Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ජර්මනිය යෙදූ අහිතකර සංචාරක මාර්ගෝපදේශ ඉවත්කර ගන්න උත්සාහ කරනවා" | "ජර්මන් විදේශ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අහිතකර ලෙස පනවා ඇති සංචාරක මාර්ගෝපදේශනය ඉවත්කර ගැනීමට උත්සහ කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත රත්නායක මහතා පැවසීය. මේ සඳහා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය හරහා අවශ්‍ය පියවර ගැනීමට අපේක්‍ෂා කරන බවද ඊයේ (31දා) කොළඹ සංචාරක මණ්ඩලයේදී පැවති... |
"හරක්කටා අද උසාවි ගෙනාවේ නෑ: සීඅයිඩීය හා නීතිපති අධිකරණයට දන්වති" | "අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා නමැත්තාගේ ජීවිතය ආරක්‍ෂා කිරීම රජයේ වගකීමක් වන බැවින් පවතින අනාරක්‍ෂිත තත්ත්වය තුළ ඔහු මෙදින (31 දා)අධිකරණයට ඉදිරිපත් නොකරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා ඊයේ (31 දා) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට දැ... |
"2030 දී පොල්වලින් වසරකට රු. බිලියනයක් – ලොහාන් රත්වත්ත" | "වර්ෂ 2030 වන විට පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් රුපියල් බිලියනයක වාර්ෂික ආදායමක් අපේක්‍ෂා කරන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා පවසයි. දැනට එම ආදායම රුපියල් මිලියන 900ක් වන බවත් අදියර දෙකක් යටතේ මෙම ඉලක්කය සපුරා ගැනීමට සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, ග්‍රාමී... |
"පියාඹන පීරිසි 400 ක්" | "පියාඹන පීරිසි 400 ක් පිළිබඳව ඇමරිකානු හමුදා නිලධාරීන් තොරතුරු හෙළිකර ඇත. මේ බව ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මුල්වරට අනාවරණය කර තිබේ. ඇමරිකානු නාවික බුද්ධි සේවා නිලධාරීන් ස්කොට් බැරි පැවසුවේ 2004 සහ 2021 අතර සමයේ පියාඹන පිරිසි 144 ක් දුටු බවට තොරතුරු වාර්තාවූ බවයි. කීර්ති වර්ණකුලසූරිය" |
"අපේක්‍ෂා සහගත ප්‍රතිසංස්කරණවලට රජය පිවිසී සිටිනවා" | "මහ බැංකු අධිපති හා මුදල් ලේකම් ණය හිමියන්ට දන්වති ශ්‍රී ලංකා රජය අපේක්‍ෂා සහගත ප්‍රතිසංස්කරණ වැඩසටහනකට පිවිසී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ශ්‍රී ලංකාවේ ණය හිමියන්ට දැනුම් දී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ... |
"අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමක් ඇති වෙන්න දෙන්න එපා" | "ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාවට ලියයි අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමක් ඇතිවීම වැළැක්විය යුතු බව ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් දැනුම් දී තිබේ. විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවක් ඉදිරියට කැඳවුවහොත් නීතියේ ආධිපත්‍යය අධිකරණයේ ස්වා... |
"දිනකට වතුර ලීටර් දෙකකට වැඩියෙන් බොන්න" | "දිනකට වතුර ලීටර් දෙකකට වැඩියෙන් බොන්න වැටකොළු, පිපික්‍ද්ක්‍දා කන්න – විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවතින අධික උෂ්ණ කාලගුණ තත්ත්වයත් සමඟ පුද්ගලයකු දිනකට ජලය ලීටර් දෙකකට වැඩි ප්‍රමාණයක් විටින් විට පානය කිරීම ඉතා සුදුසු බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය “දිවයින”ට ඊයේ (31 දා) පැවසුවා... |
"රුපියල තවත් පිරිහෙයි" | "රුපියල තවත් පිරිහෙමින් ඇමරිකානු ඩොලරයක රුපියල් අගය ඊයේ (31 දා) දිනයේදී රු. 336 ද ඉක්මවා ගියේය. මේ අනුව පෙරේදා (30 දා) රු. 335.41 ක් වූ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (31 දා) දිනයේදී රු. 336.01 ක් දක්වා වර්ධනය විය. එසේම ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල පෙරේදා පැවැති රු. 317.72 සිට ඊයේ දිනයේදී රු. 318.27 ක් දක්වා ද වර්ධනය ව... |
"අපනයන ආදායම පහතට" | "ඉකුත් පෙබරවාරි මස වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ගිය වසරේ (2022) පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 10.2 කින් පහත වැටී ඇත. මේ අනුව ගිය වසරේ (2022) පෙබරවාරි මාසයේ වාර්තා කළ ඇමරිකානු ඩොලර් මිලියන 1093 ක අපනයන ආදායම මේ වසරේ (2023) පෙබරවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 982 ක් දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (31 දා) නිකු... |
"22 ක 20 වූ හැටි එළියට: චෝදනා ලැබූ ආණ්ඩුවේ දෙදෙනෙක් මුදාහැරලා" | "සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් නොදුන්නොත් නීතිය හමුවට යනවා – අනිවාර්ය නිවාඩු යැවූ වෘත්තීය සමිති නායකයෝ කියති තෙල් සංස්ථා වෘත්තීය සමිති එක්ව ඉකුත් අඟහරුවාදා (28 වැනිදා) ක්‍රියාත්මක කළ වැඩවර්ජනයට නායකත්වය දුන් වෘත්තීය සමිති නායකයන් විසිදෙනකු අනිවාර්ය නිවාඩු ගන්වා ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ ජාතික සේවක සංගමයේ සී.පී.එස්.ටී.එල්. ශාඛා... |
"තෙල් සංස්ථාවේ අර්බුදය: එක මිටට ‘ජන සටන’ තීන්දුව සඳුදා" | "අනිවාර්ය නිවාඩු යැවූ තෙල් සේවකයෝ මානව හිමිකම් යති රාජ්‍ය ආයතන විකිණීම, මර්දනය, ජීවන වියදම, බදු ප්‍රතිපත්තිය, විදුලි ගාස්තු අඩු කිරීම හා සියලු දෙනාට රුපියල් විසිදහසක දීමනාවක් ලබාගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කරගෙන ක්‍රියාත්මක කරන ‘ජන සටන’ ඒකාබද්ධ වෘත්තීය අරගලය පිළිබඳ තීන්දුව ලබන සඳුදා (03 වැනිදා) ප්‍රකාශයට පත් කර... |
"උසාවියට අපහාස කළාද?" | "මුදල් ලේකම්ට එරෙහි පෙත්සම් සලකා බැලීම මැයි 22දාට කල් යයි පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් කොට තිබියදීත් එම නියෝගය අනුව කටයුතු නොකළ මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට නීතිපතිවරයාට නියෝගයක... |
"වැඩ තහනම්ව සිටි නාලක සිල්වා යළිත් පොලිස් සේවයට" | "හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි එල්ල වූ චෝදනා හමුවේ වැඩ තහනම් කරනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා නැවත සේවයේ පිහිටුවන ලෙස ජාතික පොලිස් කොමිසම නිර්දේශ කර තිබේ. ඔහු නැවත සේවයේ පිහිටුවීමේ දී වැටුපෙන් අඩක් පමණක් ලබාදීම, බස්නාහිර පළාතෙන්... |
"ලියලා තියාගන්න: රට ඉදිරියට නොගියොත් මීළඟ නැගිටීම තව දරුණුයි – ජනපති කියයි" | "රට ඉදිරියට යනවාද නැද්ද කියා අප තීරණය කළ යුතු බවත් එසේ නොකළහොත් ඊළඟ ජනතා නැගිටීම පෙරට වඩා ප්‍රචණ්ඩකාරී වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනය මගින් සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම හා බැඳුණු ආර්ථික සහ ව්‍යුහ... |
"නව ත්‍රස්ත විරෝධී පනත හරහා ජනපතිට රජෙකුටත් වඩා බලතල ලැබෙනවා" | "නව ත්‍රස්ත විරෝධී පනත හරහා ජනාධිපතිවරයා රාජාණ්ඩුවක රජෙකුටත් වඩා විශාල බලතල ලබා ගන්නා බව ජාතික සංවිධාන එකමුතුවේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා (29 දා) ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය. එහිදී තවදුරටත් කරුණු පැහැදිලි කළ ඒ මහතා මෙසේ ද පැවසීය. ආණ්ඩුව මෙම අවස්ථාවේ දී ඉතාමත් බරපතළ මර්දනකාරී... |
"ශ්‍රී ලංකාවට ඉදිරියට යෑමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "ශ්‍රී ලංකාවට ඉදිරියට යෑමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්, එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (30) පෙරවරුවේ කොළඹ ගෝල්ෆෙස් හෝටලයේ පැවති ‘අයිඑම්එෆ් සහ ඉන් ඔබ්බට’ ... |
"ඩී.එන්.ඒ. වෙනස් වුණා නම් සාරා සොයන්න තවත් සැලසුමක් තිබිලා" | "මඩකලපුව සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක දී බෝම්බ පුපුරවා ගනිමින් මියගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන්ගේ සිරුරු කොටස් සම්බන්යෙන් සිදු කළ තෙවැනි ඩී.එන්.ඒ පරීක්‍ෂණයේදීත් පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය බව අනාවරණය නොවූයේ නම් තවත් සුවිශේෂී ඩීඑන්ඒ පරීක්‍ෂණයකට යොමුවීමට විමර්ශන කණ්ඩායම් සූදානම්ව සිට ඇත... |
"නව දූෂණ විරෝධී පනතට අනුව ජනපතිත් වත්කම් බැරකම් දිය යුතුයි" | "කෙටුම්පත් කර ඇති නව දූෂණ විරෝධී පනත හරහා ජනාධිපතිවරයාට ද සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සිදුවන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය. දූෂණ විරෝධී නව පනත කෙටුම්පත් කර ගැසට් කිරීම සඳහා යොමුකර ඇති බවද ඇමැතිවරයා ඊයේ (30දා) පැවති උත්ස... |
"1 ශ්‍රේණියේ දූලා ඉංග්‍රීසියෙන් වැඩ…" | "පළමු ශ්‍රේණියේ පාසල් දරුවන්ට ඉංග්‍රීසි භාවිතය ඇරඹීමේ සමාරම්භක උත්සවය ඊයේ (30දා) ගංගොඩවිල සමුද්‍රදේවි බාලිකා ප්‍රාථමික විද්‍යාලයේදී අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතය ආරම්භ කිරීම සඳහා ගුරුවරුන් 13,800 දෙනකු පුහුණුකර අවසන් බව මෙහිදී ඇමැ... |
"ජෝශප් මයිකල්ගේ දේහයට පාර්ලිමේන්තුවේදී ජනපතිගෙන් අවසන් ගෞරව" | "ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයකු සහ කැබිනට් අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඊයේ (30දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අවසන් ගෞරව දැක්වූහ. එමෙන්ම නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විරුද්ධ පාර්ශ්වයේ නායක සජිත් ප්‍රේම... |
"රුපියල බාල්දුවෙයි ඩොලරය රු.1.92 කින් නගී" | "ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව ඊයේ (30දා) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 335 ඉක්මවා ගියේය. මේ අනුව පෙරේදා (29දා) රු.333.49 ක්වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (30දා) දිනයේදී රු.335.41ක් දක්වා රු.1.92 කින් ඉහළ යමින් ශ්‍රී ලංකා රුපියල පිරිහීමට ලක්ව ඇත. එසේම පෙරේදා (29දා) රු.315.70ක්ව... |
"පාසල් වෑන් ගාස්තු 8%කින් පහළට" | "පාසල් වෑන් රථ ගාස්තුව ලබන මැයි ආරම්භ වන දෙවැනි පාසල් වාරයේ සිට සියයට අටකින් අඩුකරන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්.එම්.කේ. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ට ඊයේ (30 දා) පැවසීය. රජය ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගැනීමත් සමග පාසල් වෑන් රථ සංගම් හා දෙමාපියන් සමග පෙරේදා (29... |
"සෞඛ්‍ය ආධාර කන්ටේනර් 100 ගන්න ශ්‍රී ලංකාවට මෙලෝ වුවමනාවක් නෑ" | "පරිත්‍යාග අහිමි වෙන්නත් යයි: සති තුනක් තිස්සේ කරන ඉල්ලීම්වලට තවම ප්‍රතිචාර නෑ එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු එරට සමාජ සේවා කටයුතු කරන පිරිසක් විසින් පිහිටුවා ගෙන ඇති SYLVIA Lanka Foundation නමති සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට ඩොලර් මිලියන 120ක් වටිනා රෝහල්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් ලබා දීමට ඉදිරිපත්ව ඇත... |
"රට බිත්තර සිල්ලර කඩේට රිංගනවාද සොයන්න සෞඛ්‍ය අධීක්‍ෂණ කණ්ඩායමක්" | "ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර බේකරි නිෂ්පාදකයන් අතට පත්කිරීමෙන් පසු එම බිත්තර සිල්ලර වෙළෙඳසල්වලට විකිණීම වැළැක්වීමට සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් අධීක්‍ෂණ මට්ටමින් පත්කර ඇතැයි ද පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ‘දිවයින’ට ඊයේ (30 දා) පැවසීය. මෙම ගෙන්වනු ලබන බිත්තර සිල්ලර වෙළෙඳ සැල්වල විකිණීමෙන් වළකින ලෙස පාරිසරික ඇමැති මහින්ද ... |
"හොරෙන් රට යන අයට සුරක්‍ෂා දොර වැසෙයි" | "ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදෙස් රැකියාවලට ගොස් කරදරවලට පත්වන අයට අප්‍රේල් 01 වැනිදා සිට ඒ ඒ රටවල පිහිටුවා තිබෙන සුරක්‍ෂා නිවාසවල රැකවරණ ලබා නොදෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කර සිටී. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන ... |
"ඉන්ධන මිල අඩු නිසා මාළු මිලත් 25%කින් පහළට" | "ඉන්ධන මිල අඩුවීමේ වාසිය ධීවර කාර්මිකයන්ටත් ලැබී තිබෙන හෙයින් මාළු මිල සියයට විසිපහකින් පමණ අඩුවෙනු ඇතැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා ‘දිවයින’ට (30 දා) ඊයේ කීවේ ය. ඈත මුහුදේ දී ට්‍රෝලර් යාත්‍රා මගින් මසුන් ඇල්ලීමට යන ධීවරයන්ට මෙන්ම බෝට්ටුවලින් මසුන් ඇල්ලීමට යන ධීවරයන්ට සිය යාත්‍රා සඳහා ඉන්ධන වෙන... |
"ක්‍රිප්ටෝ ආයෝජනවලින් ජනතාවට පාඩු පිට පාඩු" | "‘ක්‍රිප්ටෝ මුදල්’ සඳහා සිදුකරන ලද ආයෝජනවලින් මහජනතාවට විශාල ලෙස මූල්‍ය පාඩු සිදුවී ඇති බව ශ්‍රී ලංකාව මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මෑතකාලීනව සිදුකළ පැමිණිලිවලින් මේ බව පෙනී යන බවත් එසේම ඇතැම් අවස්ථාවල දී ක්‍රිප්ටෝ යෝජනා ක්‍රම ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ මූල්‍ය වංචාවලට මහජනතාව හසුවී ඇති බවත් මහ බැංකුව පවසයි.... |
"රන් මිල යළි ඉහළට" | "රත්‍රන් මිල ගණන් ඊයේ (30 දා) සිට නැවත ඉහළ ගොස් ඇත. ඒ අනුව කැරට් 22 ක රන් පවුමක මිල රුපියල් එක්ලක්‍ෂ හැටතුන්දහස් අටසීයක් දක්වා ඉහළ ගොස් ඇත. පෙරේදා (29 දා) එහි මිල සඳහන් වූයේ රුපියල් එක්ලක්‍ෂ හැටඑක් දහසක් ලෙසිනි. එසේම රුපියල් එක්ලක්‍ෂ හැත්තෑපන්දහසක් ලෙස පැවති කැරට් 24 රත්‍රන් පවුමක මිල ඊයේ (30 දා) රුපියල් එක්ලක්‍ෂ හැත්ත... |
"බේරුවල මුහුදේ භූචලනයක්" | "බේරුවලට ආසන්න මුහුදේ ඊයේ (30 දා) පස්වරු 1.02ට පමණ සුළු භූචලනයක් සිදුවී ඇතැයි භූවිද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය පවසයි. මෙම සුළු භූචලන තත්ත්වය බේරුවල වෙරළට කිලෝ මීටර් 24 ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුළ රිච්ටර් මාපක ඒකක 3.7 ක අගයක් ගෙන ඇති බව එම කාර්යාංශයේ ප්‍රකාශකයෙක් “දිවයින”ට පැවැසීය. එම භූචලනය බේරුවල හා ඒ අවට ප්... |
"තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් 20ක් අනිවාර්ය නිවාඩු යවයි – හමුදා – පොලිසිය කැඳවයි" | "ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් පිරිසක් ආරම්භ කළ උපවාසය අතරතුර ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කරමින් කඩාකප්පල්කාරී ලෙස කටයුතු කළ වෘත්තීය සමිති ප්‍රධානීන් ඇතුළුව සංස්ථා සේවකයන් විසිදෙනකු අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගත් බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය. එසේ අනිවාර්ය නිවාඩු යවන ලද සියලු දෙනාට ඛනි... |
"පඬිකාරමඩුවේ අලි එළවන්න යෑම යුද්ධයක් – රිටිගල වනජීවී නිලධාරියෙක් වල් අලි පහරින් මරුට" | "ගලෙන්බිඳුණුවැව පඬිකාරමඩුව ප්‍රදේශයේ පෙරේදා (28 දා) පස්වරුවේ වන අලි පලවා හැරීමේ මෙහෙයුමක නිරතව සිටිය දී කුලප්පු වූ වන අලියකුගේ පහර දීමකින් රිටිගල වනජීවී කලාප කාර්යාලයේ ප්‍රධාන නිලධාරී පී.බී.ජේ. විජේකෝන් මහතා මියගොස් ඇතැයි ගලෙන්බිඳුණුවැව පොලිසිය කියයි. ඔහු මාතලේ ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර මියයන විට හෙතෙම 42 වියෙහි පසු... |
"ඛනිජ තෙල් සේවකයෝ නිකන් ඉඳලා පඩි ගන්නවා – සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්" | "පෙට්‍රෝලියම් වෙළෙඳපොළ විවෘත කිරීම ඉතා සුදුසු බවත් මේ වන විට එම වෙළෙඳාමෙන් රජය ඉවත් විය යුතු යැයි යන මතයේ තමන් සිටින බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් නිකන් ඉඳන් පඩිගන්නවා යැයි ද මරික්කාර් මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී පෙරේද... |
"දෑත ළයේ බැඳ නිහඬව සැතපෙන ගාන්ධර්වයාණෝ…" | "අභාවප්‍රාප්ත වූ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි, හෙළයේ මහා සංගීත වේදියාණන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නුගේගොඩ, ඇඹුල්දෙනිය පිහිටි නිවසට දිවයිනේ නන්දෙසින් කලාකරුවෝ, සංගීත ලෝලීන් විශාල පිරිසක් ඊයේ (29 දා) දිනයේ පැමිණියහ. දේහය දැනට ඇඹුල්දෙනිය, පළමු පටුමග, පරණ කොට්ටාව පාරේ අංක 10 බී දරන නිවසේ තැන්පත් කර තිබේ. එලෙස තැ... |
"ආනන්දයේ දී කරුට සම්මානයක්….." | "කොළඹ ආනන්ද විiාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ (29දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ජාතික, ආගමික, සංස්කෘතික, දේශපාලනික හා ආර්ථික යන සියලු අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ සුපසන් ආදී ආනන්දීය චරිතයකට ජීවිතයට එක්වරක් පමණක් ලබාදෙන ආනන්දාභිමානී සම්... |
"අනිවාර්ය නිවාඩු යැවූ 20දෙනාගේ නම් එළියට" | "කඩාකප්පල්කාරී ලෙස කටයුතු කරමින් ඉන්ධන බෙදා හැරීමට බාධා කළ බවට චෝදනා කරමින් ඊයේ (29 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් සංස්ථා සේවයෙන් අනිවාර්ය නිවාඩු යැවූ වෘත්තීය සමිති ප්‍රධානීන් සහ සේවකයන්ගේ නම් සඳහන් ලැයිස්තුවක් බලශක්ති අමාත්‍යාංශ මගින් මාධ්‍යයට නිකුත් කරන ලදී. එයට අනුව එස්.එම්.පී.එස්. චින්තක ගුණසේකර, එච්.ඒ.... |
"තෙල් මිල පහළට" | "වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (29 දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් පහත දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 60කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 340 කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 135කින් පහත දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 375 කි. තවද ඔටෝ ඩීසල් ලීටරයක මිල ... |
"අවම බස් ගාස්තුව රු.30 යි – අද රාත්‍රි සිට ගාස්තු 12.9% කින් පහළට" | "ඉන්ධන මිල ගණන් අඩුවීම හේතුවෙන් බස් ගාස්තු අද (30 දා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 12.9 කින් අඩු කරන බව වැඩබලන ප්‍රවාහන ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය. ඒ අනුව රුපියල් 34 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන බව ද ඒ මහතා කීය. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බස් ගාස්තු ප්‍රමාණයන් මෙසේය.ප්‍රදීප් ප්‍රසන්න... |
"සමථයකට පත්කරන්න මැදිහත් වෙලා නැහැ – වයඹ පොලිස් ලොක්කන් 5 දෙනකුට මාරුවීම්" | "වයඹ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ආණමඩුව පොලිස් අධිකාරි හා ආණමඩුව පොලිස්ථානාධිපති ඇතුළු පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් පොලිස් කේෂත්‍ර බළකා මූලස්ථානයට මාරුවීම් ලබා දී තිබේ. පොලිස්පතිවරයා විසින් 28 වැනිදා රාත්‍රියේ සිට ක්‍ර... |
"ත්‍රිරෝද රථ හා පාසල් වෑන් ප්‍රවාහන ගාස්තුත් පහළට" | "ඉන්ධන මිල අඩුකිරීමට සාපේක්‍ෂව අනිවාර්යයෙන්ම මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ගාස්තුව සහ පාසල් වෑන් රථ ගාස්තුව අඩුකරන බවත්, එම ගාස්තු අයකිරීම් පිළිබඳව අද (30 දා) දිනයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයට පත්කරන බවත් එම සංගම් ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ කිහිපදෙනෙක් ‘දිවයින’ට කීහ. මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ගාස්තුව සියයට 20 කින් පහත දැමීමට බලාපොරොත්තු ... |
"කංචනගේ හෙළුව රටම දැක්කා" | "කංචන විජේසේකර ඇමැතිවරයාගේත්, ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් හෙළුව රටටම හෙළි කරලා ඉවරයි. වෘත්තීය සමිති මර්දනය කරලා මේ විරෝධතා නවත්වන්න බැහැ යැයි පොදුජන ප්‍රගතිශීලී සේවක (ඛනිජ තෙල් ශාඛාව) සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පැවසීය. ඊයේ (29 දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ කියා සිටි අතර, එහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ... |
"බලෙන් වැඩ ගන්නවාට එරෙහිව මානව හිමිකම් යනවා – තෙල් පොදු සේවක සංගමයේ සභාපති" | "තෙල් සංස්ථා සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ගෙනයන බවත්, සේවකයන් බලහත්කාරයෙන් සේවයට යොදවා ගැනීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසියට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවැසීය. වැඩවර්ජනයේ නිරතව සිටින සේවකයන් ආරක්‍ෂක අංශවල මර්දනකාරී ක්‍රියාවලියෙන් බලහත්කාරයෙන් සේවා... |
"රක්‍ෂණ – ලිට්‍රෝ – හිල්ටන් කොටස් විකුණන්න උපදේශකයෝ පත් කෙරෙති" | "රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස්, කොළඹ හිල්ටන් සහ කොළඹ, ග්‍රෑන්ඩ් හයට්හි රජය සතු කොටස් විකිණීමට අදාළව උපදේශකවරුන් පත් කිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව එම රාජ්‍ය ව්‍යවසාය සතු කොටස් අයිතිය පැවරීමට මුදල් අමාත්‍යාංශය විසින් ගනුදෙනුකාර උපදේශකවරුන් පත්කිරීමට නියමිතය. උනන්දුවක් දක්වන උපදේශන ආයතනවලින් මේ සඳහා යෝජනා කැඳවීමට අද (30 ද... |
"මිහින් ලංකා චෝදනා දෙකකින් සජින් වාස් නිදහස්" | "පෞද්ගලික සමාගමකට රුපියල් මිලියන 883 කට අධික මුදලක් අයුතු සහගත ලෙස ලබාගැනීමට ඉඩදීම ඇතුළු අධිචෝදනා දෙකකින් මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි සජින් ද වාස් ගුණවර්ධන මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (29දා) නියෝග කළේය. එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්... |
"රජය ඉන්ධන මිල අඩු කිරීම ධනාත්මකයි – ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)" | "රජය ඉන්ධන මිල ගණන් අඩු කිරීම ධනාත්මක දෙයක් ලෙස විපක්ෂයේ තමන් සලකන බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ආර්ථිකයේ නිවරැදි දිශාව නමින් විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (29 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය. අද පෙට්‍රල්, ඩීසල් මිල අඩු... |
"2008 දී ලංගම බස් රථය තුළ බෝම්බයක් තැබූ හිටපු කොටියාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්" | "මට්ටක්කුලියේ සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් තුළ බෝම්බයක් පුපුරුවා හැරීම, එහි ගමන් කරමින් සිටි මගීන් ඝාතනය කිරීමට තැත්කිරීම සහ ඒ සඳහා ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම යන අධිචෝදනාවලට වරදකරු කරනු ලැබූ හිටපු ග්‍රාම නිලධාරිවරයකුට හා විමුක්ති කොටි සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කළ විත්තිකරු... |
"ජෝෂප් මයිකල් පෙරේරාගේ දේහය අද පාර්ලිමේන්තුවට" | "අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අද (30 දා) පෙරවරු 09 සිට 10 දක්වා පාර්ලිමේන්තුවේ තැන්පත් කිරීමට නියමිතය. පාර්ලිමේන්තුව ඉදිරිපස පිහිටි උත්සව ශාලාවේ දී ඒ මහතාගේ දේහය මැති ඇමැතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු සේවකයන්ගේ ගෞරවය පිණිස තැන්පත් කෙරේ. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා සවස 04 ට ජා-ඇල... |
"විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් ගල් අඟුරු තෙල් මුදලාලිලාගේ කරල පැහුණා" | "මුදල් ඇමැති වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් තමා වෙත එවා තිබෙන චෝදනා පත්‍රයෙහි අඩංගු කාරණා ප්‍රතික්ෂේප කරන බවත් තමා මෙම තනතුරෙහි තවදුරටත් සිටින්නේ නම් එක් අධිකරණයකට නොව අධිකරණ දහයකට හෝ ගොස් ජනතාව වෙනුවෙන් පෙනී සිටින ස්වාධීන කොමිසමේ අයිතීන් සුරක්ෂිත කරන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්න... |
"ජන පීඩක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා හකුළා ගත යුතුයි" | "ජන පීඩක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුළා ගත යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියයි. ජාතික ජන බලවේගය ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හේරත් මහතා මෙසේද කීය. අයි.එම්.එෆ්. යෝජනා ක්‍රියාත්මක කරමින් ජනතාවට ජීවත්වෙන්න බැරි දැඩි පීඩාකාරී තත්වයක් දිනපතා ඇති කෙරෙමින් පවතිනව... |
"උ.පෙළ සමතුන් පන්දහසකට පෞද්ගලිකව උපාධි ගන්න රජයෙන් පොලී රහිත ණය" | "රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා කඩඉම් ලකුණු ප්‍රමාණවත් නොවන සිසුන් තවත් පන්දහසකට රාජ්‍ය නොවන උපාධි පිරිනමන පිළිගත් උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වී අදාළ පාඨමාලා හැදෑරීම සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත. මේ වන විට අදාළ ව්‍යාපෘතිය යටතේ ශිෂ්‍ය කණ්ඩායම් පහක් එම පහසුකම ලබාගෙන ඇති අතර ... |
"සනත් නන්දසිරි ගාන්ධර්වයාණෝ ජීවන ගීතය නිම කරති" | "ප්‍රතිභාපූර්ණ මහා සංගීත ප්‍රාඥයකු සහ අග්‍රගණ්‍ය ගායනවේදියකු වූ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා ඊයේ (28 දා) අභාවප්‍රාප්ත වූ බව ‘දිවයින’ සාතිශය සංවේගයෙන් දන්වා සිටිමු. රෝගාතුරුව ප්‍රතිකාර ලබමින් පසුවූ ඒ මහතා ඊයේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වනවිට 81 හැවිරිදි වියෙහි පසුවිය. මෙරට සංගීත කලාව වෙනුවෙන් මාහැඟි මෙහෙවරක ... |
"සුබසාධක ප්‍රතිලාභ ඉල්ලන අයදුම්පත් ලක්‍ෂ 22ක් තහවුරු කර අවසන්" | "වැඩිම පිරිස මාතරින් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනෙහි තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මගින් ලැබී ඇති අයැදුම්පත් ලක්ෂ 22 කගේ වැඩි ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීම අවසන් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. දිවයින පුරා ප්‍රාද... |
"සංගීතවේදී මහින්ද තිලකරත්න දැයෙන් සමුගනී" | "ප්‍රවීණ සංගීතවේදී මහින්ද තිලකරත්න මහතා ඊයේ (28 වැනිදා) අභාවප්‍රාප්ත විය. ප්‍රවීණ ගායන ශිල්පිනී ශ්‍රීමති තිලකරත්න මහත්මියගේ ආදර්ණීය ස්වාමිපුරුෂයා වූ මහින්ද තිලකරත්න මහතා මිය යනවිට 79 හැවිරිදි වියේ පසුවූ අතර පුතුන් දෙදෙනකුගේ හා එක් දියණියකගේ ආදරණීය පියාණන් විය. ඒ මහතාගේ එක් පුතකු වන දිනංජ තිලකරත්න ටෙලිනාට්‍ය රචකයකු ලෙස ... |
"ජනපතිගේ නිවසට ගිනි තැබුවැයි කෝට්ටේ හිටපු විපක්ෂ නායක රිමාන්ඩ්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කෝට්ටේ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක චන්දිම නයනජිත් මහතා අප්‍රේල් 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28දා) නියෝග කළේය. ගිනි තැබීමේ සිද්ධියට අදාළව සැකපිට කෝට්ටේ මහනගර සභාවේ හිටපු විප... |
"හම්බන්තොට නව තෙල් පිරිපහදුවට මෙරට සමාගම් දෙකකුත් එයි" | "හම්බන්තොට ඉදිකිරීමට යන නව තෙල් පිරිපහදුව සඳහා ඉදිරිපත්ව සිටින සමාගම් හත අතර ශ්‍රී ලංකාවේ සමාගම් දෙකක්ද ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි. එම සමාගම් දෙක වන්නේ ශ්‍රී ලංකාවේ Harree Managment Service (Pvt) Ltd With Marka Invesment සහ ශ්‍රී ලංකාවේ Daniyaya Engineering Sales and Servies Syndicate යන සමාගම් දෙකයි. මෙම පිරිපහදු... |
"ජනපතිගේ නිවසට ගිනි තැබුවැයි කෝට්ටේ හිටපු විපක්ෂ නායක රිමාන්ඩ්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කෝට්ටේ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක චන්දිම නයනජිත් මහතා අප්‍රේල් 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28දා) නියෝග කළේය. ගිනි තැබීමේ සිද්ධියට අදාළව සැකපිට කෝට්ටේ මහනගර සභාවේ හිටපු විප... |
"විකිණීමට සහ බද්දට එරෙහි අන්තිම තුරුම්පුව තව සති දෙකකින්" | "රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව හා ආදායම් බදු හා ජීවන වියදම පහත හෙළීම ආදී කරුණු කිහිපයක් මුල්කරගෙන ඉදිරි සති දෙකෙන් පසුව ‘අන්තිම තුරුම්පුව’ ගැසීමට වෘත්තීය සමිති නායකයන් තීරණය කර ඇත. මේ වන විට වෘත්තීය සමිති හා ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කරන සියලුදෙනාට එරෙහිව නව නීති ගෙන එමින් මර්දනයක් ආරම්භ කර තිබෙන බව ද, ආණ්ඩුවට තව ලබා දෙන්නේ... |
"ඇමැතිගේ ප්‍රකාශයෙන් පසු තෙල් ඇණවුම් අඩාල වෙලා" | "අප්‍රේල් මුල් සතියේදී ජනතාවට දැනෙන ගණනකින් ඉන්ධන මිල පහළ දමන බවට ඇමැති කංචන විජේසේකර කළ ප්‍රකාශයක් නිසා ප්‍රමාණවත් තෙල් ඇණවුම් නොකිරීම බොහෝ ප්‍රදේශවල තෙල් බෙදාහැරීම අඩාල වී තිබෙන බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. ඉන්ධන ලීටරයක මිල රුපියල් සියයකින් පමණ පහළ ගියහොත් ලීටර්, 6,600 ක පෙට්‍රල් බවුසරයකින් ඉන්ධන හල් හිමියකුට... |
"ඕටී නවතා තෙල් සේවකයෝ වැඩ වරති" | "තෙල් සංස්ථාව විකුණා දැමීමට එරෙහිව කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (සීපීඑස්ටීඑල්) මුතුරාජවෙල ඇතුළු තෙල් සේවකයන් දෙදහස් දෙසීයක් පමණ ඊයේ (28 වැනිදා) දහවල් සිට සේවයෙන් ඉවත් වී වර්ජනයක් ආරම්භ කර තිබිණි. මෙනිසා ඊයේ (28 වැනිදා) රාත්‍රියේ සිටම විවිධ ප්‍රදේශවල යම් ඉන්ධන හිඟයක් ඇති වී තිබූ බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කි... |
"සාම්පූර් බලාගාරය හදන්න ලංවිම – ඉන්දීය හවුල් සමාගමකට අනුමැතිය" | "ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ තාප විදුලි සමාගම යටතේ ඇති කෙරෙන හවුල් ව්‍යාපාර සමාගමකට ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ සූර්ය විදුලි බලාගාරයක් ඉදි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඇති කර ගත් එකඟතාවකට අනුව විදුලිබල මණ්ඩලය සහ ඉන්දීය තාප විදුලි සමාගම මගින් මෙහිදී මෙගවොට් 135 ක ධාරිතාවකින් යුතු විදුලි බලාගාරයක් අ... |
"හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි" | "හිටපු කථානායකවරයෙක් වන ජෝෂප් මයිකල් පෙරේරා මහතා ඊයේ (28දා) අභාවප්‍රාප්ත විය. 1941 සැප්තැම්බර් මස 15 වැනිදා උපත ලද ඒ මහතා මියයන විට 82 වැනි වියේ පසු විය. එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ඇමැතිවරයෙක් ලෙස සහ පාර්ලිමේන්තුවේ 17 වැනි කථානායකවර... |
"වර්ජනයට ගිය තෙල් සේවකයන්ට විනය හා නීති පියවර – ඇමැතිගෙන් නියෝග" | "හදිසියේ වර්ජනයක් දියත් කළ තෙල් සේවකයන්ට එරෙහිව වහා විනය හා නීතිමය පියවර ගන්නා ලෙස ඇමැති කංචන විජේසේකර මහතා උපදෙස් දී ඇත." |
"ඉල්ලීම් දිනා ගැනීමට දරුවන් යොදාගන්න එපා" | "එජාප සභාපති වජිර අබේවර්ධන තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ගුරුවරුන් ළමයින් සම්බන්ධ කරගැනීම හෙළාදකින බවත්, දරුවන්ගේ අනාගතය මත රටේ අනාගතය තීරණය වන බැවින් මේ සඳහා දෙමව්පියන් ඉදිරියට පැමිණිය යුතුව තිබෙන බවත් එක්සත් ජාතික පක්‍ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේය. වජිර අබේවර්ධන මහතා මෙම අදහස් ප... |
"කාති උසාවියේ විනිසුරු නිවසට ගෙන්වා මන්ත්‍රී පහරදීලා" | "පසුගියදා පුත්තලම කාති අධිකරණයට පත්කළ පුත්තලම ක්වාසි අධිකරණ විනිසුරු වෛද්‍ය මොහොමඩ් රහමතුල්ලා මොහොමඩ් මහතාට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේත්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා විසින් පහර දීමෙන් පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ. මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා විසින් පෙරේදා (26දා) රාත්‍රියේ කාදි අධිකරණයට පත්කළ පුත්තලම ක්වාසි අධිකර... |
"මඩ පොහොර අවුල දුරදිග ගොස් ගෙල කපා කෘෂි නිලධාරිනිය මරයි" | "ගොවි ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත තංගල්ල වැලිආර ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ නිලධාරිනියකගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයකු තංගල්ල පොලිසිය මගින් ඊයේ (27 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. කෘෂි පර්යේෂණ නිලධාරිනිය ඊයේ පෙරවරු 8.00 ට පමණ සිය රාජකාරිය සඳහා යමින් සිටියදී ඇය ලුහුබැඳ ගොස් ඇති සැකකරු ඇගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝ... |
"ඩෝප් රියැදුරන්ට මින් පසු පොලිස් ඇප නෑ: කෙළින්ම උසාවියට" | "ඉදිරියේදී බීමතින් රිය පදවා පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයන් පොලිස් ඇපමත මුදානොහැරීමට පොලිසිය තීරණය කර තිබේ. බීමත් රියැදුරන් පොලිස් ඇප මත මුදාහැරීමට මේ දක්වා පොලිස් ස්ථානාධිපතිවරුන්ට බලය හිමිවී තිබුණද එය අත්හිටුවා ඇත. ඒ අනුව මින් ඉදිරියට පොලිසිය අත්අඩංගුවට ගන්නා බීමත් රියැදුරන් පොලිස් ඇප ලබා දීමකින් තොරව ඍජුවම අධිකරණ ... |
"රට ගොඩනැගීමේ වගකීම මාලිමාව බාර ගන්නවා" | "දුප්පත්කමේ ගිලටීනයට හෙළා ඇති රට ගොඩනැගීමේ වගකීම මාලිමාව බාර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ජාතික ජන බලවේගය පානදුර රැලිය පසුගිය ඉරිදා පැවැත්විණි. එහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය. පසුගිය ඡන්දවලදී අපි ගම්වලට ඇවිත් වංචා-දූෂණ ගැන, රටේ නීතියේ ආධිපත්‍යය කඩා වැටෙන බ... |
"අරගලකරුවන්ට පහරදීම නොවැළැක්වීම දේශබන්දුට එරෙහි පෙත්සම ඉවතට" | "ගාලුමුවදොර පිටියට කඩාවැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් අරගලකරුවන්ට සිදු කළ පහරදීම් වළක්වා ගැනීමට නිසි පියවර නොගත් බවට චෝදනා එල්ල වී ඇති බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා නීතිඥ රාමලිංගම් රන්ජන් මහතා ගොනු කර ... |
"මෙරට ඛනිජ තෙල් වෙළඳාමට විදෙස් සමාගම් තුනකට අනුමැතිය" | "මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට පිවිසීම සඳහා විදෙස් සමාගම් 3ක් වෙත කැබිනට් අනුමැතිය ලබාදී ඇතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. ඒ අනුව මෙලෙස අවසර හිමිව ඇත්තේSinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් වෙතටයි. මෙමගින් අදාළ විදෙස් සමාගම් සඳහා දැනට ඛනිජ ත... |
"කෝටි 10 වන්දියට තව මාස 3 යි: – ඇති හැකි අයගෙන් මෛත්‍රී ආධාර ඉල්ලයි" | "පාස්කු ප්‍රහාරයට අදාළ නඩු තීන්දුවකින් තමාට නියම වූ කෝටි දහයකට ආසන්න වන්දිය ගෙවීමට ඇත්තේ තව මාස තුනක් පමණක් බවත්, එම මුදල සොයා ගැනීම සඳහා හැකි අය දායක වන ලෙසත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලයි. ගාල්ල බද්දේගම ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රැස්වීමකට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. නඩ... |
"ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට පෙර ජනමත විමසුමක් ඕනෑ – ජී. එල්. පීරිස්" | "ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමට පෙර නව ජනමතයක් ලබාගත යුතු බව නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (27 දා) පැවසීය. ලාභ ලබන ආයතන විකුණා දැමීමට දැඩිව විරෝධය දක්වන බවත්, එම ආයතන අප රටේ ආර්ථිකයේ ජීවනාලිය බවත් එම පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ජී. එල්. පීරිස්... |
"මියගිය කෝටිපතියාගේ බැංකු ගිණුමෙන් මුදල් ඇදීමට ගිය අය රිමාන්ඩ්" | "කිරුළපන ප්‍රදේශයේ ධනවතකු මියගිය පසු ඔහු විසින් බැංකුවක තැන්පත් කර තිබූ කෝටි ගණනක මුදලක් ව්‍යාජ අත්සන් යොදා බැංකුවෙන් රැගෙන යෑමට තැත් කළ පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම සැකකරු මියගිය පුද්ගලයාගේ අත්සන හොරට යොදා ක්‍රෙඩිට් කාඩ්... |
"රුහුණ උපකුලපති ගැන විමර්ශනයක් සහ බදු සහන ඉල්ලද්‍යා සරසවි ඇදුරෝ උද්ඝෝෂණයේ…" | "රුහුණ විශ්වවිiද්‍යාලයේ උපකුලපති මහද්‍යාචද්‍යාර්ය සුජීව අමරසේන මහතද්‍යාට එල්ල වී ඇති චෝදනද්‍යා සම්බන්ධයෙන් පිටු 200 ක වද්‍යාර්තද්‍යාවක් ලබද්‍යාදී ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස සහ අසද්‍යාධද්‍යාරණ බදු ප්‍රතිපත්තියට සහනයක් ලබද්‍යාදෙන ලෙස ඉල්ලමින් විශ්වවිiද්‍යාල ආචද්‍යාර්යවරුන්ගේ සංගමය ඊයේ (27 දද්‍යා) විශ්වවිද්‍යද්... |
"ඩොලරය නඟී: රුපියල බහී" | "ශ්‍රී ලංකද්‍යා මහ බැංකුව ඊයේ (27දද්‍යා) නිකුත් කළ විනිමය අනුපද්‍යාත අගයන් අනුව ඇමෙරිකද්‍යානු ඩොලරයක විකුණුම් මිල රු. 332.58 දක්වද්‍යා වර්ධනය වෙමින් ශ්‍රී ලංකද්‍යා රුපියල සුළු වශයෙන් පිරිහීමට ලක්ව ඇත. ඉකුත් මද්‍යාර්තු 24 වැනිදද්‍යා රු. 331.37 ක් වූ ඇමෙරිකද්‍යානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (27 දද්‍යා) දිනයේ රු. 332.58 දක්ව... |
"මෝටර් රථ ගෙන්වීමට අනුමැතිය දීම වසරකට කල්දමයි" | "මෝටර් රථ ආනයනය කිරීමේ අනුමැතිය වසරකට කල්දමා ඇත. මෙයට හේතු වී ඇත්තේ මෝටර් රථ ආනයනය සඳහා ඩොලර් බිලියන දෙකක් වැයවීමයි. මෝටර් රථ ආනයනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට අවසරය දී තිබුණි.කීර්ති වර්ණකුලසූරිය" |
"තොටළඟ කුඩු කුමාරිට එරෙහි පොලිස් විමර්ශන හදිසියේම නවතී" | "මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කාරියක වූ ‘තොටළඟ කුඩු කුමාරි’ට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ආරම්භ කර තිබූ විමර්ශන කටයුතු එක්වරම නතර වී තිබේ. උපයා ගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකි නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ නීතිය යටතේ මීට මාස කිහිපයකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය තොටළඟ කුඩු කුමාරිට එරෙහිව ම... |
"ණයට මුවා වෙලා ආණ්ඩුව ලාභ ලබන ආයතන විකිණීමට හදනවා" | "රටේ ණය ප්‍රමාණය ගැන කියා ආණ්ඩුව ලාභ ලබන ආයතන විකිණීමේ කූඨ ව්‍යාපාරයක නිරත වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (27දා) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය. මේවෙන විට අපේ රට ආර්ථික අර්බුදයකට වගේම ප්‍රජාතන්ත්... |
"බූරු මුණාට පලා යෑමට ආධාර කළ චීවරධාරීන් දෙදෙනා ඇතුළු 7 ක් යළි රිමාන්ඩ්" | "මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක් සිදු කර නීතියෙන් බේරීමට විදේශයකට පලා යෑමට තැත් කළ බූරු මූණා නමැති පාතාල අපරාධකරුට ඒ සඳහා ආධාර අනුබල දීමේ චෝදනා ලැබූ භික්ෂූන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 7 දෙනා මේ මස 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා නියෝග කළේය. විදේශයකට පලා යෑම ... |
"පොලිස් ලොක්කන්ට එරෙහි කාදිනල්තුමාගේ පෙත්සම" | "මැයි 9 ට පෙර විරෝධතා ගොනු කිරීමට නීතිපතිට නියෝග සහරාන් හෂිම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා ගැනීමට නිසි පියවර නොගත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කර නඩු පැවරීමට නියෝග කරන්නැයි ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් ... |
"පාර්ලිමේන්තුව අප්‍රේල් 4 දා පමණයි" | "ලබන අප්‍රේල් 04 වැනිදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (24) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබේ. පාර්ලිමේන්තුව අප්‍රේල් 4 වැනිදා පෙ.ව. 9.30 ට රැස්වන අතර පෙ.ව. 9.30 – පෙ.ව.... |
"ණයට මුවා වෙලා ආණ්ඩුව ලාභ ලබන ආයතන විකිණීමට හදනවා" | "රටේ ණය ප්‍රමාණය ගැන කියා ආණ්ඩුව ලාභ ලබන ආයතන විකිණීමේ කූඨ ව්‍යාපාරයක නිරත වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (27දා) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය. මේවෙන විට අපේ රට ආර්ථික අර්බුදයකට වගේම ප්‍රජාතන්ත්... |
"විදෙස් සංචාරකයන්ට බලපෑම් කළ කටුනායක ‘කාක්කෝ’ 10 ක් මාට්ටු" | "කටුනායක ගුවන් තොටුපළ භූමියේ රැඳී සිටිමින් මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන්ට විවිධ බලපෑම් සිදුකරමින් ඔවුන්ට හිරිහැර වන ආකාරයට හැසිරුණු තැරැව්කරුවන් සිව්දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (27 වැනිදා) පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන්ට කටුනායක ගුවන් තොටුපළේදී තැරැව්කරුවන් ව... |
"කන්කසන්තුරේ – ඉන්දියා බෝට්ටු සේවාව අප්‍රේල් 29 සිට" | "යාපනයේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව අප්‍රේල් මස 29 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය 26 දා තහවුරු කොට ඇත. මේ සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීමේ කටයුතු මේ දිනවල ආරම්භ කොට ඇති බව කී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ... |
"අල ලූනු වගේ බිත්තර එළියට දාන්න බෑ" | "අලු, ලූනු ගෙන්වන ආකාරයට සතුන් සහ සත්ත්ව නිෂ්පාදන රට තුළට ගත නොහැකි බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ‘දිවයින’ට පෙරේදා (25දා) පැවසුවාය. බිත්තර ආනයනය කිරීමේදී ඉන්දියානු සමාගමෙන් වාර්තා ගෙන්වා ගතහොත් මෙරට සිදුකළ යුතු පරීක්‍ෂණ වාර්තා ලබෙන තෙක් බිත්තර තොගය වරායෙන් පිට... |
"ඉන්දියාවෙන් ගෙන්වූ බිත්තර ලක්‍ෂ 20 ක් රේගුවේ හිර කරලා" | "බිත්තරවල ප්‍රමිතිය හා සෞඛ්‍යාරක්‍ෂිත බව සහතික කරමින් ඉන්දියාවේ සමාගමකින් බිත්තර ලක්‍ෂ 20 ක් ආනයනය කර ඇතත් ඒවා මුදාහැරීමට ප්‍රමාද කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කල්මරමින් සිටිනවා යැයි වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. රටේ පවතින බිත්තර මිල පාලනය කිරීමට බිත්තර ආනයනය කළ බවත් ආනයනය කළ එම බිත්තර බේක... |
"රයිගම් ටෙලීස් ජනප්‍රිය නළුවා – නිළිය සම්මාන – උද්දිකට හා දුෂේනිටත්" | "රයිගම් ටෙලීස් සම්මාන උළෙල 19 වැනි වරටත් (25 වැනිදා) කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය දිනාගනු ලැබෙුවේ ‘පාරදිගේ’ ටෙලි නාට්‍යයේ රොහාන් අළුවිහාරේගේ චරිතය රඟපෑ උද්දික ප්‍රේමරත්නය. ජනප්‍රියම නිළියට හිමි සම්මාන දිනාගනු ලැබුවේ ‘පාරදිගේ’ ටෙලි නාට්‍යයේ බන්ටි සරණ... |
"අධිකරණයේ නිදහසට බාධාවක් වූවොත් නොබියව පියවර ගන්නවා – නීතිඥ සංගමයේ නව සභාපති කෞෂල්‍ය නවරත්න" | "අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක්වේ නම් ඒ පිළිබඳව නොබියව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභිනව සභාපති ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා පෙරේදා (25 දා) පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023/2024 වසර සඳහා නව සභාපති ධුරයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කරමිනි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍ය... |
"මාස 3කට IGPට ඉඩ" | "පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට මාස 3 ක සේවා දිගුවක් ලබා දී ඇත. ඒ අනුව වික්‍රමරත්න මහතා ලබන ජුනි 25 වැනිදා දක්වා පොලිස්පති ධුරයේ රාජකාරි කරනු ඇත. පසුගිය 24 වැනිදා ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්ව... |
"‘අපට අරගල එපා : වහාම යන්න’ – මුදලිගේලාට යාපනයේදී විරෝධය" | "වසන්ත මුදලිගේ ඇතුළු දකුණේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයන් උතුරට පැමිණීමට විරෝධය පළ කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයීය සිසුන් පිරිසක් හා යාපනයේ ස්වෙච්ඡා සංවිධාන කීපයක් යාපනයේදී උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි. ඔවුන් කියාසිටියේ උතුරේ දෙමළ වැසියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වීමේදී හා තවත් සිද්ධීන් නිසා පී... |
"අයිඑම්එෆ් කොන්දේසි සැබෑ කරගත නොහැකි සිහිනයක්" | "අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙවර ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ කොන්දේසි සැබෑ කරගත නොහැකි සිහිනයක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි. මේවායින් බොහෝමයක් එකිනෙක පරස්පර බැවින් ඉටුකර ගැනීම අතිශය දුෂ්කර බව ගැඹුරු ආර්ථික විශ්ලේෂණ තුළින් පෙනෙන්නට ඇතැයි මහාචාර්යවරයා ක... |
"කළුබෝවිල දරුවෙක් කටුනායක බිල්ලෙක් මවයි" | "කටුනායක ගුවන් පර්යන්ත ගොඩනැඟිල්ලේ බෝම්බයක් සඟවා ඇති බවට එම පොලිස් ස්ථානයට පෙරේදා (25දා) ලැබුණු දුරකථන පණිවුඩයක් අනුව පොලිස් කණ්ඩායම් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කළද එවැනි බෝම්බයක් සොයා ගැනීමට හැකිවී නැත. මේ හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ විනාඩි දහයක් පමණ කලබල ස්වරූපයක් ගත්තේය. එම දුරකථන පණිවුඩය දුන් පුද්ගලයා පිළිබඳව ප... |
"රජයෙන් මිලදී ගත් වී සහල් කර අඩු ආදායම් පවුල් ලක්‍ෂ 29 කට බෙදා දෙයි" | "රජය විසින් මෙවර මහ කන්නයේදී ගොවි ජනතාව වෙතින් මිලදී ගන්නා ලද වී සහල් බවට පත් කර අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29ක් අතර බෙදාදීමේ වැඩසටහන අද (27දා) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. ඒ අනුව මාසයකට එක් පවුලකට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් සහල් නොමිලයේ ලබාදෙයි. නොමිලයේ ලබා දෙන සහල් කොළඹ, ගම්පහ, ක... |
"මොරොටුවේදී කපා රැගෙන ගිය අත්දෙක මුහුදුට වීසි කරලා" | "මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පුද්ගලයකුගේ දෑත් කපා රැගෙන ගොස් කොරළවැල්ල ප්‍රදේශයෙන් මුහුදට වීසි කළ බව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරු ගල්කිස්ස කොට්ඨාස අපරාධ අංශ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඊයේ (26දා) ප්‍රකාශ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබිය... |
"ගැසට්ටුව අහෝසි කළොත් බිත්තරයක් 35 ට – 40 ට බහියි – බිත්තර නිෂ්පාදක සංගමයේ සභාපති" | "බිත්තර මිල සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් පත්‍රය අහෝසි කළහොත් බිත්තරයක් 35 ත් 40 ත් අතර මිලකට වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි යැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ‘දිවයින’ ට පැවසීය. බිත්තරයක මිල රුපියල් 42 (සුදු) සහ 43 (රතු) ලෙස ගැසට් කිරීම නිසා කුඩා පරිමාණ කුකුළු නිෂ්පාදකයින් බිත්තර දමන ... |
"ඡන්දයට බය පාලකයෝ රට ගොඩනගයිද? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "මැතිවරණයටත් බය මේ පාලකයෝ රට ගොඩනගයි කියලා විශ්වාස කරන්න බැහැ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඉකුත් 24 වැනිදා කොළඔ කුප්පියාවත්තේ පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේ දීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා මෙසේද කීවේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ අලි කපුට... |
"පාසල් පළමු වාරය අද ඇරැඹෙයි" | "රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 පළමු පාසල් වාරයේ පළමු අදියර අද (27 දා) ආරම්භ වේ. එම අධ්‍යයන වාරය අද (27 දා) සිට අප්‍රේල් මස 4 වැනිදා දක්වා පැවැත්වෙන අතර අප්‍රේල් මස 5 වැනිදා සිට 16 වැනිදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව ලබාදෙයි. දෙවැනි පාසල් වාරය අප්‍රේල් 17 වැනිදා සිට ආරම්භ වේ.ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්" |
"බලවතුන්ගේ ගැටුම්වලින් අපේ ඉන්දියානු අප්‍රිකානු වෙළෙඳපොළට බාධා ඇති වෙන්න දෙන්න බැහැ" | "මහ බලවතුන්ගේ එදිරිවාදිකම් හෝ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට විවෘත වන ඉන්දියානු වෙළෙඳ පොළ ප්‍රවේශය හෝ අප්‍රිකානු වෙළෙඳ පොළ විවෘත වීමට බාධා ඇති විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඕස්ටේ්‍රලියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය අතර මෑතකදී පිහිටුවන ලද ”්මනමි” ගිවිසුම, චීනය සහ ක්වාඩ් අතර තරගය වඩාත් ... |
"පළාත් සභා – ප්‍රා. සභා අධීක්‍ෂණයට දිනේෂ් – වජිර කමිටු දෙකක්" | "දැනට විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන හා නිල කාලය අවසන්ව ඇති පළාත් සභා අධීක්‍ෂණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි කමිටු දෙකක් පත්කර තිබේ. ඒ අනුව ආණ්ඩුකාරවරුන් යටතේ පවතින පළාත් සභා කටයුතු සොයා බැලීමට හිටපු අමාත්‍යවරයකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වන වජිර අබේවර්ධන මහතා පත්කර ඇත. පළාත් ප... |
"උත්සව සමයේ ආර්ඩීඒ මාර්ග රක්‍ෂිතවල භාණ්ඩ අලෙවියට තාවකාලික අවසරයක්" | "උත්සව සමයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග රක්ෂිතවල නිෂ්පාදන අලෙවි කිරීම සඳහා තාවකාලිකව අවසර ලබාදීමට ප්‍රවාහන අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම අවසරය ලබාදුන් බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්ප... |
"රාජ්‍ය ආයතන 9 ක් ඈවරයි: අයි.එම්.එෆ්. එකඟතාවක" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකරගත් එකඟතාවයට අනුව රජය සතු ආයතන නවයක කොටස් විකිණීමට අදාළ මූලික පියවර මේ වනවිට සකස් කරමින් පවතින බව වාර්තාවේ. ඒ අනුව ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රී ලංකන් කේටරින්, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව, හිල්ටන් හෝටලය, ලිට්රෝ ගෑස් ටර්මිනල්, ලිට්රෝ ගෑස් ලංකා සමාගම, ලංකා හොස්පි... |
"රාජ්‍ය ආයතන 53 ක විගණනය අයාලේ" | "වී අලෙවි මණ්ඩලය හා නාගරික සංවර්ධන අධිකාරියත් ඒ අතරජුලි මාසයට පෙර පූර්ණ විගණනයක් කරන්නැයි අයිඑම්එෆ් දන්වයි වසර කිහිපයක් තිස්සේ රජයේ ආයතන පනස්දෙකක විගණනයන් නිසි පරිදි සිදුවී නොමැති නිසා ලබන ජූලි මසට පෙර එම ආයතන සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා යටතේ පූර්ණ විගණනයක් සිදු කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.