Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"තනිකම හා ‘ඩිමෙන්ෂියාව’ ඇති වැඩිහිටියන් වැඩි වෙලා – මානසික රෝග වෛද්‍ය මල්ෂා ගුණතිලක"
"තනිකම හා ‘ඩිමෙන්ෂියාව’ යන රෝග තත්ත්වයෙන් පෙළෙන ශ්‍රී ලාංකීය වැඩිහිටියන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පැවතීම හේතුවෙන් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව මානසික රෝග වෛද්‍ය මල්ෂා ගුණතිලක මහත්මිය පවසන්නීය. මෙරට වැඩිහිටියන්ගෙන් සියයට 6 ත් 7ත් අතර ප්‍රතිශතයකට ‘ඩිමෙන්ෂියා’ රෝගය පවතින බවත් රට හැර යන දූ දරුවන් හ...
""ගෑස්, ජලබිල්, විදුලිබිල් නැගලා ජනතාවට ජීවත් වෙන්න බෑ – සජිත් මැතිසබයේ දී කියයි""
"ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 343කින් වැඩි වීම, ජල බිල සහ විදුලි බිල ඉහළ දැමීම තුළ ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05 දා) පැවසීය. එලෙස මිල ඉහළ දමා ආර්ථිකය කුඩා කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වී ඇති බවත් මේ මොහොතේ ජනතාවගේ ආදායම් මාර්ග ද විශාල වශයෙන් අඩු...
"සිවිල් ගුවන් සේවාවේ සියලු කටයුතු ජාත්‍යන්තරයට සුදුසු පරිදි පුළුල් කරනවා – වරාය නාවික හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා"
"සිවිල් ගුවන් සේවාවට අයත් සියලු කටයුතු ඒකාධිකාරිත්වයකින් තොරව ජාත්‍යන්තරයට සුදුසු පරිදි පුළුල් කිරීමට සැලසුම් කර ඇති බව වරාය නාවික හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල්සිරිපාල ද සිල්වා මහතා ඊයේ (5 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය. මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) ප්‍රකාශ කළේය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය...
"රංජිත් මද්දුමබණ්ඩාර මට බැල්ලි කිව්වා: මේක වාචික ලිංගික හිංසනයක් – ඩයනා මැතිසබයේදී කියයි"
"සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් තමන්ට බැල්ලි යැයි කියමින් අසභ්‍ය වචනවලින් බැණ වැදීම තමන්ට කරන ලද වාචික ලිංගික අතවරයක් යැයි සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (05දා) ප්‍රකාශ කළාය. එම කතාව මගින් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩ වූ බවත් එ...
"අරගලය කාලේ හානි වූ වාහන 174කට මිලියන 354ක්"
"ඉකුත් වර්ෂයේ දී (2022) රටේ පැවැති නොසුන්සුන්කාරී වාතාවරණයේ දී හානියට පත් මෝටර් රථ 174 සඳහා මෝටර් රථ රක්ෂණය යටතේ රුපියල් මිලියන 354ක මුදලක් හා මෝටර් රථ නොවන රක්ෂණය යටතේ ලිපිගොනු 54ක් සඳහා රුපියල් බිලියන 1.2ක මුදලක් ගෙවා ඇති බැව් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේ දී අනාවරණය විය. ජාතික රක්ෂණභාර අරමුදල මගින් මෙම මුදල...
"රිළා කතා ආයෙත් මැතිසබයට: සතුන්ගෙන් වන වගා හානි වළක්වන්න පරිසර සංවිධාන දුන් විසඳුම් අසාර්ථකයි – ඇමැති අමරවීර"
"රිළවා, වඳුරා, ඉත්තෑවා, මොනරා, දඬුලේනා ආදී වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානිය වළක්වා ගැනීමට මෙරට පරිසර සංවිධාන ලබා දී ඇති යෝජනා අසාර්ථක යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05 දා) ප්‍රකාශ කළේය. පරිසර සංවිධාන විසින් ලබා දුන් යෝජනා වනුයේ අක්කර 05ක් වගා කරන්නේ නම් සතුන් සඳහා අක්කර භාගයක් වෙන් කර දෙ...
"සෞඛ්‍ය තෘතික සේවා අධ්‍යක්‍ෂකගේ ලිපියට GMOA විරෝධය"
"වෛද්‍යවරුන්ගේ පශ්චාත් උපාධි පුහුණුවේ අවසන් අදියර වන අනිවාර්ය විදේශ පුහුණුව සඳහා පිටත්වීමට අදාළ බැඳුම්කරය පිළිබඳ තොරතුරු ඇතුළත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතික සේවා අධ්‍යක්‍ෂවරයා විසින් නිකුත්කර ඇති ලිපිය කිසිදු පිළිගත් ක්‍රියා මාර්ගයකින් තොරව, ගිවිසුම් ද වෙනස් කරමින් ඉදිරිපත් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා ...
"වතු ප්‍රජාවට සෞඛ්‍ය හා යටිතල පහසුකම් ලබාදීම කඩිනම් කළ යුතුයි – අගමැති දිනේෂ් ගුණවර්ධන"
"උඩරට වතු ප්‍රජාවට නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් ලබාදීම කඩිනම් කළ යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (05 වැනිදා) සඳහන් කළේය. එම ප්‍රජාව වසර දෙසීයක් මුළුල්ලේ රටේ ආර්ථිකය සවිමත් කළ බවත් හෙතෙම පැවසීය. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (05 වැනිදා) එම අදහස් පළ කළේ කඳුකරයේ වතු ප්‍රජාවගේ ආගමනයට වසර දෙසීයක් කැපවී...
"අයවැය කෙටුම්පත සභාගත කෙරේ"
"ලබන වසර (2024) සඳහා අයවැය විසර්ජන පනත් කෙටුම්පත සභානායක, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදීම අදාළ පනත් කෙටුම්පත සභානායක විසින් ඉදිරිපත් කරන ලද අතර එය ලබන වසර සඳහා වන මුදල් වර්ෂය වෙනුවෙන් රටේ සේවා වියදම් සහ එම සේවා කාර්යන්...
"ගංවතුරෙන් පීඩාවට පත් මාතර ජනතාවට සහන දෙන්න – ජනපතිගෙන් දිසාපතිට උපදෙස්"
"අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එම ජනතාවට අවශ්‍ය පිසූ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් නොඅඩුව සපයා දෙන ලෙසත් එම...
"බෝම්බ ප්‍රහාර වාර්තාව ටීඅයිඩීයම අස්කර ගනී"
"කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි ස්ථාන කිහිපයක් ඉලක්ක කොට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ලවිය හැකි බව කියමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් පෙරේදා (04 දා) අධිකරණයට ඉදිරිපත් කොට තිබූ තොරතුරු වාර්තාව එම කොට්ඨාසය විසින්ම ඊයේ (05දා) ඉල්ලා අස්කර ගන්නා ලදි. අධිකරණයේ සිට බන්ධනාගාර බස් රථයකින් බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටි එක්ත...
"නැව ගැන තීරණය ජනපතිගේ චීන සංචාරයෙන් පසු"
"ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයෙන් පසුව චීන පර්යේෂණ යාත්‍රාවට මෙරට වරායන්ට පැමිණීමට අවසර ලබාදීම ගැන තීරණය කෙරෙනු ඇත. ෂියාන් 6 චීන පර්යේෂණ යාත්‍රාවේ ලංකා ගමන ගැන ඉන්දියාව, ඇමරිකාව හා ජපානය ද විරෝධය දක්වා ඇත. මෙම යාත්‍රාව ලබන 25 වැනිදා කොළඹට පැමිණෙන බව කලින් නිවේදනය කර තිබිණි. නමුත් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ ක...
"රාජ්‍ය ව්‍යාපාර 85ක ඉරණම දෙදරයි – 15 ක් වසා දමයි"
"මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය විසින් තවත් රාජ්‍ය ව්‍යාපාර 85ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා හඳුනාගෙන ඇත. එසේම දැනට අක්‍රීය තත්ත්වයේ පවතින රාජ්‍ය ව්‍යාපාර ආයතන 15ක් ඈවර කිරීමට ද එම ඒකකය විසින් හඳුනාගෙන තිබේ. මෙම ආයතන මුළුමනින්ම රාජ්‍ය අයිතියෙන් බැහැර කරනවා ද එසේ නැත්නම් යම් කොටස් ප්‍රමා...
"දෙදෙනකුගේ ගුටි කෙළියකින් – දුම්රිය ප්‍රමාදයි – මගීහු අනාථයි"
"දුම්රිය සේවකයන් දෙදෙනකු අතර මාලිගාවත්ත දුම්රිය අංගණයේදී ඇතිවූ ගුටි බැට හුවමාරුවක් මුල්කරගෙන ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසා දුම්රිය ප්‍රමාද වී මගීහු ඊයේ (04 දා) දැඩි අසීරුතාවට පත්ව සිටියහ. මෙම ගැටුම ඇතිවී ඇත්තේ දුම්රිය ආරක්ෂක අංශයේ සේවකයකු හා නියාමකයෙක් අතරය. මෙම ගැටුමෙන් පසු එම සේවකයන් දෙපළ නියෝජනය කරන වෘත්තීය ...
"රැඳවියා විසි කළ තුණ්ඩුවෙන් සියල්ල හෙළිවෙයි – කොළඹට යළිත් බෝම්බ බියක්"
"කොළඹ ප්‍රදේශයේ පිහිටි ඉලක්කගත ස්ථාන කිහිපයක් මුල්කරගෙන ඉදිරි දින කිහිපය තුළදී බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් වහාම විධිමත් වාර්තාවක් තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (04 දා) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්...
"ගෑස් නගී"
"ඊයේ (04දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින් ඉහළ දැමෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. එම මිල වැඩි කිරීමත් සමග කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,470 කි. කිලෝග්‍රෑ...
"කෝටි 400ක වාහන මගඩි පරීක්ෂණ සී අයි ඩීයේ කළු පෙට්ටියට"
"මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් රුපියල් කෝටි 400 කට අධික වටිනාකමෙන් යුත් අධි සුඛෝපභෝගී වාහන 432ක් සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඒවා ලියාපදිංචි කිරීමේ මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන අඩපණ වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ප්‍රබල දේශපා...
"හොරට ලියාපදිංචි කළ වාහනය පැද්ද කෝටිපතියා අත්අඩංගුවට"
"ව්‍යාජ දත්ත ඉදිරිපත් කර ලියාපදිංචි කළ රුපියල් එක්කෝටි විසිපන් ලක්‍ෂයක් පමණ වටිනා ජීප් රථයක් පරිහරණය කරමින් මහියංගනය ප්‍රදේශයේ සිටි කෝටිපති ව්‍යාපාරිකයකු පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් පෙරේදා (03 දා) අත්අඩංගවට ගෙන ඇත. මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ව්‍යාජ දත්ත යොදා මෙම ජීප්...
"හොරට ලියාපදිංචි කළ වාහනය පැද්ද කෝටිපතියා අත්අඩංගුවට"
"ව්‍යාජ දත්ත ඉදිරිපත් කර ලියාපදිංචි කළ රුපියල් එක්කෝටි විසිපන් ලක්‍ෂයක් පමණ වටිනා ජීප් රථයක් පරිහරණය කරමින් මහියංගනය ප්‍රදේශයේ සිටි කෝටිපති ව්‍යාපාරිකයකු පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් පෙරේදා (03 දා) අත්අඩංගවට ගෙන ඇත. මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ව්‍යාජ දත්ත යොදා මෙම ජීප්...
"රාජ්‍ය ඇමැතිගේ ලේකම් යකඩ පන්නන ජාවාරමක"
"රට බංකොලොත්වීම පිළිබඳව ඇමැතිවරුන් කරුණු සොයමින් සිටියදී රාජ්‍ය ඇමැතිවරයකුගේ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු ලංකා විදුලිබල මණ්ඩලයට අයත් “පොල්පිටිය බ්‍රොඩ් ලන්ඩ්” ව්‍යාපෘතියේ යකඩ පැන්නීමේ ජාවාරමක නිරතවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. අදාළ ව්‍යාපෘති සිදුකරනු ලබන ඉදිකිරීම් ස...
"කබ්රාල් සහ ලලිත් නිදහස්"
"ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා ඇමරිකාවේ පදිංචි පකිස්ථාන ජාතිකයකු වන ඉවාඩ් ෂා සුබ්රි නමැත්තාට ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් තිනියාවල පාලිත හිමියන් පවරා තිබූ නඩුවෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් ක...
"ඊපීඑෆ් ඊටීඑෆ් එක්කොට ස්වාධීන මණ්ඩලයක් – ජනාධිපති කියයි"
"සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන අරමුදල් දෙකම එකට එක්කොට ස්වාධීන මණ්ඩලයක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04 දා) පැවසීය. ජනාධිපතිවරයා ඊයේ දින පාර්ලිමේන්තු සභාවට පැමිණ අසුන් ගෙන සිටියදී විපක්ෂ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කළ අදහස් දැක්වීමකදී ජනපති එසේ කියා සිටියේය. එහි...
"පිළිකා රෝගීන් චෙක් කරන්නේ පිටරට සත්තුන් බලන්නවත් ගන්නේ නැති උපකරණවලින් – විපක්‍ෂ නායක සජිත් චෝදනා කරයි"
"මෙරට පිළිකා රෝගීන් පරීක්ෂා කිරීම වෙනුවෙන් පිටරට සතුන් වෙනුවෙන්වත් යොදා නොගන්නා උපකරණ පාවිච්චි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) චෝදනා කළේය. විපක්ෂ නායක මෙසේ චෝදනා කර සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි. එහිදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය. අපේ රටේ පිළිකා රෝගීන් ව...
"පාස්කු ප්‍රහාරයට ජාත්‍යන්තර පරීක්‍ෂණ අවශ්‍ය නැතැයි යන්න පොහොට්ටුවේත් මතයයි"
"පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නැති බව තම පක්ෂයද ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා කියයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී ඔහු මෙසේද කීය. මේ රටේ රටට ආදරය න...
"ගුවන් ගමන් ඊයේත් ‘ඇනෙයි’ – බැංකොක් යන්න තිබූ යානය පැය 10 1/2ක් ප්‍රමාදයි"
"තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 10 යි විනාඩි 27 ක ප්‍රමාද වීමකට ලක් වී තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානය ඊයේ (04 දා) අලුයම 01.10 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යෑමට නියමිතව තිබුණි. එහෙත් මෙ...
"රජයේ රෝහල්වලට එන රෝගීන් 40%කින් වැඩි වෙලා – ඇමැති කෙහෙළිය"
"මේ වන විට රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර ඒකකයන්ට පැමිණෙන රෝගීන් ගණන දළ වශයෙන් සියයට 40කින් වැඩි වී ඇතැයි සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) සඳහන් කළේය. ඊට අමතරව නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගේ ප්‍රමාණය සියයට 27කින් වැඩි වී ඇති බව ද දියවැඩියා සහ ප්‍රෙෂර් රෝග සඳහා ප්‍...
"රජයේ රෝහල්වලට එන රෝගීන් 40%කින් වැඩි වෙලා – ඇමැති කෙහෙළිය"
"මේ වන විට රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර ඒකකයන්ට පැමිණෙන රෝගීන් ගණන දළ වශයෙන් සියයට 40කින් වැඩි වී ඇතැයි සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) සඳහන් කළේය. ඊට අමතරව නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගේ ප්‍රමාණය සියයට 27කින් වැඩි වී ඇති බව ද දියවැඩියා සහ ප්‍රෙෂර් රෝග සඳහා ප්‍...
"උසස් පෙළ විභාගය ජනවාරි 04දා සිට"
"2023 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගය 2024.01.04 දින සිට 2024.01.31 දින දක්වා පැවැත්වීමට දින නියම කර ඇත. මීට අදාළ සංශෝධිත කාලසටහන ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එම්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා පවසයි. මේ විභාගය සඳහා අයැදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි නමුත් මෙතෙක් අයැදුම් කිරීමට නොහැකි වූ අයැදුම්කරුවන...
"කොච්චර වැස්සත් වාරි ජලාශවල ධාරිතාව 28% යි"
"දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වර්ෂාපතනයන් වාර්තා වුවත් වාරි ජලාශවල පවතින්නේ සියයට 28 ක ජල ධාරිතාවක් යැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ඒ. එස්. පී. සුගීෂ්වර (ජල විද්‍යා හා ආපදා) මහතා ඊයේ (04 දා) පැවසීය. විදුලි බලාගාර අයත් ජලාශවලට වර්ෂාපතනයත් සමග ජල මට්ටමේ වැඩිවීමක් වාර්තා වුවත් එය ප්‍රමාණවත් ලෙස විදුලිය නිපදවිය හැකි මට්ටමක නොමැති බව...
"7 වැනිදා තෙක් වැසි"
"පවතින වැසි තත්ත්වය තවදුරටත් ලබන 7 වැනිදා දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා ‘දිවයින’ට ඊයේ (04 දා) පැවැසීය. අද (05 දා) බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත් වලට ද, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලට ද වැසි ඇතිවිය හැකි බව ද හෙතෙම කීය. ලබන 7 වැනිදායින් පසු වැසි ක්‍ර...
"සරසවි සිසුන්ගෙන් 40%කට නේවාසිකාගාර පහසුකම් නෑ – අන්තරේ කැඳවුම්කරු කියයි"
"දිවයින පුරා ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල දහහතේ ඉගෙනුම ලබන සිසුන් එක්ලක්‍ෂ පනස්දාහෙන් සියයට 40ක ප්‍රමාණයකට නේවාසිකාගාර පහසුකම් නොමැතිකමින් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් විශ්වජිත් පැවැසීය. මේ ගැටලුව ගැන රජයේ බලධාරීන්ට කීප අවස්ථාවකම ලිඛිතව දැනුවත් කර ඇතත් මෙතෙක් එය විස...
"පාසල් දරුවන් ලක්‍ෂ අටකට පාවහන් ගැනීමට වවුචර්පත්"
"ඉතිරි සති දෙක තුන තුළ පාසල් සිසු සිසුවියන් ලක්ෂ අටකට පාවහන් ගැනීම සඳහා රුපියල් තුන්දහසක වටිනාකමින් යුත් වවුචර්පත් ප්‍රදානය කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් ලබාදෙන මෙම දීමනාව ඉදිරි 2024 වර්ෂයේ දී තවදුරටත් වැඩි කරන බව ද ඇමැතිවරයා කියා සිටියේය. 2024 වර්ෂයේ සිට අධ්‍...
"අංගොඩ කතගේ ඝාතකයන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර"
"අංගොඩ, රෝහල් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි තඹවිට ගුරුගේ ප්‍රදීපා සිල්වා නමැති පනස් දෙහැවිරිදි තිදරු මව ඝාතනය කර ඇයගේ හිස හා අත් පා ශරීරයෙන් වෙන් කොට මළසිරුර වගුරු බිමක දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට භාර වූ ප්‍රධාන සැකකරු හා ඔහුගේ සගයා තවදුරටත් පැය 48 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කීරීම සඳහා මහර අංක 02 අධිකරණයේ මහෙස්ත්‍රාත්...
"එඩ්මන්ඩ් රණසිංහ දිවයින තුළින් නව විප්ලවයක් සිදුකළා – ජනාධිපති"
"මෙරට කෘතහස්ත පුවත්පත් කතුවර ‘දිවයින’ පුවත්පතේ සමාරම්භක කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ එඩ්මන්ඩ් රණසිංහ සූරීන්ට උපහාර පිදීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03දා) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවර උපාලි තෙන්නකෝන්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මහ...
"පාස්කු ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමිසමේ වාර්තාව ප්‍රතික්‍ෂේප කරනවා: ශ්‍රී ලංකාවට පමණක් මෙහෙම කියන්නේ ඇයි? – ජර්මන් රූපවාහිනි සාකච්ඡාවකදී ජනපති අසයි"
"පාස්කු ප්‍රහාරය ඇතුළු කිසිදු කරුණක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කිසිදු ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මන් ඩොයිෂ් වෙලේ රූපවාහිනී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව ද ප්‍රතික්‍ෂේප කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ...
"මහබැංකු අධිපති මැණික් ගඟේ…"
"ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉකුත් 02 දා කතරගම පුදබිමට පැමිණියේය. කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදා ගත් මහ බැංකු අධිපතිවරයා පසුව ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට ගොස් දේවාශීර්වාදය ලබාගත්තේය. කතරගම පුදබිමේ දැනට සිදුකෙරෙමින් පවතින සංවර්ධනයත් මැණික් ගඟ දෙපස ඉදිවන නව පිවිසුම් ප්‍රාකාරයත...
"පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් තුනට වෙනස්කම් කළා – ඉමිතියාස්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්"
"පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තුවේ සාධාරණ තරුණ නියෝජිතයක් ලබා ගැනීම සඳහා තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත් තුනට වෙනස්කම් පෑම, බාධා කිරීම මෙන්ම විරුද්ධ කිරීම් නිසා තම වරප්‍රසාද උල්ලංඝනය වූ බව කියමින් සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවට ඊයේ (03දා) ...
"නෙත්එෆ්එම් මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට කැඳවන්න එපා – විපක්‍ෂ නායක"
"Neth FM ප්‍රවෘත්ති ප්‍රධානි හේමන්ත කහවලගේ, මාධ්‍යවේදී සචින් රවීෂ, ස්වප්නා කාවින්දි හා පවිත්‍රා මධුහර්ෂණී යනාදීන් චේතනාන්විතව බොරු කිව් බවට වරප්‍රසාද කමිටුවට කැඳවා ඇති බවත් මෙවැනි මාධ්‍ය නිදහස අහුරන ක්‍රියාවලින්ට යොමු නොවන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවේදී පැවසීය. සමාජ මාධ්‍ය ආරක්ෂණ පනතත්...
"ආණ්ඩුවේ මාධ්‍ය පනතට ශ්‍රී ලංකා ක්‍රිස්තියානි මණ්ඩලයේ අප්‍රසාදය"
"මාර්ගගත ක්‍රම සුරක්ෂිතතාවය පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය සිය අප්‍රසාදය පළ කරන බවත් වහාම එය ඉවත්කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කරයි. එම මණ්ඩලයේ සභාපති ආචාර්ය වී. පද්මදායාලන් රදගුරු හිමි ඇතුළු ලංකා සභාවේ සාමාජිකයන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද දැක්වේ. මෙම කෙටු...
"දුම්රිය ඉඩම් හෙක්ටයාර 5739.8ක් තිබුණත් ලැබෙන ආදායම මදි – ඇමැති බන්දුල කියයි"
"දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉඩම් හෙක්ටයාර 5739.8ක් පැවතියද ඒ පිළිබඳව ඉඩම් ලේඛනයක් පවත්වාගෙන නොයන බව ප්‍රවාහන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03දා) පැවසීය. එම ඉඩම්වලින් අක්කර 1500 ක් බදු දී ඇති අතර ඉන් පසුගිය වසරේදී (2022) උපයා ඇති ආදායම මිලියන 182ක් බවත් එය කෙසේවත් ප්‍රමාණවත් නොවන බවත් ඇමැතිවරය...
"දූෂණය සහ වංචාව නතර නොවුණහොත් ව්‍යවස්ථාදායක සභාවට චෝදනා කරන්න පාර්ලිමේන්තුවේ 225ට ඇඟිල්ල දිග් කරන්න එපා – ඇමැති විජයදාස රාජපක්ෂ"
"දූෂණ සහ වංචාවන් වැළැක්වීම වෙනුවෙන් ක්‍රියා නොකරන්නේ නම් මින් ඉදිරියට චෝදනා කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දසදෙනාට මිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාට නොවන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් ක...
"ආසියා-ශාන්තිකර රටවල පරිසර අමාත්‍ය සමුළුව හෙට කොළඹදී"
"ආසියා – ශාන්තිකර කලාපීය රටවල පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී හෙට (05වැනිදා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඉකුත් 01 දා ආරම්භ වූ මෙම සමුළුවේ තාක්ෂණික සැසිවාර ඊයේ (03 දා) කොළඹදී අවසන් වූ අතර, ප්‍රධාන සැසිවාර දෙක අද (04 දා) සහ හෙට පවත්වා සිකුරාදා (06 දා) නිමා කිරීමට නියමි...
"මත්කුඩු නැති විට ප්‍රබල වේදනානාශක භාවිතයට තරුණ පිරිස පෙළඹිලා – විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන"
"වලිප්පුව හා අපස්මාර රෝග ලක්ෂණ මතුවන තත්ත්වයට පත්වූ ළමුන් රෝහල් ගතවීමේ ප්‍රවණතාව ඉහළ යමින් තිබෙන බව මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතා පවසයි. ප්‍රබල වේදනානාශක අධිමාත්‍රාව බැගින් කලක පටන් ලබාගැනීම හේතුවෙන් පාසල් සිසුන් වෙතින් අදාළ රෝග ලක්ෂණ මතු විය හැකි බව ද හෙතෙම කීය. දෙමව්පියන් මෙන්ම වැඩිහිටි බො...
"‘හවාලා’ නියාමනය කරන්න – මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට කියයි"
"අවිධිමත් විදෙස් මුදල් හුවමාරුව සිදුවෙන හවාලා ක්‍රමවේදය නියාමනය කරන ලෙස මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත. මේ සම්බන්ධව ඉතා ඉක්මනින් නියාමන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වනු ඇතැයි පැවසූ ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලධාරියෙක් හවාලා ක්‍රමවේදය තහනම් කිරීමට අපේක්ෂා නොකරන බව ද සඳහන් කළේය. ශ්‍යාම් නුවන් ගනේවත්ත"
"මුදල් පිළිබඳ කාරක සභාව සූදු කෙළියට සිංගප්පුරු ක්‍රමය හා ලංකාවේ ක්‍රමය ගැන වාර්තාවක් ඉල්ලයි"
"සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තවත් භාණ්ඩ රැසක බදු අඩු කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලබාදී ඇති අතර මෙරට තුළ සූදු නියාමන අධිකාරියක් පිහිටුවීමට අදාළව සිංගප්පුරුවේ පවතින ක්‍රමවේදය හා ලංකාවේ නිර්මාණය කිරීමට අපේක්ෂිත ආකෘතිය ගැන සංසන්දනාත්මක වාර්තාවක් ද ලබාදෙන ලෙස එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්ව...
"ඉන්දීය සරණාගත කඳවුරට ගිය ටී.එන්.ඒ. මන්ත්‍රී හරවා යවයි"
"දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පෙරේදා (02 දා) ඉන්දියාවේ තමිල්නාඩු මණ්ඩපම් සරණාගත කඳවුරට යෑමට ගිය අවස්ථාවේ ඉන්දීය බලධාරීන් විසින් ඔහු ආපසු හරවා යවා ඇත. මන්ත්‍රීවරයා මණ්ඩපම් සරණාගත කඳවුරට ගොස් ඇත්තේ දැනට එහි රැඳී සිටින ශ්‍රී ලංකා දෙමළ සරණාගතයන් ලක්‍ෂයකට වැඩි පිරිස...
"මාර්ගගත ඉලෙක්ට්‍රොනික් ජල බිල්පත් ක්‍රමයක් හඳුන්වා දෙයි"
"සිය පාරිභෝගිකයන් වෙත කඩිනමින් සහ විධිමත්ව ජල බිල්පත් ලබා දීමේ අරමුණින් මාර්ගගත ඉලෙක්ට්‍රොනික් බිල්පත් ක්‍රමයක් හඳුන්වාදීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කටයුතු ඇත. මෙම ක්‍රමය මෙම මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වේ. මේ තුළින් විධිමත්ව, පහසුවෙන් හා කඩිනමින් පාරිභෝගිකයන් වෙත සිය බිල්පත් ලබාදීම මෙන්ම වියදම අවම කෙරෙමින් ...
"රේගුවට උඩින් ඇතැම් ඖෂධ රටට ආවාද සැකයි – සත්‍යය හෙළි කරන්නැයි වෛද්‍යවරු ඉල්ලති"
"ටෙන්ඩර් පටිපාටිය යටතේ හා හදිසි මිලදීම් ගැනීම් යටතේ මෙරටට ගෙන්වූ ඇතැම් ඖෂධ ශ්‍රී ලංකා රේගුව මඟහැර ගෙනැවිත් ඇති බවට බරපතළ සැකයක් මතු වී තිබෙන නිසා ඒ පිළිබඳව සොයා සත්‍ය හෙළිකරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යනවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලා සිටී. ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම හා ර...
"ශ්‍රී ලංකාවේ මූල්‍ය පාලනයේ සහ කළමනාකරණයේ දුර්වලතා රැසක් – IMF කොන්දේසි සිහිකරයි"
"ශ්‍රී ලංකාව තවදුරටත් දැඩි ආර්ථික, සමාජීය සහ පාලන අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඉකුත්දා මෙරට තුළ සිදුකළ සංචාරයෙන් පසු නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛත්වය ලබාදී ඉටුකළ යුතු කරුණු රැසක්ද පෙ...
"‘දිවයින‘ සමාරම්භක කර්තෘ අගයන ‘එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය’ ජනගත කිරීම අද"
"ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ නව මාවතක පුරෝගාමියා වූ ‘දිවයින’ සමාරම්භක කර්තෘ සහ ප්‍රථම කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ යුග මෙහෙවර ඇගයීම සහ ‘එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය’ කෘතිය ජනගත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (3 දා) ප.ව. 3.00 ට ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේදී පැවැත්වේ. මාධ්‍ය විශි...
"‘දිවයින‘ සමාරම්භක කර්තෘ අගයන ‘එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය’ ජනගත කිරීම අද"
"ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ නව මාවතක පුරෝගාමියා වූ ‘දිවයින’ සමාරම්භක කර්තෘ සහ ප්‍රථම කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ යුග මෙහෙවර ඇගයීම සහ ‘එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය’ කෘතිය ජනගත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (3 දා) ප.ව. 3.00 ට ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේදී පැවැත්වේ. මාධ්‍ය විශි...
"උපෙළ සාපෙළ අවසන් කළ සිසුන්ට වෘත්තීය පුහුණුව ආරම්භ කරනවා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත"
"මෙවර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අවසන්වූ පසු සියලු සිසුන්ට වෘත්තීය පුහුණුව ආරම්භ කරනවා යැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. මෙම වෘත්තීය පාඨමාලා සඳහා එම විභාග දෙකට සහභාගී වන සිසු සිසුවියන්ගෙන් සියයට 50 ක් පමණ සහභාගීවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද ගින්තොට සහිරා විiාලයේ 27 දා පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින...
"කාසල්රී – මාවුස්සාකැලේ පිටාර මට්ටමට"
"කාසල්රී සහ මවුස්සාකැලේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශ දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවරු පවසති. කාසල්රී ජලාශ වේල්ලේ උස අඩි 155 ක් වන අතර ඊයේ (02දා) උදෑසන වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි 140 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, මවුස්සාකැලේ ජලාශයේ ජලාශ...
"හදිසි ඖෂධ මිලදී ගැනීම් වහාම අත්හිටුවයි"
"ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (02 දා) පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය.සුජීව තත්සර"
"මුලතිව් විනිසුරු ඉවත්වීම: නීතිඥ සංගමය විධිමත් පරීක්‍ෂණයක් ඉල්ලයි"
"මුලතිව් මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු ටී. සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඊයේ (02දා) ඉල්ලීමක් කළේය. මෑත කාලයේ වඩාත් කතා බහට ලක්වූ කුරුන්දි විහාර නඩුව මෙන්ම කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධිය...
"කිසිම හේතුවක් තාර්කික නෑ – යෝජිත විදුලි ගාස්තු ඉහළ දැමීම රජයේ ප්‍රතිපත්ති රජයම කඩ කිරීමක්"
"යෝජිත අති විශේෂ විදුලි ගාස්තු ඉහළ දැමීම රජයේ ප්‍රතිපත්තිය රජය විසින්ම උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසයි. විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ඔහු මෙසේද කියයි. “වසරකට විදුලි ගාස්තු සංශෝධන කළ හැක්කේ දෙවතාවකදී පමණක් බවට රජය ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රකාශයට පත් කර...
"රාජගිරියේ මෙහෙකාරියගේ මරණයට ඇල්ලූ පොලිසියේ 4 දෙනා යළි ඇතුළට"
"වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී රෝගාතුරවී රෝහල් ගත කිරීමේදී මියගිය 42 හැවිරිදි දෙදරු මවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින උප පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනා ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (02දා) නියෝග කළේය. එම පොලිස...
"විපක්‍ෂ නායක හා ඇමෙරිකානු තානාපතිනිය අතර හමුවක්"
"ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලි චන්ග් මහත්මිය හා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (02දා) සිදුව තිබේ. රජය ගෙන එන මර්දනකාරී පනත් පිළිබඳව එහිදී විපක්‍ෂ නායකවරයා විසින් තානාපතිනිය දැනුවත් කර ඇති අතර රටට ආර්ථික වශයෙන් සිදුව ඇති අනර්ථකාරී තත්ත්වයද පැහැදිලි කරදී තිබේ."
"ශ්වසන රෝග සහ වෛරස් උණ නිසා රෝහල්ගත වන දරුවන්ගේ වැඩිවීමක්"
"පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ශ්වසන රෝග සහ වෛරස් උණ රෝග වැළඳී රෝහල්ගත කරන දරුවන්ගේ වැඩිවීමක් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (2 දා) පැවසීය. ළමා හතිය, වෛරස් උණ මෙන්ම පාචනය, වමනය වැනි රෝගවල ද වැඩිවීමක් වාර්තා වන බැවින් එම රෝග ලක්‍ෂණ ඇති දරුවන් පිළිබඳ...
"IMF‍ දර්ශකයට අනුව රට හැසිරීමේ නියමු ව්‍යාපෘතියකට සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්න"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දෙන ණය මුදලේ ඉදිරි ණය වාරිකය අවදානමකින් තොරව ලබාගැනීම සඳහා එම අරමුදලේ දර්ශකයන්ට අනුව රට හැසිරීම පිළිබඳ නියමු ව්‍යාපෘතියක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය තෝරා ගත යුතු බව, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. එසේ සිදු කිරීමෙන් මෙරට සෞඛ්‍ය සේවයේ දූෂණ, අක්‍රමිකතා, වළක්වා ගෙන මුදල් ...
"ගෑස් මිල සංශෝධනයක් 5 වැනිදා"
"ගෑස් මිලේ සංශෝධනයක් කිරීමට අපේක්‍ෂා කරන බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය. මෙම සංශෝධනය ලබන 05 වැනිදා සිදුකිරීමට අදහස් කරගෙන සිටින බවත් එහිදී පවතින මිලෙහිම ගෑස් මිල පවත්වාගෙන යා හැකිද යන්න සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු කීය. ගිය මාසයේ ගෑස් මිල සංශෝධනය කිරීමේදී ගෘහස්ථ...
"චීන හිතවාදී විපක්‍ෂ අපේක්‍ෂක මාලදිවයිනේ ජනපති පුටුවට"
"‘ඉන්දියාව ඉවතට’ යන සටන් පාඨය සමඟ ජනපතිවරණ ඡන්ද සටන ආරම්භ කළ මොහොමඩ් මුයිසු මාලදිවයින් ජනපතිවරණය ජය ගැනීම විශේෂත්වයකි. ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කළ වත්මන් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මාලදිවයිනේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත් කරමින් චීන හිතවාදී විපක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ. නොවැම්බර් 17 වැනිදා නව ජනපතිවරය...
"ශ්‍රී ලන්කන් ප්‍රමාදයට හේතු බෙදාගනිති ඇමැති වෘත්තීය සමිතිවලින් විමසයි"
"ශ්‍රී ලන්කන් ගුවන් සේවාවන්හි ගුවන්යානාවල තාක්‍ෂණික දෝෂ හේතුවෙන් ප්‍රමාදයන් සිදුවූ බවට ඉංජිනේරුවන්ගේ වෘත්තීය සමිති ප්‍රකාශ කළත් ගුවන් සේවා පරිපාලන අධිකාරිය ගුවන්යානා ප්‍රමාදයන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් සිදු වූ බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02 දා) පැවැති සාකච්...
"බස් ගාස්තු වැඩි කරන්න ඉල්ලයි"
"ඩීසල් මිල ඉහළ යෑම හේතුවෙන් පෞද්ගලික බස් ගාස්තු ද අවම වශයෙන් 5% ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජය අවසර ලබා දිය යුතු බව, සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. අවම බස් ගාස්තුව ද ඇතුළුව සියලුම ගාස්තු ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව වැඩි කළ යුතුව ඇතැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ඊයේ (02 දා) පැවැති ම...
"රටේ මූලික අයිතිවාසිකම් විනාශ කරන පනත් ගෙන ඒමට ආණ්ඩුවට අයිතියක් නෑ – සයිබර් මාධ්‍ය සාමූහිකය"
"ආණ්ඩුවට රටේ මූලික අයිතිවාසිකම් අභියෝගයට ලක් කෙරෙන පනත් ගෙන ඒමට නෛතික සහ ආචාරධාර්මික අයිතියක් නොමැති බව සයිබර් මාධ්‍ය සාමූහිකය පවසයි. මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අද (03දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව සයිබර් මාධ්‍ය සාමූහිකය විසින් ඊයේ (02දා) බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ කැඳවා තිබූ මාධ්‍ය හම...
"හරක් කටා මෙල්ල කළ සීඅයිඩී නිලධාරියා තනතුරෙන් ඉහළට"
"හරක් කටා පොලිස් භාරයෙන් පැන යෑමට තැත්ත කරද්දී දිවි පරදුවට තබා ඔහු සමග පොර බදා සැකකරු මෙල්ල කර ගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයා තමා පමණක් නොව පොලිස් දෙපාර්තමේන්තුවම අගය කරන බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පැවසීය. හරක් කටාගේ පැන යෑමේ සැලසුම මුළුමනින්ම ව...
"තරුණ ක්‍රියාකාරකම් ඒකාබද්ධ කිරීමට ආසියා පැසිෆික් තරුණ පරිසර සංසදය මහඟු අවස්ථාවක්"
"කලාපීය පාරිසරික සහයෝගීතාව ඉදිරියට ගෙනයෑමේ තරුණ ප්‍රයන්තයේ වැදගත් සන්ධිස්ථානයක් මෙන්ම ගෝලීය ක්‍රියාවලීන්ට දායක වන අපගේ කලාපයේ තරුණ ක්‍රියාකාරකම් ඒකාබද්ධ කිරීමට ආසියා පැසිෆික් තරුණ පරිසර සංසදය මහඟු අවස්ථාවක් බව පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ් මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ කොළඹ එක්සත් ජාතීන්ගේ සංකීර්...
"පෝලිම් නැති වුණාට රටට වුණු සෙතක් නැහැ – ලබන අවුරුද්ද බොහෝම අමාරුයි"
"ගෑස් පෝලිම්, තෙල් පෝලිම් නැති කළාට රටේ ආර්ථික සංවර්ධනයක් සිදුවී නැති බවත් ලබන අවුරුද්දේ රටට දරුණු ආර්ථික ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබෙන බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවැසීය. ජනාධිපතිවරයා වසරක් ඇතුළත අවස්ථා 11 කදී විදේශගත වෙලා...
"ඥානසාර හිමි සහ බම්බලපිටිය ෆැල්කන් රෙසිඩන්ස් සභාපති 19 දා උසාවි කැඳවයි"
"බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් වහනසේ දෙනමකට හා බම්බලපිටිය ෆැල්කන් රෙසිඩන්ස් නමැති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයාට ලබන 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඊයේ (2 දා) නියෝග කළේය. එම නිවාස සංකීර්ණයේ පදිංචිව ...
"ජනතාවට බර පටවා ආණ්ඩුව ගජමිතුරන් පිනවනවා – ජී. එල්. පීරිස්"
"ඉන්ධන, ගෑස්, විදුලි බිල් ඉහළ යෑමෙන් සාමාන්‍ය ජනතාව ජීවමාන ඇටසැකිලි බවට පත්ව ඇතැයි නිදහස් ජනතා සභාවේ සාමාජික මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (02 දා) පැවසීය. මෙම රජය තුළ වංචා, දූෂණ, අයුක්තිය, අසාධාරණය රජකරන බව නිදහස් ජනතා සභා කාර්යාලයේ ඊයේ (2 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසීය. අපේක්‍ෂිත බදු ආදායම් ඉ...
"මේ වසරේ ලංකාවෙන් ලාදුරු රෝගී දරුවන් 105 ක් හමුවෙලා"
"මේ වසරේ ගතවූ කාලය තුළදී මෙරටින් ලාදුරු රෝගය වැළඳුණු දරුවන් 105 දෙනකු හඳුනාගෙන ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි. මෙලෙස ලාදුරු රෝගයට ගොදුරුවී ඇති දරුවන් අවුරුදු 14 ට අඩු අය බව එම ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි. දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ලාදුරු රෝගය වැළඳුණු දරුවන් වාර්තාවී ඇති බැවින් රෝගය ...
"‘සීතා’ ට එල්ලවූ වනජීවි වෙඩිල්ල"
"මහියංගනය විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර මංගල්‍යය සඳහා රැගෙනවිත් මහවැලි ගඟ අසළ ගැටගසා සිටි ‘සීතා’ නමැති ඇතින්නට රබර් උණ්ඩ යොදා ගනිමින් වෙඩි තැබූ සිවිල් ආරක්ෂක භටයා සිය රාජකාරී ඉටුකිරීමේදී විනය විරෝධී ක්‍රියාවක් සිදුකර ඇත්නම් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ප...
"ඔන්ලයින් කට වහන පනත – භාෂණයේ නිදහසට තර්ජනයක්"
"යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කෙරෙහි එමගින් ඇතිකරන බලපෑම් පිළිබඳව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විශේෂ උනන්දුවකින් පසුවන අතර ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ එහි අනුබද්ධ මාධ්‍ය සංවිධානවල දැඩි...
"ශ්‍රී ලාංකිකයන්ට ආරක්‍ෂාව සහ මූලික නිදහස යන දෙකම ඕනෑ"
"මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදයට එරෙහි නීති සම්පාදනයට අදාළව ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම සහතික කරන ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ට්විටර් සටහනක් තබමින් මෙම ඉල්ලීම කර තිබෙන ඇය ශ්‍රී ලංකාව ඔන්ලයින් ආරක්‍ෂක පනත් ක...
"කුකුළේ ගඟ පිටාර ගැලීමෙන් කළුතරට ගංවතුර තත්ත්වයක්"
"පසුගිය දින කිහිපයේම සිංහරාජ කලාපයට සහ කුකුළේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශයට අධික වැසි පතිත වීම නිසා කුකුළේ ජලාශයේ පිටකරන ජලධාරිතාව තප්පරයට ඝන මීටර් 190 දක්වා වැඩිකර ඇති බැවින් ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් මේ නිසා මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා ඇතිව තිබෙන බවත් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහත...
"මල්වතු මාහිමි ලෙස රඟපා රට රැකියා මවා ලක්‍ෂ ගණන් ගරලා – සැකකරු රිමාන්ඩ්"
"මල්වතු මහනාහිමියන් ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබා දෙමින් පිටරට රැකියාවලට යවන බව පවසා දිවයින පුරා පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා සිදු කළ පුද්ගලයකු මේ මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් කේ. ඩී. විජේවික්‍රම මහතා නියෝග කළේය. නුවරඑළිය පොලිසිය විසින් සැකකරු අත්අඩංගුව...
"ලෝක ළමා දිනයදා සෙනෙහස රැගෙන"
"මෙවර ළමා දිනය හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයේ සිසු දරුවන් සැමරුවේ රටටම ආදර්ශයක් වෙමින්ය. දරු මුණුබුරන්ගේ කිසිදු හව්හරණක් නොමැතිව ජීවිතයේ සැඳෑ සමය ගෙවන එවැනි වැඩිහිටියන්ට ආහාර රැගෙන පසුගියදා ඔවුන් ගියේ හොරණ සොරණවත්ත සෙනෙහස වැඩිහිටි නිවාසයටය. තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති නිලුක වීරසිංහ මහතාගේ උපදෙස් මත උසස් පෙළ වි...
"කත්මණ්ඩු ගුවන් ගමන ප්‍රමාදයි – රාජ්‍ය ඇමැති ඇතුළු මගීහු 200ක් පැය 4ක් කටුනායක හිර වෙති"
"නේපාලයේ කත්මණ්ඩු නුවර බලා ඊයේ (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන් යානය ප්‍රමාද වීම නිසා ගුවන් මගීන් 200 කට අධික පිරිසක් ගුවන් තොටුපළ තුළ අසීරුතාවට පත්වූහ. එම ගුවන් මගීන් අතර දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද විය. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 දරන ගුවන් යානය ඊයේ උදෑ...
"මාධ්‍ය මර්දන පනතට එරෙහිව පෝස්ට් එකක් දමා නව සටනක් ආරම්භ කරනවා – ජාජබ නායක අනුර කුමාර දිසානායක"
"සමාජ මාධ්‍ය මර්දනය කිරීමේ පනත ආණ්ඩුව සම්මත කළහොත් ඊට එරෙහි සියලු දෙනා සමග එක්ව එකම වෙලාවක ඊට විරෝධය පාන පෝස්ට් එකක් දමා නව මාදිලියේ සටනක් ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉකුත් (30)දා පැවති ‘අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය’ වැඩස...
"වෘත්තීය සමිතිවලට හෙටක් ඇත්තේ සියලු‍ දෙනා එක්වූ නව්‍යකරණයක් තුළයි"
"වෘත්තීය සමිති සඳහා ඉදිරි ගමනක් ඇත්තේ නව්‍යකරණය සහ සියලු‍ දෙනා එක්කරගත් ක්‍රියාමාර්ග තුළ පමණක් යැයි ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමැති හා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කළේය. එබැවින් නව්‍යතාවයන් වැළඳ ගන්නා මෙන් දකුණු ආසියානු වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කළ හෙතෙම ගෝලිය තලයේදී කම්කරු අයිතීන් ශක්තිම...
"හරක් කටාට පැන යෑමට සහාය දුන් සීඅයිඩීයේ තවත් කොස්තාපල්වරයකු අල්ලයි"
"ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තබා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යෑමට පාතාල කල්ලි නායක හරක්කටා සිදුකළ උත්සාහයට ආධාර කළ බව කියන එම දෙපාර්තමේන්තුවේ තවත් කොස්තාපල්වරයකු ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් පෙරේදා (30දා) අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර කොස්තාපල්වරයාටද හරක්කටා විසින් ලක්ෂ ගණනක මුදල් සහ වටිනා දේපළ ලබා දී ඇති බව විමර්ශනවලින් ...
"ජර්මනියේ සංචාරය නිම කර ජනපති යළි එයි"
"ජර්මනියේ පැවැති ‘බර්ලින් ගෝලීය සමුළුව’ට සහභාගිවූ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01 දා) දිවයිනට පැමිණියේය. කටාර් ගුවන් සේවයට අයත් කිව්. ආර්. 660 දරන ගුවන් යානයෙන් ජනපතිවරයා ඇතුළු දූත පිරිස ඊයේ උදෑසන කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි.චමින්ද සිල්වා"
"මුහුදේ ගිලී මියගිය පාසල් සිසුවාගේ සහ රුසියානුවාගේ සිරුරු හමු වෙයි"
"කොග්ගල මෝය අසල සහ හබරාදුව නගරය ආශ්‍රිත මුහුදු තීරයේ දියනාමින් සිටියදී ඉකුත් 29දා පාසල් සිසුවකු හා විදේශිකයකු දියේ ගිලී මියගොස් ඇති බව හබරාදූව පොලිසිය පවසයි. ඔවුන්ගේ මළසිරුරු පෙරේදා (30දා) හමුවී ඇත. මෙසේ මියගොස් ඇත්තේ මිල්ලගහමුල්ල, ගණිතපුර වරකාපොල ලිපිනයේ පදිංචි රවිචල්වම් ශිවා ආකාශ් (14) නමැති පාසල් සිසුවකු සහ 43 හැවිර...
"අඩු ආදායම්ලාභීන්ට කලාකරුවන් හා මාධ්‍යවේදීන්ට චීන ආධාරයෙන් නිවාස ඒකක 1996 ක්"
"අඩු ආදායම්ලාභීන්ට, කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට චීන රජයේ ආධාර මත නිවාස ඒකක 1996 ක් ඉදිකිරීම සඳහා ලබන මාසයේදී ගිවිසුම් අත්සන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. ලබන මාසයේ චීනයේ බීජිං නුවරදී පැවැත්වෙන ‘සහයෝගිතාව සඳහා වන මාර්ග මුල පිරීම’ (BRI) සමුළුව අතරතුරදී මෙම ගිවිසුම අත්සන් කිරීම සිදුවන බවද නාගර...
"කෝටි 650ක එන්නත් ඉවතට – ගෙන්වලා තියෙන්නෙත් විධායක අධ්‍යක්‍ෂගේ නිල මුද්‍රාව හොරට ගහලා"
"රාජ්‍ය ඖෂධ සංස්ථාවේ විධායක අධ්‍යක්‍ෂවරයාගේ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස භාවිත කර මෙරටට ගෙන් වූ රුපියල් කෝටි හයසිය පනහකට අධික වටිනා (ඩොලර් මිලියන 20) immunog lobulin නමැති ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500 ක් භාවිතයෙන් ඉවත්කර දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත. මෙම ප්‍රතිදේහ එන්නත භාවිත කළ මහනුවර, කොළඹ ජාතික රෝහල, මාතලේ සහ මා...
"ඉදිරි මාස තුනේ දී ව්‍යාපාර අපේක්ෂා යහපත් මට්ටමක"
"ඉදිරි කාලයේදී රටේ ආර්ථික ක්‍රියාකාරකම් යථාතත්ත්වයට පත්වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව ඉදිරි මාස තුන පිළිබඳ ව්‍යාපාර අපේක්‍ෂා ද යහපත් මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව කියයි. ඊට අමතරව සැප්තැම්බර් මාසයේ සිට නව ව්‍යාපෘති ආරම්භ කිරීමේ යම් ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා ...
"පුංචි ඡන්දයේ නාම යෝජනා අහෝසි කරන්න පනතක්"
"කල් දමා ඇති පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා පත්‍ර අහෝසි කිරීමට අදාළව පනත් කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි. මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ට රැකියා කිරීමේ දී හා උත්සවවලට සහභාගි වීමේදී දිගින් දිගට ම ගැටලු ඇති වන බවට ලැබුණු පැමිණිලි මත මෙම පියවර ගැනීමට නියමිතය. රාජ්‍ය පරිපාලන, පළ...
"සදාචාර සම්පන්න ජාතියකට කහ සිවුරයි සුදු ලෝගුවයි එක්විය යුතුයි – කාදිනල්තුමා කියයි"
"මෙරට ජනතාව යුක්තිගරුක සහ සදාචාර සම්පන්න කිරීම සඳහා කහ සිවුරු, සුදු ලෝගුව ඇතුළු සියලුම ආගමික නායකයන් එකතු විය යුතු යැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසීය. වර්තමානයේ විවිධ ආගම් අදහන බවට ප්‍රකාශ කළ ද ඒ සියල්ල මුසාවක් බවට පත් වී මෙරට සමාජය පාපිෂ්ඨ තත්ත්වයට පත්ව ඇතැයි ද කාදිනල්තුමා කීවේය. ඩොලර් ලැබෙ...
"සුරාබදු නිලධාරීන්ගේ පැටිකිරිය හොයන්න විශේෂ ඒකකයක්"
"සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ රාජකාරි ක්‍රියාපටිපාටි විමර්ශන කිරීම සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පත්කිරීමට තීරණය කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. තංගල්ල සුරාබදු නිලධාරීන් කීපදෙනකු සිදු කළ කප්පම් ගැනීම් සහ පැහැර ගෙන යෑමේ සිද්ධියෙන් පසු විශේෂ නිලධාර...
"සමාජ ආරක්ෂණ බද්ද ලෙකො බිලටත්"
"ලංකා විදුලි පෞද්ගලික සමාගමෙහි (ලෙකො) විදුලි පාරිභෝගිකයින්ට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද සැප්තැම්බර් මස සිට බිල් පතට එකතු කෙරේ. නමුත් ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගිකයින් දැනටමත් සමාජ ආරක්ෂණ බද්ද ගෙවා දමන නිසා ඔවුනගේ ගාස්තුවේ නව වෙනසක් සිදු නොවේ. මේ සම්බන්ධයෙන් ලෙකෝ සභාපති අතුල ද සිල්වා මහතා කියා සිටියේ සමාජ ආරක්ෂණ බද්දෙ...
"ගිය වසරේ රිමාන්ඩ් එකේ උපාධිධාරීහු 2340ක්"
"ඉකුත් වර්ෂයේ දී (2022) බන්ධනාගාරගත වූ රැඳවියන්ගෙන් 2340 දෙනකු උපාධිධාරීන් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට ආර්ථික හා සමාජ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි. බන්ධනාගාරගත වූ උපාධිධරීන් අතුරින් 41 දෙනකු කාන්තාවන් වන අතර පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 2,299කි. ඉකුත් වසර තුන තුළ දී වැඩිම උපාධිධාරීන් ...
"කුරුන්දි නඩුව විභාග කළ මහෙස්ත්‍රාත් අස්වුණේ මරණ තර්ජන නිසාම ද – පරීක්‍ෂණයක් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්"
"මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහෙස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් දී ඇත. ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇත්තේ තමන්ට තර්ජනයක් ඇති බවට මහෙස...
"රිය අනතුරු පෙළපොතට: ගිය වසරේ වාහනවල හැපී ළදරුවන් 400ක් මිය ගිහින්"
"මහා මාර්ගයේ සිදුවන අනතුරු හා එයින් වැළකීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන 06 සහ 11 ශ්‍රේණිවල විද්‍යාව සහ ගණිතය පෙළපොත්වලට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මලිත් ජයතිලක මහතා පැවසීය. මාර්ග ආරක්ෂාව, රිය අනතුරු සහ මාධ්‍ය භාවිතය පිළිබඳව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් මාධ්‍යවේදීන් දැන...
"එඩ්මන්ගේ පත්තර විප්ලවය එළිදකී"
"ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇගයීම හා ඔවුන්ගේ මාධ්‍ය මෙහෙවර සමාලෝචනය කිරීමත් ඔවුන්ට ජාතියේ උපහාර පිරිනැමීම සඳහාත් වැඩසටහනක් ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව එහි ප්‍රථම වැඩසටහන ඔක්තෝබර් 03 වැනිදා පස්වරු 3.00 ට ජනාධිපති කාර්යාලයේ සභා ශාලාවේදී පැවැත්වේ. මෙම සමාරම්භක අවස...
"ළමයින්ට අද සතුන් වත්ත නොමිලේ"
"ඔක්තෝබර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් අද (01 වැනිදා) දින දෙහිවල ජාතික සත්වෝද්‍යානය අවුරුදු 12 න් පහළ දරුවන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව උදා කර දෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. අද දිනයේ දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කරන බව ද එම දෙපාර්තමේන්තුව කියයි. එහිදී ලෝක ළමා දින සැමරුම් උත්සවය පෙරවර...
"අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ ප්‍රතිශතය ඉහළට"
"වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ මරණ සංඛ්‍යාව සජීවි දරු උපත් දහසකට 12.3 ක් වැනි අගයක් දක්වා අහිතකර ලෙස වර්ධනය වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ තිරසර දර්ශකයට අනුව වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ මරණ සංඛ්‍යාව 2030 වර්ෂය වන විට සජ...
"කෙසෙල් පට්ටෙන් නූල් හදන කෝටියේ යන්ත්‍රය පුස් කයි"
"කෙසෙල් පට්ටා භාවිත කර නූල් නිෂ්පාදනය කිරීමේ අරමුණින් රුපියල් එක්කෝටි දහනම ලක්ෂ හැටදෙදස් තුන්සිය තිස්පහක (11,962,335 ) වියදමක් දරා ගෙන්වනු ලැබූ යන්ත්‍රය දැනට වසර හතරක පමණ කාලයක සිට භාවිතයට නොගෙන පවතින බව ජාතික විගණන කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය විසින් banana yarn ව්‍යාපෘතිය යටතේ 2019 වර්ෂයේ දී කෙස...
"කොළඹ සරසවියේ පර්යේෂණ නිෂ්පාදන වෙළෙඳපොළින් ආදායම් උපදවයි"
"කොළඹ විශ්වවිද්‍යාලය සිය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ අනාවරණය කළ සහ වැඩිදියුණු කරන ලද නිෂ්පාදන, වානිජ නිෂ්පාදන ලෙස වෙළෙඳපොළට එළිදක්වමින් සාර්ථක ලෙස ආදායම් උත්පාදනය කිරීමට සමත්ව ඇත. වර්තමානයේ උගතුන් රට හැර යන බවට විවිධ අදස් පළවෙමින් පවතින මොහොතක මෙය සිදුවීම විශේෂත්වයකි. කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන අණුක ජීව විද්‍යා සහ ජෛව තා...
"දිස්ත්‍රික්ක 7කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්"
"දිවයිනේ දිස්ත්‍රික්ක 7කට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසයි. ඒ අනුව ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර යන දිස්ත්‍රික්කවල මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ගතවූ පැය 24 තුළ වර්ෂාපතනය මිලි මීටර් 100 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් ...
"ජනාධිපති රනිල් හා ජර්මානු චාන්ස්ලර් අතර හමුවක්…"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතා අතර නිල හමුව 28 වැනිදා බර්ලින් නුවරදී සිදු විය. එසේම “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සමගාමීව ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති “බහු ධ්‍රැවීය ලෝකය තුළ සහයෝගීතාවය වැඩි දියුණු කිරීම” පිළිබඳ රාජ්‍ය ...