Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"විදෙස් සංචිත ඩොලර් මිලියන 5954 දක්වා ඉහළට" | "ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉකුත් අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 5954ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය පසුගිය ජූලි මස වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 5652 සමග සැසඳීමේදී නිල සංචිත වත්කම්වල සියයට 5.3ක කැපී පෙනෙන වර්ධනයකි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. මෙම නිල සංචිත ... |
"මැතිවරණ පැමිණිලි 2460ට නගී" | "මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් පිළිබඳ තමන්ට ලැබුණු පැමිණිලි ප්‍රමාණය 2460 දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. එම පැමිණිලිවලින් 2387ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වෙයි. එමෙන්ම මේ දක්වා ලැබුණු පැමිණිලිවලින් 1707කට විසඳුම් ලබා දී ඇති අතර තවත් 753ක් විසඳිමට ක්‍රියාකරමින් පවතී. රනිල් ධර්මසේන" |
"උද්දික රංගනය: ඒ.එස්.පී මහානාම අල්ලයි" | "අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව කියන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (05දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. මාලබේ ප්‍රදේශයේ පිහිටි නිවසක සිටිය... |
"රාජ්‍ය ඇමැතිවරු 4ක් දොට්ට" | "වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ඇමැතිවරුන් සිව්දෙනකු එම ධුරයන්ගෙන් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළේය. වරාය හා ගුවන් සේවා රාජ්‍ය ඇමැතිව සිටි ප්‍රේමලාල් ජයසේකර මහතාත්, විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැතිව සිටි ඉන්දික අනුරුද්ධ මහතාත්, කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිව සිටි මොහාන් පී. ද සිල්වා මහතාත්, කෘෂිකර්ම රාජ... |
"‘රට ගොඩනඟන්නේ කෙසේද’ – විවාදයට අපේක්ෂකයෝ 16ක්" | "‘රට ගොඩනඟන්නේ කෙසේද’ යන මැය ඔස්සේ මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කර පැවැත්වීමට නියමිත සජීවී රූපවාහිනි විවාදය සඳහා ජනාධිපති අපේක්ෂකයන් 16 දෙනකු කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි එම ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා ඊයේ (05දා) පැවසීය. මෙම විවාදය සඳහා ඊයේ (05දා) සවස වන තෙක් ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍ර... |
"තැපැල් ඡන්දයට ඊයේත් දැඩි උනන්දුවක්" | "තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඊයේ (05දා) දිනයේදී රාජ්‍ය ආයතනවල විශාල උනන්දුවක් දක්නට ලැබුණු බව පැෆරල් සංවිධානය පවසයි. අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතනවල සේවකයෝ, ගුරුවරු, ත්‍රිවිධ හමුදා කඳවුරුවල නිලධාරීහු ද ඊයේ සිට තැපැල් ඡන්ද සලකුණු කිරීම ආරම්භ කළහ. සුළු සිද්ධීන් කිහිපයක් පිළිබඳ පැමිණිලි 10ක් තම සංවිධානයේ නිරීක්‍ෂකයන් වෙ... |
"ඡන්දය දාන්න නිවාඩු මෙහෙමයි" | "ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 21 වැනිදා සෑම සේවකයකුටම පෞද්ගලිකවම ඡන්දය දීමට හැකිවන පරිදි ප්‍රමාණවත් කාලයක් නිවාඩු ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය, පෞද්ගලික අංශයේ සේවා යෝජකයන්ට දන්වයි. මෙම නිවාඩුව වැටුප් හෝ පුද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ලබාදිය යුතු බවද දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 1... |
"බාර් කතාව ප්‍රචාරය බෑ: දයාසිරිට වාරණයක්" | "පසුගිය අගෝස්තු 17 වැනිදා අකුරැස්ස ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගය පක්‍ෂයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා මත්පැන් අලෙවි බලපත්‍ර තුනක් ලබාගෙන ඒවා වෙනත් පාර්ශ්වයකට විකුණා රුපියල් කෝටි 15ක් ලබාගෙන ඇති බවට දයාසිරි ජයසේකර මහතා කර ඇතැයි කියන ප්‍රකාශය කිසිදු සමාජ මාධ්‍යයක හෝ මුහුණපොත ඔස්සේ ප... |
"තැපැල් ඡන්දයේ සුබ ආරංචි ආවා – අපනයන කෘෂිකර්මය දියුණු කර දුප්පත්කම නැති කරනවා – ජනපති රනිල් මහියංගණයේදී කියයි" | "තැපැල් ඡන්දයේදී සුභආරංචි ලැබී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහියංගණයේදී සහ යාපහුවේදී පෙරේදා (04 දා) පැවසීය.මාලිමාවේ සහ සජබ ප්‍රතිපත්ති ප්‍රකාශවලින් ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කළත් එයින් ජනතාවගේ ආදායම වැඩි වන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ආහාර සුරක්ෂිතතාවය ඇති කරන අතරම සහනාධාර දී දුප්පත්කම නැ... |
"සජබ ආර්ථික සැලැස්ම ‘බ්ලූ ප්‍රින්ට් 3.0’ එළිදකී" | "විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම එකට එක්ව සකස් කරන ලද බංකොලොත්භාවයෙන් රට ගොඩ ගැනීමේ ආර්ථික සැලසුම් යෝජනා සහිත Blueprint 3.0 පෙරේදා (4 දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් කොළඹ දී එළිදක්වන ලදි. මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමේ ප්‍රධාන සාමාජික... |
"පොදුජන එක්සත් නිදහස් පෙරමුණ බිහි වෙයි" | "මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව බිහිකළ පොදුජන එක්සත් නිදහස් පෙරමුණ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී එළිදැක්විණි. එම නව පෙරමුණේ සභාපති ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද එහි ලේකම් ලෙස ඇමැති රමේෂ් පතිරණ මහතා නම් කෙරුණි. ... |
"රනිල් – සජිත් ඇතුළු පිරිස පරාජය භාරගෙන ඉවරයි මාලිමාවේ ජයග්‍රහණය මොන ජගතෙකුටවත් ආපසු හරවන්න බැහැ – ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ජාඇල දී කියයි" | "වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකට ඉදිරි මහමැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වනු ඇතැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (4 දා) ජාඇළ දී පැවසීය. පසුගිය කාලයේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය පිළිබඳව කරුණු ඉදිරිපත් කළේ අපයි. දැන් අපේ ජයග්‍ර... |
"ජනතාවට කඳුළ දී විදුලි බිල බදු වැඩිකර කෝටි 20000ක අයුතු ලාභයක් ගත්තා – ජනක රත්නායක" | "සියයට පනහකින් විදුලි බිල අඩුකළ හැකිව තිබියදී එය සිදු නොකිරීම හේතුවෙන් විදුලි පාරිභෝගික ජනතාව අදට ද මහත් දුෂ්කරතාවන්ට මුහුණදී සිටින බව, මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති, ජනාධිපති අපේක්ෂක, ජනක රත්නායක මහතා පැවසීය. තුන්වැනි වරටත් විදුලි බිල වැඩි කිරීම සඳහා විදුලිබල මණ්ඩලය එදා කළ ඉල්ලීම නීතිවිරෝධී අසාධාරණ ක්‍රියාවක් බවද... |
"රනිල් – මාලිමා එකට එක්වුවත් ජනපති ප්‍රමුඛ දූෂිත නායකයන් සමග අප එකතු වන්නේ නෑ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ගාල්ලේදී කියයි" | "පරාජිත, අන්ත දූෂිත දේශපාලන හවුල් සමඟ කිසිවිටෙකත් ගමන් නොකරන බවත් මාලිමාවේ නායකයා සහ රනිල් වික්‍රමසිංහ එකට එකතු වුවද සමගි ජන සන්ධානයත්, සමගි ජන බලවේගයත් කිසිදු හේතුවකට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රට විනාශ කළ දූෂිත කල්ලිය සමඟ එකතු වෙන්නේ නෑ යැයි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගාල්ලේදී පැවසීය. මෙවර ජනා... |
"මහින්ද රාජපක්ෂ යුගයේදී රාජ්‍ය සේවය ශක්තිමත් වුණා- කෑගල්ල සංචාරක ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයක් කරනවා – නාමල් රාජපක්ෂ වරකාපොළදී කියයි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් තුළින් වෘත්තීය සමිති ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට පියවර නොගන්නා බවත්, රටට හිතකර වෘත්තීය සමිති ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඊයේ (04 දා) වරකාපොළ නගරයේ පැවැති ජනහමුවකට සහභාගි වෙමින... |
"දේශපාලනඥයන්ගේ කොමිස් ගැහිල්ලෙන් ඛනිජ සම්පත් කර්මාන්ත දසදහසක් වැහිලා – අපේ ජනබල පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක කීර්ති වික්‍රමරත්න" | "රටේ සමස්ත ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය ඩොලර් උත්පාදනය කළ හැකි ලෙස ප්‍රයෝජනයට ගත හැකි ඛනිජ සම්පත් අසීමිත ප්‍රමාණයක් ලංකාවේ භූගත පොළොවෙහි ඇති බව අපේ ජනබල පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි. ඛනිජ සම්පත අගය එකතුකරන ලද නිෂ්පාදන ලෙස ලෝක වෙළෙඳපොළට අලෙවි කළ විට එහි ලාභය සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ ... |
"ශ්‍රී ලංකාව ටැන්සානියාවේ යොමු වීසා ලැයිස්තුවෙන් ඉවතට" | "ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ කෙන්යාවේ මහ කොමසාරිස් කාර්යාලයේ කැපවූ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නවල ප්‍රතිඵලයක් ලෙස ටැන්සානියාවේ යොමු වීසා ලැයිස්තුවෙන් (Referral Visa List) ශ්‍රී ලංකාව ඉවත් කර ඇති බව මහ කොමසාරිස් වේලුප්පිල්ලෙයි කනනාදන් මහතා නිල වශයෙන් නිවේදනය කර ඇත. මෙය ජයග්‍රහණයක් බවත් ඒ මහතා කියයි. ටැන්සානියාන... |
"දේශපාලනඥයන්ගේ කොමිස් ගැහිල්ලෙන් ඛනිජ සම්පත් කර්මාන්ත දසදහසක් වැහිලා – අපේ ජනබල පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක කීර්ති වික්‍රමරත්න" | "රටේ සමස්ත ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය ඩොලර් උත්පාදනය කළ හැකි ලෙස ප්‍රයෝජනයට ගත හැකි ඛනිජ සම්පත් අසීමිත ප්‍රමාණයක් ලංකාවේ භූගත පොළොවෙහි ඇති බව අපේ ජනබල පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි. ඛනිජ සම්පත අගය එකතුකරන ලද නිෂ්පාදන ලෙස ලෝක වෙළෙඳපොළට අලෙවි කළ විට එහි ලාභය සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ ... |
"ඌවේ ආණ්ඩුකාර මුසම්මිල් අස්වෙයි – සජිත් ළඟට යනවලු" | "ඌව පළාතේ ආණ්ඩුකාර ඒ ජේ. එම්. මුසම්මිල් මහතා එම පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ යොමු කර තිබේ. තමා ජනාධිපතිධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට මෙම තීරණය ගත් බව මුසම්මිල් මහතා ප්‍රකාශ කර තිබේ. සමන්ති වීරසේකර " |
"මැතිවරණ පැමිණිලි 2227ට නගී" | "මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඇතුළු 2024 ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 2227ක් මැතිවරණ කොමිසමට ලැබී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පැවසීය. ඉන් පැමිණිලි 1521කට විසඳුම් ලබාදී ඇති බවත් තවත් පැමිණිලි 706කට විසඳුම් ලබා දෙමින් පවතින බවත් ඒ මහතා සඳහන් කරයි. සමස්ත පැමිණිලිවලින් 11ක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්... |
"ක්‍රම වෙනසක් පතන ජනතාව මාලිමාවෙන් මිරිඟුවකට ඇදගෙන යනවා – පුබුදු ජයගොඩ" | "ක්‍රම වෙනසක් පතන ජනතාව ජාතික ජන බලවේගය විසින් මිරිඟුවක් කරා ඇදගෙන යන්නේ යැයි ජන අරගල සන්ධානයේ විධායක සභික පුබුදු ජයගොඩ මහතා ඊයේ (5 දා) පැවසීය. නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය. ජයගොඩ මහතා මෙසේද සඳහන් කළේය. ක්‍රම වෙනසක් බලාපොරොත්තුවෙන් හිටපු ජනතාව මිරිඟුවක්... |
"ඉඩම් ජාවාරම් කළ බවට චෝදනා: වසන්ත බණ්ඩාරගෙන් හරින්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්" | "ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමග එක්ව වන සංරක්ෂණයට අයත් ඉඩම් ජාවාරමක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ඇමැති හරින් ප්‍රනාන්දු මහතාට එරෙහිව සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත බණ්ඩාර මහතා පෙරේදා (04දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ග... |
"මාර්ග බාධකවල උල් කටු: ‘ගෝඨා ගෝ ගම’ යළිත් උසාවියට" | "අරගලය පැවැති සමයේ ගාලු මුවදොර පවත්වා ගෙන ගිය ‘ගෝඨා ගෝ ගම’හි ජනාධිපති මන්දිරය අවට මාර්ගවල උල් සහිත අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීමෙන් මහජනතාවට හිරිහැරයක් සිදු වී ඇති බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් සඳහන් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිබඳ විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ත... |
"ගිය වසරේ අගෝස්තුවට සාපේක්‍ෂව සංචාරකයන්ගේ පැමිණීම 20.7%කින් ඉහළට" | "ඉකුත් අගෝස්තු මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් ගිය වසරේ (2023) අගෝස්තු මාසයට සාපේක්‍ෂව සියයට 20.7කින් වර්ධනය වී ඇත. මේ අනුව ගිය වසරේ (2023) අගෝස්තු මාසයේ පැමිණි 1,36,405ක් වූ විදේශ සංචාරකයන් ප්‍රමාණය ඉකුත් අගෝස්තු මාසයේදී 1,64,609ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අනුව මේ වසරේ (2024) මුල සිට අගෝස්තු මාසය දක්වා වූ මාස 8ක කාලයේදී... |
"දොස්තරලා පැන්ෂන් යවන වයස අවුරුදු 63 කෙරේ" | "සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවයේ යෙදී සිටින වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා සංශෝධනය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් පළාත් සෞඛ්‍ය ලේකම්වරුන් කොළඹ, මහනුවර සහ ගාල්ල ජාතික රෝහල්හි අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, සියලු රෝහල් අධ්‍යක්ෂවරුන්, ප... |
"තැපැල් ඡන්දයට රොද බඳිති – විශාල උනන්දුවක් : පොලිසිවල දිගු පෝලිම්" | "ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයේ (04දා) සුළු සිද්ධීන් කිහිපයක් හැරෙන්නට සාමකාමීව සිදුවූ බව මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන සඳහන් කරයි. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථාන ආශ්‍රිතව ඊයේ සිදුවිය. ඡන්ද විමසීම ආරම්භ වූ උදෑසන සිට ඡන්ද ප්‍රකාශ කිරීමට විශාල උනන්දුවක් තිබූ බ... |
"රස පරීක්‍ෂකට යැවීමට මුදා තබද්දී – විනිසුරු නිල මැදිරියේදී ගිනිඅවියක් පත්තු වෙලා" | "අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් මනෝදී හේවාවසම් මහත්මියගේ විනිසුරු නිල මැදිරිය තුළ ඊයේ (4දා) පස්වරුවේ ගිනිඅවියක් පත්තුවී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවකට අදාළව, නඩු භාණ්ඩයක් ලෙස නම්කර තිබූ ගිනි අවියක්, රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යැවීමට මහෙස්ත්‍රාත්වරියගේ අත්ස... |
"ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ගෙන් රට බේරා ගැනීමට රනිල් – සජිත් වහා එක් විය යුතුයි" | "ප්‍රජාතන්ත්‍ර විරෝධී කණ්ඩායමකට බලය ලබා දෙනවා වෙනුවට එම විනාශකාරීන්ගෙන් රට බේරාගැනීමට හැකි කණ්ඩායම් සමග සාකච්ඡා කරන බවත් ඒ සඳහා තමන් මින් ඉදිරියට ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් ක්‍රියා කරන බවත් පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ (04දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. මෙම තත්ත්වය තේ... |
"නියත පරාජය දැකපු ජනපති රනිල් – රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ඇතුළු ඉටුකිරීමට නොහැකි පොරොන්දු ලබාදෙනවා" | "ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම පරාජය වන බව දන්නා නිසා රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ඇතුළු ඉටුකිරීමට නොහැකි පොරොන්දු ලබාදෙමින් අර්බුදකාරි කථා කීමට පටන්ගෙන ඇතැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (03 දා) ගාල්ල ඇල්පිටියේ දී පැවසීය. ඡන්ද ගු... |
"ජාත්‍යන්තර සමුළුවක් පවත්වා යුද්ධයෙන් බැට කෑ උතුර නැගෙනහිර දැවැන්ත සංවර්ධනයක් අරඹනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස" | "ජාත්‍යන්තර සමුළුවක් පවත්වා යුද්ධයෙන් බැට කෑ උතුර නැගෙනහිර දැවැන්ත සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් මුළු රටේම දැවැන්ත සංවර්ධනයක් ඇති කරන බව විපක්ෂ නායක, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මන්නාරමේ දී සඳහන් කළේය. 2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළි... |
"IMF වැඩසටහනෙන් ඉවත් වෙන්නේ නෑ – අනුර කුමාර දිසානායක" | "තම පාලනයක් යටතේ කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉවත් නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. කෝට්ටේ පැවැති ජාතික ව්‍යාපාරික හමුවකට එක්වෙමින් ඔහු එසේ කියා සිටියේය. පෙරේදා (03දා) රාත්‍රී පැවැති මෙම හමුවේදී තවදුරටත් කතා කළ හෙතම මෙසේද කීය. “අපි තේරුම් අරන් තිබෙනවා අපිට ලැබෙන්න... |
"රුපියල ශක්තිමත් කර ජීවන බර සැහැල්ලු කරනවා" | "රට ඉල්ලන වෙනස කරන්නට හැක්කේ ”පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්තියට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැල්මඩුල්ලේදී පෙරේදා (03 දා) පැවසීය. මාලිමාවේ සහ සජබ ප්‍රතිපත්ති ප්‍රකාශ කඩදාසි කැබලි පමණක් බව කී ජනාධිපතිවරයා ගෑස් සිලින්ඩරයට ඡන්දය දුන්නොත් ගෑස් මෙන්ම ”වෙනසත්” නැතිවනු ඇතැයි ජනාධිපතිවරයා කීය. ආර්ථිකයේ, සමාජයේ මෙන්... |
"මාලිමාවේ ආගමික මතවාදය ගැන විමර්ශනයකට සී. අයි. ඩී.යට නියෝග" | "ඉදිරි ජනාධිපතිවරයෙන් පසු පිහිටුවනු ලබන ජාතික ජන බලවේගය රජයක් යටතේ කිසිදු ආගමකට ප්‍රමුඛත්වයක් නොමැති බවට හා සියලු ආගම් රජයෙන් වෙන් කරන බවට සඳහන් අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොළ... |
"ස්ට්‍රයික් නොකරපු ගුරුවරුන්ට දෙනව කියපු දහදාහ කෝ? – සජිත් ආණ්ඩුවෙන් අසයි" | "සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට ආණ්ඩුව බොරු ඡන්ද පොරොන්දු දීමට පෙර පසුගිය කාලයේ වර්ජනයේ නිරත නොවූ ගුරුවරුන්ට දෙන බවට පොරොන්දු වූ රුපියල් 10,000ක මුදල ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) ඉල්ලීමක් කළේය. එහිදී ඔහු මෙසේද කීය. පහුගිය දවස්වල ස්ට්‍රයික් එකක් යන විට ආණ්ඩුව කිව්... |
"පාස්පෝට් අර්බුදය මැතිසබයේ රැව්දෙයි" | "ආණ්ඩුව ගෑස් සහ පෙට්‍රල් පෝලිම් නතර කිරීමට ක්‍රියා කළ ආකාරයට අලුත් පාස්පෝට් ලක්ෂ හතහමාරක් පමණ කඩිනමින් මුද්‍රණය කර මාසයක් පමණ ඇතුළත පාස්පෝට් පෝලිම් නවත්වන බව සභානායක, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) පැවසීය. සභානායකවරයා මේ බව කියා සිටියේ පාස්පෝට් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් ඇති වීම සම්බ... |
"කෙහෙළියගේ රීට් පෙත්සම ගැන තීරණය ඔක්. 3ට කල් යයි" | "ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛi සැයපුම් අංශයට සැපයීම සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවේ සැකකරුවකු වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ගොනුකර ඇති රීට් ආඥා පෙත්සම ඉදිරියට පවත්වාගෙන යන්නේද නැතිද යන නියෝගය නිකුත් කිරීම නැවත ලබන ඔක්තෝබර් 03 වැනිදා දක්වා කල්දැමීමට අභියාචනාධ... |
"නඩු බඩු ගබඩාවෙන් කෝටි 2 1/2ක මත්කුඩු ඉස්සූ හැමෝම උසාවි ගේන්න – විනිසුරුගෙන් සීඅයීඩීයට නියෝග" | "කොළඹ ප්‍රධාන අධිකරණ නඩු භාණ්ඩ ගබඩාව භාරයේ තිබූ නඩු භාණ්ඩයක් වූ රුපියල් මිලියන 24කට අධික වටිනාකමක් සහිත හෙරොයින් කිලෝ 12ක් අධිකරණයෙන් පිටතට රැගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (04දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ... |
"වැස්ස තව දින 4ක්: සුළඟත් වැඩිවෙයි" | "නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් පවතින වැසි තත්ත්වය තවත් දින 4ක් පවතින බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ කසුන් පැස්කුවෙල් මහතා ‘දිවයින’ට ඊයේ (04 වැනිදා) පැවසීය. ඒ අනුව මෙම වැසි තත්ත්වය බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලත්, ගාල්ල සහ මාතර, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් පවතින බවද හෙතෙම ක... |
"සිරිපාල-දුමින්ද-දයාසිරි ශ්‍රීලනිප තනතුරුවලින් පෙනී සිටීම වළක්වන්න" | "නිමල් සිරිපාල ද සිල්වා හා දුමින්ද දිසානායක යන මහත්වරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා ලේකම් ලෙස පෙනී සිටිමින් කටයුතු කිරීමට නීතියෙන් බලයක් නොමැති බවට නිගමනය කරන ලෙස හා එලෙස එම තනතුරු දරන බවට පෙනී සිටිමින් ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස... |
"විපක්ෂ නායක අටමස්ථානාධිපති නාහිමි බැහැදකී" | "විපක්ෂ නායක සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර පුදබිමට පැමිණ ජය ශ්‍රී මහ බෝ සමිඳුන් ද වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගත්තේය. එහිදී ඒ මහතා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදුටු අවස්ථාව. අර්ජුන රණතුංග, චන්ද්‍රාණි බණ්ඩාර ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ." |
"රාජ්‍ය සේවකයන්ට කොන්ද කෙළින් තියාගෙන රස්සාව කරන්න පසුබිම හදනවා" | "රාජ්‍ය සේවකයාට කොන්ද කෙළින් තියාගෙන කකුල් දෙක නමන්නේ නැතිව වැඩ කරන්න අවශ්‍ය නම් රාජ්‍ය සේවයේ සිටි මහජනතාවට අවංකව සේවය කරන්න ගිහින් අස්ථාන දඬුවමකට ලක්වෙච්ච තමාට අවස්ථාව දෙන්නැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා පැවසීය. මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඔහු... |
"දේශපාලනයේ නව දිශානතියක් වෙනුවෙන් පුළුල් සන්ධානයක් එළිදක්වනවා" | "ශ්‍රී ලංකා දේශපාලනයේ නව දිශානතියක් වෙනුවෙන් පුළුල් වූ නව දේශපාලන සන්ධානයක් එළි දැක්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජිතයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද (05) දිනයේදී සිදු කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ අනාගතවාදීව නව දේශපාලන ව්‍යාපාරයක් ආ... |
"පැමිණිල්ලක් කිරීමට පොලිසි ආ බාලවයස් තරුණිය කෙලෙසූ සාජන් වසර 45ක් හිරේ" | "පැමිණිල්ලක් කිරීම සඳහා තමන් සේවය කළ පොලිස් ස්ථානයට සිය මව සමඟ පැමිණි වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර තරුණියක සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන අවස්ථා ගණනාවකදීම ඇය දූෂණය කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබූ 27 හැවිරිදි විවාහක පොලිස් සැරයන්වරයකුට එකී චෝදනා තුනට වෙන් වෙන්ව වසර 45ක සිරදඬුවම් නියම කර එකී සිරදඬුවම එකවර එනම් ... |
"තැපැල් ඡන්දය අද සිට" | "ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (04දා) සිට ආරම්භ වෙයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවට අයත් කාර්යාලවල නිලධාරීන් හා නියෝජ්‍ය පොලිස්පති, පොලිස් අධිකාරි, පොලිස් ස්ථානවල නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය, විශේෂ පොලිස් ඒකක හා ප්‍රභූ ආරක්‍ෂක කොට්ඨාස නිලධාරීන් ඒ අනුව තම ආයතනයේදී අද තැපැල් ඡන්ද සලකුණු කිර... |
""සෙනසුරාදා විවාදයට හතරක් 2, 3 වට සඳහා තවත් 12ක් – මාර්තු 12 ව්‍යාපාරය කියයි"" | "ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ සජීවී විවාදය ලබන 07 වැනිදා පැවැත්වෙයි. මාර්තු 12 ව්‍යාපාරය මෙම විවාද මාලාව සංවිධානය කරයි. පළමු දින විවාදය සඳහා අපේක්‍ෂකයන් සිව්දෙනෙක් සහභාගි වෙති. සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂ අපේක... |
"කඳසුරිඳු පිහිටෙන් සුවපත් වේවා…" | "රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද ආධාර සහ සෙසු පරිත්‍යාගශීලීන්ගෙන් ලද ආධාරවලින් ඉදිකළ මහරගම අපේක්ෂා රෝහලේ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය ඊයේ (03දා) උදෑසන ජනතා අයිතියට පත් කෙරිණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ව්‍යාපෘති කළමනාකරණය යටතේ ඉදිකිරීම් ආරම්භ කළ මෙම සිව්මහල් වාට්ටු සංකීර්ණයට වැය වී ඇති මුදල රුපියල් මිලියන 150 ... |
"ජනතාවට සවන් දෙන නිහතමානී දසරාජ ධර්ම පාලනයක් උදෙසා කැප වෙනවා – සජබ මිහින්තලා ප්‍රකාශය එළිදැක්වීමේ උළෙලේදී විපක්ෂ නායක සජිත් කියයි" | "තමා බලයට පත් වූ පසු විධායක ජනාධිපති බලය හිතුවක්කාර ලෙස හෝ තමන්ට ඕනෑ ලෙස භාවිත නොකරන බවත් මෙය තනතුරක් ලෙස නොව ජනතාව ලබා දුන් වරම තුළ ජනතා සේවකයකු ලෙස ඉටු කළ යුතු යුතුකමක් ලෙස වගකීම් ඉටු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විධායක ජනාධිපති බදු ගෙවන්නන්ගේ මුදලින් යැපෙන කෙනෙක් බවත් එම නිසා මේ යැපුම්භාවයෙන් ඉව... |
"‘පුළුවන් ශ්‍රී ලංකා’ වැඩසටහනට රටේ සෑම පළාතකම ජනතාවගේ සහාය හිමිවෙලා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "‘පුළුවන් ශ්‍රී ලංකා’ 05 වසරක ජාතික වැඩසටහනට අද රටේ සෑම පළාතකම ජනතාවගේ සහාය හිමිව තිබෙන බවත් එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කර රටේ ආර්ථික ස්ථාවරත්වය ද ආරක්ෂා කර ගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉකුත්දා හලාවත පැවති ජන රැලිය අමතමිනි... |
"භාණ්ඩාගාරයට එන හැම සතයක්ම රටේ සහ ජනතාවගේ යහපතට යොදවනවා – මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක" | "භාණ්ඩාගාරයට එන හැම සතයක්ම රටේ සහ ජනතාවගේ යහපත පිණිස යොදනවා යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රට අනුරට ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී බදුල්ල රැලිය අමතමින් වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. මෙවර ඡන්දයේ විශේෂයක් තිබෙනවා. මීට කලින් අනෙක් පක්ෂ ඡන්ද කාලේ කන්න දෙනවා. බොන්න දෙනවා, කාර්යාල... |
"රජයේ සේවක වැටුප් සියයට 24කින් ඉහළ දානවා – ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "රජයේ සේවක වැටුප් ලබන ජනවාරි මාසයේ සිට සියයට 24 කින් ඉහළ දැමීමට කටයුතු කරන අතර ජීවන වියදම් දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කරමින් සෑම රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප 57, 500 ක් බවට පත්කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඊට අමතරව සියයට 06 සිට සියයට 36 දක්වා ක්‍රියාත්මක වන බදු සූත්‍රය වෙනුවට සිය... |
"මහ පොළොවේ පය ගසා ජීවත්වෙන ජනතාවගේ දේශපාලන බලවේගය පොහොට්ටුවයි – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ" | "සමහර දේශපාලකයන්, නායකයන් හිතනවා ඒ නායකයන් නිසා තමයි ජනතාව ඉන්නේ කියලා. හැබැයි යථාර්ථය සහ සත්‍යය ජනතාව නිසා තමයි නායකයෝ පවතින්නේ කියලා දේශපාලනය කරන සියලුදෙනා මතක තබා ගත යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කලවාන ආසනයේ පෙරේදා (02) වැනිදා පැවැති ශ්‍ර... |
"කූඹිත් මිනිස්සු වගෙයි" | "කුහුඹුවන්ගේ ජීව විද්‍යාව සහ ඔවුන්ගේ සමාජ ව්‍යුහය මිනිසුන්ට සමාන බව මේ සතුන් පිළිබඳව කළ පර්යේෂණවලදී තහවුරු වී තිබේ. කුහුඹුවන් ඔවුන්ගේ සහෝදරියන් සමග ඇති සබඳතාව සහ සෙනෙහස බොහෝ අවස්ථාවලදී විද්‍යාඥයින් මවිතයට පත් කර තිබේ. මෙම අධ්‍යයනය සිදු කළ ජර්මනියේ වුස්බර්ග් විශ්වවිද්‍යාලයේ කෘමි චර්යා විද්‍යාඥයකු වන එරික් ෆ්‍රෑන්ක් ඔහුග... |
"‘රනිල්ට ඡන්දය දෙන්න’ හොරු ඉන්නවානම් මහ ඡන්දයේ දී ගෙදර යවන්න – එජාප සභාපති වජිර ඉල්ලයි" | "ජනාධිපතිවරයා සමග හොරු ඉන්නවා නම් එම හොරුන් මහ මැතිවරණයේ දී ඡන්දය නොදී සිටීමට මහජනතාව කටයුතු කළ යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (3දා) පැවසීය. වැටී තිබූ රට නැවත ගොඩ ගැනීමට කටයුතු කළ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට කටයුතු කළහොත් රට නැවත 2022 වසරේ තිබූ තත්ත්වයට පත... |
"පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය" | "2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව 2024 ඡන්ද නාම ලේඛනය පදනම් කරගෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා නැවත නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව වෙත අවශ්‍ය බලතල ලැබෙන පරිදි පළාත් පාලන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කිරීම ස... |
"පත්වන ජනපති කවුරු වුණත් රුසියාවේ සහාය දෙනවා – රුසියානු තානාපති" | "බටහිර රටවල් වෙනත් රටවල ස්වාධිපත්‍යයට අත පෙව්වත් රුසියාවේ එසේ කරන ප්‍රතිපත්තියක් නැති බවත් මීළඟට පත්වන ජනපති කවුරු වුණත් ඔහුට උපරිමයෙන් සහය දෙන බව මෙරට රුසියානු තානාපති ලෙවාන් එස්. ඩිශාගරයාන් මහතා පවසයි. රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ඔහු කීය. ජගත් කනහැරආරච්චි" |
"පත්වන ජනපති කවුරු වුණත් රුසියාවේ සහාය දෙනවා – රුසියානු තානාපති" | "බටහිර රටවල් වෙනත් රටවල ස්වාධිපත්‍යයට අත පෙව්වත් රුසියාවේ එසේ කරන ප්‍රතිපත්තියක් නැති බවත් මීළඟට පත්වන ජනපති කවුරු වුණත් ඔහුට උපරිමයෙන් සහය දෙන බව මෙරට රුසියානු තානාපති ලෙවාන් එස්. ඩිශාගරයාන් මහතා පවසයි. රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ඔහු කීය. ජගත් කනහැරආරච්චි" |
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමා හිටපු ජනපති ගෝඨාභයට චෝදනා කිරීම වැරදියි – බෙල්ලන්විල ධම්මරතන නාහිමි" | "ආගම් හා ජාතීන් අතර සහජීවනය ඇතිකිරීමට සුදුසු අවස්ථාවක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පසුගිය කාලයේ අත්වූ ශෝචනීය ඉරණමට මුල් වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමා ඇතුළු ඇතැමුන් කරන ප්‍රකාශ තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය තරයේම ප්‍රතික්‍ෂේප කරන බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පවසත... |
"තලතාගේ අසුනට පරණවිතාන ඊයේ දිවුරුම් දෙයි" | "කරුණාරත්න පරණවිතාන මහතා රත්නපුර දිස්ත්‍රික් නව මන්ත්‍රීවරයකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (03) දිවුරුම් දුන්නේය. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවූ පුරප්පාඩුවට පරණවිතාන මහතා පත් කෙරිණි. 2020 අගෝස්තු මාසයේ පැවැත... |
"රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නංවන විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට" | "2025 වසරේ ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයින් විසින් ඊයේ (03දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබූහ. ශ්‍රී ලං... |
"මාස 8ක් තුළ රුපියල සියයට 7.9කින් ඉහළට" | "මේ වසරේ (2024) පළමු මාස අටේදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.9කින් ශක්තිමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඉකුත් අගෝස්තු මාසයේදී විටින්විට ඇතිවූ යම් අවප්‍රමාණය වීමේ පීඩනයන් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වූ බව ද මහ බැංකුව පවසයි. මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ. එසේම ම... |
"දුප්පත් මිනිස්සුන්ගේ සමෘද්ධිය කපලා ඇත්ත දුප්පතුන්ට අස්වැසුම නෑ ජනාධිපතිතුමාට කිව්වත් තැකීමක් නෑ – විපක්‍ෂයේ අසුන් ගනිමින් මන්ත්‍රී ජගත් කුමාර කියයි" | "මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගත්තේය. විපක්ෂයේ අසුන් ගැනීමට පෙර ප්‍රකාශයක් කරමින් ජගත් කුමාර මන්ත්‍රීවරයා මෙසේ කීවේය. සමෘද්ධිලාභී අහිංසක මිනිසුන්ගේ දීමනා කප... |
"බස්නාහිර රෝහල් ඉදිරිපිට හෙට GMOA විරෝධතා" | "බස්නාහිර පළාතේ සියලු රජයේ රෝහල් ඉදිරිපිටදී හෙට (05දා) උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා මෙම විරෝධතා පැවැත්වෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳව ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමේ අරමුණින් ආරම්භ කර ඇති විනය පරීක්ෂණ ඇතුළු වි... |
"ව්‍යාජ ඡන්ද ප්‍රතිඵල – ජවනිකාවලට නීතිය දැඩි වෙයි!" | "මැතිවරණ නීති උල්ලංඝනය කරමින් විවිධ ආයතනවල, පෞද්ගලික උපකාරක පන්තිවල මෙන්ම අහඹු ලෙස මහජනතාව යොදාගෙන ඡන්ද විමසීම් පවත්වා ඒවායේ ප්‍රතිඵල යූටියුබ් වට්ස්ඇප් ඇතුළු සමාජජාලා වෙබ් අඩිවිවල ප්‍රසිද්ධ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් මූලස්ථානය විමර්ශන මෙහෙයුම් ඒකකයක් ඊයේ (02 දා) සිට ආරම්භ කර ඇත. ජනක... |
"ඡන්දදායකයන්ගේ ස්වාධීන මතයට බලපෑම් කිරීම වරදක් – මැතිවරණ කොමසාරිස් ජනරාල්" | "ඡන්දදායකයන්ගේ ස්වාධීන මතයට බලපෑම් වන මැතිවරණ සමීක්‍ෂණ, මැතිවරණ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. මෙවැනි සමීක්‍ෂණ සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ හැකි බවද හෙතෙම කීය. ඡන්දදායකයන්ගේ ස්වාධීන මතයට බලපෑම් වන මැතිවරණ සමීක්‍ෂණ පැවැත්වීමෙන් වළකි... |
"ඒකීය රාජ්‍යයට ආරක්‍ෂණ සහතිකයක් – සිත ගිනි නිවන සහන සමඟින් දියුණු රටක්" | "ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තියට ආරක්ෂණ සහතිකයක් සපථ කරමින් 21 වැනි සියවසේ අභියෝගවලට තිරසර විසඳුම් හා ජීවන බර අවම කරන පියවර තම ප්‍රතිපත්ති මාලාවේ ප්‍රමුඛස්ථානය වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඊයේ (02දා) සඳහන් කළේය. ඔබ වෙනුවෙන් දියුණු රටක් තේමා කරගත් නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රති... |
"21 වැනිදායින් පසු ජනතාව ජයග්‍රහණය කරවන වගකීම මා භාර ගන්නවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "ජනතා ඡන්දයෙන් සමගි ජන සන්ධානය ලබන 21දා ජයග්‍රහණය කරවන විට ජනතාව ජයග්‍රහණය කරවීමේ වගකීම තමා ඇතුළු තම කණ්ඩායම භාර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් නාච්චදූවේ දී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්... |
"කොටස් එකලස් කර සැකසූ වාහන 41ක් ලබන 31ට පෙර වහාම ලියාපදිංචි කරන්න" | "සාධාරණ හේතුවක් නොමැතිව ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කළ කොටස් එකලස් කර සකස් කරන ලද වාහන 41ක් ලබන 31 වැනිදාට පෙර වහාම ලියාපදිංචි කරන ලෙසට බලකරමින් අභියාචනාධිකරණය ඊයේ (02දා) මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කළේය. එකී පෙත්සම්කාර වාහන හිමිකරුවන්ට රුපියල් 10,000 බැගින් නඩු ගාස්තුවක් ග... |
"විකිණීමෙන් හා බදු අය කිරීමෙන් රාජ්‍ය ආදායම වැඩිකරගන්න බැහැ" | "රාජ්‍ය දේපළ විකිණීමෙන් සහ අසාධාරණ ලෙස බදු අය කිරීමෙන් රාජ්‍ය ආදායම වැඩි කරගත හැකිය යන මානසිකත්වයෙන් අප මිදිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ඊයේ (02දා) පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. පළමුවෙන්ම මම ස්තූතිවන්ත වනව... |
"සජිත් සහ අනුර පොරොන්දු දෙන්නේ රට සහ ජනතාව ගැන සිතා නොවෙයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "සජිත් සහ අනුර අද ජනතාවට දෙන්නේ දේශපාලනය අරමුණු කරගත් පොරොන්දු මිස රට සහ ජනතාව ගැන සිතා ලබාදෙන පොරොන්දු නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. උදෑසන නැගිට ඇවිදින්න යනවාද? ගෑස් සහ ඉන්ධන පෝලිම්වල සිටිනවාද? යන්න තීරණය කිරීම ඔබට භාර බවද ජනාධිපතිවරයා හිඟුරක්ගොඩ, නුගේගොඩ සහ ජාඇල පැවැති ‘පුළුවන් ශ්‍රී ලංකා’ විජයග්... |
"ජූලි අවසානයේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.7ට නගී" | "ඉකුත් ජූලි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් දක්වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය වසරේ (2023) දෙසැම්බර් අග වනවිට පැවැති විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4ක් වූ අතර මේ අනුව මේ වසරේ (2024) පළමු මාස හතේදී මුළු විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර්... |
"පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරනවාමයි- ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා" | "අපි අනිවාර්යයෙන්ම පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරන එක කරනවාමයි. ඒක කරන එක ඒ තරම් අමාරු දෙයක් නොවෙයි. රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරනවා. ඒවා දැක දැක කෙඳිරි ගගා ඉන්න නිවටකම් අපේ ඇඟේ නැහැ. ඊළඟට මේ රටේ විනය හදනවා. විනය හැදීමේ දී ප්‍රධාන කාරණා දෙකක් තිබෙනවා. මත්ද්‍රව්‍ය උවදුර නවත්වන්න ඕනෑ, පාතාලය නවත්වන්න ඕනෑ. මත්ද්‍රව්... |
"මේ වසරේ මුල් මාස හතේ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඉහළට" | "මේ වසරේ (2024) මුල් මාස හතේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ගිය වසරේ (2023) මුල් මාස හතට සාපේක්ෂව සියයට 9.1කින් වර්ධනය වී ඇත. මේ අනුව ගිය වසරේ (2023) මුල් මාස හතේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 9548.1ක් වූ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම මේ වසරේ (2024) මුල් මාස හතේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 10418.5ක් දක්වා වර්ධනය වී ඇතැයි ... |
"තැපැල් සේවකයෝ 8000ක් අද සිට ඡන්ද පත්‍රිකා බෙදීම අරඹති" | "ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (03දා) සිට බෙදා හැරීමට තැපැල් සේවකයන් 8000ක් යොදවා ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ඊයේ (02දා) පැවසීය. මෙම දැන්වීම් පත්‍රිකා තැපැල් සේවකයන් විසින් නිවාසවලටම ගොස් ලිඛිත අත්සනක් ගෙන නිවෙස් හිමියන්ට භාරදෙන බවද රණසිංහ මහතා කීය. අද සිට 14 දක්වා අනෙකුත් ලිපි සහ පාර්... |
"උපයෝගිතා කොමිසමේ සභාපති පුටුවට චෝදනා ලත් ලංවිම නිලධාරියෙක්!" | "විදුලිබල මණ්ඩලයේ මූල්‍ය වංචාවකට වරදකරු වූ නිලධාරියකු මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමට ජනපතිවරයා ගෙන ඇති තීරණය ජනතා පරමාධිපත්‍යය සහ මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් වන බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් ඊයේ (02දා) ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ විසින් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ... |
"තලතාගේ අසුනට පරණවිතාන අද මැතිසබයට" | "තලතා අතුකෝරල මහත්මිය ඉල්ලා අස්වීමෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා කරු පරණවිතාන මහතා අද (3දා) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතය. පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කාර්යයක් ලෙස අභිනව මන්ත්‍රීවරයාගේ දිවුරුම් දීම සිදුවේ. පාර්ලිමේන්තුව අද සහ හෙට (4දා) දෙදින රැස්වීමට නියමිතය.අකිත පෙරේරා" |
"විශේෂ අවශ්‍යතා ඇති අයට ඡන්ද පොළට යෑමට අවසරදීම 14 දායින් අවසන්" | "යම් තැනැත්තෙකුට කායික දුබලතාවක් නිසා පා ගමනින් හෝ වෙනත් පොදු ප්‍රවාහන සේවාවක් මගින් ඡන්ද පොළට යෑම් ඒම් කළ නොහැකි නම් ඒ සඳහා යම් වාහනයක් මගින් ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට අවසර ගැනීම සඳහා කළ ඉල්ලුම්පත් භාර ගැනීම මෙම මස 14 වැනිදායින් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රා... |
"රාජිතට එරෙහි පැමිණිල්ලට ප්‍රකාශයක් ගන්න" | "හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ‘මගෙන් රටට සංවිධානය’කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එම සංවිධානයේ සභාපති, සංජය මහවත්ත මහතා අල්ලස් කොමිසම වෙත කැඳවා ඇත. රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි සමයේ දූෂිත ගනුදෙනුවල නිරතවෙමින් ඖෂධ සමාගම්වලින් අල්... |
"යාපනයේ සිට චෙන්නායිවලට නව ගුවන් සේවයක්" | "ඉන්දියාවේ, චෙන්නායි හා යාපනය අතර ඉතා ලාභදායී ගුවන් සේවයක් සැප්තැම්බර් 1 වැනිදා ආරම්භ කරන ලද අතර පළමු දිනයේදී එම ගුවන් යානයෙන් චෙන්නායි සිට මගීන් 52 ක් යාපනය වෙත ළඟා වූහ. පැමිණි ගුවන් යානය සාම්ප්‍රදායන්ට අනුව ජල ප්‍රහාරවලින් ගුවන් තොටුපළේදී පිළිගත් අතර මගීන් සියලු දෙනාද ඉතා උණුසුම් ලෙස පිළිගෙන ඔවුන්ට යාපනයේ පාරම්පරික ආ... |
"විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය අද" | "ලාංකේය විශ්වවිද්‍යාලයක් මගින් පවත්වනු ලබන ජාතික මට්ටමේ ප්‍රථම සහ එකම සාහිත්‍ය සම්මාන උළෙල වන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය, අද (3දා) අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. වර්ෂ 2000දී සේවාර්ජිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද මෙම සම්මාන උළෙල, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්... |
"ශ්‍රීලනිප 73 වන සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා එජාප නායක ජනපති රනිල්" | "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 73 වන සංවත්සරය ඊයේ (02දා) ශ්‍රී ජයවර්ධනපුර මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි. ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස එජාප නායක ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න මහත්වරුන් ඇතුළු පිරිසක් ද එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ඇතුළු ... |
"කෝටි 14000කට අධික බදු මුදල් අයකර නොගත් නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක්" | "විගණකාධිපති වාර්තා අනුව රජයට අයකර ගත යුතු රුපියල් කෝටි 14000කට අයත් බදු මුදල් රාජ්‍ය නිලධාරීන් විසින් අයකර නොගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් “රුහුණු රට ගොවි සංවිධාන එකමුතුව” ඊයේ (02දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 2024 මැයි 27 වැනිදා විගණකාධිපතිවරයා විසින් නිකුත්... |
"ජයිකා ගනුදෙනුව ජංජාලයක් වෙයි" | "අල්ලස් හා දූෂණ මැඬලීම සඳහා අවශ්‍ය උපදේශන සේවා ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (ජයිකා) විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පරිත්‍යාග කළ රුපියල් මිලියන 20ක මුදලින් රුපියල් මිලියන 19කට ආසන්න මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩකර ඇති බවට විශේෂ පංච පුද්ගල කමිටුව මගින් ඒකමතිකව නිර්දේශ කර ඇති බැවින්, ශ්... |
"ඉන්ධන මිල පහළට – ඔක්ටේන් 92 රු. 12 කින්-95 රු. 2කින්" | "මාසික මිල සූත්‍රයට අනුව පෙරේදා (31 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් අඩු කර ඇත. එහි නව මිල රුපියල් 332 කි. 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රු... |
"දුක් විඳින යුගය අපේ පරම්පරාවෙන් අවසන් කරන්න ආණ්ඩුවක් හදමු" | "ජනතාව දුක් විඳි යුගය අපේ පරම්පරාවෙන් අවසන් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පොළොන්නරුවවේදී ප්‍රකාශ කර සිටියේය. ‘රට අනුරට’ මැයෙන් ජාතික ජන බලවේගයේ පොළොන්නරුව විජයග්‍රාහී රැලිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය. “අපේ වැඩිහිටි අය මීට කලින් ආණ්ඩු හැදුවා, නායකයෝ ගෙනාවා. ඒත් අවසානයේ ඉ... |
"සුමන්තිරන්ගේ සහාය සජිත්ට" | "ඉලංගෙයි තමිල් අරසු කච්චි ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කර තිබේ. මේ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් තහවුරු කර තිබේ." |
"විචිත්‍ර ධර්ම කථික බොරැල්ලේ කෝවිද හිමියෝ අපවත් වෙති" | "ශ්‍රී ලංකාවේ ප්‍රකට විචිත්‍ර ධර්ම කථික හිමිනමක වූ පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමියන් අපවත් වී තිබේ. කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වන විට වයස අවුරුදු 48 ක් විය. 1976 වසරේ පෙබරවාරි 14 වැනිදා කොළඹදී උපන් උන්වහන්සේ, කොළොන්නාව ශ්‍රී බෝධි විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කළහ. දේහය පිළිබ... |
"බොරු පොරොන්දුවලට රැවටී රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා" | "රෑ වැටුණු වළේ දවල් වැටෙනවාද කියා තීරණය කරන්නට ජනපතිවරණයේදී ජනතාවට කදිම අවස්ථාවක් ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රීකුණාමලය ඇතුළු ජනපතිවරණ ජනරැලි පහක් අමතමින් පෙරේදා (31 දා) පැවසීය. බදු අඩු කරන බව පවසමින් වේදිකාවල බොරු පොරොන්දු දෙන සජිත් – අනුර යළි සූදානම් වන්නේ රට නැවත වළට ඇද දැමීමට බව කී ජනාධිපතිවරයා තමා ... |
"ඡන්ද පත්‍රිකා බෙදීම හෙට සිට 14 දක්වා 8 ඉරිදාත් තැපෑල වැඩ" | "ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට (03දා) සිට ලබන 14 දක්වා බෙදාහැරීමට කටයුතු කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (01දා) පැවසීය. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (02දා) දිස්ත්‍රික්ක 22ක් තුළ තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් භාරගන්නා බවත් ඉන් අනතුරුව ඒවා අදාළ තැපැල් කාර්යාලවලට භාරදෙන බවත්... |
"දක්ෂිණ අධිවේගයේ පරණ බිලකින් කෝටි 750ක් වංචා කරන්න හදනවා" | "එක්තරා අපේක්ෂකයකුගේ මැතිවරණ ව්‍යාපාරයට වියදම් කිරීමට මුදල් සෙවීමට වර්ෂ 2011 වර්ෂයේදී දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අනුමත නොකළ පැරණි බිලක් සොයාගෙන, එයට අමාත්‍ය මණ්ඩලයේ සහ නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගෙන රුපියල් කෝටි හත්සිය පනහක මුදලක් චයිනා හාබර් සමාගම වෙත ගෙවීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව... |
"කතරගම දෙවියන්ට පුද කළ මුදලින් කළ හැකි වූ ලොකුම පින්කම මෙයයි – බස්නායක නිළමේ" | "ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලේ අභිනවයෙන් ඉදි කෙරුණු ළමා වාට්ටු සංකීර්ණය හෙට (03 දා) විවෘත කෙරේ. මහල් හතරකින් සමන්විත මෙම වාට්ටු සංකීර්ණය වර්ග අඩි 26,000 ක ගොඩනැඟිල්ලකි. මෙහි මහල් දෙකක රෝගී දරුවන් 76 දෙනකුට අවශ්‍ය සුවපහසු ඇඳන්, නවීන සනීපාරක්ෂක උපකරණ සහිත වැසිකිළි කැසිකිළි පහසු... |
"රටේ තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොව ආර්ථික ප්‍රශ්නයක්" | "“මෙච්චර සම්පත් තියෙන රටක් ලෝකයේ වෙන කොහේවත් නැහැ. “ග්‍රැෆීන්” වලින්ම අපිට ඒක කරන්න පුළුවන්. ලෝකයේ “ග්‍රැෆීන්” තමයි අනාගතය තීරණය කරන්නේ” යැයි ජනාධිපති ධුර අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා පැවැසීය. කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු එසේ කීය. මෙහිදී තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කියා සිටියේය. “මේ රටට තියෙන්නෙ දේශපාලන ප්... |
"උපයෝගිතා කොමිසමේ අනුමැතියෙන් තොරව පුනකරි – ඔට්ටමාවඩි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ තැතක්" | "පුනකරි සහ ඔට්ටමාවඩි විදුලිබලාගාරවලට අදාළ ව්‍යාපෘති මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියෙන් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ විෂයභාර ඇමැතිවරයා ක්‍රියා කරන බව විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති චෝදනා කරයි. අතිශය දූෂිත ගනුදෙනුවක් ලෙස ප්‍රචලිත මෙම ව්‍යාපෘතියට ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කළ නිලධාරියකු මහජන උපයෝගිතා කොමිසමේ ... |
"තරුණ ව්‍යවසායකයන් ශක්තිමත් කරන්න ජාතික ප්‍රතිපත්තියක් ගෙන එනවා" | "අපි ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිය තුළ ප්‍රමුඛතාව දෙන්නේ රටේ නිෂ්පාදන ආර්ථික ප්‍රතිපත්තිය තුළ කටයුතු කරන ව්‍යවසායකයාට බවත්, විදේශ ආයෝජකයාට දෙන සහනම දේශීය ආයෝජකයාටත් ලබා දෙන්නේ යැයිද, තරුණ ව්‍යවසායකයා හා රටේ ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රතිපත්ති ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් ක්‍ර... |
"මහා පරිමාණ ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු හොයාගන්න නැහැ" | "මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කර නොමැති බව වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනයේ අලුත්ම වාර්තාවේ දැක්වේ. 2024 වසර වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 50ක් මෙම වේදිකාව යටතේ විමසුමට ලක්කර ඇත. ඒවායින් 21ක් ද... |
"ජනපති අපේක්ෂකයන්ගේ විවාදයට ප්‍රශ්න එවීම අදින් අවසන්" | "මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ විවාදය සඳහා මහජනතාවට ප්‍රශ්න යොමු කළ හැකි කාලය අදින් (2දා) අවසන් වේ. මෙම විවාදය අදියර තුනක් වශයෙන් පැවැත්වීමට නියමිත අතර, එහි පළමු අදියර එළැඹෙන 07 වැනිදා පැවැත්වෙනු ඇත. දෙවන අදියර 8 වැනිදා ද තෙවන අදියර 09 වැනිදා ද පැවැත්වීමට නියමිත අතර ජනාධිපති... |
"සමාජ මාධ්‍යයේ සැරිසරන වීඩියෝ දර්ශන ඉවත් කර දෙන්න" | "තමන් ඇතුළු සිය පවුලේ සාමාජිකයන් සාමාජීය වශයෙන් වෛරයට පාත්‍රවන ආකාරයෙන් එක්තරා ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවක යූටියුබ් නාලිකාවක් ඔස්සේ ප්‍රචාරය කරනු ලබන වීඩියෝ දර්ශන ඡායාරූප හා අසත්‍ය ප්‍රවෘත්ති වහාම සමාජ මාධ්‍යයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නාජිම... |
"කීර්තිනාමයට හානි කළැයි ප්‍රසන්න දයාසිරිගෙන් කෝටි 20 ක් වන්දි ඉල්ලයි" | "අසත්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් රුපියල් කෝටි විස්සක වන්දි මුදලක් ඉල්ලා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වෙත එන්තරවාසියක් යවා ඇත. සිය නීතිඥවරිය මාර්ගයෙන් අමාත්‍යවරයා මෙම එන්තරවාසිය යවා තිබේ. තමන්ට ලැබුණු සුරා බලපත්‍රයක් ගම්පහ මාකේවිට ප්‍රදේශයේ පදි... |
"දස අවුරුදු වැඩපිළිවෙළකින් සමන්විත නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (02දා) පෙරවරු 10.00 ට කොළඹ අයි.ටී.සී. රත්නදීප හෝටලයේ දී ජනතාව වෙත පිළිගැන්වේ. ‘ප්‍රතිපත්තිමය ඉලක්ක සහ නව්‍යකරණ වැඩපිළිවෙළ’ ලෙස හඳුන්වා ඇති එම ප්‍රතිපත්තීමය වැඩපිළිවෙළ දස අවුරුදු වැඩපිළිවෙළකින් යුක්තය.එරික් ගාමිණි ජිනප්‍රිය" |
"2010-2024 දූෂණ වංචා සෙවීමට හා වැරදිකරුවන්ට දඬුවම් දීමට කොමිෂන් සභාවක්" | "1971 අපරාධ යුක්ති කොමිෂන් සභාව පිහිටුවූ ආකාරයට 2010 සිට 2024 දක්වා ආවරණය වන ලෙස රටේ සිදුවූ බවට චෝදනා එල්ල වන දූෂණ හා වංචා පරීක්ෂා කිරීමට හා වැරදිකරුවන්ට දඬුවම් දීමට කොමිෂන් සභාවක් පිහිටුවීමට සර්වජන බලය ජාතික උපාය මාර්ගික සැලැස්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අත්‍යවශ්‍ය කාර්යය ලෙස සඳහන් කර තිබේ. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනගත... |
"අවදානම් වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29 ක අද සිට තෙදිනක් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්" | "පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් අද (02 දා) සිට 04 දා දක්වා දින තුනක් දිවයිනේ වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29 ක විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මහනුවර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29 ක ඩෙංගු අවදානම් කලාප බවට හඳුනාගෙන ඇ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.