
"පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස නම් කෙරේ"
"ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එම භූමි ප්‍රදේශ පූජා භූමි ලෙස නම් කරමින් ඊට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකු...
"හිටපු ජනපති මෛත්‍රි ඇමරිකාවේ විශ්ව සාම සම්මේලන කාර්යාලයේ ප්‍රධානීන් සමග සාකච්ඡා"
"ඇමරිකාවේ විශේෂ සංචාරයක නිරත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 15 වැනිදා ඇමරිකාවේ වොෂින්ටන් ඩී. සී. හි පිහිටි විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර කාර්යාලයේ ප්‍රධානීන් සමග සාකච්ඡාවක නිරත වූහ. ඒ සඳහා විශ්ව සාම සම්මේලනයේ මහ ලේකම් ලැරී මොෆිට්, විශ්ව සාම සම්මේලනයේ එක්සත් ජාතීන්ගේ සංව...
"ඊශ්‍රායලයේ ටෙල්අවිව් හා කටුනායක අතර සෘජු ගුවන් සේවා ඇරැඹීමට ගිවිසුමක්"
"ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවන් පුළුල් කරමින්, ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර සහ කටුනායක අතර සෘජු ගුවන්සේවා ආරම්භ කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම අත්සන් කිරීම ඊශ්‍රායලයේ ප්‍රවාහන සහ මාර්ග ආරක්ෂක ඇමතිනී මිරී රෙගිව් මහත්මිය සහ වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඊයේ (16දා) අමාත්‍යාංශ කාර්යාලයේදී සිද...
"සෞඛ්‍ය සේවකයන්ට ‘ඩැට්’ දෙන්න ජනපති එකඟ වුණා – මුරුත්තෙට්ටුවේ හිමි"
"සෞඛ්‍ය සේවකයන්ට ‘ඩැට්’ දීමනාව ඇතුළු දීමනා ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කළ බව රාජ්‍ය සේවා, හෙද සංගමයේ සභාපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ‘දිවයින’ ට ඊයේ (16දා) ප්‍රකාශ කළහ. මෙම දීමනාවන් ලාබාදෙන ආකාරය සම්බන්ධයෙන් ලබන 19 දා සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාව සම්බන්ධයෙන් අදහ...
"දහම් පාසල් ශ්‍රේණි විභාගය හෙට"
"සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උපදෙස් පරිදි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වාර්ෂික පවත්වනු ලබන දහම් පාසල් ශ්‍රේණි විභාගය හෙට (18දා) පැවැත්වේ."
"විදුලි බිලට එරෙහි පෙත්සම් දෙක සලකා බැලීම අප්‍රියෙල් 5දා"
"ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය වසරේ අවස්ථා දෙකකදී විදුලි බිල් ගාස්තු ඉහළ දමා තිබියදීත් පසුගිය ඔක්තෝබර් මාසයේ දී සියයට 18කින් යළි විදුලි බිල් ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය, එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගොනු කර තිබූ ...
"කන්ටේනර්වල ‘කැලෑ වදින’ බෙහෙත්වලට ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ඩොලර් මිලියන ගණන් ගෙවලා – සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය"
"රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ආනයනය කර, වෛද්‍ය සැපයුම් ඒකකය විසින් මේ වන තුරු නිසිලෙස භාර නොගෙන කැලණිය, වත්තල සහ වැලිසර බහාලුම් තුළ ගබඩා කර ඇති ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ කාණ්ඩ තොගයක් සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන ගණනක් ගෙවා ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ. ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම ඖෂධ තොගය ...
"සමථ මණ්ඩල මගින් නඩු විසඳීමෙන් ජනතාවගේ මුදල් සහ කාලය ඉතිරිවෙනවා – අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ"
"අධිකරණයන්හි සිදුවන නඩු විභාගවීමේ ප්‍රමාදය වැළැක්වීම සඳහා භාවිතා කරන සමථ මණ්ඩල මගින් නඩු කටයුතු විශාල ප්‍රමාණයක් විසඳීමට හැකිවී ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්ය භාරය හා 2024 අංක 02 දර...
"ජනාධිපතිවරණය කල් දැමීමට ජනපති වක්‍රාකාරව විවිධ උපක්‍රම භාවිතා කරනවා – නිරෝෂන් පෙරේරා (සජබ)"
"විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට තිබෙන කාල වකවානුවක බවත් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් ආණ්ඩුව විවිධ නීති තර්ක ගෙනැවිත් ජනමත විචාරණයත්, ජනාධිපතිවරණයත් නොතියා සිටීමේ උත්සාහයක නිරතවන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් සමගි ජනබලවේගයේ විදේ...
"ලස්සන වචනවලට – සටන්පාඨවලට රැවටුණොත් රටම අඳුරට යනවා – ඉමිතියාස් බාකිර් මාකාර්"
"“ලස්සන වචනවලට, සටන්පාඨ වලට රැවටිලා අපි වල්මත් වුණොත් තවදුරටත් රට අඳුරටයි වැටෙන්නේ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා පැවසීය. මහනුවර මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ ඒ මහතා මධ්‍ය හමුවේ එසේ කියා සිටියේය. තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. මං මගේ දේශපාලන ජීවි...
"ටවර් නාට්‍ය උළෙලේ අද ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ සහ ‘මායා දැල’"
"ටවර් හෝල් රඟහල පදනම, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල 2024 පෙබරවාරි 17 (අද) වේදිකාගත වන්නේ, එල්ෆින්ස්ටන් රඟහල: ප.ව. 3.30 හා ප.ව. 6.30 චාලක රණසූරියගේ “සඳුදා වැටෙන්නේ සිකුරාදාට” ටවර් රඟහල: ප.ව. 3.30 හා ප.ව. 6.30 නීතිඥ කපිල ගාමිණී ජයසිංහගේ “මා...
"පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරන්න ඉතාලි රදගුරු මණ්ඩලයේ සහාය"
"පාස්කු ඉරු දින සිදුකළ ප්‍රහාරය පිළිබඳව යුක්තිය ඉල්ලාගෙන යන සටන වෙනුවෙන් යුක්තිය උදෙසා ඉතාලි ශ්‍රී ලංකා සංසදය සහ ඉතාලි රදගුරු මණ්ඩලය අතර පසුගිය දින සාකච්ඡාවක් පවත්වා ඇත. මේ සඳහා කතෝලික රදගුරු සමුළුවට සහාය ලබාදීමට ඉතාලි රදගුරු මණ්ඩලය ක්‍රියා කරගෙන යන බව කතෝලික ආරංචි මාර්ග කියයි. නෝමන් පලිහවඩන"
"ඊයේ උසාවියේදී පොලිසියේ 3ක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව යදිති"
"නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙක් ඊයේ (15 දා) ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 88ක ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්හ. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දණ නමා වැඳ සමාව ගත්තේ විජිත් කේ. මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල ඉදිරියේදී පෙත්සම්කරු සහ වගඋත්තරකාර ...
"කෙහෙළියට ඇප නෑ – 29දා තෙක් යළි රිමාන්ඩ්"
"ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ මස 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අභයවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (15 දා) රාත්‍රියේ නියෝග ...
"කුඩු සලිඳුගේ ‘දළ ඇතා’ ඩුබායි හිදී දැලේ"
"අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයකු බව කියන කුඩු සලිඳු නමැත්තාගේ පාතාල අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඩුබායි සිට මෙහෙයවූ දොන් පියුම් හස්තක හෙවත් ‘පියුමා’ නමැත්තා ජාත්‍යන්තර පොලිසිය මගින් ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාරදී ඇත. ඩුබායි රාජ්‍ය වෙත ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේ...
"රේගුව අකුරට වැඩ"
"ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් රේගු නිලධාරීන් ඊයේ (15 දා) උදෑසන 09.00 සිට ‘අකුරට වැඩ කිරීමේ’ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව සහ රේගු අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති කේ. කුමානායක යන මහත්වරු පැවසූහ. එම ඉල්ලීම් අතර 2020 පෙබරවාරි මස 13 වැනිදා සිට නැවතී ඇති සිය උසස්වීම් පරිපාට...
"ජනපති සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති අතර හමුවක්…"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති ආචාර්ය ටනකා අකිහිකෝ මහතා අතර හමුවක් 14දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම දුෂ්කර ක්‍රියාවලියක් වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැ...
"මෛත්‍රීපාල අෆ්රීන් අක්තර් හමුවෙයි"
"ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් මහත්මිය අතර හමුවක් ඉකුත් (14දා) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වයන් පිළිබඳව එහිදී දීර්ඝ සාකච්ඡාවක නිරත වී ඇ...
"අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ කෘෂිකර්මයට හානියක් නෑ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා කිසිදු හානියක් සිදු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා මෙන්ම පානීය ජල අවශ්‍යතාවට ද විසඳුම් ලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘතිය සම්බන්ධව ගොවි ජනතාව කිසිදු අනියත බිය...
"ඔබෙ රුව ඡායා සැඟවේ පායා"
"1945 වර්ෂයේ සීතල වප් පස 09 දින සිනමා අඹරේ දිදුලන තාරකාවක් මෙන්ම ආදරණීය මිනිසෙකු ජනතාවාදී නායකයකුගේ ජන්ම ලාභය සිදුවිය. සීදූව ග්‍රාමයේ ගම්මුලාදෑනියකු ලෙස කටයුතු කළ බෙන්ජමින් කුමාරතුංග සහ ක්ලේරා බියට්‍රිස් කුමාරතුංග දෙපළගේ සිව්වැනි දරුවා නොහොත් පවුලේ බාලයා වූයේ කෝවිලගේ විජය ඇන්ටනී කුමාරතුංගයි. සීදූව ද්විසමර විද්‍යාලයෙන් ...
"ඔන්මැක්ස් ලොක්කන්ගේ දේපොළ තහනම්"
"නීති විරෝධී පිරමීඩ ක්‍රමයට තැන්පත්කරුවන්ගෙන් ලබාගත් මුදලින් රුපියල් කෝටි ගණනාවක් යොදා ඔන්මැක්ස් ඩීටී ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්‍ෂවරුන් මිලදී ගෙන ඇතැයි කියන කෝටි ගණනක් වටිනා දේපළ තහනමට ලක්කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (15 දා) නියෝගයක් නිකුත් කළේය. මින් පෙරද ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන අ...
"විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයන්ගේ සක්වල ශතකාභිමානය සපුරයි"
"කොවිඩ් 19 වෛරසය මෙරට තුළ දැවැන්ත ලෙස පැතිරී ගිය අවදියේදී මෙරට දරු පරපුරටත් පුරවැසි පරපුරටත් දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුවිය. කොවිඩ් 19 වෛරසයේ පැතිරයාමත් ඒ තුළින් මතුවූ ආර්ථික ගැටලු‍ හරි හැටි කළමනාකරණය කර ගැනීමට එවක රජය කටයුතු නොකිරීම නිසා ඇති වූ ආර්ථික අර්බුදයත් බංකොලොත්භාවයත් නිසා රට තුළ විශාල වශයෙන් ඖෂධ හිඟයක් පව...
"ඉන්ධන ගබඩා ‘විගණනය’ සීඅයිඩීයට දෙනවා – ඇමැති කංචන කියයි"
"ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් කේපීඑම්ජී ආයතනය විසින් සිදුකළ වෝහාරික විගණනයේ සම්පූර්ණ පරීක්‍ෂණ වාර්තාව එළඹෙන සතියේදී තමාට ලබා දීමෙන් පසු එහි ඉදිරි නීතිමය පියවර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. එස...
"කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ නිලවරණයට වාරණයක්"
"ඊයේ (15දා) පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ 2024 නිලවරණය වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ශාන්ත පෙරේරා, ලේකම් දීපිකා කුමාරි හෙට්ටිමුල්ල, උප සභාපති නීතිඥ මර්වින් එම්. සිල්වා යන මහත්ම මහත්මීන් ...
"ටවර් නාට්‍ය උළෙලේ අද ‘අමර ගියා දිවිය ලෝකේ’ සහ ‘සක්වල රිය’"
"ටවර් හෝල් රඟහල පදනම, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල – 2024 පෙබරවාරි 16 (අද) එල්ෆින්ස්ටන් රඟහලේ වේදිකා ගතවෙයි. ප. ව. 3.30 හා ප.ව.6.30 ට පාලිත ලොකුපෝතාගමගේ “අමර ගියා දිවිය ලෝකේ’ ටවර් රඟහල ප.ව.3.30 හා ප.ව.6.30, සුරේෂ් මධුෂාන්ගේ “සක්වල රිය” ‘...
"ශ්‍රී ලාංකිකයෝ 25ක් මාලදිවයිනෙන් පිටුවහල්"
"නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ චෝදනා එල්ල වී සිටි ශ්‍රී ලාංකිකයන් 25 දෙනකු පිටුවහල් කිරීමට මාලදිවයින රජය තීරණය කර තිබේ. මෙලෙස පිටුවහල් කෙරෙන පිරිස වීසා හා මත්ද්‍රව්‍ය චෝදනා වලට ලක්වූවෝ වෙති. එමෙන්ම බංග්ලාදේශ ජාතිකයන් 83 දෙනකු, ඉන්දීය ජාතිකයන් 46 දෙනකු, නේපාල ජාතිකයන් 8 දෙනෙකුද මේ අන්දමින්ම මාලදිවයිනෙන් පිටුවහල් කෙරෙනු...
"තායි ගුවන් ගමන් අප්‍රියෙල් සිට"
"කොළඹ සහ තායිලන්තය අතර මෙහෙයුම් නැවත ආරම්භ කරමින් අප්‍රියෙල් 1 වැනිදා පළමු ගුවන්යානය පිටත්වීමට නියමිතය. තායිලන්ත ජාතික ගුවන් සේවය (Thai Airways) මේ සඳහා කටයුතු කරන අතර විකිණුම් නියෝජිතයා ලෙස මාක් හෝල්ඩිංග්ස් එක්වී තිබේ."
"අස්වැසුම අයැදුම්පත් භාර ගැනීම 15දා තෙක්"
"‘අස්වැසුම’ දෙවැනි අදියර යටතේ අයදුම්පත්‍ර භාර ගැනීම මාර්තු 15 දින දක්වා සිදු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය. අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් භාර ගැනීම ඊයේ (15 දා) ආරම්භ විය. සුදුසුකම් ලබන සියලු දෙනාට කිසිදු බලපෑමකින් තොරව අස්වැසුම ප්‍රතිලාභ ලබාදෙන බව ද ඔහු සඳහන් කළේය. පළමු අධියර ස...
"ඥානසාර හිමියෝ උසාවියේ සිට සමාව ගනිති"
"තමන් වහන්සේ විසින් 2016 මාර්තු 30 වැනිදා කොළඹ දී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයේදී මුස්ලිම් ප්‍රජාවට යම් අපහසුතාවයක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවත් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටිනා බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ ...
"විදුලිබල මණ්ඩලය ලැබූ රු. බිලියන 70 ලාභය වියදම් කරන්නේ කුමකටදැයි සොයා බැලිය යුතුයි – සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්"
"විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යායුත්තේ මහජන සේවය සලසන ආයතනයක් ලෙස මිස ලාභ උපයන ආයතනයක් ලෙස නොවේ යැයි විදුලිබල පනත මගින් පැහැදිලිව සඳහන් කර තිබිය දී මේ වනවිට විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 70ක පමණ ලාභයක් උපයා ඇති බවට වාර්තා වන බව සමගිජන බලවේගය පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය. ඒ මහතා මේ ...
"තෙල් ආනයන වියදම පහළට"
"ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි තෙල් ආනයන වියදම ඉකුත් වසරේ (2023) පළමු මාස අටේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8 ක් දක්වා පහත වැටී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි. 2022 වර්ෂයේ මෙම කාලසීමාවේදී ගෝලීය වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලර් 105 ක්ව පැවැති බොරතෙල් බැරලයක සාමාන්‍ය මි...
"හෙද හෙදියෝ සෞඛ්‍ය වටලති – ඇමැති සමග සාකච්ඡාව 19 දා – වර්ජන නවතී"
"සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබුණත් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක සාමාජිකයන් සිය ඉල්ලීම් ඉල්ලා ඊයේ (14 දා) දෙවන දිනයටත් රජයේ රෝහල්වල වැඩ වර්ජනයේ නිරත වීම නිසා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිස් දැඩි අපහසුතාවට පත්වූහ. හෙද සංගමයේ සාමාජිකයෝ සෞඛ්‍ය අමාත්‍යාංශය වැටලූහ....
"සත්කාරයට හමුදාව 1100ක්"
"රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කරනු ලැබූ වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකිරීම හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා යොදවනු ලැබූ යුද්ධ හමුදා භට පිරිස් තවදුරටත් ඒ සඳහා යෙදවීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ උපදෙස් ලබාදී ඇත. ඒ අ...
"රට මුදාගන්න මම කැපවෙනවා – ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් පාඨලී කියයි"
"අර්බුදකාරී තත්ත්වයකට මුහුණපා සිටින රට මුදාගැනීම සඳහා ජනතාව වෙනුවෙන් කැපවීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (14 වැනිදා) ප්‍රකාශ කළේය. දුෂ්කර අවස්ථාවලින් රට සහ ජනතාව මුදා ගැනීමට තමා සෑම විටම ඉදිරිපත් වූ බවත් රට මුදා ගනිමින් සංවර්ධනය කරා මෙහෙයවීමට සැමට එක්විය හැකි...
"වතු ජනයා ව්‍යවසායකයන් කරන ගිවිසුමක් ගැසුවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"වතු ජනතාව ව්‍යවසායකයන් ලෙස සවිබල ගැන්වීමේ සුවිශේෂී සමාජ ගිවිසුමකට එළැඹි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (14 දා) සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ දී උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කර දෙන බවට වන ප්‍රතිඥාවක් ලබා දෙමින් වතුකරයේ දේශපාලන පක්ෂ සහ නියෝජිතයන් රැසක් සමග සමාජ ගිවි...
"හෙළ බසට හා සංස්කෘතියට අනභිභවනීය සේවයක් කළ සර් ඩී.බී. අසමසම ජාතික වීරයෙක්"
"ලොව විවිධ ජාතීන් සමග අද අපට එකමුතුව ජීවත්වීමට හැකිවී ඇත්තේ ඩී. බී. ජයතිලක මහතා එදා ඇතිකළ ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා නිසා යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අගමැතිවරයා මේ බව පැවසූවේ කැලණිය, වරාගොඩදී ඉකුත් 13 වැනිදා පැවැති ජාතික වීරවර ශ්‍රීමත් ඩී. බී. ජයතිලක පිළිරුව නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ජාතික වීරවර ශ...
"ඊළඟ නඩු දිනයට කෙහෙළිය උසාවි ගේන්න – අධිකරණයෙන් බන්ධනාගාරයට නියෝග"
"විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊළඟ නඩු දිනයේදී තම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (14 දා) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය. කෙහෙළිය රඹුක්වැල්ල හා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ ...
"ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහි කිරීමට අධ්‍යාපනය වෙනස් කරනවා"
"රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, එමගින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය විභාග බර අඩුකර ඉංග්‍රීසි සහ තාක්ෂණ විෂයන් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරමින් රැකියාවට සුදුසු දරුවෙක් බිහි කිරීමට අපේක්ෂා කරන බවත්, නව...
"රට ලේ විලක් කරන්න එපා..! – විධායක ජනපතිධුරය අහෝසි කළ යුත්තේ 2024 ජනපතිවරණයෙන් පසුවයි"
"විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුත්තේ 2024 ජනාධිපතිවරණයෙන් පසුව බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය. රට තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීමට හැකි වන්නේ දක්ෂිණාංශික ආර්ථික රාමුවක් තුළ සිටිමින් ලෝකය සමග සම්බන්ධතා තිබෙන ලෝකය සමග ගණුදෙනු කිරීමට හැකි කණ්ඩායමකට පමණක් බවත් එවැනි වැඩපිළිවෙළක් තිබෙන කණ්...
"ප්‍රජාතන්ත්‍රවාදයට පශ්චාත් භාගය හැරවීමට ආණ්ඩුවට ඉඩනොදිය යුතුයි"
"අපේ රටේ මැතිවරණ කොමිසම නිහඬයි. ඡන්ද ගැන ආණ්ඩුව ප්‍රකාශ කරමින් සිටින බවත් මැතිවරණ තියන්න කියලා ආණ්ඩුව ඉදිරියේ වැඳ වැටෙන්න අවශ්‍ය නැති බවත් නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (14 දා) පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදයට පශ්චාත් භාගය හැරවීමට මේ ආණ්ඩුවට ඉඩදිය යුතු නැති බවත් ඒ මහතා නිදහස ජනතා සභා...
"රටේ දරුවෝ වෙනුවෙන් අකමැත්තෙන් වුණත් හිඟාකන්න වුණා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"රටේ දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් අකමැත්තෙන් වුවත් ජාත්‍යන්තරයට ගොස් තමාට හිඟා කෑමට සිදුවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14 දා) පැවසීය. අසීරුවෙන් ගෙවා දැමූ එවැනි යුගයකට නැවත ගමන් කිරීමට කිසිවකුත් කැමති නැති බවද කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පැවැති 2024 වර්ෂයට අදාළ පෙළපොත් බෙදා දීමේ ජාතික උත්සවයට එක්ව...
"පලාලි අධි ආරක්ෂිත කලාපයේ අක්කර 112ක් මුල් අයිතිකරුවන්ට දෙන්න"
"යාපනය පලාලි නැගෙනහිර ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයට අයත්ව තිබූ ඉඩම් අක්කර 112 ක් එම අධි ආරක්ෂිත කලාපයෙන් ඉවත්කොට ඒවායෙහි මුල් අයිතිකරුවන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය යාපනය දිසාපතිවරයාට ඉකුත් 13 දා දැනුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනවල යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී යාපනය දිස්ත්‍ර...
"ජනතාවට හා වන සතුන්ට හානිකර අලිවැටවල් ඉවත් කරන්න"
"අනුරාධපුරය ගල්ගමුව මාකොළගමුව ප්‍රදේශයේ පිහිටි වනාන්තරයෙන් අක්කර 4500ක් පමණ ප්‍රමාණයක් වටා ඉදිකර ඇති වන සතුන්ට හා ප්‍රදේශවාසී ජනතාවට හානිදායක අලි වැටවල් වහාම ඉවත්කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14 දා) වලත්තෑවේ රාහුල හිමියන්ට නියෝග කළේ එසේ නමුත් ප්‍රදේශවාසී ජනතාවගේ ආරක්‍ෂාව සඳහා ඔවුන්ගේ නිවාස ආවරණය වන පරිදි ...
"මෙරට ළමා පිළිකා රෝගීන් දහස පැනලා"
"2005 වසරේදී පිරිමි දරුවන් 274 දෙනකුටත්, ගැහැනු දරුවන් 249 දෙනකුටත් ළමා පිළිකාව අලුතින් හඳුනාගෙන තිබූ බවත්, 2021 දී පිරිමි දරුවන් 578 දෙනකුත් ගැහැනු දරුවන් 454 දෙනකුත් වශයෙන් 1032 දෙනකු හඳුනාගෙන ඇති බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා ඊයේ (14 දා) පැවසීය. ඒ අනුව 2021 වර්ෂයේ ළමා පිළික...
"කඩොලාන රකින්න කළ කැපවීමට ලංකාවට එක්සත් ජාතීන්ගේ සම්මානය"
"කඩොලාන පරිසර පද්ධති යළි ගොඩනැඟීම සඳහා කළ කැපවීම් උදෙසා එක්සත් ජාතීන්ගේ ‘වර්ල්ඩ් රෙස්ටොරේෂන් ෆ්ලෑග්ෂිප්’ සම්මානය මෙවර ශ්‍රී ලංකාවට පිරිනැමීමට තීරණය වී තිබේ. මෙම මස 27 වැනිදා කෙන්නියාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී මෙම සම්මානය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරෙනු ඇත. 2021-2030 පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ දශකය...
"උ/පෙළ ප්‍රතිඵල මැයි-ජුනි වන විට නව පාසල් වාරය සඳුදා"
"පැවැති උසස් පෙළ විභාගයේ (2023) ප්‍රතිඵල ලබන මැයි, ජුනි වනවිට ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (14 දා) පැවසීය. පසුගිය වර්ෂයේ පැවැත්වීමට තිබූ උසස් පෙළ විභාගය සති පහකින් කල් දැමීමට සිදුවීම නිසා 2024 නව පාසල් වාරය 2024 පෙබරවාරි 19 වැනි සඳුදායින් ආරම්භ කරන බවද ඇමැතිවරයා කීය. 2023 වර්ෂය සඳහා ...
"අලුත්කඩේ දී පොලිසියට පහරදුන් 5 දෙනෙක් අත්අඩංගුවට 4 දෙනෙක්ම කාන්තාවෝ"
"මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අලුත්කඩේ ලොකට්ලේන් වත්ත ප්‍රදේශයේ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට යෑමේදී සිවිල් ඇඳුමින් සැරසුණු පිටකොටුව පොලිසියේ නිලධාරීන් සිව්දෙනකුට වටකර පහරදීමේ සිද්ධියට අදාළව කාන්තාවන් සිවුදෙනෙකු ඇතුළු පස් දෙනකු ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි. අදාළ පොලිස් නිලධාරීන් මෙම වැටලී...
"නාඳුනන දෙදෙනාගේ වෙඩි පහරින් මෝදර අවන්හලේ කළමනාකරුට බරපතළයි"
"මෝදර පොලිස් වසමේ මෝදර වීදිය ප්‍රදේශයේ අවන්හලක කළමනාකරුවකුට පෙරේදා (13 වැනිදා) රාත්‍රී මෝටර් රථයකින් පැමිණි දෙදෙනකු කළ වෙඩි තැබීමකින් එම කළමනාකරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලබා ඇත්තේ කොළඹ 14, මහවත්ත පදිංචි 51 හැවිරිදි අයෙක් බව මෝදර පොලිසිය පවසයි. ඔහුගේ ශරීරයේ ස්ථාන කීපයකටම වෙඩි ප්‍රහාර එල්ල ...
""10 වැනි ජම්බෝරියට දෙස් විදෙස් බාලදක්‍ෂයෝ 20,000ක්""
"ජම්බෝරි සම සංවිධායක සරත් මාතරආරච්චි මහතා විසින් ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත ජම්බරි කරලේන්සුව නිල වශයෙන් පළඳවන ලද අයුරු හා ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකාර ප්‍රියාල් සිල්වා මහතා විසින් ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත නිල බැංකු සහකරු ලෙස ලංකා බැංකුවේ දායකත්වය පිරිනමන අයු...
"අලුත්කඩේ දී පොලිසියට පහරදුන් 5 දෙනෙක් අත්අඩංගුවට 4 දෙනෙක්ම කාන්තාවෝ"
"මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අලුත්කඩේ ලොකට්ලේන් වත්ත ප්‍රදේශයේ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට යෑමේදී සිවිල් ඇඳුමින් සැරසුණු පිටකොටුව පොලිසියේ නිලධාරීන් සිව්දෙනකුට වටකර පහරදීමේ සිද්ධියට අදාළව කාන්තාවන් සිවුදෙනෙකු ඇතුළු පස් දෙනකු ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි. අදාළ පොලිස් නිලධාරීන් මෙම වැටලී...
"මහින්දානන්දට එරෙහි නඩුවේ තීන්දුව අප්‍රියෙල් 25 දා"
"අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ අයථා ලෙස උපයා ගත්තේ යැයි කියන රුපියල් ලක්‍ෂ 274 ක මුදලක් යොදවා බොරැල්ල ප්‍රදේශයෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්මගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන අප්‍රේල් 25 වැනිදා ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න ...
"නිශ්ශංකගේ නමට අනුමැතිය නොදීම: – ව්‍යවස්ථාදායක සභාවට එරෙහිව නීතිඥයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට"
"අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කරන නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කර ඇති නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් කතානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව එම විනිසුරුවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන තීන්දුවක් නිකුත්කරන්නැයි ඉල්ලා...
"අටලුගම මල් කැකුළ බිලි ගත් පාපතරයා වසර 27ක් හිරේ"
"මෙයට වසර දෙකහමාරකට පමණ පෙර පානදුර අටලුගම ප්‍රදේශයේදී 9 හැවිරිදි දැරියක කුඹුරු යායක මඩේ ගිල්වා මරා දැමීමේ චෝදනාව ඇතුළු අධිචෝදනාවලට වරද පිළිගත් 45 හැවිරිදි විත්තිකරුවකුට පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා ඊයේ (13 දා) බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඬුවම් නියම කළේය. වරද පිළිගැනීමෙන් පසුව සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතන චෝදනාව...
"ඩැට් දීමනාව ඉල්ලා සෞඛ්‍යය අදත් ලෙඩ වෙයි – හමුදාව පිහිටට එයි"
"දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ඊයේ (13 දා) ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් අඩපණ වූ රෝහල් කටයුතු යම් මට්ටමින් හෝ පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කළ ඉල්ලීම් අනුව ත්‍රිවිධ හමුදාවේ 1200ක පමණ පිරිසක් ඊයේ දහවල් වනවිට රෝහල් රැසකට යොමුකර තිබිණි. රෝහල්වලින් සිදුකෙරෙන ඉල්ලීම් අනුව රෝ...
"වැඩට එන්න – ඇමැති ඉල්ලයි"
"සෞඛ්‍ය සේවාව නිසි ලෙස පවත්වාගෙන යෑම සඳහා සෑම වෘත්තිකයකුගේම සේවය ඉතා වටිනා බැවින් ජනතාව පිළිබඳව සැලකිල්ලට ගෙන නැවත සේවය ආරම්භ කරන ලෙස වැඩ වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිතිවල ඉල්ලීම සම්බන්ධව විසඳුම් ලබාදීමට පවතින සීමි...
"වර්ජනය සාර්ථකයි – වර්ජකයෝ කියති"
"වෛද්‍යවරුන්ට අනුමත කළ රුපියල් 35,000ක දීමනාව (ඩැට්) තමනට ද ලබාදී ආර්ථික යුක්තිය ඉටුකරන ලෙස රජයට බල කරමින් ඊයේ (13දා) දිවයින පුරා රෝහල්වල පැවැත්වූ වැඩ වර්ජනය අද ද (14දා) ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. පරිපූරක, අතුරු වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක ලක්‍ෂයකට අධික ...
"කැලණි පුදබිමේ උපාලි විජයවර්ධන සමරු පිංකම"
"උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 41 වැනි ගුණ සමරුව නිමිත්තෙන් ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ ඊයේ (13දා) සවස පැවති බෝධි පූජා පිංකමට කැලණිය රජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලු‍පිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩමකර සිටි අයුරුත්, උපාලි සම...
"ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂවරු 3ක් ඉල්ලා අස්වෙති"
"ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙක් ඉල්ලා අස්වී ඇත. නීතිඥ මනෝජ් ගමගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත ඊයේ (13 දා) යොමුකර තිබිණි. සුපුල් විජේසිංහ සහ ප්‍රියන්ත සේරසිංහ යන මහත්වරුන් ද සිය ඉල්ලා අස්වීම් ලිපි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික...
"බියගමට ජාතික රෝහලක්"
"ගම්පහ බියගම ප්‍රදේශයේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. බියගම උතුර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි අක්කර 7යි රූඩ් 3ක් වන ඉඩම් කොටස් දෙකක් අත්කර ගෙන මූලික යටිතල පහසුකම් සැලසීමෙන් අනතුරුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජනපති සහ සෞඛ්‍ය ඇමැති ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අන...
"කෘත්‍රිම බුද්ධිය පාසලට එයි"
"කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා පාසල් අධ්‍යාපනයට හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. ඊට අදාළ කැබිනට් යෝජනාව තාක්‍ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් විසින් ඒකාබද්ධව ඉදිරිපත් කර තිබේ. පළමුව එහි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. එම නියමු ව්...
"ජනාධිපතිවරණයට සල්ලි හරි – ජනාධිපති මාධ්‍ය අංශය"
"ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ පැවැත්වෙනු ඇති බවත් මහ මැතිවරණය ලබන වසරේදී (2025) පැවැත්වෙනු ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිවරණය සඳහා 2025 අයවැය මගින් අවශ්‍ය මුදල් ලබාදෙනු ඇති බවද ඔවුහු කියා සිටිති. මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු බවත් අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමග...
"නියමු කුටියේ දුමාරයක්: කොළඹ එන්න ගිය ශ්‍රී ලංකන් යළි හරවා මෙල්බර්න් යයි"
"ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පසුගිය සඳුදා (12දා) පස්වරුවේ කොළඹ බලා පැමිණීමට මෙල්බර්න් ගුවන් තොටුපළින් පිටත්ව සුළු වෙලාවකින් ආපසු හරවා එම ගුවන් තොටුපළටම පැමිණ ඇත්තේ එහි නියමු කුටියේ දුමාරයක් මතුවීම නිසා ඇති වූ හදිසි තත්ත්වය නිසාය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 605 ගුවන් යානය 12 වැනිදා පස්වරු 6.30 ට ...
"ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට නිවේදනයක්"
"ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා ඉල්ලුම් කරන ලද 2005.01.02 දින සිට 2007.1.31 දක්වා උපන් ඉල්ලුම්කරුවන් වෙත ඉදිරිපත් කරන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය මේ වනවිට සියලුම ඉල්ලුම්කරුවන් වෙත තැපැල් මගින් යොමු කර ඇත. ඉල්ලුම්පත්‍රයේ නිවැරදි ලිපිනය සඳහන් නොකරන ලද හෝ වෙනත් හේතු මත මෙතෙක් නොලද ඉල්ලුම්කරුවකු වේ නම් www.drp.gov.lk දරණ ප...
"දුරකථන සිම්පත නිසි ලෙස ලියාපදිංචි කර ගන්න – – විදුලි සංදේශ නියාමන කොමිසම"
"ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයකුම නිසි පරදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ඔබ දැනට භාවිතා නොකරන, දුරකථන සමාගම්වල ඔබ නමින් සිම්පතක් ලියාපදිංචි වී තිබේදැයි පරීක්‍ෂා කර ගැනීමට එම දුරකථන සමාගම් සම්බන්ධ කරගත හැකි බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ (අනුකූලතා) මේනකා පතිර...
"තැන්පත් ගාස්තුවට 11%ක පොලියක් ජනවාරියේ සිට විදුලි පාරිභෝගිකයන්ට – නීතිපති උසාවියට පොරොන්දු වෙයි"
"රට පුරා විසිරී සිටින ලක්‍ෂ 68කට ආසන්න විදුලි පාරිභෝගිකයන් විසින් විදුලි සැපයුම් ලබාගැනීමේදී ලංකා විදුලිබල මණ්ඩලයේ තැන්පත් කර ඇති රුපියල් කෝටි 2100කට ආසන්න තැන්පත් ගාස්තු සඳහා සියයට 11.67ක වාර්ෂික පොලියක් කඩිනමින් ගෙවීමට පියවර ගන්නා බව වගඋත්තරකාර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරක...
"පෙළ පොත් බෙදා දීමේ ජාතික උත්සවය අද"
"පාසල් සිසුන් සඳහා පෙළ පොත් බෙදා දීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14දා) පැවැත්වේ. මෙම උත්සවය කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයේදී අද පෙරවරුවේ පැවැත්වෙන අතර එයට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද කුමාර, උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේෂ් රාඝවන්...
"කඩාකප්පල්කාරීන්ට හෝ ජාත්‍යන්තරයට මා යටත් වන්නේ නැහැ – මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්"
"අතලොස්සක් කඩාකප්පල්කාරී පිරිස්වලට හෝ ජාත්‍යන්තරයට මා යටත් වන්නේ නැහැ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය කළුතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය. එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, රටේ නීතිය හා සාමය ආරක්ෂා කරගැනීමට පැවැති විශා...
"අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර අද ජනතා අයිතියට"
"රුපියල් මිලියන එකොළොස් දහස් පන්සීය පහළොවක ආයෝජනයක් වන එක් ලක්ෂ පහළොස් දහස් හයසීයක ජනතාවකට සෙත සැලසෙන අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර 1 ජනතා අයිතියට පත් කිරීම අද 15 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතාගේ සහභාගිත්වයෙන් අනුරා...
"යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිනිය අනුර කුමාර දිසානායක අතර හමුවක්"
"යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් ඊයේ පස්වරුවේදී ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ පවතින දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. එසේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රව...
"ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් – උදය ගම්මන්පිල"
"රාජ්‍ය නොවන සංවිධාන හරහා කරලියට ගෙනැවිත් තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ජනාධිපතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුවේද ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේබව සඳහන් කර සිටියේ ඊයේ පෙරවරුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමු...
"රටේ සෑම දරුවකුම ලක්ෂ 12ක ණයකාරයෙක් කරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බියගමදී කියයි"
"රටේ සෑම දරුවෙකුම ලක්ෂ 12ක ඒකපුද්ගල ණය බරතාවකින් පෙළෙන බවත් රට පාලනය කරන වැඩිහිටියෝ දරුවන්ගේ එම කරුණ සගවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක මේ බව කියාසිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 92 වැනි අදියර යටතේ පෙරේදා (12) දින බියගම ශ්‍රී පේමානන්ද මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහ...
"මාර්තු අවසානය තෙක් වියළි කාලගුණයක්"
"පවතින වියළි කාලගුණික තත්ත්වය ලබන මාර්තු මාසයේ අග තෙක්ම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා ‘දිවයින’ ට ඊයේ (13 දා) පැවසීය. කෙසේ වෙතත් මෙම මාසයේ 16 වැනිදා දක්වා සුළු, සුළු වැසි වාර කිහිපයක් නැඟෙනහිර, ඌව, උතුර, දකුණ, උතුරු මැද පළාත්වලටත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව දිස්ත්...
"මීගොඩ ආර්ථිකයේ කොල්ලයක් – ඔහොම හිටපං හෙල්ලෙන්න එපා"
"මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (12 දා) අලුයම කඩා වැදී එහි සේවිකාවකට වෙඩි තබා මුදල් කොල්ලකාගෙන පලා ගිය සන්නද්ධ කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් කණ්ඩායම් 4 ක් විමර්ශන ආරම්භ කර ඇත. කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ 23 හැවිරිදි සේවිකාව හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ. පළාගි...
"මල්වතුහිරිපිටියේ දී වෙඩි වැදී මියගිය සැරයන්ට උසස්වීමක්"
"මල්වතුහිරිපිටිය සණස බැංකුව අසල දී වරෙන්තුකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්‍ෂක තනතුරකට උසස් කළ බව නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ඊයේ පැවසීය. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මියගිය පොලිස් නිලධාරියාට ...
"ශ්‍රීමත් ඩී. බී. ජයතිලක 156 වන ජන්ම සංවත්සරය අද"
"අප මාතෘ භූමියට අප්‍රමාණ මෙහෙවරක් කළ ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකික ජනනායකයකු වූ ශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමන්ගේ 156 වන ජන්ම දින සංවත්සරය අද (13 දා) ට යෙදී තිබේ. මෙම ජන්ම දින සමරුවට සමගාමීව ඩී. බී. ජයතිලක පිළිරුවක් කැලණියේදී නිරාවරණය කිරීම සිදුකෙරේ. බුදුදහම පිළිබඳව ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් හා ප්‍රතිපදාවෙන් යුතුව බුද්ධ ධර්මයට...
"ඉන්දීය ශ්‍රී ලංකා නව ඩිජිටල් ගෙවීම් ක්‍රමය ඇරඹේ"
"ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඒකාබද්ධ ගෙවීම් අතුරු මුහුණත (UPI) එළිදැක්වීම ඊයේ (12 දා) ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. මේ නිමිත්තෙන් දෙරටේ රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් මාර්ගගතව පැවැති නිල සමාරම්භක උත්සවය අමතමින් මෙම නව ගෙවීම් ක්‍රමවේදය...
"උපාලි විජයවර්ධන සමරු පිංකම් අද රට පුරා"
"උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මැතිතුමන්ගේ 41 වැනි ගුණසමරුව පෙබරවාරි 13 වැනිදාට (අදට) යෙදී තිබේ. මේ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාර අලෙවි නියෝජිතයන්, සේවක සේවිකාවන් සහ ජනතාව විසින් දිවයින පුරා ආගමික ගුණසමරු උත්සව සහ පිංකම් රැසක් සංවිධානය කර ඇත. 13 දා අඟහරුවාදා උදේ 9.00ට දිව්‍ය පූජාවක් මට්ටක්කුලිය දේවස්ථ...
"බාල බෙහෙත් දීලා ලෙඩා මරන ඇමැතිලා ඉන්න රටකින් ජනතාවට යහපතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?"
"පසු ගිය දවස්වල අපි ඉන්දියාවට ගියා. අපි ඉන්දියාවට ගියා කියල ඕගොල්ලෝ දැන ගත්තේ කාගෙන්ද. එක්කෝ සජිත්ගෙ කටිටියගෙන්. එක්කෝ රනිල්ගෙ කටිටියගෙන්. එක්කෝ මහින්දගේ කට්ටියගෙන්. හැබැයි අපි නිශ්ශබ්දයි. මේකෙන් මොකක්ද අර්ථවත් වෙන්නේ? සතුරා නොහිතන විශ්මිත දේවල් සිදුවීම තමා අද මේ ආරම්භ වී තිබෙන්නේ.ඒ නිසා සතුරා කලබලයට පත්වෙලා. අද මේ දුෂ...
"ටවර් හෝල් නාට්‍ය උළෙලේ අද ‘බරවකුඹුකේ සියදෝරිස්’ සහ කවිකාරයා"
"ටවර් හෝල් රඟහල පදනම බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යයේ ටවර් නාට්‍ය උළෙල 2024 අද වේදිකාගත වන්නේ එල්ෆින්ස්ටන් රඟහල- ප.ව. 3.30 හා ප.ව. 6.30 ජගත් මුතුකුමාරණගේ – ‘බරවකඹුකේ සියදෝරිස්’ටවර් රඟහල ප.ව. 3.30 හා ප.ව. 6.30 මොහොමඩ් රපිගේ ‘කවිකාරයා’ මුද්‍රිත මාධ්‍ය අනුග්‍ර...
"ලීසිං අරන් මග හරින අය අල්ලන නිලධාරීන්ට බාධා කරන කුමන්ත්‍රණයක්"
"ලීසිං නොගෙවන වාහන හා දේපළ අත්පත් කර ගැනීමට නීත්‍යානුකූල බලය පවරා ඇති නිලධාරීන්ට එම රාජකාරිය කිරීමට බාධා පමුණුවමින් ඔවුන් හා මහජනතාව කුපිත කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමය පවසයි. සංගමයේ සභාපති සංජීව කුමාර, ලේකම් මංජු ශ්‍රී ලියනගේ සංවිධායක කේ. කේ. ස...
"ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ ප්‍රවචන කීර්ති ශ්‍රී සුමන ගුණරතන ගෞරව නාමයෙන් පිදුම් ලබති"
"රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහා විහාර සංඝ සභාවේ ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ශාස්ත්‍රපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ ඊයේ (12දා) නුවර මල්වතු මහා විහාරීය උපෝසථාගාරයේදී ප්‍රවචන කීර්ති ශ්‍රී සුමන ගුණරතන ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ. ශ්‍යාමෝපාලි මහානිකා...