Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"වවුලන්ගේ මළ මුත්‍රාවලින් නිපා බෝ වෙනවා: තවම ශ්‍රී ලංකාවට අවදානමක් නෑ – විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ"
"‘නීපා’ වෛරසය වවුලන්ගේ මළ මුත්‍රා හරහා බෝවෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය. තවම අප රටට මෙම වෛරසයේ අවදානමක් නොමැති බව ද හෙතෙම කීය. තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කියා සිටියේය. ‘සතුන් පලතුරු වැනි දෑ අනුභව කිරීමෙන් මහජනතාවට මේ වෛරසය ව්‍යාප්ත වන බව දැනට සොයාගෙන තිබෙනවා. ආසාද...
"නිපා පරීක්‍ෂණ කරන්න රසායනාගාර පහසුකම් ලබන සතියේ සිට"
"දැනට කේරළයේ දිස්ත්‍රික්කයක පැතිර යන මාරාන්තික නිපා වෛරස් ආසාදනය මෙරට පැතිරීමේ අවදානමක් නැතත් එම වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ රසායනාගාර පහසුකම් ලබන සතියේදී මෙරට ස්ථාපිත කරන බව මහරගම අපේක්ශා රෝහලේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල මහතා පවසයි. සංචාරකයන් හරහා මෙම රෝගය මෙරටට පැමිණීමේ අවදානම අඩු බවත් කෙසේ වුවද ...
"ජනපති හා ඇමෙරිකා ජනපති ජෝ බයිඩ්න් අතර හමුවක්"
"ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගියදා නිව්යෝර්ක් නුවර දී සිදුවිය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සහභාගිවූ සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් පිරිනැමූ රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර දී මෙම හමුව සිදුවිය. මෙහිදී ජනාධිපති රනිල් ...
"සෞඛ්‍ය කාර්ය මණ්ඩල ජාතික රෝහල ළඟත් විරෝධතාවේ"
"අත්‍යවශ්‍ය ඖෂධ හිඟය, සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය, බාල ඖෂධ ගෙන්වීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඒකාබද්ධව සංවිධානය කළ විරෝධතාවය ඊයේ (22දා) රෝහල් ඉදිරිපිටදී පැවැත්විණි. කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතාවේ අවස්ථාවක් මෙහි දැක්වේ. ඡායාරූපය – සුජ...
"රෝහල් 73ක පැවැත්වූ විරෝධතාව සාර්ථකයි – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය"
"රට තුළ පවතින ඖෂධ හිඟයට බලධාරීන් ස්ථිර විසඳුමක් ලබා නොදීම ඇතුළු ගැටලු කීපයක් මුල්කරගෙන ඊයේ (22 වැනිදා) දිවයිනේ රජයේ රෝහල් 73 ක කෑම පැයේදී පැවැත්වූ විරෝධතාවය අති සාර්ථක වූ බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින’ ට පැවසීය. වත්මන් ආණ්ඩුව මෙයට විසඳුම් ලබාදීමට මැදිහත් නොවන්නේ නම් ඉදිර...
"ආණ්ඩුවේ හා විපක්‍ෂයේ ප්‍රධානීන් එක්ව වින්දිතයන්ට වහාම සාධාරණයක් කළ යුතුයි – ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ"
"පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන තවදුරටත් කතාවට සීමා නොකර ආණ්ඩුවේ හා විපක්‍ෂයේ ප්‍රධානීන් එක්ව කතාකර වින්දිතයන්ට සාධාරණයක් වන විකල්පයකට වහාම යා යුතු බව අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ සහ බන්ධනාගාර ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 දා) පැවසීය. මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) කියා සිටියේය. පාස්කු ප්‍රහාර...
"ක්‍රිකට් සිද්ධිය: හේෂාට පැනවූ වාරණය ඉවතට"
"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශ මාධ්‍ය හමුවේ සිදුකිරීම වළක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට තම අධිකරණය විසින් මින් පෙර පනවා තිබූ වාරණ නියෝගය අහෝසි කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (22 දා) නියෝග කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
"ස්වර්ණාභරණ අපනයන ආදායමේ බරපතළ කඩා වැටීමක් – අධිකාරිය ප්‍රතිසංස්කරණයට ලක්කළ යුතු බව සේවකයෝ කියති"
"ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිකුත් කර තිබෙන අලුත්ම වාර්තාවකට අනුව ඉකුත් වසරට සාපේක්‍ෂව මෙම වසරේ එම ක්‍ෂේත්‍රයේ අපනයන ආදායම සියයට සෘණ 9.73 දක්වා පහළ බැස ඇතැයි අනාවරණය වී තිබේ. මේ වනවිට දියමන්ති අපනයනය වර්ධනය වී තිබුණත් එමඟින් මෙරටට ලැබෙන විදේශ විනිමය අවම මට්ටමට පත්ව ඇත. ඊට හේතුවී ඇත්තේ මෙරටට දියමන්ති ගෙනැවිත් ඒ...
"පාස්කු විවාදය කාලය කා දැමීමක් – පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙණිපිටිය"
"පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ඊයේ සහ පෙරේදා පැවැති විවාදය කාලය කාදැමීමක් බවත් විපක්ෂයට අවශ්‍ය වී තිබෙන්නේ එම ප්‍රහාරයට අදාළ සිදුවීම් තම දේශපාලන අවශ්‍යතාවය සඳහා භාවිතා කිරීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙණිපිටිය මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (22 ද...
"සම්මානිත ලේඛක එච්. ඒ. සමුගනී"
"සිංහල සාහිත්‍ය පෝෂණය කරන්නට කැප වූ සම්මානනීය ලේඛකයකු හා නවකතාකරුවකු වූ එච්. ඒ. සෙනෙවිරත්න මහතා ඊයේ (22 දා) අභාවප්‍රාප්ත විය. මිය යනවිට 83 වැනි වියේ පසු වූ සෙනෙවිරත්න මහතා එක් දියණියකගේ පියෙකි. නමක් නැති පොතක්, පව්කාරයකුගේ දිනපොත, පරාභවන්, එක්තරා ප්‍රේම කතාවක්, මෙහෙම නොවියන් කිසිදාක ආදී ග්‍රන්ථ රාශියක් ඔහු විසින් ලියා ...
"කොළඹ පොත් සැණකෙළිය ඇරැඹෙයි"
"ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 24 වැනි වරටත් සංවිධානය කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (22 දා) පෙරවරුවේ විවෘත විය. එහි පැමිණි පිරිස් පොත්පත් මිලදී ගැනීමට ඒවා තෝරමින් සිටි අයුරු. මෙම ප්‍රදර්ශනය සැප්. 22 වැනිදා සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා පෙ.ව. 9 සිට රාත්‍රී 9 දක්ව...
"මහ බැංකු නව පාලක මණ්ඩලය පළමු වරට රැස්වෙයි"
"නව මහ බැංකු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට නව පාලක මණ්ඩලයක් පිහිටුවා ඇති අතර එහි පළමු රැස්වීම ඉකුත් සැප්තැම්බර් 21 දින පැවැත්වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මුදල් නීති පනතේ විධිවිධාන යටතේ මීට පෙර ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලය අහෝසි වීමෙන් අනතුරුව මහ බැංකුවේ මෙම නව පාලක මණ්ඩලය පිහිටුවා තිබේ. මහ බැංකුවේ නව පාලක මණ්ඩලයේ ...
"කිරිපිටි බදු ඉහළට"
"ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් තොටුපළ බද්ද සියයට 10 කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇතැයි වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පවසයි. මේ බදු වැඩි කිරීම නිසා වෙළෙඳ පොළේ ආනයනික කිරිපිටි මිල ඉහළයෑමක් සිදුනොවන බවත් ඒ සඳහා ඉඩ නොදෙන බවත් වෙළෙඳ ඇමැතිවරයා තවදුරටත් පැවසීය. ශ්‍යාම් නුවන් ගනේවත්ත"
"බ්ලූ ඕෂන් රෙසිඩන්ස් සිද්ධිය: මිලියන 20ක වංචාවේ විමර්ශන ඉක්මන් කර වාර්තාව දෙන්න – ගල්කිස්ස උසාවියෙන් සීඅයිඩීයට නියෝග"
"මෙරට ප්‍රකට නිවාස සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපාර සමූහයක සේවය කරමින් සිටිය දී චෙක්පත් මගින් නිකුත් කළ රුපියල් මිලියන 20කට අධික මුදලක් වංචා කළේ යැයි චෝදනා එල්ල වී ඇති සමගි ජන බලවේගය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා අපේක්ෂකයකු ඇතුළු තිදෙනකුට එරෙහිව සිදුකරන විමර්ශන කඩිනමින් අවසන් කොට විමර්ශන වාර්තා තම අධිකරණයට ඉදිරිපත්...
"අවිස්සාවේල්ලේ ද්විත්ව ඝාතනය මන්නා රමේෂ්ගේ වැඩක්"
"අවිස්සාවේල්ල තල්දූව ගුරුපස්ගොඩ ප්‍රදේශයේදී සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු විසින් ත්‍රිරෝද රථයක යමින් සිටි තරුණයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධිය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ‘මන්නා රමේෂ්‘ නමැති පාතාල නායකයාගේ මෙහෙයවීමෙන් ඔහුගේ ගෝල බාලයන් විසින් සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත...
"පාස්කු විවාදයේදී මෛත්‍රී – ෆොන්සේකා ‘ගිනි පිඹිති’"
"පාස්කු ප්‍රහාරයට බයෙන් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රටින් පැන ගොස් ඉන්දියාවේදී වත්මන් බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ හමුවූ බවට මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා (සජබ) විසින් කරන ලද චෝදනාවක් හේතුවෙන් දෙදෙනා අතර පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) උණුසුම් තත්ත්වයක් ඇති විය. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදයේදී මෙම තත්ත්වය ඇති වුණි....
"මහ මොළකරු අබුහින් – නලින් බණ්ඩාර මැති සබයේ දී කියයි"
"පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන්නේ ඉන්දියාවේ සිට පැමිණි අබුහින් නමැති පුද්ගලයා යැයි එම ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (සජබ) ඊයේ (21දා) පැවසීය. අබුහින් මෙරටට පැමිණ සහරාන් සමග රහසේ සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවන්ට කිසිදු අයකු සහභාගි කර නොගත් බවට සහ...
"උසස් පෙළ විභාග දින වෙනස් කරනවා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත"
"මෙම වසරේ (2023) නොවැම්බර් මස 27 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින වකවානු සංශෝධනය කිරීම සඳහා මේ වන විට අවධානය යොමු වී ඇති බවත් විභාග කොමසාරිස්වරයා විසින් සංශෝධිත එම දින ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21 දා) පැවසීය. එ...
"ඇමරිකා-ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ පොත ජනපතිට"
"ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් පිහිටි ඇමරිකා-ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය මගින් සම්පාදනය කරන ලද Kingdom of Ruhuna ග්‍රන්ථය එහි සංස්කාරක හා සංගමයේ සභාපති සූරිය කුමාර ජයලත් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇමරිකාවේදී පිළිගන්වන ලදි. ඇමරිකාවේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක්හි ශ්‍රී ලංකා තානා...
"මුරලි ‘800’ තිරයට පෙර"
"ටෙස්ට් ක්‍රිකට් කඩුළු 800ක් දවාගත් ලොව ප්‍රථම හා එකම ක්‍රිකට් ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූ ‘800” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට මාධ්‍යයට ප්‍රදර්ශනය කිරීම ඊයේ (21 දා) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝලයේදී සිදුවිය. එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා ක්‍රික...
"සුරාබදු පොලු‍ තැබූ සමාගම් දෙකක් අතුරුදන් – අරක්කු සමාගම් 7ක් කෝටි 150ක් බදු ගෙවලා නෑ"
"සුරාබදු ගෙවීම් ප්‍රමාද වූ ආයතන 07 ක් පවතින බවත් සමාගම් දෙකක් බිලියන 1.5 කට ( කෝටි 150ක) වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබුණත් ඔවුන් සම්බන්ධ කිසිදු තොරතුරක් තවමත් ලැබී නොමැති බවත් පෙරේදා (20 දා) පාර්ලිමේන්තුවේදී පැවැති ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය විය. අනෙක් සමාගම් ගෙවීම් සැලසුම්වලට අනුව කටයුතු කළ ද ග්ලෝබ් බ්ලෙන්ඩර...
"දයාසිරි වරදකරු කිරීම 5 වැනිදා තෙක් බෑ – මෛත්‍රිට වාරණයක්"
"ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ නීතීඥ දයාසිරි ජයසේකර මහතාට එරෙහිව පක්‍ෂ විනය කඩකිරීම සම්බන්ධයෙන් විනය පියවර ගැනීම සහ විනය කඩකිරීමේ චෝදනාවට වරදකරු කිරීම ලබන 5 වැනිදා දක්වා වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (21) හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන...
"මැලේසියානු රජුගෙන් ජනපති රනිල්ට ආරාධනාවක්"
"මැලේසියාවේ නිල සංචාරයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එරට රජු ආරාධනා කර ඇත. ඇමෙරිකාවේ නිවුයෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගි වීමට ගොස් සිටින ජනාධිපතිවරයා ඊට සමගාමීව මැලේසියාවේ අගමැති අන්වර් බින් ඊබ්‍රහිම් මහතා පෙරේදා (20 දා) නිල වශයෙන් හමුවූ අවස්ථාවේ දී මෙම ආරාධනය දැනුම් දී තිබේ....
"මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් රටවල්වලට සහාය වීමට විධිමත් සැලැස්මක් අවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ පෙරේදා (20 දා) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති සංවර්ධනය සඳහා මුල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයක ප්‍රධාන දේශනය සිදු කරමිනි. ‘කිසිවෙකු අත් නො...
"පාස්කු ප්‍රහාරයට මිනීමරු සහරාන් ෆෝම් කළේ යහපාලන ආණ්ඩුවයි – ඇමැති ප්‍රසන්න රණතුංග"
"පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට මිනීමරු සහරාන් ෆෝම් කළේ යහපාලන ආණ්ඩුව කාලයේදී බවත් විපක්ෂයට පවතින රාජපක්ෂ භීතිකාව නිසා ගෝඨාබය රාජපක්ෂ බලයට ගෙන ඒමට ප්‍රහාරය සිදු කළා යැයි අසත්‍ය චෝදනා කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) කියා සිටියේය. පාස්කු ප්‍රහ...
"චැනල් ෆෝ චෝදනා විමර්ශනයට විශේෂ තේරීම් කාරක සභාවක්"
"පාස්කු දින එල්ල වූ ප්‍රහාරය සම්න්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විසින් ප්‍රචාරය කරන ලද වැඩසටහන මගින් කළ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවසීය. එලෙස තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් විසිදෙනකුගේ අත්සන් සහිතව ...
"මුතුහෙට්ටිගම 24 වැනිදා තෙක් යළි රිමාන්ඩ්"
"නීති විරෝධී ලෙස ගෙන්වන ලද කොටස් එකලස් කොට ව්‍යාජ අංක තහඩුවක් සවිකරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ලබන 24දා තෙක් යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (21 දා) නියෝග කළේය. එම නඩුවට අදාළ...
"ඉල්ලීම් 6ක් දිනා ගන්න රෝහල් ඉදිරිපිට අද සෞඛ්‍ය සේවක විරෝධතා"
"ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් දිවයිනේ සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිටදී සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලද ඒකාබද්ධ කර ගනිමින් අද (22 දා) මධ්‍යහ්න 12.00 සිට 1.00 දක්වා ඒකාබද්ධ විරෝධතාවක නිරතවීමට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. සෞඛ්‍ය කාර්ය මණ්ඩල, වෘත්තීය සමිති, සිවිල් ආගමික සහ වෙළෙඳ සංවිධානද මෙම විරෝධතාවට සහාය ලබාදෙ...
"බල්ලන් නොවන සතුන් සපාකා ජලභීතිකාව හැදෙන පිරිස වැඩිවෙලා"
"සුනඛයින් නොවන සතුන් සපා කෑම් හේතුවෙන් ජලභීතිකා රෝගයට ගොදුරුවී මෙරට මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව පසුගිය වසර කිහිපයේදී ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ජලභීතිකා රෝගය පිළිබඳව ජනතාව තුළ ඇති නොදැනුම්වත් භාවය මෙලෙස මරණ සංඛ්‍යාව ඉහළ යෑමට බලපා ඇතැයි එම අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන අංශයේ වෛද්‍ය නිලධාරි වෛද්‍ය හේෂාන්...
"උද්ධමනය 2.1%කට පහළ බසී"
"ජාතික පාරිභෝගික මිල දර්ශනය අනුව ගණනය කළ අගෝස්තු මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා තවදුරටත් අඩුවී ඇත. ඉකුත් ජුලි මස වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 4.6 ක් විය. පසුගිය ජුලි මාසයේ සියයට සෘණ 2.5 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉකුත් අගෝස්තු මාසයේදී සියයට සෘණ 5.4 ක් දක්වා අඩුවී ඇත. එසේම ජූ...
"ශ්‍රී ලංකා තේ මණ්ඩලය රු. මි. 2300ක් ගිලලා!"
"ශ්‍රී ලංකා තේ මණ්ඩලය ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් මිලියන 2300ක් වැය කර ඇතත් කිසිදු ඵලදායී ප්‍රචාරයක් කර නැතැයි කෝප් කමිටුව හමුවේ පෙරේදා (19දා) අනාවරණය වී ඇත. කෝප් කමිටුව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්...
"පාස්කු කොමිසමෙන් පොලිසියට චෝදනා නෑ – ඇමැති සුසිල් කියයි"
"පාස්කු ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් පොලිස් නිලධාරීන් වෙත චෝදනා එල්ල වී නැතැයි සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය. විපක්ෂ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයකට මහජන ආරක්ෂක ඇමැතිවරයා වෙනුවෙන් පිළිතුරු ලබා දෙමින් ප්‍...
"නිලන්ත කැඳවීම පාර්ලිමේන්තුවත් හෑල්ලු කිරීමක් – සිරිල් ගාමිණී පියතුමා"
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතුව සිටි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් නිර්දේශ වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවට ගෙන්වා පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරුණු ඉදිරිපත් කිරීම හා දේශන පැවැත්වීම උත්තරීතර පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කිරීමක් යැයි කාදිනල්තුමන්ගේ මාධ්‍ය අධ්‍යක්...
"පාස්කු විවාදය අද සහ හෙට"
"පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය අද සහ හෙට (21-22) පැවැත්වේ. මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විපක්ෂයේ සමගි ජන බලවේගය විසිනි. මෙය සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළේය. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් ...
"ජනපති අද එජා සමුළුව අමතයි"
"ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21 දා) සිය දේශනය පැවැත්වීමට නියමිතය. එසේම 2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයන් විසින් මාර්ගෝපදේශ සපයුන ලබන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක හමුව අ...
"රේගු භාරයට ගත් වාහන 133ක විමර්ශන ලිපිගොනු අතුරුදන්"
"විවිධ අංශ විසින් සිදුකරනු ලබන රේගු විමර්ශනවලදී රේගු භාරයට ගෙන රඳවාගෙන ඇති වාහන 133කට අදාළ විමර්ශන ලිපිගොනු අස්ථානගතව ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. රේගු විමර්ශනවලදී රේගු භාරයට ගනු ලැබූ රථවාහන 435ක්, බහාලු 91ක් මෙම වර්ෂයේ (2023) ජනවාරි 31 වැනිදා වන විට පුද්ගලික ආයතනයකින් කුලී පදනම මත ලබාගෙන ඇති අංගනයක ගාල්කොට ඇති...
"වකුගඩුව ඉවත්කිරීමේ නඩුව: උසාවියට නොකියා සාක්‍ෂි විභාගයට නොපැමිණි පොලිස් නිලධාරියාට මහෙස්ත්‍රාත්ගේ අප්‍රසාදය"
"කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ වකුගඩු සැත්කමකදී රෝගී වකුගඩුව මෙන්ම මනා ක්‍රියාකාරිත්වයෙන් තිබූ වකුගඩුවක් ඉවත්කිරීම නිසා මියගිය තුන් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් පැවැති මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී කොළඹ වෛi පීඨයේ මහාචාර්යවරයකු සාක්‍ෂි දීමට නියමිතව තිබියදී එම කටයුතු පසෙකලා මෙතෙක් සාක්‍ෂි මෙහෙය වූ බොරැල්ල පොලිසිය...
"ජනපති සමන්තා පවර් හමුව…"
"එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී පෙරේදා (19 දා) සිදු විය. ශ්‍රී ලංකාවේ අර්බුදකාරී වාතාවරණය හමුවේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායත...
"උ/පෙළ කල් යනවාද නැද්ද අද කියන්නම් – ඇමැති කියයි"
"අපොස උසස් පෙළ විභාගය කල් දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (21) දින තමන් විශේෂ ධනාත්මක ප්‍රකාශයක් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය. තමාගේ ප්‍රකාශයෙන් පසු විභාග කොමසාරිස්වරයා විභාගයට දින නියම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය. ඇමැතිවරයා මෙසේ පැවසු...
"කබ්රාල්ට හා ලලිත්ට එරෙහි නඩුවේ නියෝගය 4දාට"
"විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගෙන හිටපු… ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් වීරතුංග හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් ගොනුකර ඇති පෞද්ගලික නඩුකරයෙන් නිදහස් කරන්නේ ද නැතහොත් පැමිණිල්ල තවදුරටත් ඉදිරියට ගෙනයෑමට අවසර දෙන්නේ ද යන නියෝගය ලබන 4 වැනිදා නිකුත් කිරීමට...
"කීරි සම්බා සැඟවීම පිටුපස මෝල් මාෆියාවක් – හිතු හිතූ ගණන්වලට කීරි සම්බා විකුණති!"
"මේ දිනවල වෙළෙඳ පොළේ කීරි සම්බා සහල්වල විශාල හිඟයක් නිර්මාණය වී ඇත. පසුගිය දිනවල රුපියල් 290-300 අතර මිලකට සිල්ලර වෙළෙඳ සැල්වල අලෙවි වූ කීරි සම්බා කිලෝවක් සඳහා රජය මගින් මීට සති කිහිපයකට පෙර රුපියල් 260ක උපරිම සිල්ලර මිලක් නියම කළ අතර ඒ සමග ම තොග හා සිල්ලර වෙළෙඳ සැල් කීරි සම්බා සහල් අලෙවිය නවතා දමා ඇත. මේ වනවිට සියලුම ...
"මට මරණ තර්ජන ආරක්‍ෂාව දෙන්න – ඩී. වීරසිංහ කථානායකගෙන් ඉල්ලයි"
"තමන්ටද වෙඩි තබනවා, මරනවා වැනි තර්ජන එල්ල වන බැවින් තම ජීවිත ආරක්ෂාව සලසා දෙන්නැයි අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් කථානායවරයාගෙන් ඉල්ලා සිටියේය. එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය. මට දැන් දින දෙකක සිට 0761000732 කියන දුරකථන අංකයෙන් ඇමතුම් දී මරනවා...
"ඔක්තෝබර් තෙක් වැසි"
"දැනට පවතින වැසි තත්ත්වය අඩු වැඩි වෙමින් ඔක්තෝබර් මුල දක්වා පවතින බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවසීය. අද (21 දා) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට දවස පුරා කඩින් කඩ වැසි ඇතිවන බව හෙතෙම කීය. මීට අමතරව නැඟෙනහිර, ඌව පළාත්වලට ද, මුලතිව්, පොළොන්නරුව යන දිස...
"ජනපති රනිල් බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා හමුවෙයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව (19) නිව්යෝර්ක් නුවරදී සිදු විය. දකුණු ආසියානු කලාපීය රටවල් දෙකක් ලෙස දෙරට අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමේ වැදගත්කම මෙහිදී රාජ්‍ය නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ."
"ජොනී – සනත් ගැන කළ විමර්ශනවලට මොකද වෙන්නේ"
"ගාලුමුවදොර පිටියේ ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ රැඳී සිටි අරගලකරුවන්ට පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු පිරිසකට එරෙහිව සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර කුමක්දැයි දන්වන ලෙස දන්වා නීතිපතිවරයා වෙත සිහිකැඳවීමක් ...
"ළමා රෝහලට එන හතිය හැදුණු දරුවන් වැඩිවෙලා – ඉන්හේලර් දෙන්න බයවෙන්න එපා"
"පවතින වැසි තත්ත්වය සමග ළමා හතිය වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් යළි දකින්නට ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවසීය. ළමා හතිය වැළඳුණු දරුවන් හට ඉන්හේලර් භාවිතය නිර්දේශ කරන බවත්, එය බියවිය යුතු කාරණාවක් නොවන බවත් ඒ මහතා කීය. මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙස...
"සමාජ මාධ්‍ය මර්දනය කරන්න රූකඩ කොමිසමකට බලය දීලා – පුබුදු ජයගොඩ"
"සමාජ මාධ්‍යවල අදහස් දැක්වීම පාලනය කිරීම සඳහා සැප්තැම්බර් 15 දින ගැසට් කරන ලද මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුව ජනතාවට කෙතරම් බියවී සිටින්නේද යන්න ප්‍රදර්ශනය කරවන්නක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය. ඊයේ නුගේගොඩදී පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කීවේය. ඔහු මෙසේ ද...
""රටේ බංකොලොත්භාවය ගැන තේරීම් කාරක සභාවේ අදහස් දැක්වූවේ වරද යළි නොවන්නට මිස වෛරය, ක්‍රෝධය පැතිරවීමට නොවේ""
"රට බංකොළොත් බවට ප්‍රකාශ කළ නිලධාරීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ තමා අදහස් දැක්වූයේ දේශපාලනඥයන් හෝ රාජ්‍ය නිලධාරීන් අතින් සිදුවූ වැරැදි නිවැරදි කිරීමට මිස වෙනත් වෛරය හෝ ක්‍රෝධය පැතිරවීමේ අදහසින් නොවේ යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (20 දා) පැවසීය. අපට දැන...
"හරක්කටා සහ කුඩු සලිඳුගේ රැඳවුම් මැදිරිවලින් 8 වතාවක් කුඩු හමුවුණත් විමර්ශන නෑ"
"අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි රැකවරණය යටතේ සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් දෙදෙනෙකු වන හරක්කටා සහ කුඩු සලිඳු රඳවා සිටි රැඳවුම්වල සඟවා තිබී අට වතාවක්ම හෙරොයින් සොයාගැනීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුවී නොමැති බව හෙළිවී ඇත. හරක්කටා සහ කුඩු සලිඳු මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූවන් වන අතර ඔව...
"පාස්කු විවාදයට මන්ත්‍රීන් දැනුවත් කරන්න නිලන්ත ගෙන්වන්න ලැජ්ජා නැද්ද – කිරිඇල්ල අසයි"
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පැවැත්වීමට නියමිත විවාදයට මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ගෙන්වන වැඩසටහනට විපක්ෂය පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) විරෝධය පළ කළේය. මෙම ප්‍රහාරය සම්බන්ධ පොලිස් විමර්ශන පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහ...
"උ.පෙළ විභාගය දින වකවානු ගැන විභාග කොමසාරිස් ජනරාල් ප්‍රකාශයක් කරයි – අධ්‍යාපන ඇමැති"
"2023 අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් වහාම ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය. සමගි ජනබලවේගය මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා ඒ බව සඳහන...
"කල්දැමීම ගැන ජනපති රටට ආ පසු පියවර ගන්නවා – වජිර අබේවර්ධන"
"ඇතැම් පාසල්වල සිසුන් අවශ්‍ය විෂය ආවරණය කර නැති බවට කරුණු හෙළිවී තිබෙන නිසා උසස් පෙළ විභාගය ටික දවසකට කල්දමන ලෙස කෙරෙන සිසුන්ගේ සාධාරණ ඉල්ලීම පිළිබඳව ජනාධිපතිතුමන්ගේ විදෙස් සංචාරයෙන් පසුව පියවරක් ගන්නා බව එ ජා ප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. ගාල්ලේ පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අබේවර්ධන මහ...
"කහඋණ එන්නත රටේම නෑ : ගෙන්වීමට සැපයුම්කරුවෙකුත් නෑ – සෞඛ්‍ය ඇමැති කෙහෙළිය කියයි"
"කහ උණ රෝගය සඳහා ලබා ගත යුතු එන්නත පසුගිය අප්‍රේල් මස සිට රට තුළ නොතිබූ බවත් එම එන්නත ගෙන්වීමටද කිසිම සැපයුම්කරුවකු ඉදිරිපත් නොවූ බවත් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය. ඒ හේතුව නිසා සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත්ව යුනිසෙෆ් ආයතනයෙන් ඉල්ලීමක් කර එන්නත් 2000ක් ලබා ගැනීමට ක්‍රියා කළ බව ඇමැ...
"ඖෂධ හදිසි මිලදී ගැනීම් අත්හිටුවීමට මැදිහත් වන්න අගවිනිසුරුට පෙත්සමක්"
"මහජන මුදල් අවභාවිත කරමින් සිදු කෙරෙන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදිසි ඖෂධ මිලදී ගැනීම් වහාම අත්හිටුවීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඊයේ (19දා) අග්‍ර විනිශ්චයකාරවරයා වෙත විශේෂ පෙත්සමක් භාර දුන්නේය. වසරක පමණ කාලයක් තුළ ඉතා අඩු මිලට ගුණාත්මක බවින් යුත් ඉ...
"පාස්කු ප්‍රහාරයේ විවාදයට පෙර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපත් මන්ත්‍රීන්ට දෙන්න – සජිත් ඉල්ලයි"
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබන 21, 22 දෙදින පැවැත්වෙන විවාදයට පෙර එම ප්‍රහාරය පිළිබඳව නිකුත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දෙවැනි වෙළුමේ දෙවැනි හා තෙවැනි කොටස් පරිශීලනයට මන්ත්‍රීවරුන්ට ඒවායේ පිටපත් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (19දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. ජනාධිපති කොමිෂන් වාර්තාව...
"රජයේ ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ලෝක බැංකු සභාපති අජේ බංගාගේ ප්‍රශංසාවට"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් ගෙන යන ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉහළින් අගය කළ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා ශ්‍රී ලංකාව නව්‍යකරණයේ මාවතකට පිවිසීම සම්බන්ධයෙන් සතුටු වන බව සඳහන් කළේය. එසේම ජනාධිපතිවරයා ආරම්භ කර තිබෙන මෙම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප...
"මට වෙඩි තිබ්බේ අද පවතින ක්‍රමය විසින් – මන්ත්‍රී උද්දික මැති සබයේදී කියයි"
"තමාට වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇත්තේ වර්තමානයේ පවතින ක්‍රමය විසින් යැයි සිතන බව අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය. මීට දින දෙකකට පෙර තමන් වෙත එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා වැඩ...
"කොළඹ මූල්‍ය නගරය නිල වශයෙන් ලබන 26දා අබුඩාබිහිදී ආයෝජකයන් වෙත හඳුන්වා දෙනවා – රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම"
"කොළඹ වරාය නගරය කලම්බ් ෆයිනෑන්ෂල් සිටි (කොළඹ මූල්‍ය නගරය) වශයෙන් ඩුබායි රාජ්‍යයේදී සහ අබුඩාබිහිදී ලබන 26 වැනිදා නිල වශයෙන් ආයෝජකයන් වෙත හඳුන්වා දෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) සඳහන් කළේය. හිටපු බි්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතාද එම උත්සවයට සහභාගී වෙන බව කී ඇමැතිවර...
"ජනතා මතය මර්දනය කිරීමට ආණ්ඩුව අලු‍ත් නීති ගෙන ඒමට කටයුතු කරනවා – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා"
"සමාජ මාධ්‍ය නියාමනය කිරීමට කොමිෂන් සභාවක් සහ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනතා මතය මර්දනයට ආණ්ඩුව අලු‍ත් නීති ගෙන ඒමට කටයුතු සිදුකරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී මෙසේද කියා සිටියේය. බංකොලො...
"කොරියාවේ ශ්‍රී ලංකාරාමයට වැඩම කරවන කඨින චීවරය ගංගාරාමයට…."
"උපන් බිමෙන් දුරස්ව දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටත් ඔවුන්ගේ ඥාතීන්ටත් එකම පිංකමකට දායක වීමට සම්පත් බැංකුව මග සලසා දී ඇත. එහිදී දකුණු කොරියාවේ තේගු නගරයේ ශ්‍රී ලංකාරාමයට වඩමවනු ලබන කඨින චීවරය ශ්‍රී ලාංකික බැතිමතුන්ට වැඳ පුදා ගැනීම සඳහා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කළ අවස්ථාව මෙහි දැක්වේ. මෙම අවස්ථාවට ගංගාරා...
"සායනික අපද්‍රව්‍ය යළි ගොඩගැසෙයි!"
"මෙරට ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ සායනික අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක මෙහෙයුම් කටයුතු අඩාලවීම හේතුවෙන් ඉදිරියේදී දකුණ, මධ්‍යම හා බස්නාහිර පළාත් මුල්කර ගනිමින් ක්‍රියාත්මක සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය දැඩි අවදානමකට ලක්ව ඇත. එම කළමනාකරණ මධ්‍යස්ථාන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය...
"අද වරාය වෙන්දේසියෙන් කුණුකොල්ලෙට බඩු අරන් දෙවැනි වෙන්දේසියකට කල්ලියක් දතකයි"
"කොළඹ වරායේ අද (20 දා) පැවැත්වෙන වෙන්දේසියකින් රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ තොගයක් කුණුකොල්ලයට ලබාගෙන වරාය පරිශ්‍රය තුළදීම දෙවැනි වෙන්දේසියක් පැවැත්වීමට එක්තරා කණ්ඩායමක් සැලසුම් කර ඇතැයි වරාය අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. කොළඹ වරාය සේවා කටයුතු සඳහා භාවිතා කරන ලද රථ වාහන ඇතුළු වටිනා භාණ්ඩ තොගයක් මෙසේ වෙන්දේසි කිරීම...
"අගෝස්තුවේ නිෂ්පාදන කටයුතු ඉහළ ගිහින්"
"ඉකුත් අගෝස්තු මාසයේ දී පසුගිය මාසවලට සාපේක්‍ෂව නිෂ්පාදන කටයුතුවල වැඩිදියුණු වීමක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව ඉකුත් අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඒකක 49.3 ක් දක්වා ඉහළ ගොස් ඇත. ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉකුත් ජූලි මාසයේ ඒකක 44.6 ක් විය. එසේම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ ...
"මන්ත්‍රීට වෙඩි තබන මොහොතේ සීසීටීවීත් නැවතිලා – විමර්ශන සීඅයිඩීයට"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ නළු උද්දික ප්‍රේමරත්න මහතා පෙරේදා (17 දා) රාත්‍රී සිය මෝටර් රථයෙන් අනුරාධපුර පිහිටි නිවසට පැමිණි අවස්ථාවේ නාඳුනන වෙඩික්කරුවකු විසින් සිදු කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කොට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පොලිස්පතිවරයාගේ නියමයෙ...
"උද්දික ‘නෝ කතා’"
"පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව කරුණු විමසීමට ‘දිවයින’ ඊයේ කීප වතාවක්ම උත්සාහ කළ ද ඔහු දුරකථනයට සම්බන්ධ නොවීය. ඔහුගේ කටහඬ ඇතුළත් පටිගත කළ වචන පෙළක් පිළිතුරු වශයෙන් අසන්නට ලැබුණි. බොහෝම ස්තුතියි. පසුව කතා කරන්නම් යැයි එහි සඳහන් විය. වාහනයෙන් ඔහු පිටව ගියපසු දැඩි විදුලි ...
"හයි බ්ලඩ් ප්‍රෙෂර් බස්සන්න විනාඩි 45ක් භාවනා කරන්න – බටහිර වෛද්‍යවරු ජනතාවට කියති"
"ආතතිය හේතුවෙන් වැළඳෙන අධිරුධිර පීඩනය (හයි බ්ලඩ් ප්‍රෙෂර්) අඩු කරගැනීම සඳහා දිනකට විනාඩි 45 ක් භාවනා කිරීම බටහිර වෛද්‍ය විශේෂඥයන් විසින් අධිරුධිර පීඩනය වළක්වා ගැනීම සඳහා ජනතාව විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවට අලුතින් නිර්දේශයක් වශයෙන් ඇතුළත් කර තිබේ. අන්තර්ජාතික අධිරුධිර පීඩන සංගමයට අනුව මෙසේ දිනකට විනාඩි 45 ක ...
"නවකවධ සිදුවීම් 36ක්: සිසුන් 57කගේ පන්ති තහනම්"
"විශ්වවිද්‍යාලවල නවකවධය මැඬපැවැත්වීම සඳහා ජාතික කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේෂ් රාඝවන් මහතා ඊයේ (18දා) පැවසීය. ගත වූ මාස 12 තුළ නවකවධ සිදුවීම් 36 ක් වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මාස 08 ක පමණ සිට සිසුන් 57 දෙනෙකුගේ පන්ති තහනමට ලක්කර ඇති බවත්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊය...
"මෝදිට උපන් දින තෑග්ගක් වගේ ක්‍රිකට් ජය නිකම්ම ඉන්දියාවට දීම විශාල සැකයක් – තිස්ස අත්තනායක"
"ආසියානු ක්‍රිකට් කුසලාන අවසන් මහා තරගය පරාජය වීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්ට විශාල සැකයක් පවතින බවත් තරගය ඉන්දියාවට නිකම් ගෙනිහින් දුන්නා වැනි බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (18දා) පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. එහිදී මන්ත්‍රීවරයා මෙසේ...
"ඉන්දීය බිත්තර කුණු වූ ප්‍රචාරය දේශීය බිත්තර මිල නැංවීමේ උපායක් – රාජ්‍ය වාණිජ සංස්ථා සභාපති"
"ඉන්දියාවෙන් කොළඹ වරායට ගෙන් වූ කන්ටේනර් 02 ක බිත්තර කුණු වී ඇති බවට ප්‍රචාරයක් ගෙනියන්නේ දේශීය බිත්තරයක මිල ඉහළ දැමීමට බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ඊයේ (18දා) පැවසීය. ඊයේ සිට මෙරට බිත්තරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා ඇතැයි ද ඔහු කීය. වරායට ගෙන් වූ බිත්තර සියල්ලම මේ වනවිට රාජ්‍ය වාණිජ නීත...
"ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 6 ක් කෝප් හමුවට කැඳවයි"
"දූෂණ හෝ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන හයක් ඉදිරි දිනවල පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) හමුවට කැඳවීමට නියමිතව ඇත. කෝප් කමිටුව හමුවට මෙසේ කැඳවීමට නියමිත සෙසු ආයතන වන්නේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව, කොළඹ විශ්වවිද්‍යාලය, ජාතික රක්ෂණ භාරකා...
"ඇමැති අඩු කරනවා කිව්වත් සිමෙන්ති මිල නැගලා – ජාතික ඉදිකිරීම් සේවක සංගමය"
"සිමෙන්ති මිල අඩු කරන බවට වෙළෙඳ ඇමැතිවරයා පැවසුවත් මේ වන විට වෙළෙඳ පොළේ සිමෙන්ති මිල ඉහළ ගොස් ඇතැයි ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසයි. රුපියල් තුන්සියයකින් සිමෙන්ති මිල පහත දමන බවට ඇමැතිවරයා ප්‍රකාශ කළත් රුපියල් 2100 කට තිබුණු සිමෙන්ති කොට්ටයක මිල මේ වනවිට රුපියල් 2200 ක් දක්වා වැඩිකර ඇතැයි එම සංගමය ඊයේ (18දා) පැවැති මා...
"සත්‍යය සඟවන කමිටු එපා: – උද්දිකට වෙඩි තැබූ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න"
"සත්‍ය වසන් කරන කමිටු තවදුරටත් පිහිටුවීම වෙනුවට උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාට වෙඩි තැබූ පුද්ගලයන් අනාවරණය කර ගෙන ඔවුනට විරුද්ධව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (18දා) අනුරාධ...
"ලයිසන් මුද්‍රණයෙන් යුද හමුදාව රජයට කෝටි 82 ක් ඉතිරි කර දෙයි"
"රියැදුරු බලපත්‍ර මුද්‍රණය හා එයට අදාළ මිලදී ගැනීම් සම්බන්ධයෙන් කටයුතු කළ යුද හමුදාව ගෙවීගිය වසර දෙකහමාර තුළ රුපියල් කෝටි අසූ දෙකකට ආසන්න මුදලක් රජයට ඉතිරි කර දීමට සමත්වී තිබේ. කෙසේ වෙතත් මෙතෙක් කරගෙන ආ කටයුතු වලින් ඉවත්වී රියැදුරු බලපත්‍ර මුද්‍රණය ඇතුළු අනෙකුත් කටයුතු යළි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත භාරදීමට ඉ...
"කොළඹ වරායේ කුණු බිත්තර කන්ටේනර් දෙක ගැන තොරතුරු ලැබුණා"
"ඉන්දියාවේ සිට මෙරටට ගෙන් වූ කුණු වූ බිත්තර කන්ටේනර් දෙකක් කොළඹ වරායේ තිබෙන බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. මෙම බිත්තර බහාලුම් දෙක සඳහා නිසි රක්‍ෂණ වන්දියක් ද ලබාගැනීමට නොහැකිවීමෙන් රටට විශාල පාඩුවක් විඳීමට සිදුව ඇතැයි ද ඊයේ (18දා) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම කීය. එම බ...
"අලුත් විශ්වවිද්‍යාල අරින්න පෙර තිබෙන ඒවා දියුණු කරන්න – ජී. එල්. පීරිස්"
"ජනාධිපතිවරයා පවසන ආකාරයට නව විශ්වවිද්‍යාල 10 ක් විවෘත කිරීමට පෙර පවතින විශ්වවිද්‍යාලවල භෞතික සම්පත් මෙන්ම මානසික සම්පත් වර්ධනය කළ යුතුව ඇතැයි නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (18දා) පැවැසීය. මෙවැනි ප්‍රකාශ ප්‍රායෝගික නොවන බව ඒ මහතා නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (18දා) පැවැ...
"‘ඇමෙරිකන් එක්ස් බුලි’ බි්‍රතාන්‍යය තහනම් කරයි"
"‘අමෙරිකන් එක්ස් එල් බුලි’ නම් සුනඛ වර්ගය තහනම් කිරීමට බි්‍රතාන්‍ය රජය තීරණය කර තිබේ. බි්‍රතාන්‍ය අගමැති රිෂි සුනක් පවසා ඇත්තේ මේ සුනඛයන් ඉතා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන බවත් එම නිසා ජනතාව පීඩාවට පත්වී සිටින බවත්ය. ප්‍රධාන වශයෙන්ම මෙම සුනඛ වර්ගය සපා කෑමෙන් ජීවිත හානි සිදුව තිබෙන බවත් ඒ අතර කුඩා දරුවන් ද සිටින බවත් අගමැතිවරයා ...
"මේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථිකය සෘණ වෙයි"
"මේ වර්ෂයේ (2023) දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය ගිය වර්ෂයේ (2022) දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 3.1 ක සෘණ වර්ධනයක් වාර්තා කර ඇත. ඒ අනුව 2022 වර්ෂයේ දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2680074 ලෙස වාර්තා වී තිබුණු අතර එය 2023 වර්ෂයේ දෙවන කාර්තුවේදී රු. මිලියන 2597441...
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ සෙල්වරාජා කජේන්ද්‍රන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන නඩු පවරන්න"
"තහනම් සංවිධානයක් වන කොටි සංවිධානයේ නායකයෙකු වන අමිර්තලිංගම් තිලීපන් සමරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) වගන්තිය මෙන්ම 2007 අංක 56 දරණ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ප්‍රඥාප්ති පනතේ 3 වන වගන්තිය උල්ලංඝනය කළ සෙල්වරාජා කජේන්ද්‍රන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස ආණ්ඩුවට බල කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ...
"උසාවිය ඉදිරිපිට වෙඩි පත්තු වෙයි – සය හැවිරිදි දියණිය මරුට පියාට බරපතළ තුවාල"
"කොළඹ මාළිගාකන්ද උසාවිය ඉදිරිපිට ඊයේ (17දා) සවස සිදුවූ වෙඩි තැබීමකින් සය හැවිරිදි දියණිය මියගොස් ඇගේ පියා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැන කොටහේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ සවස මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද මෙම පියා පසුව ඇප මත මුදාහැර තිබේ. ඔහු කැඳවා ගෙන යෑමට ඔහුගේ බිරිඳ හා දියණි...
"දේශපාලන අනුහසින් – ඕඅයිසීලා 152ක් මාරු කිරීම පොලිස් කොමිසම අත්හිටුවයි"
"දේශපාලන අවශ්‍යතා සහ හිතවත්කම් මත පොලිස්පති නිර්දේශයෙන් සිදු කිරීමට ගිය පොලිස් ස්ථානාධිපතිවරුන් එකසිය පනස් දෙදෙනකු ගේ (152) ස්ථාන මාරුවීම් ජාතික පොලිස් කොමිසම මගින් අත්හිටුවා ඇත. සේවයේ අවශ්‍යතාව මත බව කියමින් පොලිස්පතිවරයා විසින් නිර්දේශ කළ පොලිස් ස්ථානාධිපතිවරුන් එකසිය පනස් දෙදෙනකුගේ ස්ථාන මාරුවීම් ලැයිස්තුවක් ජාතික ප...
"ජනපති නිව්යෝර්ක් නුවරට ළඟාවෙයි"
"කියුබාවේ පැවති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (17 දා) අලුයම නිව්යෝර්ක් නුවරට ළඟා විය. 2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසර...
"රට හිටිය කාලයේත් 17ක් මරලා – සංජීවගේ ටී 56 අංගොඩ බෝක්කුවක් යටින් සොයා ගනී"
"පාතාල කල්ලි නායක ගනේමුල්ලේ සංජීව නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතන සඳහා යොදාගත් ටී 56 ගිනිඅවිය අංගොඩ ප්‍රදේශයේ සඟවා තිබිය දී පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් පෙරේදා (16දා) රාත්‍රී සොයාගෙන ඇත. අංගොඩ ප්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබූ මෙම ටී 56 අවිය සොයා ගත් අතර වැඩිදුර විමර්ශනය සඳහා එම අවිය පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරයට ගෙ...
"ජනපති ‘G77 සහ චීනය’ සමුළුවේ රාජ්‍ය නායකයන් සමඟ"
"කියුබාවේ හවානා නුවර පැවති ‘G77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කානෙල් බර්මියුඩෙස් ඇතුළු ඊට එක් වූ රාජ්‍ය නායකයන් සමඟ."
"අන්තවාදීන්ගේ බලපෑමෙන් මුහුදු මහා විහාරය අවට පුරාවිද්‍යා රක්‍ෂිතයේ අනවසර ඉදිකිරීම් සහ වැලි කොල්ලයක් – උදය ගම්මන්පිල"
"අන්තවාදීන්ගේ දැඩි බලපෑමකට ගොදුරුව නැගෙනහිර මුහුදු මහා විහාරය, ඒ අවට පුරාවිiා රක්‍ෂිතය තුළ අනවසර ඉදිකිරීම්, වැලි කොල්ලයක් සිදුවන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. කැලණිතිස්ස රජුගේ දියණිය වූ විහාර මහදේවි කුමරිය ගොඩබට ස්ථානයක් ලෙස ද සැලකෙන මෙම පුදබිම මහානාග රජ දවස ඉදිවූවකි. පුරාවස්තු විනාශකරන අන්...
"රට බංකොලොත් බව නිවේදනය කිරීම පැහැදිලිවම කුමන්ත්‍රණයක් – කබ්රාල් පාර්ලිමේන්තු කාරක සභාවට ඇවිත් කියයි"
"ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා රට බංකොලොත් බවට ප්‍රකාශ කිරීමට පෙර සැබෑ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහ නීතිපතිවරයා දැනුවත් නොකිරීම රටේ ආර්ථිකය සහමුලින්ම විනාශකිරීමක් යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ආර්ථික බංකොලොත්භාවය සෙවීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සහභාගීවෙමින් පැ...
"අනුර කුමාර ‘මැච් එකෙන්ම’ මුතූර් සටන අරඹයි"
"ශ්‍රී ලංකා – ඉන්දියා අවසන් සටනෙන් අපි සියල්ලෝම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. ඒක සිංහල, දෙමළ, මුස්ලිම් හැම කෙනාගේම ප්‍රාර්ථනයයි. ජාතිවාදී දේශපාලනඥයො, එකතුවී සිටින අප බෙදන්න හදනවා. අපි එකතුවුණොත් ජාතිවාදයට තිත තබා රටක් ලෙස අපට නැගීසිටිය හැකි යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මුතූර් ආසන සමුළු...
"ජනවරමක් නැතිව සක්විති රජකමවත් බාර ගන්නේ නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"
"සක්විති රජකම දෙනවා කිව්වක් ජනවරමකින් තොරව තනතුරු බාර ගන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය. ප්‍රතිපත්ති කඩකර රටේ ජනතාව අමතක කර පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපති හා අගමැතිකම් ලබාගැනීමට තමා සූදානම් නොමැති බවත් පොහොට්ටුවේ 134කගේ සීමාසහිත වරමක් ගෙන ජනාධිපති පුටුවට ගිය වත්මන් ජනාධිපතිවරයා ⁣පොහොට්...
"මෙරට ළමා හා මාතෘ සෞඛ්‍යය නැංවීමට කෘත්‍රිම බුද්ධිය මෙවලමක් හරහා යොදා ගැනේ"
"මෙම දිනවල ලොව පුරා වැඩි දෙනකුගේ අවධානය යොමුව ඇති කෘත්‍රිම බුද්ධිය (ආටිෆිශල් ඉන්ටලිජන්ස්) මෙරට ප්‍රථම වරට වැඩිදියුණු කරන ලද කෘත්‍රිම බුද්ධි මෙවලමක් හරහා ළමා හා මාතෘ සෞඛ්‍ය අංශය සඳහා යොදා ගැනීමට සියලු කටයුතු සම්පාදනය කර ඇතැයි ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පැවසීය. මෙරට ළමා හා මා...
"වැලිගම පල්ලියකදී සම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට අන්තවාදීන්ගෙන් ප්‍රහාරයක්"
"වැලිගම බුහාරි භක්තියා ජුම්බා පල්ලියේ පසුගිය සිකුරාදා (15දා) ඇතිවූ ගැටුමකදී වහාබ්වාදී කණ්ඩායමක් විසින් සම්ප්‍රදායික මුස්ලිම්වරුන් පස්දෙනෙකුට බරපතළ ලෙස පහරදී තුවාල සිදුකර ඇත. සුන්නි මුස්ලිම් අධ්‍යාත්මික නායක අල්ෂෙයික් තයිතා නාසිර් ආලිම්තුමාගේ අනුගාමිකයන් පිරිසක් මෙලෙස අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්ව තිබේ. අන්තවාදී කණ්ඩායම් ...
"සංවර්ධනයේ අභියෝග ජය ගැනීමට විද්‍යා සහ තාක්ෂණික නවෝත්පාදනවලින්"
"ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජයගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ කියුබාවේ හවානා නුවරදී සිකුරාදා (15දා) ආරම්භ වූ “G77 සහ චීනය” ...
"අක්‍ෂි කාච පිළිබඳ මාධ්‍ය නිවේදන නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය පඹගාලක පැටලිලා"
"අක්ෂි කාච සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය ඇමැතිවරයා නිකුත් කර ඇති මාධ්‍ය නිවේදන සහ ප්‍රකාශ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ‘පඹගාලක’ පැටලී ඇතැයි, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. මාස හයකට සරිලන ලෙස අක්ෂි කාච රටේ ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගු...
"සී.අයි.ඩී. භාරයේ සිටියදී කළ වැඩ හෙළිවෙයි: හරක්කටා එක කෝල් එකකට ලක්ෂ 1 1/2 ගාණේ ගෙවලා"
"හරක්කටා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී තමන්ට අවශ්‍ය දේශීය සහ විදේශීය දුරකථන ඇමතුම් ලබා ගැනීමට එක් ඇමතුමක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ එකහමාරක පමණ මුදලක් එම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ට ගෙවා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත. හරක්කටා රඳවාගෙන විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ නිලධාරීන් ස...
"ආසියානු කුසලානය කාටද? තරඟය අද කොළඹදී"
"2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) ප.ව. 3.00 ට ආරම්භ වේ. ශ්‍රී ලංකාව පසුගිය වසරේද ආසියානු කුසලාන ශූරයෝය. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කුසලානය 6 වතාවක් ජයග්‍රහණය කර ඇත. ඉන්දියාව 7 වතාවක් එහි ශූරයන් වී තිබේ. අද තරගය ...
"දුම්රිය ‘රිවස්’ කළේ පොරොන්දුව විශ්වාස කරලා – ලොකෝමෝටිව් ඔපරේටින් ඉන්ජිනියරින් සංගමය"
"දුම්රිය රියැදුරු වර්ජනයට මුල් වූ ප්‍රධානතම ඉල්ලීම වූ උසස්වීම් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට සති දෙකක් ඇතුළත ප්‍රතිචාරයක් ලබාදෙන බවට බලධාරීන් ලබාදුන් පොරොන්දුව මත සිය වර්ජනය අත්හළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉන්ජිනියරින් වෘත්තිය සමිතියේ සභාපති චන්දන ලාල් මහතා පැවසීය. ඒ අනුව සිය ඉල්ලීම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දුම්රිය බලධා...
"ශ්‍රී ලංකා-කියුබා ජනාධිපතිවරු ද්විපාර්ශ්වික සාකච්ඡා"
"ශ්‍රී ලංකාව සහ කියුබාව අතර සෞඛ්‍ය සේවාව, ක්‍රීඩා පුහුණුව ඇතුළු අංශ කිහිපයක් සම්බන්ධයෙන් සහයෝගිතාවයෙන් කටයුතු කිරීමට අදාළ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එරට ජනාධිපති මියුගල් ඩයස් කැනල් යන මහත්වරුන් අතර පවත්වා ඇත. එරට නිල සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉකුත් 15 වැනිදා කියුබා ජනාධිපති...
"දිනේෂ් සමඟ බැසිල් වෙන වෙනම සාකච්ඡා"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් වෙන වෙනම හමුවී ඇත. රටේ වත්මන් දේශපාලන තත්ත්වය, සන්ධානගත දේශපාලනයේ දායකත්වයන්, ජනතා සුබසාධන පහසුකම්, ජීවන බර හා පීඩාවට පත් ජනතාවට සහන සැලසීම, රාජ්‍ය ආයතනික තීන්දු තීරණ ගැනීමේදී වෘත්තීය සමිති සහ ...
"පාස්කු විවාදයට පෙර මන්ත්‍රීලාට දැනුම"
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශන ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව ලබන 19 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහ...
"චැනල් ෆෝ පැටිකිරිය ජිනීවාවලදී අදින්න අලි සබ්‍රි සුදානමින්"
"ලබන 21 වැනිදා ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායකයන්ගේ වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව චැනල් 4 නාලිකාව සිදුකර ඇති අසත්‍ය චෝදනා පිළිබඳව අවධානය යොමු කරන බව විදේශ ඇමැති අලි සබ්‍රි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පැවසීය. මෙම සමුළුවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග තමා ද සහභාගි ව...
"චැනල් ෆෝ කතා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්"
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව ඔස්සේ විකාශය කළ වැඩසටහනින් එල්ල කළ චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත. එහි සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතා කටයුතු කරයි. සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික ගුවන් හමුදාපති එයා...
"හැඳුනුම්පත්වලින් 4%ක දෝෂ"
"පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2022 වසර සඳහා මුද්‍රණය කළ ජාතික හැඳුනුම්පත්වලින් සියයට 04ක් දෝෂ සහිත බව ජාතික විගණන කාර්යාලය මගින් එම දෙපාර්තුමේන්තුව සම්බන්ධයෙන් සිදු කළ විගණන වාර්තාවේ දැක්වේ. 2022 වසර සඳහා එම දෙපාර්තුමේන්තුව ජාතික හැඳුනුම්පත් හයලක්‍ෂ විසිඅටදහස් නවසිය හැත්තෑ තුනක් මුද්‍රණය කර තිබුණි....