Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ගෘහස්ථ ජල ගාස්තුව 200%දක්වා උස්සයි" | "රජය විසින් පෙරේදා (02 වැනිදා) රාත්‍රියේ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ නව ජල ගාස්තු සංශෝධනයට අනුව ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ගේ ජල ගාස්තු සියයට 50 සිට සියයට 200ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහිදී ඒකක 01 සිට 05 දක්වා ජල පාරිභෝගිකයන්ගේ ඒකකයක ගාස්තුව රුපියල් 20.00 සිට රුපියල් 60.00 දක්වා සියයට 200 කින් ඉහළ ගොස් තිබ... |
"උමාරා සමාව යදී – මම ජාතික ගීයට නිගරු කරන්න අදහස් කළේ නෑ" | "ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙලේදී ජාතික ගීය ගායනා කිරීම හේතුවෙන් පීඩාවකට හෝ සිත් රිදීමකට ලක්වූ සියලු දෙනාගෙන් තමා සමාව ඉල්ලා සිටින බව ජනප්‍රිය ගායන ශිල්පිනී, උමාරා සිංහවංශ සිය නිල ෆේස්බුක් පිටුවේ (මුහුණු පොතේ) සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. 2023 ජුනි මස 30 වන දින පැවැති එල්.පී.එල්.... |
"අන්නාසි මොරිල් – කොස්ගොඩ සුජී ඇතුළු පාතාලයේ 34ක් ඩුබායි සිට ගේම් දෙති" | "මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, මෙරට ධනවත් පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබාගැනීම්, කොන්ත්‍රාත් මුදලට මිනිස් ඝාකන සිදුකිරීම් ඇතුළු දරුණු අපරාධවල නිරත වෙමින් ඩුබායි රාජ්‍ය තුළ මෙරට පාතාල අපරාධකරුවන් 34 දෙනෙකු සැඟවී සිටින බව පොලිස් බුද්ධි අංශ සිදුකළ සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත. මින් කීපදෙනෙකුට මේ වනවිටත... |
"‘13’ දෙන හැටි කතා කරන්න සර්ව පාක්‍ෂික සමුළුව යළිත් කැඳවයි" | "සර්වපාක්ෂික සමුළුව යළිත් කැඳවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව මෙම මස 15 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ. පොලිස් බලතල හැර 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලය සියලු පක්ෂ නායකයන් වෙත දැනුම් දී ඇත. අකිත පෙර... |
"ආණ්ඩුව කළ වැඩේ හෙළා දකිනවා සජබ මිහින්තලේ විදුලි බිල ගෙවනවා – සජිත් කියයි" | "ඓතිහාසික මිහින්තලා පුදබිමේ ඊයේ විදුලි කප්පාදුවක් සිදු වූ බවත් බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩක් වැනි මිහින්තලා පුදබිමට රජය සිදු කළ මේ ක්‍රියාව තරයේ හෙළා දකින බවත් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති මොහොතක එම උත්තරීතර නීතිය පවා උල්ලංඝනය කරමින් රජය සිදු කර ඇති බවත් විපක්ෂ නායක ... |
"ගෑස් මිල අද වෙනස් වෙයි" | "ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළයෑමට සාපේක්‍ෂව අද (04 දා) මෙරට ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමට නියමිතය. ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 380 සිට ඩොලර් 467 දක්වා ඩොලර් 87 කින්ම ඉහළ ගොස් ඇතැයි මේ පිළිබඳ කළ විමසීමේදී ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ට පැවැසීය. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගිය ප්‍රතිශතයට අනුව මෙරට ... |
"මලාපවහන ගාස්තුත් ඉහළට" | "ජල ගාස්තු සංශෝධනයට සාපේක්‍ෂව ඊයේ (03 දා) සිට ක්‍රියාත්මක වන පරිදි මලාපවහන ගාස්තු ද ඉහළ දමා ඇත. ඒ අනුව යම් මාසයක භාවිතය ශූන්‍ය වූවද මාසික මලාපවහන සේවා ගාස්තු ගෙවිය යුතු බව දන්වමින් ජල සම්පාදන සහ යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සුජීව තත්සර" |
"දළදා හාමුදුරුවන්ගේ තේවා කටයුතු මල්වතු පාර්ශ්වයට පැවරෙයි" | "මහනුවර ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සිදු කෙරෙන දෛනික තේවා කටයුතු පෞරාණික චාරිත්‍රානුකූලව මල්වතු මහා විහාර පාර්ශ්වය වෙත පැවරීම 02 වැනිදා ශ්‍රී දළදා මාළිගාවේදී සිදු කෙරිණි. අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් වහන්සේ හා තේවා කටයුතු භා... |
"ජගත් ඩයස් ‘13ට’ එරෙහිව සමුළුවක් කැඳවයි" | "13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීමේ සමුළුවක් අගෝස්තු 10 වැනිදා පස්වරු 3.30 සිට 6.30 දක්වා තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැත්වෙයි. මෙම සමුළුව කොටි සංවිධානය පරාජයට පත් කළ මානුෂිය මෙහෙයුමේදී 57 වැනි සේනාංකයේ සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළ විශ්‍රමික ලුතිනන් ජනරල් ... |
"පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් හදන සැලසුමට අපි විරුද්ධයි – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය" | "රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීමේ සැලසුමට එරෙහිව ක්‍රියා කිරීමට සිය සංගමය තීරණය කළ බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (03දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 13 ක් ඇති කර ඒ සියල්ල අසාර්ථක වූ පසුත් නැවත රජයේ අනුග්‍රහයෙ... |
"‘තේ’ පුවත ගැන මණ්ඩලය කතා කරයි" | "සුපිරි පාඩුවට වගකිවයුතු ලොක්කා නිදැල්ලේ මැයෙන් ඉකුත් 31 වැනිදා දිවයින පත්‍රයේ පළවූ පුවත ගැන ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් (වැ.බ.) ජයන්ත එදිරිසිංහ මහතා කරුණු පැහැදිලි කිරීමක් අප වෙත එවා තිබේ. තේ මණ්ඩලය කිසිදු නිලධාරියකු රු.මිලියන 10 ක වන්දියකට යටත් කර නැති බවත් පුවතේ සඳහන් අන්දමට තේ අපනයනකරුවන්ට හෝ තේ මණ්ඩලයට ... |
"නව මහ බැංකු මුදල් මණ්ඩල සාමාජිකයන් පත්වීම මාස දෙකක් ඇතුළත – ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ" | "පාර්ලිමේන්තුවෙන් සම්මත වූ නව මහ බැංකු පනත ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව මුදල් මණ්ඩලයට සාමාජිකයන් පත්කිරීම මාස දෙකකට නොවැඩි කාලයක් තුළ සිදුවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ ආචාර්ය පී. කේ.ජී හරිශ්චන්ද්‍ර මහතා පැවසීය. මහ බැංකු මූලස්ථානයේදී ඊයේ (03 දා) සවස මාධ්‍යවේදීන් සමග පැවති ... |
"ආනයන වියදම 18.6% කින් පහතට" | "මේ වර්ෂයේ (2023) පළමු මාස හයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ගිය වසරේ (2022) පළමු මාස හයට සාපේක්‍ෂව සියයට 18.6 කින් පහත වැටී ඇත. මේ අනුව ගිය වසරේ (2022) පළමු මාස හයේදී ඇමරිකානු ඩොලර් මිලියන 10028 සිට මේ වර්ෂයේ (2023) පළමු මාස හයේදී ඇමරිකානු ඩොලර් මිලියන 8161 ක් දක්වා අඩුවී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තා... |
"වව්නියාව බන්ධනාගාරයේ වසූරිය ද සරම්ප ද?" | "වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් හයදෙනකු වසූරිය රෝග ලක්‍ෂණ පළ කිරීමත් සමග එහි සිටින සියලු රැඳවියන් එන්නත්කරණය කිරීමට සෞඛ්‍ය බලධාරීන් ඊයේ (03 වැනිදා) පියවර ගෙන තිබිණි. අදාළ රැඳවියන් සිව්දෙනාට වැළඳී ඇත්තේ වසූරිය හා සරම්ප බවට මත දෙකක් පළවී ඇතත් මේ දක්වා රෝගය කුමක්දැයි නිශ්චිතව හඳුනාගෙන නැත. එම තත්ත්වය යටතේ බන්ධනාග... |
"දරුවා මියගියේ වම දකුණ පැටලී කළ සැත්කමකින්ද? – රිජ්වේ රෝහලේ වකුගඩු සැත්කමකදී" | "කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී නරක්වූ වකුගඩුවක් ඉවත් කිරීම සඳහා සිදුකළ ශල්‍යකර්මයකදී අවුරුදු 3 මාස 3 ක් වයසැති පිරිමි දරුවකුගේ නිරෝගී වකුගඩුව ද ඉවත් කිරීම මුල්කරගෙන එම දරුවා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සියලුම වෛද්‍ය වාර්තා සහ රෝග නිශ්චිත වාර්තා පුළුල්ව අධ්‍යයනය කර එකී මරණය සම්බන්ධයෙන් සහ එම ශල්‍යකර්මය සිදුකළ වෛiවරයා පි... |
"චීන තෙල් බෙදීම ගිවිසුමක හිරවේ – තෙල් බෙදුම්කරුවෝ කියති" | "මෙරට තෙල් ව්‍යාපාරයට එක්වෙමින් චීන සයිනොපෙක් සමාගම තෙල් තොග ගෙනැවිත් තිබුණත් ඉන්ධන හල් හිමියන් සමඟ අත්සන් කිරීමට නියමිත ගිවිසුම් අඩුපාඩු නිසා එම කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුව තිබේ. දැනට මෙරට තෙල් අලෙවි කිරීමේ නිරත ඉන්ධන හල් එකසිය පනහක් චීන සයිනොපෙක් සමාගමට ලබාදීමට රජය එකඟ වී තිබුණත් ඊට අදාළ ගිවිසුම තමුන්ට අවාසි සහගත ය... |
"EPF – ETF පොලිය අඩු කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම හෙට" | "රජය විසින් දියත් කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ නිසා සේවක අර්ථසාධක අරමුදලින් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලින් භාණ්ඩාගාර බිල්පත් හා මහ බැංකු බැඳුම්කර මිලදී ගැනීම සඳහා යෙදවූ මුදල්වලට මෙතෙක් ගෙවූ පොලී… ප්‍රතිශතය සියයට 3 කින් අඩු කිරීමට එරෙහිව ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 4 වැනිදා... |
"වැඩේ භාරදුන් ක්‍රිකට් ලොක්කන්ගෙන් කරුණු අසයි" | "ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ල වූ උමාරා සිංහවංශ, එල් පී එල් සමාරම්භක උත්සවයේදී එම ගායනයට තෝරා ගත්තේ කාගේ වුවමනාව මතදැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ විමර්ශන අංශ නිලධාරීන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ගොස් ඊයේ (02 දා) විමසා තිබේ. මීට අමතරව තවත් විමර්ශන නිලධාරීන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්... |
"තුල්හිරියේ බස් කන්ටේනර් ගැටුමෙන් කාන්තාවක් මරුට තවත් 15ක් රෝහලට" | "කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් හා කන්ටේනර් රථයක් තුල්හිරිය ප්‍රදේශයේදී එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ. ඊයේ (02 දා) පෙරවරු 10.30ට පමණ මෙම අනතුර සිදුවී ඇත. බස් රථයේ ගමන් ගත් තවත් එකොළොස් දෙනකු තුවාල සහිතව වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබේ. ගල්ගමුව ඩිපෝවට අයත් මෙම බස් රථයේ රියදු... |
"සෞඛ්‍ය වර්ජනය රිවස් කරයි" | "සෞඛ්‍ය සේවාවට අදාළ ගැටලු මාධ්‍යයට නිරාවරණය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත්කරන ලද චක්‍රලේඛයට එරෙහිව සෞඛය වෘත්තීය සමිති අද (03 දා) ආරම්භ කිරීමට නියමිත වූ වැඩ වර්ජනය සෞඛ්‍ය ලේකම්වරයා සමග ඊයේ (02 දා) සිදු කළ සාකච්ඡාවකින් පසු අත්හිටුවීමට වෘත්තීය සමිති එකඟ වී ඇත. ආයතන සංග්‍රහයට අනුකූලව සහ වාත්තීයවේදී ආයතනවල ප්‍රධ... |
"ඉන්දියානු රුපියලෙන් දේශීය ගනුදෙනු බෑ" | "බැංකු ගනුදෙනු සඳහා ඉන්දියානු රුපියල නම් කිරීමෙන් ඉන්දියානු සංචාරකයන්ට වැඩි පහසුවක් සැලසෙනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (2 දා) සඳහන් කළේය. ඉන්දියානු රුපියල විදේශ මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීමෙන් මෙරට දේශීය ගෙවීම්, පියවීම් කිරීමට ඉන්දියානු රුපියල වලංගු මුදල් ඒකකයක් බවට පත් නොවන බවද මහ බැංකුව කියයි. ශ්‍රී ලංකාව තුළ න... |
"රුපියල නගී – ලොකු ගණනකින් ඩොලරය බසී" | "ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (02 දා) දිනයේ විශාල ලෙස ශක්තිමත් වෙමින් ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 12.72 කින් සැලකිය යුතු ලෙස අඩු විය. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව ඉකුත් ජූලි 31 දින රු. 335.40 ක් වූ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (02 දා) දිනයේදී රු. 322.68 ක... |
"විදුලි අර්බුදයක් එනවා යැයි පවසා – ටෙන්ඩර්වලින් තොරව ඩොලර් කුට්ටි පිටින් කොමිස් ගැසීමේ සූදානමක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "විදුලි අර්බුදයක් එනවා යැයි පවසා පෞද්ගලික විදුලි ජනන මාෆියාවට මුල් තැන දෙමින් ටෙන්ඩර්වලින් තොරව විදුලිය මිලදී ගැනීමට සූදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඩීසල් මාෆියා කරන පුද්ගලයන් සහ ඉන්ධන උපයෝගී කර ගෙන විදුලි සැපයුම් කරන ආයතන ඇතුළු බොහෝ දෙනා මේ හදිසි තත්ත්වය උපයෝගී කර ගෙන ඩොලර් කුට්ටි පිටින් කොම... |
"තහනම ඉවතට: හරින්-මනුෂ යළි එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට" | "හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ට එක්සත් ජාතික පක්‍ෂය විසින් පනවා තිබූ තහනම ඉවත් කර ඔවුන් නැවත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කිරීමට සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (02 දා) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ. පක්‍ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කෘත්‍යාධිකා... |
"පසුගිය වසර තුන තුළදී කාන්තාවන්ට එරෙහි අපරාධවල වැඩිවීමක්" | "මෙරට කාන්තාවන්ට එරෙහි මිනීමැරුම් අපරාධවල වැඩිවීමක් දක්නට ඇති අතර ඉකුත් වසර තුන තුළදී (2020, 2021, 2022) කාන්තාවන් 263 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බැව් ශ්‍රී ලංකා පොලිසිය විසින් 2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ. ඉකුත් වර්ෂයේ දී (2022) කාන්තාවන් 102නෙකු ඝාතනයට ලක්ව තිබුණි. එමෙන්ම 2021 වර්ෂයේ දී කාන... |
"උපාධිධාරීහු 5450 ක් ගුරු සේවයට" | "උපාධිධාරීන් 5,450 දෙනකු ගුරුවරුන් ලෙස බඳවාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි හා විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා සඳහා පළාත් නමයටම අදාළව මෙම ගුරුවරු බඳවා ගැනෙති. පළාත් මගින් එම බඳවා ගැනීම් ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත් ජාතික පාසල් සඳහා ගුරුවරු... |
"මාස 6 ක් තුළ නව වෛද්‍ය පනතක් – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්" | "ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව පවතින වෛද්‍ය අඥා පනතේ සිදු කළ යුතු කාලීන වෙනස්කම් අධ්‍යයනය කරමින් යෝජිත නව වෛද්‍ය පනත සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, නීති කෙටුම්පත් සම... |
"බදුර්දීන්ට දුන් තීන්දුවට අතුරු තහනමක්" | "යුද ගැටුම්වලින් විපතට පත් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා විල්පත්තු අභයභූමිය ආශ්‍රිත රක්‍ෂිත වනාන්තර අක්කර දහස් ගණනක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම සහ එම භූමිවල මුස්ලිම් ජනතාව පදිංචි කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා වෙත අභියාචනාධිකරණය විසින් මින් වසර දෙකකට පමණ පෙර නිකුත් කර තිබූ තීන්දුවක් ක්‍රිය... |
""බතල, මඤ්ඤොක්කා ගෙන්වීමටත් හැකි ලෙස ආනයන ලිහිල් කරලා – උදය ගම්මන්පිල"" | "ආණ්ඩුව විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමග බතල, මඤ්ඤොක්කා පවා මෙරටට ආනයන කිරීමේ අවස්ථාව උදාවී ඇති බවත් මේ හරහා මෙරට ආර්ථික අර්බුදය තව තවත් තීව්‍ර වන බවත් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02 දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි. එහිදී ඔ... |
"මෙරට දෙවැනි පොල් ත්‍රිකෝණය යාපනය – මන්නාරම – මුලතිව් කේන්ද්‍ර කරගනිමින් අරඹනවා" | "මෙරට දෙවැනි පොල් ත්‍රිකෝණය යාපනය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. ඇමැති රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ “වසරක ප්‍රගතිය’ සමාලෝචනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ (... |
"ජාතික ගීය විකෘති කර ගැයීම ප්‍රකාශයක් ගන්න උමාරා රාජ්‍ය පරිපාලනයට කැඳවයි" | "ජාතික ගීය විකෘති කර ගායනා කළ බව කියන ගායන ශිල්පිනී උමාරා සිංහවංශගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය අද (02 දා) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා ඇත. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ද ප්‍රකාශයක් ගැනීමට නියමිතය. ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට උමාරාට චෝදනා එල්ලවීමත් සමග අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ව... |
"සෞඛ්‍ය වෘත්තීය සමිති 30ක් හෙට වර්ජනයේ – GMOA සහාය දෙන්නේ නැහැ" | "වෘත්තීය සමිති මර්දනය කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛය ඉවත් කර නොගන්නේ නම් යොදාගත් පරිදි හෙට (03 දා) සිය වෘත්තීය සමිති 30 ක් පමණ සංකේත වර්ජනයේ යෙදෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ඊයේ (01 දා) පැවසීය. සෞඛ්‍ය සේවයේ ගැටලු විසඳීම වෙනුවට ඒවා හෙළිදරව්වීම් වැළැක්වීම සඳහා සෞඛ්‍ය ලේකම්ව... |
"චක්‍රලේඛය අහෝසි කළ යුතු නෑ: වර්ජනයට මුහුණ දීමට ලෑස්තියි – සෞඛ්‍ය ලේකම්" | "සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අහෝසි කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පවසයි. ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛය රජයේ ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුකූලව නිකුත් කර ඇති බවත් එම නිසා එම චක්‍රලේඛය අහෝස... |
"ඇමැතිගේ බිය ගැන්වීම හදිසි විදුලිය මිලදී ගැනීමේ පළමු පියවරයි – විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම්" | "සමනල වැවේ ජලය මුදාහැරීමේ ගැටලුවක් මතු කරමින් දකුණු පළාතට විදුලි කැපීමට සිදුවන බවට විදුලිබල ඇමැතිවරයා කළ බිය ගැන්වීම හදිසි විදුලිය මිලදී ගැනීමේ සැලසුමේ මුල් පියවර යැයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (01 දා) පැවසීය. 2016 වසරේ සිට පත්වු සෑම විදුලිබල ඇමැතිවරයකුම සහ විදුලිබල මණ්ඩලයේ ඉහළ ... |
"නියඟය දරුණුයි: විදුලිය කප්පාදුව හැර විකල්පයක් නෑ – ලංවිම ඉංජිනේරුවෝ කියති" | "පවතින වියළි කාලගුණ තත්ත්වය මත ඉතා නුදුරේදීම යළිත් විදුලි කප්පාදුවක් ප්‍රකාශයට පත්කිරීමට සිදුවන බව ලංවිම ඉංජිනේරුවෝ පවසති. සමනළ වැව ජලාශයෙන් ගොවිතැන් කටයුතු සඳහා ජලය මුදාහැරීම නිසා දකුණු පළාතට දිනකට පැය 4 ක් විදුලිය කපා හැරීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ ජල විදුලි නි... |
"තෙල් මිල වැඩි වුණේ මෙහෙමයි" | "ඉන්ධන මිල පෙරේදා (31 දා) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම කටයුතු කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 මෙන්ම සුපිරි ඩීසල් මිලද ඉහළ ගොස් තිබේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 348 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇ... |
"එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය අද සිරිකොතේදී රැස්වෙයි" | "එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පක්‍ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී අද (02 දා) පැවැත්වේ. එක්සත් ජාතික පක්‍ෂ සම්මේලනය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම උදෙසා මෙම පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වනු ඇත. එක්සත් ජාතික පක්‍ෂයේ 76 වැනි සංවත්සරය හා පක්‍ෂ සම්මේල... |
""අභියාචනා විරෝධතා නැති 15,88,835කට අස්වැසුම කඩිනමින් අයැදුම් කළත් තේරී නොමැති 393,097කට සමෘද්ධිය"" | "අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ කඩිනමින් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මේ අනුව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් තෝරාගෙන ඇති එහෙත් අභියාචනා හෝ විරෝධතා ඉදිරිපත්ව නොමැති ප්‍රතිලාභීන් 1588835 ක් සඳහා ගෙවීම් කිරීමට දැනට ප්‍රතිලාභීන් ලෙස තෝරාගෙන ඇති එහෙත් ඉහළ කාණ්ඩයකට ඇතුළත්වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති ප්‍රතිලාභ... |
"දළඳා සමිදුන් උදෙසා තේවා මාරුව අද – අස්ගිරි විහාරයෙන් මල්වතු විහාරයට පැවරේ" | "පුරාතනයේ සිට පැවත එන චාරිත්‍රානුකූලව ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන තේවා කටයුතු අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයට පැවරීම අද (02දා) පස්වරුවේ දළදා මැදුරේදී සිදු කෙරෙයි. මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම... |
"ජුනි මස අපනයන ආදායම පහළ බසී" | "ඉකුත් ජුනි මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 19.5 කින් පහත වැටී ඇත. මේ අනුව ගිය වර්ෂයේ (2022) ජුනි මාසයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1249 ක අපනයන ආදායම මේ වර්ෂයේ ජුනි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1005 දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. එසේම මේ වර්ෂයේ (2023) පළමු මාසයේ අප... |
"සූර පප්පා කාටුනයේ සීසර්ට පණ දුන් ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර සමුගනී" | "ප්‍රවීණ විද්‍යුත් මාධ්‍යවේදියකු, හඬ නළුවකු, රංගන ශිල්පියෙකු නිවේදකයකු වූ ලාල් සරත් කුමාර මහතා පෙරේදා (31 දා) අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 68 වැනි වියෙහි පසුවිය. 1978 වසරේ ශබ්ද පරිපාලකවරයකු ලෙසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක් වන ඔහු ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු සහ නිවේදයකු ලෙස සේවය කළේය. 2017 වසරේ විශිෂ්... |
"සරම්ප රෝගීන් 4 ක් නිසා වව්නියාව බන්ධනාගාරය 7 දා තෙක් වැසේ" | "සරම්ප වැළඳුණු රෝගීන් සිව්දෙනෙකු වාර්තාවීම නිසා වව්නියාව බන්ධනාගාරය ලබන 07 වැනිදා තෙක් තාවකාලිකව වසා දමා ඇත. මේ හේතුවෙන් රැඳවියන් පිටතට රැගෙන යෑම, පිටත සිට රැඳවියන් බැලීමට පැමිණෙන ඥාතීන්ට අවස්ථාව ලබා නොදෙන බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ‘දිවයින’ ට පැවසීය. බන්ධනාගාරය තුළ රැඳවියන් 490 ක් සිටින බ... |
"ඉන්දීය බෙහෙතෙන් සංකූලතා ඇතිවූ අක්‍ෂි රෝගීන් හමුවීමට කමිටුව නුවරඑළිය රෝහලට" | "නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් සිදු කිරීමෙන් පසු භාවිත කළ ඉන්දීය ඖෂධයකින් සංකූලතා ඇති වූ බව කියන රෝගීන් පහළොස් දෙනකු සමග සාකච්ඡා කර ඔවුන් ඉදිරි පරීක්ෂණ සඳහා යොමු කිරීමට හා ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තාවක් ලබා දිමට දස දෙනකුගෙන් යුතු විශේෂ කමිටුවක් ඊයේ (01දා) නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට පැමිණි බව එ... |
"වාරිමාර්ග ජලාශවල ජල මට්ටම 35% ට බසී" | "දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජල මට්ටම සියයට 35 ක මට්ටමට පහළ බැස ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ නිලන්ත ධනපාල මහතාා ‘දිවයින’ ට ඊයේ (01 දා) පැවසීය. දැනට සමනළ වැව ජලාශයෙන් වාරි කර්මාන්තයට ජලය ලබා ගැනීම ගැටලුවක් වී ඇතත් මෙම ජලාශයෙන් කෘෂි... |
"ආහාර මිල අඩු නොකළ නිසා බේකරි-හෝටල්වලට රට බිත්තර දීම අත්හිටුවයි" | "ආනයනික ඉන්දියන් බිත්තර අඩු මිලට ලබාදීමෙන් පසුවත් බේකරි නිෂ්පාදනවල මිල අඩුකර මහජනතාවට නොදෙන නිසා බේකරි හා හෝටල්වලට ආනයනික බිත්තර ලබාදීම තාවකාලිකව නතර කළ බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. ආනයනික බිත්තර රුපියල් 35 බැගින් බේකරිවලට ලබා දුන්නත් ඔවුන් බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩුකර මහජනතාවට නොදී අ... |
"දේශපාලකයන් ගොඩ වැඩිකර ගත්තත් – අරගලයදා වැනසුණු වාහනවලට තාමත් වන්දි නෑ" | "අරගලය දා සංවිධානාත්මක පිරිස් විසින් ගිනි තබා විනාශ කළ දේශපාලනඥයන්ට අයත් දේපළ වෙනුවෙන් වන්දි මුදල් ගෙවීම රජය විසින් ආරම්භ කර ඇතත් එදින විනාශ කළ බාහිර පුද්ගලයන්ගේ වාහන සහ දේපළ වෙනුවෙන් වන්දි ගෙවීමට මේ වන තුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. අරගලය පැවති දින අරගලියගහ මැඳුරේ පැවති රැස්වීම සඳහා පිට පළාත්වලින් කුලී පදනම ... |
"විදුලි බිල වැඩිවීමෙන් කරාපිටියේ හිග ලයිට් බිල රු. ලක්‍ෂ 240ක්" | "ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මාස දෙකක හිඟ විදුලි බිල්පත් සඳහා රු. ලක්ෂ 240ක මුදලක් විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති බැව් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. විදුලිබිල වැඩි කිරීමට පෙර කරාපිටිය ශික්ෂණ රෝහලේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ 80ක් පමණ වූ අතර විදුලි බිල වැඩි කිරීමත් සමග මාසික විදුලි බිල රුපියල් ලක්ෂ 120 දක්වා වැඩිවී ඇති බ... |
"පෝදා සිතිවිලි – අන්තගාමී පිළිවෙතින් මිදෙමු" | "ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රාශියක් සිදුවූ පොහෝ දිනකි. සිද්ධාර්ථ කුමරු මව්කුස පිළිසිඳ ගැනීම. බෝසතුන්ගේ අභිනිෂ්ක්‍රමණය, බුදුරදුන්ගේ මංගල ධර්ම දේශනය, මාතෘ දිව්‍ය පුත්‍රයාට දහම් දෙසීම වැනි අසිරිමත් සිදුවීම් රැසක් ඇසළ පෝ දින සිදුවිය. ඇසළ පුර පසළොස්වක පෝ දිනය සිහිවත්ම අප මතකයට නැඟෙන්නේ දඹදිව ... |
"ප්‍රවාහන දීමනාව නොලැබීමත් වෛද්‍යවරුන් රට හැර යෑමට හේතුවක් – GMOA ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ" | "වෛද්‍යවරුන් රට හැර යෑමට බලපා ඇති කරුණු අතර ප්‍රවාහන දීමනාව ලබා නොදීම ප්‍රධාන කරුණක් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන දීමනාව ලබාදීම 2017 සිට මේ දක්වා සිදුවී නැති බැවින් ඒ පිළිබඳ කලකිරුණු වෛද්‍යවරුන් රට හැර යෑමෙන් දැනට වඩා වැඩි වෛද්‍ය හිඟයක් ඉදිරියේ... |
"‘EPF – ETF’ වලට අත නොතබනු" | "‘EPF – ETF’ ඇතුළු වැඩකරන ජනතාවගේ අරමුදල් අවභාවිතා කිරීමට ඉඩ නොදෙනු යන තේමාව යටතේ ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඊයේ (31 දා) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අයුරු. ඡායාරූපය – නිශාන් එ... |
"රටේම වියළි කාලගුණයක්: වැව් 6000ක් සිඳී යයි" | "උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකට දැඩි වියළි කාලගුණ තත්ත්වයක් වාර්තා වී ඇත. මේ හේතුවෙන් වැසි ජලයෙන් පෝෂණය වන වැව් 60,000 ක් පමණ සිඳී යමින් පවතින බවට වාර්තා වේ. විශේෂයෙන් අනුරාධපුරය, පොළොන්නරුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වැව් රැසක ජල මට්ටම දැඩි ලෙස පහළ ගොස් ඇත. උඩවලව ජලාශයේ ජල මට... |
"සර්ව පාක්‍ෂික සමුළුවේදී ඡන්දයක් ඉල්ලුවේ පස් දෙනෙක් පමණයි" | " ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති සර්වපාක්ෂික සමුළුවේදී වහාම මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ඇත්තේ පක්ෂ නායකයන් 16 දෙනාගෙන් 05 දෙනකු පමණක් බව ඊට සහභාගි වූ පක්ෂ නායකයෙක් ‘දිවයින’ට කීය. එහිදී මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලා ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, එම්. ඒ. සුමන්දිරන්,... |
"පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෛත්‍රීගේ රිට් පෙත්සම පිළිබඳ විවාදය ඔක්.16 ඇරඹේ" | "හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවකට එරෙහිව ගොනුකර ඇති රිට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් විවාදය අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී ලබන ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (31දා) දින නියම කළේය. එම පෙත්සම ඊයේ (31දා) අභියාචනාධි... |
"බුදුමග අපේ පන්සල – අද සපුගස්කන්ද රජමහා විහාරයේදී" | "දිවයින බුදුමග මාසික ධර්ම සංග්‍රහයේ සම දායකත්වයෙන් පවත්වනු ලබන ‘අපේ පන්සල’ ධර්ම දේශනාමය වැඩසටහන අද (අගෝස්තු 1 දා) ඇසළ පුන් පෝදා සවස 2.00 ට සපුගස්කන්ද පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ. ධර්ම දේශනය පවත්වනු ලබන්නේ සියනෑ, අලුත්කුරු, හාපිටිගම් කෝරළ තුනෙහි ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටක වාගීශ්වර පූජ්‍ය දරණාගම ඤාණසිරි නාහ... |
"රටට අවශ්‍ය වෙනස ඇති කරන්න බැරි නම් වහා මැතිවරණයකට යා යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "රටට වෙනසක් අවශ්‍ය බවත් එම වෙනස වත්මන් පාලකයන්ට ඇති කරන්න බැරි නම් වහා මැතිවරණයකට යා යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා රටේ ජනතාව අන්ද මන්ද වී ඇති බවත් හෙතෙම කීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉකුත් (30දා) අනුරාධපුර අටමස්ථානයේදීය. එහිදී විපක්ෂ නායකවරයා වැඩි... |
"පාඨලීට එරෙහි නඩුව නොවැ. 23 ට කල් තබයි" | "තරුණයකු රිය අනතුරකට ලක්කර ඔහු රෝහල් ගත නොකර පලායාම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව නොවැම්බර් 23 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (31 දා) නියෝග කළේය. විත්තිය විසින් ඉදිරිපත් කර ඇති විර... |
"කම්හල්වලට කුකුළුමස් රටින් ගෙන්වන්න අවසර දෙයි" | "කර්මාන්තශාලා සඳහා අවශ්‍ය කරන කුකුළුමස් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය ඊයේ (31දා) අවසර ලබා දී ඇත. මිල පාලනය කිරීමේ අරමුණින් මෙලෙස කුකුළුමස් ආනයනයට අවසර ලබාදුන් බව වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය. සුජීව තත්සර" |
"එකතැන පල්වෙන ආණ්ඩුව පලවා හැරීමට සියලුදෙනා එක්විය යුතුයි – ජී. එල්. පීරිස්" | "නිදහස් සෞඛ්‍යය මේ වන විට නාමමාත්‍රයක් බවට පත්ව ඇතැයි නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (31 දා) පැවසීය. වෛද්‍යවරුන් රට හැරයෑමෙන් රෝහල් වැසී යෑමේ තත්ත්වයක් ඇති බවත් නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (31 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ජී. එල්. පීරිස් මහතා කියා සිටියේය. රෝහල්වල... |
"පාඨලීට එරෙහි නඩුව නොවැ. 23 ට කල් තබයි" | "තරුණයකු රිය අනතුරකට ලක්කර ඔහු රෝහල් ගත නොකර පලායාම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව නොවැම්බර් 23 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (31 දා) නියෝග කළේය. විත්තිය විසින් ඉදිරිපත් කර ඇති විර... |
"කම්හල්වලට කුකුළුමස් රටින් ගෙන්වන්න අවසර දෙයි" | "කර්මාන්තශාලා සඳහා අවශ්‍ය කරන කුකුළුමස් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය ඊයේ (31දා) අවසර ලබා දී ඇත. මිල පාලනය කිරීමේ අරමුණින් මෙලෙස කුකුළුමස් ආනයනයට අවසර ලබාදුන් බව වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය. සුජීව තත්සර" |
"අතරමඟ නැවතුණු ජපන් ව්‍යාපෘති යළි ඇරඹීමට අවධානය" | "ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි (FUJIMARU SATOSHI) මහතා සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ (YAMAMOTO KOZA) මහතා ඊයේ (31 දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති දැනට අ... |
"අත්අඩංගුවට ගත් සීතාවක ප්‍රා. සභා ලේකම් වහාම ඇප මත මුදාහැරීමට නියෝග" | "අවිස්සාවේල්ල බස් නැවතුම්පළේ නව වෙළෙඳ සංකීර්ණයේ පිහිටි කඩ කාමරයක උරුමය පවරාදීමට රුපියල් ලක්‍ෂ හතරක අල්ලසක් ලබාගත්තේ යැයි කියන ආදායම් බදු නිලධාරියකුට ඒ සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය වහාම ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා න... |
"විශාල මුදලක් ඉතිරි වෙයි – රෝහල්වල අක්‍රීය යන්ත්‍ර ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකයෙන් අලුත්වැඩියා කරගන්න" | "රෝහල් පද්ධතිය තුළ පවතින ක්‍ඔල ඡෑඔ ඇතුළු යන්ත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා එම යන්ත්‍ර ආනයනය කළ සමාගම්වලට නොදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකය මගින් අලුත්වැඩියාවන් සිදුකළහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල මුදලක් ඉතිරිකර ගත හැකි යැයි විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය. මෙම ඒකක... |
""ඩෙංගු ලෙඩ්ඩු 56,000 ක් මරණත් 37 ට නගී"" | "මේ වසරේ මෙතෙක් මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 37 ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. මේ දක්වා වාර්තා වී ඇති රෝගීන්ගෙන් 50% ක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති අතර මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් ද සැලකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක... |
"අක්‍රීය වකුගඩුව සමග නිරෝගී වකුගඩුවත් සැත්කමෙන් ඉවත් කරලා!" | "වකුගඩු ආසාදනයක් නිසා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ ශල්‍යකර්මයකදී අත්වැරදීමකින් අක්‍රීය වූ වකුගඩුව මෙන්ම නිරෝගි වකුගඩුව ද ඉවත් කිරීමෙන් අනතුරුව පසුගිය 28 වැනිදා මියගිය වයස අවුරුදු තුනයි මාස තුනක් වූ පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස... |
"උසාවි නොවේ වහාම රෝහලට ගෙනියන්න – ජේ.එම්.ඕ. පොලිසියට කියයි" | "පසුගිය 28 වැනිදා බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ පැවැති විරෝධතා පාගමනක් අතරතුරදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික මාධ්‍යවේදී තිරිඳු උඩවරගෙදර මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා 29 වැනිදා නියෝග කළේය. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට... |
"අංගොඩ රෝහලේ රෝගියාගේ මරණයට සේවකයෝ 4 ක් රිමාන්ඩ් – කොසු මිටවලිනුත් පහරදීලා" | "අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 47 හැවිරිදි රෝගියකුට කොසු මිටවලින් පහරදී මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එම රෝහලේ සේවකයන් සිවුදෙනකු ලබන 10 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පසුගිය 29 වැනි... |
"මිල සංශෝධනය බලාපොරොත්තුවෙන් – සිපෙට්කෝ ෂෙඩ් 162ක අවම ඉන්ධන තොග නෑ" | "ඒ අනුව ඉන්ධන හල් 101 ක පෙට්‍රල් 92 ඉන්ධන තොග ද, ඉන්ධන හල් 61 ක ඔටෝ ඩීසල් ඉන්ධන තොග ද පවත්වාගෙන ගොස් නැතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. නිසි පරිදි ඉන්ධන තොග පවත්වාගෙන යෑමට අපොහොසත්වූ ඉන්ධන පිරවුම්හල් කිහිපයක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතට ගැනීමටත් අන... |
"සුපිරි පාඩුවට වගකිවයුතු තේ ‘ලොක්කා’ නිදැල්ලේ" | "දූෂණ චෝදනා එල්ල වී ඇති බව කියන තේ මණ්ඩලයේ ඉහළම බලධාරියකුගේ කටයුතු නිසා තේ අපනයන ක්‍ෂේත්‍රයට රුපියල් කෝටි 2000 කට අධික පාඩුවක් සිදුවී ඇතත් එම නිලධාරියා තවමත් සුපුරුදු ලෙස සිය රාජකාරියේ නිරත වන බව තේ මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම නිලධාරියාගේ අක්‍රමිකතා සෙවීම සඳහා කමිටුවක් පත්කළ බවත් (CTTA) වැරදි තොරතුරු සැ... |
"ශ්‍රී ලංකාවට ණය දෙන්න එක්වන්නැයි ඉන්දියාව චීනයෙන් ඉල්ලයි" | "ඉන්දියාව හා ජපානය සමඟ එක්ව ශ්‍රී ලංකාවට අදාළ ණය සහනය ලබා දීමේ කටයුතුවලට එක්වන්නැයි ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය චීනයට ආරාධනා කර සිටී. එසේම ණය අවදානම්වලට මුහුණ දෙන රටවල් සඳහා අවශ්‍ය සහන ක්‍රියාමාර්ග වේගවත් කරන ලෙස ද ඇය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් ඉල්ලා ඇත. “ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ... |
"මාස පහට බිලියන 500 ක් වැය කරන්න පුළුවන්නම් මැතිවරණ තියන්න බැරි ඇයි? – පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා" | "මාස 5 ක පමණ කාලයක් තුළ රුපියල් බිලියන 500 ක මුදලක් වැයකර මෙරටට ආහාර ආනයනය කිරීමට හැකිනම් මැතිවරණයක් පැවැත්වීමට රජයට නොහැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව කියා සිටියේ පෙරේදා (28) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලිසෑය වැඳපුදා ගැනීමට පැමිණි ... |
"ජපන් විදේශ ඇමැති විපක්ෂ නායක හමුවී" | "දෙදින නිල සංචාරයක් සඳහා මෙහි පැමිණි ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අවස්ථාව." |
"ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය දැක්වීමට ප්‍රංශයේ කැපවීම යළිත් තහවුරු කරයි" | "ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රංශ ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් අතර පැයකුත් විනාඩ... |
"ණය ප්‍රශස්තකරණයට ජපානයට දෙන සහාය අගය කරනවා – ජනපති" | "දෛනික නිල සංචාරයන් සඳහා මෙරටට පැමිණ සිටින ජනපාන විදේශ අමාත්‍ය හයෂි යොෂිමාසා (HAYASHI Yo shinmasa) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා පෙරේදා (29) කොළඹදී පැවැත්විණි. ජාපනය හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලින ද්විපාර්ශ්වික සබඳතාවන් සිහිපත් කරමින් ඇරඹි මෙම සාකච්ඡාවේ දී ක්‍ෂේත්‍ර රැසක් ඔස්සේ එම සබඳතා තවදුර... |
"ව්‍යවසායක ගැටලු වලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස විපක්ෂ නායක ආසියානු සංවර්ධන බැංකු නියෝජිතගෙන් ඉල්ලයි" | "කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙන මූල්‍ය සහ ණය ගැටලු රැසක් සම්බන්ධයෙන් පසුගිය(28)දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ Takafumi Kadono මහතා සමග සාකච්ඡා කරන ලදී. මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ක්... |
"ලේකම්ගේ ගැසට්ටුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 30 ක් 3 දා වර්ජනයේ" | "සෞඛ්‍ය ගැටලු ගැන මාධ්‍යට අදහස් දැක්වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත්කර නොගැනීමට විරෝධය දක්වමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 30 ක් ලබන බ්‍රහස්පතින්දා (3 දා) එක්දින වැඩවර්ජනයක නිරතවන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය සේවාවේ ගැටලු හෙළි කිරීමේදී ඒවාට... |
"මානව හිමිකම් සභාපති හා සාමාජිකයෝ ජනපති හමුවෙති" | "මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මහජන පැමිණිලි 11000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව කටයුතු කිරීමට නිධලධාරීන් හා කාර්ය මණ්ඩල හිඟය බලපා ඇති බවත් මානව හිමිකම් කොමිසමේ සභාපති හා සාමාජිකයෝ සිකුරාදා (28 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළහ. මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් ඊයේ (2... |
"පිටස්තරයන්ට පෑලියගොඩ කඩ දුන්නොත් දින 2 ක් රටේම ආර්ථික මධ්‍යස්ථාන වහනවා" | "පිටස්තර පුද්ගලයන්ට පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ කඩ පවරා දීමට නාගරික සංවර්ධන අධිකාරිය දරන උත්සාහය නතර නොකරන්නේ නම් ඉදිරියේ දිනක් හෝ දින දෙකක් දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සමඟ එක්වී පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ දහසකට අධික සියලු වෙළෙඳසල් වසා විරෝධය පළකරන බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග මහත... |
"අත්‍යවශ්‍ය නඩත්තුවට නොරොච්චෝලේ 3 වැනි යන්ත්‍රය දින 100 කට නවතී" | "නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ 3 වැනි යන්ත්‍රය අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා දින 100 කට පෙරේදා (29 දා) රාත්‍රි නතර කර ඇත. මේ සඳහා චීන සහ දේශීය ඉංජිනේරුවන් ඇතුළු 400 ක පමණ පිරිසක් සහභාගි වන අතර යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතුවලට අවශ්‍ය අමතර කොටස්වලින් සියයට 70 ක් සපයාගෙන ඇතැයි උසස් නිලධාරියෙක් පැවසීය. බලාගාරයේ ඉතිරි යන්ත්‍ර... |
"යාපනය සරසවි සිසුවකු කඩුවකින් කපා මැරයෝ පලා යති" | "යාපනය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයකට කඩාවැදුණු මැරයින් පිරිසක් විශ්වවිද්‍යාල සිසුවකු කඩුවකින් කපා ඔහු නැවතී සිටි නේවාසිකාගාරයට ද හානි සිදු කොට 29දා පලා ගොස් තිබේ. මෙම නේවාසිකාගාරය යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ පිහිටා ඇති අතර මීට මාස දෙකකට පමණ පෙරද මෙම නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටි සිසුන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වී තිබුණ... |
"ඇණවුම් නොකළට ෂෙඩ්වල ඇති තරම් තෙල් තිබෙනවා" | "ඇණවුම් නොකළට ඉන්ධන හල්වල අවශ්‍ය ඉන්ධන තොග පවතින බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය. අලෙවිය අඩුවීම නිසා ඉන්ධන හල්වල ආදායමද අඩුවී ඇති බවත් එවැනි තත්ත්වයක් තිබියදී ඉන්ධන ඇණවුම් කර නැවත ඉන්ධන මිල අඩුවුවහොත් ඉන්ධන හල්වලට තවත් පාඩු ලැබීමට වැඩි ඉඩක් ඇති නිසා ඇතැම් ඉන්ධන හල් ඇණවුම් සීමා කළ හැක... |
"අංගොඩ රෝහලේ සේවකයන් රෝගීන් වෙනුවෙන් උපරිම සේවාවක් ඉටු කරනවා" | "මානසික රෝගියකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රෝහල් සේවකයන් පිළිබඳව රෝහලින් වෙනම විමර්ශනයක් පැවැත්වෙනවා. මේ සේවකයන් රෝහලේ හොඳින් වැඩකරපු අය යැයි අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මිය ‘දිවයින’ට ඊයේ (30 දා) පැවසුවාය. තම රෝහලේ සේවකයන් පැය 24 පුරා මානසික රෝගීන් වෙන... |
"ට්‍රිලියන 5.8ක සංවර්ධනය 73%ක් ෆේල්" | "රුපියල් ට්‍රිලියන 5.8ක් වූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 261ක් 2022 වර්ෂය අවසන් වන විට ක්‍රියාත්මක වෙමින් පැවතිය ද ඉන් සංවර්ධන ව්‍යාපෘති සියයට 73ක් සඳහා සිදුකළ ආයෝජනයන් පලදායි අයුරින් උපයෝජනය වී නොමැති බව ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරට මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර... |
"විදෙස් තානාපතිවරුන්ට සජබයෙන් ඔත්තුවක්" | "තිරය පිටුපස සිට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නැයි ප්‍රධාන විපක්‍ෂය වන සමගි ජනබලවේගය විදේශ තානාපතිවරුන්ගෙන් ඉල්ලා ඇත. මේ වනවිට ශ්‍රී ලංකා රජය මැතිවරණ කල්තබා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ගණන් නොගෙන, ආණ්ඩුවට එරෙහිව තීන්දු ලබාදෙන විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට උත්සාහ කරමින් මැතිවරණ කොමිෂන් ස... |
"ඩීසල් වළේ ලංවීම ගිලේ – පාඩුව කෝටි 5000 පනී" | "මෙම වසරේදී ලංවිම ලබන පාඩුව රුපියල් කෝටි පන්දහස ඉක්මවා යන බවට ගණන් බලා ඇතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ කියති. මෙලෙස ලංවිම පාඩු ලබන්නේ විදුලි ගාස්තුව දෙවරකදී සියයට හැත්තෑ පහකින් ඉහළ දමා තිබියදී යැයි ද ඔවූහු කියා සිටිති. මේ වනවිට රටේ විදුලි අවශ්‍යතාව අඛණ්ඩව සපුරාලීමට ඩීසල් බලාගාරවලින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීම නිසා ම... |
"පැන්ෂන් යන්න ඉන්න බන්ධනාගාර ලොක්කෝ පුටු බදා ගනිති" | "වයස අවුරුදු හැට සම්පූර්ණව මෙම වසර (2023) අවසානය වන විට විශ්‍රාම යෑමට නියමිත උසස් බන්ධනාගාර නිලධාරීන් දෙතුන් දෙනකු තවත් වසරක සේවා දිගුවක් ලබා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. ඉකුත් වසරේ වයස අවුරුදු හැට සම්පූර්ණ වී විශ්‍රාම යෑමට නියමිතව සිටි උසස් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුට බන්ධ... |
"යළි පැළවෙමු පඬුකරඳ!" | "කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ තිබූ පඬුකරඳ ශාකය කපා ගලවා දැමීම ගැන රටේ විශාල ආන්දෝලනයක් මතුව තිබිණි. පසුගිය 27දා අධිකරණ නියෝගයකින් පසු එම ශාකය වළදමා තිබූ තැනින් ගොඩගැනිණි. ගොඩ ගන්නා ලද එම ශාකයේ මුල් කඳ කොටස නැවත ගම්පහ උද්භිද උද්‍යානයේ රෝපණය කිරීමට කටයුතු යොදා තිබේ. ඡායාරූපය – Flower Sri Lanka" |
"සීනි පැණි රස ගොඩේ ඩොලර් මිලියන 220ක් දියවෙයි" | "සීනි සහ රසකැවිලි මෙරටට ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2023) මුල් මාස පහේ දී ඇමරිකානු ඩොලර් මිලියන 220.5කට මුදලක් වැය වී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඉකුත් වර්ෂයේ (2022) මෙම කාලයේ දී සීනි හා රසකැවිලි ආනයනය කිරීම සඳහා වැය වී ඇත්තේ ඩොලර් මිලියන 98.6කි. ඒ අනුව මෙම වර්ෂයේ මුල් මාස පහේ දී සීනි හා රසකැවිලි ආනයනය කිරීම ... |
"ටෙන්ඩරය වැඩි මිලට: රු. කෝටි දහයක ඇස් කාච මගඩියක්" | "අඩු ලංසු යටතේ ප්‍රමිතියෙන් යුත් අක්ෂි කාච අඩු මිලට ආනයන කිරීමට සැපයුම්කරුවන් මිල ගණන් ඉදිරිපත් කර තිබියදී රුපියල් කෝටි දහයක් වැඩිපුර ගෙවා එක්තරා සමාගමකට එම ටෙන්ඩරය ලබාදීමට සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් උත්සාහ කරන බව අනාවරණය වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිලධාරීන් පිරිසක් මෙම දූෂිත ... |
"කෙහෙළිය ගැන ශ්‍රීලනිපයේ ‘නෝ ‘ කතා" | "සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙනත් තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳව ක්‍රියාකරන ආකාරය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඒ පිළිබඳව පක්ෂය තුළ මෙතෙක් කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බව කී එම මන්ත්... |
"මත් දුරුකරන්න උපායමාර්ගික සැලැස්මක්" | "මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා විශේෂ උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත. පොලිසිය, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, දුම්කොල සහ මත්ද්‍රව්‍ය පිළිබඳ ජාතික අධිකාරිය යන ආයතන මගින් ඊට අවශ්‍ය යෝජනා ලබා ගැනීමට නියමිතය. එම ආයතන, මත්ද්‍රව්‍ය වහා පාලනය කොට මුලිනුපුටා දැමීම වෙනුවෙන් මේ වනව... |
"රාජ්‍ය ආදායම ඉහළ නංවන්න අඛණ්ඩ උත්සහායක්" | "ඉදිරියේදී අයවැය හිඟය අඩු කිරීමේ ප්‍රධාන උත්සාහය වනුයේ රාජ්‍ය ආදායම් වැඩි දියුණු කිරීම බව මුදල් අමාත්‍යාංශය කියයි. මෙයට හේතුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ගෝලීය වශයෙන් වන සාමාන්‍ය අගයට වඩා සැලකිය යුතු ලෙස අඩුවීමත්, එසේම රජයේ වියදම් ගෝලීය වශයෙන් වන සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමක නොපැවතීමත් බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වසර... |
"ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව බැංකු දෙකකින් ගත් කෝටි 28ක ණය හිර වෙලා" | "සීමාසහිත ලංකා ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් මෙරට රාජ්‍ය බැංකු දෙකකට හිඟ ණය හා පොලී මුදල් වශයෙන් රුපියල් විසිඅට කෝටි හැත්තෑහත් ලක්ෂ හතලිස්හතරදහස් නමසිය හැට තුනක (287,744,963) මුදලක් ගෙවීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් එක් රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 150ක ණය මුදලක් හා අ... |
"ඉන්දියානු නළයේ සක්‍යතා වැඩ අගෝස්තු සිට" | "ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එලීමට යෝජිත ඉන්ධන නළයට අදාළ සක්‍යතා අධ්‍යනය ලබන මාසයේදී (අගෝස්තු) ආරම්භ කරන බව ඉන්දියන් තෙල් සමාගම මෙරටට දැනුම් දී තිබේ. ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ නාගපට්ටම් ආශ්‍රිත ප්‍රදේශයක සිට මුහුද යටින් ශ්‍රී ලංකාවට එලන නළ පද්ධතිය වව්නියාව දක්වා පැමිණීමට නියමිතය. එහිදී එක් නළ මාර්ගයක් ත්‍රිකුණාමලය දක්ව... |
"2024 අයවැය යෝජනාව න්‍යාය පුස්තකයට" | "ලබන වසර (2024) සඳහා මුදල් ඇමැතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලියට (විසර්ජන පනත් කෙටුම්පත) අදාළ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. ආණ්ඩුවේ කටයුතුවලට අදාළව 12 වැනි යෝජනාව ලෙස මෙම යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අතර ඉදිරි වසර සඳහා අයවැය යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන දින වකවානු පිළිබඳව පසුව... |
"ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව කැසැන්ඩ්‍රා මෙරට සංචාරයක" | "ඔස්ට්‍රේලියාවේ පැවැති ෆෙඩරල් මැතිවරණයේදී එරට කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 35 හැවිරිදි කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු පසුගියදා ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක නිරත විණි. කුඩා වියේදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ කැසැන්ඩ්‍රා උතුරු වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණුදිග මෙ... |
"ලේඛනාරක්ෂකය ජනතා අදහස් ඉල්ලයි" | "ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අධිලේඛන සහ වාර්තා කළමනාකරණය පිළිබඳව ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත සම්පාදනය සඳහා මහජන අදහස් ලබා ගැනීමට තීරණය කර ඇත. මේ සඳහා විශාල උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්වයන්ට නිල වෙබ් අඩවිය වන www.archives.gov.lk මගින් ප්‍රතිපත්ති කෙටුම්පත බාගත කරගත හැකි අතර මාර්ගගත පෝරමයන් මගින් ඔබගේ අදහස් ඉ... |
"මත්පැන් නිෂ්පාදනය 9.9%කින් ඉහළට" | "මෙරට මත්පැන් නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දී (2022) සියයට 09.9කින් වැඩි වී ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් එම වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි. ඒ අනුව මත්පැන් නිෂ්පාදනය 2021 වර්ෂයේ දී ලීටර් මිලියන 37.5 සිට 2022 වර්ෂයේ දී ලීටර් මිලියන 41.2 දක්වා වැඩි වී ඇති බව ද මෙම... |
"සහස්පුර රත්වෙයි – විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර" | "පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ඇතුළු පාර්ශ්ව කීපයක් ඊයේ (28 දා) සවස බොරැල්ල සහස්පුරදී සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනට හා රැස්වීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනිණි. මෙහිදී විරෝධතාවට එක්ව සිටි කාන්තාවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තුවාල ලබා තිබේ. මෙම විරෝධතාවයේදී මාධ්‍යවේදී තරිඳු... |
"මම දෙවැන්නා – ජනපතිගෙන් අංගචලන පිළිතුරක්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ සර්වපාක්ෂික සමුළුවේදී ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අදහස් දක්වද්දී ජනාධිපතිවරයා අංගචලනයෙන් පිළිතුරු දුන් අයුරුයි මේ. විමල් වීරවංශ මහතා අදහස් දක්වමින් සිටියදී අනුප්‍රාප්තික පළමු ජනාධිපතිවරයා ඔබතුමා යැයි ප්‍රකාශ කිරීමත් සමග ජනාධිපතිවරයා විසින් සිය අතේ ඇඟිලි දෙකක් පෙන්වා ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.