Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ශ්‍රී ලංකාව සිනමා ගමක් කරන්න සැලසුම්"
"ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ජනප්‍රිය සිනමා ගමනාන්තයක් කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් වැඩසටහනක් ආරම්භ කර ඇත. රුපියල් මිලියන පහක වියදමක් දරමින් සිදුකෙරෙන මෙම වැඩසටහනේ මුල් අදියර යටතේ ඉන්දියානු සිනමා ක්ෂේත්‍රයේ දැවැන්ත සිනමා නිෂ්පාදක සමාගම් හතරක් ඉකුත් සතියේදී මෙරට සංචාරයක නිරත විය. මෙම සමාගම් අතරට...
"ලංවීමෙන් රට ගිහින් ඉංජිනේරු හිඟයක්"
"නිවාඩු දමා විදෙස් රැකියාවලට යෑමට ලබාදී තිබෙන ප්‍රතිශතය සියයට පහේ සිට සියයට දහය දක්වා වැඩි කිරීමට ලංවිම පාලනාධිකාරිය ගත් තීරණයක් මත විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු හිඟයක් මතුව තිබේ. මණ්ඩලයේ සෙසු නිලධාරීන්ගෙන් සියයට පහක පිරිසකට නිවාඩු දමා විදේශගත වීමට ඉඩ ලබාදී තිබුණත් විදුලි ඉංජිනේරුවන්ට පමණක් සියයට දහයකට විදෙස්ගත වීමට අවස්ථා...
"මාස හයට වෘත්තිකයෝ 4000ක් රට හැර ගිහින් – නාලක ගොඩහේවා කියයි"
"අසාධාරණ බදු ප්‍රතිපත්ති හමුවේ මෙම වසරේ (2023) පළමු මාස 06ක කාලයේ දී වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් හාරදහසකට ආසන්න පිරිසක් රට හැරගොස් ඇතැයි නිදහස ජාතික සභාවේ සාමාජික සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. එම පිරිස අතර වෛද්‍යවරුන් 800ක් ප...
"වසන්ත සේනානායක සජබයෙන් දැදිගමට"
"විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයකු ලෙස කටයුතු කර තිබූ වසන්ත සේනානායක මහතා සමගි ජනබලවේගය දැදිගම ආසන සංවිධායක ලෙස පත්කර ඇත. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ වසන්ත සේනානායක මහතා සමගි ජනබලවේගය සාමාජිකත්වය ලබා දැදිගම ආසන සංවිධායක වශයෙන් පත්වීම භාරගෙන තිබේ. මෙරට ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ මී මුණුබුරෙකු වන ඒ ම...
"මිලියන 21045ක් අරුවක්කාලුවේම ගිලිලා?"
"අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රැඳවුම් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන විසිඑක්දහස් හතළිස් පහක මුදලක් වැයකර තිබුණ ද එම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගැනීමට 2022 වර්ෂය අවසානය දක්වාම නොහැකි වී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි. මෙකී ව්‍යාපෘතිය නිම කළ යුතු දිනය ඉක්මවා වසර තුනක කාල...
"ගණේමුල්ලේ සංජීව ඝාතන 39ක් කරලා"
"කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධානම පෙළේ පාතාල කල්ලි නායකයකු බව කියන ගණේමුල්ලේ සංජීව නමැත්තා සිය ගෝලබාලයන් යොදවා මිනිස් ඝාතන 39ක් සිදුකර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළිවී ඇත. කලක් බන්ධනාගාරගතව සිටි ගණේමුල්ලේ සංජීව ඉකුත් 2021 වර්ෂයේදී ඇප මත මුදා හැරීමෙන් පසු හොර රහසේම විදෙස්ගත වූ අතර එසේ විදෙස්ග...
""නීතිපතිට නොකියා හරක්කටා එළියට ගෙනියන්න එපා, ඉන්න තැන වෙනස් කරන්නත් එපා – අභියාචනාධිකරණයෙන් සී අයි ඩීයට නියෝග""
"ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයකු හා හෙරොයින් ජාවාරම්කරුවකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා තම අධිකරණයට, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දීමකින් තොරව මේ වනවිට රඳවා සිටින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන යෑම හෝ ඔහු රඳවා සිටින ස්ථානය වෙනස් කිරීමක් සිද...
"ධර්මපාල තුමාගේ 159 වැනි ජන්ම දින සැමරුම හෙට"
"සිංහල බෞද්ධ පුනරුදයට රට, දැය, සමයට, අග්‍රගන්‍ය මෙහෙවරක් ඉටුකළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 159 වැනි ජන්ම දින සැමරුම හෙට (17දා) යෙදී තිබේ. මේ නිමිත්තෙන් රටපුරා විවිධ ස්ථානවල දම්පල්තුමන් වෙනුවෙන් සමරු උත්සව පැවැත්වෙයි. ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනා මත ශ්‍රී...
"විප්ලවයේ මාලිගාවට රනිල් ගොඩ වෙයි"
"“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් (Miguel Díaz-Canel Bermudez) මහතා අතර නිල හමුව ශ්‍රී ලංකා වේලාවෙන් 14 වැනිදා පස්වරුවේ සිදු විය. කියුබාවේ “විප්ලවයේ මාලිගාව” වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිං...
"ජේ. ආර්. 117 වැනි ජන්ම දින සැමරුම හෙට"
"දිවංගත හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 117 වැනි ජන්ම දිනය හෙට (17 දා) ට යෙදී තිබේ. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ ගුණ සමරු උළෙලක් හෙට (ඉරිදා) ප.ව. 3.00 ට කොළඹ 7 ජේ. ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මෙදින සමරු දේශනය හිටපු කථානායක, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරි...
"ණය වර්ගීකරණයෙන් ශ්‍රී ලංකාව තවත් පහළට – පැහැරහැරීමේ මට්ටමටම වැටෙයි"
"ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය මෙරට දේශීය මුදල් ණය පිළිබඳ වර්ගීකරණය C මට්ටමේ සිට RD හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටම දක්වා පහත හෙළා ඇත. දේශීය බැඳුම්කර හුවමාරුවට අදාළ බැඳුම්කර වර්ගීකරණය D මට්ටමට පහත හෙළා ඇති අතර, එලෙස හුවමාරුවට ලක්නොවූ බැඳුම්කර C මට්ටමේ වර්ගීකරණය කර ඇති බව ද එම ආයතනය සඳහන් කර ඇත. මේ අතර, ශ්‍...
"සජබයෙන් නෙරපූ හරින් – මනුෂගේ පෙත්සම් විමසීමට ඔක්තෝබර් දින 3ක්"
"තමන් සමගි ජනබලවේගය පක්‍ෂයෙන් නෙරපා හැරීම අභියෝගයට ලක්කරමින් ඇමැති හරින් ප්‍රනාන්දු සහ ඇමැති මනුෂ නානායක්කාර යන මහත්වරුන් ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් විමසීම ලබන ඔක්තෝබර් 10, 12 සහ 13 යන තෙදිනෙහි පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15දා) දින නියම කළේය. එම පෙත්සම් පී. පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන වි...
"පෝට්සිටි අවන්හල් 2027 දී ඉවත් කෙරේ – වරාය නගර බලධාරීහු කෝපා කමිටුවට කියති"
"කොළඹ වරාය නගරයේ ඉදිකර තිබෙන සියලු අවන්හල් 2027 මාර්තු වනවිට ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවේ ප්‍රකාශ කර තිබේ. එහිදී කමිටුව, වරාය නගරයේ එවැනි අවන්හල් පිහිටුවීමට අවසරදීමට අදාළ බලධාරීන් තීරණය කර ඇත්තේ කුමන නීතිමය පදනමක් මත ද යන්න සහ 2027 වර්ෂය වනවිට ඒවා ඉවත් කිරී...
"දිනේෂ් – බැසිල් හමුවක්: සන්ධාන දේශපාලනය ගැනත් කතා කරයි"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒ හා සන්ධානගත ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණ (කරත්ත රෝදය ලකුණ) අතර හමුවක් පසුගියදා කොළඹ දී පැවැත්විණි. මහජන එක්සත් පෙරමුණේ නායක අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වී ඇත. රටේ වත්මන් දේ...
"පළාත් සභා හා පළාත් පාලන නීති කාලයට ගැලපෙන සේ වෙනස් විය යුතුයි – අගමැති දිනේෂ් ගුණවර්ධන"
"පළාත් සභා හා පළාත් පාලන නීති කාලයට ගැලපෙන සේ වෙනස් විය යුතු යැයි (14) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනයට එක් වෙමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද කීය බස්නාහිර පළාතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හරියට කෙරෙන්නේ නැහැ කියලා ජනතාවගෙන් දැඩි විරෝධයක් තියෙනවා. විශේෂයෙන්...
"මහ බැංකු සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක අනුමැතිය"
"ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙරේදා (14දා) සිය සහතිකය සටහන් කළේය. ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කිරීම පසුගිය ජුලි 20 දින සිදු විය. බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් ...
"විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සැකසීම මෙරට සහ ඉන්දියානු නියෝජිතයන්ට"
"ඇමරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය, ඉන්දියානු ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ බලශක්ති වැඩසහනේ නියෝජිතයන් සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශයේ නියෝජිතයන් සමග දැනට ක්‍රියාත්මක වන විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ...
"ප්‍රභූ දේව් ශ්‍රී ලංකාවට ඇවිත්"
"මෙරට රූගත වන චිත්‍රපටයක ගීතයක රංගනයට එක්වීමට ඉන්දියාවේ සුපිරි නළු ප්‍රභූ දේව් ඊයේ (14) මෙරටට පැමිණියේය. ඉදිරියේ තිරගතවන ‘මුසාසි’ චිත්‍රපටයේ මෙම ගීතය ඇතුළත් වෙයි. SAM Bodrigues එම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරයි. කටුනායක ගුවන්තොටුපළේදී ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමිවිය."
"වෛද්‍යවරුන් රට යෑම වැළැක්වීමට අට වැදෑරුම් යෝජනාවලියක්"
"බුද්ධි ගලනය වළක්වා, වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමේ අරමුණින් රජයට ‘අට වැදෑරුම් යෝජනාවලියක්’ ඉදිරිපත කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මේ වන විට 1500කට අධික විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රට හැර දමා ගොස් ඇති බවත්, තවත් වෛද්‍යවරුන් 5000කට වැඩි පිරිසක් ඉදිරි වසරක කාලය තුළදී විදේශ වෛද්‍ය සේවාව වෙත පිටත්...
"සජිත්ගේ සක්වලින් කළුතර මුස්ලිම් මහා විද්‍යාලයට ලක්ෂ 50ක් වටිනා බස්රථයක්"
"කළුතර මුස්ලිම් මහා විද්‍යාලයට සක්වළ පාසල් බස්රථ ලබාදීමේ වැඩසටහනේ 77 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස්රථයක් ලබාදීම විපක්‍ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකළ අවස්ථාව."
""‘ඩැනියෙල්’ එක්ක ජල ගැලීම්: ලිබියාවේ 20,000ක් මරුට""
"‘ඩැනියෙල්’ නමැති ප්‍රබල කුණාටුව කඩා වැටීමත් සමගම හටගත් අධික වැසි හා ජලගැලීම් හේතුවෙන් නැගෙනහිර ලිබියාවේ වැසියන් විසිදහසකට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇති බව නැගෙනහිර ලිබියාවේ නගරාධිපතිවරයකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නැගෙනහිර ලිබියාවේ පිහිටි වරාය නගරයක් වන ‘ඩර්නා’ නගරයේ නගරාධිපති අබ්දුල් මෙනම් අල් ගය...
"නීති විරෝධීව එකලස් කළ වාහනයක් ළඟ තබා ගැනීම – මුතුහෙට්ටිගම 21දා තෙක් රිමාන්ඩ්"
"නීති විරෝධී ලෙස කොටස් ගෙන්වා එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ලබන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (14 දා) නියෝග කරන ලදී. පසුගිය වසරේ ඔක...
"වර්ජනය නැවතුනත් ඊයේ උදේත් දුම්රිය ගමන් වාර 44ක් අවලංගුයි"
"දුම්රිය රියැදුරන් විසින් ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනය අවසන් වුවද ඊයේ (14දා) පෙරවරුවේ දුම්රිය ගමන් වාර 44ක් පමණ ධාවනය වී නැත. එම රියැදුරු සංගමය 11 දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනය අගමැති හා දුම්රිය සාමාන්‍යාධිකාරි සමග පැවති සාකච්ඡාවකින් පසුව පෙරේදා (13දා) රාත්‍රි 10.00ට පමණ අවසන් කර තිබිණි. කෙසේ වෙත...
"අලි සබ්‍රි රහීම් අක්කර 214ක ලූනු ගිලලා!"
"පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විසින් එම දිස්ත්‍රික්කයේ රජයට අයත් අක්කර 214ක ලූනු වගා භූමියක් අනවසරයෙන් අත්පත් කරගෙන ඇතැයි පැවසෙන සිදුවීමක් පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය වී ඇත. මේ හරහා රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 20කට ආසන්න බවද එම කමිටුවේදී හෙළිව තිබේ. භූමිය ...
"ජනපති 21 වැනිදා එ.ජා. සමුළුව අමතයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම මස 21 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය ඇමැතීමට නියමිතය. “2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැ...
"අලුත් ත්‍රස්ත පනත සතියක් ඇතුළත – මහෙස්ත්‍රාත් අවසරය නැතිව දින 60ක් රඳවා ගන්න අවසර – විදෙස් ඇමැති අලි සබ්‍රි"
"ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි සතිය ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි. මෙම නව පනතෙන් මහෙස්ත්‍රාත්වරයකුගේ අවසරයකින් තොරව දින 60ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට හැකියාව ඇති බවත් ...
"ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඊ.පී.එෆ්. එක්වෙයි"
"සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට එක්වීමට තීරණය කර තිබේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයට එක්වන ලෙස හෝ 14%ක් වන බද්ද 30% දක්වා වැඩි කිරීමට එකඟ වන ලෙස පවතින විකල්ප යෝජනාවලින් අර්ථ සාධක අරමුදල ණය ප්‍රතිව්‍යුහගතකරණයට එක්වීමට යෝජනා කර ඇත. ඒ අනුව දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සිය භාණ්ඩාගාර බැඳුම්කර කළඹ හුවමාරු කි...
"කෙහෙළියට එරෙහි සත්‍යග්‍රහය අදත්"
"සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින්, අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සහ සිවිල්, බහුජන සංවිධාන එකමුතුව ක්‍රියාත්මක කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද (15දා) තෙවැනි දිනටත් පැවැත්වේ. දූෂණ චෝදනා එල්ල වී ඇති සෞඛ්‍ය ඇමැති, සෞඛ්‍ය ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ත...
"අයි.එම්.එෆ්. සමාලෝචන ඇරැඹෙයි"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය ඊයේ (14දා) ආරම්භ වූ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. මෙම සමාලෝචනය එම ණය මුදලේ දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය ඉහළ නැංවීමට ඉතා වැදගත් සංධිස්ථානයක් වන බව රාජ්...
"පාස්කු වන්දි සිද්ධිය මෛත්‍රි-පූජිත් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට"
"විදේශීය සංචාරකයන් කිහිපදෙනකු ඇතුළු 271 දෙනකුට ජීවිත අහිමිකර තවත් සිය ගණනක් සදාකාලික ආබාධිතයන් බවට පත් කළ පාස්කු ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු වගඋත්තරකරුවන් අද (15දා) පෙරවරුවේ අගවිනිසුරුවරයා ප්...
"මෙයත් ගෝඨාභය වගේමයි: පාස්කු වාර්තාව මටවත් දෙන්නේ නැතිව හංගලා – සජිත්"
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ජනාධිපති කොමිසමේ වාර්තාව රජයෙන් ඉල්ලූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කළ ආකාරයටම වත්මන් ජනාධිපතිවරයාත් ක්‍රියා කරමින් එහි රහස් සැඟවී ඇති දෙවැනි හා තෙවැනි වෙළුම විපක්ෂ නායකවරයා ලෙස තමාට ගත නොහැකි ලෙස සඟවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ප්‍රේමදාස මහතා මේ බ...
"අයි. එම්. එෆ්. ප්‍රගතිය මැනීමේදී ශ්‍රී ලංකාව කැපකිරීම් 57න් 38ක් ඉටු කරයි"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මකවීමේ ප්‍රගතිය මැනීමේදී අගෝස්තු මාසය අවසන් වනවිට සපුරාලීමට නියමිතව තිබූ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 57න් 38ක් ශ්‍රී ලංකාව විසින් ඉටුකර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. එම ආයතනය නිකුත්කළ නිවේදනයක මෙසේ ද සඳහන් වේ. අයිඑම්එෆ් වැඩසටහන ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය මැනීම සඳහා වෙරිටේ ...
"ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව ඔක්තෝබර් 18 වැනිදා"
"රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට නෛතික අවසරයක් නොමැති බව කියමින් ගොනුකර තිබූ පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ලබන මස 18 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (14) දින නියම කළේය. සමාජ ක්‍රියාකාරිකයකු විසින් ගොනු කර තිබූ එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල ක...
"බහුකාර්ය නිලධාරීන් බඳවා ගැනීමෙන් වන අලි – මිනිස් ගැටුම් වැළැක්විය හැකියි – වනජීවී හා වන සංරක්ෂණ ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි"
"වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා බහුකාර්ය නිලධාරීන් බඳවා ගැනීම තුළින් අලි මිනිස් ගැටුම් වළක්වා ගැනීම සඳහා පියවර ගත හැකි බව වනජීවී හා වන සංරක්ෂණ ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. දැනට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන බහුකාර්ය නිලධාරීන් එම දෙපාර්තමේන්තුවටම ස්ථිර සේවයට බඳවා ගැනීම සඳහා කැ...
"පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා මාසයක් ඇතුළත – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර"
"මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න තවත් මසකින් පමණ ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඊයේ (14දා) පැවසීය. එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී එතුමා මේ බව කීවේය. පසුගිය සති දෙකක් පමණ කාලයක් තුළදී ‘ජනාධිපතිවරු’ රොත්තක්ම එළිය...
"හිටපු මහ බැංකු අධිපති කබ්රාල් අද පාර්ලිමේන්තු කාරක සභාව හමුවට"
"හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15දා) පාර්ලිමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය. ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත්වීමට හේතුපාදක වූ කරුණු සෙවීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිට ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාදෙන ලෙසට ලැබුණු දැනුම්දීමක් අනුව හිටපු මහ බැංකු අධිපතිවරයා එම කාරක සභාව හමුවේ පෙනී ස...
"හොඳම නවකතාව හා කෙටි කතාවට නෝබට් අයගමගේ-එරික් ඉලයප්පාරච්චි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබති"
"මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (14දා) මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී පැවැති අවස්ථාවේදී හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ‘පුර හඬෙකි වියැකෙන’ නවකතාව ලියූ නෝබට් අයගමගේට ද හොඳම ස්වතන්ත්‍ර කෙටිකතාව සඳහා වූ සම්මානය සූර්යක්ලාන්තය සහ අනාථ කතා යන කෘතිය ලියූ එරික් ඉලයප්පාරච්චිට ද හිමි විය. හොඳම නවකතාව ද...
"හිටපු තානාපති උදයංග වීරතුංගගේ තහනම් කළ මුදල් යළි ලබාදීම සළකා බැලීමට නීතිපතිවරයාගේ එකඟතාව"
"රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ නමින් පවතින බැංකු ගිණුමක පවතින මුදල්, එනම් 2006.06.01 වන දිනට පෙර තැන්පත් කර ඇති මුදල් ඔහු වෙත යළි ලබාදීම සම්බන්ධයෙන් සළකා බැලීමට නීතිපතිවරයා පෙරේදා (13 දා) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදී එකඟතාව පළ කළේය. ප්‍රශ්නගත මිග් යානා ගනුදෙනුව ආර...
"සිරකරුවන් 933කට ජනාධිපති සමාව"
"ජනාධිපති විශේෂ සමාව යටතේ සිරකරුවෝ 933 දෙනෙක් නිදහස් කරනු ලැබූහ. මෙසේ නිදහස් කරනු ලැබූ 926 දෙනකු පිරිමි සිරකරුවන් වන අතර 7 දෙනෙක් කාන්තාවෝ වෙති. පසුගිය 12 වැනිදාට යෙදී තිබූ 25වන ජාතික සිරකරු දිනය වෙනුවෙන් මෙම සමාව දීම සිදුකර ඇත. චමින්ද සිල්වා"
"පොලිසියට වෙඩි තබා පනින්න හරක් කටා ප්ලෑන් කරලා – සීඅයිඩීයේ තිබූ විමර්ශන සීසීඩීයට"
"මිදිගම නදුන් චින්තක හෙවත් හරක් කටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියා සතුව තිබූ පිස්තෝලය පැහැරගෙන ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඝාතනය කර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයෙන් පලායෑමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. සී අයි ඩී භාරයේ සිටියදී පොලිස් විශේෂ කාර්ය ...
"විසඳුම් නෑ – සාකච්ඡා නෑ – දුම්රිය වර්ජනය නොනවතී"
"දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කළ ද දුම්රිය රියැදුරන් 84 දෙනෙකුගෙන් යුතු වෘත්තීය සමිතියක් විසින් සිදු කරනු ලබන වැඩ වර්ජනය ඊයේ (13 දා) දිනයේදී ද ක්‍රියාත්මක කිරීමෙන් දුම්රිය ගමන් වාර 128ක් අවලංගු වූ අතර දුම්රිය ප්‍රමාදයන් රැසක් ද සිදු වීම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීන්...
"‘පන්න ක්‍රමය එපා’ ත්‍රි’මලේ ධීවරයෝ පාර හරස් කර විරෝධතාවක"
"තහනම් පන්න ක්‍රම මගින් මසුන් ඇල්ලීමට එරෙහි වූ ත්‍රිකුණාමලය ධීවර කාර්මිකයෝ පිරිසක් ඊයේ (13දා) ත්‍රිකුණාමල සිරිමාපුර හන්දියේ සිට පෙළපාලියකින් ඇතුල් වරාය පාරේ පිහිටි ධීවර හා ජලජ සම්පත් ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිටට පැමිණ දැවැන්ත විරෝධතාවක් කළහ. පෙළපාලියෙන් පැමිණි ධීවර පිරිස ප්‍රාදේශීය ධීවර කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය හර...
"ජනපති කියුබාවට – වැඩ බලන්න රාජ්‍ය ඇමැතිවරු 4 ක්"
"කියුබාවේ හවානා නුවරදී පැවැත්වීමට නියමිත ජී 77 සහ චීනය රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13 දා) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශ 04 ක වැඩ බැලීම සඳහා රාජ්‍ය ඇමැතිවරුන් පත්කර ඇත. වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය යන තේමාව...
"ලබන වසරේ සිට තෙල් මිල දිනපතා උස්සයි – බස්සයි"
"ලබන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනය වන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත. සියලුම ඉන්ධන හල් සඳහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබාගැනීමේ උපකරණ සවිකිරීමට කටයුතු කර ඉන් අනතුරුව දෛනික ස්වයංක්‍රීය ඉන්ධන මිල තීරණය කිරීම සිදුකරන බව ඉන්ධන යෙදුම්කරුවන්ගේ සංගම් සහ ලංකා ඛනිජ තෙල...
"හරින්ගේ ‘තාත්තාගේ කතාව’ ගැන තවදුරටත් විමර්ශන නෑ"
"මරාගෙන මැරෙන මුස්ලිම් අන්තවාදීන් පිරිසක් 2019.4.21 වැනි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට තොරතුරු ලැබී තිබූ හෙයින් එදින කතෝලික දේවස්ථානවලට නොයන ලෙසට සිය පියා රෝහල්ගත වී සිටියදී තමාට ප්‍රකාශ කළේ යැයි මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට එරෙහිව තවදුරටත් විමර්ශන කිරීමේ අවශ්‍යතාවක් නොම...
"පැනලා ගිය ගෝඨාභය යළි ඡන්දයට එනවා කීම විහිළුවක් – එස්. එම්. චන්ද්‍රසේන"
"ජනාධිපති ධුරයේ වගකීම් ඉෂ්ට කිරීමට නොහැකිව පලාගිය ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් එම ධුරය සඳහා තරග කරන බව පැවසීම විහළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. දිස්ත්‍රික් නායකයන් ලෙස අපත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙසත් අපි එතුමාට උපරිම සහයෝගය ලබාදුන් නිසා 69% ක ජනවරමක් ඔහු ලබාගත්තේ යැයි පැවසූ චන්ද්‍රසේ...
"රටේ ජනතාවගෙන් 05% කට උප්පැන්න නෑ"
"රටේ උප්පැන්න සහතික නොමැති පුද්ගලයින් සියයට පහක (5%) පමණ පිරිසක් සිටින බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා ඊයේ (13 දා) පැවැසීය. ඔවුන් සඳහා උප්පැන්න ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය ඇමැතිවරයා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (13 දා) පැවැති ජංගම සේවාවට එක්වෙමින් පැවසීය. මෙම ජංගම ...
"චැනල් ෆෝ පච පදනම් කරගෙන රණවිරුවන් පාවා දෙන්න බෑ – උදය ගම්මන්පිල"
"ආණ්ඩු විරෝධීන් ලෙසින් වත්මන් ආණ්ඩුව පෙරළීමට කළ හැකි ඕනෑම දෙයක් කිරීමට සූදානම් නමුත් චැනල් ෆෝ වැනි නාලිකාවල අසත්‍ය ප්‍රචාර පදනම් කරගෙන රටත් රණවිරුවාත් පාවාදීමට සූදානම් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඒ මහතා මේ බව කීවේ ඊයේ (13 දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එ...
"ආවොත් වැඩ නාවොත් දොට්ට"
"වහාම සේවයට වාර්තා කරන ලෙසත් එසේ නොකරන්නේ නම් සේවය හැර ගියා සේ සලකන බවත් දන්වමින් වර්ජනයේ නිරත දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනේරුවන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ලොකෝමෝටිව් ඉංජිනේරුවෝ 84 දෙනෙක් මේ වන විට වර්ජනයේ නිරතව සිටිති. මේ අතර පෙරේදා (12දා) දිනයේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ප...
"නාමල්ලා නිදහස් ද නියෝගය නොවැම්බර් 2 දා"
"පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවෙන් එම විත්තිකරුවන් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේද නැතිද යන නියෝගය ලබන නොවැම්බර් 2 වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (13 දා) දින නියම කළේය. රුපියල් මිලියන 30ක් අයතා ලෙස ...
"ස්වෛරීත්ව බැඳුම්කර ආයෝජන ගැන ජනාධිපති කොමිසමක් පත් කරන්න – කබීර් හෂීම් (සජබ)"
"රට බංකොලොත් වීමේ පසුබිම සහ ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ආයෝජනය කළ පිරිස් ගැන විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, ඒ සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි නැවත වතාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවැසීය. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව අනුව ශ්‍රී...
"ගම්පහදී ඩෝප් පිට බස් පැදවූ රියැදුරුට අත්හිටුවූ සිර දඬුවම්"
"ගම්පහ නගරයේ පිහිටි පාසල් දිවා කාලයේ අවසන් වී තිබියදී මහා මාර්ගයේ සිටින පාසල් දරුවන්ගේ සහ මහජනතාවගේ ජීවිතවලට අන්තරාදායක වන අයුරින් බීමත්ව පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීම ඇතුළු චෝදනා හතරකට වරදකරු වූ එම බස් රථයේ රියැදුරුට වසර පහකට අත්හිටුවූ බරපතළ වැඩ ඇතිව මාස හයක සිරදඬුවමක් ගම්පහ මහෙස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය...
"ස්ථිර පදිංචිය ඇති වතු කම්කරුවන්ට ස්ථිර තැපැල් ලිපින සූදානම් – නීතිපති උසාවියට දන්වයි"
"ස්ථිර පදිංචිය ඇති වතු කම්කරුවන්ට කඩිනමින් ස්ථිර තැපැල් ලිපින ලබාදීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, නුදුරේදීම එකී කටයුතු අවසන් කිරීමට අපේක්‍ෂා කරන බවත් තැපැල්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ඊයේ (13 දා) අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පැවස...
"පාපන්දු දැලක සඟවා කෝටි 19ක කොකේන් එවලා"
"බ්‍රසීලයේ සිට එවා තිබූ ගුවන් තැපැල් පාර්සලයක් තුළ රුපියල් කෝටි දහනමයක් වටිනා කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 500 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සඟවා තිබියදී කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයේ ඩී.එච්.එල්. ආයතනයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (12 දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ගුවන් තැපැල...
"දුම්රිය ස්ථානවලට පොලිසිය – හමුදාව කැඳවයි"
"කොළඹ – කොටුව, මරදාන, රාගම, වේයන්ගොඩ, මහනුවර, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, මීරිගම, නුගේගොඩ, මහරගම ඇතුළු තවත් දුම්රිය ස්ථාන රැසක දේපල දුම්රිය රියදුරන්ගේ හා සේවකයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිසිය හා යුද හමුදාව ඊයේ (13 වැනිදා) අලුයම සිට යෙදවීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය රියද...
"හැමිල්ටන් බැංකුව හා විභව සබඳතා කතාව බොරුවක් – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්"
"ශ්‍රී ලංකාව විසින් ද්‍යSB බැඳුම්කරය නොගෙවීම නිසා ශ්‍රී ලංකාවට නඩු පවරා ඇති හැමිල්ටන් සංචිත බැංකුව සහ තමා අතර විභව සම්බන්ධතා පවත්වාගෙන යන බවට එක්තරා මන්ත්‍රීවරයකු විසින් මෑතකදී කරන ලද චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් කර ඇති විශේෂ නිවේදනයක සඳහන් වේ. මහ බැංකු ...
"උඩරට මැණිකේ වටගොඩදී පීලි පනී"
"කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය තලවකැලේ වටගොඩ දුම්රිය ස්ථානය අසල දී ඊයේ (13 දා) දින පස්වරු 3.30 ට පමණ පීලි පැන ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය. එම දුම්රියේ එන්ජිම පමණක් පීලි පැනීමට ලක් වී ඇති බවත්, එම දුම්රිය මාර්ගයේ ධාවනය කරන දුම්රියන් දුම්රිය ස්ථානයේ අනෙක් දුම්රිය මාර්ගයේ ධාවනය ...
"දුම්රිය ගමන් වාර 119ක් කොට උඩ"
"දුම්රිය රියැදුරන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් ඊයේ (12 වැනිදා) දිනයේ කෙටි දුම්රිය ගමන් වාර 119 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොලගේ මහතා ‘දිවයින’ට පැවසීය. ඒ අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ, පුත්තලම දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ, කැලණිවැලි දුම්...
"දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරයි – ජනපතිගෙන් ගැසට්ටුවක්"
"දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට රජය ඊයේ තීරණය කළේය. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය මත නිකුත්කෙරිණි. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (12 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රවාහන ඇමැතිවරයා සඳහන් කළේය. කිසිදු වැඩ වර්ජනයකට සහභාගි නොවී තමන්ගේ වගකීම ඉටුකළ...
"ජනපති උසස් පෙළ විශිෂ්ටයන් අගයයි"
"අ.පො.ස උසස් පෙළ 2021 හා 2022 විභාගයන්ගෙන් විශිෂ්ට දක්‍ෂතා දැක්වූ දරුවන් ඇගයීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12 දා) සිදුවිය. මෙම විශිෂ්ට දක්‍ෂතා දැක්වූ දරුවන් වෙනුවෙන් ජනාධිපති ඇගයීම් ප්‍රණාම සහතික සහ මුදල් ත්‍යාග පිරිනැමීම ජනාධිපතිවරයා අ...
"හැමිල්ටන් බැංකුවට අදාළ ගනුදෙනුව ගැන විධිමත් පරීක්‍ෂණයක් වහාම ඕනෑ – පාඨලී ඉල්ලයි"
"ඇමරිකානු හැමිල්ටන් රිසර්ව් බැංකුව (HRB) ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරීම සහ එම බැංකුව රාජපක්ෂ – කබ්රාල් සමග ඇති කරගත් ගනුදෙනුව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ...
"එස්වැට් අහෝසි කිරීමේ තීරණය යළි සලකා බලන්න – ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයි"
"අපනයන කර්මාන්තයේ ක්‍රියාකාරීත්වයට බලපාන පරිදි සරල කළ අගය එකතු කළ බදු (SVAT) ක්‍රමය අහෝසි කිරීමට මෑතදී ගත් තීරණය නැවත සලකා බලන ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී. මෙය ඉවත් කිරීම අපනයනකරුවන්ට ක්ෂණිකව බලපාන අතර විවිධ කර්මාන්ත සහ සැපයුම්කරුවන්ගේ මුදල් ප්‍රවාහයන්ට බාධා ඇති කරවන සහ මූල්‍ය අභියෝග ඇති කිරීමට ද හේතුවිය හැ...
"ජනපතිගේ කමිටුව ගැනත් විශ්වාසයක් නෑ – සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා"
"ජනාධිපතිවරයා විසින් පත් කිරීමට නියමිත කමිටුවෙන් ද පාස්කු ප්‍රහාරය පිළිබඳව අපක්‍ෂපාතී අවංක විමර්ශනයක් සිදුවෙතැයි අපේක්‍ෂා නොකරන බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළේය. මෙම කමිටුව ද ජනතාව මුලා කරන නිෂ්ඵල ක්‍රියාවක් පමණක් වනු ඇතැයි ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවකදී පියතුමා සඳහන් කළේ...
"ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනවා – ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජිනීවා කවුන්සිලයට කියයි"
"ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බව ශ්‍රී ලංකාව පෙරේදා (11 දා) ජිනීවා හි ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ තානාපති හිමාලි අරුණතිලක මහත්මිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතමින් මේ බව සඳහන් කළාය. ශ...
"ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අත තියන්න එපා! – අභියාචනාධිකරණයෙන් ක්‍රීඩා ඇමැතිට තහනමක්"
"ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීම ලබන මස 19 වැනිදා දක්වා වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (12 දා) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා හා එම ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් විසින් නී...
"සෞඛ්‍ය ලොක්කන් 3ක් නෙරපන්නට අද සිට සත්‍යග්‍රහයක්"
"සෞඛ්‍ය ඇමැතිවරයා, සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් අද (13දා) සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතවීමට වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එකමුතුව තීරණය කර ඇත. මෙම සත්‍යග්‍රහය අද (13දා) පෙ.ව.9.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වේ. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සිදුවන දූෂිත ගනුදෙනු, ...
"රටපුරා රෝහල් ඉදිරිපිටදී GMOA විරෝධතාවක"
"රට තුළ වෛද්‍යවරුන් රඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි මැදිහත්වීමක් නොකිරීම සහ තවත් ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (12දා) රටපුරා රෝහල් ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ. දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර තිබූ මෙම විරෝධතාව ඊයේ දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා ශික්‍ෂණ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල...
"මල්වතු ඔයට සූර්ය පැනල චීන ආයෝජකයින් අගමැති සමග සාකච්ඡා"
"යාන් ඔය ජලාශයට සූර්ය පැනල සවි කිරීමට මෙන්ම මෙගාවොට් 100ක විදුලිය නිපදවීමට යෝජිත මල්වතු ඔය ජලාශයට සූර්ය පැනල සවි කිරීමට කළ යෝජනාව පිළිබඳව යාන් ඔය වේල්ල ඉදිකළ චීන ආයෝජකයින් (11) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරනු ලැබීය. චීන ආයෝජන කණ්ඩායම පැවසුවේ යාන් ඔය ජලාශය පාවෙන සූර්ය පැනල සවිකිරීමෙන් මෙගා සූර්ය...
"පරණ ක්‍රමයට රට ඉදිරියට ගෙනියන්න බැහැ- එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන"
"පැරණි දේශපාලන ක්‍රමවේදයෙන් තවදුරටත් මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (12දා) ආසන සංවිධායකවරු සමඟ පැවති හමුවේදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. අද අපේ රටට වෙනසක් අවශ්‍ය කර තිබෙනවා. පහුගිය දිනවල සමාජය තුළින් එළියට ආවේත්...
"ටිකටුත් නෑ…. ඉතිරි සල්ලිත් නෑ… වැඩිපුර ගාස්තු අය කරන කොන්දොස්තරලා ගැන පියවරක් ගන්න – බස් මගීහු ඉල්ලති"
"පෞද්ගලික බස් ගාස්තු සංශෝධනය සමග බොහෝ පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරුන් ගමනාන්තයට අදාළ මුදලට වඩා වැඩියෙන් මුදල් අයකරන බවට මගීහු චෝදනා කරති. තවත් බස් කොන්දොස්තරවරුන් ඉතිරි මුදල් පවා ලබා නොදෙන බවත්, ඉතිරි මුදල ඉල්ලීමට යෑමේදී ඇතැමුන් තමන් සමග බහින්බස්වීම් ඇතිකර ගන්නා බවත් එම මගීහු කියා සිටිති. එසේම තවත් කොන්දොස්තරවරුන් බස්රථ...
"ණය දීම නොදීම අදාළ ආයතනික පටිපාටියට අනුව වන්නක් ‘මූල්‍ය ක්‍ෂේත්‍රයේ වර්ධනය සහ ඉදිරි දැක්මට සහාය වීම අපේ කාර්යභාරයයි’"
"ලියාපදිංචි මූල්‍ය ආයතනවල ණයකරුවන්ගේ තොරතුරු රැස්කර විධිමත්ව සකස්කර ලියාපදිංචි ණය දෙන ආයතනවලට ලබාදීම හා මූල්‍ය ආයතනවල ඉදිරි දැක්මට අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ කාර්යභාරය බව එහි සාමාන්‍යාධිකාරි පුෂ්පික ජයසුන්දර මහතා අප වෙත එවා ඇති කරුණු පැහැදිලි කිරීමක දැක්වේ. ‘රටෙන් භාගයක්ම ක්‍රිබ්එකේ හිර...
"විත්තියේ විරෝධතා ඉදිරිපත් කිරීමට ඉඩ දී ශෂී වීරවංශට එරෙහි නඩුව ඔක්: 31ට කල්තබයි"
"විමල් වීරවංශ මහතා අමාත්‍යවරයකු ලෙස කටුතු කළ සමයේදී ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිතා කළේ යැයි චෝදනා එල්ල වී ඇති උදයංගනී රණසිංහ හෙවත් ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුව සම්බන්ධයෙන් විත්තියට මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට ඉඩ දෙමින් එම නඩුව ලබන ඔක්තෝබර් 31 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්‍ද්‍රා ජයසූරි...
"කිරි ටොෆි දීලා හරක්කටාට පනින්න උදව් කරන්න හැදූ රාළහාමි අතුරුදන් – සීඅයිඩීයේ ප්‍රශ්න කරද්දී එස්අයිගේ ගිනිඅවිය පැහැර ගන්න හදලා"
"සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක (මිදිගම චින්තක) හෙවත් හරක්කටාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී ප්‍රශ්න කරගෙන යන අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයකුගේ (එස්අයි) ගිනි අවිය පැහැර ගැනීමට තැත් කර පොර බදා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ සඳහා පොලිස් කොස්තාපල්වරයකුගේ සහාය ල...
"ශෂී වීරවංශට එරෙහි නඩුව වෙනත් උසාවියකට"
"හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ, වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කිරීම ගැන පවරා ඇති නඩුව වහාම වෙනත් මහෙස්ත්‍රාත් අධිකරණයක් හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ඊයේ (11 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට නියෝග කළේය. එම නඩ...
"දරුවන්ට කෲර ලෙස සැලකූ දෙමාපියන්ට සිර දඩුවම්"
"අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් දරුවන් කෲර ලෙස අත්හැර ගොස් වෙනම පවුල් ජීවිතයක් ගත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද දෙදරු මවක් හා දෙදරු පියකු මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර වැඩබලන මහෙස්ත්‍රාත් වාසනා එල්ලාවල මහත්මිය ඉකුත් සෙනසුරාදා (09 වැනිදා) නියම කරනු ලැබුවාය. හුණුපිටිය, වෙඩිකන්ද පාර ...
"රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ පැමිණිල්ලෙන් චැනල් 4 වීඩියෝව ගැන විමර්ශනයක්"
"පාස්කු ප්‍රහාරයට අදාළව චැනල් 4 නාලිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බි්‍රතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. චැනල් 4 නාලිකාව පසුගිය සැප්තැම්බර් 5 වැනිදා රාත්‍රී 11.05 ට ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් නිකුත...
"සයිබර් ප්‍රහාරයෙන් රාජ්‍ය ආයතන 300 ක විද්‍යුත් ලිපි ගොනු මුදාගනී"
"කැබිනට් කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල 300 ක පමණ විද්‍යුත් ලිපිගොනු ඉලක්ක කරමින් එල්ල කළ සයිබර් ප්‍රහාරය මැඬපවත්වා එය යථා තත්ත්වයට පත් කළ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයේ විධායක නිලධාරි මහේෂ් පෙරේරා මහතා ‘දිවයින’ ට පැවසීය. මෙම සයිබර් ප්‍රහාරය පසුගිය මැයි 17 වැනිදා සිට අගෝස්තු 26 වැනිදා දක්වා සිදු...
"සියලු වින්දිතයන්ගේ සහභාගිත්වයෙන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ණ විමර්ශනයක් ඕනෑ – ජිනීවා කොමිසම"
"ජාත්‍යන්තර සහායෙන් සියලු වින්දිතයන් සහභාගි කරගෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 54 වැනි සැසිවාරය ඊයේ (11 දා) ජිනීවාහි මානව හිමිකම් කොමිසමේදී ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පසුගිය සතියේ...
"උසස්වීම් ඉල්ලා දුම්රිය රියැදුරෝත් අද වර්ජනයක"
"දුම්රිය රියැදුරු සංගමය විසින් ඊයේ (11දා) මධ්‍යම රාත්‍රී 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව පාලනාධිකාරිය වෙත ලිඛිතව දැනුම් දී ඇත. ඒ අනුව ඊයේ සිටම ඇතැම් දුම්රිය රියැදුරන් අසනීප නිවාඩූ වාර්තා කරමින් සිටි අතර ඊයේ රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය හා අනෙකුත් දුම්රිය ද අවලංගු වන ලකුණු දිස් විය...
"යූජීසීය සහ වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවට උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් යෝජනා කර ඇතැයි ඇමැති විජයදාස කියයි"
"පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) සහ වෘත්තීය පුහුණු අධිකාරිය (BTA) අහෝසි කර ඒ වෙනුවට උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි. රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පිළිබඳව සොයා බැලීම...
"පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3කට අනුමැතිය දුන්නා – සෞඛ්‍ය ඇමැති කෙහෙළිය කියයි"
"පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ත්‍රිත්වයක් ඇරඹීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. “වෛද්‍ය විද්‍යාව හදාරන්න සුදුසුකම් ලබන දරුවෝ ගොඩක් ඉන්නවා. මේ වන විට අපේ විශ්වවිද්‍යාල 11ක් තියෙනවා. ඒ තිබුණට ඒක මදි. අපේ ව...
"බම්බලපිටියේ වෙඩි තැබීමෙන් සුරාබදු සිව් දෙනාම නිදොස් කොට නිදහස්"
"මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුරදී අණ නොතකා පලා යමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ගමන්ගත් බව කියන වාහනයකට බම්බලපිටිය ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් සැකකාර සුරාබදු නිලධාරීන් සිවුදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (11 දා) නියෝග කළේය. එම නිල...
"ශ්‍රී ලංකාවට එන IMF නියෝජිතයන් විපක්‍ෂය ලෙස හමුවෙනවා – ජී. එල්. පීරිස්"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මෙම සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, විපක්‍ෂය ලෙස ඔවුන් හමු වී සාකච්ඡා කරන බවත් නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (11 දා) පැවසීය. ඉහවහා ගිය වංචා දූෂණ හේතුවෙන් අයි.එම්.එෆ්. ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට නොලැබෙන බව නි...
"පාස්කු වින්දිතයන් මංමුලා නොකොට යුක්තිය ඉටු කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"
"ත්‍රස්තයන් අල්ලන්න වරමක් ලබා ගත් දිනයේ සිට මේ දක්වා සිදු කළේ තොරතුරු සැඟවීම රැවැට්ටීම සහ බොරුව බව එබැවින් තවදුරටත් මංමුලා නොකොට පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුවිය යුතුමයි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ සඳහා තමා ජාත්‍යන්තර පරීක්ෂණයකට අකැමැති වුවත් මේ වන විට මෙය අවුල් ජංජාලයක් බවට පත්ව ඇති නිසා නිවැරදි ජ...
"වැල්ලදුර වතුයායේ කඩා ඉවත් කළ කම්කරු නිවෙස හදන්න – ඇමැති ජීවන් තොණ්ඩමන් කියයි"
"කහවත්ත වැවිලි සමාගමට අයත් වැල්ලදුර වතුයායේ බුංගිරිය ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකරන ලද වතු කම්කරු නිවෙසක් වතු සමාගමේ ආරක්ෂක නිලධාරීන් විසින් ඉවත් කිරීමේසිද්ධිය සොයා බැලීමට අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පෙරේදා (10දා) එම වතුයායට පැමිණියේය. එම නිවසේ විශ්ව විද්‍යාල වරම් ලද සිසුවියක් ජිවත්වෙන බවද ඇමැතිවරයාට කරුණු දැක්වූ ප්‍රදේශවා...
"තාක්‍ෂණවේදීන්ගේ හිඟයෙන් රජයේ රෝහල්වල විකිරණ පරීක්‍ෂණ ඇනහිටීමේ අවදානමක් !"
"රජයේ ප්‍රධාන රෝහල් රැසකම විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ හිඟය නිසා එම රෝහල්වල CT, PET, MRI ඇතුළු පරීක්‍ෂණ ඇනහිටීමේ අවදානමක් ඇතැයි විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ ට ඊයේ (11දා) පැවසීය. 2016 වර්ෂයට අදාළව අනුමත සේවක සංඛ්‍යාව 1100 ක් වුවත් මේ වනවිට එම ප්‍රමාණය 700 දක්වා අඩුවී ඇතැය...
"Channel – 4 චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්"
"චැනල් 4 නාලිකාව විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10 දා) පියවර ගත්තේය. 2019 වසරේ පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා සා...
"චෝදනා ද්වේශ සහගතයි – ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිල ප්‍රකාශයක්"
"පුරා වසර 36ක් රට වෙනුවෙන් සේවය කළ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් සුරේෂ් සලේට එරෙහිව චැනල් 4 නාලිකාව විසින් එල්ල කරන චෝදනා තරයේ හෙළාදකින බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටී. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීම මැයෙන් පසුගිය සෙනසුරාදා ආරක්ෂක අමාත්‍යාංශය නිකු...
"වැරදි පිළිගත්තොත් සමාව දෙන්න සූදානම් – අගරදගුරුතුමා කියයි"
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදි සිදු කළ පිරිස් එම වැරදි කොන්ද කෙළින් තබාගෙන පිළිගන්නේ නම් සමාව දීමට සූදානම් බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි. අගරදගුරුතුමා මේ බව කියා සිටියේ, කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පසුගිය සිකුරාදා පැවැති දේව මෙහෙයකට එක්වෙමිනි. එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කාද...
"කරාපිටිය රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය කැඩිලා – පිළිකා රෝගීහු මකර කටේ"
"ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයේ ඇති පිළිකා විකිරණ යන්ත්‍රය (කොබෝල්ට්) කැඩී ඇති බවත් මේ නිසා විකිරණ ප්‍රථිකාර ගතයුතු පිලිකා රෝගීන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බැව් සමස්ත ලංකා ඖෂධ බෙදාහරින්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් රවි කලංසූරිය මහතා ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. මෙම යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට මේ ...
"ආනයනික අර්තාපල් බද්ධ දිගු වෙයි"
"ආනයනික අර්තාපල් සඳහා පනවා තිබූ රුපියල් 50 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ තවත් මාස හතරකින් දීර්ඝ කර තිබේ. පසුගිය මාර්තු 08 වැනිදා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට පෙර මාස හයකට බලපැවැත්වෙන පරිදි ආනයනික අර්තාපල් බද්ධ පනවා තිබුණි. පසුගිය 08 වැනිදා එම කාල සීමාව අවසන් වුණි. ඒ අනුව ජනාධිපතිවරයා වි...
"කෝට්ටේ රජමහ විහාරයේ වාර්ෂික ඇසළ පෙරහැර"
"ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහ විහාරස්ථානයේ 2023 ඇසළ මංගල්‍යය පූජෝත්සවයේ අවසන් මහා පෙරහැර 123 වන වරටත් සැප්තැම්බර් මස 09 වන දින රාත්‍රියේදී වීථි සංචාරය කෙරිණි. සම්ප්‍රදායානුකූලව රාත්‍රී 08.12ට යෙදී තිබුණු සුබ මුහුර්තයෙන් සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කළ සධාතුක කරඬුව වැඩම කර හස්තිරාජයා පිට බැඳි ධාතු කරඬුවේ තැන්පත්...
"2022 ලෝක විවාහක රූ රැජන ශ්‍රී ලංකාවට"
"ශ්‍රී ලංකා විවාහක රූ රැජන 2023 තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වීම සඳහා 2022 ලෝක විවාහක රූ රැජන සර්ගම් කෞශාල් කටුනායක ගුවන් තොටුපළෙන් මෙහි පැමිණියාය. එම වැඩසටහනේ ජාතික අධ්‍යක්‍ෂ චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිසක් ඇය පිළිගැනීමට පැමිණ සිටියේය. මෙම තරගාවලියේ අවසන් මහා තරගය 13 වැනිදා සවස 6.00 ට කොළඹදී පැව...
"අද සිට එළකිරි ගෙදරටම"
"පාසල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කරලීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිවාසවලටම නැවුම් එළකිරි උදෑසන හා හවස් කාලය තුළ සැපයීමේ වැඩපිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් අද (11දා) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. මෙම වැඩපිළිවෙලේ සමාරම්භක අවස්ථාව අද පෙරවරු 10.00ට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ...
"ක්‍රෙඩිට් කාඩ් හරහා මුදල් වංචා කරන ව්‍යාජ තැපෑලට හසු නොවන්න"
"ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර ක්‍රෙඩිට් කාඩ් හරහා මුදල් වංචා කිරීම් සිදුවන බවට තැපැල් දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබෙමින් පවතින බවත් එයට හසු නොවන ලෙසත් තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී. සරත් කුමාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. කෙටි පණිවුඩයක් මගින් ඇනවුම් කරන...
"චැනල් – 4 කියූ පිරිස අත්අඩංගුවට ගත යුතුයි – සම්බන්ධන්"
"චැනල් – 4 නාලිකාව මගින් විකාශනය කළ රූපවාහිනී වැඩසටහනේ නම් ඉදිරිපත් වූ සියලුම දෙනා අත්අඩංගුවට ගෙන විධිමත් පරීක්ෂණයක් ඔවුන්ට එරෙහිව පැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා 10 දා පැවසීය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එවැනි පරීක්ෂණයකින් හා අත්අඩංගුවට ගැනීමකින් තොරව අගතියට පත් කිත...
"මත්ද්‍රව්‍යය ළමා පරපුරට බලපා ඇති ආකාරය ගැන 225 දෙනාටම වැඩමුළුවක් තියලා පැහැදිලි කරන්න"
"අපේ රටේ පාසල් ළමුන් අතර මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බවත්, එය විසඳීමේ විශාල වගකීමක් පාර්ලිමේන්තුවට ඇති බවත් මේ සම්බන්ධයෙන් 225 දෙනා දැනුවත් කිරීමට මත්ද්‍රව්‍ය විරෝධී සංවිධාන විසින් වැඩමුළුවක් පවත්වන ලෙසත්, මීට අමතරව ළමා හා කාන්තා අයිතිවාසිකම් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච...
"චැනල් – 4 කියූ පිරිස අත්අඩංගුවට ගත යුතුයි – සම්බන්ධන්"
"චැනල් – 4 නාලිකාව මගින් විකාශනය කළ රූපවාහිනී වැඩසටහනේ නම් ඉදිරිපත් වූ සියලුම දෙනා අත්අඩංගුවට ගෙන විධිමත් පරීක්ෂණයක් ඔවුන්ට එරෙහිව පැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා 10 දා පැවසීය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එවැනි පරීක්ෂණයකින් හා අත්අඩංගුවට ගැනීමකින් තොරව අගතියට පත් කිත...
"සැක සහිත චැනල් 4 වාර්තාව පාස්කු වින්දිතයින්ට සාධාරණයක් නොවේ"
"චැනල් 4 විසින් නිකුත් කරන ලද සැක සහිත වාර්තා චිත්‍රපටය පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ට හෝ ඔවුන්ගේ ආදරණීයයන්ට කිසිදු සාධාරණයක් ඉටු නොකරන බව ඉන්දියන් ඩිෆෙන්ස් රිවීව් වෙබ් අඩවිය කියයි. Debunking Channel 4( How RAW and SIS) worked together to prevent Easter attacks in Sri Lanka මැයෙන් චැනල් 4 වාර්තාව ගැන එම වෙබ් අඩව...
"නොරොච්චෝලේ විදුලිය දිගටම – මේ මාසය තුළ ගල් අඟුරු නැව් 4 ක් ගේනවා"
"නොරොච්චෝලෙ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු මෙටි්‍රක් ටොන් 60,000 බැගින් නැව් 04 ක් මේ මාසය තුළ ගෙන්වන බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා ‘දිවයින’ට ඊයේ (10 දා) පැවසීය. මේ අනුව බලාගාරය අඛණ්ඩව විදුලිය නිෂ්පාදනය කරන බව ද ඒ මහතා කීය. මීට පෙර ගල් අඟුරු මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 240 කට මිලදී ගත් බවත්, එම ...