Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ලබාදීම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් නොවෙයි"
"අභියාචනාධිකරණ තීන්දුවක් 2010 වසරේ සිට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් ඉල්ලුම්කාර ජනමාධ්‍යවේදියා වෙත ලබාදෙන ලෙසට තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව කළ නියෝගයකට එරෙහිව පාර්ලිමේන්තුවේ තොරතුරු දැන ගැනීමේ නිලධාරියාට ගොනුකර තිබූ අභියාචනාවක් අභියාචනාධිකරණය ඊයේ (28දා) ප්‍රතික්‍ෂේප කළේය. තොරතුරු දැන ගැනීම...
"ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිමල් අමරසිරිගේ මරණයට වගකිව යුතුයි"
"විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කුලියාපිටියේදී කියයි කතාව ආරම්භයේ දීම ඉතාමත් ශෝකජනක පුවත් කියන්න ඕන. අපේ දේශපාලන මතිමතාන්තර, අපේ දර්ශනය හා ප්‍රතිපත්ති පිළිබඳ බරපතල වෙනස්කම් තිබුණත් අපත් සමග විපක්ෂයේ කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණය ඉල්ලා පැවැත්වූ උද්ඝෝෂණයේදී එයට එල්ල වූ රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා නිවි...
"බස් සේවකයන් නන්නත්තාර වෙලා ඉන්න වෙලාවේ මොන වැඩවර්ජනද? – ගැමුණු අසයි"
"“අද සිදුකරන වැඩ වර්ජනවලට අපේ කිසි සහයෝගක් නැහැ. පුරුදු පරිදි අද බස් වැඩ කරනවා. බස්රථ සේවකයන් නන්නත්තාර වෙලා ඉන්න වෙලාවේ මොන වැඩවර්ජන ද?” යැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවසීය. කොවිඩ් සමයේ මුදල් අච්චු ගසමින් රජයේ සේවකයන්ට සම්පූර්ණ වැටුප ගෙවූ නමුත් බස්රථ සේවකයන් අන්ත අසරණ...
"වෘත්තීය සමිති නායකයන්ට වර්ජනයට එන්න තෙල් ටික දෙන්නෙත් රනිල් – වජිර අබේවර්ධන"
"රටේ පැවති පෝලිම් නැතිකර වෘත්තීය සමිති නායකයන්ට වර්ජන කිරීම සඳහා පැමිණීමට ඉන්ධන ටික ලබා දෙන්නේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව අවබෝධ කර ගන්නා ලෙස එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් මෙන්ම පොහොර නැතිව ගොවියා පාරට බැස රට අරාජිකව තිබූ වකවානුවේ වගකීම් භාර ...
"දායකත්ව විශ්‍රාම වැටුපට එරෙහිව රාජ්‍ය සේවකයන් පෙරට ආ යුතුයි – දුමින්ද නාගමුව"
"රාජ්‍ය සේවකයාගේ මූලික වැටුපෙන් සියයට අටක් කපාගන්නා දායකත්ව විශ්‍රාම වැටුප් යෝජනාවට එරෙහිව සියලුම රාජ්‍ය සේවකයන් පෙළ ගැසිය යුතු යැයි කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ (28දා) පැවසීය. මෙය ක්‍රියාත්මක කරන්නේද අයි.එම්.එෆ්. යෝජනාවක් අනුව යැයි පැවසූ නාගමුව මහතා රාජ්‍ය සේවකයන් නිහඬව සිටියොත් ඉදිර...
"පෙබරවාරියේ විදෙස් සංචාරකයෝ ලක්‍ෂයක් ඇවිත්"
"පෙබරවාරි මාසය තුළ මෙරටට විදේශ සංචාරකයින් ලක්ෂයකට අධික පිරිසක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. පසුගිය 26 වැනිදා වන විට මෙරට පැමිණි සංචාරකයන් ප්‍රමාණය ලක්ෂය ඉක්මවූ බවත් පසුගිය ජනවාරි මස සංචාරකයින් 102,545 ක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් එම අධිකාරිය කියයි. චතුර පමුණුව"
"විරෝධතාවේදී තුවාල ලැබූ නිවිතිගල ජාජබ අපේක්‍ෂක මරුට – කඳුළුගෑස් උණ්ඩයක් හිසට වැදිලා"
"මියගිය නිමල් අමරසිරි මහතා ජාතික ජනබලවේගය පෙරේදා (26දා) කොළඹදී පැවැත්වූ විරෝධතාවට පොලිසිය එල්ල කළ ජල හා කඳුළුගෑස් ප්‍රහාරයට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි ජාතික ජනබලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්‍ෂක නිමල් අමරසිරි මහතා ඊයේ (27දා) මියගියේය. 61 හැවිරිදි එක් දරු පියකු වූ නිමල් අමරසිරි මහතා රාජ්‍ය වැවිල...
"මාලිමාවේ විරෝධතාවට ජලය ලීටර් 6500ක් ගහලා – මෑතක සිදුකළ වැඩිම ජල ප්‍රහාරය"
"ජාතික ජන බලවේගය (මාලිමාව) පෙරේදා (26 දා) කොළඹ පැවැත්වූ විරෝධතා පාගමනට ජලය ලීටර් හයදහස් පන්සියයක් පමණ එල්ල කිරීමට සිදුවූ බව මහජන සාමය කළමනාකරණ ජල ප්‍රහාර ඒකකයේ පොලිස් ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවැසීය. මෑත භාගයේ උද්ඝෝෂණ විසුරුවා හැරීමට සිදුකළ වැඩිම ජල ප්‍රහාරය මෙය බව ද පොලිසිය කියයි. ජල සම්පත් මණ්ඩලය මගින් සපයන ලද මෙම ජල...
"මුදලිගේ ඇතුළු සරසවි සිසුන් 62ට ඇප"
"තාවකාලිකව වසා දැමුණු පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 62 දෙනා ඊයේ (27දා) කඩුවෙල මහෙස්ත්‍රාත් චාමිනී විජේබණ්ඩාර මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරීමට නියෝ...
"ධනවතුන්ගේ ලැයිස්තුවේ අදානි 30 ට වැටේ"
"ලෝකයේ තුන්වැනි ධනපතියාව සිටි ගෞතම් අදානි දැන් ධනවතුන්ගේ ලැයිස්තුවේ තිස්වැනි තැනට ඇදවැටී ඇත. දැන් ඔහුගේ වත්කම සටහන් වන්නේ ඩොලර් බිලියන 40 ක් ලෙසය. හින්ඩන්බර්ග් වාර්තාව නිසා අදානි සමූහ ව්‍යාපාරයේ අගය ඩොලර් බිලියන සියයට වඩා වැඩි ගණනකින් පහළට වැටිණි. අදානි සමාගම කොටස් වංචා සිදුකරන ලදැයි සඳහන් වූ හින්ඩන්බර්ග් වාර්තාව පිටවූ...
"ඉල්ලීම් කීපයකට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති 40ක් හෙට පාරට – වර්ජනයක් ගැන GMOA තීරණය අද"
"අහිතකර බදු ප්‍රතිපත්තිය වෙනස් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන හෙට (01 දා) ජාතික විරෝධතාවක් පැවැත්වීමට වෘත්තීය සමිති 40 කින් සමන්විත ජාතික සංවිධාන එකමුතුව කටයුතු කරයි. මේ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයකට යමින් සහාය දක්වනවා ද යන්න සංගමයේ මධ්‍යම කාරක සභාව අද (28 දා) සාකච්ඡා කර තීරණය කරන බව එම සං...
"රනිල් ඇතුළු ආණ්ඩුව මේ මිනීමැරුමේ වගකීම භාරගත යුතුයි – ටිල්වින් සිල්වා"
"ආරක්‍ෂක අංශවල ප්‍රහාරයට ලක්ව මියගිය නිමල් අමරසිරි මහතාගේ මරණයේ වගකීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (27 දා) පැවසීය. මෙය මිනීමැරුමක් බවත් එහි වගකීමෙන් මිදීමට රජයට කිසිසේත් නොහැකි බවත් පැවසූ ටිල්වින් සිල්වා මහතා මියගිය අමරසිරි මහ...
"පෙබරවාරියේ දින 27ට මිනිස් ඝාතන 27ක්"
"මෙම පෙබරවාරි පළමු වැනිදා සිට ඊයේ (27 වැනිදා) දක්වා වූ දින විසිහතක් තුළ රට පුරා විවිධ ප්‍රදේශවලදී මිනිස් ඝාතන 27 ක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වාර්තා මගින් තහවුරු වේ. ඝාතනයට ලක්වූ පිරිස අතරින් වැඩිදෙනා වයස අවුරුදු පනහ හෝ ඊට අඩු වයස්වල පසුවන්නෝ වෙති.මෙම මිනිස් ඝාතන විසිහත අතරින් දෙදෙනකු වෙඩි තබා ඝතනය කර ඇති අතර...
"‘බූරු මූණා’ පොලිසියෙන් පැන්නූ චීවරධාරීහු දෙදෙනා මාට්ටු"
"දරුණු මිනිස් ඝාතකයකු බව කියන රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ට කටුනායක ගුවන්තොටුපළ පොලිසියෙන් පැනයෑමට ආධාර අනුබල දුන් බව කියන චීවරධාරීන් දෙදෙනා ඊයේ (27 වැනිදා) කුරුණෑගල හෙට්ටිපොළ ප්‍රදේශයේ විහාරස්ථානයකදී බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මිනිස් ඝාතන සිද්ධීන් රැසක පාතාල වෙඩික්කරුවකු ලෙස කටයුතු...
"මුදලිගේ රැගෙන ආ අවස්ථාවේ උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධයක්…"
"රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් පිරිස ඊයේ (28දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ආ අවස්ථාවේ ඔවුනට නිදහස ඉල්ලා කඩුවෙල අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීමට ශිෂ්‍ය සංගම් හිමිවරු සහ ක්‍රියාකාරී සාමාජිකයෝ මෙසේ කටයුතු කළහ. ඡායාරූපය – ගල්පාත චන්දන පෙරේරා"
"අත්‍යවශ්‍ය ආනයන සඳහා ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක්"
"ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් මෙරට අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු පහසුකමක් ලබා දෙන බව නිවේදනය කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රේෂණ සහ අපනයනවලින් 30% කට වැඩි ප්‍රමාණයක් සමඟ කටයුතු කරන පෞද්ගලික බැංකු තුනකට බෙහෙත්, ආහාර සහ පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා අරමුදල් සැපයීම වෙනු...
"මේ මිනීමැරුම ආණ්ඩුවේ වියරු ම්ලේච්ඡත්වය පෙන්වීමක්ජාජබ විරෝධතාවට එල්ල කළ ප්‍රහාරය සජිත් හෙළා දකී"
"ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතා රැලියට එල්ල කළ කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හෙළා දැක තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර ඇත. එහිදී විපක්ෂ නායකවරයා පෙන්වාදී ඇත්තේ, කිසිම නායකයකු හෝ පක්ෂයක් සෑම විටම සහමුලින්ම නිවැරදි වී නොමැති අතර ප්‍රජාතන...
"සතොස නඩුවේ ජොන්ස්ටන්ගේ මූලික විරෝධතා ඉවතට – පූර්ව නඩු විභාගය මැයි 10"
"අභ්‍යන්තර වෙළෙඳ කටයුතු හා සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට වෙනත් කටයුතු සඳහා යෙදවීමෙන් රජයට පාඩුවක් සිදුකිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ කොළඹ මහ...
"ෂාෆ්ටර්ගේ මරණය සොයන පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය නම් කරයි"
"කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන කරුණ නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් වන මහාචාර්ය අසේල මෙන්ඩිස්, මහාචාර්ය. යූ. සී. ආර්. පෙරේරා, මහාචාර්ය ඩී. එල්. ඩී. ප්‍රනාන්දු, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. සිවසුබ්‍රමනියම...
"රනිල්ගේ ඒකාධිපති වියරුව සැවොම එක්වී පරාජය කළ යුතුයි – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා"
"රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති වියරුව සැවොම එක්වී පරාජය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (27දා) අවධාරණය කර කියා සිටියේය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකතු කළ හැකි සියලු‍ම බලවේග එකතු කර මේ තත්වය පරාජය කළ යුතු බවත් ඒ සඳහා සැමට එක්වන ලෙසත් හෙතෙම කියා සිටියේය. ටිල්වි...
"ෂාෆ්ටර්ගේ මරණය සොයන පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය නම් කරයි"
"කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන කරුණ නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් වන මහාචාර්ය අසේල මෙන්ඩිස්, මහාචාර්ය. යූ. සී. ආර්. පෙරේරා, මහාචාර්ය ඩී. එල්. ඩී. ප්‍රනාන්දු, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. සිවසුබ්‍රමනියම...
"රනිල්ගේ ඒකාධිපති වියරුව සැවොම එක්වී පරාජය කළ යුතුයි – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා"
"රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති වියරුව සැවොම එක්වී පරාජය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (27දා) අවධාරණය කර කියා සිටියේය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එකතු කළ හැකි සියලු‍ම බලවේග එකතු කර මේ තත්වය පරාජය කළ යුතු බවත් ඒ සඳහා සැමට එක්වන ලෙසත් හෙතෙම කියා සිටියේය. ටිල්වි...
"ඡන්ද අයිතිය දිනාගන්න ජනතාවට කඳුළුගෑස් බැටන් ප්‍රහාරවලට ලක්වීමට සිදු වෙලා – ජී. එල්. පීරිස්"
"ඡන්ද අයිතිය දිනාගැනීමට කඳුළුගෑස්, බැටන් ප්‍රහාර හෝ ජල ප්‍රහාරවලට ලක්වීමට මේ රටේ ජනතාවට කිසිම දිනක සිදුවී නැතැයි නිදහස් ජනතා සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා ඊයේ (27 දා) පැවසීය. ඡන්ද අයිතිය ඉල්ලා පාරට බහින මහජනතාව මර්දනය කිරීමට රජය ගෙනයන ක්‍රියාකලාපය හෙළා දකින බව එම සන්ධාන කාර්යාලයේ ඊයේ පැවැත...
"වරාය නගරයේ නව නීති ප්‍රවර්ධනයට කමිටුවක් පිහිටුවන්න"
"අක්වෙරළ ආර්ථික නීතිය පිළිබඳ විශේෂ දැනුමක් ලබා ගන්නා ලෙසත්, වරාය නගරයේ නව නීති ප්‍රවර්ධනය වෙනුවෙන් කමිටුවක් පිහිටුවන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරුණ නීතිඥවරුන්ට යෝජනා කළේය. අක්වෙරළ ආර්ථික නීතියක් සහිත මූල්‍ය මධ්‍යස්ථානය ලෙස නව වරාය නගරය සංවර්ධනය කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍ර...
"ශ්‍රී ලංකාවේ අසරණ ජනතාවට ඔබේ සහයෝගය ලබා දෙන්න"
"ශ්‍රී ලංකාවේ අසරණ වූ ජනතාවටත්, දුගී බවෙන් පෙළෙන ජනතාව වෙනුවෙනුත් අප රටට සහයෝගය හා ආධාර කරන ලෙස ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආසියා පැසිපික් කලාපයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන්ගේ (2023) සමුළුව අමතමින් ඉල්ලීමක් කර සිටියේය. දකුණු කොරියාවේ සියොල් නගරයේදී පැවති සමුළුව අමතා විශේෂ දේශනයක් කළ මෛත්‍රිපාල සි...
"ඔව් සජිත් බෙදනවා… – සජිත් බෙදන්නේ ජනතාවට මිස හිතවතුන්ට හෝ පවුලේ අයට නොවෙයි"
"විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දන්නේ බෙදන්න විතරක් බව මේ රටේ සීමිත පිරිසක් රට වටේ කිය කියා යන බවත් ඒ අයට කියන්න ඇත්තේ සජිත් ප්‍රේමදාස බෙදන්නේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට මිස තමන්ගේ හිතවතුන්ට හෝ පවුලේ අයට නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය (25)දා වැලිඔයදී පැවසීය. ප්‍රේමදාස මහතා එහිදීවැඩිදුරටත් මෙසේද පැවසීය. මම...
"ගුවන්තොටුපළ පොලිසිය ඇතුළේ මාස්ටර් ගේමක් – වෙස්ගත්තෝ පොලිසිය අන්දවා මිනීමරුවා මුදාගෙන – හරක්කටාගේ නියෝගයෙන් ඝාතන 19ක් කරලා"
"කටුනායක ගුවන්තොටුපළ පොලිසිය භාරයේ සිටියදී ඉකුත් 24 වැනිදා රාත්‍රි කාලයේ පලාගිය ‘හරක්කටා’ නමැති පාතාල නායකයාගේ කල්ලියේ කුලී මිනීමරුවා ලෙස හඳුන්වන ‘රවිඳු වර්ණ රංග’ නමැත්තා සහ ඔහුට පලායෑමට සහාය දුන් චීවරධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ න...
"ඡන්දය ඉල්ලූ මාලිමාවේ විරෝධයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර – 20කට අධික පිරිසකට තුවාල"
"ජාතික ජනබලවේගයේ විරෝධතාවට ඊයේ (26 දා) කොළඹ යුනියන් පෙදෙසේදී ජල හා කඳුළුගෑස් ප්‍රහාර එල්ලවීමත් සමඟ ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත් අතර එහිදී කඳුළුගෑස් ප්‍රහාරවලට ලක්වූ පුද්ගලයෝ 20කට අධික පිරිසක් තුවාල ලැබූහ. “මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණයට එරෙහි විරෝධය කොළඹට” යන තේමාව යටතේ මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබූ අතර...
"අප කරන්නේ ළාමක ටින් ටින් දේශපාලනයක් නොවේ – කඳුළු ගෑස් – ජල ප්‍රහාරවලින් අපේ සටන නතර කරන්න බැහැ"
"අපගේ සටන ජල ප්‍රහාර කඳුළු ගෑස් වලට නවත්වන්න බැහැ. අප මේ කරන්නේ ළාමක ටින් ටින් දේශපාලනයක් නොවේ යැයි ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඒ මහතා මේ බැව් පැවසුවේ ඊයේ (26දා) කොළඹ විහාරමහාදේවි උiානය අසලින් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව අදහස්...
""හිට්ලර්ලා, මුසලෝනිලාත් ඡන්ද තිබ්බේ නෑ – ජනාධිපතිගේ ගමනත් ඒකාධිපති ගමනක් ද?""
"ඉතිහාසයේ ඒකාධිපති පාලකයන් වූ හිට්ලර්ලා, මුසලෝනිලා මැතිවරණ සහ ඡන්ද ප්‍රතික්ෂේප කළ බවත්, වර්තතමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව යමින් සිටින්නේ ද ඒකාධිපති ගමනකටදැයි ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. තමන්ගේම පක්ෂය මැතිවරණයට ඉදිරිපත්වී සිටියදී ජනාධිපතිවරයා මැතිවරණයක් නැතැයි කීවේ කෙසේදැයි ප්‍රශ්න කරන බ...
"පොලිසියේ ඉහළම තැනකින් නිසි පියවර නොගැනීමත් මැයි 9 ප්‍රචණ්ඩ ක්‍රියාවලට හේතුවක් – කරන්නාගොඩ කමිටුව කියයි"
"රට තුළ සාමය සහ මහජන ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම සඳහා පොලිසියට ඕනෑම අවස්ථාවකදී ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමේ හකියාව ඇතත්, පොලිසියේ ඉහළම තැනකින් කටයුතු නොවීමත්, පසුගිය මැයි 09 සහ 10 රට තුළ සිදුවූ නිවාස හා දේපළ ගිනි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියාවලට විශේෂ හේතුවක් වී ඇති බව තම කමිටුව නිරීක්‍ෂණය කළැයි, වසන්ත කරන්නාගොඩ කමිටුව...
"එස්. පවර් සමාගමෙන් විදුලිය මිලදී ගැනීමේදී සමාගම ගෙවිය යුතු බද්දත් ලංවිමෙන් ගෙවලා"
"ලංකා විදුලිබල මණ්ඩලය විසින් එස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් විදුලිය මිලදී ගැනීමේදී ඇති කරගත් ගිවිසුම අනුව එම සමාගම විසින් ඉකුත් වසර 05 තුළ රජයට ගෙවිය යුතු රුපියල් මිලියන 1,499ක් වූ බදු මුදල ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවීම හේතුවෙන් රජයට හිමිවිය යුතු බදු ආදායම අහිමි වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙහි මු...
"මැ.කො. කථානායකගෙන් පුංචි ඡන්දයට සල්ලි ඉල්ලයි"
"පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මුදල් ලබාදෙන ලෙස ඉල්ලා කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පැවැසීය. මුදල් බලය පාර්ලිමේන්තුවට පවතින නිසා මැතිවරණයට අවශ්‍ය අයවැයෙන් වෙන්කළ මුදල් ලබාදෙන ලෙස ඉල්ලීම සිදුකළ බව ද ඒ මහතා කීය. පවතින තත්ත්වය හමුවේ මාර්තු 09 වැනිදා පළාත් පාලන ම...
"මාලිමාවේ කොළඹ විරෝධයට රොද බැඳුණු ජන ගඟ"
"පිංතූර – නිශාන් එස්. ප්‍රියන්ත, තුෂාර අතපත්තු"
"ගල් අඟුරු මිල බහිනවා: අඩුවට ගන්න නව ටෙන්ඩරයක් කැඳවන්න – චන්දිම ජනපතිගෙන් ඉල්ලයි"
"ගල් අඟුරු මිල ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින නිසා ගල් අඟුරු මිලදී ගැනීමට කඩිනමින් නව ටෙන්ඩරයක් කැඳවන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. මේ වන විට ගල් අඟුරු නැව් 10 ක් පමණ මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් 230 ක් 240 ක් වැනි මිලකට මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති බවත් එම ම...
"ඉන්දියාව සෙලවුණොත් ලංකාවට බලපාන බවට දැනුම් දීමක් නෑ"
"ඉන්දියාවේ භූ කම්පනයක් සිදුවුවහොත් එහි බලපෑම ශ්‍රී ලංකාවට බලපා හැකි බව ඊයේ (26 දා) වනතෙක් ඉන්දියාව විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කර නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. ලෝකයේ දැනට පවතින තාක්‍ෂණයට අනුව අහවල් දිනයේ අහවල් ස්ථානයක භූ කම්පනයක් සිදුවන බවට කල්වේලා ඇතිව ...
"බිල නැග්ගත් විදුලි කප්පාදුවක් අත ළඟ – විදුලි ඉංජිනේරු සභාපති"
"විදුලි බිල වැඩි කළත් ජූලි මාසයට පෙර රටේ නැවත විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා ඊයේ (26 දා) පැවසීය. දෛනිකව පැය දෙකක විදුලි කප්පාදුව තවදුරටත් පවත්වාගෙන ගියා නම් යම් තරමකින් හෝ විදුලිය අරපිරිමැස්මක් ඇතිකර ගත හැකිව තිබූ බවත් එම තත්ත්වය නැති කිරීමේ ප්‍රතිඵල ඉදිරියේදී දැකගත හැ...
"ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර රු.30ට හෝටල්වලට"
"ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක් රුපියල් 30 ක් වැනි මිලකට ආහාර නිෂ්පාදකයන්ට ලබාදිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කරනු ලබන බිත්තර වෙළෙඳපොළට නිකුත් නොකරන බව ඇමැතිවරයා පැවසීය. මෙරට බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබ...
"අයිඑම්එෆ් කොන්දේසි 15කට ලංකාව හා කියයි"
"ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි 15කට එකඟ වී ඇති අතර ශ්‍රී ලංකා රජයේ උපදේශකයකු වන ශාන්ත සේවරාජන් මේ බව විදේශ මාධ්‍ය අමතා හෙළිකර තිබේ. මෙම කොන්දේසි අතරින් ප්‍රධානම කොන්දේසිය විදුලි බිල වැඩි කිරීම වී තිබේ. මේ අතර මෙරට පෞද්ගලික ආයතනයක් විදුලිබල මණ්ඩලයට විදුලිය විකුණා රුපියල් බිලියන 1.5 ක විශාල ලාභයක් ...
"ණය අර්බුදයෙන් පෙළෙන රටවල්වලට ජී-20 සමුළුවෙන් සහන"
"ඉන්දියාවේ බැංගලෝර්හි පැවති ජී-20 සමුළුවේදී ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට තීරණය කර ඇත. ජී – 20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. එහිදී ණය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාව ඇතුළු අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා සහන ලබාදිය හැකි ක්ෂේත්‍ර පිළිබඳව ...
"අයිඩියල් මෝටර්ස් සමාගම මගින් දේශීයව නිෂ්පාදනය කළ ATV රථ ශ්‍රී ලංකා නාවික හමුදාවට භාරදෙයි"
"ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බළකායේ ගොඩබිම් හා මුහුද ආශ්‍රිත මෙහෙයුම් කටයුතු සඳහා රළු මාර්ගවල ගමන් කිරීමේ හැකියාව සහිත, යුද කටයුතු සඳහා භාවිත කළ හැකි ‘කොම්බැට් ඕල්ටරේන් වෙහිකල් :(Combat All Terrain Vehicles) රථ පෙළක් දේශීය තාක්‍ෂණයෙන් නිෂ්පාදනය කර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර දෙනු ලැබිණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම...
"ආණ්ඩුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ජනතාව සූදානම් නෑ"
"ආණ්ඩුව ජනතාවගේ ආර්ථික අයිතීන් සහ දේශපාලන අයිතීන් සියල්ල උදුරා ගනිමින් සිටින බවත් රනිල් රාජපක්ෂ කණ්ඩායම දෙන දෙයක් කා වෙන දෙයක් වනතුරු බලා සිටීමට මෙරට ජනතාව සූදානම් නැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (26 දා) කළුතර දිස්ත්‍රික්කයේ මතුගම කඩවක ප්‍රදේශයේ පැවති රැස්වී...
"උද්ධමනයෙන් 3 වැනි තැන තිබුණු ලංකාව රනිල් 13 ට ගෙනාවා – රුවන් විජයවර්ධන"
"ලෝකයේ වැඩිම උද්ධමනයක් පැවති රටවල් අතර ලංකාව 03 වැනි ස්ථානයේ තිබූ බවත්, මාස 06 ක් ඇතුළත එම තත්ත්වය 13 වැනි තැනට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. රට අරාජිකව පැවැති වකවානුවේ රට භාරගෙන කටයුතු කරන ලෙස ඉල්ලීම් කරන විට විපක්‍ෂ නායක ඇ...
"රජයේ රෝහල්වලට ගෙවන වාට්ටු වගේම පෞද්ගලික රෝහල්වලට ගෙවීම් නොකරන වාට්ටු හඳුන්වා දෙනවා"
"ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන්හිදී හමුදා සාමාජිකයන් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන්හිදීද හමුදා කණ්ඩායම් විදේශගතකිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරනබව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තවත් ඖෂධ ලබා ගැනීමට නිය...
"අරගලය දා කර ඇරිය බලවතුන්ගේ නම් එළියට!"
"පසුගිය වසරේ මැයි 9 වැනිදා 10 වැනිදා කොළඹ නවම් මාවතේ පිහිටි බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශවල සිදු වූ පහරදීම්, පුද්ගලයන් හා වාහන බේරේ වැවට ඇද දැමීම් මෙන්ම රට පුරා සිදුවූ නිවාස හා දේපළ ගිනි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ පැවැත්වීමට අවශ්‍ය පියවර නොගැනීම මගින් එවකට වැඩබලන ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස හා යුද හ...
"තෙල් සංස්ථා කෝටි 350 ක ඕටී කපයි"
"තෙල් සේවකයන් වසරකට රුපියල් කෝටි තුන්සීය පනහකට අධික මුදලක් අනවශ්‍ය පරිදි අතිකාල දීමනා ලෙස ලබාගන්නා බවට තොරතුරු තහවුරු වීම නිස වහාම ක්‍රියාත්මක වන පරිදි අතිකාල කපා දැමීමට රජය තීරණයක් ගෙන තිබේ. මෙම තීරණය ගෙන තිබුණත් මෙම වසරේ (2023) සේවකයන්ගේ අතිකාල දීමනා ගෙවීම සඳහා රුපියල් කෝටි 360කට අධික මුදල් ප්‍රමාණයක් ඇස්තමේන්තු කිරී...
"මාර්තු 9 ඡන්දය නෑ"
"පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනිදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ද මෙතෙම පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් මෙම තීරණය ගත් බව ද එම නිවේදනය මගි...
"නිදහස් උත්සවය අභිමානයෙන් සැමරුවේ නීතිය – සාමය ස්ථාවර බව ලෝකයට කියන්නයි"
"වසරකට සංචාරකයන් ලක්ෂ 20 කට වඩා වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට සහ දිනකට ඩොලර් 500ක් වියදම් කළ හැකි සංචාරකයන් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාවට නැංවීමට කමිටුවක් පත් කර ඇති බවත් එම කමිටු වාර්තාව ලැබීමත් සමග එය කඩිනමින් ක්‍...
"කෝටිපතියන් බය කරගෙන හීනටියන මහේෂ් දිගටම කප්පම් ගරයි"
"හීනටියන මහේෂ් නමැති පාතාල නායකයා විසින් මෙහෙයවන පාතාල කල්ලිය මීගමුව, කටුනායක මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන් ධනවතුන් භීතියට පත්කරගෙන රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම නිසා එම ප්‍රදේශවල ජනතාව දැඩි භීතියට පත්ව සිටිති. මෙම පාතාල නායකයා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් සිය පාතාල කල්ලිය මෙහෙයවන අතර මොහ...
"ඉන්ධන ගහන්න එන අලුත් සමාගම් තුනට ෂෙඩ් 450 ක් දෙයි"
"ලෝකයේ ප්‍රමුඛ පෙළේ තෙල් සමාගම් තුනකට මෙරට වෙළෙඳපොළ විවෘත කරමින් රට පුරා පිහිටි ඉන්ධනහල් 1197 න් 450 ක් ලබාදීම අවසන් අදියරට පැමිණ ඇතැයි බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඒ අනුව අදාළ සමාගම් තුනට පිරිපහදු ඉන්ධන මෙරටට ගෙනැවිත් ගබඩාකර බෙදා හැරීමේ අවසරය ලබාදෙමින් ඉන්ධන හල් 150 බැගින්...
"රැගුම් පාලක මණ්ඩල පනත අහෝසියි ඒ වෙනුවට නව පනතක්"
"මේ වනවිට ක්‍රියාත්මක වන ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල පනත අහෝසි කර නව පනතක් හඳුන්වාදීමට රජය පියවර ගනිමින් සිටියි. නව පනතෙහි මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපති සමන් ආතාවුදහෙට්ටිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරනු ලැබ තිබේ. අශෝක හඳගම, අනෝමා රාජකරුණා, රාජිත දි...
"තණකොළ වගාව කෘෂිකර්ම භෝගයක් කෙරේ"
"තණකොළ වගාව කෘෂිකර්ම භෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් පරිදි සතුනට තණකොළ ලබා ගැනීමට නොහැකිවීම මත මෙම තීරණය ගෙන තිබේ. මෙරට සත්ත්ව ආහාර සඳහා තණකොළ වගා කිරීම ව්‍යාපාරික මට්ටමින් හෝ පෞද්ගලික මට්ටමින් සිදුනොවන බව සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් කෘෂිකර්ම අමාත්‍යාංශයට...
"ඡන්දය කල්දැමීමට එරෙහිව අද විරෝධයක්"
"පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයා කුමන්ත්‍රණ කළ බවත් ඊට එරෙහිව ජාතික ජනබලවේගය අද (26 වැනිදා) කොළඹ දී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවත් එම පක්‍ෂය කියයි. අද (26 දා) සවස 3.00 ට එම උද්ඝෝෂණය පැවැත්වෙයි. ඒ සඳහා විශාල ජනතාවක් එක් වීමට නියමිත බව එම පක්‍ෂය කියයි. මීට අමතරව ඉදිරි දින කීපයේ දී දිස්ත්‍රික්ක ගණනාවක් පුරා උද...
"කොරියාවේ යන්න දින 10 ට අයැදුම්පත් 85072 ක්"
"නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා දකුණු කොරියාවේ යෑමේ දින දහයක් ඇතුළත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් අසූපන්දහස් හැත්තෑ දෙනකු අයැදුම් කර ඇත. කොරියානු භාෂා පරීක්ෂණ සඳහා මෙතෙක් වැඩිම අයැදුම්කරුවන් පිරිසක් ඉදිරිපත් වී ඇත්තේ මෙවරය. 2023 වසරේ පැවැත්වීමට නියමිත 07 වැනි කොරියානු භාෂා පරීක්ෂණ සඳහා 85072 දෙනකු අයැදුම් කරන විට...
"මැයි 9 කලබල අස්සේ ලංගම බස් 18 කට හානි පාඩුව කෝටි 7 ක්"
"ඉකුත් වර්ෂයේ (2022) මැයි මස 09 වැනිදා රටේ ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 12කට අයත් රුපියල් හත්කෝටි, හැටහත්ලක්ෂ, හතළිස්නමදහස් හාරසිය තිස්අටක් වටිනා බස්රථ (76,749,438) 18කට දැඩි ලෙස හානිවී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි. එමෙන්ම මණ්ඩලය සතු ...
"පොලිසිය අදින්න අමතර කෝටියක්"
"ගාලු මුවදොර පැවති අරගලයේ සිට මේ දක්වා කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ සහ විරෝධතා මැඬපැවැත්වීමට ඈත ප්‍රදේශවල පොලිස් ස්ථානවලින් ද විශේෂ පොලිස් කණ්ඩායම් ප්‍රවාහනය කිරීමට සිදුවීම නිසා පොලිස් දෙපාර්තමේන්තුවට ඉන්ධන සඳහා රුපියල් කෝටියකට ආසන්න අමතර මුදලක් මේ දක්වා වැය කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ. මෙතෙක් කොළඹ නගරයේ පැවති විරෝධතා...
"ජල බිල් ගෙවීමේ අඩුවක්"
"ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට පාරිභෝගිකයන්ගෙන් අය විය යුතු බිල්පත් ගෙවීම් විශාල ලෙස පහළ ගොස් ඇති බව එම මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. සාමාන්‍ය තත්ත්වයට වඩා 40% කින් පමණ මෙලෙස ජල බිල්පත් ගෙවීම පහත වැටී ඇති බව එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ සඳහන් කළේය. මාසිකව රුපියල් බිලියන 8 ක පමණ මුදලක...
"ජාතික රෝහලේ 2000 ක හිගයක්"
"කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, ලිපිකරු, රෝහල් කනිෂ්ඨ කාර්ය සහායකයන් ඇතුළු 2000 කටත් අධික කාර්ය මණ්ඩලයක හිඟයක් වසර පහක පමණ කාලයක සිට පවතින බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් රේණුකා ලියනගේ මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසුවාය. මේ හේතුවෙන් රෝහලේ වැඩකටයුතු ගණ...
"කෝටි 10 ක ලංගම ටිකට් මැෂින් අක්‍රියයි"
"ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ඇති ටිකට් මැෂින් ප්‍රමාණයෙන් සියයට 40ක් පමණ ක්‍රියාවිරහිතව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මණ්ඩලය සතුව ටිකට් මැෂින් 10,575 පමණ ඇත. ඉන් ටිකට් මැෂින් 4250ක් ක්‍රියා විරහිතව ඇතැයි මේ සම්බන්ධව නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන් කර ඇත. මෙම ක්‍රියාවිරහිතව ඇති ටිකට් මැෂින්වල වටිනාකම රුපියල් දසකෝ...
"බැරියර්වලින් වළකනු බැහැ ජනමතය!"
"පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන ලෙසට මැතිවරණ කොමිසමට බලකරමින් සමාජවාදී තරුණ සංගමය ඇතුළු සිවිල් සංවිධාන එක්ව රාජගිරිය මැතිවරණ මහා ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේදී හමුදා හා පොලිස් ආරක්‍ෂාව යොදා තිබූ අයුරු. මෙම උද්ඝෝෂණය ඉකුත් 22 වැනිදා පැවැත්විණි. ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ"
"මැයි 9 10 ගිනි තැබීම් වළක්වන්න ශවේන්ද්‍ර වැඩ කරලා නෑ"
"කරන්නාගොඩ කමිටු වාර්තාව උසාවියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් පසුගිය මැයි 9 වැනිදා ගාලුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියට කඩාවැදී සිදුකළ අමානුෂික ප්‍රහාරවලින් අනතුරුව විවිධ පුද්ගලයන් විසින් සිදුකළ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ නිවාස හා දේපළ ගිනි තබා විනාශ කිරීම් වළක්වා ගැනීමට නිස...
"මුදලිගේ ඇතුළු 62 ක් රිමාන්ඩ් : ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ 48 ක් ඒ අතර"
"ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය පරිශ්‍රයට ඇතුළුවී කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා ඇතුළු සැකකරුවන් හැටදෙදෙනකු ඊයේ (24 දා) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනිදා සඳුදා දක්වා රක්ෂිත බන්ධන...
"රනිල්ගේ කඩාකප්පල්කාරී වැඩට මැකොසත් හවුල්දැයි සැකයි – අනුර කුමාර දිසානායක"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ සිතියම හැකිලීමේ ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී කඩාකප්පල්කාරී වුවමනාවට මැතිවරණ කොමිසමත් නැවී යටත්වී කටයුතු කරන බව පෙනී යන්නේ යැයි ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24 වැනිදා) සඳහන් කළේය. ජනතාවගේ ඡන්ද අයිතිය රැකදීම වෙනුවෙන් මැතිවර...
"මාර්තු 9 ඡන්දය නෑ: ඡන්ද දිනය මාර්තු 3 කියයි"
"කොමිසම තීරණය කරයිමුදල් ගන්න කථානායකට ලියයි මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණු හේතුවෙන් ලබන මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම එදින නො පැවැත්වීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇත. එම ඡන්ද විමසීම සිදුකරන දිනය පිළිබඳව ලබන මාර්තු මස 3 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ද ඊයේ (24 දා) රැස්...
"ඩොලර් 500 ක් දෛනිකව වියදම් කරන සංචාරකයන් ගෙන්වීම අපේක්ෂාවයි"
"වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් කරනවාසංචාරක ව්‍යාපාරය නංවන්න සැලසුම් සහගතව වැඩ කරනවාසංචාරකයන් ගෙන්වා ගැනීමට ඔවුන් තුළ අපේ රට ගැන විශ්වාසයක් ඇති කළ යුතුයි – ඇමැති හරීන් ප්‍රනාන්දුහික්කඩුව සංචාරකයන් බොහෝ දෙනකුගේ ගමනාන්තයක් – ඇමැති රමේෂ් පතිරණජනපතිගේ වැඩපිළිවෙළට සියලු දෙනාගේම සහයෝගය ලැබිය යුතුයි – වජිර අබේවර්ධන ව...
"ඡන්ද වැඩ කළේ නීතියට අනුව: සමහරු බොරු කියනවා"
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හා ඊට අදාළ පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනතේ විධි විධානවලට අනුකූලව පළාත් පාලන ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශ කිරීම, නාම යෝජනා භාර ගැනීම හා ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශ කිරීම් සිදුකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ඊයේ (24දා) නිකුත් කර ඇති විශේෂ කරුණු දැක්වීමක සඳහන්...
"කෝපා සභාපති වැඩි ඡන්දයෙන් අලගියවන්න"
"පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා කමිටුවේ) නව සභාපතිවරයා ලෙස රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය. ඒ මහතා තේරී පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ (24) පැවැති අවස්ථාවේදීය. එහිදී රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාගේ නම...
"පේරාදෙණිය ලොව ප්‍රධාන සරසවි 1000 අතරට"
"ඇමරිකා එක්සත් ජනපදයේ යූ. එස්. නිවුස් ආයතනයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය 901 වන ස්ථානයට පත්ව ඇත. එවන් ස්ථානයක් හිමිවූ මෙරට පළමු විශ්වවිද්‍යාලය පේරාදෙණිය වන බව එහි උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා පවසයි. විශ්වවිද්‍යාල දොළොස්දහසක් සහ උසස් අධ්‍යාපන ආයතන තිස්දහසක් පමණ යොදා ගනිමින් මෙම...
"වාහන අමතර කොටස් මිල 300% කින් නඟී"
"වෙළෙඳ පොළේ වාහන අමතර කොටස් මිල සියයට තුන්සීයකින් ඉහළ නැංවීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාහන රියැදුරෝ ‘දිවයින’ට පැවසූහ. සමහර වාහන අමතර කොටස් අලෙවි කරන වෙළෙඳුන් හිතු හිතූ මිල ගණන් අයකරන බවද ඔවුහු සඳහන් කළහ. වාහන බැටරි, ආලෝක ලාම්පු, පැති කණ්ණාඩි, වාහන තහඩු, එන්ජින්, ටයර්, රබර් බුෂ්, වයිෆර්, රිම්, කූලන්ට්, බැ...
"ෆවුසිට අධිචෝදනා භාර දෙයි"
"පුනරුත්ථාපන කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් පරිත්‍යාග කළ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන රජයට රුපියල් ලක්‍ෂ 10 කට ආසන්න පාඩුවක් සිදුකිරීමේ චෝදනාව යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ විත්තිකාර හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාට ඊයේ (24 ...
"රටේ ක්‍රියාත්මක වන්නේ ඒකාධිපති ආඥාදායක පාලනයක්!"
"සටකපටකම්වලින් බලය රැක ගන්නා ජනපති ජනතාවට සේවය කරන්නේ නෑ රට බංකොළොත් වී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විත් පිස්සුවෙන් මෙන් දොඩවන බවත් විපක්ෂය විසින් මැතිවරණය නවත්වන ලෙස පැවසූ බවට බොරු බේගල් ඇඳබාන බවත් එහෙත් සැබෑ යථාර්ථය නම් සමගි ජන බලවේගය මැතිවරණය වෙනුවෙන් මේ වන විටත් සූදානමෙන් සිටින බව යැයි විපක්ෂ නායක සජිත්...
"ලෝක බැංකු නියෝජිතයා අද මාරවිල – හලාවත රෝහල්වලට එයි"
"ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ලබාගෙන ඇති ප්‍රගතිය නිරීක්ෂණය කර ඉදිරි කටයුතු සඳහා සහාය ලබාදීමේ අරමුණින් ලෝක බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයෙක් වන මාර්ටින් රේෆර් මහතා අද (25 දා) මෙරටට පැමිණීමට නියමිතය. සංචාරය අතරතුර නියෝජ්‍ය සභාපතිවරයා මාරවිල, හලාවත, ප්‍රාදේශීය රෝහල් නිරීක්ෂණය කිරීමට අද (25 දා) යෑමට නියමිත බව හි...
"ජනපති හික්කඩුව නගරයේ…."
"ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්‍ෂේත්‍රයේ නිරතවන ජනතාව හා ව්‍යාපාරිකයන් හමුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (23දා) සවස එහි ගියේය. මීට සමගාමීව හික්කඩුව සීට්‍රස් හෝටලයේ පැවැති හමුවකට ද ජනාධිපතිවරයා සහභාගි වී පසුව පා ගමනින් හික්කඩුව නගරයේ සංචාරය කරමින් ඔවුනගේ දුක්ගැනවිලි විමසුවේය. එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍...
"සුසිල් මට කුණුහරුප කිව්වා: රෝහිණිගෙන් කථානායකට පැමිණිල්ලක්"
"අධ්‍යාපන අමාත්‍යාංශය තුළ සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමක දී අධ්‍යාපන ඇමැති ධුරය දරන සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේ දී අසභ්‍ය වචන භාවිත කරමින් තමාට අපහාස කළ බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැමිණිලි ...
"විධායක ජනාධිපති ක්‍රමය කොයි තරම් ඒකාධිපති ද කියා ජනපතිගේ කතාවෙන් රටටම පෙනුණා"
"මේක තක්කඩි දේශපාලනයක් – ඩලස් කියයි ජනතා මතයට හිස නොනවමින්, රාජ්‍ය සහ ජනතාව හාස්‍යයට ලක් කරමින් ජනාධිපතිවරයා අනීතික තක්කඩි දේශපාලන ඉලක්කයන් කරා ගමන් කරමින් සිටින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (24 දා) පැවසීය. කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා විසින් ජනවාරි 30 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර...
"එජාපයෙන් ඉවත්කළ මන්ත්‍රීවරුන් වෙනුවට නවක මන්ත්‍රීවරු 1137 ක්"
"එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කර වෙනත් පක්‍ෂවලට සහාය දැක්වීමේ කාරණය මත පක්‍ෂයෙන් ඉවත්කළ මන්ත්‍රීවරුන් 1137 වෙනුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීමට පක්‍ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කටයුතු කරමින් සිටී. මෙම පිරිසගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිවීම නිසා නවක පිරිස පත් කිරීමට නියමිතය. ඔවුන් අතර නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, මන්ත්‍රීව...
"පොහොට්ටු මංගල රැලිය මාර්තු 10 ත් 20 ත් අතර අනුරාධපුරයේදී පවත්වනවා"
"පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට සංවිධානය කර තිබූ රැස්වීම් මාලාවේ ඊයේ (24 දා) අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබූ මංගල මහා රැළිය ලබන මාර්තු 10 ත් 20 ත් අතර දිනකදී පැවැත්වීමට පක්ෂයේ නායකයන් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය. ශ්‍...
"ඡන්දෙ තියන්න මුදල් නෑ: මුදල් තිබුණත් ඡන්දයක් නෑ – ජනාධිපති රනිල්"
"මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුව සමග සාකච්ඡා කළ යුතුයිඡන්දෙ තියන්න කියලා නීත්‍යානුකූල තීරණයක් නැහැපුළුවන්නම් ඡන්දය කල් දාන්න යැයි විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පණිවුඩ එව්වාරට නැති කරලා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න පුළුවන්ද?ඔබතුමාලට මොළෙත් නෑ – බළෙත් නෑ ඡන්දෙ තියන්න මුදල් නෑ. මුදල් තිබුණත් ඡන්දයක් නෑ. ඉතින් මොනවා කරන්නදැයි ජනාධිපති ර...
"ජනපති හැසිරෙන්නේ හිට්ලර් වගෙයි!"
"පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී (23) : මේ පාර්ලිමේන්තුව උත්තරීතර තැනක්. මෙය මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය රකින තැනක්. ජනාධිපතිවරයාගේ කතාවෙන් ගම්‍ය වන්නේ මේ මැතිවරණය නොතියන බව. මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වන විට මේ විදියට කතා කිරීම වැරැදියි. ඒක අධිකරණ තීන්දුවටත් බලපාන...
"මැතිවරණයක් කැඳවා නැත්නම් එජාපය නාමයෝජනා දුන්නේ ඇයි"
"මැතිවරණය නීත්‍යනුකූලව කැඳවා නැතිනම් එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයට අලියා ලකුණින් නාමයෝජනා භාර දුන්නේ ඇයි දැයි කියා ප්‍රශ්න කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (23දා) පැවසීය. මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණයක් කැඳවා නැති බවට ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස් පිළ...
"රාජ්‍ය ඇමැතිලාට සැප වාහන 239ක් ගෙනාවා කියන කතාව බොරු"
"රාජ්‍ය ඇමැතිවරන් සඳහා සුඛෝපභෝගී වාහන ගෙන්වා වරායට ගොඩ බා ඇතැයි කියා පළවූ මාධ්‍ය වාර්තාව මවන ලද ව්‍යාජ ඒවා යැයි වරාය හා නාවුක කටයුතු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23 දා) පැවසීය. ඇමැතිවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා එලෙස වාහන ගෙන්වා තිබේ දැ...
""ඖෂධ, උපකරණ නෑ…. රෝහල්වල විරෝධතා….""
"රජයේ රෝහල්වල සේවය කරන සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් දිවයින පුරා පිහිටි රජයේ රෝහල් හි සුළු සේවකයෝ රෝහල් ඉදිරිපිට ඊයේ (23දා) පෙරවරුවේ විරෝධතාවල නිරත වූහ. ඖෂධ හිඟය, උපකරණ හිඟය, උද්ධමනයට දීමනාවක්, ප්‍රවාහනයට දීමනාවක්, සේවක හිඟය, දින 5 ක වැඩ සතිය, බැංකු පොලී අනුපාතයට එරෙහිව සහ අතිකාල සීමා ...
"මුදලිගේ ඇතුළු 56 ක් පොලිස් භාරයට"
"පනවා තිබෙන කෝන්දේසි ඉවත්කර සියලුම ශිෂ්‍ය භික්‍ෂූන්ට හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හා ශිෂ්‍ය භික්‍ෂූන් වහන්ස්ලා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී විරෝධතාවක නිරතවීමේ චෝදනා මත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ...
"මත්ද්‍රව්‍ය කිලෝ 3000 ක් විනාශ කරන්න විධිමත් ක්‍රමයක් හදනවා"
"ඇමැති විජයදාස රාජපක්‍ෂ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව සතුව දැනට පවතින මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3000 ක් දහනය කර විනාශ කිරීමට විධිමත් නීත්‍යනුකූල ක්‍රියා මාර්ගයක් සකස්කරන බව අධිකරණ බන්ධනාගාර හා ව්‍යවස්ථා කටයුතු ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (23 දා) පැවසීය. ඒ අනුව මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1000 ක් එකවර විනාශ කිරීමේ හැකියාව ප...
"ගෝඨාගේ හදිසි නීතියට එරෙහි පෙත්සම විභාගයට අවසර"
"දිනෙන් දින රටේ ජනතාව පීඩාවට පත්කරමින් රජය ගෙනගිය අදූරදර්ශී ක්‍රියාදාමයට විරුද්ධත්වය දැක්වීම සඳහා වෘත්තීයවේදීන් ඇතුළු සංවිධාන හා පොදු ජනතාව කොළඹට රැස්වීමට නියමිතව තිබියදී ඒවා වැළැක්වීමේ අරමුණින් පසුගිය වසරේ මැයි 6 වැනිදා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රට පුරා හදිසි නීතිය පැනවූය...
"රජයේ මුදල් කාරක සභාවෙන් මාව ඉවත් කළේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයකින්"
"මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පත් කිරීමේදී ආණ්ඩුව සිය බලය අවභාවිතා කර කුමන්ත්‍රණයක් කර ඇතැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පත් කරන්නේ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්. ඒ අනුව එහි තේරීම් කමිටුව මගේ...
"මන්නාරම – පුනරීන් සුළං බලාගාර හදන්න අදානිට අනුමැතිය"
"මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල මෙගාවොට් 350 ක සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට ආයෝජන මණ්ඩලය අනුමැතිය දී ඇත. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (22 දා) කොළඹදී පැවැති උත්සවයකදී මෙම අනුමැතිය ලබාදී තිබේ. ඒ සඳහා එම සමාගමේ නියෝජිතයන්ද සහභාගි වී ඇත. ඩොලර් මිලිය...
"පිරිමැසුම් පංතියේ යන්න – නැත්නම් ගෙවන්න: රට යන නිලධාරීන්ට ජනපතිගෙන් කොන්දේසියක්"
"රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිත කරනු ලබන අවස්ථාවලදී අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් හැර අනිකුත් සියලුම නිලධාරීන් පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත් පමණක් මිලදී ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ...
"රෙදි රෝල් ලේබලයෙන් මිලියන 487 ක හොර සිගරැට් ගෙනත්"
"ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් මිලියන 487ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (22 දා) ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගන්නා ලදී. නාවික ලේඛනවල රෙදි රෝල් 266ක් අඩංගු බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර මෙම දුම්වැටි මෙරටට ගෙන්...
"අරගලයේ හෂාන්ගේ පෙත්සමට අවසර"
"තමා අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක කාලයක් රඳවා තබා ගැනීමට ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ රැඳවුම් නියෝගය නීති විරෝධී බවට නිගමනය කරන ලෙස ඉල්ලා අරගලයේ ක්‍රියාකාරිකයකු වන හෂාන් ජීවන්ත ගුණතිලක මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨ...
"මැ. කො. ස. දැනටම කෝටි 50 ක් වියදම් කරලා – පැෆරල් කියයි"
"පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිසම දැනටමත් රුපියල් කෝටි පනහක පමණ මුදලක් වැයකර ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. මැතිවරණය යම් හෙයකින් කල්දමනු ලැබුවහොත් දේශපාලන අධිකාරිය එහි වගකීම භාරගත යුතු බවද ඒ මහතා පැවසීය. මේ අතර ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගය යන ප්...
"සනත් නිශාන්තගේ කටහඬ රස පරීක්‍ෂකට යවන්න"
"මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් මඟින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී ඇති රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා එම අපහසාත්මක ප්‍රකාශය කළේ දැයි නිශ්චිතව තහවුරු කර ගැනීමට ඔහුගේ කටහඬ සාම්පල් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ලබාදෙන ලෙසට ඔහුට නියෝගයක් කරන්නැයි නීතිපතිවරයා ඊයේ (23 දා) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන්...
"13 නිසා වන හානියේ වගකීම ජනපතිම භාරගන්න ඕනෑ"
"නව ව්‍යවස්ථා කෙටුම්පත වහාම ප්‍රකාශයට පත් කරන්න – ජාතික සංවිධාන එකමුතුව ජනපතිට ලියයි සියලු ජනවර්ගවල අපේක්‍ෂාවන් ඉටුකළ හැක්කේ බෙදුම්වාදී දේශපාලනඥයන් සනසන 13 වන සංශෝධනය බලාත්මක කිරීමෙන් නොව නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් බැවින්, දැනට ජනාධිපති කාර්යාලය වෙත භාරදී ඇති විද්වත් කමිටු වාර්තාව හා නව ව්‍යවස්ථා කෙටුම්පත ...
"බිත්තර බද්ද රුපියලට බහී"
"බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පෙබරවාරි මස 21 සිට බලපැවැත්වෙන පරිදි රුපියලක් දක්වා අඩු කර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මඟින් බිත්තර ආනයනය කිරීමේදී මෙම සහනය ලැබෙන අතර අදාළ බඳු සංශෝධනය මාස 03 ක කාලයක් සඳහා වලංගු වනු ඇත. මේ යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය ...
"පිළිකා රෝහලේ යන්ත්‍රය දින 8ක් තිස්සේ කැඩිලා – ළමුන් 24 දෙනකුත් අවදානමේ"
"මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය යන්ත්‍රයක් දින අටක් තිස්සේ අක්‍රීය වී පවතින බැවින් එම රෝගීන් අසරණ තත්ත්වයට පත්ව ඇතැයි රෝහල් අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා ඇතැයි සමගි ජනබලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) කියා සිටියේය. පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන එම...
"බදු බරට එරෙහිව කොළඹ කොටුවේ ඊයේ විරෝධතාව"
"ඉකුත් අයවැය ලේඛනය මගින් හඳුන්වා දුන් බදු සංශෝධන මාර්තු මස පළමුවැනිදාට පෙර හකුළා නොගතහොත් මුළු රටම අකර්මණ්‍ය කරන බවට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ (22 දා) රජයට අනතුරු ඇඟවීය. කොළඹ, කොටුව දුම්රියපළ ඉදිරිපිට ඊයේ (22 දා) පැවැති දැවැන්ත උද්ඝෝෂණයකදී අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානාය...
"ඉදිරි සතියේ දී ඉන්දියාවට බරපතළ භූචලන අනතුරක් – ඉන්දීය මාධ්‍ය"
"ඉදිරි සතියේ දී ඉන්දියාවේ හිම්චාල් – උත්තරකාන්ත් නමැති ප්‍රාන්තවල බරපතළ භූචලනයක් සිදුවන බව ඉන්දීය භූචලන විමර්ශන ආයතනයේ ප්‍රධානී පූර්ණචන්ද්‍ර රාධි ඉන්දීය රජයට අනතුරු අඟවා ඇත. මෙය තුර්කියේ සිදුවූ භූචලනයට වඩා රිච්ටර් මාපකයේ අටක් ලෙස දැක්විය හැකි බව ද හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ. උත්තරකාන්ත් ප්‍රාන්තයේ සිදුවන භූචලන අතිශයි...
"දැන් තියෙන්නේ ඡන්දයේ මරණ සහතිකය දෙන්නයි"
"ඡන්ද විමසීම කල් ගිහිල්ලා ඉවරයි. දැන් තියෙන්නේ මරණ සහතිකය නිකුත් කරනවා වගේ ඡන්දය කල් දැම්මා කියලා කොමිසම ගැසට් නිවේදනය නිකුත් කරන එක විතරයි” යනුවෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (22) ගාල්ලේදී පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් විසින් අ...
"නීතියේ ආධිපත්‍ය තහවුරු කර රට හදන්නේ මාලිමාවයි"
"වර්තමානයේ ශ්‍රී ලංකාවේ දේශපාලනය මේ මොහොත වන විට මුළුමනින්ම උඩු යටිකුරු වෙලා ඉවර යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා බදුල්ලේ පැවැති ජනහමුව අමතා ප්‍රකාශ කළේය. බදුල්ල සේනානායක පිටියේදී ‘විසඳුම වෙනුවෙන් ජන බලය ගොඩ නගන ජාතික ජන බලවේගය’ මැයෙන් එම ජනහමුව පැවැත්විණි. ලංකාවේ ඉතිහාසයේ විශාලම වෙනස වෙලා ඇ...
"නීතියේ ආධිපත්‍ය තහවුරු කර රට හදන්නේ මාලිමාවයි"
"වර්තමානයේ ශ්‍රී ලංකාවේ දේශපාලනය මේ මොහොත වන විට මුළුමනින්ම උඩු යටිකුරු වෙලා ඉවර යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා බදුල්ලේ පැවැති ජනහමුව අමතා ප්‍රකාශ කළේය. බදුල්ල සේනානායක පිටියේදී ‘විසඳුම වෙනුවෙන් ජන බලය ගොඩ නගන ජාතික ජන බලවේගය’ මැයෙන් එම ජනහමුව පැවැත්විණි. ලංකාවේ ඉතිහාසයේ විශාලම වෙනස වෙලා ඇ...