Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"අධිකරණ අපහාස පනතේ වගන්ති 09ක් ව්‍යවස්ථාවට පටහැනියි – කතානායක මහින්ද යාපා අබේවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙයි"
"“අධිකරණයක්, විනිශ්චය සභාවක් හෝ ආයතනයක් අවමානයට ලක් කිරීම” නමැති පනත් කෙටුම්පතෙහි වගන්ති 09ක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන අතර ඉන් එක් වගන්තියක් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ව...
"චන්ද්‍රයාන් – 3 අද සඳ මතට"
"චන්ද්‍රයාන් – 3 හි ලෑන්ඩරය සහ රෝවරය අද සාර්ථකව චන්ද්‍ර පෘෂ්ඨයට ගොඩ බැස්සොත් අමෙරිකාව රුසියාව සහ චීනයට පසුව සඳ මත මෘදු ගොඩබෑමක් සාර්ථක කර ගන්නා සිව්වන රට බවට ඉන්දියාව පත්වීමට නියමිතය. සියල්ල සැලැස්මට අනුව සිදුවුවහොත්, රෝද හයේ රෝවරය ලෑන්ඩරයෙන් පිටවී චන්ද්‍රයා මතුපිට ඇති පාෂාණ සහ ආවාට වටා සැරිසරමින්, විශ්ලේෂණය කිරීමට පෘථ...
"තරුද නිදන මහ රෑ… ඔබයි රම්‍ය සඳකිරණ…."
"මෙරට තිරගත වූ පළමු වර්ණ සිනමා සිත්තම වූ 1962 අගෝස්තු 10 වැනිදා මුල්වරට තිරගතවූ රන්මුතුදූව චිත්‍රපටයේ ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ ගීතය ගයමින් නාරද දිසාසේකරයන් සමග පසුබිම් ගායනයට එක්වූ නන්දා මාලිනියට හෙළ ගී මං පෙත තව තවත් සුපෝෂිත කරන්නට ‘දිවයින’ ආසිරි පතමු."
"වන්දි දෙන්න මුදල් නොමැති නම් සීනි වංචාවෙන් අහිමි වූ මුදල් ලබාගෙන වියළි කාලගුණයෙන් වගා හානි වූ ගොවීන්ට ලබා දෙන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"
"වගා හානි වූවන්ට වගා රක්ෂණ වැඩසටහන යටතේ ලබාදෙන ප්‍රමාණයට වඩා ඔබ්බට ගිය වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා මුදල් නොමැති නම් 2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 20 දක්වා සීනි ආනයනය සඳහා වන විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කළ බවත් ඒ කාලයේ සීන් මෙට්‍රික් ටොන් 400,000ක් ආනයනය කළ බවත් ඒ තුළින් රටට සිදුවූ...
"රත්මලානේ ව්‍යාපාරිකයා ඝාතනය ගොනාකෝවිල පාතාලයේ වැඩක් – පොලිස් විමර්ශනවලින් හෙළිවෙයි"
"සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනෙකු විසින් රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට කුකුළු මස් වෙළෙඳසලකට පෙරේදා (21 වැනිදා) රාත්‍රි කඩා වැදී එහි හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ගොනාකෝවිල ප්‍රදේශය කේන්ද්‍ර කරගත් පාතාල කල්ලියක් විසින් සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ 40 හැවිරිදි රත්...
"‘225 න් කවුරුවත් තීරු බදු රහිත වාහන බලපත් ඉල්ලා නෑ’ – දිවයින පුවත වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන්න කියති"
"වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් කිසිවකු මේ වන තෙක් තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉල්ලා නැතැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය. ඇමැතිවරයා මේ බව කියා සිටියේ ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ පසුගිය 20දා ‘225 ම බදු නැති වාහන ඉල්ලති’ මැයෙන් පළවී තිබූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අද...
"ලෙස්ටර්ගේ සම්මානය සොරාගත් සැකකරු මහනුවර පොකැට් ගසන්නට යද්දී අල්ලයි"
"ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට නවදිල්ලි සිනමා උළෙලේදී පිරිනැමුණු රණමයුර සම්මානය (Golden Peacock Award) සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මහනුවර පෙරහැර සීමාවට ඇතුළු වී මුදල් පසුම්බියක් සොරාගැනීමට උත්සහ කිරීමේදී පොලිසිය විසින් 21 දා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පෙරළිය චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීම වෙනුවෙන් ලෙස්...
"දවසකට අලුත් පිළිකා රෝගීන් දහසක් දෛනිකව අපේක්‍ෂා රෝහලට එනවා"
"ආහාර රටාව ඇතුළු විවිධ හේතු නිසා රටේ දෛනික පිළිකා රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය. දෛනිකව රෝගීන් 1000 ක් පමණ වාර්තා වන බවත්, සායන සඳහා ද ගත් කල 2000ක පමණ පිරිසක් ප්‍රතිකාර සඳහා දෛනිකව රෝහලට පැමිණෙන බවත් ඒ මහතා පැවසීය. දිවයිනේ අනෙකුත් රෝහල් රැසක ද ...
"ජනපති රනිල් සිංගප්පූරු ජනාධිපතිනිය හමු වෙයි"
"සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21දා) පෙරවරුවේ සිංගප්පූරු ජනාධිපති හලීමා යාකොබ් මහත්මිය හමු විය. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපතිවරිය සමග සාකච්ඡාවක නිරත වී තිබේ. ජනාධිපතිවරයා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග්, ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන් සහ පරි...
"IMF එකෙන් ණය ගැනීම මුහුදට පැනීමට සමානයි – හිටපු මහ බැංකු අධිපති කබ්රාල් කියයි"
"‘මුහුදට පැන්නොත් තෙමෙනවා. නොතෙමි මුදුදේ ඉන්නත් බෑ.. ගොඩ එන්නත් බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීමත් මුහුදට පැනීමකට සමානයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීමේදී එය පනවන හැම කොන්දේසියකටම එකඟවන්න රජයට සිදුවෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන විදිහට නටන්න සූදානම් නෑ. අපි දේශීය ණය කපන්නේ නෑ කියලා කයිවාර...
"මේ වසරේ මාස 6ට 146437 ක් රට රැකියාවලට ගිහින්"
"මේ වසරේ (2023) ජනවාරි සිට ජුනි දක්වා මාස හයක කාලපරිච්ජේදය තුළ මෙරටින් විදේශ රැකියා සඳහා 146437 දෙනකු පිටව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එසේම 2023 වසරේ ජුනි මාසයේ දී පමණක් 24087 දෙනකු විදේශ රැකියා සඳහා මෙරටින් පිටව ගොස් ඇත. 2023 වසරේ පළමු භාගය තුළ වාර්තා වූ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු පිටවීම් ප්‍රමාණය 20...
"පරණ බද්දට ගෙනාපු ලූනු එකවර රු. 100කින් උස්සලා"
"රුපියල් 140 ක්ව පැවැති ලොකු ලූනු කිලෝවක මිල ඊයේ (21 දා) සිට රුපියල් 240 ක් දක්වා ඉහළ දමා ඇත්තේ කාගේ අනුමැතියෙන් දැයි ජාතික පාරිභෝගික පෙරමුණ ප්‍රශ්න කරයි. ලොකු ලූනු ආනයනයේදී කිලෝවකට රුපියල් 40 ක බද්දක් පැනවීමට ඉන්දියාව තීරණය කර ඇති අතර ආහාර සුරක්‍ෂිතතාව අනුව ගත් එම තීරණය මෙරටට බලපාන්නේ දෙසැම්බර් මාසයේදී බවත් අඩු බද්දක්...
"මොරගහකන්ද හිඳෙයි"
"මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම පහත බැසීමත් සමග විදුලිය සැපයීම සඳහා අවශ්‍ය ජල ධාරිතාව අවම ජල මට්ටම 164 දක්වා පහත බැස ඇති නිසා ඉකුත් 19 දා සිට විදුලි උත්පාදනය සඳහා සපයන ජලධාරිතාව අත්හිටුවා ඇති බව මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය කාර්ය භාර ඉංජිනේරු පී. එස්. බණ්ඩාර මහතා පවසයි. මොරගහකන්ද ජලාශයේ 19 වැනිදා පෙරව...
"කිලෝවට රු. 130 ක් නොදුන්නොත් වී විකුණන්න එපා"
"නිෂ්පාදන වියදමට සරිලන ලෙස වී කිලෝවක් සඳහා රුපියල් 130 ක් ලබා නොදෙන්නේ නම් වී අලෙවියෙන් වැළකී සිටින ලෙස සිය සංගමය ගොවීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ට ඊයේ (21 දා) පැවසීය. වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 99.75 ක් බව රජය පිළිගෙන ඇතත් ගොවියාගෙන් ඊට අඩු මුදලකට වී ම...
"කුරුන්දි විහාරයට කඩාවැදුණු බෙදුම්වාදීන්ට පොලිස් බලතලත් දුන්නොත් කොහොමට හිටීවිද?"
"13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට පෙර දෙමළ ජාතික සන්ධානයට හා එහි ජාතිවාදි බලවේග කුරුන්දි විහාර පුදබිමේ හැසිරෙන ආකාරය බැලු විට 13 බලාත්මක කළහොත් උතුර, නැඟෙනහිර පුරාවිද්‍යා ස්මාරකවලට සිදුවන හානිය සිතා ගන්නට වත් නොහැකි වනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි. වීරවංශ ...
"හදිසි විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම උපයෝගීතා කොමිසමෙන් අනුමත කළ යුතුයි"
"ලංකා විදුලිබල මණ්ඩලය එස් ඇඹිලිපිටිය බලාගාරයෙන් හදිසි විදුලිය මිලදී ගැනීමට පෙර අදාළ මිලදී ගැනීමේ ගිවිසුම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අනුමත කරගත යුතු යැයි මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටී. මේ බලාගාරය සමග ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් ගත වුණේ 2005 ව...
"වෘත්තීයවේදීන් රට හැරයෑම සෑම ක්‍ෂේත්‍රයකටම බලපෑමක් – – ජී. එල්. පීරිස්"
"වෘත්තීයවේදීන් රට හැරයෑම රටේ සෑම ක්‍ෂේත්‍රයකටම දරුණු ලෙස බලපාන බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (21 දා) පැවසීය. වර්තමාන ආණ්ඩුව ජනතාවට ඇහුම්කන් නොදෙන බව ද නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (21 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා කියා සිටියේය. රාජ්‍ය ආදායම වැඩි කිරීමේදී මහජනතාව ...
"සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කරනවා"
"මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බවත් වැදගත් තීන්දු තීරණ රැසක් ගනිමින් එහි ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එහිදී රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද උපරිම දායකත්වය ලබාගැනීම අපේක්ෂාව බව පැවසූ ජනාධිප...
"ආර්ථික ඡන්දෙන් ජනතාව ජයග්‍රහණය කළ යුතුයි – එජාප සභාපති වජිර අබේවර්ධන"
"මැතිවරණ ගැන කතා කිරීමට පෙර ආර්ථික ඡන්දයෙන් ජනතාව ජයග්‍රහණය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (21 දා) පැවසීය. මහජනතාවට මේ අවස්ථාවේ අවශ්‍ය ඡන්ද නොවන බවත් විදුලි බිල, ජල, ගෑස්, ඉන්ධන, අත්‍යවශ්‍ය භාණ්ඩ වැනි දේවල්වල මිල අඩුකිරීම බවද මන්ත්‍රීවරයා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ...
"GMOA එකෙන් බලධාරීන්ගේ ඇස් ඇරවන තීරණයක්"
"වෛද්‍යවරුන් රට තුළ රඳවා තබාගැනීමට සිය සංගමය රජයට ඉදිරිපත් කළ යෝජනාවලට විසඳුම් නොලැබුණොත් හෙට (23දා) පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී සාම්ප්‍රදායික නොවන වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිස බලධාරීන්ගේ ඇස් ඇරවීමට තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය. වෛද්‍යවරුන් හා වෛද්‍ය...
"කුරුන්දි නඩුවට අදාළව තීන්දු දුන් මුලතිව් මහෙස්ත්‍රාත් ගැන ජානිපෙ මන්ත්‍රී පරීක්‍ෂණයක් ඉල්ලයි"
"කුරුන්දි නඩුවට අදාළව මුලතිව් මහෙස්ත්‍රාත්වරයාගේ පක්ෂග්‍රාහී සහ අපරික්ෂාකාරී ක්‍රියාකලාපය හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බැවින් ඔහු සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන මෙන් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඊයේ (21 දා) අධිකරණ සේවා කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් කළේය. එතෙක් මුලතිව් මහෙස්ත්‍රාත් ටී. සරව...
"හදිසියක් නෑ: පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා නියම වෙලාවට කියනවා"
"සිය පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා අවශ්‍ය අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (21දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා දක්‍ෂ තරුණ නායකයකු වුවත් ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා ගෙන එන්නේ රටේ අවශ්‍යතාව අනුව බවද හෙතෙම සඳහන් කළේය. ‘පොඩි...
"අත්දැකීම් නැති ජල ඇමැතිගේ සියයට 300 වැඩි කිරීමට පක්ෂ භේදයෙන් තොරව විරුද්ධ වෙනවා"
"අත්දැකීම් නැති ඇමැතිවරයෙකු පත් කරගෙන ජලය බිල සියයට 300කින් වැඩි කිරීමට ගෙන ඇති තීරණයට පක්ෂ භේදයකින් තොරව මුළු මහනුවරම විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධය හමුවකදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. අද ජනතාවට ජ...
"කෝටි 13 කප්පම ගැන හරක්කටාගෙන් අද ප්‍රකාශයක් ගැනීමට අවසර"
"අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු රුපියල් කෝටි 13 ක කප්පමක් ඉල්ලූ බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක්කටා’ නමැත්තාගෙන් අද (22 දා) දිනය ඇතුළත ප්‍රකාශයක් ලබාගැනීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (21 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත...
"ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ නැවත විභාගයට ගන්න"
"ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයා වෙත යොමුකර ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොමැති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේදී නැවත විභාගයට ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොන...
"විදේශ රැකියා ජාවාරමට ගුවන්තොටුපොළේ සියලුම අංශ උදව් කරනවාකටුනායක"
"විදේශ රැකියා ජාවාරමට ගුවන්තොටුපොළේ සියලුම අංශ වලින් සහාය ලැබෙන බවත් මිනිස් වෙළඳාම වැළැක්වීම වෙනුවෙන් රජය ගෙනයන වැඩසටහනට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහයෝගය නොලැබෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධ...
"වියැළුණු යාලට දිය බිඳක් ජනපතිත් එක් වෙයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (19දා) උදේ යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත විය. සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු මහතා සහ මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් ද එක්වූ එම ගමනේදී නියඟය හේතුවෙන් වනෝද්‍යානය තුළ ඇති සිඳී ගිය ජල වළවල් සඳහා ජලය බෙදාහැරීමේ වැඩසටහනකටද ඔවුහු එක්වූහ."
""තල්ගස්වැවට ගිනි තබති – උරග වර්ගත් මරු දකී – මධ්‍යම කඳුකරයේ හා වියළි කලාපයේ අක්කර 15,000කට ගිනි හානි""
"මධ්‍යම කඳුකරයේ සහ වියළි කලාපයේ අක්කර පහළොස් දහස ඉක්මවා ගිනිගෙන විනාශ වී තිබෙන බව පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහතා ඊයේ (20දා) පැවැසීය. දිස්ත්‍රික්ක 13ට අයත් කඳුකර ප්‍රදේශ ඇතැමුන් විසින් ගිනි තබා විනාශ කර තිබෙන බව ඔහු පැවැසීය. පතන්, ලඳු කැලෑ සහ අවශේෂ ප්‍රේරණ කැලෑ වැඩි වශයෙන් ගිනි ගෙන තිබෙන බවත් ජාතික වනෝද්‍යාන දැඩි ස්වාභාව...
"විපතින් රට මුදා ගැනීමට විපක්‍ෂයේ පූර්ණ සහාය රජයට ලබා දෙනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"නියඟය නිසා පානීය ජලය මෙන්ම ගොවිතැන් පාළු වෙමින් පොදු ජනතාවගේත් ගොවි ජනතාවගේත් ජීවනෝපාය අහිමිවී ගුරුවරු, විශේෂඥ වෛද්‍යවරු රට හැර යමින්, රෝහල් ශල්‍යකර්ම පවා කල්දමා පත්ව තිබෙන මේ විපත්තිදායක තත්ත්වයෙන් රට මුදා ගැනීමට තනතුරු නැතිව විපක්‍ෂයක් ලෙස රජයට පූර්ණ සහය ලබාදෙන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් ක...
"ප්‍රමාද වෙමින් ඉදිරියට ඇදෙන මෙරට ක්‍රියාත්මක IMF වැඩසටහනේ ප්‍රගතිය සියයට තිස් පහයි"
"මෙරට දැනට ක්‍රියාත්මක IMF වැඩසටහනේ ප්‍රගතිය මැනීමට ‘වෙරිටේ රිසර්ච්’ හඳුන්වාදී ඇති නිර්ණාකයන් අනුව ඉකුත් ජූලි මස වනවිට එම වැඩසටහනේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 කින් 35% ක් ඉටුකර අවසන් කර ඇති බව ‘වෙරිටේ රිසර්ච්’ අලුත්ම වාර්තාවේ දැක්වේ. සිස්ටම් 15 ක එම කැපවීම්වල ප්‍රගතිය ‘නොදනී’ ලෙස සඳහන් කර ඇති බවද එහි දැක්වේ. “නොදනී...
"චීන නැවක් නිසා ශ්‍රී ලංකාව යළිත් රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක"
"ෂින් යාන් – 6 නම් චීන පර්යේෂණ යාත්‍රාවේ ලංකා ගමන පිළිබඳව ඉන්දීය විරෝධය නිසා ඉන්දු – චීන ගැටුමට යළිත් වරක් ලංකා ආණ්ඩුවට මැදිවීමට සිදුව තිබේ. ලබන ඔක්තෝබර් මාසයේ මේ යාත්‍රාවට හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබාදෙන ලෙස මෙරට චීන තානාපති කාර්යාලය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. කෙසේ නමුත් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ මේ ඉල්ලී...
"පුංචි ආණ්ඩුවලට 25%ක තරුණ නියෝජනය: පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට"
"තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය තහවුරු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පැවසීය. මීට පෙර තරුණ අසහන කොමිෂන් සභාව මගින් පළාත් පාලන ආයතන නාම යෝජනා සඳහා 25% ක තරුණ නියෝජනයක් ලබාදී තිබුණද, පසුගිය සමයේ එම අවස්ථාව අහිමි වී ගිය බව සඳහන් කළ...
"මහනුවර ප්‍රථම කුඹල් පෙරහැර අද"
"මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද රාත්‍රි 7.10 ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතය. සමන්තී වීරසේකර"
"ජෙරම් සමාව ගතයුත්තේ ඕමල්පේ හිමියන්ගෙන් නොව බුදුන්වහන්සේගෙන් – ඇල්ලේ ගුණවංශ හිමි"
"ජෙරම් ප්‍රනාන්දු මහතා බුදුන්වහන්සේට කළ අපහාසයට සමාව ගැනීම සඳහා කළ යුත්තේ ඕමල්පේ සෝභිත හිමියන් හමුවීමට දෙමාපියන් යැවීමට නොව බුදුන්වහන්සේගෙන් සමාව ගැනීම යැයි ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ ප්‍රකාශ කළහ. මෙය හරියට ලංකාවට බැනලා ඉන්දියාවෙන් සමාව ගැනීමක් වැනි යැයිද උන්වහන්සේ කීහ. බුදුන් වහන්සේ ඇතුළු සියලු ආගමික නායකයන්ට ...
""බලයට, හිතවත්කමට, ඥාතිකමට පැමිණිලි විභාග නොකරන්න – කොමිසම පොලිසිවලට දන්වයි""
"බලයට හිතවත්කමට පක්‍ෂපාතීත්වය අනුව පැමිණිලි විභාග නොකරන ලෙස පොලිස් කොමිසම සියලුම පොලිස් ස්ථානවලට දැනුම්දීමක් කරයි. මේ පිළිබඳව උපදෙස් මාලාවක් අඩංගු ගැසට් පත්‍රයක් ලබන සතියේ නිකුත් කරන බව පොලිස් කොමිසමේ ප්‍රකාශකයකු ‘දිවයින’ ට පැවැසීය. ඇතැම් පොලිස් ප්‍රධානීන් මහජන පැමිණිලි විභාග කිරීමේදී චෝදනාවට ලක්කෙරෙන පාර්ශ්ව හිතවත්කමට...
""ගණේමුල්ලේ සංජීව, ගොත අසංක ඇතුළු 4 ක් පිටරටදී අත්අඩංගුවට""
"මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව්දෙනෙක් ඉන්දියාව, නේපාලය සහ ඩුබායිහිදී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයකු වන ගනේමුල්ලේ සංජීව සහ ගොත අසංක යන අය ඉන්දියාවේ සිට නේපාලයට පලායද්දී නේපාල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මොහොමඩ් සිද්ධික් නමැති මත්ද්‍රව්‍...
"සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වූ චීම්ස් මියයයි"
"සමාජ මාධ්‍ය තුළ මීම් රුවක් ලෙස වඩාත් ප්‍රකටව සිටි චීම්ස් නම් සුනඛ සුරතලා මියගොස් තිබේ. බැල්ස්ට්ස් ලෙසින් ද ප්‍රකට අවුරුදු 12ක් වයසැති චිම්ස් මියගොස් තිබුණේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙනි. ෂීබා ඉනූ සුනඛ වර්ගයට අයත් චීම්ස්ගේ මීම් රුවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළමුව ජනප්‍රිය වී ඇත්තේ 2013 වසරේ දීය. පසුගිය සිකුරාදා සැත්කමක් අතර...
"ඔක්තෝබර් මැද වන තෙක් වැසි නැහැ"
"පවතින වියළි කාලගුණ තත්ත්වයට අනුව ඔක්තෝබර් මැද පමණ වනතෙක් සැලකිය යුතු වර්ෂාපතනයක් රටේ බලාපොරොත්තු විය නොහැකි යයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘දිවයින’ ට ඊයේ (20 දා) පැවසීය. කාලගුණ විද්‍යාවට අනුව අදහස් ප්‍රකාශ කිරීම සාත්තර කියනවා වගේ කිව නොහැකි බවත් එය දත්ත විශ්ලේෂණය කර කිවයුතු බවත...
"හිරු සුපර් ඩාන්සර් කිරුළ මාතර සතීෂ්ට…."
"‘හිරු සුපර් ඩාන්සර් සීසන් 4’ අවසන් මහා රාත්‍රියේදී එහි කිරුළ හිමිකර ගත්තේ මාතර සතීෂ් කෙනුජයි. හිරු ලයිෆ් ස්ටුඩියෝ මැදිරි සංකීර්ණයේ උත්කර්ෂවත් ලෙස පැවැති එහිදී අනුශූරතාව ගාල්ල ගිංතොට නතාෂා සේනාලි සමඟ සේයා දිනා ගත්හ. තෙවැනි ස්ථානය කෑගල්ලේ අරෝෂ් දෙනුවන් සමඟ දේදුනිද අයි ඩී එච් හි නිලසි ගුණවර්ධන මහේෂ් පස්වන ස්ථානයත්, රත්නප...
"ජනපති 13 පෙන්වා ජනතාව නොමඟ යවනවා – සුනිල් හඳුන්නෙත්ති"
"ජනාධිපති 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙන්වා එය ක්‍රියාත්මක කරන බව අඟවමින් සිදුකරන්නේ ජනතාව නොමඟ යවා අක්කා පෙන්නා නංගී දීමට කටයුතු කරන බවට සමානව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය අදානිට පවරාදීමට කටයුතු කරන්නක් බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික විධායක සභික දේශපාලන මණ්ඩල සභික හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනි...
"ජනපති 13 පෙන්වා ජනතාව නොමඟ යවනවා – සුනිල් හඳුන්නෙත්ති"
"ජනාධිපති 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙන්වා එය ක්‍රියාත්මක කරන බව අඟවමින් සිදුකරන්නේ ජනතාව නොමඟ යවා අක්කා පෙන්නා නංගී දීමට කටයුතු කරන බවට සමානව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය අදානිට පවරාදීමට කටයුතු කරන්නක් බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික විධායක සභික දේශපාලන මණ්ඩල සභික හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනි...
"මෙරට අනාගත ජාතික ආරක්ෂාව ගැන සමාලෝචනයක් කර නවීන ආරක්ෂක ප්‍රතිපත්ති සකසනවා – ජනපති රනිල් වික්‍රමසිංහ"
"මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් නව ආර්ථික ප්‍රවනතා මෙන්ම දේශගුණික විපර්යාස ඇතුළු සියලු සාධක කෙරෙහි එහිදී අවධානය යොමු කෙරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත් කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා එම වාර්...
"ජනපති අද සිංගප්පූරුව බලා යයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (21දා) සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය. ජනාධිපතිවරයාගේ විෂයන්ට අදාළව වැඩබලන ඇමැතිවරු 4 ක් ද පත් කර තිබේ."
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභාවට – නව යාන්ත්‍රණයක් එයි"
"ලබන වසර අවසාන වන තුරු මැතිවරණයක් නොපැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බැවින් පළාත් පාලන, පළාත් සභා යන ආයතනයන්හි කටයුතුවලට සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට අවස්ථාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ මධ්‍යම රජය යන අංශ තුනෙන්ම ජනතාවට සේවා සැපයීම සඳහා නව යා...
"පොංගල් පූජාවෙන් කුරින්දි නොසන්සුන්"
"මුලතිව් කුරින්දි විහාරය ආසන්නයේ ද්‍රවිඩ ජනතාව විසින් ඉකුත් 18 වැනිදා පොංගල් පූජාවක් පැවැත්වීමත් සමග එම ස්ථානය අවට ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මතුවී තිබිණි. මුලතිව්හි ද්‍රවිඩ ජනතාව විහාරය ආසන්නයේ දේව ප්‍රතිමා තබා ඊට පූජා පවත්වා තිබේ. මෙම අවස්ථාවේදී කුරින්දි විහාරය වෙත බෞද්ධ භික්ෂූන්වහන්සේ හා ගිහි සංවිධානවල ව...
"ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹේ"
"කුඹල් පෙරහැර 2023 අගෝස්තු 21 පළමු කුඹල් පෙරහැර පස්වරු 7.10 යෙදෙන සුභ මොහොතින් නිරිත දිශාභිමුඛව ගමන් අරඹයි. 2023 අගෝස්තු 22 දෙවන කුඹල් පෙරහැර පස්වරු 7.05 යෙදෙන සුභ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් අරඹයි. 2023 අගෝස්තු 23 තෙවන කුඹල් පෙරහැර පස්වරු 7.02 යෙදෙන සුභ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් අරඹයි. 2023 අගෝස්තු 24 සිව්වන ක...
"කතරගම අවට වන සතුන් දඩමස් ජාවාරමක්"
"දැඩි නියං තත්ත්වය සමග බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කර ගනිමින් ජල කඩිතිවලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම, සෙල්ල කතරගම ඇතුළු ප්‍රදේශ රැසකින් මේ වන විට හෙළි කර ගෙන තිබේ. මේ වන විට කතරගම ඇතුළු ප්‍රදේශ රැසක මෙය ක්‍රියාත්මක වන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වනජීවී සහකාර...
"නඩු භාණ්ඩ පාර්සල් 12000ක් රස පරීක්ෂක ළඟ ගොඩගැහිලා"
"රජයේ රස පරීක්ෂක කාර්යාලයේ රස පරීක්ෂක වාර්තා ලබාදීම පමාවීම නිසා දිනෙන් දින ඒවා ගොඩගැසෙමින් තිබියදීත් එහි නිලධාරීන් හතරදෙනකු විදේශගතව ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මෙම තත්ත්වය මත රස පරීක්ෂක වාර්තා අධිකරණය වෙත නිකුත්කිරීම ඉබි ගමනින් සිදු වෙන අතර පරීක්ෂණවලට යොමු කළ යුතු නඩු භාණ්ඩ අ...
"කෝටි 144ක් වැය කළ මොනෝරේල් ශක්‍යතා වාර්තාව පුස්සක්"
"කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (මොනෝරේල්) යටතේ ක්‍රියාත්මක දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා සකස් කළ ශක්‍යතා වාර්තාවේ අඩු පාඩු ඇතැයි ජාතික විගණන වාර්තාවේ සඳහන් වේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී මතුවන බාධක නිසි පරිදි හඳුනා නොගෙන සැලැස්ම පිළියෙල කොට ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. මෙම ශක්‍යතා වාර්තාව...
"විශ්වාසභංගයට පොහොට්ටුවෙන් හයිය ලැබෙයි – කෙහෙළිය බලමුළු තරකරයි"
"තමාට එරෙහිව සමගි ජනබල පක්‍ෂය විසින් කථානායකවරයාට භාරදී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් තමාට සහාය පළ කිරීමට එකඟවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. ඊට හේතු ලෙස ඔවුන් පැවසුවේ එම විශ්වාස භංගයට අදාළ කරුණු සියල්ල අසත්...
"‘ආර්ථික යුක්තිය උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය’ අද හෙටම"
"ආර්ථික යුක්තිය උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංවිධානයක් ලබන සතියේ එළිදැක්වීමට නියමිතය. රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී තීරණ රැසකට එළඹීමට නියමිත බව වාර්තා වේ. මෙම සංසදයට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දසදෙනකු පළමු අදියරේ දී එක් වනු ඇතැයි වාර්තා වේ. දේශපාලන ...
"සීනි බදු වංචාකාරයන්ගෙන් ආදායම් බදු ගන්න උපදෙස් දුන්නා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය"
"සීනි බදු වංචාවට අදාළව ඊට වගකිවයුතු සමාගම්වලින් ආදායම් බදු මුදල් කඩිනමින් අයකර ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම බදු මුදල් අයකර ගැනීමෙන් පසු ඒ පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය. මේ සිද්ධියට අදාළව දේ...
"225ම බදු නැති වාහන ඉල්ලති"
"නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් දෙසීය විසිපහටම තීරු බදු රහිත වාහන ගෙන්වීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා ඇතැයි මුදල් අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. 2019 වසරින් පසු පැතිරගිය කොරෝනා වසංගතයත්, ආර්ථික අර්බුදයත් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිම...
"දඹුල්ල උපරිම ට්‍රයි කරයි"
"මෙවර එල්.පී.එල්. තරගාවලියේ අවසන් වටයට දඹුල්ල අවුරා කණ්ඩායම ආව එකම ලොකු ජයග්‍රහණයක්. අනිවාර්යයෙන්ම අපි කප් එක ගන්න උපරිමයෙන් ෆයිට් කරනවා යැයි දඹුල්ල අවුරා කණ්ඩායමේ ප්‍රධාන අධ්‍යක්‍ෂ සුපිරි ක්‍රිකට් තරුව සනත් ජයසූරිය මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය. අද (20 දා) පැවැත්වෙන එල්.පී.එල්. අවසන් සටන පිළිබඳව තවදුරටත් අදහස් ...
"තිරිඟු – ඉරිඟු ගේන්න මාස 6ට ඩොලර් මිලියන 188ක්"
"තිරිඟු සහ ඉරිඟු ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2023) මුල් මාස හයේ දී ඩොලර් මිලියන 188ක මුදලක් වැය වී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ. 2022 වර්ෂයේ මෙම කාලසීමාවේ දී තිරිඟු හා ඉරිඟු ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 136.3ක මුදලක් වැය කර තිබුණි. ඒ අනුව මෙම වර්ෂයේ මුල් මාස හය සඳහා ඉකුත් වර්ෂය...
"ඕ.අයි.සී.ලා පත් කරන්න අලුත් ක්‍රමයක්"
"දේශපාලන බලපෑම්වලින් තොරව පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත. දේශපාලනඥයන්ගේ බලපෑම් මත දේශපාලන ලියුම්වලට පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම මින් ඉදිරියට ක්‍රියාත්මක නොවන බව ජාතික පොලිස් කොමිසමේ ආරංචි මාර්ග පවසයි. මීට පෙර ක්‍රියාත්මක වූයේ ප...
"ෆොන්සේකා දඬු කඳේ ගහන්න සජබ තරුණයෝ ඔට්ටු වෙති"
"සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අලුත් දේශපාලන පක්‍ෂයක් ගොඩනඟන බවට කරන ප්‍රකාශ ගැන සහ තමන් නිර්පාක්ෂික යැයි කරන ප්‍රකාශ පිළිබඳ වහාම ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු යැයි සමගි ජන බලවේගය තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් එහි ජ්‍යෙෂ්ඨයන් වෙත දැනුම් දී ඇත. සජබ සභාපති ලෙස කටයුතු කරන ඒ මහතා තමන් නිර්පා...
"එජාපයට පුටු හතරයි"
"එක්සත් ජාතික පක්‍ෂ නව ව්‍යවස්ථාවට අනුව තනතුරු 04කට පක්‍ෂය සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව පක්‍ෂ නායක, මහලේකම්, සභාපති, භාණ්ඩාගාරික යන තනතුරු පමණක් පත්කර නියෝජ්‍ය නායක, උප නායක ඇතුළු මෙතෙක් තිබූ සෙසු තනතුරු අහෝසි වේ. එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් සකස් කළ නව ව්‍යවස්ථාව ලබන මස 10 වැනිදා එළිදැක්වීමට නියමිතය. අනතුරුව එය කෘත...
"ඉරානයෙන් තෙල් ගත්තත් තේවලට මුල් ඇදලා"
"ආර්ථික අර්බුදය හේතුවෙන් ඉකුත් වසරේදී ඩොලර් වෙනුවට තේ ලබාදීමේ එකඟතාවය මත ඉරානයෙන් ඩොලර් මිලියන 250ක ඉන්ධන ලබාගෙන ඇතත් මෙතෙක් එරටට ශ්‍රී ලංකාවෙන් තේ ලබාදී නැති බව හෙළිවී තිබේ. මෙම කාරණය හෙළිවී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන්, තේ අපනයනකරුවන් සමග පැවති සාකච්ඡාවේද...
"මිලියන 248.8ක් වැය කළ සහසර බස් මග හිටී"
"පොදු ප්‍රවාහනය සඳහා මගී ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරමින් තිබූ සහසර බස් නව්‍යකරණ ව්‍යාපෘතිය ආකාර්යක්ෂමතාව හේතුවෙන් රජය විසින් අතරමග නවතා දමා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම ව්‍යාපෘතිය සඳහා 2022 වර්ෂය අවසාන වන විට රුපියල් මිලියන 248.8ක මුදලක් වැය කර තිබුණි. එසේම මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර තිබූ රුපි...
"කුරුන්දි ඇවිළෙයි – පොලිස් බලඇණිත් කැඳවයි"
"බෞද්ධ නටබුන් පිහිටි මුලතිව් කුරුන්දි පුදබිමේ ඊයේ (18 දා) උද්ගත වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය දැඩි උත්සාහයක් ගත්හ. ඊයේ මහා සංඝරත්නය එම ස්ථානයට වැඩම කොට පිරිත් සජ්ඣායනාවක් කරමින් ආශීර්වාද පූජාවක් පැවැත්වීමට කටයුතු කළ අතර බෞද්ධ සැදැහැවත්හු විශාල පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියහ. මේ අතර හින්දු බැතිමතුන් පිරිසක්...
"හෝමාගම ගිනි ගත් රසායනික ගබඩාවට අවසර ගෙන නෑ"
"හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි ගිනිගත් තීන්ත හා රෙදිපිළි නිෂ්පාදනාගාර තුළ රසායනික ද්‍රව්‍ය ගබඩා පවත්වාගෙන යෑමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසර බලපත්‍රයක් ලබාගෙන නොතිබූ බව හෙළි වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා ‘දිවයින’ට ඊයේ (18දා) පැවසීය. මෙම ගින්න හේතුවෙන් පරිසරයට සිදුවී ඇති හානිය ගැන ද ...
"පළාත් පාලනයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළත් කර විශේෂ උපදේශක කාරක සභාවක් පත්කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"ලබන වසර අවසාන වනතුරු පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන නිසා පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අවස්ථාවක් ලබාදිය යුතු බවත් එහිදී ආණ්ඩුකාරවරයා සමග එකට වැඩ කළ හැකි වන පරිදි විශේෂ උපදේශක කාරක සභාවක් පත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේ...
"පරිණත නායකයා රනිල් 13ට එරෙහි වීමට පොහොට්ටුවට සදාචාරාත්මක අයිතියක් නෑ – පා. ම. නිමල් ලාන්සාගෙන් විශේෂ නිවේදනයක්"
"බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා සඳහන් කරයි. නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළකර සිටියේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරමින් රටේ සියලු ජ...
"කරාපිටිය ළමා හෘද කැතීටකරණ ඒකකයේ දොස්තරලා දෙන්නම ගිහින්"
"කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීටකරණ ඒකකයේ සිටි විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් වෛද්‍යවරයකු රට හැර යෑම සහ අනෙක් වෛද්‍යවරයා පුහුණුව සඳහා විදේශ ගතවීම හේතුවෙන් ළමා රෝගීන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට යැවීමට සිදුවී තිබේ. මේ තත්ත්වය දරුවන්ගේ ජීවිත අවදානමට ලක්කරන බවත්, අදාළ පරීක්‍ෂණ ප්‍රායෝගිකවම ප්‍රමාද වීමට අමතරව විශ...
"වී මණ්ඩලයට වී ගන්න මිලියන 750ක බැංකු ණයක් – කැබිනට් අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි"
"රජයේ බැංකු මගින් රුපියල් මිලියන 750 ක ණය මුදලක් ගෙන යල කන්නයේ වී මිලදී ගන්නට කැබිනට් මණ්ඩලය වී අලෙවි මණ්ඩලයට අනුමැතිය ලබාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටි. ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී විකිණීමට සූදානම් නම් එම මුදල් යොදාගනිමින් වී මිලදී ගන්නා බව ද එහි දැක් වේ. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. පසුග...
"‘අස්වැසුම’ තවත් ලක්‍ෂ 12කට දිය හැකියි"
"අස්වැසුම සහනාධාරය තවත් ලක්‍ෂ 12ක පමණ පිරිසකට ලබාදීමට හැකි බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පසුගියදා රැස්වූ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ දී දැනුම් දී ඇත. අස්වැසුම ලබාගැනීමට මේ වනවිට ලක්‍ෂ 08ක ජනතාවක් සුදුසුකම් ලබා ඇති බවද එහිදී එම මණ්ඩලය හෙළිකර තිබේ. අස්වැසුම ප්‍රතිලාභ අහිමි වීම පිළිබඳව මේ වනවිට අභියාචනා ලක්‍ෂ 10කට අධික ...
"කොන්දේසි තුනක්: ඩීසල් බලාගාරයකින් මෙගාවොට් 100ක් ගන්න කොමිසමේ අනුමැතිය"
"හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඩීසල් බලාගාරයකින් මෙගාවොට් සියයක් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැති ලබාදී තිබේ. පෙරේදා (17 දා) කොමිසම ඊට අවසර දී ඇත. ප්‍රධාන කොන්දේසි තුනක් යටතේ ඉදිරි මාස හයක කාලයකට අදාළව ගිවිසුමකට අවසර දී තිබේ. කුසලතා පදනම මත අදාළ විදුලිය මිලදී ගැනීම, ව...
"අරක්කු හොර ස්ටිකර් කල්ලියට උපරිම දඬුවම් – සියඹලාපිටිය"
"මද්‍යසාර බෝතල් මත ව්‍යාජ ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් වාර්තා වන සිද්ධිවලට අදාළ පාර්ශ්වයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ සම්බන්ධයෙන් වරදකරුවන් වන්නේ කොතරම් දැවැන්ත මද්‍යසාර සමාගමක් වුව ද නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ද රාජ්‍ය ඇමැතිවරයා කියයි. සියලුම මද්‍යසාර ...
"දකුණේ සම්ප්‍රේෂණ රැහැනට සරුංගල් අපලයක්"
"පොල්පිටිය සිට හම්බන්තොට දක්වා කිලෝමීටර් 150 ක් දක්වා දිවෙන මෙරට දිගම විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ විදුලිය සම්බන්ධතාවය ලබාදීමට සරුංගල් බාධාවක් වී ඇති බව එහි ව්‍යාපෘති අධ්‍යක්ෂක අනුරුද්ධ තිලකරත්න මහතා ‘දිවයින’ට ඊයේ (18 වැනිදා) පැවසීය. මෙම සම්ප්‍රේෂණ මාර්ගයට විදුලිය ලබා දීම ලබන සතියේ සිදුකිරීමට නියමිතව ඇතත් එකී කටයුතුවලට සර...
"සියඹලාණ්ඩුව සූර්ය පැනල ව්‍යාපෘතිය ටෙන්ඩර් දෙයි"
"ලංකා විදුලිබල මණ්ඩලය විසින් ටෙන්ඩර් කැඳවන ලද සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක බිම්ගත සූර්ය පැනල මගින් විදුලි උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පසුගිය 16 වැනිදා සිදු කර තිබේ. දේශීය ආයෝජක සමූහයක් ලෙස ලක්දනවි ලිමිටඩ් සමාගම, වින්ඩ් ෆෝස් සමාගම සහ බ්ලූ සර්කල් පුද්ගලික සමාගම ඒකාබද්ධව ඉදිකිරීම් සිදු කරනු ලබන මෙම ව...
"විදුලි නිෂ්පාදනයෙන් 80%ක් තාප හා ගල්අඟුරු බලාගාරවලින්"
"පවතින දැඩි නියඟය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රීත ජලාශවල ජල මට්ටම පහළයෑම නිසා විදුලි නිෂ්පානයෙන් සියයට අසූවක්ම තාප හා ගල්අඟුරු බලාගාරවලින් පිරිමසා ගැනීමට සිදුව තිබේ. වැඩි වියදම් සහිත තාප (ඉන්ධන) සහ ගල්අඟුරු මගින් විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමට සිදුවී තිබීම නිසා ලංවිම මෙම වසරේ ලබනු ඇතැයි අපේක්‍ෂිත රුපියල් කෝටි 500 ක පා...
"හදිසි මිලදී ගැනීම් තීරණයත් සමග විදුලි මාෆියාව ආයෙත් දිනුවා – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික"
"ඒස් පවර් ඇඹිලිපිටිය බලාගාරයෙන් හදිසි විදුලිය මිලදී ගැනීමට රජය තීරණය කිරීමත් සමගම විදුලිය මාෆියාව ජයග්‍රහණය කළේ යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය. කොළඹ ඊයේ (18 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය. ඒ මහතා මෙසේද පැවසීය. ඒස් පවර් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට ආ...
"අමරවීරගේ කැබිනට් පත්‍රිකා 9 වතුරේ- වී මණ්ඩලයේ ගබඩා සතියකින් හිස් -සභාපති කියයි"
"ආහාර අර්බුදයක පෙර නිමිති මතුවී තිබුණත් ඊට මුහුණ දීම සඳහා වී අලෙවි මණ්ඩලය සන්තකයේම ඇත්තේ සතියකට ප්‍රමාණවත් වී තොග පමණකැයි වී අලෙවි මණ්ඩල සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා ‘දිවයින’ට පැවසීය. වී ගොවියාත්, පාරිභෝගිකයාත් ආරක්‍ෂා කිරීම සඳහා පිහිටුවා තිබෙන වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙසට ක...
""මහ අස්වනු එන තෙක් රටේ සහල් තොග ඇති, පිටරටින් ගේන්න ඕනෙ නෑ – කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය""
"එළඹෙන මහ කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් දැනට රටේ ඇති සහල් තොග හා වී තොග පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් බව හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණික අංශය, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේක...
"ඉර ගිනිගත්ත වලවේ දුක නිවෙන්න වැස්ස වලාහක දෙවියනි…. වඩින්න"
"වලව කලාපයට අයත් වගාබිම් අතුරින් අක්කර 10900 ක ගොවිබිම් ප්‍රමාණයක් සහිත මුරවැසිහේන කොට්ඨාසයේ කුඹුරු අක්කර 6000ක පමණ ප්‍රමාණයක් ජලය නොමැතිවීම හේතුවෙන් මේ වනවිට මුළුමනින්ම විනාශයට පත්ව ඇත. ඡායාරූපයෙන් දැක්වෙන්නේ විනාශයට පත් ගොවි බිමක අල්ලක තරම්වත් අස්වැන්නක් ඇත්දැයි පිරික්සා බලන ගොවි මහතෙකි. ඡයාරූපය – රුවන් ජයවර්ධන"
"ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි නවීන තාක්ෂණයට අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"ඉදිරි ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි හා නවීන තාක්ෂණය සමග අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ලෝක ආර්ථිකය රඳා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මත වන අතර කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක්චේන් තාක්ෂණය, ජෙනොම් විද්‍යාව වැනි අංශ අද...
"ජල සබඳතා ලක්ෂයක් අනතුරේ"
"රටේ පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජල මූලාශ්‍රයන් හි ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බැවින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් බෙදාහරිනු ලබන ජලය අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිතා කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය ඊයේ (17 වැන...
"ජනපති ලේකම් කාර්යාලය අසල වෘත්තිකයන්ගේ විරෝධයක්"
"රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, විදුලිබල ඉංජිනේරු හා තවත් වෘත්තිකයන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට පැමිණීමත් සමග ඊයේ උණුසුම් සහගත තත්ත්වයක් උද්ගත විය. ජනාධිපති ලේකම් කාර්යාලය අවට දැඩි ආරක්‍ෂාවක් යොදවා ඔවුන් එහි යෑම නැවැත්වූ අතර පසුව උද්ගතව ඇති අර්බුද හා ගැටලු ගැන ස...
"පාන් පිටි කිලෝවක් රු. 198යි"
"මුදල් අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව පාන්පිටි කිලෝවක මිල රු. 198ක් වන බැවින් පාන්පිටි සම්බන්ධ මෙරට ප්‍රධාන සමාගම් ද්විත්වයට අතිරේක ලාභයක් ලැබිය නොහැකි වන පරිදි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට එම මිල ගණන් නිවේදනයක් මගින් දැනුම් දෙන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් නියෝග කෙරිණි. 2023.06.14 ප්‍රකාශ...
"වසරකට චිත්‍රපට ශාලා 5ක්-6ක් වැසෙයි"
"සිනමාව හැකිලෙමින් යන ප්‍රවණතාවක් ඇතිවී තිබෙන නිසා මේ වනවිට වසරකට සිනමා ශාලා 5 ක් හෝ 6 ක් පමණ වැසී යන බව ජාතික චිත්‍රපට සංස්ථා නිලධාරීන් පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභාවේදී හෙළි කර ඇත. චිත්‍රපට සංස්ථා පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සංස්ථා නිලධාරීන් හා කාරක සභා සාමාජිකයන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. එසේම විදේශ...
"උතුරේ කුල පීඩිත ජනතාවටවත් 13 හරහා සෙතක් නැහැ – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය"
"13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම හරහා පොලිස් බලතල ලබාදීමෙන් උතුරේ කුල පීඩනය නිසා සමාජ ආර්ථික පසුබෑමට ලක්ව සිටින 65% ක් වන අහිංසක ජනතාවට කිසිදු සෙතක් නොවන බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අවධාරණය කරයි. සමානාත්මතා පදනමින් සියලු ජනතාවට සැලකීම බෙදුම්වාදය පරාජය කිරීම හරහා වන විසඳුමක් වෙනුවට ‘බෙදුම්වාදී’ මර උගුලට තල්ල...
"සෞඛ්‍ය විමර්ශන ඒකකය වෛද්‍ය චමල් සංජීවගෙන් පැය 2 1/2 ක් ප්‍රශ්න කරයි"
"කොවිඩ් සමයේදී කොවිඩ් පැතිරයෑම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් පිළිබඳව කරුණු විමසීම සඳහා විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (17 දා) සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකයට කැඳවා තිබිණි. එහිදී ඔහුගෙන් පැය දෙකහමාරකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. කොවිඩ් කාල සීමාවේදී බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවූ බවට තමන් ...
"වෛද්‍ය මාරුවීම් 6000ක් මඟ හිටී – සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වගකිව යුතුයි – GMOA කියයි"
"වෛද්‍ය ස්ථාන මාරුවීම් හයදහසක් අතර මඟ ඇණහිටීමෙන් සෞඛ්‍ය සේවාව තවදුරටත් අරාජිකව කඩා වැටීමට ලක්වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගය පවසයි. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අත්තනෝමතිකව ක්‍රියාකරන බවත් මේනිසා වෛද්‍යවරුන් නතරවී ඇති බවත් ඔහු කියයි. මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්...
"ඉරේ සැරට සම වයසට – විශේෂඥ වෛද්‍ය නයනී මදරසිංහ"
"මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් දීර්ඝකාලීනව සම හිරු එළියට නිරාවරණය වීමෙන් සම ඉක්මනින් වියපත් වීමකට ලක්වන බැවින් සම ආරක්‍ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනී මදරසිංහ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී. ආලේපන වර්ග ඇතුළු සම ආරක්‍ෂා කර ගැනීමේ ක්‍රම මගින් දැඩි හිරු රශ්මියෙන් සමට ඇතිවිය හැකි බලපෑම අවම...
"ළමා හිංසන වළක්වන්න පොලිසිය කෑගල්ලෙන් අලුත් වැඩක් අරඹයි"
"කෑගල්ල සහ සීතාවකපුර පොලිස් කොට්ඨාසවල පදිංචි අනාරක්ෂිත සහ අවදානම් සහගත දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ දියත් කෙරෙන මෙ...
"වීසා ගන්න අලුත්ම මගඩියක් – හොර EPF ලේඛන හදලා"
"ඇතැම් ආයතන හා පුද්ගලයන් විසින් සේවක අර්ථසාධක අරමුදල හා සම්බන්ධ ව්‍යාජ ලේඛන සකස් කර විවිධ අංශවලට ඉදිරිපත් කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව පවසයි. වීසා ලබාගැනීම්ද, විදේශ රැකියා සඳහා අයදුම් කිරීමේදී ස්ථිර රැකියාවක් හෝ සේවා පළපුරුද්දක් ඇති බවට තහවුරු කිරීමට මෙන්...
"හදිසි විදුලිය ගන්න මසකට කෝටි 600ක්"
"හදිසි විදුලි මිලදී ගැනීම් (Emergency Power) සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන අතර ඒ අනුව ඇඹිලිපිටිය සහ මාතර ඒස් පවර් (Ace) බලාගාර දෙකෙන් මෙගාවොට් 120 ක් මිලදී ගතහොත් මසකට ඒ සඳහා රුපියල් කෝටි හයසියයකට අධික මුදලක් වැයවන බව ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙක් “දිවයින”ට පැවසීය. මෙම හදිසි විදුලි මිලදී ගැනීමට අදාළ ගිවිසුම්ගත...
"භෞමික අඛණ්ඩතාව සුරකිමින් බලය බෙදීම අපේක්‍ෂාවයි"
"තමන් දහ තුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින අතර ඒකීය රටක් සහ භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත, දේශපාලන නිදහස ස්ථාපිත රටක් ඇති කිරීම තම අරමුණු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විනය ගරුක සමාජයක් උදෙසා වූ භික්ෂු උපදේශක සභාවේ දෙවැනි අදියර පෙරේදා (15 දා) ගාල්ල නගර ශාලාව...
"SPC ලොක්කා ඉල්ලා අස්වෙයි – ඇමැති කියූ නිසා අස්වුණා"
"වැඩි මිල ගණන්වලට ඖෂධ මිලදී ගැනීම, ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙනඒම ඇතුළු සෞඛ්‍ය අංශයට චෝදනා රැසක් එල්ල වී තිබෙන මොහොතක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා (SPC) සභාපති ඉංජිනේරු සරත් ලියනගේ මහතා හදිසියේ එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. සිව් වතාවක් මෙම සංස්ථාවේ සභාපති තනතුරට පත්වූ ඒ මහතා ඉල්ලා අස්වී ඇත්තේ සෞඛ්‍ය ඇමැතිවරයා කළ දැනුම්දී...
"කුඹුරු අක්කර 37000 ක් නියඟයෙන් විනාශයි – වැඩිම හානිය කුරුණෑගලට"
"පවතින නියඟය නිසා මේ වනවිට කුඹුරු අක්කර තිස්හත්දහසකට අධික ප්‍රමාණයක් (37,101) හානියට ලක්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඉන් පීඩාවට පත්ව සිටින ගොවීන් ගණන 32,967 කි. වැඩිම හානියක් සිදුව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී ගොවිතැනටය. එහි කුඹුරු අක්කර 19,388 ක් නියඟයෙන් හානියට ලක්ව ඇත. මෙලෙස සිදුව ඇති කුඹුරු හානිය තක්සේරු...
"සෙංකඩගල ඇසළ මංගල්‍යයට කප කැපීම අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය ආශ්‍රිතව සිදු කෙරේ"
"ඓතිහාසික සෙංකඩගල ඇසළ මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් ඊයේ (16 දා) අලුයම 05 පසුවී විනාඩි 10 ට යෙදුණු සුබ මොහොතින් කප කැපීම අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය ආශ්‍රිතව සිදු කෙරිණි. මේ සඳහා කල් ඇතිවම තෝරාගත් ඵල නොදැරූ “පණස” වෘක්ෂයකින් හෙවත් කොස් ගසක් දින ගණනක් පේ කිරීමෙන් අනතුරුව චිරාගත චාරිත්‍රානුකූලව සුබ මොහොතින් කප කැපී...
"සතුන් වත්තේ ගසක් ඇඟට වැටී ප්‍රධාන ආරක්‍ෂකයා මියයයි"
"දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ තිබූ විශාල ගසක් මුලින් ඉදිරි විදුලි කණුවක් සමග කඩාවැටී එයට යටවීමෙන් ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙක් පැවසීය. මෙම අනතුර ඉකුත් 15 වැනිදා සවස සිදුවී ඇත. අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සත්වෝද්‍යානයේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී උපුල් සෙනරත් මාරකන්ද (54) මහතාය. මෙදින පස්ව...
"නව ක්‍රමයක් එනතුරු අස්වැසුම වැඩිහිටි-ආබාධිත දීමනා පැරණි ක්‍රමයට"
"නව ගෙවීම් ක්‍රමවේදයක් සකස් කරනතුරු අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ වකුගඩු රෝගීන්, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනා නොවෙනස්ව පෙර පැවැති පරිදි පුද්ගලයන් 647,683 දෙනකු සඳහා ගෙවීමට ප්‍රතිපාදන වෙන්කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඉදිරි දින කිහිපයේදී එම ගෙවීම් සිදුකිරීමට නියමිත බව ද මුදල් රාජ්‍ය...
"මාසික ආදායම කීයද කියලා මිහින්තලේ හාමුදුරුවන්ගෙන් අහන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක"
"ලයිට් කැපුවයි කියන මිහින්තලේ හාමුදුරුවන්ගෙන් අහන්නකෝ මාසික ආදායම කීයද කියලා? පිං පෙට්ටියේ ආධාර මුදල් ලැබෙන්නේ නැද්ද? ආලෝක පූජාවේ සල්ලි කෝ? කියලා. ලයිට් කැපුවා කියන එකට වඩා ඇයි ලයිට් කපන්න වුණේ කියලා හොයන්න ඕන යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. පසුගියදා මිහින්තලා රාජමහා විහාරයේ විදුලි කපා දැමීම සම...
"අයි. එම්. එෆ්. පළමු සමාලෝචනයට නිලධාරීහු ලබන මස එති"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ණය වැඩසටහන් පිළිබඳ පළමු සමාලෝචනය සිදු කිරීම සඳහා එම අරමුදලේ ඉහළ පෙළේ නිලධාරීන් කණ්ඩායමක් ලබන මාසයේ (සැප්තැම්බර්) මෙරටට පැමිණීමට නියමිත බව එම අරමුදලේ ප්‍රකාශකයෙක් පැවසීය. එම නිලධාරීන් කණ්ඩායම සැප්තැම්බර් 14 දා සිට සැප්තැම්බර් 27 දා දක්වා මෙරට රැඳී සිටිමින් ශ්‍රී ලංකා...
""පෙර පාසල් 20,000යි පුහුණු ගුරුවරුන් 7000යි""
"කාණ්ඩ 05 ක් යටතේ රටපුරා පෙර පාසල් විසිදහසක් තිබෙන බවත්, ඒවායෙහි ගුරුවරුන් ලෙස හතළිස් දහසක් පමණ දෙනා සිටියත් පුහුණු පෙර පාසල් ගුරුවරුන් ලෙස සිටින්නේ 7000 ක් පමණ බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (16 දා) පැවසීය. මේ නිසා ලබන සතියේ සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන අංශය මගින් සියලු පෙර පාසල් අධීක්ෂණය ...
"මුදල් ගින්නක් නිවයි"
"මුදල් අමාත්‍යාංශයේ දෙවන මහලේ ඇතිවූ ගින්න ඉතා ඉක්මනින් මැඬපවත්වා යථා තත්ත්වයට පත්කළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (16 දා) දිවයිනට කීවේය. විදුලි කාන්දුවක් නිසා මුදල් අමාත්‍යාංශයේ දෙවන මහලේ ඊයේ ගින්නක් හටගෙන තිබුණි. කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් ගින්න මැඬපවත්වන ලදී.ශ්‍යාම් නුවන් ගනේවත්ත"
"13 මත ගැන ආණ්ඩුව කලබල නෑ – වජිර"
"13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඒ ඒ පුද්ගලයන්ගේ දැනුම අනුව මත ප්‍රකාශ කළත් ඒ ගැන ආණ්ඩුව කලබල නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (16 දා) පැවසීය. එම ව්‍යවස්ථා සංශෝධනය දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත්ව සම්මත වී පවතින බවත් මහ සංඝරත්නය ඇතුළු ඇතැම් පිරිස්වලට එහි අපැහැදිලි තැන් පවතිනවා නම් සාකච...
"කෝටි 10 ක් පාඩු කළ ඇස් කාච මගඩිය ගැන විමර්ශන ඇරැඹෙයි"
"රුපියල් කෝටි දහයක පාඩුවක් සිදුවන පරිදි අක්‍ෂි කාච තොගයක් මිලදී ගැනීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (16 දා) පරික්‍ෂණයක් ආරම්භ කර ඇත. සෞඛ්‍ය වෘත්තීය සමිති කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ. මෙම අක්‍ෂි කාච තොගය මිලදී ගැනීමට අදාළව ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන් ...