Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"කොමසාරිස් ජනරාල්වරයෙකු නෑ – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අඩපණ වෙයි"
"දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී. ආර්. එස්. හපුආරච්චි මහතා ගිය සිකුරාදා (25දා) විශ්‍රාම යෑමෙන් පසුව මුදල් අමාත්‍යංශය විසින් නව කොමසාරිස් ජනරාල්වරයෙකු හෝ වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙකු පත් නොකිරීම නිසා ඊයේ (28දා) දිනයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු මුළුමනින්ම අකර්මන්‍ය වූ බව දේශීය ආදායම් වෘත්තීය සමිති නියෝජිතයෝ ‘ද...
"අපේක්‍ෂා රෝහලට වාර්තාවන රෝගීන් ගැන අධ්‍යක්‍ෂ කරුණු පහදයි"
"මහරගම අපේක්‍ෂා රෝහලට දෛනිකව බාහිර සහ සායන ප්‍රතිකාර සඳහා 2000 ක පමණ පිරිසක් පැමිණෙන බවත් 1000 ක පමණ පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය. ලෝකය පුරා මෙන්ම අප රටේද පිළිකා රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් දිවයිනේ රෝහල් රැසක පිළිකා ප්‍රතිකාර ඒකක පවතින නිසා...
"EPF – ETF රැක ගැනීමට සරසවි ඇදුරෝ විරෝධතාවේ"
"ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්. ඇතුළු අරමුදල් රැක ගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් ඊයේ (28දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිදුකළ විරෝධතාවේ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ. ඡායාරූප – නිශාන් එස් ප්‍රියන්ත"
"රක්‍ෂිත කැලෑ ගිනි තැබීමෙන් ජල උල්පත් සිඳී යෑමේ අවදානමක්"
"මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයත් සමග මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවල පිහිටි රක්‍ෂිත කැලෑවලට ඇතැම් පිරිස් විසින් ගිනි තැබීම හේතුවෙන් ජල උල්පත් සිඳී යෑමේ තර්ජනයට ලක්ව තිබේ. ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ ඉස්මත්තේ පිහිටි ශ්‍රීපාද රක්‍ෂිතයට මායිම්ව ඇති රක්‍ෂිත...
"ජපන් රොකට්ටුව සඳට යැවීම අධික සුළං නිසා නවතී"
"අධික සුළං තත්ත්වය නිසා ජපානය සඳ මතට යවන අභ්‍යවකාශ යානය රැගත් රොකට්ටුව ගුවන් ගතකිරීම අත්හිටුවා ඇත. මෙම ගුවන් ගත කිරීම ඊයේ (28 දා) සිදුකිරීමට නියමිතව තිබිණි. නැවත මෙම රොකට්ටුව ගුවන් ගත කිරීම ලබන සැප්තැම්බර් 15 ට පෙර සිදුකරන බව ජපන් අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කරයි. මීට පෙර කිහිප වතාවක් සඳ මතට අභ්‍යවකාශ යානා යැවීමට ජපානය උ...
"සා.පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ දීමනාව වැඩි කිරීමට කැබිනට් පත්‍රිකාවක්"
"සාමාන්‍ය පෙළ පිළිතුරුපත් ඇගයීමේ දෛනික දීමනාව වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. උසස් පෙළ උත්තර පත්‍ර සමීක්‍ෂණ මධ්‍යස්ථාන පිහිටුවා ඇත්තේ සීමිත ප්‍රමාණයක් බැවින් වැඩිදුරක් ගෙවා පැමිණෙන සමීක්‍ෂකවරුන්ට රුපියල් 2000 දෛනික දීමනාවක් ලබ...
"ප්‍රංශයේ පාසල් සිසුවියන්ට සිරුර වැසෙන අබායා තහනම්"
"මුස්ලිම් කාන්තාවන් සම්පූර්ණයෙන් සිරුර ආවරණය වන පරිදි අඳිනු ලබන අබායා වස්ත්‍රයෙන් සැරසීම ප්‍රංශයේ පාසල් දරුවන් හට තහනම් කර තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද පාසල් වෙත යොමු කිරීමට ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. විශේෂ අධ්‍යනයකින් පසුව පාසල් දරුවන් සඳහා අබායා වස්ත්‍රයෙන් සැරසීම තහනම් කිරීමට පියවර...
"චන්ද්‍රයාන්-3 පර්යේෂණ කණ්ඩායමේ සියයට 27ක් කතුන්"
"සඳ තරණය කළ “චන්ද්‍රයාන්-3” ඉන්දීය අභ්‍යවකාශ යානය සඳෙහි දක්ශිණ ධ්‍රැවය වෙත යැවීමේ මෙහෙයුමේ විධායක තනතුරු දැරූ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයට අයත් නිලධාරි පිරිසෙන් සියයට 27 ක්ම කාන්තාවන් බව ඉන්දීය මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ. චන්ද්‍රයාන්-3 මෙහෙයුම සැලසුම් කිරීමේ සිට යානයට අයත් “වික්‍රම්” ගොඩබැස්වුම් යානය සඳෙහි ...
"තායි සිට හොරෙන් දෙකෝටි හැත්තෑ ලක්‍ෂයක රත්‍රං ගෙනා ව්‍යාපාරිකයා රිමාන්ඩ්"
"රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් බිස්කට් 14 ක් නීති විරෝධී ලෙස තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ ව්‍යාපාරිකයකු පෙරේදා (27 දා) කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි. මාකොළ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ව්‍යාපාරිකයකු වන මෙම පුද්ගලයා පෙරේ...
"දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්"
"නිගමනය කථානායකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පාර්ශ්ව දෙකක් විසින් ගොනුකර තිබූ විශේෂ පෙත්සම් විභාගය ඊයේ (28 දා) පස්වරුවේ අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් තම නිගමනය කඩිනමින් කථානායකවරයා වෙත යවන බව දැනුම් දුන්නේය. ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරිකයකු වන චතුරංග අබේසි...
"වාචික පිළිතුරු අපේක්‍ෂිත ප්‍රශ්න අසන කාලය විපක්‍ෂය නාස්ති කරනවා"
"පාර්ලිමේන්තුව ආරම්භයේ මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්‍ෂිත ප්‍රශ්න වෙනුවෙන් වෙන් කරන පැයක කාලය නිසි ප්‍රයෝජනයක් නොගෙන විපක්‍ෂනායකවරයා ඇතුළු කණ්ඩායම විසින් නාස්ති කිරීම නිසා වන ජනතා මුදල් විනාශය වැළැක්වීමට මැදිහත් වන්නැයි ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අගමැති දිනේෂ් ගුණවර්ධ...
"පුරාවිද්‍යා ගොඩනැඟිල්ලක් කඩා වරාය පිවිසුම් මාර්ගයක් සෑදීමේ තැතට විරෝධය"
"වරාය අධිකාරියට අයත් කොටුව චෛත්‍ය පාරේ පිහිටි වසර 350 ක් 400 ක් පැරණි පුරාවිද්‍යාත්මක ගොඩනැඟිල්ලක් කඩා වරායට පිවිසුම් මාර්ගයක් සම්බන්ධ කිරීමට දරන උත්සාහය නතර කරන ලෙස වරාය පොදු සේවක සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. මෙම ගොඩනැඟිල්ලේ බිත්තියක් අඩි හතහමාරක පමණ පළලකින් යුක්ත වන බවත් එය පෞරාණික ගොඩනැඟිල්ලක් ලෙස පුරාවිද්‍යා දෙපා...
"අත්දැකීම් බහුලම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න අපේ සහයෝගය දුන්නා"
"ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නම හා ලකුණ වෙනස්කර ඇත්තේ මිනිස් ඝාතන ඇතුළු ලෙයින් වැකුණු අපකීර්තිමත් ඉතිහාසය වත්මන් පරම්පරාවෙන් වසංකරගැනීම සඳහා යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා පවසයි. මීරිගම යොවුන් නිකේතනයේදී 27දා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීරිගම ආසන බල මණ්ඩලයට සහභාගී වෙමින් ...
"ජනවරමක් නැති රජයක සංවේදීභාවය හා සමාජ සම්මුතිය නෑ – ජී. එල්. පීරිස්"
"ජනවරමක් නොමැති රජයකින් කිසිදා සංවේදීභාවය හා සමාජ සම්මුතිය අපේක්‍ෂා කළ නොහැකි බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (28දා) පැවැසීය. ආණ්ඩුව තුළ ආණ්ඩු කිහිපයක් තිබෙන බවත් රජයේ කළමනාකරණ දුර්වලතා හේතුවෙන් වගාබිම් විනාශ වී ගොස් ඇති අතර එයට සාධාරණ වන්දියක් ලබාදීම රජයේ වගකීම බවත් ...
"කුරුන්දි විහාරය ගැන ජනපති දැනුවත් කිරීමට ලිපියක්"
"මුලතිව් කුරුන්දි විහාරයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීම සඳහා විශේෂ ලිපියක් පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා වෙත උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැවේ විමලසාර නායක හිමියන් විසින් භාර දෙන ලදී. මන්ත්‍රීවරයා වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ...
"විනිසුරු නිවසේ සිටි පොලිස් රැකවලා වෙඩි වැදී මියයයි"
"මාතර වෙරළ පාරේ පිහිටි මාතර දිසා විනිසුරුවරයාගේ නිල නිවසේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට පත්වී ඇත. 55 හැවිරිදි බී. පුෂ්පකුමාර නමැති මෙම සැරයන්වරයා පෙරේදා (27දා) රාජකාරි භාරගෙන ඇති අතර ඊයේ (28දා) අලුයම සේවය අවසන් කිරීමට නියමිතව තිබිණි. පොලිස් ආරංචි මාර්ග අනුව මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ ටී...
"පෝට් සිටි ආයෝජකයකු ලෙස වෙස්ගෙන – පිරමිඩ ජාවාරමෙන් ලොවම ඇන්දූ චීනා මාට්ටු"
"වරාය නගරයේ ආයෝජකයකු ලෙස පෙනී සිටිමින් ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරමේ නිරත චීන ජාතිකයෙකු කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ බොරැල්ල පොලිසිය ඒකාබද්ධව පෙරේදා (26 දා) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම ජාවාරමට චීන ජාතිකයන් 4000කට වැඩි පිරිසක් සම්බන්ධව සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි. ජාවාරමේ මුදල් උණ්ඩියල් ක්...
"බිලියනයක් වංචා කරපු සභාපති කෙනෙක් ඉන්නවා"
"මේ රටේ බිලියනයක් වංචා කරපු සභාපතිවරයකු ගැන හෙළිවී ඇති බවත් රජයට ‘තේ’ වලට සම්බන්ධ ආයතනයක ඉහළ නිලධාරියකු පිළිබඳ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. ‘තේ’ වලට සම්බන්ධ රාජ්‍ය ආයතනයක ඉහළම තනතුර දරන නිලධාරියා පිළිබඳව ප්‍රශ්න කරමින් ඔහු පැවසුවේ අදාළ රාජ්‍ය ආයතනයේ...
"පවුල් ලක්‍ෂ 8කට ජූලි මාසයේ අස්වැසුම මුදල් අද සිට බැංකුවලට"
"අස්වැසුම ප්‍රතිලාභය සඳහා හඳුනාගත් පවුල් ලක්ෂ 15ක ප්‍රතිලාභීන් අතරින්, පවුල් ලක්ෂ 8ක් සඳහා මුදල් බැංකුගත කිරීම අද (28 දා) සිදු කරන බවත්, එම මුදල් තම ගිණුම්වලින් අඟහරුවාදා හෝ බදාදා සිට ලබාගත හැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. මෙම ප්‍රතිලාභය ලබා දෙන්නේ ජූලි මාසයට අදාළව බවත්, සාවද්‍ය තොරතුරු ඉදිරිප...
"පාසල් දෙවැනි වාරයේ දෙවැනි අදියර අද ඇරැඹේ"
"රජයේ පාසල්වල දෙවැනි වාරයේ දෙවැනි අදියර අද (28දා) ආරම්භ වේ. දෙවැනි වාරයේ පළමු පාසල් වාරය ඉකුත් 24 වැනිදා අවසන් විය. මේ අතර මහනුවර නගරාශ්‍රිතව ඇති සියලු පාසල් සඳහා අද හෙට (29දා) සහ අනිද්දා (31දා) යන තෙදින නිවාඩු ලබා දී තිබේ. ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා අති විශාල ජනතාවක් මහනුවර පැමිණීම සැලකිල්ලට ගනිමින් සිසුන් අපහසුතාවට පත්...
"පෙර පාසල් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් – විද්‍යා පීඨ 19ම එක්කර විශ්වවිද්‍යාලයක්"
"පාසල් අධ්‍යාපනයට ප්‍රවේශවීම තුළ මතුවන අහිතකර අධ්‍යාපන විෂමතා ඉවත්කර ගැනීම සඳහා පෙර පාසල් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතුව ඇතැයි අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කර ක්‍රියාවට නැංවීම පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවැති විශේෂ සා...
"කැපුම් තුවාල සහිත රෝගියා ජාතික රෝහලේදී එන්නතක් ලබාදෙද්දී මියගිහින්"
"කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයකු එන්නතක් ලබාදෙන අතරතුරදී පසුගිය 25දා මියගොස් ඇත. මියගිය පුද්ගලයා කැපුම් තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවට ඇතුළත් කර සිටියදී මෙසේ මියගොස් ඇත. මෙම රෝගියාගේ කැපුම් තුවාල සුවවීම් සඳහා ‘කෝ ඇමොක්සික්ලොව්’ නමැති ප්...
"දිස්ත්‍රික්ක 19ක ලක්‍ෂ 3ක් නියඟයෙන් විපතේ"
"පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 19 ක පවුල් 84648 කට අයත් පුද්ගලයන් 2,91,720 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. රත්නපුර, කෑගල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පුත්තලම, කුරුණෑගල, යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව්, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, ගම්පහ, මාතලේ, මහනුවර, පොලොන්නරුව යන දිස්ත්‍...
"ජනපති අගමැති මැති ඇමැතිකම්වලට සමහරු රට කෑලිවලට බෙදන්න හදනවා"
"අප රටේ ආගම් අතර ජාතීන් අතර ආරවුල් නිර්මාණය වෙමින් පවතින බවත් විවිධ භූගෝලීය බල ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජාතිය ආගම ගැන කතා කරමින් මෙම ආරවුල් නිර්මාණය කරන්නේ දේශපාලනඥයන් බවත් ඔවුන් ඒ තුළින් ඡන්දය ලබාගැනීමට අපේක්‍ෂා කරන බවත් ඔවුන් ප්‍රදේශවල විවිධ පුද්ගලයන්ට 13 ට කැමැති හා අකමැති බව පවසන බවටත් ජනාධිපති සිහින තිබෙන මේ පිර...
"ජල විදුලි උත්පාදනය 12%ට බසී"
"ජල විදුලි නිෂ්පාදනය සියයට 12ට අඩුවී ඇතැයි විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී හේමන්ත රණසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (27 දා) පැවසීය. ඔක්තෝබර් මස පමණක් මෙම මට්ටමින් ජල විදුලිය නිපදවා ගැනීමට අපේක්‍ෂා කරන අතර එම කාලය වනවිට වර්ෂාව අපේක්‍ෂා කරන බවත් ඒ මහතා කීය. මේ වනවිට ඩීසල්, දැවිතෙල්, ගල්අඟුරු භාවිතයෙන් සියයට 65 ක් පමණ ද, ...
"මා පාර්ලිමේන්තුවෙන් යවන්න නම් පනතක් සම්මත කර ගත යුතුයි"
"තමා පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පනතක් සම්මත කරගත යුතු බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතා පවසයි. නීති විරෝධී ලෙස ඩුබායි සිට රත්‍රං සහ ජංගම දුරකථන ශ්‍රී ලංකාවට රැගෙන එද්දී අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර අනවසරය...
"ඉහළ ආදායමක් ඉපැයිය හැකි ආරුගම්බේ සංචාරක කලාපය කඩිනමින් සංවර්ධනය කරනවා"
"ආරුගම්බේ සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙන්ම ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර හඳුනා ගනිමින් නිසි සැලැස්මක් ඔස්සේ එම කටයුතු ක්‍රියාවට නංවන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්...
"අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් පද්ධතියක් කටුනායකට"
"ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා මෙතෙක් පරිහරණය කළ වසර 20ක් පමණ පැරණි ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතිය ඉවත් කර ලොව තිබෙන අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් පද්ධතියක් ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම විසින් කටුනායක ගුවන් මෙහෙයුම් පාලක මැදිරියේ ස්ථාපනය කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය තුළ ආරක්ෂිත ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යෑම ස...
"දරුවන් මරන්න හෝ පාරේ දමා යන්න එපා හදන්න බැරි නම් අපට දෙන්න"
"ඇතැම් මව්වරුන් බිළිඳුන් මහමඟ දමා යෑම හෝ ඝාතනය කරන බවත් එසේ නොකර බිළිඳුන් තමන්ට ලබා දෙන ලෙසත් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. රටේ පවතින ආර්ථික තත්ත්වය මත ළමයින් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් අලුතින් නිර්මාණය කිරීම අසීරු වුවත් රජයේ රෝහල්වල වෙනම ම ස්ථාන සකස් කර එවැනි ළමුන් රැක බලා ගැනී...
"පරම්පරා 4 ක් කොළඹ නිදහසේ ජීවත්වන ගජේන්ද්‍ර කුමාර් උතුරේ ජාතිවාදය වපුරනවා"
"පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාගේ පවුලේ පරම්පරා හතරක් සිංහල ජනතාවගේ කිසිදු බාධා කිරීමකට ලක්නොවී කොළඹ ජීවත්වන නමුදු පොන්නම්බලම් මන්ත්‍රීවරයා උතුරට ගොස් එහි ජාතිවාදය වැපිරීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහුට දකුණේ සිංහල ජනතාව ලබාදී ඇති නිදහස උතුරේදී සිංහල ජනතාව...
"උ. පෙළ වෘත්තීය විෂය ධාරාවට සිසුන් ගැනීමට අයැදුම්පත් කැඳවයි"
"උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා 12 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ. වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක කෙරෙන පාසල් 525 න් තෝරාගත් පාසල්වලට ඇතුළත්වීම සඳහා සිසුන්ට අයැදුම්පත් යොමුකළ හැකි අතර, මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සාමාන්‍ය පෙළ විභාගය සමත් අසමත් භාවය අදාළ නොමැති බව අධ...
"පළාත් සභා තියන්න හදිස්සියක්"
"13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය බෙදීම සඳහා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි. ඉන්දීය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් සහ මෙරට දේශපාලන පක්‍ෂ නායකයන් අතර ඉකුත් 23 වැනිදා බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති හමුවේදී ඉ...
"සිංගප්පූරු ගිවිසුමේ වැඩ දැනට ජනපති යටතට"
"සිංගප්පූරුව සමග ඇති කර ගත් ගිවිසුම් හා සාකච්ඡාවල ප්‍රගතිය අදාළ වැඩ විෂය භාර අමාත්‍යවරුන් වෙත පවරන තෙක් එම සාකච්ඡාවලදී මෙතෙක් ආ එකඟතා පිළිබඳ කටයුතු ජනාධිපති කාර්යාලය යටතේ පවත්වා ගෙන යෑමට තීරණය ගෙන තිබේ. උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් ඉදිකිරීමට නියමිත සුළං සහ සූර්ය බලශක්ති නිෂ්පාදන නවීන තාක්ෂණික ක්‍රම උපයෝග...
"දීඝවාපියේ ධාතූන් වහන්සේ හා චූඩා මාණික්‍යය කැලණියේදීත් වැඳපුදා ගන්න අවස්ථාව"
"දීඝවාපිය මහා සෑ රඳුන් ප්‍රතිසංස්කරණය කර එහි සර්වඥ ධාතූන් වහන්සේ සහ චුඩා මාණික්‍ය නැවත තැන්පත් කිරීමට පෙර සැදැහැවතුන්ට සියසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ පියවර ගෙන ඇත. ඒ අනුව මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 29 වැනිදා පස්වරු 04.00ට කැලණි රජමහා විහාරයෙන් එ...
"වනජීවී පුරප්පාඩු 706ක් පුරවන්න තවම කැබිනට් අනුමැතිය නෑ – පවිත්‍රා කියයි"
"වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 738 ක් ඇතත් ඒවායින් පිරවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ 32 ක් පමණකැයි වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. ඒ අනුව අඩවි ආරක්‍ෂක තනතුරු 20 ක් සහ වන සත්ත්ව නියාමක තනතුරු 12 ක් සීමිත බඳවා ගැනීමේ පදනම මත බඳවාගැනීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය. දැනට වන සත්ත්...
""කේන්දර බලන්න ඕනෑ නෑ, මාලිමාවේ අපේක්ෂකයා වෙලාවට එයි – හරිනි කියයි""
"තව මාස 13 කින් පවත්වනු ලබන ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගයේ අපේක්‍ෂකයා නිල වශයෙන් තවම ප්‍රකාශ කර නැතැයි එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ඒ සඳහා සුදුසු නායකයන් තම පක්‍ෂය තුළ ඕනෑ තරම් සිටින බවද ඇය සඳහන් කරයි.ජනාධිපතිවරණයක් ප්‍රකාශ කර නැති නිසා ජාතික ජනබලවේගය පක්‍ෂයද ඒ සඳහා ඉදිරිපත් ...
"වාරිමාර්ගයේ වාහන 344ක් ‘මිසින්’ !"
"වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 344ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. වාරිමාර්ග අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති වාහන පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියෙන් ලබාගත් තොරතුරු අනුව වාරිමාර්ග අමාත්‍යාංශය, වාරිමාර්ග ලේකම් හෝ අමාත්‍යාංශ ...
"අවුරුදු 30ක් තිස්සේ මාදිවෙල කතාව: මන්ත්‍රීලාගේ නිවාස කුලිය රු. 1000යි"
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල නිවාස සංකීර්ණයේ නිල නිවාස සඳහා මාසික නිවාස කුලී මුදල් වශයෙන් දැනට වසර 30ක පමණ සිට අය කරනු ලබන්නේ රුපියල් 1000ක මුදලක් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ. එම නිවාස කුලී මුදල මේ දක්වා සංශෝධනය කිරීමට කටයුතු කර නොමැති බැව් ද සඳහන් කර ඇත. 1993 වර්ෂයේ මැය...
"කොවිඩ්වලට දුන් අධ්‍යාපන පීඨ ‘පණ ගහන්න’ මිලියන 36ක් – ඇමැති සුසිල්"
"කොවිඩ් ආසාදිතයන් පුනරුත්ථාපනය කිරීම සඳහා ජාතික අධ්‍යාපන පීඨ 19ක් යොදා ගැනීම හේතුවෙන් ඇති වූ අලාභහානි ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 36ක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම් ජයන්ත මහතා පවසයි. පුනරුත්ථාපන මධ්‍යස්ථාන ලෙස යොදාගත් ගොඩනැඟිල්ලිවල ගෘහ උපකරණ හා අනෙකුත් උපකරණ, යටිතල පහසුකම් රැසකට හ...
"දුම්රිය ගේට්ටුව සවි කළ මිලියන 500ක සීනු වතුරේ"
"අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගවල ආරක්ෂාව සඳහා සවි කර ඇති සීනු හා විදුලි පද්ධති සවිකර වසරක් ගතවීමට පෙර ඉන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් අක්‍රිය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. ඒ අනුව එම ව්‍යාපෘතිය සඳහා වැය කරනු ලැබූ රුපියල් මිලියන 500කට ආසන්න මුදල නිශ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ද ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි. ...
"පොලිස් කොමිසම හිරකූඩුව ළඟටම"
"පොලිස් කොමිසමේ නිලධාරීන් මින් ඉදිරියට පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගේ තොරතුරු විමර්ශනය කිරීම සඳහා ඔවුන් රඳවා සිටින පොලිස් ස්ථාන වෙත ගොස් ප්‍රශ්න කළ යුතුව ඇතැයි පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇතැයිද එම ප්‍රකාශකයා පැවසීය. මේ අනුව මෙතෙක් කල් රතුකුරුස හමුදාව සහ මානව හි...
"බැංකු පොලී තවත් බහී"
"ඉකුත් සිකුරාදා (25 දා) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලු ම බැංකු වෙත නිකුත් කළ නව චක්‍ර ලේඛයට අනුව බැංකුවල ණය පොලී අනුපාත තවදුරටත් අඩුවනු ඇතැයි මහ බැංකුව පවසයි. එම චක්‍ර ලේඛය මගින් වාණිජ බැංකුවලට උපරිම ණය පොලී අනුපාත සීමා පැනවීමට මහ බැංකුව පියවර ගත් අතර මේ අනුව බැංකු ණය පොලී අනුපාත අඩුවීම වේගවත් වනු ඇතැයි අපේක්‍ෂා කෙර...
"අල්ලස් කොමිසමට දූෂණ පැමිණිලි 2512ක්"
"අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉකුත් 2022 වර්ෂයේ දී දූෂණ චෝදනා සම්බන්ධ පැමිණිලි 2512ක් ලැබී ඇති බැව් එම කොමිෂන් සභාව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රගති වාර්තාවේ සඳහන් වෙයි. මෙම පැමිණිලි අතුරින් වැටලීම් සඳහා ලද පැමිණිලි සංඛ්‍යාව 69කි. විමර්ශනය සඳහා අල්ලස් හා දූෂණ පැමිණිලි 846ක්, අයුතු වත්කම් ...
"වගා හානිවලට වැඩිම වන්දි මෙවර"
"පවතින නියඟය නිසා වගා හානියට ලක්වූ වී සහ අනෙකුත් භෝග වගා ඉඩම්වලට වන්දි සඳහා මෙතෙක් ඉතිහාසයේ ගෙවා ඇති වැඩිම වන්දි මුදල මෙවර රජයට ගෙවීමට සිදුවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. කෘෂිකර්ම අමාත්‍යාංශය තක්සේරු කර ඇති ආකාරයට මෙවර කුඹුරු අක්කර 65,000ත් 70,000ත් අතර ප්‍රමාණයක් හානියට ලක්වනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව දැනට ක...
"පානදුර නඩු ගබඩාවට වහලයෙන් පැන කෝටි 3ක කුඩු පන්නලා – වැඩ තහනම් කොස්තාපල් හා සගයා මාතලේදී අත්අඩංගුවට"
"පානදුර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් සොරාගන්නා ලද රුපියල් කෝටි 3 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් අලෙවි කිරීමට සූදානම් කර සඟවාගෙන සිටි වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයකු සහ අලෙවි නියෝජිතයකු ගම්පොල විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් ඊයේ (25දා) උදේ මාතලේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරය...
"දිය බිඳක් නැති මිහින්තලයේ ඇත්තෙ පොලිතින් පමණි වනයේ"
"ලෝකයේ පළමු අභය භුමිය ලෙස සැලකෙන මිහින්තලය අභය භූමියේ පිහිටි පොකුණු ඇතුළු ජල මූලාශ්‍ර, මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් සිඳී යෑමත් සමග බීමට ජලය සොයා මුව රංචු මිහින්තලා නගරයට පැමිණෙන ආකාරය නිරන්තරයෙන් දැකගත හැකි වේ. එසේ පැමිණි මුව රංචුවක සිටි මුවන් පිරිසක් මිහින්තලේ මහා විද්‍යාල ක්‍රීඩාංගණය අසල පොලිතින් මිශ්‍ර...
"දිඹුලාගල පන්සලේත් ලයිට් කපලා – සජිත් කියයි"
"දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි සැපයුම විසන්ධිර කර ඇති බැවින් එම තත්ත්වය වහාම නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. දිඹුලාගල ආරණ්‍ය සේනාසනය හා තවත් ආගමික සිද්ධස්ථාන රැසක මේ වනවිට විදුලිය විසන්ධි කර ඇති බවද බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුත...
""බොරු කරුණුවලට අහුවෙන්න එපා, ඔන් ලයින් ලණු කන්න එපා – මහ බැංකුව""
"මාර්ගගත ක්‍රම (ඔන්ලයින්) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම නීත්‍යනුකූල බව හුවාදැක්වීම සඳහා සාධාරණීකරණය කරමින් නොයෙකුත් ආකාරයේ ව්‍යාජ කරුණු ඉදිරිපත් කර ආයෝජකයන් නොමඟ යවා මුදල් තැන්පතු කරවා ගැනීමට හෝ ආයෝජනය ලබා ගැනීමට කටයුතු කරන බවට දන්වමින් මේ පැමිණිලි ලැබී ඇති බව මහ බැංකුව සඳහන් කරයි. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකු...
"අලි සබ්‍රි රහීම් ආචාර ධර්ම කමිටුවට කැඳවා විමර්ශනයක් කරන්න – සුසිල් ප්‍රේමජයන්ත"
"පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී නීති විරෝධී ලෙස රත්තරන් හා ජංගම දුරකථන මෙරටට ගෙන ඒම පිළිබඳ වරදකරු වූ මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවට කැඳවා පුළුල් පරීක්ෂණයක් සිදු කොට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (25දා) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. අලි සබ්‍රි ර...
"විජය මෛත්‍රි නාහිමි ආදාහන පූජෝත්සවය හෙට"
"අපවත්වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රි හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඉරිදා (27 දා) සවස මිනුවන්ගොඩ ජාපාලවත්ත කනිෂ්ඨ විදුහල් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය. දේහය පත්තඩුවන භික්‍ෂු පුහුණු ආයතනයේ ද මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට නියමිතය."
"ඩොලර් මිලියන 850000ක් වන්දි දෙන්න එක්ස්ප්‍රස් පර්ල් කැමතියි – ඇමැති විජයදාස"
"එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් ඇති වූ හානිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන අටලක්‍ෂ පනස්දහසක් හා තවත් ලංකා රුපියල්වලින් වන්දි මුදලක් ලබාදීමට අදාළ රක්‍ෂණ සමාගම කැමැත්ත පළකර ඇතැයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25දා) කියා සිටියේය. මේ පිළිබඳව නඩුව සංගප්පූරු මහාධිකරණයේ පවතින අතරතුර අදාළ නැවේ රක්‍ෂණ ස...
""නියඟයෙන් 280,000කට බලපෑම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය""
"පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 18ක පවුල් අසූඑක්දහස් එකසිය පනස් අටකට අයත් පුද්ගලයින් දෙලක්ෂ අසූදහසකට අධික පිරිසක් බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙම තත්ත්වය හමුවේ වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ උතුරු පළාත වේ. මේ අතර, උතුරුමැද සහ නැඟෙනහිර පළාත්වලත් වව්නියාව, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රි...
"දිළිඳුකම තුරන් කිරීම වෙනුවෙන් සිරිසේන කුරේ මහත් සේ කැපවුණා – අගමැති දිනේෂ් ගුණවර්ධන"
"දිළිඳුකම පිටුදැකීම අදත් අප මුහුණ දෙන බරපතළ අභියෝගයක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. දිළිඳුකම තුරන් කිරීම වෙනුවෙන් සිරිසේන කුරේ මහතා මහත් සේ කැප වූ බවද ඔහු කියා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ ශෝක යෝජනාවන්ට ඊයේ (25 දා) එක්වෙමිනි. අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, පූජ්‍ය උඩවත...
"නිව් ඩයමන්ඩ් හා එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම්වලින් රජය තවම පාඩම් ඉගෙන ගෙන නැහැ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය කේන්ද්‍රීයව සිදුවන අධිකරණ ක්‍රියාදාමය පළුදු වීමට කිසිසේත්ම ඉඩ නොදෙන නමුත් එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයට පෙර නිව් ඩයමන්ඩ් ව්‍යවසනයක් සිදු වූ බවත් මේ නැවෙන් සිදුවූ තෙල් කාන්දුවෙන් සිදු වූ පරිසර දූෂණය සම්බන්ධයෙන් රජය කිසිදු පාඩමක් ඉගෙන නොගත් බවත් එක්ස්ප්‍රස් පර්ල් විනාශය සිදුවන විට වැරදි ආකාරයට එහි...
"සමස්ත ප්‍රාථමික අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමට ගේනවා – අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත"
"පෙර පාසල් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවට නැංවීම මගින් සමස්ත ප්‍රාථමික අධ්‍යාපනයම ජාත්‍යන්තර මට්ටමට ප්‍රමිතිගත කරනවා යැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ප්‍රාථමික අධ්‍යාපනයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් පෙර පාසල් වර්ග පහක පමණ ප්‍රභේද ගණනාවකින් යුත් විවිධ පූර්ව අධ්‍යාපන මට්ටම්වල සිට පාස...
"අපේක්ෂා රෝහලට දවසකට රෝගීන් 2000ක් විතර එනවා – රෝහලේ අධ්‍යක්ෂ අරුණ ශාන්ත"
"මහරගම අපේක්ෂා රෝහලට දෛනිකව බාහිර සහ සායන සඳහා 2000ක පමණ පිරිසක් පැමිණෙන බවත් 1000ක පමණ පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ අරුණ ශාන්ත මහතා පැවසීය. ලෝකය පුරා මෙන්ම අප රටේ ද පිළිකා රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් දිවයිනේ රෝහල් රැසක පිළිකා ප්‍රතිකාර ඒකක පවතින නිසා මහරගම අපේක්ෂා රෝහලට ...
"පඩි අඩු නිසා ගුරු අධ්‍යාපනඥ සේවය කොටඋඩ"
"ගුරු අධ්‍යාපනඥ සේවයේ නිරතවන අයට අඩු වැටුපක් නියම වී ඇති නිසා බොහෝ අය මේ සේවයට ඒමට අකැමැති වී ඇති බවත් මේ හේතුව නිසා අධ්‍යාපනඥයන් නැවතත් ගුරු සේවයට යෑමට ඉල්ලුම් කරන බවත් එසේ වුවහොත් ජාතික අධ්‍යාපන පීඨ 19ක්, ගුරු විද්‍යාල 8ක් හා ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන 113ක් වැසී යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25 ...
"පොලී අඩු නොකරන බැංකුවලට නියාමනයක් – චක්‍රලේඛය අද එයි"
"මහ බැංකුවේ පොලී අනුපාත අඩුකිරීමට සාපේක්‍ෂව ප්‍රමාණවත් ලෙස බැංකු විසින් සිය පොලී අනුපාත අඩු නොකිරීමට එරෙහිව අද (25දා) සිට නියාමන ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. මෙම නියාමන ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නියෝග ඇතුළත් චක්‍රලේඛය අද (25දා) දින නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසි...
"ඉන්දියාවේ විතරක් නොවේ ලෝකයේම ජයක් – අගමැති මෝදි"
"චන්ද්‍රයාන් – 3 යානය සඳෙහි දක්‍ෂිණ ධ්‍රැවයට පා තැබීම භාරතයේ පමණක් නොව මුළු ලෝකයේම ජයග්‍රහණයක් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය. යානය සඳ මතට ගොඩබැසීමේ අවස්ථාව සජීවීව නරඹමින් සිටි කාර්ය මණ්ඩලය සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ සජීවීව එක්වෙමින් ඉන්දීය අගමැතිවරයා මෙසේ ද කීවේය. අද වනතුරු කිසිවකුට ළඟාවීමට නොහැකි වූ සඳෙහි ...
"සඳට ගිය සතුට අඩපණ කරන කාලකන්නි සංස්කෘතියක් ඉන්දීය තරුණයන් අතර නැති එක සතුටක් – විමල් පාර්ලිමේන්තුවේදී කියයි"
"බිලියන ගණනක් වියදම් කර සඳ තරණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විඳින සතුට අඩපණ කර ගැරහීම් කරන කාලකන්නි සංස්කෘතියක් ඉන්දීය තරුණ පරම්පරාව තුළ නොමැතිවීම ගැන සතුටු වන බවත් එය මෙරට තරුණයන්ට ද ආදර්ශයක් බවත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) පැවසීය. ඉන්දියාව සඳ තරණය කරමින් චන්ද්‍රයාන් – 3 යා...
"රාමඤ්ඤ නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ අපවත් වෙති"
"රාමඤ්ඤ නිකායේ අනුනායක, අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී හිමිපාණන් වහන්සේ පෙරේදා (23 දා) අපවත්වූහ. මෙරට ජ්‍යෙෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක ලෙස ගෞරවාදරයට පාත්‍රවූ උන්වහන්සේ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අභාවප්‍රාප්ත වන විට 73 හැවිරදි වියෙහි පසුවූහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ ...
"ඉන්දීය රජයේ සහාය ඇතිව ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක්: ඉඩම් වාර්තාව සතියකදි දෙන්න – ජනපති ත්‍රීමලේදී කියයි"
"1980 දශකයේ දී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා සේම නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතිය ද කඩිනම් කර රටේ ආර්ථිකයට නව ජීවයක් ලබාදීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය මෙරට බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවුක, ගුවන්, කර්මාන්ත මෙන්ම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙ...
"පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන දිගම සම්ප්‍රේෂණ පද්ධතිය ජාතික විදුලි පද්ධතියට එක්වෙයි"
"මෙරට දිගම විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය වන පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන කිලෝවොට් 220 සම්ප්‍රේෂණ මාර්ගය සහ හම්බන්තොට නව ග්‍රිඩ් උපපොළ ඊයේ (24 වැනිදා) ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සිදුවිය. ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මත මෙම ව්‍යාපෘතිය සිදුකෙරුණු අතර ඒ සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 55 කි. කිලෝමීට...
"නීති විද්‍යාල ගාස්තු මෙච්චර නැග්ගේ ඇයි ? – අනුර කුමාර දිසානායක"
"නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තු ඉහළ දැමීම් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය නායක කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) 27/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් අධිකරණ ඇමැතිවරයාගෙන් විමසීය. ලබන වසරේ (2024) සිට නීති විද්‍යාලය වෙත ඇතුළු වන සිසුන්ට ප්‍රවේශ ගාස්තු, අභ්‍යන්තර ගාස්තු ඇතුළු අ...
"ක්‍රිකට් පරිපාලනය විධිමත් කිරීමට යෝජනාවලියක් ඉදිරිපත් කරනවා – ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ"
"ක්‍රිකට් පරිපාලනය විධිමත් කිරීමට අවශ්‍ය යෝජනාවලියක් කඩිනමින් රටට ඉදිරිපත් කරන බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතාන මහතා (සජබ) ගෙනආ සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටි...
"තැපැල් කාර්යාල 14ක් හොරු කඩලා: රු. ලක්‍ෂ 72ක් පැහැර ගෙන – රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර"
"මෙම වසරේ (2023) තැපැල් දෙපාර්තමේන්තුවට අයත් තැපැල් කාර්යාල 14ක් සොරුන් විසින් කඩා මුදලින් රුපියල් ලක්ෂ 72කට වඩා වැඩි මුදලක් පැහැර ගෙන ගොස් ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) පැවසීය. ඊට අමතරව මුද්දර සොරා ගැනීම සහ වෙනත් අලාභහානි සොරුන් විසින් සිදු කර ඇතැයි ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීනි ...
"හේෂාට පැනවූ වාරණය 7 දා තෙක් දීර්ඝ කෙරේ"
"විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති විගණන කෙටුම්පත් වාර්තාවක් පාදක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම් ඇතුළු පිරිසට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වළක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 7 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ස...
"විදේශ ණය ගෙවීම ඇරැඹුවත් විනිමය අනුපාතයට ලොකු බලපෑමක් නෑ – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ"
"විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු දැනට තාවකාලිකව අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම යළි ආරම්භ කිරීම නිසා විනිමය අනුපාතයට ලොකු බලපෑමක් වීමට ඉඩක් නැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරන්නේ ඒ නිසා බවද මහ බැංකු අධිපතිවරයා කීවේය. මහ බැංකු මූලස්ථානයේ දී ඊයේ (24 දා) පැවත...
"පිරමීඩ ගනුදෙනු කළ ආයතන 9ක් එළියට"
"ඇතැම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව සමග යම් යම් එකඟතාවන්ට එළඹ ඇති බවට සමාජයේ ඇතැම් කොටස් විසින් සිදුකරන ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ මේ වනවිට තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන සහ පවත්වාගෙන ගොස් ඇති බවට හඳුනාගත් ආයතන 9ක් නම් කිරීමට පියවර...
"සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ව්‍යසනයට අධ්‍යක්ෂ ජනරාල් වගකිව යුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන"
"මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින ව්‍යසනකාරී තත්ත්වයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පූර්ණ ලෙස වගකිව යුතු බව කොළඹ ජාතික රෝහලේ නියෝජය අධ්‍යක්ෂ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නිතිපතා පවතින වැඩ වර්ජන හේතුවෙන් රෝහල් කරා පැමිණෙන ජනතාව දුක් විඳින බවත් පැරැණි ...
"රට යන වෛද්‍යවරු 5000ක් නවත්වන්න ‘අට වැදෑරුම් යෝජනාවලියක්’"
"සිය සංගමය රජයට ඉදිරිපත් කර ඇති ‘අට වැදෑරුම් යෝජනාවලිය’ කෙටි කාලීනව සහ දිගු කාලීනව ක්‍රියාත්මක කරන්නේ නම් රට හැර යෑමට සියලු සුදුසුකම් සපුරා ඇති වෛද්‍ය වරු 5000 ක ප්‍රමාණය නවතා ගැනීමට තවදුරටත් හැකියාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම යෝජනාවලිය පිළිබඳ කෙටි කාලීනව සහ දිගු කාලීනව ලබාදෙන විසඳුම් පිළිබඳ...
"රට යන වෛද්‍යවරු 5000ක් නවත්වන්න ‘අට වැදෑරුම් යෝජනාවලියක්’"
"සිය සංගමය රජයට ඉදිරිපත් කර ඇති ‘අට වැදෑරුම් යෝජනාවලිය’ කෙටි කාලීනව සහ දිගු කාලීනව ක්‍රියාත්මක කරන්නේ නම් රට හැර යෑමට සියලු සුදුසුකම් සපුරා ඇති වෛද්‍ය වරු 5000 ක ප්‍රමාණය නවතා ගැනීමට තවදුරටත් හැකියාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම යෝජනාවලිය පිළිබඳ කෙටි කාලීනව සහ දිගු කාලීනව ලබාදෙන විසඳුම් පිළිබඳ...
"හදිසි තත්ත්වයක් තිබුණේ නැහැ ගුවන් යානයේ සුළු දෝෂය නිවැරැදි කළා – ශ්‍රීලන්කන්"
"කොළඹ සිට දිල්ලි බලා පියාසර කළ යූඑල් – 195 දරන ගුවන් යානයේ හයිඩ්‍රොලික් පද්ධතියක හටගත් සුළු දෝෂයක් නිසා ආරක්ෂක පියවරක් වශයෙන් ගොඩ බැස්වීමක් සිදුකර තිබේ. දිල්ලිවල මෙම ගොඩබැස්වීම සිදුකර නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය පියවර ගත් බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කරනු ලැබීය. කෙසේ වෙතත් එම යානය ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළ වෙත හදිස...
"බාල බව තහවුරු වෙයි: කොඇමොක්සික්ලෙව් ප්‍රතිජීවකයේ කාණ්ඩ තුනක් ඉවතට"
"මෙරට නිෂ්පාදිත ‘කොඇමොක්සික්ලෙව්’ ප්‍රතිජීවක ඖෂධයේ තවත් කාණ්ඩ තුනකට අයත් ඖෂධ තත්ත්වයෙන් බාල බව තහවුරු වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය සියලු රෝහල්වලට දැනුම්දී ඇත. කොඇමොක්සික්ලෙව් ඖෂධය ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතුළු බැක්ටීරියා රෝග සඳහා මෙරට රෝහල් පද්ධතිය තුළ බහුලව භාවිත කරනු ලබන අතර වැඩි වශයෙන් ළ...
"ලක්‍ෂ පහක අඩු මූල්‍ය ආරවුල් ලිහන්න විශේෂ සමථ මණ්ඩල"
"ව්‍යාපාර ගනුදෙනු නිසා ඇති වන මූල්‍ය ආරවුල් නිරාකරණය කිරීම සඳහා විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. කොළඹ, ගම්පහ, මහනුවර, මොනරාගල, පොළොන්නරුව හා ආනුරාධපුර යන දිස්ත්‍රික්කවල මෙම විශේෂ සමථ මණ්ඩල ස්ථාපනය කිරීමට තීරණය කර ඇත. විවිධ ආයතන අතර පවතින ...
"ගන්දරින් පත්තු වූ ගින්දරේ සාක්‍ෂිය අයිස්පීල්ලේ දියවෙයි"
"හපුතලේ අයිස්පීල්ල ප්‍රදේශයේ හෝටලයකට පෙරේදා (22 දා) රාත්‍රී කඩාවැදුණු සන්නද්ධ කණ්ඩායමක් ගන්දර මිනිස් ඝාතන නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවකුට වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇත. ගන්දර මිනිස් ඝාතන සිද්ධියට සම්බන්ධ සංවිධානාත්මක කල්ලිය විසින් මෙම මිනීමැරුම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පහල කරයි. මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ මාතර, දෙවුන්ද...
"නියගය මැද දිනක විදුලි වියදම කෝටි 160 පනී – තාප බලාගාර සියල්ලම වැඩ"
"රත්නපුර සිරිපාගම තේ වත්තක් හරස්වීම නිසා වසර දෙකහමාරක් තිස්සේ අවසන් කිරීමට නොහැකිව තිබූ පොල්පිටිය – හම්බන්තොට අධිබලැති විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ කටයුතු අද (24 දා) නිමාවන බව ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා ‘දිවයින’ට පැවසීය. ඒ අනුව ජාතික විදුලි පද්ධතියෙන් දකුණු පළාතට මෙගාවොට් 800 ක් සම්ප...
"පදියතලාවට අයිස් වැස්සක් සමග සැඩ සුළඟක්"
"පදියතලාව ප්‍රදේශයේ මාස කිහිපයක් පැවැති දැඩි නියඟය හමාර කරමින් පෙරේදා (22) හවස 4.15 ට පමණ අයිස් වැස්සක් සමග හමා ගිය සැඩ සුළඟකින් ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි හානි සිදුව ඇතැයි පදියතලාව පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය. කුඩා ප්‍රමාණයේ අයිස් කැට වර්ෂාවකින් ආරම්භ වූ සැඩ සුළඟින් පදියතලාව පහළ වීදියේ විශාල කිරල ගසක් මාර්ගයට කඩා වැටී...
"බාර් 100ක හොර ස්ටිකර් අරක්කු බෝතල් – බුද්ධික පතිරණ කියයි"
"දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක සුරාසල් 100 කට වැඩි ප්‍රමාණයකින් ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් යෙදූ මත්පැන් බෝතල් හමුවී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙම ව්‍යාජ ස්ටිකර් යෙදූ මත්පැන් බෝතල් හමුවී ඇත්තේ යාපනය, ගාල්ල, නුවරඑළිය හා රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසකි...
"හොර ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000ක් අත්අඩංගුවට"
"ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් පසුගිය 10 දා ලබාදුන් නියෝගයෙන් පසු රට පුරා සිදුකරන ලද වැටලීම්වලින් ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000 ට ආසන්න ප්‍රමාණයක් සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී හෙළිදරව්...
"නලින් බණ්ඩාර හා වසන්ත යාපා ට පාර්ලිමේන්තුව දිනකට තහනම්"
"ඔබතුමන්ලාගේ වැඩ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විශාල ජනමතයක් ඇතිවෙලා. පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකෙන විදියට වැඩ කරන්න. රටේ උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුවයි. ඒ නිසා නීතිය රීතිය අනුව කටයුතු කරන්න. අවස්ථාව ලබා දුන්නම ඒක වැරැදියට පාවිච්චි කරන්න බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර (සජබ) හා වසන්ත යාපා...
"මන්ත්‍රීලා දෙදෙනාගේ හැසිරීමේ රහස කැපිලා පෙනීම කථානායක"
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු නොමනා ලෙස සභාගැබේ හැසිරුණේ ජනතා අවධානය දිනා ගැනීමේ අරමුණින් යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය. ඇතැම් මන්ත්‍රීවරුන් කැමරා ඉදිරියේ හැසිරෙද්දී තමන් කරන්නේ කියන්නේ මොනවාදැයි නොදන්නා බව ද ඒ මහතා කීය. කථානායක පුටුවේ කවුරු සිටියත් එවන් අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ උත්තරීත...
"සයිනොපෙක්ට පිටුපෑව ෂෙඩ්වලට සිපෙට්කො එරෙව්වොත් නඩු"
"චීන සයිනොපෙක් සමාගම සමග ගිවිසුම්ගත වීම ප්‍රතික්ෂේප කර සිටින පෞද්ගලික ඉන්ධනහල්වලට තෙල් සංස්ථාව (සිපෙට්කො) ඉන්ධන ලබාදීම නතර කිරීමට උත්සාහ ගතහොත් නීතිය හමුවට යන බව ඛනිජ තෙල් බෙදුම්කරුවෝ පවසති. මෙරට පිහිටි ඉහළම අලෙවි වාර්තා සහිත හොඳම ඉන්ධනහල් එකසිය පනහක් චීන සමාගමට පවරා දීමට ආණ්ඩුව එකඟ වී ඇති බවත් ඉන් පෞද්ගලික ඉන්ධනහල් වි...
"තවත් ප්ලාස්ටික් අයිතම 9ක් තහනම්"
"තවත් තනි භාවිත ප්ලාස්ටික් අයිතම 9 ක් ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට තහනම් වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ අනුව තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන, තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගැරුප්පු, පිහි, ප්ලාස්ටික් මල්මලා, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි ද තහනම් වේ. එමෙන්ම එම වර්ග රට තුළ නිෂ්පාදනය, ආනයනය, විකිණීම, ප්‍රදර්ශ...
"නීති විද්‍යාලයට ඇතුළත්වීමේ ගාස්තු සියයට 257කින් වැඩි කිරීම සිසුන්ට දරාගන්න බැහැ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"නීති විද්‍යාලයට ඇතුළත් වීමේ ගාස්තු සියයට 257කින්ද අනෙකුත් ගාස්තු ද දරාගත නොහැකි තරමට ඉහළ දැමීමෙන් සිසුන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23 දා) පැවසීය. මෙම ගාස්තු මෙලෙස වැඩිකර ඇත්තේ කවර හේතුවක් නිසාදැයි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා පැවසී...
"පාරේ දුවන වාහනවලින් 90% ක් පරිසරයට අහිතකර වායු මුදාහරිනවා – සහතික ගන්න එන වාහනවලින් 20%ක් අසමත්"
"රට තුළ ධාවනය කෙරෙන වාහනවලින් සියයට අනූවක් පරිසරයට අහිතකර වායු නිකුත් කරන බව පාර්ලිමේන්තුවේ බලශක්ති හා ප්‍රවාහන ආංශික අධිකරණ කමිටුවේදී හෙළිවූ බව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ බලශක්ති හා ප්‍රවාහන ආංශික අධීක්ෂණ කමිටුව සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (22 ද...
"මන්ත්‍රීලාට ප්‍රශ්න අසන්න තියෙන අයිතියත් අද කොල්ලකෑවා – බණ්ඩාරලා දෙදෙනාම කියති"
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ප්‍රශ්න ඇසීමට තිබෙන අයිතිය මේ ආණ්ඩුවත් ඇමැතිවරුත් උල්ලංඝනය කරමින් තමාත්, වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයාත් පාර්ලිමේන්තු සභාගැබෙන් එළියට දැමූ බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර (සජබ) මහතා පාර්ලිමේන්තුවෙන් පිටතදී කියා සිටියේය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙ...
"පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ 7000 ක් අද සංකේත වර්ජනයක"
"ඉල්ලීම් 07 ක් මුල්කරගෙන පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (24 දා) සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇත. වර්ජනය අද (24 දා) උදේ 8.00 ට ආරම්භ කර හෙට (25 දා) පෙරවරු 8.00 දක්වා පැවැත්වේ. මේ සඳහා වෘත්තීය කාණ්ඩ 05ක නිලධාරීන් හත්දහසක් (7000) පමණ සහභාගි වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය. ව...
"බොරු ප්‍රචාර නිසා ළමා රෝහලට දරුවන් ගේන්න අම්මලා බය වෙලා – සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්"
"“දිගින් දිගටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මාධ්‍ය හා දේශපාලනඥයන් බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලට ඇතුළත් කරන දරුවන් මැරෙනවා කියලා සංවිධානාත්මක බොරු ප්‍රචාරය කරනවා. ඒ නිසා දරුවන් රෝහලට ගේන්න දෙමාපියන් බියක් දක්වනවා කියලා වෛද්‍යවරුන් මට පැවසුවා. ළමා රෝහල කියන්නේ සංවේදී තැනක්” යැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, රිජ්ව...
"අධික උණුසුම අගෝස්තුව අවසන් වන තෙක්ම: කාලගුණයෙන් රතු නිවේදනයක්"
"අගෝස්තු මාසය අවසන් වන තෙක්ම අධික උණුසුම් තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය. ශරීරයට දැනෙන මෙම උෂ්ණත්වය ගැන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව ද හෙතෙම කීය. පෙරේදා (22 දා) දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ව...
"අවුරුදු 10ක් පරණ බස් ගෙන්වීම ගැන යළි සිතන්න"
"බස් රථ සඳහා ආනයන සීමා ලිහිල් කිරීමෙන් වසර 10 ක් පැරණි බස්රථ ගෙන්වීමට ඉඩදීම සම්බන්ධයෙන් නැවත සිතා බලන්න යැයි දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථවාහන සංගමය වන සිලෝන් මෝටර් ටේ්‍රඩර්ස් සංගමය (CMTA) රජයෙන් ඉල්ලා සිටී. මේ වනතෙක් අනුමැතිය ලබාදී තිබුණේ වසර 5 ක් පැරණි වාහන ගෙන්වීමට බවත් වසර 10 ක් පැරණි වාහන ගෙන්වීමට දීමෙන් නඩත්...
"නියඟයෙන් කුඹුරු අක්කර 51055 කට හානි"
"පවතින නියඟය හේතුවෙන් 22 වැනිදා වනවිට වගා හානි සිදුවී ඇති වගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 51,055.19 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අනෙකුත් භෝග වගා හානි ප්‍රමාණය අක්කර 424.70 කි. වී සහ අනෙකුත් භෝග වගා හානි ප්‍රමාණය අක්කර 51,479.89 ක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි. එම මණ්ඩලය විසින් සකස් කරන ලද වග...
"ප්‍රයිවට් බස් කෙරුවාවල් ගැන දිනකට පැමිණිලි 30 ක්"
"සැප්තැම්බර් 01 වැනිදා සිට පෞද්ගලික බස්රථවල ටිකට්පත් මගීන්ට නිකුත් කිරීම අනිවාර්ය බවත්, එලෙස ටිකට් පත් නිකුත් නොකරන බස්රථවල ගමන් වාර අත්හිටුවීමට පියවර ගන්නා බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීව මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය. බස්රථවල ටිකට් නොදීම සම්බන්ධයෙන් මගී ජනතාවගෙන් ...
"වැට් සරල කිරීමෙන් අපනයන ක්‍ෂේත්‍රය කඩා වැටෙනවා"
"නිසි ක්‍රමවේදයක් පළමුව සකස් නොකර සරල කරන ලද වැට් බදු (SVAT) පහසුකම ඉවත් කළහොත් අපනයන කර්මාන්ත ක්‍ෂේත්‍රය කඩා වැටීම වැළැක්විය නොහැකි යැයි අපනයන කර්මාන්තකරුවෝ පාර්ලිමේන්තුවේ පැවති ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවට දැනුම් දුන්හ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව රජය විසින් ක්‍රියාවට ...
"මාස 8ට 36ක් පාතාලයට බිලිවෙති"
"ගතවූ මාස 8 ක කාලසීමාව තුළදී පාතාල කණ්ඩායම් විසින් පුද්ගලයන් 36 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත. මෙම කාලසීමාවේ පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රහාර 60 ක් එල්ලකර ඇති අතර ඉන් 36 දෙනකු මියගොස් 28 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. මෙම ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගෙන සිදුවී ඇති අතර ප්‍රහාරවලින් වැඩි ...
"ගාල්ල හිරගෙදර තත්ත්වය උග්‍ර වෙයි – ආසාදිතයෝ 8ක් රෝහලේ"
"බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අටදෙනකු මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. හදිසියේ ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් පෙරේදා (21දා) පස්වරුවේ ද රැඳවියන් තිදෙනකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවස...
"හොර ලේඛන හදා සැප වාහන 400 ක් විකිණීමේ විමර්ශන වලානෙන් ගලවයි – සීඅයිඩීයට භාරදෙයි"
"මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කාලයක් තිස්සේ කරගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛන සකස් කර අති සුඛෝපභෝගි වාහන 400 ක් විකිණීමේ මහා ජාවාරම සම්බන්ධ විමර්ශනවලින් වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ඉවත් කර එම විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත. මෙසේ ව්‍...
"මහනුවර පළමු කුඹල් පෙරහැර…"
"මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර (21 දා) රාත්‍රී 7.10 ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ කළ අතර සධාතුක කරඬුව රැගත් හස්තිරාජයා චාරිත්‍රානුකූලව හඳගල මත පා තබා මාලිගාව ඉදිරිපිටින් ගමන් ආරම්භ කළේය. මෙවර පෙරහැර කරඬුව වැඩම කරවීම සිදු කරනු ලැබුවේ දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තියා විසින් දෑලේ ඇතුන් ලෙස මියන් රාජා හා කැලණි...
"ජනාධිපති සිංගප්පූරු අගමැති හමුවේ"
"සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ඉස්තානා මන්දිරයේදී එරට අගමැති ලී සියෙන් ලුන්ග් මහතා හමුවූ අවස්ථාව."
"පවුල් තුනක 14ක් මහපාරට දැමූ රත්වත්ත වතු අධිකාරි අත්අඩංගුවට ගන්නැයි සජබ මැති සබයේ විරෝධතාවේ"
"පවුල් තුනක පුද්ගලයන් 14 දෙනකු බලහත්කාරයෙන් ඉවත් කර නිවාස කඩා එහි දේපළවලටද අලාභ හානි කළ බවට චෝදනා එල්ල වී ඇති ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ, රත්වත්ත රජයේ වතුයායේ වතු අධිකාරිවරයා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබ මැදට පැමිණ බිම වාඩි වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක ...