Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"බානගල නාහිමියෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමු වෙති"
"ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් ඉකුත් 30දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය. අග්‍රාමාත්‍ය නිල නිවස වන නව දිල්ලියේ ලෝක් කල්යාන් මන්දිරයේදී හමුව සිදුවිය. නරේන්ද්‍ර මෝදි මහතාගේ දීර්ඝ කාලීන සමීපතම හිතවතෙකු වන බානග...
"පොඩි ගාණකින් ඩීසල් මිල බැස්සට බස් ගාස්තු අඩු කරන්න බැහැ – ගැමුණු කියයි"
"ඩීසල් මිල පොඩි ගණනකින් අඩු කළත් බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට පැවැසීය. “අපි අවුරුදු ගාණක ඉඳලා මිල සූත්‍රයක් යටතේ තමයි බස් ගාස්තු ක්‍රියාත්මක කරන්නේ. මිල සූත්‍රයට අනුව මේ රුපියල් 10 වෙනස් වීම සියයට හතරේ ප්‍රතිශතයටවත් ඇවිල්ලා නැහැ. ඒ නිසා ඉන්ධන...
"ආචාර්ය මාලනි ඩයස් අභාවප්‍රාප්ත වෙයි"
"ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ සභාපතිනි පුරාවිද්‍යාඥ ආචාර්ය මාලනී ඩයස් මහත්මිය 30 වැනිදා අභාවප්‍රාප්ත වූවාය. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ උපදේශකත්වය යටතේ බ්‍රාහ්මී අක්ෂර කියවීම සම්බන්ධයෙන් පශ්චාද් උපාධි පුහුණුවක් ලද එකම කාන්තාව වූ ඇය, ශ්‍රී ලංකාව තුළ විසිරී පැතිරී ඇති අනාවරණය කර ඇති සෑම සෙල්ලිපියක්ම කියවීමෙහිලා ...
"මේ මාසයේ ගෑස් මිල වෙනසක් නෑ – ලිට්‍රෝ කියයි"
"මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මාසයේ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම පවසයි. ගෑස් මිල සංශෝධනයක් අවසන් වරට සිදුවූයේ ජූලි මස 02 වැනිදාය. අගෝස්තු මසදී ද ගෑස් මිල සංශෝධනයක් වූයේ නැත. ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3690 ක් වන බවත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිල...
"පාස්පෝට් අවුලේ මුල එළියට"
"ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වසර 21ක් පමණ කාලයක සිට ටෙන්ඩර් කැඳවීමකින් තොරව සැපයුම් දිගු ලබා දෙමින් ප්‍රසම්පාදන කාර්යයෙන් බැහැරව එකම ආයතනයකින් හිස් විදේශ ගමන් බලපත්‍ර මිලදී ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ. හිස් ගමන් බලපත්‍රවල අවශ්‍යතාව සැලකිල්ලට නොගෙන මිල දී ගැනීම් සිදු කර ත...
"ප්‍රතිපත්ති එළිදැක්වූ දා…"
" මෙවර ජනාධිපතිවරණයේ ප්‍රබලතම අපේක්‍ෂකයන් තිදෙනකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් රට දිනවන සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් මහා සංඝරත්නය වෙත පිළිගැන්වූ අයුරු."
"තැපැල් ඡන්දය 4-5-6"
"මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන 04, 05 සහ 06 යන දිනවල දී සිදු කිරීමට නියමිතව තිබේ. තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 04 වැනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව තිබෙන...
"ජනපතිවරණ නිරීක්‍ෂණයට යුරෝපා සංගමය එයි"
"ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මෙරටට පැමිණි යුරෝපීය සංගමයේ නියෝජිත පිරිස හා විදේශ කටයුතු අමාත්‍යාංශය අතර ජනාධිපතිවරණ නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් වන පරිපාලන විධිවිධානයන්ට අත්සන් තබා ඇත. යුරෝපීය සංගමයේ රෙගුලාසි යටතේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පෙර මෙකී පරිපාලන විධිවිධානයන්ට අත්සන් කළ යුතුව තිබේ. මේ සම්බන්ධයෙ...
"නාමල්ගේ ප්‍රතිපත්ති හෙට කරළියට"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම හෙට (02) උදෑසන 10.00ට කොළඹ රත්නදීප හෝටලයේ දී සිදුකෙරේ. මහා සංඝරත්නය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ, පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් විවිධ අංශවල වෘත්තිකයන්, නීතිඥයින්, කලාකර...
"ඡන්ද දායකයන්ට බලපෑම් කළොත් වැඩ වරදියි"
"ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණෙන ඡන්දදායකයන්ට මග සිටිමින් අහවල් අපේක්ෂකයාට කතිරය ගසන්න යැයි කියමින් දැඩි බලපෑම් සිදු කරන පුද්ගලයන් පිළිබඳව නීතිමය පියවර ගන්නා බව පොලිස් මැතිවරණ කාර්යාලය කියයි. මේ අනුව ඡන්ද දායකයන්ට කිසිදු බලපෑමක් සිදු නොකර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අනුව ඔහුට හෝ ඇයට තමන් කැමැති අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉ...
"මැතිවරණ පැමිණිලි ‘වක්කඩ’ කැඩෙයි"
"ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ පැමිණිලි 1347ක් මේ වන විට ලැබී ඇති බැව් මැතිවරණ කොමිසම පවසයි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 561ක් ලැබී ඇති අතර දිස්ත්‍රික් මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 786කි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1285ක් සහ ප්‍රචණ්ඩ ක...
"ක්ලබ් වසන්තට වෙඩි තැබූ අයට ලොකු පැටීගෙන් කොන්ත්‍රාත් ගොඩක්"
"ක්ලබ් වසන්ත ඝාතනය සිදු කළ වෙඩික්කරුවන් දෙදෙනා එතෙර සිට පාතාලය මෙහෙයවූ ලොකු පැටීගේ කොන්ත්‍රාත් රැසක් සිදුකර ඇති බවට අතුරුගිරිය පොලිසිය කරන විමර්ශනවල දී අනාවරණය වී තිබේ. ලොකු පැටීට එරෙහිව ක්‍රියාකරන පුද්ගලයන්ට විවිධ ආකාරයේ දඬුවම් දීම මෙම සැකකරුවන් දෙදෙනා සිදුකර ඇත. ඒ සඳහා ලොකු පැටී ගෙන් ඔවුන් මුදල් ලබාගෙන ඇතැයිද පොලිසිය...
"තරුණ නියෝජනයට ව්‍යවස්ථා සභාව රැස්වෙයි"
"පාර්ලිමේන්තුව සහ පළාත් සභාවේ තරුණ නියෝජනය සියයට 25ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමුව ඇත. ඒ සඳහා එම සභාව අනිද්දා (03දා) විශේෂ රැස්වීමක් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය. අදාළ පනත් කෙටුම්පත ප්‍රථමය...
"කැබිනට් අනුමැතිය හරි අවබෝධතා ගිවිසුම සොරි"
"ඉන්දීය ජන ඖෂධ ව්‍යාපාරය ආයතනයෙන් ඖෂධ මිලදී ගැනීමට තවම අවබෝධතා ගිවිසුම් අත්සන් කර නැතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඖෂධ ගැනීමට දැනට කැබිනට් අනුමැතිය පමණක් ලැබී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ රජයේ රෝහල් සඳහා සැපයීමට ඖෂධ සමාගම් ලියාපදිංචි වී සිටියද අත්‍යවශ්‍ය ඖෂධ 37ක් සැපයී...
"බංග්ලාදේශය ඩොලර් බිලියන 8ක ණයක් ඉල්ලයි"
"ආර්ථික අර්බුදයෙන් ගැලවීමට බංග්ලාදේශය අන්තර්වාර ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු ආධාර ආයතනවලින් ඩොලර් බිලියන 08ක ණයක් ඉල්ලා තිබේ. එරට මේ වනවිට විදේශයන්ට ඩොලර් බිලියන 100ක් ණය වී සිටියි. පසුගිය දිනවල ඇතිවූ ගංවතුර නිසා සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා ඩොලර් මිලියන 300ක් අවශ්‍ය බව අන්තර්වාර ආණ්ඩුව දැනුම් ද...
"යකඩ ඌන ගැබිනියෝ ගබ්සා වෙති"
"ගර්භණී මව්වරුන් අතර පවතින යකඩ ඌනතාවයන් සහ ක්ෂුද්‍ර පෝෂ්‍ය පදාර්ථ ඌනතාවය හේතුවෙන් ගැබිනියන් ගබ්සා වීමේ ප්‍රවණතාව ඉහළ යා හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශ නවතම දත්ත වාර්තා කියයි. එම මව්වරුන් අතර පවතින ඉහත තත්ත්වයන් කෙරෙහි නිසි අවධානය යොමු නොවූවොත් මන්දපෝෂණ තත්ත්වයන් හමුවේ ඔවුන් ගබ්සාවීමේ ප්‍රවණතාව අවධානම් මට්ටමකට පැමිණිය හැ...
"රනිල් ළඟට ගිය පොඩි පොහොට්ටු යළි නාමල්ට"
"ජනපති අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරු රැසක් නැවත පොදුජන පෙරමුණේ ජනපති අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ මහතාට සහාය ලබාදීම සඳහා කැමැත්ත පළකර ඇතැයි එම පක්‍ෂ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට තීරණය කළද ...
"ආගමනයට කෝටි 20ක් පුදලා"
"භාණ්ඩාගාරයේ එකඟතාවකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා ඉකුත් වර්ෂයේ (2023) දිරි දීමනා වශයෙන් රුපියල් විසිකෝටි අසූ හත්ලක්ෂ අනූ දෙදහස් නවසිය හැත්තෑ හතරක මුදලක් (208,792,974) ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දිරිදිමනා ක්‍රමය සංශෝධනය කරමින් 2012 සැප්තැම්බර් මස 05 වැ...
"පේයී ටැක්ස් දෙස ජනපති ඇස"
"උපයන විට ගෙවන බද්ද ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණි පසු එම සහනය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ බද්ද සංශෝධනය කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එකඟ වී ඇති බවත් එම මූලික තීරණය ගෙන අවසන් බවත් ජනාධිපතිවරයා කියයි. රජය විසින් ඒ පිළිබඳ යෝජනාවක් මූල්‍ය අරමුදලට ඉදිරිපත්...
"උද්ධමනය පහළට"
"කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ජූලි මස පැවැති සියයට 2.4 සිට ඉකුත් අගෝස්තු මාසයේදී සියයට 0.5 දක්වා අඩු වී ඇත. සමස්ත උද්ධමනය නියෝජනය කරන ආහාර උද්ධමනය ඉකුත් ජූලි මස පැවැති සියයට 1.5 සිට පසුගිය අගෝස්තු මාසයේදී සියයට 0.8 දක්වා සහ ආහාර නොවන උද්ධමනය ඉකුත් ජූලි මස පැවැති සියයට 2.8 සිට පසුගිය අගෝස්තු මාසයේදී සි...
"සුදුස්සෝ 712319ක් තැපැල් ඡන්දය බදාදා ඇරැඹෙයි"
"ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන බදාදා (04) ආරම්භ වෙයි. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් හත්ලක්‍ෂ දොළොස් දහස් තුන්සිය දහනව දෙනකු සුදුසුකම් ලබා තිබේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, නිලධාරීන් 4 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නියමිතය. එමෙන්ම පොලිස් ස්ථාන, ත්‍රිවිධ හමුදා කඳව...
"ජනතාවට සහනාධාර ලබාදෙන්නේ ආදායම වැඩි කිරීමේ සැලසුම් සහිතවයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ හම්බන්තොට සහ මොනරාගලදී කියයි"
"තමා ජනතාවට සහනාධාර ලබාදෙන්නේ ජනතාවගේ ආදායම වැඩි කිරීමේ සැලසුම් සහිතව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට සහ මොනරාගල ජන රැලි අමතමින් පෙරේදා (29දා) පැවසීය. උදාහරණයක් ලෙස තමා දෙන සහනාධාරයෙන් නවීන කෘෂිකර්මාන්තයට අනුගත වීමෙන් නිෂ්පාදනය වැඩිකර ජනතාවගේ ආදායම වැඩිවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. අනෙක් අය කිසිම සැලසුමක්...
"දූෂණය – වංචාව – හොරකම – අල්ලස කොමිස් දේශපාලනය සහමුලින්ම ඉවත් කර රට සංවර්ධනය කරන පොදුජන යුගයක් නිර්මාණය කරනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"දූෂණය වංචාව හොරකම අල්ලස කොමිස් දේශපාලනය සහමුලින්ම ඉවත් කර ජනතාව ජීවත් කරවන, රට සංවර්ධනය කරන පොදුජන යුගයක් සැප්තැම්බර් 21 වැනිදා නිර්මාණය කරන බවට දළඳා වහන්සේ ඉදිරියේ පොරොන්දු වු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය. 2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් ...
"ජාතිවාදී න්‍යාය පත්‍රය නැති ආණ්ඩුවක් අපි හදනවා – අනුර කුමාර දිසානායක"
"ජාතිවාදය තමන්ගේ න්‍යාය පත්‍රය බවට පත් කර නොගත් ආණ්ඩුවක් හදන්න ඕනෑ යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ කින්නියා ජන රැලිය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. කොවිඩ් වසංගතයෙන් මිනිසුන් මිය ගියාම ලෝකයේ අනෙකුත් රටවල ආදාහනය සහ භූමදානය දෙකම කරන ...
"රාජ්‍ය දේපළ විකුණා ආදායම වැඩිකර ගැනීමට මා සූදානම් නෑ – ජනාධිපතිධූර අපේක්ෂක නීතිඥ නාමල් රාජපක්ෂ හක්මනදී කියයි"
"රාජ්‍ය දේපළ සංවර්ධනය කොට රාජ්‍ය ආදායම වැඩිකර ගන්නවා මිස රාජ්‍ය දේපළ විකුණාගෙන රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට තමා සූදානම් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ඇතැමුන් ප්‍රතිපත්තියක් ලෙස රාජ්‍ය දේපළ විකුණා දැමීමට උත්සාහ කරන බව පෙන්වා දෙන ඒ මහතා වි...
"නාමල්ගේ ප්‍රතිපත්ති අනිද්දා කරළියට"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අනිද්දා (02) උදෑසන 10.00ට කොළඹ රත්නදීප හෝටලයේ දී සිදුකෙරේ. මහා සංඝරත්නය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ, පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් විවිධ අංශවල වෘත්තිකයන්, නීතිඥයින්, ක...
"දිළිඳු බවෙන් ජනයා මුදා ගෙන අධිකරණයට හිස නමන නායකයෙක් රටට ඕනෑ – කාදිනල්තුමා"
"රටේ නිදහස ශක්තිමත් කරන දිළිඳු බවින් ජනතාව මුදා ගන්නා හා අධිකරණයට හිස නමන නායකත්වයක් රටට අවශ්‍යව ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා සඳහන් කරයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කරමින් කාදිනල්තුමා මෙසේද කීවේය. “අද ශ්‍රී ලංකාවාසී අප සැම ඉතාමත්ම තීරණාත්මක මොහො...
"සැහැල්ලු දුම්රිය විවාදයකට එන්න චම්පිකගෙන් හඳුන්ට අභියෝගයක්"
"සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳව තමන් සමග විවාදයකට එන්න යැයි ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතාට අභියෝග කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. සමගි ජන සන්ධානයේ පූගොඩ ජන රැලිය අමතමින් ඔහු මේ බව කීවේය. මෙහිදී අදහස් දැක්වූ පාඨලි චම්පික රණවක මහතා මෙසේ ද පැවසීය. “2015 ලබාදුන් ජන වරමට අපි ...
"ඉන්දීය ආරක්ෂක උපදේශක රනිල්-සජිත්-අනුර හමුවෙයි"
"ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් හමුවී තිබේ. ජනාධිපතිවරයා සහ අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30දා) පෙරවරුවේ හමුවී ඇත. විපක්ෂනායකවරයා පෙරේදා (29දා) සවස හමු...
"‘ඉන්ධන මිල අඩු කරනු’ පෙත්සම් 5 නිෂ්ප්‍රභයි"
"ඉන්ධන මිල පහළ දමන ලෙසට ඛනිජ තෙල් අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා ඉන්ධනහල් හිමිකරුවන්, ඉන්ධන බෙදාහරින්නන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් 2022 වසරේදී ගොනු කර තිබූ පෙත්සම් පහක් බස්නාහිර පළාත්බද සිවිල් අභියාචන මහාධිකරණය විසින් ඊයේ (30) ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන ලදි. රුපියල් 31,500 බැගින් නඩු ගාස්තුවක් රජයට ...
"පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන නීතිපතිගෙන් උපදෙස් ගනී"
"ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා පත්‍ර සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඉකුත් 2022 වසරේදී පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර නාමයෝජනා කැඳවූ අතර එහි ඡන්ද විමසීම 2023 මාර්තු මාසයේ දී පැවැත්වීමට එවකට මැති...
"තිරසර වැඩපිළිවෙළ ගෝලීය Soy Connext සමුළුවේදී ඇගයුමට ලක්වෙයි"
"ඇමෙරිකානු එක්සත් ජනපද සෝයාබෝංචි කවුන්සිලය මගින් සංවිධානය කරන ලද මෙවර Soy Connext සමුළුව සඳහා රටවල් 60කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් 700කට වැඩි පිරිසක් සහභාගි වූහ. එහිදී වර්තමාන වෙළෙඳපොළ සහ අනාගත ප්‍රවණතා, එක්සත් ජනපදය සෝයාබෝංචි වගාකරුවන්ගෙන් ලබාගත් දැනුම, පෝෂණ විද්‍යාව, ආහාර ලේබල් කරණය සහ ඇසුරුම්කරණය, සැපයුම් දාම ස...
"අලුත් බදු ෆයිල් ලක්‍ෂ 3 පනී"
"මේ වර්ෂයේ (2024) මුල සිට ඉකුත් ජූලි 31 දා දක්වා කාලයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අලුත් බදු ලිපිගොනු තුන් ලක්‍ෂ දාසය දහස් දෙසිය හැටහතරක් (316,264) විවෘත කිරීමට සමත්ව ඇත. මේ අනුව මේ වසර මුල පැවැති නව ලක්‍ෂ අනූහත් දහස් අටසිය පනස් අටක් වූ බදු ලිපිගොනු සංඛ්‍යාව ඉකුත් ජූලි 31 දා දක්වා මාස හතක කාලයේදී දහතුන් ලක්‍ෂ ...
"ශානිගේ නඩුවෙන් විනිසුරුවරු දෙදෙනෙක් ඉවත් වෙති"
"හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ අනුදැනුම ඇතිව සඟවා තිබූ ගිනි අවි තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මුල් කරගෙන තමන් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර තැබීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරනා ලෙස ඉල්ලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ විශ්‍රාමික ජ්‍...
"දුලිප් සමරවීරට විෂමාචාර චෝදනා – ඔස්ට්‍රේලියාවෙන් පරීක්‍ෂණ ඇරැඹේ"
"හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට එරෙහිව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහු ක්‍රීඩිකාවකට බරපතළ විෂමාචාරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති බව එම මාධ්‍ය අනාවරණය කරයි. දුලිප් සමරවීර වික්ටෝරියා ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කළ සමයේ මෙම ...
"ජනපතිවරණ වැඩට අවශ්‍ය වුණොත් හමුදාවත්"
"මැතිවරණ සමයේදී පැනනඟින අවශ්‍යතාවය අනුව පොලිසිය හරහා ඉල්ලා සිටියහොත් යුද හමුදාව සහයට යොදවන බව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක මේජර් ජනරාල් රසික කුමාර මහතා පැවසීය. නෝමන් පලිහවඩන"
"හරි වෙලාවේදී උත්තර දෙන්නම් – රංගෙ බණ්ඩාර"
"තමාට එරෙහිව ඉදිරිපත් වන චෝදනාවලට නිසි වේලාවට පිළිතුරු ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා දිවයින ට පැවැසීය. තමා පක්‍ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කළ බවට ලිඛිතව මෙතෙක් දැනුම් දීමක් කර නැති බවත් එසේ තිබියදී මේ පිළිබඳව කිසිම පිළිතුරක් දීමට නොහැකි බවත් ඒ මහතා පැවැසීය. තනතුරෙන් ඉවත් කළත් ඉවත් වුවත් තමා...
"උද්ධමනය පහළට"
"කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ජූලි මස පැවැති සියයට 2.4 සිට ඉකුත් අගෝස්තු මාසයේදී සියයට 0.5 දක්වා අඩු වී ඇත. සමස්ත උද්ධමනය නියෝජනය කරන ආහාර උද්ධමනය ඉකුත් ජූලි මස පැවැති සියයට 1.5 සිට පසුගිය අගෝස්තු මාසයේදී සියයට 0.8 දක්වා සහ ආහාර නොවන උද්ධමනය ඉකුත් ජූලි මස පැවැති සියයට 2.8 සිට පසුගිය අගෝස්තු මාසයේදී සි...
"කියන දේ කරන හැටි ක්‍රියාවෙන්ම ඔප්පු කළේ රනිල් විතරයි – එජාප සභාපති"
"‘විපක්ෂයේ අය දෙන පොරොන්දු ඉටු කරන විදිහ ඒ අය කියන්නේ නැහැ. තවදුරටත් ජනතාව රවට්ටන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මහතා කියන දේ කරන හැටි ක්‍රියාවෙන් තහවුරු කර තිබෙනවා’ යැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කීය. වජිර අබේවර්ධන මහතා ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් හ...
"අනුරට වගකීම දිය යුතුයි – කලාකරුවන්ගේ එකමුතුව හඬනඟයි"
"කලාකරුවන්ගේ එකමුතුව පැවැත් වූ මාධ්‍ය හමුවේදී ඔවුහු අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය අදහස් ප්‍රකාශ කළහ. එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා, අද අපේ රටේ දේශපාලනය තීරණාත්මක වෙනසක් ඉල්ලා සිටිමින්, ඒ වෙනුවෙන් රට පුරාම ජනතාව පෙළගැසී සිටිනවා. වෙනසක් පිළිබඳ අදහසක් සමාජය තුළ තිබී, ඊ...
"‘කුඩය’ අරන් බෝපගේ ගෙන් ගෙට"
"ජන අරගල සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන ලෙස ඉල්ලා ජනතාව දැනුවත් කිරීමේ ගෙන් ගෙට යෑමේ වැඩසටහන් දිස්ත්‍රික්ක විසිපහේම සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය කරන පරිදි ආරම්භ කර ඇති බව එම සන්ධානයේ විධායක සභික පුබුදු ජයගොඩ මහතා ඊයේ පැවසීය. සෙනසුරාදා සහ ඉරිදා දිනවල වැඩි වශයෙන් සිය ප...
"අනිත් අය කතා කරනවා – මම වැඩ කරනවා – අපිට පුළුවන්… අපිත් එක්ක යමු – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"රටක් හදන්න පුළුවන්, රටක් වෙනස් කරන්න පුළුවන් කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන්. අනිත් අය කතා කරනවා. මම වැඩ කරනවා. බෑ කියලා බෑ කියලා බෑ. අපිට පුළුවන්. පසුගිය අවුරුදු දෙකේ ඒක මා කළා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29 දා) පැවසීය. ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිං...
"දුප්පත්කමින් මුදවන දුෂණයෙන් තොර රටක්"
"සජිත් ප්‍රතිපත්ති ප්‍රකාශය පළමුව ශ්‍රී දළදා සමිඳුන්ට පූජා කරයි සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන සන්ධානයේ දේශපාලන පක්ෂ නායකයන් සමග ශ්‍රී දළදා මාලිගාවට ගොස් ප්‍රතිපත්ති ප්‍රකාශය පූජා කිරීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වෙත එම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වනු ලැබීය. මීට පෙර මැතිවරණ වේදිකා තුළ විවිධ අවස්ථාවල තම ප්‍රත...
"සමගි ජන සන්ධානයේ සමස්ත වැඩපිළිවෙළේ පදනම ඩිජිටල්කරණයයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා"
"රටට ශක්තිමත් ආයතනික පද්ධතියක් තිබිය යුතු බවත් ශක්තිමත් ආයතනික පද්ධතියක් නොමැති වුණොත් හොරකම, වංචාව, දුෂණය දිගින් දිගටම සිද්ධ වෙනවානම් ආර්ථිකය ගොඩනගන්න හැකියාවක් නැතැයි සමගි ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූවේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින සමගි ජන බල පක්ෂයේ නායක...
"ගොවි ණය යම් ප්‍රමාණයක් කපා හැර සෑම කිලෝමීටර් තුනකටම හොඳ පාසලක් දෙනවා – අනුර කන්තලේදී කියයි"
"80 දශකයේ අග භාගයේ ඉන්දියාව නිෂ්පාදනයෙන් දියුණුව තිබූ රටක් නොවෙයි. ඒ රටේ නායකයන්ට දැක්මක් තිබ්බා නිෂ්පාදනයෙන් ආර්ථිකය උඩට ගේන්න. අද මේ කලාපෙට අවශ්‍ය ඖෂධ, බීජ, ආහාර, ත්‍රීවිලර්, බයිසිකල් නිෂ්පාදනය විතරක් නොවෙයි අද හඳට යන්න තරම් දියුණු ආර්ථිකයක් ගොඩනඟා තිබෙනවා. අපේ පාලකයන්ට නිෂ්පාදනය ගැන උනන්දුවක් තිබුණේ නැහැ. ‘බයින් ඇන්...
"බෞද්ධ සංස්කෘතියට නොගැළපෙන කිසිදු නීතීයක් සම්මත කිරීමට ඉඩ තබන්නේ නෑ – ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ"
"බෞද්ධ සංස්කෘතියට නොගැලපෙන කිසිදු නිතියක් සම්මත කිරීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඊයේ (28 දා) පස්වරුවේ කරන්දෙණිය නගරයේ දී පැවැති ජනහමුවේ දී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ නාමල් රාජපක්ෂ මහතා: අද කරන්දෙණිය ජනතාව මුණගැසීමට අපි පැමිණියා. මේක සාමාන්‍ය සම්ප්‍රදායෙන් එහාට ග...
"පාර්ලිමේන්තුව ගිනි තැබීමට ඉඩ නොදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළේ ජනපති රනිල් – – නිමල් ලාන්සා"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව ගිනි තැබීමට ඉඩ නොදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකළේ නම් බංගලිදේශයටත් වඩා පහළ මට්ටමට රට වැටීමට ඉඩ තිබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ දිවුලපිටියේ පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ල...
"එදා ශ්‍රී.ල.නි.ප. බලකොටුවක් වූ මැදවච්චිය අද ස.ජ.බ. බලකොටුවක් වී හමාරයි – ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටුවක් වූ මැදවච්චිය ආසනය මේ වනවිටත් සමගි ජන බලවේගයේ බලකොටුවක් වී හමාර බවත්, සජිත් ප්‍රේමදාසගේ නායකත්වය මෙරටට අවශ්‍ය බව මැදවච්චිය ජනතාව මේ වනවිට තේරුම් ගෙන ඇති බවත් සමගි ජන බලවේගයේ මැදවච්චිය ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මැදවච්චියේදී ප්‍රකාශ කළේය. අලි, පොහොට්ටු, සීනූ මේ...
"වාහනයකින් ඡන්දපළට යෑමට තේරීම් භාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ යුතුයි – මැ.කො. කියයි"
"කායික, දුබලතාවක් නිසා යම් අයකුට පා ගමනින් හෝ වෙනත් පොදු ප්‍රවාහන සේවාවකින් ඡන්දපළට යෑම්, ඊම් කළ නොහැකි නම් වාහනයක් මගින් ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට තම ඡන්ද ප්‍රදේශයේ තේරීම්භාර නිලධාරියා වෙත ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණය කොමිෂන් සභාව පවසයි. මේ සඳහා අයදුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය...
"එජාප මහ ලේකම් ධූරයෙන් රංගෙ බණ්ඩාර ඉවතට"
"එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා එම පදවියෙන් ඉවත් කිරීමට එජාප නායක ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන තිබේ. ඊයේ (29 දා) අදාළ ලිපියට පක්‍ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් තබා ඇති බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. මේ අතර තලතා අතුකෝරළ මහත්මිය පක්‍ෂයේ මහ ලේකම් ලෙස පත් කර ගන්න...
"රට බංකොලොත් කළ හොරු රැළ පන්නන්න එක්වෙමු – ස්වාධීන ජනපති අපේක්ෂක අක්මීමන දයාරතන හිමි"
"වසර 76ක් තිස්සේ අප රට බංකොලොත් කර ආරාජික රටක් බවට පත් කරන්නටත් දූෂණය, වංචාව, හොරකම, මූලික කරගනිමින් රට විනාශ කරන්නට ක්‍රියා කළ සියලුම හොරු කණ්ඩායම් පලවා හරින්නට ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රටට හිතැති සියලුම ජනතාව ඒක රාශි විය යුතු කාලය එළැඹ ඇතැයි ලංකා ජනතා පක්ෂයේ නායක, මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ...
"රට බංකොලොත් කළ හොරු රැළ පන්නන්න එක්වෙමු – ස්වාධීන ජනපති අපේක්ෂක අක්මීමන දයාරතන හිමි"
"වසර 76ක් තිස්සේ අප රට බංකොලොත් කර ආරාජික රටක් බවට පත් කරන්නටත් දූෂණය, වංචාව, හොරකම, මූලික කරගනිමින් රට විනාශ කරන්නට ක්‍රියා කළ සියලුම හොරු කණ්ඩායම් පලවා හරින්නට ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රටට හිතැති සියලුම ජනතාව ඒක රාශි විය යුතු කාලය එළැඹ ඇතැයි ලංකා ජනතා පක්ෂයේ නායක, මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ...
"තොරතුරු වසන් කර රාජ්‍ය දේපළ අවභාවිත කළා – අනුර කුමාරට එරෙහිව සීඅයිඩීයට පැමිණිල්ලක්"
"2007 වසරේ සිට තොරතුරු වසන් කරමින් රාජ්‍ය දේපළ අවභාවිත කර ඇති ජාතික ජනබලවේගයේ නායකයා එය ජනාධිපතිධුර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වහා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලමින් ඊයේ (29දා) මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය. කඩවත කිරිල්ලවල ප්...
"නිදහස් සෞඛ්‍ය සේවාව ගැන මොනවා කීවත් සියයට පනහක් දැනටමත් පෞද්ගලික අංශයට හිමිවෙලා – රවි කුමුදේශ්"
"නිදහස් සෞඛ්‍ය සේවාව දිගටම පවත්වාගෙන යනු ලබන බවට සියලු ජනපති අපේක්‍ෂකයන් ප්‍රතිඥා ලබා දුන්නද, එය ඉටුකරනා ආකාරය පිළිබඳව කිසිවකු නිශ්චිතව ප්‍රකාශ කර නැතැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය. කවුරුන් කුමනාකාරයේ ප්‍රකාශ කළත් මෙරට සෞඛ්‍ය සේවාවෙන් සියයට පනහක් මේ වනවිටත් පෞද්ලීකරණය වී අවසන් බවද හෙතෙ...
"පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාර සජබට එක්වෙයි"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඊයේ (29දා) සමගි ජන බලවේගය සමග එක්වී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය උදෙසා කැපවන බව පැවසීය. ජගත් කුමාර මහතා සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම්වරයාද වෙයි. අකිත පෙරේරා"
"දේශීය ආදායම් නිලධාරි වෙස් ගෙන බදු එකතු කළ තිදෙනෙක් මාට්ටු"
"දේශීය ආදායම් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනික ලෙස ව්‍යාපාර ආයතනවලින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ තිදෙනෙක් ඊයේ (29 දා) අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අය අලුත්ගම දර්ගා නගරයේ වංචනික ලෙස බදු මුදල් එකතු කරමින් සිටිය දී මෙසේ පොලිසියට කොටුවී ඇත. මේ පිළිබඳව අලුත්ගම පොලිසිය මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැ...
"මුස්ලිම්වරුන්ට යුක්තිය ඉටු කරන්නට කොවිඩ් මෘත දේහ ආදාහනය කිරීම ගැන තේරීම් කාරක සභාවක් පත් කරන්න ජනපති දුන් ප්‍රතිඥාවට ආචාරය පුද කරනවා – කලීලුර් රහ්මාන්"
"කොරෝනා මුස්ලිම් මෘත දේහ ආදාහනය කිරීමට ගත් පියවර ගැන සොයා බැලීමට සියලු පක්ෂවලින් සමන්විතව තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත ලංකා උලමා සභාව හමුවූ අවස්ථාවේ පොරොන්දු වීම ගැන ආචාරය පුදකර සිටින බව හිටපු කොළඹ නාගරික මන්ත්‍රී ජනාධිපති කාර්ය සාධක බළකායේ හිටපු සාමාජික එක්සත් සාම සන්ධානයේ කලීලුර...
"කෙහෙළිය උසාවි නොගෙනා ලෙඩේ කොළ කෑල්ලක ලියා එවලා"
"බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු හෝ විත්තිකරුවකු පිළිබඳව අධිකරණයට ඉදිරිපත් කරන වෛද්‍ය වාර්තා නිල මුද්‍රා සහිත බන්ධනාගාර ලිපි ශීර්ෂයක සටහන් කර ඉදිරිපත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවත් විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ රෝග තත්ත්වය පිළිබඳව කුඩා කොළ කැබැල්ලක ලියා තම අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහිමට ප...
"ප්‍රසම්පාදනයෙන් තොරව බාල බෙහෙත් ගෙන්වීමට ඉන්දියාවට ගිය සෞඛ්‍ය නිලධාරියා කවුද? – වෛද්‍ය චමල් සංජීව අසයි"
"මෙරට තුළ ප්‍රමාණවත් ඖෂධ සැපයුම්කරුවන් සිටියදී ඖෂධ හිඟයක් තිබෙන බව පවසමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසි ප්‍රසම්පාදනයෙන්ද තොරව ගෙන්වීම සඳහා ඉන්දියාවේ හයිද්‍රාබාද් ගිය සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියා වහාම රටට හෙළි කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලා සිටියේය. ඖෂධ හිඟයක් මවාපාමින් ඖෂධ ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමට...
"ජනපති සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්"
"පසුගිය කොරෝනා සමයේ මියගිය මුස්ලිම්වරුන් ඇතුළු සෙසු ආගමිකයන් ආදාහනය කිරීමට රජයට නිර්දේශ කළ පාර්ශ්ව සතුව පවතින වගවීම පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට අනෙකුත් පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට තමන් යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ සම...
"සෞඛ්‍ය ඇමැති රමේෂ්ගේ කැබිනට් පත්‍රිකා දෙකකින් රාජ්‍ය ඖෂධ සංස්ථාව විනාශ කර ඖෂධ සැපයුම ඉන්දියාවට දෙන්න හදනවා – පුබුදු ජයගොඩ"
"රාජ්‍ය ඖෂධ සංස්ථාව විනාශ කර ඖෂධ සැපයුම ඉන්දියානු සමාගමක් සතු කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. එම පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය. ජනාධිපතිවරණ ප්‍රචාරක සංදර්ශනයකින් ජනතාවගේ ඇස් න...
"සීඅයිඩී වෙස් අරන් ඇවිත් නඩු බඩු ගබඩාවේ කුඩු කිලෝ 12ක් උස්සලා"
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ නඩු භාණ්ඩයක් වශයෙන් තිබූ හෙරොයින් කිලෝ 12ක් වංචා සහගතව රැගෙන ගොස් ඇති බව කියන සැකකරුවකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍...
"බිලියන 36ක වංචාවේ තෝරු මෝරු නිදැල්ලේ – විගණකාධිපති නිර්දේශ කළත් සම්බන්ධ අයගෙන් තාමත් එම මුදල අයකර ගෙන නෑ"
"2022 වර්ෂයේදී මෙරටට ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රියාවලිය හරහා සිදුවූ බව කියන රුපියල් බිලියන 36ක වංචාවට සම්බන්ධ දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන්ගෙන් එම මුදල අයකර ගන්නා ලෙස විගණකාධිපතිවරයා නිර්දේශ කර වසර දෙකක් ගත වුවත් එම මුදල අයකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පැමිණිලි කරන බව මහජන උපයෝ...
"රනිල්ගේ ‘ගැට’ දැන් වලංගු නෑ රටම මාලිමාවත් එක්ක – 2030 වනවිට සංචාරකයන් ලක්ෂ 40ක් ගෙන්වන සැලසුම් අපට තියෙනවා"
"ජනාධිපතිවරණ අවසාන මොහොතේ හෝ රනිල් වික්‍රමසිංහ කුමන හෝ ගැටයක් ගසාවි යැයි ජනතාවට කුකුසක් තිබුණත් එවැනි ගැටයක් ගැසීමට රනිල් වික්‍රමසිංහ මහතාට දැන් නොහැකි බවත් ජනතාව සිටින්නේ මාලිමාව සමග බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 2030 වසර වනවිට ලක්ෂ හතළිහක විදෙස් සංචාරකයන් රටට ගෙනඒමට සැලසු...
"‘සොබාදනවි’ විදුලි බලාගාරය ජනපති අතින් විවෘත වේ"
"1977 ආණ්ඩුව ඇඟලුම් කර්මාන්තය මෙරට ප්‍රධාන ආර්ථික වර්ධකය බවට පත්කර ගත් අයුරින් ඉදිරි දශකය තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මෙරට ප්‍රධාන ආර්ථික වර්ධකය බවට පත්කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති අතිරික්තයක් සහිත නිෂ්පාදකයකු බවට පත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව පෙන...
"රනිල් ජනපතිවරණයට ඉදිරිපත් වීමට එරෙහි පෙත්සම විසිවෙයි"
"වැඩබලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ලබාදී ඇති නියෝග අනුව කටයුතු නොකර ජනාධිතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයට නුසුදුස්සකු බවට නිගමනය කරන ලෙස ඉල්ලා නීතිඥ ශාන් රණසූරිය මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදී...
"කොළඹ නොසිට ගමට ගොස් ගෙන්ගෙට යන්න – ජනපති එජාප ප්‍රධානීන්ට දන්වයි"
"වහාම තම ආසනවලට ගොස් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නිලධාරී මණ්ඩලයට දැනුම් දී තිබේ. කොළඹ රැඳී නොසිට තමතමන්ගේ ආසනවල ගෙන්ගෙට යෑමේ වැඩපිළිවෙළ අරඹන ලෙස ද ජනාධිපතිවරයා එජාප නිලධාරී මණ්ඩලයට උපදෙස් දී තිබේ. මේ අනුව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට...
"කොළඹ නොසිට ගමට ගොස් ගෙන්ගෙට යන්න – ජනපති එජාප ප්‍රධානීන්ට දන්වයි"
"වහාම තම ආසනවලට ගොස් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නිලධාරී මණ්ඩලයට දැනුම් දී තිබේ. කොළඹ රැඳී නොසිට තමතමන්ගේ ආසනවල ගෙන්ගෙට යෑමේ වැඩපිළිවෙළ අරඹන ලෙස ද ජනාධිපතිවරයා එජාප නිලධාරී මණ්ඩලයට උපදෙස් දී තිබේ. මේ අනුව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට...
"නලින්දගෙන් සජිත්ට අභියෝගයක්"
"සජිත් ප්‍රේමදාස අඩු තරමේ සාමාන්‍ය මිනිසුන්ගේ සුවඳක් හරි, ගඳක් හරි ඔය කියන එකක්වත් තමන්ට වද්දගන්න කැමැති නැති කෙනෙක්. සජිත් අතට අත දෙන්නෙත් නෑ. ඒගොල්ලෝ හැමතිස්සේම මහජනතාව දුරින් තියාගෙන ඉන්නේ. සජිත් ප්‍රේමදාස ගියපු ඉස්කෝලෙටවත් යන්න බෑ, ඒ කාලේ ඇමැති පුතා වුණ නිසා ඉස්කෝලේ දාගත්තාට මොළය දෙන්න බැරි නිසා ඇරියා එංගලන්තෙට. ඔය...
"ජනපතිවරණයට පසුව පුංචි ඡන්දය ඉක්මනින්ම"
"ජනපතිවරණය අවසන්වීමෙන් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු පිරිස රැස්වී ඊයේ (28දා) තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව අනුව යමින් මෙම මැතිවරණය ඉක්මනින් පවත්වනු ඇත. පසුගිය වසරේ මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවා තිබුණ ද අරමුදල් නොමැතිවීමෙන් මැතිවරණය පැවැත...
"අපේ මහ පොළොවේ වටිනාකම තේරුම් ගත් නායකත්වයක් රටට අවශ්‍යයි"
"ස්වභාවධර්මය විසින් අපේ මහ පොළොවට උරුම කර ඇති සම්පත අවබෝධ කර ගැනීමට නොහැකි නායකයන්ගෙන් රටට සෙතක් නොවන බව ස්වාධීන අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා කොළඹ කිරුළපන පැවැති මහජන හමුවකදී පැවැසීය. මේ රටේ වාණිජ සිතියම කිසිම නායකයකු තේරුම් ගෙන නැහැ. මිනිරන්, තිරිවාණා, කෙනොලින් වැනි ඛනිජ අපනයනය කර රටට විදේශ විනිමය උපයා දිය හැකිය. ම...
"සමාජ මාධ්‍යයෙන් අන්තවාදී මත ප්‍රචාරය කළ අය රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර"
"අයි.එස්.බී (ISB) සංවිධානයේ ධජ ප්‍රදර්ශනය කරමින් සමාජ මාධ්‍ය හරහා.. අන්තවාදී ත්‍රස්තවාදී මතවාද ප්‍රචාරය හා ප්‍රවර්ධනය කළ බව කියන සැකකාර පුද්ගලයකු රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ඊයේ (28 දා) නියෝග කළේය. ඉමාම් සාහිබ් නමැති පුද්ගලයකු එසේ රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට නියම...
"වැල් පාලමෙන් එගොඩ වෙනවද ගඟට වැටෙනවද.. තීරණයක් ගන්න: – වසර පහකින් ආර්ථිකය ස්ථාවර කර අපනයන ආර්ථිකයක් හදනවා"
"වැල් පාලමේ ගමන අතරමග නතර කළහොත් සියලු රට වැසියන් ගඟට ඇද වැටෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාවනැල්ලේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ ජනපතිවරණ ජන රැලිය අමතමින් පෙරේදා (27දා) පැවසීය. රටේ ආර්ථිකය හදන්නට කිසිදු සැලසුමක් ඉදිරිපත් නොකරන සජබෙ සහ ජවිපෙ උත්සාහ කරන්නේ වැල් පාලමේ රැහැන් දෙපැත්තෙන්ම කපාදමා ජනතාව ගඟට ඇද දැමීමට යැයි...
"දේශීය ව්‍යාපාරිකයා රකිමින් සාධාරණ බදු ප්‍රතිපත්තියක් ගේනවා – ජනාධිපති ධුර අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ"
"සියලු ජාතීන්ට නිදහසේ හුස්ම ගැනීමට අවශ්‍ය පරිසරය සකසා දුන් වීරෝදාර රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප්වල තිබෙන ගැටලුව තම ආණ්ඩුවක් යටතේ විසඳීමට පියවර ගන්නා බවත්, රණවිරුවගේ හදගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බිහිකළ ශ්‍රී ලංක පොදුජන පෙරමුණ බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක නාම...
"අලි සහීර් මවුලානා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීම වළක්වමින් වාරණයක්"
"ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සියාද් අලි සහීර් මවුලානා මහතා ලබන 11 දින දක්වා එම පක්ෂයෙන් නෙරපා හැරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (28දා) පස්වරුවේ වාරණ නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ එම පක්ෂයේ මහ ලේකම් නිශාන් කාරියප්පන් යන මහත...
"ජනපති අමරපුර මහ නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගනී"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ මූලස්ථානය වෙත ඊයේ (28 දා) පැමිණ අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමුර්ති නායක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙලෙස අමරපුර මහා නිකායේ මහා නායක හිමි ප්‍රමුඛ අනුනායක සහ නිකාය...
"අයි.එම්.එෆ්. එකෙන් ඉවත් නොවී නිදහස දිනා ගන්න බෑ"
"“අයි.එම්.එෆ්. එකෙන් ඉවත් නොවී ජනතාවට නිදහස දිනාදිය නොහැකි” යැයි ජන අරගල සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසීය. “ජනතාවගේ ප්‍රතිපත්තිය වැඩ කරන ජනතාවට” මැයෙන් සිය පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳව 27 දා මරදාන සී.එස්.ආර්. ශලාවේදී පැවැති සංවාදයට එක්වෙමින් ඔහු මේ බව කීවේය. නුවන් බෝපගේ මහතා මෙසේ ද කීවේය. ප්‍රත...
"රජයේ වාහනයක් පෞද්ගලික පරිහරණයට යොදා ගත්තාට ෆවුසිට සිර දඬුවම්"
"ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට නෙදර්ලන්තයෙන් පරිත්‍යාග කළ සුඛෝපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම ඇතුළු චෝදනා හතරකට වරද පිළිගැනීමෙන් අනතුරුව එකී චෝදනාවලට වරදකරු කරනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට වසර 10කට අත්හිටුවූ බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ...
"අත්අඩංගුවට ගත් අයට සිදුවන වධහිංසා වැළැක්වීමට පොලිසියට දුන් නියෝග සලකා නැහැ"
"පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් කෲර වධහිංසාවලට භාජනය වීම වැළැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථා ගණනාවකදීම අවශ්‍ය නියෝග, අවවාද හා මාර්ගෝපදේශ නිකුත් කොට ඇතත් ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් දක්වා ඇති බවක් පෙනෙන්නට නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුර...
"ඩයනාට අධිචෝදනා භාරදෙයි"
"නීති විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසි භාවය දැරීම ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ විත්තිකාරිය වන හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට විවෘත අධිකරණය හමුවේදී අධිචෝදනා පත්‍රය භාර දීමෙන් අනතුරුව රුපියල් 25,000ක මුදල් හා රුපියල් ලක්ෂ 10ක් බැගින් වූ ශරීර ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ම...
"ප්‍රතිපත්ති ප්‍රකාශ එළියට"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී හෙට (29 දා) එළිදක්වයි. ‘පුළුවන් ශ්‍රී ලංකා’ යන දැක්ම මුල්කර ගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කොට තිබේ. රට බංකොලොත්භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීම සහ ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා රැ...
"ජනපති අපේක්ෂකයන් 38 දෙනාටම ආරක්ෂාව උපරිමයෙන් – පොලිසිය කියයි"
"ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 38දෙනාට අවශ්‍ය සියලුම ආරක්ෂාව මේ වනවිට ලබාදී ඇති බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා පවසයි. පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙම ආරක්ෂාව සඳහා යොදවා ඇති බව ද ඒ මහතා කියා සිටී. එක් එක් අපේක්ෂකයන්ට ඒලලවී තිබෙන තර්ජන ...
"ජනපති රාමඤ්ඤ මහ නාහිමි ප්‍රමුඛ මහ සඟරුවන බැහැදැක ආශිර්වාද ලබා ගනී"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27 දා) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ...
"මගේ අත්දැකීම් අනුව ගැටලුව විසඳිය හැකි නිසා රටේ වගකීම භාරගත්තා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"මගේ තිබෙන අත්දැකීම් අනුව මේ ගැටලුව විසඳිය හැකි බවට විශ්වාසයක් මා තුළ තිබූ නිසා මම එම වගකීම භාරගත්තා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටින් පිටව ගිය අවස්ථාවේ මම එම වගකීම භාරගෙන එම වැඩකටයුතු කරගෙන ගියා. මගේ නිවස ගිනිබත් කළත් සඳුදා අපේ කැබිනට් මණ්ඩලයේ රැස්වෙලා රූපවාහිනිය මගින් එය ප්‍රචාරය කළා. එතැන් සිට ආණ්ඩුවක් ලෙස අ...
"රාජ්‍ය සේවය දියුණු කිරීමට කෘත්‍රිම බුද්ධිය – ජනපතිගේ යෝජනාවට අනුමැතිය"
"රාජ්‍ය සේවය වැඩි දියුණු කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට රජය තීරණය කර ඇත. එමගින් තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම සහ දරිද්‍රතාව තුරන් කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා ගැනීමට බලාපොරොත්තු වේ. එහිදී කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන ක්‍ෂේත්‍රයන් සඳහා කෘත්‍රිම බුද්ධිය යොදාගැනීමට අවධානය යොමු කර ත...
"අපේ වැඩපිළිවෙළේ ප්‍රමුඛතම කාර්යය පුරවැසියන්ට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් – මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක"
"අපේ වැඩපිළිවෙළේ ප්‍රමුඛතම කාර්යය ‘පුරවැසියන්ට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ලබාදීම යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවති උත්සවයේදී වැඩිදුරටත් කත...
"ජාති – ආගම් බේදයකින් තොරව ජාතික වැඩපිළිවෙළක් යටතේ රට ගොඩනගනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"ජාති, ආගම් බේදයකින් තොරව ජාතික වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන ගොස් රට ගොඩනගන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් පෙරේදා (26 දා) එරාවූර්හිදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ...
"රු. කෝටි 4700ක හිඟ බදු දේශීය ආදායම් අයකර ගනී"
"මේ වසරේ (2024) මුල සිට ඉකුත් ජුනි 30 දක්වා මාස හයක කාලයේදී තම දෙපාර්තමේන්තුවට අය විය යුතු හිඟ බදු ප්‍රමාණය රු. බිලියන 104කින් (රු. කෝටි 10,400කින්) අඩුකර ගැනීමට සමත්ව ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව 2023.12.31 දිනට පැවැති මුළු හිඟ බදු ප්‍රමාණයෙන් රු. කෝටි 4700ක් අයකර ගැනීමෙන් සහ තවත් රු. කෝටි 5700ක් ආ...
"සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කර සමෘද්ධිලාභින් ව්‍යවසායකයන් කරනවා – පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ"
"ග්‍රාමීය ආර්ථිකය සවිමත් කරමින් අසරණ ජනතාව දුප්පත්කමින් මුදා ගන්නා සමෘද්ධි ව්‍යාපාරය, තම ආණ්ඩුවක් තුළ තවදුරටත් ශක්තිමත් කරන බවත් සමෘද්ධිලාභියා ව්‍යවසායකයෙක් බවට පත්කර සමෘද්ධි පවුලක දරුවාට දේශීය විදේශීය රැකියා වෙළෙඳ පොළට යෑමට අවකාශය සලසන බවත් කුරුණෑගල, රිදීගම සතිපොළ ක්‍රීඩාංගණයේ දී පෙරේදා (26 දා) පස්වරුවේ පැවැති ජනහමුවට...
"පාස්පෝට් නිකුත් කිරීම අද සිට එන පිළිවෙළට – ඇමැති ටිරාන් අලස් කියයි"
"විදෙස් ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය අද (28දා) සිට අත්හිටුවන බවත් පැමිණෙන පිළිවෙළ අනුව සේවය සපයන බවත් මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා සඳහන් කරයි. චමින්ද සිල්වා"
"වාම කෑල්ල හලපු අය හුරතල් ප්‍රතිසංස්කරණ ගෙනත් – ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂ ක නීතීඥ නුවන් බෝපගේ"
"වාම කෑල්ල හලපු පක්ෂය රැඩිකල් ප්‍රතිසංස්කරණ වෙනුවට හුරතල් ප්‍රතිසංස්කරණ ගෙන විත් ඇතැයි ජන අරගල සන්ධානයේ ජනාධිපති දුර අපේක්ෂක නීතීඥ නුවන් බෝපගේ මහතා පැවසීය. එම සන්ධානයේ මහරගම ජනරැලිය අමතමින් ඔහු මේ බව කීවේය. එහිදී ඔහු මෙසේද පැවසීය. දැන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වෙලා සති තුනක් තිස්සේ ජනතාව ආමන්ත්‍රණය කරමින් ඉන්නවා. ඒ හ...
"කොච්චර මහන්සි වුණත් සහතික මිල අටමගලේ තියෙනකන් ගොවීන්ට දියුණු වෙන්න බෑ – මව්බිම ජනතා පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර"
"ගොවීන් කොච්චර මහන්සි වුණත් ඔවුන්ට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ අර සහතික මිල කියන අටමගලේ විතරයි. එහෙම කොහොමද ඔබ දියුණු වෙන්නේ. මේ රටේ සියලු ඇමතිවරුන්ටත්, ජනාධිපති අපේක්ෂකයින් 4දෙනාටත් මා අභියෝග කරනවා මේ ගැන විවාදයක් සදහා පැමිණෙන්න යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ ක...
"යල කන්නයේ වී ගන්න මණ්ඩලයට රජයෙන් රු.මිලියන 500 ක්"
"2024 යල කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සඳහා සක්‍රීයව සහභාගි වීමට හැකි වන පරිදි වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 500 ක ප්‍රතිපාදන සලසා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මේ අනුව වී අලෙවි මණ්ඩලය මගින් නාඩු වී කිලෝවක් රුපියල් 105 බැගින් ද, සම්බා වී කිලෝවක් රුපියල් 115 බැගින් ද, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130...
"සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියටත් කර ගෙන යමු – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත"
"බංගලාදේශයට අත්වූ ඉරණම අප රටට ඇති නොකර මෙතෙක් කරගෙන ආ සංවර්ධන වැඩපිළිවෙළ තවදුරටත් කර ගෙන යෑමටත් රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඉදිරියටත් රජයක් කර ගෙන යෑම සහාය ලබාදෙන ලෙස ද ඉදිරි අප රජයක් යටතේ ලංකාවේ සියලු ම පාසල් ඩිජිටල්කරණය දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය. ඒ මහතා එ...
"රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්"
"රජයේ ප්‍රතිසංස්කරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට එකඟතාව පළකර ඇත. ලෝක බැංකුවේ සංවර්ධන මූල්‍ය ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහනේ දෙවන අදියර යටතේ මේ මුදල් ලංකාවට ලැබීමට නියමිතය. ඒ අනුව එම මූල්‍ය පහසුකමට අදාළව ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සම...
"අධික වැසි සමග ඩෙංගු වැඩි වෙයි – ජාතික ඩෙංගු මර්දන ඒකකය"
"පසුගිය දින කීපය තුළ දිවයිනට ඇද හැළුණු අධික වැසි තත්ත්වය සමග ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ (27දා) දින දක්වා දිවයිනේ ඩෙංගු රෝගීන් 36086ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි. මෙම කාල සීමාව තුළ ඩෙංගු රෝගය වැළඳී මියගිය පුද්ගල...
"අයිඑම්එෆ් සමග ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් – මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර"
"ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනය මෙසේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ගිවිසුම් සහ එයට අදාළ අනෙකුත් කරුණු පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වීඩියෝ සකච්ඡාවකට තමා ස...
"ප්‍රදේශ රැසකට අද වැසි සහ සුළං"
"බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28දා) වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවත් එම දෙපාර...
"මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකි – නව ව්‍යවස්ථාවක්"
"ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (26 දා) පෙරවරුවේදී එළිදක්වනු ලැබිණි. ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේ පැවති උත්සවයකදී එය එළිදක්වනු ලැබූ අතර එහි තේමාව ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන්නයි. රට ගොඩනැගීම සඳහා ජාතික ජන බලවේගය විසින් යෝජනා කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශය පිටු දෙසීය තිස්...
""බදු අභියාචනා නිසා කෝටි 87,800ක හිග බදු අය කිරීම් අත්හිටුවලා""
"දේශීය ආදායම් දෙපාර්තමේන්තු තක්සේරු අනුව අයවිය යුතු බවට සඳහන් හිඟ බදු ප්‍රමාණය රු. කෝටි 106,600ක් වුවත් 2023.12.31 දිනට දෙපාර්තමේන්තුවට අය කළ හැකි බදු ප්‍රමාණය ඉන් රු. කෝටි 18,800ක් පමණක් බව දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සමන් ශාන්ත මහතා පැවසීය. රු. කෝටි 106,600ක මුළු හිඟ බදු ප්‍රමාණයෙන් බදු ගෙවන්නන්ගෙන් ලද අභි...