Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"රියැදුරන්ගෙන් 90% කට ඇස් ලෙඩ: සෑම තත්පර 10 කට වරක් රිය අනතුරක්!" | "මෙරට රථ වාහන රියැදුරන්ගෙන් සියයට අනූවකට ම පෙනීමේ දුර්වලතා පවතින බව සමීක්‍ෂණයකට අනුව හෙළිවී ඇතැයි ජ්‍යෙෂ්ඨ දෘෂ්ටි විශේෂඥ නරේෂ් ප්‍රදාන් මහතා පවසයි. රථ වාහන රියැදුරන්ගේ පෙනීම සම්බන්ධව සිදුකළ මෙම සමීක්‍ෂණයට අනුව දුර පෙනීම සහ ළඟ පෙනීම දුර්වලතා, ඇසේ සුද මතුවීම, ග්ලූකෝමා (ඇසේ පීඩනය) වැනි අක්‍ෂි ආබාධ බොහෝ රියැදුරන්ට පවතින බව... |
"දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරන්න ජනපතිගේ අනුමැතිය" | "පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිවී ඇති බව රජයේ ආරංචිමාර්ග පවසයි. සිය අනුමැතිය පිළිබඳව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත දැනුම් දීමට ජනාධිපතිවරයා ඉකුත් 16 වැනිදා කටයුතු කළ බව ද එම ආරංචිමාර්ග කියා ... |
"අධිකරණයට අපහාස කළ මුදල් ලේකම්ට සජබයෙන් නඩු" | "පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මෙතෙක් ලබානොදීම නිසා අධිකරණයට අපහාස කළේ යැයි කියමින් මුදල් ඇමැතිවරයාට සහ එම අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව නඩු පැවරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. ඒ අනුව එම දෙදෙනාට එරෙහිව මෙම සතියේ නඩු පවරන බව සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.... |
"බිත්තරේ සැර බහී!" | "ලබන සතියෙන් පසු බිත්තර මිල අඩු වනු ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය. මේ දිනවල වෙළෙඳ පොළේ බිත්තර හිඟයක් පවතින්නේ මහා පරිමාණ බිත්තර ආශ්‍රිත නිෂ්පාදකයන් බිත්තර තොග ගබඩා කර ගැනීම නිසා බව ද ඔහු කීය. එම පිරිස් බිත්තර නිෂ්පාදකයන්ගෙන් බිත්තර ලක්ෂ ගණනින් මිලදී ගෙන ගබඩා කර ගන්නා බව ද ... |
"ලක්ෂ 11 ක් රට ගිහිල්ලා" | "2022 වසරේ දී මෙරට පුද්ගලයන් ලක්ෂ 11ක පිරිසක් විදේශගත වී ඇත. ආගමන විගමන ආරංචි මාර්ග පැවසුවේ 2022 වසරේ දී විදේශ ගමන් බලපත්‍ර නව ලක්ෂ දස දහසක් (9,10000) නිකුත් කර ඇති බවයි. මෙලෙස විදේශගත වූවන්ගෙන් සියයට 27.6ක් රැකියා සඳහා ගොස් ඇත. කටාරය සහ කුවේටයට විශාල පිරිසක් ගොස් තිබේ. යුරෝපා රටවලට සියයට 4 ක පිරිසක් ගොස් තිබේ. කීර්ති ... |
"ඕඅයිසීලාට වීඩියෝ තහනමක්" | "පොලිස් නිලධාරීන් විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්, අත්අඩංගුවට ගැනීම් පිළිබඳ වීඩියෝ දර්ශන හෝ ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම, ප්‍රචාරය කිරීම තහනම් කරමින් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝගයක් කර ඇත. සිය දරුවා දුම්රියක අතහැර දමා යෑමේ සිද්ධියට සම්බන්ධ මව අත්අඩංගු... |
"රණවිරු ගැටලු 9 ක් ඉක්මණින් ලිහයි" | "වසර 10කට වැඩි කාලයක සිට ත්‍රිවිධ හමුදාවේ නොවිසඳී තිබූ ගැටලු 11කින් 09ට විසඳුම් ලබාදීමට රජය එකඟතාවය පළ කර ඇත. උතුරු, නැඟෙනහිර මානුෂික මෙහෙයුමෙන් පසු වසර දහයකට අධික කාලයක් තිස්සේ නොවිසඳී පවතින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා ආබාධිත රණවිරුවන්ගේ වැටුප් විෂමතාවය, විශ්‍රාම වැටුප් විෂමතාවය ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් ජනාධිප... |
"කල්පැන්න කඳුළු ගෑස් උණ්ඩ 15000 ක් නිෂ්ක්‍රිය කෙරේ" | "කල් ඉකුත් වී තිබූ කඳුළු ගෑස් උණ්ඩ පහළොස්දහසකට අධික ප්‍රමාණයක් 2022 වසරේ දී නිෂ්ක්‍රීය කළ බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් කුමාරසිරි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. කල් ඉකුත් වූ තවත් කඳුළු ගෑස් තොගයක් විනාශ කර දැමීම සඳහා ඇති බවද ඒ මහතා කීය. උද්ඝෝෂණ හා පෙළපාලිකරුවන් විසුරුවා හැරීම සඳහා කල් ඉකුත්වූ කඳුළු ගෑස් උණ්ඩ භ... |
"ඉංජිනේරු තාක්ෂණ ආයතනය කරටි කැඩෙන්න අයකරයි" | "කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය (NATTA) සඳහා 2023 වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේදී එක් සිසුවකුගෙන් රුපියල් දෙලක්ෂ විසිපන්දහසක් අයකර ගැනීමට තීරණය කර තිබීම නිසා සිසුන් අපහසුතාවට පත්ව ඇතැයි ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය පවසයි. මීට පෙර වසරවලදී සිවු වසරක මෙම පාඨමාලාව සඳහා රුපියල් පන් දහසක් වැනි මුදලකට සිසුන් බඳව... |
"උසස් අධ්‍යාපන පාඨමාලා කරන්න යළිත් ණයදෙයි" | "උසස් පෙළ සමත් මුත් රජයේ විශ්වවිද්‍යාල වෙත ඇතුළත් විය නොහැකි සිසුන් වෙත උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට පොලී රහිතව ලබාදෙන බැංකු ණය මුදල නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රුපියල් ලක්ෂ 08 ක් දක්වා වූ මෙම බැංකු ණය මුදලට අමතරව ඔවුනගේ එදිනෙදා වියදම් සඳහා තවත් රුපියල් ලක්ෂ ... |
"පළාත් පාලන ආයතන කාලය අද රැයෙන් ඉවරයි" | "ගමේ මන්ත්‍රීලාට වසර පහට කෝටි 900 ක් වසරකින් කාලය දීර්ඝ කළ පළාත් පාලන ආයතන තුන්සීය හතළිහක නිල කාලය අද (19 දා) මධ්‍යම රාත්‍රියේ සිට නිල වශයෙන් අවසන් වෙයි. ඉකුත් වසර පහේ දී මෙම ආයතනවල සභිකයන්ගේ වැටුප් දීමනාව, දුරකථන දීමනා සඳහා රුපියල් කෝටි නවසියයට (බිලියන 09 කට) අධික මුදලක් වැයවී ඇතැයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ... |
"පොලිසියේ 225 ක් දඬුකඳේ ගහන්න යයි" | "දූෂණ ක්‍රියාවලට නිරත වී පොලිස් දෙපාර්තමේන්තුවේ නම කිලිටි කළ උසස් පොලිස් නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් දෙසීය විසිපහකට අධික පිරිසකට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇත. පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම නිලධාරීන් පිළිබඳව පරීක්ෂණ සිදු කරන අතර එවැනි තවත් නිලධාරීන් පිරිසක් සම්බන්ධව පැමිණිලි ලැබී ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක... |
"ශ්‍රී ලංකාවේ විද්‍යාඥ රංග රටට යසස ගෙනෙයි" | "තවත් විශිෂ්ට සොයාගැනීමක්සුපිරි සන්නායක ගුණයක් ඇති පදාර්ථයක් සොයාගනී අප මාතෘ භූමියේ යසස ලොව හමුවේ යළිදු විද්‍යමාන කරමින් ශ්‍රී ලාංකික විද්‍යාඥයකු භෞතික ලෝකයේ නව පෙරළියක් ඇතිකළ හැකි සොයාගැනීමක් සිදුකළ වග අභිමානයෙන් යුතුව වාර්තා කරන්නෙමු. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා පසුව ඇමරිකාවේ නිව්යෝර්ක් සරසවියේ රෝචෙස්ටර් සරසවියේ ... |
"පොලිසියෙන් පැන්න බූරු මූණා දැලේ" | "කටුනායක ගුවන්තොටුපළ පොලිසියේ අත්අඩංගුවෙන් මිදී පළාගිය පාතාල කල්ලි ප්‍රබලයකු වන රවින්ද්‍ර ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ අවිස්සාවේල්ල පොලිසිය මගින් ඊයේ (17 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ඇත. මෙම පාතාල ප්‍රබලයා අවිස්සාවේල්ල අධිකරණය වෙත භාරවීම සඳහා පාගමනින් යමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු ... |
"මහජන බැංකුවේ ගිණුම් ගැන කටකතා බොරු" | "මහජන බැංකුව ජනතාවට කියයි මහජන බැංකුවේ පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල බැංකු ගිණුම් පිළිබඳ නොමඟ යවන සුළු අසත්‍ය පුවත් පැතිර යමින් පවතින බව මහජන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. මහජන බැංකුවේ දැනට පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල ගිණුම් වසා දමන ලෙස කිසිදු රාජ්‍ය ආයතනයක් සෘජුව හෝ වක්‍රව අප වෙත ඉල්ලීම්කර හෝ උපදෙස් ලබාදී න... |
"විශ්‍රාමික ස්ථාවර තැන්පතු පොලියටත් 5%ක් බදු ගහලා" | "ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කබලෙන් ලිපට ස්ථාවර තැන්පතු ගිණුම්වල පොලියෙන් සියයට 5ක බද්දක් කපා ගැනීමට රජය ක්‍රියා කිරීම නිසා විශ්‍රාමිකයන් දැඩි අසරණ තත්ත්වයකට පත්වී ඇත. රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගිය පසු මෙතෙක් කල් ජීවත්වූයේ මෙම තැන්පතු ගිණුම්වල පොලියෙනි. එහෙදී පොලිය ලබා ගැනීමට බැංකුවලට ගිය විශ්‍රාමිකයන් පොලියෙන්... |
"මහ බැංකු පනතට ජවිපෙ උසාවි යයි" | "ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ඊයේ (17 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය. නීතිඥ සුනිල් වටගල මහතා මගින් ගොනු කර තිබූ එම පෙත්... |
"සල්ලි එන්න කලින් ඡන්ද දිනය දුන් මැ. කො. ස. ට දැන් බාලගිරි දෝෂය" | "ණයට වැඩකර ගත්තාට ණය බේරන්නේ නෑ – මුද්‍රණාලයාධිපතිනිය කියයි මැතිවරණ කොමිසමට රජයේ මුද්‍රණාලය ණයට වැඩ කළත් ඔවුන් ණය මුදල් ගෙවා නැතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනි ලියනගේ මහත්මිය ‘දිවයින’ට පැවසුවාය. පළාත් පාලන මැතිවරණය සඳහා ඉකුත් සති කීපයේ අවශ්‍ය ලිපි ලේඛන මැතිවරණ කොමිසමට ණයට මුද්‍රණය කළ බව සඳහන් කළ මුද්‍රණාලයාධිපත... |
"මීනගයා බබාගේ මවුපියන්ට සුබ මංගලම්!" | "කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබිය දී පසුගිය 10 වැනිදා මීනගයා දුම්රියේ මැදිරියක වැසිකිළියක් තුළ දමාගොස් තිබිය දී සොයාගත් සිඟිති දරුවා එම දරුවාගේ මවට හා පියාට භාරදෙන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (17 දා) කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කළේය. ඊයේ (17 දා) දිනය ඇතුළත එම තරුණ මව හා පියා නීත්‍යා... |
"ලෝක තෙල් මිල බහිද්දී සමාගම් පහක ලාභ දෝරෙ ගලයි" | "ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 67.66 ට පහත බැස ඇති අතර ලෝකයේ තෙල් සමාගම් පහක් ඩොලර් බිලියන 200 ක අති විශාල ලාභයක් ලබා ඇත. තෙල් අධික මිලකට විකුණා අධික ලාභයක් ලබා ඇත්තේ ෂෙල් එසෝ, මුටාලි මෙර්වාන්, බීස් යන සමාගම්ය. 2021 වසරෙන් පසු තෙල් මිල ඉතා බරපතළ ලෙස පහත වැටුණු මුල් අවස්ථාව මෙයයි. මේ අතර ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂයේ ... |
"ගුරුමාරු මණ්ඩලය විසුරුවයි මාරුවීම් 12500 ක් අහෝසියි" | "අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරුවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇත. ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුරුවරුන් 12,500 දෙනකුගේ පමණ සියලු මාරුවීම් අහෝසි වී යන බව ද එම ආරංචිමාර්ග පවසයි. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන ... |
"ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රනිල් මියගොස් ඒකාධිපති රනිල් බිහිවෙලා" | "රටටම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් කරදුන් රනිල් වික්‍රමසිංහ මේ වනවිට මිය ගොස් ඒකාධිපති රනිල් කෙනෙක් බිහි වී සිටිනවා යැයි සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය. එම ප්‍රධාන කාර්යාලයේ දී (16දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බ... |
"දුම්රිය සේවයේ ගැටලු එන්නේ වර්ජන නිසා නොවෙයි අකාර්යක්‍ෂමතාව නිසයි" | "දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී. විතානගේ දුම්රිය සේවාව කාර්යක්‍ෂමව පවත්වාගෙන යෑමේ දැඩි ගැටලු මතුවී තිබෙනුයේ දුම්රිය සේවකයන්ගේ වැඩවර්ජන නිසා නොව, ආණ්ඩුවේ හා දුම්රිය දෙපාර්තමේන්තුවේ තිබෙන අකාර්යක්‍ෂමතාවය නිසා යැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ට ඊයේ (17 දා) පැව... |
"ජපානයෙන් ඩො. මි. 1.8 ක්" | "ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමට ලක්වන දරුවන් වෙනුවෙන් ලබාදීම සඳහා යුනිසෙෆ් සංවිධානය වෙත ඩොලර් මිලියන 1.8 කට අධික මුදල් ආධාර ජපන් රජය විසින් ලබා දී තිබේ. මෙම අරමුදල මගින් ලක්‍ෂ 6 කට ආසන්න දරුවන් සඳහා පිරිසිදු පානීය ජලය, සනීපාරක්‍ෂක පහසුකම් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමටද හැකියාව ලැබේ. ශ්‍රී ලංකාව... |
"ලාල් කාන්ත කියන්නේ රටේ ජනතාව ගැන හිතන පුද්ගලයෙක්" | "ජාතික ජන බලවේගයේ ඉන්න ලාල්කාන්ත කියන්නේ රටේ ජනතාව පිළිබඳ හිතන පුද්ගලයෙක් යැයි ද එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පෙරේදා (16දා) පැවසීය. බොහෝ අය වෘත්තියක් විදිහට වෘත්තිය සමිති කරගෙන යන බවද අකිල විරාජ් කාරියවසම් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ(16දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය. වැඩිදුරටත් අදහස... |
"ක්‍ෂය රෝගීන් 8342ක් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි: වැඩිම රෝගීන් බස්නාහිරින්" | "දිවයිනෙන්ම ක්‍ෂය රෝගීහු 8342 දෙනකු හඳුනාගෙන ඇතැයි ක්‍ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් මහත්මිය පැවසුවාය. ඉන් වැඩිම ක්‍ෂය රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් එම සංඛ්‍යාව සියයට 46 ක් බවත් ඇය කියා සිටියාය. එසේම එම පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ... |
"ෆෝන් එකට ඇබ්බැහි වන දරුවන් විශාදයට ගොදුරු විය හැකිය" | "විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් ජංගම දුරකථනවලට ඇබ්බැහි වී සිටින දරුවන් විශාදය වැනි රෝගාබාධවලට ගොදුරු විය හැකි බවත්, මෙම තත්ත්වයෙන් ඔවුන් මුදා ගැනීමට දෙමාපියන් හා ගුරුවරුන් මැදිහත් විය යුතු බවත් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ‘දිවයින’ ට ඊයේ (17 දා) පැවසීය. මෙම ඇබ්බැහිවීම තුළ ඇතැම් දරුවන් තම... |
"උත්තර පත්‍ර පරීක්‍ෂා නොකිරීම ඛේදවාචකයක් සමාජ වගකීම ඉටුකිරීමට ගුරුවරුන් වගවිය යුතුයි" | "පාසල් වසා තැබීමෙන් සිරගෙවල් ඇරීමට සිදුවන කතා අද සමාජයෙන් නොඇසෙන බවත් ඡන්ද හිමිකමක් පවා නොමැති මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්නට අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් ඉදිරිපත් නොවන ඛේදනීය තත්වයකට අද මානව සමාජය පත්ව ඇති බවත් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන... |
"ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට" | "හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජේ. ශ්‍රී රංගා මහතාව කොහුවල පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් ආරක්‍ෂාව මැද ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබයි. වව්නියාවේදී 2011 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්‍ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාවක් මත වව්නිය... |
"මහර සජබ කාර්යාලය විවෘත වෙයි" | "සමගි ජන බලවේගයේ මහර ප්‍රධාන කාර්යාලය විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් විවෘත වූ අවස්ථාව. මහර සජබ ප්‍රධාන සංවිධායක හසිත් ගුණසේකර මහතාද මෙහි වෙයි. සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ." |
"රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම කේන්ද්‍ර කරගනිමින්" | "මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා උපදෙස් දී තිබේ. මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රි හිමිපාණන් ඇතුළු ... |
"රට බංකොලොත් වුණු හැටි මහ බැංකු අධිපති හෙළිකරයි" | "2020 පොලී සහ විනිමය අනුපාත එකම අගයක තබාගෙන කළේ හානියක්මහ බැංකුව පාලනයට නව මණ්ඩල දෙකක් පොලී අනුපාත සහ විනිමය අනුපාත එකම අගයක තබා ගැනීමට 2020 දී මහ බැංකුව ගත් වැරදි තීරණය රට බංකොළොත් වීමට හේතු වූ ප්‍රධාන කරුණු දෙක යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ පැහැදිලි... |
"අනිද්දා මැදියම් රැයේ සිට පළාත් පාලන ආයතන කාලය ඉවරයි" | "මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන තුන්සිය හතළිහක නිල කාලය අනිද්දා (19 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට නිල වශයෙන් අවසන් වන අතර එදින සිට එම ආයතනවල පාලනය නාගරික කොමසාරිස් හා පළාත් කොමසාරිස්වරුන් හා සභා ලේකම්වරුන් යටතට පත්වේ. පළාත් නවයේ ආණ්ඩුකාරවරුන්ගේ අධීක්‍ෂණය යටතේ එය සිදු කිරීමට නියමිතය. මෙම පළාත... |
"මීළඟ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්?" | "මීළඟ පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි. පසුගිය කාලයේ පාතාල මර්දන මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැටලීම් තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණයෙන් සාර්ථකව සිදු කෙරිණි. පසුගිය කාලසීමාවේදී නමගිය පාතාල සාමාජික... |
"ලංකා බැංකුව තෙල් සංස්ථාවට ට්‍රිලියනයක ණයක් දීලා" | "ලංකා බැංකුවේ ට්‍රිලියන හතරක මුළු වත්කම්වලින් ට්‍රිලියනයක ණයක් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ලබාදී ඇතැයි ද, කවුරු ආණ්ඩු බලය ලැබුවත් ඒ ආණ්ඩුවට රට කරවන්න හිස් නොවූ භාණ්ඩාගාරයක් අවශ්‍ය යැයි ද ප්‍රගති බැංකු සේවක සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ මහතා සඳහන් කළේය. පසුගිය 15 වැනිදා පැවැති බැංකු ඇතුළු රාජ්‍ය අංශයේ වර්ජනය සඳහා ප්‍රගති බැ... |
"පුතා මරන්න දෙන්න එපා!" | "හරක් කටාගේ (නඳුන් චින්තක) පියා උසාවියෙන් ඉල්ලයි අධිකරණ විසින් නිකුත් කර තිබූ රතු වරෙන්තු නියෝග අනුව මැඩගස්කරය ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කළ සිය පුත්‍රයාගේ ජීවිතය ආරක්ෂා කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හා පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන... |
"වායුගෝලය නරක්වෙලා කොළඹට හොඳ මදි" | "දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (16 දා) පැවැති වායුගෝලයේ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර ආකාරයෙන් වාර්තාවී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි. ඒ අනුව ඊයේ (16 දා) පෙරවරු 11.30 වනවිට දිවයිනේ පැවැති වායුගෝලයේ තත්ත්වය අනුව නරකම වායු තත්ත්වය කොළඹ නගරයෙන් වාර්තා වී ඇත. එහි වායු ගුණාත්මක අගය අදාළ දර්ශකයේ ඒකක 135ක් වූ බව එම ආ... |
"වර්ජකයන්ට විනය ක්‍රියා ගත්තොත් වෘත්තීය සටන යළිත්" | "වැඩ වර්ජනයේ නිරත වූ මොනයම් හෝ සේවකයකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග හෝ යම් පරීක්‍ෂණයක් කිරීමට පාලකයන් පියවර ගතහොත් ඒ මොහොතේම සියලු වෘත්තීය සමිති එක්වී යළි සටනට බසින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ට පැවසීය. වරාය, විදුලි, ජල, සෞඛ්‍ය, තැපැල් හෝ වර්ජනයට එක්වූ කවර ආයතනයක කවර තරාතිරමේ... |
"සල්ලි පරක්කු නම් ඡන්දය කල්යනවා: මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ" | "පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාද වෙන තරමට එම ඡන්දය දිනෙන් දින කල් යන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනී ලියනගේ මහත්මිය ‘දිවයින’ ට ඊයේ (16 දා) පැවසුවාය. මේ අනුව මෙම මුද්‍රණ වියදම් අද හෙට ලැබුණොත් මුද්‍රණ කිරීම සඳහා දින 30ක පමණ කාලයක් ගතවෙන බව ද ඇය කීවාය. උදාවී ති... |
"ජනකගේ කාර්යාලයේ රාජ්‍ය විරෝධී කිසිවක් නෑ" | "මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතාගේ කාර්යාලයේ තිබූ ලේඛන සිය භාරයට ගෙන පරීක්‍ෂණ කළත් රජය අපහසුතාවයට පත්වන ආකාරයේ කිසිදු රාජ්‍ය විරෝධී ක්‍රියාවක් සිදුවී ඇති බවට තොරතුරු අනාවරණය වී නැතැයි කොල්ලුපිටිය පොලිසිය ඊයේ (16 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත වාර්තා කළේය. ජනක රත්නායක මහතා ඔස්ටේ්‍රලියා සං... |
"රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් නැති පාලකයන් රට බංකොලොත් කළා" | "රාජ්‍ය පාලනය පිළිබඳව අත්දැකීම් නැති පාලකයන් රට බංකොලොත් කළා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ (15) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය. එහිදී තවදුරටත් කතා කළ හෙතම මෙසේ ද කීය. අප මුල සිටම ප්‍රකාශ කළ පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය ආධාර ලබා... |
"ඡන්දය ගැන කතාකරන්න පක්‍ෂ ලේකම්වරුන්ට මැ.කො. ස. එන්න කියයි" | "පළාත් පාලන මැතිවරණයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණයට තරග කළ සියලු දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් ලබන 23 වැනිදා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. ලබන 23 වැනිදා පෙරවරු 10.00ට මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. මැතිවරණ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය හා ඉදිරියේදී කට... |
"සුබ සාධන ප්‍රතිලාභ දෙන්න ලක්‍ෂ 11ක තොරතුරු තහවුරු කර අවසන්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා, සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මඟින් ලැබී ඇති අයැදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහ... |
"මගෙත් එක්ක කවුරුත් බහින්බස් වුණේ නෑ – මෛත්‍රීපාල සිරිසේන කියයි" | "පළාත් පාලන මැතිවරණයට තරග කරන ගම්පහ දිස්ත්‍රික් පක්‍ෂ අපේක්‍ෂකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ඉකුත් (14 දා) පැවැති රැස්වීමක දී අපේක්‍ෂකයන් අතර බහින්බස්වීමක් සිදු වුවත් කිසිවකු තමා සමග කිසිදු බහින්බස්වීමක් සිදු නොවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16... |
"මගෙත් එක්ක කවුරුත් බහින්බස් වුණේ නෑ – මෛත්‍රීපාල සිරිසේන කියයි" | "පළාත් පාලන මැතිවරණයට තරග කරන ගම්පහ දිස්ත්‍රික් පක්‍ෂ අපේක්‍ෂකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ඉකුත් (14 දා) පැවැති රැස්වීමක දී අපේක්‍ෂකයන් අතර බහින්බස්වීමක් සිදු වුවත් කිසිවකු තමා සමග කිසිදු බහින්බස්වීමක් සිදු නොවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16... |
"හරක් කටා – කුඩු සලිඳු බලන්න මහෙස්ත්‍රාත් සී.අයි.ඩීයට යයි" | "මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් මාස තුනක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් යැයි කියන නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිඳු මල්සිත හෙවත් කුඩු සලිඳු නිරීක්‍ෂණය කිරීම සඳහ... |
"උද්ඝෝෂණවලට ගැසූ කඳුළු ගෑස් උණ්ඩ රස පරීක්‍ෂක හමුවට" | "පසුගිය දිනවල පැවැති උද්ඝෝෂණ විසුරුවා හැරීමට පොලිසිය පාවිච්චි කළ කඳුළු ගෑස් උණ්ඩවල තත්ත්වය පරීක්‍ෂා කිරීම සඳහා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යැවීමට පොලිසිය කටයුතු කර ඇත. උද්ඝෝෂණ විසුරුවා හැරීමට පොලිසිය පාව්චිචි කළ කඳුළු ගෑස් උණ්ඩ විෂ සහිත ඒවා බවත් ඇතැම් උණ්ඩ කල් ඉකුත්වූ ඒවා බවත් චෝදනා එල්ල වී තිබිණි. මේ හේතුව නිසා පොලිසිය ප... |
"කළුතර ප්‍රා. සභා ඡන්දය වළක්වමින් අතුරු තහනමක්" | "නව ලංකා නිදහස් පක්ෂය විසින් ගොනුකර ඇති රිට් පෙත්සම විභාගකොට අවසන් තීන්දුව ලබාදෙන තෙක් කළුතර ප්‍රාදේශීය සභාවට අදාළව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. නව ලංකා නිදහස් පක්ෂය විසින් කළුතර ප්‍රාදේශීය සභාවට භාරදුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම අභියෝගයට ලක... |
"ඊයේ වර්ජනය – දුම්රිය 343ක් දුවලා නෑ – හමුදාව සහ පොලිසියේ රැකවරණය මැද දුම්රිය 21ක් දුවයි" | "බදු පනතට එරෙහිව, ජීවන වියදම පහත හෙළන ලෙස සහ තවත් ඉල්ලීම් ගණනාවක් මුල්කරගෙන ඊයේ (15 වැනිදා) රටපුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතිශය සාර්ථක බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කීය. මර්දනය මගින් සියල්ල යටපත් කර දමන්නට උත්සාහ කරන පාලකයන් වෘත්තීය සමිතිවලට ඇහුම්කම් නොදෙන්නේ නම් පොදු මහජන... |
"උණුසුම් වචන දෝරේ ගලයි පාක්‍ෂිකයෝ ඇවිස්සෙති – මෛත්‍රි මාරුවෙයි" | "පළාත් පාලන මැතිවරණයට තරග කරන ගම්පහ දිස්ත්‍රික් පක්‍ෂ අපේක්‍ෂකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී ඇතිවූ බහින්බස්වීමකින් වූ උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ආරක්‍ෂක නිලධාරීන්, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ස්ථානයෙන් පිටතට රැගෙන ගිය බව පක්‍ෂ ආරංචි මාර්ග පවසයි. පෙරේදා (14දා) සවස මෙ... |
"මීනගයා දුම්රියේ දරුවා දමාගිය යුවළ යළි රිමාන්ඩ් – විවාහ වී දරුවා භාරගන්න සූදානම් බවත් දන්වති" | "පසුගිය 10 වැනිදා කොටුව දුම්රිය ස්ථානයේදී මීනගයා දුම්රිය මැදිරියක වැසිකිළියක් තුළ අලුත උපන් බිලිඳකුව දමා පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එම බිලිඳාගේ මව සහ ඇගේ පෙම්වතා යැයි කියන තරුණයාව ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (15 දා) නියෝග කළ... |
"අත්‍යවශ්‍ය සේවා ගැසට් ගසා උත්තර සොයන්න බෑ" | "අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍ර ගසා ජනතාවගේ පීඩාවන්ට පිළිතුරු ලබාදිය නොහැකි යැයි අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පැවසූහ. වැඩ වර්ජනයේ නිරත පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළ බවත්, හැකි නම් වැඩ වර්ජනයේ නිරතවූ... |
"අපි කිව්ව දේ ඇහුවා නම් සවුත්තු වෙන්නේ නෑ – GMOA 23 වැනි වතාවටත් අසාර්ථකයි" | "රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය 29 වැනි වතාවටත් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අසාර්ථක වූ බව රජයේ වෛi නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛi රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ ට ඊයේ (15 වැනිදා) පැවැසීය. සමස්තයක් වශයෙන් රෝහල්වල වෛiවරුන්, හෙද නිලධාරීන්, රෝහල් කනිෂ්ට කාර්ය සහායකයින් ඇතුළු සේවකයන් බොහෝ පිරිසක් රාජකාරියට වාර්තා කර සේවයේ යෙදුණු බව... |
"වෛද්‍යiවර්ජනය අද උදේ 8.00ට අත්හිටුවයි" | "වෘත්තිකයන්ගේ ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා කොට විසඳුමකට ඒමට ආණ්ඩුව සූදානම් බවට ජනාධිපති ලේකම් කළ දැනුම්දීම මත රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය අද (16දා) පෙරවරු 8.00 සිට තාවකාලිකව නතර කිරීමට සංගමය තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛi චමිල් විජේසිංහ මහතා ‘දිවයින’ට පැවසීය. සෞඛ්‍ය වැනි ක්‍ෂේත්‍රයක අඛණ්ඩ... |
"ඩොලරය ඊයේත් ඉහළට" | "ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන විනිමය අනුපාත අගය අනුව ඇමෙරිකානු ඩොලරයේ මිල රුපියලට සාපේක්‍ෂව ඊයේ (15 දා) යළිත් ඉහළ ගොස් ඇත. ඒ අනුව එහි ගැනුම් මිල රුපියල් 327.59ක් ලෙස ද විකුණුම් මිල රුපියල් 344.66ක් ලෙස ද සටහන් වේ. පසුගිය 09 වැනිදා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු... |
"අභියාචනාධිකරණ තීන්දුවට අනුව රවි ගැන තීරණයක් ගන්න – උසාවියෙන් නීතිපතිට නියෝග" | "මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි චෝදනා පවත්වා ගෙන යෑමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති නිසා ඔහුට එරෙහි නඩු කටයුත්ත සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (15) නීතිපතිවරයාට නියෝග කළේය. අදාළ නඩුව ඊයේ දමිත් තොටවත්ත, මංජුල ... |
"ළමා අපයෝජන පැමිණිලි 10000ක්" | "ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි දසදහසක් පමණ පසුගිය වසරේදී (2022) වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ මහතා ‘දිවයින’ට පැවසීය. එම පැමිණිලිවලින් අටදහසක්ම ලැබී ඇත්තේ ලිංගික අපයෝජන, පහරදීම් හා මෙහෙකාර සේවයේ යෙදවීම පිළිබඳව යැයි ද හෙතෙම කීය. සමාජයේ ළමා අපයෝජන වැඩි වශයෙන් සිදු වුවත් එයින් වාර්තා වනුය... |
"ගුරු මාරු 24 දා සිට" | "ගුරු මාරු මණ්ඩලය මගින් ලබාදෙන ස්ථාන මාරු මාර්තු 24 දා සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එදිනෙන් පසු අනුයුක්ත කිරීම් තවදුරටත් දීර්ඝ කිරීම සිදුනොකරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. මාර්තු 24 වැනිදා දක්වා ගුරුවරුන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් අදාළ උපදෙස් විධිමත් ලිපියක් මගින් පළාත් හා කලාප අධ්‍යක්‍ෂවරු... |
"ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල බහී" | "ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 70.4ක් දක්වා අඩුවී ඇත. බ්‍රෙන්ට් තෙල් බැරලයක මිලද ඩොලර් 80 දක්වා අඩුවී තිබේ. මේ අතර චීන සිනෝයෙන් තෙල් සමාගම හම්බන්තොට ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට තීරණය කර ඇත. ඊට අරමුදල් වැය කරන්නේ චීනයයි. කීර්ති වර්ණකුලසූරිය" |
"වර්ජනයෙන් කෝටි 400 ක පාඩුවක්" | "වරාය, දුම්රිය, සෞඛ්‍ය, තැපැල්, ලංවිම ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ඊයේ (15 වැනිදා) ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය නිසා දළ වශයෙන් රුපියල් කෝටි හාරසියයකට (බිලියන 4) වැඩි පාඩුවක් රටට සිදුවන්නට ඇතැයි මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. සාමාන්‍ය දිනක රටේ සමස්ත ආදායම රුපියල් කෝටි 1000 (බිලියන 10) පමණ වන බවත් වර්ජනය නිසා අහි... |
"වෘත්තීය සමිති එක මිටට අද වැඩ වරති: අපි සූදානම්!" | "ආණ්ඩුවත් වෘත්තීය සමිතිත් කියයි රජය විසින් හඳුන්වා දී ඇති නව බදු ප්‍රතිපත්තියට ජල විදුලි ගාස්තු බැංකු පොලී ඉහළ දැමීමට එරෙහිව රාජ්‍ය අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති 50කට ආසන්න සංඛ්‍යාවක් ඒකාබද්ධව සිදු කරන දැවැන්ත වැඩ වර්ජනය අද (15 වැනිදා) දීපව්‍යාප්තව පැවැත්වෙන බව ඊයේ (14 දා) නිවේදනය කළේය. ඒ අනුව වරාය දුම්රිය ඛනිජ තෙල්, බැංකු... |
"ඡන්දය කල් දැම්මාට එරෙහිව ජා. ජ. බයෙන් අයිතිවාසිකම් පෙත්සමක්" | "පසුගිය 9 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් තමන් ඇතුළු රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරනා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජාතික ජන බලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා ආචාර්ය... |
"ගුවන් ගමන් ප්‍රමාදයි: හරක්කටා සහ කුඩු සලිඳු රැගෙන ඒම අදට කල්යයි" | "මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනකු වන හරක්කටා සහ කුඩු සලිඳු ඊයේ (14 වැනිදා) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබුණ ද ගුවන් ගමන් ප්‍රමාදයක් නිසා අද (15 වැනිදා) දක්වා කල් දැමීමට සිදුවී ඇත. හරක් කටා සහ කුඩු සලිඳු රැගෙන ඒමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකාය... |
"සිසු සිසුවියන් 10 කට අමානුෂික ලෙස පහර දුන් මහනුවර පෞද්ගලික පාසලක විදුහල්පති සහ ගුරුවරු 6 ක් අත්අඩංගුවට" | "මහනුවර බොක්කාවල මොරන්කන්ද ප්‍රදේශයේ පෞද්ගලික පාසලක අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහරදී වධ හිංසා සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් හයදෙනකු මහනුවර පොලිසිය මගින් ඊයේ (14දා) අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ. විදුහල තුළදී දැඩි දඬුවම් ව... |
"අසූවේ ජූලි වර්ජකයන් 138ක් දිවි නසාගෙන!" | "අසූවේ ජූලි වැඩ වර්ජනය හේතුවෙන් රැකියා අහිමිව තම දරු පවුල් නඩත්තු කරගැනීමට නොහැකි වීමෙන් වර්ජකයන් 138 දෙනකු පමණ දිවි හානිකරගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ. එම සේවකයින්ගේ පවුල්වලට මේ වනතෙක් කිසිදු පිළිසරණක් ලැබී නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 2015 වර්ෂයේ අයවැය යෝජනා මගින් ... |
"බුද්ධි අංශ වෙස් ගෙන මත්ද්‍රව්‍ය වැටලීම් ගැන ජාවාරමුන්ට ඔත්තු දීලා" | "යුද හමුදා, විශේෂ බළකායේ බුද්ධි අංශ කපිතාන්වරයකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය වැටලීම් කරන ආරක්‍ෂක අංශ නිලධාරීන් මුලාකර වැටලීම් පිළිබඳ තොරතුරු ලබාගෙන ඒවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබා දී ඔවුන්ගෙන් ලක්‍ෂ ගණනින් මුදල් ලබාගත් හිටපු හමුදා නිලධාරියකු පානදුර වලාන දූෂණ මර්දන බළකාය මගින් පෙරේදා (13 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. ... |
"රත්නපුරෙන් හමුවූ පුෂ්පරාග උඩවැඩියාව" | "ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් රත්නපුර දිස්ත්‍රික්කයේ වලංකන්ද ප්‍රදේශයෙන් සොයාගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත් වී ඇත. පේරාදෙණිය උද්භිද උද්‍යාන ශාකාගාරයේ හිටපු නිලධාරියකු වන ආචාර්ය උපාධි අපේක්‍ෂක, භාතිය ගොපල්ලව මහතා සහ රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු වන අමිල පෙරේරා යන අය 2021 වර්ෂයේ දී ... |
"ලංකාවට ගෙනා කුඩු ජාවාරම්කරුවකුගේ ජීවිතාරක්‍ෂාව පතා මවගෙන් රිට් පෙත්සමක්" | "සිය පුත්‍රයාව ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව සැඟවූ ආයුධ පෙන්වීමේ මුවාවෙන් පිටතට රැගෙන ගොස් ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බැවින් දහවල් කාලයේදී මිස අඳුරු වැටුණු පසු ඔහුව සිර මැදිරියෙන් පිටතට නොගන්නා ලෙසට හා ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු නිලධ... |
"ජනතාවට තහනම් වූ ‘නිදහස’" | "රජයේ මර්දනයට එරෙහිව නිදහස් චතුරශ්‍ර භූමියේ ඊයේ (14 දා) පැවති විරෝධතාවක් හමුවේ නිදහස් මන්දිර ප්‍රදේශය පැය කිහිපයක් සාමාන්‍ය ජනතාවට තහනම් කලාපයක් බවට පත් කරමින් පොලිසිය රැකවල් දමා තිබූ අයුරු. පිංතූරය – නිශාන් එස්. ප්‍රියන්ත" |
"වර්ජන නොකරන වෛද්‍යවරුන් ඇගයීම පාලකයන්ගේ යුතුකමක්!" | "අද වෛද්‍යවරුන් සියයට 80 ක්ම වැඩවර්ජනය කරන්නේ නැහැ. ඒ නිසා පාලකයන්ගේ යුතුකමක් තියෙනවා, වැඩවර්ජන නොකරන වෛද්‍යවරුන් අගයන්න. වැඩවර්ජන නොකරන වෛද්‍යවරුන් ඇගයීමක් නොකිරීම ගැන ඒ වෛද්‍යවරුන් තුළ කලකිරීමක් තිබෙනවා යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ ට ඊයේ (14 දා) පැවසීය. රජයේ වෛද්‍ය න... |
"පළාත් පාලන ඡන්දය නියමිත දිනට පවත්වන්න" | "මල්වතු අස්ගිරි මහ නාහිමිවරු හදිසි ලිපියකින් ජනපතිගෙන් ඉල්ලති පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීමක් බවට මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් දන්වා සිටිති. සාමකාමීව රටේ නෛතික සීමාවන්ට අනුගතව නිදහසේ ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මහ... |
"බැංකු සේවක විරෝධය….." | "රජය විසින් පනවා ඇති බදු ක්‍රමයට විරෝධය පළ කරමින් ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකයන් කොළඹ ලේක්හවුස් වටරවුම ඉදිරිපිට ඊයේ (14දා) දහවල් විරෝධතාවක නිරත වූ අයුරු. ඡායාරූපය – තුෂාර අතපත්තු" |
"වර්ජන කරමින් නීතිය කඩ කළ විට ගන්නා ක්‍රියාමාර්ග පස්සේ තේරෙයි" | "ඇමැති බන්දුල ගුණවර්ධන වැඩ වර්ජන කරමින් නීතිය කඩ කළහොත් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි නීතිය කඩකළ පසුව අවබෝධ කරගැනීමට හැකිවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එහිදී කළ යුතු දේ කුමක්දැයි රජය පැහැදිලිවම තීරණය කරන බව පැවසූ ඇමැතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ර... |
"ඡන්දය වෙනුවෙන් පෙනී සිටි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි" | "මේ රටේ හැමදාම ඡන්දය වෙනුවෙන් පෙනී සිටි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව එම පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පෙරේදා පැවැති මාධ්‍ය හමුවේදී එසේ අදහස් දැක්වූ කාරියවසම් මහතා මෙසේද කීය. මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති... |
"ඩොලරය ඊයේ රු.335ට නගී" | "මහ බැංකුව නිකුත් කළ නිල විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (14දා) දිනයේදී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 319.84 ක් සහ විකුණුම් මිල රු.335.68 ක් දක්වා ඉහළ ගොස් ඇත. මහ බැංකුවට අනුව ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් ඊයේ සටහන් වූයේ පිළිවෙළින් රු. 311.82 ක් හා රු. 328.86 ක් වශයෙනි. පසුගිය මාර්තු 09 වැනිදා මහ බැංකුවට අනුව ඩොල... |
"වර්ජනය – දොස්තරලා අද පළාත් 5ක" | "ජල, විදුලි ගාස්තු ඉහළ නැංවීම, අසාධාරණ නව බදු ප්‍රතිපත්තිය, බැංකු පොලී ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයකට රජයට විරෝධය පළ කරමින් අද (14 දා) එක් දින වැඩවර්ජනයක නිරත වීමටත්, විසඳුම් නොලැබෙන්නේ නම් හෙට (15 සිට) දිවයින පුරා රෝහල්වලදී අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදීමටත් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර ඇත. ඊයේ (13 දා) රජයේ වෛi නිලධ... |
"විනිමය අනුපාතය ඉහළ යනු ඇතැයි ඇතැමුන් සිතුවත් – හැංගුණු ඩොලර් මිලියන 500ක් වෙළෙඳපොළට ආවා – මහ බැංකු අධිපති" | "රට තුළ විනිමය අනුපාතය තවදුරටත් ඉහළ යනු ඇතැයි ඇතැමුන් බලාපොරොත්තු වුවත් වෙළෙඳපොළ ක්‍රියාත්මකවීම් අවබෝධ කර ගනිමින් ඩොලර් මිලියන 500 ක් වෙළෙඳපොළ වෙත මුදාහැරීමට හැකි වූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. රුපියල 203 ට ස්ථාවරව තිබියදී අඩු මුදලට ඩොලර් අරගෙන සඟවා තබාගැනීමේ කළු කඩ ද ක්‍රියාත්මකව පැවැ... |
"වර්ජනය – සෞඛ්‍ය-තෙල්-වරාය විදුලිය-දුම්රිය ඇතුළු වෘත්තීය සමිති 40 ක් හෙට ස්ථිරයි" | "ප්‍රධාන ඉල්ලීම් 06 ක් ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය, තෙල්, වරාය, විදුලි ඇතුළු වෘත්තීය සමිති 40 කට වැඩි ප්‍රමාණයක් හෙට (15දා) වැඩවර්ජනයක නිරත වේ. මෙම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් හෙට සිට වර්ජනය අඛණ්ඩව සිදුකරනවාද යන්න හෙටම තීරණය කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා ‘ද... |
"පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ශ්‍රේෂ්ඨාධිකරණයේ බලයට පහර ගැසීම සුදුසු නෑ" | "ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව ද රජය ද ජනාධිපතිතුමා ද බැඳී සිටින බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය හෑල්ලුවට ලක්කරමින් තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ශ්‍රේෂ්ඨාධිකරණ බලයට පහර ගැසීම මන්ත්‍රීවරුන්ගේ ගරුත්වයට සුදුසු දෙයක් නොවන බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (13 දා) ප්‍රකාශ... |
"උසාවි නොපැමිණි විමල්ට වරෙන්තු" | "අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (13 දා) වරෙන්තු නිකුත් කළේය. 2016 පෙබරවාරි මස 06 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවට පැ... |
"නීතිඥ ධුරයට වසර 50 යි: ජනපතිට අභිනන්දන සම්මාන" | "නීති ක්‍ෂේත්‍රයට වසර 50 ක සේවයක් ඉටුකළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ අභිනන්දන සම්මාන උළෙල පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. එහිදී වෘත්තීය නීතිඥ ධුරයේ වසර 50 ක් සම්පූර්ණ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් අභිනන්දන සම්මානය පිරිනැමූ අ... |
"බද්ද අසාධාරණ වුවත් වර්ජනයට යන්නේ නෑ – වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති රුක්‍ෂාන් බෙල්ලන" | "රජයේ බදු ප්‍රතිපත්තියේ අසාධාරණයක් පැවතියත්, රෝගී ජනතාවගේ ජීවිත පළිහක් කර ගනිමින් වැඩ වර්ජනයේ නිරත නොවීමට සිය සංගමය තීරණය කළ බව රජයේ වෛi නිලධාරීන්ගේ සංසදයේ සභාපති කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛi රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (13 දා) පැවසීය. රජය උපයන විට බදු අයකර ගැනීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් එය අසාධාරණ ලෙ... |
"බද්ද අසාධාරණ වුවත් වර්ජනයට යන්නේ නෑ – වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති රුක්‍ෂාන් බෙල්ලන" | "රජයේ බදු ප්‍රතිපත්තියේ අසාධාරණයක් පැවතියත්, රෝගී ජනතාවගේ ජීවිත පළිහක් කර ගනිමින් වැඩ වර්ජනයේ නිරත නොවීමට සිය සංගමය තීරණය කළ බව රජයේ වෛi නිලධාරීන්ගේ සංසදයේ සභාපති කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛi රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (13 දා) පැවසීය. රජය උපයන විට බදු අයකර ගැනීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් එය අසාධාරණ ලෙ... |
"රත්‍රං ඊයේ ගණන් උස්සයි" | "රත්‍රං මිල ගණන් ඉකුත් සතියේ දිගින් දිගටම පහළ යමින් තිබුණද ඊයේ (13දා) යළිත් රන් මිලේ ඉහළ යෑමක් සිදුව ඇත. මේ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳ පොළේ ඉකුත් බ්‍රහස්පතින්දා වන විට රුපියල් 1,34,000 කට පැවති කැරට් 22 රන් පවුමක මිල රුපියල් 1,60,000 දක්වා ඉහළ ගොස් තිබිණි. කැරට් 24 රන්පවුමක මිල ඊයේ වන විට රුපියල් 1,73,000 දක්වා ඉහ... |
"වර්ජන කරන්නේ IMF සහන ලබාදීම වැළැක්වීමටයි – සමන් රත්නප්‍රිය" | "වැඩවර්ජන ක්‍රියාවට නංවන්නේ ලබන සඳුදා (20 දා) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය අත්සන් කිරීමට නියමිත එකඟතාවයන් කඩාකප්පල් කිරීමට බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ඊයේ (13 දා) පැවසීය. ජනතාව පීඩා වින්ද පෝලිම් යුගයෙන් මුදාගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව තවත් සහන ලබාදීමට රජය කටයුතු කරනු ... |
"පාස්කු නඩුවලින් හේමසිරි හා පූජිත් නිදහස් කිරීමට එරෙහි නීතිපතිගේ පෙත්සම් විභාගයට" | "මුස්ලිම් අන්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් 2019 අප්‍රේල් 21 වැනිදා එල්ලවූ එම ප්‍රහාර වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීමට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩු කටයුතුවලින් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නිදො... |
"ජනතාවට හොඳ හෙටක් නිර්මාණය කිරීමේ වගකීම අපි අදටත් දරනවා – ගමේ මිනිස්සු කිසි විටෙක අප හැරදමා යන්නේ නෑ" | "පක්ෂයක් ලෙස විවේචන භාරගන්න අපි නිතර සූදානම්. නමුත් මඩගහන එකට අපි විරුද්ධයි. ඔප්පු කිරීමට නොහැකි දේවල් ප්‍රකාශ කරමින් ජනතාව මුලාකිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටිනවා. ගමේ මිනිස්සු හැමදාම සිටියේ අප සමඟයි. කිසි විටෙක ඔවුන් අප හැරදමා නොයන බවට දැඩි විශ්වාසයක් තිබෙනවා. ඉදිරි මැතිවරණ වලදී නගරයේත් ගමේත් සියලුම ජනතාවශ්‍රී ලංකා... |
"ඉන්ෆ්ලුවෙන්සා රෝග කාරකයක් පැතිරෙයි" | "ඉන්ෆ්ලුවෙන්සා රෝග කාණ්ඩයක් මේ දිනවල ජනතාව අතර පැතිර යෑමක් දැකිය හැකි බව විශේෂඥ වෛද්‍යවරු පවසති. වෛරස රෝගයක් බැවින් මේ සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිතය අවශ්‍ය නැති බවත්, විවේකීව සිටිම සහ උණුසුම් ජලය පානය කළ යුතු බවත් සඳහන් කරති. කැස්ස, සෙම, ඇගපත වේදනාව, උණ මෙහි දැකිය හැකි බහුල රෝග ලක්ෂණ වේ. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ විවිධ රෝ... |
"ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වරප්‍රසාද කමිටුවට කැඳවීම ඉතාම භයානකයි – ජී. එල්. පීරිස්" | "පවතින පාර්ලිමේන්තුව අවලංගු කාසියක් බවත්, පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න විසඳිය නොහැකි නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසත් තමන් ඉල්ලා සිටින බවත් නිදහස් ජනතා සන්ධානයේ සාමාජික මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (13 දා) ඉල්ලීමක් කළේය. පළාත් පාලන මැතිවරණය නොපවත්වන්නේ මුදල් නැති නිසා නොව රජයට ජනතාවගේ සහාය නැති නිසා බවත් රජයට ජන... |
"‘නාටු නාටු’ හොඳම ගීතය වෙමින් ඉන්දියාවට ඔස්කාර් සම්මානයක් දිනා දෙයි" | "තෙළිඟු බසින් තිරගත වූ ජනප්‍රිය චිත්‍රපටයක් වන RRR ‘නාටු නාටු‘ ගීතය ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීතය ලෙසින් සම්මාන දිනා ඇත. 95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේදී පෙරේදා (12දා) පැවැත්විණි. චිත්‍රපට ගීයක් සඳහා ඉන්දියාව අවසන් වරට ඔස්කාර් සමානයක් ලැබුවේ 2009 දීය. ඒ, ස්ලම්ඩෝග් මිලියනයර් චිත්‍රපටයේ ‘ජය හෝ... |
"යුක්‍රේනයේ රූගත කළ ‘නාටු නාටු’ ඔස්කාර් සම්මාන දිනීම" | "95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී පැවැත්වුණු අතර ජිමී කිමෙල් විසින් සම්මාන උළෙල මෙහෙයවනු ලැබීය. ඇමෙරිකානු ප්‍රහසන ශිල්පියෙකු වන ඔහු 2017 දී, හොඳම චිත්‍රපටයේ ජයග්‍රාහකයා වැරදි ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු සම්මාන උළෙලේ ඇතිවූ අවුල් සහගත තත්ත්වය අමතක කිරීමට මෙවර උත්සාහ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. ඉකු... |
"‘නාටු නාටු’ හොඳම ගීතය වෙමින් ඉන්දියාවට ඔස්කාර් සම්මානයක් දිනා දෙයි" | "තෙළිඟු බසින් තිරගත වූ ජනප්‍රිය චිත්‍රපටයක් වන RRR ‘නාටු නාටු‘ ගීතය ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීතය ලෙසින් සම්මාන දිනා ඇත. 95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේදී පෙරේදා (12දා) පැවැත්විණි. චිත්‍රපට ගීයක් සඳහා ඉන්දියාව අවසන් වරට ඔස්කාර් සමානයක් ලැබුවේ 2009 දීය. ඒ, ස්ලම්ඩෝග් මිලියනයර් චිත්‍රපටයේ ‘ජය හෝ... |
"මව්පියන්ට රැකබලා ගැනීමට නොහැකි දරුවන් රැකබලා ගැනීමට පියවර ගන්නවා – රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ" | "ළමා කටයුතු කියන්නේ විශාල වපසරියක්. වයස අවුරුදු 18 දක්වා පාසල් යන, නොයන සෑම දරුවෙකුම මේ සඳහා අයිති වෙනවා. දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ අපි වගකීමෙන් කටයුතු කරනවා. ළමයින් හා කාන්තාවන් ගැන අද අසන්න ලැබෙන්නේ සිත් කම්පා කරවන සිද්ධින්. මේ සිද්ධින් එකින් එකට කීමට අවශ්‍ය නැහැ. අම්මාට, තාත්තාට දරුවෙකු රැකබලා ගැනීමට නොහැකි තත්වය... |
"රනිල්ගේ පොලු හමුදාවට ජනතා බලය විනාශ කරන්න බැහැ – ජාජබ ජාතික විධායක සභික විජිත හේරත්" | "රනිල්ගේ පොලු හමුදාවට ජනතා බලය විනාශ කරන්න බැහැ යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. පසුගිය(12)දා ගම්පහ පැවති ජාතික ජන බලවේගය රැලිය අමතමින් ඒමහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් කතා කළ මන්ත්‍රීවරයා මෙසේද කීය. මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25ත... |
"ඡන්දය වළක්වන්න අලි පොහොට්ටු ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් තියෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටුවනදී කියයි" | "රජය මැතිවරණවලට මුහුණ දෙන්නේ නැහැ. ඡන්දවලින් රජය පරාජය කිරීමට පෙළගැසී සිටින නිසා ඡන්දය වළක්වන්න අලි පොහෙට්ටු ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ඇතැයිද, එයින් ජනතාවට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නොමැති වන්නේ යැයිද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය(12)දා හම්බන්තොට කටුවනදී පැවසීය. ප්‍රේමදාස මහතා එහිදී වැඩි දුරටත් මෙසේද පැවසීය. ... |
"බද්දට එරෙහිව – දොස්තරලා සටන අරඹති – පළාත් 4ක රෝහල්වල" | "රජය විසින් හඳුන්වා දී ඇති බදු ප්‍රතිපත්තිවලට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් හතරක රෝහල්වල අද (13 දා) පෙරවරු 8.00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. ඒ අනුව බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත් හතරේ පිහිටි රජයේ රෝහල්වල අද දිනයේ මෙම වැඩ වර්ජනය ක්‍රියාත... |
"‘මීනගයා’ බබාගේ අම්මයි – තාත්තයි රිමාන්ඩ්" | "මඩකලපුව බලා රාත්‍රි ධාවනය කිරීමට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ ‘මීනගයා’ රාත්‍රී තැපැල් දුම්රියේ වැසිකිළියක කූඩයක දමා ගිය බිලිඳාගේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අවිවාහක තරුණ මව හා පියා ඊයේ (12 වැනිදා) බණ්ඩාරවෙල වැඩබලන මහෙස්ත්‍රාත් කෙනෙත් සිල්වා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 15 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධ... |
"මැකො මුදල් ඇමැතිගෙන් පුංචි ඡන්දයට සල්ලි ඉල්ලයි" | "පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ජනාධිපතිවරයා වෙත මෙම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කර ඇත. පළාත් පාලන මැතිවරණය... |
"චක්‍රලේඛයට පටහැනිව කටයුතු කරලා – HQIට එරෙහිව විමර්ශන" | "කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිළියක් තුළ දරුවා දමා ගිය මව අත්අඩංගුවට ගත් අවස්ථාවේ බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ක්‍රියාකළ ආකාරය පිළිබඳව ඔහුට එරෙහිව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. සැකකාර කාන්තාව අපහසුතාවයට පත්වන.. ආකාරයට කටයුතු කිරීම, ප්‍රශ්න කිරීම මෙන්ම ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබ... |
"අනවශ්‍ය ගැබ්ගැනීම්වලට හේතුව ලිංගික අධ්‍යාපනයක් නොමැතිකමයි – විශේෂඥ වෛද්‍ය රූමි රූබන්" | "ලංකාවේ ලිංගික අධ්‍යාපනය නොමැතිවීම තරුණියන් අතරේ අනවශ්‍ය ගැබ්ගැනීම්වලට මූලිකවම බලපා ඇතැයි ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා ‘දිවයින’ ට ඊයේ (12 දා) පැවසීය. විශේෂයෙන් ම වත්මන් තරුණ තරුණියන්ගේ මානසික මට්ටම පරීක්‍ෂා කිරීම ඉතා වැදගත් බව ද හෙතෙම කීය. එසේම තරුණ දරුවන් උපත් පාලනය පිළිබඳව ද නිවැරදි අ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.