Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"කොමිෂන් සභාවලට නව සාමාජිකයන් පත් කර ගැනීමට ව්‍යවස්ථාදායක සභාව 9දා රැස්වෙයි" | "මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කිරීමට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ලබන 9 වැනිදා නැවතත් රැස්වීමට නියමිත බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි. මුදල් කොමිෂන් සභාව, ප්‍රසම්පාදන කොමිෂන් සභාව, විගණන කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා වි... |
"ආණ්ඩුවේ කුමන්ත්‍රණයට ඉඩ නොදී ඡන්දයට ළඟම දිනයක් කොමිසම අද කිව යුතුයි – ටිල්වින් සිල්වා" | "මැතිවරණය කල්දැමීම සඳහා ආණ්ඩුව සිදුකරන කුමන්ත්‍රණවලට තවදුරටත් ඉඩ නොතබා මැතිවරණය පැවැත්වීමට ඉතා නුදුරු දිනයක් කොමිසම අද (07දා) ප්‍රකාශයට පත්කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (06දා) පැවසීය. මුදල් සම්බන්ධයෙන් ඇතැයි කී ගැටලුව අධිකරණය විසඳා ඇති බැවින් මැතිවරණය සඳහා ආසන්න දිනක් ලබාදීම කො... |
"ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා ඉහළම තලයක පවතිනවා" | "ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා ඉහළම තලයක පවතින බව ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දියානු මහකොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා පැවසීය. මේ සඳහා මූලික වශයෙන් හේතු වී ඇත්තේ දෙරට ජනතාව අතර ගැඹුරින් මුල් බැසගත් බැඳීම් බව ද ප්‍රකාශ කළේය. හෙතෙම මේ බැව් පැවසූවේ ඉකුත් 03 වැනිදා ආරම්භවූ 2023 “මෙඩිකෙයා 2023” ප්‍රදර්ශනය විවෘ... |
"ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව හෙට සහ අනිද්දා ජිනීවාහිදී සමාලෝචනයට" | "ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී මාර්තු 8 සහ 9 යන දිනවල පැවැත්වෙන සිවිල් සහ දේශපාලන හිමිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය යටතේ ශ්‍රී ලංකාව ගැන වූ 6 වැනි වාරික සමාලෝචනය සිදුවේ. රටවල් 173 ක් මේ සම්මුතියට එකඟ වී ඇති අතර ශ්‍රී ලංකාව සිය 6 වැනි වාර්තාව මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කර තිබේ. ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිනි හිමා... |
"අන්දමන් දූපත් අසල ගැඹුරු මුහුදේ භූ කම්පනයක්" | "ඉන්දීය සාගරයේ නිකෝබාර් සහ අන්දමන් දූපත් අසල ගැඹුරු මුහුදේදී රිච්ටර් මාපකයේ 5 ක්වූ භූ චලනයක් සිදුවී ඇත. ඉන්දීය මාධ්‍ය පැවසුවේ ධීවර යාත්‍රාවලට හෝ දූපත් වාසීන්ට මෙමගින් විපතක් සිදුවී නැති බවයි.කීර්ති වර්ණකුලසූරිය" |
"හැම තිස්සෙම ‘ෂටප් සිට් ඩවුන්’ කියන ජනාධිපතිව උසාවි තීන්දුවෙන් හාන්සි කළා" | "විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බුලත්සිංහලදී කියයි ජනාධිපතිවරයා කට වහගෙන වාඩිවෙන්න (ියමඑ මච ිසඑ ාදඅබ) කියනකොට අධිකරණය කිව්වේ ඔබ කටවහන්න වාඩිවෙන්න(හදම ියමඑ මච ිසඑ ාදඅබ)යැයි කියාය. ඒනිසා දැන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සල්ලි ටික දෙන්න කියා අපි බලකර සිටිනවායැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බුලත්සිංහලදී ජන හමුව... |
"නෑ…. බෑ… නොකියා සිගානොකා පිළිකා රෝගියාගේ දිවි ගැලවූ විස්මිත සැත්කමක්" | "ඖෂධ හා උපකරණ හිඟය ඇතුළු ගැටලු රැසක් රට තුළ පවතින අවස්ථාවක එම අභියෝග ජය ගනිමින් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරුන් දක්වන කැපවීම පිළිබඳව අපූරු පුවතක් තෙල්දෙණිය මූලික රෝහලෙන් වාර්තා වේ. ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟය හමුවේ එම අභියෝගය සාර්ථකව භාරගෙන එන්ඩෝස්කොපි තාක්ෂණයෙන් සැත්කමක් මගින් 67 හැවිරිදි කාන්තාවකගේ අන්නසෝත්‍රයේ ති... |
"ඡන්දයට තීන්දුව ගන්න රාජ්‍ය නිලධාරීහු මැ. කො. හමුවට" | "පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා හෙට (07දා) පෙරවරු 10.30 ට පොලිස්පති මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකු මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ. මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවත් මුදල් ලබාදීමේදී යම් ගැටලු පවතින බවට සාකච්ඡාවේදී තීරණය ව... |
"කඩවත කෝටිපතියාගේ ඝාතකයෝ ගිනි අවියත් සමඟ දැලේ" | "පානදුර පිංවත්තේදී කඩවත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ සම්පත් කුඩාගොඩ මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ කුලී ඝාතකයා, යතුරුපැදිය පැදවූ පුද්ගලයා සමඟ ඝාතනයට යොදාගත් පිස්තෝලය කළුතර අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (5දා) අත්අඩංගුවට ගෙන තිබේ. මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය කියයි. බස්නාහිර පළාත භාර ජ්... |
"හමුදා වෙස්ගත් අයෙක් සෙබළා රවටා ගිනිඅවිය රැගෙන මාරුවෙලා" | "හෝමාගම පනාගොඩ හමුදා කඳවුරට සමීප පිටිපන හමුදා මුරකුටිය අසලට ඉකුත් සිකුරාදා (3දා) රාත්‍රියේ පැමිණි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ලෙස පෙනී සිටි පුද්ගලයකු එම මුරකුටියේ සිටි සෙබළා රවටා ඔහු සන්තකයේ තිබූ ටී 56 ගිනිඅවිය සහ උණ්ඩ රැගෙන පලාගොස් ඇතැයි හෝමාගම පොලිසිය කියයි. මෙම සැකකරු හමුදා සෙබළා අසලට පැමිණ ඔහුගෙන් තොරතුරු විමසා ඔහු ස... |
"වෘත්තීය සමිති 40 ක විරෝධතාව ගැන සාකච්ඡාවක් හෙට" | "රාජ්‍ය බදු ප්‍රතිපත්තියට එරෙහිව නිර්පාක්‍ෂික වෘත්තීය සමිති 40 ක විරෝධතාව ගැන හෙට (07 දා) එහි නියෝජිතයන් සාකච්ඡා කිරීමට නියමිත අතර බොහෝවිට මාර්තු 15ට පෙර වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතවීමට අදහස් කරගෙන ඇත. මෙම වෘත්තීය අරගලය සම්බන්ධයෙන් වෘත්තීය සමිති එකමුතුව ලෙස එක්වී දේශපාලන වෘත්තීය සමිතිවලින් තොරව තීරණයක් ගන්නා බව විශ්වව... |
"සමාජයේ පැතිර යන වෛරස් රෝගය ගැන අද කියනවා – ආචාර්ය චන්දිම ජීවන්දර" | "සමාජය තුළ පැතිරයමින් පවතින වෛරස් රෝග තත්ත්වයක් ගැන පරීක්‍ෂණයක් සිදුකරමින් පවතින බවත්, එම වෛරසය කුමක්ද යන්න ගැන අද (06 දා) හෙළිකරන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිiාල වෛi පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තීන් හා සෛල ජෛව පිළිබඳ අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා “දිවයින”ට පැවැසීය. මේ දිනවල පැතිරෙමින් පවතින උගුරේ ව... |
"රුපියල උඩ ගොස් රන් මිල පහළ බසී" | "ඇමරිකන් ඩොලරයට සාපේක්‍ෂව රුපියල ශක්තිමත් වීම නිසා හෙට්ටිවීදියේ රත්තරන් මිල පහළ ගොස් ඇත. පසුගිය සතියේ කැරට් 22 රන් පවුමක් රුපියල් 1,72,000 ක මිලට පැවැතියත් දැන් එය රුපියල් 1,57,500 දක්වා පහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ භාණ්ඩාගාරික ආර් බාලසුබ්‍රමනියම් මහතා පැවැසීය. කැරට් 24 රන් පවුමක මිල පසුගිය සතියේ 1,85,00... |
"කොරෝනාවට සමාන තවත් වෛරසයක් ඉන්දියාව පුරා" | "කොරෝනා වෛරසයට සමාන තවත් වෛරස රෝගයක් ඉන්දියාව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. එය H3N2 ලෙස නම් කර තිබේ. මේ වෛරසය හේතුවෙන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ඇතිවන අතර එය දින පහත් හතත් අතර කාලයක් පවතින බව වාර්තා වේ. තවද අධික ලෙස ශරීරයේ මාංශපේෂිවල වේදනාවක් පැවතීම ද මෙහි රෝග ලක්ෂණ වේ. එම වෛරසය ව... |
"බුදුරදුන් කිඹුල්වත් නුවරට වැඩම කළ මැදින් පෝය අදයි" | "අසිරිමත් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදට (06 දාට) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේ විසිදහසක් ආර්ය මහා සංඝයා වහන්සේ පිරවරාගෙන සුද්දෝධන රජතුමාගේ හා ඥාතීන්ගේ හිතසුව පිණිස කිඹුල්වත් පුරයට වැඩම කිරීම, රාහුල කුමරු පැවිදිවීම, නන්දකුමරු පැවිදිවීම, ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ දැමීමට යමාමහ පෙළහර පෑම ආදි හේතු රාශියක් නිසා මැදින්පුර... |
"ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට සජබය ලබාදුන් ජයග්‍රහණයක්" | "පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුවට අනුව රටේ සමස්ත ජනතාව වෙනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් සමගි ජන බලවේගය විසින් විශාල ජයග්‍රහණයක් ලබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. හෙතෙම මේබව පැවසූවේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (05දා) පැවති මාධ්‍ය හ... |
"ලෝක වෙළෙඳපොළේ මිල නැග්ගත් ගෑස් මිල වැඩි කරන්නේ නෑ" | "ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ ගියත් රුපියලේ අගය ශක්තිමත්වීම නිසා මේ මාසයේ (මාර්තු) ගෑස් මිල වැඩි නොකරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඊයේ (05දා) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල වැඩිකිරීමට මුලින් තීරණය කර තිබුණත් රුපියල ශක්තිමත්වීම නිසා ගෑස් මිලේ වෙනසක් සිදුනොකරන බවද ඒ මහතා පවසයි. කිලෝග්‍රෑ... |
"ඇල්ල ඔඩිසි ටිකට් චෝදනාව ගැන සීඅයිඩී විමර්ශන" | "ඇල්ල “ඔඩිසි” දුම්රියෙන් ගමන්ගන්නා මගීන්ගෙන් ටිකට් පත් සඳහා රුපියල් 36,000 බැගින් අයකර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම දුම්රියෙන් ගමන් කිරීම සඳහා පෞද්ගලික ආයතනයක් විසින් අන්තර්ජාලය හරහා එක් මගියෙකුගෙන් ඇමරිකන් ඩොලර් 99.99 කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 36,0... |
"‘වේගා’ ට RMV අනුමැතිය ප්‍රථම රථයට අංක තහඩුව දෙයි" | "ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වන “වේගා” මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව ලබාදීම 03 වැනිදා සිදුකෙරුණු අතර ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා... |
"උසාවි නියෝගයෙන් ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරාජයට පත්වුණා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව තුළින් පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් නිදහස් නොකිරීමට ආණ්ඩුවක් ගනු ලැබූ කුමන්ත්‍රණය පරාජයට පත්වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මුදල් ලේකම් සහ මුදල් අමාත්‍යවරයාට පළාත් පාලන මැතිවරණය සඳහා අයවැයෙන් වෙන් කළ මුදල් ලබා නොදීමෙන් වැළකින ලෙසත්, අයවැයෙන් මැතිවරණ සඳහා වෙන් කොට ඇති මුද්‍රණාල... |
"ශවේන්ද්‍රට එල්ලවූ චෝදනා ගැන තීරණය ජනපති අතේ" | "හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව කරන්නාගොඩ කොමිසම විසින් පිටු 17 ක වාර්තාවෙන් එල්ල කර ඇති චෝදනා සම්බන්ධව තීරණයක් ගන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. මේ වාර්තාව සම්බන්ධව රජය නීතිපතිගේ උපදෙස් පතා ඇති අතර මේ වනවිට හෙළිවී ඇති තොරතුරු වලට අනුව විරෝධතාකරුවන් ජනාධිපති ... |
"14 වංගුවේ ගල් පර්වතයක් වැටී වැසුණු මහනුවර – මහියංගනය පාර යළි ඇරේ" | "මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුවේ 14 වෙනි වංගුව ප්‍රදේශයේ ගල් පර්වතයක් ගැලවී ඇදවැටීමෙන් පෙරේදා (04දා) අවහිර වූ එම මාර්ගය ඊයේ (05දා) පස්වරුවේ සිට යළි ගමනාගමන කටයුතු සඳහා විවෘත කළ බව උඩුදුම්බර පොලිසිය පවසයි. ඊයේ දහවල් වන තුරු එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා තිබුණු අතර වාහන ධාවන කටයුතු සිදුවූයේ රංදෙන... |
"භූමි කම්පාවෙන් දින 23කට පසු සුන්බුන් අතරින් සුනඛයෙක් එළියට" | "තුර්කි – සිරියා භූ කම්පනය සිදුවී දින 23කට පසු සුන්බුන් අතර සිරවී සිටි සුනඛයකු සොයා ගෙන තිබේ. පෙබරවාරි 06දා සිදුවූ මහා භූමිකම්පාවෙන් පසු තුර්කියේ, හාටයි ප්‍රදේශයේ ගලවා ගැනීමේ කණ්ඩායමක් විසින් මෙම සුනඛයා බේරාගෙන තිබේ. දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ 50,000කට වැඩි පිරිසක් භූ කම්පනවලින් මියගිය අතර තවත් දහස් ගණනක් අතුරුදන... |
"ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනාත්මක දිශාවට" | "රුපියල ශක්තිමත් වීමත්, පොලී අනුපාත පහත වැටීම සහ ආයතනික ඉපැයීම් ඉහළ යෑමත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනාත්මක පැත්තකට හැරවී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ඉදිරියේදී ලැබීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන පැකේජය හේතුවෙන් ආර්ථිකය කෙරෙහි සාමාන්‍ය විශ්වාසය වැඩි කර ඇති බව ඔවුහු පවසති. මේ හේතුව නිසා කොළඹ කොටස් වෙළෙඳ ... |
"ලොව විශාලම ගුවන් යානය කටුනායකට එයි" | "ලොව විශාලතම මගී ගුවන් යානය වන එයාර් බස් ඒ-380-800 වර්ගයේ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත ඊයේ (05දා) අලුයම පැමිණියේය. එමිරේට්ස් ගුවන් සේවය සතු ඊ. කේ. 449 දරන මෙම ගුවන් යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ඩුබායි වෙත පියාසර කරන අතරතුර ඉන්ධන ලබාගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ අලුයම 3.10ට පමණ ගොඩබෑ බව වාර්තා වේ." |
"වර්ජනය ස්ථිරයි: වෘත්තීය සමිති 40 ක් එක මිටට" | "රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වරාය, බැංකු, සෞඛ්‍ය, දුම්රිය, ජලය ඇතුළු සාමාන්‍ය ජන ජීවිතයට බලපාන රාජ්‍ය හා අනෙකුත් ආයතනවල වෘත්තිය සමිති 40 ක් එක්ව රටපුරා සිදු කරන වැඩ වර්ජනය ඉදිරි දින කිහිපය ඇතුළත ආරම්භ කිරීම ස්ථිර බව වෘත්තීය සමිති නායකයෝ කියා සිටිති. මෙම වර්ජනය ආරම්භ කරන දිනය හා කාල... |
"මහ මැතිවරණයක් නැතිව ආණ්ඩු මාරු කරන්න බෑ!" | "මහ පාර විකල්පයක් නෙවෙයි ආණ්ඩුවක් තෝරා ගැනීම හෝ වෙනස් කිරීම සිදු කරන්නේ ජනතාව තෝරාගත් පාර්ලිමේන්තුවක් විසින් පමණක් බවත් මහපාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එබැවින් පාර්ලිමේන්තු මැතිවරණයක් නොමැතිව ආණ්ඩු මාරුවක් සිදුකළ නොහැකි යැයි ද ජනාධිපතිවරයා සඳහන් කරයි. රටේ ආර්ථිකය පිළිබඳ යහපත් ප්‍රතිඵ... |
"වෙළෙඳ ගනුදෙනුවලට ඉන්දියානු රුපියල!" | "ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහ සංචාරක ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල භාවිත කිරීමට අවධානය යොමුකර ඇත. මෙම නව ගනුදෙනු මගින් දෙරට අතර පවතින සහයෝගීතාවය සහ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.... |
"රුපියල ශක්තිමත් වන රහස හෙළිවෙයි" | "ආනයන සීමා එලෙසම තිබිය දී මෙරටට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වීම රුපියල ශක්තිමත් වීමට හේතු වී ඇති බව මූල්‍ය විශ්ලේෂකයෝ සඳහන් කරති. මේ හේතුවෙන් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ විදේශ විනිමය සැපයුම වැඩි වී ඇති බව ද ඔවුහු සඳහන් කරති. මේ වන විට බැංකු ක්‍රමයට ලැබෙන විදේශ විනිමය ප්‍රවාහයන් ද වර්ධනය වී ඇති බව වාර්තා වේ. මේ අ... |
"දියවැඩියා පටියට ටෙන්ඩර් අන්ඩරයක්" | "නිසි ටෙන්ඩර් පටිපාටියට යටත්ව දියවැඩියා පරීක්‍ෂණ පටි හා මාපක තොගයක් මෙරටට ගෙනැවිත් තිබියදී රුපියල් කෝටි 38 ක් වැයකර ප්‍රමිතියෙන් තොර තවත් පටි හා මාපක තොගයක් ඉන්දියාවෙන් මිලදී ගන්නට සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශය යළිත් උත්සාහ ගන්නා බවට තොරතුරු හෙළි වී තිබේ. ඉන්දියාවෙන් මිලදී ගන්නට යන දියවැඩියා පරීක්‍ෂණ පටි හා මාප... |
"කැනඩා ඉස්කෝල පොතේ අපේ යුද අපරාධ ගැන බොරු" | "ශ්‍රී ලංකාවේ රජය සහ හමුදාවේ ද්‍රවිඩ ජාතිකයන් සමූල ඝාතනයක් සිදුකළ බවට දැක්වෙන තොරතුරු කැනඩා අධ්‍යාපන ග්‍රන්ථවලට ඇතුළත් කිරීම සඳහා කැනඩා රජය අවසරදී ඇත. කැනඩා පාර්ලිමේන්තුව සහ ඔන්ටාරියෝ ප්‍රාන්ත රජය ද්‍රවිඩ සංහාර පනත සම්මත කිරීම නිසා එම අවසරය හිමිවී තිබේ. එහෙත් එරට ගෝත්‍රික කාන්තාවන් 6000 ක්ද ගෝත්‍රික ළමුන් 1500 ක්ද සංහා... |
"පෙළපාලිවලට ඉඩදෙනු! පොලිස් ආඥා පනත ජිනීවා කරළියට" | "විරෝධතා සහ සාමකාමී පෙළපාලි පැවැත්වීමට අවසර හිමිවන පරිදි ශ්‍රී ලංකා පොලිස් ආඥා පනත වහාම සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකා රජයට දන්වන ලෙස යෝජනාවක් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත්වී ඇත. ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වී ඇති අතර මෙම යෝජනාව ගොනුකර ඇත්තේ ජාත්‍යන්තර සිටිකස් සංවිධානයයි. පසුගිය කාලයේදී ශ්‍රී ලංකා පොලිසිය කඳ... |
"ඉදිරි අවුරුදු දෙකට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 1.5 ක්" | "ඉදිරි වර්ෂ දෙකක කාලය වෙනුවෙන් ඩොලර් බිලියන එකහමාරකට ආසන්න මුදලක් මෙරටට පිරිනැමීම වෙනුවෙන් ලෝක බැංකු නියෝජිතයන් එකඟතාව පළ කර තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක හා ලෝක බැංකු නියෝජිතයන් අතර ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේ දී මෙම එකඟතාව පළව ඇත. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභා... |
"ලයිට් මීටරේ හිරවුණ ගෙවල් – කම්හල් 40000 ක්" | "අලුත් විදුලි සම්බන්ධතා ලබා ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත අයැදුම්පත් හතළිස්දහසක් පමණ ලැබී තිබුණත් විදුලි මීටර්, වයර් ඇතුළු උපකරණ හිඟය නිසා විදුලිය ලබාදීමට නොහැකි වී ඇත. කර්මාන්තශාලා 800 ක් ද මේ අතර ඇත. මීටර්, වයර් ඇතුළු අනෙකුත් උපකරණ සපයනු ලබන සමාගම් වෙත ගෙවිය යුතුව තිබෙන හිඟ මුදල් නොගෙවීම නිසා මෙයාකාරයට උපකරණවල ... |
"ශ්‍රී ලංකාවේ බදු ගැහිල්ල ජාත්‍යන්තර පීල්ලේ" | "ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දී ඇති බදු අනුපාත ජාත්‍යන්තර බදු අනුපාත සමග ද අනුකූල බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පවසයි. එම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි යන මහත්වරුන් ඒ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව... |
"රට යන හීනයට බහිරවයෝ පාත්වෙලා" | "රටේ ඇති වී තිබෙන බරපතළ ආර්ථික අර්බුදය හමුවේ අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටින තරුණ තරුණියන් විදේශවල රැකියා සඳහා යොමුවීමට දක්වන උනන්දුව දඩමීමා කරගෙන පෙර කිසිකලක නොවූ පරිදි ජාවාරම්කරුවන් විසින් රුපියල් කෝටි ගණනින් මුදල් එකතු කිරීමට පටන් ගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මීට වසරකට දෙකකට පෙරාතුව විදේශ රැකියා ජාවාර... |
"පොලිස් ගමන් වියදම් දීමනා වැඩි කෙරේ" | "පොලිස් නිලධාරීන්ගේ ගමන් වියදම් ඉහළ දැමීමට මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව මෙතෙක් දින 14 කට සීමා කර තිබූ ගමන් වියදම් දීමනාව 21 ක් දක්වා ලබාදීමට කටයුතු කර තිබේ. මෙලෙස ගමන් වියදම් දීමනාව ඉහළ දැමීමත් සමග කනිෂ්ඨ නිලධාරියකුගේ සිට ජ්‍යෙෂ්ඨ නිලධාරියකු දක්වා ශ්‍රේණිවලට රුපියල් හාරදහසේ සිට අටදහස දක්වා අතර මුදලක් ග... |
"බර වැඩි අය වැඩිවෙලා" | "ශ්‍රී ලාංකික ජනතාව අතර අධික තරබාරුවට ලක්ව සිටින සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි අනාවරණය වී ඇත. 2021 වසර වන විට බර වැඩි සහ තරබාරු පුරුෂයන්ගේ සංඛ්‍යාව සියයට 30%ක් ලෙසද කාන්තාවන්ගේ සංඛ්‍යාව සියයට 48%ක් ලෙසද වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය පවසයි. ශ්‍රී ලාංකික දරුවන් අතරින් ... |
"රුපියල් වියදම්වලට එස් පවර් ඇඹිලිපිටියට ඩොලර් ගෙවලා" | "ඩොලර් සපයා ගැනීමේ අර්බුදයක් තිබියදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පූර්ණ දේශීය සමාගමක් වන ඒස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් විදුලිය මිලදී ගැනීමේ දී රුපියල්වලින් දරනු ලැබූ ඇතැම් වියදම් ඇමරිකානු ඩොලර්වලින් අදාළ සමාගමට ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. ඒ අනුව පරිපාලන වියදම්, ස්ථාවර මෙහෙයුම් හා නඩත්තු වියදම්, විචල... |
"මිනිස් ජාවාරම් මඬින්න විදේශ රැකියා පනත ඩිජිටල්කරණයට" | "මිනිස් ජාවාරම් මැඬලීමට තවත් පියවරක් ලෙස විදෙස් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ ජෛව දත්ත තොරතුරු (Biomettric) ඇතුළත් කිරීමටත් විදේශ රැකියා පනත පූර්ණ ඩිජිටල්කරණය කිරීමටත් පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා ‘දිවයින’ ඉරිදා සංග්‍රහයට පැවසීය. මේ සඳහා ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බළ... |
"ජාතික වැටුප් කොමිසම වසාදැමේ" | "බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ කාර්යාලය පවත්වාගෙන යන ජාතික වැටුප් කොමිෂන් සභාව මේ මස අවසානය වන විට වසා දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇත. ජාතික වැටුප් කොමිෂන් සභාව සාමාජිකයන් 15 දෙනකුගෙන් සහ කාර්ය මණ්ඩලය 36 කින් සමන්විත වන අතර, එය නඩත්තු කිරීම සඳහා මසකට රුපියල් ලක්‍ෂ 58 ක් වැය වේ. ජ... |
"ඡන්දයට අයවැයෙන් දුන් මුදල් රඳවා ගන්න එපා!" | "ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මුදල් ඇමැතිට, මුදල් ලේකම්ට අතුරු තහනම් නියෝගයක්රංජිත් මද්දුම බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසරඡන්ද පත්‍රිකා මුද්‍රණයට රජයේ මුද්‍රණාලයට වෙන්කර ඇති මුදල් ද රඳවාගැනීම අත්හිටුවයිඡන්දෙට මුදල් දෙන්න බෑ කිව්වත් හාල් බෙදන්න බිලියන 8 ක් වෙන්කරලා – ජනාධිපති නීතිඥ උපුල් ජයසූරියඡන්දය කල්දාන්න රජයට... |
"ඇමරිකාවෙන් ලංකාවට භයානක යෝජනා 4 ක්" | "සී.අයි.ඒ. ලොක්කාත් ඇවිත් – ගිහින්ගම්මන්පිල කියයි ශ්‍රී ලංකාවට පසුගිය 14 දා රහසිගතව පැමිණි ඇමෙරිකානු දූත පිරිස අතර ඇමෙරිකානු සී.අයි.ඒ සංවිධානයේ ප්‍රධානී විලියම් බර්න්ස් ද සිටි බවට නොනිල තොරතුරු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඒ මහතා ඒ බව සඳහන් කළේ ඊයේ (03දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්... |
"මහ මැතිවරණයක් නැතිව ආණ්ඩු මාරු කළ නොහැකියි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "ආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රටේ ආර්ථිකය පිළිබඳ යහපත් ප්‍රතිඵල ළඟදීම රටට ලැබීමට නියමිත බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථිකය බිඳවැටීමෙන් ද රටවල් අරාජික වන බවත්, එබැවින් රටක ව්‍යවස්ථාව මෙ... |
"ත්‍රි’මලේ තෙල් ටැංකි නැවත සක්‍රීය කරන්න ජනපතිගෙන් උපදෙස්" | "ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රීය කොට ජාතික ආර්ථිකයට එක් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂයභාර ඇමැතිවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (03දා) දහවල් ත්‍රිකුණාමලය ලංකා අයි.ඕ.සී තෙල් ටැංකි හා ගබඩා පර්යන්තයේ සහ තෙල් ටැංකි 61කි... |
"ඡන්ද දිනය බ්‍රහස්පතින්දාට පෙර කියයි" | "මුදල් ලේකම් හා මුද්‍රණාලයාධිපතිනිය සමගත් සාකච්ඡා කරයි පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය තීන්දු කිරීම ලබන සතිය දක්වා කල් තැබීමට ඊයේ (03දා) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය. ඒ අනුව ලබන 9 වැනිදාට පෙර ඡන්ද විමසීම් දිනය ප්‍රකාශයට පත් කරනු ඇත. මැතිවරණය පැවැත්වීමට වෙන් කළ මුදල් රජය විසින් රඳවාගැනීම වළක්වාලමින් මුදල් අමාත... |
"ණය ගෙවන්නේ නැතිකොට රුපියල ශක්තිමත් වෙනවා තමයි – පුබුදු ජයගොඩ" | "රුපියල ශක්තිමත් වී ඇති බවට ප්‍රකාශ කිරීම පම්පෝරි ගැසීමක් බවත් විදෙස් ණය ගෙවීම නතර කළ විට කොහොමත් රුපියල ශක්තිමත් වන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (3 දා) පැවසීය. ලබාගත් ණය නොගෙවන්නේ නම් ගෙදරක වුණත් ආර්ථිකය ශක්තිමත් වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය. ජයගොඩ මහතා ඒ බව පැවසුවේ ‘ඡන්ද නෑලු උන... |
"දකුණු මුහුදේ දී අනතුරට පත් නවසීලන්ත යාත්‍රාව බේරාගැනේ" | "සමුද්‍රීය පර්යේෂණ කාර්යයක නිරතව සිටිය දී දකුණු මුහුදේ දී කාර්මික දෝෂයකට පත් නවසීලන්තයට අයත් ලිට්ල් ඩොංකි යාත්‍රාව සහ එහි සිටි නාවිකයන් දෙදෙනා නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත ගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබේ. යාත්‍රාව අනතුරට පත් වූ අවස්ථාවේ වහාම තමන්ට රැකවරණය ලබාදෙන ලෙස එහි දේශීය නියෝජිතයන් මගින් ආපදා සහන... |
"ගෝලීය ස්ථුලතාව වැළැක්වීමේ දිනය අද: දරුවන්ගෙන් 10%ක් තරබාරුයි!" | "ගෝලීය ස්ථුලතාව වැළැක්වීමේ දිනය අදට (04 දා) ට යෙදී තිබේ. ලෝක ජනගහනයෙන් බිලියන දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් බර වැඩි තත්ත්වයෙන් පෙළෙති. ඉන් මිලියන 650 දෙනා තරබාරු අයයි. ශ්‍රී ලංකාවේ වසර 2015 දත්ත හා සැසදීමේ දී බර වැඩි සහ තරබාරු පුරුෂයින්ගේ සංඛ්‍යාව 2021 වනවිට 30%ක් ලෙස වැඩි වී තිබේ. කාන්තාවන් 48%ක් බර වැඩි හා තරබාරු තත්ත්වය... |
"ත්‍රස්ත මර්දන වැඩට ඇමරිකාවේ සහාය" | "ශ්‍රී ලංකාවට ත්‍රස්ත තර්ජනයක් නැති නමුත් ත්‍රස්ත මර්දන ක්‍රියාදාමයන් සඳහා ඇමරිකානු රජය සහාය දක්වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (3දා) ප්‍රකාශයට පත් කළ අලුත්ම විමර්ශන වාර්තාවේ සඳහන් වේ. කොටි සංවිධානයේ තර්ජනයක් නැති නමුත් කොටි සංවිධාන තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත් කර ඇතැයි ද එම වාර්ත... |
"මහ බැංකුව පොලී අනුපාත වැඩි කරයි" | "ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 මාර්තු 03 වැනිදා පැවැති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් 100 කින් ඉහළ නැංවීමට තීරණය කළේය. ඒ අනුව වෙළෙඳ පොළ පොලී අනුපාත තීරණය වීමට ද මහ බැංකුවේ මෙම නව තීරණය බලපානු ඇත. 2023 මාර්තු 03 වැනිදා ව්‍යාපාර අවසන් වූ අවස්ථාවේ සිට ... |
"කච්චතිව් මංගල්‍යයට ඉන්දීය මාධ්‍යවේදීහු 20ක්" | "යාපනයේ කච්චතිව් දූපතේ අද (04 දා) පැවැත්වෙන ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේ මහා මංගල්‍යයට තමිල්නාඩු කතෝලික බැතිමතුන් සමග ඉන්දීය මාධ්‍යවේදීහු විසිදෙනකුට වැඩි පිරිසක් ද සහභාගි වී සිටිති. මීට අමතරව තමිල්නාඩු කතෝලික සභාවේ රදගුරුවරුන් මෙන්ම පූජාප්‍රසාදිවරු පවා මෙම මහා මංගල්‍යයට එක්වී සිටිති. යාපනයේ රදගුරු වසමේ පූජාප්‍රසාදිවරුන් මෙ... |
"බිලියන 6.54 ක විදුලිය පෞද්ගලික බලාගාරවලින් අරන් – විගණනයෙන් හෙළි වෙයි" | "නව විදුලි ජනන බලාගාර ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සැලකිය යුතු ලෙස පහත වැටීම නිසා 2021 වර්ෂයේ දී රුපියල් බිලියන 6.54ක් වටිනා ගිගාවොට් පැය 267.17ක අතිරේක විදුලිබලයක් පෞද්ගලික විදුලිබලාගාරවලින් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. ඉකුත් වසර 04ක කාලයේ දී මෙගාවොට් 2,032ක ධාරිතාවයකින් ... |
"මානුෂීය ධනවාදය තුළින් යුක්තිය සාධාරණත්වය රජයන ආර්ථික රටාවක් ගොඩ නඟනවා" | "සමගි ජන බලවේග රජයක් තුළ ආර්ථිකය පුළුල් කර මානුෂීය ධනවාදී ක්‍රමයක් තුළ ධන උත්පාදනය ක්‍රියාත්මක කර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ එම සම්පත් සමසේ බෙදී යන යුක්තිය සාධාරණත්වය රජයන ආර්ථික රටාවක් අප රටේ ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සජිත් ප්‍රේමදාස මහතා රක්වාන පැවැති ජන හමුවක දී මේ බව කියා සිටියේ... |
"ගෝඨාභයගේ කෝටි 2 අල්ලස් වරදක්ද?" | "අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්ට සිතාසි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහු ජනාධිපති මන්දිරයේ භාවිත කළ කාමරයක රුපියල් එක්කෝටි හැත්තෑඅටලක්‍ෂ පනස්දහසක මුදලක් රඳවා තබා ගැනීම අල්ලස් පනත යටතේ ගැනෙන වරදක් දැයි විමසීම සඳහා ලබන 31 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අල්ලස් හෝ දූෂණ විම... |
"රුපියල තවත් ශක්තිමත් වෙයි" | "ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (03දා) දිනයේ ද සැලකිය යුතු අගයකින් වාර්තාගත ලෙස ශක්තිමත් විය. මේ අනුව පෙරේදා (01දා) රු. 356.73 ක් වූ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය ඊයේ (03දා) දිනයේ දී රු. 348.03 ක් දක්වා රු. 8.70කින් සැලකිය යුතු ශක්තිමත් වී තිබේ. මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම... |
"රාජ්‍ය විරෝධී වැඩ කළාද? ජනකගේ ලිපිගොනු පොලිසියෙන් අරන් යයි" | "මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා රජයේ ප්‍රතිපත්ති කඩාකප්පල් කිරීමට කටයුතු කළේ ද යන්න සොයා බැලීම සඳහා ඔහුගේ නිල කාමරයෙන් ලබාගත් ලියකියවිලි ඔස්සේ පුළුල් විමර්ශනයක් කොල්ලුපිටිය පොලිසිය විසින් ආරම්භ කර ඇත. මෙම විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබන 16 වැනිදා අධිකරණය වෙත ලබාදීමට නියමිත බවද පොලිස් ආරංචිමාර්ග පැවසීය. ස... |
"ඩයනාගේ පාස්පෝට් මුල් ලිපිගොනු අතුරුදන්" | "ඩයනාගේ නඩුව අතරේ නීතිඥයෝ පැටලෙති නීතිඥයන් තමන්ගේ තරම දැනගෙන හැසිරෙන්න – ප්‍රධාන මහෙස්ත්‍රාත් අවවාද කරයි රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාරදි ඇති ලේඛන අස්ථාන ගතවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කළ යුතු වන්නේ යැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්... |
"ඡන්දයට ඉඩ නොදෙන ජනපතිට ආණ්ඩුවට සංඝ ආඥාවක් පනවන්න" | "ජාතික භික්ෂු පෙරමුණ ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලති මැතිවරණය කල් දැමීම ඔස්සේ ජනමතය මර්දනය කර ප්‍රජාතන්ත්‍රවාදය වළදැමීමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ ගන්නා බවත් එය පරාජය කිරීමට සංඝ ආඥාවක් නිකුත් කරන ලෙසත් ජාතික භික්ෂු පෙරමුණ ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිති. ජනපති ප්‍රමුඛ ආණ්ඩුව රාජ්‍ය බලය යොදමින්... |
"ශ්‍රී ලංකාවේ ණය බරට සහනයක් දෙන්න ලෑස්තියි – චීන අගමැති කියයි" | "ශ්‍රී ලංකාව ඇතුළු දැඩි ලෙස ණය බරින් පීඩිත වූ රාජ්‍යයන් වෙත සහාය වීම සඳහා වන බහු පාර්ශ්වික ප්‍රයත්නයකට ඵලදායි අයුරින් දායකත්වය ලබා දීමට චීනය සූදානම් බව එරට අගමැති ලී කෙකියැන්ග් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කර ඇත. චීන අගමැතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සමග ප... |
"ලෙබනන් ගිහින් එන ගමන්" | "ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ සේවය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 13 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම රාජකාරි නිමාවෙන් පසු දිවයිනට පැමිණි මොහොතේ කටුනායක ගුවන් තොටුපළේ දී ඔවුන් පවුල්වල දූ දරුවන් හා සාමාජිකයන් සමග සතුට බෙදා ගත් අවස්ථාවකි. එක් නිලධාරියකු හා සෙසු නිල 89 කගෙන් සමන්විත පළමු කණ්ඩායම එය වූ අතර ඔවුන් පිළිගැන... |
""මැතිවරණයට සහාය දුන්නේ නෑ – මුදල් ලේකම්, මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පති උසාවි ගෙන්වන්න"" | "විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබන මාර්තු 9 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සහාය නොදී එය අඩපණ කිරීමට කටයුතු කළ රජයේ මුද්‍රණාලාධිපතිනිය, මහා භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හා පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය ආයතන බලධ... |
""ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, පාර්ලිමේන්තුවේ මුදල් බලයත් ජනපති අනීතිකව උල්ලංඝනය කරනවා"" | "අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ජනතාවගේ පරමාධිපත්‍ය බලයත්, පළාත් පාලන නීතියත්, පාර්ලිමේන්තුව සතුව තිබෙන මුදල් බලයත්, රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා විසින් අනීතිකව උල්ලංඝනය කර තිබෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පොළොන්නරුව කදුරුවෙල පැවති ජාතික ජන බලවේගයේ ජනතා රැලිය අමතමින් දිසානායක මහතා මේ බව ... |
"පොළොන්නරුව ගොවීන්ගෙන් ජනපතිට උපහාර" | "පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ ඊයේ (2දා) පැවැති උත්සවයකට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවූ පොළොන්නරු දිස්ත්‍රික් ගොවිජන සංවිධානයේ සභාපති ආනන්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ගොවීහු මෙලෙස සිය සංගමයේ ප්‍රසාදය ජනාධිපතිවරයා වෙත පළකර සිටියහ. අර්බුද මැද ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකළ එම මෙහෙවර අගය කරන බව කියමින් ‘රන් වී කර... |
"රුපියල තවත් ශක්තිමත් වෙයි" | "ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (02 දා) දිනයේ ද සැලකිය යුතු අගයකින් වාර්තාගත ලෙස ශක්තිමත් විය. මේ අනුව පෙරේදා (01) රුපියල් 362.95 ක් වූ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය ඊයේ (02) දිනයේ දී රුපියල් 356.73 ක් දක්වා රුපියල් 6.22 කින් සැලකිය යුතු ශක්තිමත් වී තිබේ. මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුප... |
"ත්‍රස්තවාදී ක්‍රියාවක් කළොත් මරණීය දණ්ඩනය ස්ථිරයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "ලොව දක්‍ෂතම ආරක්ෂක ආයතන සම්බන්ධ කරගෙන පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙනෙනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා නීතිය හමුවට ගෙන එන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට සමගි ජන බලවේග රජයක් යටතේ දේශීය මෙන්ම විදේශීය දක්ෂතම ආරක්ෂක ආයතන සම්බන්ධ කර ගන්නා බවත්, කුමන ත්‍රස්තවාදී ක්‍රියාවන් කරන අයට වුවත් අනිවාර්යෙන් ම... |
"ඡන්ද දිනය කියන්න මැ.කො.ස. අද රැස්වෙයි" | "පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (03 දා) රැස්වීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාවෙන් පරිබාහිර ගැටලු නිසා එළැඹෙන 9 වැනිදා මැතිවරණය නොපැවැත්වෙන බව පසුගිය සතියේදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කළේය. මැතිවරණ කටයුතු පිළිබඳ පැන නැඟී ඇති ගැටලු පිළිබඳව පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව සෙසු දි... |
"ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් මිනීමැරුම් 74ක්" | "අපරාධවල වින්දිතයන්ට සහාය වෙන්න 1985 හඳුන්වා දුන්නා – නීතිඥ සුහද ගම්ලත් ගෙවී ගිය 2022 වර්ෂයේ දී ගෘස්ත ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මෙරට මිනීමැරුම් 74 ක් සිදුවී ඇති බවත් මෙවැනි සමස්ථ අපරාධ හේතුවෙන් පීඩාවට පත්වන වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට අවශ්‍ය සහාය ලබාදීම සඳහා 1985 හදිසි දුරකථන අංකය හඳුන්වා දුන් බවත් අපරාධයක වින්දිතයන් හා ස... |
"ලෝක වකුගඩු දිනය දා වකුගඩුව පරීක්‍ෂාවට ජාතික රෝහලෙන් ඉඩක්" | "ලෝක වකුගඩු දිනය යෙදෙන ලබන බදාදා (8) උදේ කොළඹ ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ දී නොමිලේ ඔබගේ වකුගඩු පරීක්‍ෂා කර ගැනීමට හැකි වෙයි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, හදවත් රෝග ආදි රෝග වැළඳ ඇති අයට මෙම වකුගඩු පරීක්‍ෂාව වැදගත් විය හැකි බව රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය. මේ අනුව මාර්තු 8 වැනි දින උදේ 8.00ට ජාතික රෝහලේ වකුගඩු ඒකක... |
"කැනඩා රැකියා ජාවාරමේ සැකකරුට එරෙහි නීති පියවර ගත්තා" | "විදේශ සේවා නියුක්ති කාර්යාංශය කරුණු පහදයි කැනඩාවේ රැකියා ලබාදෙන බව හා එරට පදිංචිය ලබා ගැනීම සඳහා අවශ්‍ය වීසා සකස් කිරීමට යැයි පවසමින් තරුණ තරුණියන් ගෙන් නීති විරෝධී ලෙස මුදල් අයකර ගත් බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තම කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් වෙත ඊයේ (2 දා) භාරදී ඇති බව ශ්‍රී ල... |
"හේග් සම්මුතියේ යුක්තියේ දොර ලංකාවට ඇරේ" | "1970 වසරේදී අත්සන් කරන ලද ජාත්‍යන්තර හේග් සාක්‍ෂි සම්මුතිය ප්‍රකාරව ශ්‍රී ලංකා අධිකරණයක් විසින් විදේශ ගත අධිකරණයකින් සහාය පතමින් පළමුවරට කරන ලද ඉල්ලීමකට සිංගප්පූරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ සහාය ලැබී ඇතැයි කොළඹ වාණිජ මහාධිකරණයේදී අනාවරණය විය. 2013 වසරේදී වියට්නාම නෞකාවක් විසින් සංගප්පූරුවේ සිට කොළඹට රැගෙන එන ලද ඉන්ධන තොග... |
"බදු බර වැඩ බිම් නවතී" | "රජයේ නව බදු ප්‍රතිපත්තිය, ජීවන වියදම ඉහළයෑම ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ඊයේ (01 දා) ක්‍රියාත්මක කළ එක්දින වැඩවර්ජනය විරෝධතා හා උද්ඝෝෂණවලට විශාල පිරිසක් පක්‍ෂපාට භේදයකින් තොරව එක්වූහ. බැංකු ඇතුළු රෝහල්, වරාය, ඛනිජ තෙල්, විදුලිය ඇතුළු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති 40 කට වැඩි පිරිසකගේ සහභාගීත්ව... |
"පුංචි ඡන්දය සාධාරණව තියන්න – ජනතා හඩ උදුරාගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධියි:" | "පළාත් පාලන මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීමට කටයුතු කරන්නැයි ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාවේ ජනතාවගේ හඬ උදුරා ගැනීමට ගන්නා ඕනෑම ප්‍රයත්නයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී බව ද ටුවිටර් පණිවුඩයක් නිකුත්කරමින් එම කමිටුව සඳහන් කරයි. එමෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ හඬ උදුරා ගැනීම... |
"නිවිතිගල ජා.ජ.බ. අපේක්ෂක විශාල පිරිසකගේ සෝසුසුම් මැද නික්ම යයි" | "ජාතික ජනබලවේගය 26 දා කොළඹ පැවැත්වූ උද්ඝෝෂණයට එක්ව සිටියදී ජීවිතක්ෂයට පත්වූ නිවිතිගල ජා.ජ.බ. අපේක්ෂක නිමල් අමරසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජා.ජ.බ. හා ජ.වි.පෙ. ආචාරය මැද විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය. ජා.ජ.බ. නායක අනුර කුමාර දිසානායක හා ජ.වි.පෙ. ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පක්ෂයේ නායකයෝ ද ඊට එක්ව සිටියහ.... |
"ජනපති ධුරය දරන කාලයේදී පාස්කු නඩුවෙන් රනිල් මුදා හැරේ – මෛත්‍රී වගඋත්තරකාරයෙක් වෙයි" | "පාස්කු ප්‍රහාර වන්දි නඩු 108 ක දෙවන විත්තිකරු ලෙස නම් කර තිබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරන කාලයේදී එම නඩුවල වගඋත්තරකාර භාවයෙන් මුදාහැරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය ඊයේ (01 දා) නියෝග කළාය. රටේ විධායක ජනාධිපති ධුරය දරන තැනැත්තාට හිමි මුක්තිය නඩු කටයුත්තක් පවරා පවත්වාගෙන යා නොහ... |
"තක්කඩි ආණ්ඩුව ගෙදර යවන්න අන්තරේ කොළඹට එනවා – වසන්ත මුදලිගේ කියයි" | "විරෝධතාවලට සහභාගී වෙන ජනතාව ඝාතනය කරමින් මර්දනය ක්‍රියාත්මක කරන රනිල් ප්‍රමුඛ තක්කඩි ආණ්ඩුව ගෙදරම යවන්න ඉදිරියේ දී දැවැන්ත විරෝධතාවක් කොළඹදී පවත්වනවා යැයි අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ “දිවයින”ට ඊයේ (01 දා) පැවසීය. ජනතාවගේ දුකට ඇහුම්කන් දෙන්නේ නැති ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදී රටේම ජනතාව ප... |
"වැඩ වර්ජන තිබුණත් රාජ්‍ය බැංකු මෙහෙයුම් බාධාවක් නැතිව කළා" | "වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද ඉන් රාජ්‍ය බැංකු මෙහෙයුම් කටයුතුවලට බාධාවක් එල්ල වී නොමැති බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ප්‍රධානීහු පවසති. දිවයින පුරා ්ඔඵ හා ක්‍ඔඵ යන්ත්‍ර ක්‍රියාත්මක අතර ්ඔඵ යන්ත්‍ර සඳහා ප්‍රමාණවත් පරිදි මුදල් යොදා තිබෙන බවත් මුදල් තැන්පතු හා බිල්පත් ගෙවීමේ සේවා කිසිදු දෝෂයකින් තොරව ක්‍රියාත්මක වූ බවත්... |
"ඡන්ද ගැන විවාදය 9-10 දිනවල" | "විපක්ෂය ගෙනෙන යෝජනාවට අනුව ‘සර්වජන ඡන්ද බලය’ පිළිබඳ සභාව කල්තැබීමේ දෙදින විවාදය සඳහා 9 සහ 10 දින වෙන් කිරීමට ඊයේ තීරණය කෙරිණි.අකිත පෙරේරා, රනිල් ධර්මසේන" |
"සිපෙට්කෝ භූමිතෙල් මිල – රු.50 කින් බහී" | "සිපෙට්කෝ ඉන්ධන හල් මගින් නිකුත්කරන ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50.00 කින් සහ කාර්මික භූමිතෙල් (කර්මාන්ත සඳහා භාවිත කරන) මිල රුපියල් 134.00 කින් ඊයේ (01 දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. අනෙකුත් ඉන්ධන වල මිල ගණන් නොවෙනස්ව තබා ගැනීමට ද පියවර ගෙන තිබේ. ලංකා භූමිතෙල් ලීටර... |
"රුපියලට පොඩි හයියක්" | "වසරකට අධික කාලයකට පසු ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (01 දා) වර්ධනයක් පෙන්නුම් කළේය. මහ බැංකුව විසින් ඊයේ නිකුත් කරන ලද විනිමය අනුපාත අගයට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 351.72 ක් ලෙස සටහන්ව තිබූ අතර විකුණුම් මිල රුපියල් 362.95 ක් ලෙස සටහන්ව තිබිණි. ඉකුත් 28 වැනිදා නිකුත් කරන ලද විනිමය අනුපාතයට අනුව... |
"ඡන්දය තියන්න කියලා ඇමරිකාවත් ආණ්ඩුවට කිව්වා – හර්ෂ ද සිල්වා" | "පළාත් පාලන මැතිවරණය කල් දමා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා නොගන්නා ලෙස ඇමරිකාවේ ප්‍රධානතම සෙනෙට් සභාවේ සභාපති ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (01දා) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළ අතර එහිදී වැඩ... |
"ආණ්ඩුව කන් නොදුන්නොත් අඛණ්ඩ දුම්රිය වර්ජනයක්" | "ආණ්ඩුව ජනතාවගේ හඬට තවත් කන්දෙන්නේ නැත්නම් ඉදිරියේදී අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනයකට යනවා” යැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ට ඊයේ (01 වැනිදා) පැවසීය. ඒ සඳහා අනතුරු ඇඟවීමක් ලෙස ඊයේ කොටුවේදී දුම්රිය වෘත්තීය සමිති එක්ව උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූ බව ද හෙතෙම කීය. මෙහිදී තවදුරටත් ක... |
"ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අදට 72 යි" | "ශ්‍රී ලාංකීය ලකඹර සුරැකීම තම වගකීම කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් වූ 72 වන සංවත්සරය 2023 මාර්තු මස 02 වන දින වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී අභිමානවත් අයුරින් සැමරීමට කටයුතු සංවිධානය කර ඇත. ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භ... |
"ජීවන වියදමට… බදු බරට එරෙහිව රටවටා විරෝධය" | "නොච්චියාගම – නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විරෝධතාව තිසර සමන් – එප්පාවල" |
"ඡන්ද අයිතිය උදුරා ගැනීම ගැන මුළු ලෝකයේම අවධානය යොමුවෙලා – ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)" | "මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ඒකාධිපති පාලනයක් යටතේ මැතිවරණ කල් දමා ජනතාවගේ මතය ප්‍රකාශ කිරීමේ ස්වෛරී අයිතිය උදුරා ගැනීම පිළිබඳ මුළු ලෝකයේම අවධානය යොමුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (01දා) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළ අතර එහිදී... |
"ජනාධිපති නීතියේ ආධිපත්‍යයට ප්‍රශ්න වන සේ කතාකර නෑ – නීතිඥ සංගමය කලබලවීම ගැන කනගාටුයි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිම අවස්ථාවක නීතියේ ආධිපත්‍යයට හෝ නීතිඥවරුන්ට ප්‍රශ්නයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කර නැතැයි එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා නිකුත්කර ඇති විශේෂ ප්‍රකාශයක සඳහන් වේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කර ඇති ප්‍රකාශයක් ගැන සිරකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති වෘත්තියවේදී හමුවකදී ම... |
"අපනයන ආදායම පල්ලම් බහී" | "වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2023 ජනවාරි මාසයේ දී 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් මිලියන 978ක් දක්වා සියයට 11.3 කින් පහළ ගොස් ඇත. 2022 ජනවාරි මස වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1103 ක් විය. සියලුම ප්‍රධාන අපනයන කාණ්ඩවල ඉපැයීම් පහළ ගිය අතර, ඒ අතරින් කාර්මික අපනයන පහළ යෑම කැපී පෙනුණි. මේ අනුව ක... |
"අගමැති දිනේෂ්ගේ උපන් දිනය අද" | "අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ජන්ම දිනය අදට (2) යෙදී ඇත. පිලිප් ගුණවර්ධන ඇමැතිවරයාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කුසුමා ගුණවර්ධන මහත්මියගේ තෙවැනි පුත්‍රයා ලෙසින් 1949 මාර්තු 2 වැනිදා උපත ලැබූ දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන මහතා මහජන එක්සත් පෙරමුණ තරුණ සංවිධානය හරහා දේශපාලනයට පිවිස 1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකත්වය... |
"ආණ්ඩුවට සල්ලි නැහැ කියමින් වංචා නොකර මහජන මතය ප්‍රකාශ කිරීමට වහාම ඉඩදිය යුතුයි – ජනිපෙ නායක විමල් වීරවංශ" | "රුපියල් මිලියන 1100ක හෙවත් බිලියන 1.1ක වැය බරකින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කර ඇති බවත් ඒ නිසා තවදුරටත් ‘සල්ලි නැහැ’ කියමින් වංචා නොකර, මහජන මතය ප්‍රකාශ කිරීමේ ‘සාමකාමී මාවත’ ආණ්ඩුව වහාම විවර කළ යුතු බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප... |
"ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුවේ අඛණ්ඩ සහාය" | "ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහාය දෙන බව ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළහ. සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා නීති කෙටුම්පත් කිරීමේ දී ලෝක බැංකුවේ තාක්ෂණික සහාය ලබා දෙන බවත් ජාත්‍යන්තර මාධ්‍ය භාවිතය හා සුභසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් තවදුරටත් මඟපෙන්වීම් සහ අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බවත් ... |
"වැඩවැරුම එක මිටට" | "බදු සංශෝධන පනත වහා අහෝසි කොට ජීවන වියදම පහත දමන ලෙසට රජයට බලකරමින් ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන සේවකයන් ඇතුළු වෘත්තීය සමිති අද (01 දා) දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වෙයි. මෙම වැඩවර්ජනය පෙරවරු 8.00 සිට හෙට (02 දා) පෙරවරු 8.00 දක්වා පැය විසිහතරක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය, දුම්රිය, බැංකු, වරාය, තෙල්, විදුලිය, ඇතුළු වෘත්තීය... |
"කඩවත කෝටිපති ව්‍යාපාරිකයා පිංවත්තේ දී මරා දමයි" | "සන්නද්ධ පාතාල කල්ලි දෙකක් විසින් පානදුර සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලදී ඊයේ උදෑසන (28 දා) සිදුකළ ප්‍රහාර දෙකකින් කෝටිපති ව්‍යාපාරිකයකු සහ තවත් අයකු ඝාතනයට ලක්වී ඇත. මෙම ප්‍රහාර දෙකම යතුරුපැදිවලින් පැමිණි සන්නද්ධ පාතාල සාමාජිකයන් විසින් සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. පානදුර පිංවත්ත ප්‍රදේශයේදී පාතාල සාමාජිකයන් එල්ල... |
"පුංචි ඡන්දයට ළඟම දිනයක් අනුර කුමාර මැ.කො.ගෙන් ඉල්ලයි" | "ලබන 03 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමේදී ආසන්නතම දිනයක් ලබා දෙන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමඟ ජාතික ජනබලවේගයේ නියෝජිත පිරිසක් ඊයේ (28 දා) පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළ... |
"GMOA අද චැනල්වලිනුත් ඉවත් වෙයි" | "වැඩ වර්ජනය ක්‍රියාත්මක අද දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන කිසිදු වෛද්‍යවරයකු පෞද්ගලික චැනල් හා වෛද්‍ය ප්‍රතිකාරවලින්ද ඉවත් වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ‘දිවයින’ට පැවසීය. තම සංගමයට අයත් නොවන වෛද්‍යවරුන්ගේ තීරණ තමන්ට අදාළ නොවන බව ද ඒ මහතා කීය. මේ අතර ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ... |
""වරාය, ගුවන්තොට, මගී ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා කෙරේ"" | "ජනපතිගෙන් ගැසට්ටුවක් වරාය, ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (27දා) රාත්‍රී ගැසට් නිවේදනයකට අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ... |
"දේශබන්දුට එරෙහි නඩුව කැඳවීම වළක්වන තහනම් නියෝගය දික් කරයි" | "බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති පෞද්ගලික නඩුව කැඳවීම හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් ලබාදීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 20 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (28 දා... |
"කරඬුවක බහා ලූ පිරිත් පොත" | "දෛනික ආමිස පූජාවන්ගෙන් පිදුම් ලැබිය යුතු පිරුවානා පොත් වහන්සේ, දෙදහස් පන්සිය පනස් වසරක ඉතිහාසයේ චූලම වූ පුස්තක රත්නය ලෙසින් (ලොව කුඩාම පිරුවානා පොත් වහන්සේ) කරඬුවක තැන්පත් කොට සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට නිරන්තරයෙන් ආමිස පූජා පැවැත්වීමට හැකිවන පරිදි නිර්මාණය කර තිබේ. අනුරාධපුර යුගයේ මහා විහාරික මහරහතන් වහන්සේලා විසින් මී... |
"පාස්කු වන්දි නඩු අභියාචනයේ කරුණු තහවුරු කරන්න මෛත්‍රීගේ නීතීඥ ඇවිත් නෑ" | "පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකර වල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු පමණක් බහා තබා අනෙක් විත්තිකරුවන්ගේ නඩු පවත්වාගෙන යාමට මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා විසින් ලබාදුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීගමුව සිවිල් ... |
"ගුරුවරුන් අද කළු පටි පැළැඳ පාසල් එනවා – ස්ටාලින් කියයි" | "ඡන්දය කල්දැමීම, විරෝධතාවලට එරෙහි මර්දනය, ගුරු – විදුහල්පති ගැටලුවලට විසඳුම් ලබා නොදීම ඇතුළු කරුණු රැසකට එරෙහිව සියලු පාසල් ගුරුවරුන් අද (01 දා) කළු පටි පැළැඳ සේවයට වාර්තා කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින’ට පැවසීය. ඊට අමතරව කලාප මට්ටමින් අද පස්වරු 2.00 ට ආණ්ඩුවට එරෙහිව සියලු ගුරුවරුන් ව... |
"සහල් බද්ද ඉවත් කරයි" | "සහල් සඳහා දැනට පනවා ඇති සියයට 2.5% ක්වූ සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කිරීමට රජය තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ සඳහා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව ද සඳහන් කරයි. මෙම බද්ද ඉවත් කිරීමත් සමග වෙළඳපොළෙහි සහල් මිල සැලකිය යුතු ලෙස... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.