Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"කටුනායක වැසි නිසා ඉන්දියාවට ගිය ශ්‍රී ලංකන් යානා එදිනම රාත්‍රි යළි එයි"
"කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට පෙරේදා (30 වැනිදා) සවස් කාලයේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබූ අතර ඒවා යළි 30 වැනිදා රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. මෙම වැසි තත්...
"ලංකාවට ආවේණික වඳ වී ගිය කෙටල විශේෂයක් වසර 50 කට පසු හමු වෙයි"
"වඳ වී ගොස් ඇතැයි සැලකූ ශ්‍රී ලංකාවට ආවේණික කෙතල/කෙටල (Lagenandra) ශාක විශේෂයක් වසර 50කට පමණ පසු යළි සොයා ගැනීමට ශ්‍රී ලාංකික පර්යේෂණ කණ්ඩායමකට හැකි වී තිබේ. එම කණ්ඩායමේ සාමාජික පේෂල පසන් කරුණාරත්න මහතා පවසන්නේ එම ශාකය බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයට අයත් පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෝල්කාව ප්‍රදේශයෙන් හ...
"3 දා සිට වැසි වැඩි වෙයි 6 දාට පසු අඩුවෙයි – කාලගුණේ කියයි"
"නොවැම්බර් 03 වැනිදායින් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂාකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවසීය. මෙම පවතින වැසි තත්ත්වය නොවැම්බර් 6 වැනිදා දක්වා පවතින බව ද හෙතෙම කීය. ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ කුරුණෑගල දොඩන්ගස්ලන්ද ප්‍රදේශ...
"වී කිලෝ ලක්‍ෂ 6 1/2 කට වෙච්ච දෙයක් නැහැ – වටිනාකම කෝටි හතක්"
"කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ වී ගබඩා දෙකක රුපියල් කෝටි 7 ක වී තොග අස්ථාන ගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා ‘දිවයින’ට ඊයේ (30දා) සඳහන් කළේය. නිකවැරටිය හා මහව වී ගබඩාවලින් මේ අනුව වී කිලෝ ලක්‍ෂ 6 1/2 ත් 7 ත් අතර ප්‍රමාණයක් අස්ථානගතවී ඇති...
""අයවැයෙන් 20,000ක් ඉල්ලා රාජ්‍ය සේවකයෝ රොද බඳිති""
"පවතින ආර්ථික තත්ත්වය මත ඉහළ යමින් පවතින බඩු මිලට සහ සේවා මිලට සාපේක්‍ෂව එළැඹෙන අයවැයෙන් රුපියල් 20,000 ක දීමනාවක් හෝ 20,000 ක වැටුප් වැඩි වීමක් ලබාදෙන ලෙස රජයට බල කරමින් ඊයේ (30 දා) කෑම පැයේදී රාජ්‍ය හා පළාත් රාජ්‍ය ආයතන 300 ක් පමණ දීපව්‍යාප්ත විරෝධයකට රොද බැඳුනි. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව විසි...
"ලබන ඔක්තෝබර්වලදී පත්වන අලු‍ත් ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්"
"ලබන වසරේ ඔක්තෝබර් මේ කාලය වන විට ලංකාවේ අලු‍ත් ආණ්ඩුවක්, අලු‍ත් පාලනයක්. ඒ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බවට පත්කර ගත යුතුයි යැයි අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් ජන හමුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය. අපේ ඇ...
"ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව අද"
"රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මියට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබෙන්නේද නැතිද යන තීන්දුව අද (31 දා) අභියාචනාධිකරණය නිකුත් කිරීමට නියමිතය. බි්‍රතාන්‍ය පුරවැසියකු වන ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නීතිමය අයිතියක් නොමැති බවට නිගමනය කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියා...
"දිවුලපතානට මා පටලවා ඇතැමුන් වැරදි පතුරනවා"
"දිවුලපතාන, මයිලනමඩු තෘණ බිම් ආශ්‍රිත සිද්ධිය මුල්කර ගනිමින් අනවශ්‍ය ආරවුලක් නිර්මාණය කිරීමට ඇතැමුන් උත්සාහ කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා සඳහන් කරයි. සිංහල, දමිළ හෝ මුස්ලිම් ජනතාවට රට තුළ ඇති ඉඩම් නීති විරෝධීව අත්පත් කර ගැනීමට හැකියාවක් නොමැති බවත්, එසේ සිදුවන්නේ නම් රාජ්‍ය නිලධාරීන්ට සහ දේශ...
"නියාමකවරු නැතිව ඊයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වෙයි"
"කාර්යාල දුම්රිය ගමන් වාර කිහිපයක් ඊයේ (30දා) දිනයේදී ධාවනය අවලංගු වී තිබේ. දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම මත ඊයේ දිනය තුළ උදේ සහ දහවල් සහ සවස ධාවනය වන දුම්රිය ගමන් වාර 12 ක් පමණ අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇත. පසුගිය මාස කිහිපය තුළම, මාසයේ අවසාන සතියේ මෙසේ දුම්රිය අවලංගු වීම නොකඩා සිදුවෙමින් ...
"කල් ඉකුත්වූ හෝ ඊට ආසන්න ඖෂධ ගෙන්වීම ගැන වහාම පරීක්‍ෂණයක් අරඹන්න"
"කල් ඉකුත්වූ හෝ කල් ඉකුත්වීමට ආසන්න ඇමෙරිකානු ඩොලර් මිලියන තිස්හතක වටිනාකමින් යුත් ඖෂධ තොගයක් මෙරටට ගෙන්වීම පිළිබඳව වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය නව සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී. මෙරටට නැව් මගින් ගෙන්වනු ලැබ ඇත...
"දේශපාලකයින්ගේ ගෙවල් ගිනිතැබීම වැළැක්වූයේ නැතැයි කියා ස්ථානමාරු ලබාදීමේ සූදානම වළකන්නැයි ඉල්ලා පොලිස් ස්ථානාධිපතිවරුන් ගොනු කළ පෙත්සම් විභාගය නොවැ. 15 ඇරඹේ"
"අරගලකරුවන් විසින් 2022.05.09 වැනිදා සිදුකළ රටපුරා පිහිටි දේශපාලනඥයන් ඇතුළු පිරිසකගේ නිවාස හා දේපළ ගිනි තබා විනාශ කිරීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට අපොහොසත් වූයේ යැයි චෝදනා කරමින් තමන්ට හිටි හැටියේ ස්ථාන මාරුවීම් ලබාදීමට බලධාරීන් දරන උත්සාහය වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසක් ග...
"ගාසා තීරයේ ලොකුම රෝහලේ රෝගීන් සහ කාර්ය මණ්ඩල ඉවත්කර ගන්නැයි ඊශ්‍රායලයේ ඉල්ලීම පලස්තීනය ප්‍රතික්ෂේප කරයි"
"හමාස් අන්තවාදීන්ට එරෙහිව එල්ල කරනු ලබන ප්‍රහාරයන් හේතුවෙන් ගාසා තීරයේ තිබෙන විශාලතම රෝහලේ සිටින සියලු රෝගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් වහාම ඉවත් කරගන්නා ලෙස ඊශ්‍රායල හමුදාවන් විසින් සිදු කරන ලද ඉල්ලීම ඉටු කිරීම පලස්තීන රෙඩ් ක්‍රෙසන්ට් සංවිධානය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ගාසා තීරයේ ‘ටල් – අල් හවා’ ප්‍රද...
"අයවැයෙන් වැටුප් වැඩි කරනවා – ජනපති කියයි"
"එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය අමතා ඊයේ (30දා) පැවසීය. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ පඩිය ද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය. ජනාධිපති රනිල් වික්‍රම...
"අනවසර පාගමන් ගිය හිරුණිකාට ගන්නා ඉදිරි පියවර ගැන නීතිපති විමසා දන්වන්න"
"පොලිස් ආඥාපනත හා මංමාවත් පනත උල්ලංඝනය කරමින් නිසි අවසරයකින් තොරව පාගමනක් 2022.11.14 වැනිදා සංවිධානය කිරීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා එල්ල වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල ඇතුළු සැකකාරියන් 15 දෙනා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නී...
"පාර්ලිමේන්තුවේ දූෂිත මන්ත්‍රීන්  ඉවත් කරන්න ස්වාධීන අධිකාරියක්"
"පනත ගැන ඇමැති විජේදාස අද කියයිබරපතළ දූෂණ විෂමාචාර ක්‍රියාවන් සඳහා වරදකරුවන් වන අය ගැන ක්‍රියා කිරීමට අර්ධ අධිකරණ බලතල සහිත ස්වාධීන පාර්ලිමේන්තු අධිකාරියක් ස්ථාපිත කිරීමට යයි.මේ යටතේ වරදකරුවන් වන මන්ත්‍රීවරුන් ධුරයෙන් නෙරපා හැරීමට හැකිවන ආකාරයට මෙම අධිකාරය පිහිටුවීම මගින් පියවර ගැනීමට යෝජිතය.මේ සඳහා වූ නව පනත පිළිබඳව අ...
"2023 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලෙහිදී Rapid Adventures රනින් කිරුළු පළඳයි"
"ත්‍රාසජනක සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Rapid adventures ආයතනය, 2023 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (South Asian Travel Awards 2023) “ප්‍රමුඛතම ගමනාන්ත ප්‍රවර්ධක” Leading Destination promoter ලෙස රන් කිරුළු දැරීමට සමත් වුණ බව සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු. මෙම සම්මාන ප්‍රදාන රාත්‍රිය ඔක්තෝබර...
"සරත් ෆොන්සේකා සමග ඉදිරි කටයුතු ගැන එකඟතාවයකට පැමිණියා"
"පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග යම් සීමා ඔස්සේ ඉදිරියට කටයුතු කිරීමට එකඟතාවයකට පැමිණි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවැසීය. හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (30දා) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක...
"බීමතින් රිය පදවා අනතුරක් කළැයි – සීඅයිඩීයේ හිටපු SDIG රවි රිමාන්ඩ්"
"වැල්ලවත්ත සමුද්‍රීය මාවතේදී පෙරේදා (28 දා) රාත්‍රියේ සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රවි සෙනවිරත්න මහතා ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (29 දා) නියෝග ක...
"හදිසි දොරටු නැති පිටකොටුවේ මාරක බිල්ඩින්"
"කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ඉදිකර ඇති ගොඩනැඟිලි රැසකම ගිනි ආරක්ෂණය සඳහා නිසි ක්‍රමවේදයක් නැතැයි කොළඹ ගිනි නිවීමේ හමුදාව සඳහන් කරයි. මෙම තත්ත්වය මත හදිසි ගින්නකදී එම ගොඩනැඟිලිවල සිටින පුද්ගලයන්ගේ ජීවිත දැඩි අවදානම් තත්ත්වයක පවතින බව ද පැවැසේ. ඉකුත් 27 වැනිදා පිටකොටුව දෙවැනි හරස්වීදියේ පිහිටි සිව්මහල් ගොඩනැඟිල්ලක ඇති වූ ගින...
"පොලිස්පතිගේ සේවා දිගුව 2 දා අවසන්"
"පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා වෙත ලබාදී ඇති සේවා දීර්ඝ කිරීම ලබන 2 වැනිදා අවසන් වීමට නියමිතව ඇතත් ඊයේ (29 දා) වනවිටත් නව පොලිස්පතිවරයකු පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව වෙනත් නමක් යෝජනා කර නොතිබූ බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය. නව පොලිස්පතිවරයකු පත් කිරීමට කටයුතු නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි අර්බුද...
"අයි. එම්. එෆ්. එකඟතාව ගැන – අපි ජනවරමක් ඉල්ලනවා"
"අපි මැතිවරණයේදී මැන්ඩේට් එකක් ඉල්ලනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇවිත් තියෙන එකඟතාවයන් වෙනුවට නව එකඟතාවයන් ගැන සාකච්ඡා කිරීමට අපිට අවස්ථාවක් දෙන්න කියලා” යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇමරිකාවේ මහජන හමුවකදී පැවසීය. එහිදී තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කීය. අපි ජනවරමක් ගන්නව...
"ළමා අපචාරවලට එරෙහිව නීතිය උපරිම ලෙසින් ක්‍රියාත්මක කරන්න"
"ළමා අපචාරවලට එරෙහිව නීතිය උපරිම ලෙසින් ක්‍රියාත්මක කිරීමට විපක්ෂයේ උපරිම සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේබව කියා සිටියේ ඉකුත් 27දා අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 40 වැනි අදියර යටතේ සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී ව...
"පිටකොටුවේ ගින්නෙන් 25 ක් මුදාගත් ගිනි නිවීමේ 58 කට – නගර සභාවෙන් උපහාර"
"පිටකොටුව දෙවැනි හරස් වීදියේ සයමහල් රෙදිපිළි වෙළෙඳ සංකීර්ණයක හටගත් ගින්නට මැදිවූ පුද්ගලයන් 25 දෙනකු මුදාගෙන රෝහල්ගත කළ කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානි නිලධාරීන් ඇතුළු භටයින් 58 දෙනාහට උපහාර පිදීමක් ඉදිරි දින දෙක ඇතුළත සිදුකරන බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රාණි ජයවර්ධන මහත්මිය ‘දිවයින’ ට ඊයේ 29 වැනිදා පැවැසු...
"ජනකගෙන් ලක්‍ෂ 15 ක් කප්පම් ගත් කල්ලියේ 3 ක් අල්ලයි"
"මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන එල්ල කරමින් රුපියල් පහළොස් ලක්‍ෂයක කප්පම් මුදලක් ලබාගත් බව බකියන සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් තිදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (28 දා) අත්අඩංගුවට ගෙන ඇත. බ්ලූමැන්ඩල් සංඛ නමැති පාතාල නායකයාගේ නම පාවිච්චි කරමින් මෙම සංවිධානාත්මක පිරිස ජනක රත්නා...
"සියලු‍දෙනාගේම පොදු යහපත උදෙසා රට යළි ගොඩනැඟීමට එක්වන්න"
"බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින් සියලු‍දෙනාගේම පොදු යහපත උදෙසා නව රටක් නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් සමඟ රට යළි ගොඩනැඟීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු‍ දේශපාලනඥයන්ට සහ පුරවැසියන්ට ආරාධනා කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළ...
"ඊශ්‍රායල් යුද්ධයේදී මියගිය අපේ අනුලා එරට වීරවරියක් ලෙස ගෞරවයට පාත්‍රවෙලා"
"අනුලා රත්නායක මහත්මිය ඒ රටේ යුද්ධයෙන් මියගිය වීරවරියක් ලෙසයි ඔවුන් සලකන්නේ. තම රටේ වීරවරියක් ලෙස සළකා ගෞරවාචාර දක්වා මෘත දේහයක් එව්ව පළමු කාන්තාව අනුලායි. ඇයට හිමිවිය යුතු වන්දි අපි ලබාදෙනවා යැයි කම්කරු ඇමැති මනුෂ නානායක්කාර මහතා ඊයේ පැවැසීය. අනුලා රත්නායක මහත්මියගේ දේහයට ඊයේ ගෞරව දැක්වීමෙන් පසු ඔහු මේ බව කීය. වීසා නො...
"ගායන ශිල්පී සුනිල් සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි"
"ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්දගේ හා රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ පියාණන් වූ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් සිරිවර්ධන මහතා පෙරේදා අභාවප්‍රාප්ත විය. මියයන විට 82 වැනි වියේ පසු වූ සුනිල් සිරිවර්ධන මහතා විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ ද සොහොයුරා විය. ඇය සමඟ ජනප්‍රිය ගීත කිහිපයක් ද ඔහු ගායනා කර ඇත. ඒ අතර “රණ්ඩුවෙවී … යාලු...
"රු. විසි දහසකින් පඩි වැඩි කරන්න රාජ්‍ය ආයතන 300ක් අද කෑම පැයේ විරෝධතාවේ"
"ඉහළ යන බඩු මිල හා සේවා මිල හමුවේ ජනතාව ජීවත්විය නොහැකි තත්ත්වයකට පත්ව ඇති බැවින් රුපියල් 20,000 ක වැටුප් වැඩි කිරීමක් හෝ රුපියල් 20,000 ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් අද (30 දා) කෑම පැයේ රාජ්‍ය හා පළාත් රාජ්‍ය ආයතන 300 ක පමණ සහභාගිත්වයෙන් දීපව්‍යාප්ත විරෝධතාවක් ආරම්භ කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එක...
"චීන නැව අද නාරා සමග බටහිර මුහුදේ පර්යේෂණයක"
"කොළඹ වරායට පැමිණි චීන ‘ෂි යැන් 6’ පර්යේෂණ යාත්‍රාව අද (30දා) නාරා ආයතනයේ නියෝජිතයන් සමග එක්ව බටහිර මුහුදේ ඒකාබද්ධ පර්යේෂණයකට සහභාගි වනු ඇත. මෙය දින දෙකක් පුරා පැවැත්වේ. මේ සඳහා විදේශ අමාත්‍යාංශය මගින් අවසරය ලබා දී තිබේ. බටහිර මුහුදේ මැනුම් කටයුතු සිදු කිරීම සඳහා මේ පර්යේෂණය යොදා ගනු ඇත. පසුගිය 25 වැනිදා මෙරටට පැමිණි ච...
"විදුලි බිල වැඩි කළාට එරෙහිව 3 වැනිදා පැය 2ක් විදුලිය නිවා විරෝධය දක්වන්න"
"බදු බරින් පීඩිත ජනතාවගේ හිස මතට තවත් කුළුගෙඩි පහරක් එල්ල කරමින් තවත් වතාවක් සිදුකළ විදුලි බිල වැඩිකිරීමට එරෙහිව රජයට විරෝධය පළකරලීමට නොවැම්බර් 3 වැනිදා ප.ව.7-9 දක්වා පැය දෙකක කාලයක් විදුලිය නිවා රට අඳුරේ තබා අප්‍රසාදය පළකරන බව ‘ගිනිසිළු අසිපත’ සංවිධානයේ කැඳවුම්කරු හිටපු යුද හමුදා නිලධාරි හසිත සිරිවර්ධන මහතා ඉල්ලීමක් ක...
"කෝටියක කප්පම: ඇබිත්තයා වමාරයි"
"රුපියල් කෝටියක කප්පම් මුදලක් ලබා නොදුන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යමින් සිටි පාතාල ලෝකයේ කුලී ඝාතකයකු බව කියන ඇබිත්තයා නමැති අපරාධකරු ගිනි අවිත් සමග කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. හීනටියන මහේෂ් නමැති පාතාල නායකයාගේ කොන්ත්‍රාත්තුවක් මත මෙම ව්‍යාපාරිකයා ඝාතනය කිරීම ...
"රට පුරා ඩෙංගු කලාප 24 ට නගී"
"දිවයින පුරා ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව මේ වන විට 24 දක්වා ඉහළ නැඟ ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛi නලින් ආරියරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (29 වැනිදා) පැවසීය. ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්‍ෂණය වෙමින් තිබෙන බව ද හෙතෙම කීය. මෙම වසරේ මේ දක්වා වූ මාස 10 ක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් හැටහත්දහස් නවසි...
"ශ්‍රී ලංකා සෞදි සංචාරක සහයෝගිතාවට තානාපති කන්තානිගේ අවධානය යොමුවී තිබෙනවා"
"සෞදි අරාබිය ලෝක සංචාරක සංවිධානයේ නායකත්වය සඳහා අඛණ්ඩව දෙවන වාරය සඳහා තෝරාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අතර සෞදි අරාබිය නව සංචාරක වැඩසටහන් සමඟින් 2030 වන විට වාර්ෂිකව සංචාරකයන් මිලියන 100ක් ආකර්ෂණය කර ගැනීම අරමුණු කරන අතර ශ්‍රී ලංකා-සෞදි සංචාරක සහයෝගිතාව වැඩි දියුණු කිරීම කෙරෙහි සෞදි තානාපති කහ්තානි ගේ අවධාන...
""බූස්සේ හදිසි සෝදිසියෙන් ජංගම දුරකථන, සිම්කාඩ් චාජර් එළියට එයි""
"දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන දෙකක් ඇතුළු උපකරණ කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (28 දා) අත්අඩංගුවට ගෙන ඇත. දරුණු අපරාධකරුවන් රඳවා සිටින සිරගෙදර සිට පිටතට ජංගම දුරකථන ආධාරයෙන් සම්බන්ධතා පවත්වාගෙන යන බවට විශ...
"අරගලයකින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර ගන්නවා ස්ටාලින් කියයි"
"ගුරු විදුහල්පති, වැටුප් විෂමතා ඉවත් කිරීමට අයවැයෙන් කටයුතු නොකළහොත් වෘත්තීය අරගලයක නිරතවී ඒවා දිනාගැනීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඊයේ (29 දා) පැවසීය. ගුරු විදුහල්පති ගැටලු සාකච්ඡා කිරීම සඳහා හෙට (31 දා) අධ්‍යාපන ඇමැතිවරයා සමග සාකච්ඡාවක් පවත්වන බවත් එහිදී තම ඉල්ලීම්වලට සාධාරණ විස...
"ඖෂධ රසායනික ද්‍රව්‍ය හිඟයෙන් රෝහල් රැසක සැත්කම් සීමා කරයි"
"ඖෂධ හා රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක ශල්‍යකර්ම සීමාකර ඇති බවත් මේ නිසා ශල්‍යකර්ම සඳහා පැමිණෙන රෝගීන්ට ආපසු හැරී හිස් අතින්ම යෑමට සිදුව ඇති බවත් සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්. පී. මැදිවත්ත මහතා ‘දිවයින’ ට ඊයේ (29 වැනිදා) පැවැසීය. මෙම ගැටලු ගැන සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ඇතත් ...
"දත්ත සොරකමේ චූදිතයෝ යළි ඖෂධ නියාමන මහ පුටුවලට"
"ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සොරකමට චෝදනා එල්ලවූ පාර්ශ්වයන් නැවත වතාවක් ඖෂධ නියාමන අධිකාරියේ මහ පුටුවලට පත්වීමේ උත්සාහයක් පවතින බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි. දත්ත හොරකමට අදාළ චූදිත පාර්ශ්වයන් නැවත වතාවක් ඖෂධ නියාමන අධිකාරියේ මහ පුටුවලට ඒමට උත්සාහ දරන්නේ දත්ත හොරකම යට ගහන්න දැයි ...
"සජිත් දිනවන්න ෆොනී බෑ කියයි"
"ඉදිරි ජනාධිපතිවරණයකදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් තමන් ක්‍රියාකාරී ලෙස වැඩ නොකරන බව සමගි ජන බලවේගය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සජබ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට කෙළින්ම පවසා ඇත. ෆොන්සේකා මහතා පක්ෂයට විරුද්ධව සිදු කරනු ලබන විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් විමසීමට සජබ මහ ලේකම් රං...
"ආර්ථිකය හරි පාරට ගන්න පියවර වැදගත් – මහ බැංකුව කියයි"
"ඉදිරි කාලයේදී ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම සඳහා මේ වනවිට සිදුකරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල බලපෑම සහාය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එසේම මුදල් ප්‍රතිපත්ති සහ මුදල් තත්ත්වයන් තවදුරටත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම, ව්‍යාපාරවල සහ ආයෝජකයන්ගේ අපේක්‍ෂාවන් වැඩිදියුණුවීම, ආනයන සීමා ලිහිල් කිරීම සහ සැපයුම් තත්ත්වයන් වැඩි...
"ඩොලර් බිලියන 36.3ක විදෙස් ණය ගොඩ ගැසේ"
"රජය විසින් ලබාගත් විදේශ ණය යටතේ මෙම වර්ෂයේ අප්‍රේල් මස 30 වැනිදා වන විට ආපසු ගෙවීම සඳහා එකතු වී ඇති විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 36.3ක් බව ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ. රජය විසින් අනුගමනය කරනු ලැබූ අතුරු ප්‍රතිපත්තියට අනුකූලව ද්විපාර්ශ්වික හා වාණිජ ණය හිමියන්ගේ විදේශ ණය ගෙවීම 2...
"බෙහෙත් කල් පැනලා මිලියන 156.5ක පාඩුවක්"
"ඉකුත් වසර දෙකේදී (2021, 2022) ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම නිසා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 156.5 අලාභයක් සිදුවී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. මූල්‍ය ප්‍රකාශනවලට අනුව සංස්ථාවේ අලෙවිය සඳහා මිල දී ගෙන තිබූ නමුත් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදාට තත්ත්වයෙන් අසමත් හා කල් ඉකුත් වූ සහ හානි වූ ඖෂධවල මුළ...
""මසකට 24,481 දෙනා බැගින් රට රස්සාවලට ගිහින්""
"විදේශ රැකියා සඳහා මෙම වර්ෂයේ (2023) මුල් භාගයේ දී මසකට සාමාන්‍යයෙන් 24,481 දෙනකු පිටත්ව ගොස් ඇති අතර ඉන් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවක සඳහන් වේ. ඒ අනුව මෙම වර්ෂයේ මුල් මාස හයේදී විදේශසේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 2822.6 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස...
"පුංචි ඡන්දය ගැන අලුත් තීන්දුවක්"
"පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව අධිකරණයේ පවතින නඩු අවසන් වන තෙක් ඡන්ද විමසීමට අදාළ නාමයෝජනාපත්‍ර අහෝසි කිරීමේ නීති සකස් නොකිරීමට රජය තීරණය කර ඇත. පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යෑම නිසා අපේක්‍ෂකයන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවන බවට පවසමින් නාමයෝජනාපත්‍ර අහෝසි කිරීමට පසුගියදා රැස්වූ රාජ්‍ය පරිපාලන හා ප...
""පුවත අසත්‍යයි – නලින්ට, හෙක්ටර්ට කනගාටුව""
"ජිනීවා අමතන්න ගිය මන්ත්‍රීලාට බේබදුකම ලොකුවෙලා යන මැයෙන් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ විසින් පසුගිය 08 දා මුල් පුවතකින් පළ කරනු ලැබූ ප්‍රවෘත්තිය සත්‍යයෙන් තොර බවට මේ වනවිට අනාවරණය වී ඇත. එම පුවත මගින් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන්ට සිත්තැවුලක් සහ අපහාසයක් සිදුවූය...
"මර්දනයට අපි බය නෑ – ස්ටාලින් කියයි"
"උද්ඝෝෂණ පෙළපාලිවලට ඉදිරිපත්වෙන ගුරු විදුහල්පතිවරුන් බියගැන්වීම සඳහා පොලිසිය ගනු ලබන ක්‍රියාමාර්ගවලට බිය වෙන්නේ නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය. පොලිසිය කුමන වගන්ති ඉදිරිපත් කළත් මහජන ප්‍රජාතන්ත්‍රවාදය එම වගන්තිවලට ඉහළින් තිබෙන බව ද ස්ටාලින් මහතා කියා සිටියේය. නෝමන් පලිහවඩන"
"සමාව ගන්න දෙයක් නෑ – පොලිසිය කියයි"
"විරෝධතා පා ගමනක් සිදුකළ ගුරුවරුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවේ පොලිස් ආඥා පනතේ නීතිවලට අනුකූලව බවත් එබැවින් එම ප්‍රහාරයන් පිළිබඳව ගුරුවරුන්ගෙන් සමාව නොගන්නා බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය. මෙම පිරිස මාර්ග ගමනා ගමනය අවහිර වනසේ මෙසේ උද්ඝෝෂණ කරමින් පෙළපාලි යද්දී ඔවුන්ට පොලිසිය...
"ඉන්ටර්නෙට් ජිල්මාර්ට් පැමිණිලි දෝරෙ ගලයි"
"අන්තර් ජාලය ඔස්සේ සිදුකරන ජාවාරම් පිළිබඳව පොලිස් වංචා විමර්ශන ඒකකයට පැමිණිලි විශාල වශයෙන් ගලා එන බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය. මේ අනුව අන්තර් ජාලය උපයෝගී කරගෙන සිදුකරන විවිධ ජාවාරම් පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙස පොලිස් වංචා විමර්ශන ඒකකය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නාගරික මට්ටමේ තරුණ තරුණියන් රාශියක් මෙම ජා...
"ලංවීම කඩන යෝජනාව කැබිනට්ටුවට"
"ලංකා විදුලිබල මණ්ඩලය මූලික වශයෙන් සමාගම දහහතරකට කඩා එය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව ඇතුළත් පත්‍රිකාව මෙම සතියේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතය. ඒ අනුව විදුලිබල මණ්ඩලය විදුලි ජනනය, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් යන අංශ තුන සඳහා නව සමාගම් දාහතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පිහිටුවීමට යෝජනා කර ඇතැයි විදුලිබ...
"ෆෝමලින් බාලයි මිනිය ගණන් යයි"
"තත්ත්වයෙන් බාල ෆෝමලින් නිසා මල්ශාලා හිමියන්ට සිය වෘත්තිය කරගෙන යෑමට පවා අසීරු තත්ත්වයක් ඇති වී තිබේ. මේ පිළිබඳව ප්‍රසිද්ධ මල්ශාලා හිමියන් ද පැවසුවේ මෙම කාලයේ ෆෝමලින් මෘත දේහයන්වලට වැඩිපුර යෙදවීමට සිදුවන බවය. කෙසේ වෙතත් මෙම තත්ත්වයෙන් බාල ෆෝමලින් වැඩිපුර යෙදවීමට සිදුවීමෙන් තමනට විශාල ලෙස පාඩු සිදුවන බවද ඔවුහු පවසති. මෙ...
"බදු හොරු මට්ටු කරන්න ගැජට් එකක්"
"බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් මත මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි. මෙම තොරතුරු පද්ධතිය...
"පොඩි වැස්සටත් යටවෙන කොළඹ ස්ථාන 20ක් හඳුනා ගැනේ"
"සුළු වැස්සකටත් යටවන කොළඹ නගරයේ ස්ථාන විස්සක් හඳුනාගෙන ඇති බවත්, එම ගැටලුව විසඳීමට මේ වනවිට කෙටිකාලීන හා දිගුකාලීන ප්‍රායෝගික වැඩපිළිවෙළක් අරඹා ඇති බවත් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසුවාය. කොළඹ ආමර්වීදිය, ඩීන්ස් පාර, මල් පාර, තුම්මුල්ල, පිටකොටුව මල්වත්ත, වෝඩ් ප...
"අධිකරණ නියෝගයට පිටින් වැඩ කළ සමාගමට එරෙහි නඩුව 20 දා කැඳවයි"
"අධිකරණය විසින් ලබාදී තිබූ නියෝගයකට පටහැනි ආකාරයෙන් කටයුතු කර අධිකරණයට අපහාසයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළේ සමාගමක අධ්‍යක්‍ෂ මණ්ඩලයට එරෙහිව පවරා ඇති නඩුවක් ලබන නොවැම්බර් 20 වැනිදා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය දින නියම කළේය. අධිකරණය විසින් ලබාදී ඇති නියෝගයට පටහැනිව කටයුතු කරමින් සිය සේවාදාය...
"ගිනිදැල් නැඟුණා හුස්ම හිරවුණා"
"එකවරම දෙවැනි මහල දෙසින් මහා ගිනි ජාලයක් ආවා. ඒ එක්කම ඉහළ මහල්වල ඇති කඩ ටික දුමෙන් වැහුණා. ඒ පැතිරුණු දුම සමඟ හුස්ම ගන්නත් අමාරු වුණා. සමහර කඩවල්වල කට්ටිය මහා හයියෙන් කෑගහනවා ඇහුණා.” යැයි පිටකොටුව, දෙවැනි හරස් වීදියේ රෙදිපිළි, රූපලාවන්‍ය කට්ටල සහිත මහල් හයකින් සමන්විත වෙළෙඳ සංකීර්ණයක හටගත් ගින්නෙන් දිවිගලවා ගත් එම්. ශි...
"වෛද්‍ය ශිෂ්‍ය විරෝධයටත් ඊයේ කඳුළු ගෑස් ජල ප්‍රහාර"
"නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වනසන වෙද උපාධි කඩ එපා… රාජ්‍ය වෛද්‍ය පීඨ විනාශ කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරදවමු. සබරගමු, වයඹ, මොරටු වෛද්‍ය පීඨ ගැටලු විසඳනු යන තේමා පාඨ යටතේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ පැවැත්වූ විරෝධතාවට කොළඹ විහාරමහ දේවි උද්‍යානය හා නෙළුම් පොකුණ අසලදී පොලිසිය විසින් කඳුළු ගෑස්, ජල ප්‍රහාර යො...
"ගුරුවරුන්ට ගැහුවේ ජල ලීටර 4000යි – මහජන සාමය කළමනාකරණ කොට්ඨාසය කියයි"
"ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සහභාගි වූ උද්ඝෝෂණ ව්‍යාපාරයට එල්ල කළේ ජල ලීටර හාරදාහක් පමණක් යැයි පොලිස් මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (27 දා) පැවසීය. මේ අනුව බලන විට පසුගිය අවදියේ දී සිදුකළ ජල ප්‍රහාරවලට වඩා මෙය ඉතා අඩු ප්‍රමාණයක් බවද පොලිසිය කියයි. කඳුළු ගෑස් උණ්ඩද එල්ල කරේ ඉතා ...
"උතුම් වප් පොහොය අද"
"සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙස හඳුන්වන වප්පුර පසළොස්වක පොහෝ දින පැවිදි උතුමන් වහන්සේ වස් පවාරණයකරන පොහෝ දිනය ලෙස සැලකේ. සැරයුත් හිමි ප්‍රභූලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබුවේද වප් පොහෝ දිනකය. සත්වන වස් කාලය ගත කිරීම සඳහා තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර බුද්ධ රශ...
"‘රීඩ් මාවතේ සියවස සැමරුම’"
"කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් ඊයේ (27දා) පැවති ‘රීඩ් මාවතේ සියවස සැමරුම’ උළෙලට රාජකීය ආදි ශිෂ්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ආරාධිතයන් සහභාගි වීමට පැමිණ සිටි අයුරු."
"ඩිජිටල් ආර්ථිකයක් නැතිව ලෝකයත් සමග ඉදිරියට යන්න බෑ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"ලෝකයේ තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යෑමට ශ්‍රී ලංකාව සූදානම් කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බැව් සඳහන් කළේ ඉකුත් 25 දා පස්වරුවේ කොළඹ මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවති “ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙල – NBQSA 2023” අමතමිනි....
"ක්ලැරිස් නිහඬවම නික්ම යයි"
"හෙළ සිනමාවේ එදා අමරණීය රැඟුම් පෑ ප්‍රවීණ නිළි ක්ලැරිස් ද සිල්වා නිහඬව තම දිවි සැරියට සමුදී තිබේ. 1932 නොවැම්බර් 6 දින උපන් ක්ලැරිස් ඉකුත් 21 වැනිදා අභාවයට පත්ව ඇති අතර නිහඬවම ඇගේ අවසන් කටයුතු සිදුවී තිබේ. ‘මාතලන්‘ චිත්‍රපටයේ ‘චිත්‍රවල්ලි’ ලෙස හේෂා පළිහක්කාරයන් සමග රඟපෑ ඇය උමතු විශ්වාසය චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියාය. ...
"සනත් නිශාන්ත නඩුවෙන් විනිසුරුවෙක් ඉවත් වෙයි"
"අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩු තුන විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු චමත් මොරායස් මහතා ඉවත් වන බව දන්වා ඇතැයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඊයේ (27 දා) සියලු පාර්ශ්වවලට දැනුම් දුන්නේය. විනිසුරු චමත් මොරායස් මහතා හලාවත මහාධිකරණයේ විනිස...
"වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය අද"
"සූර්යග්‍රහණ දෙකක් සහ චන්ද්‍රග්‍රහණ දෙකක් සහිත මෙම වසරේ අවසාන ග්‍රහනය අද (28 දා) පුර පසළොස්වක දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ය...
"සැප්තැම්බර් සහ ඔක්තෝබර් වැඩිහිටි – වකුගඩු හා ආබාධිත දීමනා තාමත් හමස් පෙට්ටියේ – විමල් වීරවංශගෙන් නිවේදනයක්"
"සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා වන වකුගඩු රෝගීන්ගේ දීමනාව, ආබාධිත දීමනාව හා අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනාව මෙතෙක් ගෙවීමට ආණ්ඩුව අසමත් වීමෙන් එම ප්‍රතිලාභීන් ඉමහත් අසරණ තත්ත්වයකට ඇදවැටී ඇති බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා (පා.ම.) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ මෙසේද දැක්වෙයි. රටෙහි මුළුම...
"ජනපති ඇතුළු මැති ඇමැතිවරුන්ගේ බොරු කතාවලින් ජාත්‍යන්තරයේ බොහෝ රටවල් අප සමග තරහවෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"
"වත්මන් රජයේ රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙළ දුර්වල බවත්, ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය රට සවාරි ගොස් එක් එක් රටවලට නොගැළපෙන බොරු කතා කියා රටවල් බහුතරයක් අප සමඟ තරහ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂය තුළත් තම නායකත්වය රැක ගැනීමට බොරු කියා එකිනෙකා කෙටවීම නිසා පක්ෂය බිංදුවටම වැටුණ බවත්...
"පාසල් ඉදිරිපිට ගුරු විරෝධතා සාර්ථකයි – ස්ටාලින් කියයි"
"ගුරුවරුන්ගේ විරෝධතාවට පසුගිය 24 දා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් පාසල් ඉදිරිපිට ඊයේ (27දා) දිනයේ පැවැත්වූ උද්ඝෝෂණ සාර්ථක බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඊයේ සවස ගුරුවරුන් මෙම විරෝධතාවට එක් වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ගුරු ගැ...
"බිංගිරියේ ක්‍රීඩා පිටියක් නැතිව ක්‍රීඩා මණ්ඩපයක් හදලා – වැරදි තීන්දුගත් නිලධාරීන්ට නඩු දාන බව ඇමැති රොෂාන් රණසිංහ කියයි"
"බිංගිරියේ ක්‍රීඩාපිටියක් නොමැතිව ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකර ඇතැයි ද ක්‍රීඩා මණ්ඩපය සඳහා ඇස්තමේන්තු මුදල් සියයට 95ක් ගෙවා ඇති මුත් ඉදිරිකිරීම් අවසන් කර නැතැයි ද ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය. මේ පිළිබඳව වැරදි තීන්දු ගන්නා නිලධාරීන්ට එරෙහිව තමා අධිකරණය හමුවේ නඩු පවරන බව බිංගිරියේ ව්‍යාපෘති නිරීක්‍ෂණ චාරිකාවකට එක්ව...
"හාට් ටු හාට් ඉන්ටර්නැෂනල් යළිත් මිලියන 985 ක බෙහෙත් දෙයි"
"ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත එරට ‘හාට් ටු හාට් ඉන්ටර්නැෂනල්’ වෙතින් තවත් රුපියල් මිලියන. 985 ක (ඩො. මිලි 2.9 ක) ඖෂධ තොගයක් ලංකාවට පරිත්‍යාග කර තිබේ. එය ඔවුන් පසුගිය වසරක කාලයේදී ලංකාවට ලබාදුන් 08 වන පරිත්‍යාගයයි. අදාළ ආධාර තොගය 26 දා ගුවනින් ශ්‍රී ලංකාවට ළඟාවී තිබේ. එම ඖෂධ අතර පිළිකා, ව...
"පහන්තිර – හඳුන්කූරු – ඉටිපන්දම් අමුද්‍රව්‍ය මිල ඉහළට – කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති"
"පහන් තිර, හඳුන් කූරු, ඉටිපන්දම්, කපුරු යන කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් ඒවා අලෙවි කරන වෙළෙඳුන් දැඩි අන්ත අසරණභාවයට පත්ව සිටින බව කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා ‘දිවයින’ට ඊයේ (27 වැනිදා) පැවසීය. එසේම අටපිරිකරවල අවම මිල ද රුපියල් 4000 දක්වා ඉහළ ගොස් ඇතැයි හෙතෙම කී...
"විමල් යළිත් අසනීපෙන් – නඩුව කල්යයි"
"අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වසර පහක කාලයක් තුළදී වැටුපෙන් හා අනෙක් ඉපැයීම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 08 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා...
"දකුණට අලුත් විදුහල්පතිවරු 452ක් – දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ"
"දකුණු පළාතේ විදුහල්පතිධුර පුරප්පාඩු පවතින පාසල් සඳහා නවක විදුහල්පතිවරුන් 452 දෙනකු ඉදිරියේ එම පාසල් සඳහා ස්ථානගත කිරීමට කටයුතු කරන බැව් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් තුන්වැනි ශ්‍රේණියේ විදුහල්පති තනතුර සඳහා බඳවාගනු ලැබූ විදුහල්පතිවරුන් 452 දෙනකු දකුණු පළාතේ පාසල් සඳහා ස්ථ...
"හරක් කටා කුඩු සලිඳු පනින තැතෙන් පසු CID ආරක්ෂාවට STF කැඳවයි"
"අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන හරක් කටා සහ කුඩු සලිඳු මුදා ගැනීම සඳහා යුද හමුද කොමාන්ඩෝ බළකායේ හිටපු සාමාජිකයන් පිරිසක් විසින් කළ සැලසුම අනාවරණය වීමෙන් පසු එම දෙපාර්තමේන්තු අභ්‍යන්තරයට පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්‍ෂාවක් ලබාදී ඇත. මෙම ප්‍රහා...
"ආණ්ඩුව විකුණන ආයතන මිලදී ගන්න ජනතා පොදු සමාගමක් එයි"
"ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒවා විදේශියන් අතට පත්වීම වැළැක්වීම සඳහා, එම ආයතන මිලදී ගැනීමට ශ්‍රී ලාංකික ‘ජනතා සමාගමක්’ පිහිටුවීමේ සමාරම්භක උත්සවය අද (27 දා) පැවැත්වීමට නියමිතය. මෙම ජනතා සමාගම පිහිටුවීමේ පළමු සහ ප්‍රධාන වැඩකොටස් අද (27 දා) සවස 03.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බී. – ග...
"ජනපති සමග බැරිනම් අයවැය පරද්දන්න – ලංසාගෙන් පොහොට්ටුවට අභියෝගයක්"
"කැබිනට් සංශෝධනය කරමින් ජනාධිපතිවරයා නිවැරදි දේ සිදු කළ බවත් ඔහු සමග වැඩ කිරීමට පොහොට්ටු පාර්ශ්වයට නොහැකිනම් ඉදිරි අය වැයේදී ආණ්ඩුව පරාජය කර ඡන්දයකට යාහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසයි. ඔහු මෙසේද කීවේය. ඉදිරියේදී පෞද්ගලීකරණය කිරීමට නියමිත ආයතන මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමත් සුදුසුම තීන්දුවක්. සාගර...
"හිටපු යුද හමුදාපති ජෙනරාල් ලයනල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි"
"මාතෘ භූමිය වෙනුවෙන් අමිල මෙහෙවරක නිරත වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ 16 වන යුද හමුදාපතිවරයා වූ විශ්‍රාමික ජෙනරාල් ලයනල් බලගල්ල මහතා ඊයේ (26 දා) අභාවප්‍රාප්ත විය. නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 75 හැවිරිදි වියෙහි පසුවිය. රත්නපුරදී ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඒ මහතා කොළඹ ආනන්ද විiාලයේ දීප්...
"විදුලි බිලට එරෙහිව අද සිට රටේ කළු කොඩි පෝයටත් කළු අඩ හෝරාවක් – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික"
"විදුලි බිල වැඩි කිරීමට විරෝධය පෑමට සෑම නිවසකම, සෑම ව්‍යාපාර ස්ථානයකම හා සෑම පූජනීය ස්ථානයකම අද සිට ලබන මස 20 වැනි දා දක්වා කළු කොඩියක් ඔසවා තබන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ පැවසීය. ඊයේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය. ඒ වගේම එළඹ...
"ගුරු විරෝධතාවට එල්ලවූ ප්‍රහාරය ගැන සුසිල් දුක්වෙයි"
"බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේදී ගුරු විදුහල්පති විරෝධතාවක් කරන විට ඇතිවූ සිද්ධිය ගැන අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ නිවේදනයක් මගින් සිය කනගාටුව පළකර සිටියේය. එම විරෝධයට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන ලද අතර එහිදී 6 දෙනෙක් තුවාල ලැබූහ. ගුරු විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්‍ෂේත්‍රවල විෂමතා හා ගැටලු ව...
"බෙහෙත් හිඟ බිල් ගෙවන්න මුදල් – ඇමැති ශෙහාන් කියයි"
"ඖෂධ මිල දී ගැනීම් වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විවිධ සැපයුම්කරුවන් වෙත ගෙවීමට ඇති හිඟ මුදල් පියවීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව හරහා මුදල් වෙන් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි. දැනට අතැති බිල්පත්වලට අමතරව වසර ගණනක් තිස්සේ ඉදිරියට පැමිණෙමින් ඇති හිඟ...
"සාධාරණ හේතු නැතිව කාටවත් නඩු දාන්න එපා – මහෙස්ත්‍රාත්ගෙන් සීඅයිඩීයට අවවාද"
"රටේ සම්පත් තව තවත් විනාශ කරමින් කිසිම සැකකරුවකුට සාධාරණ හේතුවක් නොමැතිව නඩු නොපවරන ලෙසත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (26 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවවාද කළේය. සාධාරණ හේතු නොමැතිව නඩු පැවරුවහොත් රජයේ මුදල් පමණක් නොව අධිකරණයේ හා සැකකරුවන්ගේ කාලයත් නිකරුණේ වැයවන බවද මහෙස්ත්‍රාත්වරයා කීවේය...
"ජාතික හැඳුනුම්පත් ගාස්තු ඉහළට"
"ජාතික හැඳුනුම්පත් වෙනුවෙන් අයකරනු ලබන ගාස්තුව සංශෝධනය කර ඇත. ඒ අනුව ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1000 ක් විය යුතු බව දන්වමින්, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ඊයේ (26දා) ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ජාතික හැඳුනුම්පත් පිළිබඳ විස්තරවල සත්‍යතාව සහතික කිරීම සඳහා වන ගාස්තුව මාර්ගගත ක්‍රමවේදය හර...
"අලි ඇතුන් 400ක් ඝාතනය කරලා – පාහියංගල හිමියෝ කියති"
"මේ වසරේ මේ දක්වා වන අලි ඇතුන් 400 දෙනකු ඝාතනයට ලක්ව ඇතැයි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති, පාහියංගල ආනන්ද සාගර හිමියෝ ‘දිවයින’ට ඊයේ (26 දා) ප්‍රකාශ කළහ. පසුගිය සතියේ පමණක් වන අලි ඇතුන් 15 දෙනකු ඝාතනය වී ඇතැයි ද සඳහන් කළ උන්වහන්සේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම සත්ත්ව ඝාතනයන් සිදුව ඇතැයිද පැවසූහ. මෙම ඝාතනයන් විශ්...
"මාරුවීම් ප්‍රතික්ෂේප කළ උතුරුමැද අධ්‍යාපන ලොක්කන් 4දෙනා අනිවාර්ය නිවාඩු යවයි"
"උතුරුමැද පළාතේ ස්ථාන මාරු කළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හතරදෙනකු එම ස්ථාන මාරු ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හතර දෙනාම ඊයේ (26) දින සිට ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවීමට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් අභය ලක්ෂ්මි හේවාපතිරණ මහත්මිය පියවර ගෙන ඇත. මෙසේ අනිවාර්ය නිවාඩු යව...
"විධායක ජනපති ක්‍රමය නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී අරගල පාලනය වුණා – එජාප සභාපති වජිර අබේවර්ධන"
"ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් බිලියන 13 ක මුදලක් වැය වෙනවා. ජාතික එකඟතාවකින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලුම්පත්‍රය පමණක් එවැන්නකදී ඉදිරිපත් වුණොත් එම බිලියන 13 විදුලි බිල අඩුකර ගැනීමට හෝ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලන්න හෝ යොදාගත හැකිවේවි යැයි එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැ...
"දිවංගත ජනපති ජේ. ආර්. ජයවර්ධනගේ 27 වැනි ගුණ සැමරුම නොවැ. 01 දා"
"දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 27 වන ගුණානුස්මරණ පුණ්‍යෝත්සවය හා එලිනා ජයවර්ධන ආර්යාව හා රවි ජයවර්ධන සිහිපත් කරන සමරු උළෙලක් නොවැම්බර් 01 වෙනි බදාදා පෙ.ව.11.00 ට කොළඹ 7 ජේ. ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි. මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා මෙන්ම මෙරට නව යුගයක ඇරඹුම සටහන් කළ ජනනායකයකු වූ ජේ. ආර්. ජයවර්ධන ...
"තැපෑලේත් ‘මත් ඉත්තෝ’ සැකකරුවන් අල්ලන්න මෙහෙයුම්"
"කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව හරහා සිදුකරන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට එහි සේවය කරන සංවිධානාත්මක කණ්ඩායමක් සම්බන්ධ බවට ලැබී ඇති තොරතුරු අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත. මේ අතර මධ්‍යම තැපෑල හරහා සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නා...
"ලංවිම අතිකාල 80%ක් කපලා ඉංජිනේරුවන්ට බලපෑමක් නෑ"
"ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් හැර අනෙකුත් සේවකයන්ගේ අතිකාල දීමනා සියයට අසූවකින්ම කපා දමා ඇතැයි ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා ‘දිවයින’ට පැවසීය. 2015 වසරේදී විදුලි ඉංජිනේරු වැටුප සියයට එකසිය තිහකින් ඉහළ දමා ගැනීමට ක්‍රියාකළ බවත් ඒ බැව් අධිකරණයේදී තහවුරු වී ඇති බවත් ඒ මහතා ...
"වතුකරයේ ජනතාව වෙනුවෙන් ඇමැති ජීවන් තොණ්ඩමන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හඬ නඟයි"
"ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පසුගිය 19 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත විය. එහිදී එම රජයේ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ස්වාමිවරුන් මුණගැසී වතුකරයේ ප්‍රජාව, ආර්ථික කටයුතු, සංහිඳියාව, මානව හිමිකම් සහ ජල ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ යන කාරණා ...
"ව්‍යාජ වාර්තාදීමේ සිද්ධිය – උසාවි රෙජිස්ට්‍රාර් නෝනා තවත් ගේම් ගහලා"
"මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක චෝදනා හතකට වරදකරු කර සිරදඬුවම් නියම කළ චූදිතයකුට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ විදේශ ගමන් තහනමක් අධිකරණය විසින් ඉවත් කළ බවට ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ වාර්තාවක් යොමු කළ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරිවරිය ලෙස කටයුතු කළ නිලධාරිනිය සහ එකී චුදිත ලබන 8 ව...
"හොර වෙබ් එකක් හදලා තැපැලේ සල්ලි ඇදලා"
"තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් සකස් කර තැපැල් දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ ගණනාවක් වංචා කළ බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (25 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. එලෙස...
"සිරිපාදේ විදුලි බිල අපි ගෙවලත් නෑ ගෙවන්නෙත් නෑ"
"ශ්‍රීපාදස්ථානයේ විදුලි බිල කිසිම දවසක අපි ගෙවලා නැහැ. ගෙවන්නෙත් නැහැ. ශ්‍රී පාදමළුවට වන්දනා කරන්න එන ප්‍රධාන මාර්ග තුනක් තියෙනවා. එහි ජනතාව පාගමනින් දිවා රාත්‍රියේ ගමන් කරන්නේ. විදුලිය එම ජනතාවගේ අවශ්‍යතාවයක්. 1947 දී මේ විදුලිය ශ්‍රීපාදස්ථානයට රජය මගින් දුන්නේ විදේශ ඉංජිනේරුවන්ට වසර 20 කාලයක නිමකරන්න බැරි වූ ලක්ෂපාන ...
"කැනඩාවෙන් ආ ‘කුෂ්’ පාර්සලය ගැන කුරුණෑගල – ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කෙරේ"
"කැනඩාවේ පදිංචිකරුවකු විසින් කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට එවූ කිලෝ පහක් පමණ බරැති ‘කුෂ්’ නමැති මත්ද්‍රව්‍ය පාර්සලය සම්බන්ධව විමර්ශන කරන මත්ද්‍රව්‍ය නාශක අංශය කැනඩාවේ පුද්ගලයා පිළිබඳව කුරුණෑගල ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කරගෙන යයි. දැනට මෙම ව්‍යාපාරිකයා රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කෙරේ. මෙම මත්ද්‍රව්‍ය පාර්සලය කැනඩාවේ සි...
"අවුරුදු 25ට වැඩි 25%ක් ආඝාත(ස්ට්‍රෝක්) රෝගීන් වීමේ අවදානමක්"
"වයස අවුරුැදු 25 ට වැඩි සෑම 04 දෙනකුගෙන් එක් අයකුම ආඝාත රෝගියකු වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා ආඝාත සංගමයේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා පවසයි. ආඝාත තත්ත්තවය එක් වරක් වැළඳුනහොත් ඉන් සියයට 25 කටම යළි වැළඳීමේ හැකියාව පවතින බව ද ඊයේ (25 දා) පැවැති මාධ්‍ය හමුවකදී ගුණසේකර මහතා ප...
"හමාස් සාමාජිකයන් හොඳින් සැලකුවා"
"හමාස් සාමාජිකයින් තමන්ට ඉතා හොඳින්… සැලකූ බව පසුගියදා ප්‍රාණ ඇපයෙන් නිදහස ලැබූ 85 හැවිරිදි යෝචේව්ඩ් ලිෆ්ෂිට්ස් පවසා සිටියාය. හමාස් සාමාජිකයින් විසින් පසුගිය 07 වැනිදා පැහැරගෙන යනු ලැබූ ඊශ්‍රායල් වැසියන්ගෙන් දෙදෙනකු පසුගිය සඳුදා නිදහස් කර තිබිණි. ඒ වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙකි. 85 හැවිරිදි යෝචේව්ඩ් ලිෆ්ෂිට්ස්ට අමතරව 79 ...
"අනේ…අපේ අනුලා…"
"පලස්තීන හමාස් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයෙන් මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය ඊයේ (25දා) ඊශ්‍රායලයේදී තැන්පත් කළ අවස්ථාවේ එම දේහයට ගෞරවය දැක්වූ අවස්ථාවකි මේ. මෙම අවස්ථාවට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ද එක්වී සිටි අතර, අනුලා රත්නායක මහත්මිය සිය සාත්තු සේවය ලබාදුන් එම නිවසේ හිමිකාර කත ඉතා කම්පිතව දේහය...
"ගුරුවරු අද මානව හිමිකම් යනවා හෙට පාසල් ළඟ උද්ඝෝෂණ – ස්ටාලිං කියයි"
"විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට පොලිසිය එල්ල කළ අමානුෂික පහරදීමට එරෙහිව අද (26 දා) මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට ගොස් පැමිණිල්ලක් කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින’ට පැවසීය. එසේම හෙට (27 වැනිදා) මෙම පොලිස් පහරදීමට එරෙහිව දිවයිනේ සෑම පාසලක් ඉදිරිපිටම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් එක්ව පස...
"විදුලි බිල නැංවීමෙන් කෝටි 4000 ක ලාභයක්"
"රුපියල් කෝටි 1800 ක් උපයා ගැනීමට යැයි කියමින් විදුලි ගාස්තු ඉහළ දැමීම සිදු කළත් මෙම වසර අවසානයේදී ලංවිම ලබන සම්පූර්ණ ලාභය රුපියල් කෝටි හාරදහස (බිලියන 40) ඉක්මවා යන බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා පැවසීය. මේ වනවිට ජල විදුලිය නිෂ්පාදනය විශාල ලෙස ඉහළ යෑම නිසා මෙම මාසයේ ඩීසල් මගින් ජාතික වි...
"කෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසකට නව සැලසුම් ක්‍රියාත්මක කරනවා"
"කෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, එහිදී මෙරට ඉංජිනේරුවන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තායිලන්තය සහ මැලේසියාව වැනි රටවල කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශ ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කරමින් නව සැලසුම් ක්‍රියාත්මක කරන ...
"‘ෂි යැන් 6’ කොළඹ වරායට"
"ෂි යැන් 6 නම් චීන පර්යේෂණ නෞකාව ඊයේ කොළඹ වරායට ළඟාවිය. මෙම නෞකාව දින 25ක පමණ කාලයක් මෙරට රැඳී සිටීමට නියමිතය. චීන සමුද්‍ර පර්යේෂණ නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව අප්‍රසාදය පළ කර තිබූ අතර මේ හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබුණි. එසේම අමෙරිකානු රජයත් මේ නැවේ ලංකා ගමන පිළිබඳ විරෝධය දක්වා තිබිණි. ඉන්දීය ආණ...
"ජනාධිපති ඇමැති ධුර වෙන් කළේ හරි ක්‍රමයට – දිලුම් අමුණුගම"
"එකම කාර්ය සිදුකරන අමාත්‍යාංශ කිහිපයක් වෙනුවට ඒ සියල්ල ඒකාබද්ධ කර තනි අමාත්‍යාංශයක් ගොඩනැගීමට ජනපති කටයුතු කිරීම අගය කළ යුතු බවත් ඇමැති ධුර ලබාදී සියලු දෙනා සතුටු කිරීමේ ක්‍රමවේදයට තිත තබන්නට කටයුතු කරන බැවින් සියලු දෙනාගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිය යුතු බවත් ආයෝජන ප්‍රවර්ධන ඇමැති දිලුම් අමුණුගම මහතා ...
"සභාග ගැන ජනපතිට අවබෝධයක් තිබිය යුතුයි"
"සභාග දේශපාලනය පිළිබඳව ජනාධිපතිවරයාට හොඳ අවබෝධයක් තිබිය යුතු බවත්, ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගැටලු විසඳාගත නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවැසීය. යහපාලන ආණ්ඩුව සමයේ නායකයන් දෙදෙනාම පැති දෙකකට යෑමෙන් ප්‍රතිඵලය වූයේ රට අස්ථාවර වීම බව ද මන්ත්‍රීවරයා ජනමාධ්‍ය වෙත අදහස් දක්වමි...
"රජ මගුල්වලට බිල් නොදුන් ආණ්ඩුව සිරිපාදෙටත් විදුලි බිලක් දීලා"
"රටේ සම්බුද්ධ ශාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂිතවූ ස්ථානයක් ලබාදී ඇතත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී පාදස්ථානයට පවා විදුලි බිලක් යොමු කිරීමට රජය කටයුතු කර ඇති බවත්, එසේ ශ්‍රී පාදස්ථානයට විදුලි බිලක් ලබාදුන්නත් රජ මඟුල්වලට පසුගිය කාලයේ විදුලි බිල් ලබාදී නැති බවත් ශ්‍රී පාදස්ථානයට වඩා වලව් හා එහි කුමාරවරු සහ ඔවුන්ගේ ව...
"60න් විශ්‍රාම ගැන්වූ ඇමතිගේ ගැසැට්ටුව ඉවතට"
"වයස අවුරුදු 60 සම්පූර්ණ කළ විශේෂ හෙද සේවාවේ ශ්‍රේණි හතරකට අයත් හෙද හෙදියන් විශ්‍රාම ගැන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත නිකුත් කර තිබූ ගැසට් පත්‍රයක් වහාම අවලංගු කළ අභියාචනාධිකරණය වයස අවුරුදු 63 සපිරෙන තෙක් එම හෙද ශ්‍රේණිවලට අයත් සියලු නිලධාරීන්ට, රාජකාරි කිරීමට ඉඩ දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ...