Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"හිටපු මන්ත්‍රී ශ්‍රී රංගාගේ නඩුවේ විනිසුරු මාරු කිරීමේ ඉල්ලීම ඉවතට – රංගා ඇතුළු සැකකරුවන් රිමාන්ඩ් කරන්නැයි ද නියෝග" | "හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාධ්‍යවේදී එස්. ශ්‍රී රංගා විසින් තම නඩුව වවුනියාව මහාධිකරණයේ වෙනත් විනිසුරුවරයෙකු හමුවේ විභාග කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම 4 දා ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. මෙම පෙත්සමේ මූලික කරුණු සලකා බැලීම සඳහා ඇස්තමේන්තු ගත නීති ගාස්තු ශ්‍රී රංගා ... |
"හිටපු මන්ත්‍රී ශ්‍රී රංගාගේ නඩුවේ විනිසුරු මාරු කිරීමේ ඉල්ලීම ඉවතට – රංගා ඇතුළු සැකකරුවන් රිමාන්ඩ් කරන්නැයි ද නියෝග" | "හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාධ්‍යවේදී එස්. ශ්‍රී රංගා විසින් තම නඩුව වවුනියාව මහාධිකරණයේ වෙනත් විනිසුරුවරයෙකු හමුවේ විභාග කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම 4 දා ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. මෙම පෙත්සමේ මූලික කරුණු සලකා බැලීම සඳහා ඇස්තමේන්තු ගත නීති ගාස්තු ශ්‍රී රංගා ... |
"මත්කුඩු ජාවාරම්කරුවන් එල්ලා මරන්න හදන කොට එදා අගමැතියි විපක්ෂනායකයි විරුද්ධ වුණා" | "රටේ දේශපාලන පක්ෂවල වැඩිවීමක් තුළින් කල්ලි කණ්ඩායම් වැඩිවීමෙන් රටේ සමගියට බාධාවක් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සරය උත්සවය අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. “එක්වෙමු…වෙනසකට සැරසෙමු” මැයින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් හෝටල් පරිශ්‍රයේදී ශ්‍රී ලංකා නි... |
"කඩල මුවාවෙන් ගෙන්වූ කෝටි 3 ක උඳු රේගු දැලේ" | "කඩල ගෙන්වන මුවාවෙන් ගෙන්වූ, ආනයන, අපනයන පාලක විසින් ආනයනය කිරීම තහනම් කර තිබූ රුපියල් ලක්‍ෂ 310 ක් පමණ වටිනා උඳු තොගයක් රේගුව මගින් ඊයේ (4 දා) අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ 10 පිහිටි පෞද්ගලික සමාගමක් විසින් ඉන්දියාවේ සිට ආනයනය කළ අඩි 20 ක් දිග බහාලුමක තිබී මෙම උඳු තොගය හමුවී ඇත. ආනයනකරු විසින් ගෝනි 833 ක කඩල කිලෝ 25,000 ක් ... |
"උසස්පෙළ විභාගය කල් දැමීම කිසිසේත් සිදු කළයුතු ක්‍රියාවක් නොවෙයි" | "උසස්පෙළ විභාගය ආයිත් වතාක් කල් දාන්න කියලා කරන යෝජනාව දරුවන්ගේවත් ගුරුවරුන්ගේවත් පාසල්වලවත් අවශ්‍යතාවය නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම මවාපාන ව්‍යාජ යෝජනාවක්. ඒක මේ වෙලාවේදී කිසි සේත්ම සිදු කලයුතු දෙයක් නොවෙයි යැයි ජාතික නිදහස් ගුරු සංගමයේ සභාපති සුදන්ත රත්නායක මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (04) ප්‍රකාශ කර සිටියේය. උසස් පෙ... |
"ලොව පුරා සිටින සාර්ථක ව්‍යාපාරිකයන් ආකර්ෂණය කර ගැනීම මෙරට පැවැත්වෙන ගෝලීය නියමුවන්ගේ හමුවේ අරමුණයි" | "ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ගෝලීය නියමුවන්ගේ හමුවේ (Global CEO Forum-2023) සැප්තැම්බර් 21 වැනිදා ප. ව. 5.00 ට කොළඹ ගලධාරි හෝටලයේදී ආරම්භ වේ. මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහභාගි වේ. මෙම සමුළුව ලෝක මට්ටමින් දැනුම සහ අදහස් හුවමාරු කර ගැනීමට සහ ලොව පුරා සිටින... |
"රතු නිවේදන නිකුත් කළත් – පාතාලයන් ගෙන්වන්න මරණ දඩුවම හරස් වෙයි" | "විදෙස් රටවලට පලාගොස් සිටින පාතාල අපරාධකරුවන් ගෙන්වා ගැනීමට රතු නිවේදන නිකුත් කර ඇතත් මෙරට පවතින මරණ දඬුවම නීතිය නිසා ඔවුන් එම රටවලින් පිටුවහල් කිරීමට ජාත්‍යන්තර පොලිසිය අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට (නීතිය හා අපරාධ) මහතා පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ අනාවරණය කළේය. රටේ පවතින අපරාධ... |
"මහ වැසි සුළං ජන දිවිය කළඹයි – දිස්ත්‍රික්ක 4කට නාය අවදානම් නිවේදන" | "කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට ඊයේ (03 දා) දිනයේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග ගස් කඩා වැටීම්, මාර්ග ජලයෙන් යටවීම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබුණි. අදින් (4 දා) පසු වර්ෂාවේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ පෙරවරුවේ කොළඹ ප්‍රධාන වර්ෂාපතන මානයට මිලි මීට... |
"ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් 20 අතරට" | "ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරින් හොඳම 20 දෙනා අතරට පත් වී තිබේ. ඒ සඳහා නන්දලාල් වීරසිංහ මහතා තේරීපත්ව ඇත්තේ ජාත්‍යන්තර ‘ග්ලෝබල් ෆිනෑන්ස්’ (Global Finance) නම් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණයකට අනුවය. ඔවුන් වර්ෂ 1994 සිට අඛණ්ඩව සිදු කෙරෙන ගෝලීය මහ බැං... |
"ශ්‍රීලනිප 72 වැනි සමුළුවට අගමැතිත් එක්වේ" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සර සමුළුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී, පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03 දා) පැවැත්විණි. මෙවර සමුළුවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සහභාගිවී සිටීම විශේෂත්වයක් විය. පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ... |
"ගෝඨාගේ නිවෙස ඉදිරිපිටදී බස්රියක් ගිනි තැබූ අයෙක් රිමාන්ඩ්" | "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවස ඉදිරිපිට පසුගිය වසරේ ඇති වූ ගැටුම්කාරී අවස්ථාවේ බස් රථයකට ගිනි තැබීමට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 11 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගංගොඩවිල අතිරේක මහෙස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය පෙරේදා (02 දා) නියෝග කර තිබේ. ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී නොසිටීම ද කැපී පෙ... |
"පෙරහැර පැවති දින 10ට මහනුවරින් කසළ ටොන් 250ක්" | "මහනුවර ඇසළ පෙරහැර පැවති දින දහය තුළ නගර සීමාවෙන් කසළ ටොන් 250 කට වැඩි ප්‍රමාණයක් එකතු වූ බව එම නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන ඉංජිනේරු නාමල් දිසානායක පවසයි. පෙරහැර නරඹන්නන් රැගෙන එන පොලිතින්, ඉවතලන ආහාරපාන ඇතුළු අලි ගාලවල්වලින් ඉවත ලන කසළ ප්‍රමාණය දිනකට ටොන් 25 ක් පමණ වූ බව ද ඒ මහතා කීය. පෙරහැර සඳහා පැමිණි අලි ඇ... |
"තෙල් මිල වැඩිවීමෙන් ධීවර කර්මාන්තය හාන්සියි" | "ඉන්ධන මිල වැඩිවීම මෙරට ධීවර කර්මාන්තයට එල්ල කළ මරු පහරක් බවත්, මාළු කිලෝවක මිලත් ඉන්ධන ලීටරයක මිලත් මේ වන විට සමාන තත්ත්වයකට පත්ව ඇති බවත් බහුදින යාත්‍රා හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වයි. ඒ. අජිත් නිශාන්ත මහතා පවසයි. ඉන්ධන මිල වැඩිවීම ඇතුළු ධීවර කර්මාන්තයේ දැනට පවතින ගැටලු රැසක් නිසා මෙරට ලියාපදිංචි වී ඇති ... |
"850ට නොදුන්නොත් පිටරටින් ගේනවා – කිලෝව රු. 1250කට තීරණය කිරීම අසාධාරණයි – වෙළෙඳ ඇමැති" | "කුකුළු ගොවිපළ හිමියන් කුකුළු මස් කිලෝවක් රුපියල් 1250 කට විකිණීමට තීරණය කිරීම පාරිභෝගිකයන්ට කරන විශාල අසාධාරණයක් බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (03 දා) පැවසීය. කුකුළු මස් කිලෝවක මිල රුපියල් 850කට විකිණීමට හැකියාවක් ඔවුන්ට තිබෙන බවද හෙතෙම කීවේය. ජනතාවට සහනයක් ලබාදිය යුතුව තිබියදීත් එම වගකීමෙන් බැහැර... |
"10 දා පක්‍ෂ සම්මේලනයේදී එජාප ව්‍යවස්ථාව වෙනස් කරනවා – එජාප සභාපති වජිර අබේවර්ධන" | "ලබන 10 වැනිදා පැවැත්වෙන මහා සම්මේලනයේදී එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීමට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. නව ලෝකයත් සමඟ ඉදිරියට යා යුතු බවත් ඒ අනුව යමින් පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරනු ඇති බවත් පක්‍ෂ සංවිධ... |
"ස්වයංක්‍රීය වර්ෂාමාන 330න් 72ක්ම අක්‍රීයයි – විගණනයෙන් හෙළි වෙයි" | "නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා අවදානම් සහිත දිස්ත්‍රික්ක 14 ක ස්වයංක්‍රීය වර්ෂාමාන 330ක් ස්ථාපිත කර තිබුණද ඉන් වර්ෂාමාන 72 ක් 2022 වර්ෂයේ සැප්තැම්බර් මස 15 වැනිදා වනවිට අක්‍රීයව පැවති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. සේවක හිඟය හා වෙනත් කරුණු හේතුවෙන් මෙකී වර්ෂාමාන පද්... |
""සල්ලිත් නැති, වීසත් නැති ඊජිප්තු ජාතිකයෙක් වැලිගම හෝටලයක යකා නටයි"" | "වැලිගම සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ඊජිප්තු ජාතිකයකු එම හෝටලයට ගිනිතබා එහි කළමනාකරුට පහර දී එහි ලැගුම්ගෙන සිටි විදේශීය යුවළ දෙකකගේ දේපළවලට ද ගිනිතබා තිබේ. මෙම ඊජිප්තු ජාතිකයා පිළිස්සුම් තුවාල සහිතව පොලිස් අත්අඩංගුවට පත් වී මේ වන විට මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. පොලිස් විමර්ශන අනුව මෙම ඊජිප්තු ජාතිකයාට වීසා බ... |
"වැස්සත් සමඟ ඩෙංගුත් ඉහළට" | "වැසි තත්ත්වය සමඟ යළි පාසල් හා වැසිකිළි පද්ධති, බස් නැවතුම්පළවල් ඇතුළු පොදු ස්ථාන, වැඩබිම්, ආගමික ස්ථානවල ඩෙංගු හිස එසවීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ ගැන අවධානය යොමුකර එම ස්ථාන පිරිසිදු කරගන්නා ලෙස එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi නලින් ආරියරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම වසරේ මේ දක්වා කාලය තු... |
"උසස් පෙළ සිසු දරුවන්ට හිමි අධ්‍යාපන කාලය වහා ලබාදෙන්න – විභාගයට ඇත්තේ තව මාස දෙකයි" | "අධ්‍යාපන දෙපාර්තමේන්තුවම පිලිගෙන ඇති පරිදි විභාගය සඳහා වන වසර 2.5 අධ්‍යාපන කාලය එම දරුවන්ට ලබාදෙමින් විභාගය පැවැත්වීමට කටයුතු කරන ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වේ. එහි මෙසේද සඳහන් වේ. 2023 අධ්‍යයන වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීමෙහිලා විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාං... |
""රනිල්, මහින්ද , සජිත්, අනුර නැති සන්ධානයක් – ළඟදීම දේශපාලන පෙරලියක්"" | "විපක්‍ෂයේ පක්‍ෂ අතර පොදු එකඟතාවක් සහිත එජාප – පොහොට්ටු නොවන පුළුල් දේශපාලන සන්ධානයක් පිහිටුවා ගැනීම වෙනුවෙන් නිදහස ජාතික සභාව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. එහිදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ආදී වශයෙන් සීමා නොකර පුළ... |
"ලංසාගේ සන්ධානයට වයඹින් ප්‍රබලයක්" | "පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඇතුළු මන්ත්‍රී පිරිසක් විසින් පිහිටුවීමට යන නව සන්ධානයේ මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යෑමේ නායකත්වය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කර ගෙන තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය අඟහරුවාදා පැවැති නව සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඇ... |
"කෙහෙළියට එරෙහි විශ්වාසභංගය 6-7-8 දිනවල" | "සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්‍ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව ලබන 06, 07 සහ 08 යන දින තුනහිදී විවාදයට ගැනීමට තීරණය කර ඇත. ඉකුත් 01 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ. එම විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලබන එම දිනවල අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තු පැමිණිය යුතු... |
"දඩයක්කරුවන්ට පවිත්‍රා තොණ්ඩු දායි" | "කැලෑ ගිනි තබන්නන්ට හා සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට වනජීවී හා වන සම්පත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර ඇත. ඒ අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇය පවසයි. එසේම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බළකාය, ජාතික ආපදා කළ... |
"හොර ස්ටිකර් ගැසූ මත්පැන් බෝතල් ලක්ෂයක්" | "ව්‍යාජ ස්ටිකර් යෙදූ මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය සතිය වන විට අත්අඩංගුවට ගත් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සුරා බදු ආදායම අපේක්ෂිත මට්ටමට වඩා විශාල වශයෙන් පහළ යෑම හේතුවෙන් හඳුන්වා දුන්, නව ස්ටිකර් ක්‍රමවේදය උපක්‍රමිකව වෙනස් කරමින් සිදුකරන මත්පැන් අලෙවිය පළිබඳව සොයාබැලීම සඳහා සිදුකළ වැටලීම්වලි... |
"පොලිස් කොමිසමට දුක්ගන්නාරාළ බලතල" | "පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් පහළ නිලධාරීන්ට සිදුවූ අසාධාරණකම් සහ පළිගැනීම් සම්බන්ධව විමර්ශනය කිරීමට ජාතික පොලිස් කොමිසමට ‘දුක්ගන්නාරාළ’ බලතල හිමිව ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය ඉකුත් අගෝස්තු මස 16 වැනිදා නිකුත් කළ බව පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. අංක 2345/45 දරන අදාළ ගැසට් නිවේදනයට අනුව මින් ඉදිරියට පොලිස් දෙපාර්ත... |
"G -20ට ෂි ජින්පින් – පුටින් නෑ" | "ඉන්දියාවේ පැවැත්වෙන ජී. 20 සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහභාගි නොවන බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සමුළුව ලබන 9 සහ 10 යන දෙදින නවදිල්ලි නුවරදී පැවැත්වේ. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ ලෝක නායකයන් රැසක් මෙම සමුළුවට සහභාගි වීමට නියමිතය. චීන ජනාධිපතිවරයා වෙනුවට චීන අගමැති ලී කුවින්ග් මහතා මේ සඳහා සහභාගි වනු ඇත... |
"බිම්පුත් බලපත්‍රය අහෝසියි" | "බිම්පුත් මූල්‍ය සමාගම සඳහා මූල්‍ය ව්‍යාපාර කරගෙන යෑමට මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ බලපත්‍රය අවලංගු කර ඇත. මෙම සමාගමට මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ඇති විවිවිධාන සාක්‍ෂාත් කර ගැනීම සඳහා නිකුත් කර ඇති සාමාන්‍ය විධාන හා රීත් කිහිපයක් අඛණ්ඩව එම සමාගම විසින් උල්ලංඝනය කර ඇති බව ද මහ බැංකුව කියයි.... |
"රේල් පාර කි.මි. 56ක් කොට වෙලා" | "මෙරට දුම්රිය මාර්ග පද්ධතිය මේ වන විට කිලෝමීටර් 56කින් අඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 1934 වර්ෂයේ දී කිලෝමිටර් 1521ක් වූ එය 2021 වර්ෂය වන විට 1465 දක්වා කිලෝමීටර් 56කින් අඩුවී තිබේ. මෙරට දුම්රිය මාර්ග පද්ධතියට මාතර සිට බෙලිඅත්ත දක්වා අලුතින් කිලෝමීටර් 32ක් එකතු කළ පසුව ද දුම්රිය මාර්ග ජාලය කිලෝමීටර් 56කින් අඩු... |
"සමනල වැව් බැම්මේ සිදුරු 7ක්" | "සමනල වැව ජලාශයේ වැව් බැම්මේ සිදුරු හතක් නිසා ඉන් ජලය කියුබික් මීටර් මිලියන විස්සක් අපතේ ගොස් ඇතැයි ලංවිම ඉංජිනේරුවරුන් ඇතුළු පර්යේෂකයන් විසින් හෙළිකර තිබේ. මේ වනවිට එම ජලාශයේ ජල මට්ටම අඩියට ම සිඳී තිබෙන නිසා ජලාශයේ එම සිදුරු හඳුනාගෙන අලුත්වැඩියා කිරීමට අවසර දෙන ලෙස ලංවිම, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාගෙ... |
"දේශිය ආදායම් තොරතුරු පද්ධති ගැටලු ලිහන්න කෝටි හතක් ගිහින්" | "දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇති වන ගැටලු සඳහා සිදුකරනු ලැබූ යම් යම් වෙනස්කම් වෙනුවෙන් විටින් විට රුපියල් හත්කෝටි දාහත්ලක්ෂ විසිතුන්දහස් හයසිය හැට දෙකක අමතර මුදලක් (71,723,662) සිංගප්පූරු ආයතනයකට ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙකී තොරතුරු පද්ධතියේ... |
"ශ්‍රීලනිප 72 සංවත්සරය අද" | "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය් 72 වැනි සංවත්සරය අද (03දා) සවස 2.00 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වේ. පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් සංවත්සර උත්සවය පැවැත්වේ. වත්මන් ආර්ථික තත්ත්වය හා ආරක්‍ෂක හේතූන් ම... |
"නව තාක්ෂණය නැතිවම කාලගුණය අනාවැකි කියලා" | "කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ අනාවැකි පවසන්නේ නවීන තාක්ෂණික රේඩාර් පහසුකම් නොමැතිව බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. කාලගුණ අනාවැකිකරණයේ දී ඩොප්ලර් රේඩාර් පද්ධතියක දැඩි අවශ්‍යතාවක් පැවතිය ද වර්ෂ 15කට ආසන්න කාලයක සිට එම පද්ධතිය නොමැතිව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... |
"කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සිම්බාබ්වේ කීර්තිමත් මැතිවරණ නිරීක්ෂක කණ්ඩායටම එක්වෙයි" | "අප්‍රිකානු ජාතීන් සමග ශ්‍රී ලංකාවේ වර්ධනය වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට දිරියක් වෙමින් කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කනනාදන් මහතා සිම්බාබ්වේ රාජ්‍යයේ 2023 ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන කීර්තිමත් මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස තෝරාගෙන තිබේ. අප්‍රිකානු රාජ්‍යයක මෙම වැදගත් කාර්යභාරය සඳහා කනනාදන් මහතා එක්වන සිව්ව... |
"QR ඉවරයි – පිරිවැය දරාගන්න මිල වැඩි කරන්න වෙනවා" | "වසරක් තිස්සේ ක්‍රියාත්මක වූ ඉන්ධන කෝටා ක්‍රමය හෙවත් QR ක්‍රමවේදය ඊයේ (01දා) සිට ක්‍රියාත්මක වන පරිදි නතර කළ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 පමණ සිට 110 දක්වා ඉහළ යෑම නිසා පෙරේදා (31දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ... |
"අද රෑ සිට බස් ගාස්තු 4.01% කින් නගී" | "ඉන්ධන මිල (ඩීසල්) ඉහළයෑමත් සමග අද (2 දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 4.01න් වැඩිකර තිබේ. මගී බස් රථ සංගම් කළ ඉල්ලීමට ගමනාගමන කොමිසම අවසරදී ඇත. දැනට රුපියල් තිහක් වන අවම බස් ගාස්තුව වෙනස් නොවන අතර බහාලුම් ප්‍රවාහන ගාස්තු ද ඊයේ (01 දා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට පහකින් වැඩිකරන බව බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සං... |
"බස් ගාස්තු 10%-15%කින් වැඩි කළ යුතුයි – අංජන" | "ඉන්ධන මිල ඉහළ නැංවීම නිසා පෞද්ගලික බස් ගාස්තුව සියයට 10ත් – 15ත් අතර ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ‘දිවයින’ට පැවසීය. ඒ අනුව බස් ගාස්තු ඉහළ නැංවීම මගින් මගී ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ වගකීම රජය භාරගත යුතු බවද හෙතෙම කීය. පෞද්ගලික බස්... |
"සයිනොපෙක් ෂෙඩ්වල ඉන්ධන තවමත් රු. 3ක් අඩුවෙන්" | "ඉන්ධන මිල ගණන් පෙරේදා (31දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වුවත් චීන සයිනොපෙක් ඉන්ධනහල්වල අලෙවි කරන සෑම ඉන්ධන ලීටරයක්ම නව මිලට වඩා රුපියල් තුනක් අඩුවෙන් පාරිභෝගිකයන්ට ලබාදෙනු ලැබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 358 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 414 කි. ලංකා ඔටෝ ඩීසල් ලීටයරක් රුපියල් 338 කි. ලංකා ... |
"සපුගස්කන්ද පිරිපහදුව 18 දා සිට ඔක්.8 තෙක් වසයි" | "සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව මෙම 18 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා නිෂ්පාදන කටයුතුවලින් බැහැර වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර තිබේ. සපුගස්කන්ද පිරිපහදුව පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාවය නැවත පිහිටුවා යථා තත්ත්වයට පත්කර ගැනීම උදෙසා මෙම පියවර ගන්නා බව සංස්ථාව කියයි. මෙම අත්‍යවශ්‍ය තාක්‍ෂණික ක... |
"අවදානමට ලක් වූ ජනතාව පිළිබඳ රජය විධිමත් සමීක්‍ෂණයක් කර නෑ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "මෙරට වර්තමානයේ අවදානමට ලක් වූ ජනතාව සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් වර්තමාන රජය හා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ යුතු වුවත් ඔවුන් එවැන්නක් සිදු කර නොමැති බවත් එහෙත් එවැනි සමීක්ෂණයක් එක්සත් ජාතින්ගේ UNDP සංවිධානය හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. නිසි සමීක්ෂණය... |
"පළමු කාර්තු දෙකේ මැණික් විකුණලා ඩොලර් මිලියන 331ක් ලැබුවා – මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ඩී. සිල්වා" | "මෙම වසරේ පළමු කාර්තු දෙකේ දී සිය ආයතනය මැණික්, ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 331ක ආදායමක් මෙරටට හිමි කර දී ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ඩී. සිල්වා මහතා ඊයේ (01 වැනිදා) සඳහන් කළේය. එය සියයට 33% ක අපනයන සංවර්ධන වේගයක් බවත් එය මෙරට අනෙකුත් අපනයන ක්‍ෂේත්‍රයන් හා සංසන්ද... |
"පනත් කෙටුම්පත් කිහිපයකට කථානායක අනුමැතිය" | "පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද පනත් කෙටුම්පත් කිහිපයකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කොට තිබේ. ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පතට, විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට සහ ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාතග කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයා පසුගියදා සිය සහතිකය ස... |
"ආබාධිත අයට ලංගම බස්වලදී ප්‍රමුඛතාව දෙන චක්‍රලේඛයක් නිකුත් කරනවා – ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති කියයි" | "සුදු සැරයටි සමග පැමිණෙන විශේෂ අවශ්‍යතාවන් සහිත පුද්ගලයන් සිටින ස්ථානවලදී ලංගම බස්රථ නවත්වා ඔවුන් ඒවාට ඇතුළත් කර ගැනීමට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මඩකළපු ප්‍රදේශයේ පැවැත්වූ විශේෂ රැස්වීමකදී මෙම කරුණු අනාවරණය කළේය. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වැඩියෙන් සිටින... |
"පළාත්පාලන ආයතන උපයා ගන්නා මුදල් විගණනය කිරීමට කෝපා අවධානය" | "පළාත් පාලන ආයතන විගණනයට ලක් වුවත්, එම ආයතන තමන් විසින්ම උපයා ගන්නා මුදල් පිළිබඳව මෙතෙක් විගණයට ලක් නොවූ බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පවසයි. ඒ අනුව එලෙස විගණයට ලක් නොවන අංශ ද විගණනයට ලක් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය යොමුව තිබෙන බව සභාපතිවරයා ප්‍රකාශ කළ... |
"ඉන්දීය ආරක්‍ෂක ඇමැති අද හෙට ශ්‍රී ලංකාවේ" | "ඉන්දීය ආරක්‍ෂක ඇමැති ශ්‍රී රාජනාත් සිං මහතා අද සහ හෙට (2 සහ 3) දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. දෙරට අතර ආරක්‍ෂක සම්බන්ධතා පිළිබඳව මේ සංචාරයේදී ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ඉන්දීය ආරක්‍ෂක ඇමැතිවරයා අපේක්‍ෂා කරන බව දැන ගැනීමට ඇත. මේ සංචාරයේදී ඉන්දීය ආරක්‍ෂක ඇමැතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස... |
"මාව ශ්‍රීලනිපයෙන් පන්නන්න හදනවා – දයාසිරි කියයි" | "තමාව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් කිරීමට පිරිසක් උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (01දා) පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා එසේ කියා සිටියේය. මෙහිදී තවදුරටත් කතා කළ දයාසිරි ජයසේකර මහතා මෙසේ ද කීය. විධායක සභාව ... |
"පාසල් වෑන් ගාස්තු 5% කින් වැඩි කරනවා – අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය" | "පාසල් වෑන් රථ, බස් රථ ගාස්තුව සියයට 5 කින් ඉහළ නංවන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ට ඊයේ (01 වැනිදා) පැවසීය. ආදායම් බලපත්‍ර ගාස්තුව, දුම් සහතික ගාස්තු, රක්‍ෂණ සහතික, යෝග්‍යතා සහතික ගාස්තු වැඩිකර තිබෙන මොහොතක ඉන්ධන ගාස්තු වැඩි කිරීම ... |
"අදත් තද වැසි" | "දිවයින හරහා නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (02 දා) දිනයේදී ද බලාපොරොත්තු වන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව ... |
"ඖෂධ සැපයුම්කරුවන් ප්‍රමාණය වැඩි කරන්න – – ඇමැති කෙහෙලිය" | "ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ඒ ඒ ඖෂධ සඳහා වන සුදුසුකම් ලත් ලියාපදිංචි සැපයුම්කරුවන් ප්‍රමාණය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඊයේ (01දා) උපදෙස් දුන්නේය. මේ යටතේ ඇතැම් ඖෂධ සඳහා පවතින ඖෂධ සැපයීමේ ඒකාධිකාරිත්වය වෙනුවට තරගකාරිත්වයක් ඇත... |
"මෙරිල් ලියූ ලිපි එළිදැක්වීම හෙට" | "මහනුවර කඳුරට සංස්කෘතික හා කලා සංගමය සංවිධානය කරන ගුණ සමරු උළෙලක් හෙට (03 දා) පස්වරු 2.00 ට මහනුවර කැප්පෙටිපොළ ශාලාවේදී පැවැත්වේ. එහිදී මහත්මා ගාන්ධි, මහාකවි අරුලි බාක්ති, අබ්දුල් කාදර්, දිවයින පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මෙරිල් පෙරේරා, මහනුවර යහපත් එඬේරා කන්‍යාරාමයේ විශ්‍රාමික විදුහල්පතිනිය තුරෙයිරාජා මනෝහරන් යන මහත්... |
"අම්බලන්ගොඩ රැකවල් මැදින් රිංගා පාතාලය ගිනි බිඳිති" | "පාතාල සාමාජිකයන් දෙපිරිසක් අතර ඇති වී තිබෙන ගැටුම් නිසා අම්බලන්ගොඩ නගරය ඇතුළු ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ නිලධාරීන් යොදවා තිබියදීත් ඊයේ (31 වැනිදා) දහවල් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසලට යතුරුපැදියකින් පැමිණ පාතාලය කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මහ දවාලේ සිදු... |
"පෙරහැර සංදේශය ජනපතිට භාරදෙයි" | "මහනුවර ශ්‍රී දළදා පෙරහැර සාර්ථකව පවත්වා අවසන් කළ බවට වූ සංදේශය චාරිත්‍රානුකූලව ජනාධිපතිවරයාට භාරදීම මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ සවස සිදුවිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එම සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් භාර දෙනු ලැබූ අවස්ථාව. සතර මහ දේවාල සහ පිටිසර දේවාල බස්නායක නිලමේවරුද එම අවස්ථාවට එක්... |
"ගුවන් හමුදා 2 ප්‍රවාහන බළඝනයේ 66 වැනි සංවත්සරය අද" | "ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ප්‍රවාහන සේවයේ විශිෂ්ට සේවාවක් ඉටුකරන අංක 02 ප්‍රවාහන බළඝනයේ 66 වැනි සංවත්සරය අදට (01 දා) යෙදී ඇත. හමුදාමය හා යුදමය අවස්ථාවලදී මෙන්ම දේශීය හා විදේශියව සිදුවූ හදිසි ආපදාවන්හිදීද සිය සක්‍රීය දායකත්වය ලබාදෙමින් මානුෂීය ආධාර ප්‍රවාහනය මෙන්ම විදේශයන් හිදී ආපදාවට පත්වූ ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙ... |
"පාසල් ප්‍රාග්ධන වෙළෙඳ පොළ 100 ඉහළ දස්කම් දක්වන සිසුන්ට සිංගප්පූරු සංචාරයක් – ජනාධිපති නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදීි කියයි" | "රට පුරා ස්ථාපිත කෙරෙන පළමු ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ 100 අතුරින් ඉහළට දක්‍ෂතා දක්වන සමාජයට අයත් පාසලට ත්‍යාග පිරිනමන බවත්, එම සමාජයේ සිසුන් දස දෙනකුට හා ඔවුන්ගේ ගුරුවරුන්ට සිංගප්පූරුවට ගොස් එරට කොටස් වෙළෙඳපොළ පිළිබඳ ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. පළමු ප්‍රා... |
"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නව නියෝජිතයා විපක්ෂ නායක සජිත් හමුවෙයි" | "එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිත්‍ය නේවාසික නියෝජිත මාක් ඇන්ඩ්‍රෆ්‍රෙැන්ච් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පෙරේදා (30 දා) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිත්‍ය නේවාසික නියෝජිත මාක් ඇන්ඩ්‍රෆ්‍රෙැන්ච් මහතා මෙරට වැඩ බාර ගැනීමෙන් අනතුරුවය. එහිදී මෙරට සමාජ ආර්ථික දේශපා... |
"දේශීය ආදායම් වැඩ බලන ලොකු පුටුව ඩී. යූ. ඒ. ජයවර්ධනට" | "දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩ බලන කොමසාරිස් ජනරාල් වශයෙන් ඩී. යූ. ඒ. ජයවර්ධන මහතා පත්කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (31දා) ‘දිවයින’ට පැවසීය. ඒ මහතා මාස හතරක කාලයකට වැඩ බැලීම සඳහා පත්කළ බව ද ඇමැති සියඹලාපිටිය කීවේය. ජයවර්ධන මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයකු ලෙස සේ... |
"බදු අඩු කළොත් කුකුළු මස් අඩු කරනවා – කුකුළු ව්‍යාපාරික සංගමයේ සභාපති අජිත් ගුණසේන" | "සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී පනවා ඇති අසාධාරණ බදු අඩු කිරීමට රජය පියවර ගන්නේ නම් කුකුළු මස් සහ බිත්තර මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාව පවතිනවා යැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමයේ සභාපති, අජිත් ගුණසේන මහතා ‘දිවයින’ට ඊයේ (31 දා) පැවසීය. ඒ අනුව පවතින මිලට වඩා කුකුළු මස් කිලෝවක් රුපියල් දෙසීයකින් සහ බිත්තරයක... |
"පොහොට්ටුව මොන අභියෝගයක්ද නව රජයක් පිහිටුවන්න සන්ධානයක් හදමු – සැමට ආරාධනා කරන බව මෛත්‍රී කියයි" | "නව රජයක් වෙනුවෙන් නව සන්ධානයක් පිහිටුවීමට සියලු පක්‍ෂ වෙත විවෘතව ආරාධනා කරන බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (31දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. තම පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට සමීපව කටයුතු කරන සහෝදර වාම... |
""මහා පරිමාණ ව්‍යාපෘතිවලින් 82%ක තොරතුරු දීලා නෑ, ආණ්ඩුව පනතේ නියමයන්ට පිටුපාලා – වෙරිටේ රිසර්ච් කළ පරියේෂණයකින් හෙළිවේ"" | "විමසා සිටින්නට කලින් තොරතුරු ප්‍රසිද්ධ කර තිබිය යුතු බවට නියම කර තිබුණත් මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු වලින් වැඩි කොටසක් ප්‍රසිද්ධ කර නොමැති බව වෙරිටේ රිසර්ච් කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත. එම ආයතනය මෙසේද කියයි මාර්ගගතව තොරතුරු ප්‍රසිද්ධ කිරීම පිළිබඳව කළ එම පර්යේෂණයට අනුව 2022 වසරේ ක්‍රියාත්මක ව... |
"සයිබර් ළමා හිංසන පැමිණිලි 110ක්" | "සමාජ මාධ්‍ය භාවිතයේදී සහ සයිබර් අවකාශයේ සැරිසැරීමේදී ළමුන්ට සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් පැමිණිලි 110 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික ළමා රක්‍ෂණ අධිකාරිය සඳහන් කරයි. එහිදී ගැහැනු ළමුන්ට වූ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිල් 76 ක් සහ පිරිමි ළමුන්ට වූ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 31 ක් ලැබී ඇතැයි එම අධිකාරියේ සභාපති ජ්‍ය... |
"සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුව ඇති දූෂිත ගනුදෙනු සොයන්න ඇමැතිගෙන් කමිටුවක්" | "සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුව ඇතැයි පැවසෙන දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් දිගින් දිගටම චෝදනා එල්ලවීමෙන් පසු ඒ සම්බන්ධව සොයා බලා ප්‍රසම්පාදන කමිටුවල දෘශ්‍යභාවයන් වළක්ව... |
"සිනමාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරන්නැයි යෝජනාවක්" | "අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන සිනමාව විෂයක් ලෙස විෂය නිර්දේශයට ඇතුළත් කරන්නැයි ඊයේ 31 දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ‘ලාංකේය සිනමාවේ ඉදිරි දැක්ම” නම්වූ විද්වත් කථිකාවේදී යෝජනාවක් ඉදිරිපත් කෙරිණි. අර්නස්ට් පෝරුතොට පියතුමාගේ 92 වැනි ජන්ම දිනයට සමගාමීව පැවැති මෙම විද්වත් කථිකාවට සිනමාවට සම්බ... |
"හොර ස්ටිකර් ගහන මත්පැන් නිෂ්පාදනාගාරවල බලපත්‍ර අහෝසියි! – සුරාබදු කොමසාරිස් ජනරාල්" | "මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් අලවා වැරදිකරුවන් වන පුද්ගලයන් සහ සමාගම්වලට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා ප්‍රකාශ කර ඇත. ව්‍යාජ ස්ටිකර් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා ද තමන්ට උපදෙස් දී තිබෙන බවත් ව්‍යාජ ස්ටිකර් භාවිත කර මත්පැන් නිෂ්පාදනය කර තිබ... |
"බිත්තරයකින් රු.20ක ලාභයක්" | "බිත්තර නිෂ්පාදකයන් මේ වන විටත් බිත්තරයකින් රුපියල් 20ක ලාභයක් ලබාගෙන සිටිනවා යැයි බිත්තර වෙළෙන්දන්ගේ සංගමයේ සභාපති අනුර මාරසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවසීය. බිත්තරයක් නිපදවීමට මේ වනවිට වැය වන්නේ රුපියල් 20ක පමණ මුදලක් බවත් රුපියල් 10ක ලාභයක් තබාගෙනත් රුපියල් 30කට බිත්තරයක් ගොවිපළෙන් ලබාදිය හැකි බවත් ඒ මහතා කීය. ඒ... |
"ඩොලරය පහළට" | "ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (31දා) නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 326.93ක් දක්වා රු. 2.61කින් අඩු වී තිබේ. ඉකුත් අගෝස්තු 29 දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 329.54ක් විය. එසේම ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල ද ඉකුත් අගෝස්තු 29 දා වාර්තා වූ රු. 317.83 සිට ඊයේ (31දා) දිනයේදී රු. 315... |
"උද්ධමනය 4%ට බසී" | "කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ අගෝස්තු මස උද්ධමනය සියයට 4.0ක් දක්වා තවදුරටත් අඩුවී ඇත. ඉකුත් ජුලි මස උද්ධමනය සියයට 6.3 ක් විය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ආහාර කාණ්ඩයේ උද්ධමනය ජුලි මස වාර්තාවූ ඍණ 1.4 සිට සියයට ඍණ 4.8 දක්වා පහත වැටී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුලි මස වාර්තා වූ සියට 10.5 සිට අග... |
"උසාවි නියෝග කඩ කරන් ඉන්දියා පැන්න මගියා යානයේම රඳවාගෙන ආපසු හරවා එවයි" | "ශ්‍රී ලංකාවේ අධිකරණ දෙකක් මගින් ගුවන් ගමන් තහනම් පනවා තිබූ පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කවුළුවලට හොරෙන් ඉන්දියාවට පලා යමින් සිටියදී, ඔහු ගමන් කළ ගුවන් යානය තුළ රඳවා ගෙන ඊයේ (30 දා) උදෑසන ආපසු ගෙන්වා ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත් වී තිබේ. මොහු 45 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයෙකි. ඔහුට ... |
"කෝටි 29ක මැණික් පන්නද්දී අල්ලයි" | "රුපියල් විසිනව කෝටි දශලක්ෂයක් (මිලියන 291) වටිනා මැණික් ගල් තොගයක් නීත්‍යානුකූල නොවන ආකාරයට සිය සිරුරේ සඟවා ගෙන ඉන්දියාවට රැගෙන යෑමට උත්සාහ කළ දෙමළ ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී ඊයේ (30 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී. මෑත ඉතිහාසයේ කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් විශාලතම මැණික් තොගය මෙය බව රේගු ආර... |
"අවසන් රන්දෝලි පෙරහැර ජන ගඟක් මැද නිමවෙයි" | "ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අති උත්කර්ශවත් අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (30 දා) රාත්‍රී 7. 03ට උතුරු දිශාභිමුඛව දළදා මාලිගාවෙන් පිටත් ව දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ වීදිය ඔස්සේ වීදි සංචාරය කළේය. හෙළ කලා සංස්කෘති අංග රැසක් සහිත නර්තන කණ්ඩායම් පිරිවරා විචිත්‍රවත් වූ... |
"වැස්සත් ජලාශ 73 ‘ලොස්’" | "දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වර්ෂාපතනයකන් වාර්තා වුවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ හැත්තෑතුනේ ජල ධාරිතාවයේ වැඩිවීමක් සිදුව නැතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය පැවසුවාය. සමස්ත වාරි ජලාශවල ජල ධාරිතාව සියයට 27 දක්වා අඩු වී ඇතැයි ද ඇය කීවාය. වර්ෂාපතනයන් වාර්තා වු... |
"රු.850ට දෙන්න: නැත්නම් කුකුළත් ඉන්දියාවෙන්" | "කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 850 කට පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු නොකළහොත් කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කර සහන මිලට බෙදාහැරීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. මෙහිදී අදහස් දැක්වූ නලින් ප්‍රනාන්දු මහතා මෙසේ ද කීවේය. පසුගිය කාලයේ කුකුළු මස් කිලෝවක් මේ වෙළෙඳුන් රුපියල් 130... |
"මත් ජාවාරම්කරුවන්ගේ රියට දෙමටගොඩදී පොලිස් වෙඩි" | "කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් දෙමටගොඩ ඕවල් ක්‍රීඩාංගණය අසලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් රැගත් ජීප් රථයකට ඊයේ දහවල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. වෙඩි ප්‍රහාර හමුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පලාගොස් ඇති අතර ඔවුන් ගමන්ගත් ජීප් රථය පෑලියගොඩ ප්‍රදේශයේ වාහන අංගනයක අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන... |
"අස්වැසුම අච්චාරුවක් – රට බංකොළොත් කළ අය එය හදනවා කීම විහිළුවක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "වත්මන් ආණ්ඩුවට හරියට වැඩක් කරන්න තේරෙන්නේ නැති බවත් අස්වැසුම වැඩසටහනටත් හරි වැඩපිළිවෙළක් නොමැති වුවත් ඔවුන් මේ වන විට ඊළඟ මැතිවරණය වෙනුවෙන් වැඩ කිරීම ආරම්භ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. හෙතෙම මේ බව කියා සිටියෙ ඊයේ (30 දා) විපක්ෂ නායක කාර්යාලයේ දී අස්වැසුම වැඩසටහන නිසා අපහසුතාවට පත් ග්‍රාම නිලධාර... |
"කෙහෙළියට හයිය දෙන්න ආණ්ඩුව ඔක්කොම කැඳවයි – පාර්ලිමේන්තු අනිවාර්යයි" | "ආණ්ඩු පක්ෂයේ සියලු ම මැති ඇමැතිවරුන් ලබන මස 05, 06, 07 සහ 08 දිනයන්හිදී අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන කාර්යාලය දන්වා ඇත. ලබන 06, 07, 08 යන දින තුනෙහිදී සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇති බැවින් ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවර... |
"කුරුණෑගල – හබරණ දුම්රිය ව්‍යාපෘතියට වැය කළ මිලියන 568ක් වතුරේ" | "රජය විසින් කුරුණෑගල හබරණ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක නොකිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම හේතුවෙන් මෙකී ව්‍යාපෘතිය සඳහා මේ දක්වා වියදම් කළ රුපියල් මිලියන 568 ක මුදල නිශ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. මෙකී ව්‍යාපෘතිය සඳහා 2016 ව... |
"ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමයේගමන් මග අනුගමනය කිරීම බලාපොරොත්තුවයි ශ්‍රී ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බවත් තරඟකාරිත්වයට මුහුණ දෙමින් නව වෙළෙඳපොළ, විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රට... |
"ජනපති මල්වතු – අස්ගිරි මහ නාහිමිවරු බැහැදකිති" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (29 දා) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනපතිවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය. ඉන් අනතුරුව අස්ගිරි... |
"හොර ස්ටිකර් ඇලවූ සමාගම් දෙකේ වැඩ කළ සුරාබදු නිලධාරීන් 9කට මාරුවීම්" | "ව්‍යාජ ස්ටිකර් යොදා මත්පැන් බෙදාහැරීම් සිදුකළ බවට චෝදනා එල්ල වූ ප්‍රධාන සමාගම් දෙකක රාජකාරී කළ සුරාබදු නිලධාරීන් 09 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව පෙරේදා (29 දා) කටයුතු කර ඇත. බදු නිසි වේලාවට ගෙවීම පැහැරහැර ඇති ප්‍රධාන සමාගමක් සහ හිටපු ඇමැතිවරයකුට අයත් බව කියන සමාගමක රාජකාරී කරමින් සිටි නිලධාරීන්... |
"අරක්කු හොර ස්ටිකර් අල්ලන උපකරණය පිස්සු නටනවා" | "මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකර්වල ව්‍යාජභාවය හඳුනා ගැනීමට මෙරට පහසුකම් නොමැති බවත් ඒවා හඳුනා ගැනීමට ඉන්දියාවට යැවිය යුතු බවත් සුරාබදු වෘත්තීය සමිති එකමුතුවේ සම ලේකම් නිරෝෂන් ජයකොඩි මහතා ‘දිවයින’ට ඊයේ (30 දා) පැවැසීය. ව්‍යාජ ස්ටිකර් හඳුනා ගැනීම සඳහා සුරාබදු නිලධාරීන්ට උපකරණ ලබාදී ඇතත් නියමිත ස්ටිකරය ස්කෑන් කර හෝ පිටපත... |
"නියඟයෙන් 306934 ක් පීඩාවට" | "දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් අසූනවදහස් අසූපහක පුද්ගලයන් තුන්ලක්‍ෂ හයදහස් නවසිය තිස් හතර දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. රත්නපුර, කෑගල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පුත්තලම, කුරුණෑගල, යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව්, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, ගම්පහ, මාතල... |
"ඩොලර් මිලියන ගණන් මැණික් ජලාශවලින් ගොඩ ගන්න හැටි සොයයි" | "ඩොලර් මිලියන ගණනක මැණික් සම්පතක් ඇතැයි ඇස්තමේන්තු කර ඇති සමනල වැව ජලාශය, හැටන් නෝර්ටන්බි්‍රජ් ජලාශය සහ ඉහළ කොත්මලේ ජලාශයේ මැණික් ඉල්ලම් ගොඩ දැමීමේ හැකියාව ගැන සතියක් ඇතුළත කඩිනමින් වාර්තා ලබා දෙන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රාජ්‍ය ආයතන කීපයකට දැනුම් දී තිබේ. එහි සභාපති පාර්ලිමේන... |
"වැඩිම වැස්ස ගැටියමුල්ලට හෙට – අනිද්දා – ඉන්අනිද්දා වැසි වැඩිවෙයි" | "ගතවූ පැය 24 ක කාලයේදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය සබරගමුව පළාතේ කෑගල්ල, ගැටියමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දුලාරි ප්‍රනාන්දු මහත්මිය “දිවයින” ට ඊයේ (30 වැනිදා) පැවැසුවාය. එම ප්‍රමාණය මිලිමීටර් 101.3 ක් බවද ඇය සඳහන් කළාය. අද (31දා) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්... |
"ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර බැඳුණු මිතුදම – ජාතික දිනය අදයි" | "මැලේසියාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටතට පැමිණ නගරය වෙත ගමන් කරන විට අහස සිඹින ගොඩනැඟිලි කන්දරාව අතරින් මතුවන එක් සුවිශේෂී ගොඩනැඟිල්ලක් වෙයි. ඒ නවීන මැලේසියාවේ සංකේතය වන පෙට්‍රොනාස් කුට්ටම් කුළුණයි. මීට වසර එකසිය විසිපහකට පමණ පෙරදී, බ්‍රිතාන්‍ය පාලන සමයේදී, බෙලෙක් පතල්වලින් පිරුණු, කැලෑ නීතිය රජ කළ, ගංවතුරෙන් හා ගින... |
"පාංශු විද්‍යාඥ ආචාර්ය පානබොක්කේ දිවි සැරියට සමුදෙයි" | "ලංකාවේ කීර්තිමත් පාංශු විද්‍යාඥයකු මෙන්ම විශිෂ්ටතම කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයකු වූ ආචාර්ය ක්‍රිස්ටෝපර් රාජින්ද්‍ර පානබොක්කේ මහතා පෙරේදා (29 දා) අභාවප්‍රාප්ත විය. 1950 මහඉලුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරියකු ලෙස පත්ව වසර 60 ක කාලයක් මේ රටේ කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා විශාල මෙහෙවරක් කළ පානබොක්... |
"තිරිඟු ආනයන බලපත්‍ර අහෝසියි" | "තිරිඟු ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසි කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙම බලපත්‍ර ක්‍රමය අහෝසි කර ඇත්තේ පෙරේදා (29 දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදිය. තිරිඟු පිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදල ද කිලෝවකට රු.16 සිට රු.27 දක්වා වැඩි කිරීමට සහ තිරිඟු ඇට කිලෝවක් සඳහා රු.6 ක බද්දක් පැනවීමට කටයුත... |
"කෝටිපතිනියකගේ නිවෙසකින් වැලිකඩ පොලීසියට ගෙන ආ මෙහෙකාරියගේ මරණයට වැඩ බැලූ OIC රිමාන්ඩ්" | "රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මියගිය 42 හැවිරිදි එස්. රාජේෂ්කුමාරි නමැති ගෘහ සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සිද්ධිය වූ දින වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස වැඩ බැලීමට කටයුතු කර තිබූ උප පොලිස් පරීක්‍ෂකවරයා ලබන 11 වැනිදා දක්වා රක්‍ෂිත බන... |
"මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අද" | "මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අති අලංකාරවත් ලෙස අද (30දා) රාත්‍රී වීථි සංචාරය කිරීමට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ඇතුළු සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් සැලසුම් කර තිබේ. අද රාත්‍රි පෙරහැරේ දර්ශනීය ඇඳුමෙන් සරසන ලද අලි ඇතුන් 100ක් පමණ ගමන් කරවීමටත් නර්තන ශිල්පීන් වැඩිම පිරිසක් විවිධ ... |
"ඉදිරි වසරට ගෑස් කොන්ත්‍රාත්තුවේ 50%ක් වත්මන් සැපයුම්කරුට ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය" | "ඉදිරි වසර සඳහා එල් පී ගෑස් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් සියයට 50 ක් වර්තමාන සැපයුම්කරු වෙතින් සපයා ගැනීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත එල් පී ගෑස් මෙටි්‍රක් ටොන් 2,80,000 ක් සපයා ගැනීම සඳහා වන කාලීන කොන්ත්‍රාත්තුව දෙසැම්බර් මස 31 වැනිදා අ... |
"රෝගීන්ට මරු කැඳවන ඖෂධ WHO රසායනාගාරවලට යවන්න – පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීහු කියති" | "ඖෂධ අසාත්මිකතා හේතුවෙන් රෝගීන් මිය යන්නේ නම් ඒවා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාර වෙත යොමු නොකරන්නේ ඇයි දැයි, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීහු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසති. අසාත්මිකතා ඇති කළ ඖෂධ සඳහා වගකිව යුතු සමාගම් එම ඖෂධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කිරීමට කැමැත්ත පළකරද්දීත් සෞඛ්‍ය අමාත්‍යංශය ඒ ... |
"දේශපාලන නාටක නතර කර ජනතාවගේ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට හැකි තත්ත්වයක් ඇති කරන්න – කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලයි" | "දේශපාලන නාටක පසෙක ලා ජනතාව මුහුණ දී සිටින දුක්ඛිත තත්ත්වය අවබෝධ කරගෙන අවම වශයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට සුදුසු වාතාවරණයක් රට තුළ ඇති කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පෙරේදා (28දා) බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ ප්‍රකාශනයක් ලෙස නිවේදනයක් නිකුත් කරමින් එම සම්මේලනය වැ... |
"අස්වැසුම ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් බැංකුවලට කෝටි 500ක්" | "අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා රු. කෝටි 500 ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් බැංකු වෙත යොමු කළ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. එම මුදල ලබාදුන්නේ අභියාචනා හෝ විරෝධතා නොමැති දැනට තෝරාගෙන ඇති ලක්ෂ 8 ක් පමණ වන අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ගෙවීම සඳහා බව ද රාජ්‍ය ඇමැතිවරයා කීවේය. මේ සමඟ සම්බන්ධවී සිටින ... |
"මෛත්‍රී ඇතුළු පිරිසකට වන්දි ගෙවීමට නියම කළ පාස්කු නඩුව ලබන 15 යළි ශ්‍රේෂ්ඨාධිකරණයට" | "පාස්කු ප්‍රහාර මාලාව එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා ගැනීමට අපොහොසත් වීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් විසින් පාස්කු වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තම අධිකරණය නිගමනය කළ මූලික අයිතිව... |
"ජවිපෙ ජනපති අපේක්ෂක අනුර – ලාල් කාන්ත" | "ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණයක් ගෙන ඇතැයි එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා ‘දිවයින’ ට පැවසීය. පක්ෂය ගෙන තිබෙන මෙම තීරණය ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාවට ඉදිරිපත් කර ඒ පිළිබඳව තීරණයක් ගන්නා බව ද ඒ මහතා කීය. ජනාධිපතිවරණයට තව කල් තිබෙන ... |
"අනුර නඩු දානකම් මං බලන් ඉන්නවා – සාගර කාරියවසම්" | "ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා තමාට එන්තරවාසියක් එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. රුපියල් මිලියන දහයක වන්දියක් ඉල්ලා ඇති එම එන්තරවාසියට අනුව අනුර කුමාර දිසානායක මහතා අධි... |
"සජබ අය ආණ්ඩුවට එක්වන බවට බොරු මවනවා – විපක්‍ෂ නායක" | "මෙරට සිටින ඇතැම් පක්ෂ මෙන් සමගි ජන බලවේගය ආයෝජනය සිදු කළේ දූපත්වල, ව්‍යාපාරවල හෝ වෙනත් ලාභදායී ව්‍යාපාරවල නොවන බවත් සමගි ජන බලවේගය ආයෝජනය කළේ හුස්ම, සක්වල වැනි වැඩසටහන් හරහා අපේ රටේ දරු පරපුර වෙනුවෙන් හා හොඳ සෞඛ්‍ය පද්ධතියක් ලබා දීම වෙනුවෙන් බවත් මෙම හුස්ම සක්වල වැඩසටහන් දියත් කරන්නේ ආණ්ඩුවට සහාය වීමට නොව රටේ දරු පරපු... |
"වගා හානි වන්දි දීමට හැකි භෝග වර්ග 6කටයි – ඇමැති අමරවීර කියයි" | "වගා හානි ලෙස වන්දි ලබාදිය හැක්කේ තෝරාගත් භෝග වර්ග හයක් සඳහා පමණක් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව වී, මිරිස්, බඩඉරිඟු, සෝයා බෝංචි, අර්තාපල් සහ බී ලූනු වගාවන් නියං තත්ත්වය නිසා හානියට ලක්වී ඇත්නම් ඒ සඳහා වන්දි ලබාදීමට කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා පියවර ගන්නා බව ද ඇමැතිවරයා කීවේය. දැනට වන්දි ලෙස ගෙවන්නේ අක්... |
"එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දිය ගන්න රජය එකඟතාව පළ කරයි" | "එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු වන්දිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සිය එකඟතාව පළකර තිබේ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම්දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ නීතිඥ සමාගමට ලිඛිතව යොමු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය ඉදිරිපත් කර අතුරු වන්දි වාර්තාවලට අනුව මෙම අතුරු වන්දිය ලබා ගැනීමට නියමිත... |
"රට යන අයට අනිවාර්ය කහ උණ එන්නත රටේම නෑ – වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානය" | "විදේශ ගත වන ශ්‍රී ලාංකිකයින් අනිවාර්යයෙන් ලබා ගත යුතු කහ උණ එන්නත (yellow fever) මේ වන විට රට තුළ නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව මෙරට පුද්ගලයින් විදෙස් ගතවීමේදී එම එන්නත ලබා ගත යුතුව ඇතත් රට තුළ එම එන්නත නොමැතිවීමෙන් කහ උණ වස... |
"මේ වසරේ රට පුරාම ඩෙංගු මරණ 38ක්" | "මෙම වසරේ මේ දක්වා දිවයිනේම ඩෙංගු රෝගීන් හැටඑක්දහස් පන්සිය හැත්තෑවක් (61,570) වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එසේම, එම කාලය තුළ ඩෙංගු මරණ 38 ක් වාර්තා වී ඇතැයි ද එම ඒකකය සඳහන් කරයි. ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් එම සංඛ්‍යාව තිස් දහස් අනූහතක් (30,097) බවත් එම ඒකකය කිය... |
"බොරලුකන්ද පුදබිමට තහංචි එපා – මහසඟරුවණේ විරෝධය මැද – අත්හිටුවීමේ නියෝගය හකුලා ගනී" | "ත්‍රිකුණාමල නිලාවැලි පාරේ පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ ඉදිකිරීම් අත්හිටුවන ලෙස ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දෙන ලද නියෝගය හකුළා ගන්නා ලෙස ඉල්ලමින් ඊයේ (28දා) මහා සංඝරත්නය වීථි බැස සිදුකළ විරෝධතාව හමුවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. භික්‍ෂූන් වහන්සේලා මහා මාර්ගයේ වාඩිවී විරෝධතා දක්වමින් ප... |
"ආන්දෝලනයට ලක්වූ ඖෂධයේ මාත්‍රා මිලියන 26ක් වසර 6ක් පුරා රෝහල්වලට බෙදලා – නිෂ්පාදන සමාගමෙන් නිවේදනයක්" | "ආන්දෝලනයට ලක්ව ඇති Co-Amoxciclav ඖෂධයේ මාත්‍රා මිලියන 26 ක් වසර හයක් තිස්සේ රාජ්‍ය හා පෞද්ගලික රෝහල්වලට නිකුත් කර තිබෙන බව ඖෂධ සැපයුම් සිදුකරන දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඖෂධ නියාමන අධිකාරිය සිදුකරන ඕනෑම තත්ත්ව පරීක්‍ෂණයකට තම සමාගම උපරිම සහාය ලබාදෙන බවත් මෙය සියයට සියයක්ම දේශීය ආයෝජනයක්... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.