Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ජැක්සන් ඇන්තනි අද නික්ම යයි"
"ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12 දා) සවස රාගම ශුද්ධවූ පේදුරු පාවුළු දේවස්ථානයේදී සිදු කෙරේ. ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කඩවත, රාගම පාරේ, වනිගසූරියවත්ත පිහිටි නිවසට ඊයේ දිනයේ ද අව්වැසි නොතකා අතිවිශාල රසික ජනතාවක් අවසන් ගෞරව දක්වන්නට පැමිණියහ. ඒ මහතාට අවසන් ගෞරව දක්වන්නට ඒ මහතාගේ ...
"ජැක්සන් ඇන්තනි අද නික්ම යයි"
"ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12 දා) සවස රාගම ශුද්ධවූ පේදුරු පාවුළු දේවස්ථානයේදී සිදු කෙරේ. ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කඩවත, රාගම පාරේ, වනිගසූරියවත්ත පිහිටි නිවසට ඊයේ දිනයේ ද අව්වැසි නොතකා අතිවිශාල රසික ජනතාවක් අවසන් ගෞරව දක්වන්නට පැමිණියහ. ඒ මහතාට අවසන් ගෞරව දක්වන්නට ඒ මහතාගේ ...
"ලයිට් බිල 22%කින් නග්ගනවා හැර විකල්පයක් නෑ"
"ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිවැය දරාගැනීමට නම් ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට විසිදෙකකින් ඉහළ දැමීම හැර කිසිදු විකල්පයක් නැතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා ‘දිවයින’ට පැවසීය. ලංවිම, මහජන උපයෝගිතා කොමිසමෙන් කර තිබෙන ඉල්ලීමකට අනුව සියයට විසිදෙකක ප්‍රත...
"ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයෙන් මූලික එකඟතාව"
"ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශවීය ණය හිමියා වන චීනය මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මූලික එකඟතාවය පළ කර ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. චීන එක්සිම් බැංකුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය. ආර්ථික අර්බුදය ඇති වන අවස්ථාව වන විට අප රට ඩ...
"කොස්ගොඩ සුජීගේ ඥාතියාට අහුංගල්ලේදී වෙඩි තැබීම ලොකු පැටීගේ කල්ලියේ වැඩක්!"
"දකුණු පළාතේ පාතාලය නැවතත් සක්‍රිය කරමින් ඊයේ (11 දා) උදෑසන අහුන්ගල්ල නගරයේ සංචාරක හෝටලයක් ඉදිරිපිටදී මෝටර් රථයකින් පැමිණි පාතාල සන්නද්ධ කණ්ඩායමක්, ත්‍රිරෝද රථයක යමින් සිටි පුද්ගලයකුට පන්න පන්නා වෙඩි තබා මුළු ප්‍රදේශයම භීතියට පත්කරමින් පලාගොස් ඇත. දෙනෝදාහක් දෙනා බලා සිටියදී එල්ල කළ මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබාඇත්තේ ...
"මව්බිමේ සියලු බෙදීම් අතික්‍රමණය කර ජාතික මතවාදයක් ජනගත කළ යුතුයි – මව්බිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර"
"ආර්ථික, සමාජ හා දේශපාලන තිරසාරත්වය නැවත ඇතිකර ගැනීත්, ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ‘සතුටු දැයක්’ නිර්මාණය කිරීමත් මව්බිම ජනතා පක්‍ෂයේ පෙර දැක්ම බව මව්බිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවසීය. මව්බිම ජනතා පක්‍ෂයේ පක්‍ෂ මූලස්ථාන කාර්යාලය විවෘත කිරීමෙන් පසු පැමිණ සිටි පිරිස සහ මාධ්‍ය අමතමින් දිලිත් ජයවීර මහතා මේ බව කීව...
"කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්"
"කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ කලා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල 2022, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11 දා) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ දී පැවැත්විණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර...
"ජනපති හා ඉන්දීය විදෙස් ඇමැති අතර ගිවිසුම් 3ක්"
"ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (11දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී...
"සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර 139 වැනි ජන්ම දින සැමරුම හෙට"
"මෙරටට නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීමට පුරෝගාමී වූ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් මෙරට ප්‍රථම අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ 139 වන ජන්ම දින සැමරුම හෙටට (13 වැනිදා) යෙදී ඇත. ඒ නිමිත්තෙන් ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ගුණ අනුස්මරණ පදනම සංවිධානය කරන ජන්ම දින සැමරුම් උත්සවය හ...
"ව්‍යාජ ස්ටිකර් වංචාවට හසුවූ සමාගම් මිලියන 6000 ට වැඩිය බදු පැහැර හැරලා"
"මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ බරපතළ වැරදිවලට උපරිම දඬුවම් පැමිණවිම වෙනුවට සුළු දඩ මුදලක් යටතේ අදාළ වරද සමථ කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අනුගමනය කරන ක්‍රමවේදය අහෝසි කර ව්‍යාජ ස්ටිකර් භාවිතය, බදු මුදල් වංචා ඇතුළු චේතනාන්විත වැරදි සිදුකරන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීම වැනි උපරිම දඬුවම් පැමිණවිය යුතු බව රජයේ ගිණුම් පිළිබඳ...
"ඝාතන 4 ක සැකකරුවෝ 8 ක් දැලේ"
"මරදාන මාලිගාකන්ද ප්‍රදේශයේදී 06 හැවිරිදි දැරියක් වෙඩි තබා ඝාතනය කිරීම මෙන්ම අඹන්පොල, බේරුවල, කොටහේන, තණමල්විල යන ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන 4 කට සම්බන්ධ සැකකරුවන් 8 දෙනකු පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 17 වැනිදා මරදාන මාලිගාකන්ද ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පියකු සහ 06 හැවි...
"ඔන්ලයින් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය 18 – 19 – 20 දිනවල"
"රජය විසින් පසුගිය 3 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මාර්ගස්ථ ක්‍රමවේදවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් විභාගය ලබන 18, 19 සහ 20 යන දිනවල පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියමකර තිබේ. ඊයේ (11 දා) පස්වරුව වන විට එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙ...
"නවක වධයට වැට බඳින්න රෑට හොස්ටල් චෙක් කරයි"
"විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධ සිදුවීම් වැළැක්වීම සඳහා රාත්‍රී කාලයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාර පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. නේවාසිකාගාරවල රාත්‍රී 12 ත් අලුයම 05 ත් අතර කාලයේ නවක වධය වැඩි වශයෙන් සිදුවන බවට ලැබුණු තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගත් බව ද රාඝවන් මහත...
"නසීර් වෙනුවෙට අලි සහීර් මැතිසබයට යවන ගැසට්එක ගහයි"
"හිටපු ඇමැතිවරයකු වූ නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට අලි සහීර් මව්ලානා මහතා නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (11 දා) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකට අනුව නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි ...
"අල්ලස් ගත් එස් අයිගේ වැඩ තහනම්"
"රුපියල් හැටතුන් ලක්ෂ පනස් තුන්දාහක අගරු චෙක්පතක් සම්බන්ධව කර තිබූ පැමිණිල්ල යටපත් කරන බව පවසා රුපියල් තිස්පන්දාහක අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි කියන උප පොලිස් පරීක්ෂකවරයකුගේ සේවය තහනම් කර ඇත. පෑලියගොඩ පොලිසියට අනුයුක්තව විශේෂ පොලිස් කණ්ඩායමක සේවය කළ අයකුගේ සේවය මෙසේ තහනම් කර ඇත. මෙම පැමිණිල්ල කළ කාන්තාව පවසා ඇත්තේ අගරු ...
"කොළඹ අනාරක්ෂිත ගස් 60 ක් ගැන පැමිණිලි"
"කොළඹ නගර සීමාවේ අනාරක්ෂිත බවට සැක කරන ගස් 60 ක් පිළිබඳ කොළඹ නගර සභාවට පැමිණිලි ලැබී ඇතැයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඊයේ (11 දා) ‘දිවයින‘ ට පැවසුවාය. මෙම පැමිණිලි පොලිස් ස්ථාන සහ මහජනතාව මගින් ලැබී ඇතැයි ද ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරමින් සිටින බව ද ඇය කීවාය. මෙම ගස් සම්බන්ධයෙන්...
"වේගයෙන් පැතිරෙන ඇස් ලෙඩේ කඳුළුවලින් හා ශ්‍රාවය ගෑවීමෙන් බෝවෙයි"
"දිවයිනේ ප්‍රදේශ රැසක මේ දිනවල ඇස් රෝගයක් පැතිර යන බවත්, ඉන් වැඩි බලපෑමක් ඇත්තේ පාසල් සිසු දරුවන්ට බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවති. මේ හේතුවෙන් දැනටමත් දිවයිනේ පාසල් කීපයකම පන්තිවල සිසු දරුවන්ට නිවාඩු ලබාදීමට ද අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබේ. “අක්‍ෂි පටල ප්‍රදාහය” නමින් හඳුන්වන මෙම ඇස් රෝගය වෛරසයක් හේතුවෙන් පැතිරී යන බව...
"වෙඩි වැදුණු සීතාගේ බඩ ඉදිමෙයි"
"මහියංගනය රජමහා විහාරයේ පෙරහැර මංගල්‍යයට රැගෙනවිත් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ ‘සීතා’ ඇතින්නගේ උදර ප්‍රදේශය ඉදිමීමට ලක්වෙමින් පවතින බව පේරාදෙණිය විශ්වවිiාලයේ පශු වෛi පීඨයේ වෛi මහාචාර්ය අශෝක දංගල්ල මහතා ‘දිවයින’ ට ඊයේ (11 දා) පැවසීය. මේ වනවිට ඇතින්න නිදාගැනීමකින් තොරව සිටින බවත් ශරීරය තුළ පවතින යකඩ කැබලි 04 න් කිහිපයක...
"විදුලිය-ජලය-ආහාර සැපයීම නවතී – ඊශ්‍රායල හමුදාවේ ලක්ෂ 3ක් ගාසා තීරයට කැඳවයි"
"ගාසා තීරයේ සම්පූර්ණ වැටලීමක් සඳහා ඊශ්‍රායල් හමුදා භටයන් ලක්ෂ 3 ක් කැඳවීමට එරට රජය තීරණය කර ඇත. ඒ අනුව ගාසා තීරයට සැපයෙන විදුලිය, ජලය, ආහාරපාන යන සියලු සැපයුම් නවතා දමා ඇත. ඊශ්‍රායල් ආරක්ෂක ඇමැති යොවුගැලන්ට් පවසන්නේ තම හමුදා මෙහෙයුම් සිදුකරන්නේ මනුෂ්‍ය තිරිසනුන්ට එරෙහිව බවයි. එම නිසා සියලු සැපයුම් නතරකර ඇතැයි ද හෙතෙම ප...
"පොලිසියත් දඩයම් කරමින් පාතාලය නිදැල්ලේ"
"සන්නද්ධ පාතාල කණ්ඩායම් විසින් ගතවූ මාස 09 ක කාලසීමාව තුළදී පුද්ගලයන් 49 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත. පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් දිනපතාම පාහේ සිදු කරන මෙම මිනිස් ඝාතන නිසා දකුණු සහ බස්නාහිර පළාත්වල ජනතාව දැඩි භීතියට පත්ව සිටිති. මෙතෙක් වාර්තා වී ඇති පාතාල මිනිස් ඝාතනවලින් වැඩි ප්‍රමාණයක් දකුණු හා බස්නාහිර පළාත්වලින් ...
"දෑස පියාගත් කල මැවෙන්නේ ඔබේ රුව"
"ස්වකීය ප්‍රතිභාව තුළින් ජනතා ආදරය නොමඳව දිනාගත් විශිෂ්ට රංගධර ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ දේහයට බුහුමන් දැක්වීමට පෝලිම්වල ද රැඳෙමින් ඊයේ (10 දා) විශාල ජනකායක් පැමිණි අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ. රංගනයෙන්, ගායනයෙන් තමන්ට සතුට ගෙනදුන් මේ කලාකරුවාගේ දේහය අබියස කඳුළු සලමින් බොහෝ පිරිසක් ඔහුට මොක්සුව ප්‍රාර්ථනා කළහ. පිංතූරය ...
"පාස්කු නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ඇරැඹේ"
"සහරාන් හෂීම් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන් 2019.04.21 වැනි පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නව්ෆර් මවුලවි, සාජිත් මවුලවි ඇතුළු 25 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ඊයේ (10දා) කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී ආරම්භ ක...
"පාර්ලිමේන්තු කාරක සභාවේ නියෝගයෙන් හොර ස්ටිකර් සහිත මත්පැන් වැටලීමෙන් සුරාබදු ආදායම මාසයට බිලියනකින් නගී"
"ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් යුතු පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව විසින් කරන ලද නියෝගය සමග සිදුකළ වැටලීම්වලින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම මාසයක කාලසීමාවක් තුළ රුපියල් බිලියනයකින් ඉහළ ගොස් තිබේ. මේ බව අනාවරණය වූයේ ඊ...
"රික්තය පුරවන්න නව ගමනක්"
"ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින රික්තය පියවීමට නව ආඛ්‍යානයක් අවශ්‍ය හෙයින් දීර්ඝ කාලීන නව දේශපාලන දැක්මක ආරම්භය අද (11 දා) සිදු කරන බව ප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ‘දිවයින’ ට පැවසීය. මේ සඳහා මවුබිම ජනතා පක්ෂය නිල වශයෙන් අරඹමින් එම පක්ෂයේ මූලස්ථානය අද උදේ අරඹන බව ද ඔහු සඳහන් කළේය. සම්ප්‍රදායික ආකල්ප හා යල්පැනපු මතවල...
"ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අවශ්‍යතා හා යෝජනා කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න – රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි"
"ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවන් පිළිබඳ යෝජනා සිය අභිමතය පරිදි කෙටුම්පත් කර ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් ඒ අනුව ශිෂ්‍ය අවශ්‍යතාවයන් පිළිබඳව අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10දා) රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.ශිෂ්‍ය පාර්ලි...
"නොවැම්බර් මුල විදුහල්පති පත්වීම් 4718 ක් දෙනවා – අධ්‍යාපන ඇමැති"
"විදුහල්පති හිඟය මඟහැරවීම සඳහා ලබන නොවැම්බර් මස මුලදී විදුහල්පති පත්වීම් 4718 ක් ලබාදෙන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (10 දා) පැවසීය. මීට අමතරව ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු 705 ක් හා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 405 ක් පුරවමින් ගුරු උපදේශක සේවා විෂමතා ඉවත් කරන බවත් මුලතිව් මල්ලාවි මධ්‍ය මහා විද්‍ය...
"සයිනොපෙක් අඩුවට විකුණද්දී සංස්ථාව සහ IOC වැඩි මිලට තෙල් දීම අසාධාරණයි – ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම්"
"චීනයේ සයිනොපෙක් ආයතනය අඩු මිලට ඉන්ධන අලෙවි කරන විට ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීම ඉතාම අසාධාරණ යැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා ‘දිවයින’ට ඊයේ (10දා) පැවසීය. ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම චීන සමාගමට වඩා පෙට්‍රල් රුපියල් 7කට ද අනෙකුත් ඉන්ධන ...
"විදෙස් වෛද්‍ය උපාධි මෙරටදී පිළිගැනීමට නිර්දේශ කිරීමට කමිටුවක්"
"ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේදී පිළිගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් විසින් ඒකාබද්ධව පෙරේදා (0...
"ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණ යන්ත්‍රය සති 2 ක් තිස්සේ කැඩිලා"
"කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පවතින ප්‍රධාන විකිරණ යන්ත්‍රය බිඳවැටී සති දෙකක් ගතව ඇතත් මෙතෙක් එම යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට පියවර ගෙන නැතැයි රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි. එම යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට වාර්ෂික සේවා ගිවිසුම ක්‍රියාත්මක කළයුතු වුවත් බලධාරීන් ඒ පිළිබඳව පියවර නොගැනීම නිසා විකිරණ ...
"රිජ්වේ රෝහලේ සී ටී ස්කෑන් යන්ත්‍රය නවතී"
"කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සී ටී ස්කෑන් යන්ත්‍රය ඉකුත් 08දා සිට අක්‍රියවීම හේතුවෙන් රෝගී දරුවන්ගේ ස්කෑන් පරීක්‍ෂණ සේවාවන් සම්පූර්ණයෙන්ම ඇනහිට දැඩි අර්බුදයක් මතුව ඇතැයි, රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි. මෙම යන්ත්‍රයට අදාළ වාර්ෂික සේවා ගිවිසුම් යථාවත් කිරීමට බලධාරීන් පියවර නොගැනීම නිසා යන්ත්‍රය අලුත්වැඩ...
"නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8කට ස්ථාන මාරු"
"නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන ඇත. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති ජී. එම්. එච්. බී. සිරිවර්ධන මහතා ප්‍රවාහන හා ස්වදේශ දිශාව සිට පොලිස් මූලස්ථාන දිශාවට ද, නියෝජ්‍ය පොලිස්පති කේ. කඩුපිටිය මහතා බස්නාහිර පළාත (දකුණ) දිශාව සිට ප්‍රවාහන හා සංදේශ දි...
""මාස 9 ට ෆේස්බුක් පැමිණිලි 23,534ක්""
"මෙම වසරේ (2023) ගත වූ මාස 9 තුළ ෆේස්බුක් සම්බන්ධ පැමිණිලි 23,534 ක් ලැබී ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා ‘දිවයින’ට ඊයේ (10දා) පැවසීය. මින් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් කර ඇත්තේ කාන්තාවන් බවත්, එම ප්‍රමාණය සියයට 70 ක් බවත් හෙතෙම කීය. රැකියා ලබාදෙන බව පවසා අන්තර්ජාල...
"74 වැනි සංවත්සරය සමරා යුද හමුදාවේ 1879කට උසස්වීම්"
"ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 314ක් සහ සෙසු නිලයන් 1565කට උසස්වීම් ලබාදී තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් යුද හමුදාපති විකුම් ලියනගේ මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම උසස්වීම් ලබාදී තිබේ. ඒ අනුව මේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07...
"‘නිදහස් සෞඛ්‍ය හා වෛද්‍යවරුන් රැකගන්න GMOA අද විරෝධතාවේ"
"නිදහස් සෞඛ්‍ය සේවාව සහ මෙරට වෛද්‍යවරුන් රැක ගන්නා ලෙස රජයට බලකරමින් අද (11දා) කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක නිරතවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. මෙරට සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරන වෛද්‍යවරුන් එක්වන මෙම විරෝධතාව මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍ය අධ්‍යාපනය රැකගැනීමේ අරමුණින් සෞඛ්‍ය ඇමැතිව...
"ජැක්සන් දෑස පියා ගනී"
"ප්‍රඥාවත්, රුවත්, එකසේ දායාද කොට ගනිමින් ශ්‍රී ලාංකේය වේදිකාව සිනමාව, පුංචි තිරය, ගායනය ප්‍රභාමත් කළ කෘතහස්ත රංගධර ජැක්සන් ඇන්තනි ඊයේ (9 දා) උදෑසන දිවි රඟමඬලින් සදහටම සමුගත්තේය. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්‍ෂණය කරන “සිංහබාහු” චිත්‍රපටයේ සිංහයාගේ චරිතය සඳහා තඹුත්තේගම හා ගල්ගමුව යන ප්‍...
"ඊශ්‍රායලයේ යුද ගැටුම් තාමත් ඇවිළෙයි – සංගීතයේ සිටි 260ක් මරති"
"හමාස් ත්‍රස්තයන් සෙනසුරාදා (7 දා) පෙරවරුවේ එල්ල කළ ප්‍රහාරයෙන් දකුණු ඊශ්‍රායලයේ සංගීත සංදර්ශනයකට සහභාගිවෙමින් සිටි තරුණ තරුණියන් 260 ක් එම ස්ථානයේදී ම ඝාතනය වී තිබේ. තුවක්කුකරුවන් මේ තරුණ තරුණියන් පසුපස පන්නමින් වෙඩිතබා ඇත. සහන සේවකයන් විසින් තැන තැන විසිරී තිබූ මළ සිරුරු 260 ක් එකතු කරගෙන තිබේ. හමාස් ප්‍රහාරකයන් තැන්...
"පොලිස්පති පුටුව හිස් පොලිසියේ වැඩ අවුල්"
"පොලිස්පතිවරයාගේ සේවා කාලය ඊයේ (9 දා) අවසන් වීමෙන් පසු නව පොලිස්පතිවරයකු පත් නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඊයේ සිට විශ්‍රාම යෑමෙන් පසු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වැඩබලන පොලිස...
"DIG 3 ක් SDIG ධුරයට උසස් කෙරේ"
"නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම උසස්වීම් පිරිනමා තිබේ. මෙසේ උසස්වීම් ලබා ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා මෙසේය. පොලිස් විශේෂ කාර්ය බළකාය භාර අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිව සිටි අසංක කරව...
"සමෘද්ධි නිලධාරීන් 183 කගේ විශ්‍රාම වැටුප වැටඋඩ"
"සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 183 දෙනකුගේ විශ්‍රාම වැටුපට අදාළව සමාජ සවිබලගැන්වීම් කැබිනට් ඇමැතිවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇති කැබිනට් පත්‍රිකාව මෙතෙක් අනුමත නොවීම හේතුවෙන් එම ලේඛනයට නම් ඇතුළත් නිලධාරීන් රැසකට සිය විශ්‍රාම වැටුප ලබා ගැනිමට නොහැකි වී ඇත. එබැවින් කඩිනමින් එම කැබිනට් පත්‍රිකාව අනුමත ක...
"වාහන හැර සියලු භාණ්ඩ ආනයන සීමා ඉවතට"
"වාහන හැර අන් සියලුම භාණ්ඩ සඳහා පැවති ආනයන තහනම ඊයේ (09 දා) සිට ඉවත් කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. එච්. එස්. කේත 299 ක් සඳහා පැවති ආනයන සීමා මේ අනුව ඉවත් කර තිබේ.ශ්‍යාම් නුවන් ගනේවත්ත"
"මැතිවරණ නොපැවැත්වීම හෝ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බරපතළ ප්‍රහාරයක්"
"විපක්‍ෂ නායකගේ අත්සනින් යුතුව ඊයේ (09 දා) නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. මේ වන විටත් මැතිවරණ කල් දමා ඇති ආණ්ඩුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණත් කල් දැමීම සඳහා අවශ්‍ය කරන කූට උපක්‍රම සහ පිඹුරුපත් සකසමින් සිටින බව නොරහසකි. ඊට ආණ්ඩුව සූදානම් වන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නමැති අයිසින් තැවර...
"යුද හමුදාවේ 74 වැනි සංවත්සරය අද"
"ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වැනි සංවත්සර දිනය අද (10 දා) ට යෙදී ඇත. ‘ජාතියේ ආරක්‍ෂකයා ලෙස ප්‍රචලිත ශ්‍රී ලංකා යුද හමුදාවේ සංවත්සර දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් අද පැවැත්වේ. මෙම සංවත්රය සැමරීම වෙනුවෙන් ආගමික වැඩසටහන් රැසක් පසුගිය සතියේදී පැවැත්විණි මේ වෙනුවෙන් පැවැති දිවිපිදූ රණවිරුවන් සිහිකිරීමේ වැඩසටහන පසුගිය සිකුරාදා බ...
"ලංගමට නැති දුම් නීතිය අපටත් එපා – ගැමුණු කියයි"
"පෞද්ගලික බස් රථ ලබන වසරේ (2024) ජනවාරි සිට දුම් පරීක්ෂාවෙන් ඉවත් වීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා ඊයේ (09 දා) පැවසීය. ශ්‍රී ලංගම බස් රථ ඇතුළු රජයට අයත් ආයතන රැසක වාහන දුම් පරීක්ෂාවට ලක් නොවන බවත්, පෞද්ගලික බස් රථ පමණක් දුම් පරීක්ෂාවට යොමු කිරීම පෞද්ගලික බස් රථ හිමියන්ග...
"කාදිනල්තුමා පිළිබඳ සඳහනේදී කතෝලික රදගුරු සමුළුවේ සාමුහිකත්වය බිඳිනු එපා"
"කාදිනල්තුමන් පිළිබඳව කරන ඕනෑම සඳහනකදී කතෝලික රදගුරු සමුළුවේ සාමූහිකත්වයට හානියක් නොවන පරිදි සිදුකරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (09 දා) ලිපියක් යොමුකර තිබේ. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, හැරල්ඩ් ඇන්තනි සහ එහි නියෝජ්‍ය නායක නොයෙල් ක්‍රිස්ටියන් එම්මානුව...
"පෞද්ගලික දත්ත ආරක්‍ෂණ අධිකාරියට සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය පත් කෙරේ"
"මෙරට පෞද්ගලික දත්ත ආරක්‍ෂා කිරීමේ අරමුණින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පෞද්ගලික දත්ත ආරක්‍ෂණ අධිකාරිය සඳහා සභාපතිවරයකු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. එහි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ අර්නස්ට් ඇන්ඩ් යන්ග් (Ernest Young) ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරිවරයකු ස...
"ගවයා මිලයට ගත්තත් ප්‍රවාහනයට බලපත් නෑ – පොලිස් සැරයන් උසාවියට"
"රු. තුන්ලක්ෂ පනස්දහසක එළ ගවයකු මිලදී ගත් පොලිස් සැරයන්වරයකු එම සත්ත්වයා කුඩා ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදී වාරියපොල ප්‍රදේශයේ ගැමියන් පිරිසක් විසින් අල්ලා වාරියපොල පොලිසියට භාරදී ඇත. මෙම සැරයන්වරයා අනුරාධපුර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ කාර්යාලයේ සේවය කරන බව පැවසේ. රාත්‍රියේ ගවයකු ලොරියකින් ගෙනයෑම පිළිබඳ වා...
"රෝගයකට බෙහෙත් වර්ග 5 කට වඩා ගන්නේ බලාගෙනයි"
"රෝගාබාධ සඳහා බෙහෙත් වර්ග පහකට වඩා ගන්නා වැඩිහිටියන්ට වෙනත් ආබාධ හටගැනීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බරණ මිල්ලවිතාන මහතා පවසයි. මේ හේතුවෙන් වැඩිහිටි අයකුට බෙහෙත් වර්ග පහකට වඩා රෝගාබාධයක් වෙනුවෙන් ලබා දෙන්නේ නම් ප්‍රවේසම් විය යුතු බව ද ඔහු කීවේය. වැඩිහිටියන්ට කා...
"නසීර්ට දුන් නඩු තීන්දුවෙන් පොහොට්ටුවෙන් ඉවත් වූ මන්ත්‍රීන්ට බලපෑමක් නෑ ජී. එල්. පීරිස්"
"පරිසර ඇමැති නසීර් අහමඩ් මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී කටයුතු කරන මන්ත්‍රීවරුන්ට කිසිසේත් බලපෑමක් නැතැයි, නිදහස් ජනතා සභාවේ සාමාජික මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (09 දා) පැවසීය. නැඟීඑන මහජන විරෝධය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ගෙන ආ බවත් එය සම්මත වුවහො...
"ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු දැන ගන්න දුරකථන අංක 2ක්"
"මේ වන විට ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වයත් සමඟ එරට සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව +94716640560 අංකය ඔස්සේ වට්ස්ඇප් මගින් හෝ 1989 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික දුරකථන අංකය හරහා තොරතුරු ලබාගැනීමට ...
"අපට අවශ්‍ය නවීන සමාජයේ පෙරගමන්කරු විය යුත්තේ තරුණ පරම්පරාවයි"
"අපට අවශ්‍ය දැනුවත්ව, සැලසුම් සහගතව සමාජය පරිවර්තනය කරන තරුණ පරම්පරාවක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි. දිසානායක මහතා මේ කරුණු ප්‍රකාශ කළේ පෙරේදා පැවති චේ සැමරුම් උත්සවය අමතමිනි. එය කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. එහිදී ඔහු මෙසේද පැවසීය. චේ යනු සටන් නායකයෙක්, ගරිල්ලා නායකයෙක්...
"විභාග සමත් වීමට දිනපතා පාසල් පැමිණීම අත්‍යවශ්‍ය කාරණයක්"
"ඉදිරියේදී පාසල් පන්ති කාමරය තුළ රැඳී සිටීම අනිවාර්ය වන අතර සියලු‍‍ම ශ්‍රේණිවලට එය අදාළ වන බවත් සිසුන්ට විභාග සමත් වීමට එසේ දෛනික පාසල් පැමිණීම අත්‍යවශ්‍ය කාරණයක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අතිපූජ්‍ය නිවිතිගල ධම්මානන්ද නාහිමි අනුස්මරණ ශිෂ්‍යත්ව පදනමේ අයගම ...
"ව්‍යාජ ලිපියකින් ගෙනා බාල බෙහෙතක් නිසා රුධිරගත රෝග බෝවීමේ අවදානමක්"
"මෙරටට ගෙන්වා ඇති තත්ත්වයෙන් බාල ඖෂධයක් වන ‘immunoglobulin’ ප්‍රතිදේහ එන්නත් ලබාගත් පුද්ගලයන්ට ඒඩ්ස්, හෙපටයිටීස් හෝ වෙනත් රුධිරය ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. මෙම තත්ත්වය මත ‘immunoglobulin’ ප්‍රතිදේහ එන්නත් ලබාදී ඇති මෙරට පුද්ගලයන්...
"ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් හා මෙරට සිටින ඊශ්‍රායල් ජාතිකයන්ගේ ආරක්ෂාව ගැන ජනපති අවධානය"
"දැනට මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිසියට ඊයේ උපදෙස් දුන්නේය. තවද ඔවුනට සිය රට බලා යෑමට පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. මීට අමතරව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ජනාධිපතිවරයා එරට තානාපති අංශ වෙත දැනුම් දී තිබේ. සං...
"ජල කඳ දකුණ කලඹයි"
"දිවයිනේ දිස්ත්‍රික්ක 12 කට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයේ අඩුවීමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මරණ 7 ක් තුවාල සිදුවීම් 23 ක් සමග පවුල් 13392 කට අයත් පුද්ගලයන් 54440 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. කොල්ලුපිටිය ප්‍රදේශයේදී බස් රථයක් මත...
"සා. පෙළ විභාගය 2024 මැයි මුල – අධ්‍යාපන ඇමැති"
"2023 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි මස මුල සිට පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ‘දිවයින’ ට පැවසීය. දිනයක් ප්‍රකාශ කිරීම විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් සිදු කරන බව ද ඇමැතිවරයවා කීය. 2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 සිට ජනවාරි 31...
"ඉංජිනේරු සංස්ථාවේ 1417 ක් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට භාණ්ඩාගාරයෙන් මිලියන 3764ක්"
"ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් එක්දහස් හාරසිය දාහත් දෙනකු ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන තුන්දහස් හත්සීය හැටහතරක මුදලක් සංස්ථාවට ලබාදී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මහාභාණ්ඩාගාරය එම මුළු මුදලම සංස්ථාවට ලබාදුන් බව ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥ ර...
"පොලිස්පතිගේ සේවා දිගුව අදින් අවසන්"
"පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා දිගුව අදින් (9 දා) අවසන් වීමට නියමිතය. පොලිස්පති ධුරයට ජ්‍යෙෂ්ඨත්ය මත සුදුසුම් ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනකු සිටින අතර ඉන් එක් අයෙකු මෙම තනතුර සඳහා පත්කරනු ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොල...
"මදි නොකියන්න දකුණට වැසි වැටුණත් උතුර වියළෙයි"
"දකුණු පළාතට වර්ෂාව ලැබුණත් උතුරු පළාතට වැසි නැතැයි යාපනය දිසාපති ඒ. සිවබාලසුන්දරම් මහතා ‘දිවයින’ ට ඊයේ (8 දා) පැවසීය. මෙම තත්ත්වය හේතුවෙන් උතුරේ ගොඩ ගොවිතැන්වල ඵලදාව අඩුවී තිබෙන ද බව ද නියඟය නිසා උතුරේ ගොවි පවුල් දහස් ගණනක් ඉතා අසරණ වී ඇතැයි ද දිසාපතිවරයා පවසයි.නෝමන් පලිහවඩන"
"කොළඹ ගුවන් කතිකාවත 2023 අද සිට"
"ශ්‍රී ලංකා ගුවන් හමුදාව 06 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ගුවන් කතිකාවත (COLOMBO AIR SYMPOSIUM) එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව, චීනය ඇතුළු රටවල දෙස් විදෙස් විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් ගුවන් හමුදා රත්මලාන ඊගල්ස් ලේක්සයිඩ් උත්සව සහ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (09 දා) සහ හෙට (10 දා) දෙදින පැවැත්වේ. මෙම විද්...
"මාතර පාසල් අදත් – හෙටත් නිවාඩුයි"
"අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය සහ ගංවතුර හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් තවදුරටත් අද (9 දා) සහ හෙට (10 දා) නිවාඩු ලබාදීමට මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තීරණය කර ඇත. මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට පසුගිය 5 වැනි බ්‍රහස්පතින්දා සහ 6 වැනි සිකුරාදා ය...
"කටවුට් – පෝස්ටර්වලට ජනපති රුව එපා කියයි"
"මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ 150 වැනි සංවත්සර උළෙලට ප්‍රධාන ආරාධිතයා ලඑක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැඟෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් හා රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්‍ද්‍රකාන්තන් හා විදුහල්පති ඇන්ටන් බෙනඩික් යන මහත්වරුන් සමගමින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් ...
"සුරාබදු හොරකම් නතර කළොත් වෘත්තිකයන්ට බදු ගහන්න ඕනෑ නැහැ වෘත්තිකයන් රට හැර යෑමත් නවතා ගත හැකියි – මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා"
"වෘත්තිකයන් මත බදු පනවා රටට ආදායම් උපයා ගැනීම වෙනුවට මත්පැන් කර්මාන්තය තුළින් රටට අහිමි වන බදු ප්‍රමාණය නැවත ලබාගත හැකි නම් බදු බරින් පීඩිතව රට හැර යන වෘත්තිකයන් ශ්‍රී ලංකාව තුළ රඳවා ගත හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරනු ලබයි. ඔහු පෙන්වා දෙන්නේ මත්පැන් බෝතල් මත අලවනු ලබන ව්‍...
"කොළඹ මාර්ග දෙපස මාරක ගස්වල අතු කපයි"
"කොළඹ ලිබර්ටි ප්ලාසා වටරවුම අසල පිහිටි විශාල ගසක් ඉකුත් 06 වැනිදා බස් රථයක් මතට කඩා වැටී සිදුවූ මාරාන්තික අනතුරින් පසු කොළඹ නගරයේ මාර්ග දෙපස ඇති අනතුරුදායක ගස්වල අතු කපා දැමීමට කොළඹ නගර සභාව පියවර ගෙන ඇත. ඒ අනුව ඊයේ (8 දා) කොළඹ විශ්වවිiාලය අසල මාර්ගයේ ගස්වල අතු කපා දමන අයුරු ඡායාරූපයේ දැක්වේ. ඡායාරූපය – කමල් වන්නිආරච්ච...
"නොසැලකිලිමත් රෙජිස්ට්‍රාර්ලාට වැඩ වරදී"
"උප්පැන්න, විවාහ, මරණ සහතික ලිවීමේදී සැලකිල්ලෙන් කටයුතු නොකරන රෙජිස්ට්‍රාර් නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට උපදෙස් දී ඇත. උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලිවීමේදී ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවත් ඇතැම් අව...
"මාස 9 ට රිය අනතුරු 1638 කින් – 1733 කට දිවි අහිමි වෙයි"
"මෙම වසරේ (2023) ගතවූ මාස 9 යි දින 8 ක් තුළ දිවයිනේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 1733 දෙනකු මරුමුවට පත්වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. එම කාලය තුළ සිදුවී ඇති මුළු රිය අනතුරු සංඛ්‍යාව 1638 ක් බව ද එම මූලස්ථානය කියයි. මෙම අනතුරුවලින් වැඩිපුරම මියගොස් ඇත්තේ පදකයන් බවත්, එම සංඛ්‍යාව 540 ක් බවත් පවසන පොලිස් මූලස්ථානය ම...
"දින 3 කට වඩා උණ නම් වහාම රුධිර පරීක්‍ෂාවක් කරගන්න"
"දින 3 කට වඩා උණ තිබේ නම් වහාම වෛiවරයකු හමුවට ගොස් පූර්ණ රුධිර පරීක්‍ෂාවක් සිදුකර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi නලින් ආරියරත්න මහතා ජනතාවගෙන් ඊයේ (08 දා) ඉල්ලීමක් කළේය. හමේ රතු පැහැති ළප තිබීම, ඇඟපත වේදනාව, වමනය යෑම, හිසේ වේදනාව ඩෙංගු රෝග ලක්ෂණ බව ද හෙතෙම කීය. මෙම වසරේ (2023) මේ දක්වා ගතවූ කාලය...
"ජනවාර්ගික සහ ආගමික ගැටලු‍වලට විසඳුමක් ලබාගැනීමට සියලු‍ නායකයන් සමඟ සාකච්ඡා කරනවා"
"ජනවාර්ගික සහ ආගමික ගැටලු‍වලට විසඳුම් ලබා නොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබාගැනීමවෙනුවෙන් තමන් සියලු‍ නායකයන් සමඟ සාකච්ඡා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය සමයේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටීම හේතුවෙන් අත්විඳින්නට සිදු වූ දරුණුම අත්දැකීමට ජාති, ආගම් බේදයකින් තොරව රට...
"ජිනීවා අමතන්න ගිය මන්ත්‍රීලාට බේබදුකම ලොකුවෙලා"
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමැතීමට ස්විට්සර්ලන්තයට ගිය විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ඊට පෙර දින රාත්‍රියේ මත්පැන් සාදයකට සහභාගි වී සූර්වීම නිසා සමුළුව ඇමතීමට යා නොහැකි වී ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන විපක්‍ෂයේ මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට ඉකුත් 05 වැනිදා පෙ...
"වැසි අස්සේ ඛේදවාචක අනතුරු 3යි – මරණ 5යි – තුවාලකරුවෝ 50යි"
"දින කීපයක් තිස්සේ පවතින අධික වැසි තත්ත්වය හමුවේ කොල්ලුපිටිය, කුලියාපිටිය සහ නිට්ටඹුව ප්‍රදේශවලදී පෙරේදා (06 වැනිදා) සිදුවූ අනතුරු වලින් පුද්ගලයන් 05 දෙනකු මියගොස් 50 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත. කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි වටරවුම ආසන්නයේ බස් නැවතුම්පොළේ දී ලංගම බස්රථයක් මතට ගසක් කඩා වැටීමෙන් ඊට යටවූ පුද...
"වැස්සෙන් 13627 කට පීඩා"
"පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 12ක පවුල් දහතුන්දහස් හයසිය විසිහතකට අයත් පුද්ගලයන් පනස්පන්දහස් හත්සිය අසූ දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමග බලපෑ අධික වැසි තත්ත්වය හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ බස්නාහිර පළාතෙන් බවද එම ...
"ඊපීඑෆ් හෝටල් ආයෝජනයෙන් ශත පහක්වත් ප්‍රතිලාභ ලැබිලා නෑ"
"සේවක අර්ථසාධක අරමුදල විසින් ලැයිස්තුගත නොවූ සමාගම්වල කොටස් ආයෝජනයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ආයෝජනය කොට වසර 09ක් ගතවී තිබුණ ද එකී ආයෝජනයෙන් කිසිදු ප්‍රතිලාභයක් මේ දක්වාම අරමුදලට ලැබී නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි. ලැයිස්තුගත නොවූ සමාගම්වල කොටස් ...
"සමුළුව නැවතීමෙන් කෝටි 11ක් වතුරේ"
"ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව 2022 වසරේදී නොපැවැත්වීම නිසා එම සමුළුවේ සත්කාරක කටයුතු සඳහා අවශ්‍ය කාර්යයන් සංවිධානය කර ගැනීමට වැය කරනු ලැබූ රුපියල් එකොළොස් කෝටි පනස් දෙලක්ෂ හැටහතර දහස් හයසිය දහනමයක මුදල (115,264,619) ශ්‍රී ලංකා රජයට අනාර්ථික වියදමක් බවට පත්ව තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම සමුළ...
"උ/පෙළ නැවත අයදුම් කරන්න 10දා තෙක් කල් දෙයි"
"අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම 2024 ජනවාරි මස 04 වැනිදා දක්වා කල් යෑම නිසා විභාගයට පෙනී සිටීම සඳහා නැවත අයැදුම් කිරීමේ කාලය මේ මස 10 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා දීර්ඝ කළ බව විභාග කොමසාරිස් ජනරාල් අජිත් ජයසුන්දර මහතා පවසයි. එය මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳ...
"පාර දෙපැත්තේ ගස් කපන්නේ නෑ සමබර කරනවා කොළඹ – කොළඹ නාගරික කොමසාරිස්"
"කොළඹ නගරයේ මාර්ග දෙපස තිබෙන වසර ගණනක් පැරණි ගස් සම්පූර්ණයෙන්ම කපා ඉවත් කිරීමට හැකියාවක් නැතැයි කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි. අනතුරුදායක ලෙස මාර්ග දෙපස තිබෙන වසර හතළිහකට වඩා පැරණි ගස් හඳුනාගෙන තිබුණත් ඒවා සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ විශේෂඥ උපදෙස් ලබාගත යුතු බවද ඒ මහත්මිය සඳහන් කරයි. මාර්ග දෙ...
"බැංකු ප්‍රතිව්‍යුහගතකරණය ගැන කෙලින් රටට කියන්න – ලංකා බැංකු සේවක සංගමය"
"රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැහැදිලි නිශ්චිත ප්‍රකාශයක් රජය විසින් වහාම රටට ඉදිරිපත් කළ යුතු බව ලංකා බැංකු සේවක සංගමය පවසයි. මෙම රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගත කිරීම ගැන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය සහ මහ බැංකු අධිපතිවරයා එකිනෙකට පරස්පර ප්‍රකාශයන් සිදුකරමින් සිටින බවත්, මේ ගැන රජය කරුණු පැහැදිලි කළ ...
"පුනර්ජනනීය පනතක් සති දෙකක් ඇතුළත"
"තරගකාරී මිල ගණන් යටතේ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ පනතක් ඉදිරි සති දෙක ඇතුළත ගෙන ඒමට රජය තීරණය කර ඇත. මේ යටතේ මෙගාවොට් තුන්දහසක් ලබා ගත හැකි සූර්ය බල ව්‍යාපෘති සහ මෙගාවොට් දහසක සුළං බලාගාර ව්‍යාපෘති සඳහා ඉඩ ලබා දීමට නියමිතය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා ලංකා විදුලිබල මණ්ඩලය...
"විදුලි ගාස්තු යළි වැඩි කිරීම පනතට විරුද්ධයි – ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති කියයි"
"වසරක් තුළ විදුලි ගාස්තු සංශෝධනය කළ හැක්කේ දෙවතාවක් පමණක් වුවත් තුන්වැනි වරටත් මෙම වසරේ විදුලි ගාස්තු ඉහළ දමන්නට යන්නේ විදුලිබල පනතෙහි 5 වැනි හා 30 වැනි වගන්තිවල සඳහන් ක්‍රමවේද සහ තිරසාර ආර්ථික ඉලක්ක කර ගත් ප්‍රතිපත්තින් උල්ලංඝනය කරමින් යැයි ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා පැවසී...
"ජනපතිගෙන් දේශීය ආදායම්- සුරාබදු හා රේගුවට ඉලක්ක"
"දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීම සඳහා 2024 වසරේ සිට එම ආයතනවලට සපුරාගත යුතු ඉලක්ක ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. එම ආයතන ආදායම් උපයාගත යුතු ප්‍රමාණය ඇතුළු ඉලක්ක මේ අනුව ලබාදීමට නියමිතය. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ඉහත ආයතන හරියාකාරව...
"පොලිස්පතිට දුන් සේවා දිගුව හෙටින් අවසන් – අලුත් කෙනා තාමත් නෑ"
"පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදී තිබූ සේවා දිගුව හෙටින් (09 වැනිදා) අවසන් වේ. (පොලිස්පතිවරයා විශ්‍රාම ගිය පසු සේවා දිගු දෙකක්ම ලබාදී තිබිණි. හිස්වන පොලිස්පති ධුරය සඳහා මෙතෙක් කිසිවකු නම් කර නැත. මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක සහ දේශ...
"අහස කඩන් වැටුණා වගේ… – තුවාල ලැබූ පුද්ගලයෙක් කියයි"
"කොළඹ සිට මතුගම හරහා දෙණියාය බලා ධාවනය වන බස් රථය පිටකොටුවෙන් ගමන් ආරම්භ කර ඇත්තේ උදෑසන 5.45 ට පමණය. ඒ වනවිට බස් රථයේ මගීන් 15 දෙනකු පමණ ගමන් කරමින් සිට ඇති අතර ඩුප්ලිකේෂන් පාරේ බස් නැවතුම්පළේ මගීන් කීපදෙනෙකු ගොඩකර ගැනීම සඳහා බස් රථය එහි නතර කර ඇත. බස් රථය නතර කර තත්ත්පර කීපයක් ගතවනවාත් සමඟම මාර්ගය අසල තිබූ විශාල රොබරෝ...
"මියගිය අය වෙනුවෙන් ලක්‍ෂ 5 බැගින් දෙයි"
"කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේදී ලංගම බස්රථයක් මතට ගසක් කඩාවැටීමෙන් මියගිය පුද්ගලයන්ට අදාළව එක් අයකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 5 බැගින් මූල්‍ය සහනාධාරයක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මේ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයාට සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය...
"අතින් පයින් ද කියලා ඇහුවාම එහෙමත් පුළුවන් කිව්වා: ආරක්‍ෂක ලේකම් හා හමුදාපති පාර්ලිමේන්තුවේදී මට තර්ජනය කළා ඒ දෙදෙනා වරප්‍රසාද කමිටුවට කැඳවන්න – චන්දිම වීරක්කොඩි මැතිසබයේදී කියයි"
"හමුදාවේ උසස් නිලධාරීන්ගේ වාහන භාවිතය ගැන කතා කළ තමාට ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපති පාර්ලිමේන්තුවේදී පෙරේදා (05 දා) තර්ජනය කර ඇති බවත් ඉන් තමාගේ වරප්‍රසාද කඩවී ඇති බැවින් එම නිලධාරීන් දෙදෙනා වරප්‍රසාද කමිටුවට කැඳවා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ...
"පාර දෙපැත්තේ අවදානම් ගස් කපන්න ඇමැති ප්‍රමිතගෙන් උපදෙස්"
"අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයින පුරා මහා මාර්ග අසල කඩාවැටීමේ අවදානමක් ඇති ගස් කපා ඉවත් කිරීමට ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අදාළ සියලුම අංශයන් වෙත ඊයේ (06දා) උපදෙස් ලබාදී ඇත. කොල්ලුපිටියේදී බස්රථයක් මතට විශාල ගසක් කඩාවැටීමෙන් පුද්ගලයන් 5 දෙනකු ඉතාම අවාසනාවන්ත ආකා...
"‘ඔන් ලයින්’ පනත වහා අකුලා ගන්න – සජිත් මැතිසබයේදී කියයි"
"ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත් කෙටුම්පත වහා ඉල්ලා අස් කර ගෙන තොරතුරු දැන ගැනීමේ නිදහස ඇති කෙරෙන නව පනතක් (ෆ්‍රීඩම් ඔෆ් ඉන්ෆොමේෂන්ස් ඇක්ට්) ගෙන එන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (6 දා) ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය. සමාජ මාධ්‍යය ආරක්ෂණ පනතක් ගෙන ඒමෙන් රටේ ප්‍රජාතන්ත්‍රව...
"මඩකළපුවේ හරක් ප්‍රශ්නයකට මැතිසබය මැද උද්ඝෝෂණයක්"
"මඩකළපුවේ ගොවීන්ට ගවයන්ගෙන් සිදුවන ගැටලුවක් මුල් කර ගනිමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 04 දෙනෙක් පාර්ලිමේන්තුවේ දී ඊයේ (06දා) සභා ගර්භය මැදට පැමිණ සටන් පාඨ කියමින් උද්ඝෝෂණයක් කළහ. එම ගැටලුව සම්බන්ධයෙන් ෂානක්කියන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා සභාවේ අවධානය යොමු කරමින් කරන ලද කෙටි අදහස් දැක්වීම අවසන් වනවාත් සමග දෙමළ ජාත...
"පාරිසරික ගැටලුවලට විසඳුම් සෙවීමේදී මහා බල එදිරිවාදිකම් දෙවැනි තැනට පත්වෙනවා – ආසියා පැසිෆික් කලාපයේ සැසිවාරය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි"
"දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමිවීම යන පාරිසරික ගැටළුවලට විසඳුම් සෙවීමේ දී භූ දේශපාලනය සහ මහා බල එදිරිවාදිකම් දෙවන තැනට පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. වසර සියයකට පෙර පැවති ලෝකයට වඩා දස දහස් ගුණයක වේගයෙන් ජෛව විවිධත්වය අහිමි වෙමින් පවතින බවත් දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ...
"මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා සී.අයි.ඩී. හිටපු පොලිස් පරීක්‍ෂක සුගත්ට ලක්‍ෂ 10 ක වන්දියක්"
"මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට අදාළ වෙනත් නඩුවක් සම්බන්ධයෙන් අසත්‍ය සාක්‍ෂි නිර්මාණය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්‍ෂක සුගත් මෙන්ඩිස් මහතා අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත...
"වසර අගදී ආර්ථිකය ධන වෙයි – මහ බැංකුව කියයි"
"මේ වසරේ (2023) අග භාගයේදී ආර්ථිකයේ සෑම ප්‍රධාන අංශයකම පුළුල් වර්ධනයක උපකාරීත්වයෙන් ධනාත්මක වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මුදල් ප්‍රතිපත්ති සහ මුදල් තත්ත්වයන් තවදුරටත් සාමාන්‍යකරණය වීම, ව්‍යාපාරයන්හි සහ ආයෝජකයන්ගේ අපේක්‍ෂාවන් වැඩිදියුණු වීම, ආනයන සීමා ලිහිල් කිරීම, සැපයුම් තත්ත්වය වැඩිදියුණු වී...
"ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24ටත්"
"ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24ක කාලය සඳහා තව දුරටත් දීර්ඝ කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය. කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් ඊයේ ඉහළ යමින් පැවති බවද හෙතෙම කීය. එබැවින් එම ගංගා දෙපස සිටින ජනතාව සැලකිලිමත් විය යුතු යැයි ද ඔහු පැවසීය. සමහර ප්‍රදේශවල මා...
""එක් රැයකින් රටේ ආර්ථිකය හදා බුද්ධිගලනය නැවැත්විය නොහැකියි – වරාය, නාවුක හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා""
"එක් රැයකින් රටේ ආර්ථිකය හදා බුද්ධිගලනය නැවැත්විය නොහැකි බවත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාවට ඇත්ත තත්ත්වය ප්‍රකාශ කරමින් ජනාධිපති විසින් පියවරෙන් පියවර ගනිමින් සිටින බව වරාය, නාවුක හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) ප්‍රකාශ කළේය. උගතුන් සහ වෘත්තිකයන් රට හැරයෑම පි...
"උණුසුම් වචන හරඹ මැද මැති සබය විනාඩි 10ක් නවතියි"
"වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමට අදාළ ඇමැතිවරුන් කල් ගන්නේ යැයි ගෙවිඳු කුමාරතුංග, අකිල එල්ලාවල, වීරසුමන වීරසිංහ යන මන්ත්‍රීවරුන් කෑ කෝ ගැසීම සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද එය අනුමත කරමින් කරුණු පැහැදිලි කිරීම මත ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පාර්ලිම...
"වීඩියෝ ගේම් ගහන දරුවන් ප්‍රචණ්ඩ වෙලා -විශේෂඥ වෛද්‍ය රූමි රූබන්"
"වර්තමානයේ දරුවන් වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වීම නිසා ප්‍රචණ්ඩත්වයට පත්ව ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා ‘දිවයින’ට ඊයේ (06 වැනිදා) පැවසීය. මේ නිසා දරුවන්ගේ අධ්‍යාපනය ද කඩාවැටීමකට ලක්ව තිබෙන බව ද හෙතෙම කීය. මෙහිදී තවදුරටත් කතා කළ මනෝ විද්‍යා විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා මෙසේ ද ක...
"වැස්සත් සමග දරුවන්ට ලෙඩ – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා"
"පවතින වැසි තත්ත්වය හමුවේ ජල ගැලම් ඇති ප්‍රදේශවල දරුවන් රෝගී වීමේ අවදානමක් මතු වී ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (06 වැනිදා) පැවසීය. විශේෂයෙන් දරුවන්ට පාචනය, ඩෙංගු, මී උණ වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් ඇතැයි ද හෙතෙම කීය. මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහ...
"ගුරුවරුන්ගෙන් කැපූ සල්ලි යළි දෙන්න නීතිපති එකඟ වෙයි"
"පාසල් ගුරුවරුන්ගේ එකඟතාවයක් නොමැතිව පසුගිය රාජ්‍ය සමයේ කොවිඩ් අරමුදලට බැරකිරීම සඳහා ඔවුන්ගේ වැටුපෙන් අඩුකරනු ලැබූ සියලුම මුදල් ලබන නොවැම්බර් 30 වැනි දිනට පෙර යළි ලබාදීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා ඊයේ (05දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක් ලබා දුන්නේය. ගුරුවරුන්ගේ කිසිදු අනුමැතියකින් තොරව කුමන කරුණක් සඳහා හෝ ඔවුන්ගේ වැට...
"ඉඩම් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි – හේතුව දේශපාලක බැල්ම වැටුණු ඉඩමේ අවුලද?"
"ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා වෙත ඊයේ (05දා) සවස ලබා දී ඇත. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 40ක පමණ ඉඩමක් සම්බන්ධයෙන් දේශපාලනඥයකු සමග ඇතිකර ගත් මත ගැටුමක් මුල් කරගෙන ඒ මහතා ඉල්ලා අස් වී ඇති බව අභ්‍යන්තර ආර...
"අභියෝග හමුවේ රට හැර යනවාද?"
"ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙන යෑමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතු බවත්, අභියෝග හමුවේ රට හැරයනවාද නැද්ද යන්න උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඉදිරි වසර පහේදී ලෝකයේ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි බව ගෝලීය තත්ත...
"පොලී අනුපාත 1%කින් පහළට"
"මහ බැංකුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත සියයට 1 කින් (පදනම් අංක 100 කින්) අඩුකර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මේ තීරණය ගෙන ඇත. මේ අනුව මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාත දෙක වන නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතය සියයට 10 දක්වා සියයට 01 කින් සහ මහ ...
"ප්‍රතිව්‍යුහකරණය රාජ්‍ය බැංකුවලට අදාළ නැහැ – මහ බැංකු අධිපති සහතික වෙයි"
"ලංකා බැංකුව සහ මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණ වැඩපිළිවෙළට අයත් නොවන බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (05දා) මහ බැංකු මූලස්ථානයේදී පැවසීය. මෙම ආයතන මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුගතකරණ වැඩසටහනට අයත් නොවන බවද මහ...
"ගුරු විදුහල්පති හිඟ වැටුප ගෙවීම රජය පැහැර හැරලා"
"ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත්කිරීමේ කාර්යයේදී රජයේ අනුමැතිය ලැබීමෙන් පසු එක් කොටසක් ගෙවා ඇතත් ඉතිරි ගෙවීමට ඇති වැටුප් කොටස් මේ වනවිට වැටුපට එකතු කර නැතැයි ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් දිවානි හෙට්ටිගේ මහත්මිය සඳහන් කරයි. අද පවතින ආර්ථික දුෂ්කරතා මැද ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට හිමි...
"දුම්රිය වර්ජනය නවතියි"
"දුම්වැටියක් හේතුවෙන් ඇති වූ පහරදීමක් මුල් කරගනිමින් පෙරේදා (04 දා) දහවල් දුම්රිය උප නියාමකවරුන් විසින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (05 දා) රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව අවසන් කෙරිණි. ඒ අනුව අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වූ උප නියාමකවරුන් නැවත ඊයේ දහවල් වන විට සේවයට පැමිණෙමින...