Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"අපි ඔක්කොම යාළුවෝ…" | "ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද 74 වැනි චීන ජාතික දින සැමරුම 28 වැනිදා කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම උත්සවයේ ආරාධිතයන් ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන මහ... |
"කුරුන්දි නඩුව විභාග කළ මහේස්ත්‍රාත් අස්වුණේ මරණ තර්ජන නිසාමද -ජනපති නියමයෙන් පරීක්ෂණයක්" | "මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහෙස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් දී ඇත. ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇත්තේ තමන්ට තර්ජනයක් ඇති බවට මහෙස... |
"නීතියේ ආධිපත්‍යය බිඳවැටෙන්න ආර්ථික අර්බුදයත් හේතු වුණා – ඇමැති විජයදාස රාජපක්ෂ" | "අපේ රටේ ඇති වූ ආර්ථික අර්බුදයට නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමත් හේතු සාධක වුණා යැයි ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. නීතිය පිළිබඳව මහජනතාවට දැනුම ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය මගින් කරනු ලැබූ 2023 ජාතික නීති සතියේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීය. එහිදී ඔහු මෙසේ ද ... |
"ලෙකෝ බිලටත් 2.5% බද්ද වදී" | "මෙම මාසයේ සිට (සැප්තැම්බර්) ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) විදුලි පාරිභෝගිකයන්ගේ බිලට 2.5%ක සමාජ ආරක්‍ෂණ බද්ද ඇතුළත් කරන බව ලෙකෝ සභාපති අතුල ද සිල්වා මහතා ‘දිවයින’ ට පැවසීය. මෙතෙක් කලක් අදාළ සමාජ ආරක්‍ෂණ බද්දෙන් සමාගම් නිදහස් කර තිබූ අතර එම පනත සංශෝධනයෙන් පසු ලෙකෝ පාරිභෝගිකයන්ට මෙතෙක් කලක් හිමිව තිබූ බදු සහනය අහෝස... |
"ළමා රෝහලට ඇතුළත් කළ දරුවන් දෙදෙනාට නිපා නෑ" | "බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට 27 දා ඇතුළත් කර තිබූ නිපා රෝග ලක්ෂණ සහිත යැයි සමාජ මාධ්‍ය ජාලා විසින් හඳුන්වා දී තිබූ ළමුන් දෙදෙනාට වැලඳී ඇත්තේ නිපා ආසාදනය නොවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මීගමුව හා කළුතර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් වන මෙම ළමුන් දෙදෙනා කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ලේ වහනය මෙන්ම මොළයේ ඉදිමීමේ රෝගයෙන් ප... |
"වෙඩික්කරු ඉක්මනට අහුවෙයි මම ඉවසිල්ලෙන් බලා ඉන්නවා – උද්දික ප්‍රේමරත්න ‘දිවයින’ට කියයි" | "තමාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව නියම සැකකරු පොලිසියට ඉතා ඉක්මනින් කොටුවේ යැයි කියා තමා මහත් ඉවසීමෙන් බලා සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ‘දිවයින’ට පැවසීය. තමාගේ නිවසේ කැමරා පද්ධතිය අක්‍රිය වී ඇත්තේ අද ඊයේ නොව කලකට පෙර සිට යැයි ද හෙතෙම පැවසීය. මෙම කැමරාව පිළිබඳව තමා ... |
"ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව චුට්ටක් උඩට" | "ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය මුදල් නිකුතු ශ්‍රේණිය සීමිත පැහැරහැරීමේ මට්ටම හෙවත් RD ශ්‍රේණියේ සිට CCC සෘණ මට්ටම දක්වා ඉහළ දමා ඇත. මෙම උසස් කිරීම හරහා මහ බැංකුව මේ වසරේ ජූලි මාසයේදී ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්මේ දේශීය මුදල් සම... |
"කොට්න් බට්න් නිසා කන තුවාල කරගත් දරුවන්ගේ වැඩිවීමක් – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා" | "“පුළුන් සහිත කොට්න් බට්න් කනේ ගහගෙන තුවාල කරගත් දරුවන් ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණීමේ වැඩිවීමක් දක්නට තිබෙනවා”යැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය. කොට්න් බට්න් භාවිත කරමින් කුඩා දරුවන්ගේ කන්වල ඇති කලාඳුරු ඉවත්කිරීමට දෙමාපියන් පුරුදු වී සිටින බවත්, එල... |
"බාල බෙහෙත් ගෙන්වන කොම්පැණියකට ම ආයෙත් දොර ඇරලා – පුබුදු ජයගොඩ" | "ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ මිලදී ගන්නා ඖෂධ තොගයෙන් ඖෂධ වර්ග 12ක් ගෙන්වීමට මෙතෙක් කල් බාල ඖෂධ ගෙන්වූ සමාගමකට අවසර දී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ පැවසීය. නුගේගොඩ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව කීවේය. මින් පෙර ලාදුරු රෝගීන්ට දෙන ඩොරල් ශත තිහක් වන බෙහෙත් පෙත්තක... |
"අගෝස්තුවේ ඉදිකිරිම් වැඩ දුර්වල අඩියක – මහ බැංකුව කියයි" | "ඉකුත් අගෝස්තු මාසයේදී ඉදිකිරීම් කටයුතුවල දුර්වල ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව ඉදිකිරීම් කටයුතුවල දුර්වල ක්‍රියාකාරීත්වය හමුවේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය ඒකක 47ක අගයක් වාර්තා කර ඇත. මෙහිදී පවතින සීමිත ව්‍යාපෘති සඳහා ඇති අධික තරගකාරී ටෙන්ඩර් ලංසු තැබීම් හමුවේ සිය මිල ගණන් පහත දැ... |
"මිඩ්වයිෆ්ලා 3000ක් හිඟයි: 2021 දී බඳවාගත් 1538 දෙනාට තවමත් පුහුණුව දීලා නෑ – පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු" | "“පවුල් සෞඛ්‍ය සේවා සඳහා 2021 දී සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් 1538 දෙනා තවමත් පුහුණුව සඳහා අරගෙන නැහැ. මේක හරි අසාධාරණයි. මේ ගැන සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරලා තියෙන්නේ” යැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසුවාය. දැනටමත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 3... |
"කාන්තාවගේ ප්‍රකාශ පරස්පරයි: ධනුෂ්ක නිදොස්කොට නිදහස්" | "කාන්තාවකගේ කැමැත්තෙන් තොරව අනාරක්ෂිතව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කිරීමට ඔස්ට්‍රලියාවේ සිඩ්නි දිස්ත්‍රික් උසාවියේ විනිසුරු සාරා හගෙට් මහත්මිය ඊයේ තීන්දු කළාය. විනිසුරුවරිය සිය තීන්දුවෙන් ප්‍රකාශ කර සිටියේ අදාළ කාන්තාව සිය ප්‍රකාශ දෙ... |
"භික්‍ෂුණි ශාසනය ඇරඹි බිනර පොහොය අදයි" | "බෞද්ධ ඉතිහාසයේ වැදගත්ම සිදුවීම් සමූහයකට මුල පිරූ බිනර පොහොය අදට යෙදී තිබේ. ප්‍රජාපති ගෝතමී මහ තෙරණියගේ ඉල්ලීමකට අනුව මෙහෙණි සස්න ඇරඹීම, වස්සාන සමයේ වස් පිංකම් ආරම්භ කිරීම බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ දී බුදුරදුන් වැඩ සිටි විශාලා මහනුවරට ගමන්කොට පැවිදි බව ඉල්ලා සිටීම ආදි ශාසනික සිදුවීම් සමූහයක් නිසා ‘බිනර’ පොහොය අපට වැදගත... |
"ජනතාව වෙනුවෙන් කිසිම පක්‍ෂයක් නෑ: මිහින්තලයෙන් නව නිදහස් අරගලයක් – වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි" | "නිදහස ලැබීමෙන් පසුව මෙරට සියලු ජන කොටස් පීඩාවට පත් කරනු ලැබුවේ මේ දක්වා පැවැති පාදඩ දේශපාලනය බවත් රටේ ජනතාව වෙනුවෙන් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයකු පෙනී නොසිටින බවත් එබැවින් එම ජනතාව වෙනුවෙන් ශිෂ්ටාචාරය හා විනය ආරම්භ වූ ඓතිහාසික මිහින්තලා පුද බිමෙන් නව නිදහස් අරගලයට මුලපුරන බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ව... |
"නිල්වලා-ගිං-කළු ජල මට්ටම ඉහළට: ගංවතුරක් අත ළඟ" | "පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ගංගා කීපයක ජල මට්ටම ඊයේ (28දා) තවදුරටත් ඉහළ යෑමෙන් එම දිස්ත්‍රික්ක ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම නිකුත් කළේය. ඒ අනුව නිල්වලා, ගිං, කළු යන ගංගාවන්හි ජල මට්ටම් ඉහළ යෑමෙන් අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් මතුව ත... |
"බස් ලොරි ගෙන්වන්න නව චක්‍රලේඛයක්!" | "පොදු ප්‍රවාහනය සඳහා යොදා ගැනෙන බස්රථ හා ලොරි රථ සඳහා පනවා තිබූ ආනයන සීමා පසුගියදා ලිහිල් කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉදිරි දින කිහිපයේ දී යළි සංශෝධනය කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඊයේ සවස දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිව... |
"කීරි සම්බා හිඟයේ රහස හෙළිවෙයි: මෝල් හිමියන්ගේ වැඩ ගැන ලබන සතියේදී පියවරක් ගන්නවා – වෙළෙඳ ඇමැති නලින්" | "හාල් මෝල් හිමියන් ගබඩාකර තිබෙන කීරි සම්බා වැඩි මිලට ගැනීම තොග වෙළෙඳුන් විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙන නිසා රට පුරා කීරි සම්බා හිඟයක් පවතින බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (28 දා) පැවසීය. මෙම හාල් මෝල් හිමියන් සෑම වසරකම හාල් වැඩි මිලට විකිණීම සඳහා සැලසුම් කරන බව කී වෙළෙඳ ඇමැතිවරයා හාල් මෝල් හිමියන්ගේ ම... |
"ආණ්ඩුවේ දූෂණ ප්‍රතිපත්ති නිසා IMF එකත් කනස්සල්ලෙන් – විපක්‍ෂ නායක" | "රට බංකොලොත් වී තිබෙන විටත් රටේ නායකයන් විදෙස් සංචාර යන බවත් ආණ්ඩුවේ දූෂණ ප්‍රතිපත්ති නිසා IMF එකත් කනස්සල්ලෙන් සිටින බව එහි දෙවැනි වාරිකය පමාවීමෙන්ම පැහැදිලි වන බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය. අක්කරෙයිපත්තුවේ විදුහලකට බස් රථයක් පිරිනැමීම සිදුකළ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීය. අක්කරෙයිපත්තුව ශ්‍රී රාම ක්... |
"දෙවැනි වාරිකයට සාකච්ඡා ධනාත්මකයි – වැ.බ. මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. එසේම දෙවැනි වාරිකය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කාර්ය මණ්ඩල එකඟතාව ලබා ගැනීමේ ස... |
"වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය 03 වැනිදා සිට" | "ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ස්ථාපිත කිරීම දිවයිනේ පළාත් 8ක ලබන ඔක්තෝබර් මස 03 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. ඒ අනුව වයඹ, දකුණ, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, උතුර සහ ඌව යන පළාත්වල පළමුව මෙම නව පද්ධතිය ක්‍රියාත්... |
"ජනමාධ්‍ය අමාත්‍යංශයක් තිබියදී සමාජ මාධ්‍ය නියාමන පනත පොලිසිය භාර ඇමැති ගේන්නේ ඇයි? – මුජිබර් රහුමාන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි" | "ජනමාධ්‍යට සහ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නීති ගෙන ඒම, පනත් ගෙන ඒම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩක්ද නැතිනම් පොලිසියේ වැඩක්ද? කියන කාරණය පිළිබඳ ප්‍රශ්නයක් මතුවන බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය. හෙතෙම මේ බව සඳහන් කළේ (26 දා) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ඒ මහතා වැ... |
"ගිනිඅවි බලපත්‍ර අලුත් කරන්න 1 වැනිදා සිට දෙසැම්බර් 31 දා තෙක් කල් දෙයි" | "2024 වසර සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට හා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීමට ඔක්තෝබර් මස 1 වැනිදා සිට 2023 දෙසැම්බර් 31 වැනිදා කල් ලබාදී ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු හා අයැදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශ www.defence.lk වෙබ් අඩවියෙන් භාගත කරගත හැක. 2023 දෙසැම්බර් මස 31 දිනෙන් පසු 2024 වර්ෂය වෙනුවෙන්... |
"චීන පර්යේෂණ යාත්‍රාව ඉන්දියන් සාගරයට" | "ෂියාන් 6 නමැති චීන පර්යේෂණ යාත්‍රාව ඉන්දියන් සාගරයට අවතීර්ණව ඇත. මෙම යාත්‍රාව ඔක්තෝබර් අගදී කොළඹට පැමිණීමට නියමිතය. 2019 සිට චීන පර්යේෂණ යාත්‍රා 48ක් ඉන්දියානු සාගරයට පැමිණ ඇත. පසුගිය සඳුදා දිනයේ විදේශ ඇමැති අලි සබ්රි ප්‍රකාශ කර තිබුණේ චීන යාත්‍රාවට ලංකාවට පැමිණීමට මෙතෙක් අවසර ලබාදී නැති බවයි. එහෙත් මීට පෙර ආරක්‍ෂක අම... |
"කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික් එකතු කරමින් සංචාරක කලාපයක් නිර්මාණය කරනවා – විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය" | "කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික්කය ඒකාබද්ධ කරමින් සංචාරක කලාපයක් නිර්මාණය කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ පසුගියදා (27) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය. පෞරාණික ස්ථාන, දියඇලි හා වෙනත් පාරිසරික අතින්... |
"නූතන පරම්පරාවේ සියලු දෙනා පවතින සංස්කෘතියට ගරු කළ යුතුයි – නාමල් රාජපක්ෂ (ශ්‍රීලපොපෙ)" | "පැරණි හා නූතන පරම්පරාවට අයත් සියලුමදෙනා පවතින සංස්කෘතියට ගරු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ තංගල්ල ශාඛා සමිතිය පිහිටුවීමේ ජනහමුවට සහභාගී වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය. සංස්කෘතියට ගරු... |
"තවදුරටත් වැසි" | "දිවයිනේ නිරිත දිග කොටසට මේ වනවිට පවතින වැසි තත්ත්වය තවදුරටත් අද දිනයෙත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (28 දා) සඳහන් කළේය. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලටත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර,... |
"මහ කන්නය වවන්න 5 වැනිදා සිට ජලය" | "මහ කන්නයේ වගාවන් සඳහා ලබන මස 05 වැනිදා සිට ජලය නිකුත්කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරයි. ඒ අනුව කලා වැව හරහා යෝධ ඇළට ජලය නිකුත්කිරීම ආරම්භ කරන බව එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා පවසයි. මහඉලුප්පල්ලම, කට්ටියාව, කලා වැව, ඉපලෝගම යන ප්‍රදේශවලට ජලය සැපයෙන අතර නොවැම්බර් මස 01... |
"මාළු මිල පහළට සාලයා රු. 250 යි" | "පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ මාළු මිල ගණන් විශාල ලෙස අඩුවී ඇතැයි එම වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා ‘දිවයින’ට පැවසීය. ඒ අනුව ඊයේ (28දා) වනවිට සාලයා කිලෝවක මිල රුපියල් 250, හුරුල්ලා කිලෝව රුපියල් 250, බලයා කිලෝව 400, අලබොඩු කිලෝව රුපියල් 400, කෙළවල්ලා කිලෝව 1400, තලපත් කිලෝව 2500, කොප්පරා කිලෝව රුපිය... |
"නඩු දෙකක 13කට මරණ දඩුවම" | "කොළඹ මහාධිකරණයේ විභාග වූ මත්ද්‍රව්‍ය නඩුවක විත්තිකරුවන් වූ ධීවරයන් පස්දෙනකුට හා කළුතර මහාධිකරණයේ විභාග වූ මිනීමැරුම් නඩුවක විත්තිකරුවන් 8 කට ඊයේ (27දා) මරණ දඬුවම නියම කෙරිණි. හෙරොයින් කිලෝ 152.341 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම ජාවාරම් කිරීම සහ ජාවාරම් කිරීමට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා තුනට වරදකරුවන් ක... |
"IMF දෙවන වාරිකය පමාවේ – දෙන දිනය කියන්න බැහැ" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත කර ඇති විස්තීරණ ණය පසුකමේ දෙවන වාරිකය ලබාදෙන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශ කළ නොහැකි බව එම අරමුදල වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින දූත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානි පීටර් බෲවර් මහතා ඊයේ (27 දා) මහ බැංකු මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. ඒ සඳහා තවදුරටත් කොන්දෙ... |
"අති තීව්‍ර මන්දපෝෂණ දරුවෝ කොළඹ හා ගම්පහත්" | "අති තීව්‍ර ළමා මන්දපෝෂණ සහිත දරුවන් සිටින දිස්ත්‍රික් අතරට ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කද පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිවී ඇත. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ අති තීව්‍ර ළමා මන්ද පෝෂණය සහිත දරුවන් 1439 දෙනකු හා කොළඹ දිස්ත්‍රික්කයේ එවැනි මන්ද පෝෂණ දරුවන් 320 දෙනකු හඳුනාගෙන ඇතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධා... |
"ජර්මනියට ගිය ජනපති අද – ‘බර්ලින් ග්ලෝබල්’ සමුළුව අමතයි" | "වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීමේ ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් වන ‘බර්ලින් ග්ලෝබල්’ සමුළුවට සහභාගි වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27 දා) අලුයම ජර්මනිය බලා පිටත්ව ගියේය. මෙම සමුළුව රටවල් රැසක රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 28 සහ 29 දෙදින (අද සහ හෙට) ජර්මනියේ බර්ලින් නුවරදී පැ... |
"බදු හදන ඇතැම් නිලධාරීන් දුම්වැටි කොම්පැණිවල සාක්කුවට වැටිලා" | "මත්පැන්, දුම්කොළ, දුම්වැටි භාවිතයෙන් රට මුදා ගැනීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම එකඟ වන්නේ නම් රටක් ලෙස පරමාදර්ශීව එය සිදු කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. දුම්කොළ සහ මධ්‍යසාර හා දුම්වැටි සම්බන්ධ බදු ගැන කතා කරන විට මහා පරිමාණ දුම්කොළ හා දුම්වැටි ව්‍යාපාරිකයන් මෙම බදු සකස් කරන නිලධාරීන් අල... |
"විහාරස්ථාන පහකට සහ දේවාලයකට පූජා භූමි සන්නස්පත්‍ර ප්‍රදානය" | "ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කළ ප්‍රදේශ පූජා භූමි ලෙස නම් කරමින් විහාරස්ථාන 5ක් හා රුවන්වැල්ල මැදගොඩ ශ්‍රී පත්තිනි දේවාලය පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කරමින් අදාළ ගැසට් පත්‍ර ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඊයේ (27දා) ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා... |
"ජයසිරි මහ බෝ හාමුදුරුවන් අබියස සියලු හමුදා ධජ ආශිර්වාද ගැන්වෙයි" | "හැත්තෑ හතර වැනි යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා සියලු ධජයන් ආශිර්වාද ගැන්වීම ඊයේ (27) ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී පැවැත්විණි. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පුණ්‍ය උත්සවය සිදු ක... |
"නීති කඩන රියැදුරන් වීඩියෝ කර එවන්න ඇප් එකක් – ඕ. අයි. ජී. ඉන්දික හපුගොඩ" | "මාර්ගයේ රියැදුරන්, පදිකයන් සිදුකරන වැරදි වීඩියෝ ගතකර මහජනතාවට පොලිස් රථවාහන මූලස්ථානයට එවිය හැකි ඇප් එකක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව පොලිස් රථවාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඊයේ (27 වැනිදා) පැවැසීය. මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව විසින් කොළඹ පදනම් ආයතනයේදී පවත්වනු ලැබූ මාධ්‍ය වැඩමුළුවේදී නියෝ... |
"චැනල් ෆෝ බොරුකාරයන්ගෙන් වන්දි ඉල්ලන්න ඕනෑ – එස්.එම්. චන්ද්‍රසේන" | "මේජර් ජනරාල් සුරේෂ් සලේ සහ සහරාන් හමු වූ බවට පිළිගත හැකි සාක්ෂි නොමැති බව චැනල් 4 නාලිකාවේ අධ්‍යක්ෂ සහ විධායක නිෂ්පාදකවරයා ප්‍රකාශ කිරීමත් සමගම චැනල් 4 චිත්‍රපටය බොරුවක් බව සනාථ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා ඊයේ (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. එහි ද... |
"අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව – සනත් නිශාන්තට එරෙහි නඩු විභාගය 27 දා ඇරැඹෙයි" | "මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩුවක විභාගය ලබන මස 27 වැනිදා ආරම්භ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (27 දා) දින නියම කළේය. එම නඩු, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා චමත් මොරායස් යන මහත්වරුන් හමුවේ කැඳවි... |
"කෝටි 6ක රන් ගෙනා 5 දෙනෙක් ගුවන්තොටේදී දැලේ" | "රුපියල් කෝටි දොළහකට අධික වටිනාකමකින් යුත් කිලෝ හයක් පමණ බර රත්තරන් තොගයක් නීති විරෝධීව මෙරටට ගෙනා පුද්ගලයන් පස්දෙනකු කටුනායක ගුවන්තොටුපළේදී ඊයේ (27 දා) අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි සිට මෙරටට පැමිණි පිරිමි අයකු හා කාන්තාවන් සිව්දෙනෙකි. ඩුබායි සිට සැකකරුවන් මෙරටට පැමිණ ඇත්තේ ගුවන්යානා දෙකකිනි. ඔ... |
"ඉඩම් වංචාවට වරද පිළිගත් අයට – දඬුවම් පැමිණවීම නොවැම්බර් 12 දා" | "එංගලන්තයේ පදිංචි මස්සිනාට අයත් රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති මීගමුවේ පොල් ඉඩම සඳහා මස්සිනා බලය පැවරූ බවට ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකසා ඉඩම වංචනිකව විකුණා පොලිසියට කට්ටි පනිමින් සිට අධිකරණයට භාරවී වරද පිළිගත් සැකකරුවකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අමිල ආරියසේන මහතා ඉක... |
"බීඩි මුදලාලිගෙන් ලක්ෂ 10ක් කප්පම් ගත් තංගල්ල සුරාබදු OIC ඇතුළු 5ක් රිමාන්ඩ්" | "වලස්මුල්ලේ බීඩි නිෂ්පාදනය කරන පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී රුපියල් ලක්ෂ 10 ක මුදලක් බලහත්කාරයෙන් ලබාගත්තේ යැයි කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙලෙස ... |
"දයාසිරිට එරෙහිව පියවර ගැනීමට මෛත්‍රී පැනවූ වාරණය ඉවතට" | "පක්‍ෂ විනය කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව පියවර ගැනීම තාවකාලිකව වළක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන හා සරත් ඒකනායක යන මහත්වරුන්ට තම අධිකරණය විසින් පසුගිය 21 වැනිදා නිකුත් කළ වාරණ නියෝගය වහාම විසුරුවා හැරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳු... |
"පෝට් සිටි ‘කොළඹ ආර්ථික කලාපය’ ලෙස වෙනස් කරනවා – ජනපති පවසයි" | "කොළඹ වරාය නගරය ‘කොළඹ ආර්ථික කලාප’ය ලෙස වෙනස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අක්වෙරළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සහිතව මෙය සිදු කරන බවත් ඊට අදාළ නීති සම්පාදන කටයුතු සිදුකරගෙන යන බවත් ජනාධිපතිවරයා පැවසීය. කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ (26දා) පැවති වාණිජ බේරුම්කරණය පිළිබඳ සම්මන්ත්‍රණයකට ... |
"හොරගොල්ලේදී බණ්ඩාරනායක යුවළගේ සහ අනුරගේ ගුණ සැමරේ" | "දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව ඊයේ (26දා) පෙරවරුවේ නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අබියසදී පැවැත්විණි. හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 23 වන ගුණ සමරුව සහ හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතාගේ 15 වන ගුණ අනුස්මරණය ද මීට සමගාමීව සිදු කෙරිණි. ප්‍රථමයෙන්ම හේවිසි වාදනය කි... |
"ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමෙන් වසර මිලියන 250කින් සියලු ක්‍ෂීරපායි සතුන් මියයනවා – බ්‍රිස්ටල් සරසවියේ විද්‍යාඥයන්ගේ පර්යේෂණයකින් හෙළි වෙයි" | "ගෝලීය උෂ්ණත්වය අධික වීම හේතුවෙන් තවත් වසර මිලියන 250කින් මිනිසුන් ඇතුළු පෘථිවිය මත සිටින සියලුම ක්ෂීරපායි සත්ත්වයන් අතුරුදන් වීම හෝ මියයෑම සිදු වන බව ‘නිව් සයන්ටිස්ට්’ සඟරාවේ පළ කර ඇති නවතම බටහිර පර්යේෂණ වාර්තාවක සඳහන් කර තිබේ. පරිගණක ආකෘතියක් ඇසුරෙන් පෘථිවියේ මහාද්වීපවල හා දේශගුණයේ දීර්ඝකාලීනව සිදුවන වෙනස්කම් සම්බන්ධ... |
"2024 අයවැය නොවැ.13දා මැතිසබයට" | "2024 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අයවැය දෙවැනි වර කියවීම නොවැම්බර් මස 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්... |
"ලබන වසරේ සිට අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩි මුදලක් වෙන් කරනවා – “සීතාවක-සිසු ඇරුණලු” වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි" | "ලබන වසරේ සිට අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩි මුදලක් වෙන්කිරීමට ආණ්ඩුවක් හැටියට අප සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කළේ පාසල් සිසු දරුවන් 12,000කට පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීම වෙනුවෙන් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පෙරේදා(25දා) පෙරවරුවේ පැවති “සීතාව... |
"රටේ බංකොලොත්භාවය ඉවත්කරලීම ජනපතිගේ මූලික අරමුණයි – එජාප සභාපති වජිර අබේවර්ධන" | "IMF දෙවන වාරිකයත් ඉදිරියේ අප රටට ලැබේවි. රටේ බංකොලොත්භාවය ලබන මාසය තුළ කෙසේ හෝ ඉවත්කරලීම ජනපති අරමුණයි. ජනතාවට සිහින මවන විපක්ෂයේ දේශපාලනය පසුපස ගියොත් රටත්, ඔබත් විපතට පත්වෙන්න පුළුවන්.” යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. ගාල්ලේදී උත්සවයකින් පසු අදහස් දැක්වූ අබේවර්ධන මහතා, ලෝක බලවතුන් ඉද... |
"අපේ රජයක් යටතේ අයි. එම්. එෆ්. ගිවිසුම නැවත සංශෝධනය කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "තමා ඇතුළු සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට ලැබුණු අවස්ථාවක දී වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම සමගි ජන බලවේග රජයක් යටතේ වැඩ කරන ජනතාවට හා පොදු ජනතාවට ගැලපෙන ලෙස වෙනස් කරන බවත් වත්මන් රජය දේශීය ණය ප්‍ර... |
"ජනාධිපතිගේ ඇමෙරිකානු සංචාරයෙන් රටට හිතකර ප්‍රතිලාභ රැසක් හිමි වෙනවා – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කළද එම සංචාරය නිසා රටට හිතකර ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. විජයවර්ධන මහතා මේබව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පෙරේදා (25දා) ජනාධිපති මාධ... |
"රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය" | "රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ආයතනික ප්‍රතිසංස්කරණයක් ලෙස ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම 2022 අතුරු අයවැය මගින් අවධාරණය කරනු ලැබූ අතර ණය කළමනාකරණය ඉහළ නැංවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ද ප්‍රමුඛ තත්ත්වයක් ලෙස හඳුනා ගෙන ඇත.... |
"ගිය වසරට වඩා මේ අගෝස්තුවේ අපනයන ආදායම බැහැලා – අපනයන සංවර්ධන මණ්ඩලය කියයි" | "ගිය වසරේ (2022) අගෝස්තු මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව මේ වසරේ (2023) අගෝස්තු මාසයේ අපනයන ආදායම සියයට 10.91 කින් අඩු වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. විශේෂයෙන්ම ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි අංශවල අපනයන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම වෙළෙඳ භාණ්ඩ අප... |
"ඝාතනයවූ ලලිත් වසන්ත මෙන්ඩිස්ගේ දේහයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවසන් ගෞරව දක්වයි" | "තම ව්‍යාපාරික ස්ථානයේ සිට නිවස බලා එමින් සිටියදී පසුගියදා සිය මෝටර් රථය තුළදී සාහසික ලෙස වෙඩිතබා ඝාතනය කෙරුණු විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාගේ මාමණ්ඩිය වූ ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් මහතාගේ දේහයට පෙරේදා (25දා) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වූ අයුරු. ගාල්ලේ වුඩ්වඩ් මාවතේ දේහ... |
"තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය නොවැ.3දා සිට BMICH හිදී" | "ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය’ නොවැම්බර් මස 03 වැනිදා සිට 05 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ. ‘ඩි... |
"කඩින්කඩ වැසි සමඟ රට පුරා ඩෙංගු අධි අවදානම් කලාප 12ක්" | "පවතින වැසි තත්ත්වය සමඟ දිවයිනේ ඩෙංගු අධි අවදානම් කලාප 12 ක් නම් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව දිවයිනෙන්ම මේ වන විට ඩෙංගු රෝගීන් 64,139 දෙනකු වාර්තා වන බවත්, ඩෙංගු මරණ 38 ක් වාර්තා වන බවත් පවසන එම ඒකකය ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත් එම සංඛ්‍යාව 31,013 ක් බවත් කියයි.... |
"එදා නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් අත්අඩංගුවට නොගන්නැයි කහවත්ත ඕඅයිසීට බලපෑම් කළාට සබරගමුව හිටපු SDIG ලලිත් වසර 5ක් හිරේට" | "විපක්‍ෂයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීම සඳහා වේදිකාවක් සකස් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර තැබූ වෙඩි ප්‍රහාරයක් සම්බන්ධයෙන් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට නොගන්නා ලෙසට කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ සබරගමුව පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ... |
"මාස 8ට කෝටි දහනව දහසක රන්බඩු උකස් කරලා – පවුල් ලක්ෂ 11ක් ගෙදර බඩුමුට්ටු විකුණලා" | "මේ වසරේ ගෙවීගිය මාස 08 ක කාලය තුළ රුපියල් කෝටි 19,000 ක රන් භාණ්ඩ උකස් කර ඇති බව සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (25 දා) පැවසීය. ජනතාවට ජීවත්වීමට නොහැකි නිසා නිවෙස්වල තිබූ මාරු කාසි මුදල් කැට ලක්ෂ 05 කට වැඩි ප්‍රමාණයක් බැංකුවලට රැගෙන ගොස් ඇති බවත්, පවුල් ලක... |
"රටේ ආර්ථික ඝාතනයක් කර තිබේ නම් වගකිවයුත්තන් හඳුනා ගැනීමට පරීක්‍ෂණයක් කළ යුතුයි – මහ බැංකු අධිපති" | "රටේ උත්තරීතර ව්‍යවස්ථාවද උල්ලංඝනය කරමින් යමෙකු ආර්ථික ඝාතනයක් කර ඇත්නම් ඊට වගකිවයුත්තන් හඳුනා ගැනීමට සම්පූර්ණ පරීක්‍ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (25 දා) පැවසීය. රටේ ව්‍යවස්ථාවට පටහැනි ලෙස එලෙස හානිකර අන්දමින් හිටපු ජනාධිපති එවක මුදල් ඇමැති හෝ මහ බැංකුවේ බලධාරීන් කටයුතු කර ත... |
"ජනපති සහ අයිඑම්එෆ් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (26දා) පැවැත්වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන සමාලෝචන සාකච්ඡා පසුගිය 14 වැනිදා ආරම්භ කර තිබුණි. මෙම සමාලෝචන සාකච්ඡා මාලාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ විස්තීර්ණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සුරක්ෂිත කිර... |
"රාජගිරියේ රිය අනතුර: – පාඨලීගේ සහ ඒඑස්පීගේ ඇප කොන්දේසි ඉවතට" | "2016.02.28 වැනිදා රාත්‍රී රාජගිරිය ප්‍රදේශයේදී සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා රිය අනතුරකට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය සාකෂි නිර්මාණය කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ පළමුවන විත්තිකාර හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක හා සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන මහත්වරුන්ට පනවා ඇති ඇප කොන... |
"තල්දූවේ ද්විත්ව ඝාතනයට මන්නා රමේෂ්ගේ කල්ලියේ 4 ක් අල්ලයි – සැකකරුවන් අතර හිටපු මාධ්‍යවේදියකුත්" | "අවිස්සාවේල්ල තල්දූව ගුරුපස්ගොඩ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් යමින් සිටි තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්නා රමේෂ් නමැති පාතල නායකයාගේ කල්ලියේ සාමාජිකයන් සිවුදෙනකු විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පෙරේදා (24 දා) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අතර විද්‍යුත් සහ මුද්‍රිත ම... |
"ශ්‍රී ලංකාවට එන චීන නැව ගැන ඇමරිකාව කනස්සල්ලෙන්" | "ලබන ඔක්තෝබර් මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත චීන පර්යේෂණ යාත්‍රාව ගැන ඇමරිකාව කනස්සල්ල පළකර තිබේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උප ලේකම් වික්ටෝරියා නුලන්ස් මහත්මිය මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමග පැවැති සාකච්ඡාවේදී මේ කරුණු අනාවරණය කර ඇත. ෂියාන් 6 පර්යේෂණ යාත්‍රාව ලංකාවට පැමිණෙන්නේ නාරා ආයතනය හා එක්ව සමුද්‍ර ගව... |
"ප්‍රතිත්‍රස්ත පනත හා මාර්ගගත ආරක්ෂණ පනත සම්මත වුණොත් ගැටලු ගොඩක්- ජී. එල්. පීරිස්" | "ආණ්ඩුව මගින් ගෙන ආ ප්‍රතිත්‍රස්ත පනත හා මාර්ගගත ආරක්ෂණ පනත සම්මත වුවහොත් දේශපාලනික, ආර්ථික හා සමාජයීය වශයෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (25 දා) පැවසීය. මෙම පනත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කිරී... |
"එකම සමාගමෙන් වැඩි මිලට ඖෂධ ගැනීමෙන් රු. බිලියන 30 ක් නාස්ති වෙලා – පුබුදු ජයගොඩ" | "වසර ගණනාවක් තිස්සේ එක සමාගමකින් වැඩි මිලට ඖෂධ මිලදී ගැනීම හරහා මහජන මුදල් රුපියල් බිලියන 30 ක් එම සමාගමට ගෙවා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. වෘත්තිකයන් විදෙස්ගත වීමට බලපෑ උපයන විට බද්දෙන් වසරකට ලැබෙන්නේ රුපියල් බිලියන 48 ක් බවත් එක සමාගමකින් වැඩි මිලට ඖෂධ ගැනීම නිසා බිලියන 30 ... |
"ගාල්ලේ ව්‍යාපාරිකයාගේ සිරුරේ තිබූ උණ්ඩ කොටස් රස පරීක්ෂකට යවයි" | "වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය ගාල්ලේ කෝටිපති ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් මහතාගේ සිරුරේ තිබූ වෙඩි උණ්ඩ කොටස් කිහිපයක් පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි. මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුරේ තිබී උණ්ඩ කොටස් 04 ක් පමණ පශ්චාත් ... |
"අපේ ආණ්ඩුවකින් ගොවි නිෂ්පාදනවලට ස්ථාවර මිලක් ලබාදෙනවා" | "ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් පාරිභෝගිකයාටත් ගොවි ජනතාවටත් තමන්ගේ ඵලදාව විකිණීම සහ මිලදී ගැනීම සඳහා ස්ථාවර මිලක් අපි ලබාදෙන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියයි. පෙරේදා පැවති ජාතික ජන බලවේගයේ ඌව පරණගම ආසන සමුළුව අමතමින් ඔහු මෙසේද කියා සිටියේය. රනිල් වික්‍රමසිංහ ජාතික ජන බලවේගයේ නැගිටීම, වර්ධනය, ඡන්ද කල්දාලා අඩපණ ක... |
"මනූෂගේ ‘The Right Eye’ ජනපති ප්‍රධානත්වයෙන් එළිදකී" | "කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් රචිත ‘The Right Eye’ ගවේෂණාත්මක කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පෙරේදා (24 දා) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සිදු විය. කෘතියේ පළමු පිටපත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනු... |
"පාස්කු ප්‍රහාරය ගැන මෙරට පරීක්‍ෂණ සාධාරණ නොවුණොත් ජාත්‍යන්තරයට යන්න වෙනවා" | "පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව තමා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා සිටියේ මෙරට සාධාරණ පරීක්‍ෂණයක් සිදු නොවුණහොත් පමණක් යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දෙව්මැඳුරේ ස්වර්ණ ජයන්ති මංගල්‍යයේදී ප්‍රකාශ කළේය. මේ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විනිවිද පරීක්‍ෂණයක් පවත්වන්නේ නම් පාස්කු ඉරිද... |
"අයිඑම්එෆ් නියෝජිතයෝ විපක්ෂ නායක ඇතුළු පිරිසක් හමුවෙති" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (25දා) විපක්ෂ නායක කාර්යාලයේදී සිදු විය. එහිදී දෙපාර්ශ්වය අතර මෙරට ආර්ථික, සමාජීය, දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගැනීම සිදු වූ අතර වත්මන් රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එළැඹ ඇති ගිවිසු... |
"ශාෆ්ටර්ගේ දේහය පවුලේ ඥාතීන්ට භාරදීමට නියෝග" | "අබිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දේහය අවසන් කටයුතු සඳහා ඔහුගේ වැඩිමහල් සොහොයුරු රමේෂ් ශාෆ්ටර් ඇතුළු පවුලේ ඥාතීන්ට භාරදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (24 දා) නියෝග කළාය. භූමදානය කොට තිබියදී මරණය සිදුවූ ආකාරය නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා නැව... |
"රාජ්‍ය ඇමැති චානකගේ මාමණ්ඩිය ඝාතනය සුජීගේ නියෝගයක්" | "රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතාගේ මාමණ්ඩිය (බිරිඳගේ පියා) කෝටිපති ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා ගාල්ල නගර මධ්‍යයේ සිය මෝටර් රථය තුළදී පෙරේදා (23 දා) රාත්‍රි හිසට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයකු වන කොස්ගොඩ සුජීගේ නියෝග මත ඔහුගේ ගෝලබාලයන් විසින් බව විමර්ශනවලින... |
"එක්ස්ප්‍රස් පර්ල් හානියට රක්‍ෂණ සමාගමෙන් ඩොලර් අටලක්‍ෂ අනූදහසක් ගෙවයි" | "එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව අතුරු දීමනාවක් ලෙස ඇමරිකානු ඩොලර් අටලක්‍ෂ අනුදහසක් (890,000) මහ භාණ්ඩාගාරය වෙත ලැබී ඇත. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්‍ෂණ සමාගම විසින් අදාළ ගෙවීම සිදුකර ඇති අතර එම මුදල නීතිපති දෙපාර්තමේන්තුව මගින් මහ භාණ්ඩාගාරය වෙත ලැබී තිබේ. මීට අමතරව මේ සම්බන්ධයෙන් රුපියල් මිලියන 16 ක මු... |
"රෝහලේ පෝලිම පැන්න විනිසුරුගේ බිරිඳ සමඟ බහින්බස් වුණැයි රිමාන්ඩ් කළා" | "වෛද්‍යවරයකු හමුවීම සඳහා පෝලිමේ සිටියදී පෝලිම් පැන්න මහෙස්ත්‍රාත්වරයකුගේ බිරිඳ සමඟ බහින්බස් වූයේ යැයි චෝදනා කරමින් තමා සහ තම බිරිඳ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගත් රාගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසගෙන් රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා තරුණ අඹු සැමි යුවළක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිව... |
"ජනපති යළි දිවයිනට" | "කියුබාවේ සහ ඇමරිකාවේ නිල සංචාරය නිමා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24 දා) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. ජනාධිපතිවරයා ඇතුළු සංචාරයට එක්වූ පිරිස ඊයේ පෙරවරු 8.30 ට පමණ මෙරටට පැමිණි බව වාර්තා විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 15 හා 16 දෙදින කියුබාවේ හවානා නුවර පැවැති ‘ජී – 77’ නායක සමුළුවට සහභාග... |
"නව ත්‍රස්ත විරෝධී පනතට හා මාර්ගගත ක්‍රම පිළිබඳ පනතට නීතිඥ සංගමයේ විරෝධය" | "ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී සහ මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත් මගින් සමාජයට බලපෑම් එල්ල විය හැකි බැවින් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. මෙම පනත් දෙක වහාම ඉවත්කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ද එම සංගමයේ සභාපත... |
"මැලේසියාවේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඝාතනය කරලා" | "මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඝාතනයට ලක් වී තිබේ. මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනා අවුරුදු 20 ත් 40 ත් අතර පසුවෙන්නන් බවත් මෙම මියගිය තිදෙනාගේ සිරුරු සෙන්තුල් ප්‍රදේශයේ තිබෙන ශ්‍රී ලාංකික යුවළකට අයත් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ නිවසේ තිබී සොයා ගත් බවත් ක්වාලාලාම්පූර් පොලිසිය නිවේදනය කර තිබේ. මේ ඝාතන... |
"හිටපු ඩීඅයිජීගේ බැංකු කාඩ්පත් 2ක් සොරාගෙන ලක්‍ෂ 2ක් ඇදලා" | "හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාගේ නිවසට ඇතුළුවූ පුද්ගලයකු ඔහුගේ බැංකු කාඩ්පත් 2 ක් සොරාගෙන ගොස් තිබේ. මේ පිළිබඳ කළ විමසීමකදී හෙක්ටර් ධර්මසිරි මහතා කීවේ මෙම බැංකු කාඩ්පත්වලින් රුපියල් ලක්‍ෂ 2 කට ආසන්න භාණ්ඩ රැගෙන ඇති බවය. මිනුවන්ගොඩ පොලිසිය මේ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරයි. නෝමන් පලිහවඩන" |
"හරක් කටා සහ කොස්තාපල් මාතර වෙරළට ගෙන යෑමේ කොන්ත්‍රාත්තුව ගත් 2 ක් දැලේ" | "ආරක්‍ෂකයන්ට වෙඩි තබා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායෑමෙන් පසු හරක් කටා සහ පොලිස් කොස්තාපල්වරයා මාතර වෙරළ තීරය වෙත රැගෙන යෑමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටි ප්‍රධාන සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (23 දා) අත්අඩංගුවට ගෙන ඇත. හරක් කටා සහ පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලාගිය පසු... |
"ලංකාව බංග්ලාදේශයේ ණය ගෙවා අවසන් කරයි" | "ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200 ණය මුදල ගෙවා අවසන් කර ඇත. පසුගිය බ්‍රහස්පතින්දා අවසන් ඩොලර් මිලියන 50 හා පොලිය වූ ඩොලර් මිලියන 4.5 ගෙවා අවසන් කර ඇත. අගෝස්තු 20 වැනිදා ඩොලර් මිලියන 50 ක් ද, අගෝස්තු 31 වැනිදා ඩොලර් මිලියන 100 ක් ද මුලින් ගෙවා තිබිණි. මේ බව බංග්ලාදේශ මහ බැංකුව විසින් තහවුරු කර ඇති බව එරට... |
"කොවිඩ් සමයේ විවෘත කළ අනුක ජීවී රසායනාගාර 32න් දැන් තිබෙන්නේ 4යි" | "රට තුළට ඇතුළුවන වෛරස් රෝගී තත්ත්වයන් ගැන පරීක්‍ෂණ සිදු කිරීමට කොවිඩ් සමයේ ආරම්භ කෙරුණු අනුක ජීවී රසායනාගාර 32න් දැන් විවෘතව ඇත්තේ රසායනාගාර 4ක් බව සෞඛ්‍ය වෘත්තීය විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ‘දිවයින’ ට ඊයේ (24 දා) පැවසීය. වෛරස් තත්ත්වයන් පැමිණිය හැකි කටුනායක ගුවන් තොටුපළ හා මුල්ලේරියාව ස්ථාපිත කළ ප්‍රධානම අ... |
"ලබන වසරේ පළමු පාසල් වාරයට පෙර පෙළ පොත් දෙනවා- ඇමැති සුසිල් කියයි" | "ලබන වසරේ (2024) පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර පාසල් පෙළපොත් සිසුන් අතට පත් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 2024 වර්ෂයේදී පාසල් නිල ඇඳුම් හා දිවා ආහාරය ද නිසි කලට ප්‍රමාණවත් පරිදි ලබාදීමට කටයුතු කරන බවත්, 2024 වසරට අදාළ විෂය නිර්දේශය ද ආවරණය කර කොවිඩ් සමයේ මඟහැරුණු අධ්‍යයන කටයුතු යථා තත්ත්වයට පත්... |
"ලක්‍ෂ 1100 ක් ගිල්ලත් වැඩේ බාලයි – මුන්දලම ප්‍රා. ලේකම් කාර්යාලයේ ගොඩනැඟිල්ල ගැන පරීක්‍ෂණයක්" | "රුපියල් ලක්ෂ 1100 ක මහජන මුදල් වැයකර පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකර තිබෙන දෙමහල් ගොඩනැඟිල්ල, ප්‍රමිතියෙන් තොරව ඉදිකර ඇති බවට නිරීක්‍ෂණයවීම නිසා වහාම ඒ ගැන පරීක්‍ෂණයක් සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දුන් බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති... |
"ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික යටිතල පහසුකම් සංවර්ධන හවුල්කරුවකු ලෙස සෞදි අරාබිය" | "(මෙම ලිපිය පළවන්නේ සෞදි අරාබියේ 93 වැනි ජාතික දිනය නිමිත්තෙනි.) සෞදි අරාබිය යනු මැද පෙරදිග බලගතු ප්‍රමුඛ රටක් වන අතර ලෝක බලවතුන් සමඟ පමණක් නොව මුස්ලිම් නොවන සියලුම රටවල් සමඟද සමීප මිත්‍රත්වයක් පවත්වා ගෙන යන රටකි. සෞදි අරාබිය ලෝක රටවල ප්‍රගතිය සඳහා පමණක් නොව ආපදා ඇතුළු හදිසි අවස්ථා වලදී මානුෂීය ආධාර සහ සහයෝගීතාව ලබාදීම... |
"සමාජ මාධ්‍ය මර්දනය කරන්න ආවොත් ඊළඟ අරගලය අපි අරඹනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "වත්මන් රජය සෑම අවස්ථාවකම මිනිසුන්ගේ නිදහස අහෝසි කිරීමට උත්සාහ කරන බවත් එහි අලුත් ප්‍රවණතාව වන්නේ සමාජ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමට, බාධා කිරීමට හා අවහිර කිරීමට කටයුතු කිරීම බවත් ඒ සඳහා මාර්ගගත දත්ත සුරක්ෂිතභාවය යන වචන ඉදිරිපත් කර සමාජ මාධ්‍යවල අයිතිය රජය අතට ගෙන මාධ්‍ය මර්දන ක්‍රියාවලියකට මුල පුරා ඇති බවත්... |
"‘ආර්ථික ඝාතනය‘ ග්‍රන්ථය අද ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ජනගත කෙරේ" | "මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත ‘ආර්ථික ඝාතනය’ කෘතිය ජනගත කිරීම අද (25 වැනිදා)පෙ.ව.11.30 සිට ප.ව 1.00 දක්වා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී සිදු කරනු ලබයි. රට බංකොළොත් කිරීමේ ඇත්ත කතාව හෙළිදරව් කරමින් සහ ඊට බලපාන ලද දිගුකාලීන සහ කෙටිකාලීන හේතු ආර්ථීකමය වශයෙන... |
"මෙරට මන්දපෝෂණය ගැන සෞඛ්‍ය ඇමැතිගේ ප්‍රකාශය අසත්‍ය වගකීම් විරහිත බව ඔප්පු වුණා" | "මෙරට මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අසත්‍ය සහ වගකීම් විරහිත ප්‍රකාශයක් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් නිකුත් කළ නවතම පෝෂණ වාර්තාවෙන් ඔප්පු වී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ... |
"කෝටි 35ක බෙහෙත් රෝහල්වලින් ඉවතට" | "රජයේ රෝහල් සඳහා නිකුත් කළ වෛද්‍ය සැපයීම් අතුරින් රුපියල් තිස්හතර කෝටි අනූලක්ෂ, විසිපන්දහස් හයසිය හතළිස් හතරක් (349,025,644) වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත්වීම මත ඉකුත් වර්ෂයේදී (2022) භාවිතයෙන් ඉවත්කර තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම විගණන වාර... |
"සෞභාග්‍යවත් අනාගතයකට රට මෙහෙයවනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ එ.ජා සමුළුව අමතමින් කියයි" | "වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිඳියාවෙන් යුත් සෞභාග්‍යයවත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ දී ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 78 වැන... |
"උ/පෙළ මසකින් පමණ කල් යයි" | "2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය මසකට වැඩි කාලයකින් කල් යනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී. මෙම විභාගය නොවැම්බර් මස 27 වැනිදා ආරම්භ කර දෙසැම්බර් මස 21 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් සිසුන් විශාල පිරිසක් මෙම විභාගය කල් දමන ලෙසට ඉල්ලීම් කරන ලද අතර ආණ්ඩු පක්ෂය... |
"දුම්රිය සංඥා නවීකරණයට ඉන්දියාවෙන් කෝටි 490ක් ගිවිසුමට අත්සන් තැබේ" | "ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ දුම්රිය සංඥා සහ සන්නිවේදන පද්ධතිය නවීකරණයට රුපියල් කෝටි 490 ක මුදලක් ලබා ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇත. ඒ අනුව මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ සංඥා සහ සන්නිවේදන පද්ධතිය නවීකරණය කිරීම සිදු කරනු ලබයි. අදාළ ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්... |
"පුනර්ජනනීය ව්‍යාපෘති අල්ලා හිර කරගෙන – වාණිජ මණ්ඩලයේ ලේකම් කියයි" | "ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 3500ක් එක් කළ හැකි පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති (සුළං සහ සූර්ය) විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා විදුලිබල මණ්ඩලය මගින් නවතා ගෙන සිටින බව ශ්‍රී ලංකා ජාතික වාණිජ්‍ය මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා කියයි. දැනට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සිදුකරන සමාගම් හා අලුති... |
"නීපා ගැන අනියත බියක් එපා – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන" | "දකුණු ඉන්දීය ප්‍රාන්තයක් වන කේරළයේ දිස්ත්‍රික්කයක පැතිර යන මාරාන්තික නිපා වෛරස් ආසාදනය මෙරටට පැමිණීමේ අවදානමක් නොමැති බැවින් ඒ පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ‘ෆෘට් බැට්’ නමැති වවුල් ප්‍රභේදය හේතුවෙන් කේරළයේ දිස්ත්‍රික්කයක පැතිර යන... |
"සම්පත් බැංකුවේ දායකත්වයෙන් කඨින චීවරය කොරියාවට" | "දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටත් ඔවුන්ගේ මෙතෙර ඥාති හිතමිත්‍රාදීන්ටත් එකම පිංකමකට සහභාගි වන්නට සම්පත් බැංකුව පසුගියදා අවස්ථාව ලබාදුනි. ඒ දකුණු කොරියාවේ තේගු නගරයේ ශ්‍රී ලංකාරාමයට වඩමවනු ලබන වන්දනීය කඨින චීවරය මෙරට විද්වතුන්ට වැඳ පුදා ගැනීමට කොළඹ ගංගාරාමයේ තැන්පත් කිරීමේ අවස්ථාවයි. ගංගාරාම විහාරාධිකාරි කිරින්දේ ... |
"වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනවසර ඉදිකිරීම් කඩන ඕඩර් කර ඇරලා" | "වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ඉකුත් වසර 10ක කාලයේ දී (2012-/2022) අනවසර ඉදිකිරීම් 2,228ක් කඩා ඉවත් කිරීමට නියෝග කළද ඉන් අනවසර ඉදිකිරීම් 2069ක් ඉවත් කිරීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙකී දත්තයට අනුව මෙම කාලයේ දී ඉවත් කර ඇත්තේ අනවසර ඉදිකිරීම් 159කි. එමෙන්ම 2021 – 2022 වර්ෂ... |
"අලි සබ්‍රි රහීම් සියලු කමිටුවලින් දොට්ට! – සජිත්ගෙන් යෝජනාවක්" | "අනවසරයෙන් රත්තරන් සහ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන රැගෙන ඒමට වරදකරුවකු බවට පත්වූ පුත්තලම දිස්ත්‍ර්‍රික් මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා පාර්ලිමේන්තුවේ සියලුම කම්ටුවලින් නෙරපිය යුතු බවට වූ විශේෂ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එය පාර්ලිමේන්තුවට ඉකුත් 22දා ඉදිරිපත් කළේය. රහීම් මන්ත්‍රීවරයා රුපියල් මිලියන 74ක් වටි... |
"දෙවැනි වාරිකය ගන්න ජනපති 26 දා අයි.එම්.එෆ් ගිවිසුමකට අත්සන් කරයි" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබන 26 වැනි දා අත්සන් තැබීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ මෙම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සහ රජය අතර... |
"සයිනොපෙක් ෂෙඩ් 50ක්" | "චීන සයිනොපෙක් සමාගම මේ වනවිට රට පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් පනහක ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත. එම සමාගම සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුමට අනුව මෙරට පුද්ගලික ව්‍යාපාරිකයන්ට අයත් ඉන්ධනහල් එකසිය පනහක ව්‍යාපාර කිරීමට වෙන්කර දී තිබේ. එම ඉන්ධනහල් එකසිය පනහෙන් දොළහක් තාමත් චීන සයිනොපෙක් සමඟ ගිවිසුම්ගතවී නැති අතර ඊට තාක්‍ෂණික හේතු ... |
"රත්තරන් සබ්‍රි කම්ටුවලින් ඉවතට!" | "පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු කාරක සභා නියෝජනය අත්හිටුවීම සඳහා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගෙන එන ලද යෝජනාවට ඊයේ පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවිය. අනවසරයෙන් රත්තරන් සහ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන රැගෙන ඒමට වරදකරුවකු බවට පත්වූ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා... |
"කොස්තාපල්ගේ සහයෙන් සී.අයි.ඩී යෙන් එළියට අරන් – හරක්කටා ගෙන යන්න ආ අයත් අල්ලයි" | "පාතාල කල්ලි නායක හරක්කටා ආරක්‍ෂක නිලධාරීන්ට වෙඩිතබා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යෑමේ සැලසුම සාර්ථක වී නම් ඔහු සහ ඔහුට සහාය දුන් පොලිස් කොස්තාපල්වරයා රටින් පිටකිරීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටි කණ්ඩායමේ සාමාජිකයකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. හරක්කටා සහ පොලිස් කොස්තාපල්වරයා කොළඹ සිට මාතර දක්වා ර... |
"තිරසර ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවනවා – එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි" | "වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමවත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කළේය. මෙම ඉලක්කය කරා ළඟා වීමට, ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.