Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"නිල ඡන්ද පත්‍රිකා 80%ක් මුද්‍රණය කර අවසන්" | "නිල ඡන්ද පත්‍රිකා 80%ක් මේ වනවිට මුද්‍රණය කොට ඇතැයි රජය මුද්‍රණාලයේ ආරංචි මාර්ග පවසයි. ලබන 14දා (සෙනසුරාදා) වනවිට එම මුද්‍රණ කටයුතු සියල්ල අවසන් කළ හැකි බව ද රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කරයි. පොලිස් ආරක්ෂාව යටතේ මෙම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සිදුවේ.සඳුනි තාරකා" |
"සැත්කම් පෝලිම වසරක් තුළ නැති කරන බව ජනක කියයි" | "සෞඛ්‍ය සේවයේ සැත්කම් සිදුකර ගැනීමේ බලාපොරොත්තුවෙන් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින සියලු දෙනාට සිය රජයක් යටතේ වසරක් ඇතුළත සැත්කම් සිදුකර අවසන් කරන බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පැවසීය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රත්නායක මහතා මෙසේද කීවේය. කොළඹ මහ රෝහලේ පමණක් හ... |
"රට යවන්න සල්ලි අරන්! රාජ්‍ය ඇමැතිට දැල එළයි" | "කොච්චිකඩේ ප්‍රදේශයේ කාන්තාවක ඔස්ටේ්‍රලියාවේ රැකියාවක් සඳහා යවන බව කියමින් එම කාන්තාවගෙන් රුපියල් විසිනව ලක්ෂ පනස්දහසක මුදලක් වංචනික ලෙස ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති නාගරික සංවර්ධන සහ නිවාස ඉදිකිරීම් රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම වංචාව... |
"තවත් රාජ්‍ය ඇමැතිවරු 5ක් දොට්ට" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් රාජ්‍ය ඇමැතිවරුන් 05 දෙනකු ඊයේ (10දා) එම ධුරයන්ගෙන් ඉවත් කළේය. සමගි ජන බලවේගයට එක්වූ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ සහ වාරිමාර්ග රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී. වී. චානක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යව... |
"මාලිමා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණොත් බිලියන හාරදහසක් රටට අහිමි වෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගම්පොළදී කියයි" | "මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න ගියහොත් වාර්ෂිකව රුපියල් බිලියන හාරදහසක් රටට අහිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගම්පොළ ජන රැලියේදී පෙරේදා (09 දා) පැවසීය. මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව වාර්ෂිකව රුපියල් බිලියන 8900ක වියදමක් යන බව කී දිසානායක මහතා බදු අඩුකළ විට ලැබෙන ආදායම රුපියල් බිලියන 4900... |
"තරුණ ප්‍රජාවට නව බලාපොරොත්තුවක්: ව්‍යවසායකයන් දස ලක්‍ෂයක් බිහිකරනවා – ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "තරුණ ප්‍රජාවට නව බලාපොරොත්තුවක් ලබාදෙමින් නව ව්‍යවසායකයින් දස ලක්‍ෂයක් බිහි කිරීම මහනුවරින් ආරම්භ කර එය රට පුරා ව්‍යාප්ත කරන බව සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දී පැවසීය. මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන ර... |
"කලාව රසවිඳිය හැකි ජාතියක් නිර්මාණය කිරීම මාලිමාවේ අපේක්ෂාවයි – මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක" | "අපේ සමාජය එකිනෙකාට රැකවරණයක් නොමැති සමාජයක් බවට පත්වී තිබෙනවා. කාන්තාවන්ට දරුවන්ට ආරක්ෂාවක් නොමැති වී තිබෙනවා. අනෙකාගේ දුකකදී කම්පනයක් ඇති නොවන සමාජයක් බවට පරිවර්තනය වී තිබෙනවා. සිනහවක් නොමැති, වියැලුණු සමාජයක් අප ඉදිරිපිට තිබෙනවා. අනෙක් හැම ක්ෂේත්‍රයක් වාගේම මේ සමාජය යළි සුවපත් කිරීමේ වගකීම රජයක් ලෙස අපටත් එහි ක්‍රිය... |
"විරැකියා අනුපාතය තනි ඉලක්කමට ගෙනාවේ මහින්ද යුගයයි – නාමල් රාජපක්‍ෂ" | "ජනතාව ඉදිරියේදී තමා ප්‍රකාශ කරන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. අනෙක් අයට නොදෙවෙනි දේශපාලන පොරොන්දු දී නැතැයි පෙන්වා දෙන ඒ මහතා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ පුළුවන් කියා පවසන බවද තමාගේ දැක්ම... |
"“කියන දේ කරන්නේ නෑනේ” එ.ජා. මානව හිමිකම් කොමසාරිස්ගෙන් ශ්‍රී ලංකාවට දොස්" | "“ලංකාව කියන දේ කරන්නෙ නෑ” යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල කර තිබේ. වසර දෙකකට පෙර පැවැති මහජන විරෝධතා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ දූෂණය සහ බලය අනිසි ලෙස භාවිත කිරීම අවසන් කරන ලෙස ඉල්ලා සිටි නමුත්, මෙම ඉල්ලීම් බොහොමයක් ඉටු නොවූ බවත් එක්සත් ජාතීන්ගේ ... |
"මානව හිමිකම් සභාපතිට ශ්‍රී ලංකාවේ අද තත්ත්වය ගැන අවබෝධයක් නෑ" | "මානව හිමිකම් කවුන්සිලය යෝජනා කරන වගවීමේ යාන්ත්‍රණයට ශ්‍රී ලංකාව දැඩිසේ විරුද්ධ වන බව මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවේ අනුමැතියකින් තොරව බාහිර සාක්ෂි රැස්කිරීමේ යාන්ත්‍රණය අනිවාර්යය කිරීමේ යෝජනාවට ලංකා රජය දැඩිව විරෝධය පළකර තිබේ. දරුණුතම ආර්ථික අර්බ... |
"ජීනිවා ශ්‍රී ලංකාවට යෝජනා කරන වගවීමේ යාන්ත්‍රණයට චීනයේ විරෝධය" | "ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් සිදුකරන මෙහෙය චීනයේ ඇගයීමට පාත්‍ර වී තිබේ. දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගෙන යමින් ආර්ථිකය ගොඩනැඟීම කෙරෙහි ලංකා රජය සිදුකරන කාර්යය අගය කරන බව මානව හිමිකම් කවුන්සලය නියෝජනය කරන චීන නිත්‍ය නියෝජිත ලී ෂිශාවෙයි සඳහන් කර ඇත. ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේදී මේ කරුණු සඳහන් කර ඇත. මානව හ... |
"යන ක්‍රමය වෙනස් වුණොත් යළි පෝලිම් යුගයක් වේවි – එජාප සභාපති වජිර අබේවර්ධන" | "කවුරුහරි පොරොන්දු ගොඩක් ලියලා කොළයක් දීලා ඔවුන්ට ඡන්දය දෙන්න කියලා කිව්වට කවදාවත් ඒ පොරොන්දු ඉටු කරන්න ලැබෙන්නේ නෑ. ඔවුන් ඔබට සිදු කරන්නේ විශාල බොරුවක්. අපේ අරමුණ කවුරුවත් ඉවත් කරන්න, කොන් කරන්න නොවෙයි. එකතු කර ගන්න. දැනට තිබෙන ක්‍රමය වෙනස් වුණොත් අනාගතයේදී රට තුළ අර්බුදයක් ඇතිවේවි” යයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ... |
"අදත් තරමක තද වැසි" | "බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද වැසිද, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද (11දා) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද රාත්‍රී කාලයේදී වැසි හෝ... |
"සා/පෙළ ප්‍රතිඵල මේ මාසයේ දී" | "2023 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (10 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු අවසන් අදියරයේ පවතින බවද හෙතෙම කීය. ඔහු මෙසේද කීවේය. “අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය... |
"මහපොළ රු. 7500ට නගී ශිෂ්‍යාධාර වාරිකය රු. 6500ක්" | "මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රු. 7500ක් දක්වා සහ ශිෂ්‍යාධාර වාරිකය රු. 6500ක් දක්වාත් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ලබන වසරේ (2025) අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වාරික මුදල් වැඩි කිරීමට නියමිතය. විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර වාරික වර්ෂ 2015 සිට මේ දක්වා වැඩිකර නොමැති බැවින් එකී වාරික මු... |
"ජනක රත්නායකගෙන් ලක්ෂ 300ක් අල්ලස් ගැනීම: පක්ෂයේ දෙදෙනා යළි රිමාන්ඩ්" | "මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සිය පක්ෂයෙන් නාමයෝජනා ලබාදීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් නිලධාරීන් දෙදෙනා ලබන 18 වැනිදා දක්වා තවදුරටතේ රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධා... |
"බලශක්තියට නියාමන ආයතනයක්" | "බලශක්තිය අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත්ව තිබූ කමිටු නිර්දේශය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවේ බලශක්ති අංශවලට නියාමන ආයතනයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මේ කමිටුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව පත්කර තිබුණි. එම කමිටුව විසින්... |
"අන්තරේ කැඳවුම්කරු ඇතුළු 10 දෙනෙක් අත්අඩංගුවට" | "කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැති විරෝධතාවයක් අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු දසදෙනෙක් ඊයේ (10 වැනිදා) පස්වරුවේ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කර ත... |
"තරිඳුලාට නාගමුවලාට චෝදනා ගොනු නොකළොත් මුදාහරිනවා: උසාවියෙන් පොලිසියට අවවාද" | "කම්කරු අරගල මධ්‍යස්ථානය සංවිධානය කළ විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, දුමින්ද නාගමුව, නයනා රංගනී යන තිදෙනාට එරෙහිව චෝදනා ගොනු කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන් තිදෙනාම නඩු කටයුත්තෙන් මුදාහරින බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (10දා) පොලිසියට අවවාද කළේය. 2023 ජූලි 28 වැනිදා අත්අ... |
"ආරක්‍ෂාව ගැනත් හිතන්න – ජනපති අපේක්‍ෂකයින්ට පොලිසියෙන් උපදෙස්" | "ජනපතිවරණ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත්ව දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස පොලිසිය උපදෙස් දී තිබේ. අපේක්ෂකයන්ගේ ප්‍රධාන රැස්වීම්වලට පොලිසිය දැඩි ආරක්ෂාව යොදා ඇතත් ඇතැම් අපේක්ෂකයන් වේදිකාවට පිවිසීමේදී හා නික්ම යෑමේදී ආධාරකරුවන් පිරිවරාගෙන රැස්වී කටයුතු කිරීම තුළ පවතින අනාරක්ෂිත තත්ත්වය ගැන ද පොලිසිය අදාළ අංශ දැනුවත් ... |
"සියලු පාසල් 20 වැසේ – ඡන්දයට පාසල් වසන හැටි අමාත්‍යාංශය කියයි" | "මෙම මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිසා දිවයිනේ සියලු පාසල් මෙම මස 20 වැනිදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. නැවත පාසල් ආරම්භ කරන්නේ 23 වැනිදාය. ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 19 වැනිදා පාසල් වේලාවෙන් පසු අවශ්‍යතාව පරිදි අදාළ ග්‍රාමනිලධාරීන් වෙත භාරදිය යුතුය.... |
"සජිත්ට සහාය පළ කරමින් ගීතා මහනුවර සජබ රැලියට එක්වෙයි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඇය ඊයේ (9දා) මහනුවර පැවති සමගි ජන බලවේගයේ ජන රැලියට එක්ව සහයෝගය පළ කළාය. ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ඇය මේ වන විට කාන්තා හා ළමා ක... |
"පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සුරකින ආණ්ඩුව පිහිටුවන්නේ මාලිමාවයි" | "පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සුරක්ෂිත කරන ආණ්ඩුව පිහිටුවන්නේ මාලිමාව යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වැනි වාර්ෂික මහා සමුළුව පෙරේදා (8 දා) මාළිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවැති අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය. ශ්‍රී... |
"විවෘත සංවාදයකට අනුරගෙන් රනිල්ට අභියෝගයක්" | "ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට විවෘත සංවාදයක් සඳහා පැමිණෙන ලෙස ඊයේ (09දා) ආණමඩුව ප්‍රදේශයේ පැවැති ජන රැලියකදී අභියෝග කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ වේදිකාවලදී තමා සහ සිය බලවේගය පිළිබඳව පවසන සෑම ප්‍රශ්නයකටම මෙම සංවා... |
"වතු ජනතාව රටේ එක හා සමාන පුරවැසියන් ලෙස පිළිගනිමින් වතු ප්‍රජාව වෙනුවෙන් උදා ගම්මාන වැඩසටහනක් අරඹනවා" | "වතු ප්‍රජාව වෙනුවෙන් වෙනම උදා ගම්මාන වැඩසටහනක් දියත් කරන අතරේ වතු ජනතාව රටේ එක හා සමාන පුරවැසියන් ලෙස පිළිගන්නවා යැයි සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් ජන ර... |
"හෙළ ජන සංස්කෘතිය වෙනුවෙන් ජනාධිපති විශේෂ කාර්ය බළකායක්" | "හෙළ ජන සංස්කෘතික ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනම ම ඒකකයක් ඇති කරන බවත්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම රජයේ ආයතන ඒකාබද්ධ කරන බවත් හෙළ ජන සංස්කෘතිය වෙනුවෙන් ජනාධිපති විශේෂ කාර්ය බළකායක් ස්ථාපිත කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ සමගි හෙළ ජන සංස්... |
"නින්ද මොළයේ විෂ ඉවත් කර සෞඛ්‍යය රැකදෙයි" | "නින්ද මොළයේ විෂ ඉවත් කරන බව වෛද්‍ය අධ්‍යයනවලින් හෙළිව තිබේ. අධ්‍යයනවලින් පෙනී යන්නේ පුද්ගලයකු දිනකට පැය 7 සිට 9 ක් දක්වා නිදා ගතයුතු බවයි. (මෙය වයස අනුව වෙනස් වේ.) ඊට ප්‍රතිවිරුද්ධව, පුද්ගලයකු නිදා ගන්නේ පැය 5ක් පමණක් නම් පැය 2ක හිඟයක් ඇත. දින කිහිපයක් එක දිගට පැය 2ක් හෝ 3ක් නින්ද නැතිවීම ‘නිදි ණය’ ලෙස හැඳින්වේ. අධ්‍ය... |
"දයාසිරි නීතිඥ වෘත්තියේ ආචාරධර්ම කඩකළා එරෙහිව පියවර ගන්නැයි වසන්ත නීතිඥ සභාපතිට ලියයි" | "තමා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරිය විසින් වරෙන්තු නිකුත් කොට ඇති බවට 2024.09.06 වැනිදා ජනහමුවකදී කළ සාවද්‍ය ප්‍රකාශය මගින් නීතිඥ දයාසිරි ජයසේකර මහතා නීතිඥ වෘත්තියේ ආචාරධර්ම උල්ලංඝනය කර ඇති බැවින් ඔහුට එරෙහිව සුදුසු පියවර ගන්නැයි ඉල්ලා ජාතික ජන බලවේගය පක්ෂයේ ජාතික විධායක කමිටු සාම... |
"එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ඉල්ලන පෙත්සම් නොවැම්බරයට කල් යයි" | "ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් එහි ගබඩා කොට තිබූ විෂ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට මිශ්‍රවීම නිසා මෙරට ධීවරයන්ට සිදුවූ හානියට වන්දි ගෙවීමට නියෝගයක් ඉල්ලා, සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම් හා අතරමැදි පෙත්සම් ලබන නොවැම්බර් 5 වැනිදා දක්වා කල්තැබීම... |
"මහ බැංකුව ඉන්දීය සංචිත බැංකුවට ඩොලර් මිලියන 450ක් ණය ගෙවයි" | "ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දීය සංචිත බැංකුව වෙත මේ වසරේ (2024) පළමු මාස හයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් ගෙවා ඇති බව මහ බැංකුවේ නිල දත්ත වාර්තා පෙන්වා දෙයි. ඉකුත් ජුනි මස වනවිට මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2001.43ක් ණය වී තිබුණි. ගිය වසරේ (2023) තුන්වන කාර්තුවේදී එම දත්ත මුල්වරට අන... |
"විරෝධයක් එල්ල වුණේ නැහැ – ප්‍රමිත කියයි" | "දඹුල්ල නගරයේ අත් පත්‍රිකා බෙදමින් මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් සිදුකිරීමේදී ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු ආධාරකරුවන් පිරිස සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බවට දිවයින පුවත්පතේ ඊයේ (09දා) පළවී තිබූ පුවත සම්බන්ධයෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මාධ්‍ය ලේකම් ඕ.කේ.ටී. හසන් මුසාලි මහතා මෙස... |
"ඡන්දය ළං වෙද්දී ප්‍රචණ්ඩ ක්‍රියා සහ නීති කැඩීම් ඉහළට" | "මැතිවරණය පැවැත්වෙන දිනය ආසන්න වීමත් සමගම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ නීති උල්ලංඝනය කිරීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව පොලිස් මැතිවරණ පැමිණිලි අංශය පවසයි. මේ වනවිට දෛනිකව මැතිවරණ පැමිණිලි 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වන බවද එම අංශය වැඩිදුරටත් කියා සිටියි. මැතිවරණ පැමිණිලි ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන ප්‍රදේශ හඳුනාගෙන එම ... |
"අනුරගේ ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයද අපනයන ආර්ථිකයද? – ජනාධිපති රනිල් වික්‍රමසිංහ අසයි" | "අනුර කුමාර දිසානායකට තමා මූලික ප්‍රශ්න දෙකක් යොමු කරන අතර එම ප්‍රශ්න දෙකට පිළිතුරු දෙනතුරු තමා හැම වේදිකාවකම එම ප්‍රශ්න දෙක විමසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිමඩ දී පෙරේදා (8 දා) පැවසීය. අනුර කුමාර අනුමත කරන්නේ ආනයන ආර්ථිකයද? අපනයන ආර්ථිකයද? යන ප්‍රශ්නයට මුලින් පැහැදිලි පිළිතුරක් දෙන්නැයි කී ජනාධිපතිවරයා දෙව... |
"මුදලාලිලාගේ මිලටම මණ්ඩලයත් වී ගැනීම අරඹයි" | "මෙවර යල කන්නයේ වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදීගෙන ඇත්තේ වී මෙටි්‍රක් ටොන් ලක්ෂයක් වැනි සුළු ප්‍රමාණයක් බව, මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි. මේ නිසා පෞද්ගලික අංශයේ ගොවීන්ගෙන් වී කිලෝවක් ගන්නා මිලටම මණ්ඩලයත් වී ගැනීමට තීරණය කර ඇත. එම තීරණයත් සමග රු. 105-110 අතර මිලක තිබූ කීරි සම්බා වී කිලෝවක මිල මේ ... |
"ඡන්දය උණුසුම්: කලබල එපා- කොමිසම අපේක්ෂකයන්ට දන්වයි" | "මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබියදී කලහකාරී සිද්ධීන් ඇති නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් ඊයේ (09දා) අපේක්ෂකයන්ට උපදෙස් දී තිබේ. මැතිවරණ නීති උල්ලංඝනය නොකරන ලෙස ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් දැනුම් දී තිබේ. අපේක්ෂකයන් වෙනුවට ඔවුන්ගේ නියෝජිතයන් මැතිවරණ කොමිසම හමුවට ගෙන්වා මෙම උපදෙස් දී තිබේ.නෝමන් පලි... |
"පුළුවන් දේ පුළුවන් කියනවා වගේම බැරි දේවල් බැහැ කියන්න ඕන" | "ඡන්ද ගන්න පොරොන්දු දේශපාලනයෙන් ඉවත් වෙන්ඩ ඕන. අපි ඇත්ත කතා කරන්න ඕන. පුළුවන් දේ පුළුවන් කියනවා වගේම බැරි දේවල් බැහැ කියන්න ඕන යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා 08 දා බදුල්ලේ පැවැති ජනහමුවක් අමතා පැවැසීය. බදුල්ල තැපැල් සංකීර්ණයේ ශ්‍රවණාගාරයේ පැවැති එම ජන හමුව අමතා හෙතෙම තවදුරටත් මෙසේද ... |
"හැඳුනුම්පත් අලුත් කළ අයට පරණ අංකයට ඡන්ද කාඩ් ඇවිත්" | "ජාතික හැඳුනුම්පත් අලුත් කළ අයට පරණ හැඳුනුම්පතේ අංකය සඳහන් කරමින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත ලැබී ඇතැයි ඇතැම් ඡන්දදායකයෝ චෝදනා කරති. ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන පත්‍ර අලුත් කිරීමේදී නව හැඳුනුම්පතේ අංක යොදා පුරවා දුන්නත් නව අංකය සඳහන් කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එවා නොතිබීම කනගාටුවට කරුණක් බව ඔවුහු සඳහන් කරති. ... |
"පූජිත් පාස්කු වන්දිය සම්පූර්ණයෙන්ම ගෙවා නිමකරයි" | "හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ රුපියල් මිලියන 75ක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබේ. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරමාලාව වළක්වා ගැනීමට පියවර නොගැනීම මගින් පාස්කු වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරමින් අගවිනිසුරු ප්‍රමුඛ සත්පුද්ගල වි... |
"වැට් වෙනස් කළොත් රජයේ ආදායම් ඉලක්ක අවදානමේ" | "වර්තමානයේ වැට් බද්ද හෝ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද වෙනස් කළ හොත් එය රජයේ ආදායම් ඉලක්ක සැලකිය යුතු අවදානමට ලක් කරනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. එහෙත් වැට් බද්දේ බදු අනුකූලතාව (බදු ගෙවීම) වැඩිදියුණු කර ගනිමින් වැට් බද්දෙන් රජයට ලැබෙන ආදායම වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන බවද එම අමාත්‍යාංශය කියයි. වැට් බද්දේ බදු අනුකූලතාව... |
"ප්‍රජාතන්ත්‍රවාදය වියදම් වැඩියි: වරදාන ප්‍රදාන නොතකා ඡන්දය දෙන්න – හිටපු මැකොස මහින්ද දේශප්‍රිය" | "ප්‍රජාතන්ත්‍රවාදය වියදම් අධික බවත්, ප්‍රදාන, වරදාන නොතකා ඡන්දය දීම ඔබේ අයිතියක් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ජනමාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් සමග පැවති සුහද සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද දේශප්‍රිය මහතා එසේ පැවසීය. ඒ මහතා වැඩිදු... |
"බානගල උපතිස්ස හිමි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවෙති" | "ඉන්දියාවේ සාංචි විහාරයේ 72 වන සංවත්සරය මෙම වසරේ නොවැම්බර් මස 29 වැනිදාට යෙදී තිබේ. එය නිමිතිකර ගනිමින් පැවැත්වෙන සැරියුත් සහ මුගලන් මහ රහතන්වහන්සේලාගේ ධාතු ප්‍රදර්ශනය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කිරීම, මහා බෝධි සමාගමේ සභාපති යොෂිඩා ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ බානගල උපතිස්ස නාහිමියන් විසින් නවදිල... |
"යූටියුබ් වීඩියෝ මගින් බියගැන්වීම් හා වෛරය පතුරන අය අල්ලන්න" | "යූටියුබ් නාලිකා හරහා ප්‍රචාරය වන කෙටි වීඩියෝ පට මගින් සාපරාධි බියගැන්වීම් හා වෛරී ප්‍රකාශ සිදුවන නිසා, මෙයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරන ලෙස ඉල්ලා කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන සහකාර තේරීම් භාර නිලධාරි එස්.ඒ.එන්.ආර්. සුබසිංහ මහතා විසින් මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝ... |
"දඹුල්ල උණුසුම් වෙයි: – ඇමැති ප්‍රමිත පොලිසියෙන් හරවා යවයි" | "ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල නගරයේ කොළ බෙදමින් මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීමට උත්සාහ දැරීමත් සමඟ පොලිසිය පැමිණ එම කටයුත්ත නවතා දැමූ අතර ඒ සමඟ දැඩි උණුසුම් තත්ත්වයක් ඊයේ (08දා) හටගැනිණි. මෙම සිද්ධිය ගැන අදහස් දැක්වූ දඹුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. ආර්. එම්. වසන්ත මහතා මෙස... |
"අපනයන ඉපයීම් රුපියල්වලට හැරවීමට දුන් කාලය ලිහිල් කරයි" | "භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර ඇත. සාර්ව ආර්ථික වර්ධනයන් විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ... |
"තලතා වැලිමඩ රනිල්ගේ රැලියේ….." | "හිටපු ඇමැතිනියක හා හිටපු මන්ත්‍රීවරියක වන තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (08 දා) වැලිමඩ පැවැති ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන රැලියට එක් වූවාය. හරීන් ප්‍රනාන්දු මහතාද අසළ වෙයි. චමින්ද සිල්වාපිංතූරය නිශාන් – එස්. ප්‍රියන්ත" |
"මාලිමා ජයග්‍රහණය ගැන බයවෙලා දෙගොල්ල එකතු වෙන්න හදනවා" | "දැන් අපේ විරුද්ධවාදීන් සැලසුම් හදන්නේ ඒ ගොල්ලන්ගේ පරාජයෙන් ගැළවෙන්න. ඒ නිසා තමයි දැන් දෙගොල්ලෝ එකතු වෙන්න කතා කරන්නේ. ජාතික ජන බලවේගයේ නියත ජයග්‍රහණය හමුවේ ඒ ගොල්ලෝ විශාල භීතියකට පත්ව සිටිනවා. රනිල් වික්‍රමසිංහ කියනවා සජිත්ට ගහන කතිරය, අනුරට ගහන කතිරයක් කියලා. සජිත් ගාල්ලට ගිහිල්ලා කියනවා රනිල්ට ගහන කතිරය, අනුරට ගහන එ... |
"මඩකළපුවේ – රනිල්ගේ රැලියට ජීව උණ්ඩයක් රැගෙන ආ තරුණයා දැලේ" | "මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08 වැනිදා) මඩකළපුව සන්දිවේල් ප්‍රදේශයේ පැවැති ජන රැලියකට පැමිණි තරුණයකු සතුව ජීව උණ්ඩයක් තිබී සොයාගත් බව සන්දිවේල් පොලිසිය පවසයි. සැකකටයුතු ලෙස හැසිරුණු මෙම පුද්ගලයා ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින... |
"අපනයන ඉපයීම් රුපියල්වලට හැරවීමට දුන් කාලය ලිහිල් කරයි" | "භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර ඇත. සාර්ව ආර්ථික වර්ධනයන් විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ... |
"දූෂණය පිටුදකින ස්වර්ණමය යුගය ලබන 21 දායින් පසු අරඹනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝමාගම දී කියයි" | "“අපේ මාතෘ භූමිය බරපතළ ඛේදවාචකයකට ලක්ව තිබෙන මොහොතක ජන ජිවිත අඩාල වී තිබෙන මොහොතක සුපිරිසිදු පාලනයක් තුළ ලක්ෂ 220 ක්වූ පොදු ජනතාවට වගකියන, වගවෙන, විනිවිද භාවයෙන් යුත් ශක්තිමත් පොදුජන කෙන්ද්‍රීය පාලනයක් තුළ අපි මේ රට අනිවාර්යෙන් ගොඩගන්නා බව සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේම... |
"සිමෙන්ති සෙස් බද්ද රුපියලකින් බස්සයි්" | "ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙම මස 06 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති සෙස් බද්ද රුපියලකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. එම අඩු කිරීමට අනුව කෘත්‍රිම ලෙස වර්ණ ගැන්වූ හෝ නොගැන්... |
"පුනර්ජනනීය බලශක්තිය හරහා වසරකට රුපියල් බිලියන 125 ක් රටට ඉතිරි කර දුන්නා" | "‘සූර්ය බල සංග්‍රාමය’ හරහා මෙගාවොට් 1000ක සූර්ය බල ශක්තියක් ප්‍රධාන විදුලිබල ප්‍රවාහයට එක්කරදීම සඳහා මූලිකත්වය ගනිමින් වසරකට රුපියල් බිලියන 125 බැගින් රටට ඉතිරි කර දුන් බව සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ හිටපු සභාපති ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා පැවසීය. ඩීසල්, ගෑස් හා ගල්අඟුරු සඳහා විශාල වශයෙන් විදෙස් විනිමය ගල... |
"සුජීව හඬ නිහඬ වෙයි" | "ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදකයකු, වෙළඳ දැන්වීම් ඉදිරිපත් කරන්නකු සහ ගී පද රචකයකු වූ සුජීව හරිස්චන්ද්‍ර මහතා ඊයේ අභාවප්‍රාප්ත විය. හදිසි රෝගී තත්ත්වයක් මත ඊයේ උදේ රෝගාතුරව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඒ මහතා මියගිය බව පවුලේ ඥාතීහු ‘දිවයින’ට පැවසූහ. ඔහු මියයන විට 59 වැනි විය... |
"රනිල් කාත්තන්කුඩියේ" | "ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාත්තන්කුඩි බදුරියා ජුම්මා දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබාගත් අවස්ථාවේ මෙම දසුන සටහන් විය." |
"4 ක් එන බව කිව්වත් ජනපති අපේක්‍ෂක විවාදයට ආවේ දිලිත් විතරයි" | "මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කළ ජනාධිපති අපේක්ෂක විවාදය සඳහා පැමිණ සිටියේ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පමණි. මෙම විවාදය පෙරේදා (07දා) පස්වරුවේ පැවැත්විණි. සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන මහත්වරුන් පෙරේදා විවාදයට සහභාගි වන බවට දැනුම් දුන්නත් ඒ සඳහා එක්ව සිටියේ ව්‍යවසායක දිලිත් ජයවීර ම... |
"උතුරට තර්ජනය කිරීම ගැන උතුරෙන් මෙන්ම දකුණෙන්ද අනුර කුමාර සමාව ගත යුතුයි" | "අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ නල්ලූර් තංගලියම් උයනේ පැවැති ජන රැලියේදී පෙරේදා (07 දා) පැවසීය. දකුණේ මතයට හවුල් නොවුණහොත් උතුරේ ජනතාව වෙනසට විරුද්ධ වූවන් ලෙස දකුණේ ජනතාව විසින් සිතනු ඇතැයි අනුර දිසානායක යාපනයට... |
"අනුර නීතිඥ සමුළුවේ" | "ජාතික ජන බලවේගයේ නීතිඥවරුන්ගේ සමුළුව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති අවස්ථාවේ ඊට එක්වූ ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මෙහි වෙයි…." |
"සජිත් නීතියේ ස්වාධීනත්වය පතමින්" | "නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අවධාරණය කරමින් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති නීති ප්‍රතිසංස්කරණ හා පද්ධති වෙනස සම්මන්ත්‍රණයේ දෙසුම පැවැත්වීමට පැමිණි සජබ ජනපති අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එය අවසානයේ රැස්ව සිටි පිරිසක් සමග." |
"රජයේ ආදායම් ඉලක්කයට බාධා නොවන ලෙස බදු අඩු කරනවා – මුදල් අමාත්‍යාංශය" | "රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට බාධා නොවන අන්දමින් බදු අනුපාත ක්‍රමයෙන් අඩු කිරීම රජයේ අපේක්‍ෂාව බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා පුද්ගල ආදායම් බදු කාණ්ඩ සඳහා බදු අඩු කිරීම දැනටමත් ප්‍රකාශයට පත්කර ඇතැයි ද එම අමාත්‍යාංශය කියයි. සක්‍රීය බදු ලිපිගොනු 437,547ක් 2022 වසරේ තිබුණු අතර එම බදු ලිපිගොනු ප්‍රමාණය 2023 වසරේදී 99... |
"රටේ සම්පත් හොරා කෑ අයට බලයට එන්න ඉඩ තැබුවොත් එය ඛේදනීයයි – ජනපති අපේක්ෂක ජනක රත්නායක" | "මේ රට කාබාසිනියා කරපු අයට නැවතත් ඡන්දය දීලා ඒ අයව බලයට ගේන්න මහජනයා උත්සාහ දරනවා නම් ඒක ඉතාමත්ම ඛේදජනක තත්ත්වයක් බව එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනක රත්නායක මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කීය. ප්‍රධානයි කියාගන්නා දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් දැන් භීතියට පත... |
""ගෝලීය කෘත්‍රිම බුද්ධි සමුළුවක් ලබන 10-12, සෞදි අරාබියේදී"" | "“අප සිටින්නේ විද්‍යාත්මක ජයග්‍රහණ, අතිනවීන තාක්ෂණයන් සහ අසීමිත අවස්ථාවන් ඇති යුගයකය. කෘත්‍රිම බුද්ධිය සහ අන්තර්ජාලය වැනි නවෝත්පාදනයන් ඵලදායී ලෙස භාවිත කළ විට ලෝකය බොහෝ අන්තරායන්ගෙන් ආරක්ෂා කර, මනුෂ්‍යත්වයට ඉමහත් ප්‍රතිලාභ ලබාදිය හැකිය” මුහම්මද් බින් සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සවුද් කුමරු. සෞදි අරාබියේ ඔටුන්න හිමි ... |
"සීතල ඇමැතින්ගේ තටු කපයි – ජනපති රවයි යවයි" | "ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදී ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්ව යන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිට සහාය දක්වන මැති ඇමැතිවරුන් ඇතුළු පක්ෂ සංවිධාන රැසක ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරු රනිල් වික්‍රමසිංහ මහ... |
"ඡන්ද යතුර අතටම" | "මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදාදීම මේ වනවිට සිදුකරමින් පවතී. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ එම නිල ඡන්ද පත්‍රිකා, කොටහේන ප්‍රධාන තැපැල් කාර්යාලයේ තැපැල් මහතෙකු එම ප්‍රදේශයේ ඡන්ද දායකයන් වෙත ලබාදුන් අයුරු ඡායාරූපයේ දැක්වේ. ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ" |
"ඡන්ද පෙට්ටියට උපරිම ආරක්ෂාවක්" | "ජනාධිපතිවරණයේ ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට රැගෙන යද්දී උපරිම පොලිස් රැකවරණයක් යොදවන බව පොලිස් මැතිවරණ කාර්යාලය කියයි. ඡන්ද පෙට්ටි මෙසේ රැගෙන යන වාහනයට මැතිවරණ නිලධාරීන්ගේ ආරක්ෂාවට සන්නද්ධ පොලිස් නිලධාරීන් දෙදෙනා බැගින් යොදවන අතර එම වාහනය පසුපසින් සහ ඉදිරියෙන් ජංගම පොලිස් වාහන දෙකක්ද යොදවන බව පොලිසිය කියයි. මේ... |
"මැතිවරණ පැමිණිලි 1400ක් විසඳති" | "මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති පැමිණිලි 2095 අතුරින් පැමිණිලි 1400ක් විසඳීමට කටයුතු කර ඇති බැව් මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඉතිරි මැතිවරණ පැමිණිලි 695 විසඳීම සඳහා ක්‍රියා කරමින් පවතින බව ද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි. මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත ප්‍රචණ්ඩ ක්‍රි... |
"මුද්‍රණාලය සද්ද නැතිව ඡන්ද වැඩ" | "ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු ජනාධිපතිවරණය සඳහා රජයේ මුද්‍රණාලයේ දැනට සිදුකෙරෙන මුද්‍රණ කටයුතු පිළිබඳව මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට ක්‍රියාකරන පුද්ගලයන් පිළිබඳව බුද්ධි අංශ දැඩි සෙවිල්ලෙන් පසුවේ. මේ පිළිබඳව වැරදි තොරතුරු සඳහන් කර ජනතාව නොමඟ යැවීමට කවර අයකු හෝ උත්සාහ ගැනීමට ඉඩ තිබෙන නිසා බුද්ධි අංශ මෙසේ සීරුවෙන් තබා ඇත.... |
"ස්වාධීන අරුන්දික ආණ්ඩුවට වැඩ" | "පාර්ලිමේන්තුවේදී ස්වාධීන ලෙස කටයුතු කරන බව තමා සඳහන් කළ ද මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමේ වැඩපිළිවෙළෙහි නිරත වන බව රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ කාටත් පිළිගත හැකි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත් කී ඔහු ජනපතිවරණ ජයග්‍රහණය... |
"පාර්ලිමේන්තුව රැස්වීම නව ජනපති පත්වූ පසු" | "මීළඟ පාර්ලිමේන්තුව ලබන මස (ඔක්තෝබර්) 08 වැනිදා පෙරවරුවේ නව ජනාධිපතිවරයකු පත් වූ පසුව රැස්වේ. පාර්ලිමේන්තුව මෙම මස 04 සහ 05 යන දින දෙකේදී පමණක් රැස්විය. ඒ අනුව පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීම ලබන 08දා තෙක් කල් තැබිණි. කෙසේ වෙතත් ලබන 21දා පවත්වනු ලබන ජනාධිපතිවරණයෙන් පත්වන නව ජනාධිපතිවරයාට ඔක්තෝබර් 08දා තෙක් නොසිට... |
"ජනපතිවරණ උණුහුම නගී – තැපැල් ඡන්දය 85%ක් දෙති" | "ජනාධිපතිවරණයට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට පැවැති උද්යෝගය හා සැසඳිමේදි සැප්තැම්බර් 21 වැනිදා සිදුකරන ඡන්ද විමසීමේදී ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 85 ඉක්මවනු ඇති බවට අනුමාන කළ හැකි බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. තැපැල් ඡන්ද විමසීම ආරම්භ වූ ඉකුත් 4 වැනිදා බොහෝ තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල දහවල් වනවිට ඡන්ද විමසීම අවසන් වී තිබූ ... |
"ජ්‍යෝතිෂ කට වසති" | "මැතිවරණ කොමිසම විසින් කරන ලද දැනුම් දීම පදනම් කර ගනිමින් මෙවර ජනාධිපතිවරණයේ ජය කාට දැයි කියා කිසිදු ජ්‍යොතිෂඥයෙකු අනාවැකි පළ නොකරන බව ප්‍රකට ජ්‍යොතිෂඥයකු වූ සුමනදාස අබේගුණවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය. එබැවින් අනාවැකි කීමට හැකි වුවද එම කොමිසමට ගරුකිරීමක් වශයෙන් ජනපතිවරණය පිළිබඳ ජ්‍යොතිෂ අනාවැකි නොකියන බව ද හ... |
"පැන්නීම සදාචාර විරෝධිලූ" | "තමන් ඇතුළු රාජ්‍ය ඇමැතිවරුන් 04 දෙනා ධුරවලින් ඉවත් කිරීම සදාචාර විරෝධී යැයි හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්‍ෂ මහතාට සහය දක්වන ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු රාජ්‍ය ඇමැතිවරු සිව්දෙනකු අදාළ ඇමැති ධුරවලින් ඉවත් කළ අතර මේ පිළිබඳව කළ විමසීමකදී හිටපු රාජ්‍ය... |
"අවසන් රැලියට එල්ෆින්ස්ටන් – ටවර් ඉල්ලා වලියක්" | "ජනාධිපතිවරණයට අදාළව අවසන් රැලි පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට යාබද මරදාන ටවර් රඟහල ඉදිරිපිට පරිශ්‍රය ඉල්ලා තිබීම හේතුවෙන් අර්බුදයක් මතු වී ඇත. එම පරිශ්‍ර දෙක අතර දුර මීටර් 100ක් පමණ වීම හේතුවෙන් එම ස්ථාන දෙකම ලබාදීම සම්බන්ධයෙන් පොලිසිය... |
"මත්පැන් බිලියන 7.9ක බදු පොලු" | "ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත මෙම වර්ෂයේ ජුනි මස 30 වැනිදා වන විට මත්පැන් නිෂ්පාදකයන්ගෙන් හිඟ බදු හා දඩ මුදල් වශයෙන් රුපියල් බිලියන 7.9ක මුදලක් අය වීමට ඇති බැව් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට ඇති ක්‍රම හා විධි පිළිබඳ කාරක සභා තෙවැනි වාර්තාවේ සඳහන් වෙයි. මින් රුපියල් බිලියන 1.1ක් 2023 වසරට අදාළ හිඟ බදු හා දඩ මු... |
"මන්දපෝෂණයෙන් ළමයි අන්ද මන්ද වෙති" | "රටේ සිටින වයස අවුරුදු 5ට අඩු ළමයින් මන්දපෝෂණයෙන් වළක්වා ගැනීම සඳහා අදාළ පවුල් වෙත සෞඛ්‍ය ජනක ආහාර ද්‍රව්‍ය සහිත ආහාර මලු හෝ වවුචර් පත් ලබාදෙන ලෙස මන්දපෝෂණ තත්ත්වය පිළිබඳව අධීක්ෂණය කිරීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව නිර්දේශ කර තිබේ. මන්දපෝෂණයට ලක්විය හැකි පවුල්වල පෙර පාසල් වියේ පසුවන දරුවන් සඳහා රජය ... |
"මාලිමාවට එරෙහි කූට සැලසුමක්" | "ජාතික ජන බලවේගය ඉලක්ක කර ඉදිරි දෙසතියේ දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී ඇතැයි එම බලවේගයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට සඳහන් කළේය. සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් මෙම මඩ ප්‍රහාරය එල්ල කිරීමට සැරසෙන බවත් සඳහන් කළ හෙතෙම කොළ... |
"සජිත් වට්ටන්න රනිල් ෆුල් ට්‍රයි" | "මෙම ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලික පරමාර්ථය වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය කිරීම යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කියා සිටියි. එම නිසා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ඉල්ලා අස් විය යුතු බවත් නැතිනම් ඔහු අනුර සමග එකතු විය යුතු බවත් කී මරික්කා... |
"සංස්කෘතික අංග අරන් නාමල් ගමට" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව මුහුණුවරකින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ග්‍රාමීය මට්ටම කේන්ද්‍රකර ගෙන දියත් කිරීමට කටයුතු යොදා ඇති බැව් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ජනාධිපතිවරණයේ අවසන් සති දෙකේ දී ග්‍රාමීය ප්‍රජාව ඉලක්ක කර ගෙන විවිධ සංස්කෘතික අංග ද එක් කරමින් ගමින් ගමට ගොස් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීමට ශ්‍රී... |
"හදවත පොරොත්තුවේ මරබිය පත්තුවේ" | "කොළඹ ජාතික රෝහලේදී හදවත් සැත්කම් සිදුකළ යුතු රෝගීන් පන්දහසකට ආසන්න පිරිසක් 2028 වසර දක්වා පොරොත්තු ලේඛනවල සිරවීමෙන් විශාල පිරිසකගේ ජීවිත අවදානමට ලක්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. ජාතික රෝහලේ ප්‍රධාන වාට්ටු පහක හෘද ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන් විසින් සිදු කිරී... |
"අරාබියෙන් පොදු සමා කාලයක්" | "වීසා බලපත්‍ර නොමැතිව හෝ වීසා බලපත්‍ර යාවත්කාලීන කර ගැනීමේ කාලය අවසන්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා දඩ මුදල් නොගෙවා හෝ ඇතුල්වීමේ තහනමකට මුහුණ නොදී යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මෙම මස 01 වැනිදා සිට මාස දෙකක පොදුසමා කාලයක් ලැබී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. මෙම පොදු සමා... |
"බංගලි ඇඟලුම් කඳුලෙන් වැසෙයි" | "වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 55ක ආදායමක් සහිත බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්තය, එරට ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ අවිනිශ්චිත අනාගතයකට මුහුණ දී සිටියි. ආණ්ඩු විරෝධීන් විසින් අවම වශයෙන් කර්මාන්ත ශාලා හතරක් ගිනිබත් කරන ලද අතර නිෂ්පාදකයින්ට රට පුරා පැවැති අනාරක්ෂිත භාවය නිසා සිය ඇණවුම් ලබා දීමට අපහසු විය. කම්කරුවන්ගේ නොසන... |
"මහජන උපයෝගිතා කොමිසමට ‘කඩිමුඩි’ පත් කිරීම් දෙකක් – ජනක රත්නායක" | "ප්‍රශ්නගත විදුලිබල ව්‍යාපෘති තුනක් ඉන්දියාවේ සුප්‍රකට සමාගමකට ලබාදීමට අනුමැතිය දීම සඳහා ජනපතිවරණය පෙනි පෙනී මහජන උපයෝගිතා කොමිෂන් සභාවට නව සාමාජිකයන් දෙදෙනකු කඩිමුඩියේ පත්කර ගැනීමට උත්සාහයක් දියත් වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතා පවසයි. සැප්තැම්බර් 22 වැනිදා බලයට පත්වන නව ජනාධිපත... |
"රේගු ඉතිහාසයේ ඉහළම ආදායම රුපියල් බිලියන 1000ක්" | "කිසිඳු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට සහ නිලධාරීන්ට අවස්ථාව ලබාදීම මත ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වූ මාස 08ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම වශයෙන් රුපියල් බිලියන 1000ක් උපයා තිබේ. 2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල... |
"ගුවන් හමුදාවට බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER අලුත් යානයක්" | "බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් (360 ER) වර්ගයේ නව නිරීක්ෂණ ගුවන් යානාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වෙයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහළ නැංවීමේ අරමුණින් වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් සිදුකරගෙන යනු ලබන වැඩ පිළිවෙළෙහි තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය ... |
"මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දී ASP මහානාම අයථා ලෙස මුදල් උපයලා" | "සංජීව මහානාම නමැති හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දක්වමින් අයථා අන්දමින්, මහා පරිමාණයෙන් දේපළ හා මුදල් ඉපැයීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අනුරාධපුරය ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහ... |
"නුවරඑළියේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන අසල පවත්වන්නට ගිය දේශපාලන රැස්වීම් කීපයක් අත්හිටුවයි" | "නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව සංවිධානය කරමින් තිබූ දේශපාලන රැස්වීම් කීපයක් අවලංගු කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා විසින් ඊයේ පියවර ගත් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය සඳහන් කරයි. තැපැල් ඡන්ද විමසීමේ තුන්වන දිනය වූ ඊයේ (6 දා) සමස්තයක් ලෙස සාමකාමීව ඡන්ද ප්‍රකාශ වූ බව ද එම සංවිධානය සඳහන් ... |
"මගේ අනාගතයේ ප්‍රශ්නයක් නැහැ වාර්තා සියල්ල හදාගෙන ඉවරයි – රනිල් මතුගමදී කියයි" | "හමුදාවේ වියදම් අඩු කරන බව සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මතුගම ජනරැලියේදී පෙරේදා (05 දා) පැවසීය. මොවුන් උත්සාහ කරන්නේ හමුදාව කප්පාදු කරන්න දැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවද කීය. මතුගම ජන රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධි... |
"රනිල්ට අනුරට හිතන්න බැරි ආධාර ප්‍රමාණයක් මගේ මාතෘ භූමියට රැගෙන එනවා – සජිත් මිනුවන්ගොඩදී කියයි" | "රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණය දිනන්න කිසිදු අවස්ථාවක් නොමැති බවත් එම නිසා දැන් කොළ අලි සහ රතු අලි පැටව් අද එකට එක්ව සිටින අතර ජනාධිපතිවරණයේ දී අනුර දිසානායකට ලබාදෙන ඡන්දය හොරුන් ආරක්ෂා කරන ජනාධිපතිවරයා සමග එකට කටයුතු කරන කණ්ඩායමට ගහන කතිරයක් යැයි ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මිනුවන්ගොඩ දී ... |
"මාලිමාවට ඡන්දය දුන්නොත් උතුරේ දකුණේ හැමෝම දිනුම් – මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක" | "මාලිමාවට ඡන්දය දුන්නොත් උතුරේ දකුණේ හැමෝටම එකට එකතු වෙලා දිනන්න පුළුවන් යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කිලිනොච්චිය – සමුපකාර සංස්කෘතික ශාලාවේදී පෙරේදා (05 දා) පැවති රැස්වීමේදී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය. දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කර ත... |
"සමාගම් 100ක් පෝට්සිටි ගැන අවධානයෙන් – ජනපති කියයි" | "කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද “The Mall” තීරුබදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා (05දා) පස්වරුවේ විවාත කෙරිණ. මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපනශාලා සහ අනෙකුත් වෙළෙඳසල්වලින් එය සමන්විත වේ. මේ සාප්පු සංකීර්ණයෙහි China... |
"කුමන ආර්ථික ඔස්තාර්ලා ආවත් මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදා සිදුවී නෑ – නාමල් රාජපක්ෂ" | "කුමන ආර්ථික ඔස්තාර්ලා පැමිණිය ද මෙරට ඉතිහාසය තුළ මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක සිදුවී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිලියන 80 ක 85 ක මට්ටමේ පැවතියද තම ආණ්ඩුවක් යටතේ එය බිලියන 180 දක්වා වර... |
"එක්සත් ජනපද පරිත්‍යාගය ගුවනින්ම එයි" | "ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද බීච්ක්‍රාෆ්ට් කිංග් එයාර් 360 ER (Beachcraft King Air 360ER) ගුවන් යානය ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හවුල්කරුවන්ගේ ධාරිතාව වැඩිදියුණු කිරීමේ වැඩසටහන මගින් අරමුදල් ... |
"අපෙන් ජනපති වුණ රනිල් ඇමැති ධුර ගැලවීම සදාචාරාත්මකද? – මොහාන් ප්‍රියදර්ශන අසයි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ජනාධිපති ධුරයේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසා බවත් එම නිසා පොහොට්ටුව නියෝජනය කරන තමන් ඇතුළු රාජ්‍ය ඇමැතිවරුන් සිව්දෙනකු රාජ්‍ය ඇමැතිධුරවලින් ඉවත් කිරීම කෙතරම් සදාචාරාත්මක ක්‍රියාවක් ද කියා සිතා බැලිය යුතුව ඇති බවත් හිටපු කෘෂිකර්ම රාජ්‍ය ඇමැති නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ... |
"පෘථිවිය උණුසුම් වී වාර්තාවක් තබයි" | "මෙම වසරේ ග්‍රීෂ්ම සමය (සමර්) මෙතෙක් පෘථිවියෙන් වාර්තා වී තිබූ උණුසුම් ම කාල පරිච්ඡේදය බව කොපර් නිකස් දේශගුණික විපර්යාස සේවාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ග්‍රීෂ්ම සමයේ පැවැති අධික උෂ්ණත්වය මෙතෙක් යුරෝපයෙන් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය ද වන අතර එය 1991 – 2000 කාලපරිච්ඡේදයේ වාර්තා වූ අධික උෂ්ණත්වයේ සාමාන්‍ය අගයට වඩා ... |
"නව අභියාචනාධිකරණ විනිසුරුවරු 4 දෙනෙක්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06දා) සිට ක්‍රියාත්මක වන පරිදි නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිවු දෙනකු පත් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන වගන්තිය අනුව ජ්‍යෙෂ්ඨතම මහාධිකරණ විනිසුරුවරුන් වන ගිහාන් කුලතුංග, අමල් රණරාජා හා දමිත් තොටවත්ත මහත්වරුන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරය... |
"88-89 සජබ අවලාදවලට උත්තර දෙන්නේ නෑ: ජවිපෙ මේ යන්නේ ධනේශ්වර පංතිය එක්ක සන්ධානයකට – කුමාර් ගුණරත්නම්" | "“1988- 89 යුගය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නගන අවලාදාත්මක චෝදනාවලට උත්තර නොදී ජේ.වී.පීය මේ යන ගමන වැටිලා තියෙන්නෙ ධනේශ්වර පන්තිය එක්ක සන්ධානයකට” යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ පැවසීය. නුගේගොඩ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කීවේය. එහිදී අදහස් දැක්වූ... |
"ඉඩම් හුවමාරුවේදී කිසිදු වංචාවක් පාඩුවක් වී නැහැ – ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති කියයි" | "පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත බණ්ඩාර මහතා විසින් ඉඩම් ජාවාරමක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට කර ඇතැයි කියන පැමිණිල්ල ගැන කරුණු පැහැදිලි කරන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තීනන්ද මහතා විකල්ප ලෙස අදාළ ඉඩම පවරාදීම සිදුකරනුයේ රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ වර්තමාන වෙළඳ වටිනාකම අයකරගෙන බව අවධා... |
"ජනපති අපේක්ෂකයන් 38 දෙනාටම පොදු කම්කරු සංගමයෙන් ප්‍රශ්නාවලියක්" | "මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් 38 දෙනා සහ ඡන්ද දායකයන් සඳහා ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර තිබේ. එම ප්‍රශ්නාවලිය දේශපාලන – යහපාලන, ප්‍රජාතන්ත්‍රවාදය සහ සිවිල් අයිතිවාසිකම්, කම්කරු අයිතිවාසිකම් ක්ෂේත්‍රගත ගැටලු, ආර්ථික ප්‍රශ්න, කොමිෂන් සභා යන අංශ ඔස්සේ ඉදිරිපත් කර ඇත. ... |
""ජනපති, අනුරට රාජ්‍ය අනුග්‍රහය හරහා දැවැන්ත අවස්ථාවක් ලබාදීලා – ආචාර්ය හර්ෂ ද සිල්වා"" | "ජනාධිපති විසින් අනුර දිසානායක මහතාට රාජ්‍ය අනුග්‍රහය හරහා දැවැන්ත අවස්ථාක් ලබාදෙන බවත් ඔහුට රජයේ මාධ්‍ය ඔස්සේ ජනතාව ඇමතීමට කටයුතු කර ඇති බැවින් රනිල් සහ අනුරගේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවක් මෙයින් පැහැදිලි යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. සමගි ජන සන්ධාන කාර්යාලයේ ප... |
"අරයාට මෙයාට තැපැල් ඡන්ද වැටුණු හැටි ගැන කියන කතා බොරු – කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ප්‍රසන්න ගිනිගේ" | "භාවිතා කරන ලද තැපැල් ඡන්ද කිනම් අයකුට කොපමණක් ලැබී ඇද්දැයි කිසිවකුට ප්‍රකාශ කළ නොහැකි බව කොළඹ දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරි ප්‍රසන්න ගිනිගේ මහතා පැවසීය. කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිතා කිරීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (06 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය. ඇතැම් දේශපා... |
"දේශබන්දුගේ අතුරු තහනමට එරෙහි අතරමැදි පෙත්සම් 13දා කැඳවයි" | "දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූලි 24 වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරතන, කොල්ලුපිටියේ රාහුල හා මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිපාණන් වහන්සේ තෙන... |
"මැතිවරණ පැමිණිලි 2460ට නගී" | "මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් පිළිබඳ තමන්ට ලැබුණු පැමිණිලි ප්‍රමාණය 2460 දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. එම පැමිණිලිවලින් 2387ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වෙයි. එමෙන්ම මේ දක්වා ලැබුණු පැමිණිලිවලින් 1707කට විසඳුම් ලබා දී ඇති අතර තවත් 753ක් විසඳිමට ක්‍රියාකරමින් පවතී. රනිල් ධර්මසේන" |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.