Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ගුරු විදුහල්පති විරෝධයට කඳුළු ගෑස්"
"පාසල් නඩත්තුව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වහා නතර කිරීම, රටේ අධ්‍යාපනය සඳහා සියයට 6 ක් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් 7 ක් සඳහා විසඳුම් ඉල්ලා ගුරු – විදුහල්පතිවරුන් ඊයේ (24දා) දහවල් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට පිටකෝට්ටේ පාලම් තුන හන්දිය අසලදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමග ප්‍රදේශයේ දැඩි ...
"බියර් බලපත්‍ර රෙගුලාසි කඩ කළැයි හරින් ඇතුළු 4කට නොතීසි"
"සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය හරින් ප්‍රනාන්දු, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 13 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා නොතිසි යැවීමට අභියාචනාධිකරණය ඊයේ (24 දා) නියෝග කළේය. සංචාරක කලාපවලට අමතරව පිටස්තර ප්‍රදේශවලට නිකුත්...
"තැපෑලෙන් කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල එළියට"
"තැපැල් මාර්ගයෙන් කෙරෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල හෙළි කරගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් එම ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරිකයකු සහ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් දෙදෙනකු ඊයේ (24දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියකුගේ ගිනි අව...
"රට තුළට එන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය විරෝධී බල අධිකාරියක් ස්ථාපිත කරනවා – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක"
"විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා මත්ද්‍රව්‍ය විරෝධී බල අධිකාරියක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව විදෙස් බුද්ධි සේවාවන්ද සම්බන්ධ කර ගනිමින් අදාළ වැටලීම...
"වීසා නොමැතිව ඊශ්‍රායලයේ සිටින අපේ අයට වීසා – තානාපති ‘දිවයින’ට කියයි"
"ඊශ්‍රායලයට පැමිණ දැනට වීසා නොමැතිව සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදී රැකියා ලබා ගැනීමට සහාය දෙන මෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට රජයෙන් ඉල්ලා තිබේ. ඒ අනුව කෘෂිකර්ම අංශයේ රැකියාවන් සඳහා ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීමට දැනටමත් එරට රජය කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා ‘දිවයින’ට කීය. තම ගමන් බලපත්‍රය ...
"පාස්කු කොමිසමේ සාක්ෂි රහසේ පටිගත කරන්න ‘මවුලවි’ට දුරකථනය දුන් නීතිඥයාට මාස 8ක තහනමක්"
"පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පැවැති සාක්‍ෂි විභාගයක් ජංගම දුරකථනයෙන් පටිගත කිරීම සඳහා මවුලවිවරයකුට ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ නීතිඥවරයකුගේ නීතිඥභාවය මාස අටක කාලයක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24 දා) නියෝග කළේය. අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නසීම් ...
"නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ඈවර කිරීම අපරාධයක් – යළි සලකා බලන්නැයි යෝජනාවක් ගේනවා – ඇමැති ප්‍රසන්න කියයි"
"නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ තීරණය නැවත සලකා බලන ලෙස ඇමැති මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (24දා) පැවසීය රාජ්‍ය ආයතන පිළිබඳ නිර්දේශ ඇතුළත් රාජ්‍ය වියදම් සමාලෝචන කමිටුව සිය කමිටු වාර්තාව සැකසීමේදී කමිටුව විසින් අදාළ ...
"සෞඛ්‍ය සේවාවේ උන්නතියට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම මට පැවරෙන වගකීමක් – අභිනව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ වැඩ භාරගනිමින් කියයි"
"වර්තමානයේ සෞඛ්‍ය සේවාවේ යම් යම් ගැටලු පිළිබඳව සමාජයේ විශාල අවධානයක්, කථිකාවතක් ගොඩනැගී ඇති කාලවකවානුවක් බවත්, වෘත්තිකයින් බලාපොරොත්තු වන, සමාජය බලාපොරොත්තු වන වෙනස්කම් කිහිපයක් ඇති බවත්, අමාත්‍යවරයා ලෙස අදාළ ව්‍යුහාත්මක හා පුද්ගල වෙනස්කම් කිරීමට තමා බැඳී සිටින බවත්, එය කාලානුරූපීව තමා වෙත පැවරෙන වගකීමක් බවත්, එවැනි තී...
"අර්ථසාධකයෙන් දෙවැනි වරට 30% ගතහැකි 2025 දී – කම්කරු අමාත්‍යාංශය"
"සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 30 ක මුදලක් ලබාගැනීමට දෙවනවර ඉදිරිපත් වන අයට අවස්ථාව ලැබෙන්නේ 2025 වසරේදී බව කම්කරු අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය. මේ වනවිට සේවක අර්ථසාධක අරමුදලේ තමන්ට හිමි ශේෂයෙන් සියයට 30 ක් මුලින්ම ලබාගෙන සිටින පිරිසට 2025 වසරේදී දෙවැනි වරට ලබාගැනීමේ හැකියාව ඇතත් දෙවැනිවරට ලබාදිය හැකිදැයි සොයා...
"එමිල් කාන්දන් සහ ශන්මුගරාජා බ්ලැක්ලිස්ට් ලේබලයෙන් ගලවයි"
"ත්‍රස්තවාදය හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දීම හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි එමිල් ලක්ෂ්මන් කාන්දන් හෙවත් රමේෂ් හා මුරුගේසු ශ්‍රී ශන්මුගරාජා යන දෙදෙනා එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය පෙරේදා (24 දා) ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතා විසින...
"සැප්තැම්බරයේ වෙළෙඳ භාණ්ඩ අපනයනය පහළට"
"ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව 2022 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2023 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 951.5 දක්වා සියයට 11.88 කින් අඩුවී ඇත. එසේම එය 2023 අගෝස්තු මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව සියයට 14.9 ක අඩුවීමකි. විශේෂයෙන්ම ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ...
"වැස්සත් සමග ඩෙංගුත් ඉහළට"
"පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වසරේ මෙතෙක් ඩෙංගු රෝගීන් 66,500 ක් වාර්තා වී ඇති අතර, ඉන් 39 දෙනකු මියගොස් ඇතැයි එම ඒකකය කියයි. කොළඹ, නුගේගොඩ, ගම්පහ, ගොතටුව, අත්තනගල්ල, මහනුවර ගඟවට කෝ...
"කිතුනු දෙව්මැඳුරුවල මංගල්‍යයන්හිදී විදුලිය පිරිමසන්න කියයි"
"ඉදිරි කාලවලදී දෙව්මැඳුරුවල පැවැත්වෙන වාර්ෂික මංගල්‍ය උත්සවවලදී හැකිතාක් විදුලිය පිරිමසා ගන්නා ලෙස කිතුනු දෙව්මැඳුරු භාර පියවරුන්ට දැනුම්දී තිබෙන බව ජාඇල-මීගමුව කලාපය භාර ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා ‘දිවයින’ට සඳහන් කළේය. දෙව්මැඳුරුවල පැවැත්වෙන මංගල්‍යයන් වෙනුවෙන් ගොඩනැඟිලි මෙන්ම කොඩිගහට පවා වැඩිපුර විදුලිය සැපයීම ක...
"විශ්වාසභංගය දෝරේ ගලයි – කෙහෙළියගේ සෞඛ්‍යය රමේෂ්ට – කෙහෙළියට පරිසරය"
"ආණ්ඩුව ඊයේ (23දා) පෙරවරුවේ හදිසියේම කැබිනට් සංශෝධනයක් සිදු කළ අතර එහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කර නව පරිසර අමාත්‍යවරයා ලෙස පත් කර ඇත. නව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස රමේෂ් පතිරණ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. රමේෂ් පතිරණ අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා පත්කරන ලද...
"යළි විදුලි බිල සංශෝධනයක් – ඇමැති කංචන කියයි"
"නියඟය, ඉන්ධන මිල වැනි සුවිශේෂී තත්ත්වයක් ඇති වුවහොත් විදුලි බිලේ සංශෝධනයක් නැවත සිදුවිය හැකි බව විදුලිබල හා බලශකග්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (23 දා) පැවසීය. 2014 සිට වසර 09 ක් යන තෙක් විදුලි බිලේ සංශෝධනයක් නොකර ඉන් ලැබූ පාඩුව මහා භාණ්ඩාගාරයෙන් පියවීම් කරමින් පැවතියත් ෂඵත්‍ සමග ඇති කර ගත් ගිවිසුම් අනුව විදුලි බිල ...
"ළමා කතා පොත් කවරවල සගවා කෝටි 23 ක කොකේන් ගෙනා ඉන්දුනීසියානු කත කටුනායකදී කොටු"
"රුපියල් කෝටි විසි තුනක් (මිලියන 230 ක්) වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් කුඩා දරුවන් කියවන ලොකු ඉංග්‍රීසි අකුරු සහිත ළමා කතන්දර පොත් 8 ක පිටකවර තුළ සඟවා ඉන්දුනීසියානු ජාතික කාන්තාවක විසින් ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (22 දා) රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්...
"‘ගැටුම් නතර කරන්න ගාසා තීරයට මානුෂීය ආධාර දෙන්න’ – පාප් වහන්සේ ඉල්ලති"
"පලස්තීන – ඊශ්‍රායල්ගැටුම වහා අවසන් කරන ලෙස ෆැන්සිස් පාප් වහන්සේ දෙපාර්ශවයටම ආයාචනා කළ අතර ගාසා තීරයට තවත් මානුෂීය ආධාර ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. “යුද්ධය සැමවිටම පරාජයක්. යුද්ධය මානව සහෝදරත්වයේ විනාශයකි. සහෝදරවරුනි, නවත්වන්න! නවත්වන්න!” යැයි රෝමයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවති සාම්ප්‍රදායික ඇන්ජලස් යාච්ඤාවෙන් අනතුරුව උන්ව...
"ඇමැති මාරුව ගැන පොහොට්ටුව කනස්සල්ලෙන් – ජනපතිගේ වැරදි තීරණයක්"
"ඊයේ (23දා) සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනය හේතුවෙන් පොදුජන පෙරමුණ කනස්සල්ලට පත්ව ඇතැයි එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ එම තීරණය ජනාධිපතිවරයා ගත් වැරදි තීරණයක් බවයි. එහිදී පො.පෙ. මහ ලේකම්වරයා මෙසේද පවසා තිබිණි. “කෙහෙළිය ඇමැතිතුමාට විරුද්ධව බොරු චෝදනා නැගු...
"මිල පාලනයක් පැනවීමෙන් ‘ඔරිජිනල්’ ඖෂධ රටට නොලැබෙන ලකුණු"
"ඖෂධ කිහිපයක මිල පාලනයට යටත් කර තිබෙන නිසා එම ඖෂධවල ප්‍රමිතිගත ඖෂධ (Original) රටට නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ හල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ‘දිවයින’ට (22 දා) පැවැසීය. රට තුළ අළෙවි කරන ඖෂධ වර්ග 1260 කින් ඖෂධ 60 කට පමණ මෙම පාලන මිල පනවා ඇති බවත්, එම පාලන මිල නිසා ස්නායු ර...
"ඇමැති මණ්ඩල සංශෝධනය හිසරදයට කොට්ට මාරු කරනවා වගෙයි – ජී. එල්. පීරිස්"
"ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට ඇමැති මණ්ඩලය සංශෝධනය කිරීම හරියට හිසරදයට කොට්ට මාරු කිරීම හා සමාන යැයි නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (23 දා) පැවසීය. නොවැම්බර් 13 වැනිදා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහිදී ජනතාවට දැනෙන සහන ලබාදිය යුතු බවත් නිදහස් ජනතා සභා ක...
"මිල පාලනයක් පැනවීමෙන් ‘ඔරිජිනල්’ ඖෂධ රටට නොලැබෙන ලකුණු"
"ඖෂධ කිහිපයක මිල පාලනයට යටත් කර තිබෙන නිසා එම ඖෂධවල ප්‍රමිතිගත ඖෂධ (Original) රටට නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ හල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ‘දිවයින’ට (22 දා) පැවැසීය. රට තුළ අළෙවි කරන ඖෂධ වර්ග 1260 කින් ඖෂධ 60 කට පමණ මෙම පාලන මිල පනවා ඇති බවත්, එම පාලන මිල නිසා ස්නායු ර...
"මෙරට සෞඛ්‍ය සේවාව ගොඩගැනීමේ අභියෝගය නව ඇමැති රමේෂ් ජය ගනීවි"
"බරපතළ බිඳවැටීමකට ලක්ව ඇති මෙරට සෞඛ්‍ය සේවාව යථා තත්ත්වයට පත්කිරීමේ අභියෝගය නව සෞඛ්‍ය ඇමැතිවරයා ජයගනු ඇතැයි විශ්වාස බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. නව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත්කර සිටින රමේෂ් පතිරණ මහතාට සෞඛ්‍ය සේවාව බිඳ වැටී ඇති තරම අවබෝධ කර ගෙන කටයුතු කිරීමද විශාල අභියෝගයක් වන බව එම සංගමය නිවේදනයක් නිකුත්...
"ඉවත දමන අපද්‍රව්‍යවලින් භාගයක්ම ආහාර"
"මෙරට ප්‍රධාන පළාත් පාලන ආයතන මගින් දිනකට එකතු කරන මුළු අපද්‍රව්‍යවලින් සියයට 56 ක් පමණ ආහාර අපද්‍රව්‍ය වන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය විසින් සිදු කර ඇති අධ්‍යයනවලදී අනාවරණය වී තිබේ. මේ අනුව පළාත් පාලන ආයතන විසින් දිනකට එකතු කරන ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 4000 කට ආසන්...
"ලලිත් කොතලාවලගේ මරණයට හේතුව නිව්මෝනියාව උත්සන්න වීම"
"ප්‍රකට ව්‍යාපාරික දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ (85) මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (23 දා) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත්වුණු අතර, ඒ මහතාගේ මරණයට හේතුව ස්වාභාවික හේතූන් බවට තීරණය කෙරුණු බව බම්බලපිටිය පොලිසියේ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. සෙම නරක් වී නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මරණය සිදුව ඇ...
"මධ්‍යම බටහිර බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටුවක්- කාලගුණේ කියයි"
"මධ්‍යම – බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම නිසා එය සුළි කුණාටුවක් ලෙසට වර්ධනය වෙමින් තිබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ අවවාදාත්මක ඇඟවීමක් කළේය.එය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් බංගලිදේශ වෙරළ දෙසට ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරන ඇති බව ද සඳහන් කෙරිණි.මේ ...
"ජනපතිට චීනය දුන් ප්‍රතිචාරය වැදගත් ණය ප්‍රශස්තකරණය සුබදායක මගක යනවා – කඩුවෙල එජාප ප්‍රධාන සංවිධායක බිනර ජයවර්ධන"
"චීනය පවා ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව අපේ රටටත් ජනාධිපතිතුමාටත් ධනාත්මක පිළිතුරක් දී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනයත් සමග ඉදිරියට යමින් එහි සෙසු වාරික ලබාගැනීමට යහපත් දිශානතියකට රට මෙහෙයවීමට ජනාධිපතිතුමන් සමත් වී තිබෙනවා යැයි එජාප මූලස්ථානයේ ඊයේ (23දා) පැවති මාධ්‍ය හමුවේදී කඩුවෙල එජාප ප්‍රධාන සං...
"විදුලි බිලට එරෙහිව රට පුරා උද්ඝෝෂණ"
"වැඩි කළ විදුලි බිල වහා අඩු කරන ලෙසට රජයට බල කරමින් පෙරේදා (22 වැනිදා) රාත්‍රියේ බියගම ආසනයට අයත් මාකොළ වයි හන්දියේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. ජාතික ජන බලවේගයේ බියගම ආසන සංවිධානය මගින් මෙය සංවිධානය කෙරිණි. මෙහිදී උද්ඝෝෂකයෝ විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින්, විවිධ සටන් පාඨ කියමින් හා පන්දම් දල්වමින් මේ උද්ඝෝෂණය පැයකට...
"හොඳින් හෝ නරකින් – පාර්ලිමේන්තුව අල්ලා ගැනීම නවත්වන්නැයි හමුදාපතිට කීවා"
"මේ රටේ බලය මාරුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව බවත් ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අරලියගහ මන්දිරය අණසකට ගත් අවස්ථාවේ නායකයන් නිහඬ වෙද්දී තමා ක්‍රියාකළේ අරාජිකව තිබූ රට බේරාගැනීමට බවත් එක්සත් ජාතික පක්‍ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ඉදිරි වසර තුළ ජනාධිපතිවරණය සහ සෙසු මැතිවරණ පවත්වන බවත්, තම වග...
"‘මගේ මිනිස්සු පස්සෙ පන්නන එක නතර කරපං: නැත්නම් මං උඹවත් මරල ගෙදර උන්වත් මරනවා’ – කඩවතදී පාතාලයන් ඇල්ලූ එස් අයිට ඩුබායිවලින් මරණ තර්ජන"
"‘උඹ නේද මගේ කේස් එක කරන්නේ. උඹ මගේ මිනිස්සු පස්සෙ පන්නන එක නතර කරපං. නැත්නම් මං උඹවත් මරල, උඹේ ගෙදර උන්වත් මරල, උඹේ යුනිට් එකේ උන්වත් මරල දානවා’ යැයි කියමින් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින පාතාල කල්ලි සාමාජික ශක්ති ලක්රුවන් නමැත්තා කැලණිය කොට්ඨාස අපරාධ ඒකකයේ උප පොලිස් පරීක්‍ෂකවරයකුට මරණීය තර්ජන එල්ල කර ඇත. මෙම පාතාල අපරා...
"දකුණේ කුඩු ජාවාරමුන් 5 ක් සමග කෝටි 400 ක මත්කුඩු රැගත් ධීවර යාත්‍රාව දෙවුන්දර මුහුදේදී නාවික හමුදා දැලේ"
"රුපියල් කෝටි 400 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් රැගෙන ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 05 දෙනකු නාවික හමුදාව විසින් ඊයේ (22 දා) අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකාවට දකුණින් දෙවුන්දර ගැඹුරු මුහුදේදී මෙම බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගත් අතර එහි තිබී හෙරොයින්...
"වඩිවේල් පක්‍ෂයෙන් දොට්ට – ෆවුසිට අරවින්ද කුමාර්ට විනය පරීක්‍ෂණ – සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කරයි"
"බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල සුරේෂ් මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමටද එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගිය සිකුරාදා (20 දා) සවස රැස්වූ අවස්ථාවේදී ඒකමතිකව තීරණය කර ඇත. ඊට අමතරව සමගි...
"බොහෝ දෙනකුට අත හිත දුන් මිනිසා….. – දේශමාන්‍ය ලලිත් කොතලාවල"
"බොහෝ දෙනකුට අත දුන්…. තවත් මිනිසකු නික්ම ගියේය මේ රටේ ස්වදේශීය ව්‍යාපාර ක්‍ෂේත්‍රය නඟාාසිටුවීමට ඉමහත් මෙහෙවරක් කරමින් තම ධනය හා ශ්‍රමය ඒ වෙනුවෙන් කැප කළ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල නම් වූ ඔහු පෙරේදා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබද්දී තම දිවියට සමුදුන්නේ ස්වකීය 85 වැනි වියේදීය. එතුමන් සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටප...
"හෙළ නර්තන කලාවේ ‘රැජිණි’ ජීවිත රඟමඬලින් බැසයයි"
"ශ්‍රී ලාංකේය නර්තන කලාවේ රැජින ලෙස විරුදාවලි ලත් ජ්‍යෙෂ්ඨතම නර්තනවේදිනී අභාවප්‍රාප්ත කලාසූරී රැජිණි සෙල්වනායගම් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා (25 දා) සවස 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. කලාකීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානවලින් පිදුම් ලැබ සිටි ඇය මියයන විට 71 වැනි වියේ පසුවූවාය. බලංගොඩ ග...
"ඡන්ද අඩුවෙනවාට බය නෑ මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීමට පොරොන්දු වෙනවා"
"රජය බදු අය කළ යුතු පුද්ගලයන්ගෙන් හරියාකාරව බදු අය නොකර ගෙන අනීතික ලෙස තුන්වැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති බවත් මෙම නිහීන පහත් ක්‍රියාව නිසා මේ රටේ විදුලි පාරිභෝගිකයන් අසරණ වී ඇති බවත් අරක්කු කොම්පැනි කරුවන් සිගරට් කොම්පැනි කරුවන් රජයේ නිලධාරීන් සුළු පිරිසකට සන්තෝසම් ලබාදී අයවිය යුතු බදු පැහැර හැර සන්තෝසමින් ගෙදර ය...
"නිදි යහනේම මියගොස් සිටි ඇහැළියගොඩ ඕඅයිසීගේ මරණය දිවි නසා ගැනීමක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක"
"ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියංකද සිල්වා මහතාගේ (42) මරණය ඔහු විසින්ම සිය රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තබාගෙන සිදුකරගත් සියදිවි නසා ගැනීමක් බවට තහවුරු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ‘දිවයින’ ට ඊයේ (22 දා) පැවසීය. ඔහුගේ ජංගම දුරකථනයට අවසන් වශයෙන් ල...
"විදුලි බිල ගෙවීමට දී ඇති දින 40 කාලය දික් කරන්න"
"විදුලිබිල ගෙවීමට දී ඇති දින 40 ක කාලය දීර්ඝ කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය රජයෙන් ඉල්ලයි. ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ 68 කි. මෙම වසරේ දෙවතාවක් විදුලි ගාස්තු සංශෝධනය කරන ලද අතර 2022 වසරේදී මසකට ඒකක 180 ක් පරිභෝජනය කරන ලද විදුලි පාරිභෝගිකයකුගෙන් විදුලි බිල සඳහා අය කළේ රුපියල් 3,755.00 කි...
"බීඩි බදු සංශෝධනයේ අරමුණ මෙතෙක් අහිමි වූ බදු නිසි ලෙස ලබා ගැනීමයි – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය"
"මෙතෙක් රජයට අහිමි වූ බදු මුදලක් නිසි පරිදි ලබාගැනීම බීඩි බදු සංශෝධනයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙතෙක් බීඩිකොළ ආනයනයේදී බීඩිකොළ කිලෝවක් සඳහා රු. 5000 ක් තරම් වූ ඉහළ බද්දක් අය කළ බව සඳහන් කළ අමාත්‍යවරයා, ප්‍රායෝගික නොවන මෙවැනි ඉහළ බද්දක් අයකිරීම නිසා බීඩි කොළ ආනයනයෙන් 75 % ක්ම අනියම් ...
"ජොන්සන් සහ ජොන්සන් හැදූ ඩෙංගු ප්‍රති වෛරසය සාර්ථකයි"
"ඩෙංගු රෝගයට එරෙහිව ජොන්සන් සහ ජොන්සන් සමාගම පර්යේෂණ මගින් අත්හදා බැදූ ප්‍රති වෛරසය යහපත් ප්‍රතිචාර දක්වා ඇත. ‘JNJ-1802’ නම් ප්‍රතිවෛරසය සායනික පරීක්ෂණයකදී යහපත් ප්‍රතිචාර පෙන්නුම් කර තිබේ. ඩෙංගු ප්‍රති වෛරසයක් වර්ධනය කිරීම ගෝලීය සෞඛ්‍යයට ඉතා වැදගත් වේ. ලෝක ජනගහනයෙන් අඩකට වඩා දැනට ජීවත් වන්නේ ඩෙංගු ආවේණික ප්‍රදේශවලය. ඩ...
"ඩයනා – සුජිත් – රෝහණගේ පැමිණිලි ගැන පොලිස් විමර්ශන – කථානායක උපදෙස් මත"
"රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි තුන කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සඳහා උපදෙස් ලබාගැනීමට පොලිසිය කටයුතු කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය වැලිකඩ ප...
"මාස 14ට විදුලි බිල 157%කින් නග්ගලා"
"ඉකුත් 2022 වසරේ අගෝස්තු මස 10 වැනිදා සිට මේ දක්වා විදුලි ගාස්තු සියයට එකසිය පනස් හතක් (157%) ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිසම (PUCSL) අවසර ලබාදී තිබේ. ඒ අනුව 2022 අගෝස්තු මස 10වැනිදා මෙරට විදුලි ගාස්තුව සියයට 75%ක් ද 2023 වසරේ පෙබරවාරි 15වැනිදා සියයට 66.2%ක් ද ඉකුත් 20 වැනිදා සියයට 18%ක් ද ලෙස විදුලි ගාස්තු ඉහ...
"විදුලි බිල 18% කින් නැග්ග හැටි"
"මෙම වසරේදී තුන්වැනි වතාවටත් විදුලි ගාස්තු සංශෝධනය කරමින් ඉකුත් 18 වැනිදා සිට විදුලි ගාස්තුව සියයට දහඅටකින් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) අවසර දී ඇත. ඒ අනුව ස්ථාවර ගාස්තු හා විදුලි ඒකක ගාස්තු ඒ ඒ කාණ්ඩවලට අනුව ඉහළ යන්නේ මෙලෙසිනි. ඒකක 0-30 කාණ්ඩයේ ස්ථාවර ගාස්තු රුපියල් 150 සිට 180 දක්වා වැඩි වී ඇත....
"අයි.එම්.එෆ් අයවැයට පාර පෙන්නයි"
"අයවැය පරතරය අඩු, ශක්තිමත් අයවැයක් ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇත. එම අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වූ නියෝජිත පිරිසේ ප්‍රධානී පීටර් බෘඅර් මහතා මේ බව සඳහන් කර තිබේ. ඒ සඳහා රජයේ ආදායම් සහ වියදම් පරතරය පියවා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් සොයාගත යුතු බවද පවසා ඇත. කෙසේ වෙතත් මේ දක්වා ශ්‍රී ලං...
"විශේෂඥ වෛද්‍යවරුන් 60න් යවන තීන්දුව නොවැම්බර් 17දා"
"රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම්වල තීන්දුව නොවැම්බර් මස 17 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කරයි. රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනකු ඇතුළු වෛද්‍යවරුන් පිරිසක...
"චීනයෙන් ‘බොක්කෙන්ම’ සහාය – ජනපතිට පොරොන්දුවක් ලැබෙයි"
"ශ්‍රී ලංකාවට දේශපාලන කොන්දේසිවලින් තොරව සහාය ලබාදෙන බව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පවසා ඇත. චීනයේ සිව්දින නිල සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා ඉකුත් 20දා චීන ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමටත් අපනයන වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමටත් චී...
"ඡන්ද හැලිල්ලට සජබ නෑ"
"මේ මොහොතේ කිසිදු මැතිවරණයක් කල් තැබීමට සමගි ජන බලවේගය කිසි ලෙසකින්වත් අනුමැතිය ලබා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. ඊට අමතරව පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අහෝසි කිරීම, ඡන්ද ක්‍රමය හදිසියේම වෙනස් කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ජනමත විචාරණවලට යෑම, විධායක අගමැතිවරයකු පත් කිරීම වැනි කාර...
"පාර්ලිමේන්තුවේදි ඩයනාට ගහලාද?"
"සමගි ජනබලවේගය මන්ත්‍රී සුජිත් පෙරේරා මහතා පාර්ලිමේන්තු පුස්තකාලය අසල ඇති විදුලි සෝපානය ආසන්නයේදී තමාට පහරදුන් බවට රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය 20දා මැතිසබයේදී කීවාය. ඇය එම කරුණ කියනවිට මේ පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට නවත්වන ලෙස අගමැතිවරයා ඉල්ලීමක් කළේය. ඩයනා ගමගේ මහත්මිය එහිදී මෙසේ කීවාය. මම...
"ජීවානුහරණ ද්‍රාවණයක් නැතිව එන්ඩෝස්කොපි අවදානමේ"
"වෛද්‍ය හා ශල්‍ය උපකරණවල විෂබීජහරණයට යොදා ගන්නා ජීවානුහරණ ද්‍රාවණ නොමැතිකම නිසා ඇතැම් රෝහල්වල එන්ඩෝස්කොපි ඇතුළු පරීක්‍ෂණ සිදුකිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි සමස්ත ලංක වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර හා සභාපති විශේෂඥ වෛද්‍ය කේ. ජී. අජිත් කුමාර, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට යවා ඇත...
"රටින් එවන සල්ලි 75% කින් ඉහළට – ඇමැති රංජිත් සියඹලාපිටිය"
"පිටරටවල රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් (විදෙස් ප්‍රේෂණ) 2022 වසරට සාපේක්‍ෂව මෙම වසරේ (2023) සියයට 75 කින් වර්ධනය වී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මෙම වර්ධනය රටක් වශයෙන් ඉතා වැදගත් කාරණාවක් බවත්, එය රට පිළිබඳව ඔවුන්ගේ විශ්වාසය නැවතත් තහවුරු වීමක් ලෙස හැඳින්විය හැකි බව...
"ගිය අවුරුද්දේ තුන් ලක්ෂයක් රට රැකියාවලට ගිහින්"
"2022 වර්ෂයේ දී මෙරට පුද්ගලයන් තුන්ලක්‍ෂ එකොළොස් දහස් පනස්හය දෙනකු විදේශගත වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ. ඉන් පුද්ගලයන් 14307 දෙනකු වෘත්තීය මට්ටමේ රැකියා සඳහා විදේශගත වී ඇත. වෘත්තිය මට්ටමේ රැකියා සඳහා විදේශගත වූ පුද්ගලයන්ගෙන් 12,841 දෙනකු, පිරිමි පුද්ගලයන් වන අතර 1...
"අවුරුදු 30ක් තිස්සේ සමනල වැවේ ජල කාන්දුවක් – භූවිද්‍යාඥයෝ අනතුරු අඟවති"
"සමනල වැවේ එක දිගට වසර 30ක් තිස්සේ පතින ජල කාන්දුවේ අනතුරුදායක බව ගැන භූවිද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබේ. සමනල වැව වේල්ලට පහළ ප්‍රදේශයේ පවුල් 2000ක් පමණ ජීවත්වන පසුබිමක මෙම අනතුරුදායක තත්ත්වය ගැන අවශ්‍ය ක්‍රියා මාර්ග දැන්වත් ගැනීමට හැකිදැයි සොයා බැලීමටද පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී...
"මහා පරිමාණ වී මගඩියක් මණ්ඩලයේ වී මෝල්ලුන්ට කුණුකොල්ලයට දීලා"
"වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගනු ලැබූ වී තොග පෞද්ගලික මෝල් හිමියන්ට අයත් ගබඩාවල තැන්පත් කර ඒ මෝල් හිමියන්ටම අඩු මිලට ඒවා අලෙවි කිරීමේ මහා පරිමාණ වංචාවක් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට වී අලෙවි මණ්ඩලයට හැකිවී තිබේ. පොල්ගහවෙල ප්‍රදේශයේ පුද්ගලික මෝල් හිමියකුට අයත් ගබඩාවක තිබූ වී කිලෝ ලක්‍ෂ පහක් එම මෝල් හිමියාටම විකිණීමට යාම...
"බිහිරි පාරෙන් කෝටියක් ගරලා – හොර සංවිධානයේ පැටිකිරියත් එළියට"
"බිහිරි පුද්ගලයන්ගේ අනාගතය සඳහා යැයි පවසමින් සංගමයක් පිහිටුවාගෙන රුපියල් කෝටියකට අධික මුදලක් සිය ගිණුමට වංචනික ලෙස බැරකරගත් බිහිරි පුද්ගලයකු සම්බන්ධව පොලිස් වංචා විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ සඳහා අදාළ පුද්ගලයා ව්‍යාජ සංවිධානයක්ද පිහිටුවාගෙන ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ. තම සංගමයට මුදල් බැර කරන පුද්ගල...
"බීඩියට නව ප්‍රතිපත්තියක්"
"මෙරට බීඩි කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යෑම වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්නට රජය තීරණය කර තිබේ. ජනපති උපදෙස් අනුව කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ සියලු පාර්ශ්ව සමග සාකච්ඡාවක් පැවැති අතර ඒ අනුව අදාළ ප්‍රතිපත්තිය සැකසීම මුදල් අමාත්‍යාංශය වෙත පවරා ඇත. දැනට බීඩි කොළ කිලෝවක් සඳහා...
"දූපත් පහේ මෙහෙයුම් වැහේ- බදු කුලී ගෙවලත් නෑ"
"සංචාරක සංවර්ධන අධිකාරිය විසින් කල්පිටියේ දූපත් 05ක් මීට වසර 03කට පෙර සමාගම් තුනකට බදු දී තිබුණද මෙතෙක් කිසිදු සමාගමක් මෙහෙයුම් කටයුතු ආරම්භ කොට නැත. මේ පිළිබඳ සංචාරක සංවර්ධන අධිකාරියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ ජලාශ්‍රිත බංගලා සඳහා අනුමැතිය නොලැබීම, ධීවර සමාජය ආශ්‍රිත ගැටලු, දූපත්වල ඉඩකඩ ප්‍රමාණවත් න...
"ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වෙන්න IMF සියලු ණය හිමියන්ගෙන් ඉල්ලයි"
"ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් විසින් ලබාදෙන ලද මූල්‍ය සහතිකවලට අනුකූලව සුදුසු ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සඳහා එකඟ වන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමියන්ගෙන් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළව එහි දෙවන ණය වාරිකය ලබාදීම සඳහා එම අරමුදලේ කාර්යමණ්ඩල මට්ටමේ ...
"අංගොඩ රෝහල පරිත්‍යාගශීලීන්ට දොර අරියි"
"අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව සිටින කාන්තා හා පිරිමි රෝගීන් 476 දෙනා සඳහා ඇඳුම්, පැළඳුම්, සබන්, දන්තාලේප, රේසර්, සනීපාරක්‍ෂක තුවා, පාවහන් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට කැමැත්තක් දක්වන අය හට රෝහලට පැමිණ ඒවා භාරදෙන ලෙස එම රෝහල් පාලනාධිකාරිය පරිත්‍යාගශීලීන් ගෙන් ඉල්ලා සිටියි. මීට අමතරව 1926 රෝහලේ උප...
"බිල් ගෙවන්න බැරි වූ ලක්ෂයකගේ ලයිට් කැපිලා"
"ඉකුත් වසරේදී සියයට හැත්තෑවකින් පමණ විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු බිල්පත ගෙවාගත නොහැකි වී විදුලිය සිඳලු පාරිභෝගිකයන් ලක්ෂයක පමණ පිරිසක් යළි විදුලි සබඳතා ලබා ගැනීමට නොහැකිව අසරණව සිටින බව ලංවිම විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මෙරට විදුලි පාරිභෝගිකයන් හැත්තෑහතර ලක්ෂයක් සිටින අතර රටපුරා විදුලි පාරිභෝගික මධ...
"මාස 8කදී විදුලි බිල 84%කින් වැඩි කරලා"
"මෙම වසරේ තුන්වැනි වතාවටත් ගාස්තු සංශෝධනයක් කරමින් ඊයේ (20 දා) සිට විදුලි ගාස්තුව සියයට දහ අටකින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දීමත් සමග මාස අටක් තුළදී විදුලි බිල සියයට අසූහතරකින් පමණ වැඩි කර තිබේ. මෙම වසරේ පෙබරවාරි මස 15වැනිදා විදුලි ගාස්තු සියයට 66.2කින් ඉහළ දැමූ අතර දෙවැනි සංශෝධනය යටතේ ජූලි 30වැනිදා සියයට 1...
"පාර්ලිමේන්තු එළියේ ගුටි කෙළියක්"
"සමගි ජනබලවේගය මන්ත්‍රී සුජිත් පෙරේරා මහතා පාර්ලිමේන්තු පුස්තකාලය අසල ඇති විදුලි සෝපානය ආසන්නයේදී තමාට පහරදුන් බවට රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ඊයේ (20දා) මැතිසබයේදී කීවාය. ඇය එම කරුණ කියනවිට මේ පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට නවත්වන ලෙස අගමැතිවරයා ඉල්ලීමක් කළේය. ඩයනා ගමගේ මහත්මිය එහිදී මෙසේ කීව...
"යාපනයෙන් ඉන්දියා යන නැව් සේවය නවතියි"
"ඉන්දියාවේ නාගපට්ටන හා යාපනයේ කන්කසන්තුරේ අතර යාත්‍රා කෙරෙන ‘චෙරියපානී’ නැව් සේවාව අයහපත් කාලගුණික තත්ත්වය මත 20 දා සිට නවතා දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇත. ඒ අනුව මෙම නැව් සේවාව මේ වසරේ ක්‍රියාත්මක වන්නේ 20 දා පමණක් වන අතර එම ගමන් වාරයට ඉන්දියාවේ සිට යාපනයට මගීහු 105 දෙනෙක් හා කන්කසන්තුරේ සිට ඉන්දියාවට මගීහු 78 දෙ...
"චීනය මියන්මාරය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එකතු කරන සමුද්‍ර ආර්ථික කොරිඩෝවක් සෑදීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාවයි – ජනපති රනිල් වික්‍රමසිංහ"
"ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුව කටයුතු කරන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණ බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවේ දී ජනාධිපති රනිල් වික්‍රමස...
"අනුර – ජුලී චන්ග් හමුවක්: ජනාධිපතිවරණයත් නොතියන්න ආණ්ඩුව උත්සාහ කරනවා – අනුරලා ඇමරිකානු තානාපතිනියට කියති"
"එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් (Julie Chung) මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා අතර හමුවක් 19 වැනිදා ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. මෙම හමුව සඳහා එ.ජ. තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරි මැතිව් හින්සන් (Matthew Hinson) සහ දේශපාලන විශේෂඥ නස්රීන් මරික්කාර් (Nazreen Marikkar) යන මහත්ම මහත්මීහු ද ...
"මේක නීති විරෝධීයි: විදුලි බිල වැඩි කිරීම නවත්වන්න කථානායක නියෝගයක් දෙන්න – විපක්‍ෂ නායක සජිත්"
"නැවත වතාවක් විදුලි බිල වැඩි කිරීම නීති විරෝධී බැවින් එය නවතාලීමට වහා නියෝගයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඊයේ (20දා) විශේෂ ඉල්ලීමක් කළේය. එහිදී ඔහු මෙසේ කීය – මම පසුගිය දිනෙක විදුලිය බිල නැවත වැඩි කිරීමක් ගැන 27/2 යටතේ ප්‍රශ්න කළා. නමුත් ඇමැතිවරයා ඊට උත්තර දීම කල් ගත්...
"කාර්යමණ්ඩල මට්ටමේ අයි.එම්.එෆ් එකඟතාවක්"
"ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ පළමු සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇත. ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් පසු මෙම එකඟතාවට පැමිණ තිබේ. මේ අනුව අයි.එම්.එෆ්. කාර්ය ම...
"එජාප විශේෂ සම්මේලනය අද රනිල්ගේ ප්‍රධානත්වයෙන්"
"එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද (21 දා) සවස 2.00 ට පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අද පැවැත්වෙන සම්මේලනයේදී අනාගත පරපුරට පක්ෂයේ ඉඩ ප්‍රස්ථා හා නිම් වළලු වඩාත් පුළුල් කිරීමට සුවිශේෂී ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් එක්කරන බව පක්ෂයේ සභාපති වජිර ...
"ඊශ්‍රායල – පලස්තීන ගැටුම දිගින් දිගටම පැවතුණොත් ලෝක ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාවටත් බලපානවා – විදේශ රැකියා හා කම්කරු ඇමැති මනුෂ නානායක්කාර"
"ඊශ්‍රායල පලස්තීන ගැටුම දිගින් දිගටම පැවතුනහොත් ලෝක ආර්ථිකයට වගේම ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් විශාල බලපෑමක් එල්ලවන බවත් මේ ප්‍රශ්නය විසඳීමට දාර්ශනික ප්‍රවේශයකින් යුත් මානුෂික ප්‍රවේසයක් අවශ්‍ය බවත් විදේශ රැකියා හා කම්කරු ඇමැති මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) ප්‍රකාශ කළේය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහ...
"චීනයේ ‘සුදු තුරඟ’ විහාරස්ථානයේ විහාර මන්දිරය සහ ස්ථූපය ඉදිකිරීම කඩිනම් කෙරේ"
"චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන හිනන් පළාතේ ‘සුදු තුරඟ’ විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කෙරෙන විහාර මන්දිරයක් සහ ස්ථුපයක් ඉදි කිරීමේ කාර්යය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ‘සුදු තුරඟ’ විහාරස්ථානයේ විහාරාධිපති යින් ලී හිමිපාණන් සහ ජනාධිපති රන...
"ජාතික ආධුනිකත්ව ශිෂ්‍යයන් පුහුණු වන ආයතනවල උපකරණවලට රක්ෂණාවරණයක් – ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති රුචික අමරසේකර"
"ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් ප්‍රායෝගික පුහුණුව සඳහා යොමු කරන පුහුණුලාභීන්ගෙන් ආයතනවල උපකරණවලට යම් කිසි හානියක් සිදුවුවහොත් ඒ වෙනුවෙන් නව රක්ෂණාවරණයක් ලබාදීමට එම අධිකාරිය සැලසුම් කොට තිබේ. හඳුන්වාදීමට නියමිත මෙම රක්ෂණාවරණය මගින් සේවා යෝජකයන්ගේ උපකරණ, යන්ත සුත්‍ර හා මෙවලම් සඳහා රුපියල් ලක්ෂ ප...
"විදුලි බිල වැඩි කිරීමට එරෙහිව නඩු යනවා – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික"
"මෙම වසරේ දී තුන්වැනි වරටත් විදුලි බිල වැඩි කර ඇත්තේ ආණ්ඩුව ගත් ප්‍රතිපත්ති තීන්දුව අමුඅමුවේ උල්ලංඝනය කරමින් බවත් එම නිසා ඉදිරියේ දී අනිවාර්යෙන්ම විදුලි බිල වැඩි කිරීමට එරෙහිව නඩු පවරන බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (20දා) පැවසීය. කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් ...
"නව මහ කොමසාරිස්වරුන් දෙදෙනකු සහ තානාපතිවරයකු පත් කරන්න අවසර"
"නව මහ කොමසාරිස්වරුන් දෙදෙනකු සහ තානාපතිවරයකු පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවූ බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. ඒ අනුව, පාකිස්තානයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර චන්ද්‍රසිරි විජේගුණරත්න මහතා පත්කිරීමට සහ කියුබා ජනරජයේ නව ශ්‍රී ලංකා...
"ඇමැති ටිරාන් උත්තරය මඟහරී: සෙංකෝළයට අත තිබ්බ මාන්නප්පෙරුමට සති 4ක් මැති සබය තහනම්"
"සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාට සති හතරකට පාර්ලිමේන්තුව අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (19දා) කටයුතු කළේය. මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇමැතිවරුන්ගෙන් අසනු ලබන ප්‍රශ්න වටය ආරම්භයේ ප්‍රථම ප්‍රශ්නය ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා...
"පෞද්ගලික විශ්වවිද්‍යාල 24කට අනුමැතිය – ඇමැති විජේදාස රාජපක්ෂ"
"මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාල 24 ක් විවෘත කිරීමට අනුමැතිය ලබා දී ඇති බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය. මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අමතරව ජාත්‍යන්තර විශ්වවිද්‍යාල, ඊට අ...
"ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළකට චීනයේ පූර්ණ සහාය"
"ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව චීන මුදල් ඇමැති ලියු කුං මහතා පැවසීය. චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන මුදල් ඇමැතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (19 දා) පෙරවරුවේ ...
"යළි විදුලි බිල වැඩි කරන්න යන්නේ දිනකට කෝටි 200ක් උපයද්දීයි – ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙක් කියයි"
"විදුලිබල පනතේ වගන්ති උල්ලංඝණය කරමින් මෙම වසරේදී තුන්වැනි වරටත් විදුලි ගාස්තු ඉහළ දැමීමට යන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ දිනක ආදායම රුපියල් කෝටි 200ක් (බිලියන 2) ඉක්මවා තිබියදී යැයි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙක් ‘දිවයින’ට පැවසීය. ඒ අනුව දළ වශයෙන් විදුලිබල මණ්ඩලය මාසයකට රුපියල් කෝටි හයදහසකට අධික ආදායමක් ලබන මොහොතේදී මේ දක්වා රුපි...
"එක්සත් ජාතීන්ගේ 2024 වෙසක් උළෙල ශ්‍රී ලංකාවේදී"
"ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින බෞද්ධ ආගමික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් වර්ධනයකර ගැනීමේ අරමුණ ඇතිව 2024 වසරේදී එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල ශ්‍රී ලකාවේ පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත රජය මේ වනවිට තීරණය කර ඇති බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. පසු...
"පොලිස්පති ලිපිය මගෙ අතේ"
"වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීමට අදාළ ලිපිය තමා වෙත ලැබී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (19දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව පැවසීය. අනුර කුමාර දිසානායක මහතා (ජාජබ) පොලිස්පතිවරයා විශ්‍රාම යෑ...
"සිපෙට්කෝ ඉන්ධන අලෙවිය 20% කින් පහතට – බෙදුම්කරුවන්ගේ සංගමය"
"ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධනහල් වල ඉන්ධන අලෙවිය මේ වනවිට සියයට විස්සකින් පමණ පහළ ගොස් ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටී. තරගකාරීත්වය ඇති කිරීමට යැයි කියමින් විදෙස් සමාගම්වලට මෙරට ඉන්ධන වෙළෙඳපොළ විවෘත කළ පසු එක් සමාගමක් සෑම ඉන්ධන ලීටරයකම මිල රුපියල් හතකින් අඩුකර අලෙවි කරන බව එම සංගමයේ ප්‍රකා...
"හරිනිලාගේ පෙත්සම් විසිවෙයි"
"ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ විශේෂ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19දා) ප්‍රතික්ෂේප කළේය. අදාළ පනත් කෙටුම්පත මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ...
"වාර්ෂික සන්නද්ධ හමුදා අනුස්මරණයට සමගාමීව අගමැතිට පොපි මල පළඳවයි"
"වාර්ෂික සන්නද්ධ හමුදා අනුස්මරණ දිනයට සමගාමීව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට පොපි මල පැළදවීම (18 දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුකෙරිණි. ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් අගමැතිවරයාට මෙහිදී පොපි මල පළදවනු ලැබීය. පළමුවන සහ දෙවන ලෝක සංග්‍රාමයන්හීදි මෙන්ම පසුගිය තිස් වසරක පැවති අ...
"විදුලි බිලට එරෙහිව අද පන්දම් 500ක් දල්වා ඇඹිලිපිටියේදී විරෝධතා"
"විදුලි බිල වැඩි කිරීමට ගෙනැවිත් ඇති යෝජනාවට එරෙහිව අද දින සවස හයයි තිහේ සිට ඇඹිලිපිටිය නගර මධ්‍යයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙයි. ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ උපදේශකත්වයෙන් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මගින් මෙය සංවිධානය කරනු ලබයි. ඇඹිලිපිටියේ ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශවාසීන් ද මේ සඳහා එක්වන බව විදුලිය පා...
"විජයකලා නිදහස්"
"හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහෙස්වරන් මහත්මිය ඇයට එරෙහිව පැවති නඩු කටයුත්තෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (19දා) නියෝග කළේය. ඇයට එරෙහිව නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති බැවින් නඩු කටයුත්ත අවසන් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව කියමින් විමර...
"සටන් විරාමයක් ඉල්ලන කල් තැබීමේ විවාදය අද"
"ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුමට කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමේ සභාව කල් තැබීමේ විවාදය අද (20 දා) දිනය පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊයේ (19 දා) තීරණය වී තිබේ. මෙම අර්බුදයට සාමකාමී විසඳුමක් සඳහා ක්ෂණික මැදිහත් වීමක් සිදු කරන ලෙස ...
"ෆැල්කන් සභාපතිට යළි සිතාසි යවන්න නියෝග"
"බම්බලපිටිය ෆැල්කන් රෙසිඩන්ස් මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයාට ලබන 02 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත සිතාසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (19දා) නියෝග කළේය. එම සභාපතිවරයාට අධිකරණ නියෝග මත නිකුත් කළ සිතාසිය භාරදීමට උත්සාහ කළ නමුත් සිතාසියේ සඳහන් නම නිවැරදි නොවන බව කියමින් එය භාරගැන...
"‘Wildlanka’ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවදා"
"වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘Wildlanka’ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ‘සංරක්ෂණය සඳහා පරිසර පද්ධති කළමනාකරණය කරමු’ මැයෙන් ඊයේ සහ පෙරේදා (18-19දා) දෙදින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්විණි. වනජීවි සහ වන සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. සී. ඒ හේරත් මහත්මියගේ ප්‍රධානත්වයෙ...
""ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස 98,000ක ඉදිකිරීම් නතර වෙලා – කෝප් කමිටුවේ දී අනාවරණය වෙයි""
"ආර්ථික තත්ත්වය හේතුවෙන් වැඩ ආරම්භ කර ඇති නිවාස 98,000ක ඉදිකිරීම් කටයුතු මේ වනවිට නතර වී ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) දී අනාවරණය වී තිබේ. 2011 වසරේ මිලියන 10,000කට ආසන්න මුදලක් කිසිදු ඇපයකින් තොරව ණය ලෙස ලබාදී ඇති බවද එහිදී හෙළි වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩ...
"විශ්‍රාමික පොලිස්පතිවරයාව නැවත සේවයේ පිහිටුවීම රටේ නීතිය අවභාවිතා කිරීමක් – අශෝක් අබේසිංහ (සජබ)"
"ජනාධිපති විසින් විශ්‍රාමික පොලිස්පතිවරයාව නැවත සේවයේ පිහිටුවීම රටේ නීතිය අවභාවිතා කිරීමක් බවත් එය විධායක ජනපති ධුරය රටේ ව්‍යවස්ථාවට ඉහළින් හැසිරෙන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පෙරේදා (18 දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කී අතර වැඩිදුරටත් අදහස් ...
"ගාසා තීරයේ රෝහලකට බෝම්බ ප්‍රහාරයක් 500ක් මියයති"
"ගාසා තීරයට අයත් ‘අල් අහ්ලි’ රෝහලට පෙරේදා (17 දා) රාත්‍රියේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හා සරණාගතයන් වශයෙන් රැකවරණය ලබමින් සිටි 500 දෙනකු හෝ එයට වැඩි පිරිසක් මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම ප්‍රහාරය ඊශ්‍රායල් හමුදා විසින් එල්ල කරන ලදැයි හමාස් අන්තවාදීන් විසින්...
"පොලිස්පති ඉවත් කරන්න ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය වැරදී නැහැ – ජනපතිගේ තීරණයත් වැරදි නෑ – කතානායක කියයි"
"පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය කිසිසේත් වැරදි නැතැයි ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය. දෙවතාවක්ම සේවා දිගු ලබා සිටි පොලිස්පතිවරයාට තවත් සති තුනක සේවාවක් ලබාදී තිබියදී ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිවරයා ඉවත් කළේ ආණ්...
"ගාමිණී ෆොන්සේකාට රු. මි. 300 ක් වන්දි ගෙවීමේ තීන්දුව බලරහිත කෙරේ"
"සිනමා සක්විති ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ සිනමාවේදී ගාමිණී ෆොන්සේකා මහතාට රුපියල් මිලියන 300ක වන්දියක් ගෙවන ලෙසට හම්බන්තොට දිසා අධිකරණය විසින් 1999.12.13 වැනිදා මහජන බැංකුවට නියම කරමින් ලබාදී තිබූ තීන්දුවක් අභියාචනාධිකරණය බලරහිත කළේය. මහජන බැංකුව විසින් ඉදිරිපත් කොට තිබූ අභියාචනාවක් විභාග කළ රත්නප්‍රිය ගුරුසිංහ හා සී. ...
"කඩවත ව්‍යාපාරිකයා මරන්න ආ පාතාල ඩබල අවිත් සමග මාට්ටු!"
"කඩවත නගර මධ්‍යයේ ව්‍යාපාරික ස්ථානයකට කඩාවැදී එහි හිමිකරුට සහ කළමනාකරුට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනකු පිස්තෝල, අත්බෝම්බ සහ ජීව උණ්ඩ ද සමග පෑලියගොඩ කොට්ඨාස අපරාධ ඒකකය මගින් පෙරේදා (17 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත. ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ශක්ති නමින් හඳුන්වන පාතාල මැරයාට කප්පම් මුදල් ලබා නොදී...
"ජාතික ජන බලවේගයේ අනුර පලස්තීන තානාපති හමුවෙයි"
"ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සහ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් මහතා අතර හමුවක් (18 දා) දින පලස්තීන තානාපති කාර්යාලයේදී සිදුවිය. මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද සහභාගි විය. මෙහිදී පලස්තීනයේ ඇති වී තිබෙන යුදමය තත්වය හේතුවෙන් කාන්තාවන් දරුවන් ඇතුළු විශාල ...
"පේරාදෙණි සිසු පා ගමනට කඳුළු ගෑස් – 15 දෙනකුට තුවාල පොලිසිය පන්න පන්නා අපට පහර දුන්නා"
"පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊයේ (18 දා) දහවල් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනකට පොලිසිය විසින් කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගැනුණු අතර මෙහිදී විශ්වවිiාල සිසු සිසුවියන් 15 දෙනකු පමණ තුවාල ලබා තිබේ. “සමාජ මාධ්‍ය වාරණ පනත වහා හකුලා ගනු” “නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වනසන උපා...
"පොලිස්පති පත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට හෝ ජනපතිටයි"
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයා පත් කිරීමටත්, ඉවත් කිරීමටත් බලය පවතින්නේ පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිවරයාට යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (18දා) පැවසීය. පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවට බලය පවතින්නේ පොලිස්පතිවරයාගේ නම් නිර්දේශ කිරීමට යැයි ද අබේවර්ධන මහතා සිරිකොත පක්...
"ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයෙන් ඉල්ලා අස්කර ගනී"
"ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද ත්‍රස්ත විරෝධී නමැති නව පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයෙන් ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන බවට සභානායක කාර්යාලයේ ලේකම් විසින් දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (18 දා) දැනුම් දුන්නේය. අදාළ පනත් කෙටුම්පත මේ වන විටත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් ...
"මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න නව පුද්ගල කමිටුවක්"
"මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සඳහා යෝජනා සැකසීමට සාමාජිකයින් 09දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන තිබේ. එම කමිටුවේ සභාපතිත්වය සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් පත්කර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ."
"සියලුදෙනා එක්ව නැගී සිටීම ‘එක් තීරයක් එක් මාවතක්’ සංකල්පයේ අරමුණයි"
"සාමය, අන්‍යොන්‍ය සහයෝගය සහ මිත්‍රත්වය පදනම් කර ගනිමින් ආරම්භ කෙරුණු ‘එක් තීරයක් – එක් මාවතක්’ ප්‍රයත්නය අතීත සේද මාවතේ නවීන ස්වරූපය බවත්, මෙමගින් එක් රටකට පමණක් නොව රටවල් රැසකට යහපත සැලසෙන බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය. 03 වන ‘එක් තීරයක් – එක් මාවතක්’ ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව චීන ජනාධිපත...
"ජනපති මැඳුරෙන් හමුවූ මුදල්: ගෝඨාට හෝ දේශබන්දුට එරෙහිව පියවර ගන්නේ නැහැ – අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි"
"අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී 2022.07.09 වැනිදා සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්‍ෂ පනස් දහසක මුදල සම්බන්ධයෙන් නඩුවක් ඉදිරියට පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති බැවින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව තවදුරටත් පියවර නොගන්නා බව අල්ලස...
"පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හරහා ඡන්ද කල් දැමීමේ අවශ්‍යතාවක් නෑ – නීති ප්‍රතිසංස්කරණ හා බන්ධනාගාර කටයුතු ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ"
"පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හරහා ඡන්ද කල් දැමීමට හෝ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුවට කිසිම අවශ්‍යතාවක් නැතැයි අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ හා බන්ධනාගාර කටයුතු ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (18 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් ප...
"ජනපති මැඳුරෙන් හමුවූ මුදල්: ගෝඨාට හෝ දේශබන්දුට එරෙහිව පියවර ගන්නේ නැහැ – අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි"
"අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී 2022.07.09 වැනිදා සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්‍ෂ පනස් දහසක මුදල සම්බන්ධයෙන් නඩුවක් ඉදිරියට පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති බැවින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව තවදුරටත් පියවර නොගන්නා බව අල්ලස...
"විදුලි බිල 18% කින් නග්ගන්න ලංවිම මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලයි"
"කලින් ගණනය කර තිබූ ලංවිම සමස්ත අලාභය මේ වනවිට බිලියන දහඅට දක්වා අඩුවී තිබුණත් ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සියයට දහඅටකින් ඉහළ දමන ලෙස ලංවිම, මහජන උපයෝගිතා කොමිසමෙන් ඊයේ (18 දා) ඉල්ලා සිටියේය. මීට කලින් විදුලි ගාස්තුව සියයට විසිදෙකකින් ඉහළ දැමිය යුතු බවට ගණන් බලන අවස්ථාවේදී ලංවිම සමස්ත ...