Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"මහේන්ද්‍රන්ලා නිදහස් කිරීමේ තීන්දුව අත්හිටුවයි"
"පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ පොදු දේපළ පනතට ගැනෙන චෝදනාවලින් හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දසදෙනකු නිදොස්කොට නිදහස් කරමින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ලබාදී තිබූ තීන්දුව වහාම අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ...
"මාත් එක්ක සෙල්ලම් බැහැ: – ජනපති ලෙස දෙන උපදෙස් වහාම ක්‍රියාත්මක විය යුතුයි"
"තමා සමග සෙල්ලම් කිරීමට සූදානම් නොවන ලෙසත් ජනාධිපතිවරයා ලෙස තමා දෙන උපදෙස් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දැඩිව ප්‍රකාශ කළේය. නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන යෑමට මෙතෙක් ලබා නොදීම සම්බන්ධව කරුණු ව...
"හරක් කටාව ලංකාවට නොගෙන්වා ඩුබායි තියන්න – මිලියන 700 ක ඔෆර් එකක් මටත් ආවා"
"මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා ශ්‍රී ලංකාවට ගෙන්වා නොගන්නා ලෙස ඉල්ලමින් රුපියල් මිලියන හත්සියයක් තමාට ලබාදීමට උත්සාහ කළ බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය. “ඇතැම් ඕ.අයි.සි.ලා මම දන්නවා. හැබැයි මම නම් කරන්නේ නැහැ. ඒ අය මේ පාතාලේ උදවිය එක්ක ටෙලිෆෝන් එකෙන් කථා කරනවා. ඔවුන් ...
"ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියකු රකින බළල් අතක්!"
"මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රබලයාට ලොව බලවත්ම ක්‍රිකට් පාලන මණ්ඩලයේ ප්‍රධානියාගේ පූර්ණ සහාය ලැබෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග කියයි. සැබැවින්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ද එම ක්‍රිකට් බලධාරියාගේ නිල නොවන අණසකට යටත් වී සිටින බවටද එම ආරංචි මාර්ග පවසයි. ඉන්දීය කණ්ඩායම හමුවේ ලැබූ බරපතළ පරාජය සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩ...
"ක්‍රිකට් බෝඩ් එක අපිට දුන්නොත් රට වෙනුවෙන් උපරිම සේවයක් කරනවා"
"ලංකාවේ ක්‍රිකට් පරිපාලනය හරි ප්ලෑන් එකක් අනුව නොගියොත් ජාතික කණ්ඩායම කඩා වැටෙන එක වළක්වන්න බැහැ. දැන් වෙලා තියෙන්නේ ඒකයි. අනිත් එක කණ්ඩායමේ විනය ඉතා වැදගත් යැයි 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උප නායක අරවින්ද ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (5 දා) පැවසීය. වත්මන් ජාතික කණ්ඩායම තුළ දක්‍ෂ ක්‍රී...
"ආණ්ඩුව පිළිබඳව ජනතා අනුමැතිය 9%ට බැහැලා"
"ඉකුත් ජුනි මාසයේදී 21%ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ වූ ජනතා අනුමැතිය ඉකුත් ඔක්තෝබර් මාසය වනවිට 9%ක් දක්වා පහත වැටී ඇතැයි ‘වෙරිටේ රිසර්ච්’ සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම ප්‍රතිඵලය මගින් අනාවරණය කර තිබේ. රටේ වැඩ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන 2023 ජුනි මාසයේදී 12% ක්ව පැවැති ජනතා තෘප්තිය ද, හරි අඩකින්...
"පොහොට්ටුවේ සංවත්සර පිරිතදා…"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 7 වන සංවත්සරය පසුගිය 3දා එම පක්ෂ මුලස්ථානයේදී ආගමික වතාවත්වලට මූලිකත්වය ලබාදෙමින් සමරන ලදී. එම සංවත්සරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සංවිධානය කර ඇත. එම අවස්ථාවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනෙෂ් ග...
"රු. කෝටි 100ක සීනි බදු වංචාවක් – විපක්‍ෂ නායක සජිත් කියයි"
"සීනි සඳහා ගහන බද්ද වෙනස් කිරීම තුළ විශාල වංචාවක් සිදුවූ බවත් ශත 25ට තිබූ බද්ද රුපියල් 50ක් කළ බවත් එසේ බද්ද වැඩි කිරීමට පෙර මෙටි්‍රක් ටොන් 22000ක් ශත 25 බද්දට වෙළෙඳපොළට නිකුත්කිරීම නිසා රජයට කෝටි 100ක බදු පාඩුවී ඇති බවත්.. 08 – පිටුවට මෙම සීනි මෙටි්‍රක් ටොන් 22000 හොර රහසේ නිකුත්කිරීම නිසා මෙම පාඩුව සිදුවූ බවත් මෙම පා...
"කෝටි දෙකේ කප්පම නොදුන් නිසා ව්‍යාපාරිකයාගේ ලොරියට වෙඩි තියලා"
"මැණික් ඇතුළු තවත් ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යන හක්මන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් පිරිසක් රුපියල් කෝටි දෙකක කප්පමක් ඉල්ලා ඇති අතර ඔහු එම කප්පම් මුදල නොදීම නිසා ඔහුගේ ගබඩාවක් අසල නවතා තිබූ ලොරියකට වෙඩි තබා ඇත. 08 – පිටුවට සිද්ධිය පිළිබඳව වලස්මුල්ල පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි. මෙම ව්‍යාපාරිකයා පොලිසියට කළ පැමිණිල්ලකි...
"අධික තරබාරුවෙන් පාසල් වියේ දරුවන්ටත් හෘදයාබාධ"
"අධික තරබාරු පාසල් දරු – දැරියන්ගේ වැඩිවීමක් දක්නට තිබෙන බවත්, මේ හේතුවෙන් දරුවන් අඩු වයසින් හද්‍යාබාධ වැළඳී මියයෑමේ අවදානමක් මතුවී ඇති බවත් ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යායතනයේ පෝෂක අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ‘දිවයින’ට ඊයේ (05 දා) පැවැසුවාය. බොහෝ සිසු සිසුවියන් වෙළෙඳපොළේ ඇති මුරුක්කු, වඩේ, රෝල්ස්, පැට...
"තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැ. 22 තෙක්"
"2023 තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් 22 වැනිදායින් අවසන් වී දෙවැනි අදියර 2024 පෙබරවාරි 02 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. තෙවැනි පාසල් වාරය පසුගිය නොවැම්බර් 01 වැනිදා ආරම්භ වූ අතර උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 වැනිදා සිට පැවැත්වීමට නියමිත නිසා තෙවැනි වාරය අදියර දෙකක් යටතේ පැව...
"මේ වසරේ මාස 10 ට ඒඩ්ස් ආසාදිතයෝ 485 ක්"
"මෙම වසරේ (2023) ගතවූ මාස 10 තුළ අලුතෙන් එච්. අයි. වී. ආසාදිතයන් 485 දෙනකු හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂිකා වෛi ජානකී විදානපතිරණ මහත්මිය “දිවයින” ට ඊයේ (05 දා) පැවසුවාය. ඉන් වැඩිපුරම එච්. අයි. වී. ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ වයස අවුරුදු 15 ත් 49 ත් අතර වයසේ පසුවන්නන් බව ද ඇය ක...
"‘තරුෂි දුවේ… ඔබ රටට සම්පතක්’"
"ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ජගත් කීර්තියක් අත්කරදුන් තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව ඇගයීම මහනුවර ජනාධිපති මන්දිරයේ සිදුවූ අවස්ථාවේ ඇයට ජනපති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සුබ පැතුම් පිරිනැමූ අයුරු. ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා ...
"මානව හිමිකම් කවුන්සිලය ගාසා තීරයට එක් ආකාරයකටත් ශ්‍රී ලංකාවට වෙනත් ආකාරයකටත් විනිශ්චය කිරීම සාධාරණ නැහැ"
"ගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීම සාධාරණ නොවන බවත්, ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් පැවසූ ජනාධිප...
"ලිංගික අල්ලස්…. බිය ගැන්වීමක් ඇවිත් ආදිවාසීන් ක්‍ෂද්‍ර ණය උගුලේ සිරකරලා"
"හෙනානිගල සහ වාකරේ ඇතුළු තවත් ප්‍රදේශවල ආදිවාසී ප්‍රජාව ක්‍ෂද්‍ර මූල්‍ය ණය ගැටලුව නිසා පීඩාවට පත්කර ඔවුන්ගේ නොදැනුවත්කම සහ නූගත්කම භාවිත කර ණය උගුලකට සිරකර ඇතැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තේ ජනාධිපති රනිල් විකමසිංහ මහතාට සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ලිඛිතව පැමිණිලිකොට තිබේ. දැනටමත්...
"දේශපාලන හා ගජමිතුරු බලය නිසා ක්‍රිකට් වැනසෙමින් තිබෙනවා- විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"අද වන විට ක්‍රිකට් ක්‍රීඩාව බලවතුන්ගේ බලාධිකාරයක් බවට පත්වී මුදල හා කප්පම් තුළින් බලාධිකාරය පවත්වා ගැනීම, දේශපාලනීකරණය වීම නිසා පරිහානියට පත්ව ඇති බවත් මේ සඳහා තාවකාලික විසඳුම් අවශ්‍ය නොවන බවත් තිරසර දීර්ඝකාලීන විසඳුම් අවශ්‍ය බවත් ජනාධිපතිගේ, ආණ්ඩුවේ පැවත්ම තකා බොරුවට කැබිනට් මණ්ඩලය සංශෝධනය කරනවා සේ ව්‍යාජ උප්පරවැට්ටි...
"විනිසුරුවරුන්ගේ වැටුපෙන් බදු අඩු කිරීමට කළ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි"
"රජය විසින් පැනවූ නව බදු ප්‍රතිපත්තිය අනුව සිය වැටුපෙන් බදු අඩුකිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය හා කම්කරු අධිකරණ සභාපතිවරුන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ පෙත්සම් තුනක් අභියාචනාධිකරණයේ බහුතර තීන්දුවකින් ප්‍රතික්‍ෂේප කළේය. එම පෙත්සම් විභාග කළ පං...
"ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩට එරෙහි නොවුණොත් ඇමැතිටත් විරෝධය දක්වනවා – අල්ලස දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානය"
"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ක්‍රීඩා ඇමැතිවරයා කටයුතු නොකරන්නේ නම් ඔහුට එරෙහිව ද ක්‍රීඩාලෝලීන් සමඟ විරෝධය දක්වන බව අල්ලස, දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර මහතා ‘දිවයින’ට ඊයේ (05 දා) පැවැසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිස්පති, අල්ලස් කොමිසම සහ ක්‍රීඩා ඇමැතිවරයා ද...
"වාරි ජලාශ 73 භාගෙට භාගයක් පිරිලා – වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජනරාල්"
"වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාරි ජලාශ 73 ජල මට්ටම සියයට පනහක මට්ටමකට පැමිණ ඇති නිසා කෘෂිකාර්මික කටයුතු සඳහා එය සුබදායක තත්ත්වයක් යැයි වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජනරාල් එස්. පී. සී. සුගීෂ්වර මහතා ඊයේ (05 දා) පැවසීය. මහවැලි ජලාශවල ද ජල මට්ටම සියයට 60 කට පැමිණ ඇති බවත් විදුලිබලාගාර ජලාශ වන මාවුස්සාකැලේ සහ කාසල්රි ජලාශවල ජල ම...
"විනිසුරුවරුන්ගේ වැටුපෙන් බදු අඩු කිරීමට කළ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි"
"රජය විසින් පැනවූ නව බදු ප්‍රතිපත්තිය අනුව සිය වැටුපෙන් බදු අඩුකිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය හා කම්කරු අධිකරණ සභාපතිවරුන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ පෙත්සම් තුනක් අභියාචනාධිකරණයේ බහුතර තීන්දුවකින් ප්‍රතික්‍ෂේප කළේය. එම පෙත්සම් විභාග කළ පං...
"බාල බෙහෙත් වංචාවේ විමර්ශන වෙන අතකට හැරවීමේ කුමන්ත්‍රණයක්"
"ප්‍රමිතියෙන් තොර ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ වංචාවේ විමර්ශන වෙන අතකට හැරවීමේ කුමන්ත්‍රණයක් පවතින බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි. ඉමියුනොග්ලොබියුලින් ගනුදෙනුව කිසිසේත් සමාගමකට තනිවම සිදුකළ නොහැකි බවත්, එම ඖෂධය ලබා ගැනීම සඳහ ඖෂධ නියාමන අධිකාරියට බලපෑම් කළ අයගේ නම් හෙළි කිරීම සෞ...
"දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ඥාතීන්ට භාරදෙයි"
"කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත දේශය පෙරේදා (04දා) පෙරවරුවේ දි ඔහුගේ ඥාතීන් වෙත භාරදීම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරනු ලැබීය. දෙවැනි වරටද මිහිදන් කිරීම සඳහා මොහුගේ දේහය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ සිට ඔහුගේ ඥාතීන් විසින් රැගෙන යනු ලැබීය. මාස 05ක අධික කාලයක් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේශ...
"පුරවැසිකම අතැහැර බැසිල් ජනපති සටනට!"
"ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිපදෙනෙකුම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා ඇත. සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය යන පක්‍ෂ මේ වනවිටත් ඔවුන්ගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුද යන්න ප්‍රකාශයට පත්කර ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වන පසු...
"විදුලිය දින දහයෙන් කෝටි 300ක් උපයලා"
"විදුලි ගාස්තු ඉහළ දමා දින දහයකදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි තුන්සියයක් උපයාගෙන ඇතැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවසීය. හදිසි මිලදී ගැනීම් යටතේ ගිගාවොට් පැය නවසිය අනූවක් ලබා ගැනීමට විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබුණත් ජල විදුලි නිෂ්පාදනය උපරිමයට ළඟාවීම නිසා ඉකුත් මාසයේ ...
"සටන් වැකි පොලිස් පොතට"
"ඡායා- නිශාන් එස්. ප්‍රියන්ත"
"ජල ප්‍රහාරවලට පෙර පෙරහුරු"
"ජල ප්‍රහාර ගසා උද්ඝෝෂණ විසුරුවාහැරීමට පෙර නිලධාරීන් ඒ සඳහා පෙර පුහුණුවක් කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මෙලෙස පෙර පුහුණු කරනු ලබන්නේ ජල ප්‍රහාරක රථවල යම්කිසි දෝෂ හෝ අඩුපාඩු තිබේ දැයි කියා විමර්ශන කිරීමට යැයි ද කී එම පොලිස් නිලධාරියා මේ හේතුව මත එම රථයේ රැස් කරන ජලය අපිරිසිදු නොවන බ...
"ග්‍රාම නිලධාරිලා නිවාස සංගණනයෙන් තාවකාලිකව ඉවත්වෙති"
"මේ වනවිට ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති ජන හා නිවාස සංගණන කටයුතුවලින් දින 14 ක කාලයකට ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය කියා සිටී. එම සංගණන කටයුතුවල නිරතවන ග්‍රාම සේවකවරුන් සඳහා ලබා දෙන්නේ සොච්චම් මුදලක් බවත්, ඊට විරෝධය පළකරමින් අදාළ තීරණය ගත් බවත් එම සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා ‘දිවයින ඉරිදා සංග්‍ර...
"සෙවනගල දේශපාලන ගමකට"
"රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන ව්‍යාපෘතිය යටතේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව තව නොබෝ දිනකින් එක්තරා දේශපාලන පක්ෂයකට හිතවත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට ලබා දීමේ සැලැස්මක් ඇතැයි වාර්තා වෙයි. පසුගිය දිනවල සිදු කෙරුණු කැබිනට් හුවමාරුවේ තවත් එක් මූලික පරමාර්ථය වී ඇත්තේ ද අදාළ ව්‍යාපාරිකයාට සෙවනගල කර්මාන්ත ශාලාව ලබා දීම බව දේශපාල...
"ක්‍රිකට් කෑ හැටි හොයන්න ලොක්කෙක් ඉන්දියාවට"
"ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රදර්ශනය කරන ලද දුර්වල තරග විලාශය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයකු මේ සතියේදී ඉන්දියාවට යෑමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ක්‍රිකට් කණ්ඩායම එතරම් දුර්වල තරග රටාවක නිරත වීම පිළිබඳව පුහුණු කාර්ය මණ්ඩලය ස...
"සීනි පරිභෝජනය අඩුවේ"
"ඒක පුද්ගල සීනි පරිභෝජනය ඉකුත් වර්ෂයේ දී (2022) සීනි කිලෝග්‍රෑම් 24.30ක් දක්වා අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව ඉකුත් වසර දහයේ දී අඩුම ඒක පුද්ගල සීනි පරිභෝජනය ද වාර්තා වන්නේ 2022 වර්ෂයේදී බවත් මහබැංකු වාර්තා පෙන්වා දෙයි. එම කාලයේ දී වැඩිම ඒක පුද්ගල සීනි පරිභෝජනය වාර්තා වී ඇත්තේ 2020 වර්ෂයේදීය. එම වර්ෂයේ ...
"ඊශ්‍රායල වැසියෝ ගිනිඅවි ඉල්ලති"
"පලස්තීනයේ හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල වැසියන් එක්ලක්‍ෂ විසිදහසක් දෙනා (120,000ක්) නව ගිනිඅවි බලපත්‍ර සඳහා ඉල්ලුම් කර තිබේ. එරට රජය ද මේ වන විට ගිනිඅවි පිළිබඳ නීති ලිහිල් කිරීමට තීරණය කර ඇති අතර, රට පුරා සිවිල් වැසියන්ට අලුත් ගිනිඅවි දස දහස් ගණනක් මේ වන විට අලෙවි කර තිබේ. පසුගිය ඔක්තෝබර් 07 වැනිදා එල්ලවුණු හමාස් ත්‍...
"දමු – මහේශ්වරන් – ජෝෂප් ඝාතන ගැන යළි කතා"
"ඇන්ගෝලා රාජ්‍යයේදී පැවැති ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ මෙවර සමුළුවේ දී ජෝෂප් පරරාජසිංහම්, ටී. මහේශ්වරන් සහ ද.මු. දසනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඝාතනයන් සම්බන්ධයෙන් දැඩි ලෙස කතාබහට ලක්වී ඇත. එල්ටීටීඊ ත්‍රස්තවාදය පැවැති සමයේදී සිදුවූ එම ඝාතනයන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳව එහිදී අවධානය යොමුවී ඇති අතර එම ...
"රාජ්‍ය සේවක වැටුප වැඩි කිරීම ස්ථීරයා ගාණ තීරණය කරන්නේ 12 වැනිදා – සියඹලාපිටිය"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ලබන වර්ෂය (2024) සඳහා ඉදිරිපත් කරන අයවැයෙන් අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සිදුකරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහ’ට පැවසීය. එහෙත් එම වැඩි කරන වැටුපේ ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ අයවැය ඉදිරිපත් කරන නොවැම්බර් 13 වැනි දිනට පෙ...
""රු.6796 එන්නතට රු.1‍7,730ක් අරන් – ඖෂධ අධිකාරියෙන් විමර්ශන ඇරැඹෙයි""
"ගැසට් මගින් උපරිම මිල සීමා නියම කරන ලද ඖෂධ වර්ගවල එම මිල සීමා ඉක්මවා අලෙවි කරන පුද්ගලික රෝහලක් සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිල්ලක් මත එම රෝහලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ජාතික ඖෂධ අධිකාරිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කොළඹ පිහිටි එක්තරා පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කාන්තාවකගේ පුත්‍රයා විසින් නාරාහේන්පිට පොලිසියට කරන ල...
"කොවිඩ් කාලේ වෛද්‍ය උපකරණ මිලට ගැනීමේදී සල්ලි පිල්ලි ගිහින්"
"කොවිඩ් වසංගත සමයේ දී වෛද්‍ය උපකරණ මිල දී ගැනීමේ දී බරපතල මූල්‍ය අක්‍රමිකතාවයන් රැසක් සිදුවී ඇති බවත් මේ පිළිබඳ සොයා බැලීමට වෝහාරික විගණනයක් කළ යුතුව ඇති බවත් ජාතික විගණන කාර්යාලය පවසයි. හදිසි මිලදී ගැනීම්වලට මුවා වී ප්‍රසම්පාදන කටයුතුවලින් බැහැරව වෛද්‍ය උපකරණ එම කාලයේ දී මිල දී ගෙන ඇති බවත් එමගින් රජයේ මුදල් අවභාවිතාව...
""පොහොර ගන්න රු.15,000ක් ගොවීන්ගේ ගිණුමට""
"මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර මිලදී ගැනීමට ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් බැර කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. පසුගිය කන්නයේදී පොහොර සහනාධාරය ලෙස හෙක්ටයාරයකට රුපියල් විසිදහසක මුදලක් වවුචර් පත් මගින් ගොවීන්ට ලබා දී තිබිණි. මේ වනවිට වෙළෙඳපොළේ යූරියා ඇතුළු පොහොර මිල ගණන් පහත වැටී ඇති බැවින් පසුගි...
"දුම්රිය රියදුරු හිඟයෙන් රේල්ලුව අමාරුවේ"
"දුම්රිය රියැදුරන් 468 දෙනකු සේවයේ නියුතුව සිටි නමුත් මේ වනවිට දුම්රිය සේවයේ නිරතව සිටින සමස්ත දුම්රිය රියැදුරන් ගණන 268ක් බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ සභාපති චන්දන වියන්දුව මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. දුම්රිය රියැදුරන් 200 දෙනකුගේ බරපතළ හිඟයක් පවතින බැවින් මේ වනවිටත් දුම්රිය ධාවන කටයුතුවලදී දැඩි අසී...
"මාතික මාතා උපහාර ගොඩනැඟිල්ල අගමැති සුරතින් දැයට පිදුණු වගයි"
"කොළඹ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට අනුබද්ධිත වැල්ලවත්ත වෛශාඛා විද්‍යාලයේ ඉදිකෙරුණු ‘මාතික මාතා උපහාර ගොඩනැඟිල්ල දැයේ දියණියන්ට පරිත්‍යාග කිරීමේ මහෝත්සවය, සිරි වජිරාරාමාධිපති අමරපුර ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා අග්‍රා...
"අඳුරු කුටියක සිරකර කොතලාවල මැරෙන්න ඇරලා!"
"සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ මරණය ස්වභාවික මරණයක් බවට අධිකරණ වෛi නිලධාරීන් තීරණය කර ඇතත් එය ඒ මහතාගේ නීතිඥවරුන් ඇතුළු කිහිපදෙනකු ස්වභාවික මරණයක් ලෙස පෙන්වීමට ඉතා සැලසුම් සහගතව සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන්නේ යැයි සෙලින්කෝ තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති ජූඩ් මාකෝ...
"කුජීත පරාජය: ක්‍රිකට් වළට ඇද්ද සෙට් එක පන්නන්න – ජ්‍යෙෂ්ඨයෝ කියති"
"ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රපාතයට ඇද දැමූ වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලය හා ඊට වගකිවයුතු සියලු දෙනා පන්නා දැමිය යුතු බව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් ‘දිවයින’ට ඊයේ (3 දා) කියා සිටියහ. ඒ වගේම වර්තමාන ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාකරන ක්‍රීඩකයන් මේ අවමන් සහගත පරාජයන් හමුවේ ලැජ්ජා විය යුතු බවද එම ක්‍රීඩකයෝ පැවසූහ. මේ විද...
"තියන සීනි විකුණන්නෙත් අලුත් මිලට තමයි කරන්න දෙයක් නෑ – බිස්නස් එහෙමයි – තොග ආනයනකරුවෝ කියති"
"ආනයනික සීනි කිලෝවක් මත තිබූ ශත විසිපහක විශේෂ බද්ද රුපියල් පනහ දක්වා වැඩිකිරීමත් සමග වෙළෙන්දන් ඊයේ (03 දා) සිටම සීනි මිල ඊට සාපේක්‍ෂව ඉහළ දමා තිබේ. එක්තරා සමාගමක් බද්ද වැඩිකිරීමට පෙර සීනි මෙටි්‍රක් ටොන් 8300ක් පමණ මෙරටට ගෙනැවිත් ඇති අතර එම තොගය නව මිල ගණන් යටතේ අලෙවි කළ හොත් ඉන් රුපියල් මිලියන හාරසිය තිහකට අධික අමතර ලා...
"ලංවිම-ශ්‍රීලංකන් ප්‍රතිව්‍යුහගතකරණයට අතිරේක ප්‍රතිපාදන ඉල්ලන පරිපූරක ඇස්තමේන්තුවට කමිටු අනුමැතිය"
"ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සහ සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි ශේෂපත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට අතිරේක ප්‍රතිපාදන වෙන්කිරීමට අවශ්‍ය පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ මුදල් කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය හිමි විය. මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය හිමිවී ඇති අතර මේ මගින් රුපියල් බිලි...
"ලිට්‍රෝ ගෑස් රු. 75කින් නගී"
"කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (04 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 75ත් 90ත් අතර මිලකින් ඉහළ දමන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා “දිවයින”ට පැවසීය. සෑම මසකම 04 වැනිදා ගෑස් මිල සංශෝධනය කිරීමට අදාළව මෙය සිදුකරන බව ද හෙතෙම කීය. මේ අනුව කිලෝග්‍රෑම් 2.5 සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩර් මිල ද මී...
"ඔන්මැක්ස් ඩී.ටී 5 දෙනා 16 දා තෙක් රිමාන්ඩ්"
"පිරමීඩ ආකාරයේ මූල්‍ය ජාවාරමක් සිදු කළේ යැයි චෝදනා කරමින් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ඔන්මැක්ස් ඩී. ටී. ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්‍ෂවරුන් පස්දෙනා ලබන 16 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (3 දා) පස්වරුවේ නියෝග කළේය. එම සැ...
"කඳුකරයේ දමිළ ජනතාව සමාජයට ඒකාබද්ධ කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"කඳුකරයේ දමිළ ජනතාව සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා 02 වැනිදා සඳහන් කළේය. සියලු ජනතාව ඒකරාශි කර ගනිමින් රට ඉදිරියට ගෙන යෑම සිය අරමුණයි බව හෙතෙම කීවේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා 02 වැනිදා එම අදහස් පළකළේ කඳුකරයේ වතු ප්‍රජාව මෙරටට ආගමනය වී ...
"අධිකරණ නිලධාරිනියට මහෙස්ත්‍රාත්ගෙන් දොස්"
"දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේ සාක්‍ෂි විභාගය ආරම්භ කිරීමට දිනය හා වේලාව නියම කර තිබියදීත් ඒ සඳහා අවශ්‍ය යතුරුලියනයක් නොමැති බවත්… සිංහල ඉංග්‍රීසි භාෂා පරිවර්තකයකු නොපැමිණි බවත් ප්‍රකාශ කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ නිලධාරිනියකට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන...
"ඉන්දීය මුදල් ඇමැති සීතාරාමන් අගමැති හමුවෙයි"
"අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය මුදල් ඇමැති එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් (02 දා) අරලියගහ මන්දිරයේදී සිදුවිය. ඉන්දීය මුදල් අමාත්‍යවරියගේ සංචාරයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය සඳහා ඉන්දීය රුපියල් බිලියන 1,0747 ක ඉන්දීය ප්‍රදාන ආධාරයෙන් ආගමික ස්ථානවල සූර්ය විදුලි ව්‍යාපෘති...
"ජපන් ‘වසන්තය’ සම්මාන ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුටත්"
"ජපාන රජය පිරිනමන වසන්ත සම්මාන ප්‍රදානයේදී ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු සම්මාන ගෞරවයට පාත්‍රවී තිබේ. ශිරෝමි සුසෙයි පිල්ලේ මහත්මිය හා දර්ශන් මුනිදාස මහතා එම දෙදෙනායි. ජපාන ශ්‍රී ලංකා සබඳතා වැඩි දියුණු කිරීම සඳහා ඔවුන් දක්වන ලද විශිෂ්ට දායකත්වය අගයමින් මෙම ගෞරවණීය සම්මාන දෙක පිරිනමා ඇති බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය ඊ...
"හකීම් කිව්වේ බොරු කාදිනල්තුමාත් විමතියට පත්වුණා – ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා"
"2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදී පිරිසක් නොව ඊශ්‍රයල් දේශයේ අන්තවාදීන් පිරිසක් බව කාදිනල්තුමන් තමන්ට පැවසුවේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බවත් කාදිනල්තුමා එම කතාව අසා විමතියට පත්වූ බවත් කොළඹ අගරදගුරු පදවි සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන...
"ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට දකුණු කොරියාවේ සහාය – දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් ජනපති රනිල්ට සහතික වෙයි"
"ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබා දෙන බවට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් (Yoon Suk Yeol) මහතා නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වී තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව පසුගිය සැප්තැම්බර් 18 වැනිදා නිව්යෝර්ක් නුවරදී දෙරටේ රාජ්‍ය නායකයන් හමුවී ද්විපාර්ශ්වික සා...
"දුම්රිය පෞද්ගලීකරණය නොකිරීමට සෙවකයන් කටයුතු කළ යුතුයි – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන"
"ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු එච්. එම්. ජේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතා ඊයේ (03 දා) දින දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානයේ දී සිය ධුරයේ රාජකාරි ඇරඹීය. ඒ මහතා උසස් අධ්‍යාපනයෙන් අනතුරුව ඉංජිනේරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹීමෙන් පසු දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (මහාමාර්ග හා කර්මාන්ත) ...
"බදු නොගෙවූ අරක්කු සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවයි"
"ශ්‍යාම් නුවන් ගනේවත්ත බදු ගෙවීම් පැහැර හරිමින් සිටි මත්පැන් නිෂ්පාදන ආයතන 5ක බලපත් අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ සඳහන් කරන්නේ මෙම ආයතන විසින් ගෙවිය යුතුව පවතින බදු ප්‍රමාණය රුපියල් මිලියන 6000 කට අධික වන බවයි. වයඹ ඩිස්ටලරීස්, මෙන්ඩිස්, රන්දෙණිගල, ෆින්ලන්ඩා සහ සිනර්ජි යන...
"ජුනී 30ට පෙර පාස්කු වන්දි ගෙවනු – ශ්‍රේෂ්ඨාධිකරණය මෛත්‍රිපාලලාට නියෝග කරයි"
"පැවරී තිබූ රාජකාරි වගකීම් හා යුතුකම් පැහැර හැරීමට දඬුවමක් ලෙස පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවන ලෙසට තම අධිකරණය විසින් නියම කළ සම්පූර්ණ මුදල ලබන වසරේ ජුනි 30 වැනිදා වන විට ගෙවා අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02දා) හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි...
"ලක්‍ෂ 300ක් අයුතු ලෙස උපයා ගැනීමේ චෝදනාව: නාමල් ඇතුළු 5ක් නිදහස්"
"පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග සිදුකළ ගනුදෙනුවකදී රුපියල් ලක්‍ෂ 300ක මුදලක් අයුතු ලෙස උපයාගත්තේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ සියලුම චෝදනාවලින් නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාර...
"නිවාස 10000 ක් හදන්න ජනපති-සීතාරාමන් ඔන් ලයින් ක්‍රමයට මුල්ගල තබති"
"කොටගල පිහිටි මවුන්ට් වර්ණන් වතුයායේ පහළ දිඹුල කලාපයේ නිවාස දස දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මාලා සීතාරාමන් මහත්මිය මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ඊයේ (2 දා) මුල්ගල් තැබීම සිදුකළ අයුරු. ශ්‍රී ලංකාවට ඉන්දියානු සම්භාවයක් සහිත දෙමළ ජනයා පැම...
"පෞද්ගලික අංශයේ යෝජනාත් අයවැයට ජනපති පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන්ට කියයි"
"ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබා දෙන යෝජනා ද මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ සඳහා අදාළ ක්ෂේත්‍ර පිළිබඳ වෙන වෙනම සොයා බලන බව ද ජනාධිපතිවරයා කියයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ...
"වැට් 18% ක් කිරීම අනුමත කරන්න බෑ – කතානායක කියයි"
"ඉන්ධන මිල සුළු වශයෙන් වැඩිකිරීම ජනතාවට විඳදරා ගැනීමට හැකියාවක් තිබුණත් වැට් බද්ද ඉහළ දැමීමට ගෙන තිබෙන තීරණය තමා කිසිවිටකත් අනුමත නොකරන බව පාර්ලිමේන්තු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ ට ඊයේ (02දා) කීවේය. කෙසේ වෙතත් වැට් බද්ද සියයට 18 කින් වැඩි කිරීම ගැන තීරණයක් ගෙන ඇතත් සමහර විට එය වෙනසක්වීමට පවා ඉඩ තිබෙනබව ...
"සිඟමන් යදිනවා වෙනුවට රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අසීරු තීරණ ගැනීමට සිදුවෙලා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"සිඟමන් යදින රටක් වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට නම් කෙතරම් අසීරු වුවද අද දවසේ ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතවරයා මේ බව සඳහන් කළේ ඉකුත් 01 වැනිදා පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023 අමතමිනි. වැට් බද...
"බිලියන 80ක බදු පිල්ලි යන්න දී ජනතාවටම බර පටවනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා"
"මත්පැන් කර්මාන්තයෙන් වසරකට සිදුවන රුපියල් බිලියන 80 ක පමණ බදු වංචාව වළක්වන්නට පියවර නොගෙන රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා රජය ජනතාව වෙත බදු බර පටවමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. සුරාබදු දෙපාර්තමේන්තුවට මේ වසර සඳහා ලබාදී ඇති බදු ඉලක්කය වන රුපියල් බිලියන 217 න් පස...
"වැට් බදු වැඩිකිරීම පහත් ක්‍රියාවක් – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"වර්තමාන ආණ්ඩුව 3 වැනි වතාවටත් විදුලිය මිල වැඩි කර මේ රටේ විදුලි පාරිභෝගිකයන් දශලක්ෂ ගණනින් අනාථ කර ඇති මොහොතක වැට් බද්ද සියයට 18ක් දක්වා වැඩි කර ඇති බවත් ප්‍රතිගාමී බද්ධක් වන මෙය තමන්ගේ ආදායම කුමක් වුවත් හැමෝටම එක හා සමාන බද්දක් ලෙස ගෙවීමට සිදුවන හෙයින් මෙය පහත් ක්‍රියාවක් බවට විග්‍රහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම...
""ආර්ථික අර්බුදය මැද ‘රට මීටරේ’ 50,000 කින් නගී""
"මෙරට ඇතිවූ ආර්ථික අර්බුදයෙන් පසුව වසරකට කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය පනස්දහසකින් පමණ ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම පිරිසට අමතරව කාර්යාංශයේ ලියාපදිංචි නොවී විවිධ ක්‍රම හරහා විදෙස් ගතවන පිරිස ගත් කල මෙම ප්‍රමාණය තවත් වැඩිවිය හැකි බව ද කාර්ය...
"ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතාරාමන් දළදා සමිඳුන් වැඳපුදාගනී"
"ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතාරාමන් මහත්මිය ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගන්නා ලදී. අනතුරුව විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් ද තැබූ එතුමිය වෙත දිවඩන නිලමේ විසින් සමරු තිළිණයක් ලෙස ඉපැරැණි පිත්තල වාත්තු ශිල්පය අනුසාරයෙන් සැකසූ ලංකාතිලක රජමහා විහාරයේ සමාධි බු...
"ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරියක්"
"ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. මුදල් ණයට දීමේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර නියාමනය කිරීම සහ ඒවායේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ වී තිබේ. මේ අධිකාරිය සඳහා නිල බලයෙන් මහ භාණ්ඩාගාරයේ, මහ බැංකුවේ සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පත් ...
"අපනයන 10% කින් පහළට"
"මේ වසරේ (2023) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස නමයේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ගිය වසරේ (2022) මුල් මාස නමයට සාපේක්ෂව සියයට 10.1 කින් පහත වැටී ඇත. මේ අනුව ගිය වසරේ (2022) මුල් මාස නමයේදී වාර්තාවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 9992 ක් අපනයන ආදායම මේ වසරේ (2023) මුල් මාස නමයේදී ඇමරිකානු ඩොලර් මිලියන 8982ක්...
"ඩොලරය රු 333 පනී"
"ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (02දා) රු. 333 ඉක්මවා ගියේය. මේ අනුව මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොරලයක විකුණුම් අගය රු. 333.43 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය ජූලි 31 දිනෙන් පසු ඩොලරයක විකුණුම් අගය රු. 333 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේද...
"උතුරේ වෛද්‍ය වර්ජනය අද"
"දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන එක් දින සංකේත වැඩ වර්ජනය අද (03 දා) උතුරු පළාතේ රෝහල් වල ක්‍රියාත්මක කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව මෙම සංකේත වැඩ වර්ජන ක්‍රියාමාර්ගය සෑම දිනකම උදෑසන 8.00 සිට ආරම්භ වී පැය 24ක කාලයක් ක්‍රියාත්මක වන බවත් වැඩ වර්ජන කාලසීමාවේදී හදි...
"ලංවිම නව මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත"
"ලංකා විදුලිබල මණ්ඩලයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පත්කර ඇත. මෙම මස 01 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකර තිබේ. නොයෙල් ප්‍රියන්ත මහතා වරලත් විදුලි ඉංජිනේරුවරයකු වන අතර ඔහු මණ්ඩලය තුළ වසර 28 ක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු (...
"විද්‍යුත් වාහන 7 රේගුවේ රඳවා ගැනීම වළක්වමින් නියෝගයක්"
"කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නීත්‍යනුකූලව මෙරට විදේශ විනිම සංචිතය ඉහළ දැමීමට විදේශ විනිමය එවූ ශ්‍රී ලංකිකයන්ට විද්‍යුත් වාහන ආනයනයට අවසර ලබා දෙමින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව ආනයනය කරන ලද විදුලි වාහන හතක් රේගු භාරයේ රඳවා ගැනීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධි...
"ශාෆ්ටර්ගේ මරණය ඝාතනයක්"
"ජනශක්ති සමාගමේ සභාපති කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය ස්වභාවිකව සිදුවූ මරණයක් නොව අපරාධයක් එනම් මනුෂ්‍ය ඝාතනයක් බවට තම අධිකරණයට සාධාරණ සැකයක් මතුවී ඇති බැවින් එම අපරාධයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (01දා) අපරාධ ප...
"අනීතික විදුලිය බිල ඇවිළෙයි – පා ගමන විසුරුවයි"
"විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් ඊයේ (01 වැනිදා) පෙරවරුවේ දිවුලපිටියෙන් ආරම්භ කළ විරෝධතා පා ගමන අවස්ථාවේ අත්අඩංගුවට පත් එම සංගමයේ ලේකම් සංජීව ධම්මික, බළන්ගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු 6 දෙනකු අත්අඩංගුවට ගැනුණි. “අසීමිත විදුලි බිලට එරෙහිව අපි” යන පාඨය යටතේ විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගම...
"ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරු බැහැදකිති"
"ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ඊයේ (01 දා) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදුටුවාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ඉන්දීය රජය දක්වන සහාය අගය කරන බව එහිදී මල්වතු පාර්ශ්වයේ මහානා...
"ආණ්ඩුව ධන කුවේරයන්ගේ බදු රු. බි. 572ක් කපා හැරලා"
"සාමාන්‍ය ජනතාව පරිප්පු ඇටයේ සිට බදු ගෙවද්දී ධනකුවේරයන් නොගෙවපු රු. බිලියන 904න් රු. බිලියන 572ක් බදු කපා හැර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (1 දා) නුගේගොඩ පක්‍ෂ කාර්යාලයේදී ජනමාධ්‍යවේදීන් හමුවේ පැවසීය. ආණ්ඩුව විසින් ජනතාවට අහිතකර ලෙස බලපාන තීරණ කිහිපයක් අරගෙන තිබෙනවා. 2022 මේ පාල...
"අලුත් පොලිස්පති කවුද? – සී.ඩීගේ කාලය අදින් යළිත් ඉවරයි"
"පොලිස්පති ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදී තිබූ සති තුනක සේවා කාලය අදින් (02 වැනිදා) අවසන් වී ඇත. එහෙත් මේ වනතුරුත් නව පොලිස්පතිවරයකු පත් කිරීමට රජය ක්‍රියාකර නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමෙන් පසු අවස්ථා 3 කදී ඒ මහතාට සේවා දීර්ඝ කිරීම් ලබාද...
"පොලිස් මූලස්ථාන දිස්ත්‍රික් ගබඩාවකින් රෙදි මීටර් දස දහසක් අතුරුදන්"
"ව්‍යාජ ලේඛන සකස් කර පොලිස් මූලස්ථානයේ දිස්ත්‍රික් ගබඩාවකට ලැබී තිබූ පොලිස් නිල ඇඳුම් රෙදි මීටර් දසදහසක ප්‍රමාණයක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් පිළිබඳව විමර්ශන ආරම්භ කොට ඇතැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය ඊයේ (01 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට වාර්තා කළේය. පොලිස් මූලස්ථානයේ අධ්‍යක්‍ෂ කා...
"වෘත්තීය සමිති පාරට බැසීම වැටුප් වැඩි කරන්න ලැබෙන ආදායම නැති කිරීමක් – වජිර කියයි"
"ජනාධිපතිවරයා රජයේ සේවකයන්ගේ සහ ඊට සමගාමීව පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකිරීමට ප්‍රතිචාරය දක්වා තිබිය දී වෘත්තීය සමිති වැඩ වර්ජන කර පාරට බැස ඒ සඳහා ලැබෙන ආදායම නැති කිරීමට ක්‍රියාකිරීම සංචාරක ව්‍යාපාර අංශය හා පෞද්ගලික අංශය ලබාදෙන බදු මුදල් විනාශ කිරීමකැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධ...
"සියැට් – කැලණි හවුල්කාරිත්වය ශ්‍රී ලංකා වෙළෙඳ පොළට පිවිසෙන්නන්ට ආදර්ශයක්"
"සියැට්-කැලණි ටයර් ව්‍යාපාරයේ හවුල්කාරිත්වය සාර්ථක ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගිතාව මැනවින් පිළිබිඹු කරන අවස්ථාවක් මෙන්ම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට පිවිසීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ට කදිම ආදර්ශයක් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසූවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ඉකුත් 31 වැනිදා පැවති සියැට් කැලණි...
"සායනික වැඩවලට දැඩි බලපෑම්: සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝගීන්ට දැඩි පීඩා"
"ඉල්ලීම් 10 ක් මුල්කරගෙන ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඊයේ (01 දා) ආරම්භ කළ සංකේත වර්ජනය සහ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය නිසා රෝගීන් දැඩි පීඩාවට පත්වූ බවට වාර්තා විය. එම සේවකයෝ ඊයේ (01 දා) පෙරවරු 6.30 සිට දහවල් 12.30 දක්වා සේවයෙන් බැහැරව සිටියහ. දහවල් 12.00 ට ඔවුහු රෝහල් ඉදිරිපිටදී උද්ඝෝෂණ පැවැත්වූහ. මෙම සුළු සේවක විරෝධතාවය හේතුව...
"මිල්කෝ සභාපති රේණුක ඉවත් කරන්නැයි ජාතික සේවක සංගමය ජනපතිගෙන් ඉල්ලයි"
"මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති රේණුක පෙරේරා මහතා වහා එම ධුරයෙන් ඉවත් කර සියලුම වෘත්තිය සංගම් සමග සුහදව වැඩ කරගෙන යා හැකි සාකච්ඡා මාර්ගයෙන් ඕනෑම ප්‍රශ්නයක් විසඳාගත හැකි පරිපාලනයට දක්ෂ සභාපතිවරයකු හැකි ඉක්මනින් පත් කරදෙන ලෙස ඉල්ලා මිල්කෝ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්. ජී. තුෂාර කැලුම් මහතා ලිපියක් මගින් ජනාධිපති රනිල...
"බාල බෙහෙත් ගෙන්වූ සමාගමේ ලොක්කා රිමාන්ඩ්"
" ප්‍රමිතියෙන් තොර ඉමියුහෝ ග්ලෝබියුනෝ ප්‍රතිදේහ ජනක ඖෂධ ආනයනය කළ බව කියන සමාගමේ හිමිකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (31 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ඇත.රුපියල් කෝටි සියයක් පමණ වටිනා ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් තොගයක් ආනයනය කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත...
"ජනපති ලේකම් කාර්යාලය ‘එක’ ලෙස පොතට"
"වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණයේදී පළමු ගොඩනැඟිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත විය. නිවාස සංගණනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආරම්භ වූ අතර, මෙම වසරේ සංගණනයේදී දත්ත රැස්කිරීම සඳහා සාම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමග ටැබ්ලට් පරිගණක ද භාවිත කෙරේ.චමින්ද සිල්වා"
"සංගණන කටයුතුවලින් ඉවත් වෙනවා පිට අයට තොරතුරු දෙන්න එපා – ග්‍රාම නිලධාරී සංගමය"
"නිවසින් නිවසට ගිහින් කරන සංගණන කටයුත්ත කරන්නේ ග්‍රාමනිලධාරීන්. මේ කටයුතු වෙනුවෙන් ලබාදෙන දීමනාව මදි. මේ නිසා සංගණන කටයුතු අපි දින 14කට අත්හිටුවනු ලැබුවා. මේ නිසා ආණ්ඩුව ඒ වැඩ කටයුත්ත වෙනත් පිරිසකට පවරන්න යනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ පෞද්ගලික තොරතුරු ලබාගන්න නිවසට, ව්‍යාපාරික ස්ථානයට එන ග්‍රාම සේවා නිල...
"නව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ. ඩබ්ලිව් බණ්ඩාර හෙට වැඩ භාර ගනී"
"නව දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතා හෙට (03 දා) රාජකාරි භාර ගැනීමට නියමිතය. මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා පේරාදෙණිය හා මොරටු විශ්වවිද්‍යාලවලින් උස්ස අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹීය. දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) හා අතිරේක සාමාන්‍යාධික...
"බද්ද විද්‍යුත්කරණය කරන රැමිස් දෙසැම්බර් සිට – සියඹලාපිටිය කියයි"
"බදු හා සම්බන්ධ සියලු කටයුතු වඩාත් නිවැරදි හා කාර්යක්ෂම ආකාරයෙන් සිදුකිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන බදු හා සම්බන්ධ කටයුතු විද්‍යුත්කරණය කිරීමේ රැමිස් ව්‍යාපෘතිය ලබන මාසයේ (දෙසැම්බර්) සිට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යවසාය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය 2013 වසරේද...
"කිරිඇල්ලට එරෙහි හන්තානේ නඩුව අවසන්"
"කිසිදු නීතිමය පදනමක් නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් නිර්දේශය අනුව මහනුවර හන්තාන පාරිසරික කලාපයේ පිහිටි ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කළේ යැයි චෝදනා කරමින් හන්තාන පාරිසරික සංවිධානය විසින් 2019 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු ඔහුගේ පවුලේ ඥාතීන්ට එරෙහිව පවරා තිබූ නඩුවක් අවසන් කිරී...
"ජනාධිපතිවරණය අතුරුදන්කර 2025 තෙක් බලයේ රැඳී සිටීම ආණ්ඩුවේ උත්සාහයයි"
"ජනාධිපතිවරණය අතුරුදහන් කර 2025 අග එන මහ මැතිවරණය තෙක් රැඳී සිටීමට ආණ්ඩුවේ උත්සාහය බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ සඳහා ස්ථාවර පාර්ලිමේන්තුවක් හැදෙන ඡන්ද ක්‍රමයක් පෙන්වා, ‘විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් අවශ්‍ය නැහැ. අගමැති මූලික කරගත් ක්‍රමයකට යම...
"බෙදුණු තීන්දුවකින් ඩයනාගේ අසුන රැකේ"
"රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය ඊයේ (31 දා) බහුතර තීන්දුවකින් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළේය. ඒ අනුව ඩයනා ගමගේ මහත්මියට වැයවූ ඇස්තමේන්තුගත නඩු ගාස්තු ඇයට ගෙවීමට ද ...
"වැට් බද්ද යළි උස්සයි"
"දැනට ක්‍රියාත්මක වන එකතු කළ අගය මත බදු (වැට්) අනුපාතය ලබන වසරේ (2024) ජනවාරි 01 දින සිට සියයට 18 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. දැනට පවතින වැට් බදු අනුපාතිකය සියයට 15කි. එසේම දැනට වැට් බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත අලුතින් එම බද්ද පැනවීම ඇතුළු නව බදු යෝජනා කිහිපයක් 2024 ජනවාරි 01 දින සිට ක්‍රියා...
"වැට් බදු වැඩි කර ජනතාව මත බර පැටවීම නිහීන පහත් වැඩක් – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"අගය මත පැනවූ බදු (වැට් බදු) සියයට 18 දක්වා වැඩි කිරීම බදු සූත්‍රය විකෘති කිරීමක් බවත් ප්‍රතිගාමී බදු වැඩිකිරීම තුළ මේ රටේ සාමාන්‍ය ජනතාවට, දිළිඳු ජනතාවට, වැඩ කරන ජනතාවට අධික බදු බරක් පැටවෙන බවත් මෙසේ රජය ගත් තීන්දු තීරණ තුළ රජයේ දුර්වලකම, අකාර්යක්ෂමතාව, දුර්වල රාජ්‍ය පාලනය පිළිබිඹු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ...
"ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම"
"ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත් කිරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඊයේ (31දා) පියවර ගනු ලැබීය.ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලය සමග අමාත්‍යවරයා පැවැත්ව...
"කල් ඉකුත් සහ බාල බෙහෙත් නිසා වසර දෙකකට මිලියන 156ක පාඩුවක් – රවි කුමුදේශ්"
"පසුගිය වසර දෙකේදී (2021 සහ 2022) ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 156.5ක අලාභයක් සිදුව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. දූෂිත ඖෂධ ගනුදෙනු 9 ක් පිළිබඳව විගණන වාර්තාවකින්ද කරුණු හෙළිකර ඇතැයි එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි. එම විගණන වාර්තාවට අනුව Fy...
"හිටපු SDIG රවීට ඇප"
"බීමතින් රිය පදවා වැල්ලවත්ත මුවර් ප්‍රදේශයේදී අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇප හා රුපියල් 2500 ක මුදල් ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (31දා) නියෝග කළේය. සැකකාර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ න...
"දේශපාලන ප්‍රභූන්ගේ ඇම්බියුලන්ස්වලින් GMOA ඉවත් වෙයි"
"ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂක කටයුතු සඳහා සැලසුම් කෙරෙන ජංගම ගිලන් රථ සේවාවලින් අද (01දා) සිට ඉවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. රට තුළ වෛද්‍යවරුන් රඳවා ගැනීමට පසුබිම සකස් කරන ලෙස ඉල්ලා සිය සංගමය විසින් රජයට ඉදිරිපත් කර ඇති යෝජනාවලට මෙතෙක් සාධනීය පිළිතුරු නොලැබීම නිසා එයට එරෙහිව මෙම තීරණය ගන්නා බව රජයේ වෛද්‍ය ...
"දුම්රිය රියැදුරන් 150ක් හිඟයි"
"මේ වනවිට දුම්රිය රියැදුරන් 150 කගේ පුරප්පාඩු පවතින බවත්, මේ තත්ත්වය තුළ ඊයේ (31දා) සවස දුම්රිය ගමන් වාර 7ක් අවලංගු කළ බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොලගේ මහතා ‘දිවයින’ ට ඊයේ (31දා) පැවසීය. එම අවලංගු කළ දුම්රියන් අතර මුහුදුබඩ මාර්ගයේ දුම්රියන් දෙකක් ද, ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රියන් 4ක්...
"කොළඹ ඉන්ධනහල් පරීක්‍ෂාවට"
"තෙල් සංස්ථාවට අයත් පිළියන්දල සමුපකාර ඉන්ධනහලේ ප්‍රධාන පරිපථය වෙනස් කර රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා ඉන්ධන වංචාවක් හෙළිවීමෙන් පසු කොළඹ දිස්ත්‍රික්කය පුරා ඉන්ධනහල් විශේෂ පරීක්ෂණයකට භාජනය කිරීමට සංස්ථාව තීරණය කර තිබේ. දැනට හෙළිවී තිබෙන කරුණුවලට අනුව ඉන්ධනහල්වල ඇති ප්‍රධාන පරිපථය ඕනෑම අයෙකුට වෙනස් කිරීමට හැකිව තිබීම නිසා ඉන්...
"රාජ්‍ය සේවක වැටුප වැඩි කිරීම වහා සිදු කරන්න – සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර"
"රුපියල් 20,000 කින් වැටුප් වැඩි කරන ලෙස රාජ්‍ය සේවකයින් කරන ඉල්ලීම සාධාරණ බවත් බොරු නොකර රාජ්‍ය සේවක වැටුප වැඩි කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය. අවසන් වරට රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කළේ 2015 යහපාලන ආණ්ඩුවෙන් බවත් එදායින් පසුව ...
"දිවංගත ජනපති ජේ. ආර්. ජයවර්ධන 27 වැනි ගුණ සැමරුම අද"
"දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 27 වන ගුණානුස්මරණ පුණ්‍යෝත්සවය හා එලිනා ජයවර්ධන ආර්යාව හා රවි ජයවර්ධන සිහිපත් කරන සමරු උළෙලක් අද (01 වෙනිදා) පෙ.ව.11.00 ට කොළඹ 7 ජේ. ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි. මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා මෙන්ම මෙරට නව යුගයක ඇරඹුම සටහන් කළ ජනනායකයකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා 1996...
"හිටපු අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර චීනයේ බාවෝ (BOAO) සමුළුව අමතයි"
"චීනයේ හුනාන් ප්‍රාන්තයේ පසුගිය ඔක්තෝම්බර් 29 හා 30 දිනවල පැවැති දෙවැනි ගෝලීය ආර්ථික සංවර්ධනය හා ආරක්ෂක සංසදයේ, (2nd Global Economic Development and Security Forum) සමුළුව, ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සර...
"‘ලංකාව දැන් සූදානම්’ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන 15 දා චීනයෙන් අරඹයි"
"මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් ප්‍රමාණය වර්ධනය කර ගැනීම සඳහා නවගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුම් කර ඇති බවත් එය ලබන මස 15වැනිදා සිට චීනයෙන් ආරම්භ කරන බවත්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා ඊයේ (31 දා) කොල්ලුපිටියේ සංචාරක මණ්ඩලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. මේ ගෝලීය සංචාරක ...
"උද්ධමනය වැඩිවෙයි"
"පසුගිය මාසවලදී දිගින් දිගටම අඩු වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් ඔක්තෝබර් මාසයේදී සියයට 1.5 ක් දක්වා සුළු වශයෙන් වැඩි වී ඇත. පසුගිය සැප්තැම්බර් මස උද්ධමනය සියයට 1.3ක් විය. මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉකුත් සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට සෘණ 5.2 මට්ටමේම නොවෙනස්ව පවතින අතර ආහාර නොවන කාණ්ඩයේ උද්...
"අගෝස්තුවේ අස්වැසුම අද බැංකු ගිණුම්වලට"
"අගෝස්තු මාසය සඳහා වන ‘අස්වැසුම’ ගෙවීම් අද (01දා) ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව අද අදාළ මුදල් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙනු ඇත. එසේම සැප්තැම්බර් මාසය සඳහා වන දීමනාව ද නොවැම්බර් මාසය තුළදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැ...