Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"EPF 30% දෙන කොන්දේසි ලිහිල් වෙයි"
"සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාදෙන සියයට 30ක ප්‍රතිලාභ ගැනීම සඳහා දැනට පවතින කොන්දේසි කිහිපයක් ලිහිල් කිරීමට කම්කරු අමාත්‍යාංශය අවධානය යොමුකර ඇත. ඒ අනුව නිවාස අලුත්වැඩියාව සඳහා අනුමැතිය ලබාදීමේදී දෙමාපියන් නමට ඇති ඉඩම් ඔප්පුවකට ද අවසර ලබාදීම ඇතුළු කොන්දේසි ලිහිල් කිරීමට අවධානය යොමුකර ඇතැයි කම්කරු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්...
"පොහොර බෙදිල්ලෙන් රජය ඉවත් වෙයි!"
"ගොවීන්ට පොහොර ලබාදීමේ වැඩසටහනින් ලබන වසරේ සිට රජය ඉවත්වීමට තීරණය කර ඇත. පොහොර ලබාදීමේ වැඩපිළිවෙළට රජය මැදිහත් නොවී කරගෙන යාහැකි සැලසුමක් සකස් කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ගොවිජන සේවා කොමසාරිස්වරයාට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී දැනුම්දී තිබේ....
"නැගෙනහිර ඉඩම් මගඩි ගැන විමර්ශන ඇරැඹෙයි"
"ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පැවැති නැගෙනහිර පළාතේ රජයේ ඉඩම් අක්කර හත්දහසක් ව්‍යාජ ඔප්පු සකසා රුපියල් කෝටි දහසකටත් අධික මුදලකට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ ඉඩම් අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් අරඹා තිබේ. ඉඩම් අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ප...
"උසාවි තීන්දුව එනතෙක් මැතිවරණය දිනයක් නෑ"
"පළාත් පාලන මැතිවරණයට අදාළව දැනට අධිකරණය හමුවේ පවතින නඩුවලින් නිශ්චිත තීන්දුවක් ලැබෙන තෙක් එම මැතිවරණය සඳහා වෙනත් දිනයක් ප්‍රකාශයට පත් නොකරන ලෙස මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ බහුතරයක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත. මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම අධිකරණයට පොරොන්දු වී ඇති බවත් තවත් නඩුවකින් මැතිවරණයට අදාළ මුදල් රඳවා ග...
"‘විනිසුරන්ට අත නොතබනු’"
"“විනිසුරන්ට අත නොතබනු” මැයෙන් ඉකුත් 24 වැනිදා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල නීතිඥයන් විරෝධතාවක නිරත වූ අයුරු."
"රට යන නිලධාරීන්ට පරණ දීමනා යළි ලැබෙයි"
"රජයේ නිලධාරීන් රාජකාරි කටයුතු සඳහා විදේශයන්ට පිටත්ව යන අවස්ථාවන්හිදී ගෙවීම අත්හිටුවා තිබූ ඩොලර් දීමනා යළි ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇත. අනියම් දීමනා, සංයුක්ත දීමනා, සංග්‍රහ දීමනා ආදිය වශයෙන් ඔවුනට මීට පෙර ගෙවූ දීමනා නැවතත් ලබා දීමට ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. මෙම උපදෙස් අනුව පසුගිය 20 වැනිදා ...
"බස්නාහිර පළාත් සභාව කෝටි 39 ක නෝටි වැඩ"
"ප්‍රාග්ධන වියදම් නවතා දමන ලෙසට රජය උපදෙස් ලබා දී තිබිය දී බස්නාහිර පළාත් සභාව දිගින් දිගටම නිෂ්ප්‍රයෝජන ව්‍යාපෘති රැසක් සඳහා මේ දක්වා රුපියල් කෝටි තිස්නවයක් (මිලියන 390) වැය කර ඇතැයි වාර්තා වේ. මෙහිදී වඩාත්ම බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මාළු ටින් කරන (සැමන්) කර්මාන්ත ශාලා පරිශ්‍රයේ කාර...
"ත්‍රස්ත පනතට අලුත් කෑලි"
"විරෝධතා සඳහා සහභාගි වන ලෙස ජනතාවට තර්ජනය කිරීම සහ අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කිරීම යන චෝදනා නව ත්‍රස්ත මර්දන පනතට රජය ඇතුළත් කර ඇත. ඒ අනුව මින් ඉදිරියට එම ක්‍රියාවන් ත්‍රස්තවාදයට සම්බන්ධ වැරදි ලෙස සලකනු ලබයි. පසුගිය වසරේ සිට මේ දක්වා විරෝධතා 4000කට ආසන්න සංඛ්‍යාවක් සිදුවී ඇත. ඉන් දුම්රිය සේවා, බැංකු, සෞඛ්‍ය සේවා ඇතුළු ...
"සෞඛ්‍ය හා රාජ්‍ය පරිපාලන ලේකම් ගැන මානව හිමිකම් විමර්ශන"
"රාජ්‍ය නිලධාරීන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරමින් චක්‍රලේඛ නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වගඋත්තරකරුවන් කරමින් මානව හිමිකම් කොමිසම විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අදහස් ප්‍රකාශ කිරීමට පවතින අයිතිය රාජ්‍ය නිලධාරීන්ට ද ඒ අන්දමට ම පව...
"දූෂණ කළ ඇමැතිලා තිදෙනා තාම යහතින් – ඇමරිකානු වාර්තාවක් කියයි"
"දූෂණ ක්‍රියා සිදුකළ ඇමැතිවරුන්ට එරෙහිව ශ්‍රී ලංකා රජය කිසිදු පියවරක් ගෙන නැතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය අලුත්ම වාර්තාව ප්‍රකාශයට පත්කරමින් කියා ඇත. එලෙස දූෂණ ක්‍රියා සිදුකළ ඇමැතිවරු තිදෙනකු හඳුන්වා ඇති රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉන් එක් අයකු මහා භාණ්ඩාගාරයට සම්බන්ධ බවද අනාවරණය කර තිබේ. පිටු 90 කින් යුත් මෙම වාර...
"කඳුළු ගෑස් ගේන්න ටෙන්ඩර් කැඳවයි"
"ඩොලර් අර්බුදය මත ශ්‍රී ලංකා පොලිසියට පිටරටින් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා තිබූ කඳුළු ගෑස් උණ්ඩ, පොලිස් සුනඛයන්, අශ්වයන් ඇතුළු විවිධ උපකරණ රැසක් අවශ්‍යතාවය මත ගෙන්වීමට ටෙන්ඩර් කැඳවීමට පියවර ගෙන ඇතැයි කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් කුමාරසිරි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඒ අනුව කඳුළු ගෑස් උණ්ඩ, පොලිස් සුනඛයන් 20 ද...
"පාස්පෝට් වැඩ රිද්මයට ගලයි"
"විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇති වී තිබූ ප්‍රමාදයන් මේ වනවිට අවසන් කොට සාමාන්‍ය අතට පත්කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සමත්ව සිටී. ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගේ මෙහෙයවීම මත මෙම පියවර ගෙන ඇත. එසේම දැනට ක්‍රියාත්මක දින වෙන්කර ගෙන දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු තත්ත්වය නොබෝ දිනකින් අවසන් කිරීමට ද දෙපාර්තමේන...
"මහ බැංකු සංශෝධන පනතේ අරමුණ ජනප්‍රිය දේශපාලන තීන්දුවලින් ආර්ථික විනාශය වළකාලීමයි"
"කරුණු අහන්න මහ බැංකු අධිපති උසාවිය හමුවටපනත සම්මත වුණත් පාර්ලිමේන්තුවට වගකියනවා – පෙත්සම් විභාගයේදී නීතිපති හා මහ බැංකු අධිපති කියතිමේ පනතින් ආර්ථිකය වැනසෙනවා: ඊට ඉඩ දෙන්න එපා – පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට කියතිඋදේ 10 සිට හවස 3.30 වනතුරු මහ බැංකු අධිපතිත් උසාවියේපෙත්සම් විභාගය අවසන් වෙයි: ලිඛිත දේශන මාර්...
"ගුවන් යානා 5ක් බද්දට ගැනීමේ සැලසුම වරදියි"
"ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම පුද්ගලික අංශයට විකිණීමට රජය තීරණය කිරීම නිසා එහි පාලකයන් ඒ 330 ගුවන් යානා පහක් බද්දට ගැනීමට ක්‍රියාත්මක කළ සැලසුම ව්‍යර්ථ වී ඇත. මෙම එයාර් බස් යානා පහ බද්දට ගැනීමේ ටෙන්ඩර් මාර්තු 27 දා කැඳවීමට තීරණය කර තිබිණි. දැනට භාවිත කරන එයාර් බස් යානා වසර 15ක් පැරණි බව දක්වමින් අලුතින් එයාර් බස් යාන...
"රටේ වාසනාවට රනිල් ජනාධිපති වුණා!"
"පළමුව රට දෙවනුව පක්‍ෂය හා දේශපාලනය යන්න හදවතේ රඳවාගත යුතුයි. අපි හැමෝම එලෙස ක්‍රියා කළ යුතුයි. මූල්‍ය අරමුදල් කොන්දේසි ගැන ස්වයංව සිතා අපේ වගකීම් ඉටුකළ යුතුයි. මූල්‍ය අරමුදලේ කොන්දේසි ගැන ස්වයංව සිතා අපේ වගකීම් ඉටුකළ යුතුයි. මිනිස්සු හාමතෙන් මැරුණත් කමක් නැහැ කියලා දේශපාලනය කරලා වැඩක් නෑ. එහෙම කරන අයත් සිටිනවා. නියම ව...
"මහබැංකුව ස්වාධීන කළොත් මුළු රටම ඉවරයි"
"අයිඑම්එෆ් ණය ගන්න අපේ සහාය නෑ – විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ලලැබුණ ණය කොන්ක්‍රීට් දැමීමට නොයදා ව්‍යවසායකත්වය දියුණු කිරීමට යෙදිය යුතුයි – ඇමැති රමේෂ් පතිරණලැබුණු ණයෙන් රට ගොඩනගනවා වෙනුවට කැබිනට් එක ගොඩනැගීමට සැලසුම් කරලා – හර්ෂණ රාජකරුණා (සජබ) ඉදිරියේ දී ලැබෙන ණය මුදල් ව්‍යවසායකත්ව දියුණුවට යොදා ගතහොත්...
"සජිත්ට ධුරයේ වගකීම තේරෙන්නේ නෑ: විපක්‍ෂ නායකකම කුමාර වෙල්ගමට දිය යුතුයි"
"සජිත් ප්‍රේමදාස මහතාට මෙම අවස්ථාවේදී විපක්ෂ නායක ධුරයට අදාළ වගකීම සහ ඊට අදාළ මතවාදය නොවැටහෙන බැවින් එම ධුරය කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට දෙන්න කියා යෝජනා කරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා 23 වන දා ශ්‍රී ලංකා පොදුජන පොරමුණු මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය. එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ ඒ මහත...
"අධිකරණයේ ස්වාධීනත්වය බිඳහෙළන්න දෙන්න බෑ!"
"විනිසුරුවන් පාර්ලිමේන්තු ගෙන්වන්න ඉඩ දෙන්නේ නෑ – ජනාධිපති නීතිඥ ඒ.පී.ජී. සරත්චන්ද්‍ර පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කරන ලද මුදල් රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද අතුරු නියෝගයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇති බව පවසා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පාර්ලිමේන්තු වරප්‍රසාද...
"සජිත්ට ධුරයේ වගකීම තේරෙන්නේ නෑ: විපක්‍ෂ නායකකම කුමාර වෙල්ගමට දිය යුතුයි"
"සජිත් ප්‍රේමදාස මහතාට මෙම අවස්ථාවේදී විපක්ෂ නායක ධුරයට අදාළ වගකීම සහ ඊට අදාළ මතවාදය නොවැටහෙන බැවින් එම ධුරය කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට දෙන්න කියා යෝජනා කරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා 23 වන දා ශ්‍රී ලංකා පොදුජන පොරමුණු මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය. එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ ඒ මහත...
""වංචාව, දූෂණය, නාස්තිය නතර නොකර රටක් ගොඩනැගීම ගැන හිතන්නවත් බෑ""
"මේ රට ඛේදවාචකයෙන් ගලවා ගැනීම අත්හළ නොහැකි වගකීමක් වංචාව, දූෂණය, නාස්තිය නතර නොකර රටක් ගොඩනැගීම පිළිබඳව හිතන්නවත් බැහැ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය ජාතික ජන බලවේගයේ විගණන හා ගණකාධිකාරී වෘත්තිකයින් විසින් කොළඹ පදනම් ආයතනයේදී සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී ඒ මහතා මේ බව කීය මෙහිදී වැඩිදුරටත්...
"ඡන්දයට සල්ලි නැත්තේ ඇයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"ඕනෑ තරම් උසාවි යන්න – අගමැති දිනේෂ් ගුණවර්ධනඅවිනිශ්චිතව කටයුතු කිරීම ගැන මැතිවරණ කොමිසම කැඳවනවා – අගමැති මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් කෙසේ වෙතත් සිංහල අවුරුද්දට පෙර රජයේ සේවකයන්ට ගෙවිය යුතු වැටුප් දෙකක් ගෙවීමට ඇති බැවින් ලැබෙන අයි.එම්.එෆ් ආධාරවලින් හෝ එය ගෙවන බවත් අගම...
"අපනයන ආදායම අඩුවෙයි"
"ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ දත්ත අනුව 2022 පෙබරවාරි මාසයට සාපේක්‍ෂව 2023 පෙබරවාරි මාසයේදී භාණ්ඩ අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1,005.2 කින් එනම් සියයට අටයි දශම බිංදුවයි හයකින් අඩුවී ඇත. 2022 ජනවාරි, පෙබරවාරි අපනයනය කළ භාණ්ඩ අතර ඇඟලුම් හා රෙදිපිළිවල වටිනාකම ඩොලර් මිලියන 1,009.24 කි. 2023 (ජන-පෙබ) එම ප්‍රමා...
"රට ණය උගුලේ තව අඩි තුනක් ප්‍රපාතයට ගියා – දුමින්ද නාගමුව"
"අයි.එම්.එෆ්. ණය ලබාගැනීම හරහා රට තවත් අඩි තුනක් ණය උගුලේ ප්‍රපාතයට ගියේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ (24 දා) පැවසීය. “ශ්‍රී ලංකාව බිලියන 53ක් ණය තිබුණා. ඒ කියන්නේ අඩි 53 ක ප්‍රපාතයේ හිටියේ. දැන් අයි.එම්.එෆ්. හරහා තවත් බිලියන තුනක් ණය ලැබුණා. ඒ කියන්නෙ තවත් අඩි තුනක් ප්‍රපාතයට ග...
"ඩීසල් රු.10 කින් බැස්සුවොත් බස් ගාස්තු අඩු කරනවා – ගැමුණු කියයි"
"ඩීසල් මිල රුපියල් 10 කින් හෝ අඩු කළොත් බස් ගාස්තුව අඩු කිරීමේ හැකියාව පවතින බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මෙරටට ලැබීම නිසා පහත තට්ටුවේ (පඩිපෙළ නොමැති) සුඛෝපභෝගි බස් රථ 50 ක් චීනයෙන් ගෙන්වා කොළඹ සහ අවට ධාවනය කරවීමට කටයුතු කරන බවද ඒ මහතා කීය. ජාත්‍යන්...
"කටාර් ගොඩනැඟිල්ලක් කඩාවැටී එක් ශ්‍රී ලාංකිකයෙක් මියයයි: තවත් අයෙක් අතුරුදන්!"
"කටාර් රාජ්‍යයේ, බින්ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැඟිල්ලක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් එක් ශ්‍රී ලාංකිකයකු ජීවිතක්‍ෂයට පත්වී තිබෙන අතර තවත් ශ්‍රී ලාංකිකයකු අතුරුදන් වී තිබේ. මියගිය පුද්ගලයා 56 හැවිරිදි නිශ්ශංක සිල්වා නම් අයෙකි. ඔහුගේ පුත්‍රයා විසින් සිරුර හඳුනාගෙන තිබේ. අබ්දුල් රසාක් ජමීල් නම් 60 හැව...
"කටාර් ගොඩනැඟිල්ලක් කඩාවැටී එක් ශ්‍රී ලාංකිකයෙක් මියයයි: තවත් අයෙක් අතුරුදන්!"
"කටාර් රාජ්‍යයේ, බින්ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැඟිල්ලක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් එක් ශ්‍රී ලාංකිකයකු ජීවිතක්‍ෂයට පත්වී තිබෙන අතර තවත් ශ්‍රී ලාංකිකයකු අතුරුදන් වී තිබේ. මියගිය පුද්ගලයා 56 හැවිරිදි නිශ්ශංක සිල්වා නම් අයෙකි. ඔහුගේ පුත්‍රයා විසින් සිරුර හඳුනාගෙන තිබේ. අබ්දුල් රසාක් ජමීල් නම් 60 හැව...
"ජනරජ මැතිවරණයට ආශිර්වාද ලබා ගැනීමට පැමිණි ජිනීවාහි නගරාධිපති පියරේ මවුබට්"
"ජිනීවාහි හිටපු අධිකරණ ඇමැති හා පොලිසිය භාර ඇමැති මෙන්ම නගරාධිපති පියරේ මවුබට් ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයට පැමිණ විහාරාධිපති තවලම ධම්මික නාහිමි සහ හල්විටිගල සුජාත හිමි සමග බෞද්ධ දර්ශනය පිළිබඳව සාකච්ඡාවක නිරත විය. හෙතෙම ජිනීවා විහාරයට පැමිණියේ අප්‍රේල් 23 පැවැත්වෙන ජනරජ මැතිවරණයට පෙර ආශිර්වාද ලබා ගැනීමටය."
"දූෂණ මඬින පනත ඇමැති විජයදාස පැමිණි පසු – ජනපති කියයි"
"විජයදාස – සබ්රි – ද: අප්‍රිකානු හිටපු ජනපති හමුවෙති දැනට දකුණු අප්‍රිකාවේ නිල සංචාරයක යෙදී සිටින අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා මෙහි පැමිණි පසු දූෂණ මඬින පනත මෙහි සම්මත කරලීමට අවශ්‍ය මූලික පියවර ගනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අයි. එම්. එෆ්. විසින්ද රාජ්‍ය මූල්‍ය විනය සහ දූෂණ වළකාලීම අවධාරණය කර ත...
"ත්‍රිරෝද රථ අමතර කොටස් මිල 300% කින් නැගලා"
"ත්‍රිරෝද රථවල අමතර කොටස් මිල ගණන් සියයට 300 කින් පමණ ඉහළ යෑම නිසා ලක්ෂ 9 කට අධික වෘත්තීය ත්‍රිරෝද රථ රියැදුරන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතිත ත්‍රිරෝද රථ සංගමයේ සභාපති මහින්ද කුමාර මහතා ‘දිවයින’ ට ඊයේ (24 දා) පැවසීය. මෙම කාලයේදී මගී ජනතාවද ත්‍රිරෝද රථවලින් කුලී ගමන් යෑම පවා අඩුකර පය...
"ඡන්ද පත්‍රිකා මුද්‍රණය නැවැත්වූවා – මුද්‍රණාලයාධිපතිනිය"
"තැපැල් ඡන්දය දින නියමයක් නැතිව කල් යයි ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා ඉල්ලූ රුපියල් කෝටි විස්සක (මිලියන 200) මුදල ඊයේ (23 වැනිදා) වනවිටත් ලබාදී නැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කර දැමීමට සිදුවී ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ‘දිවයින’ ට පැවසුවාය. ඡන්ද්‍ර පත්‍රිකා මුද්‍රණය කිරීමට නම් දැනට මුද...
"පුද්ගලයන් ලියාපදිංචියෙන් හා ආගමන විගමනයෙන් ඩයනා ගැන ප්‍රකාශ ගන්න සීඅයිඩීයට නියෝග"
"ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ශ්‍රී ලංකාවට පැමිණියේ කවදා ද? ඒ කවර කාල සීමාවක් සඳහා ද එම කාලසීමාව සඳහා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට වීසා බලපත්‍ර ලබාගෙන තිබේ ද යන කරුණු සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරින්...
"සිසුන් ප්‍රාණ ඇපේට ගන්න දෙන්නේ නෑ: පාසල් අත්‍යවශ්‍ය සේවා කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එසේ නොවුණහොත් පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්...
"අයි.එම්.එෆ් ඡන්දය නමින් ගන්න – ඇමැති කංචන"
"මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන් බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් විරුද්ධව ඡන්දය ...
"අයි. එම්. එෆ්. කොන්දේසි දැඩි කරන්න කියා විපක්‍ෂ නායක තානාපතිවරුන්ට කියලා"
"ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේ දී කියයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට ණය මුදල් ප්‍රදානය කිරීමේ දී දැඩි කොන්දේසි පනවන්නැයි විපක්ෂ නායක ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් පෙරේදා (22 දා) රාත්‍රී විදෙස් තානාපතිවරුන් සමග පැවැති සාකච්ඡාවකදී ඉල්ලීමක් කර ඇති බවට තමන්ට තොරතුරු ලැබුණු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇම...
"අයි.එම්.එෆ්. මුල්ම වාරිකය ඊයේ ලැබුණා – මුදල් ලේකම්"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට හිමිවූ පළමු වාරිකය ඊයේ (23දා) ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 333කි. එම මුදල වියදම් කිරීම පිළිබඳව එහිදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ද...
"මෝදිට අපහාස කළ රාහුල් ගාන්ධි අවුරුදු දෙකක් හිරේ"
"ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට අපහාස කිරීමේ චෝදනාව මත ඉන්දීය ප්‍රාදේශීය අධිකරණයක් විසින් කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ලබා දී තිබේ. 2019 මහා මැතිවරණ සමයේ කර්ණාටක ප්‍රාන්තයේ පැවැති දේශපාලන රැස්වීමක දී කොංග්‍රස් නායකයා වත්මන් අගමැතිගේ වාසගම යොදා ගෙන අපහාසය සිදු කළ බවට භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරයකු ව...
"මැනිං ගඳගහයි"
"නාගරික සංවර්ධන අධිකාරියේ ගිවිසුමටත් විරෝධයපෑලියගොඩ මැනිං වෙළෙඳ පොළේ ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණයේ පෑලියගොඩ මැනිං තොග වෙළෙඳ පොළේ ව්‍යාපාරිකයන්ට මුහුණ පෑමට සිදුවී ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලා එම ව්‍යාපාරිකයෝ ඊයේ (23 දා) මැනිං වෙළෙඳ පොළ භූමියේ දී උද්ඝෝෂණයක නිරත වූහ. මේ වනවිට මැනිං පොදු වෙළෙඳ පොළේ ඉවතලන එළවළු හා පලතුරු තැනින් තැන ...
"ජනපතිගේ 74 වැනි ජන්ම දිනය අද"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 74 වැනි ජන්ම දිනය අදට (24 දා) යෙදී තිබේ. 1949 මාර්තු 24 වැනිදා ජන්ම ලාභය ලැබූ රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විiාලයේ ඉගෙනුම ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ හා ලංකා නීති විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබීය. නීතිඥවරයකු වශයෙන් වෘත්තීය දිවිය ඇරැඹූ ඔහු 1977 දී පැවැති මහා මැතිවරණයෙන් බිය...
"අයිඑම්එෆ් කියන ඉලව්ව බෙල්ලේ දාගත්තා කියා රට ගොඩ යන්නේ නෑ – සරත් ෆොන්සේකා (සජබ)"
"අභියෝගය ජය ගැනීමට සියලු දෙනාගේම සහය අවශ්‍යයි – අගමැති දිනේෂ් ගුණවර්ධන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් මෙරට තුළ විවෘත කළ නව දොරටුව සාර්ථක කර ගනිමින් එම අභියෝගය ජයගැනීමට නම් රජය හෝ පාර්ලිමේන්තුවේ පමණක් නොව රටේ ජනතාවගෙත් පෞද්ගලික අංශයේත් සහයෝගය අවශ්‍ය බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23දා) පැවසීය. වේත...
"ආණ්ඩුවට නිවැරදි සැලස්මක් නොතිබූ නිසා අයිඑම්එෆ් කොන්දේසිවලට යටවීමට සිදුවුණා"
"ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) මහතා : පාර්ලිමේන්තුවේ දී ඊයේ (23දා) රට බංකොළොත් කියලා කිව්වේ ආණ්ඩුවයි. ණය ගෙවාගන්න බැහැ කියලා. වසර 75ක් මාරුවෙන් මාරුවට රට පාලනය කළේ මේ පාලකයෝයි. මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ආපු ගමන් රට ගොඩආවා කියලත් ඔවුන්ම කියනවා. මෙය ආඩම්බරවීමට කරුණක් නොවෙයි. ණයක් ගන්න වෙනවා කියන්නේ ලැජ්ජ...
"සිසුන්ගෙන් මුදල් ගන්න සිදුවුණේ ආයතනය පවත්වාගෙන යන්නයි"
"කටුනායක IET ගැන NAITA කියයි පවතින ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් ආයතනය පවත්වා ගත යුතු බැවින් බඳවා ගනු ලබන සිසුන් ගෙන් 225,000ක මුදලක් අයකරන බවත් අඩු ආදායම් ලාභී සිසුන් 25%කට පූර්ණ ශිෂ්‍යත්ව පිරිනමන බවත් කටුනායක පිහිටි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ ඉංජිනේරු තාක්‍ෂණ ආයතනය (IET) අප වෙත එවා ඇති කරුණු පැහැදිලි...
"රජය ව්‍යාපාර කිරීම නිසා මහවැලි වැනි ව්‍යාපෘති 100 ක් හැදීමට තිබූ මුදල් විනාශ වුණා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට දේශපාලනඥයන් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට සිහින දුටුව ද, ඇතැම් දේශපාලන ව්‍යාපාරවල තීන්දු තී...
"වැල් පාලමෙන් ලක්මාතාව එගොඩ කළා – මං වැටුණත් රට වට්ටන්නේ නෑ"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලද ණය පහසුකම හේතුවෙන් මෙරටේ ශක්තිමත් නව ආර්ථිකයක් ගොඩ නැංවීමේ පදනම සකස් වන බවත් මෙතෙක් නොතිබූ නව මූල්‍ය සංස්කෘතියක් සහ දූෂණයෙන් තොර පරිසරයක් නිර්මාණය වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 දා) සඳහන් කළේය. අයිඑම්එෆ් එකඟතා ලියවිල්ල සභාගත කරමින්, අතීත අත්දැකීම් ඔස...
"ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු එයි"
"2022 – 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2023-06 ශ්‍රේණිය සඳහා පාසල්වලට සිසුන් ඇතුළත් කරගන්නා කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (23 දා) නිකුත් කරනු ලැබීය. 2023 මාර්තු 23 දින සිට සිසුන්ට ලැබී ඇති පාසල් https//g6application.moe.gov.lk පිවිසීමෙන් පරීක්‍ෂා කරගත හැකිය. මෙම කඩඉම් ලකුණු මත පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්...
"‘රට වැට්ටුවේ ගෝඨා – මහින්ද පෙත්සම් විවාදය අගෝස්තු 5 දා"
"රට මෙවන් ආර්ථික අගාධයකට ඇද දැමීමට හේතු පාදක වූ තීන්දු තීරණ ගත් බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හිටපු අගමැතිවරයකු මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයෙකුද වන මහින්ද රාජපක්‍ෂ හිටපු මහා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු 39 දෙනකු වග උත්තරකරුවන් කර ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක සම්බන්ධයෙන් විවාදය ල...
"විරෝධයට විරෝධතා"
"ජාතික පාසල් ගුරු මාරු අත්හිටුවීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් ලංකා ගුරු සංගමය හා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් ඒකාබද්ධව ඊයේ (22දා) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වූහ. එම අවස්ථාවේම දෙමාපියන් පිරිසක් එම විරෝධතාවට එරෙහිව ඒ ආසන්නයේම විරෝධතාවක් හා පා ගමනක් පැවැත්වූහ. දරුවන්ගේ අධ්‍යා...
"මෙවර අයි. එම්. එෆ්. මුදල් රාජ්‍ය මූල්‍ය කටයුතුවලටත් භාවිතා කළ හැකියි"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙවර ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන අරමුදල් රාජ්‍ය මූල්‍ය කටයුතු සඳහා ද භාවිතා කළ හැකි වී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. බුල්බර්ග් වෙබ් අඩවිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ...
"හරක් කටාට- කුඩු සලිඳුට ජීවිත ආරක්‍ෂාව දෙන්න- මහෙස්ත්‍රාත්"
"ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක්කටා’ හා සලිඳු මල්සිත ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ යන සැකකරුවන්ගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර කුමක්දැයි උසස් පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කොට ලබන 29 වැනිදා තම අධිකරණයට දැනුම් දෙන ලෙසත්, එතෙක් එම සැකකරුවන්ග...
"ලංවිම 5ක් දිනකට රැකියාව හැර යති"
"ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් විදුලි අධිකාරිවරුන් ඇතුළු තාක්‍ෂණික අංශ සේවකයන් පස්දෙනකුවත් සෑම දිනකම සේවයෙන් ඉවත් වී විදේශ රැකියා සඳහා යොමුවීමට පටන්ගෙන ඇතැයි විදුලිබල මණ්ඩලය කියා සිටී. රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හා අපේක්‍ෂා භංගත්වය නිසා ඔවුන් එසේ සේවයෙන් ඉවත්වන බව විදුලිබල මණ්ඩලය කියයි. මීට මාස කිහිපයකට පෙර වි...
"අරගලයේ ඉන්න ඇදුරෝ සරසවි සිසුන්ට හා කියති"
"වෘත්තීය අරගලයේ යෙදී සිටියත් විශ්වවිද්‍යාල සිසුන්ගේ විභාග පැවැත්වීම සඳහා සහය ලබාදීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඊයේ (22 දා) තීරණය කර ඇත. එහෙත් උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැතැයි එම සංගමයේ සභාපති මහාචාර්ය බී. එම්. එච්. එස්. කේ. බන්නැහැක මහතා පැවසීය. මේ සඳහා ගුරුවරුන්ග...
"ඉන්දියා – පාකිස්තාන් භූචලනවලින් 09ක් මියයති"
"ඉන්දියාව-පාකිස්තානය ඇතුළු රටවල් නවයක ප්‍රබල භූචලන සිදුවීමෙන් 9 දෙනකු මියගොස් 150 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇත. රිච්ටර් මාපකයේ 6.6 සිට 6.8 දක්වා මෙම භූ චලන සිදුවී ඇත. වඩාත්ම බරපතළ හානිය සිදුවී ඇත්තේ පාකිස්තානයේ ස්ටාට් තැන්නටය. ඉන්දියාව, පාකිස්තානය, ටජිකිස්තානය, උස්බෙකිස්තානය, චීනය, ඇෆ්ගනිස්තානය, කසකස්තානය සහ කිර්ගි...
"කොරල් එනජි පළමු ගල්අඟුරු නැව නොරොච්චෝලේට"
"ගල්අඟුරු මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 240 බැගින් වන කොරල් එනර්ජි සමාගමට අයත් පළමු ගල්අඟුරු නැව ඊයේ (22දා) නොරොච්චෝල බලාගාරයට පැමිණ ඇත. කොරල් එනර්ජි සමාගම යනු දැනට මෙරටට ඉන්ධන සපයන එක් සමාගමක් වේ. මෙම සමාගම සමග එකඟවී ඇති ගිවිසුම් අනුව මෙටි්‍රක් ටොන් හැටදහස බැගින් ගල්අඟුරු නැව් 10ක් පමණ මිලදී ගැනීමට අපේක්‍ෂා කරන බව...
"අයිඑම්එෆ් එකෙන් ණය ගැනීම දේශද්‍රෝහී වැඩක් යැයි කියූ පොහොට්ටුවේ අය අද අත්පුඩි ගහනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගෙන ඔවුන් සමග ගණුදෙනු කිරීම දේශද්‍රෝහී, ජාතී ද්‍රෝහී රට විකුණන වැඩ පිළිවෙළක් යැයි එදා කී පොහොට්ටුවේ පාර්ලිමේන්තු නියෝජිතයන් දැන් අයිඑම්එෆ් ගිවිසුමට අත් පුඩි ගසා ඔල්වරසන් දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය. ඔවුන් බැටළු හම් පොරවා ගත් වෘක්කයන් බඳු...
"බිත්තර වෙළෙඳුන් 200කට නඩු"
"බිත්තර වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 200කට අධික පිරිසකට ගතවූ මාස දෙකේදී නඩු පවරා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (22 දා) පැවසීය. වැඩියෙන්ම නඩු පවරා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙළෙඳුන්ටය. බොහෝ වෙළෙඳුන් පාලන මිල ඉක්මවා බිත්තර රුපියල් 50, 55, 60 ආදී මිල ගණන් යටතේ අලෙවි කරන බවට ලැබුණු තොරතුරු ...
"භාණ්ඩ වර්ග 101ක් යළි ආනයනයට අවසර"
"ශ්‍රී ලංකාවේ භාණ්ඩ ආනයන තහනම ඉවත් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කිරීම නිසා තහනමට ලක්වූ භාණ්ඩ වර්ග 101ක් යළි මෙරටට ගෙන ඒමට අවසර ලැබී ඇත. මේ අනුව ලුණු, විවිධ මස් වර්ග, තඹ, වෙනත් ලෝහ, කේක් වර්ග, ප්ලාස්ටික්, චීස්, රබර්, ගෘහ භාණ්ඩ, සබන් වර්ග, එළවළු, මෝටර් රථ ඇතුළු භාණ්ඩ යළි ආනයනය කෙරේ. ඩොලර් අර්බුදය නිසා ලුණු ගෙනඒ...
"මැති සබේ පැරදුණු ගැසට්ටුව – යුක්තියේ දෙවගන මව්බස දිනවයි"
"නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) වැඩි ඡන්ද 112කින් පරාජයට පත් විය. එම ගැසට් නිවේදනයට විරුද්ධව මන්ත්‍රීවරුන් 113 දෙනකු ඡන්දය ලබා දුන් අතර පක්ෂව ලැබුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාගේ ඡන්දය ...
"දැන් අපි ශක්තිමත් රටක් එකඟතා ගිවිසුම අද මැතිසබයට – ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන රටක් ලෙස ජාත්‍යන්තර සහතිකය ලැබී ඇති බැවින් තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම නිසා සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කිරීමේ හැකියාව මෙතැන් සිට ...
"අර්ජුන් ඇලෝසියස්ට රට යෑම උසාවිය අත්හිටුවයි – නීතිපතිගේ විරෝධය පිළිගනී"
"සිංගප්පූරුවේ පදිංචි 13 හැවිරිදි සිය දියණියගේ විශේෂ ආගමික කටයුත්තකට සහභාගිවීම සඳහා දින හතක කාලයකට විදේශගතවීමට අවසර ලබා දෙන ලෙසට පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගම් සමූහයේ සමූහ අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස් මහතා කළ ඉල්ලීමක් බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (21) ප්‍රතික්‍ෂේප කළේය. මහ බැංකු බැඳුම්ක...
"ඇල්ලවල ඇල්ලේ 4ක් සැගවෙති"
"වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ නෑමට ගිය තරුණයන් සිවුදෙනකු ඊයේ (21 වැනිදා) දහවල් දියේ ගිලී අතුරුදන්ව ඇත. මෙසේ අතුරුදන් වූ තරුණයන් සිවුදෙනා අවුරුදු 20-21 වයසේ පසු වන අය වන අතර කල්මුනයිකුඩි සහ සයින්දමරුදු ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. විනෝද චාරිකාවක් පැමිණි තරුණයන් පිරිසක් ඊයේ උදෑසන වැල්ලවාය ඇල්ලවල ඇල්ල නැරඹීමට පැමිණ ඇත. මෙම ඇල...
"පුංචි ඡන්දයට නම් දුන් රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්න නීතිපති උපදෙස් ඉල්ලුවා"
"පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල්යෑම හේතුවෙන් මැතිවරණය සඳහා ඉදිරිපත්ව වැටුප් රහිතව සිටින රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් ලබාදීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා ඇතැයි රාජ්‍ය පරිපාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවසීය. මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මේ වන විට අත්හිටුවා ඇති අ...
"වෘත්තීය ක්‍රියාමාර්ග ගැන තීරණය – අද ජනපති හමුවීමෙන් පසු"
"අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම ඇතුළු වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අද (22දා) ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ (21දා) සඳහන් කළේය. අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් පවත්වාගෙන ආ වෘත්තීය සටන් ක්‍රියාම...
"සා.පෙළ – උ.පෙළ ගුරුවරුන් හැර අනෙක් ගුරු මාරු සාමාන්‍ය පරිදි"
"අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉගැන්වීම් කරන ගුරුවරුන්ගේ මාරුවීම් හැර සෙසු ස්ථාන මාරු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී ඊයේ (21 වැනිදා) පැවසීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ගුරුමාරු මණ්ඩල විසුරුවා හරිමින් ස්ථාන මාරු අත්හිටුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදා...
"ලලිත්ට – කබ්රාල්ට එරෙහි නඩුව:"
"හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් වීරතුංග හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට එරෙහිව තීනියාවල පාලිත හිමියන් විසින් පසුගිය ජනවාරි 26 වැනිදා අධිකරණය හමුවේ නඩු පවරා ඇතත් එයට අදාළ ලේඛන මේ දක්වා සිය සේවාදායකයාට ලැබී නැතැයි එම නඩුවේ පළමු සැකකරු ලෙස නම්කර තිබූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී ...
"IMF‍ ණය පහසුකම රැක ගැනීමට දිගටම ප්‍රතිසංස්කරණ අවශ්‍යයි"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිරිනමා ඇති විස්තීරණ අරමුදල් (IMF) පහසුකම සුරක්‍ෂිත කර ගැනීමට, ඊට අදාළ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව ලංකා වාණිජ මණ්ඩලය නිකුත් කර ඇති නිවේදනයක් මගින් අවධාරණය කර තිබේ. මෙම ණය පහසුකමේ පළමු වාරිකය ලැබීමත් සමග බහුපාර්ශ්වික නියෝජිතායතනද නවමු මූල්‍යකරණයන් තුළින් රටට සහය වනු ඇතැයි අපේක්‍...
"අනිසි බියක් එපා ලිස්ටීරියා වසංගතයක් රටේ නෑ – වසංගත විද්‍යා අංශය කියයි"
"ලිස්ටීරියෝසිස් (ලිස්ටීරියා) වසංගත තත්ත්වයක් රට තුළ නොමැති බවත්, එම රෝගය පිළිබඳ ජනතාව අනිසි බියක් ඇතිකර ගතයුතු නැති බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත එරත්න මාර්ගයේ වෙළෙඳසලක සේවය කළ කාන්තාවක් ‘ලිස්ටීරියා’ රෝගී සංකූලතා හේතුවෙන් මරණයට පත්වීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම අංශය මේ බව සඳහන් කරයි...
"IMF ණය සහනය ශ්‍රී ලංකාවට වැදගත් ඉදිරි පියවරක් – ඇමෙරිකානු තානාපති ජූලි චෑංග්"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා විස්තීරණ ණය මුදල් අනුමත කිරීම එක්සත් ජනපදය සතුටින් භාර ගන්නා බවත්, එය ආර්ථික ප්‍රකෘතිය සඳහා ගමන් ගන්නා ශ්‍රී ලංකාවට වැදගත් ඉදිරි පියවරක් වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චෑංග් මහත්මිය පවසයි. ශ්‍රී ලංකාව සඳහා නිකුත් කළ මෙම ණය පැකේජ සහනය සුබ ආරංචියක් බව ඊයේ...
"තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලන තොරතුරු නොදීම බරපතළ වරදක්"
"යම් පුරවැසියකු හෝ පොදු සංවිධානයක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ යම්කිසි තොරතුරක් ඉල්ලා සිටින විට එය ලබානොදීම ඉතා බරපතළ වරදක් වන්නේ යැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (21 දා) විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. එම තොරතුරු ඉල්ලා ඇත්තේ මහජන සුබසිද්ධිය වෙනුවෙන් පෙනී සිටින වෛiවරයකු බවත්, එවැනි ඉල්ලුම්කරුවක...
"ශ්‍රී ලංකාව මූල්‍ය විශ්වාසය තහවුරු කරගත් රටක් – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබාදීමට ගත් තීරණයත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය විශ්වාසය තහවුරු කර ගත් රටක් බවට පත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම විශ්වාසය දිනා ගැනීම සඳහා සිදු කළ ජාත්‍යන්තර ආර්ථික මෙහෙයුම වෙනුවෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ යුතු බවයි...
"උසාවියට අපහාස කළැයි මුදල් ලේකම්ට එරෙහිව පෙත්සම් දෙකක්"
"ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමට කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාස සිදුකර ඇතැයි චෝදනාවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඊයේ (21දා) ඉදිරිපත් කෙරුණි. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ය...
"IMF පළමු වාරිකය ඩොලර් මිලියන 300 ක්"
"ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට අපේක්ෂිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය අද :21දා) උදෑසන ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ සඳහා අනුමැතිය හිමිවීමෙන් පසු පළමු වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300කට අධික මුදලක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයග සම්ප...
"උසාවි නියෝගයට පිටුපෑවොත් දින 7ක් ඇතුළත මුදල් ලේකම්ට නඩු – ජී. එල්. කියයි"
"පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝග ක්‍රියාත්මක නොකරන්නේ නම් දින 07 ක් ඇතුළත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව විපක්‍ෂය නීති මඟට පිවිසෙන බව නිදහස් ජනතා සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා ඊයේ (20 දා) පැවසීය. විපක්‍ෂය විවිධ මත දැරුවත් මේ අවස්ථාවේ ලේකම්වරයාට එරෙහිව එ...
"අයිඑම්එෆ් එකඟතාවත් සමග ඩොලරය දෙසීයට හෝ එකසිය අසූ පහට අඩු වෙනවා"
"ඩොලරයට සාපේක්ෂව මේ වන විට රුපියලේ අගය තුන්සිය දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු එය රුපියල් දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සියලු‍ තරග පරාජය වෙමින් තිබූ අවස්ථාවක අවසානයේ ජයග්‍රහණය අත්කර ගැනීමට කොළඹ ...
"දේශබන්දුට එරෙහිව පියවර ගැනීම වළක්වන අතුරු තහනම දික් කරයි"
"බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු එරෙහිව ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ලබන 28 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (20 දා) නියෝග කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා...
"හරක් කටාගේ ජීවිත ආරක්ෂාවට ගෙන ඇති පියවර කුමක්ද? – සීඅයිඩීයෙන් අසා උසාවියට දැනුම් දෙන්නැයි නීතිපතිට නියෝග"
"ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න (හරක් කටා) නමැත්තාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර කුමක් දැයි පොලිස්පතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් විමසා තම අධිකරණයට ද...
"පුංචි ඡන්දයට නම් දුන් රාජ්‍ය සේවකයෝ 3000ක් පඩි නැතිව අමාරුවේ"
"එළැඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයෝ තුන්දහසක් පමණ දිනෙන් දින මැතිවරණය කල්යෑම හේතුවෙන් වැටුප් අහිමිව දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටිති. මේ හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් අගතියට පත්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කර සහ ගාමිණී වලේබොඩ මහත්වර...
"ඉංග්‍රීසි කතාව 30 දා සිට එකෙන්ම පටන් ගනී"
"ඉංග්‍රීසි භාෂාවට හිමි වන සුවිශේෂී වැදගත්කම සලකා මාර්තු 30 වැනිදා සිට එක ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දිවයින පුරා පාසල්වල ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඉදිරියේදී 06 – 09 හා 10 – 13 ශ්‍රේණි දක්වා පාසල් විෂය නිර්දේශ සියල්ල ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බවත...
""උණ, කැස්ස, ළමා හතිය දරුවන් අතර වැඩි වෙයි – බල බලා නොසිට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න""
"වෛරස් උණ, කැස්ස, සහ ළමා හතිය වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් දක්නට තිබෙන බව, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය, දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවසීය. දීර්ඝ කාලීනව පවතින කැස්ස සහ ළමා හතිය, ක්ෂය රෝගය කෙරෙහි බලපා ඇති බැවින් සති දෙකකට වැඩි කාලයක් කැස්ස පවතින දරුවන් වහාම වෛද්‍යවරයකු ලෙස යොමු කළ යුතු බව ද හෙතෙ...
"ආදර්ශය වපුරන දේශපාලනයක් යළි මේ පොළොවේ පැළ කළ යුතුයි"
"තරුණ පරපුර ඉල්ලා සිටින ආදර්ශ වපුරන දේශපාලනය යළි මේ පොළොවේ පැළ කිරීමට නිදහස් ජනතා සන්ධානය සූදානම් බවත් 1977ට පෙර එවැනි දේශපාලනයක් මේ පොළොවේ තිබුණු බවත් එය විවෘත ආර්ථිකය හඳුන්වා දුන් පසු ගොඩනැගුණු ”‍බල්ලො මරා හෝ සල්ලි සෙවීමේ සංස්කෘතිය”‍ හේතුවෙන් අභාවයට ගිය බවත් පෙන්වා දුන් උත්තර ලංකා සභාගයේ සභාපති ජානිපෙ නායක පාර්ලිමේන්...
"අයහපත් කාලගුණයෙන් 5කට තුවාල: 220ක් පීඩාවට"
"අයපහත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 05 දෙනකු තුවාල ලබා පවුල් 62 කට අයත් 220 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇත. මෙම ආපදා තත්ත්වය බදුල්ල හල්දුම්මුල්ල ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් සිදු වී තිබේ. මෙහිදී නිවාස 03 ක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 20 කට අර්ධ හානි සිදු...
"පිරමීඩ මගඩි 3කට අපරාධ නඩු පවරන්න – මහ බැංකුව නීතිපතිගෙන් ඉල්ලයි"
"මේ වන විට රට තුළ ක්‍රියාත්මකව පවතින පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම තුනකට එරෙහිව මහාධිකරණය හමුවේ අපරාධමය නඩු පැවරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. මහ බැංකු පනතේ 83 ඈ වගන්තියට එරෙහිව පවත්වාගෙන යන එකී තහනම් යෝජනා ක්‍රම තුන මගින් රටේ විශාල පිරිසකට දැඩි හානියක් සිදු වී ඇති බව මහ බැ...
"පාපන්දු සම්මේලනයේ සභාපති ශ්‍රී රංගා 27දා දක්වා රිමාන්ඩ්"
"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාපන්දු සම්මේලනයේ සභාපති ශ්‍රී රංගා මෙම මස 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.එම්. මොහමඩ් නිහාල් මහතා ඊයේ (20දා) නියෝග කළේය. හිටපු මන්ත්‍රීවරයාට වවුනියාව මහාධිකරණයෙන් දුටු තැන අල්ලන ලෙස පසුගිය 17දා වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවේ වවුනියාව මහාධිකරණයේ විභාග...
"කාලගුණ අනාවැකි හා කෘෂිකාර්මික උපදෙස් දීමට ගොවීන්ට ඇප් එකක් වියදම කෝටි 10 ක්"
"රට පුරා ගොවීන්ට කාලගුණික අනාවැකි සහ කෘෂිකාර්මික උපදෙස් ලබාදීමේ අරමුණින් වාරිමාර්ග අමාත්‍යාංශයේ ‘වැව් ගම් පුබුදුව’ වැඩසටහන මගින් ‘අනාවැකි’ නමින් ජංගම දුරකථන යෙදුමක් (ඇප් එකක්) හඳුන්වා දී තිබේ. ගොවි ජනතාවට අවශ්‍ය කාලගුණික තොරතුරු එනම් වැසි ලැබීම්, සුළං තත්ත්වය, වියළි කාලගුණය ආදී තොරතුරු මෙම ඇප් එක හරහා ගොවීන්ගේ ජංගම දුර...
"රට වැසියන් බිය කරමින් වෘත්තීය සමිති මුදල් ඉල්ලනවා – ජනතාව ඊට එරෙහිව නැඟීසිටිය යුතුයි"
"කවුරුහරි වෘත්තීය සමිතියක් වැඩ වර්ජනය සාර්ථකයි කියනවා නම් ඔවුන් රටේ ආර්ථිකය විනාශ කිරීමට ක්‍රියා කරන පුද්ගලයන් ලෙස හැඳින්විය හැකි යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. ආර්ථික, සමාජ සහ දේශපාලන වශයෙන් ඉතාමත් අයහපත් තැනක තිබූ රටක් කෙටි කලකින් නැවත හොඳ තත්ත්වයට ගැනීමට හැකි වූයේ ජනාධ...
"ගුරු මාරුව නීච වෙයි!"
"ගුරු මාරු මණ්ඩලය අහෝසි කිරීමෙන් 9000ගේ පැතුම් සුන් වෙයි! අධ්‍යාපන බලධාරිහු දුරකතනය මගහරිති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගුරු මාරු මණ්ඩලය අහෝසි කිරීමට පියවර ගැනීමත් සමඟ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් දැඩි අර්බුදයකට ලක්ව තිබේ. 2017 සිට ක්‍රියාත්මක වූ ගුරු මාරුවීම් කොරෝනා තත්ත්වය හමුවේ 2020 – 2021 වසරවල සිදු කිරීමට...
"අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගහන්න විධායකයට ඉඩ දෙන්න බැහැ"
"නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් “අපි හැමෝම නීතිඥ වෘත්තිය ශක්තිමත් කරන්න කටයුතු කරන්න ඕනෑ. ඊළඟ මාස කීපයේ මෙරට නීතියේ ආධිපත්‍යයට බරපතළ ප්‍රශ්න කීපයක් මතුවෙමින් තිබෙනවා. අපි දකින ප්‍රධානම තර්ජනය තමයි අධිකරණයේ ස්වාධීනත්වයට ඇතිවී තිබෙන සහ ඇති කරමින් යන බාධාවන්. අධිකරණය විසින් ලබාදී තිබෙන ඇතැම් නියෝගවලට අවනත...
"නාවක්කුලි විහාරයේ චෛත්‍යයේ කොත නිරාවරණය කරද්දී සෙල්වරාසලා විරෝධය පාති"
"යාපනය නාවක්කුලි ප්‍රදේශයේ සමිද්ධි සුමන විහාරයේ අභිනවයෙන් ඉදි කරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උත්සවය ඉකුත් 18දා භික්ෂුන් වහන්සේ 128 නමකගේ වැඩම කිරීමෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් සිදුරන ලදි. එම උත්සවය පැවති අවස්ථාවේ නවක්කුලි සමිද්ධි සුමන විහාරස්ථානය ඉදිරිපි...
"කාර්මික දෝෂයකින් නොරොච්චෝලේ 3 වැනි යන්ත්‍රය නවතී"
"නොරොච්චෝල බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය කාර්මික දෝෂයකට ලක්වීම නිසා ජනන කටයුතු නැවතී ඇත. එම යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුවුවත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ටිව්ටර් සටහනක් නිකුත්කරමින් කියා සිටී. ඒ අනුව අඛණ්ඩව විදුලිය ලබාදීමට විදුලිබල මණ්ඩලය සතු ඩීසල් හා ඉන්ධන භාවිත කරන බවද ඒ මහ...
"බූරු මූණා වමාරයි"
"පුපුරන ද්‍රව්‍ය තොගයක් හංවැල්ලේ ලයිට් කණුවක් යටින් ගොඩ ගනී මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ‘බූරු මූණා’ නමැති පාතාල ප්‍රබලයාට අයත් බව කියන සී – 4 වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය තොගයක් හංවැල්ල දසවේල්ල ප්‍රදේශයේ වළ දමා තිබියදී බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (19 වැනිදා) අලුයම සොයා ගෙන...
"IMF වාසි මේ මාසයේ අග"
"රාජ්‍ය ඇමැති ෂෙහාන් කියයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය වූ ඇමරිකානු ඩොලර් මිලියන 300 ක මුදල මේ මස අගදී මෙරටට ලැබෙන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සෘජුවම සම්බන්ධ වෙමින් කටයුතු කිරීම නිසා එම අරමුදලේ සහයෝගය ලබා ගැනී...
"මේ වසරේ සුරාබදු ආදායම 35% කින් අඩුවෙන්න පුළුවන්"
"අපේක්ෂිත සුරාබදු ආදායම මේ වසරේ (2023) සියයට 35 කින් පමණ අහිමි වනු ඇතැයි අනුමාන කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය. 2022 මුල් මාස දෙකට සාපේක්ෂව මේ වසරේ (2023) මුල් මාස දෙක තුළ සුරාබදු ආදායම සියයට දොළහයි දශම දෙකකින් පහත වැටී ඇත. 2023 වසරේ රුපියල් මිලියන 217 ක් අපේක්ෂා කර ...
"නව ගුවන් සේවා 07 ක් ළඟදීම ලංකාවට එනවා"
"ඇමැති නිමල් සිරිපාල ද සිල්වා රටේ වත්මන් ආර්ථික අර්බුදය ක්‍රමක්‍රමයෙන් අඩුවීමත් සමගම සංචාරකයින් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් ඇති බවත් ඒ අනුව නව ගුවන් සේවා 07 ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ ශ්‍රී ලංක...
"ජනාධිපති අයි.එම්.එෆ්. වුවමනාවට මහ බැංකුවත් ස්වාධීන කරන්න හදනවා"
"පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමත්, අධිකරණයත් හෑල්ලු‍වට ලක්කරමින් අයි.එම්.එෆ්. එකේ වුවමනාවට මහ බැංකුවත් ස්වාධීන කරන්න උත්සාහ ගන්නවා යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූවේ එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්...
"රනිල් වික්‍රමසිංහ ජනාධිපති නොවුණා නම් ලංකාව හොයාගන්නවත් බැරි වෙනවා"
"සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වර්තමානය ශක්තිමත් වීම කරන ලද උපක්‍රමශීලී ක්‍රියාපිලිවෙතක් බව සමහර දේශපාලන කුහකයන් කියා සිටියද සිදුවන්නේ රුපියලේ අගය තීරණය වන්නේ ඩොලරයට ඇති ඉල්ලු‍ම හා සැපයුම මත බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි. කවදාවත් මේ රටට ඔළුව උස්සන්න මේ යූනියන් කාරයින්ගෙන් බහුතරය...
"මහ බැංකු පනත බරපතළ අපරාධයක්!"
"පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය පිළිබඳ පූර්ණ වගකීම හිමි මහ බැංකුව ඊනියා ස්වාධීනකරණයේ මුවාවෙන් රජයට සහ පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයක් බවට පත් කිරීම බරපතළ අපරාධයක් බැවින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එකී ස්වාධීනකරණයට අදාළ මහ බැංකු පනත් කෙටුම්පත...
"රාජ්‍ය පරිපාලන ලේකම් ධුරයෙන් හපුහින්න ඉවතට"
"රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් නීල් බණ්ඩාර හපුහින්න මහතා ඉවත්කර නව ලේකම්වරයා ලෙස රංජිත් අශෝක මහතා පත්කර ඇත. රංජිත් අශේක මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු (මානව සම්පත්) ලෙස කටයුතු කරමින් සිටියේය. ඒ මහතා මිට පෙර රිෂාඩ් බදුර්දීන් මහතා ඇම...
"ලිස්ටීරියා රෝගියෙක් බදුල්ලෙන් හමුවෙයි"
"ශ්‍රී පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ගඟුලතැන්න දක්වා පිහිටි වෙළෙඳසල් සහ සංචාරක හෝටල්වල කිරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍යවල සාම්පල් ලබා ගැනීම මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් පසුගිය 17දා සිදු කරනු ලැබූහ. රත්නපුර එරත්න ශ්‍රීපාද මාර්ගයේ ලිස්ටීරියා රෝගියකු බවට සැකකරන පුද්ගලයෙකු හමුවීමත්...
"ජනපති නිල් මහා සටනේ තණතිල්ල මත!"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම දසුන පෙරේදා (18 දා) කැමරා කාචයේ සටහන් වූයේ කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර පැවති මහා ක්‍රිකට් ගැටුමේදී ය. රාජකීයයන් මෙවර ජය හිමිකර ගත් අතර ජනාධිපතිවරයා තණතිල්ල මත ගමන් කරමින් සතුට ප්‍රකාශ කළ මොහොතකි මේ."
"ලබන සතියේ මුදල් ලැබුණොත් මැයි මාසයේ ඡන්දය පැවැත්විය හැකියි"
"ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ඉදිරි සතිය ඇතුළත මුදල් ලැබුණොත් පළාත් පාලන මැතිවරණය මැයි මස පැවැත්වීමට හැකිවනු ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය “දිවයින”ට ඊයේ (19 දා) පැවසුවාය. ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්බන්ධයෙන් දින තුනක් ඇතුළත පොලිසියට දැනුම් දෙන ලෙස බොරැල්ල පොලිසිය රජයේ මුද්‍රණාලයාධිපතිනියට පෙරේදා (18 දා) ...
"හරි තීරණ ගන්නවානම් ආණ්ඩුවට සහාය දීමට සූදානම්"
"ඉරාන් වික්‍රමරත්න ආණ්ඩුවට සහාය දෙන ලෙස ඇතැම් අය කියන බවත් සාමාන්‍ය ජනතාව දුප්පත් ජනතාව හා වැඩ කරන ජනතාව රැකගන්නා හරි ආර්ථික තීරණ ගන්නවා නම් රජයට සහාය දෙන්න සූදානම් බවත් සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ (19 දා) පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වැඩියෙන්ම බලපාන්නේ දුප්පත් ව...
"ඩොලර් විජ්ජාවෙන් අලුත් අවුරුද්දට බඩු හිඟයක්!"
"ආනයනකරුවෝ අනතුරු අගවති ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල ශක්තිමත් වන්නට පසුගිය දිනවල ඉඩදීමෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට දරාගත නොහැකි පාඩුවක් සිදුවී ඇතැයි වාර්තා වේ. එබැවින් ඩොලරයේ අගය පාලනය කිරීමට පියවර නොගතහොත් ආනයන කටයුතු අවුල් වී රට තුළ බඩු හිඟයක් යළි මතුවිය හැකි යැයි ආනයනකරුවෝ අනතුරු අඟවා සිටිති. ජාත්‍ය...