Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ෂාෆ්ටර්ගේ මරණය සොයන්න – පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් උසාවිය තීරණය කරයි"
"පසුගිය දෙසැම්බර් 15 වැනිදා සිදුවූ කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් ද? නැතහොත් සියදිවි හානි කර ගැනීමක් ද? යන කරුණු නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා තම අධිකරණය විසින් ලබන 27 වැනිදා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට පියවර ගන්නා බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින...
"ගල්වැව සිරිධම්ම හිමියන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම විසිවෙයි"
"ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් තමා අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22...
"පාස්කු නඩුවෙන් නම ඉවත් කර ගැනීම: මෛත්‍රිගේ අභියාචනයේ තීන්දුව මාර්තු 1 වැනිදා"
"පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය හා බරපතළ තුවාල ලැබූ වින්දිතයන් වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති වන්දි නඩු 108 ක වගඋත්තරකාර ධුරයෙන් තමා ඉවත් කරන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෛත්‍රිපාල සිරිසේන මහතා ගොන...
"ඡන්දයට බාධා තිබුණා නම් මුලින්ම පාර්ලිමේන්තුව දැනුවත් කර ප්‍රතිපාදන ලබාගත යුතුව තිබුණා"
"පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බාධා පවතී නම් ඒ බව මුලින්ම කථානායකවරයා හරහා පාර්ලිමේන්තුව දැනුවත් කර අවශ්‍ය ප්‍රතිපාදන ලබාගත යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (22 දා) පැවසීය. කොමිෂන් සභා පත්කිරීම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව මගි...
"අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට හිමිකමක් නෑ – පා. ම. නීතිඥ උදය ගම්මන්පිල"
"පත්කළ ජනාධිපතිවරයෙකුට සිය ධුර කාලයෙන් වසර හතරකට පසුව ජනාධිපතිවරණයක් කැඳවිය නොහැකි නිසා ජනාධිපතිවරයාට නොවැම්බර් 18 ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ නොහැකි බව පාර්ලිමෙන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (22 දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති...
"මැතිවරණ කොමිසම ඉදිරිපිට ඡන්දය ඉල්ලා ඊයේ විරෝධතාවක්"
"මෙවර පළාත් පාලන මැතිවරණය ප්‍රජාතාන්ත්‍රික අයිතියක් ලෙස සලකා නියමිත දිනට පවත්වන ලෙසට බලකරමින් ජාතික ජනබලවේගයේ සාමාජිකයෝ රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට ඊයේ (22) සවස විරෝධතාවයක නියැලී සිටියහ. මෙම විරෝධතාවය සඳහා විශාල පිරිසක් එක්ව සිටීම හේතුවෙන් අධික රථවාහන තදබදයක් ඇති වී තිබෙන ආකාරය ද දැක ගන්නට හැකි විය. මැතිවරණය පැව...
"ඡන්දයට මම නැකතකුත් බැලුවා: ඒත් වැඩේ ‘කෙළවෙලා’ ගියා"
"පළාත් පාලන මැතිවරණය පැවැත්වීම තමන්ට අවශ්‍ය බවත් එය පැවැත්වුවහොත් තම ආසන ආණ්ඩුව ජයග්‍රහණ කරන බවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) කීය. වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඊයේ පැවැති විවාදය අතරතුර හෙතෙම මේ බව කී අතර එහිදී ඔහු මෙසේද කියා සිටියේය. ඡන්දය අපට ඕනා, අදත් ඕනා, හෙටත් ඕනා. මම ඡන...
"වත්මන් බදු ප්‍රතිපත්තිය කඩාකප්පල් වුණොත් අයිඑම්එෆ් යන්නත් බැරිවී පිටරටවල් සමග ගනුදෙනුත් නවතීවි – ජනපති බදු සමුළුවේදී කියයි"
"වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිදු විදේශයක් සමග ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 2023 වසර සඳහා ඉදිරිපත් කළ...
""මේ වනවිට මුදල් ලේකම්, රජයේ මුද්‍රණාලයාධිපති, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිත්, ජනාධිපති ද?""
"මේ වනවිට රටේ මුදල් අමාත්‍යංශයේ ලේකම්, රජයේ මුද්‍රණාලයාධිපති සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිත්, ජනාධිපති යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රටේ ව්‍යවස්ථාවත්, ජනතා පරමාධිපත්‍යත්, උත්තරීතර නීතියත් උල්ලංඝනය කරමින් මැතිවරණ දින ප්‍රකාශයට පත් කරන්නේ ජනාධිපතිවරයා යැයි ද විපක්ෂ නායක කීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම...
"කෝප් කෝපා සාමාජිකයෝ පත් වෙති"
"නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය වෙනුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පත් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (22) දැනුම් දුන්නේය. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) පත් කෙරුණු මන්ත්‍රීවරුන් වන්නේ ජගත්...
"ඡන්දය ඉල්ලා මැතිසබේ ගාලගෝට්ටි"
"පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන්ට එරෙහිව ‘දියව් දියව් ඡන්දේ දියව්’ යැයි සටන් පාඨ කියමින් සහ විවිධ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගැබ මැද සහ කථානායක අසුන අවහිර කරමින් විරෝධතා දැක්වීම නිසා පාර්ලිමේන්තුවේ කටයුතු වහාම නවත්වා අද (22දා) දක්වා කල් දැමීමට කථානායක මහින්ද යාපා ...
"නියමිත දිනට පුංචි ඡන්දය නැතත් ඇප මුදල් යළි දෙන්න බැහැ"
"පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට හැකියාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණ ද ඇප මුදල් නැවත නිකුත් කිරීමට මේ දක්වා හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඇප මුදල් යළි නිකුත් කළ හැකි වන්නේ නාමයෝජනා අවලංගු කිරීමකදී පමණක් බව එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කරයි. නාමයෝ...
"‘කිඹුලාවල ස්‌ට්‍රීට්‌ ෆුඩ්’ ඉවත් කරනවාද – ආචාර්ය හර්ෂ ද සිල්වා"
"මිනිස්සු මහ පාරට දාන්න එපා – පා.ම. විමල් වීරවංශනිසි ක්‍රමවේදයක් අනුගමනය කරනවා මිස ඉවත් කරන්නේ නෑ – ඇමැති ප්‍රසන්න රණතුංග මාදිවෙල, කිඹුලාවල ප්‍රදේශයේ පිහිටි වීදි ආහාර ස්ථාන කිසිවිටෙක ඉවත් නොකරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටි අතර එම වීදි ආහාර ස්ථාන කිසිවිට ඉවත් නොකරන බව ආණ්ඩු...
"කෝටි 1300 ක් පාඩු කරගෙන වැඩි මිලට ගල්අඟුරු නැව් 11 ක් ගේන්න අනුමැතිය"
"වැඩි මිල ගණන් යටතේ නොරොච්චෝල බලාගාරයට ගල්අඟුරු නෞකා 11 ක් ගෙන ඒමට මේ වනවිට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙන බවත් එම ගනුදෙනුවෙන් රටට සිදුවන පාඩුව රුපියල් කෝටි 1300 කට වැඩි බවත් ගල්අඟුරු බලාගාර ආරංචි මාර්ග පවසයි. මේ වනවිට වෙළෙඳපොළේ ගල්අඟුරු මිල පහත බැස ඇති නිසා ඊ ප්‍රොකිව්මන්ට් නමැති කෙටි කාලීන ක්‍රමයට ටෙන්ඩරයක් කැඳ...
""බද්දට, විදුලි බිලට හා ණය පොලියට එරෙහිව අද සිට ‘කළු විරෝධතා’ සතියක්""
"රජය පැනවූ අසාධාරණ බදු ප්‍රතිපත්තියට, මහජන උපයෝගිතා පනත උල්ලංඝනය කරමින් විදුලි බිල වැඩි කිරීමට සහ බැංකු ණය පොලී ඉහළ දැමීම ඇතුළු කරුණු රැසකට රජයට විරෝධය පළ කරමින් අද (22 දා) සිට ‘කළු විරෝධතා’ සතියක් ආරම්භ කිරීමට, වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ. ලබන 28 වැනිදාට පෙර මේ සම්බන්ධයෙන් රජයෙන් විසඳුමක් නොලැබ...
"මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදි රනිල්ගේ හෙළුව ලෝකෙටම දැකගන්න ලැබෙනවා"
"ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මේ පැවැත්වෙන්නේ පුංචි ඡන්දය වුණාට ආණ්ඩුවයි පුතාණෝයි හොඳටම බය වෙලා. ඒ නිසා මේක නොතියන්න එක එක බාල්දි පෙරළනවා. මොන බාල්දි පෙරළුවත් අපි ආණ්ඩුවට කියනවා පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව දේශීය හා ජාත්‍යන්තර පුළුල් ක්‍රියාමාර්ග රැසක් ගන්නවා. එතකොට මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදියා කියන රනිල...
"බුදු දහමට හෝ දළදා වහන්සේට මින් මතු අපහාස කරන්නේ නෑ"
"උසාවියේදී සමාව ගත් සේපාල් නඩුවෙන් නිදහස් මින්මතු ශ්‍රී දළදා වහන්සේට හෝ බුදු දහමට අපහාස වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් සිදුනොකරන බවට පොරොන්දු වී විවෘත අධිකරණය හමුවේදී සමාව අයැද සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සේපාල් අමරසිංහ මහතාට එරෙහිව පවරා තිබූ නඩු කටයුත්තෙන් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහත...
"ජාතික ආරක්‍ෂක මණ්ඩලය නීත්‍යානුකූල කිරීමට නව පනතක්"
"ජාතික ආරක්‍ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මගින් නීත්‍යානුකූල කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා වූ නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට කැබිනට් අනුමැතිය ද ලබාදී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවකට මෙසේ අනුමැතිය ලබාදී ...
"පුංචි ඡන්දයට බාධා එපා – කාදිනල්තුමා රජයට කියයි"
"ප්‍රකාශයට පත්කොට තිබෙන පළාත් පාලන මැතිවරණය නිසි දින සාධාරණව පැවැත්වීමට බාධා නොකොට සියලු පහසුකම් සලසන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති, රජය ඇතුළු සියලු රාජ්‍ය ආයතන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාදිනල්තුමා මෙසේ කියා සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, රටේ පරමාධිපත්‍යය හිමිව...
""ඉන්ධන නැව් දෙකකින් බැරල් 25,786ක් බහිරවයා ගිලලා!""
"කෝටි 77 ක පාඩුව සමාගමෙන් අයකර ගැනීමත් අභියෝගයක්! ලංකා ඛනිජ තෙල් සංස්ථාව අවස්ථා දෙකකදී මෙරටට ගෙනා ඉන්ධන නෞකා දෙකක තිබූ ඉන්ධන බැරල් 25,786ක් අඩුවී තිබීම නිසා සිදුව තිබෙන පාඩුව රුපියල් කෝටි 77ක් බව හෙළිවී තිබුණත් අදාළ සැපයුම්කාර සමාගමෙන් එම පාඩුව අයකර ගත නොහැකි වී ඇතැයි සංස්ථා උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. මේ සම්බන්...
"ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට එරෙහිව විපක්‍ෂය එක්වෙයි"
"ආණ්ඩුව ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව ගතහැකි සියලු පියවර ගැනීමටත් ඒ වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වීමටත් විපක්‍ෂය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නියෝජිතයන් ඊයේ (21දා) පැවැති සාකච්ඡාවකදී තීරණය කර ඇත. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයට එරෙහිව ගත හැකි ඉදිරි පියවර පි...
"අයවැයෙන් වෙන් කළ මුදල් ඡන්දයට නොදුන්නාට සජබයෙන් පෙත්සමක්"
"2023 වසරේ අයවැයෙන් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදනවලින් ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිකුත් නොකිරීමට ගෙන ඇති තීරණය මගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නිගමනය කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධික...
"කයිවාරු ගහන රතු සහෝදරුවරු රාජපක්ෂලා බලයට ගේන්න ගෙන් ගෙට ගියා"
"රටට විසඳුම් ලබා දෙනවායැයි මැතිවරණ වේදිකා පුරා කයිවාරු ගහන රතු සහෝදරුවරු 2005 දී රාජපක්ෂලා බලයට ගෙන ඒමට ගෙන් ගෙට ගොස් කටයුතු කළ ආකාරය අමතක කළ නොහැකි බවත් ඔවුන් විවිධ කාලවලදී දූෂිතයන් බලයට ගෙන ඒමට විවිධ දේශපාලන ව්‍යාපෘති දේශපාලන කොන්ත්‍රාත් දියත් කරමින් කටයුතු කළ බවත් මේ රටේ දුෂිතම පාලකයා බිහි කරමින් රටේ ජනතාව වහලු‍න් බ...
"රටේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න එපා"
"මහනුවර ව්‍යාපාරික හා නීතිඥ හමුවකට එක් වෙමින් ජනාධිපති අවධාරණය කරයි රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නිවැරදි සැලැස්මක් තිබිය යුතු බවත් වත්මන් ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා පසුගිය මාස කිහිපය තුළ පැවති ආර්ථික දුෂ්කරතාවන් තරමක් අඩු වී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ ආකාරයට බිඳවැටුණු රටකට සහය දීම...
"අද ඉඳලා අපිත් දූෂණ විරෝධයට මූලිකත්වය ගන්නවා"
"ශ්‍රීලපොපෙ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මේ රටේ නිදහසින් පසු හිටපු සියලු‍ රාජ්‍ය නායකයින්ගේ සියලු‍ දේපොළ පරීක්ෂා කළ හැකි, දේශීය හා විදේශීය කිසියම් දේපොළක් තිබේනම් ඒවා අත්පත් කරගත හැකි ඔවුන්ට දඬුවම් පැමිණිය හැකි විශේෂ නීති සම්පාදනය කිරීමක් කරන ලෙස ජනාධිපතිවරයාට අපි බලකර සිටින බවත් ඒසඳහා වන දූෂණ විරෝධී නීති ගෙන ඒම සම්බන...
"වළක්වා ගත නොහැකි බාධා නිසා මාර්තු 9 ඡන්දය බෑ"
"ඉදිරි පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි මැතිවරණ නීතිය අනුව පවත්වන බවට තම කොමිෂන් සභාව අවස්ථා දෙකකදීම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥා ලබාදුන්නත් වළක්වාගත නොහැකි පරිබාහිර බාධා කිහිපයක් නිසා ලබන 9 වැනිදා මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත වන්නේ යැයි පෙන්වා දෙමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (20දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කළේය....
"ඊයේ මැදියම් රෑ සිට ජනපතිට ලැබුණු බලය"
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඊයේ (20 දා) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයා වෙත පැවරුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 70 (අ) වගන්තිය ප්‍රකාරව මෙලෙස විසුරුවා හැරීමේ බලය ජනපතිවරයා වෙත පැවරුණි.පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් මිස පාර...
"ඡන්දය දියව් – ඡන්ද අයිතිය රකින සටන ජයග්‍රහණයෙන් නිමා කරනවා"
"පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂය විසින් ඊයේ (20 දා) කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතා පා ගමන ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය. දිවයිනේ නන්දෙසින් පැමිණි ජනතාව කොළඹ ටෙක්නිකල් හන්දිය අසලට එක්රොක්ව පා ගමනින් කොළඹ කොටුව දෙසට ගමන් කිරීමට උත්සාහ කළත් සන්නද්ධ පොලිස් බල...
"ප්‍රතික්‍රීයක හිඟයි: අවයව බද්ධ කිරීම් නැවතීමේ අවදානමක්"
"ප්‍රතික්‍රීයක හිඟය හේතුවෙන් අවයව බද්ධ කිරීම ලබන මාසයේ සිට සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ අවදානමක් පවතී. දිවයින පුරා රෝහල්වල අවයව බද්ධ කිරීම සහ සැසඳීම සඳහා ප්‍රතික්‍රීයක හිඟය උග්‍රවී තිබෙන බව රෝහල් ආරංචිමාර්ග ඊයේ (19දා) පැවසීය. බද්ධ කිරීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක යුරෝපා රටවලින් මිලදී ගන්නා බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සැපයුම්කර...
"බයිඩන් හදිසියේම යුක්‍රේනයට යයි"
"ඇමරිකානු ජනපති ජෝ බයිඩන් හදිසියේම යුක්‍රේනයට ගොස් තිබේ. ඇමරිකානු ජනපති කිව් නගරයට පැමිණීම තමන්ට මහත් ශක්තියක් බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමිර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ. අවසාන මොහොත දක්වාම ඇමරිකානු ජනපතිවරයාගේ යුක්‍රේන සංචාරය රහසක්ව තබා ගැණිනි. ඇමරිකානු ජනපතිවරයාගේ ගමන හේතුවෙන් කිව් හි බොහෝ මාර්ග වසා දමා තිබිණි.චතුර ප...
"පොහොට්ටුවේ පළාත් පාලන ප්‍රධානීන්ට බැසිල්ගෙන් කැඳවීමක්"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද (21දා) කොළඹට කැඳවීමට එම පක්‍ෂය පියවර ගෙන තිබේ. පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා විසින් මෙම කැඳවීම සිදුකර ඇත. එළඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් කෙරෙන අතර ඉදිරි දේශපාලන පි...
"බිලියන 60ක හිඟ මුදල පියවන්න ඖෂධ සැපයුම්කරුවන්ට බැඳුම්කර"
"ඖෂධ සැපයුම්කරුවන්ට බැඳුම්කර ලබාදීමට කැබිනට් එකඟතාව පළවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ වනවිට රුපියල් බිලියන 60ක පමණ මුදලක් ඖෂධ සැපයුම්කරුන්ට ගෙවීමට තිබෙන බැවින් ඖෂධ සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටලු මගහරවා ගැනීම සඳහා මෙම පියවර ගත් බව ද, ඖෂධ සැපයුම්කරුවන්ගෙන් 90 % ක් පමණ මේ සඳහා කැමැත්ත පළ කර තිබ...
"පුංචි ඡන්දයට එරෙහි පෙත්සම යළි සලකා බැලීම 23 දා"
"ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම ලබන 23 වැනිදා සලකා බැලීම සඳහා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20දා) නියම කළේය. එම පෙත්සම එස්. තුරෙයිරාජා හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. පෙර සැලස...
"අපි ගැන කලබලයි; අපි කලබල වෙන්නේ නෑ"
"සතුරන්ගේ කලබලය ගැන අපි ඉතා හොඳ අවබෝධයක ඉන්නවා. නමුත් අපි කලබල වෙන්නේ නැති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ කරුණු පැවසුවේ කොළඹදී පැවති “ඇයි මේ කලබලේ ?”‍ සම්මන්ත්‍රණය අමතමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය. එක පැත්තකින් ඡන්දය පැවැත්වීම වැළැක්වීම සඳහා විශාල කලබලයකින් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. අන...
"ජනවරමක් නැති ආණ්ඩුව විසුරුවන්න දැන් රනිල්ට බලය තියෙනවා – ජී. එල්. පීරිස්"
"පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ඊයේ (20 දා) සිට ලැබුණු බවත්, ජනවරමක් නැති ආණ්ඩුව එම බලය යොදාගෙන විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් නිදහස් ජනතා සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (20 දා) කියා සිටියේය. මේ රටේ දැන් පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් න...
"අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව සහන ණයත් අහෝසි කරන්න හදනවා"
"අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව විසින් නව නීතියක් හරහා මෙතෙක් කල් මහ බැංකුවේ මැදිහත්වීම තුළ විවිධ අවස්ථාවලදී ගොවිතැනට, කෘෂිකර්මාන්තයට, ව්‍යාපාරවලට දුන් සහන ණය අහෝසි කිරීමට සූදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ කරුණු ප්‍රකාශ කළේ 19 වැනිදා මාවනැල්ලේදී පැවති රැස්වීමක් අම...
"ලංවිම ඛනිජ තෙල් ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කරයි"
"ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස රජය විසින් උපදෙස් ලබා දී ඇත. ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මීට පෙර සිදුකරන ලෙස උපදෙස් දී තිබුණ ද අයක්‍රම සකස් කිරීමට ප්‍රමාදවීම හේතුවෙන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වී තිබුණි. තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය මේ...
"මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන වැඩ කටයුතු ඉක්මන් කිරීමට ජනපතිගෙන් උපදෙස්"
"විවිධ හේතු මත වසර 03කට අධික කාලයක් ප්‍රමාද වූ මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය කඩිනම් කර, ඉදිරි මහ කන්නයට පෙර එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (19දා) පස්වරුවේ මිණිපේ අමුණ ඉදිකිරීම් භූමියේ නිරීක්ෂණ චාරිකාවකට...
"ඡන්දය බැරිකම කියන්න මැකො අද උසාවියට"
"පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇති බාධා පිළිබඳව මැතිවරණ කොමිසම විසින් අද (20දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට නියමිතය.කොමිසම වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දැක්වීමට නියමිතය. මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යාංශය මගින් ලබානොදීම ඇතුළු මැතිවරණ කටයුතු පවත්වාගෙන යෑමට ඇති බාධා පිළිබඳ...
"මැතිවරණ ලබන වසරේ – නීතිය හා සාමය රකිනවා අරාජිකත්වයට ඉඩ තියන්නේ නෑ"
"ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිත කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කර ගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බව සිය විශ්වාසය යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජි...
"ඡන්දය දියව්! – සජබ අද කොළඹට"
"මාර්තු 09 අනිවාර්යයෙන් ම ඡන්දය දියව්… යන සටන් පාඨය පෙරටු කරගෙන අද (20 දා) මහා ජන ගඟක් කැඳවා කොළඹම වටලන බව සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා කොළඹ පුරපති අපේක්‍ෂක මුජිබර් රහුමාන් මහතා ‘දිවයින’ ට පැවසීය. ආණ්ඩුව තවදුරටත් ඡන්දය කල් දමන්නේ නම් මාර්තු 09 වැනිදා වනතුරු අඛණ්ඩවම විරෝධතා උද්ඝෝෂණ රටපුරා ක්‍රියාත්මක කරන...
"කළු විරෝධය මැද උද්ඝෝෂණ දැඩි වෙයි – රන්ජන් ජයලාල් කියයි"
"වැඩි කළ බදු හකුලා ගන්නැයි ආණ්ඩුවට බල කරමින් ලබන 23 වැනිදා සියලු ඒකාබද්ධ වෘත්තීය සමිති ආරම්භ කරන කළු විරෝධතා සතියට අමතරව රටපුරා ජනතාව සමග උද්ඝෝෂණ, විරෝධතා, ක්‍රියාමාර්ග වැඩි කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ‘දිවයින’ට ඊයේ (19 දා) පැවසීය. මෙම විරෝධතා, උද්ඝෝෂණ සඳහා විද...
"වීරකැටියේ පුද්ගලයකුට වෙඩි තබා මරයි"
"වීරකැටිය, හකුරුවෙල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී ඊයේ (19 වැනිදා) උදේ පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කර ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි. ඝාතනයට ලක් වූ පුද්ගලයා ඊයේ (19 වැනිදා) උදේ 10.30 ට පමණ මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි දෙදෙනකු විසින් ටී 56 ගිනි අවියකින් වෙඩි තබා අදාළ අපරාධය සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය කියයි...
"රෙජිස්ට්‍රාර් ජනරාල් ඉවත් කරන්න හදයි"
"රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ඉවත් කිරීමේ සූදානමක් පවතින බව එම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. රෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් ගුණවර්ධන මහතා පොළොන්නරුව දිසාපතිවරයාය මිට රෙජිස්ට්‍රාර් ජනරාල් තනතුරට වැඩ බැලීම සඳහා පත්කෙරිණි. දේශපාලන අවශ්‍යතාවලට අනුව වැඩ නොකිරීම නිසා ඔහු ඉවත් කිරීමද අද (20 දා) කැබිනට් පත්‍රිකාවක් ඉදි...
"්‍රී ලංකාවෙන් තුර්කියට තේ කිලෝ 1500 ක්"
"භූ කම්පාවෙන් පීඩාවට පත්ව සිටින තුර්කි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව තේ කිලෝ 1500 ක් පරිත්‍යාග කර තිබේ. මේ පරිත්‍යාගයේ පළමු තොගය ඊයේ එරටට ළඟා වී ඇත. මෙම තොගය තුර්කි බලධාරීන්ට පරිත්‍යාග කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති ඌරුගොඩවත්ත මහත්මිය ද සහභාගි වී ඇත.චතුර පමුණුව"
"ආණ්ඩුවට මනාපයට ඡන්ද තියන අලුත් න්‍යායක් ඇවිත් – ජී. එල්. කියයි"
"රජය තීරණය කළොත් පමණක් මැතිවරණ පැවැත්විය හැකි කාලවකවානු තීරණය කළ හැකි බවට අලුත් න්‍යායක් මෙරටට හඳුන්වා දී ඇතැයි නිදහස් ජනතා සන්ධානයේ සාමාජික හිටපු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. ඒ මහතා මේ බව කියාසිටියේ නිදහස් ජනතා සන්ධානයේ මාතර දිස්ත්‍රික් පළාත් පාලන අපේක්‍ෂකයන් සඳහා පෙරේදා (18 දා) පැවැති විශේෂ වැඩමුළුවකට ...
"අඩු වියදමකින් ඡන්දයක් කරන විධිය ගැන හොයන්න කමිටුවක් පත් කරනවා"
"මැතිවරණයකදී අපේක්ෂකයෙකුට වැඩි මුදලක් වැය කිරීමට සිදු නොවන නව මැතිවරණ ක්‍රමයක් සකසා ගන්නේ කෙසේ දැයි සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඉදිරි සැලසුම් පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී තරුණ කණ්ඩායමක් සමඟ ...
"අතිකාලත් නවත්වයි: – මැතිවරණ වැඩට යෙදවූ නිලධාරීහු යළි පරණ වැඩට"
"තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම දින නිමයමක් නැතිව කල් දැමීමත් සමඟ මැතිවරණ රාජකාරි වෙනුවෙන් කටයුතු කළ නිලධාරීන්ට අද (20 දා) සිට එම කටයුතුවලින් ඉවත් වී සාමාන්‍ය පරිදි රාජකාරිවල නිතර වන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දැනුම්දීමක් සිදුකර ඇත. රත්නායක මහතා සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට සහ ස...
"මැතිවරණ කොමිසමට සහාය නොදීම දඬුවම් ලැබෙන වරදක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය"
"මැතිවරණ කොමිසමට සහාය දැක්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බවත්, එසේ සිදුනොකිරීම හෝ එලෙස කටයුතු කිරීම ප්‍රතික්‍ෂේප කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් ප්‍රකාශ කර සිටී. භාණ්ඩාගාර ලේකම්වරයාගේ, රාජ්‍ය මුද්‍රණාලාධිපතිනියගේ සහ අනෙකුත් රාජ්‍ය ...
"ඡන්දය ගන්න සටන පාරට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"ජනතාව ඉල්ලා සිටින මැතිවරණය ලබා නොදුන්නොත් මහ පාරේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී අරගලයක් සිදු කර මැතිවරණය කෙසේ හෝ ලබා ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 17 වැනිදා කඹුරුපිටියේ දී පැවසීය. “රට විනාශ කළ රාජපක්ෂලා අරගලයකින් එලවා දැමුවත් ඉන් පසුව පත්වූ රාජපක්ෂ හෙවණැලි ආණ්ඩුව සහ රාජපක්ෂලාගේ රූකඩයක් වූ ජනාධිපතිවරයා නිසා ඒ ර...
"රට යන අත ගැන ජනතාව තවත් කලකිරිලා"
"වෙරිටේ රිසර්ව් සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්‍ෂණයේ 2023 පෙබරවාරි ප්‍රතිඵලවලට අනුව, වත්මන් ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 2022 ඔක්තෝබර් මාසයේ පැවැති මට්ටමේව පවතින මුත්, රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ජනතාවගේ තෘප්තිය එම මාසයේ පැවති අගයෙන් තවදුරත් පහත වැටී තිබේ. රට හිතන හැටි ජනමත ...
"සාධාරණ මිලට රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ආරම්භ කරනවා – ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල"
"පෞද්ගලික අංශයේ ප්‍රතිකාර සඳහා යොමුව සිටින පිරිස් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීම ඉලක්ක කර ගනිමින් රජයේ රෝහල් පද්ධතිය තුළ වඩාත් ඉහළ පහසුකම්වලින් සමන්විත ගෙවන වාට්ටු සාධාරණ මිලට ආරම්භ කිරීමට ඉලක්ක කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ වන විටත් පෞද්ගලික ප්‍රතිකාර සඳහා යොමුව ඇති ඉහළ මධ්‍...
"පළාත් 5 කට සහ අම්පාරට අද වැසි"
"බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත් වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් අද (20 වැනිදා) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර, අකුණු මගින් ස...
"සා. පෙළ අයැදුම්පත් ‘ඔන්ලයින්’ විතරයි"
"සාමාන්‍ය පෙළ 2022 (2023) විභාගයට පෙනී සිටීම සඳහා පෙබරවාරි 28 දාට පෙර මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත්‍ර යොමුකරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සිසුන්ගෙන් ඉල්ලා සිටී. පෙබරවාරි 28 දා මධ්‍යම රාත්‍රි 12.00න් පසුව අයදුම්පත් භාර නොගන්නා බව ද ඒ මහතා පවසයි. රාත්‍රි 12.00 න් පසු මාර්ගගත ප්‍රවේශය වසා දමනු ලබන බවත...
"ඡන්ද අයිතිය රකින්න ජන අරගලයක්"
"පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගනිමින් ඇති ක්‍රියාමාර්ගයන්ට එරෙහිව දේශීයව හා ජාත්‍යන්තරව පුළුල් ක්‍රියාමාර්ග රැසක් ගැනීමට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ තීරණය කර ඇත. ඒ අනුව අදියර තුනක් යටතේ ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇත. එහිදී නීතිමය ක්‍රියාමාර්ග, රට පුරා දැවැන්ත උද්ඝෝෂණ සහ රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීමට නියමිත...
"බිලට එරෙහිව ජනක උසාවියට!"
"විදුලි බිල වැඩි කිරීම නීතියට අනුකූලව සිදුවූයේ දැයි විමසා බැලීම සඳහා තමා නීතියේ හමුවට යෑමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඔස්‌ට්‍රේලියාවේ සිට සූම් තාක්‍ෂණය ඔස්සේ මාධ්‍යයට පැවසීය. කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන්ට බලපෑම් කර විදුලිබිල වැඩිකිරීම් කර තිබෙන බව පෙනී යන්නේ යැයි ද හෙතෙම කීව...
"පෙන්ටගනයේ 20 ක් ශ්‍රී ලංකාවේ රහස් සාකච්ඡාවක"
"ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ (පෙන්ටගනයේ) ඉහළ නිලධාරීන් 20 දෙනකු සමග මෙරටට පැමිණි සහකාර රාජ්‍ය ලේකම් ජෙඩ්ඩියන් රෝයල්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන් සමග රහස් සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ. හිටපු ජනපති ධුරයෙන් ඉල්ලා අස්වන තත්ත්වයකට යොමුකිරීම සහ ගාලුමුවදොර අරගලය පසුබිමේ සිටි බවට චෝදනා එල්ල වූ ජුලි චන් ස...
"කට ඇරිය ප්‍රබලයකු ගැන විමසුම් දැලක්"
"රජයේ ප්‍රතිපත්තිමය තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කරමින් එම තීරණවල උචිත අනුචිත බව පිළිබඳව ඍජු අදහස් ප්‍රකාශ කරමින් පසුගිය දිනවල මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටි රජයේ කොමිසමක ප්‍රබලයකු සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම ප්‍රබලයා කොමිසමේ දැරූ තනතුරට අමතරව ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සි...
"බිල් වැඩි කළ ගමන් තෙල් විදුලිය ප්‍රතිව්‍යුහගතකරණයට"
"තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට ලාභ ලබන සේ අයක්‍රම සකස් කරගෙන තිබෙන නිසා මාසයක් ඇතුළත යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වහා ආරම්භ කරන ලෙස රජයේ බලධාරීන් ඒ ආයතන දෙකට උපදෙස් ලබාදී තිබේ. මෙම රාජ්‍ය ආයතන දෙක ඇතුළු තවත් රාජ්‍ය ආයතන කිහිපයක්ම ප්‍රතිව්‍යුහගත කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ප්‍ර...
"පොලිස් ආරක්ෂාව ලැබුණොත් තැපැල් ඡන්ද පත්‍රිකා දෙනවා"
"මුද්‍රණාලාධිපතිනි ගංගානි කියයි පළාත් පාලන ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා නිසි පොලිස් ආරක්‍ෂාවක් ලබාදෙන්නේ නම් තැපැල් ඡන්දයට අදාළ ඉතිරි කටයුතු දින 04 ක් 05 ක් තුළ සිදුකළ හැකි යැයි මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය. මේ වනවිට තැපැල් ඡන්දයට අදාළ කටයුතු සියයට 75ක් පමණ අවසන් කර ඇති බවත් පොලිස් ආරක්‍ෂාව නොමැත...
"ඡන්දය පස්සට!"
"තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වීමත් සමග පළාත් පාලන මැතිවරණය ලබන 9 වැනිදා පැවැත්වීම ද ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇතැයි මැතිවරණ කොමිසම් ආරංචි මාර්ග පවසයි. මේ වනවිට තැපැල් ඡන්ද විමසීම කල් දමා ඇති අතර ඊට අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම පිළිබඳ මෙතෙක් ස්ථිර තීරණයකට රජයේ මුද්‍රණාලය එළැඹී නැත. තැපැල් ඡන්ද කටයුතු සිදු කිරීමට ද...
"පාස්පෝට් එකේ යටින් මුදල් කැපිලි"
"ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර පාස්පෝට් නිකුත් කිරීමේ ජාවාරමේ නිරත ඇතැම් නිලධාරීන් දිනකට රුපියල් ලක්‍ෂ දහයක පමණ මුදල් ප්‍රමාණයක් සාක්කුවේ දමා ගෙන යන බව එහි සේවකයෝ ම පවසති. මේ සම්බන්ධයෙන් ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගෙන් දිවයින කළ විමසීමේ දී ඒ මහතා කියා සිටියේ පිටත සිටින පිරිසක් හා ඇතැම් නිලධාරීන...
"යාපනයේ සුසාන භූමියකට උතුරේ කුල දෙකක් හැප්පෙයි"
"13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරට ඉඩම් බලතල ලබාදීමට පෙර යාපනයේ පුතුර්හි ‘ක්‍රිස්තුසිටි’ සුසානභූමිය පිළිබඳව උතුරේ ද්‍රවිඩ කුල දෙකක් අතර බරපතළ අර්බුදයක් මතුවී ඇත. මෙම අර්බුදය මතුවී ඇත්තේ පල්ලාර් සහ වෙල්ලාල යන කුල දෙක අතරය. කලෙයිමති ගම්මානයේ පිහිටි ක්‍රිස්තුසිටි සුසාන භුමියේ විවිධ මළසිරුරු ආදාහනය පිළිබඳව පල්ලාර් කුලයට අ...
"රටින් එන බිත්තරේ බේකරියට විතරයි"
"ආනයනය කරන බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් භාවිත කරන ලෙසත් සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළෙඳ සැල්වල අලෙවි කිරීමට අවසර නොදිය යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දී ඇත. ඒ අනුව බේකරි කර්මාන්තය තුළ මෙම බිත්තර භාවිත කිරීම සම්බන්ධව මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස ඇමැතිවරයා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්ත...
"සාම්පූර් වැඩ නැතත් කෝටියක් ගිලලා"
"සීමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම විසින් සාම්පුර්හි සූර්ය බලාගාරයේ මෙහෙයුම් කටයුතු කිසිවක් සිදුකර නොතිබුණ ද පරිපාලන වියදම් සඳහ රුපියල් එක්කෝටි එකොළොස් ලක්‍ෂ අසූහත්දහස් හාරසිය පනස් පහක මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. සාම්පුර් හි මෙගාවොට් 50ක සූර්ය බලාගාරයක් පිහිටුවීම සඳහා සමාගමට 2018 වර්ෂයේදී කැබිනට්...
"මට එතැනත් නැහැ මෙතැනත් නැහැ!"
"පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ තමාට අද එතැනත් නැහැ මෙතැනත් නැහැ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ මුජිබර් රහුමාන් මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. මෙම පළාත් පාලන ඡන්දයට දිනයක් නොමැති බවත් තමාගේ පාර්ලිමේන්තු අසුන ෆවුසි ...
"චිත්‍රපටයටත් විදුලි අවුල් – උදයකාන්ත කියයි"
"විදුලි බිල සියයට 66 කින් ඉහළ යෑමෙන් ඉදිරියේ දී චිත්‍රපට – ටෙලිනාට්‍යයන් අධ්‍යක්‍ෂණය කිරීම සඳහා නිෂ්පාදකයාට විශාල මුදලක් වැය කිරීමට සිදුවෙන බව චිත්‍රපට ටෙලිනාට්‍ය ප්‍රවීණ අධ්‍යක්‍ෂ සහ නිෂ්පාදක උදයකාන්ත වර්ණසූරිය මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මෙම තත්ත්වය මත මෙම කලා නිර්මාණයන් බිහිකිරීම බොහෝ දුරට සීමාවීම තුළින් ක...
"ඡන්දය කල් දානවා නම් තියන දිනය හරියට කියන්න"
"පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන දිනය නිශ්චිතව සඳහන් කිරීමකින් තොරව එම මැතිවරණය කල් නොදැමිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. පක්ෂයක් ලෙස මැතිවරණ කල් දානවාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ බව පැවසූ මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කර සිටියේ රටේ...
"හිතක් පපුවක් නැද්ද උඹලට…."
"ජනතාවට දැරිය නොහැකි අයුරින් විදුලි බිල්පත ඉහළ දැමීමට විරෝධය පළකරමින් ‘ජන අරගලයේ පුරවැසියෝ’ හා ‘මගෙන් රටට’ යන සිවිල් සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන 40 එක්ව කොළඹ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹා තිබූ අයුරු."
"ඩිජිටල් දොර විවර කරන සුවිශේෂී ජගත් සමුළුවක් මේ වසර අග දී"
"ඩිජිටල් ආර්ථිකයක පසුබිම විවර කරමින් මෙරටට එන විදේශ ආයෝජකයන්ට අවශ්‍ය සියලු සේවාවන් එකම වහලක් තුළ ලබාගැනීමට හා මෙරට කර්මාන්තකරුවන්ට ජාත්‍යන්තර වෙළෙඳ පොළ විවර කරදීමට සුවිශේෂී ජගත් සමුළුවක් මෙම වසර අවසානයේ දී ලංකාවේ දී පැවැත්වෙන බව කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. සිව්වන හා පස්වන තාක්‍ෂණික විප්ලවය හෙවත් ෂභෘඹී...
"හිතක් පපුවක් නැද්ද උඹලට….."
"ජනතාවට දැරිය නොහැකි අයුරින් විදුලි බිල්පත ඉහළ දැමීමට විරෝධය පළකරමින් ‘ජන අරගලයේ පුරවැසියෝ’ හා ‘මගෙන් රටට’ යන සිවිල් සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන 40 එක්ව කොළඹ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹා තිබූ අයුරු."
"ඡන්දයට සල්ලි දෙන්න බෑ!"
"මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු මැතිවරණ කොමිසමට කියතිඅත්‍යවශ්‍ය ගොඩේ මැතිවරණය නෑ…. ජනාධිපතිවරයා විසින් මුදල් වැයකළ යුතු අත්‍යවශ්‍ය සේවා ගණයට පළාත් පාලන මැතිවරණය ඇතුළත් කර නොමැති නිසා මුදල් ලබාදීම අසීරු බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මැතිවරණ කොමිසමට ඊයේ (17 දා) දැනුම්දී ඇත. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පි...
"දින නියමයක් නැතුව තැපැල් ඡන්දය කල්දමයි"
"පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය. තැපැල් ඡන්ද විමසීම ලබන 22, 23, 24 හා 28 දිනවල දී පැවැත්වීමට මැතිවරණ කොමිසම මීට පෙර තීරණය කර තිබිණි. ඡන්ද සලකුණු කිරීමට අවශ්‍ය තැපැල් ඡන්ද පත්‍රිකා මෙම දිනවල දී ලබාදීමට එකඟ වුවත් රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් ...
"අයි.එම්.එෆ් මාර්තුවල හරි – ජනපති කියයි"
"බැංකු පොලී අඩු කරන්න බලනවා:ඉන්ධන විදුලිය වැඩියි: හාල් විකුණන්නේ පාඩුවට – මෝල් හිමියෝ කියතිමෝල් ප්‍රශ්න සොයන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩු වීමට සාපේක්ෂව බැංකු පොලී අනුපාත අඩු කිරීම...
"ලංකාවට පැමිණි ඇමෙරිකානු බලවතා කවුද?"
"ඉන්දු පැසිෆික් ආරක්‍ෂක කටයුතු පිළිබඳ එක්සත් ජනපද ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්‍ෂක ලේකම් ජෙඩිඩිය පී. රෝයල් (jedidiah p royal) ප්‍රමුඛ නියෝජිත පිරිස ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න 16 දා හමුවිය. එක්සත් ජනපද ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්‍ෂක ලේකම්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ත...
"හිටපු නියෝජ්‍ය ඇමැති මයෝන්ගේ ප්‍රජා අයිතිය අත්හිටුවයි"
"මාස 6 ක් හිරේ යන්නත් වෙයි හිටපු නියෝජ්‍ය ඇමති මයෝන් මුස්තාපා මහතාගේ ප්‍රජා අයිතිය වසර හතකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (17දා) නියෝග කළේය. ඔහුට මාස හයක සිරදඬුවම් හා රුපියල් 500 ක දඩයක්ද ගෙවීමට විනිසුරුවරයා විසින් නියෝග කරන ලදී. විත්තිකරුට එරෙහිව ගොනුකර ඇති ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ...
"වාර්ෂිකව බන්ධනාගාර රැඳවියන්ගේ ආහාර වියදම රු. බි. 4.7ක්"
"වයස අවුරුදු 16-22 අතර වයස්වල සිටින මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය වන තරුණයන්ට විදේශ රැකියා සඳහා පුහුණුව ලබාදීමට පියවර ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මෙම අදහස් කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ව්‍යුහාත්මක වෙනස්කම් සහ ඉදිරි සැළසුම් පිළිබදව දැ...
"මැතිවරණයට බාධා කිරීම් වළක්වන්න"
"හර්ෂණ රාජකරුණා යුරෝපා සංගමයෙන් ඉල්ලයි පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට එල්ල වන බාධා කිරීම වළක්වා මැතිවරණය පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට මැදිහත් වන ලෙස සමගි ජනබලවේගයේ පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඊයේ (17 දා) යුරෝපා සංගමයේ මූලස්ථානයෙන් ඉල්ලීමක් කළේය. එහිදී ඒ මහතා වැඩ...
"කථානායකත් ලයිට් නිවයි : ඒසී ගැන මුකුත් නොකියයි"
"විදුලි බිල සියයට 66 කින් වැඩිකිරීම නිසා පාර්ලිමේන්තුවේදී විදුලිය පිරිමසා ගැනීමට ක්‍රියා කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය. විදුලි බිල ක්‍රමයෙන් ඉහළ යද්දි පාර්ලිමේන්තුවේ විදුලිය ද පිරිමැසූ බවත් අද උදා වී තිබෙන තත්ත්වය අනුව විදුලිය තවත් වැඩියෙන් පිරිමැසීමට සිදු වී තිබෙන බවත් හෙතෙම පැවසීය. එහෙත් ප...
"නිවැරදි දේ කිරීමට රටේ සියලු ම දෙනාට අමතක වෙලා – කාදිනල්තුමා"
"අද උදාවී තිබෙන තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පමණක් නොව සදාචාරත්මක වශයෙන් පවා බිඳවැටී තිබෙන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ඉහළ ම පුරවැසියා සිට පහළ ම පුද්ගලයා දක්වා අය ඔවුන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමට උත්සහ දරන බව ද කාදිනල්තුමා සඳහන් කළේය. මුදලට තිබෙන කෑදරකම බලයට ඇති පිපා...
"සිතාසි නැතත් උසාවියේ පෙනී සිටි වීරතුංග හා කබ්රාල්ගේ සිතාසි ආපසු කැඳවයි"
"සිතාසි ලැබී නොතිබියදීත් අධිකරණයට ගරු කරමින් ස්වෙච්ඡාවෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් වීරතුංග හා හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා අධිකරණයට කැඳවමින් නිකුත් කොට තිබූ සිතාසි ආපසු කැඳවීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (17දා) නියෝග කළේය. සිය සේවාදායකයන්ට පසුගිය...
"ෂාෆ්ටර්ගේ මරණය සොයන්න විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන්න උසාවිය නම් ඉල්ලයි"
"අභිරහස් ලෙස මරණයට පත්වූ කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදුවූ ආකාරය නිශ්චිතවම තහවුරුකර ගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීම සඳහා වෘත්තීය පළපුරුද්දක් ඇති වෝහාරික විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් තම අධිකරණයට ලබාදෙන ලෙස දන්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත සිතාසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්...
"හිරුණිකාට ඇප ලැබෙයි"
"පසුගිය වසරේ ජුලි 8 වැනිදා කොටුව ජනාධිපති මන්දිරයේ ගේට්ටුව අසලට ගොස් පොලිස් රාජකාරියට බාධා කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ සැකකාරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු දසදෙනකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (17 දා) නියෝග කළේය. කොටුව පොලිසිය විසින් එදින ...
"උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනස් කිරීමට පුළුල් සංවාදයක් ඇරැඹීමට සූදානම්"
"උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනසක් සඳහා පුළුල් සංවාදයක් ඇරැඹීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දේශපාලන ස්ථාවරත්වයක් සහ සමාජයේ නව ආකල්පමය වෙනසක් මෙන්ම නවෝත්පාදන ආර්ථිකයක් වෙනුවෙන් අලුතින් සිතීම අවශ්‍ය අතර මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ පරිවර්තන යුගයක බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍...
"විදුලි බිලට එරෙහි පෙත්සම විසිවෙයි"
"පසුගිය ජනවාරි 1 වැනිදා සිට විදුලි බිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික, පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂක හේමන්ත විතානගේ ඇතුළු පිරිසක් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම අභියාචනාධිකරණය ඊයේ (17 දා) ප්‍රතික්...
"විදුලි බිල වැඩිකිරීම හකුලාගනු!"
"සියයට 66 කින් විදුලි බිල වැඩිකිරීම හකුලා ගන්නා තුරු අඛණ්ඩ සත්‍යග්‍රහයක් කොළඹ මල් පාරේ පිහිටි බලශක්ති අමත්‍යාංශය ඉදිරිපිට තවත් සිවිල් සංවිධාන 40 ක එකතුවෙන් පෙරේදා (16 දා) සිට ආරම්භ කළ බව මගෙන් රටට සිවිල් සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා ‘දිවයින’ට පැවැසීය. ජනතාව තව තවත් පීඩාවට පත්කරමින් විදුලි බිල වැඩි කිරීමට සම්බන්ධ ව...
"රට ගොඩනැගීමට හැකි කණ්ඩායම සිටින්නේ අපත් සමගයි"
"රට ගොඩනංවන්නට හැකියාව, දක්ෂතාව මෙන්ම කුසලතාවය ඇති කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගය සමග යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විවිධ සමාගම් සතුව වගා නොකරන දැවැන්ත ඉඩම් ප්‍රමාණයක් රට තුළ ඇති බවත්, ඒවා මුඩුඉඩම් වී ඇති බවද විපක්ෂ නායකයා පැවසීය. කම්කරුවන් ලෙස කටයුතු කරන වතු ප්‍රජාවත්, රටේ ඉඩම් අහිමි යෞවන ප්‍රජාවත් ජා...
"බිල නගී: කැපිල්ල නවත්වන්න ජනපති උපදෙස් දෙයි"
"විදුලි ගාස්තුව සියයට හැටහයකින් ඉහළ දැමීමේ තීරණය ඊයේ (16දා) සිට ක්‍රියාත්මක කිරීමට සමගාමීව මුළු රටටම අඛණ්ඩව විදුලිය ලබාදීමත් ඊයේ සිටම ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය. මේ අනුව දිනකට කපාදැමූ පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුව ඊයේ (16 දා) සිට සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට ලංවිම හා විදුලි...
"ජනකගේ කාර්යාලයට සීල් තබයි"
"රාජ්‍ය විරෝධී දේ සිදුවන බවට චෝදනා! මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලය කොල්ලුපිටිය පොලිසිය මගින් ඊයේ (16 වැනිදා) මුද්‍රතබා වසාදමන ලදී. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදෙන ලද නියෝගයකට අනුව කොල්ලුපිටිය පොලිසිය ඊයේ සවස එම කාර්යාලයට මුද්‍රා තැබීමට කටයුතු කළේය. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාග...
"මුද්‍රණාලයෙන් තවමත් උත්තරයක් නෑ! තැපැල් ඡන්දය තියනවාද අවසන් තීරණය අද හෝ හෙට"
"පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම නියමිත පරිදි ලබන 22 වැනිදා පවත්වන්නේද නැද්ද යන්න ගැන අද (17දා) හෝ හෙට (18දා) අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම සූදානම් වන බව වාර්තා වේ. නියමිත දිනට තැපැල් ඡන්දය පැවැත්වීමට නම් රජයේ මුද්‍රණාලය විසින් හෙට දින වනවිට හෝ අවසන් වශයෙන් ඡන්ද පත්‍රිකා තොග මැතිවරණ කොමිසම වෙත ලබාදිය...
"හැමදේම නගී!"
"ෆොටෝ කොපියත් රු.5කින් නග්ගන්න වෙනවාබත් – කොත්තු – රයිස් 10% කින් වැඩිකළා පාරිභෝගික ජනතාව තව තවත් පීඩාවට පත්කරමින් විදුලි ගාස්තු දෙවැනි වරටත් ඉහළ දැමීමට සමගාමීව බත් පාර්සලයේ සිට ආහාර ද්‍රව්‍ය , භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන් ඊයේ (16 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10 කින් ඉහළ දමා ඇත. මෙම ආහාර ද්‍රව්‍ය භාණ්ඩ හා සේවාවන...
"මහා භාණ්ඩාගාරයේ අනුමැතියක් නෑ: මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයන් කෝටි 40 ක දීමනා අරන්"
"රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාර අනුමැතියකින් තොරව වාර්ෂිකව රුපියල් කෝටි හතළිහක (මිලියන 400) පමණ මුදලක් විශේෂ දීමනා ලෙස සේවකයන්ට ගෙවා දමන බව රජයේ විගණනයේදී හෙළිවී ඇත. රජයේ ආයතනවල භාවිතයට ගන්නා විවිධ ලියකියවිලි මුද්‍රණය කිරීමේදී ඒවායේ වටිනාකම බිල්කර ඉන් සියයට හැටක පමණ ප්‍රතිශතයක් සේවකයන්ට ගෙවා තිබෙන බව ද හෙළිව...
"වාහපු එකත් හොඳයි!"
"මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඔස්‌ට්‍රේලියාවේ සිට කියයි තමා ඉකුත් 12 වැනිදා ඔස්‌ට්‍රේලියාවට පැමිණි පසු තමාගේ කාර්යාලයේ ආරක්‍ෂාව සඳහා එය වසා දැමීමට ගත් තීරණය හොඳ යැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ සූම් තාක්‍ෂණය ඔස්සේ මාධ්‍යයට ප්‍රකාශ කළේය. තමාට තනතුරෙන් අස්වෙන්න යැයි දැනුම් දුන්නාට නතුරෙන...
"පරිගණක හාන්සියි"
"පරිගණකවල මිල ඉහළ යෑම සහ ඒවායෙහි අමතර කොටස් හිඟ වීම හේතුවෙන් ඉදිරියේදී පරිගණක සේවාවන් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි එක්සත් සමාජ සංවිධානයේ සභාපති පුලස්ති වන්නිආරච්චි මහතා සඳහන් කළේය. මේ වනවිට පරිගණක මිල ඉතා ඉහළ ගොස් ඇති බවත් වසර දෙකකට ඉහතදී රුපියල් ලක්‍ෂයක මිලකට තිබූ පරිගණකයක් මේ වනවිට රුපියල් ලක්‍ෂ තුනක්...
"මාස පහමාරකදී ලක්ෂ 15 කගේ විදුලි බිල 500% කින් නග්ගලා"
"මාස පහමාරක් වැනි කෙටි කාලයක දී විදුලි ගාස්තු දෙවරක් ඉහළ දැමීම නිසා විදුලි ඒකක තිහකට අඩුවෙන් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ පහළොවකගේ පමණ විදුලි බිල සියයට පන්සිය තිහකින් වැඩි කර තිබේ. මෙරට ලක්‍ෂ හැත්තෑපහක් පමණ වන සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්‍ෂ හතළිහක්ම මසකට විදුලි ඒකක අනූවකට වඩා අඩුවෙන් විදුලිය භාවිත කරන අය...
"සල්ලි නෑ කියලා ඡන්දය කල් දැම්මොත් පුරුද්දට යනවා – මහින්ද දේශප්‍රිය"
"ඕනෑම ඡන්දයක් නියමිත දිනට නොතැබීම හෝ කල්දැමීම මහා අපරාධයක් මෙන්ම වරදක් යැයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති හා සීමානිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙරේදා (15දා) පැවැති මාධ්‍ය හමුවක දී කීවේය. එහිදී හිටපු සභාපතිවරයා මෙසේද කීවේය. කවුරුහරි කියනවා නම් මැතිවරණ කොමිසමේ ක්‍රියාමාර්ග වැරදි කියලා මම ඒකට එකඟ වෙන්නේ ...
"දේශපාලනයේ පරිණත මිනිසුන් තෝරා නොගත්තොත් තව අවුරුදු 5 ක් දුක් විඳින්න සිදුවෙනවා!"
"ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පක්‍ෂ පාට භේදයකින් තොරව මම මේ ප්‍රකාශ කරන්නේ. එක එක දේශපාලන ගුණ්ඩුවලට රැවටිලා පරිණත ප්‍රමිතියක් ඇති මිනිසුන් තෝරාගත්තේ නැතිනම් තව අවුරුදු 5 ක් දුක් විඳින්න සිද්ධ වෙනවා. අවුරුදු 5 ක් දුක්විඳින කොට අවුරුදු 10 ක් රට ආපස්සට යන බව මතක තියාගන්න යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඒ මහ...
"හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගෙන් විජය කුමාරතුංග සමාධියට පුෂ්පෝපහාර"
"මානව හිතවාදී ප්‍රවීන කලාකරු විජය කුමාරතුංග කලාකරුවා දැයට අහිමිවී වසර තිස්පහක් සපිරුන ඊයේ (16 වැනිදා) හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ විජය කුමාරතුංග මහතාගේ ඥාති හිතමිත්‍රාදීන් එක්ව සීදූව දහඅටේ කණුව ප්‍රදේශයේ පිහිටි විජය කුමාරතුංග සමාධිය වෙත පුෂපෝපහාරයක් පැවැත්විය. එම උත්සවය කටාන විජය කු...
"බිල ගෙවලා නෑ: අගමැති කාර්යාලයේ ලයිට් කපයි"
"කොළඹ 07 මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ විදුලි බිල නොගෙවීම නිසා එහි විදුලි සැපයුම විසන්ධි කර ඇතැයි වාර්තා වෙයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ විදුලි බිල වන රුපියල් ලක්‍ෂ හයකට ආසන්න මුදලක් ගෙවීම පැහැරහැරීම නිසා විදුලි සැපයුම අත්හිටුවා ඇතැයි එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් “දිවයින”ට පැවසීය. ඊයේ දහවල් විදුලි සැපයුම විසන්...
"හපුහින්නට එරෙහි පෙත්සම සලකා බැලීම 23 වැනිදා"
"ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළව ඇප මුදල් තැන්පතු භාර ගැනීමෙන් වළකින ලෙසට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් හා තේරීම් භාර නිලධාරීන් වෙත පසුගිය ජනවාරි 10 වැනිදා නිකුත්කර තිබූ චක්‍රලේඛය බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු ...