Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතෙහි වගන්ති 15ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකට දන්වයි" | "ආයුර්වේද (සංශෝධන) නමැති පනත් කෙටුම්පතෙහි වගන්ති 15ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින් එය සම්මත කිරීමට නම් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කරනු ලැබීමෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි බව එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කථානායක වෙත ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහ... |
"කොවිඩ් එන්නතෙන් අතුරු ආබාධ ආ බව පරීක්‍ෂණ මගින් තහවුරු වී නෑ – GMOA කියයි" | "කොවිඩ් – 19 වෛරස මර්දනය සඳහා ලබා දුන් එන්නත් භාවිතයෙන් පසු විවිධ සංකූලතා ඇතිවූ බවට විවිධ පාර්ශ්ව චෝදනා කළත් ඒ කිසිවක් පරීක්‍ෂණ මගින් තහවුරු වී නැතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා දිවයිනට ඊයේ (10 දා) ප්‍රකාශ කළේය. ඇස් පෙනීමේ දුර්වලතාවන්, හිසේ කැක්කුම, ඇඟපත වේදනාව, නිතර මහන්... |
"රට යන අය අමාරුවේ: ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් ඉවරයි – පී. එච්. අයි සංගමය" | "කොවිඩ් – 19 වෛරස මර්දනය සඳහා ලබා දෙන කිසිදු එන්නතක් මේ වනවිට මෙරටේ නැතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මෙම තත්ත්වය හමුවේ විදේශගතවන පුද්ගලයන්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇතැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ‘දිවයින’ ට ඊයේ (10 දා) පැවසීය. මෙරට පුද්ගලයන් විදේශගතවීමේදී ඇතැම් රටවල් තවදුරටත් කොවිඩ් – 1... |
"13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම වක්‍රාකාරයෙන් ඊළම දීමක්" | "13 වන සංශෝධනය හරහා පූර්ණ බලතල හිමිකර දීමට යත්න දැරීම වක්‍රආකාරයකින් ඊළම දීමක් බදු විය හැකි බවත් එය අප රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් මෙන්ම ජනතාව ද පවාදීමක් බවත් විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් ඊයේ සඳහන් කළේය. විශ්‍රාමික ලුතිනන් ජෙනරාල්වරයා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ඊයේ (10) ශ්‍රී ලාංකාව දෙකඩ කිරීමට එරෙහි සංධානය ... |
"ෂෙඩ්වල හිත් දිනාගන්න සිනොපෙක් 3ක් දෙන්න හදයි" | "චීන සිනොපෙක් සමාගම යටතට පැවරීමට නියමිත පෞද්ගලික ඉන්ධනහල් එකසිය පනහෙන් ඉන්ධනහල් තිස් පහක් ගිවිසුම් ගතවීමට අකමැත්ත ප්‍රකාශ කර තිබෙන නිසා මාස තුනක කාලයකට සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් තුනක විශේෂ කොමිස් මුදලක් ඉන්ධනහල් හිමියන්ට ගෙවීමට එම සමාගම තීරණය කර ඇත. මෙරට දැනට ක්‍රියාත්මක වැඩිම අලෙවිය සහිත පෞද්ගලික ඉන්ධනහල් එකසිය පනහ... |
"පාර්ලිමේන්තුව නොමග යවා ජනපති හදන්නේ 13 ඉක්මවා බලය බෙදන්නයි – පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සිදු කළ විශේෂ ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුව නොමග යවා 13 ඉක්මවූ බලය බෙදීමකට සූදානම් වන බවට පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ඊයේ දින (10 දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී පිවිතුරු හෙළ උරුම... |
"විකිරණ තාක්‍ෂණවේදීන් 40%ක් හිඟයි – සී.ටී- එම් ආර් අයි- පෙට් ස්කෑන් නවතීවි – විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය" | "ඉදිරියේ දී රජයේ රෝහල් පද්ධතිය තුළ සී. ටී. ස්කෑන්, එම්. ආර්. අයි. සහ පෙට් ස්කෑන් පරීක්‍ෂණ සේවාවන් නතරවීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි. මේ වනවිට 40%ක පමණ විකිරණ තාෂණවේදීන්ගේ හිඟයක් පවතින බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි. මේ වනවිට එම හි... |
"පොලිස් බලය හැර 13 දෙන්න එකග වෙන්න – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිසබයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි" | "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය රටේ උත්තරීතර නීතිය බැවින් එය නොසලකා සිටීමට හැකියාවක් නොමැති බවත් එය ක්‍රියාත්මක කිරීමට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් බැඳී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.එහිදී එම සංශෝධනයෙන් ඇති කළ පළාත් සභා සතු බලතල කාර්යභාරය සහ එහි අනාගතය පිළිබඳව සම්ප... |
"ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF – ETF හානි එපා කියූ වසන්ත සමරසිංහගේ පෙත්සම විසිවෙයි" | "දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අනුව සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට බලපෑමක් සිදුවන පරිදි කටයුතු කිරීම වළක්වන නියෝගයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු බලධාරීන්ට නිකුත් කරන්නැයි ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය හා එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් ... |
"අරගලයේ අභිලාෂයන් ඉටුවෙලා නැහැ – ජනතාවගෙන් 60%ක් කියන බව වෙරිටේ රිසර්ච් කියයි" | "ගාලුමුවදොර පිටියෙන් අරගලකරුවන් නික්ම ගොස් වසරක් ගෙවෙන තැන, ‘අරගලයෙන්’ තමන් බලාපොරොත්තු වූ දේ ඉටුව නොමැති බව රටේ ජනතාවගෙන් 60% කගේ අදහස යැයි වෙරිටේ රිසර්ච් කළ ජනමත විමසුමකින් අනාවරණය වී ඇතැයි එම ආයතනය කියයි.රටේ ජනතාවගෙන් 51% ක ප්‍රමාණයක්, රට ගොඩගැනීමට නම් අයහපත් පාලනය හරි ගැස්විය යුතු බවද කියන්නේ යැයි වෙරිටේ රිසර්ච් පව... |
"සැක මරණ හයෙන් 5කටම හේතුව ඇලජික් – සෞඛ්‍ය ඇමැතිට දුන් වාර්තාවෙන් කියයි" | "පසුගිය කාලය තුළ රෝහල් කිහිපයක සිදුවූ සැක කරන මරණ 06කින් මරණ 05ක් දරුණු අසාත්මිකතා හේතුවෙන් සිදුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊයේ (09දා) දුන් වාර්තාව මගින් පෙන්වා දී ඇත. අසාත්මිකතා හා සංකූලතා ඇතුළු සිද්ධීන්ගෙන් මෙරට රෝහල් කිහිපයක සිදු වූ බවට සැක කරන සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්මකව සොයා බැලීම සඳහා ... |
""මහ බැංකුවේ නව තීරණයෙන් කෝටි 20,000ක් මුදල් වෙළෙඳපොළට"" | "වාණිජ බැංකු තමන් සතු තැන්පතුවලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය (ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය) අගෝස්තු 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 සිට සියයට 2.00 දක්වා අඩු කිරීමට මහ බැංකුව තීරණය කර ඇත. මේ තීරණයත් සමග දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රු. කෝටි විසිදහසක මුදල් ප්‍රමාණයක් මුදාහැරීමට අපේක්‍ෂා කරන බව මහ බැ... |
"“ඒක සංස්කරණය කරලා” හඬපට හුටපටෙන් දිල්රුක්‍ෂි ඩයස් නිදහස්" | "රටේ ආන්දෝලනයක් ඇති කළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය හා ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාපති අතර සිදුවූ බව කියන සංවාද හඬපටය සංස්කරණය කරන ලද්දක් බවට තීරණය කර දිල්රුක්‍ෂි ඩයස් මහත්මිය නිදොස් කොට නිදහස් කිරීමට රාජ්‍ය සේවා කොමිසම තීරණය කර තිබේ. 2019 වසරේදී හඬ පටයක් ස... |
"බිත්තර නිෂ්පාදනය ලක්‍ෂ 5 1/2 කින් වැඩිවෙලා සංගමය කියයි" | "දිනක බිත්තර නිෂ්පාදනය ලක්‍ෂ පහමාරක් පමණ වැඩිවී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (09දා) පැවැසීය. මේ හේතුවෙන් ලබන සතිය මුලවන විට බිත්තරයක් රුපියල් 45 ක් 46 ක් වැනි මිලකට පාරිභෝගිකයන්ට මිලදී ගතහැකි බවද ඒ මහතා කීය. පසුගිය කාලයේ රටේ බිත්තර අවශ්‍යතාවය වන ලක්‍ෂ 70 ක් වුවත් ද... |
"විල්වත්ත හරස් මඟේදී රේල් පාර උඩ කන්ටේනරයේ ඇන්ජිම ඇනහිටලා" | "එප්පාවල සිට පොහොර තොගයක් පටවාගත් කන්ටේනර් රථයක් මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටීමෙන් ඊයේ (09 දා) අනතුරට ලක් විය. පෙරවරු 5.25 ට පමණ පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියේ මෙම කන්ටේනර් රථය වැදී මේසේ අනතුරට ලක්විය. අනතුරින් ජීවිත හානි කිසිවක් සිදු නොවූවද දුම්රියේ වැදුණු කන්ටේනර් රථය මී... |
"අස්වැසුම නිර්නායක අවුල්: දුප්පතුන්ට අසාධාරණයක් වුණා – මන්ත්‍රීවරු 62ක් ජනපතිට ලියති" | "අස්වැසුම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී යොදා ගත් නිර්ණායකවල දුර්වලතාවය නිසා අඩු ආදායම්ලාභී ජනතාව විශාල පිරිසකට අසාධාරණයක් සිදුව ඇති බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් හැටදෙදෙනකුගේ අත්සනින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර ඇත. සමෘද්ධි සහනාධාරය ලැබූ දිළිඳු පවුල් ලක... |
"එක් වකුගඩුවක් හොඳින් තිබියදීත් සැත්කම ඉක්මන් කරලා වකුගඩු දෙකම ඉවත් කරලා – පියා සාක්‍ෂි දෙයි" | "සිය දරුවාගේ වකුගඩු ශල්‍යකර්මය සිදුකිරීම සඳහා රෝහල විසින් මෙම වසරේ පෙබරවාරි මස දිනයක් ලබාදී තිබියදීත් ඊට මාස කිහිපයකට පෙරම රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ඔහු ශල්‍යකර්මයකට භාජනය කළ බවත් එහිදී දුර්වල වම් වකුගඩුව මෙන්ම නිරෝගී තත්ත්වයේ තිබූ දකුණු වකුගඩුවත් ඉවත් කර ඇති බව දැන ගන්නට ලැබුණු බවත් වකුගඩු ශල්‍යකර්මයකින් අනතුරුව මියගිය... |
"වරිග සභාව ආදිවාසී දිනය සමරමින්" | "ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය අද (10 දා) ට යෙදී තිබුණි. ඒ නිමිත්තෙන් මෙරට ආදිවාසීන් විසින් වාර්ෂිකව පවත්වන ‘වරිග සභාව’ ඊයේ (09 දා) දඹාන කොටබකිනිය ගම්මානයේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා මෙරට ආදිවාසී ගම්මාන 62 ක් ආවරණය වන පරිදි ආදිවාසීන් සහභාගී වූ අතර මුල්වරට ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ආදිවාසීන් පි... |
"ජපානයෙන් යෙන් මිලියන 284ක ආධාර මුදලක්" | "ජපාන රජයෙන් ජපන් යෙන් මිලියන 284 ක ආධාර මුදලක් ශ්‍රී ලංකාවට ලැබී ඇත. ජපාන රජයේ ආධාර මත ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා මේ වර්ෂය (2023) වෙනුවෙන් මේ ආධාර මුදල ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. මේ වැඩසටහන සඳහා සම්පූර්ණ අරමුදලම ජපන් රජය විසින් ප්‍රදාන පදනම මත ල... |
"ලීසිං සහන ඉල්ලා මහ බැංකුවට කඩා වැදුණු 9ක් අත්අඩංගුවට" | "ලීසිං වාරික ගෙවීමේදී සහනයක් සලසන ලෙස ඉල්ලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (08 වැනිදා) පෙරවරුවේ කොළඹ කොටුවේ පිහිටි මහ බැංකු මූලස්ථානයට කඩාවැදී විරෝධතාවක් පැවැත්වීම නිසා එම ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත විය. මහ බැංකු මූලස්ථානයට කඩා වැදී විරෝධතා පවත්වමින් කලහකාරීව හැසිරුණු බව ... |
"කෝටි 2000ක පාරිභෝගික තැන්පතු ගැන වගන්තියක් නෑ" | "දැනට සකස්කර අවසන්ව ඇති ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පත මගින් විදුලි පාරිභෝගිකයන් විසින් තැන්පතු මුදල ලෙස ගෙවා ඇති රුපියල් කෝටි 2000 ක මුදල සම්බන්ධයෙන් කිසිදු වගන්තියක් ඇතුළත්ව නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඊයේ (08 දා) පැවැති මාධ්‍ය හමුවකදී තවදුරටත් ... |
"බැංකු පොලී තවත් අඩු විය යුතුයි – මහ බැංකු අධිපති" | "බැංකු හා මූල්‍ය ආයතනවල පොලී අනුපාත තවදුරටත් අඩු විය යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද මූල්‍ය ප්‍රතිපත්ති මෙරට සැබෑ ආර්ථිකය වෙත සම්ප්‍රේෂණය වීම නිසි අයුරින් සිදුව නොමැති බව ද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය. කොළඹදී ඊයේ (08 දා) පැවැති සම්මන්ත්‍රණ... |
"කටුගෙයි තැබිය යුතු ගුවන් යානාවලින් පුහුණුවීම් කර මිනිසුන් මියයෑමේ වගකීම ගන්නේ කවුද?" | "චීන වරාය ගුවන් පථයේදී කඩා වැටුණු චීන පීටී 06 වර්ගයේ ගුවන් යානය නිෂ්පාදනය කර ඇත්තේ 1958 දී බවත් එහි එන්ජිම නිෂ්පාදනය කර ඇත්තේ 1961 දී බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) පැවසීය. එම ගුවන් යානා කෞතුකාගාරයේ තැබිය යුතු ඒවා වුවත් දිගින් දිගටම පුහුණු කටයුතු වෙනුවෙන් භාවිත කොට මි... |
"ශාෆ්ටර්ගේ මරණය ගැන තීන්දුව පංච පුද්ගල වෛද්‍ය කමිටු වාර්තාව ලැබීමෙන් පසු" | "කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය කෙලෙස සිදුවූයේ දැයි තීන්දුව විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත පංචපුද්ගල කමිටු වාර්තාව තම අධිකරණයට ලැබීමෙන් පසුව නිකුත් කරන බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (08) දැනුම් දුන්නාය. මරණකරුගේ හා ඔහුගේ මවගේ රුධිර සාම්පල් ලබාගෙන සිදුකළ ඩී.එන්.ඒ වාර්තා... |
"උසාවි නොආ නාකොටික් අයිපීට වරෙන්තු" | "හෙරොයින් ග්‍රෑම් 70 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවක පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබා දීමට පැමිණෙන ලෙසට දන්වා සිතාසි නිකුත් කර තිබියදීත් අධිකරණය හමුවේ පෙනී නොසිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ම... |
"2026 දක්වා පොලිය 9%ක් වන ලෙස අර්ථසාධක පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය" | "වර්ෂ 2023 සිට වර්ෂ 2026 දක්වා කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලේ දායකත්ව මුදල් මත හිමිවන වාර්ෂික පොලී අනුපාතය සියයට 9 ක් විය යුතු පරිදි සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව මෙසේ අනුමැත... |
"සෞඛ්‍ය ලේකම් සහ ඖෂධ නියාමන සභාපති අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණයක් කරන්න" | "ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියා සඳහා අනුමැතිය ලබාදුන් සෞඛ්‍ය ලේකම්වරයා සහ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා වහාම අත්අඩංගට ගෙන පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන එකමුතුව ඊයේ (08 දා) ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇත. සෞඛ්‍ය සේවයේ පවතින දූෂණ සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (08 දා) පැවැති සාකච්ඡාවකින... |
"ජනපති ඉන්දියාවට දුන් පොරොන්දු සහ ගිවිසුම් ගැන දයාසිරි විවාදයක් ඉල්ලයි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දියාවට ගොස් අත්සන් කරන ලද ගිවිසුම් සහ ලබාදීමට පොරොන්දු වූ දේ පිළිබඳව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) විවාදයක් ඉල්ලා සිටියේය. එහිදී ඒ මහතා මෙසේ ද කීය. ජනාධිපතිවරයා ඉන්දියාවත් එක්ක අත්සන් කර තිබෙන ගිවිසුම් පිළිබඳව අපට විවාදයක් ඕනෑ.... |
"මහ බැංකුවේ විදේශ සංචිත ඉහළට" | "ඉකුත් ජුලි මස අගදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වන්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3762 ක් දක්වා වර්ධනය වී ඇත. ඉකුත් ජුනි මස අගදී පැවැති නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3724 ක් විය. එසේම පසුගිය ජුනි මාසයේ දී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 3680 ක්වූ විදේශ මුදල් සංචිතය ඉකුත් ජුලි මාසයේදී ඇම... |
"ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (09දා) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. එහිදී 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ලැබී ඇති සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා අදහස් දැක්වීමට නියමිත අතර 13 වන සංශෝධනයට අදාළව බලය බෙදීම සම්බන්ධයෙන් සහ වත්මන් ආර්ථික ප්‍රවණතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ව... |
"ශිවාජිලිංගම් නෙරපීමත් සමග විග්නේෂ්වරන්ගේ පක්‍ෂය දෙකඩ වීම ඇරඹෙයි" | "සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානයෙන් හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පෙරේදා (7 දා) ඉවත් කොට තිබේ. එම්.කේ. ශිවාජිලිංගම් කාලයක් දෙමළ ජාතික සන්ධානය සමග සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ අයෙකි. ඔහු පසුව විග්නේෂ්වරන්ගේ පක්... |
"පක්‍ෂ නායක රැස්වීමට එන්න ඉඩ නොදුන්නොත් ගණපූර්ණය ගැන ප්‍රශ්න මතු කරනවා" | "විපක්ෂයේ සිටින තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයන්ට පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට අවස්ථාව නොදෙන්නේ නම් සභාවේ රැක සිට මන්ත්‍රීවරුන් නොමැති අවස්ථා බලා ගණපූර්ණය පිළිබඳව ප්‍රශ්න මතු කරන බව විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) සඳහන් කළේය. ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගෙන සිටින විමල්, වාසුදේව, ගම්මන්පිල ඇතු... |
""බටහිර, ආයුර්වේද, හෝමියෝපති හොර වෛද්‍යවරු 40,000ක් රට පුරා"" | "බටහිර, ආයුර්වේද සහ හෝමියෝපති වෛද්‍යවරු ලෙස පෙනී සිටිමින් වෛද්‍ය වෘත්තියේ නියැලෙන ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 ක් පමණ රට තුළ සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. රෝගී ජනතාවගේ ජීවිත අවදානමේ දමමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාජ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට නීති පද්ධතියේ පවතින න... |
"ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා මේ වසරේදී පමණක් ශ්‍රමිකයන් 241 දෙනෙක් යවලා…" | "ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයන් විසි දෙදෙනකු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ප්‍රදානය කරනු ලැබූ අතර මේ වසරේදී ශ්‍රමිකයන් 241 දෙනෙක් ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා පිටත් කර යවා තිබේ. මේ වසර තුළදී ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා පිටත් කර යැවූ ශ... |
"ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තු බහුතරයෙන් සම්මත කළ යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි" | "ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද ‘ධීවර හා ජලජ සම්පත් (සංශෝධන)’ නමැති පනත් කෙටුම්පත සලකා බැලීමේදී, එහි 2, 3 සහ 7 වන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (08දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. එම වගන්ති දැනට පවතින ආකාරයට සම්ම... |
"ඉන්ටෙක්ස් දකුණු ආසියාවේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර රෙදිපිළි අමුද්‍රව්‍ය ප්‍රදර්ශනය මේ මස 09-11 දක්වා ශ්‍රී ලංකාවේදී" | "ඉන්ටෙක්ස් ජාත්‍යන්තර රෙදිපිළි අමුද්‍රව්‍ය ප්‍රදර්ශනය යළි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. එය 09දා සිට 11 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. වසර 2015 සිට මෙරට ව්‍යාපාරික සහයෝගිතාවට පහසුකම් සැලසීම, නවෝත්පාදන වර්ධනය කිරීම සහ වෙළෙඳ අවස්ථා ප්‍රවර්ධනය කිරීම සිදු කරන ඉන්ටෙක්ස් ... |
"2 වැනි වගන්තිය ව්‍යවස්ථාවට අනුකූල නෑ – පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 න් ජනමත විචාරණයෙන් සම්මත විය යුතුයි" | "හිටපු මන්ත්‍රීවරුන් යළි බළගැන්වෙන පරිදි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ “ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගරසභා (සංශෝධන)”පනත් කෙටුම්පත් තුනම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කර ජනමත විචාරණයකදී ජනතාව විසින් ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක මහින්ද යාපා අබේ... |
"මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට වෙඩි තැබූ සුරාබදු නිලධාරීහු ඇප මත මුදාහැරෙති" | "පෙරේදා (07 දා) පස්වරුවේ මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පැමිණි වාහනයක් ඉලක්ක කොට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සුරාබදු පරීක්ෂකවරයකු ඇතුළු සුරාබදු නිලධාරීන් සිවුදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපමත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්... |
"දෝෂය තහවුරු වනතෙක් පී. ටී. 06 යානා ගුවනට යෑම අත්හිටුවයි – ගුවන් හමුදාපති කියයි" | "ගුවන් පරීක්‍ෂණ පියාසැරියක යෙදී ගොඩබෑමට එමින් තිබූ ගුවන් හමුදාවට අයත් පී.ටී. 06 වර්ගයේ පුහුණු ගුවන් යානයක් ත්‍රිකුණාමලය චීනවරාය ගුවන් හමුදා කඳවුරේ ගුවන් ධාවන පථය ආසන්නයට කඩා වැටීමෙන් එහි ගමන් කළ ගුවන් හමුදා නිලධාරීහු දෙදෙනා මරුමුවට පත්වූහ. අලුත්වැඩියාවකින් පසු පරීක්‍ෂණ පියාසැරියක යෙදුණු යානය ගුවන් පථයට ගොඩබෑමට ඉතා ආසන්... |
"රාජ්‍ය පරිපාලනයට ඇවිත් උමාරා ප්‍රකාශයක් දෙයි – ‘මහතා’ යැයි නොකී බව කියයි" | "ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබූ ගායන ශිල්පිනි උමාරා සිංහවංශ මහත්මිය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන් බව අතිරේක ලේකම් ධම්මික මුතුගල මහතා ‘දිවයින’ට ඊයේ (7 දා) පැවසීය. මෙම සිද්ධිය සම... |
"නියඟයෙන් සිඳෙන නුවර වැව රක්‍ෂිතයේ – කැලෑ පාළුවෝ උලාකති" | "දැඩි නියං කාලගුණයත් සමඟ වැව් සිඳී යන මොහොතක, අනුරාධපුර නගරයට සහ පූජා නගරයට පානීය ජලය සැපයෙන නුවර වැව රක්ෂිතයේ ඇති වසර ගණනාවක් පැරණි ගස් කපා දමා වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක් සිදු වන බව නුවර වැව අවට ප්‍රදේශවාසීහු පවසති. අනුරාධපුර කීරියගස් හන්දියත්, ඉච්චන්කුලම මෙත් හිමි මාවතත් අතරමැද ඇති නුවර වැවේ මෙම රක්ෂිත කොටස කපා ද... |
"නාකොටික් සටහන පරස්පරයි – චෝදනා 16කට වසර 4ක් රිමාන්ඩ් භාරයේ සිටි දෙදෙනා නිදොස් කොට නිදහස්" | "වැටලීමක් සිදු කළ බව කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වැටලීම සඳහා කාර්යාලයෙන් පිටවීමට අදාළව තැබූ පිටවීමේ සටහනක් පරස්පරවීම නිසා හෙරොයින් ග්‍රෑම් 88.072 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 252 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම මෙන්ම ජීව උණ්ඩ 67 ක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 16 ක් යටතේ පවරා තිබූ නඩුවක වි... |
"සමනල වැවෙන් ගොවීන්ට ජලය දෙන්න කැබිනට් අනුමැතිය" | "කෘෂිකාර්මික කටයුතු සඳහා සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. මේ සම්බන්ධයෙන් අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සහ විසඳුම් ලබාදීම පිළිබඳ යෝජනා මාලාවක් සකස් කිරීම ඊයේ (07 දා) පෙරවරුවේදී විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී සිදුව ඇත. වාර්මාර්ග දෙපාර්තමේන්තුව සහ විදුලිබල මණ්ඩලය අතර පෙරේදා (06දා) ජන... |
"නියං ආපදා මුල්කරගෙන විරෝධතා රැල්ලක් ගැන බුද්ධි අංශ හෙළි කරයි" | "ස්වාභාවික ආපදාවක් වන නියං තත්ත්වය මුල්කරගෙන ගොවි ජනතාව අතර මේ වන විට ඇතිවී තිබෙන නොසන්සුන් තත්ත්වය උපයෝගි කරගෙන රජයට එරෙහිව එම ගොවි ජනතාව පාරට බස්සවා නැවතත් විරෝධතා රැල්ලක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් සංවිධානාත්මකව දියත් වෙමින් ඇති බවට බුද්ධි අංශ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රහස්‍ය වාර්තාවක් ලබාදී ඇතැයි පොලිස් ... |
"ජගත් ඔලිම්පියාඩ් ශූරයන්ට උපහාර පුදයි" | "ජපානයේදී හා බල්ගේරියාවේදී පසුගියදා පැවැති අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේ හා අන්තර්ජාතික ගණිත තරගාවලියේ ජයග්‍රහණය කළ සිසුන් සඳහා උපහාර පිදීමේ උත්සවයක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්විණි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත ශාඛාව සහ ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් පදනම එක්ව එය සංවිධානය කළ අතර සේයාරුවෙන් දැක්වෙන්නේ එම අවස... |
"හිටපු කම්කරු ප්‍රධානීන් දෙදෙනකුට එරෙහි නඩුවෙන් විනිසුරු ඉවත් වෙයි – උසාවියට භාරවීමට නියෝග කළ කම්කරු ලේකම් තාමත් නිදැල්ලේ" | "හොරණ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක මින් වසර හතරකට පමණ පෙර සිදුවූ හදිසි අනතුරකින් පස්දෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කර්මාන්තශාලාවේ පාලනාධිකාරියට එරෙහිව අසත්‍ය සාක්‍ෂි සකස් කොට හෝ නඩු පවරන ලෙසට කළුතර දිස්ත්‍රික් කම්කරු පරීක්‍ෂක ඉංජිනේරුවරයාට බලපෑම් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පෙර කී සැකකරුවන් දෙදෙනාට ... |
"බන්ධනාගාර නියාමකට පහරදීමට සම්බන්ධ හරක් කටාගේ හිතවතුන් 4 ක් බූස්සට යවයි" | "ගාල්ල බන්ධනාගාර නියාමකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ‘හරක්කටාගේ’ සමීපතමයන් වන රැඳවියන් සිව්දෙනකු අධිආරක්‍ෂිත බූස්ස බන්ධනාගාරයට යැවීමට කටයුතු කර ඇත. පහරකෑමට ලක් වූ නිලධාරියා මාතර බන්ධනාගාරයේ රාජකාරි කළ සමයේ නීති විරෝධී ජංගම දුරකථන ඇතුළු තහනම් භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම නිලධාරියාට තොරතුරු ලබාදුන් බවට චෝද... |
"හදිසි මිලදී ගැනීම් මගින් ඖෂධ ගැනීමෙන් රු. බිලියනයකට අධික මුදල් අවභාවිතාවක්" | "ආන්දෝලනයට ලක් වූ ‘සෙෆියුරොක්සීම්’ ප්‍රතිජීවක ඖෂධ එන්නත් මිලියන දෙකහමාරක් හදිසි මිලදීගැනීම් යටතේ ගැනීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියනයකට අධික මුදලක් සෞඛ්‍ය සේවාවට අහිමි කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. හදිසි මිලදී ගැනීම් සඳහා භාවිත කෙරෙන ක්‍රමවේදයේ විකෘති බව සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර... |
"ආණ්ඩුව මොන උප්පරවැට්ටි දැම්මත් එන වසරේ ජනාධිපතිවරණය ලැබේවි – ජී. එල්. පීරිස්" | "වත්මන් රජය මැතිවරණ භීතිකාවකින් පෙළෙන බවත්, මොන උප්පරවැට්ටි දැමුවත් ජනාධිපතිවරණය කල්දැමීමට නොහැකි නිසා එය වසරකින් පැවැත්විය යුතු බවත් නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (07 දා) පැවසීය. ජනතා ගැටලු වෙනත් මඟකට යොමු කිරීමේ ආණ්ඩුවේ කූට උපක්‍රමයක් ලෙස 13 වන සංශෝධනය ගෙන ඒමට උත්සා... |
"‘නවලිය’ පුවත්පතට 41 යි" | "අපේ රටේ කාන්තා පුවත්පත් අතර ආකර්ෂණීය පුවත්පතක් වන උපාලි පුවත්පත් සමාගමේ ‘නවලිය’ පුවත්පත 41 වැනි වියට පා තැබීම ඉකුත්දා සිදුවිය. ඒ සඳහා නවලිය වෙබ් අඩවිය ද නව මුහුණුවරකින් එළිදැක්විණි. ඒ නිමිත්තෙන් පැවැති චාම් උත්සවයට උපාලි සමූහ ව්‍යාපාරයේ සන්නාම අධ්‍යක්‍ෂිකා කරිෂ්මා වෙල්ගම මෙනවිය, පුවත්පත් සමාගමේ මූල්‍ය අධ්‍යක්‍ෂ ලක්‍ෂ්... |
"උතුරු නැඟෙනහිර පළාත් සභා ඡන්දය පවත්වන්නැයි ටී. එන්. ඒ. ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ඉල්ලයි" | "උතුරු-නැඟෙනහිර පළාත් දෙකෙහි පමණක් හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ක්‍රියාකරන ලෙසට ශ්‍රී ලංකා රජයට බලකරන්නැයි දමිළ ප්‍රගතිශීලී සන්ධානය විසින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. සිය සන්ධානය පසුගියදා ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග පැවැති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව එහි නායක පාර්ලිමේන... |
"මන්නාරමේ මෙගාවොට් 15 ක සුළං බල විදුලි බලාගාරය විවෘත කරයි" | "මන්නාරමේ නානාට්ටන් නරුවිලිකුලම් ප්‍රදේශයේ ඉදි කළ මෙගා වොට් 15 ක සුළං බල විදුලි උත්පාදන බලාගාරය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් පසුගිය (6දා) විවෘත කරනු ලැබීය. මේ වසරේ සැප්තැම්බර් මාසයේදී විවෘත කිරීමට සැලසුම් කොට තිබූ මෙම විදුලි බලාගාරයේ සියලු ඉදිකිරීම් කටයුතු දේශීය ඉංජිනේරුවරුන් ලහි ලහියේ සිදු කොට... |
""ප්ලාස්ටික් මල්මාලා, හැඳි, ගෑරුප්පු, බීම බට හා ඉඳිආප්ප තට්ටු තහනමක්"" | "ප්ලාස්ටික් අයිතම කිහිපයක් භාවිතය තහනම් කිරීමට ඉදිරි සති දෙක තුළදී පියවර ගන්නා බව පරිසර අමාත්‍යාංශය පවසයි. ප්ලාස්ටික් මල්මාලා, එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ප්ලාස්ටික් බීම බට, ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු වැනි අයිතම කිහිපයක් මෙලෙස භාවිතය තහනම් කෙරේ. ‘ස්ථාවර රටකට – සැවොම එක මඟකට’ මැයෙන් ජනා... |
"කොග්ගල වසා දැමූ ඇඟලුම් කම්හල් දෙකක් යළි අරී" | "කොග්ගල ආයෝජන කලාපයේ වසා දැමුණු ඇඟලුම් කම්හල් දෙකක් නැවත විවෘත කිරීමට කටයුතු කර ඇත. මෙමගින් රැකියා අහිමි වූ සේවකයන් 2500 කට පමණ නැවත රැකියා අවස්ථා හිමිවන බව ආයෝජන මණ්ඩලය පවසයි. ආයෝජන කලාපයේ පිහිටා ඇති මෙම කම්හල් සතුව ඇමරිකන් ඩොලර් මිලියන සිය ගණනක් තිබූ අතර ආයෝජන මණ්ඩලයේ මැදිහත්වීම මත මෙරට පුරෝගාමී සමාගමක් විසින් මෙම කම... |
""පෑවිල්ලේ තරම! – දිස්ත්‍රික් 12 ක 1,56,000 ක් පීඩාවට"" | "පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 40 ක පමණ පවුල් 48,000 කට අයත් පුද්ගලයන් 1,56,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතා පවසයි. පීඩාවට පත් ජනතාව සිටින දිස්ත්‍රික්කවල රෝහල් සඳහා පානීය ජලය සැපයීමේ විශේෂ... |
""පෑවිල්ලේ තරම! – දිස්ත්‍රික් 12 ක 1,56,000 ක් පීඩාවට"" | "පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 40 ක පමණ පවුල් 48,000 කට අයත් පුද්ගලයන් 1,56,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතා පවසයි. පීඩාවට පත් ජනතාව සිටින දිස්ත්‍රික්කවල රෝහල් සඳහා පානීය ජලය සැපයීමේ විශේෂ... |
"යුද හමුදා සේවා වනිතා වෙබ් අඩවිය එළිදකී – රණවිරුවෙකුටත් නිවසක් පරිත්‍යාග කරයි" | "යුද හමුදා සේවා වනිතා වෙබ් අඩවිය එළිදැක්වීම සහ රණවිරුවන් වෙත විශේෂ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා (04දා) යුද හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සේවා වනිතා සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී. එහිදී මානුෂීය මෙහෙයුමේදී කාය දානය ලබාදුන් රණවිරුවක... |
"දිස්ත්‍රික්ක 5ක් වියළෙයි" | "රට තුළ පවතින නියං තත්ත්වය හේතුවෙන් පළාත් 04 ක දිස්ත්‍රික්ක 05 ක පවුල් 27883 ක පුද්ගලයන් 89840 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වැඩිම පිරිස වන යාපනයෙන් පමණක් පුද්ගලයෝ 69113 ක් පීඩාවට පත්ව සිටිති. සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය, නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය, වයඹ පළාතේ පුත්තලම සහ කුර... |
"13 ගැන කිසිවක් කතා නොකරන සජිත් ජනාධිපති ධුරයට කිසිසේත් සුදුසු නෑ – විග්නේෂ්වරන් කියයි" | "දෙමළ ජනතාව තුළ සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු කැමැත්තක් නොමැති නිසා ඔහු ජනාධිපති ධුරයට කිසිසේත්ම සුදුසු පුද්ගලයකු නොවන බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී. වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා යාපනයේදී 5 දා පැවසීය. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව යාපනයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා සඳහන් කළේ... |
"මිහින්තලේ විදුලිය කැපීමෙන් රජය ව්‍යවස්ථාව උල්ලංඝනය කළා – සජිත් ප්‍රේමදාස" | "බුද්ධ ශාසන අමාත්‍යවරයා කියල තිබුණා වෙනදාටත් වඩා ආගමික නිදහස මෙරට තුළ වර්තමානයේ ස්ථාපිත කර තිබෙනවා කියලා. මෙරට බුදුදහම ස්ථාපිත වූ ඓතිහාසික මිහින්තලය පුදබිමේ විදුලිය විසන්ධි කිරීම තුළින්ම ඒ බව මනාව පැහැදිලි වෙනවා. ඒ ගෞරවය රජයට හිමි වෙනවා. මේ විදුලිය විසන්ධි කිරීම තුළින් පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ... |
"පාසල් වාර 3 ට වැඩ පොත කොටස් තුනකින්" | "ඉදිරියේදී එක් පාසල් වාරයක් සඳහා එක් වැඩ පොතක් ලෙස වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුක්තව සිසුන්ට ලබාදෙන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පාසල් සිසුන්ගේ පොත් බෑගයේ අධික බර අඩු කිරීම මෙමගින් අපේක්ෂා කරන බව ද ලබන වසරේ (2024) සිට පළමු වසරෙන් ආරම්භ වී සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩුකර වසරකට එක විභ... |
"කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ තිබූ තාජුඩීන්ගේ අවයව කොටස්වලට 2019න් පස්සේ වෙච්ච දෙයක් නෑ – හිටපු ජනපති මෛත්‍රී කියයි" | "මිනීමරුවන් මංකොල්ලකාරයන් දූෂිතයන්ට දඬුවම් දෙන්න පාර්ලිමේන්තුවේ පනත් සීයක් ගෙනාවත් නොහැකි බවත් ඒ අනුව තාජුඩීන් ඝාතනයේ අවයව කොටස් කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ තිබූ බවත් එය 2019 න් පසුව අතුරුදන් වී ඇති බවත් ඒ අනුව නැවත නඩු වාරයකදී එය ඔප්පු කිරීමට එය සොයාගත නොහැකි බවත් පාර්ලිමේන්තුවේ සීයක් පනත් සම්මත කෙරුවත් එම නඩු විභාග ... |
"දකුණේ විදුලි සැපයුමට බාල්දි පෙරළන බහිරවයෙක්" | "ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යන්ත්‍රයෙන් දකුණු පළාතට විදුලිය දීමට නොහැකිවී ඇත්තේ ලෝක බැංකුව සමග සබඳතා පවත්වන කාන්තාවක සිටින නිසා බව ජනාධිපති කාර්යාලයට ලබාදුන් රහස්‍ය වාර්තාවක සඳහන් වේ.දකුණු පළාතට විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ යාන්ත්‍රණයෙන් විදුලිය දීමට ප්‍රමාදවීම සොයා බලන ලෙස ජනාධිපතිවරයාගේ නියෝගයෙන් කළ විමර... |
"ලක්‍ෂ 26ක හිඟ විදුලි බිලක් අපට ලැබුණේ නෑ" | "තමාගේ විවාහ මංගල්‍යයට වැය වී ඇති රුපියල් ලක්‍ෂ 26 ක විදුලි බිල නොගෙවීම ගැන චෝදනාවක් එල්ල වුවත් එවැනි විදුලි බිලක් තමාට හෝ තමාගේ පියාගේ නමට නොලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිංගිරිය ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගිවෙමින් ඒ මහතා මේ බව පැවසීය. බිංගිරිය – බෝවත්ත සතිපොළ භූමි... |
"දරුවන් අතර විජලනය වැඩියෙන් වතුර බොන්න – වෛද්‍ය දීපාල් පෙරේරා" | "පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ දරුවන් අතර විජලනය, පාචනය වැනි රෝග පැතිරයෑමේ අවදානමක් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. මේ නිසා දරුවන්ට වැඩිපුර ජලය පානය කිරීමට ලබාදිය යුතු බවත් පැවසූ ඒ මහතා වියළි කාලගුණ තත්ත්වයත් සමඟ පාචනය වැනි රෝග ද දරුවන් අතර පැතිර යා හැකි බවත් කියා සිටියේය... |
"අතීත ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය හා ප්‍රමිතිය යළි ඇති කරගත යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමින් කියයි" | "ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගිය විශිෂ්ට නිර්මාණ වන රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි නිර්මාණ සමඟ එදා මෙරට ගෘහ නිර්මාණ ශිල්පය අත්කරගෙන සිටි විශිෂ්ටත්වය හා ප්‍රමිතිය යළි ඇති කරගත යුතු බවත් ඊට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම අනාගත දේශගුණික විපර්යාසවලට ගැළපෙන ගෘහ... |
"උසුලාගෙන යෑමට පහසු වන පරිදි පාසල් සිසු පොත් බෑගයේ අඩු කිරීමට අපේක්ෂා කරනවා – ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත" | "ඉදිරියේදී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබාදෙන බවත් උසුලාගෙන යෑම පහසු වන පරිදි පාසල් සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩු කිරීම එමගින් අපේක්ෂිත බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. සිසුන්ගේ කශේරුකාව සෘජුව තබාගෙන ශරීර සුවතාව ආරක්ෂා... |
"අගමැති නැගෙනහිර ගොවිබිමට" | "ත්‍රිකුණාමල, සේරුනුවර කාවන්තිස්සපුර ගම්මානයේ කුඹුරුයායක අස්වැන්න නෙළන ගොවීන් සමග අග්‍රාමාත්‍යවරයා පිළිසඳරක යෙදුණු අවස්ථාව. මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයන්හි ‘අලුත් රටක්-අලුත් ගමක්’ ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනට සහභාගි වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නැගෙනහිර පළාතේ ගොවිබිම් රැසකට ගොස් ගොව... |
"ලංකා ඔටෝ මොබයිල් සංගමයේ නියෝජිතයන් හා රාජ්‍ය ප්‍රවාහන අමාත්‍යවරයා අතර හමුවක්" | "ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයාගේ ආරාධනයක් මත ලංකා ඔටෝ මොබයිල් සංගමයේ (AAC) නියෝජිතයන් වන ධම්මික ආටිගල (සභාපති), කීර්ති ගුණවර්ධන (උප සභාපති), පියංකර ජයරත්න (උප අනුශාසක) සහ දේවප්‍රිය හෙට්ටිආරච්චි (ලේකම්) යන මහත්වරුන්ගෙන් සමන්විත හමුවක් ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ එම... |
"ඩුබායි පැන්න පාතලයට රතු වරෙන්තු" | "ඩුබායි රාජ්‍යයේ සැඟවී සිට මෙරට ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබාගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන මිනිස් ඝාතන සිදු කරන පාතාල නායකයන් ජාත්‍යන්තර පොලිසියේ ද සහය ලබාගෙන අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ වැඩපිළිවෙළක් නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය සහ පොලිසිය විසින් ආරම්භ කර ඇත. නීතිය සාමය පිළිබඳ අමාත්‍යවරයාගේ උප... |
"නැවෙන් ගොඩ යන්න ජනපතිට ප්‍රංශ සහාය" | "මෙරට නැව් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ප්‍රංශ රජයේ සහාය ලබා දීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පොරොන්දු වී ඇත. ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර පැවැති කෙටි හමුවේදී මෙම පොරොන්දුව ලබාදී ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ සම්බන්ධයෙන් ජනපති ... |
"13 ගැන යෝජනා 15දාට පෙර ඉල්ලයි" | "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් හෝ යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් වෙත ලිඛිතව දැනුම්දී ඇත. එම අදහස් හෝ යෝජනා මෙම මස 15 වැනිදාට පෙර ලබාදෙන ලෙස ද ඉල්ලා තිබේ. ඉකුත් ජූලි මස 26 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙ... |
"ගෑස් මිල ශේප් එකේ – සභාපති මුදිත කියයි" | "ලිට්‍රෝ ගෘහස්ත ගෑස් මිලෙහි සංශෝධනයක් අගෝස්තු මාසය සඳහා සිදු නොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඇමරිකානු ඩොලර් 87 කින් ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව ගෑස් මිල රුපියල් 450කින් වැඩි කළ යුතුව තිබූ බවත් හෙතෙම කීවේය. කෙසේ වෙතත්, පසුගිය මාසයේ ගෑස් ටොන් දසදහසක් වැඩිප... |
"ලංගම මි.2508ක් වැඩිපුර ඕ.ටී. ගෙවලා" | "ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් එහි සේවකයන්ට 2022 වර්ෂයේ දී රුපියල් මිලියන 2,508 ක මුදලක් අතිකාල දීමනා වශයෙන් වැඩිපුර ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි. අතිකාල දීමනා ගෙවීම විනිවිදභාවයෙන් තොරව සිදුකර ඇති අතර අතිකාල පාලනය සම්බන්ධයෙන් කළමනාකාරණය තම වගකීම නිසි පරිදි ඉටුක... |
"පිරිවෙන් අධ්‍යාපනයට සම්පූර්ණ වෙනසක් ඕනෑ – පිරිවෙන් අධ්‍යක්ෂ ජනරාල් කුඹල්ගොඩ ධම්මාලෝක හිමි" | "වත්මන් පිරිවෙන් අධ්‍යාපනය තුළින් ගුණ ගරුක භික්ෂුවක් බිහි කිරීමේ ගැටලුවක් පවතින බව පිරිවෙන් අධ්‍යක්ෂ ජනරාල් දර්ශන විශාරද කුඹල්ගොඩ ධම්මාලෝක හිමියෝ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසූහ. එබැවින් වහාම පිරිවෙන් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ. සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය හා සැසඳීමට යෑම නිසා ... |
"නියඟයේ පණිවිඩය ජනතාවට නොගියේ ඇයි? – ඇමැති අමරවීර" | "දැඩි නියඟය සහිත කාලගුණික තත්ත්වයක් පැමිණෙන බවට අනතුරු අඟවා තිබියදීත් එම පණිවුඩය ජනතාවට යොමු නොවීම සම්බන්ධව අවධානය යොමු කළ යුතුව ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. උඩවලවේ ජලාශය යටතේ කුඹුරු වගාව සඳහා ගොවීන්ට ජලය නිකුත් කළ අවස්ථාවේ සතියක කාලයක් ඇළවල් දිගේ ජලය ගලාගෙන ගිය ද ඔවුන් වගා කටයුතු ආරම්භ කළේ සතියක් පමණ... |
"ඒස් ඇඹිලිපිටියට බැල්ම දායි – හදිසි මිලදී ගැනීම්වලට විදුලි ඉංජිනේරුවෝ පිරිසක් කෙළ ගිලිති" | "කෘෂිකාර්මික කටයුතුවලට සමනලවැවේ ජලය මුදාහැරිය යුතු බව කියමින් ඇඹිලිපිටිය ‘ඒස් පවර්’ නමැති පුද්ගලික ඩීසල් බලාගාරයෙන් (මෙගාවොට් 100) හදිසි විදුලිය මිල දී ගැනීමට විදුලිබල මණ්ඩලයේම එක්තරා පිරිසක් සැරසෙන බව එහි නිලධාරීහුම පවසති. දකුණු පළාතේ විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා 2000 වසරේ සිට ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම්ගතව සිටි අතර ... |
"කොමිසමේ තටු කපන්න නව විදුලි බල පනතක් – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික" | "“විදුලි ගාස්තු අනුමත කිරීමේ බලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් උදුරා ගැනීම සඳහා විදුලි බල ඇමැතිවරයා හොර රහසේ නව විදුලි බල පනතක් කෙටුම්පත් කරනවා” යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. හදිසි විදුලිය මිලදී ගැනීම, විදුලි ගාස්තු වැඩි කිරීම, විදුලි බලාගාර ක... |
"තෙල් සංස්ථාවට හා බලශක්ති නිශ්පාදකයන්ට බිලියන 217ක් ණයයි" | "ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම වර්ෂයේ (2023) අප්‍රේල් මස අවසන් වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් වෙත රුපියල් බිලියන 216.92ක ණය මුදලක් ගෙවීමට ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි. විදුලිබල මණ්ඩලය විසින් පුනර්ජනනීය බල... |
"රාජ්‍ය ආයතන 52කට බිලියන 144ක ලාභයක්" | "මෙරට රාජ්‍ය ආයතන 52ක් මෙම වර්ෂයේ (2023) පළමු මාස හතර තුළ රුපියල් බිලියන 144ක ලාභයක් වාර්තා කර ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි. ඉකුත් වර්ෂයේ (2022) පළමු මාස හතරේ දී මෙකී රාජ්‍ය ආයතන 52 විසින් රුපියල් බිලියන 859ක අලාභයක් වාර්තා කර තිබුණි. එකී අලාභයට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස හතරේ... |
"‘එජාප 77’ සංවිධානය කරන්න 14ක කමිටුවක්" | "එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සම්මේලනය සංවිධානය කිරීම වෙනුවෙන් 14 දෙනකුගෙන් යුතු කළමනාකරණ කමිටුවක් පිහිටුවීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කර තිබේ. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත් සතියේ පැවැති අවස්ථාවේ දී මෙම තීන්දුවට එළැඹ ඇත. ම... |
"රාහුල් ගාන්ධිට පාර්ලිමේන්තු යන්න පුළුවන් – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි" | "ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂයේ නායක හා එරට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක රාහුල් ගාන්ධි වරදකරු කරමින් එරට මහාධිකරණයක් විසින් ලබාදී තිබූ තීන්දුවක් අත්හිටුවමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04 දා) තීන්දුවක් නිකුත් කොට ඇත. එකී තීන්දුව අනුව රාහුල් ගාන්ධිට නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හා එරට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ලෙස ක... |
"තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ" | "තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම කටයුතු සැප්තැම්බර් පළමු සතිය වන විට සිදුවෙනු ඇති බව ද වාර්තා වෙයි. දැනට ආනයන සීමාවලට ලක්කර ඇති භාණ්ඩ ප්‍රමාණය 900 ක් පමණ වේ. ශ්‍යාම් නුවන් ගනේවත්ත" |
"‘දිවයින’ අනාවරණය කළ පාතාලය : චූටි මල්ලිගේ කල්ලිය කඳානේ කෝටිපති ගෙදරට හතර අතට වෙඩි තබයි" | "රුපියල් විසි ලක්‍ෂයක කප්පම් මුදලක් ලබානොදුන් බව කියන සිද්ධියක් මුල්කර ගෙන ඩුබායි හි සැඟවී සිටින පාතාල කල්ලි නායක චූටි මල්ලී නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු කඳාන ජියෝ මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසට ඊයේ (04 වැනිදා) උදෑසන කඩාවැදී ටී 56 අවියකින් හතර අතට වෙඩි තබා මුළු ප්‍රදේශය ම භීතියට පත් කර පලාගොස් ඇත. මෙම ප්‍රහාරයෙන් ධනව... |
"ණය ප්‍රතිව්‍යුහගතකරණය නියෝග අරන් නවත්වන්න බෑ – නැවැත්විය හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි" | "ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නැවැත්විය හැකි එකම ආයතනය පාර්ලිමේන්තුව පමණක් යැයි ද ඒ නිසා එම ක්‍රියාවලිය වැළැක්වීමට වෙනත් ආයතනවලින් නියෝග ලබාගැනීමට උත්සාහ නොකරන්න යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (04 වැනිදා) පැවැති ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයේ විසිනව වන වාර්ෂික මහ සභා ... |
"සජිත් මිහින්තලේ ලයිට් බිල ගෙවයි" | "ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරයේ රුපියල් ලක්‍ෂ හතළිස්එකක හිඟ විදුලි බිල්පත සමගි ජනබලවේගයේ සාමාජිකයන් හා දානපතියන්ගේ සහායෙන් ගෙවා දමා තිබේ. හිඟ විදුලිබිල මත පෙරේදා (03දා) මිහින්තලේ රජමහා විහාරයේ විදුලිය කපාදමා තිබිණි. මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මිහින... |
"ජලාශවල ජල මට්ටම 32% ට බසී" | "පවතින නියං තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රධාන ජලාශ තුළ මේ වනවිට ජලය ඇත්තේ සියයට 32 ක ප්‍රමාණයක් බව වාර්මාර්ග අධ්‍යක්ෂ වාරිමාර්ග ඉංජිනේරු (ජල කළමනාකරණ) සුදර්ශනී විදානපතිරණ මහත්මිය ‘දිවයින’ට ඊයේ (04දා) පැවසුවාය. කෙසේ වෙතත්, කෘෂිකර්මාන්තයට අවශ්‍ය කරන ජලය කළමනාකරණය කරමින් ලබාදීමට මේ වනවිට පියවර ගෙන ඇතැයි ද ඇය කියා සිටියාය. තවද... |
"ගිනි අව්වට මල්ලාවි වැවේ මාළු ලක්‍ෂ ගාණක් මැරිලා" | "මුලතිව් මල්ලාවි වැවේ මසුන් ලක්ෂ ගණනක් දැඩි අව් රශ්මිය නිසා මියගොස් ඇති අතර බොහෝ දෙනකු එම මසුන් එකතු කොට අලෙවි කිරීමට පටන් ගෙන තිබේ. මල්ලාවි වැසියෝ මියගිය මසුන් එකතු කොට ගොඩවල් ගසා එම මසුන් ගොඩවල් ඉතා අඩු මිලකට අලෙවි කිරීමට පටන් ගෙන ඇති නිසා වහාම පොලිසියට ඒ සම්බන්ධයෙන් මැදිහත් වී මසුන් අලෙවි කිරීමට ඉඩ නොදිය යුතු බව සෞඛ... |
"ගෑස් මිල ශත පහකින්වත් වැඩි කරන්නේ නැහැ – ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්" | "මිල අඩු වැඩිවීම් අනුව ඊයේ (4 දා) දිනයේ මිල සංශෝධනයක් සිදුකළ යුතුව තිබුණත් ගෑස් මිල ශත පහකින්වත් වැඩි නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ට ඊයේ (4 දා) පැවසීය. ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඇමරිකානු ඩොලර් 87 කින් ඉහළ ගිය ද, පසුගිය මාසයේ ගෑස් ටොන් 10,000 ක ප්‍රමාණයක් වැඩියෙන් ඇණවුම් කිරීම නිසා මෙලෙස ග... |
"මහර සජබ සංවිධායක ලේ දන්දෙමින්…" | "ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 2003 වසරේ ආදි ශිෂ්‍ය සංගමය ඉකුත් පොහෝ දින පැවැත්වූ ලේ දන්දීමේ පිංකමේදී මහර සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක හසිත් ගුණසේකර මහතා ද ලේ දන්දීමට එක්ව සිටි අයුරු." |
"රාහුල් ගාන්ධිට පාර්ලිමේන්තු යන්න පුළුවන් – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි" | "ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂයේ නායක හා එරට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක රාහුල් ගාන්ධි වරදකරු කරමින් එරට මහාධිකරණයක් විසින් ලබාදී තිබූ තීන්දුවක් අත්හිටුවමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04 දා) තීන්දුවක් නිකුත් කොට ඇත. එකී තීන්දුව අනුව රාහුල් ගාන්ධිට නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හා එරට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ලෙස ක... |
"ණය ප්‍රශස්තකරණයේදී කිසිවකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නෑ – ජනපති රනිල් වික්‍රමසිංහ" | "රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය. පැරණි දේශපාලනයේ නිරතව යළි මේ රට අරාජික කිරීමට තමා ඉඩ නොදෙන බවත්, දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට භාරගත් ... |
"මෙවන් අර්බුදයන්ට මුහුණ දුන් රටවල් මෙතරම් ඉක්මනින් ඔළුව උස්සලා නැහැ – අගමැති දිනේෂ් ගුණවර්ධන" | "රාජ්‍ය සේවයෙන් විශාල ප්‍රමාණයක් අයින් කරන්න කියලා යෝජනා ආවත් අපි ඒක කළේ නැතැයි පසුගිය 3 දා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ‘අලුත් ගමක් – අලුත් රටක්’ ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනනේ දී අගමැතිවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පැවසීය. දැවැන්ත මුදල් අර්බුදයකට ශ්‍රී ලංකාව මු... |
"මේ රටේ තරුණ තරුණියන් සියයකට අසූවකට පමණ විශ්වවිද්‍යාලයට යෑමේ අවස්ථාව ගිලිහිලා – කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා" | "උසස් පෙළෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන තරුණ තරුණියන්ගෙන් සියයට විස්සක පමණ ප්‍රමාණයකට පමණක් විශ්වවිද්‍යාලයට යෑමට වරම් ලැබෙන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මීගමුව බෝලවලාන පැවති උත්සවයක දී ප්‍රකාශ කළේය. කාදිනල්තුමා එසේ ප්‍රකාශ කළේ බෝලවලාන ශුද්ධෝත්තම සොළොස්වෙනි බෙනඩික් පිය උසස් අධ්‍යාපන ආයතනයේ නව ග... |
"වෛද්‍ය ආඥා පනත සහ ඖෂධ නියාමන අධිකාරි පනතේ නව වෙනස්කම් ගැන පුළුල් කථිකාවතක් අවශ්‍යයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය" | "වෛද්‍ය ආඥා පනත සහ ඖෂධ නියාමන අධිකාරි පනත සම්බන්ධයෙන් සිදුකරන වෙනස්කම් පිළිබඳ සමාජය තුළ පුළුල් කථිකාවතක් ඇති විය යුතු බවත්, එකඟතාවන් මත වූ පදනමකින් පමණක් එය වෙනස් කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් 3දා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. වසර සියයක් පමණ පැරැණි වෛද්‍ය ආඥා පනතේ කාලානුරූපීව වෙනස්කම් සිදුව ඇති බැ... |
"තව කෝටි 3300ක් සොයන්න විදුලි ගාස්තු යළි වැඩි කරන්න ලංවිම යෝජනා කරලා" | "තවත් රුපියල් කෝටි තුන්දහස් තුන්සියයකින් ආදායම වැඩි වන ලෙස විදුලි ගාස්තු වහාම ඉහළ දමන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෝජනා කර ඇතැයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (4දා) පැවසීය. ලංවිම සමාන්‍යාධිකාරි ජී.ඒ. ඩී.ආර්. පී. සෙනවිරත්න මහතා විසින් අත්සන් කරන ලද මෙම යෝජනාව ශ්‍රී ලංකා ... |
"පාතාලය මර්දනයට ලොකු පොලිස් කමිටුවක්" | "මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය සඳහා පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් පත්කර ඇත. මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ උපදෙස් මත පත්කරනු ලැබූ මෙම විශේෂ කමිටුවේ සභාපතිත්වය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා වෙත භාර දී තිබේ. මෙම කමිටුව ... |
"ETF පොලිය අඩු කරන්නේ අරමුදල රකින්නයි – ETF වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා උසාවියට කියයි" | "සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ දායකයන්ට මෙතෙක් ගෙව් පොලී ප්‍රතිශතය සුළු ප්‍රමාණයකින් අඩුකිරීමට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ රජය තීරණය කර ඇත්තේ එම අරමුදල තවදුරටත් සුරක්‍ෂිත කිරීමේ අරමුණින් වන්නේ යැයි සේවා නියුක්තයන්ගේ භාර අරමුදල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා මහතා ඊයේ (04 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ප... |
"වගාවට ජලය ඉල්ලා වලවේ ගොවියන් උසාවි යනවා – ජාතික ගොවිජන එකමුතුවේ සභාපති" | "වලවේ ගොවි ජනතාව ජලය ඉල්ලා අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියා මාර්ගයකට එළැඹෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාද තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. ජලය ලබාදීමට කංචන විජේසේකර ඇමැතිවරයා ක්‍රියා නොකළහොත් ඔහුගේ ඇමැති පට්ටම ගැලවීමට සූදානම්” යැයි ද ඔහු කීවේය. මාධ්‍ය හමුවේ තවදුරටත් කතා කළ හෙතෙම මෙසේ ද කියා සිටියේය. අපි තීරණය... |
"මිහින්තලේ පුදබිමේ ලයිට් කපයි" | "මෙරටේ බුදු දහම ස්ථාපිත කිරීමේ කේන්ද්‍රස්ථානය වූ දළදා වහන්සේ, ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩමකර වීමට මූලික වූ, මිහින්තලා පුද බිමේ විදුලි බලය ඊයේ (3 දා) දහවල් විසන්ධි කළ බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ පැවසූහ. “මම සෘජුව කතා කරන නිසා දේශපාලන නඩය තමන්ගේ ආසනය බේරා ගැනීම සඳහා ශාසනයෙන් පලි ගන... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.